යෙදුමෙන් කියවන්න

සොළසපඤ‍්ඤානිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

සොළසපඤ‍්ඤානිද‍්දෙසවණ‍්ණනා

සොළසපඤ්ඤානිද්දෙසවණ්ණනා

සුත‍්තන‍්තනිද‍්දෙසෙ ඡන‍්නං අභිඤ‍්ඤාඤාණානන‍්ති ඉද‍්ධිවිධදිබ‍්බසොතචෙතොපරියපුබ‍්බෙනිවාසදිබ‍්බචක‍්ඛුආසවානං ඛයඤාණානං. තෙසත‍්තතීනං ඤාණානන‍්ති ඤාණකථාය නිද‍්දිට‍්ඨානං සාවකසාධාරණානං ඤාණානං. සත‍්තසත‍්තතීනං ඤාණානන‍්ති එත්‍ථ –

සූත්‍රාන්ත නිර්දේශයෙහි, ඡන්නං අභිඤ්ඤා ඤාණානං යනු ඉද්ධිවිධ, දිව්‍යස්‍රොත, චෙතොපරිය, පූර්වෙනිවාස, දිව්‍යචක්‍ෂු, ආශ්‍රවක්‍ෂයකර ඤාණය යන සයයි. තෙ සත්තතීනං ඤාණානං යනු ඤාණ කථායෙහි නිර්දිෂ්ට ශ්‍රාවක සාධාරණ ඤාණයන්ගේ, සත්ත සත්තතීනං ඤාණානං යන මෙහි;

“සත‍්තසත‍්තරි වො, භික‍්ඛවෙ, ඤාණවත්‍ථූනි දෙසෙස‍්සාමි, තං සුණාථ සාධුකං මනසි කරොථ, භාසිස‍්සාමීති. කතමානි, භික‍්ඛවෙ, සත‍්තසත‍්තරි ඤාණවත්‍ථූනි? ජාතිපච‍්චයා ජරාමරණන‍්ති ඤාණං, අසති ජාතියා නත්‍ථි ජරාමරණන‍්ති ඤාණං. අතීතම‍්පි අද‍්ධානං ජාතිපච‍්චයා ජරාමරණන‍්ති ඤාණං, අසති ජාතියා නත්‍ථි ජරාමරණන‍්ති ඤාණං, අනාගතම‍්පි අද‍්ධානං ජාතිපච‍්චයා ජරාමරණන‍්ති ඤාණං, අසති ජාතියා නත්‍ථි ජරාමරණන‍්ති ඤාණං. යම‍්පිස‍්ස තං ධම‍්මට‍්ඨිතිඤාණං, තම‍්පි ඛයධම‍්මං වයධම‍්මං විරාගධම‍්මං නිරොධධම‍්මන‍්ති ඤාණං. භවපච‍්චයා ජාතීති ඤාණං…පෙ… උපාදානපච‍්චයා භවොති ඤාණං… තණ‍්හාපච‍්චයා උපාදානන‍්ති ඤාණං… වෙදනාපච‍්චයා තණ‍්හාති ඤාණං… ඵස‍්සපච‍්චයා වෙදනාති ඤාණං… සළායතනපච‍්චයා ඵස‍්සොති ඤාණං… නාමරූපපච‍්චයා සළායතනන‍්ති ඤාණං… විඤ‍්ඤාණපච‍්චයා නාමරූපන‍්ති ඤාණං… සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණන‍්ති ඤාණං… අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරාති ඤාණං, අසති අවිජ‍්ජාය නත්‍ථි සඞ‍්ඛාරාති ඤාණං. අතීතම‍්පි අද‍්ධානං අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරාති ඤාණං, අසති අවිජ‍්ජාය නත්‍ථි සඞ‍්ඛාරාති ඤාණං, අනාගතම‍්පි අද‍්ධානං අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරාති ඤාණං, අසති අවිජ‍්ජාය නත්‍ථි සඞ‍්ඛාරාති ඤාණං. යම‍්පිස‍්ස තං ධම‍්මට‍්ඨිතිඤාණං, තම‍්පි ඛයධම‍්මං වයධම‍්මං විරාගධම‍්මං නිරොධධම‍්මන‍්ති ඤාණං. ඉමානි වුච‍්චන‍්ති, භික‍්ඛවෙ, සත‍්තසත‍්තරි ඤාණවත්‍ථූනී”ති (සං· නි· 2.34) –

‘මහණෙනි, නුඹලාට සත් සැත්තෑ ඤාණ වස්තූන් දේශනා කරන්නෙමි. එය ශ්‍රවණය කරවු. මෙනෙහි කරවු. දේශනා කරන්නෙමි. මහණෙනි, සත් සැත්තෑ ඤාණ වස්තූහු කවරහුද? ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වේ යනු ඤාණයකි. ජාතිය (ඉපැත්ම) නොමැති කල්හි ජරාමරණ නැත යනු ඤාණයකි. අතීත වූද, සංසාර දීර්ඝ ගමන් මාර්ගයෙහිද ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ යූසේය යනු ඤාණයකි. ජාතිය නොමැති කල්හි ජරාමරණ නොවේ යනු ඤාණයකි. අනාගත සංසාර දීර්ඝ ගමන් මාර්ගයෙහිද ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ වන්නේය යනු ඤාණයකි. යම් ආකාර වූ ධර්ම ස්ථිති ඤාණයක් වේද, එයද ක්‍ෂය ධර්මයකි. ව්‍යය ධර්මයකි. විරාග ධර්මයකි. නිරෝධ ධර්මයකි යනු ඤාණයකි. භව ප්‍රත්‍යයෙන් ඉපැත්ම වේ යනු ඤාණයකි. උපාදාන ප්‍රත්‍යයෙන් භවය වේ යනු ඤාණයකි. තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදාන වේ යනු ඤාණයකි. වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වේ යනු ඤාණයකි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වේ යනු ඤාණයකි. ෂඩායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය වේ යනු ඤාණයකි. නාමරූප ප්‍රත්‍යයෙන් ෂඩායතන වේ යනු ඤාණයකි. විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප වේ යනු ඤාණයකි. සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය වේ යනු ඤාණයකි. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වේ යනු ඤාණයකි. අවිද්‍යාව නොමැති කල්හි සංස්කාර නැත යනු ඤාණයකි. අතීත වූද සංසාර දීර්ඝ ගමන් මාර්ගයෙහිද අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වූයේය යනු ඤාණයකි. අවිද්‍යාව නොමැති කල්හි සංස්කාර නොමැත යනු ඤාණයකි. අනාගත සංසාර දීර්ඝ ගමන් මාර්ගයෙහිද අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වන්නේය යනු ඤාණයකි. අවිද්‍යාව නොමැති කල්හි සංස්කාර නොවන්නේය යනු ඤාණයකි. යම් ධර්මස්ථිති ඤාණයක් වන්නේද එයද ක්‍ෂය ධර්මයකි. ව්‍යය ධර්මයකි. විරාග ධර්මයකි. නිරෝධ ධර්මයකි යනු ඤාණයකි. මහණෙනි, මේවා සත් සැත්තෑ ඤාණ වස්තු යැයි කියනු ලැබේ.

එවං භගවතා නිදානවග‍්ගෙ වුත‍්තානි සත‍්තසත‍්තති ඤාණානි. “ජරාමරණෙ ඤාණං, ජරාමරණසමුදයෙ ඤාණං, ජරාමරණනිරොධෙ ඤාණං, ජරාමරණනිරොධගාමිනියා පටිපදාය ඤාණ”න‍්ති (සං· නි· 2.33) ඉමිනා නයෙන එකාදසසු අඞ‍්ගෙසු චත‍්තාරි චත‍්තාරි කත්‍වා වුත‍්තානි චතුචත‍්තාරීස ඤාණවත්‍ථූනි පන ඉධ න ගහිතානි. උභයත්‍ථ ච ඤාණානියෙව හිතසුඛස‍්ස වත්‍ථූනීති ඤාණවත්‍ථූනි. ලාභොතිආදීසු ලාභොයෙව උපසග‍්ගෙන විසෙසෙත්‍වා පටිලාභොති වුත‍්තො. පුන තස‍්සෙව අත්‍ථවිවරණවසෙන පත‍්ති සම‍්පත‍්තීති වුත‍්තං. ඵස‍්සනාති අධිගමවසෙන ඵුසනා. සච‍්ඡිකිරියාති පටිලාභසච‍්ඡිකිරියා. උපසම‍්පදාති නිප‍්ඵාදනා.

භාග්‍යවතුන් වහන්සේ විසින් නිදාන වර්ගයෙහි දේශිත සත් සැත්තෑ ඤාණ මෙසේය. ජරාමරණයෙහි ඤාණය, ජරාමරණ සමුදයෙහි ඤාණය, ජරාමරණ නිරෝධයෙහි ඤාණය, ජරාමරණ නිරෝධගාමිනී ප්‍රතිපදා ඤාණය යැයි, මෙම ක්‍රමයෙන් එකොළොස් අංගයන්හි සතර සතර බැගින් කොට කියන ලද, සිව්සාළිස් ඤාණ වස්තූහු මෙහි නොගන්නා ලදහ. දෙවැදෑරුම් ඤාණයෝම හිතසුවයට හේතුවූවෝනුයි ඤාණ වස්තූහුය. ලාභො යනාදීන්හි ලාභයම උපසර්ගයෙන් වෙසෙසා පටිලාභොයි යූසේයි. නැවත එහිම අර්ථ විවරණ වශයෙන් පත්ති සම්පත්තියි යූසේයි. ඵුසනා යනු අවබෝධ කිරීම් වශයෙන් ස්පර්ශ කිරීමයි. සච්ඡිකිරියා යනු ප්‍රතිලාභ වශයෙන් සාක්‍ෂාත් කිරීමයි. උපසම්පදා යනු නිෂ්පාදනයයි.

සත‍්තන‍්නඤ‍්ච සෙක‍්ඛානන‍්ති තිස‍්සො සික‍්ඛා සික‍්ඛන‍්තීති සෙක‍්ඛසඤ‍්ඤිතානං සොතාපත‍්තිමග‍්ගට‍්ඨාදීනං සත‍්තන‍්නං. පුථුජ‍්ජනකල්‍යාණකස‍්ස චාති නිබ‍්බානගාමිනියා පටිපදාය යුත‍්තත‍්තා සුන්‍දරට‍්ඨෙන කල්‍යාණසඤ‍්ඤිතස‍්ස පුථුජ‍්ජනස‍්ස. වඩ‍්ඪිතං වඩ‍්ඪනං එතායාති වඩ‍්ඪිතවඩ‍්ඪනා. යථාවුත‍්තානං අට‍්ඨන‍්නම‍්පි පඤ‍්ඤානං වසෙන විසෙසතො ච අරහතො පඤ‍්ඤාවසෙන පඤ‍්ඤාවුද‍්ධියා. තථා පඤ‍්ඤාවෙපුල‍්ලාය. මහන‍්තෙ අත්‍ථෙ පරිග‍්ගණ‍්හාතීතිආදීසු පටිසම‍්භිදප‍්පත‍්තො අරියසාවකො අත්‍ථාදයො ආරම‍්මණකරණෙන පරිග‍්ගණ‍්හාති. සබ‍්බාපි මහාපඤ‍්ඤා අරියසාවකානංයෙව. තස‍්සා ච පඤ‍්ඤාය විසයා හෙට‍්ඨා වුත‍්තත්‍ථා එව.

සත්තන්නඤ්ච සෙක්ඛානං යනු ත්‍රිවිධ ශික්‍ෂා හික්මෙත්නුයි ශෛක්‍ෂ්‍යයැයි දන්නා ලද ශ්‍රෝතාපත්ති මාර්ගස්ථාදී සත් ශෛක්‍ෂ්‍යයන්ගේ, පුථුජ්ජන කල්‍යාණකස්සච යනු නිර්වාණගාමී ප්‍රතිපදාවෙන් යුත් හෙයින් සුන්දරාර්ථයෙන් යහපත් පුද්ගලයෙකැයි හඟවන ලද පෘථග්ජනයාගේ, වැඩුණු, වැඩීම් එයටනුයි වඩ්ඪිත වඩ්ඪනායි. කියන ලද ආකාර ඇති අෂ්ට ප්‍රඥාවන්ගේ වශයෙන් විශේෂ වශයෙන් රහත්හුගේ ප්‍රඥා වශයෙන් ප්‍රඥාවගේ වැඩීමෙන් පඤ්ඤා වුද්ධියා, පඤ්ඤා වෙපුල්ලාය යනු එසේය. මහන්තෙ අත්‍ථෙ පරිගණ්හාති යනාදීන්හි, ප්‍රතිසම්භිදාප්‍රාප්ත ආර්ය ශ්‍රාවක තෙමේ අර්ථාදීහු අරමුණු කිරීමෙන් පිරිසිඳ ගනීනුයි සියලුම මහා ප්‍රඥාවෝ ආර්යශ්‍රාවකයින්ටමය. එම ප්‍රඥාවෙහි විෂයතා යට කියන ලද අර්ථමය.

පුථුනානාඛන්‍ධෙසූතිආදීසු නානාසද‍්දො පුථුසද‍්දස‍්ස අත්‍ථවචනං. ඤාණං පවත‍්තතීති පුථුපඤ‍්ඤාති තෙසු තථාවුත‍්තෙසු ඛන්‍ධාදීසු ඤාණං පවත‍්තතීති කත්‍වා තං ඤාණං පුථුපඤ‍්ඤා නාමාති අත්‍ථො. නානාපටිච‍්චසමුප‍්පාදෙසූති පටිච‍්චසමුප‍්පන‍්නානං ධම‍්මානං වසෙන පච‍්චයබහුත‍්තා වුත‍්තං. නානාසුඤ‍්ඤතමනුපලබ‍්භෙසූති උපලබ‍්භනං උපලබ‍්භො, ගහණන‍්ති අත්‍ථො. න උපලබ‍්භො අනුපලබ‍්භො, අනුපලබ‍්භානං බහුත‍්තා බහුවචනෙන අනුපලබ‍්භා, පඤ‍්චවීසතිසුඤ‍්ඤතාවසෙන වා නානාසුඤ‍්ඤතාසු අත‍්තත‍්තනියාදීනං අනුපලබ‍්භා නානාසුඤ‍්ඤතානුපලබ‍්භා, තෙසු. “නානාසුඤ‍්ඤතානුපලබ‍්භෙසූ”ති වත‍්තබ‍්බෙ “අදුක‍්ඛමසුඛා”තිආදීසු (ධ· ස· තිකමාතිකා 2) විය ම-කාරො පදසන්‍ධිවසෙන වුත‍්තො. ඉමා පඤ‍්ච පඤ‍්ඤා කල්‍යාණපුථුජ‍්ජනෙහි සාධාරණා, නානාඅත්‍ථාදීසු පඤ‍්ඤා අරියානංයෙව. පුථුජ‍්ජනසාධාරණෙ ධම‍්මෙති ලොකියධම‍්මෙ. ඉමිනා අවසානපරියායෙන ලොකියතො පුථුභූතනිබ‍්බානාරම‍්මණත‍්තා පුථුභූතා විසුංභූතා පඤ‍්ඤාති පුථුපඤ‍්ඤා නාමාති වුත‍්තං හොති.

