යෙදුමෙන් කියවන්න

සුඤ‍්ඤකථා අට‍්ඨකථා

සුඤ‍්ඤකථා

ශුන්‍යතා කථා

සුඤ‍්ඤකථාවණ‍්ණනා

ඉදානි ලොකුත‍්තරබලපරියොසානාය බලකථාය අනන‍්තරං කථිතාය ලොකුත‍්තරසුඤ‍්ඤතාපරියොසානාය සුත‍්තන‍්තපුබ‍්බඞ‍්ගමාය සුඤ‍්ඤතාකථාය අපුබ‍්බත්‍ථානුවණ‍්ණනා. සුත‍්තන‍්තෙ තාව අථාති වචනොපාදානෙ නිපාතො. එතෙන ආයස‍්මාතිආදිවචනස‍්ස උපාදානං කතං හොති. ඛොති පදපූරණත්‍ථෙ නිපාතො. යෙන භගවා තෙනුපසඞ‍්කමීති භුම‍්මත්‍ථෙ කරණවචනං. තස‍්මා යත්‍ථ භගවා, තත්‍ථ උපසඞ‍්කමීති එවමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. යෙන වා කාරණෙන භගවා දෙවමනුස‍්සෙහි උපසඞ‍්කමිතබ‍්බො, තෙනෙව කාරණෙන උපසඞ‍්කමීති එවමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. කෙන ච කාරණෙන භගවා උපසඞ‍්කමිතබ‍්බො? නානප‍්පකාරගුණවිසෙසාධිගමාධිප‍්පායෙන, සාදුඵලූපභොගාධිප‍්පායෙන දිජගණෙහි නිච‍්චඵලිතමහාරුක‍්ඛො විය, තෙන කාරණෙන උපසඞ‍්කමීති එවමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. උපසඞ‍්කමීති ච ගතොති වුත‍්තං හොති. උපසඞ‍්කමිත්‍වාති උපසඞ‍්කමනපරියොසානදීපනං. අථ වා එවඤ‍්ච ගතො තතො ආසන‍්නතරං ඨානං භගවතො සමීපසඞ‍්ඛාතං ගන‍්ත්‍වාතිපි වුත‍්තං හොති.

දැන් ලෝකෝත්තර බලකථා කෙළවර කොටැති, බලකථායෙහි, අනතුරුව කියන ලද, ලෝකෝත්තර ශූන්‍යතා කෙළවරකොට ඇති, සූත්‍රාන්ත පූර්වංගම ශූන්‍යතා කථායෙහි පෙර නුවූ විරූ අර්ථ අනුවර්ණනාවයි. සූත්‍රාන්තයෙහි අථ යනු වචන ගැනීමේ නිපාතයි. එයින් ‘ආයස්මා’ ආදී වචනයෙහි ගැනීම කරන ලද්දේ වේ. ඛො යනු (පද) පූරණාර්ථයෙහි නිපාතයි. යෙන භගවා තෙනූපසංකමි යනු සත්තමී අර්ථයෙහි කරණ වචනයි. එහෙයින් යම්තැනෙක්හි භාග්‍යවතුන් වහන්සේ වැඩසිටිත්ද එහි එළැඹියේ යැයි මෙසේ මෙහි අර්ථය දතයුතුය. යම් කරුණෙකින් භාග්‍යවතුන් වහන්සේ දෙව්මිනිසුන් විසින් එළැඹිය යුතුද? එම කරුණෙන්ම එළැඹියේ යැයි මෙසේද මෙහි අර්ථය දැකිය යුතුය. කවර කරුණෙකින් භාග්‍යවතුන් වහන්සේ එළැඹිය යුතුද? නානාප්‍රකාර ගුණ විශේෂයෙන් අධිගම අභිප්‍රායයෙන්, මිහිරිඵල පරිභෝග කිරීමේ අභිප්‍රායයෙන්, පක්‍ෂි සමූහයා විසින් සෙවුනා සැමදා පලගත් මහරුකක මෙනි. එකරුණින් එළැඹීයයි මෙසේ මෙහි අර්ථය දතයුතුය. උපසංකමි යනු ගියේයැයි යූ.සේයි. උපසංකමිත්‍වා යනු එළැඹීමෙහි අවසානය දැක්වීමයි. නොහොත් මෙසේද ගියේ, එයින්ද ඉතා ආසන්න ස්ථානයට භාග්‍යවතුන් වහන්සේගේ, සමීපයයැයි කියන ලද ස්ථානයට ගොස් යයි යූ.සේයි.

අභිවාදෙත්‍වාති පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා. ඉදානි යෙනට‍්ඨෙන ලොකෙ අග‍්ගපුග‍්ගලස‍්ස උපට‍්ඨානං ආගතො, තං පුච‍්ඡිතුකාමො දසනඛසමොධානසමුජ‍්ජලං අඤ‍්ජලිං සිරසි පතිට‍්ඨපෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තන‍්ති ච භාවනපුංසකනිද‍්දෙසො “විසමං චන්‍දිමසූරියා පරිහරන‍්තී”තිආදීසු (අ· නි· 4.70) විය. තස‍්මා යථා නිසින‍්නො එකමන‍්තං නිසින‍්නො හොති, තථා නිසීදීති එවමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. භුම‍්මත්‍ථෙ වා එතං උපයොගවචනං. නිසීදීති නිසජ‍්ජං කප‍්පෙසි. පණ‍්ඩිතා හි දෙවමනුස‍්සා ගරුට‍්ඨානීයං උපසඞ‍්කමිත්‍වා ආසනකුසලතාය එකමන‍්තං නිසීදන‍්ති, අයඤ‍්ච ථෙරො තෙසං අඤ‍්ඤතරො, තස‍්මා එකමන‍්තං නිසීදි.

අභිවාදෙත්‍වා යනු පසඟ පිහිටුවීමෙන් වැඳ දැන් යම් අර්ථයකින් ලෝකයෙහි අග්‍ර පුද්ගලයාගේ උපස්ථානයට පැමිණියේද, එය විමසනු කැමැතියේ, දස නඛ සමෝධානයෙන් සමුජ්වලිත අංජලිය සිරසෙහි පිහිටුවා එකමන්තං නිසීදි. එකමන්තං යනු භාව නපුංසක නිර්දේශයයි. ‘විසම සඳහිරු කැරකෙමින් ගමන් කරයි’ ආදීන්හි මෙනි. යම්සේ හිඳගත් තැනැත්තේ එකත්පස්ව හිඳගත්තේ වේද, එසේ හිඳීයයි මෙසේ මෙහි අර්ථය දතයුතුය. එය සත්තමී අර්ථයෙහි හෝ ද්විතියා වචනයි. නිසීදි යනු හිඳීම කළේය. නුවණැති දෙව් මිනිස්සු ගරු කළයුතු අයෙකු වෙත එළඹ හිඳීමෙහි දක්ෂ බැවින් එකත්පස්ව හිඳිති. මෙම තෙරහුද ඔවුනතර එක්තරා අයෙකි. එහෙයින් එකත්පස්ව හුන්හ.

කථං නිසින‍්නො පන එකමන‍්තං නිසින‍්නො හොතීති? ඡ නිසජ‍්ජදොසෙ වජ‍්ජෙත්‍වා. සෙය්‍යථිදං – අතිදූරං අච‍්චාසන‍්නං උපරිවාතං උන‍්නතප‍්පදෙසං අතිසම‍්මුඛං අතිපච‍්ඡාති. අතිදූරෙ නිසින‍්නො හි සචෙ කථෙතුකාමො හොති, උච‍්චාසද‍්දෙන කථෙතබ‍්බං හොති. අච‍්චාසන‍්නෙ නිසින‍්නො සඞ‍්ඝට‍්ටනං කරොති. උපරිවාතෙ නිසින‍්නො සරීරගන්‍ධෙන බාධති. උන‍්නතප‍්පදෙසෙ නිසින‍්නො අගාරවං පකාසෙති. අතිසම‍්මුඛා නිසින‍්නො සචෙ දට‍්ඨුකාමො හොති, චක‍්ඛුනා චක‍්ඛුං ආහච‍්ච දට‍්ඨබ‍්බං හොති. අතිපච‍්ඡා නිසින‍්නො සචෙ දට‍්ඨුකාමො හොති, ගීවං පසාරෙත්‍වා දට‍්ඨබ‍්බං හොති. තස‍්මා අයම‍්පි එතෙ ඡ නිසජ‍්ජදොසෙ වජ‍්ජෙත්‍වා නිසීදි. තෙන වුත‍්තං “එකමන‍්තං නිසීදී”ති. එතදවොචාති එතං අවොච.

කෙසේ හුන්නහු එකත්පස්ව හුන්නාහු වෙත්ද, ෂට් නිසද්‍ය දෝෂයන් දුරුකොට, ඒ කවරේද යත්? ඉතා දුර, ඉතා ළඟ, උඩුසුළඟෙහි, උස් ප්‍රදේශය, ඉතා අබිමුව, ඉතා පසු ප්‍රදේශය. ඉතා දුර හුන්නාහු වනාහි ඉදින් කියනු කැමැත්තේ වේද, උස් හඬින් කිවයුතු වේ. ඉතා ආසන්නයෙහි හුන්නේ ගැටීම් කරයි. උඩුසුළඟෙහි හුන්නේ සිරුරු ගඳින් බාධා ඇතිකරයි. උස් පෙදෙස්හි හුන්නේ අගෞරවය ප්‍රකාශ කරයි. ඉතා අබිමුව හුන්නේ ඉදින් දක්නා කැමැති වේද? ඇසින් ඇස ගටා දැකිය යුතු වේ. ඉතා පසුපසින් හුන්නේ, ඉදින් දක්නා කැමැතියේ වේද? ග්‍රීවය දිගුකොට දැකිය යුතුවේ. එහෙයින් මෙතෙමේද, එම නිසද්‍ය දෝෂයන් දුරුකොට හුන්නේය. එහෙයින් එකත්පස්හි හුන්නේ යයි යූ.සේයි. එතදවොච යනු එය කීවේය.

සුඤ‍්ඤො ලොකො සුඤ‍්ඤො ලොකොති, භන‍්තෙ, වුච‍්චතීති ඉමස‍්මිං සාසනෙ පටිපන‍්නෙහි තෙහි තෙහි භික‍්ඛූහි “සුඤ‍්ඤො ලොකො සුඤ‍්ඤො ලොකො”ති කථීයතීති අත්‍ථො. තහිං තහිං තාදිසානං වචනානං බහුකත‍්තා තෙසං සබ‍්බෙසං සඞ‍්ගණ‍්හනත්‍ථං ආමෙඩිතවචනං කතං. එවඤ‍්හි වුත‍්තෙ සබ‍්බානි තානි වචනානි සඞ‍්ගහිතානි හොන‍්ති. කිත‍්තාවතාති කිත‍්තකෙන පරිමාණෙන. නු-ඉති සංසයත්‍ථෙ නිපාතො. සුඤ‍්ඤං අත‍්තෙන වා අත‍්තනියෙන වාති “කාරකො වෙදකො සයංවසී”ති එවං ලොකපරිකප‍්පිතෙන අත‍්තනා ච අත‍්තාභාවතොයෙව අත‍්තනො සන‍්තකෙන පරික‍්ඛාරෙන ච සුඤ‍්ඤං. සබ‍්බං චක‍්ඛාදි ලොකියං ධම‍්මජාතං, තංයෙව ලුජ‍්ජනපලුජ‍්ජනට‍්ඨෙන ලොකො නාම. යස‍්මා ච අත‍්තා ච එත්‍ථ නත්‍ථි, අත‍්තනියඤ‍්ච එත්‍ථ නත්‍ථි, තස‍්මා සුඤ‍්ඤො ලොකොති වුච‍්චතීති අත්‍ථො. ලොකුත‍්තරොපි ච ධම‍්මො අත‍්තත‍්තනියෙහි සුඤ‍්ඤො එව, පුච‍්ඡානුරූපෙන පන ලොකියොව ධම‍්මො වුත‍්තො. සුඤ‍්ඤොති ච ධම‍්මො නත්‍ථීති වුත‍්තං න හොති, තස‍්මිං ධම‍්මෙ අත‍්තත‍්තනියසාරස‍්ස නත්‍ථිභාවො වුත‍්තො හොති. ලොකෙ ච “සුඤ‍්ඤං ඝරං, සුඤ‍්ඤො ඝටො”ති වුත‍්තෙ ඝරස‍්ස ඝටස‍්ස ච නත්‍ථිභාවො වුත‍්තො න හොති, තස‍්මිං ඝරෙ ඝටෙ ච අඤ‍්ඤස‍්ස නත්‍ථිභාවො වුත‍්තො හොති. භගවතා ච “ඉති යඤ‍්හි ඛො තත්‍ථ න හොති, තෙන තං සුඤ‍්ඤං සමනුපස‍්සති. යං පන තත්‍ථ අවසිට‍්ඨං හොති, තං සන‍්තං ඉදමත්‍ථීති පජානාතී”ති අයමෙව අත්‍ථො වුත‍්තො. තථා ඤායගන්‍ථෙ ච සද‍්දගන්‍ථෙ ච අයමෙව අත්‍ථො. ඉති ඉමස‍්මිං සුත‍්තන‍්තෙ අනත‍්තලක‍්ඛණමෙව කථිතං.

සුඤ්ඤො ලොකො සුඤ්ඤො ලොකොති භන්තෙ වුච්චති යනු මෙ සස්නෙහි සසුන් පිළිවෙත්හි පිළිපන් ඒ ඒ භික්‍ෂූන් විසින් ලොව හිස්ය, ලොව හිස්යයි කියනු ලැබේ යයි අර්ථයි. මෙසේ කී කල්හි එබඳු සියලු වචන සංගෘහිත වෙයි. කිත්තාවතා යනු කොපමණ ප්‍රමාණයකින්ද, නු යනු සංශයාර්ථයෙහි නිපාතයි. සුඤ්ඤං අත්තෙන වා අතනියෙනවා යනු කරන්නා, විඳින්නා, ස්වයං වශීයැයි මෙසේ ලෝකයෙහි පවත්නා පරිකල්පිතයන්ගෙන් තමාද, ආත්ම අභාවයෙන්ම තමා සතු පරිෂ්කාරයන්ගෙන්ද, සියලුම චක්‍ෂුරාදී ලෞකික ධර්ම සමූහයෙන්ද ශූන්‍යයි. එයම පලුදුවන අර්ථයෙන් ලෝක නමැ. මෙහි ආත්මයක් නැත. මෙහි ආත්මනීයත්වයක්ද නැත. තස්මා සුඤ්ඤො ලොකො වුච්චති යයි අර්ථයි. ලෝකෝත්තර ධර්මයද ආත්ම ආත්මනීයත්ත්‍වයෙන් ශූන්‍යමය. විමසීමට අනුරූප අයුරින් ලෞකික ධර්මයම යූ.සේයි. ශූන්‍යයයි ධර්මයක් නැතයයි කියන ලද්ද එසේම නොවේ. එම ධර්මයෙහි ආත්ම ආත්මනීය සාරයෙහි නොමැති බැව් යූ.සේයි. ලෝකයෙහි ‘හිස්ගෙය, හිස් කළය’ යැයි කී කල්හි ගෘහයෙහිද, කළයෙහිද අවිද්‍යමාන බැව් කියන ලද්දේ නොවේ. එම ගෘහයෙහිද, කළයෙහිද අන්දැයක නොමැති බැව් යූ.සේයි. භාග්‍යවතුන් වහන්සේ විසින්ද ‘මෙසේද යමක් වනාහි එහි නොවේද? එහෙයින් එය ශූන්‍ය වශයෙන් නුවණින් මනාව බලයි. යමක් වනාහි එහි ඉතිරි වේද? එසේ පවත්නා මෙය තිබේයයි විශේෂයෙන් දැනගනී යයි මෙයම අර්ථයැයි යූසේයි. එසේම න්‍යාය ග්‍රන්ථයෙහිද ශබ්ද ග්‍රන්ථයෙහිද මෙයම අර්ථයි. මෙසේ මෙම සූත්‍රාන්තයෙහි අනාත්ම ලක්‍ෂණයම කියන ලදි.

සුත‍්තන‍්තනිද‍්දෙසෙ සුඤ‍්ඤසුඤ‍්ඤන‍්තිආදීනි පඤ‍්චවීසති මාතිකාපදානි සුඤ‍්ඤසම‍්බන්‍ධෙන උද‍්දිසිත්‍වා තෙසං නිද‍්දෙසො කතො. තත්‍ථ මාතිකාය තාව සුඤ‍්ඤසඞ‍්ඛාතං සුඤ‍්ඤං, න අඤ‍්ඤෙන උපපදෙන විසෙසිතන‍්ති සුඤ‍්ඤසුඤ‍්ඤං. අසුකන‍්ති අනිද‍්දිට‍්ඨත‍්තා චෙත්‍ථ සුඤ‍්ඤත‍්තමෙව වා අපෙක‍්ඛිත්‍වා නපුංසකවචනං කතං. එවං සෙසෙසුපි. සඞ‍්ඛාරොයෙව සෙසසඞ‍්ඛාරෙහි සුඤ‍්ඤොති සඞ‍්ඛාරසුඤ‍්ඤං. ජරාභඞ‍්ගවසෙන විරූපො පරිණාමො විපරිණාමො, තෙන විපරිණාමෙන සුඤ‍්ඤං විපරිණාමසුඤ‍්ඤං. අග‍්ගඤ‍්ච තං අත‍්තත‍්තනියෙහි, සබ‍්බසඞ‍්ඛාරෙහි වා සුඤ‍්ඤඤ‍්චාති අග‍්ගසුඤ‍්ඤං. ලක‍්ඛණමෙව සෙසලක‍්ඛණෙහි සුඤ‍්ඤන‍්ති ලක‍්ඛණසුඤ‍්ඤං. නෙක‍්ඛම‍්මාදිනා වික‍්ඛම‍්භනෙන සුඤ‍්ඤං. වික‍්ඛම‍්භනසුඤ‍්ඤං. තදඞ‍්ගසුඤ‍්ඤාදීසුපි චතූසු එසෙව නයො. අජ‍්ඣත‍්තඤ‍්ච තං අත‍්තත‍්තනියාදීහි සුඤ‍්ඤඤ‍්චාති අජ‍්ඣත‍්තසුඤ‍්ඤං. බහිද‍්ධා ච තං අත‍්තත‍්තනියාදීහි සුඤ‍්ඤඤ‍්චාති බහිද‍්ධාසුඤ‍්ඤං. තදුභයං අත‍්තත‍්තනියාදීහි සුඤ‍්ඤන‍්ති දුභතොසුඤ‍්ඤං. සමානො භාගො එතස‍්සාති සභාගං, සභාගඤ‍්ච තං අත‍්තත‍්තනියාදීහි සුඤ‍්ඤඤ‍්චාති සභාගසුඤ‍්ඤං, සදිසසුඤ‍්ඤන‍්ති අත්‍ථො. විගතං සභාගං විසභාගං, විසභාගඤ‍්ච තං අත‍්තත‍්තනියාදීහි සුඤ‍්ඤඤ‍්චාති විසභාගසුඤ‍්ඤං, විසදිසසුඤ‍්ඤන‍්ති අත්‍ථො. කෙසුචි පොත්‍ථකෙසු සභාගසුඤ‍්ඤං විසභාගසුඤ‍්ඤං නිස‍්සරණසුඤ‍්ඤානන‍්තරං ලිඛිතං. නෙක‍්ඛම‍්මාදිඑසනා කාමච‍්ඡන්‍දාදිනා සුඤ‍්ඤාති එසනාසුඤ‍්ඤං. පරිග‍්ගහසුඤ‍්ඤාදීසු තීසුපි එසෙව නයො. එකාරම‍්මණෙ පතිට‍්ඨිතත‍්තා නානාරම‍්මණවික‍්ඛෙපාභාවතො එකත‍්තඤ‍්ච තං නානත‍්තෙන සුඤ‍්ඤඤ‍්චාති එකත‍්තසුඤ‍්ඤං. තබ‍්බිපරීතෙන නානත‍්තඤ‍්ච තං එකත‍්තෙන සුඤ‍්ඤඤ‍්චාති නානත‍්තසුඤ‍්ඤං. නෙක‍්ඛම‍්මාදිඛන‍්ති කාමච‍්ඡන්‍දාදිනා සුඤ‍්ඤාති ඛන‍්තිසුඤ‍්ඤං. අධිට‍්ඨානසුඤ‍්ඤෙ පරියොගාහනසුඤ‍්ඤෙ ච එසෙව නයො. පරියොගහනසුඤ‍්ඤන‍්තිපි පාඨො. සම‍්පජානස‍්සාති සම‍්පජඤ‍්ඤෙන සමන‍්නාගතස‍්ස පරිනිබ‍්බායන‍්තස‍්ස අරහතො. පවත‍්තපරියාදානන‍්ති අනුපාදාපරිනිබ‍්බානං. සබ‍්බසුඤ‍්ඤතානන‍්ති සබ‍්බසුඤ‍්ඤානං. පරමත්‍ථසුඤ‍්ඤන‍්ති සබ‍්බසඞ‍්ඛාරාභාවතො උත‍්තමත්‍ථභූතං සුඤ‍්ඤං.

