යෙදුමෙන් කියවන්න

මහාපඤ‍්ඤාකථාවණ‍්ණනා අට‍්ඨකථා

මහාපඤ‍්ඤාකථාවණ‍්ණනා

මහාපඤ්ඤාකථාවණ්ණනා

ඉදානි විසෙසතො පඤ‍්ඤාපදට‍්ඨානභූතාය සුඤ‍්ඤකථාය අනන‍්තරං කථිතාය පඤ‍්ඤාකථාය අපුබ‍්බත්‍ථානුවණ‍්ණනා. තත්‍ථ ආදිතො තාව සත‍්තසු අනුපස‍්සනාසු එකෙකමූලකා සත‍්ත පඤ‍්ඤා පුච‍්ඡාපුබ‍්බඞ‍්ගමං කත්‍වා නිද‍්දිට‍්ඨා, පුන සත‍්තානුපස‍්සනාමූලකා එකෙකුත‍්තරමූලකා ච තිස‍්සො පඤ‍්ඤා පුච‍්ඡං අකත්‍වාව නිද‍්දිට‍්ඨා, එවමාදිතො දසපඤ‍්ඤාපාරිපූරී නිද‍්දිට‍්ඨා. තත්‍ථ අනිච‍්චානුපස‍්සනා තාව යස‍්මා අනිච‍්චතො දිට‍්ඨෙසු සඞ‍්ඛාරෙසු “යදනිච‍්චං, තං දුක‍්ඛ”න‍්ති දුක‍්ඛතො ච “යං දුක‍්ඛං, තදනත‍්තා”ති අනත‍්තතො ච ජවති, තස‍්මා සා භාවිතා බහුලීකතා ජවනපඤ‍්ඤං පරිපූරෙති. සා හි සකවිසයෙසු ජවතීති ජවනා, ජවනා ච සා පඤ‍්ඤා චාති ජවනපඤ‍්ඤා. දුක‍්ඛානුපස‍්සනා සමාධින්‍ද්‍රියනිස‍්සිතත‍්තා බලවතී හුත්‍වා පණිධිං නිබ‍්බිජ‍්ඣති පදාලෙති, තස‍්මා නිබ‍්බෙධිකපඤ‍්ඤං පරිපූරෙති. සා හි නිබ‍්බිජ‍්ඣතීති නිබ‍්බෙධිකා, නිබ‍්බෙධිකා ච සා පඤ‍්ඤා චාති නිබ‍්බෙධිකපඤ‍්ඤා. අනත‍්තානුපස‍්සනා සුඤ‍්ඤතාදස‍්සනෙන වුද‍්ධිප‍්පත‍්තියා මහත‍්තප‍්පත‍්තත‍්තා මහාපඤ‍්ඤං පරිපූරෙති. සා හි වුද‍්ධිප‍්පත‍්තත‍්තා මහතී ච සා පඤ‍්ඤා චාති මහාපඤ‍්ඤා. නිබ‍්බිදානුපස‍්සනා යස‍්මා තිස‍්සන‍්නංයෙව අනුපස‍්සනානං පුරිමතොපි ආසෙවනාය බලප‍්පත‍්තාවත්‍ථත‍්තා සබ‍්බසඞ‍්ඛාරෙසු නිබ‍්බින්‍දනසමත්‍ථා හුත්‍වා තික‍්ඛා හොති, තස‍්මා තික‍්ඛපඤ‍්ඤං පරිපූරෙති. විරාගානුපස‍්සනාපි යස‍්මා තිස‍්සන‍්නංයෙව අනුපස‍්සනානං පුරිමතොපි ආසෙවනාබලප‍්පත‍්තානං වුද‍්ධතරාවත්‍ථත‍්තා සබ‍්බසඞ‍්ඛාරෙහි විරජ‍්ජනසමත්‍ථා හුත්‍වා විපුලා හොති, තස‍්මා විපුලපඤ‍්ඤං පරිපූරෙති.