පුථුනානාඛන්‍ධෙසු යනාදීන්හි නානා යන ශබ්දය පුථු ශබ්දයාගේ අර්ථය දෙන වචනයයි. ඤාණං පවත්තතීති පුථුපඤ්ඤා යනු ඒ එසේ කියන ලද ස්කන්ධාදීන්හි ඤාණය පවත්වයි කොට, එම ඤාණය පෘථු ප්‍රඥා නමැයි අර්ථයි. නානා පටිච්ච සමුප්පාදෙසු යනු ප්‍රතීත්‍ය සමුත්පන්න ධර්මයන්ගේ වශයෙන් ප්‍රත්‍යය බහුත්‍වය යූ.සේයි. නානා සුඤ්ඤත මනුපලබ්භෙසු යනු ලැබීම උපලබ්ධයි. ග්‍රහණය යන අර්ථයි. නොලැබීම අනුපලබ්ධයි. අනුපලබ්ධයන්ගේ සංඛ්‍යාව බොහෝ බැවින් බහුවචනයෙන් දැක්වීය. පස්විසි අනුපලබ්ධයෝ, ශූන්‍යතා වශයෙන් හෝ නොයෙක් ශූන්‍යතාවන්හි ආත්ම ආත්මනීයාදීන්ගේ වශයෙන්, අනුපලබ්ධ වූවාහු නානා ශූන්‍යතානුපලබ්ධයහ. ඒවාහි, ‘නානා සුඤ්ඤතානුපලබ්භෙසු’යි කිවයුතු කල්හි ‘අදුක්ඛමසුඛා’ ආදීන්හි මෙන් මකාරය පද සන්‍ධි වශයෙන් යූ.සේයි. මෙම පස්වැදෑරුම් ප්‍රඥාවෝ කල්‍යාණ පෘථග්ජනයින් හා සාධාරණය. නොයෙක් අර්ථාදීන්හි ප්‍රඥාව ආර්යයන්ගේමය. පෘථග්ජනයින් හා අසාධාරණය. ධම්මෙ යනු ලෞකික ධර්මයෙහි, මෙයින් අවසන් ක්‍රමයෙන් ලෞකිකත්‍වයෙන් පෘථක්භූත වෙන්වූ ප්‍රඥාවනුයි පුථුපඤ්ඤා නමැයි යූ.සේයි.

විපුලපඤ‍්ඤා මහාපඤ‍්ඤානයෙන වෙදිතබ‍්බා. යථාවුත‍්තෙ ධම‍්මෙ පරිග‍්ගණ‍්හන‍්තස‍්ස ගුණමහන‍්තතාය තෙසං ධම‍්මානං පරිග‍්ගාහිකාය ච පඤ‍්ඤාය මහන‍්තතා, තෙසං ධම‍්මානං සයමෙව මහන‍්තත‍්තා උළාරත‍්තා ධම‍්මානඤ‍්ච පඤ‍්ඤාය ච විපුලතා වෙදිතබ‍්බා. ගම‍්භීරපඤ‍්ඤා පුථුපඤ‍්ඤානයෙන වෙදිතබ‍්බා. තෙ ච ධම‍්මා තෙ ච අනුපලබ‍්භා සා ච පඤ‍්ඤා පකතිජනෙන අලබ‍්භනෙය්‍යපතිට‍්ඨත‍්තා ගම‍්භීරා.

විපුල පඤ්ඤා මහා ප්‍රඥා ක්‍රමයෙන් දතයුත්තාහ. කියන ලද ආකාර ඇති ධර්මයෙහි පිරිසිඳ ගන්නහුට ගුණ මහත්වය හෙයින්ද, එම ධර්මයන්ගේ පිරිසිඳ ගන්නා වූ ප්‍රඥාවගේ මහත්වය හෙයින්ද, එම ධර්මයන්ගේ පිරිසිඳ ගන්නා වූ ප්‍රඥාවගේ මහත්වය හෙයින්ද, එම ධර්මයන්ගේ ස්වයං මහත්වය හෙයින්ද, ධර්මයන්ගේ උසස් භාවය හෙයින්ද, ප්‍රඥාවෙහි විපුලතාවය දතයුත්තාහ. ගම්භීර පඤ්ඤා යනු පෘථු ප්‍රඥා ක්‍රමයෙන් දතයුත්තාහ. එම ධර්මද, ඒවා අනුපලබ්ධ වූවාහු, එම ප්‍රඥාව ප්‍රකෘති ජනයා විසින් නොලැබිය යුතු පිහිටීම් හෙයින් ගැඹුරුය.

යස‍්ස පුග‍්ගලස‍්සාති අරියපුග‍්ගලස‍්සෙව. අඤ‍්ඤො කොචීති පුථුජ‍්ජනො. අභිසම‍්භවිතුන‍්ති සම‍්පාපුණිතුං. අනභිසම‍්භවනීයොති සම‍්පාපුණිතුං අසක‍්කුණෙය්‍යො. අඤ‍්ඤෙහීති පුථුජ‍්ජනෙහෙව. අට‍්ඨමකස‍්සාති අරහත‍්තඵලට‍්ඨතො පට‍්ඨාය ගණියමානෙ අට‍්ඨමභූතස‍්ස සොතාපත‍්තිමග‍්ගට‍්ඨස‍්ස. දූරෙති විප‍්පකට‍්ඨෙ. විදූරෙති විසෙසෙන විප‍්පකට‍්ඨෙ. සුවිදූරෙති සුට‍්ඨු විසෙසෙන විප‍්පකට‍්ඨෙ. න සන‍්තිකෙති න සමීපෙ. න සාමන‍්තාති න සමීපභාගෙ. ඉමානි ද‍්වෙ පටිසෙධසහිතානි වචනානි දූරභාවස‍්සෙව නියමනානි. උපාදායාති පටිච‍්ච. සොතාපන‍්නස‍්සාති සොතාපත‍්තිඵලට‍්ඨස‍්ස. එතෙනෙව තංතංමග‍්ගපඤ‍්ඤා තංතංඵලපඤ‍්ඤාය දූරෙති වුත‍්තං හොති. පච‍්චෙකසම‍්බුද‍්ධොති උපසග‍්ගෙන විසෙසිතං. ඉතරද‍්වයං පන සුද‍්ධමෙව ආගතං.

යස්ස පුග්ගලස්ස යනු ආර්ය පුද්ගලයා විසින්ම, අඤ්ඤො කොචි යනු පෘථග්ජන තෙමේ, අභිසම්භවිතුං යනු සම්ප්‍රාප්තවීමට අනභිසම්භවනීයො යනු සම්ප්‍රාප්ත වීමට නොහැකිවනුයේ, අඤ්ඤෙහි යනු පෘථග්ජනයන් විසින්ම, අට්ඨමකස්ස යනු අර්හත් ඵලස්ථයාගේ පටන් ගණනය කරනු ලබන කල්හි, අෂ්ටමය වූ ශ්‍රෝතාපත්ති මාර්ග ස්ථයාගේ, දූරෙ යනු දුරින් පිහිටි යන අර්ථයි. විදූරෙ යනු ඉතා දුරින් පිහිටි, සුවිදූරෙ යනු මැනවින් ඉතා දුරින් පිහිටි. න සන්තිකෙ යනු සමීපයෙහි නොවේ. න සාමන්තා යනු සමීපභාවයෙහි නොවේ. වැළැක්වීම් සහිත වූ මෙම වචනද්වයය දූර භාවයෙහිම නියමයන්ය. උපාදාය යනු හේතුකොට, සොතාපන්නස්ස යනු ශ්‍රෝතාපත්ති ඵලස්ථයාගේ, එයින්ම ඒ ඒ මාර්ග ප්‍රඥාව ඒ ඒ ඵල ප්‍රඥාවෙන් දුරයයි යූසේයි. පච්චෙක සම්බුද්ධො යනු උපසර්ගයෙන් විශේෂිතයි. අනෙක් ද්වයය තනිවම ආයේය.

“පච‍්චෙකබුද‍්ධස‍්ස සදෙවකස‍්ස ච ලොකස‍්ස පඤ‍්ඤා තථාගතස‍්ස පඤ‍්ඤාය දූරෙ”තිආදීනි වත්‍වා තමෙව දූරට‍්ඨං අනෙකප‍්පකාරතො දස‍්සෙතුකාමො පඤ‍්ඤාපභෙදකුසලොතිආදිමාහ . තත්‍ථ පඤ‍්ඤාපභෙදකුසලොති අත‍්තනො අනන‍්තවිකප‍්පෙ පඤ‍්ඤාපභෙදෙ ඡෙකො. පභින‍්නඤාණොති අනන‍්තප‍්පභෙදපත‍්තඤාණො. එතෙන පඤ‍්ඤාපභෙදකුසලත‍්තෙපි සති තාසං පඤ‍්ඤානං අනන‍්තභෙදත‍්තං දස‍්සෙති. අධිගතපටිසම‍්භිදොති පටිලද‍්ධඅග‍්ගචතුපටිසම‍්භිදාඤාණො. චතුවෙසාරජ‍්ජප‍්පත‍්තොති චත‍්තාරි විසාරදභාවසඞ‍්ඛාතානි ඤාණානි පත‍්තො. යථාහ –

පසේ බුදුරදුන්ගේද, දෙවියන් සහිත ලෝකයාගේද ප්‍රඥාව තථාගතයන් වහන්සේගේ ප්‍රඥාව දුරයයි ආදිය කියා එම දූරාර්ථයම නොයෙක් ආකාරයෙන් දක්වනු කැමැතියේ ‘පඤ්ඤා පභෙද කුසලො’ යනාදිය වදාළහ. එහි පඤ්ඤාපභෙද කුසලො යන තමාගේ අන්ත කල්පනාවන්හි ඇතුළත් ප්‍රඥාප්‍රභේදයෙහි දක්ෂ වූයේ, පභින්න ඤාණො යනු අනන්ත ප්‍රභේද ප්‍රාප්ත ඤාණ සහිත වූයේ, එයින් ප්‍රඥා ප්‍රභේද කුසලතාව ඇතිකල්හිද, එම ප්‍රඥාවන්ගේ අනන්ත භේදතාව දක්වයි. අධිගත පටිසම්භිදො යනු ලද අග්‍ර සිව්පිළිසිඹියා ඤාණයෙන් යුක්ත වූයේ, චතුවෙසාරජ්ජප්පත්තො යනු සිව් විසාරද භාව සංඛ්‍යාත ඤාණයන්ට පැමිණියේ, දෙසූ පරිදි;

“සම‍්මාසම‍්බුද‍්ධස‍්ස තෙ පටිජානතො ‘ඉමෙ ධම‍්මා අනභිසම‍්බුද‍්ධා’ති, තත්‍ර වත මං සමණො වා බ්‍රාහ‍්මණො වා දෙවො වා මාරො වා බ්‍රහ‍්මා වා කොචි වා ලොකස‍්මිං සහ ධම‍්මෙන පටිචොදෙස‍්සතීති නිමිත‍්තමෙතං, භික‍්ඛවෙ, න සමනුපස‍්සාමි, එතමහං, භික‍්ඛවෙ, නිමිත‍්තං අසමනුපස‍්සන‍්තො ඛෙමප‍්පත‍්තො අභයප‍්පත‍්තො වෙසාරජ‍්ජප‍්පත‍්තො විහරාමි. ඛීණාසවස‍්ස තෙ පටිජානතො ‘ඉමෙ ආසවා අපරික‍්ඛීණා’ති, ‘යෙ ඛො පන තෙ අන‍්තරායිකා ධම‍්මා වුත‍්තා, තෙ පටිසෙවතො නාලං අන‍්තරායායා’ති, ‘යස‍්ස ඛො පන තෙ අත්‍ථාය ධම‍්මො දෙසිතො, සො න නිය්‍යාති තක‍්කරස‍්ස සම‍්මා දුක‍්ඛක‍්ඛයායා’ති, තත්‍ර වත මං සමණො වා බ්‍රාහ‍්මණො වා දෙවො වා මාරො වා බ්‍රහ‍්මා වා කොචි වා ලොකස‍්මිං සහ ධම‍්මෙන පටිචොදෙස‍්සතීති නිමිත‍්තමෙතං, භික‍්ඛවෙ, න සමනුපස‍්සාමි, එතමහං, භික‍්ඛවෙ, නිමිත‍්තං අසමනුපස‍්සන‍්තො ඛෙමප‍්පත‍්තො අභයප‍්පත‍්තො වෙසාරජ‍්ජප‍්පත‍්තො විහරාමී”ති (අ· නි· 4.8; ම· නි· 1.150).

සම්‍යග් සම්බුද්ධයැයි ප්‍රතිඥා කරන ඔබ විසින් මෙනම් ධර්ම අවබෝධ නොකරන ලදැයි යන කරුණෙහිලා ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකයෙහි කිසිවෙක් හෝ කරුණු සහිතව මට දොස් නගන්නේය යන එම කරුණ මහණෙනි, මම නොදකින්නෙමි. මහණෙනි, මම එම කරුණ නොදක්නේ, ක්‍ෂේමප්‍රාප්තව, අභය ප්‍රාප්තව, වෛශාරද්‍යප්‍රාප්තව වාසය කරමි. ක්‍ෂීණාශ්‍රවයැයි ප්‍රතිඥා කරන ඔබ විසින් මෙම ආශ්‍රව ක්‍ෂය නොකරන ලදැයි ඔබ විසින් යම්කිසි අන්තරායික ධර්මයක් කියන ලදද? ඒවා සෙවුනහුට අන්තරායකරභාවය සඳහා එය ප්‍රමාණවත් නොවන්නේ යයි යම්කිසි අර්ථයක් සඳහා ඔබ විසින් ධර්මයක් දේශිතද? ඒ අනුව ක්‍රියා කරන්නහුට මනාව දුක් ක්‍ෂය කිරීම සඳහා එය ගෙන නොයයි (බලනොපායි) එහි ඒකාන්තයෙන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකයෙහි කිසිවෙක් හෝ කරුණු සහිතව මට දොස් නගන්නේය යන එම කරුණ මහණෙනි, මම නොදකින්නෙමි. මහණෙනි, මම එම කරුණ නොදක්නේ, ක්‍ෂේමප්‍රාප්තව, අභයප්‍රාප්තව, වෛශාරද්‍යප්‍රාප්තව වාසය කරමි.

දසබලබලධාරීති දස බලානි එතෙසන‍්ති දසබලා, දසබලානං බලානි දසබලබලානි, තානි දසබලබලානි ධාරයතීති දසබලබලධාරී, දසබලඤාණබලධාරීති අත්‍ථො. එතෙහි තීහි වචනෙහි අනන‍්තප‍්පභෙදානං නෙය්‍යානං පභෙදමුඛමත‍්තං දස‍්සිතං. සොයෙව පඤ‍්ඤාපයොගවසෙන අභිමඞ‍්ගලසම‍්මතට‍්ඨෙන පුරිසාසභො. අසන‍්තාසට‍්ඨෙන පුරිසසීහො. මහන‍්තට‍්ඨෙන පුරිසනාගො. පජානනට‍්ඨෙන පුරිසාජඤ‍්ඤො. ලොකකිච‍්චධුරවහනට‍්ඨෙන පුරිසධොරය‍්හො.

දසබලධාරි යනු ඒවාට දස බලයක්නුයි දසබලායි. දසබලයන්ගේ බලයෝ දසබලබලානියි. එම දසබල බලයන් දරානුයි දසබලධාරියි. දසබලඤාණ බලධාරියි අර්ථයි. එම ත්‍රිවිධ වචනයන්ගෙන් අනන්ත ප්‍රභේද වූ, අවබෝධ කළයුතු දෑහි ප්‍රබේද මුඛ මාත්‍රයක් දැක්වීය. හෙතෙමේම ප්‍රඥා ප්‍රයෝග වශයෙන් ශුභ මංගල සම්මත අර්ථයෙන් පුරිසාසභොයි, සන්ත්‍රාස නොවීම් අර්ථයෙන් පුරිසසීහොයි. මහත් අර්ථයෙන් පුරිසනාගොයි. විශේෂ දැනීම් අර්ථයෙන් පුරිසාජ්ඤ්ඤොයි. ලෞකික කෘත්‍ය වීර්යය උසුලන අර්ථයෙන් පුරිසධොරය්හොයි.

