54. දිබ්බචක්ඛුඤාණනිද්දෙසවණ්ණනා අට්ඨකථා
54. දිව්‍ය චක්ෂු ඤාණ නිර්දේශ වර්ණනාව
දිබ්බචක්ඛුඤාණනිද්දෙසෙ ආලොකසඤ්ඤං මනසි කරොතීති දිවා වා රත්තිං වා සූරියජොතිචන්දමණිආලොකං ආලොකොති මනසි කරොති. එවං මනසිකරොන්තො ච ආලොකොති සඤ්ඤං මනසි පවත්තනතො “ආලොකසඤ්ඤං මනසි කරොතී”ති වුච්චති. දිවාසඤ්ඤං අධිට්ඨාතීති එවං ආලොකසඤ්ඤං මනසිකරිත්වා දිවාති සඤ්ඤං ඨපෙති. යථා දිවා තථා රත්තින්ති යථා දිවා ආලොකො දිට්ඨො, තථෙව රත්තිම්පි මනසි කරොති. යථා රත්තිං තථා දිවාති යථා රත්තිං ආලොකො දිට්ඨො, තථෙව දිවාපි මනසි කරොති. ඉති විවටෙන චෙතසාති එවං අපිහිතෙන චිත්තෙන. අපරියොනද්ධෙනාති සමන්තතො අනද්ධෙන. සප්පභාසං චිත්තං භාවෙතීති සඔභාසං චිත්තං වඩ්ඪෙති. එතෙන දිබ්බචක්ඛුස්ස පරිකම්මාලොකාරම්මණං චිත්තං කථිතං. ආලොකකසිණාරම්මණං චතුත්ථජ්ඣානමෙව වා සන්ධාය වුත්තං. තස්සෙවං භාවයතො ඔභාසජාතං චිත්තං හොති විගතන්ධකාරාවරණං. තෙන හි දිබ්බචක්ඛුං උප්පාදෙතුකාමෙන ආදිකම්මිකෙන කුලපුත්තෙන ඉමිස්සායෙව පාළියා අනුසාරෙන කසිණාරම්මණං අභිඤ්ඤාපාදකජ්ඣානං සබ්බාකාරෙන අභිනීහාරක්ඛමං කත්වා “තෙජොකසිණං ඔදාතකසිණං ආලොකකසිණ”න්ති ඉමෙසු තීසු කසිණෙසු අඤ්ඤතරං ආසන්නං කාතබ්බං, උපචාරජ්ඣානගොචරං කත්වා වඩ්ඪෙත්වා ඨපෙතබ්බං, න තත්ථ අප්පනා උප්පාදෙතබ්බාති අධිප්පායො. සචෙ හි උප්පාදෙති, පාදකජ්ඣානනිස්සයං හොති, න පරිකම්මනිස්සයං. ඉමෙසු ච පන තීසු ආලොකකසිණංයෙව සෙට්ඨතරං, තදනුලොමෙන පන ඉතරං කසිණද්වයම්පි වුත්තං. තස්මා ආලොකකසිණං ඉතරෙසං වා අඤ්ඤතරං ආරම්මණං කත්වා චත්තාරි ඣානානි උප්පාදෙත්වා පුන උපචාරභූමියංයෙව ඨත්වා කසිණං වඩ්ඪෙතබ්බං. වඩ්ඪිතවඩ්ඪිතට්ඨානස්ස අන්තොයෙව රූපගතං පස්සිතබ්බං. රූපගතං පස්සතො පනස්ස තෙන බ්යාපාරෙන පරිකම්මචිත්තෙන ආලොකඵරණං අකුබ්බතො පරිකම්මස්ස වාරො අතික්කමති, තතො ආලොකො අන්තරධායති, තස්මිං අන්තරහිතෙ රූපගතම්පි න දිස්සති. අථානෙන පුනප්පුනං පාදකජ්ඣානමෙව පවිසිත්වා තතො වුට්ඨාය ආලොකො ඵරිතබ්බො. එවං අනුක්කමෙන ආලොකො ථාමගතො හොතීති. “එත්ථ ආලොකො හොතූ”ති යත්තකං ඨානං පරිච්ඡින්දති, තත්ථ ආලොකො තිට්ඨතියෙව. දිවසම්පි නිසීදිත්වා පස්සතො රූපදස්සනං හොති. තත්ථ යදා තස්ස භික්ඛුනො මංසචක්ඛුස්ස අනාපාථගතං අන්තොකුච්ඡිගතං හදයවත්ථුනිස්සිතං හෙට්ඨාපථවීතලනිස්සිතං තිරොකුට්ටපබ්බතපාකාරගතං පරචක්කවාළගතන්ති ඉදං රූපං ඤාණචක්ඛුස්ස ආපාථං ආගච්ඡති, මංසචක්ඛුනා දිස්සමානං විය හොති, තදා දිබ්බචක්ඛු උප්පන්නං හොති. තදෙව චෙත්ථ රූපදස්සනසමත්ථං, න පුබ්බභාගචිත්තානි.
