යෙදුමෙන් කියවන්න

5. පුණ‍්ණමන‍්තාණිපුත‍්තත්‍ථෙරඅපදානවණ‍්ණනා අට‍්ඨකථා

5. පුණ‍්ණමන‍්තාණිපුත‍්තත්‍ථෙරඅපදානවණ‍්ණනා

5. පූර්‍ණ ථේර අපදාන වර්ණනාව

අජ‍්ඣායකො මන‍්තධරොතිආදිකං ආයස‍්මතො පුණ‍්ණස‍්ස මන‍්තාණිපුත‍්තත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො උප‍්පත‍්තිතො පුරෙතරමෙව හංසවතීනගරෙ බ්‍රාහ‍්මණමහාසාලකුලෙ නිබ‍්බත‍්තිත්‍වා අනුක‍්කමෙන විඤ‍්ඤුතං පත‍්තො. අපරභාගෙ පදුමුත‍්තරෙ භගවති උප‍්පජ‍්ජිත්‍වා බොධනෙය්‍යානං ධම‍්මං දෙසෙන‍්තෙ හෙට‍්ඨා වුත‍්තනයෙන මහාජනෙන සද‍්ධිං විහාරං ගන‍්ත්‍වා පරිසපරියන‍්තෙ නිසීදිත්‍වා ධම‍්මං සුණන‍්තො සත්‍ථාරං එකං භික‍්ඛුං ධම‍්මකථිකානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා “මයාපි අනාගතෙ එවරූපෙන භවිතුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා දෙසනාවසානෙ උට‍්ඨිතාය පරිසාය සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා නිමන‍්තෙත්‍වා හෙට‍්ඨා වුත‍්තනයෙන මහාසක‍්කාරං කත්‍වා භගවන‍්තං එවමාහ – “භන‍්තෙ, අහං ඉමිනා අධිකාරෙන න අඤ‍්ඤං සම‍්පත‍්තිං පත්‍ථෙමි, යථා පනෙසො භික‍්ඛු සත‍්තමදිවසමත්‍ථකෙ තුම‍්හෙහි ධම‍්මකථිකානං අග‍්ගට‍්ඨානෙ ඨපිතො, එවං අහම‍්පි අනාගතෙ එකස‍්ස බුද‍්ධස‍්ස සාසනෙ ධම‍්මකථිකානං අග‍්ගො භවෙය්‍ය”න‍්ති පත්‍ථනං අකාසි. සත්‍ථා අනාගතං ඔලොකෙත්‍වා තස‍්ස පත්‍ථනාය සමිජ‍්ඣනභාවං දිස‍්වා “අනාගතෙ කප‍්පසතසහස‍්සමත්‍ථකෙ ගොතමො නාම බුද‍්ධො උප‍්පජ‍්ජිස‍්සති, තස‍්ස සාසනෙ පබ‍්බජිත්‍වා ත්‍වං ධම‍්මකථිකානං අග‍්ගො භවිස‍්සසී”ති බ්‍යාකාසි.

