යෙදුමෙන් කියවන්න

50. ඉද‍්ධිවිධඤාණනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

50. ඉද‍්ධිවිධඤාණනිද‍්දෙසවණ‍්ණනා

50. ඉද්ධිවිධ ඤාණ නිර්දේශ වර්ණනාව

ඉද‍්ධිවිධඤාණනිද‍්දෙසං ඉධ භික‍්ඛූති ඉමස‍්මිං සාසනෙ භික‍්ඛු. ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතන‍්ති එත්‍ථ ඡන්‍දහෙතුකො සමාධි, ඡන්‍දාධිකො වා සමාධි ඡන්‍දසමාධි, කත‍්තුකම්‍යතාඡන්‍දං අධිපතිං කරිත්‍වා පටිලද‍්ධසමාධිස‍්සෙතං අධිවචනං. පධානභූතා සඞ‍්ඛාරා පධානසඞ‍්ඛාරා, චතුකිච‍්චසාධකස‍්ස සම‍්මප‍්පධානවීරියස‍්සෙතං අධිවචනං. චතුකිච‍්චසාධනවසෙන බහුවචනං කතං. සමන‍්නාගතන‍්ති ඡන්‍දසමාධිනා ච පධානසඞ‍්ඛාරෙහි ච උපෙතං. ඉද‍්ධිපාදන‍්ති නිප‍්ඵත‍්තිපරියායෙන වා ඉජ‍්ඣනට‍්ඨෙන, ඉජ‍්ඣන‍්ති එතාය සත‍්තා ඉද‍්ධා වුද‍්ධා උක‍්කංසගතා හොන‍්තීති ඉමිනා වා පරියායෙන ඉද‍්ධීති සඞ‍්ඛං ගතානං උපචාරජ‍්ඣානාදිකුසලචිත‍්තසම‍්පයුත‍්තානං ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරානං අධිට‍්ඨානට‍්ඨෙන පාදභූතං සෙසචිත‍්තචෙතසිකරාසින‍්ති අත්‍ථො. වුත‍්තඤ‍්හි ඉද‍්ධිපාදවිභඞ‍්ගෙ සුත‍්තන‍්තභාජනීයෙ “ඉද‍්ධිපාදොති තථාභූතස‍්ස වෙදනාක‍්ඛන්‍ධො…පෙ… විඤ‍්ඤාණක‍්ඛන්‍ධො”ති (විභ· 434). අභිධම‍්මභාජනීයෙ ච “ඉද‍්ධිපාදොති තථාභූතස‍්ස ඵස‍්සො වෙදනා…පෙ… පග‍්ගාහො අවික‍්ඛෙපො”ති (විභ· 447) වුත‍්තං. තස‍්මා “සෙසචිත‍්තචෙතසිකරාසි”න‍්ති එත්‍ථ? ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරෙසු එකෙකං ඉද‍්ධිං කත්‍වා ද‍්වීහි ද‍්වීහි සහ සෙසවචනං කතන‍්ති වෙදිතබ‍්බං. එවඤ‍්හි චත‍්තාරො ඛන්‍ධා සබ‍්බෙ ච ඵස‍්සාදයො ධම‍්මා සඞ‍්ගහිතා හොන‍්ති. ඉමිනා නයෙන සෙසෙසුපි අත්‍ථො වෙදිතබ‍්බො. යථෙව හි ඡන්‍දං අධිපතිං කරිත්‍වා පටිලද‍්ධසමාධි ඡන්‍දසමාධීති වුත‍්තො, එවං වීරියං චිත‍්තං වීමංසං අධිපතිං කරිත්‍වා පටිලද‍්ධසමාධි වීමංසාසමාධීති වුච‍්චති. එවමෙකෙකස‍්මිං ඉද‍්ධිපාදෙ ඡන්‍දාදයො වීරියාදයො චිත‍්තාදයො වීමංසාදයොති තයො තයො ධම‍්මා ඉද‍්ධීපි හොන‍්ති ඉද‍්ධිපාදාපි, සෙසා පන සම‍්පයුත‍්තකා චත‍්තාරො ඛන්‍ධා ඉද‍්ධිපාදායෙව . යස‍්මා වා ඉමෙ තයො තයො ධම‍්මා සම‍්පයුත‍්තකෙහි චතූහි ඛන්‍ධෙහි සද‍්ධිංයෙව ඉජ‍්ඣන‍්ති, න විනා තෙහි, තස‍්මා තෙන පරියායෙන සබ‍්බෙ චත‍්තාරොපි ඛන්‍ධා ඉජ‍්ඣනට‍්ඨෙන ඉද‍්ධි නාම හොන‍්ති, පතිට‍්ඨට‍්ඨෙන පාදා නාමාතිපි වෙදිතබ‍්බං.

ඉද්ධිවිධ ඤාණ නිර්දේශයෙහි, ඉධ භික්ඛු යනු මෙසස්නෙහි භික්‍ෂුව; ඡන්‍ද සමාධි පධාන සංඛාර සමන්නාගතං යනු මෙහි ඡන්‍ද හේතුක වූ සමාධිය, ඡන්‍ද අධික වූ හෝ සමාධිය ඡන්‍ද සමාධියි, කරනු කැමැත්තෙහි ඡන්‍දය අධිපතිකොට ලද සමාධියට එය විශේෂ නාමයකි. ප්‍රධාන වූ සංස්කාර = ප්‍රධාන සංස්කාරයි. සිව්කිස් සිදුකරන සම්‍යක් ප්‍රධානයට එය විශේෂ නාමයකි. සිව්කිස් සිදුකිරීම් වශයෙන් බහුවචන කරන ලදි. සමන්නාගතං යනු ඡන්‍ද සමාධියෙන්ද, ප්‍රධාන සංස්කාරයන්ගෙන්ද යුක්ත වූයේ; ඉද්ධිපාදං යනු සම්පූර්ණවීම් ආකාරයන් හෝ සමෘද්ධවීම් අර්ථයෙන් සත්ත්වයෝ එයින් සමෘද්ධියට පත්වෙති. සමෘද්ධ වූවාහු, වෘද්ධියට පත්වූවාහු, උසස් තත්ත්වයට පත්වූවාහු වෙත්නුයි මේ ක්‍රමයෙන් හෝ සෘද්ධිය යයි සංඛ්‍යාවට ගියා වූ උපචාර ධ්‍යානාදී, කුසල චිත්ත සම්ප්‍රයුක්ත, ඡන්‍ද, සමාධි ප්‍රධාන සංස්කාරයන්ට අධිෂ්ඨානාර්ථයෙන් පාද වූ සෙසු චිත්ත චෛතසික රාශිය යැයි අර්ථයි. ඉද්ධිපාද විභංගයෙහි සූත්‍රාන්ත බෙදීමෙහි යූ.සේයි. ‘ඉද්ධිපාද යනු එසේ වූ වේදනා ස්කන්ධය -පෙ- විඤ්ඤාණ ස්කන්ධයයි, අභිධර්ම බෙදීමෙහි, ඉද්ධිපාද යනු එසේ වූ, ස්පර්ශ වේදනා -පෙ- උත්සාහය, අවික්‍ෂෙප යැයිද යූ.සේයි. එහෙයින් සෙසු චිත්ත චෛතසික රාශිය යනු මෙහි ඡන්ද, සමාධි ප්‍රධාන සංස්කාරයන්හි එක එක සෘද්ධිය කොට පසුව දෙක දෙක කොට සෙසු වචන සකස් කරන ලදැයි දතයුතුය. මෙසේ සතර ස්කන්ධයන්හි සියලුම ස්පර්ශාදී ධර්ම සංග්‍රහ කරන ලද්දාහු වෙති. මේ ක්‍රමයෙන් සෙස්සෙහිද අර්ථ දතයුතුය. යම්සේ වනාහි ඡන්දය අධිපතිකොට ලත් සමාධිය ඡන්ද සමාධි යයි කියන ලද්දේද? මෙසේ වීර්ය, චිත්ත, වීමංසාව අධිපතිකොට ලත් සමාධිය වීමංසා සමාධිය යයි යූ.සේයි. මෙසේ එක් එක් සෘද්ධිපාදයෙහි ඡන්ද, වීර්ය, චිත්ත, වීමංසාදී ධර්මත්‍රය සෘද්ධිද, සෘද්ධිපාදද වෙති. සෙසු සම්ප්‍රයුක්ත සිව් ස්කන්ධ සෘද්ධිපාදයෝමය. යම්හෙයකින් මේ ත්‍රයයක්, ත්‍රයයක් බැගින් වූ ධර්මයෝ ඒ හා එකට යෙදුණු සිව් ස්කන්ධයෝ සමගම සමෘද්ධ වෙත්ද? ඒවායින් තොරව සමෘද්ධ නොවෙත්ද? එහෙයින් ඒ ක්‍රමයෙන් සියලුම සිව් ස්කන්ධයෝ සමෘද්ධ වන අර්ථයෙන් සෘද්ධි නම් වෙති. පිහිටන අර්ථයෙන් පාද නමැයි දතයුතුය.

වීරියසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතන‍්ති එත්‍ථ පන වීරියන‍්ති ච පධානසඞ‍්ඛාරොති ච එකොයෙව. කස‍්මා ද‍්විධා වුත‍්තන‍්ති චෙ? වීරියස‍්ස අධිපතිභාවදස‍්සනවසෙනෙත්‍ථ පඨමං වීරියග‍්ගහණං කතං, තස‍්සෙව චතුකිච‍්චසාධකත‍්තදස‍්සනත්‍ථං පධානසඞ‍්ඛාරවචනං කතං. එවං ද‍්විධා වුත‍්තත‍්තා එව චෙත්‍ථාපි තයො තයො ධම‍්මාති වුත‍්තං. කෙචි පන “විභඞ‍්ගෙ ‘ඉද‍්ධීති යා තෙසං තෙසං ධම‍්මානං ඉද‍්ධි සමිද‍්ධි ඉජ‍්ඣනා සමිජ‍්ඣනා’ති (විභ· 434) වුත‍්තත‍්තා ඉද‍්ධි නාම අනිප‍්ඵන‍්නා, ඉද‍්ධිපාදො නිප‍්ඵන‍්නො”ති වදන‍්ති. ඉධ පන ඉද‍්ධිපි ඉද‍්ධිපාදොපි නිප‍්ඵන‍්නො ලක‍්ඛණබ‍්භාහතොති සන‍්නිට‍්ඨානං කතං. ඉද‍්ධි සමිද‍්ධීතිආදීහි ඉජ‍්ඣනාකාරෙන ධම‍්මා එව වුත‍්තාති වෙදිතබ‍්බං.

විරිය සමාධි පධාන සංඛාර සමන්නාගතං යන මෙහි විරියං යනුද පධාන සංඛාර යනුද එකක්මය. කවර දෙඅයුරකින් කියන ලදද යත්? වීර්යයෙහි ප්‍රධාන බව දැක්වීම් වශයෙන් මෙහි පළමුව වීර්යග්‍රහණය කරන ලදි. එහිම සිව්කිස් සාධකත්වය දැක්වීම සඳහා පධාන සංඛාර වචනය කරන ලදි. (යොදන ලදී) මෙසේ දෙඅයුරකින් කියන ලද හෙයන් මෙසේ මෙහිද ධර්මත්‍රය බැගින් යයි යූ.සේයි. සමහරු වනාහි විභංගයෙහි, ‘ඉද්ධි යනු යම් ඒ ඒ ධර්මයන්ගේ ඉටුවීම සමෘද්ධිය සමෘද්ධවීම, සමෘද්ධිමත් වීම යැයි කියන ලද හෙයින් සෘද්ධිය නම් අනිෂ්පන්නය. සෘද්ධිපාද නම් නිෂ්පන්නයයි කියති. මෙහි වනාහි සෘද්ධියද, සෘද්ධිපාදද නිෂ්පන්නය. ලක්‍ෂණ මඩනා ලද්දේයයි සනිටුහන් කරන ලදි. සෘද්ධි, සමෘද්ධි ආදීන්ගෙන් සමෘද්ධ වන ආකාරයෙන් ධර්මයම කියන ලදැයි දතයුතුය.

භාවෙතීති ආසෙවති. සුත‍්තන‍්තභාජනීයෙ (විභ· 431 ආදයො) විය ඉධාපි ඉද‍්ධිපාදභාවනා ලොකියා එව. තස‍්මා ඉද‍්ධිවිධං තාව සම‍්පාදෙතුකාමො ලොකියං ඉද‍්ධිපාදං භාවෙන‍්තො පථවීකසිණාදීසු අට‍්ඨසු කසිණෙසු අධිකතවසිප‍්පත‍්තඅට‍්ඨසමාපත‍්තිකො කසිණානුලොමතො කසිණපටිලොමතො කසිණානුලොමපටිලොමතො ඣානානුලොමතො ඣානපටිලොමතො ඣානානුලොමපටිලොමතො ඣානුක‍්කන‍්තිකතො කසිණුක‍්කන‍්තිකතො ඣානකසිණුක‍්කන‍්තිකතො අඞ‍්ගසඞ‍්කන‍්තිකතො ආරම‍්මණසඞ‍්කන‍්තිකතො අඞ‍්ගාරම‍්මණසඞ‍්කන‍්තිකතො අඞ‍්ගවවත්‍ථානතො ආරම‍්මණවවත්‍ථානතොති ඉමෙහි චුද‍්දසහි ආකාරෙහි චිත‍්තං පරිදමෙත්‍වා ඡන්‍දසීසවීරියසීසචිත‍්තසීසවීමංසාසීසවසෙන පුනප‍්පුනං ඣානං සමාපජ‍්ජති. අඞ‍්ගාරම‍්මණවවත්‍ථානම‍්පි කෙචි ඉච‍්ඡන‍්ති. පුබ‍්බහෙතුසම‍්පන‍්නෙන පන කසිණෙසු චතුක‍්කජ‍්ඣානමත‍්තෙ චිණ‍්ණවසිනාපි කාතුං වට‍්ටතීති තං තං ඉද‍්ධිපාදං සමාධිං භාවෙන‍්තො “අනුප‍්පන‍්නානං පාපකානං අකුසලානං ධම‍්මානං අනුප‍්පාදායා”තිආදිකං (විභ· 432) චතුප‍්පකාරං වීරියං අධිට‍්ඨාති, තස‍්ස ච හානිවුද‍්ධියො ඤත්‍වා වීරියසමතං අධිට‍්ඨාති. සො එවං චතූසු ඉද‍්ධිපාදෙසු චිත‍්තං පරිභාවෙත්‍වා ඉද‍්ධිවිධං සම‍්පාදෙති.

භාවෙති යනු සේවනය කරයි. සූත්‍රාන්ත බෙදීමෙහි මෙන් මෙහිද සෘද්ධිපාද භාවනා ලෞකිකමය. සෘද්ධිවිධ සම්පාදනය කරනු කැමැති තැනැත්තේ, ලෞකික සෘද්ධිපාද වඩන්නේ පෘථුවි කසිණාදී අට කසිණයන්හි ලබන ලද වසීප්‍රාප්ත අෂ්ට සමාපත්තිලාභියා, කසිණානුලෝම වශයෙන්, කසිණ ප්‍රතිලෝම වශයෙන්, කසිණානුලෝම ප්‍රතිලෝම වශයෙන්, ධ්‍යානානුලෝම වශයෙන්, ධ්‍යාන ප්‍රතිලෝම වශයෙන්, ධ්‍යානානුලෝම ප්‍රතිලෝම වශයෙන්, ධ්‍යානුක්කන්තික වශයෙන්, කසිණුක්කන්තික වශයෙන්, ධ්‍යාන කසිණුක්කන්තික වශයෙන් අංග සංකන්තික වශයෙන්, ආරම්මණ සංකන්තික වශයෙන්, අංගාරම්මණ සංකන්තික වශයෙන්, අංග ව්‍යවස්ථාන වශයෙන්, ආරම්මණ ව්‍යවස්ථාන වශයෙන්දැයි යන මේ තුදුස් ආකාරයන්ගෙන් සිත දමනයකොට ඡන්‍දශීර්ෂ, වීර්යශීර්ෂ, චිත්ත ශීර්ෂ, වීමංසා ශීර්ෂ වශයෙන් නැවත නැවත ධ්‍යානයට සමවදියි. අංගාරම්මණ ව්‍යවස්ථානයද සමහරු කැමැති වෙති. පූර්ව හේතු සම්පත් නය විවසින් කසිණයන්හි, චතුර්ථ ධ්‍යාන මාත්‍රයෙහි, පළපුරුදු වසීතායෙන් යුතු අයෙකු ලෙසින් ක්‍රියාකිරීම සුදුසුයයි ඒ ඒ සෘද්ධිපාද සමාධිය වඩන්නේ, නූපන් පාපී අකුසලයන්ගේ නොඉපැත්ම සඳහා යයි ආදී සිව්ආකාර වීර්යය අධිෂ්ඨාන කරයි. එහිද හානි, වෘද්ධි දැන වීර්ය සමතාව අධිෂ්ඨාන කරයි. හෙතෙම මෙසේ සිව් සෘද්ධිපාදයන්හි සිත මනාව වඩා සෘද්ධිවිධ සම්පාදනය කරයි.

