3. මහාකස්සපත්ථෙරාපදානං
3. මහාකස්සපත්ථෙරාපදානං
3. මහාකාශ්‍යප ස්ථවිරාවදානය
399. පදුමුත්තරස්ස භගවතො ලොකජෙට්ඨස්ස තාදිනො, නිබ්බුතෙ ලොකනාථම්භි පූජං කුබ්බන්ති සත්ථුනො.
399. තාදිගුණ (=අටලෝදහම්හි නො සැලෙන ගති) ඈති ලෝකජ්‍යේෂ්ඨ වූ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ (ශාසනයෙහි) ලෝකනාථ වූ ඒ (පදුමුත්තර) බුදුරජානන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි (දිව්‍ය මනුෂ්‍යයෝ ශාස්තෘන් වහන්සේට) පූජා කෙරෙත්.
400. උදග්ගචිත්තා ජනතා ආමොදිතපමොදිතා, තෙසු සංවෙගජාතෙසු පීති මෙ උපපජ්ජථ.
400. ජනසමූහයා ඔද වැඩි සිත් ඇත්තාහු අතිශයින් ප්‍රමුදිත වූහ. ඔවුන් සංවේගයට පැමිණ සිටින කල්හි මට ප්‍රීතියක් ඇති වි ය.
401. ඤාතිමිත්තෙ සමානෙත්වා ඉදං වචනමබ්රවිං, “පරිනිබ්බුතො මහාවීරො හන්ද පූජං කරොමසෙ.”
401. නෑ මිතුරන් කැඳවා “මහාවීර වූ බුදුරජානන් වහන්සේ පිරිනිවන් පෑ සේක. ඒකාන්තයෙන් පූජාවක් කරමු” යි යන මේ වචනය කීමි.
402. සාධූති තෙ පටිස්සුත්වා භීයො හාසං ජනිංසු මෙ. “බුද්ධස්මිං ලොකනාථස්මිං කාහාම පුඤ්ඤසඤ්චයං.”
402. ඔහු ‘මැනවැ’යි පිළිවදන් දී “ලෝකනාථ වූ බුදුරජානන් වහන්සේ විෂයයෙහි පින් රැස් කරන්නෙමු” ය කියා මාගේ සතුට වැඩියක් ම ඇති කළාහු ය.
403. අග්ඝියං සුකතං කත්වා සතහත්ථසමුග්ගතං, දියඩ්ඪත්ථපත්ථටං විමානං නභමුග්ගතං.
403. රියන් සියයක් උස් වූ මොනවට තැනූ ඇගෑවක් කොට රියන් එක්සිය පණසක් පුළුල් වූ උස් විමානයක් කොට–
404. කත්වාන හම්මියං තත්ථ තාලපන්තීහි චිත්තිතං, සකං චිත්තං පසාදෙත්වා චෙතියං පූජයුත්තමං.
404. එහි තල්ගස් පෙළින් විසිතුරු වූ ප්‍රාසාදයක් කොට සිය සිත පහදවා උත්තමචෛත්යය පිදුවෙමි.
405. අග්ගික්ඛන්ධොව ජලිතො සාලරාජා’ව ඵුල්ලිතො, ඉන්දලට්ඨී’ව ආකාසෙ ඔභාසෙති චතුද්දිසා.
405. ඇවිළගත් ගිනිකඳක් මෙන් ද, පිපියා වූ සල්රුකක් මෙන් ද, අහසෙහි ඉන්ද්රයෂ්ටිය (ඉන්ද්‍රධ්වජය බඳනා ඉන්ද්රකීලය) මෙන් ද (ඒ ස්තූපය) සිවුදිග බබුළුවයි.
406. තත්ථ චිත්තං පසාදෙත්වා කත්වාන කුසලං බහුං, පුබ්බකම්මං සරිත්වාන තිදසං උපපජ්ජහං.
406. මම එහි සිත පහදවා බොහෝ කුසල් කොට පෙර කරණ ලද කුශලකර්මය සිහි කොට තව්තිසා දෙව්ලොව උපනිමි.
407. සහස්සයුත්තහයවාහිං දිබ්බයානමධිට්ඨිතො, උබ්බිද්ධං භවනං මය්හං සත්තභූමං සමුග්ගතං.
407. යෙදූ දහසක් අසුන් විසින් උසුලනලද දිව්‍යයානයට නැඟුනෙම් වෙමි. මාගේ උස් වූ භවනය සත්බුමු වූයේ උඩට නැංගේ ය.
408. කූටාගාරසහස්සානි සබ්බසොණ්ණමයා අහූ, ජලන්ති සකතෙජෙන දිසා සබ්බා පභාසයං.
408. දහස් ගණන් කූටාගාරයෝ තනි රනින් කරණ ලද්දෝ වූහ. (එම කූටාගාරයෝ) ස්වකීය දීප්තියෙන් සියලු දිගුන් බබුළුවමින් දිලිසෙත්.
409. සන්ති අඤ්ඤෙපි නිය්යූහා ලොහිතඞ්කමයා තදා, තෙපි ජොතෙන්ති ආභාය සමන්තා චතුරො දිසා.
409. පද්මරාග මාණික්‍යමය වූ අන්‍ය වූ පහකුළු ද ඇත. එකල්හි ඒ පහකුළු ද ශෝභාවෙන් හාත්පස සිවුදිග ම බබුළුවත්.
