53. පුබ්බෙනිවාසානුස්සතිඤාණනිද්දෙසවණ්ණනා අට්ඨකථා
53. පුබ්බෙනිවාසානුස්සතිඤාණනිද්දෙසවණ්ණනා
53. පූර්වෙනිවාසානුස්මෘති ඤාණ නිර්දේශ වර්ණනාව
පුබ්බෙනිවාසානුස්සතිඤාණනිද්දෙසෙ එවං පජානාතීතිආදි චතූසු ඉද්ධිපාදෙසු පරිභාවිතචිත්තස්ස පුබ්බෙනිවාසානුස්සතිඤාණං උප්පාදෙතුකාමස්ස තදුප්පාදනවිධානදස්සනත්ථං වුත්තං. කමතො හි පටිච්චසමුප්පාදං පස්සිත්වා විඤ්ඤාණනාමරූපසළායතනඵස්සවෙදනාසඞ්ඛාතං පච්චුප්පන්නං ඵලසඞ්ඛෙපං පස්සති, තස්ස පච්චයං පුරිමභවෙ කම්මකිලෙසසඞ්ඛාතං හෙතුසඞ්ඛෙපං පස්සති, තස්ස පච්චයං පුරිමභවෙයෙව ඵලසඞ්ඛෙපං පස්සති, තස්ස පච්චයං තතියභවෙ හෙතුසඞ්ඛෙපං පස්සති. එවං පටිච්චසමුප්පාදදස්සනෙන ජාතිපරම්පරං පස්සති. එවං බහූපකාරො පුබ්බෙනිවාසානුස්සතිඤාණස්ස පටිච්චසමුප්පාදමනසිකාරො . තත්ථ “ඉමස්මිං සති ඉදං හොති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජතී”ති ඉදං පටිච්චසමුප්පාදනිද්දෙසස්ස උද්දෙසවචනං. එවං තෙසං අඤ්ඤතරවචනෙනෙව අත්ථෙ සිද්ධෙ ද්විධා වචනං කස්මාති චෙ? අත්ථනානත්තසබ්භාවතො. කථං? ඉමස්මිං සතීති ඉමස්මිං පච්චයෙ විජ්ජමානෙ. ඉදං සබ්බපච්චයානං සාධාරණවචනං. ඉදං හොතීති ඉදං පච්චයුප්පන්නං භවති. ඉදං සබ්බපච්චයුප්පන්නානං සාධාරණවචනං. ඉමිනා සකලෙන වචනෙන අහෙතුකවාදො පටිසිද්ධො හොති. යෙ හි ධම්මා පච්චයසම්භවා හොන්ති, න පච්චයාභාවා, තෙ අහෙතුකා නාම න හොන්තීති. ඉමස්සුප්පාදාති ඉමස්ස පච්චයස්ස උප්පාදහෙතු. ඉදං සබ්බපච්චයානං උප්පාදවන්තතාදීපනවචනං. ඉදං උප්පජ්ජතීති ඉදං පච්චයුප්පන්නං උප්පජ්ජති. ඉදං සබ්බපච්චයුප්පන්නානං තතො උප්පජ්ජමානතාදීපනවචනං. ඉමිනා සකලෙන වචනෙන සස්සතාහෙතුකවාදො පටිසිද්ධො හොති. යෙ හි උප්පාදවන්තො ධම්මා, තෙ අනිච්චා. තස්මා සතිපි සහෙතුකත්තෙ අනිච්චහෙතුකා එතෙ ධම්මා න ලොකෙ නිච්චසම්මතපකතිපුරිසාදිහෙතුකාති වුත්තං හොති.
පූර්වෙනිවාසානුස්මෘති ඤාණ නිර්දේශයෙහි එවං පජානාති ආදී සිව් සෘද්ධිපාදයන්හි, මනාකොට වඩන ලද සිත් ඇති පූර්වේනිවාසානුස්මෘති ඤාණය උපදවනු කැමැත්තහුට එය උපදවාගැනීමේ පිළිවෙල දැක්වීම සඳහා කියන ලදි. පිළිවෙලින් ප්‍රතීත්‍ය සමුත්පාදය දැක, විඤ්ඤාණ, නාමරූප, ෂඩායතන, ස්පර්ශ, වේදනා සංඛ්‍යාත වර්තමාන ඵල සංක්ෂෙපය දකියි. තස්සා යනු එයට ප්‍රත්‍යය වූ පූර්වභවයෙහි කර්ම ක්ලේශ සංඛ්‍යාත හේතු සංක්ෂෙපය දකියි. එයට ප්‍රත්‍යය වූ තෘතීය භවයෙහි හේතු සංක්ෂෙපය දකියි. එයට ප්‍රත්‍යය වූ පූර්වභවයෙහිම ඵල සංක්ෂෙපය දකියි. එයට ප්‍රත්‍යය වූ තෘතීය භවයෙහි හේතු සංක්ෂෙපය දකියි. මෙසේ ප්‍රතීත්‍ය සමුත්පාද දර්ශනයෙන් ජාති පරම්පරාව දකියි. මෙසේ පූර්වේනිවාසානුස්මෘති ඤාණයට ප්‍රතීත්‍ය සමුත්පාද මනසිකාරය බොහෝ උපකාරවත් වේ. එහි ‘මෙය ඇතිකල්හි මෙය වෙයි. මෙය ඉපදීමෙන් මෙය උපදී යන මෙය ප්‍රතීත්‍ය සමුත්පාද නිර්දේශයෙහි උදෙසීම් වචනයයි. ඒවාහි එක්තරා වචනයකින්ම අර්ථය සිද්ධ කල්හි දෙයාකාර වචනයක් කුමක් සඳහාද යත්? අර්ථ නානත්වය යෙදෙන හෙයිනි. කෙසේද? ඉමස්මිං සති යනු මේ ප්‍රත්‍යය ඇතිකල්හි, විද්‍යමාන කල්හි, මෙය සියලු ප්රත්යයන්ට සාධාරණ වචනයයි. ඉදං හොති යනු මේ ප්‍රත්‍යයෝත්පන්නය වේ. මෙය සියලු ප්‍රත්‍යයෝත්පන්නයන්ට සාධාරණ වචනයයි. මේ සියලු වචනයන්ගෙන් අහේතුකවාදය ප්රතික්ෂිප්ත වූයේ වෙයි. යම් ධර්මයෝ ප්රත්යයන්ගෙන් හටගත්තාහු වෙත්ද? ප්‍රත්‍යය නොමැතිව නොවෙත්ද? ඒවා අහේතුක නම් වෙති. ඉමස්සුප්පාදා යනු මේ ප්‍රත්‍යයාගේ උත්පාදය හේතුකොටගෙන, මේ සියලු ප්‍රත්‍යයන්ගේ උත්පාදවත් බව දැක්වීමේ වචනයයි. ඉදං උප්පජ්ජති යනු මේ ප්‍රත්‍යයෝත්පන්නය උපදී. මෙය සියලු ප්රත්යයෝත්පන්නයන්ගේ, එයින් උපදනා බව දක්වන වචනයයි. මෙම සියලු වචනයන්ගෙන් ශාස්වත අහේතුකවාදය ප්රතික්ෂෙප කරන ලද්දේ වෙයි. යම් උපදවන ස්වභාව ධර්ම කෙනෙක් වෙත්ද, ඒවා අනිත්‍යයහ. එහෙයින් සහේතුකත්වය ඇතිකල්හිද, එම ධර්ම අනිත්‍ය හේතුකය. ලෝකයෙහි නිත්‍ය සම්මත ප්‍රකෘති පුරුෂාදි හේතුක කිසිවක් නැතැයි යූ.සේයි.
යදිදන්ති නිද්දිසිතබ්බත්ථසන්දස්සනං. අවිජ්ජාපච්චයා සඞ්ඛාරාති එත්ථ යං පටිච්ච ඵලමෙති, සො පච්චයො. පටිච්චාති න විනා, අපච්චක්ඛිත්වාති අත්ථො. එතීති උප්පජ්ජති චෙව පවත්තති චාති අත්ථො. අපිච උපකාරකට්ඨො පච්චයට්ඨො, අවිජ්ජා ච සා පච්චයො චාති අවිජ්ජාපච්චයො. තස්මා අවිජ්ජාපච්චයා සඞ්ඛාරා සම්භවන්තීති යොජනා. එවං සම්භවන්ති-සද්දස්ස සෙසපදෙහිපි යොජනා කාතබ්බා. සොකාදීසු ච සොචනං සොකො. පරිදෙවනං පරිදෙවො. දුක්ඛතීති දුක්ඛං. උප්පාදට්ඨිතිවසෙන වා ද්වෙධා ඛනතීතිපි දුක්ඛං. දුම්මනස්ස භාවො දොමනස්සං. භුසො ආයාසො උපායාසො. සම්භවන්තීති නිබ්බත්තන්ති. එවන්ති නිද්දිට්ඨනයනිදස්සනං. තෙන අවිජ්ජාදීහෙව කාරණෙහි, න ඉස්සරනිම්මානාදීහීති දස්සෙති. එතස්සාති යථාවුත්තස්ස. කෙවලස්සාති අසම්මිස්සස්ස, සකලස්ස වා. දුක්ඛක්ඛන්ධස්සාති දුක්ඛසමූහස්ස, න සත්තස්ස න සුඛසුභාදීනං. සමුදයොති නිබ්බත්ති. හොතීති සම්භවති.
යදිදං යනු නිර්දේශ කළයුතු අර්ථ පෙන්වීමයි. අවිජ්ජා පච්චයා සංඛාරා යන මෙහි යමක් හේතුයෙන් ඵලයක් හටගනීද, එය ප්‍රත්‍යයයි. පටිච්ච යනු නුවණින් නොසලකා යන අර්ථයි. එති යනු උපදියි මෙන්ම පවතී යන අර්ථයි. තවද උපකාරාර්ථය ප්රත්යයාර්ථයද වේ. අවිද්‍යාවද ඕ ප්රත්යයම වූයේනුයි අවිජ්ජා පච්චයොයි. එහෙයින් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ හටගනිත් යයි යෙදීමයි. මෙසේ සම්භවන්ති ශබ්දයට සෙසු පදයන්හිද යෙදීම් කළයුතුය. සෝකාදීන්හිද සෝක කිරීම, සොකොයි. විලාප කීම පරිදෙවොයි. දුකට පත්වේනුයි - දුක්ඛංයි. උත්පාද ස්ථිති වශයෙන් දෙයාකාරයෙන් සාරයිනුයිද දුක්ඛංයි. නොසතුටු සිතෙහි ස්වභාවය - දොමනස්සංයි. මහත් වෙහෙස උපායාසොයි. සම්භවන්ති යනු උපදිති. එවං යනු නිර්දිෂ්ට ක්‍රම පෙන්වීමයි. එයින් අවිද්‍යාදී වූම කාරණයන්ගෙන් යයිද ඊශ්වර නිර්මාණාදීන්ගෙන් නොවේ යයිද දක්වයි. එතස්ස යනු ඒ කියන ලද්දෙහි, කෙවලස්ස අසම්මිශ්‍ර හෝ සියල්ලෙහි යන අර්ථයි. දුක්ඛක්ඛන්ධස්ස යනු දුක් සමූහයාගේ, සුව, ශුභ ආදීන්ගේ හෝ සත්ත්වයාගේ හෝ නොවෙයි. සමුදයො යනු ඉපැත්ම, හොති යනු හටගනියි.
තත්ථ කතමා අවිජ්ජා? දුක්ඛෙ අඤ්ඤාණං, දුක්ඛසමුදයෙ අඤ්ඤාණං, දුක්ඛනිරොධෙ අඤ්ඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ්ඤාණං, පුබ්බන්තෙ අඤ්ඤාණං, අපරන්තෙ අඤ්ඤාණං, පුබ්බන්තාපරන්තෙ අඤ්ඤාණං, ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු අඤ්ඤාණං. කතමෙ සඞ්ඛාරා? පුඤ්ඤාභිසඞ්ඛාරො, අපුඤ්ඤාභිසඞ්ඛාරො, ආනෙඤ්ජාභිසඞ්ඛාරො, කායසඞ්ඛාරො, වචීසඞ්ඛාරො, චිත්තසඞ්ඛාරො. අට්ඨ කාමාවචරකුසලචෙතනා පඤ්ච රූපාවචරකුසලචෙතනා පුඤ්ඤාභිසඞ්ඛාරො, ද්වාදස අකුසලචෙතනා අපුඤ්ඤාභිසඞ්ඛාරො, චතස්සො අරූපාවචරකුසලචෙතනා ආනෙඤ්ජාභිසඞ්ඛාරො. කායසඤ්චෙතනා කායසඞ්ඛාරො, වචීසඤ්චෙතනා වචීසඞ්ඛාරො, මනොසඤ්චෙතනා චිත්තසඞ්ඛාරො.
එහි අවිද්‍යාව කවරක් වන්නේද? දුකෙහි නොදැනීම, දුක් හටගැන්මෙහි නොදැනීම, දුක් නිරුද්ධ කිරීමෙහි නොදැනීම, දුක් නිරෝධයට පමුණුවන ප්‍රතිපදාවෙහි නොදැනීම, පූර්වාන්තයෙහි නොදැනීම, අපරාන්තයෙහි නොදැනීම, පූර්වාපරන්තාපරයන්තයෙහි නොදැනීම, මෙය හේතුකොට හටගන්නා වූ ධර්මයන්හි නොදැනීම, සංස්කාරයෝ කවරහුද? පුණ්‍යාභිසංස්කාර, අපුණ්‍යාභිසංස්කාර, ආනෙඤ්ජාභි සංස්කාර, කාය සංස්කාර, වාක් සංස්කාර, චිත්ත සංස්කාර, අටවැදෑරුම් කාමාවචර කුසල් චේතනා, පස්වැදෑරුම් රූපාවචර කුසල් චේතනා, පුණ්යාභිසංස්කාරයි. දොළොස් අකුසල් චේතනා, අපුණ්‍යාභි සංස්කාරයි. සිව් අරූපාවචර කුසල් චේතනා ආනෙඤ්ජාභිසංස්කාරයි. කාය සඤ්චෙතනා කාය සංස්කාරයි. වාග් සඤ්චෙතනා වචී සංඛාරයි. මනො සඤ්චෙතනා චිත්ත සංඛාරයි.
තත්ථ සියා – කථං පනෙතං ජානිතබ්බං “ඉමෙ සඞ්ඛාරා අවිජ්ජාපච්චයා හොන්තී”ති? අවිජ්ජාභාවෙ භාවතො. යස්ස හි දුක්ඛාදීසු අවිජ්ජාසඞ්ඛාතං අඤ්ඤාණං අප්පහීනං හොති. සො දුක්ඛෙ තාව පුබ්බන්තාදීසු ච අඤ්ඤාණෙන සංසාරදුක්ඛං සුඛසඤ්ඤාය ගහෙත්වා තස්සෙව හෙතුභූතෙ තිවිධෙපි සඞ්ඛාරෙ ආරභති. සමුදයෙ අඤ්ඤාණෙන දුක්ඛහෙතුභූතෙපි තණ්හාපරික්ඛාරෙ සඞ්ඛාරෙ සුඛහෙතුතො මඤ්ඤමානො ආරභති. නිරොධෙ පන මග්ගෙ ච අඤ්ඤාණෙන දුක්ඛස්ස අනිරොධභූතෙපි ගතිවිසෙසෙ දුක්ඛනිරොධසඤ්ඤී හුත්වා නිරොධස්ස ච අමග්ගභූතෙසුපි යඤ්ඤාමරතපාදීසු නිරොධමග්ගසඤ්ඤී හුත්වා දුක්ඛනිරොධං පත්ථයමානො යඤ්ඤාමරතපාදිමුඛෙන තිවිධෙපි සඞ්ඛාරෙ ආරභති.
මෙම සංස්කාර අවිද්‍යා ප්‍රත්‍යයෙන් වෙත්යයි, එය කෙසේ දැනගත යුතුදැයි ප්‍රශ්නයක් මතුවන්නේය. අවිද්‍යාවගේ වීම ඇතිකල්හි වන හෙයිනි. යමෙකුට දුක්ඛාදීන්හි අවිද්‍යා සංඛ්‍යාත නොදැනීම අප්‍රහීණ වූයේ වේද? හෙතෙම පළමුව දුක්ඛයෙහි පූර්වාන්තාදීන්හි නොදැනීමෙන් සසර දුක සුව සංඥාවෙන් ගෙන එයටම හේතුවූ තෙවදෑරුම් සංස්කාරයන් අරඹයි. දුක්ඛ සමුදයෙහි නොදැනීමෙන්, දුකට හේතුභූත වූ, තෘෂ්ණා පරිෂ්කාර සංඛ්‍යාත සංස්කාරයන් සුවහේතු වශයෙන් හඟිමින් රැස්කිරීම අරඹයි. නිරෝධයෙහිද, මාර්ගයෙහිද නොදැනීමෙන්, දුකෙහි නිරෝධයට හේතුනොවන්නා වූද, ස්වභාව විශේෂයන්හි, දුක්ඛ නිරෝධසංඥීව, දුක්ඛ නිරෝධයට මාර්ග නොවූ, යාගහෝම, අමරා වික්ෂෙපිත හා තපො ව්රතාදීන්හි නිරෝධ මාර්ග සංඥීව, දුක්ඛ නිරෝධය ප්‍රාර්ථනා කරමින් යාගහෝම, අමරා වික්ෂෙපිත හා තපො ව්‍රතාදී ආකාරයෙන් තෙවදෑරුම් සංස්කාරයන් අරඹයි.
අපිච සො තාය චතූසු සච්චෙසු අප්පහීනාවිජ්ජතාය විසෙසතො ජාතිජරාරොගමරණාදිඅනෙකාදීනවවොකිණ්ණම්පි පුඤ්ඤඵලසඞ්ඛාතං දුක්ඛං දුක්ඛතො අජානන්තො තස්ස අධිගමාය කායවචීචිත්තසඞ්ඛාරභෙදං පුඤ්ඤාභිසඞ්ඛාරං ආරභති දෙවච්ඡරකාමකො විය මරුපපාතං. සුඛසම්මතස්සාපි ච තස්ස පුඤ්ඤඵලස්ස අන්තෙ මහාපරිළාහජනිකං විපරිණාමදුක්ඛතං අප්පස්සාදතඤ්ච අපස්සන්තොපි තප්පච්චයං වුත්තප්පකාරමෙව පුඤ්ඤාභිසඞ්ඛාරං ආරභති සලභො විය දීපසිඛාභිනිපාතං, මධුබින්දුගිද්ධො විය ච මධුලිත්තසත්ථධාරාලෙහනං. කාමූපසෙවනාදීසු ච සවිපාකෙසු ආදීනවං අපස්සන්තො සුඛසඤ්ඤාය චෙව කිලෙසාභිභූතතාය ච ද්වාරත්තයප්පවත්තම්පි අපුඤ්ඤාභිසඞ්ඛාරං ආරභති බාලො විය ගූථකීළනං, මරිතුකාමො විය ච විසඛාදනං. ආරුප්පවිපාකෙසු චාපි සඞ්ඛාරවිපරිණාමදුක්ඛතං අනවබුජ්ඣමානො සස්සතාදිවිපල්ලාසෙන චිත්තසඞ්ඛාරභූතං ආනෙඤ්ජාභිසඞ්ඛාරං ආරභති දිසාමූළ්හො විය පිසාචනගරාභිමුඛමග්ගගමනං. එවං යස්මා අවිජ්ජාභාවතොව සඞ්ඛාරභාවො, න අභාවතො, තස්මා ජානිතබ්බමෙතං “ඉමෙ සඞ්ඛාරා අවිජ්ජාපච්චයා හොන්තී”ති.