සො ඉමෙසු චතූසු ඉද‍්ධිපාදෙසූතිආදීසු සොති සො භාවිතචතුරිද‍්ධිපාදො භික‍්ඛු. චතූසු ඉද‍්ධිපාදෙසු චිත‍්තං පරිභාවෙතීති පුනප‍්පුනං ඡන්‍දාදීසු එකෙකං අධිපතිං කත්‍වා ඣානසමාපජ‍්ජනවසෙන තෙසු චිත‍්තං පරිභාවෙති නාම, ඡන්‍දාදිවාසනං ගාහාපෙතීති අත්‍ථො. පරිදමෙතීති නිබ‍්බිසෙවනං කරොති. පුරිමං පච‍්ඡිමස‍්ස කාරණවචනං. පරිභාවිතඤ‍්හි චිත‍්තං පරිදමිතං හොතීති. මුදුං කරොතීති තථා දන‍්තං චිත‍්තං වසිප‍්පත‍්තං කරොති. වසෙ වත‍්තමානඤ‍්හි චිත‍්තං “මුදූ”ති වුච‍්චති. කම‍්මනියන‍්ති කම‍්මක‍්ඛමං කම‍්මයොග‍්ගං කරොති. මුදු හි චිත‍්තං කම‍්මනියං හොති සුධන‍්තමිව සුවණ‍්ණං, ඉධ පන ඉද‍්ධිවිධකම‍්මක‍්ඛමං. සොති සො පරිභාවිතචිත‍්තො භික‍්ඛු. කායම‍්පි චිත‍්තෙ සමොදහතීතිආදි ඉද‍්ධිකරණකාලෙ යථාසුඛං චිත‍්තචාරස‍්ස ඉජ‍්ඣනත්‍ථං යොගවිධානං දස‍්සෙතුං වුත‍්තං. තත්‍ථ කායම‍්පි චිත‍්තෙ සමොදහතීති අත‍්තනො කරජකායම‍්පි පාදකජ‍්ඣානචිත‍්තෙ සමොදහති පවෙසෙති ආරොපෙති, කායං චිත‍්තානුගතිකං කරොතීති අත්‍ථො. එවං කරණං අදිස‍්සමානෙන කායෙන ගමනස‍්ස උපකාරාය හොති. චිත‍්තම‍්පි කායෙ සමොදහතීති පාදකජ‍්ඣානචිත‍්තං අත‍්තනො කරජකායෙ සමොදහති ආරොපෙති , චිත‍්තම‍්පි කායානුගතිකං කරොතීති අත්‍ථො. එවං කරණං දිස‍්සමානෙන කායෙන ගමනස‍්ස උපකාරාය හොති. සමාදහතීතිපි පාඨො, පතිට‍්ඨාපෙතීති අත්‍ථො. කායවසෙන චිත‍්තං පරිණාමෙතීති පාදකජ‍්ඣානචිත‍්තං ගහෙත්‍වා කරජකායෙ ආරොපෙති කායානුගතිකං කරොති, ඉදං චිත‍්තං කායෙ සමොදහනස‍්ස වෙවචනං. චිත‍්තවසෙන කායං පරිණාමෙතීති කරජකායං ගහෙත්‍වා පාදකජ‍්ඣානචිත‍්තෙ ආරොපෙති, චිත‍්තානුගතිකං කරොති, ඉදං කායං චිත‍්තෙ සමොදහනස‍්ස වෙවචනං. අධිට‍්ඨාතීති “එවං හොතූ”ති අධිට‍්ඨාති. සමොදහනස‍්ස අත්‍ථවිවරණත්‍ථං පරිණාමො වුත‍්තො, පරිණාමස‍්ස අත්‍ථවිවරණත්‍ථං අධිට‍්ඨානං වුත‍්තං. යස‍්මා සමොදහතීති මූලපදං, පරිණාමෙති අධිට‍්ඨාතීති තස‍්ස අත්‍ථනිද‍්දෙසපදානි , තස‍්මා තෙසං ද‍්වින‍්නංයෙව පදානං වසෙන පරිණාමෙත්‍වාති අධිට‍්ඨහිත්‍වාති වුත‍්තං, න වුත‍්තං සමොදහිත්‍වාති.

සො ඉමෙසු චතුසු ඉද්ධිපාදෙසු ආදීන්හි සො යනු ඒ වඩනා ලද සිව් සෘද්ධිපාදැති භික්‍ෂුව; චතුසු ඉද්ධිපාදෙසු චිත්තං පරිභාවෙති යනු නැවත නැවත ඡන්‍දාදීන්හි එක එක අධිපතිකොට ධ්‍යාන සමවැදීම් වශයෙන් ඒවාහි සිත මනාව වඩයි නමැ. ඡන්‍දාදි වශයෙන් ගන්ට සලස්වයි යන අර්ථයි. පරිදමෙති යනු මෘදුකරයි. අකම්ප්‍ය කරයි. පුරිමය පශ්චිමයට කාරණ වචනයි. මනාව වඩනා ලද සිත මනාව දමනය කරන ලද්දේ වේ. මුදුං කරොති එසේ දැමුණු සිත වසීප්‍රාප්ත කරයි. තම වසයෙහි පවත්නා සිත මෘදුයයි යූ.සේයි. කම්මනියං යනු කර්මක්‍ෂම, කර්මයොග්‍ය කරය. මෘදු සිත මනාව ඔපමට්ටම් කළ රත්රන් මෙනි. කර්මණ්‍ය වේ. මෙහි වනාහි සෘද්ධිවිධ කර්මක්‍ෂම භාවයයි. සො යනු මනාකොට වඩනා ලද සිත් ඇති භික්‍ෂුව; කායම්පි චිත්තෙ සමොදහති යන ආදී සෘද්ධි කරන කල්හි සුව එළවන අයුරින් චිත්තවාරයාගේ ඉටුවීම සඳහා යෝග විධාන දක්වන්ට යූ.සේයි. එහි කායම්පි චිත්තෙ සමොදහති යනු තමාගේ මව්පියන් නිසා හටගත් ශරීරයද පාදක ධ්‍යාන සිතෙහි මනාසේ ඇතුල්කරයි. ප්‍රවේශ කරයි. ආරෝපණය කරයි. කය සිත අනුව ක්‍රියාකාරී තත්ත්වයට පත්කරයි යන අර්ථයි. මෙසේ කිරීම අදෘශ්‍යමාන කයින් වන ගමනට උපකාර පිණිස පවතී. චිත්තම්පි කායෙ සමොදහති යනු පාදකධ්‍යාන සිත තමාගේ කරජ කායයෙහි මනාසේ ඇතුල් කරයි. ප්‍රවේශ කරයි. ආරෝපණය කරයි. සිත කායානුගතික කරයි යන අර්ථයි. මෙසේ කිරීම දෘශ්‍යමාන ශරීරයෙන් ගමනට උපකාර පිණිස පවතී, සමාදහති, යනුද පාඨයි, පිහිටුවයි යන අර්ථයි. කායවසෙන චිත්තං පරිණාමෙති යනු කරජ කාය ගෙන පාදක ධ්‍යානයෙහි සිත ආරෝපණය කරයි. චිත්තානුගතික කරයි. මෙය කය සිතෙහි ප්‍රවේශ කිරීමට පර්යාය වචනයකි. අධිට්ඨාති යනු මෙසේ වේවායි අධිෂ්ඨාන කරයි. ආරෝපණයෙහි අර්ථ විවරණය සඳහා පරිණාමය කියන ලදි. පරිණාමයෙහි අර්ථ විවරණය සඳහා අධිෂ්ඨානය කියන ලදි. සමොදහති යනු මුල්පදයයි. පරිණාමෙති. අධිට්ඨාති යනු එහි අර්ථ විස්තර කරන පදයි. එහෙයින් ඒ දෙපදයන්ගේම වශයෙන්, පරිණාමෙත්‍වා, අධිට්ඨහිත්‍වා, සමොදහිත්‍වා යන වචන යූ.සේයි.

සුඛසඤ‍්ඤඤ‍්ච ලහුසඤ‍්ඤඤ‍්ච කායෙ ඔක‍්කමිත්‍වා විහරතීති චතුත්‍ථජ‍්ඣානෙන සහජාතසුඛසඤ‍්ඤඤ‍්ච ලහුසඤ‍්ඤඤ‍්ච සමාපජ‍්ජනවසෙන කරජකායෙ ඔක‍්කමිත්‍වා පවෙසෙත්‍වා විහරති. තාය සඤ‍්ඤාය ඔක‍්කන‍්තකායස‍්ස පනස‍්ස කරජකායොපි තූලපිචු විය ලහුකො හොති. සොති සො කතයොගවිධානො භික‍්ඛු. තථාභාවිතෙන චිත‍්තෙනාති ඉත්‍ථම‍්භූතලක‍්ඛණෙ කරණවචනං, හෙතුඅත්‍ථෙ වා, තථාභාවිතෙන චිත‍්තෙන හෙතුභූතෙනාති අත්‍ථො. පරිසුද‍්ධෙනාති උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධිභාවතො පරිසුද‍්ධෙන. පරිසුද‍්ධත‍්තායෙව පරියොදාතෙන, පභස‍්සරෙනාති අත්‍ථො. ඉද‍්ධිවිධඤාණායාති ඉද‍්ධිකොට‍්ඨාසෙ, ඉද‍්ධිවිකප‍්පෙ වා ඤාණත්‍ථාය. චිත‍්තං අභිනීහරතීති සො භික‍්ඛු වුත‍්තප‍්පකාරවසෙන තස‍්මිං චිත‍්තෙ අභිඤ‍්ඤාපාදකෙ ජාතෙ ඉද‍්ධිවිධඤාණාධිගමත්‍ථාය පරිකම‍්මචිත‍්තං අභිනීහරති, කසිණාරම‍්මණතො අපනෙත්‍වා ඉද‍්ධිවිධාභිමුඛං පෙසෙති. අභිනින‍්නාමෙතීති අධිගන‍්තබ‍්බඉද‍්ධිපොණං ඉද‍්ධිපබ‍්භාරං කරොති. සොති සො එවං කතචිත‍්තාභිනීහාරො භික‍්ඛු. අනෙකවිහිතන‍්ති අනෙකවිධං නානප‍්පකාරකං. ඉද‍්ධිවිධන‍්ති ඉද‍්ධිකොට‍්ඨාසං, ඉද‍්ධිවිකප‍්පං වා. පච‍්චනුභොතීති පච‍්චනුභවති, ඵස‍්සෙති සච‍්ඡිකරොති පාපුණාතීති අත්‍ථො.

