44-49, විවට‍්ටඤාණඡක‍්කං
44-49, විවට‍්ටඤාණඡක‍්කං.
44-49. විවර්‍තඥානෂට්කය
(44 සඤ‍්ඤාවිවට‍්ටඤාණං)
(44. සඤ්ඤාවිවර්‍තඥනය)
කථං අධිපතත‍්තා පඤ්ඤා සඤ්ඤාවිවට්ටෙ ඤාණං:
කිසෙයින් (නෛෂ්ක්‍රම්‍යාදිය) අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන වෙයි යත්:
නෙක‍්ඛම‍්මාධිපතත‍්තා පඤ‍්ඤා කාමච‍්ඡන්‍දතො සඤ‍්ඤාය විවට‍්ටතීති අධිපතත‍්තා පඤ්ඤා සඤ්ඤාවිවට්ටෙ ඤාණං, අබ්‍යාපාදාධිපතත‍්තා පඤ‍්ඤා බ්‍යාපාදතො සඤ‍්ඤාය විවට‍්ටතීති අධිපතත‍්තා පඤ්ඤා සඤ්ඤාවිවට්ටෙ ඤාණං, ආලොකසඤ‍්ඤාධිපතත‍්තා පඤ‍්ඤා ථිනමිද‍්ධතො සඤ‍්ඤාය විවට‍්ටතීති අධිපතත‍්තා පඤ්ඤා සඤ්ඤාවිවට්ටෙ ඤාණං, අවික‍්ඛෙපාධිපතත‍්තා පඤ‍්ඤා උද‍්ධච‍්චතො සඤ‍්ඤාය විවට‍්ටතීති අධිපතත‍්තා පඤ්ඤා සඤ්ඤාවිවට්ටෙ ඤාණං, ධම‍්මවවත්‍ථානාධිපතත‍්තා පඤ‍්ඤා විචිකිච‍්ඡාය සඤ‍්ඤාය විවට‍්ටතීති අධිපතත‍්තා පඤ්ඤා සඤ්ඤාවිවට්ටෙ ඤාණං, ඤාණාධිපතත‍්තා පඤ‍්ඤා අවිජ‍්ජාය සඤ‍්ඤාය විවට‍්ටතීති අධිපතත‍්තා පඤ්ඤා සඤ්ඤාවිවට්ටෙ ඤාණං, පාමොජ‍්ජාධිපතත‍්තා පඤ‍්ඤා අරතියා සඤ‍්ඤාය විවට‍්ටතීති අධිපතත‍්තා පඤ්ඤා සඤ්ඤාවිවට්ටෙ ඤාණං, පඨමජ‍්ඣානාධිපතත‍්තා පඤ‍්ඤා නීවරණෙහි සඤ‍්ඤා විවට‍්ටතීති අධිපතත‍්තාපඤ‍්ඤා සඤ‍්ඤා විවට‍්ටෙ ඤාණං -පෙ- අරහත‍්ත මග‍්ගත‍්තා පඤ‍්ඤා සබ‍්බකිලෙසෙහි සඤ‍්ඤාය විවට‍්ටතීති අධිපතත‍්තා පඤ‍්ඤා සඤ‍්ඤා විවට‍්ටෙ ඤාණං.
