යෙදුමෙන් කියවන්න

44-49. විවට‍්ටඤාණඡක‍්කනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

44-49. විවට‍්ටඤාණඡක‍්කනිද‍්දෙසවණ‍්ණනා

44-49. විවට්ට ඤාණ ඡක්ක නිර්දේශ වර්ණනාව

විවට‍්ටඤාණඡක‍්කනිද‍්දෙසෙ නෙක‍්ඛම‍්මාධිපතත‍්තා පඤ‍්ඤාති නෙක‍්ඛම‍්මං අධිකං කත්‍වා නෙක‍්ඛම‍්මාධිකභාවෙන පවත‍්තා පඤ‍්ඤා. කාමච‍්ඡන්‍දතො සඤ‍්ඤාය විවට‍්ටතීති නෙක‍්ඛම‍්මාධිපතිකතපඤ‍්ඤාසම‍්පයුත‍්තසඤ‍්ඤාය හෙතුභූතාය, කරණභූතාය වා කාමච‍්ඡන්‍දතො විවට‍්ටති පරාවත‍්තති, පරම‍්මුඛී හොතීති අත්‍ථො. එස නයො සෙසෙසු.

විවට්ට ඤාණ චක්‍ර නිර්දේශයෙහි, නෙක්ඛම්මාධිපවත්තා පඤ්ඤා යනු නෛෂ්ක්‍රම්‍ය අධික කොට, නෛෂ්ක්‍රම්‍ය අධික භාවයෙන් පවත්නා ප්‍රඥාව. කාමච්ඡන්‍දතො සඤ්ඤාය විවට්ටති යනු නෛෂ්ක්‍රම්‍යාධිපතිව කළ ප්‍රඥා සම්ප්‍රයුක්ත සංඥාවට හේතු වූ කරුණු වූ කාමච්ඡන්‍දයෙන් පෙරැලේ. පරාර්වර්තනය වේ. පරාම්මුඛ වේයයි අර්ථයි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි.

කාමච‍්ඡන්‍දො නානත‍්තන‍්ති කාමච‍්ඡන්‍දො සන‍්තවුත‍්තිතාය අභාවතො න එකසභාවො. නෙක‍්ඛම‍්මං එකත‍්තන‍්ති නෙක‍්ඛම‍්මං සන‍්තවුත‍්තිභාවතො එකසභාවො. නෙක‍්ඛම‍්මෙකත‍්තං චෙතයතොති කාමච‍්ඡන්‍දෙ ආදීනවදස‍්සනෙන නෙක‍්ඛම‍්මං පවත‍්තයතො. කාමච‍්ඡන්‍දතො චිත‍්තං විවට‍්ටතීති දිට‍්ඨාදීනවතො කාමච‍්ඡන්‍දතො නෙක‍්ඛම‍්මක‍්ඛණෙ චිත‍්තං විවට‍්ටති. එස නයො සෙසෙසු.

කාමච්ඡන්‍දො නානත්තං යනු කාමච්ඡන්‍දය ශාන්ත පැවතුම් නොමැති හෙයින්, ඒකස්වභාව නොවේ. නෙක්ඛම්මං එකත්තං යනු නෛෂ්ක්‍රම්‍යය ශාන්ත පැවතුම් ස්වභාව හෙයින් ඒකස්වභාවයැ. නෙක්ඛම්මෙකත්තං චෙතයතො යනු කාමච්ඡන්‍දයෙහි ආදීනව දර්ශනයෙන් නෛෂ්ක්‍රම්‍ය පවත්වන කල්හි කාමච්ඡන්‍දතො චිත්තං විවට්ටති යනු දිටි ආදීනව හෙයින් කාමච්ඡන්‍දයෙන්, නෛෂ්ක්‍රම්‍ය ක්‍ෂණයෙහි සිත පෙරැළේ. සෙස්සෙහිද එම ක්‍රමයමැයි.

