54. දිබ්බචක්ඛුඤාණං
54. දිබ‍්බචක‍්ඛුඤාණං.
54. දිව්‍යචක්‍ෂුර් ඥානය
කථං ඔභාසවසෙන නානත‍්තෙකත‍්තරූපනිමිත‍්තානං දස‍්සනට‍්ඨෙ පඤ්ඤා දිබ‍්බචක‍්ඛුඤාණං:
කිසෙයින් කසිණොභාස වශයෙන් නානාස්වභාව ඒකස්වභාව වර්‍ණායතනය දක්නා ස්වභාව වූ ප්‍රඥාව දිව්‍යචක්‍ෂූර්ඥාන වෙයි යත්:
ඉධ භික‍්ඛු ඡන්‍දසමාධි පධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. විරියසමාධි -පෙ- චිත‍්තසමාධි -පෙ- වීමංසාසමාධි පධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. සො ඉමෙසු චතුසු ඉද‍්ධිපාදෙසු චිත‍්තං පරිභාවෙති, පරිදමෙති, මුදුං කරොති කම‍්මයයං සො ඉමෙසු චතුසු ඉද‍්ධිපාදෙසු චිත‍්තං පරිභාවෙත්‍වා පරිදමෙත්‍වා මුදුං කරිත්‍වා කම‍්මනියං, ආලොකසඤ‍්ඤං මනසිකරොති, දිවාසඤ‍්ඤං අධිට‍්ඨාති, ‘යථා දිවා තථා රත‍්තී, යථා රත‍්ති තථා දිවා ඉති විවටෙන චෙතසා අපරියොනද‍්ධෙන සප‍්පභාසං චිත‍්තං භාවෙති.
මෙ සස්නෙහි මහණ ඡන්‍දය අධික කොට ඇති සමාධිය හා ප්‍රධාන වීර්‍ය්‍යයෙන් සමන්‍විත වූ ඍද්ධිපාදය වඩයි. වීර්‍ය්‍යය අධික කොට ඇති සමාධිය ... චිත්තය අධික කොට ඇති සමාධිය ... වීමංසාව අධික කොට ඇති සමාධිය හා ප්‍රධාන වීර්‍ය්‍යයෙන් සමන්‍විත වූ ඍද්ධිපාදය වඩයි. හෙතෙම මේ සතර ඍද්ධිපාදයන්හි සිත පුනපුනා වඩයි. දමනය කෙරෙයි මෘදු වූවක් කර්‍මණ්‍ය වූවක් කෙරෙයි. හෙතෙම මේ සතර ඍද්ධිපාදයන්හි සිත පුනපුනා වඩා දමනය කොට මෘදු වූවක් කර්‍මණ්‍ය වූවක් කොට ආලෝක සංඥාව මෙනෙහි කෙරෙයි. ‘දවාලැ’යි යන සංඥාව ඉටයි. යම්සේ දහවල්හි ආලොකය දක්නාලද ද එසේ මැ රාත්‍රියෙහි දු මෙනෙහි කෙරෙයි. යම්සේ රාත්‍රියෙහි දිබ්බචක්ඛුආලෝකයෙන් දක්නාලද ද එසේ මැ දහවල් හි දු මෙනෙහි කෙරෙයි. මෙසේ විවෘත වූ හාත්පසින් නො වැසුණු සිතින් අවභාස සහිත වූ සිත වඩයි.