අථ තෙජාදිකං අනන‍්තඤාණතො ලද‍්ධං ගුණවිසෙසං දස‍්සෙතුකාමො තෙසං තෙජාදීනං අනන‍්තඤාණමූලකභාවං දස‍්සෙන‍්තො අනන‍්තඤාණොති වත්‍වා අනන‍්තතෙජොතිආදිමාහ. තත්‍ථ අනන‍්තඤාණොති ගණනවසෙන ච පභාවවසෙන ච අන‍්තවිරහිතඤාණො. අනන‍්තතෙජොති වෙනෙය්‍යසන‍්තානෙ මොහතමවිධමනෙන අනන‍්තඤාණතෙජො. අනන‍්තයසොති පඤ‍්ඤාගුණෙහෙව ලොකත‍්තයවිත්‍ථතානන‍්තකිත‍්තිඝොසො. අඩ‍්ඪොති පඤ‍්ඤාධනසමිද‍්ධියා සමිද‍්ධො. මහද‍්ධනොති පඤ‍්ඤාධනවඩ‍්ඪත‍්තෙපි පභාවමහත‍්තෙන මහන‍්තං පඤ‍්ඤාධනමස‍්සාති මහද‍්ධනො . මහාධනොතිපි පාඨො. ධනවාති පසංසිතබ‍්බපඤ‍්ඤාධනවත‍්තා නිච‍්චයුත‍්තපඤ‍්ඤාධනවත‍්තා අතිසයභූතපඤ‍්ඤාධනවත‍්තා ධනවා. එතෙසුපි හි තීසු අත්‍ථෙසු ඉදං වචනං සද‍්දවිදූ ඉච‍්ඡන‍්ති.

නැවත තේජාදී වූ අනන්ත ඤාණයෙන් ලද, ගුණ විශේෂය දක්වනු කැමැතියේ එම තේජාදීන්ගේ අනන්ත ඤාණ මූලක බව දක්වනුයේ ‘අනන්ත ඤාණො’යි වදාරා ‘අනන්ත තෙජො’ යනාදිය වදාළහ. එහි අනන්ත ඤාණො යනු ගණන් වශයෙන්ද, තේජස් වශයෙන්ද අන්තරහිත ඤාණයයි. අනන්තතෙජො යනු හික්මවිය යුතු අයගේ සන්තානයෙහි, මෝහය නමැති අන්ධකාරය විනාශ කිරීමෙන් අනන්තඤාණ තේජසින් යුක්ත වූයේ. අනන්ත යසො යනු ප්‍රඥා ගුණයන්ගෙන්ම ලෝකත්‍රයෙහි පැතිරුණු අනන්ත කීර්තිඝෝෂා සහිතවූයේ, අඩ්ඪො යනු ප්‍රඥා නමැති ධන සමෘද්ධියෙන් සමෘද්ධියට පත්වූයේ, මහද්ධනො යනු ප්‍රඥා ධන අභිවෘද්ධියෙහිද, තේජස් මහත්වයෙන් මහත් ප්‍රඥාබලය මොහුටනුයි මහද්ධනොයි. ‘මහාධනො’ යනුද පාඨයි. ධනවා යනු ප්‍රශංසා කටයුතු ප්‍රඥා ධනවත්හු, නිතර යෙදුණු ප්‍රඥා ධනවත්හු, අතිශයින් වූ ප්‍රඥා ධනවත්හු ධනවායි, එම ත්‍රිවිධ අර්ථයන්හි මෙම වචනය ශබ්ද ශාස්ත්‍රඥයෝ කැමති වෙති.

එවං පඤ‍්ඤාගුණෙන භගවතො අත‍්තසම‍්පත‍්තිසිද‍්ධිං දස‍්සෙත්‍වා පුන පඤ‍්ඤාගුණෙනෙව ලොකහිතසම‍්පත‍්තිසිද‍්ධිං දස‍්සෙන‍්තො නෙතාතිආදිමාහ. තත්‍ථ වෙනෙය්‍යෙ සංසාරසඞ‍්ඛාතභයට‍්ඨානතො නිබ‍්බානසඞ‍්ඛාතඛෙමට‍්ඨානං නෙතා. තත්‍ථ නයනකාලෙ එව සංවරවිනයපහානවිනයවසෙන වෙනෙය්‍යෙ විනෙතා. ධම‍්මදෙසනාකාලෙ එව සංසයච‍්ඡෙදනෙන අනුනෙතා. සංසයං ඡින්‍දිත්‍වා පඤ‍්ඤාපෙතබ‍්බං අත්‍ථං පඤ‍්ඤාපෙතා. තථා පඤ‍්ඤාපිතානං නිච‍්ඡයකරණෙන නිජ‍්ඣාපෙතා. තථා නිජ‍්ඣායිතස‍්ස අත්‍ථස‍්ස පටිපත‍්තිපයොජනවසෙන පෙක‍්ඛෙතා. තථාපටිපන‍්නෙ පටිපත‍්තිඵලෙන පසාදෙතා. සො හි භගවාති එත්‍ථ හි-කාරො අනන‍්තරං වුත‍්තස‍්ස අත්‍ථස‍්ස කාරණොපදෙසෙ නිපාතො. අනුප‍්පන‍්නස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදෙතාති සකසන‍්තානෙ න උප‍්පන‍්නපුබ‍්බස‍්ස ඡඅසාධාරණඤාණහෙතුභූතස‍්ස අරියමග‍්ගස‍්ස බොධිමූලෙ ලොකහිතත්‍ථං සකසන‍්තානෙ උප‍්පාදෙතා. අසඤ‍්ජාතස‍්ස මග‍්ගස‍්ස සඤ‍්ජනෙතාති වෙනෙය්‍යසන‍්තානෙ අසඤ‍්ජාතපුබ‍්බස‍්ස සාවකපාරමිඤාණහෙතුභූතස‍්ස අරියමග‍්ගස‍්ස ධම‍්මචක‍්කප‍්පවත‍්තනතො පභුති යාවජ‍්ජකාලා වෙනෙය්‍යසන‍්තානෙ සඤ‍්ජනෙතා. සාවකවෙනෙය්‍යානම‍්පි හි සන‍්තානෙ භගවතො වුත‍්තවචනෙනෙව අරියමග‍්ගස‍්ස සඤ‍්ජනනතො භගවා සඤ‍්ජනෙතා නාම හොති. අනක‍්ඛාතස‍්ස මග‍්ගස‍්ස අක‍්ඛාතාති අට‍්ඨධම‍්මසමන‍්නාගතානං බුද‍්ධභාවාය කතාභිනීහාරානං බොධිසත‍්තානං බුද‍්ධභාවාය බ්‍යාකරණං දත්‍වා අනක‍්ඛාතපුබ‍්බස‍්ස පාරමිතාමග‍්ගස‍්ස, “බුද‍්ධො භවිස‍්සතී”ති බ්‍යාකරණමත‍්තෙනෙව වා බොධිමූලෙ උප‍්පජ‍්ජිතබ‍්බස‍්ස අරියමග‍්ගස‍්ස අක‍්ඛාතා. අයං නයො පච‍්චෙකබොධිසත‍්තබ්‍යාකරණෙපි ලබ‍්භතියෙව.

ප්‍රඥා ගුණයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ආත්ම සම්පත්ති සිද්ධිය දක්වා, නැවත ප්‍රඥා ගුණයෙන්ම ලෝක හිතාර්ථ සම්පත්ති සිද්ධිය දක්වනුයේ නෙතායි ආදිය වදාළහ. එහි හික්මවිය යුතු අය සංසාර සංඛ්‍යාත භය ස්ථානයෙන් නිර්වාණ සංඛ්‍යාත ක්‍ෂේම ස්ථානයට පමුණුවයිනුයි නෙතායි. එහි පමුණුවන කල්හි මෙසේ සංවර විනය, ප්‍රහාණ විනය වශයෙන් හික්මවිය යුතු අය හික්මවයිනුයි විනෙතායි. ධර්මදේශනා කල්හි මෙසේ සැක සිඳීමෙන් හික්මවයිනුයි අනුනෙතායි. සැක සිඳ පැනවිය යුතු අර්ථය පනවයිනුයි පඤ්ඤාපෙතායි. එසේ පනවන ලද අර්ථයන්ගේ නිශ්චය කිරීම් වශයෙන්, නිශ්චය කරවනුයේනුයි නිජ්ඣාපෙතායි. එසේ නිශ්චය කරන ලද, අර්ථයට අදාළ ප්‍රතිපත්තීන්හි යෙදවීම් වශයෙන් දැක්වීම පෙක්ඛෙතායි. එසේ පිළිපන්නවුන් ප්‍රතිපත්ති ඵලයෙන් පහදවනුයේ, පසාදෙතායි. සො හි භගවා යන මෙහි හිකාරය අනතුරුව කියන ලද, අර්ථයෙහි හේතුව, දැක්වීමේ නිපාතයි. අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙතා යනු ලෝකයාගේ හිතසුව පිණිස ස්වසන්තානයෙහි නූපන්විරූ, ෂට් අසාධාරණ ඤාණයන්ට හේතුභූත වූ ආර්යමාර්ග බෝමුලදී උපදවනුයේ, අසඤ්ජාතස්ස මග්ගස්ස සඤ්ජානෙතා යනු හික්මවිය යුතු පුද්ගල සන්තානයෙහි හටනොගත් විරූ ශ්‍රාවක පාරමී ඤාණ හේතුභූත වූ ආර්යමාර්ගයෙහි, දම්සක් පැවතුමෙහි පටන්,අ දකල් දක්වා හික්මවිය යුතු පුද්ගල සන්තානයෙහි දනවනුයේ, ශ්‍රාවක හික්මවිය යුතු අයගේද, සන්තානයෙහි භාග්‍යවතුන් වහන්සේගේ වචනයෙන්ම ආර්ය මාර්ගයාගේ හටගැන්ම වන හෙයින් භාග්‍යවතුන් වහන්සේ දනවනුයේ නම් වේ. අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා යනු අෂ්ට ධර්මයෙන් යුත් බුදුබව සඳහා කරන ලද ප්‍රාර්ථණා ඇති බෝසත්වරුන්ගේ බුදුබව සඳහා විවරණ දී ප්‍රකාශ නොකරන ලද විරූ, පාරමිතා මාර්ගයෙහි, බුදුවන්නේ යයි විවරණ මාත්‍රයෙන්ම හෝ බෝමුලදී ඉපදවිය යුතු ආර්යමාර්ගය ප්‍රකාශ කරනුයේ, මෙම ක්‍රමය ප්‍රත්‍යෙක බෝධිසත්ත්ව විවරණයෙහිද ලැබේමය.

මග‍්ගඤ‍්ඤූති පච‍්චවෙක‍්ඛණාවසෙන අත‍්තනා උප‍්පාදිතඅරියමග‍්ගස‍්ස ඤාතා. මග‍්ගවිදූති වෙනෙය්‍යසන‍්තානෙ ජනෙතබ‍්බස‍්ස අරියමග‍්ගස‍්ස කුසලො. මග‍්ගකොවිදොති බොධිසත‍්තානං අක‍්ඛාතබ‍්බමග‍්ගෙ විචක‍්ඛණො. අථ වා අභිසම‍්බොධිපටිපත‍්තිමග‍්ගඤ‍්ඤූ, පච‍්චෙකබොධිපටිපත‍්තිමග‍්ගවිදූ, සාවකබොධිපටිපත‍්තිමග‍්ගකොවිදො. අථ වා “එතෙන මග‍්ගෙන අතංසු පුබ‍්බෙ, තරිස‍්සන‍්තියෙව තරන‍්ති ඔඝ”න‍්ති (සං· නි· 5.409) වචනතො යථායොගං අතීතානාගතපච‍්චුප‍්පන‍්නබුද‍්ධපච‍්චෙකබුද‍්ධසාවකානං මග‍්ගවසෙන ච සුඤ‍්ඤතානිමිත‍්තඅප‍්පණිහිතමග‍්ගවසෙන ච උග‍්ඝටිතඤ‍්ඤූවිපඤ‍්චිතඤ‍්ඤූනෙය්‍යපුග‍්ගලානං මග‍්ගවසෙන ච යථාක‍්කමෙනත්‍ථයොජනං කරොන‍්ති. මග‍්ගානුගාමී ච පනාති භගවතා ගතමග‍්ගානුගාමිනො හුත්‍වා . එත්‍ථ ච-සද‍්දො හෙතුඅත්‍ථෙ නිපාතො. එතෙන ච භගවතො මග‍්ගුප‍්පාදනාදිගුණාධිගමාය හෙතු වුත‍්තො හොති. පන-සද‍්දො කතත්‍ථෙ නිපාතො. තෙන භගවතා කතමග‍්ගකරණං වුත‍්තං හොති. පච‍්ඡා සමන‍්නාගතාති පඨමං ගතස‍්ස භගවතො පච‍්ඡාගතසීලාදිගුණෙන සමන‍්නාගතා. ඉති ථෙරො “අනුප‍්පන‍්නස‍්ස මග‍්ගස‍්ස උප‍්පාදෙතා”තිආදීහි යස‍්මා සබ‍්බෙපි භගවතො සීලාදයො ගුණා අරහත‍්තමග‍්ගමෙව නිස‍්සාය ආගතා, තස‍්මා අරහත‍්තමග‍්ගමෙව නිස‍්සාය ගුණං කථෙසි.

මග්ගඤ්ඤූ යනු ප්‍රත්‍යවේක්‍ෂණ වශයෙන් තමා විසින් උපදවන ලද මාර්ගය දතුයේ, මග්ගවිදූ යනු හික්මවිය යුතු පුද්ගල සන්තානයෙහි දැනැවිය යුතු මාර්ගය දන්නා සුලුවූයේ, මග්ග කොවිදො යනු බෝධිසත්ත්වයින්ට ප්‍රකාශ කළයුතු මාර්ගයෙහි විචක්‍ෂණයහ. නොහොත් සර්වඥ බෝධි ප්‍රතිපත්ති මාර්ගය දත්, ප්‍රත්‍යෙක බෝධි ප්‍රතිපත්ති මාර්ගයෙහි නුවණැති, ශ්‍රාවක බෝධි ප්‍රතිපත්ති මාර්ගයෙහි පණ්ඩිත වූයේ ‘එම මාර්ගයෙන් කාමාදී ක්ලේශ පෙර තරණය කළහ. තරණය කරති. තරණය කරන්නාහුමය’ යන වචනයෙන් සුදුසු පරිද්දෙන් අතීත, අනාගත, වර්තමාන, බුදු, පසේබුදු, ශ්‍රාවකයින්ගේ, මාර්ග වශයෙන්, ශූන්‍යත, අනිමිත්ත, අප්‍රණිහිත මාර්ග වශයෙන්ද උද්ඝටිතඥ, විපචිතඥ, නෙය්‍ය පුද්ගලයින්ගේ මාර්ග වශයෙන්ද මෙහි ක්‍රමානුකූලව යෙදීම කරති. මග්ගානුගාමීච පන යනු භාග්‍යවතුන් වහන්සේ ගියමග අනුව ගමන් කරන්නේ වී, මෙහි ‘ච’ ශබ්දය හේත්වර්ථයෙහි නිපාතයි. එයින් භාග්‍යවතුන් වහන්සේගේ මාර්ග ඉපදවීම් ආදී ගුණ අවබෝධය සඳහා වූ හේතු යූ.සේයි. පන ශබ්ද කෘත්‍යාර්ථයෙහි නිපාතයි. එයින් භාග්‍යවතුන් වහන්සේ කළ මාර්ග කරුණ යූ.සේයි. පච්ඡා සමන්නාගතා යනු වර්තමාන ශ්‍රාවකයෝ ප්‍රථමයෙන් ගියා වූ භාග්‍යවතුන් වහන්සේ අනුව, පසුපස යෙමින් ශීලාදී ගුණයෙන් යුක්ත වූවාහු වෙසෙත්. මෙසේ තෙරහු ‘නූපන් මාර්ගය උපදවනුයේ’ යන ආදීන්ගෙන් යම්හෙයකින් භාග්‍යවතුන් වහන්සේගේ සියලුම ශීලාදී ගුණයෝ අර්හත් මාර්ගයම ඇසිරිකොට පැමිණියාහුය. එහෙයින් අර්හත් මාර්ගයම ඇසිරිකොට ගුණකථනය කළේය.