කාමච‍්ඡන්‍දං පජහන‍්තොති නෙක‍්ඛම‍්මපවත‍්තික‍්ඛණෙ කාමච‍්ඡන්‍දං වික‍්ඛම‍්භනප‍්පහානෙන පජහන‍්තො. නෙක‍්ඛම‍්මවසෙන චිත‍්තං අධිට‍්ඨාතීති පටිලද‍්ධස‍්ස නෙක‍්ඛම‍්මස‍්ස වසෙන තංසම‍්පයුත‍්තචිත‍්තං අධිතිට‍්ඨති අධිකං කරොන‍්තො තිට‍්ඨති, පවත‍්තෙතීති අත්‍ථො. එස නයො සෙසෙසු.

කාමච්ඡන්‍දං පජහන්තො යනු නෛෂ්ක්‍රම්‍යය පැවැති ක්‍ෂණයෙහි කාමච්ඡන්‍දය විෂ්කම්භන ප්‍රහාණයෙන් දුරු කරනුයේ, නෙක්ඛම්ම වසෙන චිත්තං අධිට්ඨාති යනු ලද නෛෂ්ක්‍රම්‍යයාගේ වශයෙන් ඒ හා සම්ප්‍රයුක්ත සිත අධිකව සිටී. අධික කරමින් සිටියි. පවත්වයි යන අර්ථයි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි.

චක‍්ඛු සුඤ‍්ඤං අත‍්තෙන වාති බාලජනපරිකප‍්පිතස‍්ස කාරකවෙදකසඞ‍්ඛාතස‍්ස අත‍්තනො අභාවා චක‍්ඛු අත‍්තෙන ච සුඤ‍්ඤං. යඤ‍්හි යත්‍ථ න හොති, තෙන තං සුඤ‍්ඤං නාම හොති. අත‍්තනියෙන වාති අත‍්තනො අභාවෙනෙව අත‍්තනො සන‍්තකස‍්සපි අභාවා අත‍්තනො සන‍්තකෙන ච සුඤ‍්ඤං. ලොකස‍්ස අත‍්තාති ච අත‍්තනියන‍්ති ච උභයථා ගාහසම‍්භවතො තදුභයගාහපටිසෙධනත්‍ථං අත‍්තාභාවො ච අත‍්තනියාභාවො ච වුත‍්තො. නිච‍්චෙන වාති භඞ‍්ගං අතික‍්කමිත්‍වා තිට‍්ඨන‍්තස‍්ස කස‍්සචි අභාවතො නිච‍්චෙන ච සුඤ‍්ඤං. ධුවෙන වාති පවත‍්තික‍්ඛණෙපි ථිරස‍්ස කස‍්සචි අභාවතො ධුවෙන ච සුඤ‍්ඤං. සස‍්සතෙන වාති සබ‍්බකාලෙපි විජ‍්ජමානස‍්ස කස‍්සචි අභාවතො සස‍්සතෙන ච සුඤ‍්ඤං. අවිපරිණාමධම‍්මෙන වාති ජරාභඞ‍්ගවසෙන ද‍්විධා අපරිවත‍්තමානපකතිකස‍්ස කස‍්සචි අභාවතො අවිපරිණාමධම‍්මෙන ච සුඤ‍්ඤං. අථ වා නිච‍්චභාවෙන ච ධුවභාවෙන ච සස‍්සතභාවෙන ච අවිපරිණාමධම‍්මභාවෙන ච සුඤ‍්ඤන‍්ති අත්‍ථො. සමුච‍්චයත්‍ථො වා-සද‍්දො. යථාභූතං ජානතො පස‍්සතොති ඉච‍්චෙවං අනත‍්තානුපස‍්සනාඤාණෙන යථාසභාවෙන ජානන‍්තස‍්ස චක‍්ඛුනා විය ච පස‍්සන‍්තස‍්ස. චක‍්ඛාභිනිවෙසතො ඤාණං විවට‍්ටතීති චක‍්ඛු අත‍්තාති වා අත‍්තනියන‍්ති වා පවත‍්තමානතො දිට‍්ඨාභිනිවෙසතො තදඞ‍්ගප‍්පහානවසෙන ඤාණං විවට‍්ටති. එස නයො සෙසෙසු.