අජ්ඣායකො මන්තධරො යනාදී කොට ඇති ආයුෂ්මත් පුණ්ණමන්තානි පුත්ත තෙරුන්ගේ චරිතයයි. මෙයද පෙර බුදුවරුන් විෂයෙහි කරන ලද ප්‍රාර්ථනා ඇත්තේ ඒ ඒ භවවල හටගත් වාසනා ගුණයෙන් පින්දහම් රැස් කරන්නේ පදුමුත්තර බුදුරදුන්ට පෙරදීම හංසවතී නගරයේ බ්‍රාහ්මණ මහසල් කුලයක උපත ලබා අනුපිළිවෙලින් ප්‍රාඥ බවට පත්වූයේය. පසුකාලයේ පදුමුත්තර බුදුරදුන් ඉපිද අවබෝධ කළ යුතු සත්ත්වයන්ට ධර්මදේශනා කරන කල්හි, යට සඳහන් අයුරින්, මහජනයා සමග විහාරයට ගොස්, පිරිස කෙළවර හිඳ බණ අසන්නේ, ශාස්තෲන් එක් භික්‍ෂුවක් ධර්ම කථිකයන් අතර අග්‍ර ස්ථානයේ, තබනවා දැක “මා විසින්ද අනාගතයේ මෙබඳු ආකාර වීමට වටනේ යයි” සිතා දේශනාවසානයේ නැගී සිටි පිරිස අතරින් ශාස්තෲන් වහන්සේ වෙත එළඹ ආරාධනාකොට යට සඳහන් අයුරින් මහත් සත්කාරකොට බුදුරදුන්ට මෙසේ කීවේය. “ස්වාමීනි, මම මේ ආකාරයෙන් වෙනත් සම්පතක් නොපතමි. යම්සේ මේ භික්‍ෂුව, සත්වෙනි දවසකට ඉහත නුඹ වහන්සේ විසින් ධර්මකථිකයන් අතර අග්‍ර ස්ථානයේ තබන ලදි. එසේ මමද අනාගතයේ එක බුදුවරයකුගේ ශාසනයේ, ධර්මකථිකයන් අතර අග්‍ර වන්නෙමියි, ප්‍රාර්ථනා කළේය. ශාස්තෲන් වහන්සේ අනාගතය ලා ඔහුගේ ප්‍රාර්ථනාව සමෘද්ධ වන බව දැන “අනාගතයේ කල්ප ලක්ෂයක් මස්තකයේ ගෝතම නම් ධර්ම කථිකයන්ගේ අග්‍ර බවට පත්වන්නේ යයි විවරණ දුන් සේක.

සො යාවතායුකං කල්‍යාණකම‍්මං කත්‍වා තතො චුතො කප‍්පසතසහස‍්සං පුඤ‍්ඤසම‍්භාරං සම‍්භරන‍්තො දෙවමනුස‍්සෙසු සංසරිත්‍වා අම‍්හාකං භගවතො කාලෙ කපිලවත්‍ථුනගරස‍්ස අවිදූරෙ දොණවත්‍ථුනාමකෙ බ්‍රාහ‍්මණගාමෙ බ්‍රාහ‍්මණමහාසාලකුලෙ අඤ‍්ඤාසිකොණ‍්ඩඤ‍්ඤත්‍ථෙරස‍්ස භාගිනෙය්‍යො හුත්‍වා නිබ‍්බත‍්ති. තස‍්ස පුණ‍්ණොති නාමං අකංසු. සො සත්‍ථරි අභිසම‍්බොධිං පත්‍වා පවත‍්තිතවරධම‍්මචක‍්කෙ අනුක‍්කමෙන රාජගහං උපනිස‍්සාය විහරන‍්තෙ අඤ‍්ඤාසිකොණ‍්ඩඤ‍්ඤස‍්ස සන‍්තිකෙ පබ‍්බජිත්‍වා ලද‍්ධූපසම‍්පදො පධානමනුයුඤ‍්ජන‍්තො සබ‍්බං පබ‍්බජිතකිච‍්චං මත්‍ථකං පාපෙත්‍වා “දසබලස‍්ස සන‍්තිකං ගමිස‍්සාමී”ති මාතුලත්‍ථෙරෙන සද‍්ධිං සත්‍ථු සන‍්තිකං ආගන‍්ත්‍වා කපිලවත්‍ථුසාමන‍්තායෙව ඔහියිත්‍වා යොනිසො මනසිකාරෙ කම‍්මං කරොන‍්තො නචිරස‍්සෙව විපස‍්සනං උස‍්සුක‍්කාපෙත්‍වා අරහත‍්තං පාපුණි.