සුඛ සඤ්ඤඤ්ච ලහු සඤ්ඤඤ්ච කායෙ ඔක්කමිත්‍වා විහරති යනු චතුර්ථ ධ්‍යානයෙන් හටගත් සුව සංඥාවද, සැහැල්ලු සංඥාවද සමවැදීම් වශයෙන් කරජකයෙහි ඇතුල්වී, ප්‍රවේශ වී වාසය කරයි. ඒ සංඥාවෙන් ඇතුල්වූ සිරුරැති මොහුගේ කරජකායයද පුළුන්පිඩක් මෙන් සැහැල්ලු වෙයි. සො යනු ඒ කරන ලද යෝග විධාන ඇති භික්‍ෂුව, තථා භාවිතෙන චිත්තෙන මෙසේ වූයේය යන ලක්‍ෂණයෙහි කරණ විභක්ති ඒකවචනයි. හේතු අර්ථයෙහිද යෙදේ. එසේ වඩන ලද සිත හේතුවීමෙන්, පරිසුද්ධෙන උපෙක්‍ෂා සති පාරිශුද්ධතාවයෙන් පිරිසිදු වූ, පිරිසිදු හෙයින්ම පරියොදාතෙන ප්‍රභාස්වරයැයි අර්ථයි. ඉද්ධිවිධ ඤාණාය යනු සෘද්ධි කොටසෙහි, සෘද්ධි කල්පනාවෙහි ඤාණය සඳහා, චිත්තං අභිනීහරති යනු ඒ භික්‍ෂුව කියන ලද ආකාර වශයෙන් එහි සිත අභිඥාපාදක වූ කල්හි සෘද්ධිවිධ ඤාණාධිගමය සඳහා පරිකර්ම සිත යොමුකරයි. කසිණ අරමුණින් ඉවත්කොට සෘද්ධිවිධ අභිමුඛව යවයි. අභිනින්නාමෙති අවබෝධ කටයුතු සෘද්ධි නම්‍රතාවට, සෘද්ධි ප්‍රවණතාවට යොමුකරයි. සො යනු මෙසේ කරන ලද ප්‍රාර්ථනා ඇති භික්‍ෂුව; අනෙකවිහිතං යනු නානාවිධ හා නානාප්‍රකාර, ඉද්ධිවිධං යනු සෘද්ධි කොට්ඨාසය, සෘද්ධි විකල්පය හෝ, පච්චනුහොති යනු විඳියි. ස්පර්ශ කරයි. සාක්‍ෂාත් කරයි. පැමිණේ යන අර්ථයි.

ඉදානිස‍්ස අනෙකවිහිතභාවං දස‍්සෙන‍්තො එකොපි හුත්‍වාතිආදිමාහ. තත්‍ථ එකොපි හුත්‍වාති ඉද‍්ධිකරණතො පුබ‍්බෙ පකතියා එකොපි හුත්‍වා. බහුධා හොතීති බහුන‍්නං සන‍්තිකෙ චඞ‍්කමිතුකාමො වා, සජ‍්ඣායං වා කත‍්තුකාමො, පඤ‍්හං වා පුච‍්ඡිතුකාමො හුත්‍වා සතම‍්පි සහස‍්සම‍්පි හොති. කථං පනායමෙවං හොති? ඉද‍්ධියා භූමිපාදපදමූලභූතෙ ධම‍්මෙ සම‍්පාදෙත්‍වා අභිඤ‍්ඤාපාදකජ‍්ඣානං සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය සචෙ සතං ඉච‍්ඡති, “සතං හොමි සතං හොමී”ති පරිකම‍්මං කත්‍වා පුන පාදකජ‍්ඣානං සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය අධිට‍්ඨාති. අධිට‍්ඨානචිත‍්තෙන සහෙව සතං හොති. සහස‍්සාදීසුපි එසෙව නයො. සචෙ එවං න ඉජ‍්ඣති, පුන පරිකම‍්මං කත්‍වා දුතියම‍්පි සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය අධිට‍්ඨාතබ‍්බං. සංයුත‍්තට‍්ඨකථායඤ‍්හි “එකවාරං ද‍්වෙවාරං සමාපජ‍්ජිතුං වට‍්ටතී”ති වුත‍්තං. තත්‍ථ පාදකජ‍්ඣානචිත‍්තං නිමිත‍්තාරම‍්මණං, පරිකම‍්මචිත‍්තානි සතාරම‍්මණානි වා සහස‍්සාරම‍්මණානි වා. තානි ච ඛො වණ‍්ණවසෙනෙව, නො පණ‍්ණත‍්තිවසෙන. අධිට‍්ඨානචිත‍්තම‍්පි තථෙව සතාරම‍්මණං වා සහස‍්සාරම‍්මණං වා, තං පඨමප‍්පනාචිත‍්තමිව ගොත්‍රභුඅනන‍්තරං එකමෙව උප‍්පජ‍්ජති රූපාවචරචතුත්‍ථජ‍්ඣානිකං . තත්‍ථ යෙ තෙ බහූ නිම‍්මිතා, තෙ අනියමෙත්‍වා නිම‍්මිතත‍්තා ඉද‍්ධිමතා සදිසාව හොන‍්ති. ඨානනිසජ‍්ජාදීසු වා භාසිතතුණ‍්හීභාවාදීසු වා යං යං ඉද‍්ධිමා කරොති, තංතදෙව කරොන‍්ති. සචෙ පන නානාවණ‍්ණෙ කාතුකාමො හොති, කෙචි පඨමවයෙ කෙචි මජ‍්ඣිමවයෙ කෙචි පච‍්ඡිමවයෙ, තථා දීඝකෙසෙ උපඩ‍්ඪමුණ‍්ඩමුණ‍්ඩෙ මිස‍්සකකෙසෙ උපඩ‍්ඪරත‍්තචීවරෙ පණ‍්ඩුකචීවරෙ පදභාණධම‍්මකථාසරභඤ‍්ඤපඤ‍්හපුච‍්ඡනපඤ‍්හවිස‍්සජ‍්ජනරජනපචනචීවරසිබ‍්බනධොවනාදීනි කරොන‍්තෙ, අපරෙපි වා නානප‍්පකාරකෙ කාතුකාමො හොති, තෙන පාදකජ‍්ඣානතො වුට‍්ඨාය “එත‍්තකා භික‍්ඛූ පඨමවයා හොන‍්තූ”තිආදිනා නයෙන පරිකම‍්මං කත්‍වා පුන සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය අධිට‍්ඨාතබ‍්බං. අධිට‍්ඨානචිත‍්තෙන සද‍්ධිං ඉච‍්ඡිතප‍්පකාරායෙව හොන‍්තීති. එස නයො “බහුධාපි හුත්‍වා එකො හොතී”තිආදීසු. අයං පන විසෙසො – ඉමිනා හි භික‍්ඛුනා එවං බහුභාවං නිම‍්මිනිත්‍වා පුන “එකොව හුත්‍වා චඞ‍්කමිස‍්සාමි, සජ‍්ඣායං කරිස‍්සාමි, පඤ‍්හං පුච‍්ඡිස‍්සාමී”ති චින‍්තෙත්‍වා වා “අයං විහාරො අප‍්පභික‍්ඛුකො, සචෙ කෙචි ආගමිස‍්සන‍්ති, කුතො ඉමෙ එත‍්තකා එකසදිසා භික‍්ඛූ අද‍්ධා ථෙරස‍්ස එසානුභාවොති මං ජානිස‍්සන‍්තී”ති අප‍්පිච‍්ඡතාය වා අන‍්තරාව “එකො හොමී”ති ඉච‍්ඡන‍්තෙන පාදකජ‍්ඣානං සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය “එකො හොමී”ති පරිකම‍්මං කත්‍වා පුන සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය “එකො හොමී”ති අධිට‍්ඨාතබ‍්බං . අධිට‍්ඨානචිත‍්තෙන සද‍්ධිංයෙව එකො හොති. එවං අකරොන‍්තො පන යථාපරිච‍්ඡින‍්නකාලවසෙන සයමෙව එකො හොති.