410. පුඤ්ඤකම්මාභිනිබ්බත්තා කූටාගාරා සුනිම්මිතා, මණිමයාපි ජොතෙන්ති දිසා දස සමන්තතො.
410. පුණ්යකර්මබලයෙන් හටගත් මැනවින් නිර්මිත වූ මිණිමුවා කුළුගෙවල් හාත්පස දසදිගුන් බබුළුවත්.
411. තෙසං උජ්ජොතමානානං ඔභාසො විපුලො අහු, සබ්බෙ දෙවෙ අතිභොමි පුඤ්ඤකම්මස්සිදං ඵලං.
411. බබලන්නා වූ ඔවුන්ගේ ආලොකය අධික වි ය. සියලු දෙවියන් ඉක්මවමි. මේ පුණ්යකර්මයාගේ ඵලයයි.
412. සට්ඨිකප්පසහස්සම්හි උබ්බිද්ධො නාම ඛත්තියො, චාතුරන්තො විජිතාවී පඨවිං ආවසිං අහං.
412. කල්ප සැටදහසක් මුළුල්ලෙහි උබ්බිද්ධ නම් ක්ෂත්රියයෙක් ව සිවුමහසයුර හා සිවුමහදිවයින කෙළවර කොට ඇති පෘථිවියට අධිපති වූයෙම් සතුරු රජුන් ජය ගන්නා සුලු ව මම විසීමි.
413. තථෙව භද්දකෙ කප්පෙ තිංසක්ඛත්තුං අහොසහං, සකකම්මාභිරද්ධොම්හි චක්කවත්තී මහබ්බලො, සත්තරතනසම්පන්නො චතුදීපම්හි ඉස්සරො.
413. එසේ ම භද්‍රකල්පයෙහි තිස් වරක් මහත් බල ඇති සක්විති රජ වීමි. ස්වකීය පුණ්යකර්මයන්හි ඇලුනෙම් ම වීම.
414. තත්ථාපි භවනං මය්හං ඉන්දලට්ඨි’ව උග්ගතං, ආයාමතො චතුබ්බීසං විත්ථාරෙන ච ද්වාදසං.
414. එහි ද මාහට දිගින් සූවිසි රියන් වූ පුළුලින් දොළොස්රියන් වූ ඉන්ද්‍රකීලයක් වැනි වූ භවනයක් පැන නැංගේ ය.
415. රම්මකං නාම නගරං දළ්හපාකාරතොරණං, ආයාමතො පඤ්චසතං විත්ථාරෙන තදඩ්ඪකං, ආකිණ්ණං ජනකායෙහි තිදසානං පුරං විය.
415. විශාල පවුරු හා තොරන් ඇති දිගින් (යොදුන්) පන්සියයක් වූ ද, පුළුලින් ඉන් අඩක් වූ ද, තව්තිසාවැසියන්ගේ දෙව්පුරය වැනි ජන සමූහයාගෙන් ගැවසීගත් රම්මක නම් නගරයක් වි ය.
416. යථා සූචිඝරෙ සූචි පක්ඛිත්තා පණ්ණවීසති, අඤ්ඤමඤ්ඤං පඝට්ටෙනති ආකිණ්ණං හොති තං තදා.
416. යම් සේ හිඳිකටුගුලාවෙහි බහනලද පස්විස්සක් හිදිකටු ඔවුනොවුන් ගැටෙත් ද, එකල්හි එය ගැවසීගත්තේ වේ ද,
417. එවම්පි නගරං මය්හං හත්ථස්සරථසඞ්කුලං, මනුස්සෙහි සදාකිණ්ණං රම්මකං නගරුත්තමං.
417. එසේ ම මාගේ උතුම් වූ රම්මක නගරය ද හස්ති අශ්ව රථයන්ගෙන් පිරී ගියේ මිනිසුන්ගෙන් හැමකල්හි ගැවසීගත්තේ වී ය.
418. තත්ථ භුත්වා පිවිත්වා ච පුන දෙවත්තනං ගතො, භවෙ පච්ඡිමකෙ මය්හං අහොසි කුලසම්පදා.
418. එහි කා බී යලි දේවත්වයට ගියේ මාගේ අන්තිමභවයෙහි ද කුලසම්පත් ඇති වි ය.
419. බ්රහ්මඤ්ඤකුලසම්භූතො මහාරතනසඤ්චයො, අසීතිකොටියො හිත්වා හිරඤ්ඤස්සා’පි පබ්බජිං.
419. මහත් වූ රුවන් සමූහ ඇති බමුණුකුලයෙහි උපන්නෙම් අසුකෙළක් රන් හැරදමා පැවිදි වීමි.
420-422. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- කතං බුද්ධස්ස සාසනං.
420-422. මා විසින් ක්ලේශයෝ දවන ලද්දාහු ය. –පෙ– බුදුරජානන් වහන්සේගේ සසුන ද කරණලදි.
ඉත්ථං සුදං ආයස්මා මහාකස්සපො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මේ අයුරින් ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළසේකි.
මහාකස්සපත්ථෙරස්ස අපදානං තතියං.
තෙවෙනි වූ මහාකාශ්යපස්ථවිරාවදානය යි.