52. චෙතොපරියඤාණං
52. චෙතොපරියඤාණං
52. චේතෝපරිය ඥානය
කථං තිණ‍්ණං චිත‍්තානං විප‍්ඵාරත‍්තා ඉන්‍ද්‍රියානං පසාදවසෙන නානත‍්තෙකත‍්තවිඤ‍්ඤාණචරියාපරියොගාහනෙ පඤ‍්ඤා චෙතොපරියඤාණං:
කිසෙයින් (සොමනස්සසහගතාදි) ත්‍රිවිධ චිත්තයන්ගේ වේගය හේතු කොට ගෙන ඉන්‍ද්‍රියයන්ගේ ප්‍රසාද වශයෙන් නානාස්වභාව ඒකස්වභාව වූ එකුන් අනූ චිත්තයාගේ පැවැත්ම දන්නා ප්‍රඥාව චේතෝපරියඥාන වෙයි යත්:
ඉධ භික‍්ඛු ඡන්‍දසමාධි -පෙ- විරියසමාධි -පෙ- චිත‍්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. සො ඉමෙසු චතුසු ඉද‍්ධිපාදෙසු භාවිතෙසු චිත‍්තං පරිභාවෙති, පරිදමෙති, මුදුං කරොති කම‍්මනියං. සො ඉමෙසු චතුසු ඉද‍්ධිපාදෙසු චිත‍්තං පරිභාවෙත්‍වා පරිදමෙත්‍වා මුදුං කරිත්‍වා කම‍්මනියං එවං ජානාති: ‘ඉදං රූපං සොමනස‍්සින්‍ද්‍රියසමුට‍්ඨිතං, ඉදං රූපං දොමනස‍්සින්‍ද්‍රියසමුට‍්ඨිතං, ඉදං රූපං උපෙක‍්ඛින්‍ද්‍රියසමුට‍්ඨිත’න‍්ති.
මෙසස්නෙහි මහණ ඡන්‍දසමාධිය … වීර්‍ය්‍යදසමාධිය … චිත්තදසමාධිය … වීමංසාසමාධිය … වඩා ද හෙතෙම මේ සතර ඍද්ධිපාදයන්හි සිත පුන පුනා වඩයි දමනය කෙරෙයි. මෘදු වූවක් කර්‍මණ්‍ය වූවක් කෙරෙයි. හෙතෙම මේ සතර ඍද්ධිපාදයන්හි සිත පුනපුනා වඩා දමනය කොට මෘදු වූවක් කර්‍මණ්‍ය වූවක් කොට මෙසේ දැනගනියි. මේ සිත සෝමනස්සින්‍ද්‍රියයෙන් උපන. මේ සිත දොමනස්සින්‍ද්‍රියයෙන් උපන, මේ සිත උපෙක්ඛින්‍ද්‍රියයෙන් උපනැ’යි.
සො තථා භාවිතෙන චිත‍්තෙන පරිසුද‍්ධෙන පරියොදාතෙන චෙතො පරියඤාණාය චිත‍්තං අභිනීහරති, අභිනින‍්නාමෙති. සො පරසත‍්තානං පරපුග‍්ගලානං චෙතසා චෙතො පරිච‍්ච පජානාති. සරාගං වා චිත‍්තං ‘සරාගං චිත‍්ත’න‍්ති පජානාති, වීතරාගං වා චිත‍්තං ‘වීතරාගං චිත‍්තං’න‍්ති පජානාති, සදොසං වා චිත‍්තං -පෙ- වීතදොසං වා චිත‍්තං -පෙ- සමොහං වා චිත‍්තං -පෙ- වීතමොහං වා චිත‍්තං -පෙ- සඞ‍්ඛිත‍්තං වා චිත‍්තං -පෙ- වික‍්ඛිත‍්තං වා චිත‍්තං -පෙ- මහග‍්ගතං වි චිත‍්තං -පෙ- අමහග‍්ගතං වා චිත‍්තං -පෙ- සඋත‍්තරං වා චිත‍්තං -පෙ- අනුත‍්තරං වා චිත‍්තං -පෙ- සමාහිතං වා චිත‍්තං -පෙ- අසමාහිතං වා චිත‍්තං -පෙ- විමුත‍්තං වා චිත‍්තං -පෙ- අවිමුත‍්තං වා චිත‍්තං ‘අවිමුත‍්තං චිත‍්ත’න‍්ති පජානාති.
හෙතෙම එපරිද්දෙන් භාවිත වූ පරිශුද්ධ වූ ප්‍රභාස්වර වූ සිතින් චේතෝපරියඤාණය පිණිස සිත එළවයි. නැඹුරු කෙරෙයි. හෙතෙම පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ සිත තමාගේ සිතින් පිරිසිඳ දැනගනි යි: සරාග වූ සිත ද ‘සරාග සිතැ’යි දැනගනියි, වීතරාග වූ සිත ද ‘වීතරාග සිතැ’යි දැනගනියි, සදෝස වූ සිත ද ‘සදෝස සිතැ’යි දැන ගනියි, වීතදෝස වූ සිත ද ... ‘සමෝහ වූ සිත ද ... වීතමෝහ වූ සිත ද ... (ථිනමිද්ධ වශයෙන්) හැකුළුණු සිත ද ... (උද්ධච්ච වශයෙන්) විසිරුණු සිත ද ... මහද්ගත වූ සිත ද ... මහද්ගත නො වූ සිත ද ... ස උත්තර වූ සිත ද … අනුත්තර වූ සිත ද ... සමාහිත වූ සිත ද ... අසමාහිත වූ සිත ද ... විමුක්ත වූ සිත ද … අවිමුක්ත වූ සිත ද ‘අවිමුක්ත වූ සිතැ’යි දැනගනී.
තං ඤාතට‍්ඨෙන ඤාණං, පජානනට‍්ඨෙන පඤ‍්ඤා. තෙන වුච‍්චති: ‘තිණ‍්ණං චිත‍්තානං විප‍්ඵාරත‍්තා ඉන්‍ද්‍රියානං පසාදවසෙන නානත‍්තෙකත‍්තවිඤ‍්ඤාණචරියාපරියොගාහනෙ පඤ‍්ඤා චෙතොපරියඤාණං.’
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘තිණ්ණං චිත්තානං විපඵාරත්තා ඉන්‍ද්‍රියානං පසාදවසේන නානත්තේකත්තවිඤ්ඤාණචරියා පරියෝගාහනෙ පඤ්ඤා චොතොපරියඤාණං’යි.
චෙතොපරියඤාණනිද‍්දෙසො.
චේතෝපරියඥානනිර්දේශ යි.