දැන් විශේෂයෙන් ප්‍රඥාවට ආසන්න කාරණය වූ ශූන්‍ය කථාවට අනතුරුව දේශිත ප්‍රඥාකථායෙහි පෙර නුවූ විරූ අර්ථ අනුවර්ණනාවයි. එහි මුලදීම සත් අනුපස්සනාවන්හි එකිනෙක මූලික සත් ප්‍රඥා විචාරීම් පූර්වංගම කොට නිර්දිෂ්ටය. නැවත සත් අනුපස්සනා මූලික එකෝත්තර මූලික. ත්‍රිවිධ ප්‍රඥා විචාරීම් රහිතව නිර්දිෂ්ටය. මෙසේ මුලින්ම දශ ප්‍රඥා පරිපූර්ණත්වය නිර්දිෂ්ටය. එහි අනිච්චානුපස්සනා යනු අනිත්‍යය දිටි සංස්කාරයන්හි ‘යමක් අනිත්‍යයද එය දුකයැයි’ දුක් වශයෙන්ද, ‘යමක් දුක්ද එය අනාත්මයැයි’ද අනාත්ම වශයෙන්ද දුවයි. එහෙයින් එය භාවිතා බහුලීකතා ජවන පඤ්ඤං පරිපූරෙති. එය තම විෂයයන්හි දුවයිනුයි ජවනයි. ජවනයද ප්‍රඥාවද එයම වූයේනුයි ජවන පඤ්ඤායි. දුක්ඛානුපස්සනා දුක්ඛානුපස්සනාව සමාධීන්‍ද්‍රිය නිශ්‍රිත හෙයින් බලවත්ව ප්‍රණිධිය පසාකරගෙන යයි පළයි. එහෙයින් නිබ්බෙධික පඤ්ඤං පරිපූරෙති. එය විනිවිද යේනුයි නිබ්බෙධිකායි. නිර්වේදයද ප්‍රඥාවද එයමනුයි නිබ්බෙධික පඤ්ඤායි. අනත්තානුපස්සනා අනාත්මානුදර්ශනය ශූන්‍යතා දර්ශනයෙන් වෘද්ධිප්‍රාප්තියෙන් මහත්භාවයට පත්හෙයින් මහා ප්‍රඥාව පරිපූරණය කරයි. මහාපඤ්ඤං පරිපූරෙති එය අභිවෘද්ධිප්‍රාප්ත හෙයින්, මහත් වූයේද ප්‍රඥාව වූයේද එයමනුයි මහා පඤ්ඤායි. නිබ්බිදානුපස්සනා. ත්‍රිවිධ අනුපස්සනාවන්ගේම, ප්‍රථමයෙන් කරන ලද ආසේවනයෙන් බලප්‍රාප්ත වස්තු හෙයින් සියලු සංස්කාරයන්හි කළකිරීමට සමර්ථව තීක්‍ෂණ වේ. එහෙයින් තික්ඛ පඤ්ඤං පරිපූරෙති. විරාගානුපස්සනාපි. ත්‍රිවිධ අනුපස්සනාවන්ගේම, ප්‍රථමයෙන්ද, ආසෙවන බලප්‍රාප්ත වෘද්ධතර අවස්ථා හෙයින් සියලු සංස්කාරයන්ගේ නොඇල්මෙහි සමර්ථව මහත් වේ. එහෙයින් විපුල පඤ්ඤං පරිපූරෙති.

