යෙදුමෙන් කියවන්න

51. සොතධාතුවිසුද‍්ධිඤාණනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

51. සොතධාතුවිසුද‍්ධිඤාණනිද‍්දෙසවණ‍්ණනා

51. ශ්‍රෝතධාතු විශුද්ධි ඤාණ නිර්දේශ වර්ණනාව

සොතධාතුවිසුද‍්ධිඤාණනිද‍්දෙසෙ දූරෙපි සද‍්දානන‍්තිආදි දිබ‍්බසොතං උප‍්පාදෙතුකාමස‍්ස ආදිකම‍්මිකස‍්ස භික‍්ඛුනො උපායසන්‍දස‍්සනත්‍ථං වුත‍්තං. තත්‍ථ දූරෙපි සද‍්දානං සද‍්දනිමිත‍්තන‍්ති දූරෙ සද‍්දානං අන‍්තරෙ සද‍්දං. සද‍්දොයෙව හි නිමිත‍්තකරණවසෙන සද‍්දනිමිත‍්තං. “දූරෙ”ති වුත‍්තෙපි පකතිසොතස‍්ස ආපාථට‍්ඨානෙයෙව. ඔළාරිකානන‍්ති ථූලානං. සුඛුමානන‍්ති අණූනං. සණ‍්හසණ‍්හානන‍්ති සණ‍්හතොපි සණ‍්හානං, අතිසණ‍්හානන‍්ති අත්‍ථො. එතෙන පරමසුඛුමා සද‍්දා වුත‍්තා හොන‍්ති. ඉමං ඤාණං උප‍්පාදෙතුකාමෙන ආදිකම‍්මිකෙන ඣායිනා අභිඤ‍්ඤාපාදකජ‍්ඣානං සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය පරිකම‍්මසමාධිචිත‍්තෙන පඨමතරං පකතිසොතපථෙ දූරෙ ඔළාරිකො අරඤ‍්ඤෙ සීහාදීනං සද‍්දො ආවජ‍්ජිතබ‍්බො. විහාරෙ ඝණ‍්ඩිසද‍්දො භෙරිසද‍්දො සඞ‍්ඛසද‍්දො සාමණෙරදහරභික‍්ඛූනං සබ‍්බථාමෙන සජ‍්ඣායන‍්තානං සජ‍්ඣායනසද‍්දො පකතිකථං කථෙන‍්තානං “කිං, භන‍්තෙ, කිං, ආවුසො”තිආදිසද‍්දො සකුණසද‍්දො වාතසද‍්දො පදසද‍්දො පක‍්කුථිතඋදකස‍්ස චිච‍්චිටායනසද‍්දො ආතපෙ සුස‍්සමානතාලපණ‍්ණසද‍්දො කුන්‍ථකිපිල‍්ලිකාදිසද‍්දොති එවං සබ‍්බොළාරිකතො පභුති යථාක‍්කමෙන සුඛුමසුඛුමසද‍්දා ආවජ‍්ජිතබ‍්බා.

