යෙදුමෙන් කියවන්න

43. පදෙසවිහාරඤාණනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

43. පදෙසවිහාරඤාණනිද‍්දෙසවණ‍්ණනා

43. ප්‍රදේශ විහාර ඤාණ නිර්දේශ වර්ණනාව

පදෙසවිහාරඤාණනිද‍්දෙසෙ යෙනාකාරෙන මාතිකාය උද‍්දිට‍්ඨො පදෙසො පච‍්චවෙක‍්ඛිතබ‍්බො, තං දස‍්සෙන‍්තො මිච‍්ඡාදිට‍්ඨිපච‍්චයාපි වෙදයිතන‍්තිආදිමාහ. තත්‍ථ මිච‍්ඡාදිට‍්ඨිපච‍්චයාති දිට‍්ඨිසම‍්පයුත‍්තවෙදනාපි වට‍්ටති දිට‍්ඨිං උපනිස‍්සයං කත්‍වා උප‍්පන‍්නා කුසලාකුසලවෙදනාපි විපාකවෙදනාපි. තත්‍ථ මිච‍්ඡාදිට‍්ඨිසම‍්පයුත‍්තා අකුසලාව හොති, දිට‍්ඨිං පන උපනිස‍්සාය කුසලාපි උප‍්පජ‍්ජන‍්ති අකුසලාපි. මිච‍්ඡාදිට‍්ඨිකා හි දිට‍්ඨිං උපනිස‍්සාය පක‍්ඛදිවසෙසු යාගුභත‍්තාදීනි දෙන‍්ති, අන්‍ධකුට‍්ඨිආදීනං වත‍්තං පට‍්ඨපෙන‍්ති, චතුමහාපථෙ සාලං කරොන‍්ති, පොක‍්ඛරණිං ඛණාපෙන‍්ති, පුප‍්ඵාරාමං ඵලාරාමං රොපෙන‍්ති, නදීවිදුග‍්ගෙසු සෙතුං අත්‍ථරන‍්ති, විසමං සමං කරොන‍්ති. ඉති තෙසං කුසලා වෙදනා උප‍්පජ‍්ජති. මිච‍්ඡාදිට‍්ඨිං පන නිස‍්සාය සම‍්මාදිට‍්ඨිකෙ අක‍්කොසන‍්ති පරිභාසන‍්ති වධබන්‍ධාදීනි කරොන‍්ති, පාණං වධිත්‍වා දෙවතානං උපහරන‍්ති. ඉති නෙසං අකුසලා වෙදනා උප‍්පජ‍්ජති. විපාකවෙදනා පන භවන‍්තරගතානං හොති. සා පන මිච‍්ඡාදිට‍්ඨි සහජාතාය වෙදනාය සහජාතඅඤ‍්ඤමඤ‍්ඤනිස‍්සයසම‍්පයුත‍්තඅත්‍ථිඅවිගතපච‍්චයෙහි පච‍්චයො හොති, සමනන‍්තරනිරුද‍්ධා මිච‍්ඡාදිට‍්ඨි පච‍්චුප‍්පන‍්නමිච‍්ඡාදිට‍්ඨිසම‍්පයුත‍්තාය වෙදනාය අනන‍්තරසමනන‍්තරූපනිස‍්සයආසෙවනනත්‍ථිවිගතපච‍්චයෙහි පච‍්චයො හොති, මිච‍්ඡාදිට‍්ඨිං ගරුං කත්‍වා අභිනන්‍දන‍්තස‍්ස ලොභසහගතවෙදනාය ආරම‍්මණආරම‍්මණාධිපතිආරම‍්මණූපනිස‍්සයපච‍්චයෙහි පච‍්චයො හොති, සබ‍්බාකුසලෙහි මිච‍්ඡාදිට‍්ඨිං ආරම‍්මණමත‍්තං කරොන‍්තස‍්ස සබ‍්බාකුසලවෙදනාය මිච‍්ඡාදිට‍්ඨිං පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස විපස‍්සන‍්තස‍්ස කුසලාබ්‍යාකතවෙදනාය ආරම‍්මණපච‍්චයෙන පච‍්චයො හොති, මිච‍්ඡාදිට‍්ඨිපච‍්චයෙන උප‍්පජ‍්ජමානානං කුසලාකුසලවෙදනානං භවන‍්තරෙ විපාකවෙදනානඤ‍්ච උපනිස‍්සයපච‍්චයෙන පච‍්චයො හොති.

