52. චෙතොපරියඤාණනිද්දෙසවණ්ණනා අට්ඨකථා
52. චෙතොපරියඤාණනිද්දෙසවණ්ණනා
52. චෙතොපරිය ඤාණ නිර්දේශ වර්ණනාව
චෙතොපරියඤාණනිද්දෙසෙ සො එවං පජානාතීති ඉදානි වත්තබ්බං විධානං උපදිසති. ඉදං රූපං සොමනස්සින්ද්රියසමුට්ඨිතන්තිආදි ආදිකම්මිකෙන ඣායිනා පටිපජ්ජිතබ්බං විධානං. කථං? එතඤ්හි ඤාණං උප්පාදෙතුකාමෙන ඣායිනා පඨමං තාව දිබ්බචක්ඛුඤාණං උප්පාදෙතබ්බං. එතඤ්හි දිබ්බචක්ඛුවසෙන ඉජ්ඣති, තං එතස්ස පරිකම්මං. තස්මා තෙන භික්ඛුනා ආලොකං වඩ්ඪෙත්වා දිබ්බෙන චක්ඛුනා පරස්ස හදයරූපං නිස්සාය වත්තමානස්ස ලොහිතස්ස වණ්ණං පස්සිත්වා පස්සිත්වා චිත්තං පරියෙසිතබ්බං. තඤ්හි ලොහිතං කුසලසොමනස්සෙ වත්තමානෙ රත්තං හොති නිග්රොධපක්කවණ්ණං, අකුසලසොමනස්සෙ වත්තමානෙ තදෙව ලුළිතං හොති, දොමනස්සෙ වත්තමානෙ කාළකං හොති ජම්බුපක්කවණ්ණං ලුළිතං. කුසලූපෙක්ඛාය වත්තමානාය පසන්නං හොති තිලතෙලවණ්ණං. අකුසලූපෙක්ඛාය වත්තමානාය තදෙව ලුළිතං හොති. තස්මා තෙන “ඉදං රූපං සොමනස්සින්ද්රියසමුට්ඨිතං, ඉදං රූපං දොමනස්සින්ද්රියසමුට්ඨිතං, ඉදං රූපං උපෙක්ඛින්ද්රියසමුට්ඨිත”න්ති පරස්ස හදයලොහිතවණ්ණං පස්සිත්වා පස්සිත්වා චිත්තං පරියෙසන්තෙන චෙතොපරියඤාණං ථාමගතං කාතබ්බං. එවං ථාමගතෙ හි තස්මිං අනුක්කමෙන සබ්බම්පි කාමාවචරාදිභෙදං චිත්තං පජානාති චිත්තා චිත්තමෙව සඞ්කමන්තො විනා හදයරූපදස්සනෙන. වුත්තම්පි චෙතං අට්ඨකථායං –
චෙතොපරියඤාණ නිර්දේශයෙහි, සො එවං පජානාති යනු දැන් කිවයුතු විධානය පෙන්වයි. ඉදං රූපං සොමනස්සින්ද්රිය සමුට්ඨිතං ආදිය ආදිකර්මික ධ්‍යායීහු විසින් පිළිපැදිය යුතු විධානයයි. කෙසේද? එම ඤාණය උපදවනු කැමැති, ධ්‍යානලාභියා විසින් ප්‍රථමයෙන් දිව්‍ය චක්ෂු ඤාණය උපදවාගත යුතුය. එය දිව්‍ය චක්ෂු ඤාණ වශයෙන් සිද්ධ වේ. එය එයට පරිකර්මයි. එහෙයින් ඒ භික්ෂුව විසින් ආලෝකය වඩා දිවැසින් අන්‍යයාගේ හෘදය රූපය ඇසිරිකොට පවත්නා ලෝහිත වර්ණය දැක දැක සිත සෙවිය යුතුය. එම ලෝහිතය සෝමනස්ස සහගත කුසල් සිත පවත්නා කල්හි ඉදුණු නුගඵල වර්ණ රක්ත වර්ණ වේ. සෝමනස්ස සහගත අකුසල් සිත පවත්නා කල්හි එයම කැළඹුණේ වෙයි. දෝමනස්ස සහගත අකුසල් සිත් පවත්නා කල්හි, දඹපලවන් කැළැඹුණු කාල වර්ණ වේ. උපේක්ෂා සහගත කුසල් සිත් පවත්නා කල්හි තලතෙල් වර්ණ වූයේ ප්‍රසන්න වේ. අකුසල උපේක්ෂා සහගත සිත් පවත්නා කල්හි එයම කැළැඹුණේ වෙයි. එහෙයින් එය කරණකොට, මෙම රූපය සෝමනස්ස ඉන්ද්රියයෙන් හටගත්තේය. මෙම රූපය දෝමනස්ස ඉන්ද්රියයෙන් හටගත්තේය. මෙම රූපය උපේක්ෂා ඉන්ද්රියයෙන් හටගත්තේ යයි අන්‍යයාගේ හෘද ලෝහිත වර්ණය දැක සිත සොයන්නහු විසින් චෙතොපරියඤාණය ශක්තිමත් කළයුතුය. මෙසේ ශක්තිමත් වූ කල්හි එහි අනුක්රමයෙන් සියලුම කාමාවචරාදි භේදවූ සිත හෘදය රූප දර්ශනයෙන් තොරව සිතින් සිත සංක්‍රමණය වන්නේ දැනගනී. අටුවාවෙහි කියන ලදි –
