යෙදුමෙන් කියවන්න

40. දස‍්සනවිසුද‍්ධිඤාණං

40. දස‍්සනවිසුද‍්ධිඤාණං

40. දර්‍ශනවිශුද්ධි ඥානය

කථං සබ‍්බධම‍්මානං එකසඞ‍්ගහතානානත‍්තෙකත‍්තපටිවෙධෙ පඤ‍්ඤා දස‍්සනවිසුද‍්ධිඤාණං:

කිසෙයින් සියලු සඞ්ඛතාසඞ්ඛතධර්‍මයන් ගේ ඒකසඞ්ග්‍රහත්‍ව ය ද කාමච්ඡන්‍දාදීන්ගේ නානාත්‍වය ද නෛෂ්ක්‍රම්‍යාදීන්ගේ ඒකත්‍වය ද ප්‍රතිවේධ කිරීමෙහි ප්‍රඥාව දර්‍ශනවිශුද්ධි ඥාන වෙයි යත්:

සබ‍්බධම‍්මානන‍්ති පඤ‍්චක‍්ඛන්‍ධා -පෙ- අපරියාපන‍්නා ධම‍්මා.

සබ්බධම්මානං යනු: පඤ්චස්කන්‍ධයෝ යැ ... අපර්‍ය්‍යාපන්නධර්‍මයෝ යි.

එකසඞ‍්ගහතාති ද‍්වාදසහි ආකාරෙහි සබ‍්බෙ ධම‍්මා එකසඞ‍්ගහිතා තථට‍්ඨෙන අනත‍්තට‍්ඨෙන සච‍්චට‍්ඨෙන පටිවෙධට‍්ඨෙන අභිජානනට‍්ඨෙන පරිජානනට‍්ඨෙන ධම‍්මට‍්ඨෙන ධාතුට‍්ඨෙන ඤාතට‍්ඨෙන සච‍්ඡිකිරියට‍්ඨෙන ඵුසනට‍්ඨෙන අභිසමයට‍්ඨෙන ඉමෙහි ද‍්වාදසහි ආකාරෙහි සබ‍්බෙ ධම‍්මා එකසඞ‍්ගහිතා.

එකසඞ්ගහතා යනු: දොළොස් අයුරෙකින් සියලු සඞ්ඛතාසඞ්ඛතධර්‍මයෝ ඒකසඞ්ඛ්‍යායෙන් පිරිසිඳුනාලදහ: විද්‍යමානස්වභාවයෙනැ අනාත්මස්වභාවයෙනැ සත්‍යස්වභාවයෙනැ ප්‍රතිවේධ කළයුතු ස්වභාවයෙනැ අභිජානනස්වභාවයෙනැ පරිජානනස්වභාවයෙනැ (ස්වභාවධාරණාදි) ධර්‍මාර්‍ත්‍ථයෙනැ (නිජ්ජීවතාදි) ධාතුස්වභාවයෙනැ දතහැකි ස්වභාවයෙනැ සාක්‍ෂාත්කර්‍තව්‍යස්වභාවයෙනැ ස්පර්‍ශ කළයුතු ස්වභාවයෙනැ අභිසමයස්වභාවයෙනි. මේ දොළෙස් අයුරින් සියලු සඞ්ඛතාසඞ්ඛතධර්‍මයෝ එක සඞ්ඛ්‍යායෙන් පිරිසිඳුනාලදහ.

නානත‍්තෙකත‍්තන‍්ති කාමච‍්ඡන්‍දො නානත‍්තං, නෙක‍්ඛම‍්මං එකත‍්තං, -පෙ- සබ‍්බකිලෙසා නානත‍්තං, අරහත‍්තමග‍්ගො එකත‍්තං

නානත්තේකත්තං යනු: කාමච්‍ඡන්‍දය නානාත්‍ව යැ නෛෂ්ක්‍රම්‍යය ඒකත්‍ව යැ ... සියලු ක්ලේශයෝ නානාත්‍ව යැ රහත්මඟ ඒකත්‍ව යි.

