යෙදුමෙන් කියවන්න

පුග‍්ගලවිසෙසනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

පුග‍්ගලවිසෙසනිද‍්දෙසවණ‍්ණනා

පුග්ගලවිසෙසනිද්දෙසවණ්ණනා

ද‍්වෙ පුග‍්ගලාතිආදීහි පටිසම‍්භිදප‍්පත‍්තපුග‍්ගලවිසෙසපටිපාටිං දස‍්සෙති. තත්‍ථ පුබ‍්බයොගොති අතීතජාතීසු පටිසම‍්භිදප‍්පත‍්තිහෙතුභූතො පුඤ‍්ඤපයොගො. තෙනාති තෙන පුබ‍්බයොගකාරණෙන. එවං සෙසෙසුපි. අතිරෙකො හොතීති අතිරිත‍්තො හොති, අතිරෙකයොගතො වා “අතිරෙකො”ති වුත‍්තො. අධිකො හොතීති අග‍්ගො හොති. විසෙසො හොතීති විසිට‍්ඨො හොති, විසෙසයොගතො වා විසෙසො. ඤාණං පභිජ‍්ජතීති පටිසම‍්භිදාඤාණප‍්පභෙදං පාපුණාති.

ද්වෙ පුග්ගලා යනාදීන්හි ප්‍රතිසම්භිදා ප්‍රාප්ත පුද්ගල විශේෂ පිළිවෙල දක්වයි. එහි පුබ්බයොගො යනු අතීත ජාතීන්හි ප්‍රතිසම්භිදා ප්‍රාප්තියට හේතුවූ පුණ්‍ය ප්‍රයෝගයයි. තෙන යනු එම පූර්වයෝග කාරණයෙන්, සෙස්සෙහිද මෙසේමය. අතිරෙකොහොති යනු අතිරික්ත වේ. අතිරේක යෝගයෙන් හෝ අතිරේක යැයි යූ.සේයි. අධිකොහොති යනු අග්‍ර වේ. විසෙසො හොති යනු විශිෂ්ට වේ. විශේෂ යෝගයෙන් හෝ විශේෂයි. ඤාණං පභිජ්ජති යනු ප්‍රතිසම්භිදා ඤාණ ප්‍රභේදයට පැමිණේ.

බහුස‍්සුතොති බුද‍්ධවචනවසෙන. දෙසනාබහුලොති ධම‍්මදෙසනාවසෙන. ගරූපනිස‍්සිතොති පඤ‍්ඤාය අධිකං ගරුං උපනිස‍්සිතො. විහාරබහුලොති විපස‍්සනාවිහාරබහුලො, ඵලසමාපත‍්තිවිහාරබහුලො වා. පච‍්චවෙක‍්ඛණාබහුලොති විපස‍්සනාවිහාරෙ සති විපස‍්සනාපච‍්චවෙක‍්ඛණාබහුලො, ඵලසමාපත‍්තිවිහාරෙ සති ඵලසමාපත‍්තිපච‍්චවෙක‍්ඛණාබහුලො. සෙඛපටිසම‍්භිදප‍්පත‍්තොති සෙඛො හුත්‍වා පටිසම‍්භිදප‍්පත‍්තො. එවං අසෙඛපටිසම‍්භිදප‍්පත‍්තො. සාවකපාරමිප‍්පත‍්තොති එත්‍ථ මහාපඤ‍්ඤානං අග‍්ගස‍්ස මහාසාවකස‍්ස සත‍්තසට‍්ඨියා සාවකඤාණානං පාරගමනං පාරමී, සාවකස‍්ස පාරමී සාවකපාරමී, තං සාවකපාරමිං පත‍්තොති සාවකපාරමිප‍්පත‍්තො. සාවකපාරමිතාප‍්පත‍්තොති වා පාඨො. සත‍්තසට‍්ඨියා සාවකඤාණානං පාලකො පූරකො ච සො මහාසාවකො පරමො, තස‍්ස පරමස‍්ස අයං සත‍්තසට‍්ඨිභෙදා ඤාණකිරියා පරමස‍්ස භාවො, කම‍්මං වාති පාරමී, තස‍්ස සාවකස‍්ස පාරමී සාවකපාරමී , තං පත‍්තොති සාවකපාරමිප‍්පත‍්තො. සාවකපාරමිප‍්පත‍්තොති මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරාදිකො යො කොචි සාවකො. සාවකපාරමිප‍්පත‍්තසාවකතො අතිරෙකස‍්ස අඤ‍්ඤස‍්ස සාවකස‍්ස අභාවා එකො පච‍්චෙකසම‍්බුද‍්ධොති ආහ. පුන පඤ‍්ඤාපභෙදකුසලොතිආදීහි වුත‍්තත්‍ථමෙව නිගමෙත්‍වා දස‍්සෙසීති. ඤාණකථාය යෙභුය්‍යෙන අනෙකානි ඤාණානි නිද‍්දිට‍්ඨානි. පඤ‍්ඤාකථාය යෙභුය්‍යෙන එකාපි පඤ‍්ඤා නානාකාරවසෙන නානාකත්‍වා වුත‍්තාති අයං විසෙසො.