චක්ඛු සුඤ්ඤං අත්‍ථෙන වා යනු අඥාන ජනයා විසින් පරිකල්පිත, කාරක, වේදක සංඛයාත ආත්මයෙහි අභාවය හෙයින් චක්‍ෂුස ආත්මයෙන් ශූන්‍යයි. යමක් යම්තැනක නොවේද? එහෙයින් එය ශූන්‍ය නම් වේ. අත්තනියෙනවා යනු තමාගේ ස්වභාවයෙන්ම තමා සතු කිසියම් දැයක අභාවයෙන් තම සන්තකයෙන්ද ශූන්‍යය. ලෝකයාගේ ආත්මය කියා හෝ ආත්මනීය යයි යන දෙයාකාරයෙන් ග්‍රහණය නොයෙදෙන හෙයින්, ඒ දෙවදෑරුම් ග්‍රහණ වැළැක්වීම සඳහා ආත්ම අභාවයද, ආත්මනීය අභාවයද යූ.සේයි. නිච්චෙන වා යනු භංගය ඉක්මවා සිටියහුට කිසිවක් නොමැති හෙයින් නිත්‍යතායෙන් ශූන්‍යයි. ධුවෙනවා යනු ප්‍රවෘත්ති ක්‍ෂණයෙහිද, තිර කිසිදැයක අභාවය හෙයින් සැමදා පවත්නා බවින් ශූන්‍යයි. අවිපරිණාම ධම්මෙනවා යනු ජරා භංග නොපෙරළෙනු ලබන ස්වභාව සහිත කිසිදැයක අභාවය හෙයින් නොවෙස්වන ස්වභාවයෙන්ද ශූන්‍යයි. නොහොත් නිත්‍ය භාවයෙන්ද, තිර භාවයෙන්ද ශාස්වත භාවයෙන්ද, නොවෙනස්වන ස්වභාවයෙන්ද ශූන්‍යයයි අර්ථයි. වා ශබ්දය එක්කිරීම් අර්ථයෙහිය. යථාභූතං ජානතො පස්සතො යනු මෙසේ මේ අනාත්මතාවයි. නැවත නැවත බැලීම් ඤාණයෙන් යථා ස්වභාවයෙන් දැනගන්නහුට, ඇසින් විසමව බලන්නහුට, චක්ඛාභිනිවෙසතො ඤාණං විවට්ටති යනු චක්‍ෂුස ආත්මයයි හෝ ආත්මයට අයත්යයි හෝ පවත්නා දෘෂ්ටිය තදින් ගන්නා ස්වභාවයෙන්, තදංග ප්‍රහාණ වශයෙන් ඤාණය පෙරැළේ. සෙස්සෙහිද එම ක්‍රමයමැයි.

නෙක‍්ඛම‍්මෙන කාමච‍්ඡන්‍දං වොසජ‍්ජතීති නෙක‍්ඛම‍්මලාභී පුග‍්ගලො නෙක‍්ඛම‍්මෙන තප‍්පටිපක‍්ඛං කාමච‍්ඡන්‍දං පරිච‍්චජති. වොසග‍්ගෙ පඤ‍්ඤාති කාමච‍්ඡන්‍දස‍්ස වොසග‍්ගභූතෙ නෙක‍්ඛම‍්මෙ තංසම‍්පයුත‍්තා පඤ‍්ඤා. එස නයො සෙසෙසු. පීළනට‍්ඨාදයො හෙට‍්ඨා වුත‍්තත්‍ථා එව. පරිජානන‍්තො විවට‍්ටතීති පුග‍්ගලාධිට‍්ඨානා දෙසනා, මග‍්ගසමඞ‍්ගීපුග‍්ගලො දුක‍්ඛස‍්ස චතුබ‍්බිධං අත්‍ථං කිච‍්චවසෙන පරිජානන‍්තො දුභතො වුට‍්ඨානවසෙන විවට‍්ටති, ඤාණවිවට‍්ටනෙපි ඤාණසමඞ‍්ගී විවට‍්ටතීති වුත‍්තො.