නිරොධානුපස‍්සනාපි යස‍්මා තිස‍්සන‍්නංයෙව අනුපස‍්සනානං පුරිමතොපි ආසෙවනාබලප‍්පත‍්තානං වුද‍්ධතරාවත්‍ථත‍්තා වයලක‍්ඛණවසෙන සබ‍්බසඞ‍්ඛාරානං නිරොධදස‍්සනසමත්‍ථා හුත්‍වා ගම‍්භීරා හොති, තස‍්මා ගම‍්භීරපඤ‍්ඤං පරිපූරෙති. නිරොධො හි උත‍්තානපඤ‍්ඤෙහි අලබ‍්භනෙය්‍යපතිට‍්ඨත‍්තා ගම‍්භීරො, තස‍්මිං ගම‍්භීරෙ ගාධප‍්පත‍්තා පඤ‍්ඤාපි ගම‍්භීරා. පටිනිස‍්සග‍්ගානුපස‍්සනාපි යස‍්මා තිස‍්සන‍්නංයෙව අනුපස‍්සනානං පුරිමතොපි ආසෙවනාබලප‍්පත‍්තානං වුද‍්ධතරාවත්‍ථත‍්තා වයලක‍්ඛණවසෙන සබ‍්බසඞ‍්ඛාරපටිනිස‍්සජ‍්ජනසමත්‍ථා හුත්‍වා අසාමන‍්තා හොති, වුද‍්ධිපරියන‍්තප‍්පත‍්තත‍්තා ඡහි පඤ‍්ඤාහි දූරෙ හොතීති අත්‍ථො. තස‍්මා සයං අසාමන‍්තත‍්තා අසාමන‍්තපඤ‍්ඤං පරිපූරෙති. සා හි හෙට‍්ඨිමපඤ‍්ඤාහි දූරත‍්තා අසාමන‍්තා, අසමීපා වා පඤ‍්ඤාති අසාමන‍්තපඤ‍්ඤා. පණ‍්ඩිච‍්චං පරිපූරෙන‍්තීති පණ‍්ඩිතභාවං පරිපූරෙන‍්ති. යස‍්මා යථාවුත‍්තා සත‍්ත පඤ‍්ඤා පරිපුණ‍්ණා භාවෙත්‍වා පණ‍්ඩිතලක‍්ඛණප‍්පත‍්තො සිඛප‍්පත‍්තවුට‍්ඨානගාමිනිවිපස‍්සනාසඞ‍්ඛාතෙහි සඞ‍්ඛාරුපෙක‍්ඛානුලොමගොත්‍රභුඤාණෙහි පණ‍්ඩිතො හුත්‍වා පණ‍්ඩිච‍්චෙන සමන‍්නාගතො හොති, තස‍්මා “පණ‍්ඩිච‍්චං පරිපූරෙන‍්තී”ති වුත‍්තං.

නිරොධානුපස්සනාපි ත්‍රිවිධ අනුපස්සනාවන්ගේම ප්‍රථමයෙන්ද, ආසෙවන බලප්‍රාප්ත වෘද්ධතර අවස්ථා හෙයින් ව්‍යය ලක්‍ෂණ වශයෙන් සියලු සංස්කාරයන්ගේ නිරෝධ දර්ශනයෙහි සමර්ථව ගැඹුරු වේ. එහෙයින් ගම්භීර පඤ්ඤං පරිපූරෙති. නිරෝධය නොගැඹුරු ප්‍රාඥයින් විසින් නොලැබිය හැකි පිහිටීම හෙයින් ගැඹුරුයි. එම ගැඹුරෙහි පතුලටම පත්හෙයින් ප්‍රඥාව ගම්භීරය. පටිනිස්සග්ගානුපස්සනාපි ත්‍රිවිධ අනුපස්සනාවන්ගේම, ප්‍රථමයෙන්ද ආසේවන බලප්‍රාප්තියෙන්, වෘද්ධතර අවස්ථා හෙයින්, ව්‍යය ලක්‍ෂණ වශයෙන් සියලු සංස්කාර අත්හැරීමට සමර්ථව නොළං වේ. බුද්ධිය වනාහි පර්යන්ත ප්‍රාන්ත වූයේ ෂට් ප්‍රඥාවන්ගෙන් දුරවේයයි අර්ථයි. එහෙයින් තෙමේ නොළං හෙයින් අසාමන්ත පඤ්ඤං පරිපූරෙති. එය යට යට ප්‍රඥාවන්ගෙන් දුර හෙයින්, නොළං වූ සමීප නොවූ ප්‍රඥාවනුයි අසාමන්ත ප්‍රඥායි. පණ්ඩිච්චං පරිපූරෙන්ති යනු පණ්ඩිතභාවය සම්පූර්ණ කරති. කියන ලද ආකාර සත්ප්‍රඥා පරිපූර්ණත්වයෙන් වඩා, පණ්ඩිත ස්වභාවය පත්වූයේ මස්තකප්‍රාප්ත වුට්ඨානගාමිනී විදර්ශනා සංඛ්‍යාත, සංස්කාරෝපේක්‍ෂා අනුලෝම, ගෝත්‍රභූ ඤාණයන්ගෙන් පණ්ඩිත භාවයට පත්ව, පාණ්ඩිත්‍යයෙන් යුක්ත වූයේ වේ. එහෙයින් පාණ්ඩිත්‍යය සම්පූර්ණ කෙරෙත් යයි යූ.සේයි.