දිව්‍ය චක්ෂු ඤාණ නිර්දේශයෙහි, ආලොක සඤ්ඤං මනසිකරොති යනු දිවාකල්හි හෝ රැයෙහි හෝ සූර්යාලෝක චන්ද්‍රාලෝක, මැණික් ආලෝක මෙනෙහි කරයි. මෙසේ මෙනෙහි කරන්නේම, ආලෝකයැයි යනු සංඥාව සිත්හි පවත්වන හෙයින් ආලෝක සංඥාව මෙනෙහි කෙරේයයි යූ.සේයි. දිවා සඤ්ඤං අධිට්ඨාති යනු මෙසේ ආලෝක සංඥාව මෙනෙහි කොට දිවා කල්යැයි සංඥාව පිහිටුවයි. යථා දිවා තථා රත්තිං යම්සේ දහවලෙහි ආලෝකය දක්නා ලද්දේද? එසේම රැයෙහිද මෙනෙහි කරයි. යථා රත්තිං තථා දිවාති යනු යම්සේ රැයෙහි අලෝකය දක්නා ලද්දේද? එසේම දහවලෙහිද මෙනෙහි කරයි. ඉති විවටෙන චෙතසා යනු නොවැසුණු සිතින්, අපරියො නද්ධෙන යනු හාත්පසින් නොවසන ලද, සප්පභාසං චිත්තං භාවෙති යනු ආලෝකවත් සිත දියුණු කරයි. එයින් දිව්‍ය චක්ෂුසට පරිකර්ම වූ, ආලෝකය අරමුණුකොට ඇති සිත කියන ලදි. ආලෝක කසිණාරම්මණය චතුර්ථ ධ්‍යානයම සඳහා යූ.සේයි. මෙසේ වඩනා ඔහුට පහවූ අන්ධකාරාවරණයෙන් යුත් ආලෝකවත් සිතක් වෙයි. එහෙයින් දිව්‍ය චක්ෂුස උපදවනු කැමති ආදිකර්මික කුලපුත්‍රයා විසින්, මේ පෙළෙහි අනුසාරයෙන්, කසිණාරම්මණ අභිඥාපාදක ධ්‍යානය සර්වාකාරයෙන් අභිනීහාරක්‍ෂම කොට තේජෝ කසිණ, ඕදාත කසිණ, ආලෝක කසිණ යන මේ තෙවදෑරුම් කසිණයන්හි එක්තරා එකක් ආසන්න කළයුතුය. උපචාර ධ්‍යානය අරමුණුකොට වඩා තැබිය යුතුය. එහි අර්පණා නොඉපදවිය යුතුය යන අදහසයි. ඉදින් උපදවයිද පාදක ධ්‍යානයට නිශ්‍රය වේ. පරිකර්ම නිශ්‍රය නොවේ. මෙම ත්රයයෙහි ආලෝක කසිණයම ශ්රේෂ්ඨතරය. එයට අනුලොම් වශයෙන් අනෙක් කසිණ ද්වයයම යූ.සේයි. එහෙයින් ආලෝක කසිණය අනෙක් කසිණයන්ගෙන් එකක් අරමුණුකොට සිව්දැහැන් උපදවා නැවත උපචාර භූමියෙහිම සිට කසිණය වැඩිය යුතුය. වඩන වඩන ලද තැන ඇතුළතම රූපගතයන් දැකිය යුතුය. රූපගතයන් බලන්නා වූ ඔහුට, ඒ උත්සාහවත් පරිකර්ම සිතින්, ආලෝක පැතිරවීම නොකරන කල්හි, පරිකර්ම වාරය ඉක්ම යයි. ඉක්බිති ආලෝකය අතුරුදන් වේ. එය අතුරුදන් කල්හි රූපගතයන්ද නොපෙනේ. ඉක්බිති මොහු විසින් නැවත නැවත පාදක ධ්යානයටම පිවිස ඉන් නැගිට ආලෝකය පැතිරවිය යුත්තේය. මෙසේ අනුක්රමයෙන් ආලෝකය ශක්තිමත් වූයේ වේ. මෙහි ආලෝකය වේවායි යම්තාක් තැන් පිරිසිඳීද, එහි ආලෝකය පවතීමය. මුළු දවස පුරාම හිඳ, බලනකල්හි රූප දැක්ම වේ. එහි යම්කලෙක්හි ඒ භික්ෂුවගේ මාංශ චක්ෂුසට හමුනොවන, කුස ඇතුළට වූ, හෘදයවස්තු ආශ්රිත, යට පෘථුවිතලය ආශ්රිත, බිත්ති හරහා වූද, පර්වත ප්රාකාරගත වූද පිටසක්වළ ගතවූද, යන මෙම රූප මාංශ චක්ෂුසෙන්, දක්නා මෙන් වේ. එකල්හි දිව්‍ය චක්ෂුස උපන්නේ වේ. එයම මෙහි රූප දර්ශන සමර්ථය. පූර්වභාග චිත්තයෝ නොවෙත්.
තත්රායං දිබ්බචක්ඛුනො උප්පත්තික්කමො – වුත්තප්පකාරමෙතං රූපමාරම්මණං කත්වා මනොද්වාරාවජ්ජනෙ උප්පජ්ජිත්වා නිරුද්ධෙ තදෙව රූපමාරම්මණං කත්වා චත්තාරි පඤ්ච වා ජවනානි උප්පජ්ජන්තීති පුබ්බෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං. ඉදං පන ඤාණං “සත්තානං චුතූපපාතෙ ඤාණ”න්තිපි “දිබ්බචක්ඛුඤාණ”න්තිපි වුච්චති. තං පනෙතං පුථුජ්ජනස්ස පරිපන්ථො හොති. සො හි “යත්ථ යත්ථ ආලොකො හොතූ”ති අධිට්ඨාති, තං තං පථවීසමුද්දපබ්බතෙ විනිවිජ්ඣිත්වාපි එකාලොකං හොති. අථස්ස තත්ථ භයානකානි යක්ඛරක්ඛසාදිරූපානි පස්සතො භයං උප්පජ්ජති. තෙන චිත්තවික්ඛෙපං පත්වා ඣානවිබ්භන්තකො හොති. තස්මා රූපදස්සනෙ අප්පමත්තෙන භවිතබ්බං.
එහි මේ දිව්‍ය චක්ෂුසගේ උත්පත්ති ක්‍රමයයි. එය කියන ලද ආකාරයෙන්, රූපාරම්මණ කොට, මනෝද්වාරා වර්ජනය, ඉපිද නිරුද්ධ වූ කල්හි, එම රූපයම අරමුණුකොට සතරක් හෝ පහක් ජවන උපදිතියි පෙර කියන ලද අයුරින්ම දතයුතුය. මෙම ඤාණය සත්ත්වයින්ගේ චුතූපපාතයෙහි ඤාණය යයිද, දිව්‍ය චක්ෂුර් ඤාණය යයිද යූ.සේයි. එය පෘථග්ජනයාට උවදුරු සහිත වේ. හෙතෙම වනාහි යම් යම්තැනක ආලෝක වේවායි අධිෂ්ඨාන කරයිද, ඒ ඒ පෘථුවි සමුද්‍ර, පර්වත විනිවිදද ඒකාලෝක වේ. ඉක්බිති මොහුට එහි භයානක යක්ෂ රාක්ෂසාදී රූප දක්නා කල්හි භය උපදියි. එයින් චිත්ත වික්ෂේපයට පත්ව ධ්‍යාන අත්හැර යන්නෙකු වෙයි. එහෙයින් රූප දර්ශනයෙහි අප්‍රමාද ක්‍රියා කරන්නෙකු ලෙසින් විය යුතුය.