සූත්‍රාන්ත නිර්දේශයෙහි සුඤ්ඤ සුඤ්ඤං යනාදී පස්විසි මාතෘක පද ශූන්‍යය හා සම්බන්ධයෙන් උදෙසා ඒවාහි නිර්දේශය කරන ලදි. එහි මාතෘකාවෙහි පළමුව ශූන්‍ය සංඛ්‍යාත ශූන්‍යය. අනෙක් උප පදයකින් වෙසෙසා නොදක්වන ලදැයි සුඤ්ඤං ශූන්‍යයි. අසවල් දැයයි අනිර්දිෂ්ට හෙයින් මෙහි ශූන්‍යතාවම අපේක්‍ෂාකොට නපුංසක වචනය යොදන ලදි. සෙස්සෙහිද එසේමය. සංස්කාරයෝම සෙසු සංස්කාරයන්ගෙන් ශූන්‍යනුයි සංඛාර සුඤ්ඤංයි. ජරා භංග වශයෙන් විරූප වූ වෙනස්වීම විපරිණාමයි. එම විපරිණාමයෙන් ශූන්‍ය වූයේ විපරිණාම සුඤ්ඤංයි. අග්‍රවූයේද එය ආත්ම ආත්මනීය භාවයන්ගෙන්ද, සියලු සංස්කාරයන්ගෙන්ද ශූන්‍යනුයි අග්ගසුඤ්ඤංයි. ලක්‍ෂණයම සෙසු ලක්‍ෂණයන්ගෙන් වික්ඛම්භන සුඤ්ඤංයි. තදංග සුඤ්ඤාදී තදංග ශූන්‍යාදී සතරෙහිද එම ක්‍රමයමැයි. අධ්‍යාත්මය එය ආත්ම ආත්මනීයාදීන්ගෙන් ශූන්‍යනුයි අජ්ඣත්ත සුඤ්ඤංයි. පිටතද එය ආත්ම, ආත්මීයතාවයන්ගෙන් ශූන්‍යනුයි බහිද්ධා සුඤ්ඤංයි. එම ද්වයයම, ආත්ම ආත්මීයතාවන්ගෙන් ශූන්‍යනුයි උභතො සුඤ්ඤංයි. සමාන කොටස් එයටනුයි සභාගංයි. සභාගයද එය ආත්ම ආත්මීයතාවයන්ගෙන් ශූන්‍යනුයි සභාග සුඤ්ඤංයි. සමානතා ශූන්‍යයයිද අර්ථයි. විසභාගයද එය ආත්ම, ආත්මීයතාවන්ගෙන් ශූන්‍යනුයි විසභාග සුඤ්ඤංයි. විසදෘශ ශූන්‍යයයි අර්ථයි. සමහර පොත්වල සභාග ශූන්‍යය, නිස්සරණ ශූන්‍යයට අනතුරුව ලියන ලදි. නෛෂ්ක්‍රම්‍යාදීන් සෙවීම කාමච්ඡන්‍දාදියෙන් ශූන්‍යනුයි එසනා සුඤ්ඤංයි, පරිග්ගහ සුඤ්ඤාදීහු පරිග්‍රහ ශූන්‍යාදී සතරෙහිද එම ක්‍රමයමැයි. එක් අරමුණැ පිහිටි හෙයින්, විවිධ අරමුණු වික්‍ෂෙප අභාව හෙයින්, එකත්වදයද වූ එය නානත්‍වයෙන් ශූන්‍යනුයි එකත්තසුඤ්ඤංයි. එයට විපරීත වශයෙන් නානත්‍වයද වූ එය ඒකත්‍වයෙන් ශූන්‍යනුයි නානත්ත සුඤ්ඤංයි. නෛෂ්ක්‍රම්‍යාදී ක්‍ෂාන්තිය කාමච්ඡන්‍දාදීන් ශූන්‍යනුයි ඛන්ති සුඤ්ඤංයි. අධිට්ඨාන සුඤ්ඤෙ පරියොගාහන සුඤ්ඤෙව මේවාහිද එම ක්‍රමයමැයි. පරියොගාහ සුඤ්ඤංයිද පාඨයි. සම්පජානස්ස යනු සම්‍යක් ඥානයෙන් යුක්තව, පිරිනිවෙන්නා වූ රහත්හුගේ, පවත්ත පරියාදානං යනු ප්‍රවෘත්තික්‍ෂය සංඛ්‍යාත අනුපාදා පරිනිර්වාණය සබ්බ සුඤ්ඤතානං යනු හැම ශූන්‍යයන් අතරින්, පරමත්‍ථ සුඤ්ඤං යනු සියලු සංස්කාර අභාවයෙන් ශ්‍රේෂ්ඨ අර්ථය වූ ශූන්‍යය.

මාතිකානිද‍්දෙසෙ නිච‍්චෙන වාති භඞ‍්ගං අතික‍්කමිත්‍වා පවත‍්තමානස‍්ස කස‍්සචි නිච‍්චස‍්ස අභාවතො නිච‍්චෙන ච සුඤ‍්ඤං. ධුවෙන වාති විජ‍්ජමානකාලෙපි පච‍්චයායත‍්තවුත‍්තිතාය ථිරස‍්ස කස‍්සචි අභාවතො ධුවෙන ච සුඤ‍්ඤං. සස‍්සතෙන වාති අබ‍්බොච‍්ඡින‍්නස‍්ස සබ‍්බකාලෙ විජ‍්ජමානස‍්ස කස‍්සචි අභාවතො සස‍්සතෙන ච සුඤ‍්ඤං. අවිපරිණාමධම‍්මෙන වාති ජරාභඞ‍්ගවසෙන අවිපරිණාමපකතිකස‍්ස කස‍්සචි අභාවතො අවිපරිණාමධම‍්මෙන ච සුඤ‍්ඤං. සුත‍්තන‍්තෙ අත‍්තසුඤ‍්ඤතාය එව වුත‍්තායපි නිච‍්චසුඤ‍්ඤතඤ‍්ච සුඛසුඤ‍්ඤතඤ‍්ච දස‍්සෙතුං ඉධ නිච‍්චෙන වාතිආදීනිපි වුත‍්තානි. අනිච‍්චස‍්සෙව හි පීළායොගෙන දුක‍්ඛත‍්තා නිච‍්චසුඤ‍්ඤතාය වුත‍්තාය සුඛසුඤ‍්ඤතාපි වුත‍්තාව හොති. රූපාදයො පනෙත්‍ථ ඡ විසයා, චක‍්ඛුවිඤ‍්ඤාණාදීනි ඡ විඤ‍්ඤාණානි, චක‍්ඛුසම‍්ඵස‍්සාදයො ඡ ඵස‍්සා, චක‍්ඛුසම‍්ඵස‍්සජා වෙදනාදයො ඡ වෙදනා ඡ සඞ‍්ඛිත‍්තාති වෙදිතබ‍්බං.

මාතෘකා නිර්දේශයෙහි, නිච්චෙනවා යනු භංගය ඉක්මවා පවත්නා කිසි නිත්‍ය දැයක අභාව හෙයින් (පැවතීමක් නොවන හෙයින්) නිත්‍යයෙන්ද ශූන්‍යයි. ධුවෙන වා යනු විද්‍යමාන කාලයෙහිද ප්‍රත්‍යයන්ට අයත් පැවැත්ම හෙයින් (ආහාරාදී ප්‍රත්‍යයන්ගෙන් පවත්නා හෙයින්) ස්ථිර කිසිදැයක අභාව හෙයින් ධ්‍රැවයෙන්ද ශූන්‍යයයි. සස්සතෙනවා යනු හැමකල් නොසිඳි පවත්නා කිසිවක අභාව හෙයින් ශාශ්වතයෙන්ද ශූන්‍යයයි. අවිපරිණාම ධම්මෙන වා භංග වශයෙන් නොවෙනස්වීම් ප්‍රාකෘතික කිසිවක් අභාව හෙයින් ශාශ්වතයෙන්ද ශූන්‍යයි. සූත්‍රාන්තයෙහි ආත්ම ශූන්‍යතායෙන්ම කියන ලද්දා වූම, නිත්‍ය ශූන්‍යතාවයද, සුව ශූන්‍යතාවයද දක්වන්ට මෙහි නිච්චෙන වා යනාදියද කියන ලද්දේය. පීඩාකාරී තත්ත්වයන්ගේ යෙදීමෙන්, අනිත්‍යයෙහිම දුක්ඛතාවද, නිත්‍ය ශූන්‍යතාව කියන ලද කල්හි සුව ශූන්‍යතාවද කියන ලද්දේම වේ. මෙහි රූපාදී සය විෂයෝය. චක්‍ෂු විඤ්ඤාණාදී සය විඤ්ඤාණයෝය. චක්‍ෂු ස්පර්ශාදී සය ස්පර්ශයෝය. චක්‍ෂු ස්පර්ශයෙන් හටගත් වේදනාදීහු, ෂට් වේදනාවෝ යයි සංක්‍ෂෙප කරන ලදැයි දතයුත්තාහ.

පුඤ‍්ඤාභිසඞ‍්ඛාරොතිආදීසු පුනාති අත‍්තනො කාරකං, පූරෙති චස‍්ස අජ‍්ඣාසයං, පුජ‍්ජඤ‍්ච භවං නිබ‍්බත‍්තෙතීති පුඤ‍්ඤං, අභිසඞ‍්ඛරොති විපාකං කටත‍්තාරූපඤ‍්චාති අභිසඞ‍්ඛාරො, පුඤ‍්ඤං අභිසඞ‍්ඛාරො පුඤ‍්ඤාභිසඞ‍්ඛාරො. පුඤ‍්ඤපටිපක‍්ඛතො අපුඤ‍්ඤං අභිසඞ‍්ඛාරො අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරො. න ඉඤ‍්ජං අනෙඤ‍්ජං, අනෙඤ‍්ජං භවං අභිසඞ‍්ඛරොතීති ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරො. පුඤ‍්ඤාභිසඞ‍්ඛාරො දානසීලභාවනාවසෙන පවත‍්තා අට‍්ඨ කාමාවචරකුසලචෙතනා, භාවනාවසෙනෙව පවත‍්තා පඤ‍්ච රූපාවචරකුසලචෙතනාති තෙරස චෙතනා හොන‍්ති, අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරො පාණාතිපාතාදිවසෙන පවත‍්තා ද‍්වාදස අකුසලචෙතනා, ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරො භාවනාවසෙනෙව පවත‍්තා චතස‍්සො අරූපාවචරචෙතනාති තයොපි සඞ‍්ඛාරා එකූනතිංස චෙතනා හොන‍්ති. කායසඞ‍්ඛාරොතිආදීසු කායතො වා පවත‍්තො, කායස‍්ස වා සඞ‍්ඛාරොති කායසඞ‍්ඛාරො. වචීසඞ‍්ඛාරචිත‍්තසඞ‍්ඛාරෙසුපි එසෙව නයො. අයං තිකො කම‍්මායූහනක‍්ඛණෙ පුඤ‍්ඤාභිසඞ‍්ඛාරාදීනං ද‍්වාරතො පවත‍්තිදස‍්සනත්‍ථං වුත‍්තො. කායවිඤ‍්ඤත‍්තිං සමුට‍්ඨාපෙත්‍වා හි කායද‍්වාරතො පවත‍්තා අට‍්ඨ කාමාවචරකුසලචෙතනා, ද‍්වාදස අකුසලචෙතනා, අභිඤ‍්ඤාචෙතනා චාති එකවීසති චෙතනා කායසඞ‍්ඛාරො නාම, තා එව ච වචීවිඤ‍්ඤත‍්තිං සමුට‍්ඨාපෙත්‍වා වචීද‍්වාරතො පවත‍්තා වචීසඞ‍්ඛාරො නාම, මනොද‍්වාරෙ පවත‍්තා පන සබ‍්බාපි එකූනතිංස චෙතනා චිත‍්තසඞ‍්ඛාරො නාම. අතීතා සඞ‍්ඛාරාතිආදීසු සබ‍්බෙපි සඞ‍්ඛතධම‍්මා සකක‍්ඛණං පත්‍වා නිරුද‍්ධා අතීතා සඞ‍්ඛාරා, සකක‍්ඛණං අප‍්පත‍්තා අනාගතා සඞ‍්ඛාරා, සකක‍්ඛණං පත‍්තා පච‍්චුප‍්පන‍්නා සඞ‍්ඛාරාති.

