ඉද්ධිකථා අට්ඨකථා
ඉද්ධිකථා
ඍද්ධි කථා
ඉද්ධිකථාවණ්ණනා
ඉදානි පඤ්ඤාකථාය අනන්තරං පඤ්ඤානුභාවං දස්සෙන්තෙන කථිතාය ඉද්ධිකථාය අපුබ්බත්ථානුවණ්ණනා. තත්ථ පුච්ඡාසු තාව කා ඉද්ධීති සභාවපුච්ඡා. කති ඉද්ධියොති පභෙදපුච්ඡා. කති භූමියොති සම්භාරපුච්ඡා. කති පාදාති පතිට්ඨපුච්ඡා. කති පදානීති ආසන්නකාරණපුච්ඡා. කති මූලානීති ආදිකාරණපුච්ඡා. විසජ්ජනෙසු ඉජ්ඣනට්ඨෙන ඉද්ධීති නිප්ඵත්තිඅත්ථෙන පටිලාභට්ඨෙන චාති අත්ථො. යඤ්හි නිප්ඵජ්ජති පටිලබ්භති ච, තං ඉජ්ඣතීති වුච්චති. යථාහ – “කාමං කාමයමානස්ස, තස්ස චෙතං සමිජ්ඣතී”ති (සු· නි· 772). “නෙක්ඛම්මං ඉජ්ඣතීති ඉද්ධි, පටිහරතීති පාටිහාරිය”න්තිආදි (පටි· ම· 3.32). අපරො නයො – ඉජ්ඣනට්ඨෙන ඉද්ධි, උපායසම්පදායෙතං අධිවචනං. උපායසම්පදා හි ඉජ්ඣති අධිප්පෙතඵලප්පසවනතො. යථාහ – “අයං ඛො, චිත්තො ගහපති, සීලවා කල්යාණධම්මො, සචෙ පණිදහිස්සති ‘අනාගතමද්ධානං රාජා අස්සං චක්කවත්තී’ති. ඉජ්ඣිස්සති හි සීලවතො චෙතොපණිධි විසුද්ධත්තා”ති (සං· නි· 4.352). අපරො නයො – එතාය සත්තා ඉජ්ඣන්තීති ඉද්ධි. ඉජ්ඣන්තීති ඉද්ධා වුද්ධා උක්කංසගතා හොන්තීති වුත්තං හොති.
දැන් ප්‍රඥා කථාවට අනතුරුව ප්‍රඥානුභාව දක්වන්නහු විසින් දේශිත සෘද්ධි කථායෙහි පෙරනුවූ අර්ථ අනුවර්ණනාවයි. එහි විමසීම්හි කා ඉද්ධි යනු ස්වභාව විමසීමයි. කති ඉද්ධියො යනු ප්‍රභේද විමසීමයි. කති භූමියො යනු රාශි විමසීමයි. කති පාදානි යනු පිහිටීම විමසීමයි. කතා පදානි යනු ආසන්න කරුණ විමසීමයි. කති මූලානි යනු මුල් කරුණ විමසීමයි. විසඳීම්හි ඉජ්ඣනට්ඨෙන ඉද්ධි යනු සමෘද්ධවීම් අර්ථයෙන්, ප්රතිලාභාර්ථයෙන් හෝ යන අර්ථයි. යමක් නිපදේද, ලබයිද, එය සමෘද්ධ වේයයි යූසේයි. දෙසූ පරිදි ‘කැමැති දේ කැමැති වන්නහුට ඉදින් සමෘද්ධ වේද, නෛෂ්ක්‍රම්‍යය සිද්ධවේනුයි ඉද්ධියි. බැහැර කෙරේනුයි ප්‍රාතිහාර්යයි ආදියයි. වෙනත් ක්‍රමයක් සමෘද්ධවීම් අර්ථයෙන් සෘද්ධියි. උපාය සම්පත්තියට එය විශේෂ නාමයකි. උපාය සම්පත්තිය වනාහි අදහස් කරන ලද ඵලය බිහිකරවන හෙයින් සමෘද්ධ වේ. දෙසූ පරිදි, මෙම චිත්ත ගෘහපති තෙමේ සිල්වත්ය. යහපත් ධර්මයන්ගෙන් යුක්තය. ඉදින් ප්‍රාර්ථනා කරන්නේද අනාගත කාලයෙහි සක්විති රජ වන්නේය. සිල්වතාට චිත්ත ප්‍රණිධි විශුද්ධ හෙයින් සමෘද්ධ වන්නේය. වෙනත් ක්‍රමයක් එයින් සත්ත්වයෝ සමෘද්ධ වෙත්නුයි සෘද්ධියි. සමෘද්ධ වූවාහු, අභිවෘද්ධියට පත්වූවාහු උසස් බවට පැමිණියාහු වෙත්යයි යූසේයි.
දසසු ඉද්ධීසු අධිට්ඨානවසෙන නිප්ඵන්නත්තා අධිට්ඨානා ඉද්ධි. පකතිවණ්ණවිජහනවිකාරවසෙන පවත්තත්තා විකුබ්බනා ඉද්ධි. සරීරබ්භන්තරෙ අඤ්ඤස්ස මනොමයස්ස සරීරස්ස නිප්ඵත්තිවසෙන පවත්තත්තා මනොමයා ඉද්ධි. ඤාණප්පවත්තිතො පුබ්බෙ වා පච්ඡා වා තංඛණෙ වා ඤාණානුභාවනිබ්බත්තො විසෙසො ඤාණවිප්ඵාරා ඉද්ධි. සමාධිතො පුබ්බෙ වා පච්ඡා වා තංඛණෙ වා සමථානුභාවනිබ්බත්තො විසෙසො සමාධිවිප්ඵාරා ඉද්ධි. චෙතොවසිප්පත්තානං අරියානංයෙව සම්භවතො අරියා ඉද්ධි. කම්මවිපාකවසෙන ජාතො විසෙසො කම්මවිපාකජා ඉද්ධි. පුබ්බෙ කතපුඤ්ඤස්ස ජාතො විසෙසො පුඤ්ඤවතො ඉද්ධි. විජ්ජාය ජාතො විසෙසො විජ්ජාමයා ඉද්ධි. තෙන තෙන සම්මාපයොගෙන තස්ස තස්ස කම්මස්ස ඉජ්ඣනං තත්ථ තත්ථ සම්මාපයොගපච්චයා ඉජ්ඣනට්ඨෙන ඉද්ධි.