නෙක්ඛම්මෙන කාමච්ඡන්‍දං වොස්සජ්ජති යනු නෛෂ්ක්‍රම්‍යලාභී පුද්ගලයා නෛෂ්ක්‍රම්‍යයෙන් එයට ප්‍රතිපක්‍ෂ කාමච්ඡන්‍දය අත්හරියි. වොස්සග්ගෙ පඤ්ඤා යනු කාමච්ඡන්‍දයෙහි අත්හැරීම් ස්වභාවය වූ නෛෂ්ක්‍රම්‍යයෙහි ඒ හා සම්ප්‍රයුක්ත ප්‍රඥාවයි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි. පීළනාර්ථාදීහු යට කියන ලද අර්ථයමය. පරිජානන්තො විවට්ටති යනු පුද්ගලාධිෂ්ඨාන දේශනාවයි. මාර්ගයුක්ත පුද්ගලයා දුකෙහි සිව් ආකාර අර්ථය කෘත්‍යය වශයෙන් විශේෂයෙන් දන්නේ දෙයාකාරයෙන් නැගිටීම් වශයෙන් පෙරැළේ. ඤාණ පෙරැළීමෙන්ද ඤාණයුක්තහු පෙරැළේ යයි යූ.සේයි.

තථට‍්ඨෙ පඤ‍්ඤාති එතස‍්ස පුග‍්ගලස‍්සෙව තථට‍්ඨෙ විවට‍්ටනා පඤ‍්ඤා. එස නයො සෙසෙසු. ඉදානි මග‍්ගක‍්ඛණෙ එව කිච‍්චවසෙන ආකාරනානත‍්තතො ඡ විවට‍්ටඤාණානි දස‍්සෙතුං සඤ‍්ඤාවිවට‍්ටොතිආදිමාතිකං ඨපෙත්‍වා තං අත්‍ථතො විභජන‍්තො සඤ‍්ජානන‍්තො විවට‍්ටතීතිආදිමාහ. තත්‍ථ සඤ‍්ජානන‍්තො විවට‍්ටතීති සඤ‍්ඤාවිවට‍්ටොති යස‍්මා පුබ‍්බභාගෙ නෙක‍්ඛම‍්මාදිං අධිපතිතො සඤ‍්ජානන‍්තො යොගී පච‍්ඡා නෙක‍්ඛම‍්මසම‍්පයුත‍්තඤාණෙන කාමච‍්ඡන්‍දාදිතො විවට‍්ටති, තස‍්මා තං ඤාණං සඤ‍්ඤාවිවට‍්ටො නාමාති අත්‍ථො. චෙතයන‍්තො