40. දස්සනවිසුද්ධිඤාණනිද්දෙසවණ්ණනා අට්ඨකථා
40. දස්සනවිසුද්ධිඤාණනිද්දෙසවණ්ණනා
40. දර්ශන විශුද්ධි ඤාණ නිර්දේශ වර්ණනාව
දස්සනවිසුද්ධිඤාණනිද්දෙසෙ සබ්බෙ ධම්මා එකසඞ්ගහිතාති සබ්බෙ සඞ්ඛතාසඞ්ඛතා ධම්මා එකෙන සඞ්ගහිතා පරිච්ඡින්නා. තථට්ඨෙනාති භූතට්ඨෙන, අත්තනො අත්තනො සභාවවසෙන විජ්ජමානත්ථෙනාති අත්ථො. අනත්තට්ඨෙනාති කාරකවෙදකසඞ්ඛාතෙන අත්තනා රහිතට්ඨෙන. සච්චට්ඨෙනාති අවිසංවාදකට්ඨෙන, අත්තනො සභාවඤ්ඤථත්තාභාවෙනාති අත්ථො. පටිවෙධට්ඨෙනාති සභාවතො ඤාණෙන පටිවිජ්ඣිතබ්බට්ඨෙන. ඉධ ලොකුත්තරඤාණෙන අසම්මොහතො ආරම්මණතො ච පටිවෙධො වෙදිතබ්බො. අභිජානනට්ඨෙනාති ලොකිකෙන ඤාණෙන ආරම්මණතො, ලොකුත්තරෙන ඤාණෙන අසම්මොහතො ආරම්මණතො ච තෙසං තෙසං ධම්මානං සභාවතො අභිජානිතබ්බට්ඨෙන. “සබ්බං, භික්ඛවෙ, අභිඤ්ඤෙය්‍ය”න්ති (සං· නි· 4.46) හි වුත්තං. පරිජානනට්ඨෙනාති වුත්තනයෙනෙව ලොකියලොකුත්තරෙහි ඤාණෙහි සභාවතො අභිඤ්ඤාතානං ධම්මානං අනිච්චාදිතො නිය්යානාදිතො ච පරිච්ඡින්දිත්වා ජානිතබ්බට්ඨෙන. “සබ්බං, භික්ඛවෙ, පරිඤ්ඤෙය්‍ය”න්ති හි වුත්තං. ධම්මට්ඨෙනාති සභාවධාරණාදිනා ධම්මට්ඨෙන. ධාතුට්ඨෙනාති නිජ්ජීවතාදිනා ධාතුට්ඨෙන. ඤාතට්ඨෙනාති ලොකියලොකුත්තරෙහි ඤාණෙහි ඤාතුං සක්කුණෙය්යට්ඨෙන. යථා දට්ඨුං සක්කුණෙය්යාදිනා අත්ථෙන “දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං රූප”න්ති වුත්තං, එවමිධාපි ඤාතුං සක්කුණෙය්යට්ඨො ඤාතට්ඨොති වෙදිතබ්බො. සච්ඡිකිරියට්ඨෙනාති ආරම්මණතො පච්චක්ඛකාතබ්බට්ඨෙන. ඵුසනට්ඨෙනාති පච්චක්ඛකතස්ස ආරම්මණතො පුනප්පුනං ඵුසිතබ්බට්ඨෙන. අභිසමයට්ඨෙනාති ලොකිකෙන ඤාණෙන අභිසමාගන්තබ්බට්ඨෙන. කිඤ්චාපි හි “තථට්ඨෙ පඤ්ඤා සච්චවිවට්ටෙ ඤාණං, අභිඤ්ඤාපඤ්ඤා ඤාතට්ඨෙ ඤාණං, සච්ඡිකිරියාපඤ්ඤා ඵස්සනට්ඨෙ ඤාණ”න්ති එකෙකමෙව ඤාණං වුත්තං. අට්ඨකථායඤ්ච –
දර්ශන විසුද්ධි ඤාණ නිර්දේශයෙහි, සබ්බෙ ධම්මා එකසංගහිතා යනු සියලු සංඛත අසංඛත ධර්මයෝ එක් සංඛ්‍යායෙන් සංග්‍රහ කරන ලද්දාහ. පිරිසිඳින ලද්දාහ. තථට්ඨෙන යනු විද්යමානාර්ථයෙන්, තම තමාගේ ස්වභාව වශයෙන් විද්යමානාර්ථයෙනැයි අර්ථයි. අනත්තට්ඨෙන කරන්නා, විඳින්නා යන සංඛ්‍යාත වූ ආත්ම රහිතාර්ථයෙන්, සච්චට්ඨෙන යනු සත්‍යාර්ථයෙන්, තමාගේ ස්වභාවය දැන ආත්මීය වශයෙන් ව්‍යවස්ථාපන අභාවයෙන් යන අර්ථයි. පටිවෙධට්ඨෙන යනු ස්වභාව වශයෙන් ඤාණයෙන් ප්‍රතිවේධ කළයුතු අර්ථයෙන්, මෙහි ලෝකෝත්තර ඤාණයෙන්, මුළානොවීම් වශයෙන්, අරමුණු වශයෙන් ප්‍රතිවේධය දතයුතුය. අභිජානනට්ඨෙන යනු ලෞකික ඤාණයෙන්, අරමුණු වශයෙන්ද, ලෝකෝත්තර ඤාණයෙන් මුළානොවීම් වශයෙන්ද, අරමුණු වශයෙන්ද, ඒ ඒ ධර්මයන්ගේ ස්වභාව වශයෙන් විශේෂයෙන් දැනීම් අර්ථයෙන්, ‘මහණෙනි, සියල්ල විශිෂ්ට සේ දතයුතුය’ යනාදියෙහි යූ.සේයි. පරිජානට්ඨෙන යනු කියන ලද ක්‍රමයෙන්ම ලෞකික ලෝකෝත්තර ඤාණයන්ගෙන් ස්වභාව වශයෙන් විශිෂ්ට ලෙස දත් ධර්මයන්ගේ, අනිත්‍යාදී වශයෙන්ද සසරින් නිදහස්වීම් වශයෙන්ද, පිරිසිඳ දතයුතු අර්ථයෙන්, ‘මහණෙනි, සියල්ල විශේෂයෙන් දතයුතුය’ යනාදියෙහි යූ.සේයි. ධම්මට්ඨෙන යනු ස්වභාව දැරීම් ආදී ධර්මාර්ථයෙන්, ධාතට්ඨෙන යනු ජීව රහිතාදී ධාත්වර්ථයෙන්, ඤාතට්ඨෙන ලෞකික ලෝකෝත්තර ඤාණයන්ගෙන් දැනගන්ට හැකිවන්නේය යන අර්ථයෙන්, යම්සේ දක්නට හැකිවන්නේය යනාදී අර්ථයෙන් දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං රූපං යයි යූ.සේයි. මෙසේ මෙහිද දැනගන්ට හැකිවන්නේය යන අර්ථය ඤාතාර්ථයයි දතයුතුය. සච්ඡිකිරියට්ඨෙන යනු අරමුණු වශයෙන් ප්රතිපක්ෂ කළයුතු අර්ථයෙන්, ඵුසනට්ඨෙන යනු ප්රත්යවේක්ෂා කරන ලද අරමුණු වශයෙන් නැවත නැවත ස්පර්ශ කිරීම් අර්ථයෙන්, අභිසමයට්ඨෙන යනු ලෞකික ඤාණයෙන් විශේෂයෙන් අවබෝධ කළයුතු අර්ථයෙන්, කිසිසේත් චතුස්සත්‍යයාගේ අවිපරීත භාවයෙහි පැවැති ප්‍රඥාව සත්‍ය විවර්ත ඤාණයයි. අභිඥා ප්‍රඥාව ඤාතාර්ථයෙහි ඤාණයයි. සාක්ෂාත් කිරීමේ ප්‍රඥාව ස්පර්ශකිරීම් අර්ථයෙහි ඤාණය යයි එකිනෙකම වූ ඤාණ යූ.සේයි. අටුවායෙහිද,
“සමවායෙ ඛණෙ කාලෙ, සමූහෙ හෙතුදිට්ඨිසු; පටිලාභෙ පහානෙ ච, පටිවෙධෙ ච දිස්සතී”ති . –
සමවායෙ ඛණෙ කාලෙ - සමූහෙ හෙතු දිට්ඨිසු, පටිලාභෙ පහානෙච - පටිවෙධෙච දිස්සති
රැස්වීමෙහි, ක්ෂණයෙහි, කාලයෙහි, සමූහයෙහි, හේතුයෙහි දෘෂ්ටීන්හි - ප්‍රතිලාභයෙහි, ප්රහාණයෙහි, ප්රතිවේධයෙහිද පෙනේ.
ගාථාවණ්ණනායං අභිසමයසද්දස්ස පටිවෙධත්ථො වුත්තො, ඉධ පන යථාවුත්තෙන අත්ථෙන තෙසං නානත්තං වෙදිතබ්බං. අට්ඨකථායමෙව හි සො ලොකියඤාණවසෙන ධම්මාභිසමයො වුත්තොති.