නෛෂ්ක්‍රම්‍යය අධික කොට පැවැති ප්‍රඥාව ප්‍රඥාසම්ප්‍රයුක්ත සංඥාව හේතු කොට ගෙන කාමච්ඡන්‍දයෙන් පෙරැළේ නු යි අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන නම් වෙයි. අව්‍යාපාදය අධික කොට පැවැති ප්‍රඥාව ප්‍රඥාසම්ප්‍රයුක්ත සංඥාව හේතු කොට ගෙන ව්‍යාපාදයෙන් පෙරැළේ නු යි අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන නම් වෙයි. ආලෝකසංඥාව අධික කොට පැවැති ප්‍රඥාව ප්‍රඥාසම්ප්‍රයුක්ත සංඥාව හේතු කොට ගෙන ථිනමිද්ධයෙන් පෙරැළේ නු යි අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන නම් වෙයි. අවික්‍ෂේපය අධික කොට පැවැති ප්‍රඥාව ප්‍රඥාසම්ප්‍රයුක්ත සංඥාව හේතු කොට ගෙන ඖද්ධත්‍යයෙන් පෙරැළේ නු යි අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන නම් වෙයි. ධර්‍මනිශ්චය අධික කොට පැවැති ප්‍රඥාව ප්‍රඥාසම්ප්‍රයුක්ත සංඥාව හේතු කොට ගෙන විචිකිත්සායෙන් පෙරැළේ නු යි අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන නම් වෙයි. ඥානය අධික කොට පැවැති ප්‍රඥාව ප්‍රඥාසම්ප්‍රයුක්ත සංඥාව හේතු කොට ගෙන අවිද්‍යායෙන් පෙරැළේ නු යි අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන නම් වෙයි. ප්‍රාමෝද්‍යය අධික කොට පැවැති ප්‍රඥාව ප්‍රඥාසම්ප්‍රයුක්ත සංඥාව හේතු කොට ගෙන අරතියෙන් පෙරැළේ නු යි අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන නම් වෙයි. ප්‍රථමධ්‍යානය අධික කොට පැවැති ප්‍රඥාව ප්‍රඥාසම්ප්‍රයුක්ත සංඥාව හේතු කොට ගෙන නීවරණයන් කෙරෙන් පෙරැළේ නු යි අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන නම් වෙයි. ... අර්‍හන්මාර්‍ගය අධික කොට පැවැති ප්‍රඥාව ප්‍රඥාසම්ප්‍රයුක්ත සංඥාව හේතු කොට ගෙන සියලු කෙලෙසුන් කෙරෙන් පෙරැළේ නු යි අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන නම් වෙයි.
තං ඤාතට‍්ඨෙන ඤාණං. පජානනට‍්ඨෙන පඤ‍්ඤා. තෙන වුච‍්චති: ‘අධිපතත‍්තා පඤ්ඤා සඤ‍්ඤාවිවට‍්ටෙ ඤාණ.’
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘අධිපතත්තා පඤ්ඤා සඤ්ඤාවිවට්ටෙ ඤාණං’යි.
(45. චෙතොවිවට‍්ටඤාණං)
(45. චේතෝවිවර්‍තඥානය)
කථං නානත‍්තෙ පඤ‍්ඤා චෙතොවිවට‍්ටෙ ඤාණං:
කිසෙයින් නානා ස්වභාවයෙහි පැවැති ප්‍රඥාව චේතෝවිවර්‍තඥාන වෙයි යත්:
කාමච‍්ඡන්‍දො නානත‍්තං, නෙක‍්ඛම‍්මං එකත‍්තං, නෙක‍්ඛම‍්මෙකත‍්තං චෙතයතො කාමච‍්ඡන්‍දතො චිත‍්තං විවට‍්ටතීති නානත‍්තෙ පඤ‍්ඤාචෙතොවිවට‍්ටෙ ඤාණං. බ්‍යාපාදො නානත‍්තං, අබ්‍යාපාදො එකත‍්තං, අබ්‍යාපාදෙකත‍්තං චෙතයතො බ්‍යාපාදතො චිත‍්තං විවට‍්ටතීති නානත‍්තෙ පඤ‍්ඤා චෙතොවිවට‍්ටෙ ඤාණං. ථිනමිද‍්ධං නානත‍්තං, අලොකසඤ‍්ඤා එකත‍්තං, ආලොකසඤ‍්ඤෙකත‍්තං චෙතයතො ථිනමිද‍්ධතො චිත‍්තං විවට‍්ටතීති නානත‍්තෙ පඤ‍්ඤා චෙතොවිවට‍්ටෙ -පෙ- සබ‍්බකිලෙසා නානත‍්තං, අරහත‍්තමග‍්ගො එකත‍්තං, අරහත‍්තමග‍්ගෙකත‍්තං චෙතයතො සබ‍්බකිලෙසෙහි චිත‍්තං විවට‍්ටතීති නානත‍්තෙ පඤ‍්ඤා චෙතොවිවට‍්ටෙ ඤාණං.