දශ සෘද්ධීන්හි අදිටන් වශයෙන් නිපන් හෙයින් අධිට්ඨානා ඉද්ධියි, ප්‍රකෘති වර්ණ අත්හැරීමෙන් වන වෙනස්වීම් වශයෙන් පවත්නා හෙයින් විකුබ්බනා ඉද්ධියි. ශරීරාභ්‍යන්තරයෙහි අන් මනොමය ශරීරයක්හුගේ හටගැනීම් වශයෙන් පවත්නා හෙයින් මනොමයා ඉද්ධියි, ඤාණයාගේ හටගැන්මෙන් පෙර හෝ පසුව හෝ එකෙණෙහි හෝ ඤාණානුභාවයෙන් නිපන් විශේෂය ඤාණ විප්ඵාරා ඉද්ධියි. සමාධියෙන් පෙර හෝ පසුව හෝ එකෙණෙහි හෝ සමථානුභාවයෙන් නිපන් විශේෂය සමාධි විප්ඵාරා ඉද්ධියි. සිත් වසඟ කළ ආර්යයන්ටම හටගන්නා හෙයින් අරියා ඉද්ධියි. කර්ම විපාක වශයෙන් හටගත් විශේෂය කම්ම විපාකජා ඉද්ධියි. පෙර කළ පිනැත්තහුට හටගත් විශේෂය කම්මවිපාකජා ඉද්ධියි. පෙර කළ පිනැත්තහුට හටගත් විශේෂය පුඤ්ඤවතො ඉද්ධියි. විද්‍යාවෙන් හටගත් විශේෂය විජ්ජාමයා ඉද්ධියි. ඒ ඒ සම්‍යක් ප්‍රයෝගයෙන් ඒ ඒ ධර්මයාගේ සමෘද්ධවීම තත්ථ තත්ථ සම්මාපයොග පච්චයා ඉජ්ඣනට්ඨෙන ඉද්ධියි.
ඉද්ධියා චතස්සො භූමියොති අවිසෙසෙත්වා වුත්තෙපි යථාලාභවසෙන අධිට්ඨානවිකුබ්බනමනොමයිද්ධියා එව භූමියො, න සෙසානං. විවෙකජා භූමීති විවෙකතො වා විවෙකෙ වා ජාතා විවෙකජා භූමි. පීතිසුඛභූමීති පීතිසුඛයුත්තා භූමි. උපෙක්ඛාසුඛභූමීති තත්රමජ්ඣත්තුපෙක්ඛාය ච සුඛෙන ච යුත්තා භූමි. අදුක්ඛමසුඛාභූමීති අදුක්ඛමසුඛවෙදනායුත්තා භූමි. තෙසු පඨමදුතියානි ඣානානි පීතිඵරණතා, තීණි ඣානානි සුඛඵරණතා, චතුත්ථජ්ඣානං චෙතොඵරණතා. එත්ථ ච පුරිමානි තීණි ඣානානි යස්මා පීතිඵරණෙන ච සුඛඵරණෙන ච සුඛසඤ්ඤඤ්ච ලහුසඤ්ඤඤ්ච ඔක්කමිත්වා ලහුමුදුකම්මඤ්ඤකායො හුත්වා ඉද්ධිං පාපුණාති, තස්මා ඉමිනා පරියායෙන ඉද්ධිලාභාය සංවත්තනතො සම්භාරභූමියොති වෙදිතබ්බානි. චතුත්ථජ්ඣානං පන ඉද්ධිලාභාය පකතිභූමියෙව. ඉද්ධිලාභායාති අත්තනො සන්තානෙ පාතුභාවවසෙන ඉද්ධීනං ලාභාය. ඉද්ධිපටිලාභායාති පරිහීනානං වා ඉද්ධීනං වීරියාරම්භවසෙන පුන ලාභාය, උපසග්ගවසෙන වා පදං වඩ්ඪිතං. ඉද්ධිවිකුබ්බනතායාති ඉද්ධියා විවිධකරණභාවාය. ඉද්ධිවිසවිතායාති විවිධං විසෙසං සවති ජනෙති පවත්තෙතීති විසවී, විවිධං සවනං වා අස්ස අත්ථීති විසවී, තස්ස භාවො විසවිතා. තස්සා විසවිතාය, ඉද්ධියා විවිධවිසෙසපවත්තනභාවායාති අත්ථො. ඉද්ධිවසීභාවායාති ඉද්ධියා ඉස්සරභාවාය. ඉද්ධිවෙසාරජ්ජායාති ඉද්ධිවිසාරදභාවාය. ඉද්ධිපාදා ඤාණකථායං වුත්තත්ථා.