සත්තානං චුතූපපාතඤාණායාති සත්තානං චුතියා ච උපපාතෙ ච ඤාණාය. යෙන ඤාණෙන සත්තානං චුති ච උපපාතො ච ඤායති, තදත්ථං දිබ්බචක්ඛුඤාණත්ථන්ති වුත්තං හොති. දිබ්බෙන චක්ඛුනාති වුත්තත්ථමෙව. විසුද්ධෙනාති චුතූපපාතදස්සනෙන දිට්ඨිවිසුද්ධිහෙතුත්තා විසුද්ධං. යො හි චුතිමත්තමෙව පස්සති, න උපපාතං, සො උච්ඡෙදදිට්ඨිං ගණ්හාති. යො උපපාතමෙව පස්සති, න චුතිං, සො නවසත්තපාතුභාවදිට්ඨිං ගණ්හාති. යො පන තදුභයං පස්සති, සො යස්මා දුවිධම්පි තං දිට්ඨිගතමතිවත්තති, තස්මාස්ස තං දස්සනං දිට්ඨිවිසුද්ධිහෙතු හොති. උභයඤ්චෙතං බුද්ධපුත්තා පස්සන්ති . තෙන වුත්තං – “චුතූපපාතදස්සනෙන දිට්ඨිවිසුද්ධිහෙතුත්තා විසුද්ධ”න්ති. මනුස්සූපචාරං අතික්කමිත්වා රූපදස්සනෙන අතික්කන්තමානුසකං, මානුසකං වා මංසචක්ඛුං අතික්කන්තත්තා අතික්කන්තමානුසකං. තෙන දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන.
සත්තානං චුතූපපාත ඤාණාය යනු සත්ත්වයින්ගේ චුතියෙහිද, උපතෙහිද වන ඤාණය සඳහා, යම් ඤාණයකින් සත්ත්වයින්ගේ චුතියද, උත්පත්තියද දැනගනීද, ඒ සඳහා දිව්‍ය චක්ෂු ඤාණය සඳහා යයි යූ.සේයි. දිබ්බෙන චක්ඛුනා යනු කියන ලද අර්ථයමය. විසුද්ධෙන යනු චුති උත්පත්ති දර්ශනය දෘෂ්ටි විසුද්ධියට හේතුවන හෙයින් පිරිසිදුය. යමෙක් වනාහි චුති මාත්‍රයම දකීද? උපත නොදකීද? හෙතමෙ උච්ඡේද දෘෂ්ටිය ගනියි. යමෙක් උපතම දකීද, චුතිය නොදකීද, හෙතෙම නව සත්ත්ව පහළවීම් දෘෂ්ටිය ගනී. යමෙක් වනාහි ඒ ද්වයයම දකීද, හෙතෙම දෙවදෑරුම් වූම දෘෂ්ටිගතයන් ඉක්මවයි. එහෙයින් මොහුට එම දර්ශනය දෘෂ්ටි විශුද්ධියට හේතුවෙයි. එම ද්වයයම බුදුපුත්හු දකිති. චුති, උත්පත්ති දර්ශනයෙන් දෘෂ්ටි විශුද්ධි හේතු බැවින් විශුද්ධයයි. එහෙයින් කියන ලදි. මිනිස් සීමාව ඉක්මවා රූප දර්ශනයෙන් මනුෂ්‍යත්වය ඉක්මවාගිය, මනුෂ්‍යත්වය හෝ මාංශ චක්ෂුස ඉක්මවූ හෙයින් අතික්කන්ත මානුසකංයි එම විශුද්ධ වූ මනුෂ්‍යත්වය ඉක්මවා ගිය දිව්‍ය චක්ෂුසින්.
සත්තෙ පස්සතීති මනුස්සානං මංසචක්ඛුනා විය සත්තෙ ඔලොකෙති. චවමානෙ උපපජ්ජමානෙති එත්ථ චුතික්ඛණෙ උපපත්තික්ඛණෙ වා දිබ්බචක්ඛුනා දට්ඨුං න සක්කා, යෙ පන ආසන්නචුතිකා ඉදානි චවිස්සන්ති. තෙ චවමානා. යෙ ච ගහිතපටිසන්ධිකා සම්පතිනිබ්බත්තා වා, තෙ උපපජ්ජමානාති අධිප්පෙතා. තෙ එවරූපෙ චවමානෙ ච උපපජ්ජමානෙ ච පස්සතීති දස්සෙති. හීනෙති මොහනිස්සන්දයුත්තත්තා හීනානං ජාතිකුලභොගාදීනං වසෙන හීළිතෙ ඔහීළිතෙ ඔඤ්ඤාතෙ අවඤ්ඤාතෙ. පණීතෙති අමොහනිස්සන්දයුත්තත්තා තබ්බිපරීතෙ. සුවණ්ණෙති අදොසනිස්සන්දයුත්තත්තා ඉට්ඨකන්තමනාපවණ්ණයුත්තෙ. දුබ්බණ්ණෙති දොසනිස්සන්දයුත්තත්තා අනිට්ඨාකන්තාමනාපවණ්ණයුත්තෙ, අනභිරූපෙ විරූපෙතිපි අත්ථො. සුගතෙති සුගතිගතෙ, අලොභනිස්සන්දයුත්තත්තා වා අඩ්ඪෙ මහද්ධනෙ. දුග්ගතෙති දුග්ගතිගතෙ, ලොභනිස්සන්දයුත්තත්තා වා දලිද්දෙ අප්පන්නපානෙ. යථාකම්මූපගෙති යං යං කම්මං උපචිතං, තෙන තෙන උපගතෙ. තත්ථ පුරිමෙහි “චවමානෙ”තිආදීහි දිබ්බචක්ඛුකිච්චං වුත්තං, ඉමිනා පන පදෙන යථාකම්මූපගඤාණකිච්චං.
