50. ඉද්ධිවිධඤාණං
50. ඉද්ධිවිධඤාණං
50. ඍද්ධිවිධ ඥානය
කථං කායම්පි චිත්තම්පි එකවවත්ථානතා සුඛසඤ්ඤඤ්ච ලහුසඤ්ඤඤ්ච අධිට්ඨානවසෙන ඉජ්ඣනට්ඨෙ පඤ්ඤා ඉද්ධිවිධෙ ඤාණං:
කිසෙයින් රූපකාය ද පාදකධ්‍යානචිත්තය ද (පරිකර්‍මචිත්තයෙන්) එක් කොට තැබීමෙන් සුඛසංඥාව ද ලඝුසංඥාව ද අධිෂ්ඨානවශයෙන් සමෘද්ධ වන ප්‍රඥාව ඍද්ධිවිධඥාන වෙයි යත්:
ඉධ භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, සො ඉමෙසු චතුසු ඉද්ධිපාදෙසු චිත්තං පරිභාවෙති, පරිදමෙති, මුදුං කරොති කම්මනියං. සො ඉමෙසු චතුසු ඉද්ධිපාදෙසු චිත්තං පරිභාවෙත්වා පරිදමෙත්වා මුදුං කරිත්වා කම්මනියං කායම්පි චිත්තෙ සමොදහති, චිත්තම්පි කායෙ සමොදහති, කායවසෙන චිත්තං පරිනාමෙති, චිත්තවසෙන කායං පරිනාමෙති, කායවසෙන චිත්තං අධිට්ඨාති, චිත්තවසෙන කායං අධිට්ඨාති, කායවසෙන චිත්තං පරිනාමෙත්වා, චිත්තවසෙන කායං පරිනාමෙත්වා, කායවසෙන චිත්තං අධිට්ඨහිත්වා, චිත්තවසෙන කායං අධිට්ඨහිත්වා, සුඛසඤ්ඤඤ්ච ලහුසඤ්ඤඤ්ච කායෙ ඔක්කමිත්වා විහරති සො තථා භාවිතෙන චිත්තෙන පරිසුද්ධෙන පරියොදාතෙන ඉද්ධිවිධඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති.
මෙසස්නෙහි මහණ තෙම ඡන්දය අධික කොට ඇති සමාධිය හා ප්‍රධන් වීර්‍ය්‍යයෙන් සමන්විත වූ ඍද්ධිපාදය වඩයි. වීර්‍ය්‍යය අධික කොට ඇති සමාධිය ... චිත්තය අධික කොට ඇති සමාධිය ... වීමංසාව අධික කොට ඇති සමාධිය හා ප්‍රධාන වීර්‍ය්‍යයෙන් සමන්විත වූ ඍද්ධිපාදය වඩයි. හෙතෙම මේ සතර ඍද්ධිපාදයන්හි සිත පුනපුනා වඩයි. දමනය කෙරෙයි. මෘදු වූ (එහෙයින් මැ) කර්මණ්ය වූවක් කෙරෙයි. හෙතෙම මේ සතර ඍද්ධිපාදයන්හි සිත පුනපුනා වඩා දමනය කොට මෘදුවූවක් කර්මණ්ය වූවක් කොට (තමාගේ) කරජකය ද පාදකධ්‍යාන චිත්තයෙහි ප්‍රවේශ කෙරෙයි. පාදකධ්‍යානචිත්තය ද (තමාගේ) කරජකායයෙහි ප්‍රවේශ කෙරෙයි. කායවශයෙන් සිත පිරිනමයි. චිත්තවශයෙන් කය පිරිනමයි. කායවශයෙන් චිත්තය අධිෂ්ඨාන කෙරෙයි. චිත්තවශයෙන් කය අධිෂ්ඨාන කෙරෙයි. කායවශයෙන් සිත පිරිනමා චිත්තවශයෙන් කය පිරිනමා කායවශයෙන් චිත්තය අධිෂ්ඨාන කොට චිත්තවශයෙන් කය අධිෂ්ඨාන කොට සුඛසංඥාව ද ලඝුසංඥාව ද කරජකයෙහි ප්‍රවේශ කොට වාසය කෙරෙයි. හෙතෙම එසෙයින් වඩනලද පරිශුද්ධ වූ ප්‍රභාස්වර වූ සිතින් ඍද්ධිවිධඥානය ලැබීම පිණිස (පරිකර්ම) සිත එළවයි. නැඹුරු කෙරෙයි.
සො අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති: එකොපි හුත්වා බහුධා හොති, බහුධාපි හුත්වා එකො හොති, ආවීභාවං තිරොභාවං තිරොකුඩ්ඩං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡති සෙය්යථාපි ආකාසෙ. පඨවියාපි උම්මුජ්ජනිමුජ්ජං කරොති සෙය්යථාපි උදකෙ. උදකෙපි අභිජ්ජමානෙ ගච්ඡති සෙය්යථාපි පඨවියං. අකාසෙපි පල්ලඞ්කෙන කමති සෙය්යථාපි පක්ඛී සකුණො. ඉමෙපි චන්දිමසුරියෙ එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ පාණිනා පරිමසති පරිමජ්ජති. යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙති.
හෙතෙම අනේක ප්‍රකාර වූ ඍද්ධිකොට්ඨාසය ස්පර්ශ කෙරේ: එකෙක් වැ බහුප්‍රකාර වෙයි. බහුප්‍රකාර වී එකෙක් වෙයි. ප්‍රකට බවට ප්‍රතිච්ඡන්න බවට ගෙබිතින් ඔබට පවුරින් ඔබට පව්වෙන් ඔබට අහස්හි සෙයින් නො ලැගෙමින් යෙයි පොළොව්හි දු දියෙහි සෙයින් ගැලීම් නැඟීම් කෙරෙයි. නො බිඳෙන දියෙහි දු පොළොව්හි සෙයින් යෙයි. අහස්හි දු පියා ඇති ලිහිණියකු සෙයින් පලගින් යෙයි. මෙසේ මහත් ඍද්ධි ඇති මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙන ද අත්තලින් පරාමාර්ශ කෙරෙයි. පිරිමදියි. බඹලොව දක්වාත් වශයෙහි පවත්වයි.
තං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති: ‘කායම්පි චිත්තම්පි එකවවත්ථානතා සුඛසඤ්ඤඤ්ච ලහුසඤ්ඤඤ්ච අධිට්ඨානවසෙන ඉජ්ඣනට්ඨෙ පඤ්ඤා ඉද්ධිවිධෙ ඤාණං.
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘කායම්පි චිත්තමපි ඒකවවත්ථානතා සුඛසඤ්ඤඤ්ච ලහුසඤ්ඤඤ්ච අධිට්ඨානවසේන ඉජ්ඣනට්ඨෙ පඤ්ඤා ඉද්ධිවිධ ඤාණං’යී.
ඉද්ධිවිධඤාණනිද්දෙසො.
ඍද්ධිවිධඥානනිර්දේශ යි.