ඉද්ධියා චතස්සො භූමියො යයි විශේෂයක් නොකොට කියන ලද්දේ නමුත්, යථාලාභ වශයෙන්, අධිට්ඨාන, විකුර්වණ, මනොමය සෘද්ධීන්ම භූමිහුය. සෙස්සන්ගේ වශයෙන් නොවේය. විවෙකජා භූමි යනු විවේකයෙන් හෝ විවේකයෙහි හෝ හටගත්තාහු විවේකජ භූමියි පීති සුඛ භූමි යනු ප්‍රීති, සුව යුත් භූමියයි. උපෙක්ඛා සුඛ භූමි යනු තත්රමධ්ය ස්ථොපේක්ෂාවෙන්ද, සුවයෙන්ද යුත් භූමියයි. අදුක්ඛමසුඛ භූමි යනු නොදුක්, නොසුව වේදනා යුත් භූමියයි. ඒවා අතර ප්‍රථම ද්විතීය ධ්‍යානයන්, ප්‍රීතිය පැතිරීමෙන්ද, ධ්යානත්රයයක් සුවය පැතිරීමෙන්ද චතුර්ථ ධ්‍යානයන් චිත්තයාගේ පැතිරවීම් වශයෙනි. මෙහිද ප්‍රථම ත්‍රිවිධ ධ්‍යානයන් ප්‍රීතිය පැතිරීමෙන්ද, සුවය පැතිරීමෙන්ද, සුව සංඥාවටද, ලහු සංඥාවටද බැස ලහු (සැහැල්ලු) මෘදු කර්මණ්යතාවයන් වී සෘද්ධියට පැමිණේ. මෙම ක්‍රමය සෘද්ධි ප්‍රතිලාභය සඳහා පවත්නා හෙයින් සම්භාර භූමියයි දතයුත්තාහ. (හටගන්නා භූමි) චතුර්ථ ධ්‍යානය වනාහි සෘද්ධි ලාභය සඳහා ප්‍රකෘති භූමියමය. ඉද්ධිලාභාය යනු තම සන්තානයෙහි පහළවීම් වශයෙන් සෘද්ධීන්ගේ ලැබීම සඳහා, ඉද්ධිපටිලාභාය යනු පරිහානියට පත්වූ සෘද්ධීන්ගේ වීර්යාරම්භ කිරීම් වශයෙන් නැවත ලැබීම සඳහා, උපසර්ග වශයෙන් හෝ පදය වඩන ලදි. ඉද්ධි විකුබ්බනතාය යනු සෘද්ධියෙන් නොයෙක් ක්‍රියාමාර්ග සඳහා, ඉද්ධිවිසවිතාය යනු නොයෙක් විශේෂතා ගලායයි. හටගන්වයි. පවත්වයිනුයි විසවියි. විවිධ වූ ශ්‍රවණය හෝ මොහුට ඇත්තේනුයි විසවියි. එහි ස්වභාවය විසවිතායි. එම විසවිතායෙන්, සෘද්ධියෙන් විවිධ විශේෂ පවත්වන ස්වභාවය යැයි අර්ථයි. ඉද්ධි වසීභාවය යනු සෘද්ධියෙහි ස්වාමිත්වය සඳහා, ඉද්ධි වෙසාරජ්ජාය යනු සෘද්ධියෙහි විශාරද බව සඳහා (නිපුණතාවය සඳහා) සෘද්ධිපාද ඤාණ කථායෙහි කියන ලද අර්ථමය.
ඡන්දං චෙ භික්ඛු නිස්සායාති යදි භික්ඛු ඡන්දං නිස්සාය ඡන්දං අධිපතිං කරිත්වා. ලභති සමාධින්ති සමාධිං පටිලභති නිබ්බත්තෙති. සෙසෙසුපි එසෙව නයො. තත්ථ ඡන්දවීරියචිත්තවීමංසා චත්තාරි පදානි, තංසම්පයුත්තා චත්තාරො සමාධී චත්තාරි පදානීති එවං අට්ඨ පදානි. යස්මා පන ඉද්ධිමුප්පාදෙතුකාමතාඡන්දො සමාධිනා එකතො නියුත්තොව ඉද්ධිලාභාය සංවත්තති, තථා වීරියාදයො, තස්මා ඉමානි අට්ඨ පදානි වුත්තානීති වෙදිතබ්බානි.
ඡන්දං චෙ භික්ඛු නිස්සාය යනු ඉදින් භික්ෂුව ඡන්දය නිශ්‍රයකොට ඡන්දය අධිපතිකොට, ලභති සමාධිං යනු සමාධිය ලබයි. නිපදවයි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි. එහි ඡන්ද, චිත්ත, වීර්ය, වීමංසා යන සිව් පදය ඒ හා සම්ප්‍රයුක්ත සිව් සමාධි සිව්පදදැයි මෙසේ අෂ්ටපද වේ. සෘද්ධිය උපදවනු කැමැති ඡන්දය සමාධිය හා එක්ව නියුක්තවූයේම සෘද්ධි ප්‍රතිලාභය සඳහා පවතී. වීර්යාදීහුද එසේමය. එහෙයින් මෙම අට පද යූසේයි.