ජානං ජානාතීති ජානිතබ‍්බං ජානාති, සබ‍්බඤ‍්ඤුතාය යංකිඤ‍්චි පඤ‍්ඤාය ජානිතබ‍්බං නාම අත්‍ථි, තං සබ‍්බං පඤ‍්චනෙය්‍යපථභූතං පඤ‍්ඤාය ජානාතීති අත්‍ථො. පස‍්සං පස‍්සතීති පස‍්සිතබ‍්බං පස‍්සති, සබ‍්බදස‍්සාවිතාය තංයෙව නෙය්‍යපථං චක‍්ඛුනා දිට‍්ඨං විය කරොන‍්තො පඤ‍්ඤාචක‍්ඛුනා පස‍්සතීති අත්‍ථො. යථා වා එකච‍්චො විපරීතං ගණ‍්හන‍්තො ජානන‍්තොපි න ජානාති, පස‍්සන‍්තොපි න පස‍්සති, න එවං භගවා. භගවා පන යථාසභාවං ගණ‍්හන‍්තො ජානන‍්තො ජානාතියෙව, පස‍්සන‍්තො පස‍්සතියෙව. ස‍්වායං දස‍්සනපරිණායකට‍්ඨෙන චක‍්ඛුභූතො. විදිතතාදිඅත්‍ථෙන ඤාණභූතො. අවිපරීතසභාවට‍්ඨෙන වා පරියත‍්තිධම‍්මපවත‍්තනතො හදයෙන චින‍්තෙත්‍වා වාචාය නිච‍්ඡාරිතධම‍්මමයොති වා ධම‍්මභූතො. සෙට‍්ඨට‍්ඨෙන බ්‍රහ‍්මභූතො. අථ වා චක‍්ඛු විය භූතොති චක‍්ඛුභූතො. ඤාණං විය භූතොති ඤාණභූතො. ධම‍්මො විය භූතොති ධම‍්මභූතො. බ්‍රහ‍්මා විය භූතොති බ්‍රහ‍්මභූතො. ස‍්වායං ධම‍්මස‍්ස වචනතො, වත‍්තනතො වා වත‍්තා. නානප‍්පකාරෙහි වචනතො, වත‍්තනතො වා පවත‍්තා. අත්‍ථං නීහරිත්‍වා නීහරිත්‍වා නයනතො අත්‍ථස‍්ස නින‍්නෙතා. අමතාධිගමාය පටිපත‍්තිදෙසනතො, අමතප‍්පකාසනාය වා ධම‍්මදෙසනාය අමතස‍්ස අධිගමාපනතො අමතස‍්ස දාතා. ලොකුත‍්තරධම‍්මස‍්ස උප‍්පාදිතත‍්තා වෙනෙය්‍යානුරූපෙන යථාසුඛං ලොකුත‍්තරධම‍්මස‍්ස දානෙන ච, ධම‍්මෙසු ච ඉස‍්සරොති ධම‍්මස‍්සාමී. තථාගතපදං හෙට‍්ඨා වුත‍්තත්‍ථං.

ජානං ජානාති යනු දතයුතු දෙය දනියි. සර්වඥා ප්‍රඥායෙන් දතයුතු යම්කිසිවක් නම් ඇත්ද? ඒ සියල්ල පංච නෙය්‍ය පථයෙන් හටගත් ප්‍රඥාවෙන් දනියි යයි අර්ථයි. පස්සං පස්සති යනු දැකිය යුතු දේ දකියි. සියල්ල දක්නා ස්වභාව හෙයින් එම නෙය්‍ය පථයම ඇසින් දුටුවාක් මෙන් කරනුයේ පැණැසින් දකීයයි අර්ථයි. යම්සේ වනාහි ඇතැමෙක් වෙනස් ආකාරයෙන් ග්‍රහණය කරත්ද, දැනගනිත්ද නොදනිත් දක්නාහුද නොදකිත්. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නොවෙති. භාග්‍යවතුන් වහන්සේ වනාහි, යථා ස්වභාවයෙන් ග්‍රහණය කරන සේක් දන්නාහුමය. දක්නාහුමය. දර්ශනයෙහි අධිපති අර්ථයෙන් චක්ඛුභූතොයි. දැනගත් ආදී අර්ථයෙන් ඤාණභූතොයි. වෙනස් නොවන ස්වභාවාර්ථයෙන් පර්යාප්ති ධර්මය පවත්වන හෙයින් හෘදයෙන් සිතා වචනයෙන් පිටකරන ධර්මමය කරුණුවලින් යුක්ත වූයේනුයි ධම්මභූතොයි. ශ්‍රේෂ්ඨාර්ථයෙන් බ්‍රහ්මභූතොයි. නොහොත් ඇස මෙන් වූයේනුයි චක්ඛුභූතොයි. ඤාණය මෙන් වූයේනුයි ඤාණභූතොයි. ධර්මය මෙන් වූයේනුයි ධම්මභූතොයි. බ්‍රහ්ම මෙන් වූයේනුයි බ්‍රහ්මභූතොයි. ඒ මෙම ධර්මය කීමෙන් පවත්වන හෙයින් හෝ වත්තායි. නොයෙක් ආකාරයන්ගෙන් කියන හෙයින් හෝ පවත්වන හෙයින් පවත්තායි. අර්ථය පිටතට ගෙන, ගෙනයන හෙයින් අත්‍ථස්ස නින්නෙතායි. නිර්වාණාධිගමය සඳහා, ප්‍රතිපත්ති දේශනා කරන හෙයින්ද, නිවන ප්‍රකට කිරීම සඳහා ධර්ම දේශනයෙන්, නිර්වාණාධිගමයට පමුණුවන හෙයින් අමතස්සදාතායි. ලෝකෝත්තර ධර්මය උපදවන ලද හෙයින්ද, හික්මවිය යුතු අයට සුදුසු අයුරින් සුවසේ ලෝකෝත්තර ධර්ම දානයෙහිද, ධර්මයෙහි ඓශ්වර්යත්වයට පවත්වූයේනුයි ධම්මස්සාමියි තථාගත පදය යටකියන ලද අර්ථමය.

ඉදානි “ජානං ජානාතී”තිආදීහි වුත‍්තං ගුණං සබ‍්බඤ‍්ඤුතාය විසෙසෙත්‍වා දස‍්සෙතුකාමො සබ‍්බඤ‍්ඤුතං සාධෙන‍්තො නත්‍ථීතිආදිමාහ. එවංභූතස‍්ස හි තස‍්ස භගවතො පාරමිතාපුඤ‍්ඤබලප‍්පභාවනිප‍්ඵන‍්නෙන අරහත‍්තමග‍්ගඤාණෙන සබ‍්බධම‍්මෙසු සවාසනස‍්ස සම‍්මොහස‍්ස විහතත‍්තා අසච‍්ඡිකතං නාම නත්‍ථි. අසම‍්මොහතො සබ‍්බධම‍්මානං ඤාතත‍්තා අඤ‍්ඤාතං නාම නත්‍ථි. තථෙව ච සබ‍්බධම‍්මානං චක‍්ඛුනා විය ඤාණචක‍්ඛුනා දිට‍්ඨත‍්තා අදිට‍්ඨං නාම නත්‍ථි. ඤාණෙන පන පත‍්තත‍්තා අවිදිතං නාම නත්‍ථි. අසම‍්මොහසච‍්ඡිකිරියාය සච‍්ඡිකතත‍්තා අසච‍්ඡිකතං නාම නත්‍ථි. අසම‍්මොහපඤ‍්ඤාය ඵුට‍්ඨත‍්තා පඤ‍්ඤාය අඵස‍්සිතං නාම නත්‍ථි. පච‍්චුප‍්පන‍්නන‍්ති පච‍්චුප‍්පන‍්නං කාලං වා ධම‍්මං වා. උපාදායාති ආදාය, අන‍්තොකත්‍වාති අත්‍ථො. “උපාදායා”ති වචනෙනෙව කාලවිනිමුත‍්තං නිබ‍්බානම‍්පි ගහිතමෙව හොති. “අතීතා”දිවචනානි ච “නත්‍ථී”තිආදිවචනෙනෙව ඝටීයන‍්ති, “සබ‍්බෙ”තිආදිවචනෙන වා. සබ‍්බෙ ධම‍්මාති සබ‍්බසඞ‍්ඛතාසඞ‍්ඛතධම‍්මපරියාදානං. සබ‍්බාකාරෙනාති සබ‍්බධම‍්මෙසු එකෙකස‍්සෙව ධම‍්මස‍්ස අනිච‍්චාකාරාදිසබ‍්බාකාරපරියාදානං . ඤාණමුඛෙති ඤාණාභිමුඛෙ. ආපාථං ආගච‍්ඡන‍්තීති ඔසරණං උපෙන‍්ති. “ජානිතබ‍්බ”න‍්තිපදං “නෙය්‍ය”න‍්තිපදස‍්ස අත්‍ථවිවරණත්‍ථං වුත‍්තං.

දැන් ජානං ජානාති යනාදියෙන් කියන ලද ගුණය සර්වඥතායෙන් වෙසෙසා දක්වනු කැමැතියේ සර්වඥතාව සිදුකරනුයේ ‘නත්‍ථි’ යනාදිය වදාළහ. මෙසේ වූ භාග්‍යවතුන් වහන්සේගේ, පාරමී පුණ්‍යබල ප්‍රභාවයෙන් නිපන් අර්හත් මාර්ග ඤාණයෙන් සියලු ධර්මයන්හි අනුසහිත මුළාව මනාව නැසූ හෙයින් අසච්ඡිකතං සාක්‍ෂාත් නොකරන ලද්දක් නම් නැත. නුමුළාවෙන් යුක්තව සියලු ධර්මයන් දත් හෙයින් මග නැණින් නොදක්නා ලද්දෙක් නම් නැත. අඤ්ඤාතං එසේම සියලු ධර්මයන් ඇසින් දක්නා මෙන් නැණැසින් දක්නා ලද හෙයින් නොදක්නා ලද්දෙක් නම් නැත. අදිට්ඨං නාම නත්‍ථි. නුවණින් පැමිණි හෙයින් නොදත් දැයක් නම් නැත. අවිදිතං නාම නත්‍ථි. නුමුළා සාක්‍ෂාත් කිරීමෙන් සාක්‍ෂාත් කළ හෙයින් සාක්‍ෂාත් නොකරන ලද්දක් නම් නැත. අසච්ඡිකතං නාම නත්‍ථි. නුමුළා ප්‍රඥාවෙන් ස්පර්ශ කරන ලද හෙයින් ප්‍රඥාවෙන් ස්පර්ශ නොකරන ලද්දක් නම් නැත. අඵස්සිතං නාම නත්‍ථි පච්චුප්පන්නං යනු වර්තමාන කාලය හෝ ධර්මය හේා, උපාදාය යනු ගෙන, ඇතුළත් කොටයයි අර්ථයි. උපාදාය යන වචනයෙන්ම කාල විමුක්ත නිර්වාණයද ගන්නා ලද්දේම වේ. අතීතාදී වචනද නැත යනාදී වචනය සමගද සියල්ල යන වචනය සමගද ගැලපේ. සබ්බෙ ධම්මා යනු සියලු සංඛත අසංඛත ධර්ම ඉතිරි නොකොට ගැනීම. සබ්බාකාරෙන යනු සියලු ධර්මයන්හි එකිනෙක ධර්මයාගේ වශයෙන්, අනිත්‍ය ආකාරාදී සියලු ආකාරයන් ඉතිරි නොකොට ගැනීමයි. ඤාණාභි මුඛෙ යනු නුවණ අබිමුවෙහි, ආපාථං ආගච්ඡන්ති යනු දැකීම් ආදියට යොමුවීම සඳහා එළැඹෙති. ‘ජානිතබ්බං’ යන පදය නෙය්‍ය යන පදයෙහි අර්ථ විවරණ සඳහා යූ.සේයි.

අත‍්තත්‍ථො වාතිආදීසු වා-සද‍්දො සමුච‍්චයත්‍ථො. අත‍්තත්‍ථොති අත‍්තනො අත්‍ථො. පරත්‍ථොති පරෙසං තිණ‍්ණං ලොකානං අත්‍ථො. උභයත්‍ථොති අත‍්තනො ච පරෙසඤ‍්චාති සකිංයෙව උභින‍්නං අත්‍ථො. දිට‍්ඨධම‍්මිකොති දිට‍්ඨධම‍්මෙ නියුත‍්තො, දිට‍්ඨධම‍්මප‍්පයොජනො වා අත්‍ථො. සම‍්පරායෙ නියුත‍්තො, සම‍්පරායප‍්පයොජනො වා සම‍්පරායිකො. උත‍්තානොතිආදීසු වොහාරවසෙන වත‍්තබ‍්බො සුඛපතිට‍්ඨත‍්තා උත‍්තානො. වොහාරං අතික‍්කමිත්‍වා වත‍්තබ‍්බො සුඤ‍්ඤතාපටිසංයුත‍්තො දුක‍්ඛපතිට‍්ඨත‍්තා ගම‍්භීරො. ලොකුත‍්තරො අච‍්චන‍්තතිරොක‍්ඛත‍්තා ගූළ‍්හො. අනිච‍්චතාදිකො ඝනාදීහි පටිච‍්ඡන‍්නත‍්තා පටිච‍්ඡන‍්නො. අප‍්පචුරවොහාරෙන වත‍්තබ‍්බො යථාරුතං අග‍්ගහෙත්‍වා අධිප‍්පායස‍්ස නෙතබ‍්බත‍්තා නෙය්‍යො. පචුරවොහාරෙන වත‍්තබ‍්බො වචනමත‍්තෙන අධිප‍්පායස‍්ස නීතත‍්තා නීතො. සුපරිසුද‍්ධසීලසමාධිවිපස‍්සනත්‍ථො තදඞ‍්ගවික‍්ඛම‍්භනවසෙන වජ‍්ජවිරහිතත‍්තා අනවජ‍්ජො. කිලෙසසමුච‍්ඡෙදනතො අරියමග‍්ගත්‍ථො නික‍්කිලෙසො. කිලෙසපටිප‍්පස‍්සද‍්ධත‍්තා අරියඵලත්‍ථො වොදානො. සඞ‍්ඛතාසඞ‍්ඛතෙසු අග‍්ගධම‍්මත‍්තා නිබ‍්බානං පරමත්‍ථො. පරිවත‍්තතීති බුද‍්ධඤාණස‍්ස විසයභාවතො අබහිභූතත‍්තා අන‍්තොබුද‍්ධඤාණෙ බ්‍යාපිත්‍වා වා සමන‍්තා වා ආලිඞ‍්ගිත්‍වා වා විසෙසෙන වා වත‍්තති.