කාමච්ඡන්‍දය නානාස්වභාවය යැ නෛෂ්ක්‍රම්‍ය එක ස්වභාව යැ (කාමච්ඡන්‍දයෙහි ආදීනව දැක්මෙන්) නෛෂ්ක්‍රම්‍යයාගේ ඒකස්වභාවය සිතන්නහුට (නෛෂ්ක්‍රම්‍යක්‍ෂණයෙහි) කාමච්ඡන්‍දයෙන් සිත පරාවර්‍තනය වේ නු යි නානාත්‍වයෙහි ප්‍රඥාව චේතෝවිවර්‍තඥාන වෙයි. ව්‍යාපාදය නානාස්වභාව යැ අව්‍යාපාදය එක ස්වභාව යැ (ව්‍යාපාදයාගේ ආදීනව දැක්මෙන්) අව්‍යාපාදයාගේ ඒකත්‍වය සිතන්නහුට ව්‍යාපාදයෙන් සිත පරාවර්‍තනය වේ නු යි නානාත්‍වයෙහි ප්‍රඥාව චෙතොවිවර්‍තනඥාන වෙයි. ථිනමිද්ධය නානාස්වභාව යැ ආලෝකසංඥාව ඒකස්වභාව යැ (ථිනමිද්ධයාගේ ආදීනව දැක්මෙන්) ආලෝකසංඥාවගේ ඒකත්‍වය සිතන්නහුට ථීනමිද්ධයෙන් සිත පරාවර්‍තනය වේ නු යි නානාත්‍වයෙහි ප්‍රඥාව චෙතොවිවර්‍තනඥාන වෙයි. සියලු ක්ලේශයෝ නානාස්වභාව යැ අර්‍හන්මාර්‍ගයාගේ ඒකස්වභාව යැ (සියලු කෙලෙසුන්ගේ ආදීනව දැක්මෙන්) අර්‍හන්මාර්‍ගයාගේ ඒකත්‍වය සිතන්නහුට සියලු කෙලෙසුන් කෙරෙන් සිත පරාවර්‍තනය වේ නුයි නානාත්‍වයෙහි ප්‍රඥාව චෙතොවිවර්‍තනඥාන වේ.
තං ඤාතට‍්ඨෙන ඤාණං, පජානනට‍්ඨෙන පඤ‍්ඤා. තෙන වුච‍්චති: ‘නානත‍්තෙ පඤ‍්ඤා චෙතොවිවට‍්ටෙ ඤාණං.’
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘නානත්තේ පඤ්ඤා චේතෝවිවට්ටෙ ඤාණං’යි.
(46 විත‍්තවිවට‍්ටඤාණං)
(46. චිත්තවිවර්‍තඥානය)
කථං අධිට‍්ඨානෙ පඤ්ඤා චිත්තවිවට්ටෙ ඤාණං:
කිසෙයින් (නෛෂ්ක්‍රම්‍යාදි වශයෙන්) සිත පිහිටුවීමෙහි ප්‍රඥාව චිත්තවිවර්‍තනඥාන වෙයි යත්:
කාමච‍්ඡන්‍දං පජහන‍්තො නෙක‍්ඛම‍්මවසෙන චිත‍්තං අධිට‍්ඨාතීති අධිට‍්ඨානෙ පඤ්ඤා චිත්තවිවට්ටෙ ඤාණං. බ්‍යාපාදං පජහන‍්තො අබ්‍යාපාදවසෙන චිත‍්තං අධිට‍්ඨාතීති අධිට‍්ඨානෙ පඤ්ඤා චිත්තවිවට්ටෙ ඤාණං. ථිනමිද‍්ධං පජහන‍්තො ආලොකසඤ‍්ඤාවසෙන චිත‍්තං අධිට‍්ඨාතීති අධිට‍්ඨානෙ පඤ්ඤා චිත්තවිවට්ටෙ ඤාණං. -පෙ- සබ‍්බකිලෙසෙ පජහන‍්තො අරහත‍්තමග‍්ගවසෙන චිත‍්තං අධිට‍්ඨාතීති අධිට‍්ඨානෙ පඤ්ඤා චිත්තවිවට්ටෙ ඤාණං.