“ආරුප්පෙ පරස්ස චිත්තං ජානිතුකාමො කස්ස හදයරූපං පස්සති, කස්සින්ද්රියවිකාරං ඔලොකෙතීති? න කස්සචි. ඉද්ධිමතො විසයො එස, යදිදං යත්ථ කත්ථචි චිත්තං ආවජ්ජන්තො සොළසප්පභෙදං චිත්තං ජානාති. අකතාභිනිවෙසස්ස පන වසෙන අයං කථා”ති (විසුද්ධි· 2.401).
අරූපතලයෙහි අන්‍යයාගේ සිත දැනගනු කැමැති තැනැත්තේ කවරෙකුගේ හෘදය රූපය දකීද? කවරෙකුගේ බලයිද? යම්කිසිතැනක සිත ආවර්ජනා කරන්නේ සොළොස් ආකාර සිත දැනගනී යන මෙය කිසි සෘද්ධිමතෙුකට විෂය නොවේ. නොකරන ලද බැඳී පැවතීම් වශයෙන් මෙම කථාවය.
පරසත්තානන්ති අත්තානං ඨපෙත්වා සෙසසත්තානං. පරපුග්ගලානන්ති ඉදම්පි ඉමිනා එකත්ථමෙව, වෙනෙය්යවසෙන පන දෙසනාවිලාසෙන ච බ්යඤ්ජනෙන නානත්තං කතං. චෙතසා චෙතො පරිච්ච පජානාතීති අත්තනො චිත්තෙන තෙසං චිත්තං පරිච්ඡින්දිත්වා සරාගාදිවසෙන නානප්පකාරතො ජානාති. සරාගං වාතිආදීසු වා-සද්දො සමුච්චයත්ථො. තත්ථ අට්ඨවිධං ලොභසහගතචිත්තං සරාගං චිත්තං නාම, අවසෙසං චතුභූමකකුසලාබ්යාකතචිත්තං වීතරාගං නාම. ද්වෙ දොමනස්සචිත්තානි, ද්වෙ විචිකිච්ඡාඋද්ධච්චචිත්තානීති ඉමානි පන චත්තාරි චිත්තානි ඉමස්මිං දුකෙ සඞ්ගහං න ගච්ඡන්ති. කෙචි පන ථෙරා තානිපි වීතරාගපදෙන සඞ්ගණ්හන්ති. දුවිධං පන දොමනස්සසහගතං චිත්තං සදොසං චිත්තං නාම, සබ්බම්පි චතුභූමකං කුසලාබ්යාකතං වීතදොසං නාම. සෙසානි දස අකුසලචිත්තානි ඉමස්මිං දුකෙ සඞ්ගහං න ගච්ඡන්ති. කෙචි පන ථෙරා තානිපි වීතදොසපදෙන සඞ්ගණ්හන්ති. සමොහං වීතමොහන්ති එත්ථ පන මොහෙකහෙතුකවසෙන විචිකිච්ඡාඋද්ධච්චසහගතද්වයමෙව සමොහං. මොහස්ස පන සබ්බාකුසලෙසු සම්භවතො ද්වාදසවිධම්පි අකුසලං චිත්තං “සමොහ”න්ති වෙදිතබ්බං. අවසෙසං කුසලාබ්යාකතං වීතමොහං. ථිනමිද්ධානුගතං පන සංඛිත්තං, උද්ධච්චානුගතං වික්ඛිත්තං. රූපාවචරාරූපාවචරං මහග්ගතං, අවසෙසං අමහග්ගතං. සබ්බම්පි තෙභූමකං සඋත්තරං, ලොකුත්තරං අනුත්තරං. උපචාරප්පත්තං අප්පනාප්පත්තඤ්ච සමාහිතං, තදුභයමසම්පත්තං අසමාහිතං. තදඞ්ගවික්ඛම්භනසමුච්ඡෙදපටිප්පස්සද්ධිනිස්සරණවිමුත්තිප්පත්තං විමුත්තං, පඤ්චවිධම්පි එතං විමුත්තිමප්පත්තං අවිමුත්තන්ති වෙදිතබ්බං. ඉති චෙතොපරියඤාණලාභී භික්ඛු සොළසප්පභෙදම්පි චිත්තං පජානාති. පුථුජ්ජනා පන අරියානං මග්ගඵලචිත්තං න ජානන්ති, අරියාපි ච හෙට්ඨිමා හෙට්ඨිමා උපරිමානං උපරිමානං මග්ගඵලචිත්තං න ජානන්ති, උපරිමා උපරිමා පන හෙට්ඨිමානං හෙට්ඨිමානං චිත්තං ජානන්තීති.