ඔහු ආයුෂ ඇති පරිදි යහපත් වැඩ කොට ඉන් චුතවී කල්ප ලක්ෂයක් මුළුල්ලේ පුණ්‍ය සම්භාර ධර්මයන් රැස්කරමින් දිව්‍ය-මනුෂ්‍ය ලෝකවල සැරිසරා, අපගේ භගවත්හු කාලයේ කපිලවස්තු නගරයට නුදුරු දෝණවත්‍ථු නම් බ්‍රාහ්මණගම බමුණු මහසල් කුලයක අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරුන්ගේ බෑණා කෙනෙකු වී උපන්නේය. ඔහුට පුණ්ණ යයි නම් කළහ. හෙතෙම බුදුරදුන් අභිසම්බෝධියට පැමිණ, පවත්වන ලද උතුම් ධර්මචක්‍රය ඇත්තේ, අනුපිළිවෙලින් රජගහනුවර ඇසුරුකොට වාසය කරන්නේ, අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරුන් සමීපයේ පැවිදිවී ලබන ලද උපසම්පදා ඇත්තේ ප්‍රධන් වීර්යය වඩන්නේ, සියලු පැවිදි කිස මුදුන් පමුණුවා, දසබල බුදුරදුන් වෙත යන්නෙමියි, යන කල්හි, මා තුළ තෙරුන් (මාමා) සමග ශාස්තෲ සමීපයට අයුත්, කපිල වස්තුව හෝ විසඳීම නැවතී යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කරමින් නොබෝ දිනකින්ම විදර්ශනා නංවා රහත් ඵලයට පැමිණියේය.

තස‍්ස පන පුණ‍්ණත්‍ථෙරස‍්ස සන‍්තිකෙ පබ‍්බජිතා කුලපුත‍්තා පඤ‍්චසතා අහෙසුං. ථෙරො තෙ දසකථාවත්‍ථූහි ඔවදි. තෙපි සබ‍්බෙ දසකථාවත්‍ථූහි ඔවදිතා තස‍්ස ඔවාදෙ ඨත්‍වා අරහත‍්තං පාපුණිත්‍වා අත‍්තනො පබ‍්බජිතකිච‍්චං මත්‍ථකප‍්පත‍්තං ඤත්‍වා උපජ‍්ඣායං උපසඞ‍්කමිත්‍වා ආහංසු – “භන‍්තෙ, මයං පබ‍්බජිතකිච‍්චස‍්ස මත්‍ථකං පත‍්තා, දසන‍්නඤ‍්ච කථාවත්‍ථූනං ලාභිනො, සමයො දානි නො දසබලං පස‍්සිතු”න‍්ති, ථෙරො තෙසං වචනං සුත්‍වා චින‍්තෙසි – “මය‍්හං දසකථාවත්‍ථුලාභිතං සත්‍ථා ජානාති. අහං ධම‍්මං දෙසෙන‍්තො දසකථාවත්‍ථූනි අමුඤ‍්චිත්‍වාව දෙසෙමි, මයි ච ගච‍්ඡන‍්තෙ සබ‍්බෙපිමෙ භික‍්ඛූ මං පරිවාරෙත්‍වා ගච‍්ඡිස‍්සන‍්ති, එවං මෙ ගණෙන සද‍්ධිං ගන‍්ත්‍වා අයුත‍්තං දසබලං පස‍්සිතුං, ඉමෙ තාව දසබලං පස‍්සිතුං ගච‍්ඡන‍්තූ”ති. අථ තෙ එවමාහ – “ආවුසො, තුම‍්හෙ පුරතො ගන‍්ත්‍වා දසබලං පස‍්සථ, මම වචනෙන තථාගතස‍්ස පාදෙ වන්‍දථ, අහම‍්පි තුම‍්හාකං ගතමග‍්ගෙන ආගච‍්ඡිස‍්සාමී”ති. තෙපි ථෙරා සබ‍්බෙ දසබලස‍්ස ජාතිභූමිරට‍්ඨවාසිනො සබ‍්බෙ ඛීණාසවා සබ‍්බෙ දසකථාවත්‍ථුලාභිනො උපජ‍්ඣායස‍්ස ඔවාදං අච‍්ඡින්‍දිත්‍වා ථෙරං වන්‍දිත්‍වා අනුපුබ‍්බෙන චාරිකං චරන‍්තා සට‍්ඨියොජනමග‍්ගං අතික‍්කම‍්ම රාජගහෙ වෙළුවනමහාවිහාරං ගන‍්ත්‍වා දසබලස‍්ස පාදෙ වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදිංසු. ආචිණ‍්ණං ඛො පනෙතං බුද‍්ධානං භගවන‍්තානං ආගන‍්තුකෙහි භික‍්ඛූහි සද‍්ධිං පටිසම‍්මොදිතුන‍්ති භගවා තෙහි සද‍්ධිං “කච‍්චි, භික‍්ඛවෙ, ඛමනීය”න‍්තිආදිනා නයෙන මධුරපටිසන්‍ථාරං කත්‍වා “කුතො ච තුම‍්හෙ, භික‍්ඛවෙ, ආගතත්‍ථා”ති පුච‍්ඡිත්‍වා පුන තෙහි “ජාතිභූමිතො”ති වුත‍්තෙ “කො නු ඛො, භික‍්ඛවෙ, ජාතිභූමියං ජාතිභූමකානං භික‍්ඛූනං සබ්‍රහ‍්මචාරීනං එවං සම‍්භාවිතො ‘අත‍්තනා ච අප‍්පිච‍්ඡො අප‍්පිච‍්ඡකථඤ‍්ච භික‍්ඛූනං කත‍්තා’”ති (ම· නි· 1.252) දසකථාවත්‍ථුලාභිං භික‍්ඛුං පුච‍්ඡි. තෙපි “පුණ‍්ණො නාම, භන‍්තෙ, ආයස‍්මා මන‍්තාණිපුත‍්තො”ති ආරොචයිංසු.