අත්තත්‍ථොච යනාදීන් ‘ච’ ශබ්දය සමුච්චයාර්ථයෙහිය. අත්තත්‍ථො යනු තමාගේ අර්ථයි. පරත්‍ථො යනු අන්‍ය ත්‍රිවිධ ලෝකයන්ගේ අර්ථයයි. උභයත්‍ථො යනු තමාගේද, අන්‍යයාගේද යන දෙදෙනාගේ අර්ථයයි. දිට්ඨ ධම්මිකො යනු ඉහාත්මයෙහි නියුක්ත, ඉහාත්මයෙහි ප්‍රයෝජන වූ අර්ථයයි. මරණින් මත්තෙහි නියුක්ත, මරණින් මතුයෙහි ප්‍රයෝජනවත් වනුයේ සම්පරායිකොයි. උත්තානො යනාදීන්හි ව්‍යවහාර වශයෙන් කිවයුතු සුවයෙහි පිහිටිහෙයින් නොගැඹුරුය. ව්‍යවහාරය ඉක්මවා කිවයුත්ත ශූන්‍යතා ප්‍රතිසංයුක්ත හෙයින්ද, දුකෙහි පිහිටි හෙයින්ද, ගම්භීරොයි. ලෝකෝත්තර අත්‍යන්ත මුවහ ස්වභාව හෙයින් ගූළ්හොයි. අනිත්‍යාදී ඝනයන්ගෙන් වැසුණු හෙයින් පටිච්ඡන්නොයි. ස්වල්ප ව්‍යවහාරයෙන් කිවයුත්ත යථාර්ථය ලෙස නොගෙන අධ්‍යාශයාගේ වශයෙන් ගෙන යායුතු හෙයින් නෙය්‍යොයි. බොහේා ව්‍යවාහරයෙන් කිවයුත්ත වචනමාත්‍රයෙන් අධ්‍යාශයාගේ ගෙනගිය හෙයින් නීතොයි. සුපිරිසිදු සීල, සමාධි විදර්ශනාර්ථය තදංග, විෂ්කම්භන වශයෙන් දෝෂ විරහිත හෙයින් අනවජ්ජොයි. කෙලෙස් නසන හෙයින් ආර්ය මාර්ගාර්ථය නික්කිලෙසොයි. කෙලෙස් සංසිඳුණු හෙයින් ආර්ය ඵලාර්ථය වොදානොයි. සංඛත අසංඛතයන්හි අග්‍ර ධර්මය හෙයින් නිර්වාණය පරමත්‍ථොයි. පරිවත්තති යනු බුද්ධ ඤාණයට විෂයභාව හෙයින් පිටත නුවූ හෙයින් බුද්ධ ඤාණය තුළ ව්‍යාප්තකොට හෝ හාත්පස වැළඳගෙන හෝ විශේෂයෙන් හෝ පවතී.

සබ‍්බං කායකම‍්මන‍්තිආදීහි භගවතො ඤාණමයතං දස‍්සෙති. ඤාණානුපරිවත‍්තතීති ඤාණං අනුපරිවත‍්තති, ඤාණවිරහිතං න හොතීති අත්‍ථො. අප‍්පටිහතන‍්ති නිරාවරණතං දස‍්සෙති. පුන සබ‍්බඤ‍්ඤුතං උපමාය සාධෙතුකාමො යාවතකන‍්තිආදිමාහ. තත්‍ථ ජානිතබ‍්බන‍්ති නෙය්‍යං, නෙය්‍යපරියන‍්තො නෙය්‍යාවසානමස‍්ස අත්‍ථීති නෙය්‍යපරියන‍්තිකං. අසබ‍්බඤ‍්ඤූනං පන නෙය්‍යාවසානමෙව නත්‍ථි. ඤාණපරියන‍්තිකෙපි එසෙව නයො. පුරිමයමකෙ වුත‍්තත්‍ථමෙව ඉමිනා යමකෙන විසෙසෙත්‍වා දස‍්සෙති, තතියයමකෙන පටිසෙධවසෙන නියමිත්‍වා දස‍්සෙති . එත්‍ථ ච නෙය්‍යං ඤාණස‍්ස පථත‍්තා නෙය්‍යපථො. අඤ‍්ඤමඤ‍්ඤපරියන‍්තට‍්ඨායිනොති නෙය්‍යඤ‍්ච ඤාණඤ‍්ච ඛෙපෙත්‍වා ඨානතො අඤ‍්ඤමඤ‍්ඤස‍්ස පරියන‍්තෙ ඨානසීලා. ආවජ‍්ජනප‍්පටිබද‍්ධාති මනොද‍්වාරාවජ‍්ජනායත‍්තා, ආවජ‍්ජිතානන‍්තරමෙව ජානාතීති අත්‍ථො. ආකඞ‍්ඛප‍්පටිබද‍්ධාති රුචිආයත‍්තා, ආවජ‍්ජනානන‍්තරං ජවනඤාණෙන ජානාතීති අත්‍ථො. ඉතරානි ද‍්වෙ පදානි ඉමෙසං ද‍්වින‍්නං පදානං යථාක‍්කමෙන අත්‍ථප‍්පකාසනත්‍ථං වුත‍්තානි. බුද‍්ධො ආසයං ජානාතීතිආදීනි ඤාණකථායං වණ‍්ණිතානි. මහානිද‍්දෙසෙ පන “භගවා ආසයං ජානාතී”ති (මහානි· 69) ආගතං. තත්‍ථ “බුද‍්ධස‍්ස භගවතො”ති (මහානි· 69) ආගතට‍්ඨානෙ ච ඉධ කත්‍ථචි “බුද‍්ධස‍්සා”ති ආගතං.

සබ්බං කාය කම්මං යනාදීන්ගෙන් භාග්‍යවතුන් වහන්සේගේ ඤාණමයතාව දක්වයි. ඤාණානුපරිවත්තති යනු ඤාණය අනුව පෙරැළේ. ඤාණ විරහිතව නොවේයයි අර්ථයි. අප්පටිහතං යන්නෙන් නිරාවරණතාව දක්වයි. නැවත සර්වඥතාවය උපමාවකින් ඔප්පු කරනු කැමැතියේ යාවතකං ආදිය වදාළහ. එහි දතයුතුය යනු නෙය්‍යංයි. දතයුත්ත කෙළවර කොටැති, දතයුත්තෙහි අවසානය මොහුට ඇත්තේනුයි නෙය්‍ය පරියන්තිකංයි. අසර්වඥයින්ට වනාහි දතයුත්තෙහි අවසානය නැත්තේමය. ඤාණ පරියන්තිකයෙහිද එම ක්‍රමයමැයි. ප්‍රථම යමකයෙහි කියන ලද අර්ථයම මෙම යමකයෙන් වෙසෙසා දක්වයි. තෘතීය යමකයෙන් ප්‍රතිෂේධ වශයෙන් නියමකොට දක්වයි. මෙහිද දතයුත්ත ඤාණයාගේ මාර්ගය හෙයින් නෙය්‍යපථයි. අඤ්ඤ මඤ්ඤ පරියන්තට්ඨායිනො යනු දතයුත්තද ඤාණයද ක්‍ෂයකොට සිටීමෙන් ඔවුනොවුන්ගේ කෙළවරෙහි සිටිනසුලු වූයේ, ආවජ්ජන පටිබද්ධා යනු මනෝද්වාරාවර්ජන අයත් වූයේ, ආවර්ජන අනතුරුවම දනීයයි අර්ථයි. ආකංඛන පටිබද්ධා යනු කැමැත්තට අයත් වූවාහු, ආවර්ජනයට අනතුරුව ජවන ඤාණයෙන් දනීයයි අර්ථයි. අනෙක් දෙපදයන්, මේ දෙපදයන්ගේ පිළිවෙලින් අර්ථ ප්‍රකාශනය සඳහා යූ.සේයි. බුද්ධො ආසයං ජනාති යනු ආදිය ඤාණ කථායෙහි වර්ණිතය. මහා නිර්දේශයෙහි වනාහි ‘භාග්‍යවතුන් වහන්සේ ආසය දනිති යයි ආයේය. එහි බුදුරදුන්ගේ යන්නට ‘භාග්‍යවතුන් වහන්සේගේ’ යයි ආ තන්හිද මෙහි සමහර තන්හිද ‘බුදුරදුන්ගේ’ යයි ආයේය.

අන‍්තමසොති උපරිමන‍්තෙන. තිමිතිමිඞ‍්ගලන‍්ති එත්‍ථ තිමි නාම එකා මච‍්ඡජාති, තිමිං ගිලිතුං සමත්‍ථා තතො මහන‍්තසරීරා තිමිඞ‍්ගලා නාම එකා මච‍්ඡජාති, තිමිඞ‍්ගලම‍්පි ගිලිතුං සමත්‍ථා පඤ‍්චයොජනසතිකසරීරා තිමිතිමිඞ‍්ගලා නාම එකා මච‍්ඡජාති. ඉධ ජාතිග‍්ගහණෙන එකවචනං කතන‍්ති වෙදිතබ‍්බං. ගරුළං වෙනතෙය්‍යන‍්ති එත්‍ථ ගරුළොති ජාතිවසෙන නාමං, වෙනතෙය්‍යොති ගොත‍්තවසෙන. පදෙසෙති එකදෙසෙ. සාරිපුත‍්තසමාති සබ‍්බබුද‍්ධානං ධම‍්මසෙනාපතිත්‍ථෙරෙ ගහෙත්‍වා වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. සෙසසාවකා හි පඤ‍්ඤාය ධම‍්මසෙනාපතිත්‍ථෙරෙන සමා නාම නත්‍ථි. යථාහ – “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං මහාපඤ‍්ඤානං යදිදං සාරිපුත‍්තො”ති (අ· නි· 1.188-189). අට‍්ඨකථායඤ‍්ච වුත‍්තං –

අන්තමසො උපරිමාන්තයෙන්, තිමිතිමිංගලං යන මෙහි තිමිනම් එක් මත්ස්‍ය ජාතියකි. තිමියන් ගිලින්ට සමත් යොදුන් පන්සියයක් විශාල සිරුරැති තිමි තිමංගල නම් එක් මත්ස්‍ය ජාතියක් වේ. මෙහි ජාති ග්‍රහණයෙන් ඒකවචන කරන ලදැයි දතයුතුය. ගරුළං වෙනතෙය්‍යං යන මෙහි ගුරුළා යනු ජාති වශයෙන් නාමයයි. වෙනතෙය්‍ය යනු ගෝත්‍ර වශයෙනි. පදෙසෙ යනු එක් දේශයක, සාරිපුත්ත සමා යනු සියලු බුදුවරුන්ගේ දම්සෙනෙවි තෙරුන් සලකා යූ.සේයි. සෙසු ශ්‍රාවකයෝ වනාහි දම්සෙනෙවි තෙරුන් හා සමාන වූවෝ නම් නොමැත. දෙසූ පරිදි, ‘මහණෙනි, මාගේ ශ්‍රාවක මහාප්‍රාඥ භික්‍ෂූන් අතර යම් ඒ ශාරිපුත්‍ර කෙනෙක් වේද ඔහුම අග්‍රය. අටුවා කථායෙහිද, යූ.සේයි.

“ලොකනාථං ඨපෙත්‍වාන, යෙ චඤ‍්ඤෙ සන‍්ති පාණිනො; පඤ‍්ඤාය සාරිපුත‍්තස‍්ස, කලං නාග‍්ඝන‍්ති සොළසි”න‍්ති. (විසුද‍්ධි· 1.171);

ලොකනාථං ඨපෙත්‍වාන - යෙ චඤ්ඤෙ සන්ති පාණිනො, පඤ්ඤාය සාරිපුත්තස්ස - කලං නාගඝන්ති සොළසිං

ලෝකනාථයන් වහන්සේ හැරුණුවිට, යම් ඒ අන්‍ය ප්‍රාණීහු වෙත්ද, සැරියුත් තෙරුන්ගේ ප්‍රඥාව හා සැසඳීමේදී සොළොස් කලාවෙන් කලාවක්ද නොවටී. (එක් කොටසක් 16 ට බෙදා ඉන් කොටස් 16 ට බෙදා වශයෙන් 16 වතාවක් බෙදීමෙන්)

ඵරිත්‍වාති බුද‍්ධඤාණං සබ‍්බදෙවමනුස‍්සානම‍්පි පඤ‍්ඤං පාපුණිත්‍වා ඨානතො තෙසං පඤ‍්ඤං ඵරිත්‍වා බ්‍යාපිත්‍වා තිට‍්ඨති. අතිඝංසිත්‍වාති බුද‍්ධඤාණං සබ‍්බදෙවමනුස‍්සානම‍්පි පඤ‍්ඤං අතික‍්කමිත්‍වා තෙසං අවිසයභූතම‍්පි සබ‍්බං නෙය්‍යං ඝංසිත්‍වා භඤ‍්ජිත්‍වා තිට‍්ඨති. මහානිද‍්දෙසෙ පන (මහානි· 69) “අභිභවිත්‍වා”ති පාඨො, මද‍්දිත්‍වාතිපි අත්‍ථො. යෙපි තෙතිආදීහි එවං ඵරිත්‍වා අතිඝංසිත්‍වා ඨානස‍්ස පච‍්චක‍්ඛකාරණං දස‍්සෙති. තත්‍ථ පණ‍්ඩිතාති පණ‍්ඩිච‍්චෙන සමන‍්නාගතා. නිපුණාති සණ‍්හසුඛුමබුද‍්ධිනො සුඛුමෙ අත්‍ථන‍්තරෙ පටිවිජ‍්ඣනසමත්‍ථා. කතපරප‍්පවාදාති ඤාතපරප‍්පවාදා චෙව පරෙහි සද‍්ධිං කතවාදපරිචයා ච. වාලවෙධිරූපාති වාලවෙධිධනුග‍්ගහසදිසා. වොභින්‍දන‍්තා මඤ‍්ඤෙ චරන‍්ති පඤ‍්ඤාගතෙන දිට‍්ඨිගතානීති වාලවෙධී විය වාලං සුඛුමානිපි පරෙසං දිට‍්ඨිගමනානි අත‍්තනො පඤ‍්ඤාගමනෙන භින්‍දන‍්තා විය චරන‍්තීති අත්‍ථො. අථ වා “ගූථගතං මුත‍්තගත”න‍්තිආදීසු (අ· නි· 9.11) විය පඤ‍්ඤා එව පඤ‍්ඤාගතානි, දිට‍්ඨියො එව දිට‍්ඨිගතානි.

ඵරිත්‍වා යනු බුදු නැණ සියලු දෙව් මිනිසුන්ගේ ප්‍රඥාවට පැමිණ සිටින හෙයින් ඔවුන්ගේ ප්‍රඥාව පැතිර ව්‍යාප්තව සිටියි. අති ඝංසිත්‍වා යනු බුදු නැණ සියලු දෙවි මිනිසුන්ගේ ප්‍රඥාව ඉක්මවා, ඔවුන්ට විෂය නොවූද, සියලු දතයුතු දේ මැඩගෙන බිඳ සිටියි. මහා නිර්දේශයෙහි වනාහි මැඩපවත්වායිද පාඨයි. මර්දනයකොට යන අර්ථයි. යෙපිතෙ යන ආදිය මෙසේ පතුරුවා, මැඩසිටීමෙහි ප්‍රත්‍යක්‍ෂ කාරණය දක්වයි. එහි පණ්ඩිතා යනු පාණ්ඩිත්‍යයෙන් යුක්ත වූවාහු, නිපුණා යනු මෘදු, සියුම් බුද්ධිායෙන් යුක්ත වූවාහු, සියුම් අර්ථාන්තරයන්හි අවබෝධ කිරීමෙහි සමර්ථ වූවාහු, කතපරප්පවාදා යනු දත් පරවාදයන්ද, අන්‍යයින් සමග කළ වාදයන්හි පළපුරුද්ද ද, වාලවෙධිරූපා යනු අස්ලොම් දුනුවායන් සෙයින්, වොභින්‍දන්තා මඤ්ඤෙ චරන්ති පඤ්ඤාගතෙන දිට්ඨිගතානි යනු විදිනා අස්ලොම්විදුනා දුනුවායා වාලය (අස්ලොම) මෙන් සියුම් වූද, අන්‍යයාගේ දෘෂ්ටිගමනයන් තමාගේ ප්‍රඥා ගමනින් බිඳින්නාහු මෙන් හැසිරෙත් යයි අර්ථයි. නොහොත් ‘අශූචිගත මුත්‍රගත’ යයි ආදීන්හි මෙන් ප්‍රඥාවම ප්‍රඥාගතයෝය. දෘෂ්ටීහුම දෘෂ්ටිගතයෝය.

