යෙදුමෙන් කියවන්න

4. අනුරුද‍්ධත්‍ථෙරාපදානං

4. අනුරුද‍්ධත්‍ථෙරාපදානං

4. අනුරුද්ධ ස්ථවිරාවදානය

423. සුමෙධං භගවන‍්තාහං ලොකජෙට‍්ඨං නරාසභං, වූපකට‍්ඨං විහරන‍්තං අද‍්දසං ලොකනායකං.

423. මම ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ විවේකී ව වාසය කරන්නා වූ ලෝකනායක වූ සුමේධ නම් භාග්‍යවතුන් වහන්සේ දිටිමි.

424. උපගන‍්ත්‍වාන සම‍්බුද‍්ධං සුමෙධං ලොකනායකං, අඤ‍්ජලිම‍්පග‍්ගහෙත්‍වාන බුද‍්ධසෙට‍්ඨමයාච ‘හං.

424. මම ලෝකනායක වූ සුමේධ සම්බුදුන් වහන්සේ වෙත එළඹ ඇඳිලි බැඳගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් (මෙසේ) අයැදීමි:

425. “අනුකම‍්ප මහාවීර ලොකජෙට‍්ඨ නරාසභ, පදීපං තෙ පදස‍්සාමි රුක‍්ඛමූලම‍්හි ඣායතො.”

425. “මහා වීරයන්වහන්ස, ලෝකජ්‍යේෂ්ඨයන් වහන්ස, නරශ්‍රේෂ්ඨයන් වහන්ස, අනුකම්පා කොට වදාළ මැනව. රුක්මුල්හි ධ්‍යාන කරන්නා වූ ඔබවහන්සේට පහනක් දෙමි.”

426. අධිවාසෙසි සො ධීරො සයම‍්භූ වදතං වරො, දුමෙසු විනිවිජ‍්ඣිත්‍වා යන‍්තං යොජෙත්‍ව ‘හං තදා.

426. සියල්ල තෙමේ ම දන්නාවූ වාදීන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ ඒ ප්‍රාඥ වූ බුදුරජතෙම එය ඉවසී ය. එකල්හි මම ගස් විද යන්ත්‍රයක් යොදා–

427. සහස‍්සවට‍්ටිං පාදාසිං බුද‍්ධස‍්ස ලොකබන්‍ධුනො, සත‍්තාහං පජ‍්ජලිත්‍වාන දීපා වූපසමිංසු මෙ.

427. ලෝකබන්‍ධු වූ බුදුරජානන් වහන්සේට දහසක් වැටි දුනිමි. මාගේ පහන්හු සතියක් දැල්වී නිවී ගියහ.

428. තෙන චිත‍්තප‍්පසාදෙන චෙතනාපණිධීහි ච, ජහිත්‍වා මානුසං දෙහං විමානමුපපජ‍්ජහං.

428. එම චිත්තප්‍රසාදයෙන් ද, සිත්හි වූ ප්‍රාර්‍ත්‍ථනයන්ගෙන් ද, මම මිනිස්සිරුර හැර දෙව්විමනක උපනිමි.

429. උප‍්පන‍්නස‍්ස දෙවත‍්තං ව්‍යම‍්හං ආසි සුනිම‍්මිතං, සමන‍්තතො පජ‍්ජලති දීපදානස‍්සි’දං ඵලං.

429. දෙව්අත්බැව්හි උපන් මට මැනවින් නිර්මිත විමානයක් වි ය. එය හාත්පසින් දිලෙයි. මේ පහන්පූජාවෙහි විපාකය යි.

430. සමන‍්තා යොජනසතං විරොචෙසිං අහං තදා, සබ‍්බෙ දෙවෙ අතිභොමි දීපදානස‍්සි’දං ඵලං.

430. එකල්හි මම හාත්පස යොදුන් සියයක් බැබැලවීමි. සියලු දෙවියන් මැඩපැවැත්වීමි. පහන්පූජාවෙහි මේ විපාකය යි.

431. තිංස කප‍්පානි දෙවින්‍දො දෙවරජ‍්ජමකාරයිං, න මං කෙච’තිමඤ‍්ඤන‍්ති දීපදානස‍්සි’දං ඵලං.

431. ශක්‍ර ව තිස්කපක් මුළුල්ලෙහි දිව්‍යරාජ්‍යය කරවීමි. කිසිවෙක් මා ඉක්මවා නො සිතත්, (=මට අවමන් නො කරත්). මේ පහන්පූජාවෙහි විපාකය යි.

432. අට‍්ඨවීසතික‍්ඛත‍්තුඤ‍්ච චක‍්කවත‍්තී අහොස’හං, දිවාරත‍්තිඤ‍්ච පස‍්සාමි සමන‍්තා යොජනං තදා.

432. මම අටවිසිවරක් සක්විතිරජ වීම. එකල්හි හාත්පස යොදුනක් තැන් දිවා රෑ දෙක්හි ම (එක සේ) දකිමි.

433. සහස‍්සලොකං ඤාණෙන පස‍්සාමි සත්‍ථුසාසනෙ, දිබ‍්බචක‍්ඛුං අනුප‍්පත‍්තො දීපදානස‍්සි’දං ඵලං.

433. (ඥාන) චක්‍ෂුසින් දහසක් සක්වළ (ලෝක) දකිමි. සර්‍වඥ ශාසනයෙහි (පැවිදි ව) දිවැස ලැබූයෙම් ද වෙමි. පහන්පූජාවෙහි මේ විපාකය යි.

434. සුමෙධො නාම සම‍්බුද‍්ධො තිංසකප‍්පසහස‍්සි’තො, තස‍්ස දීපො මයා දින‍්නො විප‍්පසන‍්නෙන චෙතසා.

434. මෙයින් කල්ප තිස්දහසකට පෙර සුමේධ නම් සම්බුදුරජ තෙම වි ය. මා විසින් උන්වහන්සේට පැහැදුනු සිතින් පහනක් දෙනලදී.

435. 436, 437. කිලෙසා ඣාපිතා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

435-437. ක්ලේශයෝ දවන ලදහ. –පෙ– බුදුරජානන් වහන්සේගේ සසුන ද කරණලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා අනුරුද‍්ධො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මේ අයුරින් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළසේකි.

අනුරුද‍්ධත්‍ථෙරස‍්ස අපදානං චතුත්‍ථං.

සතරවැනි වූ අනුරුද්ධස්ථවිරාවදානය යි.