විවට‍්ටතීති චෙතොවිවට‍්ටොති යස‍්මා යොගී නෙක‍්ඛම‍්මෙකත‍්තාදීනි චෙතයන‍්තො සම‍්පයුත‍්තඤාණෙන කාමච‍්ඡන්‍දාදිතො විවට‍්ටති, තස‍්මා තං ඤාණං චෙතොවිවට‍්ටො නාමාති අත්‍ථො. විජානන‍්තො විවට‍්ටතීති චිත‍්තවිවට‍්ටොති යස‍්මා යොගී නෙක‍්ඛම‍්මාදිවසෙන චිත‍්තාධිට‍්ඨානෙන විජානන‍්තො තංසම‍්පයුත‍්තඤාණෙන කාමච‍්ඡන්‍දාදිතො විවට‍්ටති, තස‍්මා තං ඤාණං චිත‍්තවිවට‍්ටො නාමාති අත්‍ථො. ඤාණං කරොන‍්තො විවට‍්ටතීති ඤාණවිවට‍්ටොති යස‍්මා යොගී ඡබ‍්බිධං අජ‍්ඣත‍්තිකායතනං අනත‍්තානුපස‍්සනාඤාණෙන සුඤ‍්ඤතො විදිතං කරොන‍්තො තෙනෙව ඤාණෙන දිට‍්ඨාභිනිවෙසතො විවට‍්ටති, තස‍්මා තං ඤාණං ඤාණවිවට‍්ටො නාමාති අත්‍ථො. වොසජ‍්ජන‍්තො විවට‍්ටතීති විමොක‍්ඛවිවට‍්ටොති යස‍්මා යොගී නෙක‍්ඛම‍්මාදීහි කාමච‍්ඡන්‍දාදීනි වොසජ‍්ජන‍්තො තංසම‍්පයුත‍්තඤාණෙන කාමච‍්ඡන්‍දාදිතො විවට‍්ටති, තස‍්මා තං ඤාණං විමොක‍්ඛවිවට‍්ටො නාමාති අත්‍ථො. තථට‍්ඨෙ විවට‍්ටතීති සච‍්චවිවට‍්ටොති යස‍්මා යොගී චතුබ‍්බිධෙ තථට‍්ඨෙ දුභතො වුට‍්ඨානවසෙන විවට‍්ටති, තස‍්මා මග‍්ගඤාණං සච‍්චවිවට‍්ටො නාමාති අත්‍ථො. මග‍්ගඤාණමෙව වා තථට‍්ඨෙ දුභතො වුට‍්ඨානභාවෙන විවට‍්ටතීති සච‍්චවිවට‍්ටොති අත්‍ථො.