අට‍්ඨ පඤ‍්ඤාති පණ‍්ඩිච‍්චසඞ‍්ඛාතාය පඤ‍්ඤාය සහ සබ‍්බා අට‍්ඨ පඤ‍්ඤා. පුථුපඤ‍්ඤං පරිපූරෙන‍්තීති යස‍්මා තෙන පණ‍්ඩිච‍්චෙන සමන‍්නාගතො හුත්‍වා සො පණ‍්ඩිතො ගොත්‍රභුඤාණානන‍්තරං නිබ‍්බානං ආරම‍්මණං කත්‍වා ලොකුත‍්තරභාවප‍්පත‍්තියා ලොකියතො පුථුභූතත‍්තා විසුංභූතත‍්තා පුථුපඤ‍්ඤාතිසඞ‍්ඛාතං මග‍්ගඵලපඤ‍්ඤං පාපුණාති, තස‍්මා “අට‍්ඨ පඤ‍්ඤා පුථුපඤ‍්ඤං පරිපූරෙන‍්තී”ති වුත‍්තං.

අට්ඨපඤ්ඤා යනු පාණ්ඩිත්‍ය සංඛ්‍යාත ප්‍රඥාවෙන් සහ සියලු අෂ්ට ප්‍රඥාවෝ, පුථුපඤ්ඤං පරිපූරෙන්ති යනු එම පාණ්ඩිත්‍යයෙන් යුක්තව ඒ පණ්ඩිතයා ගෝත්‍රභූ ඤාණයට අනතුරුව අනතුරුව නිර්වාණය අරමුණුකොට, ලෝකෝත්තර භවප්‍රාප්තිය සඳහා ලෞකිකත්වයෙන් පැතිර සිටි හෙයින්, වෙන්වූ හෙයින්, පුථුපඤ්ඤා යැයි සංඛ්‍යාත මාර්ගඵල ප්‍රඥාවට පැමිණේ. එහෙයින් ‘අට්ඨපඤ්ඤා පුථු පඤ්ඤං පරිපූරෙන්ති’ යයි යූසේයි.