පඤ‍්හං අභිසඞ‍්ඛරිත්‍වාති ද‍්විපදම‍්පි තිපදම‍්පි චතුප‍්පදම‍්පි පුච‍්ඡං රචයිත්‍වා. තෙසං පඤ‍්හානං අතිබහුකත‍්තා සබ‍්බසඞ‍්ගහත්‍ථං ද‍්වික‍්ඛත‍්තුං වුත‍්තං. ගූළ‍්හානි ච පටිච‍්ඡන‍්නානි අත්‍ථජාතානීති පාඨසෙසො. තෙසං තථා විනයං දිස‍්වා “අත‍්තනා අභිසඞ‍්ඛතපඤ‍්හං පුච‍්ඡතූ”ති එවං භගවතා අධිප‍්පෙතත‍්තා පඤ‍්හං පුච‍්ඡන‍්ති. අඤ‍්ඤෙසං පන පුච‍්ඡාය ඔකාසමෙව අදත්‍වා භගවා උපසඞ‍්කමන‍්තානං ධම‍්මං දෙසෙති. යථාහ –

පඤ්හං අභිසංඛරිත්‍වා යනු ද්විපද, ත්‍රිපද, චතුෂ්පද ප්‍රශ්න රචනාකොට, ‘ගූළ්හානිච අත්‍ථජාතානි’ යනු පාඨ සේසයි. එසේ ඔවුන්ගේ විනය දැක තමා සකස්කළ ප්‍රශ්නය විචාරාවායි මෙසේ භාග්‍යවතුන් වහන්සේ අදහස් කළ හෙයින් ප්‍රශ්න විචාරති. අන්‍යයන්ට වනාහි විමසීමෙන් අවකාශ නොදී භාග්‍යවතුන් වහන්සේ එළැඹෙනවුන්ට දම්දෙසති. දෙසූ පරිදි;

“තෙ පඤ‍්හං අභිසඞ‍්ඛරොන‍්ති ‘ඉමං මයං පඤ‍්හං සමණං ගොතමං උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡිස‍්සාම, සචෙ නො සමණො ගොතමො එවං පුට‍්ඨො එවං බ්‍යාකරිස‍්සති, එවමස‍්ස මයං වාදං ආරොපෙස‍්සාම. එවං චෙපි නො පුට‍්ඨො එවං බ්‍යාකරිස‍්සති, එවංපිස‍්ස මයං වාදං ආරොපෙස‍්සාමා’ති. තෙ යෙන සමණො ගොතමො, තෙනුපසඞ‍්කමන‍්ති, තෙ සමණො ගොතමො ධම‍්මියා කථාය සන්‍දස‍්සෙති සමාදපෙති සමුත‍්තෙජෙති සම‍්පහංසෙති. තෙ සමණෙන ගොතමෙන ධම‍්මියා කථාය සන්‍දස‍්සිතා සමාදපිතා සමුත‍්තෙජිතා සම‍්පහංසිතා න චෙව සමණං ගොතමං පඤ‍්හං පුච‍්ඡන‍්ති, කුතොස‍්ස වාදං ආරොපෙස‍්සන‍්ති? අඤ‍්ඤදත්‍ථු සමණස‍්සෙව ගොතමස‍්ස සාවකා සම‍්පජ‍්ජන‍්තී”ති (ම· නි· 1.289).

අප මෙම ප්‍රශ්නය ශ්‍රමණ ගෞතමයන් කරා එළැඹ විමසන්නෙමු. ඉදින් ශ්‍රමණ ගෞතම තෙමේ මෙසේ විමසූයේ අපට මෙසේ ප්‍රකාශ කරන්නේද? මෙසේ අපි එම වාදය ඔහුට ආරෝපණය කරන්නෙමු. මා විසින් මෙසේ විමසන ලදුයේ මෙසේ ප්‍රකාශ කරන්නේය. මෙසේ අපි එම වාදය ඔහුට ආරෝපණය කරන්නෙමුයි ඔවුහු මෙසේ ප්‍රශ්න සකස් කරති. ඔවුහු ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යම්තැනෙක්හිද, එතැන්හි එළැඹෙත්. ඔවුහු ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දැහැමි කථායෙන් මනාසේ පෙන්වති. සමාදන් කරවති. උත්සාහවත් කරවති. සතුටු කරවති. ඔවුහු ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් දැහැමි කථායෙන් මනාව පෙන්වන ලද්දාහු, සමාදන් කරවන ලද්දාහු, උත්සාහවත් කරවන ලද්දාහු, සතුටු කරවන ලද්දාහු, ශ්‍රමණ ගෞතමයන් වහන්සේගෙන් ප්‍රශ්න නොවිචාරත්මය. කෙසේනම් වාදයක් ආරෝපණය කරන්නාහුද? ඒකාන්තයෙන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේම ශ්‍රාවක බවට පැමිණෙත්.

කස‍්මා පඤ‍්හං න පුච‍්ඡන‍්තීති චෙ? භගවා කිර පරිසමජ‍්ඣෙ ධම‍්මං දෙසෙන‍්තො පරිසාය අජ‍්ඣාසයං ඔලොකෙති. තතො පස‍්සති “ඉමෙ පණ‍්ඩිතා ගූළ‍්හං රහස‍්සං පඤ‍්හං ඔවට‍්ටිකසාරං කත්‍වා ආගතා”ති. සො තෙහි අපුට‍්ඨොයෙව “පඤ‍්හපුච‍්ඡාය එත‍්තකා දොසා, විස‍්සජ‍්ජනෙ එත‍්තකා, අත්‍ථෙ පදෙ අක‍්ඛරෙ එත‍්තකාති ඉමෙ පඤ‍්හෙ පුච‍්ඡන‍්තො එවං පුච‍්ඡෙය්‍ය, විස‍්සජ‍්ජෙන‍්තො එවං විස‍්සජ‍්ජෙය්‍යා”ති ඉති ඔවට‍්ටිකසාරං කත්‍වා ආනීතෙ පඤ‍්හෙ ධම‍්මකථාය අන‍්තරෙ පක‍්ඛිපිත්‍වා විදංසෙති. තෙ පණ‍්ඩිතා “සෙය්‍යා වත නො, යෙ මයං ඉමෙ පඤ‍්හෙ න පුච‍්ඡිම‍්හ. සචෙපි මයං පුච‍්ඡෙය්‍යාම, අප‍්පතිට‍්ඨිතෙ නො කත්‍වා සමණො ගොතමො ඛිපෙය්‍යා”ති අත‍්තමනා භවන‍්ති. අපිච බුද‍්ධා නාම ධම‍්මං දෙසෙන‍්තා පරිසං මෙත‍්තාය ඵරන‍්ති. මෙත‍්තාය ච ඵරණෙන දසබලෙසු මහාජනස‍්ස චිත‍්තං පසීදති. බුද‍්ධා නාම රූපග‍්ගප‍්පත‍්තා හොන‍්ති දස‍්සනසම‍්පන‍්නා මධුරස‍්සරා මුදුජිව‍්හා සුඵුසිතදන‍්තාවරණා අමතෙන හදයං සිඤ‍්චන‍්තා විය ධම‍්මං කථෙන‍්ති. තත්‍ර නෙසං මෙත‍්තාඵරණෙන පසන‍්නචිත‍්තානං එවං හොති – එවරූපං අද‍්වෙජ‍්ඣකථං අමොඝකථං නිය්‍යානිකකථං කථෙන‍්තෙන භගවතා සද‍්ධිං න සක‍්ඛිස‍්සාම පච‍්චනීකග‍්ගාහං ගණ‍්හිතුන‍්ති අත‍්තනො පසන‍්නභාවෙනෙව පඤ‍්හං න පුච‍්ඡන‍්තීති.

කවර හෙයින් ප්‍රශ්න නොවිචාරත්ද යත්? භාග්‍යවතුන් වහන්සේ වනාහි පිරිස මැද ධර්මය දේශනා කරනසේක් පිරිසෙහි අදහස බලති. මෙම පණ්ඩිතවරු ගූඨ, රහස්‍ය ප්‍රශ්න බඳපටි හරකොට පැමිණියාහුයයි ඉක්බිති දකිති. හෙතෙම (භාග්‍යවත්හු) ඔවුන් විසින් නොවිචාරන ලද්දේම ප්‍රශ්න විචාරීමෙහි මෙතෙක් දොස්ය. විසඳීමෙහි මෙතෙක් දොස්ය. අර්ථයෙහි, පදයෙහි, අක්‍ෂරයෙහි මෙතෙක් දොස් වේයයි දක්වයි. මෙම ප්‍රශ්න විචාරනුයේ මෙසේ විචාරන්නේය. විසඳන්නේ මෙසේ විසඳන්නේ යයි මෙසේ බඳපටි හරකොට ගෙන එන ලද ප්‍රශ්න දැහැමි කථායෙහි අතරත බහා විනාශ කරයි. එම පණ්ඩිතවරු අපි මෙම ප්‍රශ්න නොවිචාළෙමු. එනිසා ඒකාන්තයෙන් අපි ශ්‍රේෂ්ඨ වෙමු. ඉදින් අපි විමසූයෙමු නම්, පිහිටක් නොමැති අය ලෙසින් සලකා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අප ඉවත දමන්නෝ යයි සතුටු සිතැත්තෝ වෙති. තවද බුදුවරු දම් දෙසන්නාහු පිරිසට මෛත්‍රී පතුරුවති. මෛත්‍රියෙහි පැතිරවීමෙන් දශබලධාරීන් කෙරෙහි මහජනයාගේ සිත පහදියි. බුදුවරුනම් රූපයෙන් අග්‍රප්‍රාප්ත වෙති. දැකුම්කලු වූවාහු, මිහිරි ස්වර ඇත්තාහු, මෘදු දිවැති, මනා ස්පර්ශිත දන්තාවරණ ඇත්තාහු, අමෘතයෙන් හෘදය ඉසින්නාක් මෙන් ධර්මය දේශනා කරති. එහි මෛත්‍රී පැතිරවීමෙන් පහන් සිතැති ඔවුන්ට මෙබඳු දෙයාකාරයක් නොමැති හිස් නුවූ, නෛර්යාණික කථාවක් දෙසන භාග්‍යවතුන් වහන්සේ සමග විරුද්ධ ග්‍රාහ ගන්ට නොහැකි වන්නෙමුයි යනාදී වශයෙන් මෙවන් සිත් හටගනී.

කථිතා විසජ‍්ජිතා චාති එවං තුම‍්හෙ පුච‍්ඡථාති පුච‍්ඡිතපඤ‍්හානං උච‍්චාරණෙන තෙ පඤ‍්හා භගවතා කථිතා එව හොන‍්ති. යථා ච තෙ විසජ‍්ජෙතබ‍්බා, තථා විසජ‍්ජිතා එව හොන‍්ති. නිද‍්දිට‍්ඨකාරණාති ඉමිනා කාරණෙන ඉමිනා හෙතුනා එවං හොතීති එවං සහෙතුකං කත්‍වා විසජ‍්ජනෙන භගවතා නිද‍්දිට‍්ඨකාරණා එව හොන‍්ති තෙ පඤ‍්හා. උපක‍්ඛිත‍්තකා ච තෙ භගවතො සම‍්පජ‍්ජන‍්තීති තෙ ඛත‍්තියපණ‍්ඩිතාදයො භගවතො පඤ‍්හවිසජ‍්ජනෙනෙව භගවතො සමීපෙ ඛිත‍්තකා පාදඛිත‍්තකා සම‍්පජ‍්ජන‍්ති, සාවකා වා සම‍්පජ‍්ජන‍්ති උපාසකා වාති අත්‍ථො, සාවකසම‍්පත‍්තිං වා පාපුණන‍්ති උපාසකසම‍්පත‍්තිං වාති වුත‍්තං හොති. අථාති අනන‍්තරත්‍ථෙ, තෙසං උපක‍්ඛිත‍්තකසම‍්පත‍්තිසමනන‍්තරමෙවාති අත්‍ථො . තත්‍ථාති තස‍්මිං ඨානෙ, තස‍්මිං අධිකාරෙ වා. අතිරොචතීති අතිවිය ජොතෙති පකාසති. යදිදං පඤ‍්ඤායාති යායං භගවතො පඤ‍්ඤා, තාය පඤ‍්ඤාය භගවාව අතිරොචතීති අත්‍ථො. ඉතිසද‍්දො කාරණත්‍ථෙ, ඉමිනා කාරණෙන අග‍්ගො අසාමන‍්තපඤ‍්ඤොති අත්‍ථො.

කථිතා විස්සජ්ජිතා යනු මෙසේ නුඹලා විචාරවු යයි නොවිචාළ ප්‍රශ්නයන්ගේ උච්චාරණයෙන් එම ප්‍රශ්න භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දාහුම වෙති. යම්සේ ඒවා විසඳිය යුතුද, එසේ විසඳන ලද්දාහුම වෙති. නිද්දිට්ඨ කාරණා යන මෙම කරුණෙන් හේතුයෙන්ම වේයයි, මෙසේ සහේතුකත්‍ව කොට විසඳීමෙන්, එම ප්‍රශ්න භාග්‍යවතුන් වහන්සේ විසින් නිර්දිෂ්ඨ කරුණුම වේ. උපක්ඛිත්තකාව තෙ භගවතො සම්පජ්ජන්ති යනු එම ක්‍ෂත්‍රිය පණ්ඩිතාදීහු භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශ්න විසඳීමෙන්ම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි විසිරුණාහු, පාද විසිරුණු බවට පත්වෙති. ශ්‍රාවක බවට හෝ උපාසක බවට පැමිණෙතියි අර්ථයි. ශ්‍රාවක සම්පත්තියට හෝ උපාසක සම්පත්තියට පැමිණෙති යයි යූ.සේයි. අථ යනු අනන්තරාර්ථයෙහිය. ඔවුන්ගේ ශ්‍රාවක, උපාසක සම්පත්ති සමනන්තරවමයැයි අර්ථයි. තත්‍ථ යනු එම ස්ථානයෙහි හෝ එම ප්‍රාර්ථනයෙහි හෝ, අතිරොචති යනු අතිශයින් ජෝතිමත් වේ. බබළයි. යදිදං පඤ්ඤාය යන යම් ආකාර වූ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥාවක් වේද, එම ප්‍රඥාවෙන් භාග්‍යවතුන් වහන්සේ අතිශයින් බබළත් යන අර්ථයි. ඉති ශබ්දය කාරණාර්ථයෙහි. මෙම කාරණයෙන් අග්ගො අසාමන්ත පඤ්ඤො යනු අග්‍ර අන්‍යයන් විසින් පැමිණිය නොහැකි ප්‍රඥාව යැයි අර්ථයි.

රාගං අභිභුය්‍යතීති භූරිපඤ‍්ඤාති සා සා මග‍්ගපඤ‍්ඤා අත‍්තනා වජ‍්ඣං රාගං අභිභුය්‍යති අභිභවති මද‍්දතීති භූරිපඤ‍්ඤා. භූරීති හි ඵුටට‍්ඨො විසදත්‍ථො . යා ච ඵුටා, සා පටිපක‍්ඛං අභිභවති න අඵුටා, තස‍්මා භූරිපඤ‍්ඤාය අභිභවනත්‍ථො වුත‍්තො. අභිභවිතාති සා සා ඵලපඤ‍්ඤා තං තං රාගං අභිභවිතවතී මද‍්දිතවතීති භූරිපඤ‍්ඤා. අභිභවතාති වා පාඨො. සෙසෙසුපි එසෙව නයො. රාගාදීසු පන රජ‍්ජනලක‍්ඛණො රාගො. දුස‍්සනලක‍්ඛණො දොසො. මුය‍්හනලක‍්ඛණො මොහො. කුජ‍්ඣනලක‍්ඛණො කොධො. උපනන්‍ධනලක‍්ඛණො උපනාහො. පුබ‍්බකාලං කොධො, අපරකාලං උපනාහො. පරගුණමක‍්ඛනලක‍්ඛණො මක‍්ඛො. යුගග‍්ගාහලක‍්ඛණො පළාසො. පරසම‍්පත‍්තිඛීයනලක‍්ඛණා ඉස‍්සා. අත‍්තනො සම‍්පත‍්තිනිගූහණලක‍්ඛණං මච‍්ඡරියං. අත‍්තනා කතපාපපටිච‍්ඡාදනලක‍්ඛණා මායා. අත‍්තනො අවිජ‍්ජමානගුණප‍්පකාසනලක‍්ඛණං සාඨෙය්‍යං. චිත‍්තස‍්ස උද‍්ධුමාතභාවලක‍්ඛණො ථම‍්භො. කරණුත‍්තරියලක‍්ඛණො සාරම‍්භො. උන‍්නතිලක‍්ඛණො මානො. අබ‍්භුන‍්නතිලක‍්ඛණො අතිමානො. මත‍්තභාවලක‍්ඛණො මදො. පඤ‍්චසු කාමගුණෙසු චිත‍්තවොසග‍්ගලක‍්ඛණො පමාදො.