තථට්ඨෙ පඤ්ඤා යනු එම පුද්ගලයාගේම සත්‍යාර්ථයෙහි පෙරැළීම් ප්‍රඥාවයි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි. දැන් මාර්ගක්‍ෂණයෙහිම කෘත්‍ය වශයෙන්, ආකාර නානත්‍ව වශයෙන් ෂට් පෙරැළීම් ඤාණයන් දක්වන්ට සඤ්ඤා විවට්ට යැයි ආදී මාතෘකා තබා එය අර්ථ වශයෙන් මනාව බෙදන්නේ හඳුනන්නේ පෙරැළේ යයි ආදිය වදාළහ. එහි සඤ්ජානන්තො විවට්ටතීති = සඤ්ඤාවිවට්ටොයි යම් හෙයකින් යෝගියා පූර්වභාග නෛෂ්ක්‍රම්‍යාදිය ප්‍රධානත්වයෙන් හදුනන්නේ පසුව නෛෂ්ක්‍රම්‍ය සම්ප්‍රයුක්ත ඤාණයෙන් කාමච්ඡන්‍දාදීන්ගෙන් පෙරැළේ. එහෙයින් ඒ ඤාණය සංඥා විවට්ට නමැයි අර්ථයි. චෙතයන්තො විවට්ටතීති = චෙතොවිවට්ටො යම් හෙයකින් යෝගියා නෛෂ්ක්‍රම්‍යයෙහි ඒකත්‍වාදීන් සිතන්නේ ඒ හා සම්ප්‍රයුක්ත ඤාණයෙන් කාමච්ඡන්‍දාදීන්ගෙන් පෙරැළේ. එහෙයින් ඒ ඤාණය චෙතො විවට්ට නමැයි අර්ථයි. විජානන්තො විවට්ටතීති = චිත්ත විවට්ටො යනු යම්හෙයකින් යෝගියා නෛෂ්ක්‍රම්‍යාදී වශයෙන් සිතෙහි අධිෂ්ඨානයෙන් මනාව දන්නේ ඒ හා සම්ප්‍රයුක්ත ඤාණයෙන් පෙරැළේ. එහෙයින් ඒ ඤාණය චිත්ත විවට්ට නමැයි අර්ථයි. ඤාණං කරොන්තො විවට්ටතීති = ඤාණවිවට්ටො යෝගියා සවැදෑරුම් ආධ්‍යාත්මිකායතන අනාත්මානුපස්සනා ඤාණයෙන් ශූන්‍යතාකාරයෙන් තමා දැනුවත් කරන්නේ, එම ඤාණයෙන්ම දෘෂ්ටි වශයෙන් තදින් එල්බ ගැනීමෙන් පරාවර්තනය කෙරේ. එහෙයින් එම ඤාණය ඥාන විවර්ත නමැයි අර්ථයි. වොස්සජන්තො විවට්ටතීති විමොක්ඛ විවට්ටො යනු යෝගියා නෛෂ්ක්‍රම්‍යාදීන්ගෙන් කාමච්ඡන්‍දාදීන් අත්හරින්නේ ඒ හා යෙදුණු ඤාණයෙන් කාමච්ඡන්‍දයෙන් පෙරැළේ. එහෙයින් එම ඤාණය විමොක්ඛ විවට්ට නමැයි අර්ථයි. තථට්ඨෙ විවට්ටතීති සච්චවිවට්ටො යනු යෝගියා සිව්ආකාර සත්‍යාර්ථයෙහි දෙඅයුරින් නැගිටීම් වශයෙන් පෙරැළේ. එහෙයින් මාර්ග ඥානය සත්‍ය විවර්ත නමැයි අර්ථයි. මාර්ග ඤාණයම චිත්තාර්ථයෙහි දෙඅයුරින් නැගිටීම් භාවයෙන් පෙරැළේනුයි සත්‍ය විවර්තයි අර්ථයි.