තවද හෙතෙම ඒ සිව්සස්හි, අප්‍රහීණ අවිද්යාතායෙන් විශේෂයෙන් ජාති, ජරා, රෝග මරණාදී නොයෙක් ආදීනවයන්ගෙන් ගැවසීගත් පුණ්‍යඵල සංඛ්‍යාත, දුක, දුක වශයෙන් නොදන්නේ එම දුක ලබාගැනීම සඳහා කාය, වාග්, චිත්ත සංස්කාරභේද වූ පුණ්‍යාභිසංස්කාර අරඹයි. දිව්‍යප්සරා කැමැත්තේ මාරක ප්‍රපාතයට ඇදවැටී නැසෙන්නාක් මෙනි. සුවයැයි සම්මත වූයේද ඒ පුණ්‍ය ඵලයාගේ අන්තයෙහි මහත් දාහ හටගන්වන, විපරිණාම දුක්ඛතාවද, අල්පාශ්වාදතාවද, නොදක්නේම, එයට හේතුවන කියන ලද ආකාරම වූ පුණ්‍යාභිසංස්කාර අරඹයි. මීපැණි ආලේප කරන ලද ආයුධය ලොවින මීබිඳු ගිජුවූවෙකු මෙන්ද, පහන්සිළ මතුයෙහි පතිත වන පළඟැටියාද මෙනි. කාමසේවනාදීන්හි විපාක සහිත ආදීනව නොදක්නේ සුව සංඥාවෙන්ද, කෙලෙසුන්ගෙන් මැඩුණු හෙයින්ද, ද්වාරත්රයයෙහි පැවැති අපුණ්‍යාභිසංස්කාර අරඹයි. අශූචි සමග ක්‍රීඩා කරන ළදරුවෙකු මෙන්ද, මැරෙනු කැමැත්තහුගේ විෂ කෑම මෙන්ද වේ. අරූප විපාකයන්හිද, සංස්කාර විපරිණාම දුක්ඛතාව, අවබෝධ නොකරනුයේ, ශාස්වතාදී චිත්ත විපර්යාසයෙන්, චිත්ත සංස්කාර වූ අනෙඤ්ජාභි සංස්කාර අරඹයි. පිශාච නගරාභිමුව මාර්ගයෙහි ගමන්කරන දිසා මුළාවූවෙකු මෙනි. මෙසේ අවිද්‍යාවගේම හටගැනීමෙන් සංස්කාරයන්ගේ හටගැනීම වේ. හටනොගැනීමෙන් නොවේ. එහෙයින් එය දැනගත යුතුය. මේ සංස්කාර අවිද්‍යා ප්‍රත්‍යයෙන් වෙයි.
එත්ථාහ – ගණ්හාම තාව එතං “අවිජ්ජා සඞ්ඛාරානං පච්චයො”ති. කිං පනායමෙකාව අවිජ්ජා සඞ්ඛාරානං පච්චයො, උදාහු අඤ්ඤෙපි පච්චයා සන්තීති? කිං පනෙත්ථ යදි තාව එකාව, එකකාරණවාදො ආපජ්ජති. අථ අඤ්ඤෙපි සන්ති, “අවිජ්ජාපච්චයා සඞ්ඛාරා”ති එකකාරණනිද්දෙසො නුපපජ්ජතීති? න නුපපජ්ජති. කස්මා? යස්මා –
මෙහි කීහ – ඒ අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍යය වේයයි යන්න පළමුව ගනිමු. කිමෙක්ද මේ තනිවූම අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍යය වේද? නොහොත් අන්‍යවූද, ප්‍රත්‍ය ඇත්ද? කිමෙක්ද මෙහි පළමුව තනිවූයේම ඒක කාරණ වාදයට පැමිණේද, වෙනත් දෑද තිබේද? ‘අවිජ්ජා පච්චයා සංඛාරායි’ ඒක කාරණ නිර්දේශය නූපදීද? නූපදී. කුමක් හෙයින්ද යත්,
“එකං න එකතො ඉධ, නානෙකමනෙකතොපි නො එකං; ඵලමත්ථි අත්ථි පන එක-හෙතුඵලදීපනෙ අත්ථො”.
එකං න එකතො ඉධ නානෙක මනෙකතොපි නො එකං, ඵලමත්ථි අත්‍ථිපන එක හෙතුඵල දීපනෙ අත්ථො
මෙලොව එක් හේතුවකින් එක් ඵලයක් නැත. නොයෙක් ඵලද නැත. නොයෙක් හේතූන්ගෙන්ද එක් ඵලයෙක් නැත. අවිද්‍යා හේතුවෙන් සංස්කාර යනාදී වශයෙන් එක් එක් හේතු, එක් එක් ඵලයන් දැක්වීමෙහි ප්‍රයෝජනයක්ද ඇත.
භගවා හි කත්ථචි පධානත්තා කත්ථචි පාකටත්තා කත්ථචි අසාධාරණත්තා දෙසනාවිලාසස්ස ච වෙනෙය්යානඤ්ච අනුරූපතො එකමෙව හෙතුඤ්ච ඵලඤ්ච දීපෙති. තස්මා අයමිධ අවිජ්ජා විජ්ජමානෙසුපි අඤ්ඤෙසු වත්ථාරම්මණසහජාතධම්මාදීසු සඞ්ඛාරකාරණෙසු “අස්සාදානුපස්සිනො තණ්හා පවඩ්ඪතී”ති (සං· නි· 2.52) ච, “අවිජ්ජාසමුදයා ආසවසමුදයො”ති (ම· නි· 1.104) ච වචනතො අඤ්ඤෙසම්පි තණ්හාදීනං සඞ්ඛාරහෙතූනං හෙතූති පධානත්තා, “අවිද්වා, භික්ඛවෙ, අවිජ්ජාගතො පුඤ්ඤාභිසඞ්ඛාරම්පි අභිසඞ්ඛරොතී”ති පාකටත්තා, අසාධාරණත්තා ච සඞ්ඛාරානං හෙතුභාවෙන දීපිතාති වෙදිතබ්බා. එතෙනෙව ච එකෙකහෙතුඵලදීපනපරිහාරවචනෙන සබ්බත්ථ එකෙකහෙතුඵලදීපනෙ පයොජනං වෙදිතබ්බන්ති.
භාග්‍යවතුන් වහන්සේ කිසිතැනෙක ප්රධානත්වයෙන්ද, කිසිතැනෙක ප්‍රකට භාවයෙන්ද, කිසිතැනෙක අසාධාරණත්වයෙන්ද, දේශනා විලාස වශයෙන්ද, හික්මවිය යුතු අයට සුදුසු අයුරින්ද, එකම හේතුවක් හා ඵලයක් දක්වයි. එහෙයින් මෙහි මේ අවිද්‍යාව, අනෙකුත් සංස්කාර කාරණ වූ වස්තු, ආරම්මණ ආදී සහජාත ධර්මයන් විද්‍යමාන කල්හිද, තෘෂ්ණාදීන් සංස්කාර හේතූන් වශයෙන් හේතුවේයයි ප්රධානත්වයෙන්ද, ප්‍රකට භාවයෙන්ද, අසාධාරණත්වයෙන්ද සංස්කාරයන්ගේ හේතුභාවයෙන් දක්වන ලද්දේයැයි දතයුත්තාහ. මෙයින්ම එක් එක් හේතුඵල දැක්වීමෙහි අත්හැරීම් වචනයෙන්, හැමතැන එක් එක් හේතුඵල දැක්වීමෙහි ප්‍රයෝජන දතයුතුය.
එත්ථාහ – එවං සන්තෙපි එකන්තානිට්ඨඵලාය සාවජ්ජාය අවිජ්ජාය කථං පුඤ්ඤානෙඤ්ජාභිසඞ්ඛාරපච්චයත්තං යුජ්ජති? න හි නිම්බබීජතො උච්ඡු උප්පජ්ජතීති. කථං න යුජ්ජිස්සති? ලොකස්මිඤ්හි –
මෙහි කීහු – මෙසේ ඇතිකල්හිද, ඒකාන්ත අනිෂ්ට ඵල සහිත සාවද්‍ය අවිද්‍යායෙන් කෙසේ පුණ්‍ය ආනෙඤ්ජාභිසංස්කාර ප්‍රත්‍යයතාවය යෙදේද? කොහොඹ බීජයෙන් උක් හට නොගනී. කෙසේ නොයෙදෙන්නේද? ලෝකයෙහි වනාහි, විරුද්ධ අවිරුද්ධතාවන්ද, එසේම සමාන අසමානතාවන්ද, යනාදිය ධර්මයන්ගේ ප්‍රත්‍යයෙන් සිද්ධ වේ. ඒවා විපාකයන්ම නොවේ.
“විරුද්ධො චාවිරුද්ධො ච, සදිසාසදිසො තථා; ධම්මානං පච්චයො සිද්ධො, විපාකා එව තෙ ච න”.
විරුද්ධොචා විරුද්ධොචා - සදිසාසදිසොතථා, ධම්මානං පච්චයො සිද්ධො - විපාකා එව තෙච න
ඉති අයං අවිජ්ජා විපාකවසෙන එකන්තානිට්ඨඵලා, සභාවවසෙන ච සාවජ්ජාපි සමානා සබ්බෙසම්පි එතෙසං පුඤ්ඤාභිසඞ්ඛාරාදීනං යථානුරූපං ඨානකිච්චසභාවවිරුද්ධාවිරුද්ධපච්චයවසෙන සදිසාසදිසපච්චයවසෙන ච පච්චයො හොතීති වෙදිතබ්බා.
මෙසේ මෙම අවිද්‍යාව විපාක වශයෙන් ඒකාන්ත අනිෂ්ට ඵල වූවාහු ස්වභාව වශයෙන්ද, සාවද්‍ය වූවාහු, ඒ සියලු පුණ්යාභිසංස්කාරාදීන්ට සුදුසු පරිදි, පිහිටීම, කෘත්‍යය, ස්වභාවය, විරුද්ධ, අවිරුද්ධ ප්‍රත්‍යය වශයෙන් සමාන වූවාහු, සමාන ප්‍රත්‍යය වශයෙන්ද, ප්‍රත්‍යය වේයයි දතයුත්තාහ.
අපිච –
තවද –
“චුතූපපාතෙ සංසාරෙ, සඞ්ඛාරානඤ්ච ලක්ඛණෙ; යො පටිච්චසමුප්පන්න-ධම්මෙසු ච විමුය්හති.
චුතූපපාතෙ සංසාරෙ - සංඛාරානඤ්ච ලක්ඛණෙ, යො පටිච්ච සමුප්පන්න - ධම්මෙසුච විමුය්හති
සසරෙහි චුති උත්පත්තීන්හිද, සංස්කාරයන්ගේ ලක්ෂණයෙහිද ප්‍රතීත්‍ය සමුත්පන්න ධර්මයන්හිද, යම් පුඟුලෙක් මුළා වේද?
“අභිසඞ්ඛරොති සො එතෙ, සඞ්ඛාරෙ තිවිධෙ යතො; අවිජ්ජා පච්චයො තෙසං, තිවිධානං අයං තතො.
අභිසංඛරොති සො එතෙ - සංඛාරෙ තිවිධෙ යතො, අවිජ්ජා පච්චයො තෙසං - තිවිධානං අයං තතො
යම්හෙයකින් හෙතෙම එම ත්‍රිවිධ සංස්කාරයන් රැස්කෙරේද, එහෙයින් මෙතෙමේ ඒ ත්‍රිවිධ සංස්කාරයන් අවිද්‍යා ප්‍රත්‍යයෙන් රැස් කෙරේ.
“යථාපි නාම ජච්චන්ධො, නරො අපරිණායකො; එකදා යාති මග්ගෙන, උම්මග්ගෙනාපි එකදා.
යථාපි නාම ජච්චන්ධො - නරො අපරිණායකො, එකදා යාති මග්ගෙන - උම්මග්ගෙනාපි එකදා
යම්සේ නම් මගපෙන්වන්නෙකු නොමැති, ජාත්යන්ධ මිනිසා එක්කලෙක නිසි මාර්ගයෙන්, එක්කලෙක වැරදි මාර්ගයෙන් යයිද?
“සංසාරෙ සංසරං බාලො, තථා අපරිණායකො; කරොති එකදා පුඤ්ඤං, අපුඤ්ඤමපි එකදා.
සංසාරෙ සංසරං බාලො - තථා අපරිණායකො, කරොති එකදා පුඤ්ඤං - අපුඤ්ඤම්පිච එකදා
එසේම මගපෙන්වන්නෙකු නොමැති, සසර සැරිසරන අඥානයා එක්කලෙක පින් හා එක්කලෙක පාපයන්ද කරයි.
“යදා ච ඤත්වා සො ධම්මං, සච්චානි අභිසමෙස්සති; තදා අවිජ්ජූපසමා, උපසන්තො චරිස්සතී”ති.
යදා ච ඤත්වා සො ධම්මං - සච්චානි අභිසමෙස්සති, තදා අවිජ්ජූපසමා - උපසන්තො චරිස්සතීති
යම්කලෙක හෙතෙම ධර්මය දැන සත්‍යයන් අවබෝධ කරන්නේද? එකල්හි අවිද්‍යා සන්සිඳීමෙන් උපශාන්තව හැසිරෙන්නේය.
සඞ්ඛාරපච්චයා විඤ්ඤාණන්ති ඡ විඤ්ඤාණකායා චක්ඛුවිඤ්ඤාණං සොතවිඤ්ඤාණං ඝානවිඤ්ඤාණං ජිව්හාවිඤ්ඤාණං කායවිඤ්ඤාණං මනොවිඤ්ඤාණං. තත්ථ චක්ඛුවිඤ්ඤාණං කුසලවිපාකං අකුසලවිපාකන්ති දුවිධං. තථා සොතඝානජිව්හාකායවිඤ්ඤාණානි. මනොවිඤ්ඤාණං ද්වෙ විපාකමනොධාතුයො, තිස්සො අහෙතුකමනොවිඤ්ඤාණධාතුයො, අට්ඨ සහෙතුකවිපාකචිත්තානි, පඤ්ච රූපාවචරානි, චත්තාරි අරූපාවචරානීති බාවීසතිවිධං. ඉති සබ්බානි බාත්තිංස ලොකියවිපාකවිඤ්ඤාණානි.
සංඛාර පච්චයා විඤ්ඤාණං යනු ෂට් විඤ්ඤාණ කායයන්, චක්ෂු, ශ්‍රෝත, ඝාණ, ජිව්හා, කාය, මනො යන විඤ්ඤාණයන්ය. එහි චක්ෂු විඤ්ඤාණය කුසල විපාක, අකුසල විපාක වශයෙන් දෙවදෑරුම්ය. ශ්‍රෝත, ඝාණ, ජිව්හා, කාය විඤ්ඤාණයන්ද එසේය. මනො විඤ්ඤාණය විපාක මනොධාතු ද්වයයද, අහේතුක මනො විඤ්ඤාණ ධාතුත්රයයද, සහේතුක කාමාවචර විපාක සිත් අටද, පඤ්චරූපාවචරයන්ද, සිව් අරූපාවචරයන්දැයි දෙවිසිවැදෑරුම්ය. මෙසේ සියලු ලෞකික විඤ්ඤාණ දෙතිසකි.
තත්ථ සියා – කථං පනෙතං ජානිතබ්බං “ඉදං වුත්තප්පකාරං විඤ්ඤාණං සඞ්ඛාරපච්චයා හොතී”ති? උපචිතකම්මාභාවෙ විපාකාභාවතො. විපාකඤ්හෙතං, විපාකඤ්ච න උපචිතකම්මාභාවෙ උප්පජ්ජති. යදි උප්පජ්ජෙය්ය, සබ්බෙසං සබ්බවිපාකානි උප්පජ්ජෙය්යුං, න ච උප්පජ්ජන්තීති ජානිතබ්බමෙතං “සඞ්ඛාරපච්චයා ඉදං විඤ්ඤාණං හොතී”ති. සබ්බමෙව හි ඉදං පවත්තිපටිසන්ධිවසෙන ද්වෙධා පවත්තති. තත්ථ ද්වෙ පඤ්චවිඤ්ඤාණානි ද්වෙ මනොධාතුයො සොමනස්සසහගතාහෙතුකමනොවිඤ්ඤාණධාතූති ඉමානි තෙරස පඤ්චවොකාරභවෙ පවත්තියංයෙව පවත්තන්ති, සෙසානි එකූනවීසති තීසු භවෙසු යථානුරූපං පවත්තියම්පි පටිසන්ධියම්පි පවත්තන්ති.
මේ කියන ලද ආකාර ඇති විඤ්ඤාණය සංස්කාර ප්‍රත්‍යයෙන් වේයයි කෙසේ දැනගත යුතුද? රැස් කරන ලද, කර්ම නොමැති කල්හි විපාක නොමැති හෙයිනි. එය විපාකයකි. රැස්කරන ලද කර්ම නොමැති කල්හි විපාකයද නූපදී. ඉදින් උපදින්නේද, සියල්ලන්ට සියලු විපාක උපදින්නේය. එය නූපදීයයි දතයුතුය. සංස්කාර ප්‍රත්‍යයෙන් මෙම විඤ්ඤාණය වේයයි දතයුතුය. මෙම සියල්ලම ප්රවෘත්ති, ප්රතිසන්ධි වශයෙන් දෙයාකාරයෙන් පවතියි. එහි දෙපස් විඤ්ඤාණයන්ද, මනොධාතු ද්වයයද, සොම්නස් සහගත අහේතුක මනො විඤ්ඤාණ ධාතුවදැයි යන මේ තෙළෙස, පඤ්චවෝකාර භවයෙහි ප්‍රවෘත්තියෙහිම පවතී. සෙසු එකුන්විස්ස ත්‍රිවිධ භවයන්හි සුදුසු පරිදි ප්‍රවෘත්තියෙහිද, ප්රතිසන්ධියෙහිද පවතී.
“ලද්ධප්පච්චයමිති ධම්මමත්තමෙතං භවන්තරමුපෙති; නාස්ස තතො සඞ්කන්ති, න තතො හෙතුං විනා හොති”.
ලද්ධප්පච්චයමිතිධම්ම - මත්තමෙතං භවන්තරමුපෙති, නාස්ස තතො සංකන්ති - න තතො හෙතුං විනාහොති
ලබන ලද ප්‍රත්‍යයයි යන ඒ ධර්‍මමාත්‍රය භවාන්තරයට එළැඹේ. එයින් ඉක්මවා යාමක් නොවන්නේය. එම හේතුයෙන් තොරව කිසිවක් නොවන්නේය.
ඉති හෙතං ලද්ධප්පච්චයං රූපාරූපධම්මමත්තං උප්පජ්ජමානං භවන්තරමුපෙතීති වුච්චති, න සත්තො, න ජීවො. තස්ස ච නාපි අතීතභවතො ඉධ සඞ්කන්ති අත්ථි, නාපි තතො හෙතුං විනා ඉධ පාතුභාවො. එත්ථ ච පුරිමං චවනතො චුති, පච්ඡිමං භවන්තරාදිපටිසන්ධානතො පටිසන්ධීති වුච්චති.
මෙසේ ඒ ලබන ලද ප්‍රත්‍යය ඇති, රූපාරූප ධර්ම මාත්‍රය උපදිනු ලබන්නේ භවාන්තරයට එළැඹේයැයි යූ.සේයි. සත්ත්වයෙක් නොවේ. ජීවයක් නොවේ. එහිද අතීත භවයෙන් මෙහි සංක්‍රාන්තියක් නොමැත. එහෙයින් හේතුවෙන් තොරව මෙහි පහළවීමක් නොමැත. මෙහි පළමු වචනයෙන් චුතියද, පශ්චිම වචනයෙන් භවාන්තරාදීන්හි පිළිසිඳගන්නා හෙයින් ප්‍රතිසන්ධියයි යූ.සේයි මෙහි කීහ.