ඒ පුණ්ණ තෙරුන් සමීපයේ පැවිදි වී කුලපුත්‍රයෝ පන්සියයක් වූහ. තෙරුන් ඔවුන්ට දසකථා වස්තුවෙන් අවවාද කළ සේක. ඒ සියල්ලෝ, දසකථා වස්තුවෙන් අවවාද ලබා, ඒ අවවාදයේ පිහිටා අර්හත්ඵලයට පැමිණ, තමන්ගේ පැවිදි කිස, මස්තකප්‍රාප්ත බව දැන, උපාධ්‍යායන් වෙත එළඹ කීවාහුය. “ස්වාමීනි, අපි පැවිදිකිස මුදුන්පැමිණියෝ වෙමු. දසකථාවස්තු ලැබුවෝ වෙමු. අපට දැන් බුදුරදුන් දැකීමට සුදුසු කාලයයි යනුවෙනි. තෙරුන් ඔවුන්ගේ වචන අසා සිතූහ. “මගේ දසකථාවස්තු ලැබූ බව බුදුරද දනියි. මම දහම් දෙසමින්, දසකථාවස්තු නොමුදාම දේශනා කරමි. මා යන කල්හි, මේ සියළු භික්‍ෂූහු මා පිරිවරා යන්නාහ. මෙසේ මා සමූහයා සමග බුදුරදුන් දැකීමට යාම නුසුදුසුය. මේ පිරිස බුදුරද දැකීමට යත්වා’යි ඉක්බිති ඔවුහු මෙසේ ඇවැත්නි, නුඹලා පෙරටුව ගොස් බුදුරදුන් බලහු. මගේ වචනයෙන් තථාගත පා වඳිහු. මමද නුඹලා යන මාර්ගයෙන්ම පැමිණෙන්නෙමි. ඒ සියල්ලෝ බුදුරදුන් උපන් භූමියේ, වාසය කරන, සියළු ක්‍ෂීණාශ්‍රවයෝ, සියල්ලෝ කසකථා වස්තුලාභීහු, උපාධ්‍යායගේ වචනය නොසිඳ, අනුපිළිවෙලින් චාරිකාවේ හැසිරෙමින්, සැටයොදුන් මගගෙවා, රජගහනුවර වේළුවන මහා විහාරයට ගොස් දසබලයන්ගේ පා වැඳ එකත්පසක හුන්හ. සුපුරුදු ලෙසින්ම භාග්‍යවත් බුදුරදුන් ආගන්තුක භික්‍ෂූන් සමග පිළිසඳර කථා කරනු කැමැත්තෝ, භාග්‍යවතුන් වහන්සනේවහන්සේ සමග මහණෙනි, කිම පහසු විහාරයෙන්දැයි ආදි ලෙසින් මිහිරි ලෙස පිළිසඳර කථාකොට, “මහණෙනි, නුඹලා කොහි සිට පැමිණියෙහුදැයි විචාරා, ඔවුන් විසින් “උපන්බිමේ සිට” යයි කී කල්හි, මහණෙනි, උපන් බිම යනු කවරක්ද? සබ්‍රහ්මචාරී භික්‍ෂූන් මෙසේ අදහන ලද්දේ තමන් විසින්ද, අල්පේච්ඡව, අල්පේච්ඡ කථා ඇතිව, භික්‍ෂූන් කරන ලද්දේ යයි, දස කථාවස්තුලාභී භික්‍ෂූව විචාළේය. උන්වහන්සේලා ද, ස්වාමීනි, පුණ්ණ, ආයුෂ්මත් මන්තානිපුත්ත යයි ද දැන්වූහ.