දැන් මෙහි නොයෙක් ආකාර බව දක්වන්නේ ‘එකොපි හුත්‍වා’ ආදිය වදාළහ. එකොපි හුත්‍වා යනු සෘද්ධිකරණයෙන් පූර්වයෙහි ප්‍රකෘතියෙන් එකෙක්ව බහුධාහොති යනු බොහෝදෙනෙකු සමීපයෙහි සක්මන් කරනු කැමැත්තේ හෝ සජ්ඣායනා කරනු කැමැත්තේ හෝ ප්‍රශ්නයක් හෝ විචාරනු කැමැත්තේ වී, සියයක්ද, දහසක්ද වේ. කෙසේ වනාහි මෙය මෙසේ වේද? සෘද්ධියගේ, භූමි, පාද, පද යන මුල්වූ ධර්මයන් සම්පාදනය කොට, අභිඥාපාදක ධ්‍යානයට සමවැද නැගිට, ඉදින් සියයක් කැමතිද? සියයක් වෙමි. සියයක් වෙමියි පරිකර්ම කොට නැවත පාදක ධ්‍යානයට සමවැද නැගිට අධිෂ්ඨාන කරයි. අධිෂ්ඨාන සිත සමගම සියයක් වේ. සහස්‍රාදීන්හිද එම ක්‍රමයමැයි. ඉදින් මෙසේ නොසිදුවේද නැවත පරිකර්මකොට, දෙවනුවද සමවැද නැගිට අධිෂ්ඨාන කළයුතුයි. සංයුත් අටුවාවෙහි වරක් දෙවරක් සමවදින්ට සුදුසුයයි යූ.සේයි. එහි පාදක ධ්‍යාන සිත නිමිත්තාරම්මණයි. පරිකර්ම සිත සියක් අරමුණු හෝ දහසක් අරමුණු වේ. ඒවා වනාහි වර්ණනා වශයෙන්මය ප්‍රඥප්ති වශයෙන් නොවේ. අධිෂ්ඨාන චිත්තයද එසේම සියක් අරමුණු හෝ දහස් අරමුණු වෙයි. එය ප්‍රථම අර්පණා සිත මෙන් ගොත්‍රභූ අනතුරුව රූපාවචර චතුර්ථ ධ්‍යානිකව එක්වරක්ම උපදියි. එහි බොහෝ නිර්මිතයෝ වෙත්ද, ඒවා අනියමින් නිර්මිත කළ හෙයින් සෘද්ධිමතා සමගම වෙයි. සිටීම් හිඳගැනීම් ආදීන්හිද, කථාකරන තෘෂ්ණීභාවයන්හිද, සෘද්ධිමතා යම් යම් දැයක් කරයිද, ඒ ඒ දැයම කරයි. ඉදින් නොයෙක් වර්ණ කරනු කැමැත්තේ වේද, සමහරු ප්‍රථම වයසෙහි, සමහරු මධ්‍යම වයසෙහි, සමහරු පශ්චිම වයසෙහි එසේම දික් කෙස්, අර්ධයක් මුඩුකළ, මුඩුකළ, මිශ්‍රකෙස්, අඩක් රත් සිවුරු, පඬුවන් සිවුරු, හඬනගා දම් දෙසන, හඬනගා ප්‍රශ්න විචාරන ප්‍රශ්න විසඳන, පඬුපොවන, පඬු තම්බන (පිසින) සිවුරු මහන, සේදීම් ආදිය කරනවුන් නිර්මිත කරයි. අන්‍ය වූද, නානාප්‍රකාර දෑ කරන කැමැත්තේ වේද, එයින් පාදකධ්‍යානයෙන් නැගිට, මෙතෙක් භික්‍ෂූහු ප්‍රථම වයසෙහි වෙත්වා’යි ආදී ක්‍රමයෙන් පරිකර්ම කොට නැවත සමවැදී නැගිට අධිෂ්ඨාන කළයුතුය. අධිෂ්ඨාන සිත සමගම කැමති වූ ආකාරයම වෙති. බොහෝ වී එකෙක් වේ ආදීන්හිද එම ක්‍රමයමැයි. මේ වෙනසයි. මේ භික්‍ෂුව විසින් මෙසේ බහුත්වය නිර්මිතකොට, නැවත එකෙක්ව සක්මන් කරන්නෙමි. ප්‍රශ්න විසඳන්නෙමියි සිතා, මෙම විහාරය අල්ප භික්‍ෂුකය. ඉදින් කිසිවෙක් එන්නාහුද? මේ එක සමාන භික්‍ෂුහු මෙපමණ කොයින්ද? ඒකාන්තයෙන් මෙය තෙරුන්ගේ ආනුභාවය යැයි මා දැනගන්නාහුයයි අල්පේච්ඡතාවයෙන් අතරදී එකෙක් වෙමියි කැමැති වන්නහු විසින් පාදක ධ්‍යානයට සමවැද නැගිට එකෙක් වෙමියි පරිකර්ම කොට නැවත සමවැද නැගිට එකෙක් වෙමියි අධිෂ්ඨාන කළ යුතුය. අධිෂ්ඨාන සිත සමගම එකෙක් වේ. මෙසේ නොකරන්නහු විසින්, පිරිසිඳින ලද කාලය අනුව තෙමේම එකෙක් වේ.

ආවිභාවන‍්ති පාකටභාවං කරොතීති අත්‍ථො. තිරොභාවන‍්ති පටිච‍්ඡන‍්නභාවං කරොතීති අත්‍ථො. ආවිභාවං පච‍්චනුභොති, තිරොභාවං පච‍්චනුභොතීති පුරිමෙන වා සම‍්බන්‍ධො. තත්‍රායං ඉද‍්ධිමා ආවිභාවං කත‍්තුකාමො අන්‍ධකාරං වා ආලොකං කරොති, පටිච‍්ඡන‍්නං වා විවටං කරොති, අනාපාථං වා ආපාථං කරොති. කථං? අයඤ‍්හි යථා පටිච‍්ඡන‍්නොපි දූරෙ ඨිතොපි වා දිස‍්සති, එවං අත‍්තානං වා පරං වා කත‍්තුකාමො පාදකජ‍්ඣානතො වුට‍්ඨාය “ඉදං අන්‍ධකාරං ආලොකජාතං හොතූ”ති වා, “ඉදං පටිච‍්ඡන‍්නං විවටං හොතූ”ති වා, “ඉදං අනාපාථං ආපාථං හොතූ”ති වා ආවජ‍්ජිත්‍වා පරිකම‍්මං කත්‍වා වුත‍්තනයෙනෙව අධිට‍්ඨාති. සහ අධිට‍්ඨානා යථාධිට‍්ඨිතමෙව හොති. පරෙ දූරෙ ඨිතාපි පස‍්සන‍්ති, සයම‍්පි පස‍්සිතුකාමො පස‍්සති. තිරොභාවං කත‍්තුකාමො පන ආලොකං වා අන්‍ධකාරං කරොති, අප‍්පටිච‍්ඡන‍්නං වා පටිච‍්ඡන‍්නං, ආපාථං වා අනාපාථං කරොති. කථං? අයඤ‍්හි යථා අප‍්පටිච‍්ඡන‍්නොපි සමීපෙ ඨිතොපි වා න දිස‍්සති, එවං අත‍්තානං වා පරං වා කත‍්තුකාමො පාදකජ‍්ඣානා වුට‍්ඨහිත්‍වා “ඉදං ආලොකට‍්ඨානං අන්‍ධකාරං හොතූ”ති වා, “ඉදං අප‍්පටිච‍්ඡන‍්නං පටිච‍්ඡන‍්නං හොතූ”ති වා, “ඉදං ආපාථං අනාපාථං හොතූ”ති වා ආවජ‍්ජිත්‍වා පරිකම‍්මං කත්‍වා වුත‍්තනයෙනෙව අධිට‍්ඨාති. සහ අධිට‍්ඨානා යථාධිට‍්ඨිතමෙව හොති. පරෙ සමීපෙ ඨිතාපි න පස‍්සන‍්ති, සයම‍්පි අපස‍්සිතුකාමො න පස‍්සති. අපිච සබ‍්බම‍්පි පාකටපාටිහාරියං ආවිභාවො නාම, අපාකටපාටිහාරියං තිරොභාවො නාම. තත්‍ථ පාකටපාටිහාරියෙ ඉද‍්ධිපි පඤ‍්ඤායති ඉද‍්ධිමාපි. තං යමකපාටිහාරියෙන දීපෙතබ‍්බං. අපාකටපාටිහාරියෙ ඉද‍්ධියෙව පඤ‍්ඤායති, න ඉද‍්ධිමා. තං මහකසුත‍්තෙන (සං· නි· 4.346) ච බ්‍රහ‍්මනිමන‍්තනිකසුත‍්තෙන (ම· නි· 1.501 ආදයො) ච දීපෙතබ‍්බං.

ආවිභාවං යනු ප්‍රකටභාවය කෙරේයයි අර්ථයි. තිරොභාවං යනු වැසුණු බව කෙරේයයි අර්ථයි. ප්‍රකටභාවය පැමිණේ. වැසුණු භාවයට පැමිණේයයි පළමු අයුරින්ම සම්බන්ධයයි. ඒ මේ සෘද්ධිමතා, ප්‍රකට භාවය කරනු කැමැත්තේ, අන්ධකාරය හෝ ආලෝකය කරයි. වැසුණු දැයක් හෝ ප්‍රකට කරයි. අභිමුවට හමුනොවූ දැයක අභිමුව කරයි. කෙසේද? මෙතෙමේ වැසුණු ඉතා දුර සිටියහු හෝ යම්සේ දර්ශනය වේද? එසේ තමා හෝ අන්‍යයා හෝ පෙනෙන ලෙස කරනු කැමැත්තේ, පාදක ධ්‍යානයෙන් නැගිට, මේ අන්ධකාර ස්ථානය ආලෝකවත් වේවායි හෝ, මේ වැසුණු දෑ විවෘත වේවායි හෝ මේ අභිමුවට හමුනොවූ දෑ හමුවට වේවායි හෝ ආවර්ජනය කොට පරිකර්මකොට කියන ලද අයුරින්ම අධිෂ්ඨාන කරයි. අදිටන් කළ කෙණෙහිම අධිෂ්ඨාන කළ පරිද්දෙන්ම වේ. අන්‍යයා දුර සිටියාහුද දකිත්. තෙමේ හෝ දකිනු කැමති අන්‍යයා දකියි. මුවහවීම කරනු කැමැත්තේ ආලෝකය, අන්ධකාරය කරයි. නොවැසුණු දෑ වැසීම් තත්වයටද අභිමුව පත් දෑ අනභිමුව බවටද පත්කරයි. කෙසේද? මෙතෙමේ යම්සේ නොවැසුණෝ සමීපයෙහි සිටියහුද නොපෙනේද? මෙසේ තමා හෝ අන්‍යයා හෝ කරනු කැමැත්තේ පාදක ධ්‍යානයයෙන් නැගිට මේ ආලෝකස්ථානය අන්ධකාර වේවායිද, මේ නොවැසුණු දෑ වැසුණු බවට පත්වේවායිද, මේ අභිමුව දෑ අනභිමුව වේවායි හෝ ආවර්ජනා කොට පරිකර්ම කියන ලද ක්‍රමයෙන්ම අධිෂ්ඨාන කරයි. අධිෂ්ඨානය සමගම අධිෂ්ඨිත අයුරින්ම වෙයි. අන්‍යයා සමීපයෙහි සිටියේ වී නමුත් නොදකිත්. තෙමේද නොදකිනු කැමැත්තේ නොදකී. තවද, සියලු ප්‍රකට ප්‍රාතිහාර්යය ආවිභාව නමැ. අප්‍රකට ප්‍රාතිහාර්යය තිරොභාව නමැ. එහි ප්‍රකට ප්‍රාතිහාර්යයෙහි සෘද්ධියද, සෘද්ධිමතාද පෙනේ. එය යමක මහා ප්‍රාතිහාර්යයෙන් දැක්විය යුතුය. අප්‍රකට ප්‍රාතිහාර්යයෙහිම සෘද්ධියෙහි පෙනේ. සෘද්ධිමතා නොපෙනේ. එය මහක සූත්‍රයෙන්ද බ්‍රහ්ම නිමන්තණික සූත්‍රයෙන්ද දැක්විය යුතුය.