පුඤ්ඤාභිසංඛාරො යනු භාවනා ආදීන්හිදී තම කෘත්‍යය කරන්නා පිරිසිදු කරයි. ඔහුගේ අදහස පුරයි. පූජා ලැබිය යුතු භවයක් උපදවයිනුයි පුඤ්ඤං (පුණ්‍යයයි) අභිසංඛරොති යනු විපාක කටත්තා රූපයදැයි අභිසංඛාරයි. (කළමාත්‍ර) පුණ්‍යය රැස්කෙරේනුයි පුඤ්ඤාභිසංස්කාරයැ. පුණ්‍ය ප්‍රතිපක්‍ෂ අපුණ්‍ය රැස්කෙරේනුයි අපුඤ්ඤාභි සංඛාරොයි කම්පිත නොවේනුයි අනෙඤ්ජංයි කම්පිත නොවන භවය රැස්කෙරේනුයි ආනෙඤ්ජාභි සංඛාරොයි. පුණ්‍යාභිසංස්කාරය දාන සීල භාවනාදී වශයෙන් පවත්නා අට කාමාවචර කුසල චේතනා, භාවනා වශයෙන් පවත්නා පඤ්ච රූපාවචර කුසල චේතනාදැයි යන තෙළෙස් චේතනාවෝ වෙති. අපුණ්‍යාභි සංස්කාරය ප්‍රාණඝාතාදී වශයෙන් පවත්නා දොළොස් අකුසල චේතනාවෝය. ආනෙඤ්ජාභි සංස්කාරය භාවනා වශයෙන්ම පවත්නා සිව් අරූපාවචර චේතනාද යන ත්‍රිවිධ සංස්කාරයෝ එකුන්තිස් චේතනාවෝ වෙති. කාය සංඛාරො යනාදීන්හි ශරීරයෙන් හෝ පැවැති ශරීරයාගේ හෝ සංස්කාර නුයි කාය සංස්කාරයි. වචී සංඛාර චිත්ත සංඛාරෙසු වාග්, චිත්ත සංස්කාරයන්හිද එම ක්‍රමයමැයි. මෙම ත්‍රිකය කර්මයන් රැස්කරන ක්‍ෂණයෙහි පුණ්‍යාභිසංස්කාරාදීන්ගේ ද්වාර වශයෙන් පැවැත්ම දැක්වීම සඳහා යූ.සේයි. කායික හැඟවීම උපදවා, කායද්වාරයෙන් පැවැති අෂ්ට කාමාවචර කුසල චේතනාද, දොළොස් අකුසල චේතනාද, අභිඥා චේතනාවදැයි යන එක්විසි චේතනා කාය සංස්කාර නමැ. ඒවාම වාක් විඤ්ඤප්තිය උපදවා, වාක් ද්වාරයෙන් පැවැතියේ වචී සංස්කාර නමැ මනෝ ද්වාරයෙහි පැවැත්තා වූ සියලුම එකුන්තිස් චේතනාවෝ චිත්ත සංස්කාර නමැ. අතීත සංඛාරා යනාදීන්හි සියලුම ප්‍රත්‍යයෙන් හටගත් ධර්ම ස්වලක්‍ෂණයට පත්ව නිරුද්ධ වූවාහු අතීත සංස්කාරයෝය. ස්වලක්‍ෂණයට නොපැමිණියාහු අනාගතා සංඛාරායි. ස්වලක්‍ෂණයට පැමිණියාහු පච්චප්පන්නා සංඛාරායි.

විපරිණාමසුඤ‍්ඤෙ පච‍්චුප‍්පන‍්නං දස‍්සෙත්‍වා තස‍්ස තස‍්ස විපරිණාමො සුඛෙන වත‍්තුං සක‍්කාති පඨමං පච‍්චුප‍්පන‍්නධම‍්මා දස‍්සිතා. තත්‍ථ ජාතං රූපන‍්ති පච‍්චුප‍්පන‍්නං රූපං. සභාවෙන සුඤ‍්ඤන‍්ති එත්‍ථ සයං භාවො සභාවො, සයමෙව උප‍්පාදොති අත්‍ථො. සතො වා භාවො සභාවො, අත‍්තතොයෙව උප‍්පාදොති අත්‍ථො. පච‍්චයායත‍්තවුත‍්තිත‍්තා පච‍්චයං විනා සයමෙව භාවො, අත‍්තතො එව වා භාවො එතස‍්මිං නත්‍ථීති සභාවෙන සුඤ‍්ඤං, සයමෙව භාවෙන, අත‍්තතො එව වා භාවෙන සුඤ‍්ඤන‍්ති වුත‍්තං හොති. අථ වා සකස‍්ස භාවො සභාවො. පථවීධාතුආදීසු හි අනෙකෙසු රූපාරූපධම‍්මෙසු එකෙකො ධම‍්මො පරං උපාදාය සකො නාම. භාවොති ච ධම‍්මපරියායවචනමෙතං. එකස‍්ස ච ධම‍්මස‍්ස අඤ‍්ඤො භාවසඞ‍්ඛාතො ධම‍්මො නත්‍ථි, තස‍්මා සකස‍්ස අඤ‍්ඤෙන භාවෙන සුඤ‍්ඤං, සකො අඤ‍්ඤෙන භාවෙන සුඤ‍්ඤොති අත්‍ථො. තෙන එකස‍්ස ධම‍්මස‍්ස එකසභාවතා වුත‍්තා හොති. අථ වා සභාවෙන සුඤ‍්ඤන‍්ති සුඤ‍්ඤසභාවෙනෙව සුඤ‍්ඤං. කිං වුත‍්තං හොති? සුඤ‍්ඤසුඤ‍්ඤතාය එව සුඤ‍්ඤං, න අඤ‍්ඤාහි පරියායසුඤ‍්ඤතාහි සුඤ‍්ඤන‍්ති වුත‍්තං හොති.

වෙනස්වීම් ශූන්‍යතායෙහි වර්තමානය පෙන්වා ඒ ඒ දැයෙහි වෙනස්වීම පහසුවෙන් කියන්ට හැකියයි ප්‍රථමයෙන් වත්මන් ධර්මය දක්වන ලදි. එහි ජාත රූපං යනු වත්මන් රූපයයි. සභාවෙන සුඤ්ඤං යන මෙහි තමාගේ වීම ස්වභාවයයි. තමාම හටගනී යන අර්ථයි. තමාගේ සිදුවීම ස්වභාවයයි. තමා විසින්ම කරනු ලබන ඉපදවීමයි යන අර්ථයි. ප්‍රත්‍යයන් අයත් පැවැත්ම හෙයින් ප්‍රත්‍යයෙන් තොරව තෙමේම වීම, තමා විසින්ම හෝ වීම එහි නැතැයි ස්වභාවයෙන් ශූන්‍යයි. ස්වකීය වූම ස්වභාවයෙන් තමාගේම හෝ ස්වභාවයෙන් ශූන්‍යයයි යූ.සේයි. නොහොත් ස්වකීය භාවය පෘථුවි ධාතු ආදී නොයෙක් රූපාරූප ධර්මයන්හි එක් එක් ධර්මය අනෙකක් ගැන සලකා බැලීමේදී ස්වකීය නමැ භාව යනු එය ස්වභාව පර්යාය වචනයකි. එක් ස්වභාවයකට අන්‍ය ස්වභාව සංඛ්‍යාත ස්වභාවයක් නැත. එහෙයින් ස්වකීයය අන්‍ය ස්වභාවයෙන් ශූන්‍යයි. ස්වකීයය අන්‍ය ස්වභාවයෙන් ශූන්‍යයයි අර්ථයි. එහෙයින් එක් ධර්මයක එක් ස්වභාවතාව යූසේයි. නොහොත් සභාවෙන සුඤ්ඤං යනු ශූන්‍ය ස්වභාවයෙන්ම ශූන්‍යයි. කුමක් කියන ලද්දේ වේද? ශූන්‍ය ශූන්‍යතායෙන්ම ශූන්‍යයි. අනෙක් ආකාර ශූන්‍යතාවන්ගෙන් ශූන්‍යයයි නොයූසේයි.

සචෙ පන කෙචි වදෙය්‍යුං “සකො භාවො සභාවො, තෙන සභාවෙන සුඤ‍්ඤ”න‍්ති. කිං වුත‍්තං හොති? භාවොති ධම‍්මො, සො පරං උපාදාය සපදෙන විසෙසිතො සභාවො නාම හොති. ධම‍්මස‍්ස කස‍්සචි අවිජ‍්ජමානත‍්තා “ජාතං රූපං සභාවෙන සුඤ‍්ඤ”න‍්ති රූපස‍්ස අවිජ‍්ජමානතා වුත‍්තා හොතීති. එවං සති “ජාතං රූප”න‍්තිවචනෙන විරුජ‍්ඣති. න හි උප‍්පාදරහිතං ජාතං නාම හොති. නිබ‍්බානඤ‍්හි උප‍්පාදරහිතං, තං ජාතං නාම න හොති, ජාතිජරාමරණානි ච උප‍්පාදරහිතානි ජාතානි නාම න හොන‍්ති. තෙනෙවෙත්‍ථ “ජාතා ජාති සභාවෙන සුඤ‍්ඤා , ජාතං ජරාමරණං සභාවෙන සුඤ‍්ඤ”න‍්ති එවං අනුද‍්ධරිත්‍වා භවමෙව අවසානං කත්‍වා නිද‍්දිට‍්ඨං. යදි උප‍්පාදරහිතස‍්සාපි “ජාත”න‍්තිවචනං යුජ‍්ජෙය්‍ය, “ජාතා ජාති, ජාතං ජරාමරණ”න‍්ති වත‍්තබ‍්බං භවෙය්‍ය. යස‍්මා උප‍්පාදරහිතෙසු ජාතිජරාමරණෙසු “ජාත”න‍්තිවචනං න වුත‍්තං, තස‍්මා “සභාවෙන සුඤ‍්ඤං අවිජ‍්ජමාන”න‍්ති වචනං අවිජ‍්ජමානස‍්ස උප‍්පාදරහිතත‍්තා “ජාත”න‍්තිවචනෙන විරුජ‍්ඣති. අවිජ‍්ජමානස‍්ස ච “සුඤ‍්ඤ”න‍්තිවචනං හෙට‍්ඨා වුත‍්තෙන ලොකවචනෙන ච භගවතො වචනෙන ච ඤායසද‍්දගන්‍ථවචනෙන ච විරුජ‍්ඣති, අනෙකාහි ච යුත‍්තීහි විරුජ‍්ඣති, තස‍්මා තං වචනං කචවරමිව ඡඩ‍්ඩිතබ‍්බං. “යං, භික‍්ඛවෙ, අත්‍ථිසම‍්මතං ලොකෙ පණ‍්ඩිතානං, අහම‍්පි තං අත්‍ථීති වදාමි. යං, භික‍්ඛවෙ, නත්‍ථිසම‍්මතං ලොකෙ පණ‍්ඩිතානං, අහම‍්පි තං නත්‍ථීති වදාමි. කිඤ‍්ච, භික‍්ඛවෙ, අත්‍ථිසම‍්මතං ලොකෙ පණ‍්ඩිතානං, යමහං අත්‍ථීති වදාමි? රූපං, භික‍්ඛවෙ, අනිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං අත්‍ථිසම‍්මතං ලොකෙ පණ‍්ඩිතානං, අහම‍්පි තං අත්‍ථීති වදාමී”තිආදීහි (සං· නි· 3.94) අනෙකෙහි බුද‍්ධවචනප‍්පමාණෙහි අනෙකාහි ච යුත‍්තීහි ධම‍්මා සකක‍්ඛණෙ විජ‍්ජමානා එවාති නිට‍්ඨමෙත්‍ථ ගන‍්තබ‍්බං.