ප්‍රදේශ විහාර ඤාණ නිර්දේශයෙහි, යම් ආකාරයකින් මාතෘකාවෙහි උදෙසන ලද, ප්‍රදේශය ප්‍රත්‍යවේක්‍ෂා කටයුතුද? එය දක්වන්නේ ‘මිථ්‍යා දෘෂ්ටි ප්‍රත්‍යයෙන්ද විඳීම’ යැයි ආදිය වදාළහ. එහි - මිච්ඡාදිට්ඨි පච්චයා යනු දෘෂ්ටි සම්ප්‍රයුක්ත වේදනාවද වටී. දෘෂ්ටිය උපනිශ්‍රයකොට උපන් කුසල් අකුසල් වේදනාද විපාක වේදනාද, එහි මිථ්‍යා දෘෂ්ටි සම්ප්‍රයුක්ත අකුසලම වේ. දෘෂ්ටිය උපනිශ්‍රයකොට කුසල්ද අකුසල්ද උපදී. මිථ්‍යාදෘෂ්ටිකයෝ දෘෂ්ටිය උපනිශ්‍රයකොට කාලපක්‍ෂ, ශුක්ල පක්‍ෂ දිනයන්හි කැඳබත් ආදිය දෙති. අන්ධ, කුෂ්ට ආදීන්ට වැටුප් පිහිටුවති. සිව්මංසල්හි විශ්‍රාමශාලා කරති. පොකුණු හාරති. පුෂ්පාරාම ඵලාරාම රෝපණය කරති. ගංගා දුර්ගම ස්ථානයන්හි ඒදඬු අතුරති. විසම ස්ථාන සම කරති. මෙසේ ඔවුන්ට කුසල වේදනා උපදී. මිථ්‍යා දෘෂ්ටිය නිසා සම්‍යක් දෘෂ්ටිකයන්ට අක්‍රෝශ කරති. පරිභව කරති. වධබන්ධනාදිය කරති. ප්‍රාණීන් මරා දේවතාවුන්ට එළවති. මෙසේ ඔවුන්ට අකුසල් වේදනා උපදී. භවන්තරගත වූවන්ට විපාක වේදනා වෙයි. ඒ මිථ්‍යාදෘෂ්ටිය සමග හටගත් වේදනාවට සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, සම්ප්‍රයුක්ත, අත්‍ථි, අවිගත ප්‍රත්‍යයන්ගෙන් ප්‍රත්‍යය වෙයි. සමනන්තර නිරුද්ධ මිථ්‍යා දෘෂ්ටිය වර්තමාන මිථ්‍යා දෘෂ්ටි සම්ප්‍රයුක්ත වේදනාවට, අනන්තර, සමනන්තර උපනිශ්‍රය, ආසේවන, නත්‍ථි, විගත යන ප්‍රත්‍යයන්ගෙන් ප්‍රත්‍යය වෙයි. මිථ්‍යා දෘෂ්ටිය ගරුකොට සතුටුවන්නහුගේ ලෝභ සහගත වේදනාවට, ආරම්මණ අධිපති, ආරම්මණ උපනිශ්‍රය ප්‍රත්‍යයන්ගෙන් ප්‍රත්‍යය වෙයි. සියලු අකුසලයන්හි, මිථ්‍යා දෘස්ටි ආරම්මණ මාත්‍රය කරන්නහුට, සියලු අකුසල් වේදනාවෙහි, මිථ්‍යාදෘෂ්ටිය, ප්‍රත්‍යවේක්‍ෂා කරමින්, විදර්ශනා කරන්නහුට, කුසලාව්‍යාකෘත වේදනා වශයෙන් ආරම්මණ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ. මිථ්‍යාදෘෂ්ටි හේතුවෙන් උපදින්නා වූ කුසලාකුසල වේදනාවන්ට භවන්තර විපාක වේදනාවන්ට උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ.