යං තං භගවතා අභිඤ්ඤා උප්පාදෙතුකාමස්ස යොගිනො කත්තබ්බයොගවිධිං දස්සෙන්තෙන “සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ”ති (දී· නි· 1.238) චිත්තස්ස ආනෙඤ්ජං වුත්තං, තං ථෙරො සොළසධා දස්සෙන්තො සොළසමූලානීතිආදිමාහ. තත්ථ අනොනතන්ති කොසජ්ජවසෙන අනොනතං, අසල්ලීනන්ති අත්ථො. අනුන්නතන්ති උද්ධච්චවසෙන උද්ධං න ආරුළ්හං, අනුද්ධතන්ති අත්ථො. අනභිනතන්ති ලොභවසෙන න අභිනතං, අනල්ලීනන්ති අත්ථො. අභිකාමතාය නතං අභිනතන්ති, ඉදං තාදිසං න හොතීති වුත්තං හොති. රාගෙති සඞ්ඛාරවත්ථුකෙන ලොභෙන. අනපනතන්ති දොසවසෙන න අපනතං, න ඝට්ටනන්ති අත්ථො. “නතං නතී”ති අත්ථතො එකං. අපගතනතන්ති අපනතං, ඉදං තාදිසං න හොතීති වුත්තං හොති. අනිස්සිතන්ති අනත්තතො දිට්ඨත්තා දිට්ඨිවසෙන “අත්තා”ති වා “අත්තනිය”න්ති වා කිඤ්චි න නිස්සිතං. අප්පටිබද්ධන්ති පච්චුපකාරාසාවසෙන නප්පටිබද්ධං. ඡන්දරාගෙති සත්තවත්ථුකෙන ලොභෙන. විප්පමුත්තන්ති වික්ඛම්භනවිමුත්තිවසෙන කාමරාගතො විප්පමුත්තං. අථ වා පඤ්චවිමුත්තිවසෙන කාමරාගතො විප්පමුත්තං. අථ වා පඤ්චවිමුත්තිවසෙන තතො තතො පටිපක්ඛතො විප්පමුත්තං. ඉදං පුථුජ්ජනසෙඛාසෙඛානම්පි අභිඤ්ඤාය උප්පාදනතො නිරොධසමාපත්තිඤාණෙ “සොළසහි ඤාණචරියාහී”ති (පටි· ම· 1.84) වුත්තනයෙන උක්කට්ඨපරිච්ඡෙදෙන වුත්තං, යථාලාභවසෙන පන ගහෙතබ්බං. කාමරාගෙති මෙථුනරාගෙන. විසඤ්ඤුත්තන්ති වික්ඛම්භනතො සෙසකිලෙසෙහි විසංයුත්තං, උක්කට්ඨනයෙන සමුච්ඡෙදතො වා විප්පයුත්තං. කිලෙසෙති සෙසකිලෙසෙන. විමරියාදිකතන්ති වික්ඛම්භිතබ්බමරියාදවසෙන විගතකිලෙසමරියාදං කතං, තෙන තෙන මග්ගෙන පහාතබ්බමරියාදවසෙන වා විගතකිලෙසමරියාදං කතං. කිලෙසමරියාදෙති තෙන තෙන පහීනෙන කිලෙසමරියාදෙන. ලිඞ්ගවිපල්ලාසො චෙත්ථ දට්ඨබ්බො. එකත්තගතන්ති එකාරම්මණගතං. නානත්තකිලෙසෙහීති නානාරම්මණෙ පවත්තමානෙහි කිලෙසෙහි. ඉදං ආරම්මණමපෙක්ඛිත්වා වුත්තං, “අනොනත”න්තිආදි පන කිලෙසෙ එව අපෙක්ඛිත්වා. ඔභාසගතන්ති පඤ්ඤාය විසදප්පවත්තිවසෙන පඤ්ඤොභාසං ගතං. අවිජ්ජන්ධකාරෙති බලවඅවිජ්ජාය. චතස්සො ච භූමියො සොළස ච මූලානි ඉද්ධියා පුබ්බභාගවසෙන වුත්තානි, චත්තාරො ච පාදා අට්ඨ ච පදානි පුබ්බභාගවසෙන ච සම්පයොගවසෙන ච වුත්තානීති.
අභිඥා උපදවනු කැමැති යෝගියා විසින් කළයුතු යෝග විධි දක්වන්නා වූ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘හෙතෙම මෙසේ සිත සමාහිත වූ පිරිසිදු වූ ඉතා පිරිසිදු වූ, කිළිටි රහිත, පහවූ උපක්ලේශයන් ඇති මෘදු වූ, කර්මණ්යව සිටි කම්පානොවන තත්ත්වයට පත්කල්හි, යයි සිතෙහි කම්පා නොවීම යූසේයි. ඒ තෙරහු සොළොස් ආකාරයකින් දක්වන්නාහු සොළස මූලානි යනාදිය වදාළහ. එහි අනොනතං යනු කුසීතබව වශයෙන්, පහත් බවක් නොමැතිවීම යයි අර්ථයි. අනුන්නතං යනු නොසන්සුන්කම් වශයෙන් ඉහළ නොනැගියේ, නොසන්සුන් නොවූයේ යන අර්ථයි. අනභිනතං යනු ලෝභ වශයෙන් නොඅල්ලා ගැනීම නොඇලීමයයි අර්ථයි. කාමුකත්වයට නැමුණේ අභිනතංයි. මෙය එසේ නොවේයයි යූසේයි. රාගෙන යනු සංස්කාර වස්තුක ලෝභයෙන්, අනපනතං යනු ද්වේෂ වශයෙන් නොනැමුණු, නොගැටීම යයි අර්ථයි. නතං, නති යනු අර්ථ වශයෙන් එකකි. පහවූ නැමීම අපනතංයි. එය මෙබඳු නොවේයයි යූසේයි. අනිස්සිතං යනු අනාත්ම වශයෙන් දුටු හෙයින් දෘෂ්ටි වශයෙන් ආත්මයයි හෝ ආත්මනීය යැයි හෝ කිසිවක් නිශ්රිත නොවූයේ, අප්පටිබද්ධං යනු ප්‍රත්‍යුපකාර ආශා වහයෙන් ප්‍රතිබද්ධ නොවූයේ, ඡන්දරාගෙන යනු සත් වස්තුක ලේාභයෙන්, විමුත්තං යනු විෂ්කම්භන විමුක්ති වශයෙන් කාමරාගයෙන් මිදුණේ. නොහොත් පඤ්ච විමුක්ති වශයෙන් ඒ ඒ ප්රතිපක්ෂතාවන්ගෙන් මිදුණේ. මෙය පෘථග්ජන ශෛක්ෂ්ය අශෛක්ෂ්යයන්ටද අභිඥා උපදවන හෙයින්, නිරෝධ සමාපත්ති ඤාණයෙන් සොළොස් ඤාණ චර්යාවන්ගෙන් යැයි කියන ලද ක්‍රමයෙන් උත්කෘෂ්ට පරිච්ඡේදයෙන් යූසේයි. යථාලාභ වශයෙන් ගතයුතුය. කාමරාගෙන යනු මෛථුන රාගයෙන්, විසඤ්ඤුත්තං යනු විෂ්කම්භන වශයෙන් සෙසු කෙලෙසුන්ගෙන් වෙන්වූයේ, උත්කෘෂ්ට ක්‍රමයෙන් නැසීම් වශයෙන් වෙන්වූයේ, කිලෙසෙ යනු සෙසු කෙලෙසුන්, විමරියාදි කතං යනු විෂ්කම්භනය කරන ලද සීමා වශයෙන් පහවූ කෙලෙස් සීමා කරන ලදුයේ, ඒ ඒ මා්ගයෙන් ප්රහාණය කළයුතු සීමා වශයෙන් හෝ පහවූ කෙලෙස් සීමා කරන ලදුයේ, කිලෙස මරියාදෙ යනු එයින් ප්‍රහීණ කෙලෙස් සීමාවෙන්, මෙහි ලිංග විපර්යාසය දතයුතුය. එකත්තගතං එක් අරමුණකට ගියා වූ, නානත්ත කිලෙසෙහි යනු නොයෙක් අරමුණුවල පවත්නා කෙලෙසුන්ගෙන්, මෙය අරමුණ අපේක්ෂාකොට යූසේයි. අනොන්තං ආදිය වනාහි කෙලෙසුන්ම අපේක්ෂාකොට යූසේයි. ඔභාසගතං යනු ප්‍රඥාවෙහි ප්‍රකට පැවතීම් වශයෙන් ප්‍රඥාලෝකයට ගිය, අවිද්යාන්ධකාරයන්ගෙන් බලවත් අවිද්‍යාවෙන්, සිව්භූමීහු සොළොස් මූල සෘද්ධියෙහි පූර්වභාග වශයෙන් යූ.සේයි. සිව් සිව් පාද, අටපදයන්, පූර්වභාග වශයෙන්ද සම්ප්‍රයෝග වශයෙන්ද යූසේයි.
එවං ඉද්ධියා භූමිපාදපදමූලභූතෙ ධම්මෙ දස්සෙත්වා ඉදානි තා ඉද්ධියො දස්සෙන්තො කතමා අධිට්ඨානා ඉද්ධීතිආදිමාහ. තත්ථ උද්දෙසපදානං අත්ථො ඉද්ධිවිධඤාණනිද්දෙසෙ වුත්තොයෙව. ඉධ භික්ඛූති ඉමස්මිං සාසනෙ භික්ඛු. තෙන සබ්බපකාරවසෙන ඉද්ධිවිධකාරකස්ස අඤ්ඤත්ථ අභාවං දීපෙති. ඉමෙසං ද්වින්නං පදානං නිද්දෙසො හෙට්ඨා වුත්තත්ථො. තෙනෙව ච ඉද්ධියා භූමිපාදපදමූලභූතෙහි ධම්මෙහි සමන්නාගතො විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 2.365-366) වුත්තෙහි චුද්දසහි පන්නරසහි වා ආකාරෙහි පරිදමිතචිත්තතා ච ඡන්දාදිඑකෙකාධිපතිසමාපජ්ජනවසෙන ආවජ්ජනාදිවසීභාවවසෙන ච මුදුකම්මඤ්ඤකතචිත්තතා ච වුත්තා හොති. බලවපුබ්බයොගසම්පන්නො පුබ්බයොගසම්පත්තියා අරහත්තපටිලාභෙනෙව පටිලද්ධාභිඤ්ඤාදිගුණො භික්ඛු භූමිආදීහි ධම්මෙහි සමන්නාගතො හොතීති කත්වා සොපි වුත්තොව හොති.
මෙසේ සෘද්ධියෙහි භූමි, පාද, පද, මූල වූ ධර්මයන් පෙන්වා, දැන් එම සෘද්ධීන් පෙන්වනුයේ කතමා අධිට්ඨානා ඉද්ධි යනාදිය වදාළහ. එහි උදෙසීම් පදයන්හි අර්ථ, සෘද්ධිවිධ ඤාණ නිර්දේශයෙහි යූ.සේයි. ඉධ භික්ඛු යනු මෙ සස්නෙහි භික්ෂුව, ඉන් සියලු ආකාර සෘද්ධිවිධ කාරකයාගේ අන් තන්හි අභාවය දක්වයි. මෙම දෙපදයන්ගේ නිර්දේශය කියන ලද අර්ථමය. එහෙයින්ම සෘද්ධිායෙහි භූමි, පාද, පද මූල වූ ධර්මයන්ගෙන් යුක්ත වූයේ, විශුද්ධි මාර්ගයෙහි කියන ලද තුදුසක් හෝ පසළොසක් වූ ආකාරයන්ගෙන්, මනාව දමනය කරන ලද සිතැති බවද, ඡන්දාදී එකිනෙක අධිපති සමවැදීම් වශයෙන් ආවර්ජනාදී වසීභාව වශයෙන්ද මෘදු කර්මණ්ය කළ සිතැති බවද යූ.සේයි. බලවත් පූර්වයෝග යුත්, පූර්වයොග සම්පතින් අර්හත්ව ප්රතිලාභයෙන්ම ලද අභිඥාදී ගුණ යුත් භික්ෂුව භූමි ආදී ධර්මයන්ගෙන් යුක්ත වූයේ වේයැයි සලකා එයද යූසේයි.