කාමච්ඡන්‍ද දුරු කරනුයේ නෛෂ්ක්‍රම්‍යයාගේ වශයෙන් සිත පිහිටා සිටී නු යි අධිෂ්ඨානයෙහි ප්‍රඥාව චිත්තවිවර්‍තනඥාන යැ. ව්‍යාපාදය දුරු කරනුයේ අව්‍යාපාදයාගේ වශයෙන් සිත පිහිටා සිටීනු යි අධිෂ්ඨානයෙහි ප්‍රඥාව චිත්තවිවර්‍තනඥාන යැ ථිනමිද්ධය දුරු කරනුයේ ආලෝකසංඥාවගේ වශයෙන් සිත පිහිටා සිටී නු යි අධිෂ්ඨානයෙහි ප්‍රඥාව චිත්තවිවර්‍තන ඥාන යැ. ... සියලු කෙලෙසුන් දුරු කරනුයේ අර්‍හන්මාර්‍ගයාගේ වශයෙන් සිත පිහිටා සිටී නු යි අධිෂ්ඨානයෙහි ප්‍රඥාව චිත්තවිවර්‍තඥාන යි.
තං ඤාතට‍්ඨෙන ඤාණං, පජානනට‍්ඨෙන පඤ‍්ඤා. තෙන වුච‍්චති: ‘අධිට‍්ඨානෙ පඤ්ඤා චිත්තවිවට්ටෙ ඤාණං’.
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘අධිට්ඨානෙ පඤ්ඤා චිත්තවිවට්ටෙ ඤාණං’යි.
(47. ඤාණවිවට‍්ටඤාණං)
(47. ඥානවිවර්‍තඥානය)
කථං සුඤ‍්ඤතෙ පඤ්ඤා ඤාණවිවට්ටෙ ඤාණං:
කිසෙයින් ශුන්‍යත (අනාත්මානුදර්‍ශන) ප්‍රඥාව ඥානවිවර්‍තනඥාන වෙයි යත්:
චක‍්ඛුං සුඤ‍්ඤං අත‍්තෙන වා අත‍්තනියෙන වා නිච‍්චෙන වා ධුවෙන වා සස‍්සතෙන වා අවිපරිනාමධම‍්මෙන වාති යථාභූතං ජානතො පස‍්සතො චක‍්ඛාභිනිවෙසතො ඤාණං විවට‍්ටතීති සුඤ‍්ඤතෙ පඤ්ඤා ඤාණවිවට්ටෙ ඤාණං. ‘සොතං සුඤ‍්ඤං -පෙ- ඝානං සුඤ‍්ඤං -පෙ- ජිව‍්හා සුඤ‍්ඤා -පෙ- කායො සුඤ‍්ඤො -පෙ- මනො සුඤ‍්ඤො අත‍්තෙන වා අත‍්තනියෙන වා නිච‍්චෙන වා ධුවෙන වා සස‍්සතෙන වා අවිපරිනාමධම‍්මෙන වා’ති යථාභූතං ජානතො පස‍්සතො මානාභිනිවෙසතො ඤාණං විවට‍්ටතීති සුඤ‍්ඤතෙ පඤ්ඤා ඤාණවිවට්ටෙ ඤාණං.’