මිච‍්ඡාදිට‍්ඨිවූපසමපච‍්චයාති මිච‍්ඡාදිට‍්ඨිවූපසමො නාම සම‍්මාදිට‍්ඨි, තස‍්මා යං සම‍්මාදිට‍්ඨිපච‍්චයා වෙදයිතං වුත‍්තං, තදෙව “මිච‍්ඡාදිට‍්ඨිවූපසමපච‍්චයා”ති වෙදිතබ‍්බං. කෙචි පන “මිච‍්ඡාදිට‍්ඨිවූපසමො නාම විපස‍්සනාක‍්ඛණෙ සොතාපත‍්තිමග‍්ගක‍්ඛණෙ චා”ති වදන‍්ති.

මිච්ඡාදිට්ඨි වූපසම පච්චයා යනු මිථ්‍යාදෘෂ්ටි සන්සිඳීම නම් සම්‍යක් දෘෂ්ටියයි. සම්‍යග් දෘෂ්ටි ප්‍රත්‍යයෙන් යම් විඳීමක් කියන ලද්දේද? එයම මිථ්‍යාදෘෂ්ටි සන්සිඳීම් ප්‍රත්‍යයයි දතයුතුය. සමහරු වනාහි මිථ්‍යා දෘෂ්ටි සන්සිඳීම නම් විදර්ශනා ක්‍ෂණයෙහි සෝවාන් ඵලක්‍ෂණයෙහි යයි කියති.

සම‍්මාදිට‍්ඨිපච‍්චයාපි වෙදයිතන‍්ති එත්‍ථාපි සම‍්මාදිට‍්ඨිසම‍්පයුත‍්තවෙදනාපි වට‍්ටති සම‍්මාදිට‍්ඨිං උපනිස‍්සයං කත්‍වා උප‍්පන‍්නා කුසලාකුසලවෙදනාපි විපාකවෙදනාපි. තත්‍ථ සම‍්මාදිට‍්ඨිසම‍්පයුත‍්තා කුසලාව හොති, සම‍්මාදිට‍්ඨිං පන උපනිස‍්සාය බුද‍්ධපූජා දීපමාලාරොපනං මහාධම‍්මස‍්සවනං අප‍්පතිට‍්ඨිතෙ දිසාභාගෙ චෙතියපතිට‍්ඨාපනන‍්ති එවමාදීනි පුඤ‍්ඤානි කරොන‍්ති. ඉති නෙසං කුසලා වෙදනා උප‍්පජ‍්ජති. සම‍්මාදිට‍්ඨිමෙව නිස‍්සාය මිච‍්ඡාදිට‍්ඨිකෙ අක‍්කොසන‍්ති පරිභාසන‍්ති, අත‍්තානං උක‍්කංසන‍්ති, පරං වම‍්භෙන‍්ති. ඉති නෙසං අකුසලා වෙදනා උප‍්පජ‍්ජති. විපාකවෙදනා පන භවන‍්තරගතානංයෙව හොති. සා පන සම‍්මාදිට‍්ඨි සහජාතාය සමනන‍්තරනිරුද‍්ධාය පච‍්චුප‍්පන‍්නාය වෙදනාය මිච‍්ඡාදිට‍්ඨියා වුත‍්තපච‍්චයෙහෙව පච‍්චයො හොති, ලොකිකසම‍්මාදිට‍්ඨි පච‍්චවෙක‍්ඛණසම‍්පයුත‍්තාය විපස‍්සනාසම‍්පයුත‍්තාය නිකන‍්තිසම‍්පයුත‍්තාය ච වෙදනාය ආරම‍්මණපච‍්චයෙන පච‍්චයො හොති, මිච‍්ඡාදිට‍්ඨියා වුත‍්තනයෙනෙව උපනිස‍්සයපච‍්චයෙන පච‍්චයො හොති, මග‍්ගඵලසම‍්මාදිට‍්ඨි පච‍්චවෙක‍්ඛණසම‍්පයුත‍්තාය වෙදනාය ආරම‍්මණආරම‍්මණාධිපතිආරම‍්මණූපනිස‍්සයපච‍්චයවසෙන පච‍්චයො හොති.