ශ්‍රොතධාත විශුද්ධි ඤාණ නිර්දේශයෙහි, ‘දූරෙපි සද්දානං’ ආදී දිව්‍ය ශ්‍රෝතස නිපදවනු කැමැති ආදිකර්මික භික්‍ෂුවට ක්‍රම දැක්වීම සඳහා යූ.සේයි. එහි දූරෙපි, සද්දානං සද්ද නිමිත්තං යනු දුර ශබ්දයන්ගේ අන්තරයෙහි ශබ්දය, ශබ්දයම නිමිති කරණ වශයෙන් ශබ්ද නිමිත්තයි. දුරයැයි කියන ලද නමුත්, ප්‍රකෘති ශ්‍රෝතසට හමුවන ස්ථානයෙහිම ඔළාරිකානං යනු දැඩිවූ, සුඛුමානං සියුම් වූ, සණ්හ සණ්හානං යනු සියුම් වූවගෙන්ද, සියුම් වූ, අතිශය සියුම් වූ යන අර්ථයි. එයින් ඉතා සියුම් ශබ්ද යූ.සේයි. මෙම ඤාණය උපදවනු කැමැති ආදි කර්මික ධ්‍යායකයා විසින් අභිඥාපාදක ධ්‍යානයට සමවැද නැගිට, පරිකර්ම සමාධි සිතින් ප්‍රථමකොට, ප්‍රකෘති ශ්‍රෝත්‍ර පථයෙහි ගැටෙන දුර, දළ, අරණ්‍යයෙහි සිංහාදීන්ගේ ශබ්දය ආවර්ජනා කළයුතුය. විහාරයහෙි ගෙඩි ශබ්දය, බෙර ශබ්දය, සංඛ ශබ්දය, සියලු ශක්තියෙන්ද, සජ්ඣායනා කරන්නා වූ සාමණේර තරුණ භික්‍ෂූන්ගේ සජ්ඣායනා ශබ්දයද ප්‍රකෘති කථා කථා කරන්නවුන්ගේ, ස්වාමීනි කිමෙක්ද? ඇවැත්නි කිමෙක්ද? ආදී ශබ්දය, පක්‍ෂි ශබ්දය, වායු ශබ්දය, පියවර තබන ශබ්දය අතිශයින් රත්කළ ජලයෙහි චිටිචිටි යන ශබ්දය, අව්වෙහි වියලී යන තල්පත් ශබ්දය, කුහුඹුවන්, හින්නන් ආදීන්ගේ ශබ්දය දැයි මෙසේ සියලු දළ ශබ්දයේ පටන් ක්‍රමක්‍රමයෙන් සියුම් සියුම් ශබ්ද ආවර්ජනය කළයුත්තාහ.