එත්ථාහ – නනු එවං අසඞ්කන්තිපාතුභාවෙ සති යෙ ඉමස්මිං මනුස්සත්තභාවෙ ඛන්ධා, තෙසං නිරුද්ධත්තා, ඵලප්පච්චයස්ස ච කම්මස්ස තත්ථ අගමනතො, අඤ්ඤස්ස අඤ්ඤතො ච තං ඵලං සියා . උපභුඤ්ජකෙ ච අසති කස්ස තං ඵලං සියා. තස්මා න සුන්දරමිදං විධානන්ති. තත්රිදං වුච්චති –
මෙසේ සංක්රමණයෙන් තොරව පහළවීම් ඇතිකල්හි මෙම මිනිසත් බැව්හි, යම් ස්කන්ධයෝ වෙත්ද, ඒවා නිරුද්ධ වූයේ ඵලයට ප්‍රත්‍යය වූ, කර්මයෙහි එහි නොයන හෙයින්ද, අනෙකෙකුට අනෙකෙකුගෙන් එම ඵලය වන්නේද, පරිභෝග කරන්නෙකු නොමැති කල්හි, කවරෙකුට එම ඵලය වන්නේද, එහෙයින් එම නියමය යහපත් නොවේ. එහි මෙය යූ.සේයි.
“සන්තානෙ යං ඵලං එතං, නාඤ්ඤස්ස න ච අඤ්ඤතො; බීජානං අභිසඞ්ඛාරො, එතස්සත්ථස්ස සාධකො.
සන්තානෙ යං ඵලං එතං - නාඤ්ඤස්ස නච අඤ්ඤතො, බීජානං අභිසංඛාරො - එතස්සත්ථස්ස සාධකො
“ඵලස්සුප්පත්තියා එව, සිද්ධා භුඤ්ජකසම්මුති; ඵලුප්පාදෙන රුක්ඛස්ස, යථා ඵලති සම්මුතී”ති.
ඵලස්සුප්පත්තියා එව - සිද්ධා භුඤ්ජක සම්මුති, ඵලුප්පාදෙන රුක්ඛස්ස - යථා ඵලති සම්මුතී’ති
පරපුරෙන් පැවතෙන යම් ඵලයෙක් ඇත්ද? එය අනෙකෙකුට නොවේ. අනෙකෙකුගෙන්ද නොවේ. බීජයන්ගේ මනා සංස්කරණය එම අර්ථයට සාධකයකි. යම්සේ වෘක්ෂයෙහි ඵල හටගැන්මෙන් ඵල දරයි යන සම්මුතිය වේද, එසේම ඵලයෙහි හටගැන්මෙන් පරිභෝග සම්මුතිය සිදුවේ.
යොපි වදෙය්ය “එවං සන්තෙපි එතෙ සඞ්ඛාරා විජ්ජමානා වා ඵලස්ස පච්චයා සියුං අවිජ්ජමානා වා. යදි ච විජ්ජමානා, පවත්තික්ඛණෙයෙව නෙසං විපාකෙන භවිතබ්බං. අථාපි අවිජ්ජමානා, පවත්තිතො පුබ්බෙ පච්ඡා ච නිච්චං ඵලාවහා සියු”න්ති. සො එවං වත්තබ්බො –
මෙසේ ඇතිකල්හිද එම සංස්කාර, විද්‍යමාන වූයේ හෝ අවිද්‍යමාන වූයේ ඵලයට ප්‍රත්‍යය වන්නේය. ඉදින් විද්‍යමාන වූවාහු ප්රවෘත්ති ක්ෂණයෙහිම ඒවාහි විපාක විය යුතුය. තවද අවිද්‍යමාන වූවාහු ප්‍රවෘත්තියෙන් පූර්වයෙහිද පසුවද නිත්‍ය ඵල ගෙනඑනු ලබත්යයි යමෙක් කියන්නේද, ඔහුට මෙසේ කිවයුතුය –
“කතත්තා පච්චයා එතෙ, න ච නිච්චං ඵලාවහා; පාටිභොගාදිකං තත්ථ, වෙදිතබ්බං නිදස්සන”න්ති.
කතත්තා පච්චයා එතෙ - නච නිච්චං ඵලාවහං, පාටිභොගාදිකං තත්ථ - වෙදිතබ්බං නිදස්සනං
ඒවා ප්‍රත්‍යයෙන් කළහෙයින් නිතර ඵල නොඑළවයි. එහි යෙදීම ඇප වී ණය ගැනීම මෙනැයි නිදර්ශන වශයෙන් දතයුතුය.
විඤ්ඤාණපච්චයා නාමරූපන්ති ඉධ වෙදනා සඤ්ඤා සඞ්ඛාරක්ඛන්ධා නාමං, චත්තාරි ච මහාභූතානි චතුන්නඤ්ච මහාභූතානං උපාදායරූපං රූපං. අභාවකගබ්භසෙය්යකානං අණ්ඩජානඤ්ච පටිසන්ධික්ඛණෙ වත්ථුදසකං කායදසකන්ති වීසති රූපානි, තයො ච අරූපිනො ඛන්ධාති එතෙ තෙවීසති ධම්මා විඤ්ඤාණපච්චයා නාමරූපන්ති වෙදිතබ්බා. සභාවකානං භාවදසකං පක්ඛිපිත්වා තෙත්තිංස, ඔපපාතිකසත්තෙසු බ්රහ්මකායිකාදීනං පටිසන්ධික්ඛණෙ චක්ඛුසොතවත්ථුදසකානි ජීවිතින්ද්රියනවකඤ්චාති එකූනචත්තාලීස රූපානි, තයො ච අරූපිනො ඛන්ධාති එතෙ ද්වාචත්තාලීස ධම්මා විඤ්ඤාණපච්චයා නාමරූපං. කාමභවෙ පන සෙසඔපපාතිකානං සංසෙදජානං වා සභාවකපරිපුණ්ණායතනානං පටිසන්ධික්ඛණෙ චක්ඛුසොතඝානජිව්හාකායවත්ථුභාවදසකානීති සත්තති රූපානි, තයො ච අරූපිනො ඛන්ධාති එතෙ තෙසත්තති ධම්මා විඤ්ඤාණපච්චයා නාමරූපං. එස උක්කංසො. අවකංසෙන පන තංතංදසකවිකලානං තස්ස තස්ස වසෙන හාපෙත්වා හාපෙත්වා පටිසන්ධියං විඤ්ඤාණපච්චයා නාමරූපසඞ්ඛා වෙදිතබ්බා. අරූපීනං පන තයොව අරූපිනො ඛන්ධා, අසඤ්ඤානං රූපතො ජීවිතින්ද්රියනවකමෙවාති. එස තාව පටිසන්ධියං නයො.
විඤ්ඤාණ පච්චයා නාමරූපං යන මෙහි වේදනා, සංඥා, සංස්කාර ස්කන්ධ නාමයි. සතරමහා භූතද සතර මහාභූතයන්ට උපාදාය වූ රූපද, රූපයි. ස්ත්රිපුරුෂභාව නොමැති ගැබ්හි සයනය කරන්නවුන්ගේද බිජුවටින් හටගන්නවුන්ගේද, ප්රතිසන්ධික්ෂණයෙහි, වස්තු දසකය කාය දසකය යන විසිරූපයෝද, ත්‍රිවිධ අරූපස්කන්ධදැයි යන එම තෙවිසි ධර්ම, විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් වන නාමරූපයයි දතයුත්තාහ. ස්ත්රීපුරුෂභාව සහිතවුන්ට භාවදසකය ප්රක්ෂෙපනය කොට තෙතිසකි. ඕපපාතිකයන් අතර, බ්රහ්මකායිකාදීන්ගේ ප්රතිසන්ධික්ෂණයෙහි චක්ෂු, ශ්රෝතාදී වස්තු දශකයන්ද, ජීවිතින්ද්රිය නවකයද යන එකුන්සාළිස් රූපයෝද, තෙවැදෑරුම් අරූප ස්කන්ධද යන එම දෙසාළිස් ධර්ම විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් වන නාමරූප වේ. කාම භවයෙහි, සෙසු ඕපපාතිකයින්ටද, සංසේදජයන්ටද ස්ත්‍රීපුරුෂ භාව සහිත පරිපූර්ණායතනයන්ගේ, ප්රතිසන්ධික්ෂණයෙහි චක්ෂු, සෝත, ඝාණ, ජිව්හා - කායවත්ථු භාව දසකයන්ද, තෙවදෑරුම් අරූප ස්කන්ධද යන එම තෙසැත්තෑ ධර්ම විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් වන නාමරූප නම් වේ. මේ උපරිමයෙනි. අවමයෙන් වනාහි ඒ ඒ දශක විකලවූවන්ට ඒ ඒ වශයෙන් අඩුකොට අඩුකොට ප්රතිසන්ධියෙහි විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප ගණන් ගැනීම දතයුත්තාහ. ආරුප්යයින්ට ත්‍රිවිධ අරූපස්කන්ධද අසඤ්ඤීන්ට රූප වශයෙන් ජීවිතේන්ද්රිය නවකයම වේය. මේ ප්රතිසන්ධියෙහි ක්‍රමයැයි.
තත්ථ සියා – කථං පනෙතං ජානිතබ්බං “පටිසන්ධිනාමරූපං විඤ්ඤාණපච්චයා හොතී”ති? සුත්තතො යුත්තිතො ච. සුත්තෙ හි “චිත්තානුපරිවත්තිනො ධම්මා”තිආදිනා (ධ· ස· දුකමාතිකා 62) නයෙන බහුධා වෙදනාදීනං විඤ්ඤාණපච්චයතා සිද්ධා. යුත්තිතො පන –
එහි ප්‍රශ්නයක් වෙයි. ප්රතිසන්ධි නාමරූපය විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් වේය යන එය කෙසේ දැනගත යුතුද කියා. සූත්‍රයාගේ වශයෙන්ද. යුක්ති වශයෙන්ද වේ. සූත්‍රයෙහි, ධර්ම සිත අනුව පෙරැළේ. ආදී ක්‍රමයෙන් විවිධාකාරයෙන් වේදනාදීන්ගේ විඤ්ඤාණ ප්‍රත්‍යතාව සිද්ධය. යුක්ති වශයෙන් වනාහි,
චිත්තජෙන හි රූපෙන, ඉධ දිට්ඨෙන සිජ්ඣති; අදිට්ඨස්සාපි රූපස්ස, විඤ්ඤාණං පච්චයො ඉති.
චිත්තජෙනහි රූපෙන - ඉධ දිට්ඨෙන සිජ්ඣති, අදිට්ඨස්සාපි රූපස්ස - විඤ්ඤාණං පච්චයො ඉති
මෙහි චිත්තජ රූපයෙන් දැකීම සිදුවේ. නොදක්නා ලද්දා වූද රූපයට විඤ්ඤාණය ප්‍රත්‍යය වේ.
නාමරූපපච්චයා සළායතනන්ති නාමං වුත්තමෙව. ඉධ පන රූපං නියමතො චත්තාරි භූතානි ඡ වත්ථූනි ජීවිතින්ද්රියන්ති එකාදසවිධං. සළායතනං – චක්ඛායතනං, සොතායතනං, ඝානායතනං, ජිව්හායතනං, කායායතනං, මනායතනං.
නාමරූප පච්චයා සළායතනං යනු නාමය කියන ලද්දේමය. මෙහි වනාහි රූපය නියම වශයෙන්, සතරමහා භූතයන්ද, ෂට් වස්තූන්ද, ජීවිතේන්ද්රියයද වශයෙන් එකොළොස් වැදෑරුම්ය. සළායතන, චක්ෂු ශ්‍රෝත, ඝාණ, ජිව්හා, කාය, මන යන සයයි.
තත්ථ සියා – කථං පනෙතං ජානිතබ්බං “නාමරූපං සළායතනස්ස පච්චයො”ති? නාමරූපභාවෙ භාවතො. තස්ස තස්ස හි නාමස්ස රූපස්ස ච භාවෙ තං තං ආයතනං හොති, න අඤ්ඤථාති.
එහි ප්‍රශ්නයක් මතුවන්නේය. නාමරූප සළායතනයට කෙසේ ප්‍රත්‍යය වේද යන එය කෙසේ දැනගත යුතුද? නාමරූපයන් ඇතිකල්හි වන හෙයිනි. ඒ ඒ නාමයෙහිද, රූපයෙහිද ඇතිකල්හි ඒ ඒ ආයතන වෙයි. (හටගනියි) අන්‍යාකාරයකින් නොවේ.
සළායතනපච්චයා ඵස්සොති –
සළායතන පච්චයා ඵස්සො යනු –
“ඡළෙව ඵස්සා සඞ්ඛෙපා, චක්ඛුසම්ඵස්සආදයො; විඤ්ඤාණමිව බාත්තිංස, විත්ථාරෙන භවන්ති තෙ”.
ඡළෙව ඵස්සා සංඛෙපා - චක්ඛු සම්ඵස්ස ආදයො, විඤ්ඤාණමිව බත්තිංස - විත්ථාරෙන භවන්තී තෙ
චක්ෂුස්පර්ශ ආදීහු සංක්ෂෙප වශයෙන් සයෙක්මය. විස්තර වශයෙන් විඤ්ඤාණාදී වශයෙන් ඒවා දෙතිසකි.
ඵස්සපච්චයා වෙදනාති –
ඵස්ස පච්චයා වෙදනා යනු –
“ද්වාරතො වෙදනා වුත්තා, චක්ඛුසම්ඵස්සජාදිකා; ඡළෙව තා පභෙදෙන, ඉධ බාත්තිංස වෙදනා”.
ද්වාරතො වෙදනා වුත්තා - චක්ඛු සම්ඵස්සජාදිකා, ඡළෙවතා පභෙදෙන - ඉධ බත්තිංස වෙදනා
චක්ෂුර් ස්පර්ශාදියෙන් හටගත් වේදනා ද්වාර වශයෙන් කියන ලද්දාහු සයෙක්මය. මෙහි ප්‍රභේද වශයෙන් වේදනා දෙතිසකි.
වෙදනාපච්චයා තණ්හාති –
වෙදනා පච්චයා තණ්හා යනු –
“රූපතණ්හාදිභෙදෙන, ඡ තණ්හා ඉධ දීපිතා; එකෙකා තිවිධා තත්ථ, පවත්තාකාරතො මතා.
රූප තණ්හාදි භෙදෙන - ඡ තණ්හා ඉධ දීපිතා, එකෙකා තිවිධා තත්ථ - පවත්තා කාරතො මතා
රූප තෘෂ්ණාදී භේදයෙන් ෂට් තෘෂ්ණා මෙහි දක්වන ලදි. එහි පැවැති, ආකාර වශයෙන් එක එක ත්‍රිවිධ යයි දන්නා ලදි.
“දුක්ඛී සුඛං පත්ථයති, සුඛී භිය්යොපි ඉච්ඡති; උපෙක්ඛා පන සන්තත්තා, සුඛමිච්චෙව භාසිතා.
දුක්ඛී සුඛං පත්ථයති - සුඛීභීය්යොපි ඉච්ඡති, උපෙක්ඛා පන සන්තත්තා - සුඛ මිච්චෙව භාසිතා
දුකට පත්වූයේ සුව පතයි. සුවපත් වූයේ වැඩිපුර කැමැති වේ. උපේක්ෂාව වනාහි ශාන්ත හෙයින් සුවයැයිම කියා වදාරණ ලදි.
“තණ්හාය පච්චයා තස්මා, හොන්ති තිස්සොපි වෙදනා; වෙදනාපච්චයා තණ්හා, ඉති වුත්තා මහෙසිනා”.
තණ්හාය පච්චයා තස්මා - හොන්ති තිස්සොපි වෙදනා, වෙදනා පච්චයා තණ්හා - ඉති වුත්තා මහෙසිනා
එහෙයින් තෙවදෑරුම් වූ වේදනාවේ තෘෂ්ණාවට ප්‍රත්‍ය වෙත්. මෙසේ මහර්ෂීන් වහන්සේ වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වේයයි වදාළ සේක.
තණ්හාපච්චයා උපාදානන්ති චත්තාරි උපාදානානි – කාමුපාදානං, දිට්ඨුපාදානං, සීලබ්බතුපාදානං, අත්තවාදුපාදානං. උපාදානපච්චයා භවොති ඉධ කම්මභවො අධිප්පෙතො. උපපත්තිභවො පන පදුද්ධාරවසෙන වුත්තො. භවපච්චයා ජාතීති කම්මභවපච්චයා පටිසන්ධිඛන්ධානං පාතුභාවො.
තණ්හා පච්චයා උපාදානං යනු සිව් උපාදානයෙන්, කාම, දිට්ඨි, සීලබ්බත, අත්තවාද යන සතරයි. උපාදාන පච්චයා භවො යනු මෙහි කර්මභවය අදහස් කරන ලදි. උත්පත්ති භවය පද ඉදිරීම් වශයෙනි. භව පච්චයා ජාති යනු කර්මභව ප්‍රත්‍යයෙන් ප්රතිසන්ධි ස්කන්ධයන්ගේ පහළ වීමයි.
තත්ථ සියා – කථං පනෙතං ජානිතබ්බං “භවො ජාතියා පච්චයො”ති චෙ? බාහිරපච්චයසමත්තෙපි හීනපණීතාදිවිසෙසදස්සනතො. බාහිරානඤ්හි ජනකජනනිසුක්කසොණිතාහාරාදීනං පච්චයානං සමත්තෙපි සත්තානං යමකානම්පි සතං හීනප්පණීතතාදිවිසෙසො දිස්සති. සො ච න අහෙතුකො සබ්බදා ච සබ්බෙසඤ්ච අභාවතො, න කම්මභවතො අඤ්ඤහෙතුකො තදභිනිබ්බත්තකසත්තානං අජ්ඣත්තසන්තානෙ අඤ්ඤස්ස කාරණස්ස අභාවතොති කම්මභවහෙතුකොයෙව. කම්මඤ්හි සත්තානං හීනප්පණීතතාදිවිසෙසස්ස හෙතු. තෙනාහ භගවා – “කම්මං සත්තෙ විභජති, යදිදං හීනප්පණීතතායා”ති (ම· නි· 3.289).
එහි ප්‍රශ්නයක් වන්නේය. භවය ජාතියට ප්‍රත්‍යය වේය යන එය කෙසේ දැනගත යුතුද? බාහිර ප්‍රත්‍යය සමතාවෙහිද, හීන ප්‍රණීතතාදී විසේස දර්ශනයෙන්ද වේ. බාහිරයන්ගේ වශයෙන් වනාහි, පිය-මව්, ශුක්‍ර-ශ්‍රොණිත ආහාරාදී ප්‍රත්‍යයන්ගේ සමතාවයෙහිද, සත්ත්වයින්ගේ යුගල වශයෙන් වූ, හීන ප්‍රණීතතාදී විශේෂතා පෙනේ. එයද, සැමදා සැමදෙනාටම නොවන හෙයින් අහේතුක නොවේ. ඉන් උපදින සත්ත්වයින්ගේ අධ්‍යාත්ම සන්තානයෙහි අන්‍ය කරුණක අභාව හෙයින් කර්මභවයෙන් අන්‍ය හේතුකත්වයක් නොවේ. කර්මභව හේතුකමය. සත්ත්වයින්ගේ හීන ප්‍රණීතතාදී විශේෂයට කර්මයම හේතුවේ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ, සත්ත්වයින් කෙරෙහි යම් මේ හීන ප්රණීතතාවයක් වේද, එය කර්මය බෙදයි.
ජාතිපච්චයා ජරාමරණන්තිආදීසු යස්මා අසති ජාතියා ජරාමරණං නාම සොකාදයො වා ධම්මා න හොන්ති, ජාතියා පන සති ජරාමරණඤ්චෙව ජරාමරණසඞ්ඛාතදුක්ඛධම්මඵුට්ඨස්ස ච බාලස්ස ජරාමරණාභිසම්බන්ධා වා තෙන තෙන දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස අනභිසම්බන්ධා වා සොකාදයො ච ධම්මා හොන්ති, තස්මා අයං ජාති ජරාමරණස්ස චෙව සොකාදීනඤ්ච පච්චයො හොතීති වෙදිතබ්බා.
ජාති පච්චයා ජරාමරණං යනු ආදීන්හි ඉපැත්ම නොමැති කල්හි, ජරාමරණද, සෝකාදී ධර්මයෝ නොවෙත්ද? ඉපැත්ම ඇතිකල්හි, ජරාමරණයන්ද, ජරාමරණ සංඛ්‍යාත දුක්ඛ ධර්මයෙන් පෙලුණා වූ, අඥානයාට ජරාමරණ හා සම්බන්ධ වූ ඒ ඒ දුක්ඛ ස්වභාවයෙන් පෙලුණහුට ඒ හා සම්බන්ධ නුවූ සෝකාදී ධර්ම වෙයි. එහෙයින් මේ ඉපැත්ම ජරා මරණයටද, ශෝකාදීන්ටද ප්‍රත්‍යය වේයයි දතයුත්තාහ.