ඉදින් කිසිවෙක් ස්වකීය භාවය ස්වභාවයැයි ඒ ස්වභාවයෙන් ශූන්‍යයයි කියන්නාහුය. ඉන් කුමක් කියන ලද්දේද යත්? භාව යනු ස්වභාවයයි. එය අනෙකක් ගැන සලකා බැලීමෙහිදී සපදත්වයෙන් විශේෂිත කරන ලදුයේ ස්වභාව නමැ. කිසි ධර්මයක අවිද්‍යාමානත්‍වයෙන් හටගත් රූපය ස්වභාවයෙන් ශූන්‍යයයි රූපයාගේ අවිද්‍යමානත්‍වය යූ.සේයි. මෙසේ ඇතිකල්හි ‘ජාත රූපං’ යන වචනය හා විරුද්ධ වේ. උත්පාද රහිත හටගැනීමක් නම් නොවේ. ජාති, ජරා, මරණයෝද උත්පාද රහිතව හටගත්තාහු නම් නොවෙති. එහෙයින්ම මෙහි හටගත්තාහු හටගත් ස්වභාවයෙන් ශූන්‍යයි ජාති, ජරා මරණ එම ස්වභාවයෙන් ශූන්‍යයයි මෙසේ නොඋදුරා භවයම අවසන්කොට නිර්දිෂ්ටයහ. ඉදින් උත්පාද රහිතයට විජාතයැයි යන වචනය යෙදෙන්නේද, එසේ නම් උත්පාද සහිතයට ජාති, ජාතං, ජරා මරණං යැයි කිවයුතු වන්නේය. එහෙයින් ස්වභාවයෙන් ශූන්‍යයට, අවිද්‍යමාන යැයි යන වචනය අවිද්‍යමාන වූ, උත්පාද රහිතයට ජාත යන වචනය විරුද්ධයි. අවිද්‍යමානයට ශූන්‍යයයි යන වචනය යට කියන ලද ලෝක වචනයෙන්ද, භාග්‍යවතුන් වහන්සේගේ වචනයෙන්ද, න්‍යාය ග්‍රන්ථ, ශබ්ද ශෘස්ත්‍ර ග්‍රන්ථ වචනයන් අනුවද විරුද්ධ වේ. නොයෙක් යුක්තීන් සමග ද විරුද්ධ වේ. එහෙයින් එම වචනය කසල මෙන් ඉවත දැමිය යුතුය. මහණෙනි, ලෝකයෙහි නැණැතියන් විසින් පිළිගනු ලැබූ යම් දැයක් තිබේද? මම ද එය තිබේයයි වදාරමි. මහණෙනි, ලෝකයෙහි නැණැතියන් විසින් නොපිළිගත් යම් දැයක් තිබේද? මමද එය නොතිබේයයි වදාරමි. මහණෙනි, ලෝකයෙහි නැණැතියන් විසින් විද්‍යමානයයි පිළිගත් කෙබඳු වූ, යම් දැයක් මම තිබේයයි වදාරම්ද? මහණෙනි, රූපය අනිත්‍යය. දුක්ය. වෙනස්වන සුලුයයි ලෝකයෙහි නැණැතියන් විසින් පිළිගැනීමක් තිබේ. මමද එය තිබේයයි වදාරමි යනාදී, නොයෙක් බුදු වදන් ප්‍රමාණයන්ගෙන්ද නොයෙක් යුක්ති ධර්මයන්ගෙන්ද ස්වලක්‍ෂණයෙහි විද්‍යමාන වේමයැයි මෙහි නිශ්චයට යායුතුයි.

විගතං රූපන‍්ති උප‍්පජ‍්ජිත්‍වා භඞ‍්ගං පත්‍වා නිරුද‍්ධං අතීතං රූපං. විපරිණතඤ‍්චෙව සුඤ‍්ඤඤ‍්චාති ජරාභඞ‍්ගවසෙන විරූපං පරිණාමං පත‍්තඤ‍්ච වත‍්තමානස‍්සෙව විපරිණාමසබ‍්භාවතො අතීතස‍්ස විපරිණාමාභාවතො තෙන විපරිණාමෙන සුඤ‍්ඤඤ‍්චාති අත්‍ථො. ජාතා වෙදනාතිආදීසුපි එසෙව නයො. ජාතිජරාමරණං පන අනිප‍්ඵන‍්නත‍්තා සකභාවෙන අනුපලබ‍්භනීයතො ඉධ න යුජ‍්ජති, තස‍්මා “ජාතා ජාති, ජාතං ජරාමරණ”න‍්තිආදිකෙ ද‍්වෙ නයෙ පහාය භවාදිකමෙව නයං පරියොසානං කත්‍වා ඨපිතං.

විගතං රූපං යනු හටගෙන භංගයට පත්ව නිරුද්ධ අතීත රූපයයි, විපරිණතඤ්චෙව සුඤ්ඤඤ්ච යනු ජරා භංග වශයෙන් විරූපයට වෙනසට පත්වූයේ, පවත්නා වූම වෙනස යෙදෙන හෙයින්, අතීත වෙනස්වීම් අභාවයට ගිය හෙයින් එම වෙනස්වීමෙන් ශූන්‍යයයි අර්ථයි. ජාතා වෙදනා යනාදියෙහිද එම ක්‍රමයයි. ජාති, ජරා, මරණ අනිෂ්පන්න හෙයින්, සිය බවෙන් නොලබන හෙයින්, ජාතාජාති ජාතං ජරා මරණං යනාදී ක්‍රම ද්වයය අත්හැර, භවාධික වූම ක්‍රමය කෙළවර කොට තබන ලදි.

අග‍්ගන‍්ති අග‍්ගෙ භවං. සෙට‍්ඨන‍්ති අතිවිය පසංසනීයං. විසිට‍්ඨන‍්ති අතිසයභූතං. විසෙට‍්ඨන‍්තිපි පාඨො. තිධාපි පසත්‍ථං නිබ‍්බානං සම‍්මාපටිපදාය පටිපජ‍්ජිතබ‍්බතො පදං නාම. යදිදන‍්ති යං ඉදං. ඉදානි වත‍්තබ‍්බං නිබ‍්බානං නිදස‍්සෙති. යස‍්මා නිබ‍්බානං ආගම‍්ම සබ‍්බසඞ‍්ඛාරානං සමථො හොති, ඛන්‍ධූපධිකිලෙසූපධිඅභිසඞ‍්ඛාරූපධිකාමගුණූපධිසඞ‍්ඛාතානං උපධීනං පටිනිස‍්සග‍්ගො හොති, තණ‍්හානං ඛයො විරාගො නිරොධො ච හොති, තස‍්මා සබ‍්බසඞ‍්ඛාරසමථො සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගො තණ‍්හක‍්ඛයො විරාගො නිරොධොති වුච‍්චති. නිබ‍්බානන‍්ති සභාවලක‍්ඛණෙන නිගමිතං.

අග්ගං යනු අග්‍රයෙහි වූයේ. සෙට්ඨං යනු අතිශයින් ප්‍රශංසා කටයුතු, විසිට්ඨං යනු අධික වූ, විසෙට්ඨං යනුද පාඨයි. ත්‍රිවිධාකාරයෙන්ම ප්‍රශස්ථ නිර්වාණය යහපත් ප්‍රතිපදාවෙන් පිළිපැදිය යුතු හෙයින් පදං නමැ. යදිදං යනු යම් මේ දැන් කිවයුතු නිර්වාණය පෙන්වයි. යම්හෙයකින් නිර්වාණයට පැමිණ සියලු සංස්කාරයන්ගේ සන්සිඳීමෙක් වේද? සියලු ස්කන්ධ, කෙලෙස්, අභිසංස්කාර, කාමගුණ සංඛ්‍යාත උපධීන්ගේ දුරැලීමෙක් වේද, තෘෂ්ණාවන්ගේ, ක්‍ෂය, විරාගය නිරෝධය වේද? එහෙයින් සබ්බ සංඛාර සමථො සබ්බූපධි පටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො යයි යූසේයි. නිබ්බාණං යනු ස්වභාව ලක්‍ෂණයෙන් නිගමනය කරන ලදි.

ලක‍්ඛණෙසු හි “තීණිමානි, භික‍්ඛවෙ, බාලස‍්ස බාලලක‍්ඛණානි බාලනිමිත‍්තානි බාලාපදානානි. කතමානි තීණි? ඉධ, භික‍්ඛවෙ, බාලො දුච‍්චින‍්තිතචින‍්තී ච හොති දුබ‍්භාසිතභාසී ච දුක‍්කටකම‍්මකාරී ච. ඉමානි ඛො, භික‍්ඛවෙ, තීණි බාලස‍්ස බාලලක‍්ඛණානි බාලනිමිත‍්තානි බාලාපදානානී”ති (අ· නි· 3.3; ම· නි· 3.246) වුත‍්තං. පණ‍්ඩිතෙහි බාලස‍්ස බාලොති සල‍්ලක‍්ඛණතො තිවිධං බාලලක‍්ඛණං. “තීණිමානි, භික‍්ඛවෙ, පණ‍්ඩිතස‍්ස පණ‍්ඩිතලක‍්ඛණානි පණ‍්ඩිතනිමිත‍්තානි පණ‍්ඩිතාපදානානි. කතමානි තීණි? ඉධ, භික‍්ඛවෙ, පණ‍්ඩිතො සුචින‍්තිතචින‍්තී ච හොති සුභාසිතභාසී ච සුකතකම‍්මකාරී ච. ඉමානි ඛො, භික‍්ඛවෙ, තීණි පණ‍්ඩිතස‍්ස පණ‍්ඩිතලක‍්ඛණානි පණ‍්ඩිතනිමිත‍්තානි පණ‍්ඩිතාපදානානී”ති (අ· නි· 3.3; ම· නි· 3.253) වුත‍්තං. පණ‍්ඩිතෙහි පණ‍්ඩිතස‍්ස පණ‍්ඩිතොති සල‍්ලක‍්ඛණතො තිවිධං පණ‍්ඩිතලක‍්ඛණං.