සම්මා දිට්ඨි පච්චයාපි වෙදයිතං යනු මෙහිද සම්‍යග් දෘෂ්ටි සම්ප්‍රයුක්ත වේදනාවද සුදුසුය. සම්‍යක් දෘෂ්ටිය උපනිශ්‍රයකොට උපන් කුසලාකුසල වේදනාවද, විපාක වේදනාවද වේ. එහි සම්‍යග් දෘෂ්ටි සම්ප්‍රයුක්ත වූවාහු කුසල්ම වේ. සම්‍යග් දෘෂ්ටිය උපනිශ්‍රයකොට, බුද්ධපූජා, පහන් පූජා, මල් රෝපණ, මහා ධර්මශ්‍රවණ, නොපිහිටි දිසාභාගයන්හි චෛත්‍යයන් පිහිටුවීමය යන මේ ආදී පින් කරත්. මෙසේ ඔවුන්ට කුසල වේදනා උපදී. සම්‍යග් දෘෂ්ටියම නිසා මිථ්‍යාදෘෂ්ටිකයින්ට අක්‍රොශ කරති. පරිභව කරති. තමා උසස්කොට සලකති. අනුන් පහත්කොට සලකති. මෙසේ ඔවුන්ට අකුසල් වේදනා උපදියි. විපාක වේදනා භවන්තරගත වූවන්ටම වෙයි. එම සම්‍යග් දෘෂ්ටිය සමග හටගත්, සමනන්තර නිරුද්ධ වූ, වර්තමාන වේදනාවට, මිථ්‍යාදෘෂ්ටියෙහි කියන ලද ප්‍රත්‍යයන්ගෙන් ප්‍රත්‍යය වන්නේය. ලෞකික සම්‍යග් දෘෂ්ටිය ප්‍රත්‍යවේක්‍ෂණ සම්ප්‍රයුක්ත, විදර්ශනා සම්ප්‍රයුක්ත නිකන්ති සම්ප්‍රයුක්ත වේදනාවට ආරම්මණ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ. මිථ්‍යා දෘෂ්ටියට කියන ලද අයුරින්ම උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ. මාර්ගඵල සම්‍යග් දෘෂ්ටි ප්‍රත්‍යවේක්‍ෂණ සම්ප්‍රයුක්ත වේදනාවට, ආරම්මණ, ආරම්මණාධිපති ආරම්මණ උපනිශ්‍රය ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ.

සම‍්මාදිට‍්ඨිවූපසමපච‍්චයාපි වෙදයිතන‍්ති සම‍්මාදිට‍්ඨිවූපසමො නාම මිච‍්ඡාදිට‍්ඨි, තස‍්මා යං මිච‍්ඡාදිට‍්ඨිපච‍්චයා වෙදයිතං වුත‍්තං, තදෙව “සම‍්මාදිට‍්ඨිවූපසමපච‍්චයා”ති වෙදිතබ‍්බං. මිච‍්ඡාසඞ‍්කප‍්පපච‍්චයා මිච‍්ඡාසඞ‍්කප‍්පවූපසමපච‍්චයාතිආදීසුපි එසෙව නයො. යස‍්ස යස‍්ස හි “වූපසමපච‍්චයා”ති වුච‍්චති, තස‍්ස තස‍්ස පටිපක‍්ඛධම‍්මපච‍්චයාව තං තං වෙදයිතං අධිප‍්පෙතං. මිච‍්ඡාඤාණාදීසු පන මිච‍්ඡාඤාණං නාම පාපකිරියාසු උපායචින‍්තා. අථ වා මිච‍්ඡාඤාණං මිච‍්ඡාපච‍්චවෙක‍්ඛණඤාණං. සම‍්මාඤාණං නාම විපස‍්සනාසම‍්මාදිට‍්ඨිං ලොකුත‍්තරසම‍්මාදිට‍්ඨිඤ‍්ච ඨපෙත්‍වා අවසෙසකුසලාබ්‍යාකතං ඤාණං. මිච‍්ඡාවිමුත‍්ති නාම පාපාධිමුත‍්තිතා. අථ වා අයාථාවවිමුත‍්ති අනිය්‍යානිකවිමුත‍්ති අවිමුත‍්තස‍්සෙව සතො විමුත‍්තිසඤ‍්ඤීති. සම‍්මාවිමුත‍්ති නාම කල්‍යාණාධිමුත‍්තිතා ඵලවිමුත‍්ති ච. සම‍්මාදිට‍්ඨිආදයො හෙට‍්ඨා වුත‍්තත්‍ථායෙව.