සො තථාභාවිතෙන චිත්තෙනාතිආදීසු පුබ්බෙනිවාසානුස්සතිඤාණායාති එතස්ස ඤාණස්ස අධිගමාය, පත්තියාති වුත්තං හොති. අනෙකවිහිතන්ති අනෙකවිධං නානප්පකාරං, අනෙකෙහි වා පකාරෙහි පවත්තිතං, සංවණ්ණිතන්ති අත්ථො. පුබ්බෙනිවාසන්ති සමනන්තරාතීතං භවං ආදිං කත්වා තත්ථ තත්ථ නිවුත්ථසන්තානං. අනුස්සරතීති ඛන්ධපටිපාටිවසෙන චුතිපටිසන්ධිවසෙන වා අනුගන්ත්වා අනුගන්ත්වා සරති. ඉමඤ්හි පුබ්බෙනිවාසං ඡ ජනා අනුස්සරන්ති තිත්ථියා පකතිසාවකා මහාසාවකා අග්ගසාවකා පච්චෙකබුද්ධා බුද්ධාති. තත්ථ තිත්ථියා චත්තාලීසංයෙව කප්පෙ අනුස්සරන්ති , න තතො පරං. කස්මා? දුබ්බලපඤ්ඤත්තා. තෙසඤ්හි නාමරූපපරිච්ඡෙදවිරහිතත්තා දුබ්බලා පඤ්ඤා හොති. පකතිසාවකා කප්පසතම්පි කප්පසහස්සම්පි අනුස්සරන්තියෙව බලවපඤ්ඤත්තා. අසීති මහාසාවකා සතසහස්සකප්පෙ අනුස්සරන්ති. ද්වෙ අග්ගසාවකා එකමසඞ්ඛෙය්යං කප්පසතසහස්සඤ්ච. පච්චෙකබුද්ධා ද්වෙ අසඞ්ඛෙය්යානි සතසහස්සඤ්ච. එත්තකො හි තෙසං අභිනීහාරො. බුද්ධානං පන පරිච්ඡෙදො නාම නත්ථි. තිත්ථියා ච ඛන්ධපටිපාටිමෙව සරන්ති, පටිපාටිං මුඤ්චිත්වා චුතිපටිසන්ධිවසෙන සරිතුං න සක්කොන්ති. යථා අන්ධා යට්ඨිං අමුඤ්චිත්වාව ගච්ඡන්ති, එවං තෙ ඛන්ධපටිපාටිං අමුඤ්චිත්වාව සරන්ති. පකතිසාවකා ඛන්ධපටිපාටියාපි අනුස්සරන්ති, චුතිපටිසන්ධිවසෙනාපි සඞ්කමන්ති, තථා අසීති මහාසාවකා. ද්වින්නං පන අග්ගසාවකානං ඛන්ධපටිපාටිකිච්චං නත්ථි. එකස්ස අත්තභාවස්ස චුතිං දිස්වා පටිසන්ධිං පස්සන්ති, පුන අපරස්ස චුතිං දිස්වා පටිසන්ධින්ති එවං චුතිපටිසන්ධිවසෙනෙව සඞ්කමන්තා ගච්ඡන්ති, තථා පච්චෙකබුද්ධා. බුද්ධානං පන නෙව ඛන්ධපටිපාටිකිච්චං, න චුතිපටිසන්ධිවසෙන සඞ්කමනකිච්චං අත්ථි. තෙසඤ්හි අනෙකාසු කප්පකොටීසු හෙට්ඨා වා උපරි වා යං යං ඨානං ඉච්ඡන්ති, තං තං පාකටමෙව හොති. තස්මා අනෙකාපි කප්පකොටියො සඞ්ඛිපිත්වා යං යං ඉච්ඡන්ති, තත්ථ තත්ථෙව ඔක්කමන්තා සීහොක්කන්තවසෙන ගච්ඡන්ති. එවං ගච්ඡන්තානඤ්ච නෙසං ඤාණං අන්තරන්තරාසු ජාතීසු අසජ්ජමානං ඉච්ඡිතිච්ඡිතට්ඨානමෙව ගණ්හාති.
සො තථා භාවිතෙන චිත්තෙන යනාදීන්හි පුබ්බෙනිවාසානුස්සති ඤාණය යන එම ඤාණයෙහි අවබෝධය, ප්‍රාප්තිය සඳහායි යූ.සේයි. අනෙක විහිතං යනු නානාවිධ, නානාප්‍රකාර, නොයෙක් ආකාරයන්ගෙන්, පවත්වන ලද්දේය. වර්ණනා කරන ලද්දේය යනාර්ථයි. පුබ්බෙනිවාසං යනු ආසන්න අතීතභවය මුල්කොට ඒ ඒ තන්හි විසූ සිත් පරම්පරාව, අනුස්සරති යනු ස්කන්ධ පිළිවෙල වශයෙන්, චුති ප්රතිසන්ධි වශයෙන් හෝ අනුව ගොස් සිහිකරයි. මේ පූර්වනිවාසය ෂට් ජනකෙනෙක් සිහිකරති. තීර්ථකයින්, ප්‍රකෘති ශ්රාවකයින්, මහා ශ්රාවකයින්, අග්‍ර ශ්රාවකයින්, පසේ බුදුවරුන්, බුදුවරුන් වශයෙනි. එහි තීර්ථකයෝ සතළිස් කල්පයක් සිහිකරති. ඉන් මත්තෙහි නොමැත. කුමක් හෙයින්ද යත්? දුර්වල ප්රාඥතාව නිසයි. ඔවුන්ට වනාහි නාමරූප පිරිසිඳ දැනීම් විරහිත හෙයින් දුර්වල ප්‍රඥාව වේ. ප්‍රකෘති ශ්‍රාවකයෝද, බලවත් ප්‍රඥාව හෙයින් කල්ප සියයක්ද, කල්ප දහසක් සිහි කරත්මය. අසූමහා ශ්‍රාවකයෝ සියක් දහසක් කල්ප සිහිකරති. දෑගසව්වෝ ඒකාසංඛ්‍ය කල්ප සතසහස්රයක් සිහිකරති. පසේබුදුවරු දෙයාසංඛ්‍ය ශතසහස්‍රයක් කල්ප සිහිකරති. ඔවුන්ගේ ප්‍රාර්ථනාව මෙපමණය. බුදුවරුන්ට වනාහි පිරිසිඳීමක් නම් නැත. තීර්ථකයෝ ස්කන්ධ පිළිවෙලම සිහිකරති. පිළිවෙල අත්හැර චුතිප්රතිසන්ධි වශයෙන් සිහිකරන්ට නොහැකි වෙති. යම්සේ අන්ධයෝ සැරයටිය අත්නොහැරම යෙත්ද? මෙසේ ඔවුහු ස්කන්ධයන්ගේ පිළිවෙල අත්නොහැරම සිහිකරති. ප්‍රකෘති ශ්‍රාවකයෝ කඳපිළිවෙල අනුවද සිහිකරති. චුති ප්රතිසන්ධි වශයෙන්ද එකින් එකට යති. අසූමහ සව්වෝද එසේය. දෑගසව්වන්ට කඳපිළිවෙල කිසක් නැත. එක් අත්බවෙකැ චුතිය දැක ප්රතිසන්ධිය දකිති. නැවැත අනෙකක චුතිය දැක ප්රතිසන්ධිය දැයි මෙසේ චුති ප්රතිසන්ධි වශයෙන් එකින් එකට සංක්‍රමණය වන්නාහුය. පසේබුදුවරුද එසේමය. බුදුවරුන්ට වනාහි කඳපිළිවෙල කිසක් නැත. චුති ප්රතිසන්ධි වශයෙන් සංක්‍රමණ කිසක් නැත. එතුමන්ලාට වනාහි, නොයෙක් කල්පකෝටි අතර යට හෝ මතු හෝ යම් යම් තැනක් කැමති වෙත්ද? ඒ ඒ තැන් ප්‍රකටම වේ. එහෙයින් නොයෙක් කල්ප කෝටි හකුළුවා යම් යම් තැනක් කැමැති වෙත්ද? ඒ ඒ තන්හිම (සිංහයෙකු පැන එක්වර සතෙක් අල්ලාගන්නාක් මෙන්) සිංහ බැසගැන්ම වශයෙන් බැසගෙන යති. යන්නාහුද ඔවුන්ගේ ඤාණය අතරතුර ජාතීන්හි නොගැටෙමින් කැමැති කැමැති ස්ථානයම ගනියි.
ඉමෙසු පන ඡසු පුබ්බෙනිවාසං අනුස්සරන්තෙසු තිත්ථියානං පුබ්බෙනිවාසදස්සනං ඛජ්ජොපනකප්පභාසදිසං හුත්වා උපට්ඨාති, පකතිසාවකානං දීපප්පභාසදිසං, මහාසාවකානං උක්කාපභාසදිසං, අග්ගසාවකානං ඔසධිතාරකාපභාසදිසං, පච්චෙකබුද්ධානං චන්දප්පභාසදිසං. බුද්ධානං රස්මිසහස්සපටිමණ්ඩිතසරදසූරියමණ්ඩලසදිසං හුත්වා උපට්ඨාති. තිත්ථියානං පුබ්බෙනිවාසානුස්සරණං අන්ධානං යට්ඨිකොටිගමනං විය හොති. පකතිසාවකානං දණ්ඩකසෙතුගමනං විය, මහාසාවකානං ජඞ්ඝසෙතුගමනං විය, අග්ගසාවකානං සකටසෙතුගමනං විය, පච්චෙකබුද්ධානං ජඞ්ඝමග්ගගමනං විය, බුද්ධානං මහාසකටමග්ගගමනං විය හොති. ඉමස්මිං පන අධිකාරෙ සාවකානං පුබ්බෙනිවාසානුස්සරණං අධිප්පෙතං.
මේ පෙරවිසූ කඳ පිළිවෙල සිහිකරන සදෙනා අතර, තීර්ථකයින්ගේ පූර්වේනිවාස දර්ශනය කණාමැදිරි ආලෝකය සමානව වැටහේ. ප්‍රකෘති ශ්‍රාවකයින්ගේ ප්‍රදීපාලෝක සමානය. මහා ශ්‍රාවකයින්ගේ පන්දම් ආලෝකය සමානය. අග්‍ර ශ්‍රාවකයින්ගේ පහන් තාරකා ආලෝකය සමානය. පසේබුදුවරුන්ගේ චන්ද්‍රාලෝක සමානය. බුදුවරුන්ගේ, සහස්ර රශ්මීන් ප්‍රතිමණ්ඩිත සරදාකාශ සූර්යමණ්ඩල සමානව වැටහේ. තීර්ථකයින්ගේ පෙර විසූ කඳ පිළිවෙල සරණය අන්ධයින්ගේ සැරයටි කොන ගෙන යන ගමන මෙනි. ප්‍රකෘති ශ්‍රාවකයින්ගේ සැරයටි ආධාරයෙන් පාලමකින් ගමන මෙනි. මහා ශ්‍රාවකයින්ගේ කකුලේ කෙණ්ඩා ආධාරයෙන් පාලමකින් ගමන මෙනි, අග්‍ර ශ්‍රාවකයින්ගේ ගැලින් පාලමකින් ගමන මෙනි. පසේ බුදුවරුන්ගේ අඩිපාරෙහි ගමන මෙනි. බුදුවරුන්ගේ මහ ගැල් මාර්ගයෙහි ගමන මෙන් වේ. මෙම කරුණෙහිලා ශ්‍රාවකයින්ගේ පූර්වේනිවාසානුස්මරණය අදහස් කරන ලදි.
තස්මා එවං අනුස්සරිතුකාමෙන ආදිකම්මිකෙන භික්ඛුනා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තෙන රහොගතෙන පටිසල්ලීනෙන පටිපාටියා චත්තාරි ඣානානි සමාපජ්ජිත්වා අභිඤ්ඤාපාදකජ්ඣානතො වුට්ඨාය වුත්තනයෙන පටිච්චසමුප්පාදං පච්චවෙක්ඛිත්වා සබ්බපච්ඡිමා නිසජ්ජා ආවජ්ජිතබ්බා. තතො ආසනපඤ්ඤාපනං සෙනාසනප්පවෙසනං පත්තචීවරපටිසාමනං භොජනකාලො ගාමතො ආගමනකාලො ගාමෙ පිණ්ඩාය චරිතකාලො ගාමං පිණ්ඩාය පවිට්ඨකාලො විහාරතො නික්ඛමනකාලො චෙතියබොධිවන්දනකාලො පත්තධොවනකාලො පත්තපටිග්ගහණකාලො පත්තපටිග්ගහණතො යාව මුඛධොවනා කතකිච්චං පච්චූසකාලෙ කතකිච්චං, මජ්ඣිමයාමෙ පඨමයාමෙ කතකිච්චන්ති එවං පටිලොමක්කමෙන සකලං රත්තින්දිවං කතකිච්චං ආවජ්ජිතබ්බං. එත්තකං පන පකතිචිත්තස්සපි පාකටං හොති, පරිකම්මසමාධිචිත්තස්ස පන අතිපාකටමෙව. සචෙ පනෙත්ථ කිඤ්චි න පාකටං හොති, පුන පාදකජ්ඣානං සමාපජ්ජිත්වා වුට්ඨාය ආවජ්ජිතබ්බං. එත්තකෙන දීපෙ ජලිතෙ විය පාකටං හොති . එවං පටිලොමක්කමෙනෙව දුතියදිවසෙපි තතියචතුත්ථපඤ්චමදිවසෙසුපි දසාහෙපි අද්ධමාසෙපි මාසෙපි සංවච්ඡරෙපි කතකිච්චං ආවජ්ජිතබ්බං. එතෙනෙව උපායෙන දස වස්සානි වීසති වස්සානීති යාව ඉමස්මිං භවෙ අත්තනො පටිසන්ධි, තාව ආවජ්ජන්තෙන පුරිමභවෙ චුතික්ඛණෙ පවත්තං නාමරූපං ආවජ්ජිතබ්බං. පහොති හි පණ්ඩිතො භික්ඛු පඨමවාරෙනෙව පටිසන්ධිං උග්ඝාටෙත්වා චුතික්ඛණෙ නාමරූපං ආරම්මණං කාතුං. යස්මා පන පුරිමභවෙ නාමරූපං අසෙසං නිරුද්ධං, ඉධ අඤ්ඤං උප්පන්නං, තස්මා තං ඨානං ආහුන්දරිකං අන්ධතමමිව හොති සුදුද්දසං දුප්පඤ්ඤෙන. තෙනාපි “න සක්කොමහං පටිසන්ධිං උග්ඝාටෙත්වා චුතික්ඛණෙ නාමරූපාරම්මණං කාතු”න්ති ධුරනික්ඛෙපො න කාතබ්බො. තදෙව පන පාදකජ්ඣානං පුනප්පුනං සමාපජ්ජිත්වා වුට්ඨාය වුට්ඨාය තං ඨානං ආවජ්ජිතබ්බං.
එහෙයින් මෙසේ සිහිකරනු කැමති ආදිකර්මික භික්ෂුව විසින් දිවා භෝජනයෙන් පසුව, පිණ්ඩපාතයෙන් වැළකුණේ, රහසිගතව, හුදකලා වූයේ, පිළිවෙලින් සිව් ධ්‍යානයන්ට සමවැදී, අභිඥාපාදක චතුර්ථ ධ්‍යානයෙන් නැගිට, කියන ලද අයුරින් ප්‍රතීත්‍ය සමුත්පාදය ප්රත්යවේක්ෂා කොට, සියලු පසු හිඳීම් සිහිකළ යුත්තාහ. ඉක්බිති අසුන් පැනවීම සෙනසුනට පිවිසීම, පාත්‍රාසිවුරු තැන්පත් කිරීම, අනුභව කළ කාලය, ගමෙහි සිට එන කාලය, ගමෙහි පිඬු පිණිස හැසිරුණු කාලය, ගමට පිඬු පිණිස පිවිසි කාලය, විහාරයෙන් නික්මුණු කාලය, චෛත්ය්ය, බෝධිය වන්දනා කළ කාලය, පාත්‍රය ධෝවනය කළ කාලය, පාත්‍ර ප්‍රතිග්‍රහණය කළ කාලය, පාත්‍ර ප්‍රතිග්‍රහණ කාලයේ සිට මුවදෙවු කාලය තෙක් කළකිස ප්රත්යූස කාලයෙහි කළ කෘත්‍යයයි. මධ්‍යම යාමයෙහි, ප්‍රථම යාමයෙහි කළ කෘත්‍යයයි මෙසේ ප්‍රතිලෝම ක්‍රමයෙන් සියලු දිවා රාත්‍රී කළ කිස ආවර්ජනා කළ යුතුය. මෙතෙක් දෑ ප්‍රකෘති චිත්තයටද ප්‍රකට වේ. පරිකර්ම සමාධි සිතට වනාහි අතිශයින්ම ප්‍රකට වේ. ඉදින් මෙහි කිසිවක් ප්‍රකට නොවේද? නැවත පාදක ධ්‍යානයට සමවැද නැගිට ආවර්ජනා කළ යුතුය. මෙතෙකින් දල්වන ලද පහනෙහි එළිය මෙන් ප්‍රකට වේ. මෙසේ ප්‍රතිලෝම ක්‍රමයෙන්ම දෙවන දිනයෙහිද, තෙවන, සිව්වන, පංචම දිනයන්හිද, දස දිනයෙක්හිද, අඩමසෙහිද, මාසයෙහිද, වර්ෂයෙක්හිද කළ කෘත්‍යය ආවර්ජනා කළ යුතුය. එම ක්‍රමයෙන් දසවස්, විසිවස් ආදී වශයෙන්, මේ භවයෙහි තමාගේ ප්රතිසන්ධිය තෙක් ආවර්ජනා කටයුතුය. එතෙක් ආවර්ජනා කරන්නහු විසින් පූර්වභවයෙහි චුතික්ෂණයෙහි පැවැති නාමරූප ආවර්ජනා කළයුතුය. නැණැවත් භික්ෂුව ප්රථමවාරයෙන්ම ප්රතිසන්ධිය උගුලුවා, චුතික්ෂණයෙහි පැවැති නාමරූප අරමුණු කරන්ට දක්ෂ වේ. පූර්ව භවයෙහි නාමරූප අසේසය. නිරුද්ධය. මෙහි අනෙකක් උපන්නේය. එහෙයින් එතැන සම්බාධකය. දැඩි අඳුරක් මෙන් වේ. දුෂ්ප්‍රාඥයා විසින් දැකීම ඉතා දුෂ්කරය. එසේද වුවත්, ප්රතිසන්ධිය උගුලුවා, චුතික්ෂණයෙහි නාමරූප අරමුණු කරන්ට මම සමර්ථ නොවෙමියි වීර්යය අත්හැරීම නොකටයුතුය. එම පාදකධ්යානයටම නැවත නැවත සමවැදී නැගිට එම ස්ථානය ආවර්ජනා කළයුතුය.