ලක්‍ෂණයන්හි, මහණෙනි, මේ අඥානයාගේ අඥාන ලක්‍ෂණත්‍රයයකි. කවර ත්‍රයයෙක්ද යත්? මහණෙනි, මෙලොව අඥාන තෙමේ නරක සිතිවිලි සිතනුයේ, නරක කථාවන් කථා කරනුයේ නරක ක්‍රියාකරන සුලු වූයේ වේ. මහණෙනි, මෙම ත්‍රයය අඥානයාගේ අඥාන ලක්‍ෂණයෝය. පණ්ඩිතයන් විසින් අඥානයාට අඥානයා යැයි සලකන හෙයින් ත්‍රිවිධ අඥාන ලක්‍ෂණයි. මහණෙනි, මේ ත්‍රයය පණ්ඩිතයාගේ පණ්ඩිත ලක්‍ෂණයි. කවර ත්‍රයයෙක්ද යත්? මහණෙනි, මෙලොව පණ්ඩිත තෙමේ යහපත් සිතිවිලි සිතන්නේ වේ. යහපත් කථා කථාකරන්නේ වේ. යහපත් ආකාර වූ ක්‍රියාවන් කරන්නේ වේ. මහණෙනි, මේ ත්‍රයය පණ්ඩිතයාගේ පණ්ඩිත ලක්‍ෂණයෝයි යූසේයි. පණ්ඩිතයන් විසින් පණ්ඩිතයාට පණ්ඩිත යැයි සලකන හෙයින් ත්‍රිවිධ පණ්ඩිත ලක්‍ෂණයයි.

“තීණිමානි, භික‍්ඛවෙ, සඞ‍්ඛතස‍්ස සඞ‍්ඛතලක‍්ඛණානි. කතමානි තීණි? උප‍්පාදො පඤ‍්ඤායති, වයො පඤ‍්ඤායති, ඨිතස‍්ස අඤ‍්ඤථත‍්තං පඤ‍්ඤායති. ඉමානි ඛො, භික‍්ඛවෙ, තීණි සඞ‍්ඛතස‍්ස සඞ‍්ඛතලක‍්ඛණානී”ති (අ· නි· 3.47-48) වුත‍්තං. උප‍්පාදො එව සඞ‍්ඛතමිති ලක‍්ඛණන‍්ති සඞ‍්ඛතලක‍්ඛණං. එවමිතරද‍්වයෙපි අත්‍ථො වෙදිතබ‍්බො. ඉමිනා උප‍්පාදක‍්ඛණෙ සෙසද‍්වින‍්නං, ඨිතික‍්ඛණෙ සෙසද‍්වින‍්නං, භඞ‍්ගක‍්ඛණෙ ච සෙසද‍්වින‍්නං අභාවො දස‍්සිතො. යං පනෙත්‍ථ පෙය්‍යාලමුඛෙන ජාතියා ච ජරාමරණස‍්ස ච උප‍්පාදාදිලක‍්ඛණං වුත‍්තං, තං විපරිණාමසුඤ‍්ඤතාය ජාතිජරාමරණානි හිත්‍වා භවපරියොසානස‍්සෙව නයස‍්ස වචනෙන ච උප‍්පාදාදීනං උප‍්පාදාදිඅවචනසමයෙන ච විරුජ‍්ඣති. ලක‍්ඛණසොතෙ පතිතත‍්තා පන සොතපතිතං කත්‍වා ලිඛිතන‍්ති වෙදිතබ‍්බං. යථා ච අභිධම‍්මෙ (ධ· ස· 562-565) අහෙතුකවිපාකමනොධාතුමනොවිඤ‍්ඤාණධාතූනං සඞ‍්ගහවාරෙ ලබ‍්භමානම‍්පි ඣානඞ‍්ගං පඤ‍්චවිඤ‍්ඤාණසොතෙ පතිත්‍වා ගතන‍්ති න උද‍්ධටන‍්ති වුත‍්තං, එවමිධාපි සොතපතිතතා වෙදිතබ‍්බා. අථ වා ජාතිජරාමරණවන‍්තානං සඞ‍්ඛාරානං උප‍්පාදාදයො “ජාතිජරාමරණං අනිච‍්චතො”තිආදීසු (පටි· ම· 1.73; 2.4) විය තෙසං විය කත්‍වා වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

‘මහණෙනි, මේ සංඛතයාගේ සංඛත ලක්‍ෂණ ත්‍රයයකි. (හේතුවකින් හටගත්) කවර ත්‍රයයෙක්ද යත්? හටගැන්ම පෙනේ. විනාශය පෙනේ. සිටියහුගේ වෙනස්වීම් ආකාරය පෙනේයයි යූ.සේයි. හටගැන්මම සංඛතනුයිද, ස්වභාවයනුයිද සංඛත ලක්‍ෂණයි. මෙසේ අනෙක් ද්වයයෙහිද අර්ථය දතයුතුය. මෙයින් උත්පාද ක්‍ෂණයෙහි සෙසු ද්වයෙහිද, ස්ථිති ක්‍ෂණයෙහි සෙසු ද්වයෙහිද භංගක්‍ෂණයෙහි සෙසු ද්වයෙහිද අභාවය දක්වන ලදි. එය විපරිණාම ශූන්‍යතා හෙයින්, ජාති, ජරා, මරණයන් අත්හැර භව කෙළවරකොට ඇති න්‍යාය වචනයෙන්, උත්පාදාදීන්ගේ උත්පාදාදිය නොකියන කල්හි විරුද්ධ වේ. ලක්‍ෂණ ශ්‍රෝතසෙහි වටහෙයින් ශ්‍රෝතසෙයි පතිතකොට ලියන ලදැයි දතයුතුය. යම්සේ අභිධර්මයෙහි අහේතුක විපාක මනෝධාතු, මනෝ විඤ්ඤාණ ධාතූන්ගේ සංග්‍රහ වාරයෙහි ලබන්නා වූද, ධ්‍යානාංගය පඤ්ච විඤ්ඤාණ ශ්‍රෝතසෙහි වැටී ගියේ යයි නොඋදුරන ලදැයි යූසේයි. මෙසේ මෙහිද ශ්‍රෝතසට වැටීම දතයුත්තාහ නොහොත් ජාති, ජරා, මරණ වත් සංස්කාරයන්ගේ හටගැනීම් ආදීහු, ජාති ජරා මරණ අනිත්‍ය වශයෙන් ආදීන්හි මෙන්ද, ඒවාහි ස්වභාවයක් මෙන්ද කොට යූසේයි.

නෙක‍්ඛම‍්මෙන කාමච‍්ඡන්‍දො වික‍්ඛම‍්භිතො චෙව සුඤ‍්ඤො චාති කාමච‍්ඡන්‍දො නෙක‍්ඛම‍්මෙන වික‍්ඛම‍්භිතො චෙව නෙක‍්ඛම‍්මස‍්ස තත්‍ථ අභාවතො තෙනෙව වික‍්ඛම‍්භනසඞ‍්ඛාතෙන නෙක‍්ඛම‍්මෙන සුඤ‍්ඤො ච. එවං සෙසෙසුපි යොජනා කාතබ‍්බා. තදඞ‍්ගප‍්පහානසමුච‍්ඡෙදප‍්පහානෙසුපි චෙත්‍ථ තදඞ‍්ගවසෙන ච සමුච‍්ඡෙදවසෙන ච පහීනං දූරීකතමෙව හොතීති ඉමිනා දූරීකරණට‍්ඨෙන වික‍්ඛම‍්භනං වුත‍්තං.

නෙක්ඛම්මෙන කාමච්ඡන්‍දො වික්ඛම්භිතො චෙව සුඤ්ඤොච යනු කාමච්ඡන්‍දය නෛෂ්ක්‍රම්‍යයෙන් මැඩපවත්වන ලදුයේද, එහි නෛෂ්ක්‍රම්‍යය අභාව හෙයින්, එයින්ම විෂ්කම්භන සංඛ්‍යාත නෛෂ්ක්‍රම්‍යයෙන් ශූන්‍ය වූයේද වේ. මෙසේ සෙස්සෙහිද යෙදීම් කළයුත්තාහ. මෙහි තදංග ප්‍රහාණ, සමුච්ඡේද ප්‍රහාණයන්හිද තදංග වශයෙන්ද, සමුච්ඡේද වශයෙන්ද ප්‍රහීණ වූයේ දුරුකරන ලදුයේම වේයයි මෙයින් දුරුකරන අර්ථයෙන් විෂ්කම්භනය යූ.සේයි.

නෙක‍්ඛම‍්මෙන කාමච‍්ඡන්‍දො තදඞ‍්ගසුඤ‍්ඤොති නෙක‍්ඛම‍්මෙන පහීනො කාමච‍්ඡන්‍දො තෙන නෙක‍්ඛම‍්මසඞ‍්ඛාතෙන අඞ‍්ගෙන සුඤ‍්ඤො. අථ වා යො කොචි කාමච‍්ඡන්‍දො නෙක‍්ඛම‍්මස‍්ස තත්‍ථ අභාවතො නෙක‍්ඛම‍්මෙන තෙන අඞ‍්ගෙන සුඤ‍්ඤො. එවං සෙසෙසුපි යොජනා කාතබ‍්බා. තස‍්ස තස‍්ස අඞ‍්ගස‍්ස තත්‍ථ තත්‍ථ අභාවමත‍්තෙනෙව චෙත්‍ථ උපචාරප‍්පනාඣානවසෙන ච විපස‍්සනාවසෙන ච තදඞ‍්ගසුඤ‍්ඤතා නිද‍්දිට‍්ඨා. පහානදීපකස‍්ස වචනස‍්ස අභාවෙන පන විවට‍්ටනානුපස‍්සනංයෙව පරියොසානං කත්‍වා විපස‍්සනා නිද‍්දිට‍්ඨා, චත‍්තාරො මග‍්ගා න නිද‍්දිට‍්ඨා. නෙක‍්ඛම‍්මෙන කාමච‍්ඡන්‍දො සමුච‍්ඡින‍්නො චෙව සුඤ‍්ඤො චාතිආදීසු වික‍්ඛම‍්භනෙ වුත‍්තනයෙනෙව අත්‍ථො වෙදිතබ‍්බො. තදඞ‍්ගවික‍්ඛම‍්භනවසෙන පහීනානිපි චෙත්‍ථ සමුදාචාරාභාවතො සමුච‍්ඡින‍්නානි නාම හොන‍්තීති ඉමිනා පරියායෙන සමුච‍්ඡෙදො වුත‍්තො, තංතංසමුච‍්ඡෙදකිච‍්චසාධනවසෙන වා මග‍්ගසම‍්පයුත‍්තනෙක‍්ඛම‍්මාදිවසෙන වුත‍්තන‍්තිපි වෙදිතබ‍්බං. පටිප‍්පස‍්සද‍්ධිනිස‍්සරණසුඤ‍්ඤෙසු ච ඉධ වුත‍්තනයෙනෙව අත්‍ථො වෙදිතබ‍්බො. තදඞ‍්ගවික‍්ඛම‍්භනසමුච‍්ඡෙදපහානෙසු පනෙත්‍ථ පටිප‍්පස‍්සද‍්ධිමත‍්තත‍්තං නිස‍්සටමත‍්තත‍්තඤ‍්ච ගහෙත්‍වා වුත‍්තං. පඤ‍්චසුපි එතෙසු සුඤ‍්ඤෙසු නෙක‍්ඛම‍්මාදීනියෙව වික‍්ඛම‍්භනතදඞ‍්ගසමුච‍්ඡෙදපටිප‍්පස‍්සද‍්ධිනිස‍්සරණනාමෙන වුත‍්තානි. අජ‍්ඣත‍්තන‍්ති අජ‍්ඣත‍්තභූතං. බහිද‍්ධාති බහිද‍්ධාභූතං. දුභතොසුඤ‍්ඤන‍්ති උභයසුඤ‍්ඤං. පච‍්චත‍්තාදීසුපි හි තො-ඉතිවචනං හොතියෙව.