සත්තෙ පස්සති යනු මනුෂ්‍යයින්ගේ මාංශ චක්ෂුසෙන් මෙන් අවලෝකනය කරයි. චවමානෙ උප්පජ්ජමානෙ යන මෙහි චුති ක්ෂණයන් හෝ උත්පත්ති ක්ෂණයන් දිවැසින් දක්නට නොහැක. දැන් චුතවන්නාහුයි යම් ආසන්න චුතිකයෝ වෙත්ද, දැන් චුතවන්නාහුද, ඔවුහු චවමානයෝය. ගත් ප්රතිසන්ධි ඇති, යම් කෙනෙක්, දැන් උපන්නාහු වෙත්ද, ඔවුහු උපදිනු ලබන්නාහු යයි අදහස් කරන ලදහ. මෙබඳු වූ චුතවන්නා වූද, උපදිනු ලබන්නා වූද, අය දකීයයි දක්වයි. හීනෙ යනු මෝහයාගේ විපාකය හා යෙදුණු හෙයින් පහත් ගණයෙහි වූ, ජාති කුල භෝගාදීන්ගේ වශයෙන් නින්දා, ගර්හා, අවමන්, අවඥා ලැබූ, පණීතෙ යනු අමෝහයාගේ විපාකය හා යෙදුණු හෙයින්, එයට විපරීත වූ, සුවණ්ණෙ යනු අද්වෙශයාගේ විපාකය හා යෙදුණු හෙයින් මනෝඥ වූ, සිත් අලවන මනාප වර්ණයෙන් යුත්, දුබ්බණ්ණෙ යනු ද්වේෂයෙහි විපාකය හා යෙදුණු හෙයින් අමනෝඥ වූ, සිත් නොඅලවන අමනාප වර්ණයෙන් යුත්, නොමනා රුවැති, විරූපයෙහි යන අර්ථයි. සුගතෙ සැපැති බවට පත්, අලෝභ විපාකය හා යෙදුණු හෙයින් ආඪ්‍ය වූ, මහා ධනවත් වූ, දුග්ගතෙ යනු සැප නොමැති බවට පත්, ලෝභ විපාකය හා යෙදුණු හෙයින් දිළිඳු අල්ප ආහාරපානයෙන් යුත්, යථාකම්මූපගෙ යනු යම් යම් කර්මයක් කරන ලද්දේද, ඒ ඒ කර්මයෙන් අදාළ විපාකයට එළැඹුණු, එහි ප්‍රථම ‘චවමානෙ’ ආදියෙන් දිව්‍ය චක්ෂු සකි යූ.සේයි.
තස්ස ච ඤාණස්ස අයමුප්පත්තික්කමො – ඉධ භික්ඛු හෙට්ඨානිරයාභිමුඛං ආලොකං වඩ්ඪෙත්වා නෙරයිකෙ සත්තෙ පස්සති මහාදුක්ඛමනුභවමානෙ, තං දස්සනං දිබ්බචක්ඛුකිච්චමෙව. සො එවං මනසි කරොති “කිං නු ඛො කම්මං කත්වා ඉමෙ සත්තා එතං දුක්ඛමනුභවන්තී”ති. අථස්ස “ඉදං නාම කත්වා”ති තංකම්මාරම්මණං ඤාණමුප්පජ්ජති. තථා උපරිදෙවලොකාභිමුඛං ආලොකං වඩ්ඪෙත්වා නන්දනවනමිස්සකවනඵාරුසකවනාදීසු සත්තෙ පස්සති මහාසම්පත්තිං අනුභවමානෙ, තම්පි දස්සනං දිබ්බචක්ඛුකිච්චමෙව. සො එවං මනසි කරොති “කිං නු ඛො කම්මං කත්වා ඉමෙ සත්තා එතං සම්පත්තිං අනුභවන්තී”ති. අථස්ස “ඉදං නාම කත්වා”ති තංකම්මාරම්මණං ඤාණමුප්පජ්ජති. ඉදං යථාකම්මූපගඤාණං නාම. ඉමස්ස විසුං පරිකම්මං නාම නත්ථි. යථා චිමස්ස, එවං අනාගතංසඤාණස්සාපි. දිබ්බචක්ඛුපාදකානෙව හි ඉමානි දිබ්බචක්ඛුනා සහෙව ඉජ්ඣන්ති.
මෙම පදයෙන් යථා කම්මූපගඤාණ කෘත්‍යය යූ.සේයි. එම ඤාණයාගේද මේ උත්පත්ති ක්‍රමයයි. මේ ශාසනයෙහි භික්ෂුව යට නිරය අභිමුවකොට ආලෝකය වඩා මහදුක් අනුභව කරන නේරයික සත්ත්වයන් බලයි. එය දැකීම දිව්‍ය චක්ෂු කෘත්‍යමය. හෙතෙම මෙසේ මෙනෙහි කරයි. මෙම සත්ත්වයෝ කිනම් කර්මයක් කොට ඒ දුක් අනුභව කෙරෙත්ද කියා, ඉක්බිති මෙනම් කර්මයක් කොටයැයි ඒ කර්මය අරමුණුකොට ඔහුට ඤාණය උපදියි. එසේම මත්තෙහි දෙව්ලොව අභිමුවකොට ආලෝකය වඩා, නන්දන, මිස්සක, ඵාරුසක යන වනාදීන්හි මහා සම්පත් අනුභව කරන සත්ත්වයින් බලයි. එම දර්ශනයද දිව්‍ය චක්ෂු කෘත්යයමය. කිනම් කර්මයක්කොට, මෙම සත්ත්වයෝ ඒ සම්පත් අනුභව කෙරෙත්දැයි හෙතෙම මෙසේ මෙනෙහි කරයි. ඉක්බිති මෙනම් කර්මයක් කොටයැයි, ඒ කර්මය අරමුණුකෙට ඔහුට ඤාණය අපදී. මෙය යථා කම්මූපග ඤාණ නමැ. මෙයට වෙනම පරිකර්මයක් නම් නැත. මෙයට යම්සේද අනාගතංස ඤාණයටද මෙසේමය. මේවා දිව්‍ය චක්ෂුස පාදක කොටමය, දිව්‍ය චක්ෂුස සමගම සිද්ධ වෙයි.