සම්මාදිට්ඨි වූපසම පච්චයාපි වෙදයිතං යනු සම්‍යග් දෘෂ්ටි සන්සිඳීම නම් මිථ්‍යා දෘෂ්ටියයි. එහෙයින් ඒ මිථ්‍යාදෘෂ්ටි ප්‍රත්‍යයෙන් විඳීමක් කියන ලදද? එයම සම්‍යග් දෘෂ්ටි සන්සිඳීම් ප්‍රත්‍යය යැයි දතයුතුයි. මිච්ඡා සංකප්ප පච්චයා මිච්ඡා සංකප්ප වූපසම පච්චයා යන ආදීන්හිද එම ක්‍රමයමැයි. යමකට, යමකට සන්සිඳීම් ප්‍රත්‍යයැයි කියනු ලැබේද? එයට ප්‍රතිපක්‍ෂ ධර්ම ප්‍රත්‍යයවම ඒ ඒ විඳීම අදහස් කරන ලදි. මිථ්‍යා ඤාණාදීන්හි වනාහි මිච්ඡා ඤාණ නම් පාපක්‍රියාවන්හි ක්‍රමෝපාය සිතීමයි නොහොත් මිථ්‍යා ඤාණය මිථ්‍යා ප්‍රත්‍යවේක්‍ෂා ඤාණයයි. සම්මා ඤාණං යනු විදර්ශනා සම්‍යග් දෘෂ්ටියද, ලෝකෝත්තර සම්‍යග් දෘෂ්ටියද හැර සෙසු කුසලාව්‍යාකෘත ඤාණයයි. මිච්ඡා විමුත්ති නම් පාප විමුක්තියයි. නොහොත් අනිසි විමුක්තිය, අනිර්යානික විමුක්තියයි. නොමිදුණේම වූයේ මිදුණු සංඥාවත් වූයේ, සම්මා විමුත්ති නම් කල්‍යාණාධිමුත්තිතායෙන් යුත් ඵල විමුක්තියයි. සම්‍යග් දෘෂ්ටි ආදීහු යට කියන ලද අර්ථමය.

ඡන්‍දපච‍්චයාපීතිආදීසු පන ඡන්‍දො නාම ලොභො, ඡන්‍දපච‍්චයා අට‍්ඨලොභසහගතචිත‍්තසම‍්පයුත‍්තවෙදනා වෙදිතබ‍්බා. ඡන්‍දවූපසමපච‍්චයා පඨමජ‍්ඣානවෙදනාව. විතක‍්කපච‍්චයා පඨමජ‍්ඣානවෙදනා. විතක‍්කවූපසමපච‍්චයා දුතියජ‍්ඣානවෙදනා. සඤ‍්ඤාපච‍්චයා ඨපෙත්‍වා පඨමජ‍්ඣානං සෙසා ඡ සමාපත‍්තිවෙදනා. සඤ‍්ඤාවූපසමපච‍්චයා නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනවෙදනා.

ඡන්‍දපච්චයාපි යනාදීන්හි ඡන්දය නම් ලෝභයයි. ඡන්ද ප්‍රත්‍යයෙන් අටවැදෑරුම් ලෝභ සහගත සිත හා සම්ප්‍රයුක්ත වේදනා දතයුත්තාහ. ඡන්දය සන්සිඳීම් ප්‍රත්‍යයෙන් ප්‍රථමධ්‍යාන වේදනාව වේ. විතර්ක ප්‍රත්‍යයෙන් ප්‍රථමධ්‍යාන වේදනාවද, විතර්ක සන්සිඳීම් ප්‍රත්‍යයෙන් ද්විතීය ධ්‍යාන වේදනාවද, ප්‍රථමධ්‍යානය හැර සෙසු ෂට් සමාපත්ති වේදනා සංඥා ප්‍රත්‍යයෙන් වේ. සංඥා සන්සිඳීම් ප්‍රත්‍යයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතන වේදනාව වේ.