පටිවෙධෙති දුක‍්ඛසච‍්චං පරිඤ‍්ඤාපටිවෙධං පටිවිජ‍්ඣති, සමුදයසච‍්චං පහානපටිවෙධං පටිවිජ‍්ඣති, නිරොධසච‍්චං සච‍්ඡිකිරියාපටිවෙධං පටිවිජ‍්ඣති, මග‍්ගසච‍්චං භාවනා පටිවෙධං පටිවිජ‍්ඣති.

පරිවේධේ යනු: දුඃඛසත්‍යය පරිඥාප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරෙයි. සමුදයසත්‍යය ප්‍රහාණප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරෙයි. නිරෝධසත්‍යය සාක්‍ෂාත්ක්‍රියාප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරෙයි. මාර්‍ගසත්‍යය භාවනාප්‍රතිවෙධයෙන් ප්‍රතිවේධ කෙරේ.

දස‍්සනවිසුද‍්ධීති සොතාපත‍්තිමග‍්ගක‍්ඛණෙ දස‍්සනං විසුජ‍්ඣති, සොතාපත‍්තිඵලක‍්ඛණෙ දස‍්සනං විසුද‍්ධං, සකදාගාමිමග‍්ගක‍්ඛණෙ දස‍්සනං විසුජ‍්ඣති, සකදාගාමිඵලක‍්ඛණෙ දස‍්සනං විසුද‍්ධං, අනාගාමිමග‍්ගක‍්ඛණෙ දස‍්සනං විසුජ‍්ඣති, අනාගාමිඵලක‍්ඛණෙ දස‍්සනං විසුද‍්ධං, අරහත‍්තමග‍්ගක‍්ඛණෙ දස‍්සනං වුසුජ‍්ඣති, අරහත‍්තඵලක‍්ඛණෙ දස‍්සනං විසුද‍්ධං.

දස්සනවිසුද්ධි යනු: ස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි (ඥාන) දර්‍ශනය විශුද්ධ වෙයි. ස්‍රෝතාපත්තිඵලක්‍ෂණයෙහි ඥානදර්‍ශනය විශුද්ධ වූයේ වෙයි. සකෘදාගාමීමාර්‍ගක්‍ෂණයෙහි දර්‍ශනය විශුද්ධ වෙයි. සකෘදාගාමිඵලක්‍ෂණයෙහි දර්‍ශනය විශුද්ධ වූයේ වෙයි. අනාගාමිමාර්‍ගක්‍ෂණයෙහි දර්‍ශනය විශුද්ධ වෙයි. අනාගාමීඵලක්‍ෂණයෙහි දර්‍ශනය විශුද්ධ වූයේ වෙයි. අර්‍හන්මාර්‍ගක්‍ෂණයෙහි දර්‍ශනය විශුද්ධ වෙයි. අර්‍හත්ඵලක්‍ෂණයෙහි දර්‍ශනය විශුද්ධ වූයේ වේ.

තං ඤාතට‍්ඨෙන ඤාණං, පජානනට‍්ඨෙන පඤ‍්ඤා. තෙන වුච‍්චති: ‘සබ‍්බධම‍්මානං එකසඞ‍්ගහතානානත‍්තෙකත‍්තපටිවෙධෙ පඤ‍්ඤා දස‍්සනවිසුද‍්ධි ඤාණං’.

ඒ දර්‍ශනවිශුද්ධිඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි ‘සබ්බධම්මානං ඒකසඞ්ගහතානානත්තේකත්තපටිවේධේ පඤ්ඤා දස්සනවිසුද්ධිඤාණං’ යී.

දස‍්සනවිසුද‍්ධිඤාණනිද‍්දෙසො.

දර්‍ශනවිශුද්ධිඥානනිර්දේශ යි.