39. අත්ථසන්දස්සනඤාණං
39. අත්ථසන්දස්සනඤාණං
39. අර්ත්ථසන්දර්ශන ඥානය
කථං නානාධම්මපකාසනතා පඤ්ඤා අත්ථසන්දස්සනෙ ඤාණං:
කිසෙයින් නානාධර්‍මයන් ප්‍රකාශ කරන ප්‍රඥාව අර්‍ත්‍ථසන්‍දර්‍ශනඥාන වෙයි යත්:
නානාධම්මානි පඤ්චක්කඛන්ධා, ද්වාදසායතනානි, අට්ඨාරස ධාතුයො, කුසලා ධම්මා, අකුසලා ධම්මා, අබ්යාකතා ධම්මා, කාමාවචරා ධම්මා, රූපාවචරා ධම්මා, අරූපාවචරා ධම්මා, අපරියාපන්නා ධම්මා.
නානාධම්මා යනු: පඤ්චස්කන්ධයෝ යැ දොළොස් ආයතනයෝ යැ අටළොස් ධාතු යැ කුශලධර්‍මයෝ යැ අකුශලධර්‍මයෝ යැ අව්‍යාකෘත ධර්මයෝ යැ කාමාවචරධර්‍මයෝ යැ රූපාවචරධර්‍මයෝ යැ අරූපාවචරධර්‍මයෝ යැ අපර්‍ය්‍යාපන්නධර්‍මයෝ යි.
පකාසනතාති රූපං අනිච්චතො පකාසෙති, රූපං දුක්ඛතො පකාසෙති, රූපං අනත්තතො පකාසෙති. වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං -පෙ- චක්ඛුං -පෙ- ජරාමරණං අනිච්චතො පකාසෙති, ජරාමණං දුක්ඛතො පකාසෙති, ජරාමරණං අනත්තතො පකාසෙති.
පකාසන්තා යනු: රූපය අනිත්‍ය විසින් ප්‍රකාශ කෙරෙයි. රූපය දුඃඛ විසින් ප්‍රකාශ කෙරෙයි. රූපය අනාත්ම විසින් ප්‍රකාශ කෙරෙයි. වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය ... චක්ෂුස … ජරාමරණය අනිත්‍ය විසින් ප්‍රකාශ කෙරෙයි. ජරාමරණය දුඃඛ විසින් ප්‍රකාශ කෙරෙයි. ජරාමරණය අනාත්ම විසින් ප්‍රකාශ කෙරේ.
අත්ථසන්දස්සනෙති කාමච්ඡන්දං පජහන්තො නෙක්ඛම්මත්ථං සන්දස්සෙති, බ්යාපාදං පජහන්තො අබ්යාපාදත්ථං සන්දස්සෙති, ථිනමිද්ධං පජහන්තො ආලොකසඤ්ඤත්ථං සන්දස්සෙති, උද්ධච්චං පජහන්තො අවික්ඛෙපත්ථං සන්දස්සෙති, විචිකිච්ඡං පජහන්තො ධම්මවවත්ථානත්ථං සන්දස්සෙති, අවිජ්ජං පජහන්තො ඤාණත්ථං සන්දස්සෙති, අරතිං පජහන්තො පාමොජ්ජත්ථං සන්දස්සෙති, නීවරණෙ පජහන්තො පඨමජ්ඣානත්ථං සන්දස්සෙති -පෙ- සබ්බකිලෙසෙ පජහන්තො අරහත්තමග්ගත්ථං සන්දස්සෙති.
අත්ථසන්දස්සනෙ යනු: කාමච්ඡන්දය දුරු කරවනුයේ නෛෂ්ක්රමාර්ත්ථය (ශ්රෝතෲන්ට) මොනොවට දක්වයි. ව්‍යාපාදය දුරු කරවනුයේ අව්යාපාදාර්ත්ථය මොනොවට දක්වයි. ස්ත්‍යානමිද්ධය දුරු කරවනුයේ ආලෝකසංඥාර්ත්ථය මොනොවට දක්වයි. ඖද්ධත්‍යය දුරු කරවනුයේ දුරු අවික්‍ෂේපාර්‍ත්‍ථය මොනොවට දක්වයි. විචිකිත්සාව දුරු කරවනුයේ ධර්මනිශ්චයාර්ත්ථය මොනොවට දක්වයි. අවිද්‍යාව දුරු කරවනුයේ ඥානාර්ත්ථය මොනොවට දක්වයි. අරතිය දුරු කරවනුයේ ප්රාමෝද්යාර්ත්ථය මොනොවට දක්වයි. නීවරණයන් දුරු කරවනුයේ ප්රථමධ්යානාර්ත්ථය මොනොවට දක්වයි. … සියලු කෙලෙසුන් දුරු කරවනුයේ අර්හන්මාර්ගාර්ත්ථය මොනොවට දක්වයි.
තං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති: නානාධම්මපකාසනතා පඤ්ඤාඅත්ථසන්දස්සනෙ ඤාණං’
ඒ අර්ත්ථසන්දර්ශනඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘නානාධම්මපකාසනතා පඤ්ඤා අත්ථසන්දස්සනෙ ඤාණං’ යි.
අත්ථසන්දස්සනඤාණ නිද්දෙසො.
අර්ත්ථසන්දර්ශනඥානනිර්දේශ යි.