ඡන්‍දො ච අවූපසන‍්තො හොතීතිආදීසු සචෙ ඡන්‍දවිතක‍්කසඤ‍්ඤා අවූපසන‍්තා හොන‍්තීති අත්‍ථො. තප‍්පච‍්චයාති සො ඡන්‍දවිතක‍්කසඤ‍්ඤානං අවූපසමො එව පච‍්චයො තප‍්පච‍්චයො, තස‍්මා තප‍්පච‍්චයා. ඡන්‍දවිතක‍්කසඤ‍්ඤාඅවූපසමපච‍්චයා වෙදනා හොතීති අත්‍ථො. සා අට‍්ඨලොභසහගතචිත‍්තසම‍්පයුත‍්තවෙදනා හොති. සචෙ ඡන්‍දො වූපසන‍්තො විතක‍්කසඤ‍්ඤා අවූපසන‍්තා. තප‍්පච‍්චයාති සො ඡන්‍දස‍්ස වූපසමො විතක‍්කසඤ‍්ඤානං අවූපසමො එව පච‍්චයො තප‍්පච‍්චයො, තස‍්මා තප‍්පච‍්චයා. සා පඨමජ‍්ඣානවෙදනාව. සචෙ ඡන්‍දවිතක‍්කා වූපසන‍්තා සඤ‍්ඤා අවූපසන‍්තා. තප‍්පච‍්චයාති සො ඡන්‍දවිතක‍්කානං වූපසමො සඤ‍්ඤාය අවූපසමො එව පච‍්චයො තප‍්පච‍්චයො, තස‍්මා තප‍්පච‍්චයා. සා දුතියජ‍්ඣානවෙදනාව. සචෙ ඡන්‍දවිතක‍්කසඤ‍්ඤා වූපසන‍්තා. තප‍්පච‍්චයාති සො ඡන්‍දවිතක‍්කසඤ‍්ඤානං වූපසමො එව පච‍්චයො තප‍්පච‍්චයො, තස‍්මා තප‍්පච‍්චයා. සා නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනවෙදනාව. කෙචි පන “ඡන්‍දො නාම අප‍්පනං පාපුණිස‍්සාමීති පුබ‍්බභාගෙ ධම‍්මච‍්ඡන්‍දො, අප‍්පනාප‍්පත‍්තස‍්ස සො ඡන්‍දො වූපසන‍්තො හොති. පඨමජ‍්ඣානෙ විතක‍්කො හොති, දුතියජ‍්ඣානප‍්පත‍්තස‍්ස විතක‍්කො වූපසන‍්තො හොති. සත‍්තසු සමාපත‍්තීසු සඤ‍්ඤා හොති, නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමාපන‍්නස‍්ස ච නිරොධං සමාපන‍්නස‍්ස ච සඤ‍්ඤා වූපසන‍්තා හොතී”ති එවං වණ‍්ණයන‍්ති. ඉධ පන නිරොධසමාපත‍්ති න යුජ‍්ජති. අප‍්පත‍්තස‍්ස පත‍්තියාති අරහත‍්තඵලස‍්ස පත‍්තත්‍ථාය. අත්‍ථි ආයවන‍්ති අත්‍ථි වීරියං. ආයාවන‍්තිපි පාඨො. තස‍්මිම‍්පි ඨානෙ අනුප‍්පත‍්තෙති තස‍්ස වීරියාරම‍්භස‍්ස වසෙන තස‍්මිං අරහත‍්තඵලස‍්ස කාරණෙ අරියමග‍්ගෙ අනුප‍්පත‍්තෙ . තප‍්පච‍්චයාපි වෙදයිතන‍්ති අරහත‍්තස‍්ස ඨානපච‍්චයා වෙදයිතං. එතෙන චතුමග‍්ගසහජාතා නිබ‍්බත‍්තිතලොකුත‍්තරවෙදනා ගහිතා. කෙචි පන “ආයවන‍්ති පටිපත‍්ති. තස‍්මිම‍්පි ඨානෙ අනුප‍්පත‍්තෙති තස‍්සා භූමියා පත‍්තියා”ති වණ‍්ණයන‍්ති.

ඡන්‍දොච අවුපසන්තො හොති ආදීන්හි ඡන්ද, විතර්ක සංඥා නොසන්සිඳුණේ වෙතියි අර්ථයි. තප්පච්චයා යනු ඡන්ද, විතර්ක සංඥාවන්ගේ නොසන්සුන් භාවයම ප්‍රත්‍යය වූයේ = තප්පච්චයොයි. එහෙයින් ඒ ප්‍රත්‍යයෙන්, ඡන්ද විතර්ක සංඥා නොසන්සිඳීම් හේතුයෙන් වේදනාවන් වෙතියි අර්ථයි. ඒ අෂ්ට ලෝභ සහගත සිත හා යෙදුණු වේදනා වන්නේය. ඉදින් ඡන්දය සන්සිඳුණේ විතර්ක සංඥා නොසන්සිඳුණාහු වෙති. ඒ හේතුයෙන් යයි යනු ඒ ඡන්දයාගේ සන්සිඳීම විතර්ක සංඥාවන්ගේ නොසන්සිඳීමම ප්‍රත්‍යය වූයේ තප්පච්චයොයි. එහෙයින් ඒ ප්‍රත්‍යයෙන්, එම ප්‍රථමධ්‍යාන වේදනාව වන්නේය. ඉදින් ඡන්ද විතර්ක සන්සිඳුණාහු, සංඥාව නොසන්සිඳුණාහු වෙත්ද? ඒ ප්‍රත්‍යයෙන් යයි යනු ඒ ඡන්ද විතර්කයන්ගේ සන්සිඳීම සංඥාවගේ නොසන්සිඳීමම ප්‍රත්‍යය වූයේ තප්පච්චයොයි. එහෙයින් ඒ හේතුවෙන් (ඒ කරුණෙන්) එම ද්විතීය ධ්‍යාන වේදනාව වන්නේය. ඉදින් ඡන්ද විතර්ක සංඥා සන්සිඳුණාහුද, ඒ ප්‍රත්‍යයෙනැයි ඒ ඡන්ද විතර්ක සංඥාවන්ගේ සන්සිඳීමම ප්‍රත්‍යය වූයේ තප්පච්චයොයි. එහෙයින් ඒ හේතුයෙන් එම නේවසඤ්ඤානාසඤ්ඤායතන වේදනාව වන්නේය. සමහරු වනාහි, ඡන්දය නම් අර්පණාවට පැමිණෙන්නෙමියි පූර්වභාග ධර්මච්ඡන්‍දයයි කියති. අර්පණාප්‍රාප්ත වූවහුට ඒ ඡන්දය සන්සිඳුණේ වේ. ප්‍රථමධ්‍යානයෙහිදී විතර්කය වෙයි. ද්විතීය ධ්‍යානයට පත්වූවහුගේ විතර්කය සන්සිඳුණේ වෙයි. සත් සමාපත්තීන්හි සංඥාව වෙයි (තිබේ) නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුගේද, නිරෝධයට සමවන්නහුගේද සංඥා සන්සිඳුණාහු වේයයි මෙසේ වර්ණනා කරති. මෙහි වනාහි නිරෝධ සමාපත්තිය නොයෙදේ. අප්පත්තස්ස පත්තියා යනු අර්හත් ඵලයට පැමිණීම සඳහා, අත්‍ථි ආසවං යනු වීර්යය ඇත. ආසාවන්ති යනුද පාඨයි. කසමිම්පි ඨානෙ අනුප්පත්තෙ යනු ඒ වීර්යාරම්භයාගේ වශයෙන් අර්හත් ඵල කාරණයෙහි, ආර්ය මාර්ගයෙහි පැමිණි, තප්පච්චයාපි වෙදයිතං යනු අර්හත්වයාගේ ස්ථිති ප්‍රත්‍යයෙන් විඳීම. එයින් සිව්මග සහජාතව නිපන් ලෝකෝත්තර වේදනාවන් ගන්නා ලදි. සමහරු වනාහි ගලා ඒනුයි ප්‍රතිපත්තිය යැයිද එතන්හිම පැමිණියේ යැයිද, එම භූමිප්‍රාප්ත වීම යැයිද වර්ණනා කරති.

පදෙසවිහාරඤාණනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

ප්‍රදේශ විහාර ඤාණ නිර්දේශ වර්ණනා නිමි.