ඉමා නව පඤ‍්ඤාතිආදීසු තස‍්සෙව කමෙන අධිගතමග‍්ගඵලස‍්ස අරියපුග‍්ගලස‍්ස පණීතලොකුත‍්තරධම‍්මොපයොගෙන පණීතචිත‍්තසන‍්තානත‍්තා පහට‍්ඨාකාරෙනෙව ච පවත‍්තමානචිත‍්තසන‍්තානස‍්ස ඵලානන‍්තරං ඔතිණ‍්ණභවඞ‍්ගතො වුට‍්ඨිතස‍්ස මග‍්ගපච‍්චවෙක‍්ඛණා, තතො ච භවඞ‍්ගං ඔතරිත්‍වා වුට‍්ඨිතස‍්ස ඵලපච‍්චවෙක‍්ඛණා, ඉමිනාව නයෙන පහීනකිලෙසපච‍්චවෙක‍්ඛණා, අවසිට‍්ඨකිලෙසපච‍්චවෙක‍්ඛණා, නිබ‍්බානපච‍්චවෙක‍්ඛණාති පඤ‍්ච පච‍්චවෙක‍්ඛණා පවත‍්තන‍්ති. තාසු පච‍්චවෙක‍්ඛණාසු මග‍්ගපච‍්චවෙක‍්ඛණා ඵලපච‍්චවෙක‍්ඛණා ච පටිභානපටිසම‍්භිදා හොති. කථං? “යංකිඤ‍්චි පච‍්චයසම‍්භූතං නිබ‍්බානං භාසිතත්‍ථො විපාකො කිරියාති ඉමෙ පඤ‍්ච ධම‍්මා අත්‍ථො”ති අභිධම‍්මෙ පාළිං අනුගන‍්ත්‍වා තදට‍්ඨකථායං වුත‍්තං. නිබ‍්බානස‍්ස ච අත්‍ථත‍්තා තදාරම‍්මණං මග‍්ගඵලඤාණං “අත්‍ථෙසු ඤාණං අත්‍ථපටිසම‍්භිදා”ති (විභ· 718; පටි· ම· 1.110) වචනතො අත්‍ථපටිසම‍්භිදා හොති. තස‍්ස අත්‍ථපටිසම‍්භිදාභූතස‍්ස මග‍්ගඵලඤාණස‍්ස පච‍්චවෙක‍්ඛණඤාණං “ඤාණෙසු ඤාණං පටිභානපටිසම‍්භිදා”ති වචනතො පටිභානපටිසම‍්භිදා හොති. සා ච පච‍්චවෙක‍්ඛණපඤ‍්ඤා හාසාකාරෙන පවත‍්තමානචිත‍්තසන‍්තානස‍්ස හාසපඤ‍්ඤා නාම හොති. තස‍්මා නව පඤ‍්ඤා හාසපඤ‍්ඤං පරිපූරෙන‍්තීති ච හාසපඤ‍්ඤා පටිභානපටිසම‍්භිදාති ච වුත‍්තං. සබ‍්බප‍්පකාරාපි පඤ‍්ඤා තස‍්ස තස‍්ස අත්‍ථස‍්ස පාකටකරණසඞ‍්ඛාතෙන පඤ‍්ඤාපනට‍්ඨෙන පඤ‍්ඤා, තෙන තෙන වා පකාරෙන ධම‍්මෙ ජානාතීති පඤ‍්ඤා.

