යෙදුමෙන් කියවන්න

43. පදෙසවිහාරඤාණං

43. පදෙසවිහාරඤාණං

43. ප්‍රදෙශවිහාර ඥානය

කථං සමොදහනෙ පඤ‍්ඤා පදෙසවිහාරෙ ඤාණං:

කිසෙයින් (ස්කන්‍ධාදීන්ගේ ඒකදේශ වූ වේදනාධර්‍මය) පිඬු කරන ප්‍රඥාව ප්‍රදේශවිහාරඥානය වෙයි යත්:

මිච‍්ඡාදිට‍්ඨිපච‍්චයාපි වෙදයිතං, මිච‍්චාදිට‍්ඨිවූපසමපච‍්චයාපි වෙදයිතං, සම‍්මාදිට‍්ඨිපච‍්චයාපි වෙදයිතං, සම‍්මාදිට‍්ඨිවූපසමපච‍්චයාපි වෙදයිතං, මිච‍්ඡා සඞ‍්කප‍්පපච‍්චයාපි වෙදයිතං, මිච‍්ඡාසඞ‍්කප‍්පවූපසමපච‍්චයාපි වෙදයිතං, සම‍්මාසඞ‍්කප‍්පපච‍්චයාපි වෙදයිතං, සම‍්මාසඞ‍්කප‍්පවූපසමපච‍්චයාපි වෙදයිතං -පෙ- මිච‍්ඡාවුමුත‍්තිපච‍්චයාපි වෙදයිතං, මිච‍්ඡාවිමුත‍්තිවූපසමපච‍්චයාපි වෙදයිතං, සම‍්මාවිමුත‍්තිපච‍්චයාපි වෙදයිතං, සම‍්මාවිමුත‍්තිවූපසමපච‍්චයාපි වෙදයිතං, ඡන්‍දපච‍්චයාපි වෙදයිතං, ඡන්‍දවූපසමපච‍්චයාපි වෙදයිතං, විතක‍්කපච‍්චයාපි වෙදයිතං, විතක‍්කවූපසමපච‍්චයාපි වෙදයිතං, සඤ‍්ඤාපච‍්චයාපි වෙදයිතං, සඤ‍්ඤාවූපසමපච‍්චයාපි වෙදයිතං.

මිථ්‍යාදෘෂ්ටිප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. මිථ්‍යාදෘෂ්ටිය සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. සම්‍යග්දෘෂ්ටිප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. සම්‍යග්දෘෂ්ටිය සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. මිථ්‍යාසඞ්කල්පප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. මිථ්‍යාසඞ්කල්ප සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. සම්‍යක්සඞ්කල්පප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. සම්‍යක්සඞ්කල්පය සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි ... මිථ්‍යාවිමුක්තිප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. මිථ්‍යාවිමුක්තිය සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. සම්‍යග්විමුක්තිප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. සම්‍යග්විමුක්තිය සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි: ලෝභප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. ලෝභය සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. විතර්‍කප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. විතර්‍කය සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. සංඥාප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. සංඥාව සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වේ.

ඡන්‍දො ච අවුපසන‍්තො හොති, විතක‍්කො ච අවුපසන‍්තො හොති, සඤ‍්ඤා ච අවුපසන‍්තා හොති, තප‍්පච‍්චයාපි වෙදයිතං, ඡන්‍දො ච වූපසන‍්තො හොති, විතක‍්කො ච අවුපසන‍්තො හොති, සඤ‍්ඤා ව අවුපසන‍්තා හොති, තප‍්පච‍්චයාපි වෙදයිතං, ඡන්‍දො ච වූපසන‍්තො හොති, විතක‍්කො ච වූපසන‍්තො හොති, සඤ‍්ඤා ච අවුපසන‍්තා හොති, තප‍්පච‍්චයාපි වෙදයිතං, ඡන්‍දො ච වූපසන‍්තො හොති, විතක‍්කො ච වූපසන‍්තො හොති, සඤ‍්ඤා ච වූපසන‍්තා හොති, තප‍්පච‍්චයාපි වෙදයිතං, අප‍්පත‍්තස‍්ස පත‍්තියා අත්‍ථි ආසවං තස‍්මිම‍්පි ඨානෙ අනුප‍්පත‍්තෙ තප‍්පච‍්චයාපි වෙදයිතං.

ඉදින් ඡන්‍දය (ලෝභය) ද සන්හිඳුණේ වේ නම් විතර්‍කය ද නො සන්හිඳුණේ වේ නම් සංඥාව ද නො සන්හිඳුණේ වේ නම් එකරුණෙනුදු වේදයිතය වෙයි. ඡන්‍දය සන්හිඳුණේ වේ නම් විතර්‍කය ද නො සන්හිඳුණේ වේ නම් සංඥාව ද නො සන්හිඳුණේ වේ නම් එකරුණෙනුදු වේදයිතය වෙයි. ඡන්‍දය ද ව්‍යුපශාන්ත වේ නම් විතර්‍කය ද ව්‍යුපශාන්ත වේ නම් සංඥාව අව්‍යුපශාන්ත වේ නම් එකරුණෙනුදු වේදයිතය වෙයි. ඡන්‍දය ද ව්‍යුපශාන්ත වේ නම් විතර්‍කය ද ව්‍යුපශාන්ත වේ නම් සංඥාව ද ව්‍යුපශාන්ත වේ නම් එකරුණෙනුදු වේදයිතය වෙයි. නො පත් රහත්ඵලයට පැමිණෙනු පිණිස වීර්‍ය්‍යයෙක් ඇති, එ (රහත්ඵලයට) කරුණු වූ ආර්‍ය්‍යමාර්‍ගය පැමිණි කල්හි එකරුණෙනුදු වේදයිතය වේ.

තං ඤාතට‍්ඨෙන ඤාණං, පජානනට‍්ඨෙන පඤ‍්ඤා. තෙන වුච‍්චති: ‘සමොදහනෙ පඤ‍්ඤා පදෙසවිහාරෙ ඤාණං’

එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘සමෝදහනෙ පඤ්ඤා පදෙසවිහාරේ ඤාණං’යී.

පදෙසවිහාරඤාණනිද‍්දෙසො.

ප්‍රදේශවිහාරඥානනිර්දේශ යි.