53. පුබ්බෙනිවාසානුස්සතිඤාණං
53. පුබ්බෙනිවාසානුස්සතිඤාණං.
53. පූර්වනිවාසානුස්මෘති ඥානය
කථං පච්චයපවත්තානං ධම්මානං නානත්තෙකත්තකම්මවිප්ඵාරවසෙන පරියොගාහනෙ පඤ්ඤා පුබ්බෙනිවාසානුස්සතිඤාණං:
කිසෙයින් ප්රත්යයොත්පන්නධර්මයන්ගේ නානාත්ව ඒකත්ව කර්මවේගවශයෙන් දැනගැනීමෙහි ප්රඥාව පූර්වනිවාසානුස්මෘතිඥානය වෙයි යත්:
ඉධ භික්ඛු ඡන්දසමාධි -පෙ- මුදුං කරිත්වා කම්මනියං එවං ජානාති: ‘ඉමස්මිං සති ඉදං හොති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති, යදිදං අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමාරූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
මෙ සස්නෙහි මහණ ඡන්දසමාධිය ... මෘදු වූවක් කර්මණ්ය වූවක් කොට මෙසේ දැනැනියි: මේ ප්රත්යය ඇති කල්හි මේ ප්රත්යයොත්පන්නය වෙයි, මේ ප්රත්යයාගේ උත්පාදය හේතු කොට ගෙන මේ ප්රත්යයොත්පන්නය උපදී. ඒ මෙසේ යැ: අවිද්යාප්රත්යයෙන් සංස්කාරයෝ උපදිති. සංස්කාරප්රත්යයෙන් ප්රතිසන්ධිවිඥානය උපදියි. විපාකවිඥානප්රත්යයෙන් නාමරූපය උපදියි. නාමරූපප්රත්යයෙන් ෂඩායතනය උපදියි. ෂඩායතනප්රත්යයෙන් ස්පර්ශය උපදියි. ස්පර්ශප්රත්යයෙන් වේදනාව උපදියි. වේදනා ප්රත්යයෙන් තෘෂ්ණාව උපදියි. තෘෂ්ණාප්රත්යයෙන් උපාදානය උපදියි. උපාදාන ප්රත්යයෙන් භවය උපදියි. කර්මභවප්රත්යයෙන් ජාතිය උපදියි. ජාතිප්රත්යයෙන් ජරාමරණය උපදියි. ශෝකපරිදේව දුඃඛදෞර්මනස්යෝපායාසයෝ උපදිත්. මෙසේ තෙල අසම්මිශ්ර වූ දුඃඛරාශිහුගේ සමුදය වේ. හෙතෙම එසේ භාවිත වූ පරිශුද්ධ වූ ප්රභාස්වර වූ සිතින් පූර්වනිවාසානුස්මෘතිඥානය පිණිස සිත එළවයි, නැඹුරු කෙරෙයි.
සො තථා භාවිතෙන චිත්තෙන පරිසුද්ධෙන පරියොදාතෙන පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනීහරති, අභිනින්නාමෙති: සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, ස්යෙථිදං: එකම්පි ජාතිං, ද්වෙපි ජාතියො, තිස්සොපි ජාතියො, චතස්සොපි ජාතියො, පඤ්චපි ජාතියො, දසපි ජාතියො, වීසම්පි ජාතියො, තිංසම්පි ජාතියො, චත්තාළීසම්පි ජාතියො, පඤ්ඤාසම්පි ජාතියො, ජාතිසතම්පි, ජාතිසහස්සම්පි, ජාතිසතසහස්සම්පි. අනෙකෙපි සංවට්ටකප්පෙ, අනෙකෙපි විවට්ටකප්පෙ, අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ, ‘අමුත්රාසිං එවන්නාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවං සුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො ඉධූපපන්නො’ති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති.
හෙතෙම අනේක ප්රකාර වූ පෙරවිසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි. ඒ මෙසේ යි: එක් ජාතියකුදු ජාති දෙකකුදු ජාති තුනකුදු ජාති සතරකුදු ජාති පසකුදු ජාති දසයකුදු ජාති විස්සකුදු ජාති තිසකුදු ජාති සතලිසකුදු ජාති පනසකුදු ජාති සියයකුදු ජාති දහසකුදු ජාති සුවහසකුදු නොයෙක් සංවර්තකල්පයනුදු නොයෙක් විවර්තකල්පයනුදු නොයෙක් සංවර්තවිවර්තකල්පයනුදු අසවල් තැන මෙබඳු නම් ඇතියෙම් මෙබඳු ගෝත්ර ඇතියෙම් මෙබඳු පැහැසටහන් ඇත්තෙම් මෙබඳු ආහාර ඇත්තෙම් මෙබඳු සුවදුක් විඳුනාසුලු වූයෙම් මෙබඳු ආයුපරිච්ඡේද ඇතියෙම් වීමි. ඒ මම එයින් සැව මෙහි උපන්මි’යී. මෙසේ (නම්ගොත් විසින්) උද්දේශ සහිත වූ (පැහැසටහන් විසින්) ආකාර සහිත වූ නානාප්රකාර වූ පෙර විසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි.
තං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති: ‘පච්චය පවත්තානං ධම්මානං නානත්තෙකත්තකම්මවිප්ඵාරවසෙන පරියොගාහනෙ පඤ්ඤා පුබ්බෙනිවාසානුස්සතිඤාණං.’
එය ඥාතාර්ත්ථයෙන් ඥාන යැ ප්රජානනාර්ත්ථයෙන් ප්රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘පච්චයපවත්තානං ධම්මානං නානත්තේකත්තකම්මවිප්ඵාරවසේන පරියෝගාහනෙ පඤ්ඤා පුබ්බේනිවාසානුස්සති ඤාණං’යි.
පුබ්බෙනිවාසානුස්සතිඤාණ නිද්දෙසො.
පූර්වනිවාසානුස්මෘතිඥානනිර්දේශ යි.