චක්‍ෂුස ආත්ම හෙයින් හෝ ආත්මනිය හෙයින් හෝ නිත්‍ය හෙයින් හෝ ධ්‍රැව හෙයින් හෝ ශාශ්වත හෙයින් හෝ අවිපරිණාමස්වභාව හෙයින් හෝ ශූන්‍ය යැ යි යථාස්වභාවයෙන් දන්නාහට දක්නාහට චක්‍ෂුසෙහි බැසගැනීමෙන් ඥානය පෙරැළේ නු යි ශුන්‍යත ප්‍රඥාව ඥානවිවර්‍තඥාන වෙයි. ශ්‍රෝතය ශූන්‍ය යැ ඝ්‍රාණය ශූන්‍ය යැ ... ජීහ්වාව ශූන්‍ය යැ ... කය ශූන්‍ය යැ ... මනස ආත්ම හෙයින් හෝ ආත්මනිය හෙයින් හෝ නිත්‍ය හෙයින් හෝ ධ්‍රැව හෙයින් හෝ ශාශ්වත හෙයින් හෝ අවිපරිණාමධර්‍ම හෙයින් හෝ ශූන්‍ය යැ යි යථාස්වභාවයෙන් දන්නාහට දක්නාහට මනසෙහි බැසැගැනීමෙන් ඥානය පෙරළේ නු යි ශූන්‍යතප්‍රඥාව ඥානවිවර්‍තඥාන වේ.
තං ඤාතට‍්ඨෙන ඤාණං, පජානනට‍්ඨෙන පඤ‍්ඤා. තෙන වුච‍්චති ‘සුඤ‍්ඤතෙ පඤ්ඤා ඤාණවිවට්ටෙ ඤාණං’.
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘සුඤ්ඤතෙ පඤ්ඤා ඤාණවිවට්ටෙ ඤාණං’යි.
(48. විමොක‍්ඛවිවට‍්ටඤාණං)
(48. විමොක‍්‍ෂවිවර්‍තඥානය)
කථං වොස‍්සග‍්ගෙ පඤ‍්ඤා විමොක්ඛවිවට්ටෙ ඤාණං:
කිසෙයින් (කාමච්ඡන්‍දාදිය) දුරැලීමෙහි පැවැති ප්‍රඥාව විමොක‍්‍ෂවිවර්‍තඥාන වෙයි යත්:
නෙක‍්ඛම‍්මෙන කාමච‍්ඡන්‍දං වොස‍්සජ‍්ජතීති වොස‍්සග‍්ගෙ පඤ‍්ඤා විමොක්ඛවිවට්ටෙ ඤාණං, අබ්‍යාපාදෙන ව්‍යාපාදං වොස‍්සජ‍්ජතීති වොස‍්සග‍්ගො පඤ‍්ඤා විමොක්ඛවිවට්ටෙ ඤාණං, ආලොකසඤ‍්ඤාය ථීනමිද‍්ධං වොස‍්සජ‍්ජතී’ති වොස‍්සග‍්ගෙ පඤ‍්ඤා විමොක්ඛවිවට්ටෙ ඤාණං. අවික‍්ඛෙපෙන උද‍්ධච‍්චං වොස‍්සජ‍්ජතීති වොස‍්සග‍්ගෙ පඤ‍්ඤා විමොක්ඛවිවට්ටෙ ඤාණං, ධම‍්මවවත්‍ථානෙන විචිකිච‍්ඡං වොස‍්සජ‍්ජතීති වොස‍්සග‍්ගෙ පඤ‍්ඤා විමොක්ඛවිවට්ටෙ ඤාණං -පෙ- අරහත‍්තමග‍්ගෙන සබ‍්බකිලෙසෙ වොස‍්සජ‍්ජතීති වොස‍්සග‍්ගෙ පඤ‍්ඤා විමොක්ඛවිවට්ටෙ ඤාණං.
නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්‍දය හැරපියා නු යි හැරපීමෙහි ප්‍රඥාව විමොක‍්‍ෂවිවර්‍තඥාන වෙයි. අව්‍යාපාදයෙන් ව්‍යාපාදය හැරපියා නු යි. හැරපීමෙහි ප්‍රඥාව විමොක‍්‍ෂවිවර්‍තඥාන වෙයි. ආලෝකසංඥායෙන් ථිනමිද්ධය හැරපියා නු යි. හැරපීමෙහි ප්‍රඥාව විමොක‍්‍ෂවිවර්‍තඥාන වෙයි. අවික්‍ෂෙපයෙන් ඖද්ධත්‍යය හැරපියා නු යි හැරපීමෙහි ප්‍රඥාව විමොක‍්‍ෂවිවර්‍තඥාන වෙයි. ධර්‍මනිශ්චයෙන් විචිකිත්සාව හැරපියා නු යි හැරපීමෙහි ප්‍රඥාව විමොක‍්‍ෂවිවර්‍තඥාන වෙයි. ... අර්‍හන්මාර්‍ගයෙන් සියලු කෙලෙසුන් හැරපියා නු යි හැරපීමෙහි ප්‍රඥාව විමොක‍්‍ෂවිවර්‍තඥාන වේ.