එවං කරොන‍්තෙන ච පුරත්‍ථිමාදීසු දසසු දිසාසු කමෙන එකෙකිස‍්සා දිසාය සද‍්දනිමිත‍්තං වුත‍්තනයෙන මනසි කාතබ‍්බං. මනසි කරොන‍්තෙන ච යෙ සද‍්දා පකතිසොතස‍්ස සුය්‍යන‍්ති, තෙසු පකතිසොතමොධාය මනොද‍්වාරිකෙන චිත‍්තෙන මනසි කාතබ‍්බං. තස‍්ස තෙ සද‍්දා පකතිචිත‍්තස‍්සාපි පාකටා හොන‍්ති, පරිකම‍්මසමාධිචිත‍්තස‍්ස පන අතිවිය පාකටා හොන‍්ති. තස‍්සෙවං සද‍්දනිමිත‍්තං මනසිකරොතො ඉදානි දිබ‍්බසොතධාතු උප‍්පජ‍්ජිස‍්සතීති තෙසු සද‍්දෙසු අඤ‍්ඤතරං ආරම‍්මණං කත්‍වා මනොද‍්වාරාවජ‍්ජනං උප‍්පජ‍්ජති, තස‍්මිං නිරුද‍්ධෙ චත‍්තාරි පඤ‍්ච වා ජවනානි ජවන‍්ති. යෙසං පුරිමානි තීණි චත‍්තාරි වා පරිකම‍්මොපචාරානුලොමගොත්‍රභුනාමකානි කාමාවචරානි, චතුත්‍ථං පඤ‍්චමං වා අප‍්පනාචිත‍්තං රූපාවචරචතුත්‍ථජ‍්ඣානිකං. තත්‍ථ යං තෙන අප‍්පනාචිත‍්තෙන සද‍්ධිං උප‍්පන‍්නං ඤාණං, අයං දිබ‍්බසොතධාතු. තං ථාමගතං කරොන‍්තෙන “එත්‍ථන‍්තරෙ සද‍්දං සුණාමී”ති එකඞ‍්ගුලමත‍්තං පරිච‍්ඡින්‍දිත්‍වා වඩ‍්ඪෙතබ‍්බං, තතො ද‍්වඞ‍්ගුලචතුරඞ‍්ගුලඅට‍්ඨඞ‍්ගුලවිදත්‍ථිරතනඅන‍්තොගබ‍්භපමුඛ- පාසාදපරිවෙණසඞ‍්ඝාරාමගොචරගාමජනපදාදිවසෙන යාව චක‍්කවාළං, තතො වා භිය්‍යොපි පරිච‍්ඡින්‍දිත්‍වා පරිච‍්ඡින්‍දිත්‍වා වඩ‍්ඪෙතබ‍්බං. එවං අධිගතාභිඤ‍්ඤො එස පාදකජ‍්ඣානාරම‍්මණෙන ඵුට‍්ඨොකාසබ‍්භන‍්තරගතෙ සද‍්දෙ පුන පාදකජ‍්ඣානං අසමාපජ‍්ජිත්‍වාපි අභිඤ‍්ඤාඤාණෙන සුණාතියෙව. එවං සුණන‍්තො ච සචෙපි යාවබ්‍රහ‍්මලොකා සඞ‍්ඛභෙරිපණවාදිසද‍්දෙහි එකකොලාහලං හොති, පාටියෙක‍්කං වවත්‍ථාපෙතුකාමතාය සති “අයං සඞ‍්ඛසද‍්දො, අයං භෙරිසද‍්දො”ති වවත්‍ථාපෙතුං සක‍්කොතියෙව. අභිඤ‍්ඤාඤාණෙන සුතෙ සාත්‍ථකෙ සද‍්දෙ පච‍්ඡා කාමාවචරචිත‍්තෙන අත්‍ථං ජානාති. දිබ‍්බසොතං පකතිසොතවතොයෙව උප‍්පජ‍්ජති, නො බධිරස‍්ස. පච‍්ඡා පකතිසොතෙ විනට‍්ඨෙපි දිබ‍්බසොතං න විනස‍්සතීති වදන‍්ති.

