යෙදුමෙන් කියවන්න

51. සොතධාතුවුසුද‍්ධිඤාණං

51. සොතධාතුවුසුද‍්ධිඤාණං

51. ශ්‍රොත්‍රධාතුවිශුද්ධි ඥානය

කථං විතක‍්කවිප‍්ඵාරවසෙන නානත‍්තෙකත‍්තසද‍්දනිමිත‍්තානං පරියොගාහනෙ පඤ‍්ඤා සොතධාතුවිසුද‍්ධිඤාණං:

කිසෙයින් විතර්‍කවිෂ්ඵාරවශයෙන් නානාත්‍ව වූ ද ඒකත්‍ව වූ ද ශබ්දනිමිත්තයන්ට බැසගැනීමෙහි ප්‍රඥාව ශ්‍රෝත්‍රධාතු විශුද්ධිඥාන වෙයි යත්:

ඉධ භික‍්ඛු ඡන්‍දසමාධි -පෙ- විරියසමාධි -පෙ- චිත‍්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. සො ඉමෙසු චතුසු ඉද‍්ධිපාදෙසු චිත‍්තං පරිභාවෙති, පරිදමෙති, මුදුං කරොති කම‍්මනියං සො ඉමෙසු චතුසු ඉද‍්ධිපාදෙසු චිත‍්තං පරිභාවෙත්‍වා පරිදමෙත්‍වා මුදුං කරිත්‍වා කම‍්මනියං, දූරෙපි සද‍්දානං සද‍්දනිමිත‍්තං මනසි කාරොති, සන‍්තිකෙපි සද‍්දානං සද‍්දනිමිත‍්තං මනසිකරොති, ඔළාරිකනම‍්පි සද‍්දානං සද‍්දනිමිත‍්තං මනසිකරොති, සුඛුමානම‍්පි සද‍්දානං සද‍්දනිමිත‍්තං මනසිකරොති, සණ‍්හසණ‍්හානම‍්පි සද‍්දානං සද‍්දනිමිත‍්තං මනසිකරොති, පුරත්‍ථිමායපි දිසාය සද‍්දානං සද‍්දනිමිත‍්තං මනසිකරොති, පච‍්ඡිමායපි දිසාය සද‍්දානං සද‍්දනිමිත‍්තං මනසිකරොති, උත‍්තරායපි දිසාය සද‍්දානං සද‍්දනිමිත‍්තං මනසිකරොති, දක‍්ඛිණායපි දිසාය සද‍්දානං සද‍්දනිමිත‍්තං මනසිකරොති, පුරත්‍ථිමායපි අනුදිසාය සද‍්දානං සද‍්දනිමිත‍්තං මනසිකරොති, පච‍්ඡිමායපි අනුදිසාය සද‍්දානං සද‍්දනිමිත‍්තං මනසිකරොති. උත‍්තරායපි අනුදිසාය සද‍්දානං සද‍්දනිමිත‍්තං මනසිකරොති. දක‍්ඛිණායපි අනුදිසාය සද‍්දානං සද‍්දනිමිත‍්තං මනසිකරොති. හෙට‍්ඨිමායපි දිසාය සද‍්දානං සද‍්දනිමිත‍්තං මනසිකරොති. උපරිමායපි දිසාය සද‍්දානං සද‍්දනිමිත‍්තං මනසිකරොති.

මෙ සස්නෙහි මහණ තෙම ඡන්‍දය අධිපති කොට ඇති සමාධිය ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති සමාධිය ... චිත්තය අධිපති කොට ඇති සමාධිය ... වීමංසාව අධිපති කොට ඇති සමාධිය හා ප්‍රධාන වීර්‍ය්‍යයෙන් සමන්‍විත වූ ඍද්ධිපාදය වඩයි. හේ මේ සතර ඍද්ධිපාදයන්හි සිත පුන පුනා වඩයි, දමනය කෙරෙයි, මෘදු වූවක් කර්‍මණ්‍ය වූවක් කෙරෙයි. හේ මේ සතර ඍද්ධිපාදයන්හි සිත පුන පුනා වඩා දමනය කොට මෘදු වූවක් කර්‍මණ්‍ය වූවක් කොට දුරැ වූ ද ශබ්දයන් ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. ළඟැ වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. ඖදාරික වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. සූක්‍ෂම වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. අතිසූක්‍ෂම වූ ද ශබ්දයන්ගේ ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. පැදුම්දිග වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. පැළදිග වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. උතුරුදිග වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. දකුණුදිග වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. පැදුම් අනුදිග වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. පැසුම් අනුදිග වු ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. උතුරු අනුදිග වු ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. දකුණුඅනුදිග වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. යට දිශායෙහි වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. උඩ දිශායෙහි වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරේ.

සො තථා භාවිතෙන චිත‍්තෙන පරිසුද‍්ධෙන පරියොදාතෙන සොතධාතු විසුද‍්ධිඤාණාය චිත‍්තං අභිනීහරති අභිනින‍්නාමෙති. සො දිබ‍්බාය සොතධාතුයා විසුද‍්ධාය අතික‍්කන‍්තමානුසිකාය උභො සද‍්දෙ සුණාති දිබ‍්බෙ ච මානුසෙ ච, යෙ දූරෙ ච සන‍්තිකෙ ච.

හේ එසේ භාවිත වූ පරුශුද්ධ වූ ප්‍රභාස්වර වූ සිතින් ශ්‍රෝත්‍රධාතු විශුද්ධිඥානය පිණිස සිත එළවයි නැඹුරු කෙරෙයි. හෙතෙම විශුද්ධි වූ මිනිසැස ඉක්මසිටි දිව්‍යශ්‍රෝත්‍රධාතුයෙන් දුරැ වූ ළඟ වූ ද දෙවියන්ගේ ද මිනිසුන්ගේ ද උභයශබ්දයන් අසයි.

තං ඤාතට‍්ඨෙන ඤාණං, පජානනට‍්ඨෙන පඤ‍්ඤා. තෙන වුච‍්චති: ‘විතක‍්කවිප‍්ඵාරවසෙන නානත‍්තෙකත‍්තසද‍්දනිමිත‍්තානං පරියොගාහනෙ පඤ‍්ඤා සොතුධාතුවිසුද‍්ධිඤානං’.

එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘විතක්කවිපථාරවසේන නානත්තේකත්තසද්දනිමිත්තානං පරියෝගාහනෙ පඤ්ඤා සෝතධාතුවිසුද්ධි ඤාණං’යි.

සොතධාතුවිසුද‍්ධිඤාණනිද‍්දෙසො.

ශ්‍රෝත්‍රධාතු විශුද්ධිඥානනිර්දේශ යි.