තං ඤාතට‍්ඨෙන ඤාණං. පජානනට‍්ඨෙන පඤ‍්ඤා. තෙ වුච‍්චති: ‘වොස‍්සග‍්ගෙ පඤ‍්ඤා විමොක්ඛවිවට්ටෙ ඤාණං’.
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘වොස්ග්ගෙ පඤ්ඤා විමොක්ඛවිවට්ටෙ ඤාණං’යි.
(49. සච‍්චවිවට‍්ටඤාණං)
(49. සත්‍යවිවර්‍තඥානය)
කථං තථට‍්ඨෙ පඤ‍්ඤා සච්චවිවට්ටෙ ඤාණං:
කිසෙයින් (චතුස්සත්‍යයාගේ) අවිපරීතස්වභාවයෙහි පැවැති ප්‍රඥාව සත්‍යවිවර්‍තනඥාන වෙයි යත්:
දුක‍්ඛස‍්ස පීළනට‍්ඨං සඞ‍්ඛතට‍්ඨං සන‍්තාපට‍්ඨං විපරිනාමට‍්ඨං පරිජානන‍්තො විවට‍්ටතීති තථට‍්ඨෙ පඤ‍්ඤා සච්චවිවට්ටෙ ඤාණං, සමුදයස‍්ස ආයූහනට‍්ඨං නිදානට‍්ඨං සඤ‍්ඤොගට‍්ඨං පළිබොධට‍්ඨං පජහන‍්තො විවට‍්ටතීති තථට‍්ඨෙ පඤ‍්ඤා සච්චවිවට්ටෙ ඤාණං, නිරොධස‍්ස නිස‍්සරණට‍්ඨං විවෙකට‍්ඨං අසඞ‍්ඛතට‍්ඨං අමතට‍්ඨං සච‍්ඡිකරොන‍්තො විවට‍්ටතීති තථට‍්ඨෙ පඤ‍්ඤා සච්චවිවට්ටෙ ඤාණං, මග‍්ගස‍්ස නිය්‍යානට‍්ඨං හෙතුට‍්ඨං දස‍්සනට‍්ඨං ආධිපතෙය්‍යට‍්ඨං භාවෙන‍්තො විවට‍්ටතීති තථට‍්ඨෙ පඤ‍්ඤා සච්චවිවට්ටෙ ඤාණං.
දුඃඛයාගේ පීඩනස්වභාවය ප්‍රත්‍යයන් විසින් රැස් වැ කරන ලද ස්වභාවය සන්තාපස්වභාවය පෙරැළෙන ස්වභාවය දනිමින් පරාවර්‍තනය කෙරේ නු යි අවිපරීතස්වභාවයෙහි ප්‍රඥාව සත්‍යවිවර්‍තනඥාන වෙයි. සමුදයාගේ දුක් රැස් කරන ස්වභාවය දුකට කරුණු වන ස්වභාවය සංයොග (යොදන) ස්වභාවය වළකන ස්වභාවය දනිමින් පරාවර්‍තනය කෙරේ නු යි අවිපරීතස්වභාවයෙහි ප්‍රඥාව සත්‍යවිවර්‍තනඥාන වෙයි. නිරෝධයාගේ සසරින් පහවූ ස්වභාවය සියලු සංස්කාරයන් කෙරෙන් ශූන්‍ය ස්වභාවය ප්‍රත්‍යයන් විසින් රැස් වැ නො කරන ලද ස්වභාවය අමරණ ස්වභාවය සාක්‍ෂාත් කෙරෙමින් පරාවර්‍තනය කෙරේ නු යි අවිපරීතස්වභාවයෙහි ප්‍රඥාව සත්‍යවිවර්‍තඥාන වෙයි. මාර්‍ගයාගේ නිර්‍ය්‍යාණස්වභාවය හේතු ස්වභාවය දර්‍ශනස්වභාවය සම්ප්‍රයුක්තයන් තමා වසයෙහි පවත්වන ස්වභාවය වඩමින් පරාවර්‍තනය කෙරේ නු යි අවිපරීතස්වභාවයෙහි ප්‍රඥාව සත්‍යවිවර්‍තනඥාන වේ.