එවං කරොන්තො හි සෙය්යථාපි නාම බලවා පුරිසො කූටාගාරකණ්ණිකත්ථාය මහාරුක්ඛං ඡින්දන්තො සාඛාපලාසච්ඡෙදනමත්තෙනෙව ඵරසුධාරාය විපන්නාය මහාරුක්ඛං ඡින්දිතුං අසක්කොන්තොපි ධුරනික්ඛෙපං අකත්වාව කම්මාරසාලං ගන්ත්වා තිඛිණං ඵරසුං කාරාපෙත්වා පුන ආගන්ත්වා ඡින්දෙය්ය, පුන විපන්නාය ච පුනපි තථෙව කාරෙත්වා ඡින්දෙය්ය, සො එවං ඡින්දන්තො ඡින්නස්ස ඡින්නස්ස පුන ඡෙත්තබ්බාභාවතො අඡින්නස්ස ච ඡෙදනතො නචිරස්සෙව මහාරුක්ඛං පාතෙය්ය, එවමෙව පාදකජ්ඣානා වුට්ඨාය පුබ්බෙ ආවජ්ජිතං අනාවජ්ජිත්වා පටිසන්ධිමෙව ආවජ්ජන්තො තං නචිරස්සෙව පටිසන්ධිං උග්ඝාටෙත්වා චුතික්ඛණෙ නාමරූපං ආරම්මණං කරෙය්යාති. තත්ථ පච්ඡිමනිසජ්ජතො පභුති යාව පටිසන්ධිතො ආරම්මණං කත්වා පවත්තං ඤාණං පුබ්බෙනිවාසඤාණං නාම න හොති, තං පන පරිකම්මසමාධිඤාණං නාම හොති. “අතීතංසඤාණ”න්ති පෙතං එකෙ වදන්ති . තං අතීතංසඤාණස්ස රූපාවචරත්තා රූපාවචරං සන්ධාය වචනං න යුජ්ජති. යදා පනස්ස භික්ඛුනො පටිසන්ධිං අතික්කම්ම චුතික්ඛණෙ පවත්තං නාමරූපං ආරම්මණං කත්වා මනොද්වාරාවජ්ජනං උප්පජ්ජිත්වා පුබ්බෙ වුත්තනයෙන අප්පනාචිත්තං උප්පජ්ජති, තදාස්ස තෙන චිත්තෙන සම්පයුත්තං ඤාණං පුබ්බෙනිවාසානුස්සතිඤාණං නාම. තෙන ඤාණෙන සම්පයුත්තාය සතියා පුබ්බෙනිවාසං අනුස්සරති.
මෙසේ කරන්නහු විසින් නැගිට එම ස්ථානය ආවර්ජනා කළයුතුය. මෙසේ කරන්නහු විසින් යම්සේ නම් ශක්තිමත් පුරුෂයෙකු, ගෘහමුදුනෙහි කැණිමඬලක් සඳහා, විශාල වෘක්ෂයක් සිඳිනුයේ, අතුපතර සිඳි පමණින්ම පොරෝ තලයෙහි, මුවහත නට කල්හි, විශාල වෘක්ෂය සිඳින්ට නොහැකිවූයේ නමුත්, වීර්යය අත්හැරීම නොකොටම ලෝකුරුහලට ගොස්, තීක්ෂණව පොරොව කරවාගෙන නැවත අවුත් සිඳින්නේය. නැවත මුවහත නටකල්හි, නැවත එසේම කරවා සිඳින්නේය. හෙතෙම මෙසේ සිඳින්නේ, සිඳින ලද්දෙහි නැවත සිඳිය යුත්තක් නොමැති හෙයින්, නොසිඳන ලද කොටස්හිද සිඳීම කරන හෙයින් නොබෝ කලෙකින්ම මහරුක වැටෙන්නේය. එපරිද්දෙන්ම ප්‍රථමධ්‍යානයෙන් නැගිට පෙර ආවර්ජිතයන් ආවර්ජනය නොකොට ප්රතිසන්ධියම ආවර්ජනා කරනුයේ, නොබෝ කලකින්ම ඒ ප්රතිසන්ධිය උගුලුවා, චුතික්ෂණයෙහි නාමරූප අරමුණු කරන්නේය. එහි අවසන් හිඳගැනීමෙහි පටන් ප්රතිසන්ධිය තෙක් අරමුණුකොට පැවැති ඤාණය පූර්වෙනිවාස ඤාණය නම් නොවේ. එය පරිකර්ම සමාධි ඤාණය නම් වේ. සමහරු අතීතංස ඤාණයයිද යෙති. ඒ අතීතංස ඤාණය රූපාවචර හෙයින් රූපාවචර සඳහා කීම නොයෙදේ. යම්කලෙක්හි මෙම භික්ෂුවට ප්රතිසන්ධිය ඉක්මවා චුතික්ෂණයෙහි පැවති නාමරූප අරමුණුකොට මනෝද්වාරාවර්ජනයක් ඉපිද පෙර කියන ලද ආකාරයෙන් අර්පණා සිත උපදී. එකල්හි ඔහුට ඒ සිත හා සම්ප්‍රයුක්ත ඤාණය එම ඤාණය හා සම්ප්‍රයුක්ත සිහියෙන් පූර්වයෙහි වාසය සිහිකරයි.
තත්ථ සෙය්යථිදන්ති ආරද්ධප්පකාරදස්සනත්ථෙ නිපාතො. තෙනෙව ය්වායං පුබ්බෙනිවාසො ආරද්ධො, තස්ස පකාරප්පභෙදං දස්සෙන්තො එකම්පි ජාතින්තිආදිමාහ. තත්ථ එකම්පි ජාතින්ති එකම්පි පටිසන්ධිමූලං චුතිපරියොසානං එකභවපරියාපන්නං ඛන්ධසන්තානං. එස නයො ද්වෙපි ජාතියොතිආදීසු. අනෙකෙපි සංවට්ටකප්පෙතිආදීසු පන පරිහායමානො කප්පො සංවට්ටකප්පො තදා සබ්බෙසං බ්රහ්මලොකෙ සන්නිපතනතො. වඩ්ඪමානො කප්පො විවට්ටකප්පො තදා බ්රහ්මලොකතො සත්තානං විවට්ටනතො. තත්ථ සංවට්ටෙන සංවට්ටට්ඨායී ගහිතො හොති තංමූලකත්තා. විවට්ටෙන ච විවට්ටට්ඨායී. එවඤ්හි සති “චත්තාරිමානි, භික්ඛවෙ, කප්පස්ස අසඞ්ඛ්යෙය්යානි. කතමානි චත්තාරි? යදා, භික්ඛවෙ, කප්පො සංවට්ටති, තං න සුකරං සඞ්ඛාතුං. යදා, භික්ඛවෙ, කප්පො සංවට්ටො තිට්ඨති…පෙ… යදා, භික්ඛවෙ, කප්පො විවට්ටති…පෙ… යදා, භික්ඛවෙ, කප්පො විවට්ටො තිට්ඨති, තං න සුකරං සඞ්ඛාතු”න්ති (අ· නි· 4.156) වුත්තානි චත්තාරි අසඞ්ඛෙය්යානි පරිග්ගහිතානි හොන්ති.
එහි සෙය්යථීදං යනු අරඹන ලද ආකාර දර්ශනාර්ථයෙහි නිපාතයි. එයින්ම මේ පූර්වෙනිවාසය අරඹන ලදි. එහි ආකාර ප්‍රභේදය දක්වන්නේ ‘එකම්පි ජාතිං’ ආදිය වදාළහ. එහි එකම්පි ජාතිං යනු එකම ප්රතිසන්ධි මූලික චුති අවසාන කොට ඇති එක් භවයකට ඇතුළත් ස්කන්ධ පරම්පරාවයි. ද්වෙපි ජාතියො යනාදීන්හිද එම ක්‍රමයමැයි. අනෙකෙපි සංවට්ට කප්පෙති ආදීන්හි වනාහි පිරිහෙනු ලබන කල්පය සංවට්ට කල්පයි. එකල්හි සියල්ලන් බ්‍රහ්ම ලෝකයෙහි රැස්වන හෙයින්, වැඩෙනු ලබන කල්පය විවට්ට කල්පයි. එකල්හි බ්‍රහ්මලෝකයෙන් සත්ත්වයින්ගේ පෙරැළීම වන හෙයිනි. එහි විනාශයෙන්, විනාශයෙහි පිහිටීම එය මූලිකව ගන්නා ලද්දේ වේ. හටගැනීමෙන්ද, හටගැනීම් පිහිටීම එය මූලිකව ගන්නා ලද්දේ වේ. මෙසේ ඇතිකල්හි, මහණෙනි මේ අසංඛ්‍ය කල්ප සතරෙකි. කවර සතරෙක්ද? මහණෙනි, යම්කලෙක කල්පය විනාශවේද? එය සංඛ්‍යා වශයෙන් ගැනීම පහසු නොවේ. මහණෙනි, යම්කලෙක කල්පය නැසුණේ පවතීද? -පෙ- මහණෙනි, යම්කලෙක කල්පය හටගනීද, මහණෙනි, යම්කලෙක කල්පය හටගැනුණේ පවතීද? එය සංඛ්‍යා වශයෙන් ගැනීම පහසු නොවේ යයි කියන ලද සිව් අසංඛ්‍යයන් අල්ලා ගත්තාහු වෙති.
තත්ථ තයො සංවට්ටා – තෙජොසංවට්ටො, ආපොසංවට්ටො, වායොසංවට්ටොති. තිස්සො සංවට්ටසීමා – ආභස්සරා, සුභකිණ්හා, වෙහප්ඵලාති. යදා කප්පො තෙජෙන සංවට්ටති, ආභස්සරතො හෙට්ඨා අග්ගිනා ඩය්හති. යදා ආපෙන සංවට්ටති, සුභකිණ්හතො හෙට්ඨා උදකෙන විලීයති. යදා වායුනා සංවට්ටති, වෙහප්ඵලතො හෙට්ඨා වාතෙන විද්ධංසීයති. විත්ථාරතො පන සදාපි එකං බුද්ධක්ඛෙත්තං විනස්සති. බුද්ධක්ඛෙත්තං නාම තිවිධං හොති – ජාතික්ඛෙත්තං, ආණාක්ඛෙත්තං, විසයක්ඛෙත්තඤ්ච. තත්ථ ජාතික්ඛෙත්තං දසසහස්සචක්කවාළපරියන්තං හොති, යං තථාගතස්ස පටිසන්ධිගහණාදීසු කම්පති. ආණාක්ඛෙත්තං කොටිසතසහස්සචක්කවාළපරියන්තං, යත්ථ රතනපරිත්තං, ඛන්ධපරිත්තං, ධජග්ගපරිත්තං, ආටානාටියපරිත්තං , මොරපරිත්තන්ති ඉමෙසං පරිත්තානං ආනුභාවො වත්තති. විසයක්ඛෙත්තං අනන්තමපරිමාණං, යං “යාවතා වා පන ආකඞ්ඛෙය්‍යා”ති (අ· නි· 3.81) වුත්තං. තත්ථ යං යං තථාගතො ආකඞ්ඛති, තං තං ජානාති. එවමෙතෙසු තීසු බුද්ධක්ඛෙත්තෙසු එකං ආණාක්ඛෙත්තං විනස්සති, තස්මිං පන විනස්සන්තෙ ජාතික්ඛෙත්තං විනට්ඨමෙව හොති, විනස්සන්තඤ්ච එකතොව විනස්සති, සණ්ඨහන්තඤ්ච එකතොව සණ්ඨහති.
එහි විනාශත්රයයකි. ගිනි, දිය, වායු, විනාශ වශයෙනි. විනාශ සීමාත්රයයකි. ආභස්සර, සුභකිණ්හ, වෙහප්ඵල වශයෙනි. යම්කලෙක කල්පය ගින්නෙන් නැසේද? ආභස්සරයෙන් යට ගින්නෙන් දැවේ. යම්කලෙක වායුවෙන් විනාශ වේද? වේහප්ඵලයෙන් යට වාතයෙන් විනාශ වී යයි. විස්තර වශයෙන් වනාහි හැමකල්හිම එක් බුද්ධ ක්ෂේත්රයක් විනාශ වන්නේය. බුද්ධක්‍ෂේත්‍රය නම් තෙවදෑරුම් වේ. ජාති ක්ෂේත්රය, ආණා ක්ෂේත්රය, විෂය ක්ෂේත්රය වශයෙනි. එහි ජාති ක්ෂේත්රය දසදහසක් සක්වල කෙළවරකොට ඇත්තේය. තථාගතයන් වහන්සේගේ ප්රතිසන්ධි ග්රහණාදීන්හිදී කම්පාවේද, එම කොට්ඨාසයයි. ආණා ක්ෂේත්රය නම්, යම්තැනක රතන සූත්‍රය, කඳපිරිත, ධජග්ග පිරිත, ආටානාටිය පිරිත, මෝර පිරිත යන මේ පිරිත්හි ආනුභාවය පවතීද, එබඳු වූ කෝටි ලක්ෂයක් සක්වළ සීමාකොට ඇති ප්රදේශයයි. විෂය ක්ෂේත්රය අනන්තයි. අපරිමාණයි. යම්තාක් කැමැති වන්නේදැයි කියන ලද්දේද? යම්තැනෙක්හි තථාගතයන් වහන්සේ යම් යම් ප්‍රමාණයක් කැමැති වෙත්ද, ඒ ඒ දෑ දැනගනිත්. මෙසේ ඒ ත්‍රිවිධ බුද්ධ ක්ෂේත්රයන්හි එක් ආණා ක්ෂේත්රයක් විනාශ වන්නේය. එය විනාශවන කල්හි ජාති ක්ෂේත්රයද නටුයේම වේ. විනාශ වනුයේද, එකටම විනාශ වන්නේය. පිහිටනුයේද, එකටම පිහිටයි.
තස්සෙවං විනාසො ච සණ්ඨහනඤ්ච වෙදිතබ්බං – යස්මිං සමයෙ කප්පො අග්ගිනා නස්සති, ආදිතොව කප්පවිනාසකමහාමෙඝො වුට්ඨහිත්වා කොටිසතසහස්සචක්කවාළෙ එකං මහාවස්සං වස්සති. මනුස්සා තුට්ඨා සබ්බබීජානි නීහරිත්වා වපන්ති. සස්සෙසු පන ගොඛායිතකමත්තෙසු ජාතෙසු ගද්රභරවං රවන්තො එකබින්දුමත්තම්පි න වස්සති, තදා පච්ඡින්නං පච්ඡින්නමෙව වස්සං හොති. වස්සූපජීවිනො සත්තා කමෙන බ්රහ්මලොකෙ නිබ්බත්තන්ති, පුප්ඵඵලූපජීවිනියො ච දෙවතා. එවං දීඝෙ අද්ධානෙ වීතිවත්තෙ තත්ථ තත්ථ උදකං පරික්ඛයං ගච්ඡති. අථානුක්කමෙන මච්ඡකච්ඡපාපි කාලං කත්වා බ්රහ්මලොකෙ නිබ්බත්තන්ති, නෙරයිකසත්තාපි. තත්ථ “නෙරයිකා සත්තමසූරියපාතුභාවෙ විනස්සන්තී”ති එකෙ. ඣානං විනා නත්ථි බ්රහ්මලොකෙ නිබ්බත්ති, එතෙසඤ්ච කෙචි දුබ්භික්ඛපීළිතා, කෙචි අභබ්බා ඣානාධිගමාය, තෙ කථං තත්ථ නිබ්බත්තන්තීති? දෙවලොකෙ පටිලද්ධජ්ඣානවසෙන. තදා හි “වස්සසතසහස්සස්ස අච්චයෙන කප්පවුට්ඨානං භවිස්සතී”ති ලොකබ්යූහා නාම කාමාවචරදෙවා මුත්තසිරා විකිණ්ණකෙසා රුදමුඛා අස්සූනි හත්ථෙහි පුඤ්ඡමානා රත්තවත්ථනිවත්ථා අතිවිය විරූපවෙසධාරිනො හුත්වා මනුස්සපථෙ විචරන්තා එවං ආරොචෙන්ති – “මාරිසා, මාරිසා, ඉතො වස්සසතසහස්සස්ස අච්චයෙන කප්පවුට්ඨානං භවිස්සති, අයං ලොකො විනස්සිස්සති, මහාසමුද්දොපි උස්සුස්සිස්සති, අයඤ්ච මහාපථවී සිනෙරු ච පබ්බතරාජා උද්දය්හිස්සන්ති විනස්සිස්සන්ති, යාව බ්රහ්මලොකා ලොකවිනාසො භවිස්සති. මෙත්තං, මාරිසා, භාවෙථ. කරුණං… මුදිතං… උපෙක්ඛං, මාරිසා, භාවෙථ. මාතරං උපට්ඨහථ, පිතරං උපට්ඨහථ, කුලෙ ජෙට්ඨාපචායිනො හොථා”ති. තෙසං වචනං සුත්වා යෙභුය්යෙන මනුස්සා ච භුම්මා දෙවා ච සංවෙගජාතා අඤ්ඤමඤ්ඤං මුදුචිත්තා හුත්වා මෙත්තාදීනි පුඤ්ඤානි කරිත්වා දෙවලොකෙ නිබ්බත්තන්ති. තත්ථ දිබ්බසුධාභොජනං භුඤ්ජිත්වා වායොකසිණෙ පරිකම්මං කත්වා ඣානං පටිලභන්ති. තදඤ්ඤෙ පන අපරපරියවෙදනීයෙන කම්මෙන දෙවලොකෙ නිබ්බත්තන්ති. අපරපරියවෙදනීයකම්මරහිතො හි සංසාරෙ සංසරන්තො නාම සත්තො නත්ථි. තෙපි තත්ථ තථෙව ඣානං පටිලභන්ති. එවං දෙවලොකෙ පටිලද්ධජ්ඣානවසෙන සබ්බෙපි බ්රහ්මලොකෙ නිබ්බත්තන්තීති.
මෙසේ එහි විනාශයද, නැවත පිහිටීමද දතයුතුය. යම්කලෙක කල්පය ගින්නෙන් නසීද, මුලදීම කල්ප විනාශ මහා මේඝයක් පැන නගී. කෝටි ශත සහස්ර චක්‍රවාටයන්හි එක් මහවැස්සක් වසී. මිනිස්සු සතුටට පත්වූවාහු සියලු බීජ පිටතට ගෙනවුත් වපුරති. ශස්‍ය ගවයින් කන පමණට හටගත් කල්හි කොටළු හඬක් හඬනංවමින් එක් බිංදු මාත්‍රයක්වත් වැසි නොවසියි. එදා සිඳුණු වැස්ස සිඳුනේම වේ. වැස්සෙන් ජීවත්වන සත්ත්වයෝ, පුණ්‍යඵලයෙන් ජීවත්වන දේවතාවෝ ක්‍රමයෙන් බඹලොව උපදිත්. මෙසේ දීර්ඝකාලයක් ගතවූ කල්හි ඒ ඒ තන්හි ජලය ක්ෂයට යේ. නැවත ක්‍රමයෙන් මත්ස්‍ය, කැසුබුවෝද කළුරියකොට බඹලොව උපදිති. නේරයික සත්ත්වයෝද බඹලොව උපදිති. එහි නේරයිකයෝ සත්වන සූර්ය පහළවීමෙහිදී විනාශ වන්නාහුයයි ඇතැමෙක් කියති. ධ්‍යාන නොමැතිව බඹලොව ඉපදීමක් නොමැත. ඔවුන් අතරද, දුර්භික්ෂයෙන් පීඩිත වූ සමහරු ධ්යානාධිගමයට නුසුදුස්සෝය. ඔවුහු කෙසේ එහි උපදිත්ද? දිව්‍ය ලෝකයෙහිදී ලද ධ්‍යාන වශයෙනි. එකල්හි වර්ෂ ලක්ෂයක්හුගේ ඇවෑමෙන් කල්ප විනාශය වන්නේයයි ලොකව්යුහ නමැති, කාමාවචර දේවතාවෝ මුදාහළ කෙස්වැටි, විසිරුණු කෙස් ඇත්තාහු හඬන මුහුණු ඇත්තාහු අත්වලින් කඳුළු පිසිනු ලබන්නාහු රතු වස්ත්‍ර අඳින ලද්දාහු ඉතාම විරූප වෙස් දරනු ලබන්නෝ වී, මිනිස් වාස ප්‍රදේශයෙහි සරන්නාහු, පින්වත්නි, පින්වත්නි, මෙයින් වර්ෂ ශත සහස්රයකගේ ඇවෑමෙන් කල්ප විනාශය වන්නේය. මේ ලෝකය විනාශ වන්නේය. මහා සමුද්‍රයද වියලී යන්නේය. මේ මහා පෘථුවියද, මහාමේරු පර්වත රාජයාද දැවී යන්නේය. විනාශ වන්නේය. බ්‍රහ්මලෝකය දක්වා ලෝකය විනාශ වන්නේය. පින්වත්නි, මෛත්‍රිය වඩවු, පින්වත්නි, කරුණාව, මෘදුබව, උපේක්ෂාව වඩවු. මවට උපස්ථාන කරවු. පියාට උඵස්ථාන කරවු. කුලදෙටුවන් පුදන්නෝ වෙවුයයි මෙසේ සැලකරති. ඔවුන්ගේ වචන අසා, මනුෂ්‍යයෝද, භූම්‍යස්ථ දෙවිවරුද බොහෝ සංවේගප්රාප්ත වූවාහු, ඔවුනොවුන් කෙරෙහි මෘදු සිත් ඇත්තෝ වී මෛත්‍රී ආදී පින්කොට දෙව්ලොව උපදිති. එහි දිව්‍යභෝජන අනුභවකොට වායො කසිණයෙහි පිරියම්කොට ධ්‍යාන ලබති. එයින් අන්‍ය වූවෝ වනාහි අපරාපර්‍යවේදනීය කර්මයෙන් දෙව්ලොව උපදිති. අපරාපර්ය වේදනීය කර්ම රහිත වූයේ වනාහි සසර සැරිසරන සත්ත්වයෙක් නම් නැත. ඔවුහුද එහි එසේම ධ්‍යාන ලබති. මෙසේ දෙව්ලොව ලද ධ්‍යාන වශයෙන් සියල්ලෝම බඹලොව උපදිති.