පරසත්තානං තමා හැර සෙසු සත්ත්වයින්ගේ, පරපුග්ගලානං මෙයද මෙයින් එකසමානාර්ථයි. විනේයජනයන්ගේ වශයෙන්ද, දේශනා විලාස වශයෙන්ද, ව්යඤ්ජනාක්ෂරයෙන් නානත්වය කරන ලදි. චෙතසා චෙතො පරිච්ච පජානාති තමාගේ සිතින් ඔවුන්ගේ සිත පිරිසිඳ රාග සහිතාදි භාවයෙන්, ආදී නානාප්‍රකාර වශයෙන් දැනගනී. සරාගංවා ආදීන්හි වා ශබ්දය එක්කිරීම් අර්ථයෙහිය. එහි අටවැදෑරුම් ලෝභසහගත සිත සරාගී සිත නමැ. ද්වි දොම්නස් සිත් ද්වි විචිකිච්ඡා, උද්ධච්ච සිත්ද යන මේ සිව් සිත් මෙම ද්විකයෙහි සංග්‍රහයට නොයෙත්. සමහර තෙරවරු ඒවාද වීතරාග පදයෙන් සංග්‍රහ කරත්. ද්විවිධ දොම්නස් සහගත සිත් සදොස සිත් නමැ. සියලුම චාතුර්භූමික කුසලාව්යාකෘත වීතදොස නමැ. සෙසු දස අකුසල සිත් මෙම ද්විකයෙහි සංග්‍රහයට නොයෙත්. සමහර තෙරවරු ඒවාද වීතදෝස පදයෙන් සංග්‍රහ කරත්. සමොහං වීතමොහං යන මෙහි මෝහය ඒකහේතුක වශයෙන් විචිකිච්ඡා උද්ධච්ච සහගත ද්වයයම සමොහංයි මෝහය වනාහි සියලු අකුසල්හි හටගන්නා හෙයින් දොළොස් ආකාර අකුසල් සිත් සමොහයි දතයුතුය. සෙසු කුසලා ව්යාකෘතයන් වීතමොහංයි. ථීනමිද්ධානුගත වූයේ සංඛිත්තංයි. උද්ධච්චානුගත වූයේ වික්ඛිත්තංයි. රූපාවචර අරූපාවචර මහග්ගතංයි. සෙස්ස අමහග්ගතංයි. සියලු ත්‍රෛභූමික චිත්තයන් සඋත්තරංයි ලෝකෝත්තර අනුත්තරංයි. උපචාර, අර්පණාප්රාප්ත වූයේ සමාහිතංයි. ඒ දෙඅයුරට නොපත් වූයේ අසමාහිතංයි තදංග, වික්ඛම්භන සමුච්ඡේද, පටිප්පස්සද්ධි, නිස්සරණ, විමුක්තිප්රාප්ත වූයේ විමුත්තංයි ඒ පස්වැදෑරුම් විමුක්ති නොපත්වූයේ අවිමුත්තංයි දතයුතුයි. මෙසේ, චෙතොපරියඤාණලාභී භික්ෂුව සොළොස්ප්රභේද වූ සිත් දනියි. පෘථග්ජනයෝ ආර්යයන්ගේ මාර්ගඵල සිත් නොදනිත්. යට ආර්යයෝද, මතු අයගේ මාර්ගඵල සිත් නොදනිති. මත්තෙහි වූවෝ යට අයගේ සිත් දනිත්.
චෙතොපරියඤාණනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
චෙතොපරිය ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.