මෙසේ කරන්නහු විසින්, නැගෙනහිර දිශාවෙහි සිට දසදිශාවන්හි ක්‍රමයෙන් එක් එක් දිශාවෙහි ශබ්ද නිමිත්ත කියන ලද අයුරින් මෙනෙහි කළ යුතුය. මෙනෙහි කරන්නහු විසින්, යම් ශබ්ද, ප්‍රකෘති ශ්‍රෝතසට ඇසේද? ඒවාහි ප්‍රකෘති ශ්‍රෝතාවධානයකොට මනෝද්වාරික සිතින් මෙනෙහි කළයුතුය. ඔහුට ඒ ශබ්ද ප්‍රකෘති සිතටද ප්‍රකට වෙයි. පරිකර්ම සමාධි සිතට අතිශයින් ප්‍රකට වෙයි. ඔහුට මෙසේ ශබ්ද නිමිත්ත මෙනෙහි කරන කල්හි, දැන් දිව්‍ය ශ්‍රෝතධාතුව උපදින්නේ යයි ඒ ශබ්දයන්හි එක්තරා ශබ්දයක් අරමුණුකොට, මනෝද්වාරාවර්ජනය උපදී. එය නිරුද්ධ කල්හි සතරක් හෝ පහක් දුවයි. යම් ප්‍රථම තුනක් හේ සතරක්, පරිකර්ම, උපචාර, අනුලෝම ගොත්‍රභූ නමැති කාමාවචරයන්ද, සිව්වෙනුව, පස්වෙනුව, රූපාවචර චතුර්ථධ්‍යානික අර්පණා චිත්තය වේ. එහි යම් ඒ අර්පණා සිත සමග උපන් ඤාණයක් වේද? එය දිව්‍යශ්‍රෝත ධාතුවයි. එය ශක්තිමත් කරන්නහු විසින් ඒ අතරෙහි ශබ්දයක් ශ්‍රවණය කරමියි එකඟුල් මාත්‍රයක් පිරිසිඳ වැඩිය යුත්තේය. ඉන්පසු, දෑඟුල්, සිවඟුල්, අටඟුල්, වියත, රියන, ඇතුල්ගැබ, ප්‍රධාන ප්‍රාසාදය, පිරුවන, සංඝාරාමය, ගොදුරුගම, ජනපද ආදී වශයෙන්, චක්‍රවාටය කෙළවර දක්වාද, ඉන් බහුතර වශයෙන්ද පිරිසිඳ, පිරිසිඳ වැඩිය යුතුය. මෙසේ අවබෝධ කළ අභිඥා ඇති මෙතෙමේ පාදකධ්‍යානාරම්මණයෙන් ස්පර්ශ කරන ලද ආකාස අභ්‍යන්තරගත ශබ්දයෙහි, පාදකධ්‍යානයට, සම නොවැදද අභිඥා ඤාණයෙන් ශ්‍රවණය කෙරේමය. මෙසේ ශ්‍රවණය කරන්නේද, බ්‍රහ්ම ලෝකය දක්වා සක් - බෙර - කුඩා බෙර (ගැටබෙර) ආදී ශබ්දයන්ගෙන් එකම කෝලාහලයක් වේ. වෙන් වෙන්ව ව්‍යවස්ථාපනය කරනු කැමැත්ත ඇතිකල්හි, මේ සක්හඬය. මේ බෙර ශබ්දයයැයි ව්‍යවස්ථාපනය කරන්ට හැකිවේමය. අභිඥා ඤාණයෙන් ශ්‍රවණය කළ ප්‍රයෝජනවත් ශබ්දයෙහි අර්ථය පසුව කාමාවචර සිතින් දැනගනී. දිව්‍ය ශ්‍රෝතය ප්‍රකෘති ශ්‍රෝතවත් වූවහුටම උපදී. බිහිරාට නූපදී. පසුව ප්‍රකෘති ශ්‍රෝතය නටුයේ වී නමුත් දිව්‍ය ශ්‍රෝතය නොනස්නේයයි කියති.

සො දිබ‍්බාය සොතධාතුයාති එත්‍ථ දිබ‍්බසදිසත‍්තා දිබ‍්බා. දෙවානඤ‍්හි සුචරිතකම‍්මාභිනිබ‍්බත‍්තා පිත‍්තසෙම‍්හරුධිරාදීහි අපලිබුද‍්ධා උපක‍්කිලෙසවිමුත‍්තතාය දූරෙපි ආරම‍්මණසම‍්පටිච‍්ඡනසමත්‍ථා දිබ‍්බා පසාදසොතධාතු හොති. අයඤ‍්චාපි ඉමස‍්ස භික‍්ඛුනො වීරියභාවනාබලනිබ‍්බත‍්තා ඤාණසොතධාතු තාදිසායෙවාති දිබ‍්බසදිසත‍්තා දිබ‍්බා. අපිච දිබ‍්බවිහාරවසෙන පටිලද‍්ධත‍්තා, අත‍්තනා ච දිබ‍්බවිහාරසන‍්නිස‍්සිතත‍්තාපි දිබ‍්බා, සවනට‍්ඨෙන නිජ‍්ජීවට‍්ඨෙන ච සොතධාතු, සොතධාතුකිච‍්චකරණෙන ච සොතධාතු වියාතිපි සොතධාතු. තාය දිබ‍්බාය සොතධාතුයා. විසුද‍්ධායාති පරිසුද‍්ධාය නිරුපක‍්කිලෙසාය. අතික‍්කන‍්තමානුසිකායාති මනුස‍්සූපචාරං අතික‍්කමිත්‍වා සද‍්දසවනෙන මානුසිකං මංසසොතධාතුං අතික‍්කන‍්තාය වීතිවත‍්තිත්‍වා ඨිතාය. උභො සද‍්දෙ සුණාතීති ද‍්වෙ සද‍්දෙ සුණාති. කතමෙ ද‍්වෙ? දිබ‍්බෙ ච මානුසෙ ච, දෙවානඤ‍්ච මනුස‍්සානඤ‍්ච සද‍්දෙති වුත‍්තං හොති. එතෙන පදෙසපරියාදානං වෙදිතබ‍්බං. යෙ දූරෙ සන‍්තිකෙ චාති යෙ සද‍්දා දූරෙ පරචක‍්කවාළෙපි, යෙ ච සන‍්තිකෙ අන‍්තමසො සදෙහසන‍්නිස‍්සිතපාණකසද‍්දාපි, තෙ සුණාතීති වුත‍්තං හොති. එතෙන නිප‍්පදෙසපරියාදානං වෙදිතබ‍්බන‍්ති.