සො තථා භාවිතෙන චිත‍්තෙන පරිසුද‍්ධෙන පරියොදාතෙන සත‍්තානං චූතුපපාතඤාණාය චිත‍්තං අභිනීහරති, අභිනින‍්නාමෙති, සො දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සත‍්තෙ පස‍්සති චවමානෙ උප‍්පජ‍්ජමානෙ හීනෙ පණීතෙ සුවණ‍්ණෙ දුබ‍්බණ‍්ණෙ සුගතෙ දුග‍්ගතෙ යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාති: ‘ඉමෙ වත භොන‍්තො සත‍්තා කාය දුච‍්චරිතෙන සමන‍්නාගතා වචීදුච‍්චරිතෙන සමන‍්නාගතා මනොදුච‍්චරිතෙන සමන‍්නාගතා අරියානං උපවාදකා මිච‍්ඡාදිට‍්ඨිකා මිච‍්ඡාදිට‍්ඨිකම‍්මසමාදානා, තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපන‍්නා. ඉමෙ වා පන භොන‍්තො සත‍්තා කායසුචරිතෙන සමන‍්නාගතා වචීසුචරිතෙන සමන‍්නාගතා මනොසුචරිතෙන සමන‍්නාගතා අරියානං අනුපවාදකා සම‍්මාදිට‍්ඨිකා සම‍්මාදිට‍්ඨිකම‍්මසමාදානා, තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපන‍්නා’ති. ඉති දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන සත‍්තෙ පස‍්සති චවමානෙ උප‍්පජ‍්ජමානෙ හීනෙ පණීතෙ සුවණ‍්ණෙ දුබ‍්බණ‍්ණෙ සුගතෙ දුග‍්ගතෙ යථා කම‍්මූපගෙ සත‍්තෙ පජානාති.
හේ එසෙයින් භාවිත වූ පරිශුද්ධ වූ ප්‍රභාස්වර වූ සිතින් සත්ත්‍වයන්ගේ ච්‍යුතිඋත්පත්ති දන්නා ඥානය පිණිස සිත එළවයි, නැඹුරු කෙරෙයි. හේ පරිශුද්ධ වූ මිනිසැස ඉක්මසිටි දිවැසින් ච්‍යුත වන්නා වූ උපදනා වූ හීන වූ ප්‍රණීත වූ සුන්‍දරවර්‍ණ වූ දුර්වර්‍ණ වු සුගතියට ගිය දුගතියට ගිය සත්ත්‍වයන් දකී. කම් වූ පරිද්දෙන් පරලොව ගිය සත්ත්‍වයන් දැනගනියි: ‘ඒකාන්තයෙන් මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යොපවාදක වූවාහු මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු මිථ්‍යාදෘෂ්ටිකර්‍මසමාදාන ඇත්තාහු ය. ඔහු කාබුන් මරණින් මත්තෙහි සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස ව පතිත වන නිරයට (ප්‍රතිසන්‍ධි විසින්) පැමිණියාහු ය. තවද මේ භවත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් යුක්ත වූවාහු වාග්සුචරිතයෙන් යුක්ත වූවාහු මනස්සුචරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යෝපවාද නො කළාහු සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු සම්‍යග්දෘෂ්ටිකර්‍මසමාදාන ඇත්තාහු ය. ඔහු කාබුන් මරණින් මත්තෙහි සුන්‍දරගති ඇති සුවයෙන් අග්‍ර වූ දෙව්ලොවට (ප්‍රතිසන්‍ධි විසින්) පැමිණියාහු’ යයි. මෙසේ විශුද්ධ වූ මිනිසැස ඉක්මසිටි දිවැසින් ච්‍යුත වන්නා වූ උපදනා වූ හීන වූ ප්‍රණීත වූ සුවර්‍ණ වූ දුර්වර්‍ණ වූ සුගතියට ගිය දුගතියට ගිය සත්ත්‍වයන් දකී. කම් වූ පරිද්දෙන් පරලොව ගිය සත්ත්‍වයන් දැනගනී.
තං ඤාතට‍්ඨෙන ඤාණං, පජානනට‍්ඨෙන පඤ‍්ඤා. තෙන වුච‍්චති: ‘ඔභාසවසෙන නානත‍්තෙකත‍්ත රූපනිමිත‍්තානං දස‍්සනට‍්ඨෙ පඤ්ඤා දිබ‍්බචක‍්ඛුඤාණං.’
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි. ‘ඕභාසවසේන නානත්තේකත්තරූපනිමිත්තානං දස්සනට්ඨෙ පඤ්ඤා දිබ්බචක්ඛුඤාණං’යි.
දිබ‍්බචක‍්ඛුඤාණනිද‍්දෙසො
දිව්‍යචක්‍ෂුර්ඥානනිර්දේශ යි.