තිරොකුට‍්ටන‍්ති පරකුට‍්ටං, කුට‍්ටස‍්ස පරභාගන‍්ති වුත‍්තං හොති. එස නයො තිරොපාකාරතිරොපබ‍්බතෙසු. කුට‍්ටොති ච ගෙහභිත‍්ති. පාකාරොති ගෙහවිහාරගාමාදීනං පරික‍්ඛෙපපාකාරො. පබ‍්බතොති පංසුපබ‍්බතො වා පාසාණපබ‍්බතො වා. අසජ‍්ජමානොති අලග‍්ගමානො. සෙය්‍යථාපි ආකාසෙති ආකාසෙ විය. එවං ගන‍්තුකාමෙන පන ආකාසකසිණං සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය කුට‍්ටං වා පාකාරං වා පබ‍්බතං වා ආවජ‍්ජිත්‍වා කතපරිකම‍්මෙන “ආකාසො හොතූ”ති අධිට‍්ඨාතබ‍්බො, ආකාසොව හොති. අධො ඔතරිතුකාමස‍්ස, උද‍්ධං වා ආරොහිතුකාමස‍්ස සුසිරො හොති, විනිවිජ‍්ඣිත්‍වා ගන‍්තුකාමස‍්ස ඡිද‍්දො. සො තත්‍ථ අසජ‍්ජමානො ගච‍්ඡති. සචෙ පනස‍්ස භික‍්ඛුනො අධිට‍්ඨහිත්‍වා ගච‍්ඡන‍්තස‍්ස අන‍්තරා පබ‍්බතො වා රුක‍්ඛො වා උට‍්ඨෙති, කිං පුන සමාපජ‍්ජිත්‍වා අධිට‍්ඨාතබ‍්බන‍්ති? දොසො නත්‍ථි. පුන සමාපජ‍්ජිත්‍වා අධිට‍්ඨානඤ‍්හි උපජ‍්ඣායස‍්ස සන‍්තිකෙ නිස‍්සයග‍්ගහණසදිසං හොති. ඉමිනා පන භික‍්ඛුනා “ආකාසො හොතූ”ති අධිට‍්ඨිතත‍්තා ආකාසො හොතියෙව. පුරිමාධිට‍්ඨානබලෙනෙව චස‍්ස අන‍්තරා අඤ‍්ඤො පබ‍්බතො වා රුක‍්ඛො වා උතුමයො උට‍්ඨහිස‍්සතීති අට‍්ඨානමෙතං. අඤ‍්ඤෙන ඉද‍්ධිමතා නිම‍්මිතෙ පන පඨමං නිම‍්මානං බලවං හොති. ඉතරෙන තස‍්ස උද‍්ධං වා අධො වා ගන‍්තබ‍්බං.

තිරොකුඩ්ඩං යනු බිත්ති පිටක, බිත්තියෙහි අනෙක් කොටසයයි යූ.සේයි. වැසුණු ප්‍රාකාර, වැසුණු පර්වතයන්හිද එම ක්‍රමයමැයි. කුඩ්ඩ යනු ගෘහ බිත්ති, පාකාරො යනු ගෘහ විහාර ග්‍රාමාදීන්හි වටකළ තාප්පය, පබ්බතො යනු පාංශු පර්වත හෝ ගල් පර්වත හෝ, අසජ්ජමානො යනු නොතැවරී. සෙය්‍යථාපි ආකාසෙ යනු අහසෙහි මෙන්, මෙසගෙමන් කරනු කැමැත්තහු විසින් ආකාස කසිණයට සමවැදී නැගිට, බිත්තිය හෝ ප්‍රාකාරය හෝ පර්වතය හෝ ආවර්ජනා කොට කළ පිරියම් ඇත්තහු විසින් අහස වේවායි අධිෂ්ඨාන කළයුතුය. අහසම වෙයි. යට බසිනු කැමැත්තහුට හෝ ඉහළ නගින කැමැත්තහුට සිදුරක් හටගනී. විනිවිද යනු කැමැත්තහුට සිදුරක් වේ. හෙතෙම එහි නොගැටෙමින් යයි. ඉදින් මේ අධිෂ්ඨාන කොට යන්නා වූ භික්‍ෂුවට අතරත පර්වතයක් හෝ වෘක්‍ෂයක් පැනනගීද? කිමෙක්ද? නැවත සමවැද අධිෂ්ඨාන කළයුතුද? වරදක් නැත. නැවත සමවැද අධිෂ්ඨානය වනාහි උපාධ්‍යයාගේ සමීපයෙහි පිහිට ලබාගැනීම හා සමාන වේ. මේ භික්‍ෂුව විසින් ආකාසය වේවායි අධිෂ්ඨාන කළ හෙයින් ආකාසය වේමය. පළමු අධිෂ්ඨාන බලයෙන්ම මොහුට අතරතුර අන්‍ය පර්වතයක් හෝ වෘක්‍ෂයක් සෘතුමය වශයෙන් පැන නගින්නේය යන එය කිසිසේත් සිදුනොවන්නේය. අනෙක් සෘද්ධිමතෙකු විසින් කරන ලද නිර්මිතය ප්‍රථම නිර්මාණයට වඩා බලවත් වේ. අනෙක් තැනැත්තා විසින් එයට ඉහළින් හෝ පහළින් යායුතුය.

පථවියාපි උම‍්මුජ‍්ජනිමුජ‍්ජන‍්ති එත්‍ථ උම‍්මුජ‍්ජන‍්ති උට‍්ඨානං, නිමුජ‍්ජන‍්ති සංසීදනං, උම‍්මුජ‍්ජඤ‍්ච නිමුජ‍්ජඤ‍්ච උම‍්මුජ‍්ජනිමුජ‍්ජං. එවං කත‍්තුකාමෙන පන ආපොකසිණං සමාපජ‍්ජිත්‍වා උට‍්ඨාය “එත‍්තකෙ ඨානෙ පථවී උදකං හොතූ”ති පරිච‍්ඡින්‍දිත්‍වා පරිකම‍්මං කත්‍වා වුත‍්තනයෙනෙව අධිට‍්ඨාතබ‍්බං. සහ අධිට‍්ඨානා යථාපරිච‍්ඡින‍්නෙ ඨානෙ පථවී උදකමෙව හොති. සො තත්‍ථ උම‍්මුජ‍්ජනිමුජ‍්ජං කරොති සෙය්‍යථාපි උදකෙ. න කෙවලඤ‍්ච උම‍්මුජ‍්ජනිමුජ‍්ජමෙව, න‍්හානපානමුඛධොවනභණ‍්ඩකධොවනාදීසු යං යං ඉච‍්ඡති, තං තං කරොති. න කෙවලඤ‍්ච උදකමෙව කරොති, සප‍්පිතෙලමධුඵාණිතාදීසුපි යං යං ඉච‍්ඡති, තං තං “ඉදඤ‍්චිදඤ‍්ච එත‍්තකං හොතූ”ති ආවජ‍්ජිත්‍වා පරිකම‍්මං කත්‍වා අධිට‍්ඨහන‍්තස‍්ස යථාධිට‍්ඨිතමෙව හොති. උද‍්ධරිත්‍වා භාජනගතං කරොන‍්තස‍්ස සප‍්පි සප‍්පියෙව හොති, තෙලාදීනි තෙලාදීනියෙව, උදකං උදකමෙව. සො තත්‍ථ තෙමිතුකාමොව තෙමෙති, න තෙමිතුකාමො න තෙමෙති. තස‍්සෙව ච සා පථවී උදකං හොති, සෙසජනස‍්ස පථවීයෙව. තත්‍ථ මනුස‍්සා පත‍්තිකාපි ගච‍්ඡන‍්ති, යානාදීහිපි ගච‍්ඡන‍්ති, කසිකම‍්මාදීනිපි කරොන‍්තියෙව. සචෙ පනායං “තෙසම‍්පි උදකං හොතූ”ති ඉච‍්ඡති, හොතියෙව. පරිච‍්ඡින‍්නකාලං පන අතික‍්කමිත්‍වා යං පකතියා ඝටතළාකාදීසු උදකං, තං ඨපෙත්‍වා අවසෙසං පරිච‍්ඡින‍්නට‍්ඨානං පථවීයෙව හොති.