යත්‍ථ සඤ‍්ඤාවිවට‍්ටොතිආදි සච‍්චවිවට‍්ටඤාණනිද‍්දෙසෙ වුත‍්තත‍්තා සච‍්චවිවට‍්ටඤාණක‍්ඛණමෙව සන්‍ධාය වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. මග‍්ගක‍්ඛණෙයෙව හි සබ‍්බානි යුජ‍්ජන‍්ති. කථං? ඤාණවිවට‍්ටෙ ඤාණඤ‍්හි වජ‍්ජෙත්‍වා සෙසෙසු අරියමග‍්ගො සරූපෙනෙව ආගතො. විපස‍්සනාකිච‍්චස‍්ස පන මග‍්ගෙනෙව සිජ‍්ඣනතො විපස‍්සනාකිච‍්චසිද‍්ධිවසෙන ඤාණවිවට‍්ටඤාණම‍්පි මග‍්ගක‍්ඛණෙ යුජ‍්ජති. මග‍්ගඤාණෙනෙව වා “චක‍්ඛු සුඤ‍්ඤ”න‍්තිආදි කිච‍්චවසෙන පටිවිද‍්ධමෙව හොතීති මග‍්ගක‍්ඛණෙ තං ඤාණං වත‍්තුං යුජ‍්ජතියෙව. අත්‍ථයොජනා පනෙත්‍ථ “යත්‍ථ මග‍්ගක‍්ඛණෙ සඤ‍්ඤාවිවට‍්ටො, තත්‍ථ චෙතොවිවට‍්ටො. යත්‍ථ මග‍්ගක‍්ඛණෙ චෙතොවිවට‍්ටො , තත්‍ථ සඤ‍්ඤාවිවට‍්ටො”ති එවමාදිනා නයෙන සබ‍්බසංසන්‍දනෙසු යොජනා කාතබ‍්බා. අථ වා සඤ‍්ඤාවිවට‍්ටචෙතොවිවට‍්ටචිත‍්තවිවට‍්ටවිමොක‍්ඛවිවට‍්ටෙසු චතුන‍්නං අරියමග‍්ගානං ආගතත‍්තා සච‍්චවිවට‍්ටො ආගතොයෙව හොති. ඤාණවිවට‍්ටො ච සච‍්චවිවට‍්ටෙනෙව කිච‍්චවසෙන සිද‍්ධො හොති. සඤ‍්ඤාචෙතොචිත‍්තවිමොක‍්ඛවිවට‍්ටෙස‍්වෙව ච පෙය්‍යාලෙ විත්‍ථාරියමානෙ “අනත‍්තානුපස‍්සනාධිපතත‍්තා පඤ‍්ඤා අභිනිවෙසතො සඤ‍්ඤාය විවට‍්ටතීති අධිපතත‍්තා පඤ‍්ඤා සඤ‍්ඤාවිවට‍්ටෙ ඤාණ”න‍්ති ච, “අභිනිවෙසො නානත‍්තං, අනත‍්තානුපස‍්සනා එකත‍්තං. අනත‍්තානුපස‍්සනෙකත‍්තං චෙතයතො අභිනිවෙසතො චිත‍්තං විවට‍්ටතීති නානත‍්තෙ පඤ‍්ඤා චෙතොවිවට‍්ටෙ ඤාණ”න‍්ති ච, “අභිනිවෙසං පජහන‍්තො අනත‍්තානුපස‍්සනාවසෙන චිත‍්තං අධිට‍්ඨාතීති අධිට‍්ඨානෙ පඤ‍්ඤා චිත‍්තවිවට‍්ටෙ ඤාණ”න‍්ති ච, “අනත‍්තානුපස‍්සනාය අභිනිවෙසං වොසජ‍්ජතීති වොසග‍්ගෙ පඤ‍්ඤා විමොක‍්ඛවිවට‍්ටෙ ඤාණ”න‍්ති ච පාඨසම‍්භවතො ඤාණවිවට‍්ටෙ ඤාණම‍්පි තෙසු ආගතමෙව හොති. ඤාණවිවට‍්ටෙ ච අනත‍්තානුපස‍්සනාය වුට‍්ඨාය අරියමග‍්ගං පටිලද‍්ධස‍්ස කිච‍්චවසෙන “චක‍්ඛු සුඤ‍්ඤං අත‍්තෙන වා අත‍්තනියෙන වා”තිආදියුජ‍්ජනතො සච‍්චවිවට‍්ටො ලබ‍්භති, තස‍්මා එකෙකස‍්මිං විවට‍්ටෙ සෙසා පඤ‍්ච පඤ‍්ච විවට‍්ටා ලබ‍්භන‍්ති. තස‍්මා එවං “යත්‍ථ සඤ‍්ඤාවිවට‍්ටො, තත්‍ථ චෙතොවිවට‍්ටො”තිආදිකානි සංසන්‍දනානි වුත‍්තානීති වෙදිතබ‍්බං.