ගාථා වර්ණනාවෙහි අභිසමය ශබ්දයාගේ ප්රතිවේධාර්ථය යූ.සේයි. මෙහි වනාහි කියන ලද අර්ථයෙන් ඒවාහි නානත්වය දතයුතුයි. අට්ඨකථායෙහිම ලෞකික ඤාණ වශයෙන් ඒ ධර්මාභිසමය යූ.සේයි.
කාමච්ඡන්දො නානත්තන්ති වික්ඛෙපසබ්භාවතො නානාරම්මණත්තා ච නානාසභාවොති අත්ථො. එවං සබ්බකිලෙසා වෙදිතබ්බා. නෙක්ඛම්මං එකත්තන්ති චිත්තෙකග්ගතාසබ්භාවතො නානාරම්මණවික්ඛෙපාභාවතො ච එකසභාවන්ති අත්ථො. එවං සබ්බකුසලා වෙදිතබ්බා. ඉධ පෙය්යාලෙන සංඛිත්තානං බ්යාපාදාදීනං අකුසලානං යථාවුත්තෙන අත්ථෙන නානත්තං වෙදිතබ්බං. විතක්කවිචාරාදීනං පන හෙට්ඨිමානං හෙට්ඨිමානං උපරිමතො උපරිමතො ඔළාරිකට්ඨෙන නානත්තං වෙදිතබ්බං. යස්මා එකසඞ්ගහිතනානත්තෙකත්තානං පටිවෙධො මග්ගක්ඛණෙ සච්චපටිවෙධෙන සිජ්ඣති, තස්මා “පටිවෙධො”ති පදං උද්ධරිත්වා සච්චාභිසමයං දස්සෙසි.
කාමච්ඡන්දොනානත්තං වික්ෂෙප ස්වභාව හෙයින්, නානාරම්මණ හෙයින් නොයෙක් ආකාර ස්වභාවයැයි අර්ථයි. මෙසේ සියලු කෙලෙස් දතයුත්තාහ. නෙක්ඛම්මං එකත්තං චිත්තෙකාග්‍රතා ස්වභාව හෙයින්, නානාරම්මණ වික්ෂෙප අභාව හෙයින්ද, එක් ස්වභාවය යැයි අර්ථයි. මෙසේ සියලු කුසල් දතයුත්තාහ. මෙහි පෙය්‍යාලයෙන් සංක්ෂෙප කරන ලද, ව්‍යාපාදාදී අකුසලයන්ගේ කියන ලද ආකාර අර්ථයෙන් නානාත්වය දතයුතුය. විතර්ක විචාරාදීන්ගේ වනාහි යට යට ඒවාට මත්තෙහි දළ අර්ථයෙන් නානාත්වය දතයුතුය. ඒක සංගෘහිත නානත්ව ඒකත්වයන්ගේ ප්‍රතිවේධය මාර්ග ක්ෂණයෙහි සත්‍යය ප්‍රතිවේධයෙන් සිදුවෙයි. එහෙයින් ප්‍රතිවේධයයි පදය උදුරා දක්වා සත්‍යාවබෝධය දැක්වීය.
පරිඤ්ඤා පටිවෙධං පටිවිජ්ඣතීති පරිඤ්ඤාභිසමයෙන අභිසමෙති. එස නයො සෙසෙසු. සච්චාභිසමයකාලස්මිඤ්හි මග්ගඤාණස්ස එකක්ඛණෙ පරිඤ්ඤා, පහානං, සච්ඡිකිරියා, භාවනාති චත්තාරි කිච්චානි හොන්ති. යථා නාවා අපුබ්බං අචරිමං එකක්ඛණෙ චත්තාරි කිච්චානි කරොති, ඔරිමං තීරං පජහති, සොතං ඡින්දති, භණ්ඩං වහති, පාරිමං තීරං අප්පෙති, එවමෙව මග්ගඤාණං අපුබ්බං අචරිමං එකක්ඛණෙ චත්තාරි සච්චානි අභිසමෙති, දුක්ඛං පරිඤ්ඤාභිසමයෙන අභිසමෙති, සමුදයං පහානාභිසමයෙන අභිසමෙති, මග්ගං භාවනාභිසමයෙන අභිසමෙති, නිරොධං සච්ඡිකිරියාභිසමයෙන අභිසමෙති. කිං වුත්තං හොති? නිරොධං ආරම්මණං කත්වා කිච්චවසෙන චත්තාරිපි සච්චානි පාපුණාති පස්සති පටිවිජ්ඣතීති. යථා ඔරිමං තීරං පජහති, එවං මග්ගඤාණං දුක්ඛං පරිජානාති. යථා සොතං ඡින්දති, එවං සමුදයං පජහති. යථා භණ්ඩං වහති, එවං සහජාතාදිපච්චයතාය මග්ගං භාවෙති. යථා පාරිමං තීරං අප්පෙති, එවං පාරිමතීරභූතං නිරොධං සච්ඡිකරොතීති එවං උපමාසංසන්දනං වෙදිතබ්බං.
