41-42. ඛන්තිඤාණපරියොගාහණඤාණනිද්දෙසවණ්ණනා අට්ඨකථා
41-42. ඛන්තිඤාණපරියොගාහණඤාණනිද්දෙසවණ්ණනා
41-42. ක්ෂාන්ති ඤාණ පරියොගාහන ඤාණ නිර්දේශ වර්ණනා
ඛන්තිඤාණපරියොගාහණඤාණනිද්දෙසෙසු රූපං අනිච්චතො විදිතන්ති අනිච්චානුපස්සනාය අනිච්චන්ති ඤාතං. රූපං දුක්ඛතො විදිතන්ති දුක්ඛානුපස්සනාය දුක්ඛන්ති ඤාතං. රූපං අනත්තතො විදිතන්ති අනත්තානුපස්සනාය අනත්තාති ඤාතං. යං යං විදිතං, තං තං ඛමතීති යං යං රූපං අනිච්චාදිතො විදිතං, තං තං රූපං අනිච්චාදිතො ඛමති රුච්චති. “රූපං අනිච්චතො විදිතං, යං යං විදිතං, තං තං ඛමතී”ති විසුං විසුඤ්ච කත්වා කෙසුචි පොත්ථකෙසු ලිඛිතං. “වෙදනා සඤ්ඤා සඞ්ඛාරා අනිච්චතො විදිතා”තිආදිනා ලිඞ්ගවචනානි පරිවත්තෙත්වා යොජෙතබ්බානි. ඵුසතීති විපස්සනාඤාණඵුසනෙන ඵුසති ඵරති. පරියොගහතීති විපස්සනාඤාණෙන පවිසති. පරියොගාහතීතිපි පාඨො.
ක්ෂාන්ති ඤාණ හාත්පසින් බැසගන්නා වූ ඤාණ නිර්දේශයන්හි, රූපං අනිච්චතො විදිතං යනු අනිත්යානුපස්සනාවෙන් අනිත්‍යයයි දන්නා ලද්දේ, රූපං දුක්ඛතො විදිතං යනු දුක්ඛානුපස්සනාවෙන් දුකයයි දන්නා ලද්දේ, රූපං අනත්තතො විදිතං යනු අනාත්මානුපස්සනාවෙන් අනාත්ම යයි දන්නා ලද්දේ, යං යං විදිතං තං තං ඛමති යනු යම් යම් රූපයක් අනිත්‍යාදී වශයෙන් දන්නා ලද්දේද, ඒ ඒ රූපය අනිත්‍යාදී වශයෙන් ඉවසයි. රුචි වේ. රූපය අනිත්‍ය වශයෙන් දන්නා ලද්දේ, යම් යම් දැයක් දන්නා ලද්දේද? ඒ ඒ දෑ ඉවසයි යයි වෙන් වෙන්කොට සමහර පොත්වල ලියන ලදි. වේදනා, සංඥා, සංස්කාර, අනිත්‍ය වශයෙන් දන්නා ලද්දේයයි ලිංග වචන, පෙරළා යෙදිය යුත්තාහ. ඵුසති යනු විදර්ශනා ඤාණ ස්පර්ශයෙන් ස්පර්ශ කරයි. පැතිරේ. පරියොගහති යනු විදර්ශනා ඤාණයෙන් පිවිසේ. පරියොගාහතියිද පාඨයි.
ඛන්තිඤාණපරියොගාහණඤාණනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
ක්ෂාන්ති ඤාණ පරියොගාහන ඤාණ නිර්දේශ වර්ණනා නිමි.