ඉමා නව පඤ්ඤා යනාදීන්හි, අවබෝධ කළ මාර්ගඵල සහිත එම ආර්ය පුද්ගලයාටම ක්‍රමයෙන් ප්‍රණීත ලෝකෝත්තර ධර්ම යෙදීමෙන්, ප්‍රණීත සිත් සතන් හෙයින්, ඉතා සතුටු ආකාරයෙන්ම, පවත්නා චිත්ත සන්තානයාගේ ඵලානන්තරව බැසගත් භවංගයෙන් නැගිටියහුගේ මාර්ග ප්‍රත්‍යවේක්‍ෂණය, ඉක්බිති භවංගයට බැස නැගිටියහුගේ ඵල ප්‍රත්‍යවේක්‍ෂණය යන ක්‍රමයෙන් ප්‍රහීණ කෙලෙස් ප්‍රත්‍යවේක්‍ෂණය ඉතිරි කෙලෙස් ප්‍රත්‍යවේක්‍ෂණය නිර්වාණ ප්‍රත්‍යවේක්‍ෂණය පවතී. එම ප්‍රත්‍යවේක්‍ෂණයන්හි මාර්ග ප්‍රත්‍යවේක්‍ෂණයද, ඵල ප්‍රත්‍යවේක්‍ෂණයද ප්‍රතිභාන ප්‍රතිසම්භිදාවයි. කෙසේද? යම්කිසි ප්‍රත්‍යයෙන් හටගත් දැයක් වේද එයද, නිර්වාණයද, භාෂිතාර්ථයද, විපාකයද, ක්‍රියාවද යන මෙම පඤ්ච ධර්ම අර්ථය යැයි අභිධර්ම පෙළ අනුව ගොස් ලියා ඇති එම අට්ඨකථායෙහි යූ.සේයි. නිර්වාණයාගේද අර්ථතාවය හෙයින්, තදාරම්මණා මාර්ගඵල ඤාණය ‘අත්‍ථෙසු ඤාණං අත්‍ථ පටිසම්භිදා’ යන වචනයෙන් අර්ථ ප්‍රතිසම්භිදාව වේ. එම අර්ථ ප්‍රතිසම්භිදාව වූ, මාර්ගඵල ඤාණයාගේ ප්‍රත්‍යවේක්‍ෂා ඤාණය ‘ඤාණෙසු ඤාණං පටිභාන පටිසම්භිදා’ යන වචනයෙන් ප්‍රතිභාන ප්‍රතිසම්භිදාව වේ. එම ප්‍රත්‍යවේක්‍ෂා ප්‍රඥාව භාස්‍යාකාරයෙන් පවත්නා වූ චිත්ත සන්තානයාගේ වශයෙන් භාසපඤ්ඤා නමැ. එහෙයින් නව පඤ්ඤා - භාසපඤ්ඤං පරිපූරෙන්තිච - භාසපඤ්ඤා පටිභාන පටිසම්භිදායි යූසේයි. සියලු ආකාර වූම ප්‍රඥාව ඒ ඒ අර්ථයෙහි ප්‍රකට කිරීම සංඛ්‍යාත පැනවීම් අර්ථයෙන් ප්‍රඥායි. ඒ ඒ ප්‍රකාරයේ ධර්මයන් දනීනුයි ප්‍රඥායි.

තස‍්සාති තස‍්ස වුත‍්තප‍්පකාරස‍්ස අරියපුග‍්ගලස‍්ස. කරණත්‍ථෙ සාමිවචනං. අත්‍ථවවත්‍ථානතොති යථාවුත‍්තස‍්ස පඤ‍්චවිධස‍්ස අත්‍ථස‍්ස වවත්‍ථාපනවසෙන. වුත‍්තම‍්පි චෙතං සමණකරණීයකථායං “හෙතුඵලං නිබ‍්බානං වචනත්‍ථො අථ විපාකං කිරියාති අත්‍ථෙ පඤ‍්ච පභෙදෙ පඨමන‍්තපභෙදගතං ඤාණ”න‍්ති. අධිගතා හොතීති පටිලද‍්ධා හොති. සායෙව පටිලාභසච‍්ඡිකිරියාය සච‍්ඡිකතා. පටිලාභඵස‍්සෙනෙව ඵස‍්සිතා පඤ‍්ඤාය. ධම‍්මවවත්‍ථානතොති “යො කොචි ඵලනිබ‍්බත‍්තකො හෙතු අරියමග‍්ගො භාසිතං කුසලං අකුසලන‍්ති ඉමෙ පඤ‍්ච ධම‍්මා ධම‍්මො”ති අභිධම‍්මෙ පාළියානුසාරෙන වුත‍්තානං පඤ‍්චන‍්නං ධම‍්මානං වවත්‍ථාපනවසෙන. වුත‍්තම‍්පි චෙතං සමණකරණීයකථායං “හෙතු අරියමග‍්ගො වචනං කුසලඤ‍්ච අකුසලඤ‍්චාති ධම‍්මෙ පඤ‍්ච පභෙදෙ දුතියන‍්තපභෙදගතං ඤාණ”න‍්ති. නිරුත‍්තිවවත්‍ථානතොති තෙසං තෙසං අත්‍ථධම‍්මානං අනුරූපනිරුත‍්තීනං වවත්‍ථාපනවසෙන. පටිභානවවත්‍ථානතොති පටිභානසඞ‍්ඛාතානං තිණ‍්ණං පටිසම‍්භිදාඤාණානං වවත්‍ථාපනවසෙන. තස‍්සිමාති නිගමනවචනමෙතං.