තෙසං කථං සුත්‍වා ආයස‍්මා සාරිපුත‍්තො ථෙරං දස‍්සනකාමො අහොසි. අථ සත්‍ථා රාජගහතො සාවත්‍ථිං අගමාසි. පුණ‍්ණත්‍ථෙරොපි දසබලස‍්ස තත්‍ථ ආගතභාවං සුත්‍වා “සත්‍ථාරං පස‍්සිස‍්සාමී”ති ගන‍්ත්‍වා අන‍්තොගන්‍ධකුටියංයෙව තථාගතං සම‍්පාපුණි. සත්‍ථා තස‍්ස ධම‍්මං දෙසෙසි. ථෙරො ධම‍්මං සුත්‍වා දසබලං වන්‍දිත්‍වා පටිසල‍්ලානත්‍ථාය අන්‍ධවනං ගන‍්ත්‍වා අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ දිවාවිහාරං නිසීදි. සාරිපුත‍්තත්‍ථෙරොපි තස‍්සාගමනං සුත්‍වා සීසානුලොකිකො ගන‍්ත්‍වා ඔකාසං සල‍්ලක‍්ඛෙත්‍වා තස‍්මිං රුක‍්ඛමූලෙ නිසින‍්නකං උපසඞ‍්කමිත්‍වා ථෙරෙන සද‍්ධිං සම‍්මොදිත්‍වා තං විසුද‍්ධික‍්කමං (ම· නි· 1.257) පුච‍්ඡි. සොපිස‍්ස පුච‍්ඡිතපුච‍්ඡිතං බ්‍යාකරොන‍්තො රථවිනීතූපමාය අතිවිය චිත‍්තං ආරාධෙසි. තෙ අඤ‍්ඤමඤ‍්ඤස‍්ස සුභාසිතං සමනුමොදිංසු.