නෙක්ඛම්මෙන කාමච්ඡන්‍දො තදංග සුඤ්ඤො යනු නෛෂ්ක්‍රම්‍යයෙන් ප්‍රහීණ කාමච්ඡන්‍දය, එම නෛෂ්ක්‍රම්‍ය සංඛ්‍යාත අංගයේ ශූන්‍යයි. නොහොත් යම්කිසි කාමච්ඡන්‍දයක් වේද? එහි නෛෂ්ක්‍රම්‍යයාගේ අභාව හෙයින් එම නෛෂ්ක්‍රම්‍ය අංගයෙන් ශූන්‍යයි. මෙසේ සෙස්සෙහිද යෙදීම් කළයුතුය. මෙහි ඒ ඒ අංගයාගේ ඒ ඒ තන්හි අභාව මාත්‍රයෙන්ම උපචාර, අර්පණා ධ්‍යාන වශයෙන්ද විදර්ශනා වශයෙන්ද තදංග ශූන්‍යතාව නිර්දිෂ්ටය. ප්‍රහාණය දක්වන වචනයෙහි අභාවයෙන් විවට්ටානුපස්සනාවම කෙළවරකොට විදර්ශනාව නිර්දිෂ්ටය. සතරමාර්ග අනිර්දිෂ්ටය. නෙක්ඛම්මෙන කාමච්ඡන්‍දො සමුච්ඡින්නො චෙව සුඤ්ඤො ච යනාදීන්හි මෙහි විෂ්කම්භනයෙහි කියන ලද ක්‍රමයෙන්ම අර්ථය දතයුතුය. මෙහි තදංග විෂ්කම්භන වශයෙන් ප්‍රහීණ වූවාහුද හැසිරීම් අභාව හෙයින් විනාශ වූවාහු නම් වෙතියි මෙම ආකාරයෙන් විනාශ කිරීම යූසේයි. ඒ ඒ නැසීමේ කෘත්‍ය සිදුකිරීම් වශයෙන් හෝ මාර්ග සම්ප්‍රයුක්ත නෛෂ්ක්‍රම්‍යාදී වශයෙන් කියන ලදැයි දතයුතුය. පටිප්පස්සද්ධි නිස්සරණ ශූන්‍යයන්හිද මෙහි කියන ලද ආකාරයෙන්ම අර්ථය දතයුතුය. මෙහි තදංග, විෂ්කම්භන, සමුච්ඡේද ප්‍රහාණයන්හි වනාහි සන්සිඳීම් මාත්‍රතාව, හැරපියන ලද මාත්‍රයද ගෙන යූසේයි. එම පඤ්ච ශූන්‍යන්හි නෛෂ්ක්‍රම්‍යාදීන්ම, විෂ්කම්භන, තදංග, සමුච්ඡේද, පටිප්පස්සද්ධි, නිස්සරණ නාමයෙන් යූ.සේයි. අජ්ඣත්තං යනු අධ්‍යාත්ම වූ, බහිද්ධා යනු පිටත වූ, දුභතො සුඤ්ඤං යනු දෙයාකාරයෙන් ශූන්‍යයයි. පච්චත්තාදීන්හිද ‘තො’ යනු වචනය වේමය.

ඡ අජ‍්ඣත‍්තිකායතනාදීනි ඡඅජ‍්ඣත‍්තිකායතනාදීනං භාවෙන සභාගානි. පරෙහි විසභාගානි. විඤ‍්ඤාණකායාතිආදීසු චෙත්‍ථ කායවචනෙන විඤ‍්ඤාණාදීනියෙව වුත‍්තානි. නෙක‍්ඛම‍්මෙසනාදීසු නෙක‍්ඛම‍්මාදීනියෙව තදත්‍ථිකෙහි විඤ‍්ඤූහි එසීයන‍්තීති එසනා. අථ වා පුබ‍්බභාගෙ නෙක‍්ඛම‍්මාදීනං එසනාපි කාමච‍්ඡන්‍දාදීහි සුඤ‍්ඤා, කිං පන නෙක‍්ඛම‍්මාදීනීතිපි වුත‍්තං හොති? පරිග‍්ගහාදීසු නෙක‍්ඛම‍්මාදීනියෙව පුබ‍්බභාගෙ එසිතානි අපරභාගෙ පරිග‍්ගය‍්හන‍්තීති පරිග‍්ගහොති, පරිග‍්ගහිතානි පත‍්තිවසෙන පටිලබ‍්භන‍්තීති පටිලාභොති, පටිලද‍්ධානි ඤාණවසෙන පටිවිජ‍්ඣීයන‍්තීති පටිවෙධොති ච වුත‍්තානි. එකත‍්තසුඤ‍්ඤඤ‍්ච නානත‍්තසුඤ‍්ඤඤ‍්ච සකිංයෙව පුච‍්ඡිත්‍වා එකත‍්තසුඤ‍්ඤං විස‍්සජ‍්ජෙත්‍වා නානත‍්තසුඤ‍්ඤං අවිස‍්සජ‍්ජෙත්‍වාව සකිං නිගමනං කතං. කස‍්මා න විස‍්සජ‍්ජිතන‍්ති චෙ? වුත‍්තපරියායෙනෙවෙත්‍ථ යොජනා ඤායතීති න විස‍්සජ‍්ජිතන‍්ති වෙදිතබ‍්බං. අයං පනෙත්‍ථ යොජනා – නෙක‍්ඛම‍්මං එකත‍්තං, කාමච‍්ඡන්‍දො නානත‍්තං, කාමච‍්ඡන්‍දො නානත‍්තං, නෙක‍්ඛම‍්මෙකත‍්තෙන සුඤ‍්ඤන‍්ති. එවං සෙසෙසුපි යොජනා වෙදිතබ‍්බා.

ෂට් ආධ්‍යාත්මිකායතනාදී භාවයෙන් සභාගානියි. විසභාගනි විඤ්ඤාණාකායා යනාදීන්හි කාය වචනයෙන් විඤ්ඤාණාදීන්මම යූසේයි. නෛෂ්ක්‍රම්‍යසනාවන්හිදී, නෛෂ්ක්‍රම්‍යාදීන්මම එය කැමැති වන්නා වූ නුවණැත්තන් විසින් සොයනු ලැබේනුයි ඵසනායි. නොහොත් පූර්වභාවයෙහි නෛෂ්ක්‍රම්‍යයාදීන්ගේ සෙවීමද, කාමච්ඡන්‍දාදීන්ගෙන් ශූන්‍යයි. කුමක් හෙයින් නෛෂ්ක්‍රම්‍යාදීන්ගෙන් යැයි කියන ලද්දේ වේද? පරිග්‍රාහාදීන්හි නෛෂ්ක්‍රමයාදීහුම පූර්ව භාගයෙහි සොයන ලද්දාහු අපරභාගයෙහි අල්වාගනිත්නුයි පරිග්ගහොයි. පරිග්‍රහිතයන් සම්ප්‍රාප්ති වශයෙන් ලබත්නුයි පටිලාභොයි. ප්‍රතිලබ්ධයන් ඤාණ වශයෙන් ප්‍රතිවේධ කරන්නාහුයි පටිවෙධොයි යූසේයි. ඒකත්‍ව ශූන්‍යතාවද, නානත්‍ව ශූන්‍යතාවද, එක්වරක් පමණක් විචාරා, ඒකත්‍ව ශූන්‍යතාව විසඳා, නානත්‍ව ශූන්‍යතාව නොවිසඳාම වරක් නිගමන කරන ලදි. කවර හෙයින් එය නොවිසඳියේද යත්? මෙහි කියන ලද ආකාරයෙන්ම යෙදීම දැනේයයි නොවිසඳන ලදැයි දතයුතුය. මෙහි මෙය වනාහි යෝජනායි. නෛෂ්ක්‍රම්‍යය ඒකත්‍වයයි. කාමච්ඡන්‍දය නානත්‍වයයි. නෛෂ්ක්‍රම්‍යය ඒකත්‍වයෙන් ශූන්‍යයි. මෙසේ සෙස්සෙහිද යෙදීම් දතයුත්තාහ.

ඛන‍්තිආදීසු නෙක‍්ඛම‍්මාදීනියෙව ඛමනතො රුච‍්චනතො ඛන‍්තීති, රොචිතානියෙව පවිසිත්‍වා තිට‍්ඨනතො අධිට‍්ඨානන‍්ති, පවිසිත්‍වා ඨිතානං යථාරුචිමෙව සෙවනතො පරියොගාහනන‍්ති ච වුත‍්තානි. ඉධ සම‍්පජානොතිආදිකො පරමත්‍ථසුඤ‍්ඤනිද‍්දෙසො පරිනිබ‍්බානඤාණනිද‍්දෙසෙ වණ‍්ණිතොයෙව.

ක්‍ෂාන්ති ආදීන්හි, නෛෂ්ක්‍රම්‍යාදීහුම, ඉවසන හෙයින් කැමැති වන හෙයින්ද, ඛන්තියි. රුචිවූයේම පිවිස සිටුනා හෙයින් අධිට්ඨාන යැයිද, පිවිස සිටියවුන් කැමැති පරිද්දෙන් සෙවුනා හෙයින් පරියොගාහනංයි යූසේයි. ඉධ සම්පජානො යනාදී, පරමාර්ථ ශූන්‍ය නිර්දේශය පරිනිර්වාණ ඥාන නිර්දේශයෙහි වර්ණනා කරන ලද්දේමය.

ඉමෙසු ච සබ‍්බෙසු සුඤ‍්ඤෙසු සඞ‍්ඛාරසුඤ‍්ඤං විපරිණාමසුඤ‍්ඤං ලක‍්ඛණසුඤ‍්ඤඤ‍්ච යථාවුත‍්තානං ධම‍්මානං අඤ‍්ඤමඤ‍්ඤඅසම‍්මිස‍්සතාදස‍්සනත්‍ථං. යත්‍ථ පන අකුසලපක‍්ඛිකානං කුසලපක‍්ඛිකෙන සුඤ‍්ඤතා වුත‍්තා, තෙන අකුසලෙ ආදීනවදස‍්සනත්‍ථං. යත්‍ථ පන කුසලපක‍්ඛිකානං අකුසලපක‍්ඛිකෙන සුඤ‍්ඤතා වුත‍්තා, තෙන කුසලෙ ආනිසංසදස‍්සනත්‍ථං. යත්‍ථ අත‍්තත‍්තනියාදීහි සුඤ‍්ඤතා වුත‍්තා, තං සබ‍්බසඞ‍්ඛාරෙසු නිබ‍්බිදාජනනත්‍ථං. අග‍්ගසුඤ‍්ඤං පරමත්‍ථසුඤ‍්ඤඤ‍්ච නිබ‍්බානෙ උස‍්සාහජනනත්‍ථං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

මෙම සියලු ශූන්‍යයන්හි සංස්කාර ශූන්‍යය, විපරිණාම ශූන්‍යය, ලක්‍ෂණ ශූන්‍යයද, කියන ලද ධර්මයන්ගේ අන්‍යොන්‍ය අසම්මිශ්‍රතා දැක්වීම සඳහායි. යම්තැනෙක්හි අකුසල පක්‍ෂයට අයත් වූ ධර්මයන්ගේ කුසල පාක්‍ෂික ධර්මයෙන් ශූන්‍යතාව යූ.සේයිද? ඉන් අදහස් කළේ අකුසලයෙහි ආදීනව දැක්වීමයි. යම්තැනෙක්හි කුසල පක්‍ෂයට අයත් වූ ධර්මයන්ගේ, අකුසල පාක්‍ෂික ධර්මයෙන් ශූන්‍යතාවය යූ.සේයිද? ඉන් අදහස් කළේ කුසලයෙහි ආනිසංස දැක්වීමයි. යම්තැනෙක්හි ආත්ම ආත්මනීයතාදීන්ගෙන් ශූන්‍යතාවය යූ.සේයිද? එය සියලු සංස්කාරයන්හි කලකිරීම් ඇතිකරලීම සඳහායි. අග්‍රශූන්‍යයද, පරමාර්ථ ශූන්‍යයද නිර්වාණයෙහි උනන්දුව ඇතිකරලීම සඳහා යූ.සේයි.