රාගං අභිභුය්‍යතීති භූරිපඤ්ඤො යනු එය සාමග්‍රී ප්‍රඥාවෙන් තම වරද රාගය අභිභවනය කෙරේ. මැඩපවත්වයි. මර්දනය කෙරේනුයි භූරි පඤ්ඤායි. භූරි යනු ස්පර්ශාර්ථය, ප්‍රකටාර්ථයයි. යමක් ස්පර්ශ කරන ලදුයේද, එය ප්‍රතිපක්‍ෂය මැඩපවත්වයි. ස්පර්ශ නොකරන ලද්ද එසේ නොවේ. එහෙයින් භූරි ප්‍රඥාවෙන් අභිභවනාර්ථය යූ.සේයි. අභිභවිතා යනු ඒ ඒ ඵල ප්‍රඥාව ඒ ඒ රාගය අභිභවනය කරන්නේනුයි, මර්දනය කරන්නේනුයි භූරි පඤ්ඤායි. අභිභවතායිද පාඨයි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි. රාගාදීන්හි වනාහි ඇලීම් ලක්‍ෂණය රාගොයි. දූෂ්‍යවීම් ලක්‍ෂණය දොසොයි. මුළාවීම් ලක්‍ෂණය මොහොයි. කිපීම් ලක්‍ෂණය කොධොයි. වෛර බැඳීම් ලක්‍ෂණය උපනාහොයි. පෙර කල ක්‍රෝධය, පසුකල උපනාහයයි. අන් ගුණ මැකීම් ලක්‍ෂණය මක්ඛොයි. තරගකාරී ලක්‍ෂණය පලාසොයි. පර සම්පත් ක්‍ෂය කරන ලක්‍ෂණය ඉස්සායි. තම සම්පත් සඟවන ලක්‍ෂණය මච්ඡරියංයි. තමා කළ පාපයන් සැඟවීම් ලක්‍ෂණය මායායි. තමාගේ අවිද්‍යමාන ගුණ ප්‍රකාශ කිරීම් ලක්‍ෂණය සාඨෙය්‍යංයි. සිතෙහි ඉදිමුණු ස්වභාව ලක්‍ෂණය ථම්භොයි. කළ දෙයට වැඩියමක් කිරීම් ලක්‍ෂණය සාරම්භොයි. ඉහළ නැගීම් ලක්‍ෂණය මානොයි. වැඩිපුර ඉහළ නැගීම් ලක්‍ෂණය අතිමානොයි. මත්වූ ස්වභාව ලක්‍ෂණය මදොයි. පඤ්චකාම ගුණයන්හි සිත අත්හැරීම් ලක්‍ෂණය පමාදොයි.

රාගො අරි, තං අරිං මද‍්දනිපඤ‍්ඤාතිආදීහි කිං වුත‍්තං හොති? රාගාදිකො කිලෙසො චිත‍්තසන‍්තානෙ භූතො අරීති භූ-අරි, පදසන්‍ධිවසෙන අ-කාර ලොපං කත්‍වා භූරීති වුත‍්තො. තස‍්ස භූරිස‍්ස මද‍්දනී පඤ‍්ඤා භූරිමද‍්දනිපඤ‍්ඤාති වත‍්තබ‍්බෙ මද‍්දනි සද‍්ද ලොපං කත්‍වා “භූරිපඤ‍්ඤා”ති වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. තං අරිං මද‍්දනීති ච තෙසං අරීනං මද‍්දනීති පදච‍්ඡෙදො කාතබ‍්බො. පථවීසමායාති විත්‍ථතවිපුලට‍්ඨෙනෙව පථවීසමාය. විත්‍ථතායාති පජානිතබ‍්බෙ විසයෙ පත්‍ථටාය, න එකදෙසෙ වත‍්තමානාය. විපුලායාති ඔළාරිකභූතාය. මහානිද‍්දෙසෙ පන “විපුලාය විත්‍ථතායා”ති (මහානි· 27) ආගතං. සමන‍්නාගතොති පුග‍්ගලො. ඉතිසද‍්දො කාරණත්‍ථෙ, ඉමිනා කාරණෙන පුග‍්ගලස‍්ස භූරිපඤ‍්ඤාය සමන‍්නාගතත‍්තා තස‍්ස පඤ‍්ඤා භූරිපඤ‍්ඤා නාමාති භූතෙ අත්‍ථෙ රමතීති අත්‍ථො. භූරිපඤ‍්ඤස‍්ස පඤ‍්ඤා භූරිපඤ‍්ඤපඤ‍්ඤාති වත‍්තබ‍්බෙ එකස‍්ස පඤ‍්ඤාසද‍්දස‍්ස ලොපං කත්‍වා “භූරිපඤ‍්ඤා”ති වුත‍්තං. භූරිසමා පඤ‍්ඤාති වා භූරිපඤ‍්ඤා. අපිචාති අඤ‍්ඤපරියායදස‍්සනත්‍ථං වුත‍්තං. පඤ‍්ඤායමෙතන‍්ති පඤ‍්ඤාය එතං. අධිවචනන‍්ති අධිකවචනං. භූරීති භූතෙ අත්‍ථෙ රමතීති භූරි. මෙධාති අසනි විය සිලුච‍්චයෙ කිලෙසෙ මෙධති හිංසතීති මෙධා, ඛිප‍්පං ගහණධාරණට‍්ඨෙන වා මෙධා. පරිණායිකාති යස‍්සුප‍්පජ‍්ජති, තං සත‍්තං හිතපටිපත‍්තියං සම‍්පයුත‍්තධම‍්මෙ ච යාථාවලක‍්ඛණපටිවෙධෙ ච පරිනෙතීති පරිණායිකා. ඉමෙහෙව අඤ‍්ඤානිපි පඤ‍්ඤාපරියායවචනානි වුත‍්තානි හොන‍්ති.

රාගො අරි, තං අරිං මද්දනී පඤ්ඤා යන ආදීන්ගෙන් කුමක් යූසේයිද? රාගාදී ක්ලේශය චිත්ත සන්තානයෙහි වූ සතුරෙක්නුයි භූඅරියි. පද සන්‍ධි වශයෙන් අකාර ලෝපය කොට භූරියං යූසේයි. එම සතුරා මර්දනය කරන ප්‍රඥාව යැයි කිවයුතු කල්හි (භූරිස්සමද්දනී පඤ්ඤා) මද්දන ශබ්දය ලොප්කොට ‘භූරි පඤ්ඤායි’ යූසේයි. එම සතුරා මර්දනය කරයිද, එම සතුරන්ගේ මර්දනය යැයි පදච්ඡේද කළයුතුය. පඨවිසමාය යනු පැතිරුණු, මහත් අර්ථයෙන්ම පෘථුවිය හා සමවූ, විත්‍ථතාය යනු දතයුතු විෂයයෙහි පතළ භාවයෙන්, එක් කොටසක පමණක් පවත්නා දැනුමෙන් නොවේ. විපුලාය යනු විශාල වූ, මහා නිර්දේශයෙහි වනාහි විපුලාය විත්‍ථතාය යනුවෙන් ආයේය. සමන්නාගතො යනු එයින් යුක්ත පුද්ගල තෙමේ ඉති ශබ්දය කාරණාර්ථයි. මෙම කරුණෙන් පුද්ගලයා භූරි ප්‍රඥාවෙන් යුක්ත වූ හෙයින් ඔහුගේ ප්‍රඥාව භූරිප්‍රඥා (භූතාර්ථයෙහි සිත් අලවානුයි) නමැයි අර්ථයි. භූරි ප්‍රාඥයාගේ ප්‍රඥාව භූරිපඤ්ඤා ප්‍රඥාව යැයි කිවයුතු කල්හි එක් ප්‍රඥා ශබ්දයකගේ ලෝපය කොට භූරි පඤ්ඤායි යූ.සේයි. භූරිසම ප්‍රඥාවනුයි හෝ භූරි පඤ්ඤායි. අපිච යනු අන් ක්‍රමයක් සඳහා යූ.සේයි. පඤ්ඤාය මෙතං යනු ප්‍රඥාවට එය, අධිවචනං යනු අධික වචනයයි. භූරි යනු භූතාර්ථයෙහි සිත් අලවානුයි භූරියි. මෙධා යනු පර්වතයෙහි වැදුණු හෙණක් මෙන් කෙලෙසුන් පීඩනයට පත්කරයි. හිංසාවට පත් කෙරේනුයි මෙධායි. වහා ග්‍රහණ ධාරණාර්ථයෙන් හෝ මෙධායි. පරිණායිකා යනු යමෙකුට එය හටගනීද? එම සත්ත්වයා යහපත් ප්‍රතිපත්තියෙහිද, සම්ප්‍රයුක්ත ධර්මයෙහිද යථා ස්වභාව ලක්‍ෂණ ප්‍රතිවේධයෙහි මනාව ගෙනයයි නුයි පරිණායිකායි. මේවායින්ම අන්‍ය වූද, ප්‍රඥා ආකාර වචන යූසේයි.

පඤ‍්ඤාබාහුල‍්ලන‍්ති පඤ‍්ඤා බහුලා අස‍්සාති පඤ‍්ඤාබහුලො, තස‍්ස භාවො පඤ‍්ඤාබාහුල‍්ලං. තඤ‍්ච බහුලං පවත‍්තමානා පඤ‍්ඤා එව. ඉධෙකච‍්චොතිආදීසු පුථුජ‍්ජනකල්‍යාණකො වා අරියො වා. පඤ‍්ඤා ගරුකා අස‍්සාති පඤ‍්ඤාගරුකො. පඤ‍්ඤා චරිතං පවත‍්තං අස‍්සාති පඤ‍්ඤාචරිතො. පඤ‍්ඤා ආසයො අස‍්සාති පඤ‍්ඤාසයො. පඤ‍්ඤාය අධිමුත‍්තොති පඤ‍්ඤාධිමුත‍්තො. පඤ‍්ඤා එව ධජභූතා අස‍්සාති පඤ‍්ඤාධජො. පඤ‍්ඤා එව කෙතුභූතා අස‍්සාති පඤ‍්ඤාකෙතු. පඤ‍්ඤා එව අධිපති පඤ‍්ඤාධිපති, පඤ‍්ඤාධිපතිතො ආගතත‍්තා පඤ‍්ඤාධිපතෙය්‍යො. ධම‍්මසභාවවිචිනනං බහුලමස‍්සාති විචයබහුලො. නානප‍්පකාරෙන ධම‍්මසභාවවිචිනනං බහුලමස‍්සාති පවිචයබහුලො. පඤ‍්ඤාය ඔගාහෙත්‍වා තස‍්ස තස‍්ස ධම‍්මස‍්ස ඛායනං පාකටකරණං ඔක‍්ඛායනං, ඔක‍්ඛායනං බහුලමස‍්සාති ඔක‍්ඛායනබහුලො. පඤ‍්ඤාය තස‍්ස තස‍්ස ධම‍්මස‍්ස සම‍්මා පෙක‍්ඛණා සම‍්පෙක‍්ඛා, සම‍්පෙක‍්ඛාය අයනං පවත‍්තනං සම‍්පෙක‍්ඛායනං, සම‍්පෙක‍්ඛායනං ධම‍්මො පකති අස‍්සාති සම‍්පෙක‍්ඛායනධම‍්මො. තං තං ධම‍්මං විභූතං පාකටං කත්‍වා විහරතීති විභූතවිහාරී, විභූතො විහාරො වා අස‍්ස අත්‍ථීති විභූතවිහාරී. සා පඤ‍්ඤා චරිතං, ගරුකා, බහුලා අස‍්සාති තච‍්චරිතො තග‍්ගරුකො තබ‍්බහුලො. තස‍්සං පඤ‍්ඤායං නින‍්නො, පොණො, පබ‍්භාරො, අධිමුත‍්තොති තන‍්නින‍්නො තප‍්පොණො තප‍්පබ‍්භාරො තදධිමුත‍්තො. සා පඤ‍්ඤා අධිපති තදධිපති, තතො ආගතො තදධිපතෙය්‍යො. “පඤ‍්ඤාගරුකො”තිආදීනි “කාමං සෙවන‍්තංයෙව ජානාති අයං පුග‍්ගලො කාමගරුකො”තිආදීසු (පටි· ම· 1.113) විය පුරිමජාතිතො පභුති වුත‍්තානි. “තච‍්චරිතො”තිආදීනි ඉමිස‍්සා ජාතියා වුත‍්තානි.

පඤ්ඤා බාහුල්ලං යනු ප්‍රඥාව බහුල වන්නේනුයි පඤ්ඤා බහුලොයි. එහි ස්වභාවය පඤ්ඤා බාහුල්ලංයි. එයද බහුලව පවත්නා ප්‍රඥාවමය. ඉධෙකච්චො යන ආදීන්හි, කල්‍යාණ පෘථග්ජන පුද්ගලයා හෝ ආර්ය පුද්ගල තෙමේ, ප්‍රඥාගරුක වන්නේනුයි පඤ්ඤා ගරුකොයි. ප්‍රඥා චරිත පැවැත්ම වන්නේනුයි පඤ්ඤා සයොයි, ප්‍රඥාවගේ ඇලුණු බව පඤ්ඤාධිමුත්තොයි. ප්‍රඥාවම ධජයක් වැනි වූයේ වන්නේනුයි පඤ්ඤාධජොයි, ප්‍රඥාවම කේතුවක් වැනි වූයේ, වන්නේ නුයි පඤ්ඤාකෙතුයි. ප්‍රඥාවම අධිපති වූයේ පඤ්ඤාධිපතෙය්‍යොයි. ධර්ම ස්වභාව විමසීම් බහුලකොට වන්නේනුයි විචයබහුලොයි. නොයෙක් ආකාරයන්ගෙන් ධර්මස්වභාව විමසීම් බහුලකොට වන්නේනුයි පවිචය බහුලොයි. ප්‍රඥායෙන් බැස ඒ ඒ ධර්මයෙහි වැටහීම, ප්‍රකට කිරීම ඔක්ඛායනයයි. එය බහුල වන්නේනුයි ඔක්ඛායන බහුලොයි. ප්‍රඥායෙන් ඒ ඒ ධර්මයෙන් මනාකොට දැක්ම සම්පෙක්ඛායි. මනාව දැක්මෙහි මාර්ගය පැවැත්ම සම්පෙක්ඛායනයයි. මනාව දැක්මෙහි මාර්ග ස්වභාව ප්‍රකෘතිය වන්නේනුයි සම්පෙක්ඛායන ධම්මොයි. ඒ ඒ ධර්මය විභූතකොට, ප්‍රකටකොට වාසය කෙරේනුයි විභූත විහාරීයි. ප්‍රකට වූ විහරණය මොහුට ඇත්තේනුයි විභූත විහාරීයි. ඒ ප්‍රඥා චරිතය ගරුකොට, බහුලකොට වන්නේනුයි තච්චරිතො තග්ගරුකො තබ්බහුලොයි, එම ප්‍රඥායෙහි නිම්න වූයේ, ප්‍රවණතාවයට පත්වූයේ නම්‍රතායෙන් යුක්ත වූයේ - ඇලුණේනුයි තන්නින්නො තප්පොණො තප්පබ්භාරො තදධිමුත්තොයි ඒ ප්‍රඥා තොමෝ අධිපති වූවෝ තදධිපතියි. එයින් පැමිණියේනුයි තදධිපතෙය්‍යොයි. පඤ්ඤාගරුකො යන ආදිය ‘කාමය සෙවුණේම මෙම පුද්ගලයා කාමය ගරු කරයි යයි දනියි. යනාදීන්හි මෙන් පෙර ජාතියෙහි පටන් යූසේයි. තච්චරිතො යනාදිය මේ ජාතිය සඳහා යූසේයි.