ඔවුන්ගේ කථා අසා ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන් දකිනු කැමැත්තේ විය. ඉක්බිති බුදුරද, රජගහ සිට සැවැත්නුවරට වැඩි සේක. පුණ්ණ තෙරුන්ද, බුදුරදුන්ගේ එහි වැඩමවීම අසා, ‘ශාස්තෲන් බලන්නෙමි’යි ගොස් ඇතුළත ගඳකිළියටම තථාගතයන් පැමිණි සේක. බුදුරද උන්වහන්සේට ධර්මදේශනා කළ සේක. තෙරුන් බණ අසා, බුදුන් වැඳ සමවත් පිණිස අන්ධවනයට ගොස් එක්තරා ගසක් මුල දිවා විහරණයෙන් වැඩහුන් සේක. සාරිපුත්ත තෙරුන්ද, උන්වහන්සේගේ ගමන අසා, හිස් මුදුන් කොට ගොස්, අවකාශ සලසා ඒ ගසමුල හුන්නා වූ උන්වහන්සේ වෙත එළඹ තෙරුන් සමග සතුටු කතාකොට ඒ විශුද්ධිය ගැන විචාළේය. උන්වහන්සේද විචාල විචාල ප්‍රශ්නයන්, රථවිනීත උපමාවෙන් අතිශයින් සිත සතුටු කළ සේක. ඔවුහු ඔවුනොවුන් සුභාෂිත බස් තෙපළහ.

අථ නං සත්‍ථා අපරභාගෙ භික‍්ඛුසඞ‍්ඝස‍්ස මජ‍්ඣෙ නිසින‍්නො ථෙරං “එතදග‍්ගං, භික‍්ඛවෙ , මම සාවකානං භික‍්ඛූනං ධම‍්මකථිකානං යදිදං පුණ‍්ණො”ති (අ· නි· 1.188, 196) එතදග‍්ගෙ ඨපෙසි. සො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සවසෙන පුබ‍්බචරිතාපදානං විභාවෙන‍්තො අජ‍්ඣායකොතිආදිමාහ. තත්‍ථ අජ‍්ඣායකොති අනෙකබ්‍රාහ‍්මණානං වාචෙතා සික‍්ඛාපෙතා. මන‍්තධරොති මන‍්තානං ධාරෙතාති අත්‍ථො, වෙදසඞ‍්ඛාතස‍්ස චතුත්‍ථවෙදස‍්ස සජ‍්ඣායනසවනදානානං වසෙන ධාරෙතාති වුත‍්තං හොති. තිණ‍්ණං වෙදානන‍්ති ඉරුවෙදයජුවෙදසාමවෙදසඞ‍්ඛාතානං තිණ‍්ණං වෙදානං ඤාණෙන ධාරෙතබ‍්බතා “වෙදො”ති ලද‍්ධනාමෙසු තීසු වෙදගන්‍ථෙසු පාරං පරියොසානං ගතොති අත්‍ථො . පුරක‍්ඛතොම‍්හි සිස‍්සෙහීති මම නිච‍්චපරිවාරභූතෙහි සිස‍්සෙහි පරිවුතො අහං අම‍්හි. උපගච‍්ඡිං නරුත‍්තමන‍්ති නරානං උත‍්තමං භගවන‍්තං උපසඞ‍්කමිං, සමීපං ගතොති අත්‍ථො. සෙසං සුවිඤ‍්ඤෙය්‍යමෙව.

ඉක්බිති ශාස්තෲන් වහන්සේ සවස් කාලයේ, භික්‍ෂු සංඝයා මැද වැඩහුන් තෙරුන්ට, “මගේ ශ්‍රාවක භික්‍ෂූන් අතර පුණ්ණ තෙරුන් ධර්මකථිකයන් අතරින් අග්‍රයයි අග තනතුරේ තැබූ සේක. උන්වහන්සේ පෙර කර්ම සිහිකොට සොම්නස් වශයෙන් පෙර චරිතාපදාන සිහිපත් කරන්නේ, “අජ්ඣායකො” ආදිය කීහ. එහි අජ්ඣායකො යනු නොයෙක් බ්‍රාහ්මණාදීන්ගේ වචනයෙන් හික්මවන ලදි. මන්තධරො යනු මන්ත්‍රයන් දරන නිසා යන අර්ථයයි. වේද සංඛ්‍යාත චතුර්වේදය සජ්ඣායනා කිරීම ශ්‍රවණය කිරීම වශයෙන් දරයි යනුවෙන් කියන ලද්දේ වෙයි. තිණ්ණං වේදානං යනු සෘග්වේද, යජුර්වේද, සාමවේද සංඛ්‍යාත ත්‍රිවේදයන් නුවණින් දරන ලද බැවින් ‘වේද’ යයි ලබන ලද නම් ඇත්තේ ත්‍රිවේද ග්‍රන්ථවල පරතෙරට ගියේ යන අර්ථයයි. පුරක්ඛතොම්හි සිස්සෙහි යනු මගේ නිතර පිරිවර සංඛ්‍යාත සිසුන් විසින් පිරිවරා මම සිටිමි. උපගඤ්ජිං නරුත්තමං යනු මිනිසුන්ගෙන් උතුම් වූ බුදුරදුන් වෙත එළඹියෙමි. සමීපයට ගියේ යන අර්ථයයි. සෙස්ස දත යුත්තේමය.