පරිඤ්ඤා පටිවෙධං පටිවිජ්ඣති යනු විශේෂයෙන් දතයුතු අවබෝධයෙන් අවබෝධ කරයි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි. සත්‍යාවබෝධ කාලයෙහි මාර්ගඥානයට එකෙණෙහිම පරිඤ්ඤා, ප්‍රහාන, සාක්ෂාත් ක්‍රියා, භාවනා යන සිව් කෘත්‍යයෝ වෙති. යම්සේ නැව පෙර පසු නොවී එකෙණෙහිම, මෙතෙර අත්හරියි. දිය ස්‍රෝතස සිඳියි. භාණ්ඩ උසුලයි. පරතෙරට පැමිණේ යන සිව් කෘත්‍යයන් කරයි. එපරිද්දෙන්ම මාර්ගඥානය පෙර පසු නොවී එකෙණෙහි සිව්සස් අවබෝධ කරයි. දුක විශේෂ දැනීම් අවබෝධයෙන් අවබෝධ කරයි. සමුදය ප්‍රහාණ අවබෝධයෙන් අවබෝධ කරයි. මාර්ගය භාවනා අවබෝධයෙන් අවබෝධ කරයි. නිරෝධය සාක්ෂාත් කිරීම් අවබෝධයෙන් අවබෝධ කරයි යයි යූ.සේයි. නිරෝධය අරමුණුකොට කෘත්‍ය වශයෙන්, චතුරාර්ය සත්‍යයන් අවබෝධ කරයි. දකියි. ප්‍රතිවේධ කරයි. යම්සේ මෙතෙර අත්හරීද, මෙසේ මාර්ග ඥානය දුක මනාව දැනගනී. යම්සේ ස්‍රෝතස සිඳීද? මෙසේ සමුදය අත්හරියි. යම්සේ භාණ්ඩ උසුලයිද? මෙසේ සහජාත ප්‍රත්‍යතායෙන් මාර්ගය වඩයි. යම්සේ පරතෙරට පැමිණේද? මෙසේ පරතෙර වූ නිරෝධය සාක්ෂාත් කරයි. මෙසේ උපමා සංසන්දනය දතයුතුය.
දස්සනං විසුජ්ඣතීති තංතංමග්ගවජ්ඣකිලෙසතමප්පහානෙන ඤාණදස්සනං විසුද්ධිභාවං පාපුණාති. දස්සනං විසුද්ධන්ති තස්ස තස්ස ඵලස්ස උප්පාදක්ඛණෙ තස්ස තස්ස මග්ගඤාණස්ස කිච්චසිද්ධිප්පත්තිතො ඤාණදස්සනං විසුද්ධිභාවං පත්තං හොති. සබ්බධම්මානං එකසඞ්ගහිතාය නානත්තෙකත්තපටිවෙධපඤ්ඤාය මග්ගඵලඤාණෙහි සිද්ධිතො අන්තෙ මග්ගඵලඤාණානි වුත්තානි.
දස්සනං විසුජ්ඣති යනු ඒ ඒ මාර්ගයෙන් නැසිය යුතු කෙලෙස් අඳුර ප්‍රහාණයෙන් ඤාණ දර්ශනය විසුද්ධභාවයට පැමිණේ. දස්සනං විසුද්ධං යනු ඒ ඒ ඵලයාගේ උත්පාද ක්ෂණයෙහි ඒ ඒ මාර්ග ඤාණයාගේ කෘත්‍ය සිද්ධිප්රාප්තියෙන් ඤාණ දර්ශනය විසුද්ධභාවයට පත්වූයේ වේ. සියලු ධර්මයන්ගේ ඒක සංගෘහිත හෙයින් නානත්ව, ඒකත්ව ප්‍රතිවේධ ප්‍රඥාවෙන් මාර්ගඵල ඤාණයන්ගෙන් සිදුවන හෙයින් අන්තයෙහි මාර්ගඵල ඤාණයන් යූ.සේයි.
දස්සනවිසුද්ධිඤාණනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
දර්ශන විශුද්ධි ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.