තෙසු අග‍්ගසුඤ‍්ඤඤ‍්ච පරමත්‍ථසුඤ‍්ඤඤ‍්චාති ද‍්වෙ සුඤ‍්ඤානි අත්‍ථතො එකමෙව නිබ‍්බානං අග‍්ගපරමත්‍ථවසෙන සඋපාදිසෙසඅනුපාදිසෙසවසෙන ච ද‍්විධා කත්‍වා වුත‍්තං. තානි ද‍්වෙ අත‍්තත‍්තනියසුඤ‍්ඤතො සඞ‍්ඛාරසුඤ‍්ඤතො ච සභාගානි. “සුඤ‍්ඤසුඤ‍්ඤං අජ‍්ඣත‍්තසුඤ‍්ඤං බහිද‍්ධාසුඤ‍්ඤං දුභතොසුඤ‍්ඤං සභාගසුඤ‍්ඤං විසභාගසුඤ‍්ඤ”න‍්ති ඉමානි ඡ සුඤ‍්ඤානි සුඤ‍්ඤසුඤ‍්ඤමෙව හොති. අජ‍්ඣත‍්තාදිභෙදතො පන ඡධා වුත‍්තානි. තානි ඡ ච අත‍්තත‍්තනියාදිසුඤ‍්ඤතො සභාගානි. සඞ‍්ඛාරවිපරිණාමලක‍්ඛණසුඤ‍්ඤානි, වික‍්ඛම‍්භනතදඞ‍්ගසමුච‍්ඡෙදපටිප‍්පස‍්සද‍්ධිනිස‍්සරණසුඤ‍්ඤානි, එසනාපරිග‍්ගහපටිලාභපටිවෙධසුඤ‍්ඤානි, එකත‍්තනානත‍්තසුඤ‍්ඤානි, ඛන‍්තිඅධිට‍්ඨානපරියොගාහනසුඤ‍්ඤානි චාති සත‍්තරස සුඤ‍්ඤානි අත‍්තනි අවිජ‍්ජමානෙහි තෙහි තෙහි ධම‍්මෙහි සුඤ‍්ඤත‍්තා අවිජ‍්ජමානානං වසෙන විසුං විසුං වුත‍්තානි. සඞ‍්ඛාරවිපරිණාමලක‍්ඛණසුඤ‍්ඤානි පන ඉතරෙන ඉතරෙන අසම‍්මිස‍්සවසෙන සභාගානි, වික‍්ඛම‍්භනාදීනි පඤ‍්ච කුසලපක‍්ඛෙන සුඤ‍්ඤත‍්තා සභාගානි, එසනාදීනි චත‍්තාරි, ඛන‍්තිආදීනි ච තීණි අකුසලපක‍්ඛෙන සුඤ‍්ඤත‍්තා සභාගානි, එකත‍්තනානත‍්තසුඤ‍්ඤානි අඤ‍්ඤමඤ‍්ඤපටිපක‍්ඛවසෙන සභාගානි.

ඒවා අතර අග්‍ර ශූන්‍යයද, පරමාර්ථ ශූන්‍යයද යන ද්වයය අර්ථ වශයෙන් එකක්මය. නිර්වාණය, අග්‍ර, පරමාර්ථ වශයෙන්ද, සඋපාදිසෙස, අනුපාදිශේෂ වශයෙන්ද දෙයාකාරකොට යූ.සේයි. එම ද්වයය ආත්මනීය ශූන්‍යතා වශයෙන්ද, සංස්කාර ශූන්‍යතා වශයෙන්ද සමානය. ශූන්‍ය ශූන්‍යය, අධ්‍යාත්ම ශූන්‍යය, බහිද්ධා ශූන්‍යය, දෙඅයුරින් ශූන්‍යය, සභාග ශූන්‍යය, විසභාග ශූන්‍යය යන මෙම ෂට් ශූන්‍යයේ ශූන්‍ය ශූන්‍යම වෙත්. අධ්‍යාත්මිකාදී භේදයෙන් ෂට් අයුරෙකින් කියන ලද, එම ෂට් ආත්ම ආත්මනීයාදී ශූන්‍ය වශයෙන් සමානවූවාහු, සංස්කාර, විපරිණාම, ලක්‍ෂණ ශූන්‍ය්‍යන්, විෂ්කම්භන තදංග, සමුච්ඡේද, පටිප්පස්සද්ධි, නිස්සරණ ශූන්‍යයන්, එසනා පරිග්‍රහ, ප්‍රතිලාභ ප්‍රතිවේධ ශූන්‍යයන්, ඒකත්‍ව, නානත්‍ව ශූන්‍යයන් ක්‍ෂාන්ති, අධිෂ්ඨාන, පරියොගාහන ශූන්‍යයන්දැයි සතළොස් ශූන්‍ය්‍යන් තමා කෙරෙහි අවිද්‍යමාන වූ ඒ ඒ ධර්මයන්ගෙන් ශූන්‍ය හෙයින් අවිද්‍යමානයන්ගේ වශයෙන් වෙන් වෙන්ව යූ.සේයි. සංස්කාර, විපරිණාම, ලක්‍ෂණ ශූන්‍යයෝ වනාහි අනෙක් අනෙක් ශූන්‍යයන්ගෙන් අසම්මිශ්‍ර වශයෙන් සමාන වූවාහුය. විෂ්කම්භනාදී පංචකය කුසල පක්‍ෂයෙන් ශූන්‍ය හෙයින් සමාන වූයේය. ඒසනාදි සතරද, ක්‍ෂාන්ති ආදී ත්‍රයයද අකුසල පක්‍ෂයෙන් ශූන්‍ය හෙයින් සමාන වූයේය. ඒකත්‍ව, නානත්‍ව ශූන්‍යයෝ ඔවුනොවුන්ට ප්‍රතිපක්‍ෂ වශයෙන් සමාන වූවාහුය.

සබ‍්බෙ ධම‍්මා සමාසෙන, තිධා ද‍්වෙධා තථෙකධා; සුඤ‍්ඤාති සුඤ‍්ඤත්‍ථවිදූ, වණ‍්ණයන‍්තීධ සාසනෙ.

සබ්බෙ ධම්මා සමාසෙන - තිධාදෙවධා තථෙකථා, සුඤ්ඤාති සුඤ්ඤථ විදූ - වණ්ණයන්තිධ සාසනෙ

සියලු ධර්මයෝ කෙටියෙන් තෙවදෑරුම්, දෙවදෑරුම් එසේම එක් වැදෑරුම් ලෙසින් ශූන්‍යයයි මෙ සස්නෙහි ශූන්‍යාර්ථ දත් ප්‍රාඥයෝ වණති.

කථං? සබ‍්බෙ තාව ලොකියා ධම‍්මා ධුවසුභසුඛඅත‍්තවිරහිතත‍්තා ධුවසුභසුඛඅත‍්තසුඤ‍්ඤා. මග‍්ගඵලධම‍්මා ධුවසුඛත‍්තවිරහිතත‍්තා ධුවසුඛත‍්තසුඤ‍්ඤා. අනිච‍්චත‍්තායෙව සුඛෙන සුඤ‍්ඤා. අනාසවත‍්තා න සුභෙන සුඤ‍්ඤා. නිබ‍්බානධම‍්මො අත‍්තස‍්සෙව අභාවතො අත‍්තසුඤ‍්ඤො. ලොකියලොකුත‍්තරා පන සබ‍්බෙපි සඞ‍්ඛතා ධම‍්මා සත‍්තස‍්ස කස‍්සචි අභාවතො සත‍්තසුඤ‍්ඤා. අසඞ‍්ඛතො නිබ‍්බානධම‍්මො තෙසං සඞ‍්ඛාරානම‍්පි අභාවතො සඞ‍්ඛාරසුඤ‍්ඤො. සඞ‍්ඛතාසඞ‍්ඛතා පන සබ‍්බෙපි ධම‍්මා අත‍්තසඞ‍්ඛාතස‍්ස පුග‍්ගලස‍්ස අභාවතො අත‍්තසුඤ‍්ඤාති.

කෙසේද? පළමුව සියලු ලෞකික ධර්ම, ස්ථිර, ශුභ, සුව, ආත්ම විරහිත හෙයින් ස්ථිර, සුභ, සුව, ආත්මයන්ගෙන් ශූන්‍යයයි, මාර්ගඵල ධර්ම ස්ථිර, සුව, ආත්ම විරහිත හෙයින් ස්ථිර, සුව, ආත්මයන්ගෙන් ශූන්‍යයි. අනිත්‍යය හෙයින් සුවයෙන් ශූන්‍යයි. අනාශ්‍රව හෙයින් සුභයෙන් අශූන්‍යයයි. නිර්වාණ ධර්මය ආත්මයාගේම අභාව හෙයින් ආත්ම ශූන්‍යයි. සියලුම ලෞකික ලෝකෝත්තර සංඛත ධර්ම කිසි සත්ත්වයෙකුගේ අභාව හෙයින් සත්ත්ව ශූන්‍යයි. අසංඛත නිර්වාණ ධර්මය එම සියලු සංස්කාරයන්ගේ අභාව හෙයින් සංස්කාර ශූන්‍යයි. සියලුම සංඛත අසංඛත ධර්ම ආත්ම සංඛ්‍යාත වූ පුද්ගලයාගේ අභාව හෙයින් ආත්ම ශූන්‍යයි.

සද‍්ධම‍්මප‍්පකාසිනියා පටිසම‍්භිදාමග‍්ගඅට‍්ඨකථාය

සද්ධර්මප්‍රකාශනී, ප්‍රතිසම්භිදා මාර්ග අට්ඨකථායෙහි

සුඤ‍්ඤකථාවණ‍්ණනා නිට‍්ඨිතා.

ශූන්‍යකථා වර්ණනාව නිමි.

යුගනද‍්ධවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

නිට‍්ඨිතා ච මජ‍්ඣිමවග‍්ගස‍්ස අපුබ‍්බත්‍ථානුවණ‍්ණනා.

මධ්‍යම වර්ගයෙහි පෙර නුවූවිරූ අර්ථ වර්ණනාවයි.