බහුකං ආවජ්ජතීති පථවීකසිණාරම්මණං අභිඤ්ඤාපාදකං චතුත්ථජ්ඣානං සමාපජ්ජිත්වා වුට්ඨාය සචෙ සතං ඉච්ඡති, “සතං හොමි, සතං හොමී”ති පරිකම්මකරණවසෙන ආවජ්ජති. ආවජ්ජිත්වා ඤාණෙන අධිට්ඨාතීති එවං පරිකම්මං කත්වා අභිඤ්ඤාඤාණෙන අධිට්ඨාති. එත්ථ පරිකම්මං කත්වා පුන පාදකජ්ඣානසමාපජ්ජනං න වුත්තං. කිඤ්චාපි න වුත්තං, අථ ඛො අට්ඨකථායං (විසුද්ධි· 2.386) “ආවජ්ජතීති පරිකම්මවසෙනෙව වුත්තං, ආවජ්ජිත්වා ඤාණෙන අධිට්ඨාතීති අභිඤ්ඤාඤාණවසෙන වුත්තං, තස්මා බහුකං ආවජ්ජති, තතො තෙසං පරිකම්මචිත්තානං අවසානෙ සමාපජ්ජති, සමාපත්තිතො වුට්ඨහිත්වා පුන ‘බහුකො හොමී’ති ආවජ්ජිත්වා තතො පරං පවත්තානං තිණ්ණං චතුන්නං වා පුබ්බභාගචිත්තානං අනන්තරා උප්පන්නෙන සන්නිට්ඨාපනවසෙන අධිට්ඨානන්ති ලද්ධනාමෙන එකෙනෙව අභිඤ්ඤාඤාණෙන අධිට්ඨාතීති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො”ති වුත්තත්තා එවමෙව දට්ඨබ්බං. යථා “භුඤ්ජිත්වා සයතී”ති වුත්තෙ පානීයං අපිවිත්වා හත්ථධොවනාදීනි අකත්වා භුත්තානන්තරමෙව සයතීති අත්ථො න හොතීති අන්තරා සන්තෙසුපි අඤ්ඤෙසු කිච්චෙසු “භුත්වා සයතී”ති වුච්චති, එවමිධාපීති දට්ඨබ්බං. පඨමං පාදකජ්ඣානසමාපජ්ජනම්පි හි පාළියං අවුත්තමෙවාති. තෙන පන අධිට්ඨානඤාණෙන සහෙව සතං හොති. සහස්සෙපි සතසහස්සෙපි එසෙව නයො. සචෙ එවං න ඉජ්ඣති, පුන පරිකම්මං කත්වා දුතියම්පි සමාපජ්ජිත්වා වුට්ඨාය අධිට්ඨාතබ්බං. සංයුත්තට්ඨකථායඤ්හි “එකවාරං ද්විවාරං සමාපජ්ජිතුං වට්ටතී”ති වුත්තං. තත්ථ පාදකජ්ඣානචිත්තං නිමිත්තාරම්මණං, පරිකම්මචිත්තානි සතාරම්මණානි වා සහස්සාරම්මණානි වා. තානි ච ඛො වණ්ණවසෙන, න පණ්ණත්තිවසෙන. අධිට්ඨානචිත්තම්පි තථෙව සතාරම්මණං වා සහස්සාරම්මණං වා. තං පුබ්බෙ වුත්තඅප්පනාචිත්තමිව ගොත්රභුඅනන්තරං එකමෙව උප්පජ්ජති රූපාවචරචතුත්ථජ්ඣානිකං.
බහුකං ආවජ්ජති යනු පෘථුවි කසිණාරම්මණ, අභිඥාපාදක චතුර්ථ ධ්‍යානයට සමවැද, නැගිට, ඉදින් සියයක් කැමැති වේද, සියයක් වෙමි. සියයක් වෙමියි පරිකර්ම කිරීම් වශයෙන් ආවර්ජනා කරයි. ආවජ්ජිත්වා ඤාණෙන අධිට්ඨාති යනු මෙසේ පරිකර්ම කොට අභිඥා ඥානයෙන් අධිෂ්ඨාන කරයි. මෙහි පරිකර්මකොට නැවත පාදකධ්‍යාන සමවැදීම යූ.සේයි. කිසිසේත් නොකියන ලදි. තවද අටුවායෙහි ආවර්ජනා කෙරේයයි පරිකර්ම වශයෙන්ම යූ.සේයි. ආවර්ජනය කොට ඤාණයෙන් අධිෂ්ඨාන කෙරේයයි අභිඥා ඥාන වශයෙන් යූසේයි. එහෙයින් බොහෝකොට ආවර්ජනා කෙරේ. ඉක්බිති එම පරිකර්ම චිත්තයන්ගේ අවසානයෙහි සමවදී. සමවතින් නැගිට නැවත බොහෝ දෙනෙක් වෙමියි ආවර්ජනා කොට ඉන් මත්තෙහි පවත්නා තුනක් හෝ සතරක් වූ පූර්වභාග චිත්තයන්ට අනතුරුව උපන් තීරණය කිරීම් වශයෙන් අධිෂ්ඨානයැයි ලද නාමයෙන් එක්ම අභිඥා ඥානයෙන් අධිෂ්ඨාන කෙරේයැයි මෙසේ මෙහි අර්ථ දතයුතුයැයි යූසෙයින් එපරිද්දෙන්ම දතයුතුයි. ‘අනුභව කොට සයනය කෙරේ’ යයි කී කල්හි ජලය පානය නොකොට, අත් සේදීම් ආදිය නොකොට, අනුභව කළ අනතුරුවම සයනය කෙරේයයි අර්ථය නොවේ. අන් කෘත්‍යයන්හි අතරක් ඇතිකල්හිම අනුභව කොට සයනය කෙරේයයි යූ.