තස්ස යනු ඒ කියන ලද ආකාර ඇති ආර්ය පුද්ගලයා විසින්, කරණාර්ථයෙහි ෂෂ්ඨි වචනයි. අත්‍ථ වවත්‍ථාන තො යනු කියන ලද ආකාර ඇති පස්වැදෑරුම් අර්ථයෙහි නිශ්චය කිරීම් වශයෙන්, එය ශ්‍රමණ කරණීය කථායෙහි කියන ලද්දේමය. හේතුඵලය, නිර්වාණය යන වචනාර්ථයි. නොහොත් මුහුකුරා ගිය ක්‍රියාවය යන අර්ථයෙහි පඤ්ච ප්‍රභේද ප්‍රථමාන්ත ප්‍රභේදගත ඤාණයයි. අධිගතා හොති යනු ලබන ලද්දේ වේ. එයම ප්‍රතිලාභ සාක්‍ෂාත් කිරීමෙන් සච්ඡිකතායි. ප්‍රතිලාභ ස්පර්ශයෙන්ම ඵස්සිතා පඤ්ඤාය, ධම්ම විවත්‍ථානතො යනු යම්කිසි ඵල නිපදවන හේතුවක් වේද එයද, ආර්ය මාර්ගයද, භාසිතයද කුසලයද, අකුසලයද යන මෙම පඤ්ච ධර්ම ධර්මය යැයි අභිධර්ම පෙළ අනුසාරයෙන් කියන ලද පංච ධර්මයන්ගේ නිශ්චය කිරීම් වශයෙන්, එය ශ්‍රමණ කරණීය කථායෙහි හේතුව, ආර්ය මාර්ගය, වචනය, කුසලය, අකුසලය යන පස් ආකාර වූ ධර්ම ද්විතීයාන්ත ප්‍රභේදගත ඤාණයයි කියන ලද්දේය. තිරුත්ති වවත්‍ථාපනතො යනු එම අර්ථ ධර්මයන්ට සුදුසු නිරුක්තීන්ගේ නිශ්චය කිරීම් වශයෙන්, පටිභාන වවත්‍ථානතො යනු ප්‍රතිභාන සංඛ්‍යාත ත්‍රිවිධ ප්‍රතිසම්භිදා ඤාණයන්ගේ නිශ්චය කිරීම් වශයෙන්, තස්සිමා යනු එය නිගමන වචනයයි.

එවං සබ‍්බසඞ‍්ගාහකවසෙන අනුපස‍්සනානං විසෙසං දස‍්සෙත්‍වා ඉදානි වත්‍ථුභෙදවසෙන දස‍්සෙන‍්තො රූපෙ අනිච‍්චානුපස‍්සනාතිආදිමාහ. තං හෙට‍්ඨා වුත‍්තත්‍ථමෙව. පුන රූපාදීසුයෙව අතීතානාගතපච‍්චුප‍්පන‍්නවසෙන ජවනපඤ‍්ඤං දස‍්සෙතුකාමො කෙවලං රූපාදිවසෙන ච අතීතානාගතපච‍්චුප‍්පන‍්නරූපාදිවසෙන ච පුච‍්ඡං කත්‍වා පුච‍්ඡාකමෙනෙව විස‍්සජ‍්ජනං අකාසි. තත්‍ථ සුද‍්ධරූපාදිවිස‍්සජ‍්ජනෙසු පඨමං නිද‍්දිට‍්ඨා එව පඤ‍්ඤා අතීතානාගතපච‍්චුප‍්පන‍්නමූලකෙසු සබ‍්බවිස‍්සජ‍්ජනෙසු තෙසු අතීතාදීසු ජවනවසෙන ජවනපඤ‍්ඤාති නිද‍්දිට‍්ඨා.