පඨවියාපි උම්මුජ්ජ නිමුජ්ජං යනු මෙහි උම්මුජ්ජං යනු දිය මතුපිට නැගිට සිටීමයි. නිම්මුජ්ජං යනු දියෙහි කිමිදීමයි. දියෙහි මතුපිට සිටීමද, දියෙහි කිමිදී සිටීමද, උම්මුජ්ජනිමුජ්ජයි. මෙසේ කරනු කැමැත්තහු විසින් ආපො කසිණයට සමවැදී නැගිට මෙතෙක් තන්හි පෘථිවිය ජලය බවට පත්වේවායි පිරිසිඳ පරිකර්මකොට කියන ලද ක්‍රමයෙන්ම අධිෂ්ඨාන කළයුතුය. අධිෂ්ඨානය සමග පිරිසිඳින ලද පරිදි, එම ස්ථානයෙහි පෘථුවිය ජලයම වේ. හෙතෙම එහි ජලයෙහි මෙන් දිය මතුපිට නැගී සිටීම, දියෙහි කිමිදීම කරයි. දිය මතුපිට සිටීම-කිමිදීම පමණක්ම නොවේ. දියනෑම, මුහුණ සේදීම, භාණ්ඩ සේදීම් ආදීන්හි, යම් යම් දැයක් කැමැති වේද? ඒ ඒ දෑ කරයි. හුදෙක් දිය පමණෙක්ම කරන්නේ නොවේ. ගිතෙල්, තලතෙල්, මීපැණි, උක්පැණි ආදීන්හි යම් යම් දැයක් කැමැති වේද, මේ මේ දෑ මෙතෙක් වේවායි ආවර්ජනාකොට, පරිකර්මකොට, අධිෂ්ඨාන කරන්නහුට අධිෂ්ඨාන කළ පරිදිම වේ. ඉන් ගෙන භාජනගත කරන්නහුට ගිතෙල්, ගිතෙල්මය, තෙල් ආදිය තෙල් ආදීහුමය. ජලය, ජලයමය. හෙතෙම එහි තෙමෙනු කැමැත්තේම තෙමෙයි නොතෙමෙනු කැමැත්තේ නොතෙමෙයි. ඔහුටම ඒ පෘථුවිය ජලය වන්නීය. සෙසු ජනයාට පෘථුවියමය. එහි මිනිස්සු පා ගමනින්ද යෙති. යානාවන්ගෙන්ද යෙති. කෘෂිකර්මාන්තාදියද කරත්මය. ඉදින් ඔවුන්ටද ජලය වේවායි කැමැති වේද, වේමය. පිරිසිඳි කාලය ඉක්මවීමෙන්, යම් ප්‍රකෘතියෙන් කළ, වැව් ආදීන්හි ජලයක් වූයේද? එය හැර සෙසු පිරිසිඳි ස්ථානය පෘථුවියම වේ.

උදකෙපි අභිජ‍්ජමානෙ ගච‍්ඡතීති එත්‍ථ යං උදකං අක‍්කමිත්‍වා සංසීදති, තං භිජ‍්ජමානන‍්ති වුච‍්චති, විපරීතං අභිජ‍්ජමානං. එවං ගන‍්තුකාමෙන පන පථවීකසිණං සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය “එත‍්තකෙ ඨානෙ උදකං පථවී හොතූ”ති පරිච‍්ඡින්‍දිත්‍වා පරිකම‍්මං කත්‍වා වුත‍්තනයෙනෙව අධිට‍්ඨාතබ‍්බං. සහ අධිට‍්ඨානා යථාපරිච‍්ඡින‍්නට‍්ඨානෙ උදකං පථවීයෙව හොති. සො තත්‍ථ ගච‍්ඡති සෙය්‍යථාපි පථවියං. න කෙවලඤ‍්ච ගච‍්ඡති, යං යං ඉරියාපථං ඉච‍්ඡති, තං තං කප‍්පෙති. න කෙවලඤ‍්ච පථවිමෙව කරොති, මණිසුවණ‍්ණපබ‍්බතරුක‍්ඛාදීසුපි යං යං ඉච‍්ඡති, තං තං වුත‍්තනයෙනෙව ආවජ‍්ජිත්‍වා අධිට‍්ඨාති, යථාධිට‍්ඨිතමෙව හොති. තස‍්සෙව ච තං උදකං පථවී හොති, සෙසජනස‍්ස උදකමෙව . මච‍්ඡකච‍්ඡපා ච උදකකාකාදයො ච යථාරුචි විචරන‍්ති. සචෙ පනායං අඤ‍්ඤෙසම‍්පි මනුස‍්සානං තං පථවිං කාතුං ඉච‍්ඡති, කරොතියෙව. යථාපරිච‍්ඡින‍්නකාලාතික‍්කමෙන පන උදකමෙව හොති.

උදකෙපි අභිජ්ජමානෙ ගච්ඡති යන මෙහි යම් දිය ඉක්මවා ගිලීයාමක් වේද, එය බිඳෙනු ලබන්නේ යයි යූ.සේයි. විපරීතය. නොබිඳෙනු ලබන්නයි. මෙසේ ගමන් කරනු කැමැත්තහු විසින් පෘථුවි කසිණයට සමවැදී, නැගිට මෙතෙක් තන්හි ජලය පෘථුවිය වේවායි පිරිසිඳ, පරිකර්ම කොට කියන ලද අයුරින්ම අධිෂ්ඨාන කටයුතුය. අධිෂ්ඨානය සමග පිරිසිඳි ස්ථානයෙහි ජලය පෘථුවියම වේ. හෙතෙම එහි පෘථුවියෙහි යම්සේද එසේ ගමන් කරයි. හුදෙක් ගමන් කිරීම පමණෙක් නොවේ. යම් යම් ඉරියව්වක් කැමැති වේද, ඒ ඒ දෑ කරයි. හුදෙක් පෘථුවියම පමණක් කරන්නේ නොවේ. මාණික්‍ය, ස්වර්ණ, පර්වත වෘක්‍ෂාදීන්හි යම් යම් දැයක් කැමැති වේද? ඒ ඒ දෑ කියන ලද ක්‍රමයෙන්ම ආවර්ජනය කොට, අධිෂ්ඨාන කරයි. අධිෂ්ඨාන කළ පරිද්දෙන්ම එය සිදුවෙයි. ඔහුටම ඒ ජලය පෘථුවිය වේ. සෙසු ජනයාට ජලයමය. මත්ස්‍යයෝ, කැස්බෑවෝ, දියකාවෝ රිසිසේ හැසිරෙත්. ඉදින් මෙතෙමේ අන් මිනිසුන්ටද, එය පෘථුවිය කරන්ට කැමැති වේද? එසේ ඔහුට එය කළ හැකිය. පිරිසිඳි කාල ඉක්මීමෙන් ජලය බවටම පත්වේ.

ආකාසෙපි පල‍්ලඞ‍්කෙන කමතීති අන‍්තලික‍්ඛෙ සමන‍්තතො ඌරුබද‍්ධාසනෙන ගච‍්ඡති. පක‍්ඛී සකුණොති පක‍්ඛෙහි යුත‍්තො සකුණො, න අපරිපුණ‍්ණපක‍්ඛො ලූනපක‍්ඛො වා. තාදිසො හි ආකාසෙ ගන‍්තුං න සක‍්කොති. එවමාකාසෙ ගන‍්තුකාමෙන පන පථවීකසිණං සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය සචෙ නිසින‍්නො ගන‍්තුමිච‍්ඡති, පල‍්ලඞ‍්කප‍්පමාණං ඨානං පරිච‍්ඡින්‍දිත්‍වා පරිකම‍්මං කත්‍වා වුත‍්තනයෙනෙව අධිට‍්ඨාතබ‍්බං. සචෙ නිපන‍්නො ගන‍්තුකාමො හොති, මඤ‍්චප‍්පමාණං, සචෙ පදසා ගන‍්තුකාමො හොති, මග‍්ගප‍්පමාණන‍්ති එවං යථානුරූපං ඨානං පරිච‍්ඡින්‍දිත්‍වා වුත‍්තනයෙනෙව “පථවී හොතූ”ති අධිට‍්ඨාතබ‍්බං. සහ අධිට‍්ඨානා පථවීයෙව හොති. ආකාසෙ ගන‍්තුකාමෙන ච භික‍්ඛුනා දිබ‍්බචක‍්ඛුලාභිනාපි භවිතබ‍්බං. කස‍්මා? යස‍්මා අන‍්තරා උතුසමුට‍්ඨානා වා පබ‍්බතරුක‍්ඛාදයො හොන‍්ති, නාගසුපණ‍්ණාදයො වා උසූයන‍්තා මාපෙන‍්ති, තෙසං දස‍්සනත්‍ථං. තෙ පන දිස‍්වා කිං කාතබ‍්බන‍්ති? පාදකජ‍්ඣානං සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය “ආකාසො හොතූ”ති පරිකම‍්මං කත්‍වා අධිට‍්ඨාතබ‍්බං. අපිච ඔකාසෙ ඔරොහණත්‍ථම‍්පි ඉමිනා දිබ‍්බචක‍්ඛුලාභිනා භවිතබ‍්බං. අයඤ‍්හි සචෙ අනොකාසෙ න‍්හානතිත්‍ථෙ වා ගාමද‍්වාරෙ වා ඔරොහති, මහාජනස‍්ස පාකටො හොති, තස‍්මා දිබ‍්බචක‍්ඛුනා පස‍්සිත්‍වා අනොකාසං වජ‍්ජෙත්‍වා ඔකාසෙ ඔතරතීති.