සේයි. මෙසේ මෙහිද දතයුතුය. පළමුව පාදකධ්‍යාන සමවැදීමද පෙළෙහි නොකියන ලද්දේමය. එම අධිෂ්ඨාන ඥානය සමගම සියයක් වේ. දහසෙහිද ලක්ෂයෙහිද එම ක්‍රමයමය. ඉදින් මෙසේ සිදු නොවේද? නැවත පිරියම්කොට, දෙවනුවද සමවැද, නැගිට අධිෂ්ඨාන කළයුතුය. සංයුත්තට්ඨ කථායෙහි එක්වරක් දෙවරක් සමවදින්ට සුදුසුයැයි යූසේයි. එහි පාදකධ්‍යාන සිත නිමිත්තාරම්මණය, පරිකර්ම සිත් සියක් අරමුණු හෝ දහසක් අරමුණු හෝ වෙයි. ඒවා වනාහි වර්ණ වශයෙනි. ප්රඥප්ති වශයෙන් නොවේ. අධිෂ්ඨාන සිතද එසේම සියක් අරමුණු හෝ දහසක් අරමුණු හෝ වෙයි. එය පෙර කියන ලද අර්පණා සිත මෙන් ගොත්රභූවට අනතුරුව රූපාවචර චතුර්ථධ්යානික එකක්ම උපදියි.
යථායස්මා චූළපන්ථකො එකොපි හුත්වා බහුධා හොතීති බහුධාභාවස්ස කායසක්ඛිදස්සනත්ථං වුත්තං. වත්තමානවචනං පනෙත්ථ ථෙරස්ස තථාකරණපකතිකත්තා තස්ස ධරමානකාලත්තා ච කතන්ති වෙදිතබ්බං. එකො හොතීති වාරෙපි එසෙව නයො.
යථායස්මා චූලපන්ථකො එකොපි හුත්වා බහුධා හොති යනු බොහෝ ආකාර භාවයාගේ කාය සාක්ෂි දැක්වීම සඳහා යූ.සේයි. මෙහි වර්තමාන කාල වචනය තෙරුන්ගේ එසේ කරන ස්වභාව හෙයින්, ඔහුගේ ජීවමාන කාලය ලෙසින් සලකා කරන ලදැයි දතයුතුය. එකොපි හොති යන වාරයෙහිද එම ක්‍රමයමැයි.
තත්රිදං වත්ථු (විසුද්ධි· 2.386) – තෙ ද්වෙ භාතරො කිර ථෙරා පන්ථෙ ජාතත්තා “පන්ථකා”ති නාමං ලභිංසු. තෙසු ජෙට්ඨො මහාපන්ථකො පබ්බජිත්වා සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි. සො අරහා හුත්වා චූළපන්ථකං පබ්බාජෙත්වා –
එහි මේ කථාවස්තුවයි. එම දෙසොහොවුරෝ මාර්ගයෙහි උපන්හෙයින් පන්ථක යන නාමය ලදහ. ඔවුනතර දෙටු සොහොවුරු මහාපන්ථක පැවිදිව පිළිසිඹියා සහිතව අර්හත්වයට පැමිණියේය. ඔහු අර්හත්වයට පත්ව චූලපන්ථක පැවිදි කරවා,
“පදුමං යථා කොකනදං සුගන්ධං, පාතො සියා ඵුල්ලමවීතගන්ධං; අඞ්ගීරසං පස්ස විරොචමානං, තපන්තමාදිච්චමිවන්තලික්ඛෙ”ති. (අ· නි· 5.195; සං· නි· 1.123) –
පදුමං යථා කොකනදං සුගන්ධං, පාතො සියා ඵුල්ලමවීත ගන්ධං, අංගීරසං පස්ස විරොචමානං, තපන්ත මාදිච්ච මිවන්ත ලික්ඛෙති
උදෑසන පිපුණු පහනොවූ සුවඳැති, රත් පියුම් පුෂ්පයක් යම්සේ සුවඳවත් වන්නේද? එබඳු වූ අහසෙහි බබළන සූර්යයා බඳු, බබළන්නා වූ අංගීරසයන් වහන්සේ බලව යන මෙම ගාථාව දුන්නේය.
ඉමං ගාථං අදාසි. සො තං චතූහි මාසෙහි පගුණං කාතුං නාසක්ඛි. අථ නං ථෙරො “අභබ්බො ත්වං ඉමස්මිං සාසනෙ, නික්ඛම ඉතො”ති ආහ. තස්මිඤ්ච කාලෙ ථෙරො භත්තුද්දෙසකො හොති. ජීවකො කොමාරභච්චො බහුං මාලාගන්ධවිලෙපනං ආදාය අත්තනො අම්බවනං ගන්ත්වා සත්ථාරං පූජෙත්වා ධම්මං සුත්වා දසබලං වන්දිත්වා ථෙරං උපසඞ්කමිත්වා “ස්වෙ, භන්තෙ, බුද්ධප්පමුඛානි පඤ්ච භික්ඛුසතානි ආදාය අම්හාකං නිවෙසනෙ භික්ඛං ගණ්හථා”ති ආහ. ථෙරොපි “ඨපෙත්වා චූළපන්ථකං සෙසානං අධිවාසෙමී”ති ආහ. තං සුත්වා චූළපන්ථකො භිය්‍යොසො මත්තාය දොමනස්සප්පත්තො හුත්වා පුනදිවසෙ පාතොව විහාරා නික්ඛමිත්වා සාසනෙ සාපෙක්ඛතාය විහාරද්වාරකොට්ඨකෙ රොදමානො අට්ඨාසි.