මෙසේ සර්ව සංග්‍රාහක වශයෙන් අනුපස්සනාවන්ගේ විශේෂතා දක්වා, දැන් වස්තුභේද වශයෙන් දක්වනුයේ රූපෙ අනිච්චානු පස්සනා යනාදිය වදාළහ. එය යට කියන ලද අර්ථමය. නැවත රූපාදීන්හිම අතීත, අනාගත, වර්තමාන වශයෙන් ජවන ප්‍රඥාව දක්වනු කැමැතියේ, තනි රූපාදී වශයෙන්ද අතීත, අනාගත, වර්තමාන රූපාදී වශයෙන්ද, විමසීම්කොට විමසනු කැමැත්තෙන්ම විසඳුම කළේය. එහි තනි රූපාදී විසඳුම්හි පළමුව ප්‍රඥාවම නිර්දිෂ්ටය. අතීත, අනාගත, වර්තමාන මූලක ඒ සියලු විසඳුම්හි, අතීතාදී ජවන වශයෙන් ජවන ප්‍රඥායි නිර්දිෂ්ටය.

පුන අනෙකසුත‍්තන‍්තපුබ‍්බඞ‍්ගමං පඤ‍්ඤාපභෙදං දස‍්සෙතුකාමො පඨමං තාව සුත‍්තන‍්තෙ උද‍්දිසි. තත්‍ථ සප‍්පුරිසසංසෙවොති හෙට‍්ඨා වුත‍්තප‍්පකාරානං සප‍්පුරිසානං භජනං. සද‍්ධම‍්මස‍්සවනන‍්ති තෙසං සප‍්පුරිසානං සන‍්තිකෙ සීලාදිපටිපත‍්තිදීපකස‍්ස සද‍්ධම‍්මවචනස‍්ස සවනං. යොනිසොමනසිකාරොති සුතානං ධම‍්මානං අත්‍ථූපපරික‍්ඛණවසෙන උපායෙන මනසිකාරො. ධම‍්මානුධම‍්මපටිපත‍්තීති ලොකුත‍්තරධම‍්මෙ අනුගතස‍්ස සීලාදිපටිපදාධම‍්මස‍්ස පටිපජ‍්ජනං. පඤ‍්ඤාපටිලාභාය පඤ‍්ඤාවුද‍්ධියා පඤ‍්ඤාවෙපුල‍්ලාය පඤ‍්ඤාබාහුල‍්ලායාති ඉමානි චත‍්තාරි පඤ‍්ඤාවසෙන භාවවචනානි. සෙසානි ද‍්වාදස පුග‍්ගලවසෙන භාවවචනානි.

නැවත නොයෙක් සූත්‍රාන්ත පූර්වංගම ප්‍රඥා ප්‍රභේදය ගෙනහැර දක්වනු කැමැතියේ ප්‍රථමයෙන් සූත්‍රාන්තයන්ගෙන් ගෙනහැර දැක්වීය. එහි සප්පුරිස සංසෙවො යනු යට කියන ලද ආකාර ඇති සත්පුරුෂයන්ගේ ආශ්‍රයයි. සද්ධම්ම සවණං යනු එම සත්පුරුෂයින්ගේ සමීපයෙහි ශීලාදී ප්‍රතිපත්ති දක්වන සදහම් වචන ශ්‍රවණයයි. යොනිසොමනසිකාරො යනු අසන ලද ධර්මයන්ගේ අර්ථ විමසීම් වශයෙන් පිළිවෙලින් මෙනෙහි කිරීමයි. ධම්මානුධම්ම පටිපත්ති යනු ලෝකෝත්තර ධර්ම අනුගත ශීලාදී ප්‍රතිපදා ධර්මයෙහි පිළිපැදීමයි. පඤ්ඤාය පටිලාභාය, පඤ්ඤාවුද්ධියා, පඤ්ඤා වෙපුල්ලාය, පඤ්ඤා බාහුල්ලාය යන මෙම සතර ප්‍රඥා වශයෙන් භාව වචනයන්ද සෙසු දොළොස පුද්ගල වශයෙන් භාවවචන වේ.