සඤ‍්ඤාවිවට‍්ටෙ, චෙතොවිවට‍්ටෙ, චිත‍්තවිවට‍්ටෙ, ඤාණවිවට‍්ටො, විමොක‍්ඛවිවට‍්ටෙ, සච‍්චවිවට‍්ටො. සඤ‍්ජානන‍්තො විවට‍්ටතීති සඤ‍්ඤා විවට‍්ටො, වෙතයන‍්තො විවට‍්ටතීති චෙතොවිවට‍්ටො විජානන‍්තො විවට‍්ටතීති චිත‍්තවිවට‍්ටො, ඤාණං කරොන‍්තො විවට‍්ටතීති ඤාණවිවට‍්ටො වොස‍්සජ‍්ජන‍්තො විවට‍්ටතීති විමොක‍්ඛවිවට‍්ටො, තථට‍්ඨෙ විවට‍්ටතීති සච‍්චවිවට‍්ටො.
සංඥාවිවර්‍ත යැ චේතෝවිවර්‍ත යැ චිත්තවිවර්‍ත යැ ඥානවිවර්‍ත යැ විමෝක්‍ෂවිවර්‍ත යැ සත්‍යවිවර්‍ත යි. (නෛෂ්ක්‍රම්‍යාදිය අධිපතිභාවයෙන්) හැඳිනගනිමින් (කාමච්ඡන්‍දාදියෙන්) පරාවර්‍තනය කෙරේ නු යි සංඥාවිවර්‍ත නම. (නෛෂ්ක්‍රම්‍යාදිය) සිතමින් (කාමච්ඡන්‍දාදියෙන්) පරාවර්‍තනය කෙරේ නු යි චේතෝවිවර්‍ත නම. (නෛෂ්ක්‍රම්‍යාදිවශයෙන්) දැනගනිමින් (කාමච්ඡන්‍දාදියෙන්) පරාවර්‍තනය කෙරේ නු යි චිත්තවිවර්‍ත නම. (ආධ්‍යාත්මිකායතන ශුන්‍යත හෙයින්) අවබෝධ කෙරෙමින් (දෘෂ්ට්‍යභිනිවේශයෙන්) පරාවර්‍තනය කෙරේ නු යි ඥානවිවර්‍ත නම. (නෛෂ්ක්‍රම්‍ය-කාමච්ඡන්‍දාදිය) දුරලමින් කාමච්ඡන්‍දයෙන් පරාවර්‍තනය කෙරේ නු යි විමෝක්‍ෂවිවර්‍ත නම. යථාස්වභාවයෙහි (දුභතෝවුට්ඨාන වශයෙන්) පරාවර්‍තනය කෙරේ නු යි සත්‍යවිවර්‍ත නමි.