ඉමෙ වත භොන්තොතිආදීසු ඉමෙති දිබ්බචක්ඛුනා දිට්ඨානං නිදස්සනවචනං. වතාති අනුලොමවචනත්ථෙ නිපාතො. භොන්තොති භවන්තො. දුට්ඨු චරිතං, දුට්ඨං වා චරිතං කිලෙසපූතිකත්තාති දුච්චරිතං, කායෙන දුච්චරිතං, කායතො වා උප්පන්නං දුච්චරිතන්ති කායදුච්චරිතං . ඉතරෙසුපි එසෙව නයො. සමන්නාගතාති සමඞ්ගීභූතා. අරියානං උපවාදකාති බුද්ධපච්චෙකබුද්ධසාවකානං අරියානං අන්තමසො ගිහිසොතාපන්නානම්පි අනත්ථකාමා හුත්වා අන්තිමවත්ථුනා වා ගුණපරිධංසනෙන වා උපවාදකා, අක්කොසකා ගරහකාති වුත්තං හොති. තත්ථ “නත්ථි ඉමෙසං සමණධම්මො, අස්සමණා එතෙ”ති වදන්තො අන්තිමවත්ථුනා උපවදති, “නත්ථි ඉමෙසං ඣානං වා විමොක්ඛො වා මග්ගො වා ඵලං වා”තිආදීනි වදන්තො ගුණපරිධංසනෙන උපවදතීති වෙදිතබ්බො. සො ච ජානං වා උපවදෙය්ය අජානං වා, උභයථාපි අරියූපවාදොව හොති. භාරියං කම්මං ආනන්තරියසදිසං සග්ගාවරණං මග්ගාවරණඤ්ච, සතෙකිච්ඡං පන හොති. තස්මා යො අරියං උපවදති, තෙන ගන්ත්වා සචෙ අත්තනා වුඩ්ඪතරො හොති, උක්කුටිකං නිසීදිත්වා “අහං ආයස්මන්තං ඉදඤ්චිදඤ්ච අවචං, තං මෙ ඛමාහී”ති ඛමාපෙතබ්බො. සචෙ නවකතරො හොති, වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා “අහං, භන්තෙ, තුම්හෙ ඉදඤ්චිදඤ්ච අවචං, තං මෙ ඛමථා”ති ඛමාපෙතබ්බො. සචෙ දිසාපක්කන්තො හොති, සයං වා ගන්ත්වා සද්ධිවිහාරිකාදිකෙ වා පෙසෙත්වා ඛමාපෙතබ්බො. සචෙ නාපි ගන්තුං න පෙසෙතුං සක්කා හොති, යෙ තස්මිං විහාරෙ භික්ඛූ වසන්ති, තෙසං සන්තිකං ගන්ත්වා සචෙ නවකතරා හොන්ති, උක්කුටිකං නිසීදිත්වා, සචෙ වුඩ්ඪතරා, වුඩ්ඪෙ වුත්තනයෙනෙව පටිපජ්ජිත්වා “අහං, භන්තෙ, අසුකං නාම ආයස්මන්තං ඉදඤ්චිදඤ්ච අවචං, ඛමතු මෙ සො ආයස්මා”ති වත්වා ඛමාපෙතබ්බො. සම්මුඛා අක්ඛමන්තෙපි එතදෙව කාතබ්බං. සචෙ එකචාරිකභික්ඛු හොති, නෙව තස්ස වසනට්ඨානං, න ගතට්ඨානං පඤ්ඤායති, එකස්ස පණ්ඩිතස්ස භික්ඛුනො සන්තිකං ගන්ත්වා “අහං, භන්තෙ, අසුකං නාම ආයස්මන්තං ඉදඤ්චිදඤ්ච අවචං, තං මෙ අනුස්සරතො විප්පටිසාරො හොති, කිං කරොමී”ති වත්තබ්බං. සො වක්ඛති “තුම්හෙ මා චින්තයිත්ථ, ථෙරො තුම්හාකං ඛමති, චිත්තං වූපසමෙථා”ති. තෙනාපි අරියස්ස ගතදිසාභිමුඛෙන අඤ්ජලිං පග්ගහෙත්වා “ඛමථා”ති වත්තබ්බං. යදි සො පරිනිබ්බුතො හොති, පරිනිබ්බුතමඤ්චට්ඨානං ගන්ත්වා යාව සිවථිකං ගන්ත්වාපි ඛමාපෙතබ්බං. එවං කතෙ නෙව සග්ගාවරණං, න මග්ගාවරණං හොති, පාකතිකමෙව හොතීති.