ආකාසෙපි පල්ලංකෙන කමති යනු අහසෙහි හාත්පස කලවාබද්ධ ආසනයෙන් යයි පක්ඛීසකුණො පියාපත්වලින් යුත් පක්‍ෂියා, අසම්පූර්ණ පියාපත් හෝ කපා දැමූ පියාපත් සහිත පක්‍ෂියෙක් නොවේ. එවැනි පක්‍ෂීන්ට අහසෙහි යන්ට නොහැක. මෙසේ අහස්හි ගමන් කරනු කැමැත්තහු විසින් පඨවි කසිණයට සමවැදී නැගිට, ඉදින් හුන්නේම ගමන්කරන්ට කැමැති වේද? පර්යංක ප්‍රමාණ ස්ථානය පිරිසිඳ, පරිකර්ම කොට, කියන ලද, ආකාරයෙන්ම අධිෂ්ඨාන කළයුතුය. ඉදින් වැදහෝනේ ගමන් කරනු කැමැත්තේ වේද, ඇඳක ප්‍රමාණයද, ඉදින් පා ගමනින් යනු කැමැත්තේ වේද, මාර්ග ප්‍රමාණයදැයි මෙසේ සුදුසු පරිදි ස්ථානය පිරිසිඳ, කියන ලද ආකාරයෙන්ම පෘථුවිය වේවායි අධිෂ්ඨාන කළයුතුය. අධිෂ්ඨානය සමගම පෘථුවිය වේ. අහසෙහි අහසින් ගමන් කරන භික්‍ෂුව දිව්‍ය චක්‍ෂුර්ලාභියෙකු විය යුතුය. කුමක් හෙයින්ද, අතරතුර සෘතු සමුට්ඨාන පර්වත වෘක්‍ෂාදීහු වෙති. නාගයෝ හා ගුරුළෝ ඊර්ෂ්‍යා කරමින් බාධක මවති. ඒවාහි දැකීම සඳහා ඒවා දැක කුමක් කළයුතුද? පාදක ධ්‍යානයට සමවැද නැගිට ආකාසය වේවායි පරිකර්මකොට අධිෂ්ඨාන කළයුතුය. තවද, සුදුසු අවකාශයෙහි බැසීම සඳහාද, මොහු විසින් දිව්‍ය චක්‍ෂුර්ලාභියෙකු ලෙසින් ක්‍රියාකරන අයෙකු විය යුතුය. මොහු වනාහි ඉදින් ස්නාන තොටුපළෙක හෝ ගම්දොරක හෝ යන අනවකාස ස්ථානයෙහි බසීද? මහජනයාට ප්‍රකට වේ. එහෙයින් දිවැසින් බලා අනවකාස ස්ථාන අත්හැර සුදුසු ස්ථානයෙහි බසියි.

ඉමෙපි චන්‍දිමසූරියෙ එවංමහිද‍්ධිකෙ එවංමහානුභාවෙති එත්‍ථ චන්‍දිමසූරියානං ද‍්වාචත‍්තාලීසයොජනසහස‍්සොපරිචරණෙන මහිද‍්ධිකතා, තීසු දීපෙසු එකක‍්ඛණෙ ආලොකකරණෙන මහානුභාවතා වෙදිතබ‍්බා, එවං උපරිචරණආලොකඵරණෙහි වා මහිද‍්ධිකෙ, තෙනෙව මහිද‍්ධිකත‍්තෙන මහානුභාවෙ . පරාමසතීති පරිග‍්ගණ‍්හාති, එකදෙසෙ වා ඵුසති. පරිමජ‍්ජතීති සමන‍්තතො ආදාසතලං විය පරිමජ‍්ජති. අයං පනස‍්ස ඉද‍්ධි අභිඤ‍්ඤාපාදකජ‍්ඣානවසෙනෙව ඉජ‍්ඣති, නත්‍ථෙත්‍ථ කසිණසමාපත‍්තිනියමො. ස‍්වායං යදි ඉච‍්ඡති ගන‍්ත්‍වා පරාමසිතුං, ගන‍්ත්‍වා පරාමසති. සචෙ පන ඉධෙව නිසින‍්නකො වා නිපන‍්නකො වා පරාමසිතුකාමො හොති, “හත්‍ථපාසෙ හොතූ”ති අධිට‍්ඨාති. අධිට‍්ඨානබලෙන වණ‍්ටා මුත‍්තතාලඵලං විය ආගන‍්ත්‍වා හත්‍ථපාසෙ ඨිතෙ වා පරාමසති, හත්‍ථං වා වඩ‍්ඪෙත්‍වා පරාමසති. හත්‍ථං වඩ‍්ඪෙන‍්තස‍්ස පන කිං උපාදින‍්නකං වඩ‍්ඪති අනුපාදින‍්නකං වාති? උපාදින‍්නකං නිස‍්සාය අනුපාදින‍්නකං වඩ‍්ඪති. යො එවං කත්‍වා න කෙවලං චන්‍දිමසූරියෙ පරාමසති, සචෙ ඉච‍්ඡති, පාදකථලිකං කත්‍වා පාදෙ ඨපෙති, පීඨං කත්‍වා නිසීදති, මඤ‍්චං කත්‍වා නිපජ‍්ජති, අපස‍්සෙනඵලකං කත්‍වා අපස‍්සයති. යථා එකො, එවං අපරොපි. අනෙකෙසුපි හි භික‍්ඛුසතසහස‍්සෙසු එවං කරොන‍්තෙසු තෙසඤ‍්ච එකමෙකස‍්ස තථෙව ඉජ‍්ඣති. චන්‍දිමසූරියානඤ‍්ච ගමනම‍්පි ආලොකකරණම‍්පි තථෙව හොති. යථා හි පාතිසහස‍්සෙසු උදකපූරෙසු සබ‍්බපාතීසු චන්‍දමණ‍්ඩලානි දිස‍්සන‍්ති, පාකතිකමෙව චන්‍දස‍්ස ගමනං ආලොකකරණඤ‍්ච හොති, තථූපමමෙතං පාටිහාරියං. යාව බ්‍රහ‍්මලොකාපි කායෙන වසං වත‍්තෙතීති බ්‍රහ‍්මලොකං පරිච‍්ඡෙදං කත්‍වා එත්‍ථන‍්තරෙ අනෙකවිධං අභිඤ‍්ඤං කරොන‍්තො අත‍්තනො කායෙන වසං ඉස‍්සරියං වත‍්තෙති. විත්‍ථාරො පනෙත්‍ථ ඉද‍්ධිකථායං ආවිභවිස‍්සතීති.

ඉමෙපි චන්‍දිම සුරියෙ එවං මහිද්ධිකෙ එවං මහානුභාවෙ යන මෙහි චන්ද්‍ර සූර්යයන්ගේ, දෙසාළිස් දහසක් යොදුන් මතුයෙහි හැසිරීමෙන් මහර්ධිතාවයද, තෙදිවයන්හි ඒකක්‍ෂණයෙහි ආලෝක කරණයෙන් මහානුභාවයද දතයුත්තාහුය. මෙසේ පෘථුවි මතුයෙහි හැසිරීම, ආලෝකය පැතිරවීම ආදියෙන් මහර්ධික වූ එම මහර්ධිකත්‍වයෙන් මහානුභාවයෙහි පිහිටි; පරාමසති යනු හාත්පසින් ගනියි. එක් කොටසක් හෝ ස්පර්ශ කරයි. පරිමජ්ජති යනු හාත්පසින් කැඩපත් තලයක් මෙන් පිරිමදියි. මොහුගේ මෙම සෘද්ධිය අභිඥාපාදක ධ්‍යාන වශයෙන් ඉටුවේ. මෙහි කසිණ සමාපත්ති නියමයක් නැත. මෙතෙම ගොස් ස්පර්ශ කරන්ට කැමැති වේද? ගොස් ස්පර්ශ කරයි. ඉදින් මෙහිම හිඳගෙන හෝ වැදහෙව ස්පර්ශ කරන්ට කැමැති වේද? අත්පසෙහි වේවායි අධිෂ්ඨාන කරයි. අධිෂ්ඨාන බලයෙන් නැට්ටෙන් ගිලිහුණු තල්ගෙඩියක් මෙන් අවුත් අත්පසෙහි සිටියේ හෝ ස්පර්ශ කරයි. අත හෝ දීර්ඝකොට ස්පර්ශ කරයි. අත වර්ධනය කරන්නහුට කිමෙක්ද? උපාදින්නකය වැඩේද? අනුපාදින්නකය වැඩේද? උපාදින්නකය ඇසිරිකොට අනුපාදින්නකය වැඩේ. (දීර්ඝ වේ.) හෙතෙම මෙසේ කොට හුදෙක් සඳහිරු පරාමර්ශනය මතුනොව, ඉදින් කැමැත්තේ නම් පාපුවරුවක් කොට පාදයන් තබයි. පුටුවක් කොට හිඳගනියි. ඇඳක් කොට නිදයි. හේත්තුවන ලෑල්ලක්කොට හේත්තු වේ. එක් අයෙකු මෙසේ කරද්දී, තවෙකෙක්ද එසේම කරයි. විවිධ භික්‍ෂූහු දසදහසක් මෙසේ කරන කල්හිද ඔවුන්ටද එකිනෙකාට එසේම සිද්ධ වේ. චන්ද්‍ර සූර්යයන්ගේ ගමනද ආලෝක කරණයද එසේම වේ. යම්සේ භාජන දිය පිරවූ බඳුන් දසදහසක් ඇතිකල්හි සියලු බඳුන්හි චන්ද්‍ර මණ්ඩලය දක්නා ලැබෙත්ද? චන්ද්‍රයාගේ ගමනද, ආලෝක කරණයද, ප්‍රකෘති තත්ත්වයෙන්ම වේ. එම ප්‍රාතිහාර්යයද එබඳුමය. යාවබ්‍රහ්ම ලොකාපි කායෙන වසං වත්තෙති යනු බ්‍රහ්මලෝකය සීමාකොට මේ අන්තරයෙහි නොයෙක් ආකාර අභිඥා කරනුයේ තමාගේ ශරීරයෙහි වසඟතාව, ඓශ්වර්යය පවත්වයි. මෙහි විස්තර වනාහි සෘද්ධි කථායෙහි ප්‍රකට වන්නේය.

ඉද‍්ධිවිධඤාණනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

ඉද්ධිවිධ ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.