වස්සූපච්ඡෙදතො පන උද්ධං දීඝස්ස අද්ධුනො අච්චයෙන දුතියො සූරියො පාතුභවති, තස්මිං පාතුභූතෙ නෙව රත්තිපරිච්ඡෙදො, න දිවාපරිච්ඡෙදො පඤ්ඤායති. එකො සූරියො උදෙති, එකො අත්ථං ගච්ඡති, අවිච්ඡින්නසූරියසන්තාපොව ලොකො හොති. යථා ච පකතිසූරියෙ සූරියදෙවපුත්තො හොති, එවං කප්පවිනාසකසූරියෙ නත්ථි. තත්ථ පකතිසූරියෙ වත්තමානෙ ආකාසෙ වලාහකාපි ධූමසිඛාපි චරන්ති. කප්පවිනාසකසූරියෙ වත්තමානෙ විගතධූමවලාහකං ආදාසමණ්ඩලං විය නිම්මලං නභං හොති. ඨපෙත්වා පඤ්ච මහානදියො සෙසකුන්නදීආදීසු උදකං සුස්සති.
වර්ෂාවෙහි සිඳීමෙන් මත්තෙහි, දීර්ඝ කාලයක්හුගේ ඇවෑමෙන් දෙවන සූර්යයා පහළ වේ. එය පහළවූ කල්හි, දිවාරාත්‍රී භේදයක් නොපෙනේ. එක් හිරුමඬලක් උදාවෙයි. එක් හිරුමඬලක් අස්තයට යේ. ලෝකය නොසිඳුණු සූර්ය සන්තාපයෙන්ම යුතු වූයේ වේ. යම්සේ නම් ප්‍රකෘති සූර්යයාගේ සූර්යදේව පුත්‍රයෙක් වේද, එසේ කල්ප විනාශක සූර්යයාගේ නැත. එහි ප්‍රකෘති සූර්යයා පවත්නා කල්හි අහසෙහි වලාකුළුද, දුම්සිළුද හැසිරෙයි. කල්ප විනාශක සූර්යයා පවත්නා කල්හි, පහවූ දුම්, වලාකුළු ඇත්තේ, කැඩපත් මඬලක් මෙන් අහස නිර්මල වේ. පඤ්ච මහා ගංගාවන් හැර සෙසු කුඩා නදීන්හි දිය වියැලී යයි.
තතොපි දීඝස්ස අද්ධුනො අච්චයෙන තතියො සූරියො පාතුභවති, යස්ස පාතුභාවා මහානදියොපි සුස්සන්ති.
ඉන් දීර්ඝ කාලයක්හුගේ ඇවෑමෙන්, යමකගේ පහළවීමෙන් මහා නදීහු, වියැලී යෙත්ද? එබඳු වූ තෙවන සූර්යයා පහළ වේ.
තතොපි දීඝස්ස අද්ධුනො අච්චයෙන චතුත්ථො සූරියො පාතුභවති, යස්ස පාතුභාවා හිමවති මහානදීනං පභවා – “සීහපපාතනො, හංසපාතනො, කණ්ණමුණ්ඩකො, රථකාරදහො, අනොතත්තදහො, ඡද්දන්තදහො, කුණාලදහො”ති ඉමෙ සත්ත මහාසරා සුස්සන්ති.
යමකුගේ පහළවීමෙන් හිමවතැ මහා නදීන්හි ප්‍රභව වූ, සීහපාතන, හංසපාතන, කණ්ණුමුණ්ඩක, රථකාර, අනේතත්ත, ඡද්දන්ත, කුණාල යන මේ සත්මහා විල් වියැලේද? එබඳු තත්ත්වයක් උදාකරන සතරවන සූර්යයා එයින් දීර්ඝ කාලයක්හුගේ ඇවෑමෙන් පහළ වේ.
තතොපි දීඝස්ස අද්ධුනො අච්චයෙන පඤ්චමො සූරියො පාතුභවති, යස්ස පාතුභාවා අනුපුබ්බෙන මහාසමුද්දෙ අඞ්ගුලිපබ්බතෙමනමත්තම්පි උදකං න සණ්ඨාති.
යමකගේ පහළවීමෙන් පිළිවෙලින් මහා සමුද්‍රයෙහි ඇඟිලි පුරුකක් තෙමීමට ප්‍රමාණවත් වූ දිය නොපිහිටාද එබඳු තත්ත්වයක් උදාකරන පස්වන සූර්යයා එයින්ද දීර්ඝ කාලයක්හුගේ ඇවෑමෙන් පහළ වේ.
තතොපි දීඝස්ස අද්ධුනො අච්චයෙන ඡට්ඨො සූරියො පාතුභවති, යස්ස පාතුභාවා සකලචක්කවාළං එකධූමං හොති පරියාදින්නසිනෙහං ධූමෙන. යථා චිදං, එවං කොටිසතසහස්සචක්කවාළානිපි.
යමකගේ පහළවීමෙන්, හාත්පසින් මඬනා ලද, තෙත් ගතියෙන් යුත් දුමෙන් සමස්ත චක්‍රවාටය එකම දුමාරයක් බවට පත්වේද, මේ සක්වළ යම්සේද, කෝටි ශතසහස්‍ර චක්රවාටයන්ද එබඳු තත්ත්වයට පත්කරන, සවන සූර්යයාද දීර්ඝ කාලයක්හුගේ ඇවෑමෙන් පහළවේ.
තතොපි දීඝස්ස අද්ධුනො අච්චයෙන සත්තමො සූරියො පාතුභවති, යස්ස පාතුභාවා සකලචක්කවාළං එකජාලං හොති සද්ධිං කොටිසතසහස්සචක්කවාළෙහි. යොජනසතිකාදිභෙදානි සිනෙරුකූටානිපි පලුජ්ජිත්වා ආකාසෙයෙව අන්තරධායන්ති. සා අග්ගිජාලා උට්ඨහිත්වා චාතුමහාරාජිකෙ ගණ්හාති. තත්ථ කනකවිමානරතනවිමානමණිවිමානානි ඣාපෙත්වා තාවතිංසභවනං ගණ්හාති. එතෙනෙව උපායෙන යාව පඨමජ්ඣානභූමිං ගණ්හාති. තත්ථ තයොපි. බ්රහ්මලොකෙ ඣාපෙත්වා ආභස්සරෙ ආහච්ච තිට්ඨති. සා යාව අණුමත්තම්පි සඞ්ඛාරගතං අත්ථි, තාව න නිබ්බායති. සබ්බසඞ්ඛාරපරික්ඛයා පන සප්පිතෙලඣාපනග්ගිසිඛා විය ඡාරිකම්පි අනවසෙසෙත්වා නිබ්බායති. හෙට්ඨාආකාසෙන සහ උපරිආකාසො එකො හොති මහන්ධකාරො.
යමක පහළවීමෙන් කෝටි ශතසහස්‍ර චක්‍රවාටයන් සමග මුළු සක්වල එකම ගිනිජාලයක් බවට පත්වේද, යොදුන් සියගණන් ප්‍රභේද වූ, මහාමේරු පර්වතාදියද, කැඩී බිඳී ආකාශයෙහිම අතුරුදන් වෙයි. ඒ අග්නිජාලය නැගී චාතුර්මහාරාජිකය ගනී. එහි රන්, රිදී, මැණික් විමානයන් දවා තව්තිසා භවනය ගනී. එම ක්‍රමයෙන්ම ප්‍රථමධ්‍යාන භූමිය දක්වා ගනියි. එහි බ්‍රහ්ම ලෝකත්‍රය දවා, ආභස්සරයෙහි ගැටී සිටියි. එය යම්තාක් අණුමාත්‍ර වූ හෝ සංස්කාර ගතයක් වේද, එතෙක් නොනිමෙයි. සියලු සංස්කාර ක්ෂයවීමෙන්, ගිතෙල්, තලතෙල් දවන ගිනිසිළු මෙන්, අළුද ශේෂ නොකොට නිවේ. යට ආකාසය හා මතු ආකාය තනි මහ ගනදුරක් බවට පත්වේ. එබඳු වූ තත්ත්වයක් ඇතිකරන සත්වන සූර්යයාද දීර්ඝ කාලයක්හුගේ ඇවෑමෙන් පහළ වේ.
අථ දීඝස්ස අද්ධුනො අච්චයෙන මහාමෙඝො උට්ඨහිත්වා පඨමං සුඛුමං සුඛුමං වස්සති. අනුපුබ්බෙන කුමුදනාළයට්ඨිමුසලතාලක්ඛන්ධාදිප්පමාණාහි ධාරාහි වස්සන්තො කොටිසතසහස්සචක්කවාළෙසු සබ්බං දඩ්ඪට්ඨානං පූරෙත්වා අන්තරධායති. තං උදකං හෙට්ඨා ච තිරියඤ්ච වාතො සමුට්ඨහිත්වා ඝනං කරොති පරිවටුමං පදුමිනිපත්තෙ උදකබින්දුසදිසං. කථං තාව මහන්තං උදකරාසිං ඝනං කරොතීති චෙ? විවරසම්පදානතො. තං හිස්ස තහිං තහිං විවරං දෙති. තං එවං වාතෙන සම්පිණ්ඩියමානං ඝනං කරියමානං පරික්ඛයමානං අනුපුබ්බෙන හෙට්ඨා ඔතරති. ඔතිණ්ණෙ ඔතිණ්ණෙ උදකෙ බ්රහ්මලොකට්ඨානෙ බ්රහ්මලොකා, උපරි චතුකාමාවචරදෙවලොකට්ඨානෙ ච දෙවලොකා පාතුභවන්ති. පුරිමපථවිට්ඨානං ඔතිණ්ණෙ පන බලවවාතා උප්පජ්ජන්ති. තෙ තං පිහිතද්වාරෙ ධමකරණෙ ඨිතඋදකමිව නිරුස්සාසං කත්වා රුම්භන්ති. මධුරොදකං පරික්ඛයං ගච්ඡමානං උපරි රසපථවිං සමුට්ඨාපෙති. සා වණ්ණසම්පන්නා චෙව හොති ගන්ධරසසම්පන්නා ච නිරුදකපායාසස්ස උපරි පටලං විය. තදා ච ආභස්සරබ්රහ්මලොකෙ පඨමතරාභිනිබ්බත්තා සත්තා ආයුක්ඛයා වා පුඤ්ඤක්ඛයා වා තතො චවිත්වා ඉධූපපජ්ජන්ති. තෙ හොන්ති සයංපභා අන්තලික්ඛචරා. තෙ අග්ගඤ්ඤසුත්තෙ (දී· නි· 3.120) වුත්තනයෙන තං රසපථවිං සායිත්වා තණ්හාභිභූතා ආලුප්පකාරකං පරිභුඤ්ජිතුං උපක්කමන්ති.
එකල්හි දීර්ඝ කාලයක්හුගේ ඇවෑමෙන්, මහාමේඝයක් පැන නැගී පළමුව සියුම් සියුම් වැසි වසී. පිළිවෙලින් මානෙල් දඬු, සැරයටි, මොහොල්, තල්කඳන්, ආදී ප්‍රමාණ ධාරාවන්ගෙන් වැසි වසින්නේ කෝටි ශතසහස්‍ර චක්‍රවාටයන්හි සියලු දැවීගිය තැන් පුරවා අතුරුදන් වේ. ඒ ජලස්කන්ධය යටින්ද සරසින්ද වාතය හටගෙන, රවුම් හැඩයට නෙළුම් කොළයක දියබිඳක් මෙන් ඝන කරයි. ඒ සා මහත් දිය රාශියක් කෙසේ ඝන කෙරේද, යත් මනාව සිදුරු හටගැනීමෙනි. ඊට තැනින් තැන සිදුරු දෙයි. එය මෙසේ වාතයෙන් පිඬුකරනු ලබන්නේ ඝන කරනු ලබන්නේ ක්ෂය කරනු ලබන්නේ ක්‍රමයෙන් යටට බසී. පහළට බට ජලයෙහි, බ්‍රහ්මලෝක ස්ථානයෙහි, බ්‍රහ්මලෝකයද මත්තෙහි කාමාවචර දේව ලෝකස්ථානයෙහි සිවි සිව් දිව්‍යලෝකයද පහළ වේ. පළමු පෘථුවි ස්ථානයට බටකල්හි බලවත් වායු උපදී. එම වායු එය වැසූ දොරැති පෙරහන්කඩක රැඳි දිය මෙන් නිරුත්සාහීව මිරිකයි. මිහිරිදිය ක්ෂයට යනුයේ මතුයෙහි රස පෘථුවිය හටගන්වයි. එය පැහැපත් වර්ණයෙන් යුක්ත වූවා, සුවඳ රස යුක්ත වූවා, දියරහිත ක්ෂීර පායාසයෙහි මතු පටලය මෙනි. එකල්හි ආභස්සර බඹලොවැ වඩාත් පළමුව උපන් සත්ත්වයෝ ආයුක්ෂයයෙන් හෝ පුණ්‍යක්‍ෂයයෙන් ඉන් චුතවැ මෙහි උපදිති. ඔවුහු තම සිරුරින් ආලෝකය විහිදුවන, අහස්හි සරන්නාහු වෙති. ඔවුහු අග්ගඤ්ඤ සූත්‍රයෙහි කියන ලද ක්‍රමයෙන් ඒ රස පෘථුවිය රස විඳ තෘෂ්ණාවෙන් මැඩුණාහු කොටස් කඩා වෙන්කොට පරිභෝග කරන්ට උත්සාහ කරති.
අථ තෙසං සයංපභා අන්තරධායති, අන්ධකාරො හොති. තෙ අන්ධකාරං දිස්වා භායන්ති. තතො නෙසං භයං නාසෙත්වා සූරභාවං ජනයන්තං පරිපුණ්ණපඤ්ඤාසයොජනං සූරියමණ්ඩලං පාතුභවති. තෙ තං දිස්වා “ආලොකං පටිලභිම්හා”ති හට්ඨතුට්ඨා හුත්වා “අම්හාකං භීතානං භයං නාසෙත්වා සූරභාවං ජනයන්තො උට්ඨිතො, තස්මා සූරියො හොතූ”ති සූරියොත්වෙවස්ස නාමං කරොන්ති. අථ සූරියෙ දිවසං ආලොකං කත්වා අත්ථඞ්ගතෙ “යම්පි ආලොකං ලභිම්හ, සොපි නො නට්ඨො”ති පුන භීතා හොන්ති, තෙසං එවං හොති “සාධු වතස්ස සචෙ අඤ්ඤං ආලොකං ලභෙය්යාමා”ති. තෙසං චිත්තං ඤත්වා විය එකූනපඤ්ඤාසයොජනං චන්දමණ්ඩලං පාතුභවති. තෙ තං දිස්වා භිය්යොසොමත්තාය හට්ඨතුට්ඨා හුත්වා “අම්හාකං ඡන්දං ඤත්වා විය උට්ඨිතො, තස්මා චන්දො හොතූ”ති චන්දොත්වෙවස්ස නාමං කරොන්ති.
එකල්හි ඔවුන්ගේ ස්වයං ආලෝකය අතුරුදන් වෙයි. අන්ධකාරය වෙයි. ඔවුහු අන්ධකාරය දැක බියවෙති. ඉක්බිති ඔවුන්ගේ බිය නසා, සූරභාවය හටගන්වන්නාහු, පිරිපුන් පණස් යොදුන් සූර්ය මණ්ඩලය පහළ වේ. ඔවුහු එය දැක ආලෝකය ලැබුයෙමුයි තුටුපහටු වී බියට පත් අපගේ බිය නසා සූරභාවය උපදවමින් හටගත්තේය. එහෙයින් දක්ෂයෙක් වේවායි සුරිය (සූර්ය) යයිම එයට නාමය කරති. එකල්හි සූර්යයා දිවාකාලයෙහි ආලෝකය කොට අස්ථංගත කල්හි, යම්කිසි ආලෝකයක් ලැබූයෙමු එයද අපට නටුයේ යයි නැවත බිය වෙති. ඉදින් අන්‍ය ආලෝකයක් ලබන්නෙමු නම් ඒකාන්තයෙන් ඉතා යහපතක් වන්නේයයි ඔවුන්ට මෙබඳු සිතක් වෙයි. ඔවුන්ගේ සිත දැන මෙන් එකුන් පණස් යොදුන් චන්ද්‍ර මණ්ඩලය පහළ වෙයි. ඔවුහු එය දැක ඉතා අධිකව තුටුපහටු වී, අපගේ කැමැත්ත දැන මෙන් හටගත්තේය. එහෙයින් චන්ද වේවායි චන්ද යනුවෙන්ම එයට නම් කරති.
එවං චන්දිමසූරියෙසු පාතුභූතෙසු නක්ඛත්තානි තාරකරූපානි පාතුභවන්ති. තතො පභුති රත්තින්දිවා පඤ්ඤායන්ති අනුක්කමෙන ච මාසද්ධමාසඋතුසංවච්ඡරා. චන්දිමසූරියානං පන පාතුභූතදිවසෙයෙව සිනෙරුචක්කවාළහිමවන්තපබ්බතා පාතුභවන්ති . තෙ ච ඛො අපුබ්බං අචරිමං ඵග්ගුණපුණ්ණමදිවසෙයෙව පාතුභවන්ති. කථං? යථා නාම කඞ්ගුභත්තෙ පච්චමානෙ එකප්පහාරෙනෙව පුබ්බුළකා උට්ඨහන්ති, එකෙ පදෙසා ථූපථූපා හොන්ති, එකෙ නින්නනින්නා එකෙ සමසමා, එවමෙවං ථූපථූපට්ඨානෙ පබ්බතා හොන්ති නින්නනින්නට්ඨානෙ සමුද්දා සමසමට්ඨානෙ දීපාති.
මෙසේ, සඳ හිරු පහළවූ කල්හි, නක්ෂත්ර තාරකාදීහු පහළවෙති. එතැන් පටන් දිවාරාත්‍රී ප්‍රකට වේ. අනුක්රමයෙන් මාස, අඩමස්, සෘතු, සංවත්සරාදීහු වෙති. චන්ද්‍ර සූර්යයන්ගේ පහළවූ දිනයෙහිම, මහමෙර, චක්‍රවාට හිමවත් පර්වත පහළවෙයි. ඒවා වනාහි පෙර පසු නොවී මැදින් මස පුරපසළොස්වක දිනයෙහිම පහළ වෙයි. කෙසේද? යම්සේ නම් තණහාල් බත් පිසින කල්හි එක පහරින්ම බුබුළු හටගනිත්ද, එසේම ඇතැම් ප්‍රදේශ ස්ථූප ස්ථූප ආකාර වෙයි. ඇතැම් පෙදෙස් නිම්න, නිම්නවද ඇතැම් පෙදෙස් සම සමවද වෙයි. එපරිද්දෙන්ම ස්ථූප, ස්ථූප වන් තන්හි පර්වත (ගල් හා පස්කඳු) වෙයි. නිම්න නිම්න ස්ථානයන්හි සමුද්රද, සමසම ස්ථානයෙහි දිවයින්ද වෙයි.