ඉමෙ වත භොන්තො යනාදීන්හි ඉමෙ යනු දිවැසින් දුටුවන් දැක්වීමේ වචනයයි. වත යනු අනුලෝම වචනාර්ථයෙහි නිපාතයි. භොන්තො යනු පින්වත්හු, නපුරු ආකාරයෙන් වූ හැසිරීම, දුෂ්ට වූ හැසිරීම, කෙලෙස් කරණකොට කුණු වූයේනුයි දුශ්චරිතයි. ශරීරයෙන් වන නරක හැසිරීම, කයෙන් උපන් නරක හැසිරීමනුයි කාය දුශ්චරිතයි. අනෙක්වාහිද එම ක්‍රමයමැයි. සමන්නාගතා යනු යුක්ත වූවාහු, අරියානං උපවාදකා යනු බුදු පසේබුදු ආර්ය ශ්‍රාවකයින්ටද, යටත් පිරිසෙයින් ගිහි සෝවාන් වූවහුටද, අවැඩ කැමැත්තේ වී, පාරාජිකා පත්තියෙන් හෝ ගුණ නැසීමෙන් හෝ, දොස් කියන්නාහු, ජාති ආදිය ගටා අපහාස කරන්නාහු, ගර්හා කරන්නාහුයයි යූ.සේයි. එහි මොවුන්ට ශ්‍රමණ ධර්මයක් නැත. ඔවුහු අශ්රමණයෝයැයි කියන්නේ පාරාජිකා ඇවතින් දොස් කියයි නමැ. මොවුන්ට ධ්‍යානයක් හෝ කෙලෙසුන්ගෙන් මිදීමක් හෝ මාර්ගයක් හෝ ඵලයක් හෝ නැත යනාදිය කියන්නේ ගුණ නැසීමෙන් දොස් කියයි යයි දතයුතුය. එයද දැන හෝ නොදැන දොස් කියන්නේද? දෙඅයුරින්ම ආර්යෝපවාදයම වේ. ස්වර්ග, මාර්ග ආවරණ කරන, ආනන්තරිය කර්මය සමාන බැරෑරුම් කර්මයකි. එහෙත් පිළියම් කළහැකිද වෙයි. යමෙක් ආර්ය පුද්ගලයෙකුට දොස් කියයිද? ඔහු ගොස් ඉදින් තමා වඩා වැඩිමහල්ලෙක් වේද, උක්කුටිකව හිඳ මම ආයුෂ්මතුන්ට මේ මේ දෑ කීවෙමි. එයට මට සමාවනු මැනවැයි ක්ෂමා කරවා ගතයුතුය. ඉදින් තමා නවකයෙක් වේද, වැඳ උක්කුටිකවැ හිඳ, ඇඳිලි බැඳ ස්වාමීනි, මම ඔබතුමන්ට මේ මේ දෑ කීවෙමි. මට එයට සමාවනු මැනවැයි ක්ෂමා කරවාගත යුතුය. ඉදින් පිට ප්‍රදේශයකට පිටත්ව ගියේ වේද, තෙමේ හෝ ගොස් එකට වසන අයෙකු හෝ යවා ක්ෂමා කරවාගත යුතුය. ඉදින් යන්ට හෝ යවන්ට හෝ නොහැකි වේද, ඒ විහාරයෙහි යම් පමණ භික්ෂූහු වෙසෙත්ද? ඔවුන්ගේ සමීපයට ගොස් ඉදින් බාල වූ අය වෙත්ද, උක්කුටිකව හිඳ, ඉදින් වැඩිමහලු අය වෙත්ද, වැඩිමහල්ලන්ට කියන ලද ආකාරයෙන්ම පිළිපැද, (ක්‍රියාකොට) ස්වාමීනි, මම අසවල් නමැති ආයුෂ්මතුන්ට මේ මේ දෑ කීමි. ඒ ආයුෂ්මත්හු මට කමා කරනු මැනවැයි කියා ක්ෂමා කරවාගත යුත්තේය. හමුව ක්ෂමා නොකරනුයේද එයම කළයුතුය. ඉදින් හුදෙකලාව හැසිරෙන භික්ෂුවක් වේද, ඔහුගේ වාසස්ථානයක් හෝ ගිය තැනක් නොපැනේද, එක් නුවණැති භික්ෂුවක් සමීපයට ගොස් ස්වාමීනි, මම අසවල් නම් ආයුෂ්මතුන්ට මේ මේ දෑ කීමි. මට එය සිහිකරන කල්හි විපිළිසර වෙයි. කුමක් කරම්දැයි කිවයුතුය. ඔබ ඒ ගැන නොසිතව. තෙරහු ඔබ කමා කරයි. සිත සන්සිඳුවා ගනුව යයි හෙතෙම කියයි. ඔහු විසින්ද, ආර්යයන් වහන්සේගේ ගිය දිසාභිමුඛව ඇඳිලි බැඳ කමා කරනු මැනවැයි කිවයුතුය. ඉදින් හෙතෙම පිරිනිවියේ වේද, පිරිනිවි ඇඳ පැවැති ස්ථානයට ගොස්, අමුසොහොන දක්වාද ගොස් ක්ෂමා කරවාගත යුතුය. මෙසේ කළ කල්හි ස්වර්ගාවරණය නොවේ. මාර්ගාවරණය නොවේ. ප්‍රකෘති තත්ත්වයම වේ.
මිච්ඡාදිට්ඨිකාති විපරීතදස්සනා. මිච්ඡාදිට්ඨිකම්මසමාදානාති මිච්ඡාදිට්ඨිවසෙන සමාදින්නනානාවිධකම්මා, යෙ ච මිච්ඡාදිට්ඨිමූලකෙසු කායකම්මාදීසු අඤ්ඤෙපි සමාදපෙන්ති. එත්ථ ච වචීදුච්චරිතග්ගහණෙනෙව අරියූපවාදෙ, මනොදුච්චරිතග්ගහණෙන ච මිච්ඡාදිට්ඨියා සඞ්ගහිතායපි ඉමෙසං ද්වින්නං පුන වචනං මහාසාවජ්ජභාවදස්සනත්ථන්ති වෙදිතබ්බං. මහාසාවජ්ජො හි අරියූපවාදො ආනන්තරියසදිසත්තා. වුත්තම්පි චෙතං “සෙය්යථාපි, සාරිපුත්ත, භික්ඛු සීලසම්පන්නො සමාධිසම්පන්නො පඤ්ඤාසම්පන්නො දිට්ඨෙව ධම්මෙ අඤ්ඤං ආරාධෙය්ය, එවංසම්පදමිදං සාරිපුත්ත වදාමි තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තො, එවං නිරයෙ”ති (ම· නි· 1.149). මිච්ඡාදිට්ඨිතො ච මහාසාවජ්ජතරං නාම අඤ්ඤං නත්ථි. යථාහ – “නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං මහාසාවජ්ජං, යථයිදං, භික්ඛවෙ, මිච්ඡාදිට්ඨි, මිච්ඡාදිට්ඨිපරමානි, භික්ඛවෙ, වජ්ජානී”ති (අ· නි· 1.310).