බහුස්සුතො යනු බුද්ධ වචන ශ්‍රවණ වශයෙනි. දෙශනා බහුලො යනු ධර්මදේශනා වශයෙනි. ගරූපනිස්සිතො යනු ප්‍රඥායෙන් අධික ගුරුවරයෙකු ඇසිරි කරන ලදුයේ, විහාර බහුලො යනු විදර්ශනා විහරණ බහුල වූයේ, ඵල සමවත් විහරණ බහුල වූයේ හෝ, පච්චවෙක්ඛනා බහුලො යන විදර්ශනා විහරණ ඇතිකල්හි විදර්ශනා ප්‍රත්‍යවේක්‍ෂණ බහුල වූයේ, ඵල සමවත් විහරණ ඇතිකල්හි ඵල සමවත් බහුල වූයේ, සෙඛ පටිසම්භිදප්පත්තො යනු ශෛක්‍ෂ්‍යයෙක්ව ප්‍රතිසම්භිදා ප්‍රාප්ත වූයේ, මෙසේ අසේඛ පටිසම්භිදප්පත්තො, සාවක පාරමිප්පත්තො යන මෙහි අග්‍ර මහාප්‍රාඥ මහා ශ්‍රාවක සත්සැටක් ඤාණයන්ගේ පරතෙරට යාම පාරමීයි. ශ්‍රාවකයාගේ පාරමීය ශ්‍රාවක පාරමියි. එම ශ්‍රාවක පාරමීයට පැමිණියේනුයි සාවක පාරමිප්පත්තොයි. සාවක පාරමිතාප්පත්තොයි හෝ පාඨයි. ඒ සත්සැටක් ශ්‍රාවක ඤාණයන්ගේ, පාලකයා වූද, පූරකයා වූද ඒ මහා ශ්‍රාවක තෙමේ උතුම්ය. ඒ උතුම් පුද්ගලයාගේ මේ සත් සැට ප්‍රභේදගත ඤාණ ක්‍රියාව උත්තමයාගේ ස්වභාවය, ක්‍රියාවනුයි පාරමීයි. එම ශ්‍රාවකයාගේ පාරමීය ශ්‍රාවක පාරමීයි. එයට පැමිණියේනුයි ශ්‍රාවක පාරමීප්‍රාප්ත යනු සාවක පාරමිප්පත්තො යනු මහ මුගලන් තෙරුන් ආදී වූ යම්කිසි ශ්‍රාවකයෙකි. ශ්‍රාවක පාරමීප්‍රාප්ත ශ්‍රාවකයාගෙන් අතිරේක අන්‍ය ශ්‍රාවකයෙකුගේ අභාවයෙන් එකො පච්චෙක සම්බුද්ධොයි වදාළහ. නැවත පඤ්ඤා පභෙද කුසලො යන ආදීන්ගෙන් කියන ලද අර්ථයම නිගමනය කොට දැක්වීය. ඤාණ කථායෙහි බොහෝ සෙයින් නොයේක ඤාණ නිර්දිෂ්ටය. ප්‍රඥා කථායෙහි බොහෝසෙයින් එකම ප්‍රඥාව, නොයෙක් ආකාර වශයෙන් නොයෙක් ආකාර කොට යූසේයි. මේ විශේෂයයි.

මහාපඤ‍්ඤාකථාවණ‍්ණනා නිට‍්ඨිතා.

ප්‍රඥා කථා වර්ණනා නිමි.