සො දිබ්බාය සොත ධාතුයා යන මෙහි දිව්‍ය සමාන හෙයින් දිබ්බංයි. දෙවිවරුන්ට සුචරිත කර්මයෙන් උපන් හෙයින්, පිත් සෙම් රුධිරාදියෙන් පළිබෝධ රහිත හෙයින් කෙලෙසුන් කෙරෙන් මුක්ත හෙයින් දුර පිහිටියා වූද අරමුණු පිළිගැනීමට සමත් දිව්‍ය ප්‍රසාද ශ්‍රෝත ධාතුව වේ. මෙයද මෙම භික්‍ෂුවගේ වීර්යභාවනා බලයෙන් නිපන් හෙයින් ඤාණ ශ්‍රෝතධාතුව එබඳුම යයි දිව්‍ය සමාන හෙයින් දිබ්බංයි. තවද, දිව්‍ය විහරණ වශයෙන් ලද හෙයින්ද, තමාද දිව්‍ය විහරණ සන්නිශ්‍රිත හෙයින්ද දිබ්බංයි. ශ්‍රවණාර්ථයෙන්ද, ජීවරහිතාර්ථයෙන්ද ශ්‍රොත ධාතුයි. ශ්‍රොතධාතු කෘත්‍යකරණයෙන්ද, ශ්‍රෝතධාතු මෙනැයි ශ්‍රෝතධාතුයි. ඒ දිව්‍ය ශ්‍රොත ධාතුයෙන්, විසුද්ධාය පිරිසිදු භාවයෙන්, උපක්ලේශ රහිත භාවයෙන්, අතික්කන්ත මානුසකාය යනු මිනිස් සීමා ඉක්මවා, ශබ්ද ශ්‍රවණයෙන්, මානුෂ්‍යයික මාංශ ශ්‍රෝතධාතුව ඉක්මවා, ඉකුත්කොට පැවැති, උභො සද්දෙ සුණාති ද්වි ශබ්දයන් අසයි. කවර ද්වයයක්ද යත්? දිබ්බෙච මානුසෙච දෙවිවරුන්ගේද, මනුෂ්‍යයින්ගේද ශබ්දයැයි යූ.සේයි. එයින් ප්‍රදේශය සම්පූර්ණයෙන් ගැනීම දතයුතුය. යෙ දූරෙ සන්තිකෙච යනු යම් ශබ්ද දුර පිටසක්වළයන්හිද, යම් සමීපයෙහි, තම දේහාශ්‍රිත ප්‍රාණී ශබ්දද, ඒවා ශ්‍රවණය කෙරේයයි යූ.සේයි. එයින් ප්‍රදේශ රහිතව සම්පූර්ණයෙන් ගැනීම දතයුතුය.

සොතධාතුවිසුද‍්ධිඤාණනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

ශ්‍රෝතධාතු විශුද්ධි ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.