අථ තෙසං සත්තානං රසපථවිං පරිභුඤ්ජන්තානං කමෙන එකච්චෙ වණ්ණවන්තො, එකච්චෙ දුබ්බණ්ණා හොන්ති. තත්ථ වණ්ණවන්තො දුබ්බණ්ණෙ අතිමඤ්ඤන්ති. තෙසං අතිමානපච්චයා සා රසපථවී අන්තරධායති, භූමිපප්පටකො පාතුභවති. අථ තෙසං තෙනෙව නයෙන සොපි අන්තරධායති, පදාලතා පාතුභවති. තෙනෙව නයෙන සාපි අන්තරධායති, අකට්ඨපාකො සාලි පාතුභවති අකණො අථුසො සුද්ධො සුගන්ධා තණ්ඩුලප්ඵලො. තතො නෙසං භාජනානි උප්පජ්ජන්ති. තෙ සාලිං භාජනෙ ඨපෙත්වා පාසාණපිට්ඨියං ඨපෙන්ති. සයමෙව ජාලාසිඛා උට්ඨහිත්වා තං පචති. සො හොති ඔදනො සුමනජාතිපුප්ඵසදිසො. න තස්ස සූපෙන වා බ්යඤ්ජනෙන වා කරණීයං අත්ථි, යං යං රසං භුඤ්ජිතුකාමා හොන්ති, තං තං රසොව හොති. තෙසං තං ඔළාරිකං ආහාරං ආහරයතං තතො පභුති මුත්තකරීසං සඤ්ජායති. අථ නෙසං තස්ස නික්ඛමනත්ථාය වණමුඛානි පභිජ්ජන්ති . පුරිසස්ස පුරිසභාවො, ඉත්ථියා ඉත්ථිභාවො පාතුභවති. තත්ර සුදං ඉත්ථී පුරිසං, පුරිසො ච ඉත්ථිං අතිවෙලං උපනිජ්ඣායති. තෙසං අතිවෙලං උපනිජ්ඣායනපච්චයා කාමපරිළාහො උප්පජ්ජති. තතො මෙථුනං ධම්මං පටිසෙවන්ති. තෙ අසද්ධම්මපටිසෙවනපච්චයා විඤ්ඤූහි ගරහියමානා විහෙඨියමානා තස්ස අසද්ධම්මස්ස පටිච්ඡාදනහෙතු අගාරානි කරොන්ති. තෙ අගාරං අජ්ඣාවසමානා අනුක්කමෙන අඤ්ඤතරස්ස අලසජාතිකස්ස සත්තස්ස දිට්ඨානුගතිං ආපජ්ජන්තා සන්නිධිං කරොන්ති. තතො පභුති කණොපි ථුසොපි තණ්ඩුලං පරියොනන්ධති, ලායිතට්ඨානම්පි න පටිවිරූහති. තෙ සන්නිපතිත්වා අනුත්ථුනන්ති “පාපකා වත භො ධම්මා සත්තෙසු පාතුභූතා, මයඤ්හි පුබ්බෙ මනොමයා අහුම්හා”ති අග්ගඤ්ඤසුත්තෙ (දී· නි· 3.128) වුත්තනයෙන විත්ථාරෙතබ්බං. තතො මරියාදං ඨපෙන්ති.
එකල්හි ඒ රස පෘථුවිය අනුභව කරන සත්ත්වයින්ගේ ඇතැමෙක් ක්‍රමයෙන් වර්ණවත් වූවාහු, ඇතැමෙක් දුර්වර්ණ වූවාහු වෙති. එහි වර්ණවත් අය දුර්වර්ණයින් පහත්කොට සලකති. ඔවුන්ගේ ඒ අධික මාන හේතුයෙන් ඒ රස පෘථුවිය අතුරුදන් වේ. බිම්මල් පහළ වේ. එකල්හි ඔවුන්ට එම ක්‍රමයෙන්ම එයද අතුරුදන් වේ. පසුව බදාලතා නම් වැල් වර්ගයක් පහළ වේ. ඒ ක්‍රමයෙන් එයද අතුරුදන් වේ. කෘෂිකාර්මික කටයුතු විරහිතව කුඩා පොතු නැති, පිරිසිදු සුවඳවත්, සහල් ඇට නමැති ඵල සහිත වූ ස්වයංජාත හැල් සහල් පහළ වේ. එතැන් සිට ඔවුන්ට භාජන හටගනී. ඔවුහු ඇල්සහල් භාජනයෙහි දමා ගල් තුනක් මතුපිට තබති. ස්වයං සිද්ධ ගිනිදැල්සිළු පැන නැගී එය පිසයි. ඒ බත දෑසමන් මල් හා සමාන වූයේ වේ. එයට දිය රහිත හා දියර සහිත ව්‍යඤ්ජනයෙන් අවශ්‍යතාවක් නොමැත. යම් යම් රසයක් අනුභව කරනු කැමැත්තේ වේද, ඒ ඒ රසයම වේ. ඔවුන්ට ඒ දළ ආහාර අනුභව කරන කල්හි, එතැන් පටන් මළමුත්‍ර හටගනී. එකල්හි ඔවුන්ට ඒවාහි නික්මීම සඳහා ව්රණ මුඛ පලාගෙන මතුවේ. පුරුෂයාට පුරුෂභාවයද ස්ත්‍රියට ස්ත්‍රී භාවයද පහළ වේ. එහි මෙවැන්නක් වේ. ස්ත්‍රිය පුරුෂයාද, පුරුෂයා ස්ත්‍රියද බොහෝ වේලාවක් නැවත නැවත සිහිපත් කරයි. ඔවුන්ට බොහෝ වේලාවක් සිහිපත් කිරීමේ හේතුවෙන් කාමදාහය උපදී. එහෙයින් මෛථුන ධර්ම සේවනය කරති. ඔවුහු අසද්ධර්ම සේවනය හේතුවෙන් නුවණැත්තන් විසින් ගර්හා කරනු ලබන්නේ, වෙහෙස කරනු ලබන්නේ, එම අසත්ධර්මය වැසීමේ හේතුවෙන් ගෘහයන් තනති. ඔවුහු ගෘහයන්හි වාසය කරන්නාහු ක්‍රමයෙන් එක්තරා අලස ස්වභාවයෙන් යුතු පුද්ගලයෙකුගේ, දිටි දේ අනුව යන ස්වභාවයට පත්වන්නාහු රැස්කිරීම් කරති. එතැන්පටන් කුඩු හා වී පොතු (දහයියා) හාල්ඇටය හාත්පසින් වෙළාගනියි. ගොයම් කැපූ තන්හි නැවත නොවැඩේ. ඔවුහු රැස්වී පින්වත්නි, ඒකාන්තයෙන් සත්ත්වයින් කෙරෙහි පාපී ධර්මයෝ පහළ වූවාහුය. අපි පෙර මනෝමය වූයෙමුයි ශෝකාතුර වචන කියතියි අග්ගඤ්ඤ සූත්‍රයෙහි කියන ලද අයුරින් විස්තර කළයුතුය. එයින් සීමාව තබති.
අථ අඤ්ඤතරො සත්තො අඤ්ඤස්ස භාගං අදින්නං ආදියති. තං ද්වික්ඛත්තුං පරිභාසිත්වා තතියවාරෙ පාණිලෙඩ්ඩුදණ්ඩෙහි පහරන්ති. තෙ එවං අදින්නාදානගරහමුසාවාදදණ්ඩාදානෙසු උප්පන්නෙසු සන්නිපතිත්වා චින්තයන්ති “යංනූන මයං එකං සත්තං සම්මන්නෙය්යාම, යො නො සම්මා ඛීයිතබ්බං ඛීයෙය්ය, ගරහිතබ්බං ගරහෙය්ය, පබ්බාජෙතබ්බං පබ්බාජෙය්ය. මයං පනස්ස සාලීනං භාගං අනුපදස්සාමා”ති. එවං කතසන්නිට්ඨානෙසු පන සත්තෙසු ඉමස්මිං තාව කප්පෙ අයමෙව භගවා බොධිසත්තභූතො තෙන සමයෙන තෙසු සත්තෙසු අභිරූපතරො ච දස්සනීයතරො ච මහෙසක්ඛතරො ච බුද්ධිසම්පන්නො පටිබලො නිග්ගහපග්ගහං කාතුං. තෙ තං උපසඞ්කමිත්වා යාචිත්වා සම්මන්නිංසු. සො “තෙන මහාජනෙන සම්මතොති මහාසම්මතො, ඛෙත්තානං අධිපතීති ඛත්තියො, ධම්මෙන සමෙන පරෙ රඤ්ජෙතීති රාජා”ති තීහි නාමෙහි පඤ්ඤායිත්ථ. යඤ්හි ලොකෙ අච්ඡරියට්ඨානං, බොධිසත්තොව තත්ථ ආදිපුරිසොති. එවං බොධිසත්තං ආදිං කත්වා ඛත්තියමණ්ඩලෙ සණ්ඨිතෙ අනුපුබ්බෙන බ්රාහ්මණාදයොපි වණ්ණා සණ්ඨහිංසු. තත්ථ කප්පවිනාසකමහාමෙඝතො යාව ජාලූපච්ඡෙදො, ඉදමෙකමසඞ්ඛෙය්යං සංවට්ටොති වුච්චති. කප්පවිනාසකජාලූපච්ඡෙදතො යාව කොටිසතසහස්සචක්කවාළපරිපූරකො සම්පත්තිමහාමෙඝො, ඉදං දුතියමසඞ්ඛෙය්යං සංවට්ටට්ඨායීති වුච්චති. සම්පත්තිමහාමෙඝතො යාව චන්දිමසූරියපාතුභාවො, ඉදං තතියමසඞ්ඛෙය්යං විවට්ටොති වුච්චති. චන්දිමසූරියපාතුභාවතො යාව පුන කප්පවිනාසකමහාමෙඝො, ඉදං චතුත්ථමසඞ්ඛෙය්යං විවට්ටට්ඨායීති වුච්චති. ඉමානි චත්තාරි අසඞ්ඛෙය්යානි එකො මහාකප්පො හොති. එවං තාව අග්ගිනා විනාසො ච සණ්ඨහනඤ්ච වෙදිතබ්බං.
ඉක්බිති එක්තරා සත්ත්වයෙක් අන්‍යයෙකුගේ කොටසක් නුදුන්නේ ගනියි. ඔහුට දෙවරක් බැණවැදී, තෙවනවර අත්ල, ගල්කැට, දඬු ආදියෙන් පහර දෙති. ඔවුහු මෙසේ අදින්නාදාන, ගර්හා, මුසාවාද, දඬුගැනීම් ආදිය උපන් කල්හි රැස්වී සිතති. අපගේ යම් කෙනෙක් මනාව දොස් නැගිය යුතු තැනැත්තාට දොස් නගන්නේය. ගර්හා කළයුතු තැනැත්තාට ගර්හා කරන්නේය. පිටුවහල් කළයුතු තැනැත්තා පිටුවහල් කරන්නේය. අප ඔහුට සහල්වලින් භාගයක් දෙන්නෙමු. ඒ සඳහා අප එක් පුද්ගලයෙකු සම්මත කරන්නේ නම් ඉතා යෙහකි. මෙසේ කරන ලද සනිටුහන්හි පුද්ගලයින් අතර, මෙම කල්පයෙහි පළමුව මෙම භාග්‍යවතුන් වහන්සේම, බෝසත් වූයේ, එසමයෙහි එම පුද්ගලයින් අතර, මනනදන රූපවත් වූයේ අතිශය දැකුම්කළු වූයේ අතිශය මහේශාඛ්‍ය වූයේ, බුද්ධිමත් වූයේ, නිග්‍රහ, පුග්රහ (පහත්කොට සැලකීම, උසස්කොට සැලකීම) කරන්ට දක්ෂයෙකි. ඔවුහු ඔහු කරා එළඹ, අයැද සම්මත කළහ. හෙතෙම ඒ මහජනයා විසින් සම්මත කෙළේනුයි මහා සම්මත යැයිද, ක්ෂේත්රයන්ට අධිපති හෙයින් ක්ෂත්රිය යැයිද, දැහැමින් සෙමෙන් අන්‍යයා සිත් අලවා ක්‍රියා කෙරේනුයි රාජා යයි යන තෙවදෑරුම් නාමයන්ගෙන් ප්‍රකට විය. ලෝකයෙහි යම් ආශ්චර්යවත් කරුණක් වේද, බෝසත්හුම එහි මුල් පුරුෂයා වෙති. මෙසේ බෝසතුන් මුල්කොට ක්ෂත්රිය මණ්ඩලය පිහිටිකල්හි පිළිවෙලින් බ්‍රාහ්මණාදී වර්ණයෝද (කුල) පිහිටියාහුය. එහි කල්ප විනාසක මහා මේඝයෙහි සිට පෘථුවි ජාලයෙහි පැටලිල්ල සිඳීම දක්වා වූ මෙම එක් අසංඛෙය්‍ය සංවට්ට යයි කියනු ලැබේ. කල්ප විනාශක පෘථුවි ජාලයෙහි පැටලිල්ල සිඳීමෙහි සිට කෝටි ශතසහස්‍ර සක්වළ පුරවන්නා වූ සම්පත් මහාමේඝයකි. මෙම දෙවන අසංඛෙය්‍ය සංවට්ටට්ඨායි යයි කියනු ලැබේ. සම්පත් මහාමේඝයේ සිට සඳහිරු පහළවීම දක්වා වන මෙම තෙවන අසංඛෙය්‍ය විවට්ටයයි යූ.සේයි. සඳ හිරු පහළවීමෙන් නැවත කල්ප විනාශක මහාමේඝය දක්වා කාලය විවට්ටට්ඨායි යූ.සේයි. මෙම සිව් අසංඛෙය්‍ය එක් මහා කල්පයක් වේ. මෙසේ පළමුව ගින්නෙන් විනාශයද, පිහිටීමද දතයුතුය.
යස්මිං පන සමයෙ කප්පො උදකෙන නස්සති, ආදිතොව කප්පවිනාසකමහාමෙඝො උට්ඨහිත්වාති පුබ්බෙ වුත්තනයෙනෙව විත්ථාරෙතබ්බං. අයං පන විසෙසො – යථා තත්ථ දුතියො සූරියො, එවමිධ කප්පවිනාසකො ඛාරූදකමහාමෙඝො උට්ඨාති. සො ආදිතො සුඛුමං සුඛුමං වස්සන්තො අනුක්කමෙන මහාධාරාහි කොටිසතසහස්සචක්කවාළානං පූරෙන්තො වස්සති. ඛාරූදකෙන ඵුට්ඨඵුට්ඨා පථවීපබ්බතාදයො විලීයන්ති. උදකං සමන්තතො වාතෙහි ධාරීයති. පථවිතො යාව දුතියජ්ඣානභූමිං උදකං ගණ්හාති, තත්ථ තයොපි බ්රහ්මලොකෙ විලීයාපෙත්වා සුභකිණ්හෙ ආහච්ච තිට්ඨති. තං යාව අණුමත්තම්පි සඞ්ඛාරගතං අත්ථි, තාව න වූපසම්මති.
යම්කලෙක වනාහි කල්පය ජලයෙන් නසීද, පළමුව කල්ප විනාශක මහාමේඝය පැනනැගී යැයි පෙර කියන ලද අයුරින්ම විස්තර කළ යුතුය. මේ විශේෂයයි. යම්සේ එහි ද්විතීය සූර්යයාද, මෙසේ මෙහි කල්ප විනාශක ක්ෂාරෝදක (අළුහුනුමිශ්ර) මහාමේඝය පැනනගී. එය මුලදී සියුම් සියුම්ව වැසිවටනේ, කෙමෙන් මහා දහරාවන්ගෙන් කෝටි ශතසහස්‍ර සක්වළ පුරවන්නේ වැසි වසී. ක්ෂාරෝදකයෙන් ස්පර්ශ කළ කළ පෘථුවි පර්වතාදීහු දියවී යති. දිය හාත්පස වාතයෙන් දරනු ලැබේ. පෘථුවියෙහි සිට ද්විතීය ධ්‍යාන භූමිය දක්වා දිය අල්ලා ගනී. එහි ත්‍රිවිධ බ්‍රහ්මලෝක දියාරුකොට සුභකිණ්හයෙහි ගැටී නවතියි. එය යම්තාක් අණුමාත්රවූද සංස්කාරයන්ට අයත් යමක් ඇත්ද? එතෙක් නොසන්සිඳෙයි.
උදකානුගතං පන සබ්බසඞ්ඛාරගතං අභිභවිත්වා සහසා වූපසම්මති, අන්තරධානං ගච්ඡති. හෙට්ඨාආකාසෙන සහ උපරිආකාසො එකො හොති මහන්ධකාරොති සබ්බං වුත්තසදිසං. කෙවලං පනිධ ආභස්සරබ්රහ්මලොකං ආදිං කත්වා ලොකො පාතුභවති. සුභකිණ්හතො ච චවිත්වා ආභස්සරට්ඨානාදීසු සත්තා නිබ්බත්තන්ති. තත්ථ කප්පවිනාසකමහාමෙඝතො යාව කප්පවිනාසකඛාරූදකූපච්ඡෙදො, ඉදමෙකං අසඞ්ඛෙය්යං. උදකූපච්ඡෙදතො යාව සම්පත්තිමහාමෙඝො, ඉදං දුතියමසඞ්ඛෙය්යං. සම්පත්තිමහාමෙඝතො…පෙ… ඉමානි චත්තාරි අසඞ්ඛෙය්යානි එකො මහාකප්පො හොති. එවං උදකෙන විනාසො ච සණ්ඨහනඤ්ච වෙදිතබ්බං.
දිය හා එක්වූ සියලු සංස්කාරගතයන් මැඩපවත්වා වහා සන්සිඳේ. අතුරුදන් වේ. යට අහස හා මතු අහස එකට එක්වූයේ මහන්ධකාර වූයේ යයි සියල්ල කියන ලද ආකාරමය. හුදෙක් මෙහි වනාහි ආභස්සර බඹලොව මුල්කොට ලෝකය පහළ වේ. සුභකිණ්හයෙන්ම චුතව ආභස්සර ස්ථානාදීන්හි සත්ත්වයෝ උපදිති. එහි කල්ප විනාශක මහාමේඝයෙන් කල්ප විනාශක ක්ෂාරෝදක සිඳීම තෙක් මේ එක් අසංඛෙය්යයකි. ජල සිඳීමෙහි පටන් සම්පත් මහාමේඝය දක්වා මේ දෙවන අසංඛ්යෙයයි. සම්පත් මහාමේඝයෙහි පටන් -පෙ- මේ සිව් අසංඛෙය්‍ය එක් මහා කල්පයක් වේ. මෙසේ දියෙන් විනාශයද, නැවත හටගැනීමද දතයුතුය.