අභිධම‍්මනයඤ‍්ඤූහන‍්ති අහං තදා තස‍්ස බුද‍්ධස‍්ස කාලෙ අභිධම‍්මනයකොවිදොති අත්‍ථො. කථාවත්‍ථුවිසුද‍්ධියාති කථාවත්‍ථුප‍්පකරණෙ විසුද‍්ධියා ඡෙකො, අප‍්පිච‍්ඡසන‍්තුට‍්ඨිකථාදීසු දසසු කථාවත්‍ථූසු වා ඡෙකො, තාය කථාවත්‍ථුවිසුද‍්ධියා සබ‍්බෙසං යතිජනානං පණ‍්ඩිතානං විඤ‍්ඤාපෙත්‍වාන බොධෙත්‍වාන අනාසවො නික‍්කිලෙසො විහරාමි වාසං කප‍්පෙමි.

අභිධම්ම නයඤ්ඤොහං යනු මම එකල ඒ බුදුරදුන්ගේ කාලයේ, අභිධර්ම න්‍යායේ දක්‍ෂවෙමි යන අර්ථයයි. කථාවත්‍ථුවිසුද්ධියා යනු කථාවස්තුප්පකරණයේ පිරිසිදු දක්‍ෂ අල්පේච්ඡකථා සතුටු කථා ආදී දසකථා වස්තුවල දක්ෂ. ඒ කථාවස්තුවේ පිරිසිදු වූ. සබ්බෙසම්පි පණ්ඩිත ජනයන්ගේ විඤ්ඤාපෙත්‍වාන අවබෝධකොට. අනාසවො නික්ලේශීව විහරාමි වාසය කරමි.

ඉතො පඤ‍්චසතෙ කප‍්පෙති ඉතො පඤ‍්චබුද‍්ධපටිමණ‍්ඩිතතො භද‍්දකප‍්පතො පඤ‍්චසතෙ කප‍්පෙ සුප‍්පකාසකා සුට‍්ඨු පාකටා චක‍්කරතනාදි සත‍්තහි රතනෙහි සම‍්පන‍්නා ජම‍්බුදීපාදිචතුදීපම‍්හි ඉස‍්සරා පධානා චතුරො චත‍්තාරො චක‍්කවත‍්තිරාජානො අහෙසුන‍්ති අත්‍ථො. සෙසං වුත‍්තනයමෙවාති.

ඉතො පඤ්චසතෙ කප්පෙ යනු පසේබුදුවරුන් විසින් අලංකාර වූ, භද්‍රකල්පයෙන්, පන්සියයක් කල්පයෙක්හි, සුප්පකාසකා සරළ ප්‍රකට වූ චක්‍රරත්නාදි සත්රුවනින් යුක්ත වූ, සතර මහා දිවයින්වල ජම්බුද්වීප ආදී ඉස්සර ප්‍රධාන වූ. චතුරො චක්‍රවර්ති රජවරු සිවුදෙනා වූහ යන අර්ථයයි. සෙස්ස කියන ලද පරිද්දෙනි.

පුණ‍්ණමන‍්තාණිපුත‍්තත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

පුණ්ණ මන්තාණි පුත්ත තෙරුන්ගේ අපදාන අට්ඨකථාවයි.