41. ඛන්තිඤාණං
41. ඛන‍්තිඤාණං.
41. ක්‍ෂාන්ති ඥානය
කථං විදිතත‍්තා පඤ‍්ඤා ඛන‍්තිඤාණං:
කිසෙයින් (රූපස්කන්‍ධාදිය අනිත්‍යාදිවශයෙන්) විදිතභාවයෙන් පැවැති ප්‍රඥාව ක්‍ෂාන්තිඥාන වෙයි යත්:
රූපං අනිච‍්චතො විදිතං, රූපං දුක‍්ඛතො විදිතං රූපං අනත‍්තතො විදිතං, යං යං විදිතං තං තං ඛමතීති විදිතත‍්තා පඤ‍්ඤා ඛන‍්තිඤාණං. වෙදනා -පෙ- සඤ‍්ඤා - සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං -පෙ- ජරාමරණං අනිච‍්චතො විදිතං, ජරාමරණං දුක‍්ඛතො විදිතං, ජරාමරණං අනත‍්තතො විදිතං, යං යං විදිතං තං තං ඛමතීති විදිතත‍්තා පඤ‍්ඤා ඛන‍්තිඤාණං.
රූපය අනිත්‍ය විසින් (අනිත්‍යානුදර්‍ශනයෙන්) දන්නාලද යැ. රූපය දුඃඛ විසින් (දුඃඛානුදර්‍ශනයෙන්) දන්නාලද යැ. රූපය අනාත්ම විසින් (අනාත්මානුදර්‍ශනයෙන්) දන්නාලද යැ. යම් රූපයෙක් (අනිත්‍යාදි විසින්) දන්නාලද ද ඒ ඒ (රූපය අනිත්‍යාදි විසින්) රිසි වේ නු යි විදිතභාවයෙන් පැවැති ප්‍රඥාව ක්‍ෂාන්තිඥාන නම් වෙයි. වේදනාව ... සංඥාව - සංස්කාරයෝ - විඥානය - චක්‍ෂුස ... ජරාමරණය අනිත්‍ය විසින් දන්නාලද යැ. ජරාමරණය දුඃඛ විසින් දන්නාලද යැ. ජරාමරණය අනාත්ම විසින් දන්නාලද යැ. යම් යම් ජරාමරණයෙක් (අනිත්‍යාදි විසින්) දන්නාලද ද ඒ ඒ ජරාමරණය (අනිත්‍යාදි විසින්) රිසි වේ නු යි විදිතභාවයෙන් පැවැති ප්‍රඥාව ක්‍ෂාන්තිඥාන නම් වේ.
තං ඤාතට‍්ඨෙන ඤාණං, පජානනට‍්ඨෙන පඤ‍්ඤා. තෙන වුච‍්චති: ‘විදිතත‍්තා පඤ‍්ඤා ඛන‍්තිඤාණෙ’.
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘විදිත්තා පඤ්ඤා ඛන්තිඤාණං’ යි.
ඛන‍්තිඤාණනිද‍්දෙසො
ක්‍ෂාන්තිඥානනිර්දේශ යි.