යස්මිං පන සමයෙ කප්පො වාතෙන විනස්සති, ආදිතොව කප්පවිනාසකමහාමෙඝො වුට්ඨහිත්වාති පුබ්බෙ වුත්තනයෙනෙව විත්ථාරෙතබ්බං. අයං පන විසෙසො – යථා තත්ථ දුතියසූරියො, එවමිධ කප්පවිනාසනත්ථං වාතො සමුට්ඨාති. සො පඨමං ථූලරජං උට්ඨාපෙති, තතො සණ්හරජං සුඛුමවාලිකං ථූලවාලිකං සක්ඛරපාසාණාදයොති යාව කූටාගාරමත්තෙ පාසාණෙ විසමට්ඨානෙ ඨිතමහාරුක්ඛෙ ච උට්ඨාපෙති. තෙ පථවිතො නභමුග්ගතා න පුන පතන්ති, තත්ථෙව චුණ්ණවිචුණ්ණා හුත්වා අභාවං ගච්ඡන්ති. අථානුක්කමෙන හෙට්ඨාමහාපථවියා වාතො සමුට්ඨහිත්වා පථවිං පරිවත්තෙත්වා උද්ධං මූලං කත්වා ආකාසෙ ඛිපති. යොජනසතප්පමාණා පථවිප්පදෙසා ද්වියොජනතියොජනචතුයොජනපඤ්චයොජනසතප්පමාණාපි භිජ්ජිත්වා වාතවෙගුක්ඛිත්තා ආකාසෙයෙව චුණ්ණවිචුණ්ණා හුත්වා අභාවං ගච්ඡන්ති. චක්කවාළපබ්බතම්පි සිනෙරුපබ්බතම්පි වාතො උක්ඛිපිත්වා ආකාසෙ ඛිපති. තෙ අඤ්ඤමඤ්ඤං අභිහන්ත්වා චුණ්ණවිචුණ්ණා හුත්වා විනස්සන්ති. එතෙනෙව උපායෙන භූමට්ඨකවිමානානි ච ආකාසට්ඨකවිමානානි ච විනාසෙන්තො ඡ කාමාවචරදෙවලොකෙ විනාසෙත්වා කොටිසතසහස්සචක්කවාළානි විනාසෙති. තත්ථ චක්කවාළා චක්කවාළෙහි, හිමවන්තා හිමවන්තෙහි, සිනෙරූ සිනෙරූහි අඤ්ඤමඤ්ඤං සමාගන්ත්වා චුණ්ණවිචුණ්ණා හුත්වා විනස්සන්ති. පථවිතො යාව තතියජ්ඣානභූමිං වාතො ගණ්හාති, තත්ථ තයො බ්රහ්මලොකෙ විනාසෙත්වා වෙහප්ඵලෙ ආහච්ච තිට්ඨති. එවං සබ්බසඞ්ඛාරගතං විනාසෙත්වා සයම්පි විනස්සති. හෙට්ඨාආකාසෙන සහ උපරිආකාසො එකො හොති මහන්ධකාරොති සබ්බං වුත්තසදිසං. ඉධ පන සුභකිණ්හබ්රහ්මලොකං ආදිං කත්වා ලොකො පාතුභවති. වෙහප්ඵලතො ච චවිත්වා සුභකිණ්හට්ඨානාදීසු සත්තා නිබ්බත්තන්ති. තත්ථ කප්පවිනාසකමහාමෙඝතො යාව කප්පවිනාසකවාතූපච්ඡෙදො, ඉදමෙකං අසඞ්ඛෙය්යං. වාතූපච්ඡෙදතො යාව සම්පත්තිමහාමෙඝො, ඉදං දුතියමසඞ්ඛෙය්යං…පෙ… ඉමානි චත්තාරි අසඞ්ඛෙය්යානි එකො මහාකප්පො හොති. එවං වාතෙන විනාසො ච සණ්ඨහනඤ්ච වෙදිතබ්බං.
යම්කලෙකැ කල්පය වායුවෙන් විනාශ වන්නේද? මුලදීම කල්ප විනාශක මහාමේඝය හටගෙන යනාදී පෙර කියන ලද ආකාරයෙන්ම විස්තර කළ යුතුය. මේ වනාහි විශේෂයයි. එහි දෙවන සූර්යයා යම්සේද, එසේ මෙහි කල්ප විනාශය සඳහා වාතය හටගනී. එය පළමුව දඩිවූ ධූලි හටගන්වයි. ඉක්බිති සියුම් ධූලි, සියුම් වැලි, දළ වැලි, කැටගල්, ගල් ආදීන්ද යන කූටාගාර ප්‍රමාණ දක්වා ගල්ද, විසමස්ථානයන්හි පිහිටි මහා වෘක්ෂයන්ද උගුලුවයි. ඒවා පෘථුවියෙන් අහසට නැංගාහු නැවත නොවැටෙති. එහිම සුණුවිසුණු වී අභාවයට යෙති. නැවත අනුක්රමයෙන් යට මහා පෘථුවියෙහි වාතය හටගෙන පෘථුවිය පෙරළා, උඩු යටිකුරු කොට අහසෙහි විසිකරයි. යොදුන් සියයක්, පන්සියයක් ප්‍රමාණ වූද, පෘථුවි කොටස් බිඳී වායු වේගයෙන්, ඔසවන ලද්දාහු, ආකාශයෙහිම සුණු විසුණු වී අභාවයට යෙති. චක්‍රවාට පර්වතයද, මහාමේරු පර්වතය, වාතයෙන් ඔසවා අහසෙහි විසිකරයි. ඒවා ඔවුනොවුන් නැසී සුණුවිසුණු වී විනාශ වෙයි. මෙම ක්‍රමයෙන්ම භූම්‍යස්ථ විමානයන්ද, අහසෙහි පිහිටි විමානයන්ද, විනාශ කරනුයේ, ෂට් කාමාවචර දිව්‍ය ලෝක විනාශකොට, කෝටි ශතසහස්‍ර චක්රවාටයන්ද විනාශ කරයි. එහි චක්‍රවාටයන්, චක්‍රවාටයන් සමගද, හිමාල පර්වත, හිමාල පර්වත සමගද, මහමෙර මහමෙර සමගද ගැටුණාහු සුණුවිසුණු වී විනාශ වේ. පෘථුවියෙහි සිට තෘතීය භූමිය දක්වා වාතය ස්පර්ශ කරයි. එහි ත්‍රිවිධ බඹලො විනාශකොට වේහප්ඵලයෙහි ගැටී සිටියි. මෙසේ සියලු සංස්කාරගතයන් විනාශකොට තෙමේද නැසෙන්නේය. යට ආකාශය සමග මතු ආකාශය එක් මහා අන්ධකාරයක් බවට පත්වේ. සියල්ල කියන ලද්ද හා සමානය. මෙහි වනාහි සුභකිණ්හ බඹලොව මුල්කොට ලෝකය පහළවේ. වේහප්ඵලයෙන් චුතව සුභකිණ්හ ස්ථානාදීන්හි සත්ත්වයෝ උපදිති. එහි කල්ප විනාශක මහාමේඝයෙහි පටන් කල්ප විනාශක වාතයෙහි සිඳීම දක්වා වූ, මෙය එක් අසංඛෙය්යයකි. වාතයෙහි සිඳීමෙහි පටන්, සම්පත් මහාමේඝය දක්වා වූ මෙය දෙවන අසංඛෙය්යයයි. -පෙ- මේ සිව් අසංඛෙය්‍ය එක් මහා කල්පයක් වේ. මෙසේ වාතයෙන් වන විනාශයද, නැවත හටගැනීමද දතයුතුය.
කිං කාරණා එවං ලොකො විනස්සති? අකුසලමූලකාරණා. අකුසලමූලෙසු හි උස්සන්නෙසු එවං ලොකො විනස්සති. සො ච ඛො රාගෙ උස්සන්නතරෙ අග්ගිනා විනස්සති, දොසෙ උස්සන්නතරෙ උදකෙන විනස්සති. කෙචි පන “දොසෙ උස්සන්නතරෙ අග්ගිනා, රාගෙ උදකෙනා”ති වදන්ති. මොහෙ උස්සන්නතරෙ වාතෙන විනස්සති. එවං විනස්සන්තොපි ච නිරන්තරමෙව සත්ත වාරෙ අග්ගිනා නස්සති, අට්ඨමෙ වාරෙ උදකෙන. පුන සත්ත වාරෙ අග්ගිනා, අට්ඨමෙ වාරෙ උදකෙනාති එවං අට්ඨමෙ අට්ඨමෙ වාරෙ විනස්සන්තො සත්තක්ඛත්තුං උදකෙන විනස්සිත්වා පුන සත්ත වාරෙ අග්ගිනා නස්සති. එත්තාවතා තෙසට්ඨි කප්පා අතීතා හොන්ති. එත්ථන්තරෙ උදකෙන නස්සනවාරං සම්පත්තම්පි පටිබාහිත්වා ලද්ධොකාසො වාතො පරිපුණ්ණචතුසට්ඨිකප්පායුකෙ සුභකිණ්හෙ විද්ධංසෙන්තො ලොකං විනාසෙති.
කවර කරුණක් නිසා මෙසේ ලෝකය විනාශ වන්නේද? අකුසල් මුල් හේතුකොට අකුසල් මුල් උත්සන්න වූ කල්හි මෙසේ විනාශ වන්නේය. එයද වනාහි රාගය අතිශයින් උත්සන්න වූ කල්හි ගින්නෙන් විනාශ වන්නේය. ද්වේෂය අතිශයින් උත්සන්න වූ කල්හි ජලයෙන් විනාශ වන්නේය. සමහරු වනාහි ද්වේෂය අතිශයින් උත්සන්න වූ කල්හි ගින්නෙන්ද, රාගයෙන් ජලයෙන්දැයි කියති. මෝහය අතිශයින් උත්සන්න වූ කල්හි වාතයෙන් විනාශ වන්නේය. මෙසේ විනාශ වනුයේද, නිරන්තරයෙන්ම සත්වරක් ගින්නෙන් විනාශ වන්නේය. අටවන වාරයෙහි ජලයෙන්ද, නැවත සත්වරක් ගින්නෙන්ද, අටවන වාරයෙහි ජලයෙන්දැයි මෙසේ අටවන වාරයෙහි විනාශ වනුයේ සත්වරක් ජලයෙන් නැසී නැවත සත්වරක් ගින්නෙන් නැසෙන්නේය. මෙපමණෙකින් තෙසැට කප්හු ඉක්ම ගියාහු වෙති. මේ අතරත දියෙන් නස්නා වාරය පැමිණියේද, වළකා ලද අවකාශ ඇති වාතය, පරිපූර්ණ සිව්සැට කල්පායුෂ්ක සුභකිණ්හය විනාශ කරනුයේ ලොව නසයි.
පුබ්බෙනිවාසං අනුස්සරන්තොපි ච කප්පානුස්සරණකො භික්ඛු එතෙසු කප්පෙසු අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ අනුස්සරති. සංවට්ටකප්පෙ විවට්ටකප්පෙති ච කප්පස්ස අඩ්ඪං ගහෙත්වා වුත්තං. සංවට්ටවිවට්ටකප්පෙති සකලකප්පං ගහෙත්වා වුත්තං. කථං අනුස්සරතීති චෙ? අමුත්රාසින්තිආදිනා නයෙන. තත්ථ අමුත්රාසින්ති අමුම්හි සංවට්ටකප්පෙ අහං අමුම්හි භවෙ වා යොනියා වා ගතියා වා විඤ්ඤාණට්ඨිතියා වා සත්තාවාසෙ වා සත්තනිකායෙ වා ආසිං. එවංනාමොති තිස්සො වා ඵුස්සො වා. එවංගොත්තොති කච්චානො වා කස්සපො වා. ඉදමස්ස අතීතභවෙ අත්තනො නාමගොත්තානුස්සරණවසෙන වුත්තං. සචෙ පන තස්මිං කාලෙ අත්තනො වණ්ණසම්පත්තිං වා ලූඛපණීතජීවිකභාවං වා සුඛදුක්ඛබහුලතං වා අප්පායුකදීඝායුකභාවං වා අනුස්සරිතුකාමො හොති, තම්පි අනුස්සරතියෙව. තෙනාහ “එවංවණ්ණො…පෙ… එවමායුපරියන්තො”ති. තත්ථ එවංවණ්ණොති ඔදාතො වා සාමො වා. එවමාහාරොති සාලිමංසොදනාහාරො වා පවත්තඵලභොජනො වා. එවංසුඛදුක්ඛප්පටිසංවෙදීති අනෙකප්පකාරෙන කායිකචෙතසිකානං සාමිසනිරාමිසාදිප්පභෙදානං වා සුඛදුක්ඛානං පටිසංවෙදී. එවමායුපරියන්තොති එවං වස්සසතපරිමාණායුපරියන්තො වා චතුරාසීතිකප්පසතසහස්සායුපරියන්තො වා.
පූර්ව නිවාසයන්, සිහි කරන්නා වූද, කල්ප සිහිකරන්නා වූද භික්ෂුව ඒ කල්පයන්හි නොයෙක් විනාශවන කල්පයන්ද, නොයෙක් හටගන්නා කල්පයන්ද, නොයෙක් විනාශවන, හටගන්නා කල්පයන්ද සිහිකරයි. සංවට්ට කප්පෙ විවට්ට කප්පෙ යනු කල්පයෙහි අඩක් ගෙන යූ.සේයි. සංවට්ට විවට්ට කප්පෙ යනු සියලු කල්පය ගෙන යූ.සේයි. කෙසේ සිහිකෙරේද යත්? අමුත්රාසිං ආදී ක්‍රමයෙනි. එහි අමුත්රාසිං යනු අසවල් නස්නා කල්පයෙහි මම අසවල් භවයෙහි හෝ යෝනියෙහි හෝ උත්පත්ති ස්ථානයෙහි හෝ විඤ්ඤාණස්ථිතියෙහි හෝ සත්ත්‍වාසයෙහි හෝ සත්ත්ව නිකායෙහි හෝ වූයෙමි. එවං නාමො යනු තිස්ස හෝ ඵුස්ස යන නම්වලින්, එවං ගොත්තො යනු කච්චායන හේ කාශ්‍යප හෝ මේ මොහුගේ අතීත භවයෙහි තමාගේ නාමගොත්‍ර සිහිකිරීම් වශයෙන් යූ.සේයි. ඉදින් එකල්හි තමාගේ වර්ණ සම්පත්තිය හෝ රාක්ෂ ප්‍රණීත ජීවිත ස්වභාවය හෝ සුවදුක් බහුලතාව හෝ අල්පායුෂ්ක, දීර්ඝායුෂ්ක භාවය හෝ සිහිකරනු කැමැත්තේ වේද, එයද සිහිකෙරේමය. එහෙයින් වදාළහ. ‘එවං වණ්ණො -පෙ- එවමායුපරියාපන්නොයි, එහි එවං වණ්ණො යනු සුදු හෝ කළු හෝ, එවමාහාරො යනු ඇල්හාල් බත් හෝ තම ආසන්නයෙහි වට, පල බුදින හෝ, එවං සුඛ දුක්ඛ පටිසංවෙදී, අනේක ප්‍රකාරයෙන් කායික චෛතසික, කෙලෙස් සහිත, කෙලෙස් රහිතාදී ප්‍රභේද වූ සුවදුක් විඳිනුයේ, එවමායුපරියාපන්නො මෙසේ වර්ෂ සියයක් ප්‍රමාණ වූ ආයුෂ ඇතුළත් වූයේ හෝ, කල්ප අසූහතර ලක්ෂයක් ආයුෂ ඇතුළත් වූයේ යයි හෝ,
සො තතො චුතො අමුත්ර උදපාදින්ති සො අහං තතො භවතො යොනිතො ගතිතො විඤ්ඤාණට්ඨිතිතො සත්තාවාසතො සත්තනිකායතො වා චුතො පුන අමුකස්මිං නාම භවෙ යොනියා ගතියා විඤ්ඤාණට්ඨිතියා සත්තාවාසෙ සත්තනිකායෙ වා උදපාදිං. තත්රාපාසින්ති අථ තත්රාපි භවෙ යොනියා ගතියා විඤ්ඤාණට්ඨිතියා සත්තාවාසෙ සත්තනිකායෙ වා පුන අහොසිං. එවංනාමොතිආදි වුත්තනයමෙව. අපිච යස්මා අමුත්රාසින්ති ඉදං අනුපුබ්බෙන ආරොහන්තස්ස යාවතිච්ඡකං (විසුද්ධි· 2.410) අනුස්සරණං, සො තතො චුතොති පටිනිවත්තන්තස්ස පච්චවෙක්ඛණං, තස්මා ඉධූපපන්නොති ඉමිස්සා ඉධූපපත්තියා අනන්තරමෙවස්ස උපපත්තිට්ඨානං සන්ධාය අමුත්ර උදපාදින්ති ඉදං වුත්තන්ති වෙදිතබ්බං. තත්රාපාසින්ති එවමාදි පනස්ස තත්ර ඉමිස්සා උපපත්තියා අනන්තරෙ උපපත්තිට්ඨානෙ නාමගොත්තාදීනං අනුස්සරණදස්සනත්ථං වුත්තං. සො තතො චුතො ඉධූපපන්නොති ස්වාහං තතො අනන්තරූපපත්තිට්ඨානතො චුතො ඉධ අමුකස්මිං නාම ඛත්තියකුලෙ වා බ්රාහ්මණකුලෙ වා නිබ්බත්තොති. ඉතීති එවං. සාකාරං සඋද්දෙසන්ති නාමගොත්තවසෙන සඋද්දෙසං, වණ්ණාදිවසෙන සාකාරං. නාමගොත්තෙන හි සත්තො තිස්සො ඵුස්සො කස්සපොති උද්දිසීයති, වණ්ණාදීහි සාමො ඔදාතොති නානත්තතො පඤ්ඤායති. තස්මා නාමගොත්තං උද්දෙසො, ඉතරෙ ආකාරාති.
සො තතො චුතො අමුත්ර උදපාදිං ඒ මම එම භවයෙන් යෝනියෙන්, එම උපතින්, විඤ්ඤාණ ස්ථිතියෙන්, සත්ව වාසයෙන්, සත්ත්ව කොටසින් චුතවූයේ, අසවල් නම් භවයෙහි, යෝනියෙහි, උපතෙහි, විඤ්ඤාණස්ථිතියෙහි, සත්ත්ව වාසයෙහි, සත්ත්ව කොටසෙහි හෝ උපන්නෙමි. තත්රාපාසිං යනු නැවත එම භවයෙහිද, යෝනියෙහිද, උපතෙහිද, විඤ්ඤාණ ස්ථිතියෙහිද, සත්ත්ව වාසයෙහිද සත්ත්ව කොටසෙහි නැවත වූයෙමි. එවන්නාමො ආදිය කියන ලද ආකාරයමය. තවද, අමුත්රාසිං යන මෙය අනුපිළිවෙලින් ආරෝහණයෙහි කැමැති යම් ප්‍රමාණයක් සිහිකිරීමයි. ‘සො තතො චුතො’ යනු ආපසු හැරුණහුගේ ප්රත්යවේක්ෂණයයි. එහෙයින් ‘ඉධූපපන්නො’ යනු මෙයින් උපතෙහි අනන්තරවම මොහුගේ උත්පත්ති ස්ථානය දැක්වීම සඳහා ‘අමුත්ර උදපාදිං’ යන මෙය කියන දැයි දතයුතුය. ‘තත්රාපාසිං’ මේ ආදිය වනාහි මොහුගේ එහි මෙම උපතින් අනන්තරව වූ උත්පත්ති ස්ථානයෙහි නාමගොත්රාදීන්ගේ සිහිකිරීම් දැක්වීම් සඳහා යූ.සේයි. ‘සො තතො චුතො ඉධූපපන්නො’ ඒ මම ඒ අනන්තර උත්පත්ති ස්ථානයෙන් චුතවූයේ, මෙහි අසවල් නම්, ක්ෂත්රිය කුලයෙහි හෝ බ්‍රාහ්මණ කුලයෙහි හෝ උපන්නෙමියි යන අර්ථයි. ඉති යනු මෙසේ; සාකාරං සඋද්දෙසං යනු නාම, ගොත්‍ර වශයෙන්, සඋද්දෙසයි. වර්ණාදී වශයෙන් සාකාරයි. නාමගොත්‍ර වශයෙන් වනාහි සත්ත්වයා, තිස්ස, ඵුස්ස, කස්සප යැයි නියම කරනු ලැබේ. වර්ණාදී වශයෙන් වනාහි කළුය, සුදුය යන විවිධත්වයක් ප්‍රකට වේ. එහයෙින් නාමගොත්‍ර උද්දෙසයයි. අනෙක්වා ආකාරයන්ය.
පුබ්බෙනිවාසානුස්සතිඤාණනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
පූර්වෙනිවාසානුස්මෘති ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.