යම්තැනක සංඥා විවර්ත යැයි ආදි සත්‍ය විවර්ත ඤාණ නිර්දේශයෙහි කියන ලද හෙයින් සත්‍ය විවර්ත ඤාණ ක්‍ෂණයම සඳහා කියන ලදැයි දතයුතුය. මාර්ග ඤාණයෙහිම සියල්ල යෙදෙති. කෙසේද? ඤාණ විවර්තයෙහි ඤාණය හැර සෙස්සෙහි ආර්ය මාර්ගය ස්වරූපයෙන්ම ආයේය. විදර්ශනා කර්මය මාර්ගයෙන්ම සිදුවන හෙයින් විදර්ශනා කෘත්‍ය සිද්ධි වශයෙන් ඤාණ විවර්ත ඤාණයද මාර්ගක්‍ෂණයෙහි යෙදේ. මාර්ග ඤාණයෙන්ම හෝ චක්‍ෂුස ශූන්‍යයයි ආදී කෘත්‍ය වශයෙන් අවබෝධ කරන ලද්දේම වේයයි මාර්ගක්‍ෂණයෙහි ඒ ඤාණය කියන්ට සුදුසුමය. මෙහි අර්ථ යෝජනාව වනාහි, යම්තැනක මාර්ග ක්‍ෂණයෙහි සංඥා විවර්තය වේද, එහි චිත්ත විවර්තයයි. යම් මාර්ග ක්‍ෂණයෙහි චිත්ත විවර්තය වේද, එහි සංඥා විවර්තයයි. මේ ආදී ක්‍රමයෙන් සියලු ගැළපීම්හි යෙදීම කළයුත්තාහ. නොහොත් සංඥා විවර්ත, චේතෝවිවර්ත, විමෝක්‍ෂ විවර්තයන් සිව් ආර්ය මාර්ගයන්ගේ වශයෙන් ආ හෙයින්, සත්‍ය විවර්තය දැක්වූයේම වේ. ඤාණ විවර්තයම, සත්‍ය විවර්තයෙන්ම ආ හෙයින්, සත්‍ය විවර්තය දැක්වූයේම වේ. ඤාණ විවර්තයම, සත්‍ය විවර්තයෙන්ම කෘත්‍ය වශයෙන් සිද්ධ වේ. සංඥා, චෙතො, චිත්ත, විමොක්ඛ, විවර්තයන්හිද එසේමය. පෙය්‍යාලයෙහි විස්තර කරනු ලබන. අනත්තානුපස්සනා අධිපති හෙයින්, සංඥා තදින් ගැනීමෙන් සංඥාවෙන් පරාවර්තනය වේනුයි ප්‍රඥාධිපති හෙයින්, සංඥා විවර්ත ඤාණයයිද, දැඩිව එල්බ ගැනීමෙහි නානත්‍වය, අනත්තානුපස්සනාවෙන් ඒකත්වයට පත්වේ. අනත්තානුපස්සනාවෙන් ඒකත්වය සිතන කල්හි, දැඩිව එල්බ ගැනීමෙන් සිත පෙරැළේයැයි නානත්‍වයෙහි ප්‍රඥාව චෙතො විවර්තයෙහි ඤාණයයිද, දැඩිව අල්ලාගැනීම දුරුකරන කල්හි අනත්තානුපස්සනා වශයෙන් සිත ස්ථිර ලෙස පිහිටුවයිනුයි අධිෂ්ඨානයෙහි ප්‍රඥාව චිත්ත විවර්තයෙහි ඤාණයැයිද, අනත්තානුපස්සනාවෙන් දැඩිව ගැන්ම අත්හරීනුයි අත්හැරීමෙහි ප්‍රඥාව විමෝක්‍ෂ විවර්තයෙහි ඤාණයැයිද, පාඨ සභාවයෙන් ඤාණ විවර්තයෙහි ඤාණයද ඒවාහි එන ලද්දේම වේ. ඤාණ විවර්තයෙහිම අනත්තානුපස්සනාවෙන් නැගිට ආර්ය මාර්ගය ලදහුගේ සිත වශයෙන් චක්‍ෂුස, ආත්මයෙන් හෝ ආත්මනීය වශයෙන් හෝ ශූන්‍යය යන ආදිය යෙදෙන හෙයින්, සත්‍ය විවර්තය ලැබේ. එහෙයින් එක් එක් විවර්තයෙහි, සෙසු පස් පස් විවර්ත ලැබේ. එහෙයින් මෙසේ යම්තැනක සංඥා විවර්තයද, එහි චෙතෝ විවර්තයදැයි ආදී සංසන්දනයන් කියන ලදැයි දතයුතුය.

විවට‍්ටඤාණඡක‍්කනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

විවට්ට ඤාණ ඡක්ක නිර්දේශ වර්ණනාව නිමි.