මිච්ඡාදිට්ඨිකා යනු විපරීත දර්ශනයෙන් යුත්, මිච්ඡාදිට්ඨි කම්ම සමාදානා යනු මිථ්‍යාදෘෂ්ටි වශයෙන් සමාදන්වන ලද නානාකාර කර්ම, යම් මිථ්‍යා දෘෂ්ටි මූලක කාය කර්මාදීන්හි අනෙක් අය සමාදන් කරවති. මෙහිද වචී දුශ්චරිත ග්රහණයෙන්ම ආර්යෝපවාදයද, මනෝ දුශ්චරිත ග්රහණයෙන්ද, මිථ්‍යා දෘෂ්ටියගේ සංග්‍රහය කරන ලද හෙයින්ද මේ ද්වයයෙහි නැවත දැක්වීම, මහා සාවද්‍ය බව දැක්වීම සදහා යයි දතයුතුය. ආර්යෝපවාදය ආනන්තරිය සමාන මහා සාවද්යමය. එය කියන ලද්දේමය. සාරිපුත්‍රය, යම්සේ නම්, සීල, සමාධි, ප්‍රඥා සම්පන්න භික්ෂුව මෙම ආත්මයෙහිදීම රහත් බව ලබාගත්තේද, සාරිපුත්‍රය, මේ කරුණ එසේයයි වදාරමි. එම වචනය, එම සිත නොහැර, එම දෘෂ්ටිය දුරුනොකොට මියැදේද? ගෙනඑන ලද බරක් බිම තබන්නේ යම්සේද, එසේ නිරයගාමී වන්නේය. මිථ්යාදෘස්ටියට වඩා මහා සාවද්යතර අන් කිසිවක් නම් නැත. දෙසූ පරිදි, මහණෙනි, මේ මිථ්‍යා දෘෂ්ටිය යම්බඳුද, මහණෙනි, මම යම් මෙබඳු මහා සාවද්යතර අන් එකද ධර්මයක් හෝ නොදකින්නෙමි. මහණෙනි, වැරදි ක්‍රියා මිථ්‍යා දෘෂ්ටිය මූලික කොට හටගනී.
කායස්ස භෙදාති උපාදින්නක්ඛන්ධපරිච්චාගා. පරං මරණාති තදනන්තරං අභිනිබ්බත්තික්ඛන්ධග්ගහණෙ. අථ වා කායස්ස භෙදාති ජීවිතින්ද්රියස්සුපච්ඡෙදා. පරං මරණාති චුතිචිත්තතො උද්ධං. අපායන්ති එවමාදි සබ්බං නිරයවෙවචනමෙව. නිරයො හි සග්ගමොක්ඛහෙතුභූතා පුඤ්ඤසම්මතා අයා අපෙතත්තා, සුඛානං වා ආයස්ස අභාවා අපායො. දුක්ඛස්ස ගති පටිසරණන්ති දුග්ගති, දොසබහුලතාය වා දුට්ඨෙන කම්මුනා නිබ්බත්තා ගති දුග්ගති. විවසා නිපතන්ති තත්ථ දුක්කටකාරිනොති විනිපාතො, විනස්සන්තා වා එත්ථ පතන්ති සම්භිජ්ජමානඞ්ගපච්චඞ්ගාතිපි විනිපාතො. නත්ථි එත්ථ අස්සාදසඤ්ඤිතො අයොති නිරයො.
කායස්ස භෙදා යනු තෘෂ්ණා දෘෂ්ටීන් විසින් ගන්නා ලද පංච ස්කන්ධයන්ගේ අත්හැරීමෙන්, ජරං මරණා යනු ඉන් අනතුරු ස්කන්ධය එහි ප්රකටව පහළවන කෙණෙහි කායස්ස භෙදා යනු ජීවිතින්ද්රියයාගේ සිඳදැමීමෙන්, පරම්මරණා යනු චුති සිතින් මත්තෙහි, අපායං යන මේ ආදී සියල්ල නිරයට පර්යාය වේ. නිරය වනාහි ස්වර්ග මෝක්ෂයන්ට හේතුභූත වූ, පුණ්යසම්මත වෘද්ධියෙන් පහවූ හෙයින්, සුව වෘද්ධියෙහි අභාවය හෙයින් අපාය නමැ. දුක්ඛයාගේ ස්වභාවය පිළිසරණනුයි දුග්ගතියි. ද්වේෂ බහුලතායෙන් දුෂ්ට කර්මයෙන් හටගත් හෙයින් දුග්ගතියි. අයහපත් ක්‍රියාකාරීහු එහි නපුරු අයුරින් වැටෙත්නුයි විනිපාතයි. සම්පූර්ණයෙන් බිඳෙනු ලබන අංග ප්‍රත්‍යංග ඇත්තේනුයිද, විනාශයට පත්වන්නාහු මෙහි වැටෙත්නුයි විනිපාතයි. මෙහි ආස්වාදයයැයි හඳුන්වා දුන් වෘද්ධිය නැත්තේනුයි නිරයයි.
අථ වා අපායග්ගහණෙන තිරච්ඡානයොනිං දීපෙති. තිරච්ඡානයොනි හි අපායො සුගතිතො අපෙතත්තා, න දුග්ගති මහෙසක්ඛානං නාගරාජාදීනං සම්භවතො. දුග්ගතිග්ගහණෙන පෙත්තිවිසයං. සො හි අපායො චෙව දුග්ගති ච සුගතිතො අපෙතත්තා දුක්ඛස්ස ච ගතිභූතත්තා, න තු විනිපාතො අසුරසදිසං අවිනිපතිතත්තා. විනිපාතග්ගහණෙන අසුරකායං. සො හි යථාවුත්තෙන අත්ථෙන අපායො චෙව දුග්ගති ච සබ්බසමුස්සයෙහි ච විනිපතිතත්තා විනිපාතොති වුච්චති. නිරයග්ගහණෙන අවීචිආදිමනෙකප්පකාරං නිරයමෙවාති. උපපන්නාති උපගතා, තත්ථ අභිනිබ්බත්තාති අධිප්පායො. වුත්තවිපරියායෙන සුක්කපක්ඛො වෙදිතබ්බො.
නොහොත් අපාය ග්රහණයෙන් තිරිසන්යෝනිය දක්වයි. තිරිසන් යෝනිය සුගතියෙන් පහවූ හෙයින් අපායයි. මහේශාඛ්‍ය නාගරාදීන්ගේ සම්භවය වන හෙයින් දුගතියක් නොවේ. ප්‍රේත විෂය දුගතියට ඇතුළත්ය. එය අපායද දුගතියද වේ. යහපත් ස්වභාවයෙන් පහවූ හෙයින්ද දුකට හේතුවූ හෙයින්ද වේ. විනිපාතය දුකට නොවැටෙන හෙයින් අසුරයන් හා සම නොවේ. විනිපාත ග්රහණයෙන් අසුර සමූහය ගැනේ. එය කියන ලද අර්ථයෙන් අපායද, දුගතියද සියලු ශරීරයන් සහිතව විනාශකරන හෙයින් විනිපාතයැයි යූ.සේයි. නිරය ග්රහණයෙන් අවීචි ආදී නොයෙක් ආකාර නිරයන්මය. උපපන්නා යනු එළැඹියාහුය. එහි ඉපදුණාහුයයි අර්ථයි; කියන ලද්දට විපර්යාසයෙන් ශුක්ල පක්ෂය දතයුතුය.