සීඝපඤ‍්ඤා ච ලහුපඤ‍්ඤා ච හාසපඤ‍්ඤා ච ජවනපඤ‍්ඤා ච ලොකියලොකුත‍්තරමිස‍්සකා. ඛිප‍්පට‍්ඨෙන සීඝපඤ‍්ඤා. ලහුකට‍්ඨෙන ලහුපඤ‍්ඤා. හාසබහුලට‍්ඨෙන හාසපඤ‍්ඤා. විපස‍්සනූපගසඞ‍්ඛාරෙසු ච විසඞ‍්ඛාරෙ ච ජවනට‍්ඨෙන ජවනපඤ‍්ඤා. සීඝං සීඝන‍්ති බහුන‍්නං සීලාදීනං සඞ‍්ගහත්‍ථං ද‍්වික‍්ඛත‍්තුං වුත‍්තං. සීලානීති චාරිත‍්තවාරිත‍්තවසෙන පඤ‍්ඤත‍්තානි පාතිමොක‍්ඛසංවරසීලානි. ඉන්‍ද්‍රියසංවරන‍්ති චක‍්ඛාදීනං ඡන‍්නං ඉන්‍ද්‍රියානං රාගපටිඝප‍්පවෙසං අකත්‍වා සතිකවාටෙන වාරණං ථකනං. භොජනෙ මත‍්තඤ‍්ඤුතන‍්ති පච‍්චවෙක‍්ඛිතපරිභොගවසෙන භොජනෙ පමාණඤ‍්ඤුභාවං. ජාගරියානුයොගන‍්ති දිවසස‍්ස තීසු කොට‍්ඨාසෙසු, රත‍්තියා පඨමපච‍්ඡිමකොට‍්ඨාසෙසු ච ජාගරති න නිද‍්දායති, සමණධම‍්මමෙව ච කරොතීති ජාගරො, ජාගරස‍්ස භාවො, කම‍්මං වා ජාගරියං, ජාගරියස‍්ස අනුයොගො ජාගරියානුයොගො. තං ජාගරියානුයොගං. සීලක‍්ඛන්‍ධන‍්ති සෙක‍්ඛං අසෙක‍්ඛං වා සීලක‍්ඛන්‍ධං. එවමිතරෙපි ඛන්‍ධා වෙදිතබ‍්බා. පඤ‍්ඤාක‍්ඛන්‍ධන‍්ති මග‍්ගපඤ‍්ඤඤ‍්ච සෙක‍්ඛාසෙක‍්ඛානං ලොකියපඤ‍්ඤඤ‍්ච. විමුත‍්තික‍්ඛන්‍ධන‍්ති ඵලවිමුත‍්තිං. විමුත‍්තිඤාණදස‍්සනක‍්ඛන්‍ධන‍්ති පච‍්චවෙක‍්ඛණඤාණං.

සීඝ්‍ර ප්‍රඥාවද, ලහු ප්‍රඥාවද, හාස ප්‍රඥාවද, ජවන ප්‍රඥාවද, ලෞකික ලෝකෝත්තර මිශ්‍ර වූයේය. වහා සිදුවන අර්ථයෙන් සීඝ පඤ්ඤායි. සැහැල්ලු අර්ථයෙන් ලහුපඤ්ඤායි. සතුට බහුල අර්ථයෙන් හාස පඤ්ඤායි. විදර්ශනා අනුව ගිය සංස්කාරයන්හිද, විසංස්කාරයන්හිද ජවනාර්ථයෙන් ජවන පඤ්ඤායි. සීඝසීඝං යනු බොහෝ ශීලාදීන්ගේ සංග්‍රහය සඳහා දෙවරක් යූසේයි. සීලානි යනු චාරිත්‍ර වාරිත්‍ර වශයෙන් පනවන ලද ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීල, ඉන්‍ද්‍රිය සංවරං යනු චක්‍ෂුරාදී ෂට් ඉන්‍ද්‍රියයන්ට, රාග ප්‍රතිඝාදි ප්‍රවේශ නොකොට සිහි නමැති කවුළුවෙන් වළක්වා වැසීමයි. භොජනෙ මත්තඤ්ඤුතං යනු ප්‍රත්‍යයවේක්‍ෂිත පරිභෝග වශයෙන් බොදුන්හි පමණ දැනීම් ස්වභාවයයි. ජාගරියානුයොගං යනු දවසෙහි රැයෙහි ත්‍රිවිධ කොට්ඨාසයන් තුළ, ප්‍රථම, මධ්‍යම යන දෙකොටසයෙහි නිදිවරයි. නොනිදයි. ශ්‍රමණ ධර්මයම (භාවනාවම) කරයිනුයි ජාගරොයි. ජාගරයෙහි ස්වභාවය හෝ කර්මය හෝ ජාගරියංයි. ජාගරියෙහි යෙදීම ජාගරියානුයොගයි. එම ජාගරියානුයෝගය. සීලක්ඛන්‍ධං යනු ශෛක්‍ෂ්‍ය හෝ අශෛක්‍ෂ්‍ය ශීලස්කන්‍ධය, මෙසේ අනෙක් ස්කන්ධයන්ද දතයුත්තාහ. පඤ්ඤාක්ඛන්‍ධං යනු මාර්ග ප්‍රඥාවද, ශෛක්‍ෂ්‍ය, අශෛක්‍ෂ්‍යයන්ගේ ලෞකික ප්‍රඥාවද වේ. විමුත්තික්ඛන්‍ධං යනු ඵල විමුක්තියයි. විමුත්ති ඤාණ දස්සනක්ඛන්‍ධං යනු ප්‍රත්‍යවේක්‍ෂණ ඤාණයයි.

හාසබහුලොති මූලපදං. වෙදබහුලොති තස‍්සා එව පීතියා සම‍්පයුත‍්තසොමනස‍්සවෙදනාවසෙන නිද‍්දෙසපදං. තුට‍්ඨිබහුලොති නාතිබලවපීතියා තුට‍්ඨාකාරවසෙන. පාමොජ‍්ජබහුලොති බලවපීතියා පමුදිතභාවවසෙන.

හාසබහුලො යනු මූලපදයයි. වෙදබහුලො යනු එම ප්‍රීතිය හා සමග යෙදුණු සොම්නස් වේදනාව විඳීම් වශයෙන් විස්තර පදයයි. තුට්ඨි බහුලො යනු ඉතා බලවත් ප්‍රීතිය නුවූ, සතුටුවීම් ආකාර වශයෙන් පවත්නා සන්තුෂ්ටිය. පාමුජ්ජබහුලො යනු බලවත් ප්‍රීතියෙන් ප්‍රමුදිත භාව වශයෙන්.

යං කිඤ‍්චි රූපන‍්තිආදි සම‍්මසනඤාණනිද‍්දෙසෙ වුත‍්තත්‍ථං. තුලයිත්‍වාති කලාපසම‍්මසනවසෙන තුලෙත්‍වා. තීරයිත්‍වාති උදයබ‍්බයානුපස‍්සනාවසෙන තීරයිත්‍වා. විභාවයිත්‍වාති භඞ‍්ගානුපස‍්සනාදිවසෙන පාකටං කත්‍වා. විභූතං කත්‍වාති සඞ‍්ඛාරුපෙක‍්ඛානුලොමවසෙන ඵුටං කත්‍වා. තික‍්ඛපඤ‍්ඤා ලොකුත‍්තරා එව. උප‍්පන‍්නන‍්ති සමථවිපස‍්සනාවසෙන වික‍්ඛම‍්භනතදඞ‍්ගවසෙන පහීනම‍්පි අරියමග‍්ගෙන අසමූහතත‍්තා උප‍්පත‍්තිධම‍්මතං අනතීතතාය අසමූහතුප‍්පන‍්නන‍්ති වුච‍්චති, තං ඉධ අධිප‍්පෙතං. නාධිවාසෙතීති සන‍්තානං ආරොපෙත්‍වා න වාසෙති. පජහතීති සමුච‍්ඡෙදවසෙන පජහති. විනොදෙතීති ඛිපති. බ්‍යන‍්තීකරොතීති විගතන‍්තං කරොති. අනභාවං ගමෙතීති අනු අභාවං ගමෙති, විපස‍්සනානුක‍්කමෙන අරියමග‍්ගං පත්‍වා සමුච‍්ඡෙදවසෙනෙව අභාවං ගමයතීති අත්‍ථො. එත්‍ථ ච කාමපටිසංයුත‍්තො විතක‍්කො කාමවිතක‍්කො. “ඉමෙ සත‍්තා මරන‍්තූ”ති පරෙසං මරණපටිසංයුත‍්තො විතක‍්කො බ්‍යාපාදවිතක‍්කො. “ඉමෙ සත‍්තා විහිංසීයන‍්තූ”ති පරෙසං විහිංසාපටිසංයුත‍්තො විතක‍්කො විහිංසාවිතක‍්කො. පාපකෙති ලාමකෙ. අකුසලෙ ධම‍්මෙති අකොසල‍්ලසම‍්භූතෙ ධම‍්මෙ.

යං කිඤ්චි රූපං යන ආදිය සම්මර්ශන ඤාණ නිර්දේශයෙහි කියන ලද අර්ථයමය. තුලයිත්‍වා යනු කලාප සම්මර්ශන වශයෙන් තුලනය කොට, තීරයිත්‍වා යනු උදයව්‍යය ඤාණ අනුපස්සනා වශයෙන්, විභාවයිත්‍වා යනු භංගානුපස්සනාදී වශයෙන් ප්‍රකටකොට, විභූතං කත්‍වා යනු සංස්කාරෝපේක්‍ෂා වශයෙන් ස්පර්ශකොට, තීක්‍ෂණ ප්‍රඥා ලෝකෝත්තරමය. උප්පපන්නං යනු සමථ විදර්ශනා වශයෙන් විෂ්කම්භන තදංග වශයෙන් ප්‍රහීණ වූයේද, ආර්ය මාර්ගයෙන් මුළුමනින් නොනැසූ හෙයින් හටගන්නා ස්වභාවය නොඉක්මවූ හෙයින් අසමූහතුප්පන්නයැයි යූ.සේයි. එය මෙහි අදහස් කරන ලදි. නාධිවාසෙති යනු සිත් සතන්හි නංවා වාසය නොකරයි. පජහති යනු මුළුමනින් නැසීම් වශයෙන් දුරුකෙරේ. විනොදෙති යනු ඉවත දමයි. බ්‍යන්ති කරොති යනු විගතාන්ත කරයි. අනභාවං ගමෙති යනු සම්පූර්ණ අභාවයට පමුණුවයි. විදර්ශනා අනුක්‍රමයෙන් ආර්ය මාර්ගයට පැමිණ සිඳදැමීම් වශයෙන් අභාවයට පමුණුවයි යන අර්ථයි. මෙහිද කාම ප්‍රතිසංයුක්ත විතර්කය කාම විතක්කොයි. ‘මෙම සත්ත්වයෝ මැරෙත්වායි’ අන්‍යයන්ගේ මරණ ප්‍රතිසංයුක්ත විතර්කය බ්‍යාපාද විතක්කොයි. ‘මෙම සත්ත්වයෝ හිංසනයට පත් වෙත්වායි, අන්‍යයන්ගේ විහිංසා ප්‍රතිසංයුක්ත විතර්කය විහිංසා විතක්කොයි. පාපකෙ යනු ලාමකයෙහි, අකුසලෙ ධම්මෙ යනු අදක්‍ෂතායෙන් හටගත් ධර්මයන්හි,

නිබ‍්බෙධිකපඤ‍්ඤාති නිබ‍්බිදාබහුලස‍්ස පුග‍්ගලස‍්ස උප‍්පන‍්නමග‍්ගපඤ‍්ඤා එව. උබ‍්බෙගබහුලොති ඤාණභයවසෙන භයබහුලො. උත‍්තාසබහුලොති බලවභයබහුලො . ඉදං පුරිමස‍්සෙව අත්‍ථවිවරණං. උක‍්කණ‍්ඨනබහුලොති සඞ‍්ඛාරතො උද‍්ධං විසඞ‍්ඛාරාභිමුඛතාය උක‍්කණ‍්ඨනබහුලො. අනභිරතිබහුලොති උක‍්කණ‍්ඨනවසෙනෙව අභිරතිඅභාවං දීපෙති. ඉදානිපි තමත්‍ථං ද‍්වීහි වචනෙහි විවරති. තත්‍ථ බහිමුඛොති සඞ‍්ඛාරතො බහිභූතනිබ‍්බානාභිමුඛො. න රමතීති නාභිරමති. අනිබ‍්බිද‍්ධපුබ‍්බන‍්ති අනමතග‍්ගෙ සංසාරෙ අන‍්තං පාපෙත්‍වා අනිබ‍්බිද‍්ධපුබ‍්බං. අප‍්පදාලිතපුබ‍්බන‍්ති තස‍්සෙව අත්‍ථවචනං, අන‍්තකරණෙනෙව අපදාලිතපුබ‍්බන‍්ති අත්‍ථො. ලොභක‍්ඛන්‍ධන‍්ති ලොභරාසිං, ලොභකොට‍්ඨාසං වා. ඉමාහි සොළසහි පඤ‍්ඤාහි සමන‍්නාගතොති උක‍්කට‍්ඨපරිච‍්ඡෙදෙන අරහායෙව වුත‍්තො. උපරි “එකො සෙක‍්ඛපටිසම‍්භිදප‍්පත‍්තො”ති (පටි· ම· 3.8) වුත‍්තත‍්තා සොතාපන‍්නසකදාගාමිඅනාගාමිනොපි ලබ‍්භන‍්තියෙව.

නිබ්බෙධික පඤ්ඤා යනු කලකිරීම් බහුල පුද්ගලයාට උපන් මාර්ග ප්‍රඥාවමය. උබ්බෙග බහුලො යනු ඤාණ භය වශයෙන් භය බහුල වූයේ, උත්තාස බහුලො යනු බලවත් භය බහුල වූයේ, මෙය පළමු පදයෙහිම අර්ථ විවරණයයි. උක්කණ්ඨන බහුලො යනු සංස්කාරයන්ගෙන් මත්තෙහි විසංස්කාර අභිමුව හෙයින් උකටලී බව බහුල වූයේ, අනභිරති බහුලො යනු උකටලී භාව වශයෙන්ම ඇල්මෙහි අභාවය දක්වයි. දැන්ම එම අර්ථය දෙවදනෙකින් ප්‍රකට කළේය. එහි බහිමුඛො යනු සංස්කාරයෙන් පිටත වූ නිර්වාණාභිමුඛව, න රමති යනු සිත් නොඅලවයි. අනබ්බිද්ධ පුබ්බං යනු නොදත් කෙළවර ඇති සසර අන්තයට පමුණුවා නොවිදුනා ලද විරූ, අප්පදාලිත පුබ්බං යනු එම අර්ථයම දෙන වචනයයි. අන්ත කරණයෙන්ම ප්‍රදාරණය නොකළ විරූ යන අර්ථයි. ලොභක්ඛන්‍ධං යනු ලෝභ රාශිය හෝ ලොභ කොටස හෝ, ඉමාහි සොළසහි පඤ්ඤාහි සමන්නාගතො යනු උත්කෘෂ්ට පරිච්ඡේදයෙන් රහත්හුම යූ.සේයි. මත්තෙහි එක් ශෛක්‍ෂ්‍ය ප්‍රතිසම්භිදා ප්‍රාප්තයෙකැයි කියන ලද හෙයින් සෝවාන්, සකෘදාගාමි, අනාගාමීහුද ලැබෙත්මය.