යත්‍ථ සඤ‍්ඤාවිවට‍්ටො තත්‍ථ චෙතොවිවට‍්ටො. යත්‍ථ චෙතොවිවට‍්ටො තත්‍ථ සඤ‍්ඤාවිවට‍්ටො, යත්‍ථ සඤ‍්ඤාවිවට‍්ටො චෙතොවිවට‍්ටො තත්‍ථ චිත‍්තවිවට‍්ටො, යත්‍ථ චිත‍්තවිවට‍්ටො තත්‍ථ සඤ‍්ඤාවිවට‍්ටො චෙතොවිවට‍්ටො, යත්‍ථ සඤ‍්ඤාවිවට‍්ටො චෙතොවිවට‍්ටො චිත‍්තවිවට‍්ටො තත්‍ථ ඤාණවිවට‍්ටො, යත්‍ථ ඤාණවිවට‍්ටො තත්‍ථ සඤ‍්ඤාවිවට‍්ටො චෙතොවිවට‍්ටො චිත‍්තවිවට‍්ටො, යත්‍ථ සඤ‍්ඤාවිවට‍්ටො චෙතොවිවට‍්ටො චිත‍්තවිවට‍්ටො ඤාණවිවට‍්ටො තත්‍ථ විමොක‍්ඛවිවට‍්ටො, යත්‍ථ විමොක‍්ඛවිවට‍්ටෙ තත්‍ථ සඤ‍්ඤාවිවට‍්ටො චෙතොවිවට‍්ටො චිත‍්තවිවට‍්ටො ඤාණවිවට‍්ටො, යත්‍ථ සඤ‍්ඤාවිවට‍්ටො චෙතොවිවට‍්ටො චිත‍්තවිවට‍්ටො ඤාණවිවට‍්ටො විමොක‍්ඛවිවට‍්ටෙ තත්‍ථ සච‍්චවිවට‍්ටො, යත්‍ථ සච‍්චවිවට‍්ටො තත්‍ථ සඤ‍්ඤාවිවට‍්ටො චෙතොවිවට‍්ටෙ චිත‍්තවිවට‍්ටො ඤාණවිවට‍්ටො විමොක‍්ඛවිවට‍්ටො.
යම් තැනෙකැ සංඥාවිවර්‍තය වේ ද එහි චේතෝවිවර්‍තය වෙයි. යම් තැනෙකැ චේතෝවිවර්‍තය වේ ද එහි සංඥාවිවර්‍තය වෙයි. යම් තැනෙකැ සංඥාවිවර්‍තය චේතෝවිවර්‍තය වෙත්ද එහි චිත්තවිවර්‍තය වෙයි. යම් තැනෙකැ චිත්තවිවර්‍තය වේ ද එහි සංඥාවිවර්‍ත චොතොවිවර්‍ත වෙති. යම් තැනෙකැ සංඥාවිවර්‍ත චේතෝවිවර්‍ත චිත්තවිවර්‍තය වෙත් ද එහි ඥානවිවර්‍තය වෙයි. යම් තැනෙකැ ඥානවිවර්‍තය වේ ද එහි සංඥාවිවර්‍ත චේතෝවිවර්‍ත චිත්තවිවර්‍ත වෙති. යම් තැනෙකැ සංඥාවිවර්‍ත චේතෝවිවර්‍ත චිත්තවිවර්‍ත ඥානවිවර්‍ත වෙත් ද එහි විමෝක්‍ෂවිවාර්‍තය වෙයි. යම් තැනෙකැ විමොක්‍ෂවිවර්‍තය වේ ද එහි සංඥාවිවර්‍ත චේතෝවිවර්‍ත චිත්තවිවර්‍ත ඥානවිවර්‍ත වෙති. යම් තැනෙකැ සංඥාවිවර්‍ත චේතෝවිවර්‍ත චිත්තවිවර්‍ත ඥානවිවර්‍ත විමෝක්‍ෂවිවර්‍ත වෙත් ද එහි සත්‍යවිවර්‍තය වෙයි. යම් තැනෙකැ සත්‍යවිවර්‍තය වේ ද එහි සංඥාවිවර්‍ත චේතෝවිවර්‍ත චිත්තවිවර්‍ත ඥානවිවර්‍ත විමෝක්‍ෂවිවර්‍ත වෙත්.
තං ඤාතට‍්ඨෙන ඤාණං, පජානනට‍්ඨෙන පඤ‍්ඤා. තෙන වුච‍්චති: ‘තථට‍්ඨෙ පඤ‍්ඤා සච්චවිවට්ටෙ ඤාණං. ‘
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘තථතට්ඨෙ පඤ්ඤා සච්චවිවට්ටෙ ඤාණං’යි.
විවට‍්ටඤාණඡක‍්කනිද‍්දෙසො.
විවර්‍තඥානෂට්ක නිර්දේශ යි.