අයං පන විසෙසො – තත්ථ සුගතිග්ගහණෙන මනුස්සගතිපි සඞ්ගය්හති, සග්ගග්ගහණෙන දෙවගතියෙව. තත්ථ සුන්දරා ගතීති සුගති. රූපාදීහි විසයෙහි සුට්ඨු අග්ගොති සග්ගො. සො සබ්බොපි ලුජ්ජනපලුජ්ජනට්ඨෙන ලොකොති අයං වචනත්ථො. ඉති “දිබ්බෙන චක්ඛුනා”තිආදි සබ්බං නිගමනවචනං. එවං දිබ්බෙන චක්ඛුනා පස්සතීති අයමෙත්ථ සඞ්ඛෙපත්ථොති.
මේ විශේෂයයි – එහි සුගති ග්රහණයෙන් මනුෂ්‍ය ගතියද සංග්‍රහ වේ. දේව ග්රහණයෙන් දිව්‍ය ගතියමය. එහි යහපත් ගතියනුයි සුගතියි. රූපාදී විෂයයන්හි මනාව අග්‍ර වූයේනුයි සග්ගයි. ඒ සියල්ලම කැඩී බිඳී යන අර්ථයෙන් ලෝකය නමැ. මේ වචනාර්ථයි. මෙසේ දිව්‍යමය චක්ෂුසෙන් යනාදී සියල්ල නිගමන වචනයයි. මෙසේ චක්ෂුසින් දකියිනුයි මේ මෙහි සංක්ෂෙපාර්ථයි.
දිබ්බචක්ඛුඤාණනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
දිව්‍ය චක්ෂු ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.
පඤ්චඤාණපකිණ්ණකං
පඤ්චඤාණ ප්රකීර්ණකය
ඉමෙසු පඤ්චසු ඤාණෙසු ඉද්ධිවිධඤාණං පරිත්තමහග්ගතඅතීතානාගතපච්චුප්පන්නඅජ්ඣත්තබහිද්ධාරම්මණවසෙන සත්තසු ආරම්මණෙසු පවත්තති. සොතධාතුවිසුද්ධිඤාණං පරිත්තපච්චුප්පන්නඅජ්ඣත්තබහිද්ධාරම්මණවසෙන චතූසු ආරම්මණෙසු පවත්තති. චෙතොපරියඤාණං පරිත්තමහග්ගතඅප්පමාණමග්ගඅතීතානාගතපච්චුප්පන්නබහිද්ධාරම්මණවසෙන අට්ඨසු ආරම්මණෙසු පවත්තති. පුබ්බෙනිවාසානුස්සතිඤාණං
මෙ පස් නැණතර, සෘද්ධිවිධ ඤාණය, පරිත්ත මහග්ගත, අතීත, අනාගත, ප්‍රත්‍යුත්පන්න, ආධ්‍යාත්මික, බාහිර අරමුණු වශයෙන් සත් අරමුණුවල පවතියි. ශ්‍රෝත්‍රධාතු විශුද්ධි ඤාණය, පරිත්ත, ප්‍රත්‍යුත්පන්න, ආධ්‍යාත්මික, බාහිර අරමුණු වශයෙන් සතර අරමුණුවල පවතියි. චේතොපරියඤාණය, පරිත්ත, මහග්ගත, අප්‍රමාණ, මාර්ග, අතීත, අනාගත, වර්තමාන, බහිද්ධාරම්මණ වශයෙන් අෂ්ටාරම්මණයන්හි පවතියි. පූර්වේනිවාසානුස්මෘති ඤාණය,
පරිත්තමහග්ගතඅප්පමාණමග්ගඅතීතඅජ්ඣත්තබහිද්ධානවත්තබ්බාරම්මණවසෙන අට්ඨසු ආරම්මණෙසු පවත්තති. දිබ්බචක්ඛුඤාණං පරිත්තපච්චුප්පන්නඅජ්ඣත්තබහිද්ධාරම්මණවසෙන චතූසු ආරම්මණෙසු පවත්තති. යථාකම්මූපගඤාණං පරිත්තමහග්ගතඅතීතඅජ්ඣත්තබහිද්ධාරම්මණවසෙන පඤ්චසු ආරම්මණෙසු පවත්තති. අනාගතංසඤාණං පරිත්තමහග්ගතඅප්පමාණමග්ගඅනාගතඅජ්ඣත්තබහිද්ධානවත්තබ්බාරම්මණවසෙන අට්ඨසු ආරම්මණෙසු පවත්තතීති.
පරිත්ත, මහග්ගත අප්‍රමාණ, මාර්ග, අතීත, ආධ්‍යාත්මික බහිද්ධාරම්මණ වශයෙන් අෂ්ටාරම්මණයන්හි පවතියි. දිව්‍ය චක්ෂුර් ඤාණය, පරිත්ත, ප්‍රත්‍යුත්පන්න, ආධ්‍යාත්මික, බහිද්ධාරම්මණ වශයෙන් චතුරාරම්මණයන්හි පවතියි. යථා කම්මූපගඤාණය, පරිත්ත, මහග්ගත, අතීත, ආධ්‍යාත්මික, බහිද්ධාරම්මණ වශයෙන් පංචාරම්මණයන්හි පවතියි. අනාගතංස ඤාණය, පරිත්ත, මහග්ගත, අප්‍රමාණ, මාර්ග, අනාගත, ආධ්‍යාත්මික, බාහිර, නවත්තබ්බාරම්මණ වශයෙන් අෂ්ටාරම්මණයන්හි පවතියි.
පඤ්චඤාණපකිණ්ණකං නිට්ඨිතං.
පඤ්චඤාණ ප්රකීර්ණකය නිමි.