හෙතෙම එය සිව්මසක් තුළ ප්‍රගුණ කරන්ට නොහැකිවිය. ඉක්බිති තෙරහු ඔහුට, නුඹ මෙසස්නෙහි පැවිදිව සිටීමට නුසුදුස්සෙකි. මින් ‘නික්ම යව’යි කීයේය. එකල්හි තෙරහු භත්තුද්දෙසක වෙති. කෞමාර භෘත්‍ය ජීවක තෙමේ බොහෝ මල්, ගඳ, විලවුන් ගෙන තම අඹවනයට ගොස් ශාස්තෲන් වහන්සේ පූජාකොට, ධර්මශ්රවණය කොට, දශබලධාරීන් වහන්සේ නැමද, තෙරුන් කරා එළඹ, ‘ස්වාමීනි, හෙට බුද්ධප්‍රමුඛ පන්සියයක් භික්ෂූන් රැගෙන අප නිවසෙහි භික්ෂාව ගනු මැනවැයි කීයේය. තෙරහුද, චූලපන්ථක හැර සෙස්සන්ගේ වශයෙන් ඉවසමියි කිවූහ. එය අසා චූලපන්ථක තෙමේ, බොහෝසෙයින් දොම්නසට පත්වූයේය. දෙවන දින උදෑසනින්ම විහාරයෙන් නික්ම සස්නෙහි අපේක්ෂා සහිතව විහාර දොර කොටුයෙහි හඬමින් සිටියේය.
භගවා තස්ස උපනිස්සයං දිස්වා තං උපසඞ්කමිත්වා “කස්මා රොදසී”ති ආහ. සො තං පවත්තිං ආචික්ඛි. භගවා “න සජ්ඣායං කාතුං අසක්කොන්තො මම සාසනෙ අභබ්බො නාම හොති, මා සොචි, පන්ථකා”ති චක්කචිත්තතලෙන පාණිනා තස්ස සීසං පරාමසිත්වා තං බාහායං ගහෙත්වා විහාරං පවිසිත්වා ගන්ධකුටිපමුඛෙ නිසීදාපෙත්වා ඉද්ධියා අභිසඞ්ඛතං පරිසුද්ධං පිලොතිකඛණ්ඩං “ඉමං පිලොතිකං ‘රජොහරණං රජොහරණ’න්ති හත්ථෙන පරිමජ්ජන්තො නිසීද, පන්ථකා”ති වත්වා තස්ස පිලොතිකඛණ්ඩං දත්වා කාලෙ ආරොචිතෙ භික්ඛුසඞ්ඝපරිවුතො ජීවකස්ස ගෙහං ගන්ත්වා පඤ්ඤත්තාසනෙ නිසීදි. තස්ස තං පිලොතිකඛණ්ඩං තථාපරිමජ්ජන්තස්ස කිලිට්ඨං හුත්වා කමෙන කාළවණ්ණං අහොසි. සො “ඉදං පරිසුද්ධං පිලොතිකඛණ්ඩං, නත්ථෙත්ථ දොසො, අත්තභාවං නිස්සාය පනායං දොසො”ති සඤ්ඤං පටිලභිත්වා පඤ්චසු ඛන්ධෙසු ඤාණං ඔතාරෙත්වා විපස්සනං වඩ්ඪෙසි. අථස්ස භගවා ඔභාසං විස්සජ්ජෙත්වා පුරතො නිසින්නො විය පඤ්ඤායමානරූපො හුත්වා ඉමා ඔභාසගාථා අභාසි –
භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ හේතුසම්පත් දැක, ඔහු කරා එළැඹ කවර හෙයින් හඬන්නෙහිදැයි විචාළ සේක. හෙතෙම එම පුවත කීයේය. භාග්‍යවතුන් වහන්සේ හැදෑරීම් කරන්ට නොහැකිවනුයේ මාගේ ශාසනයෙහි අභව්යයෙක් නම් නොවේ. පන්ථක සෝක නොකරවයි චක්‍ර ලක්ෂණ ඇති අත්ලෙන් ඔහුගේ හිස ස්පර්ශකොට, ඔහු අතින් අල්ලාගෙන, විහාරයට පිවිස, ගඳකිළි ඉදිරිපස හිඳුවා, සෘද්ධියෙන් මැවූ පිරිසිදු දිරූ රෙදිකඩක් ‘මෙම දිරූ රෙදිකඩ ‘රජෝහරණං රජෝහරණං’ යනුවෙන් අතින් පිරිමදිමින් හිඳුව පන්ථකයැයි කියා, ඔහුට දිරූ රෙදිකඩ දී, කල් දැන්වූ කල්හි භික්ෂු සංඝයා පිරිවරන ලදුයේ ජීවකයාගේ ගෙට ගොස් පනවන ලද අස්නෙහි වැඩහුන් සේක. එසේ පිරිමදින්නා වූ ඔහුගේ එම දිරුණු රෙදිකඩ කිළිටිව ක්‍රමයෙන් කලුවන් විය. හෙතෙම, මේ පිරිසිදු දිරුණු රෙදිකඩකි. මෙහි දොසෙක් නැත. මෙම දෝෂය ආත්මභාවය නිසායැයි හැඟීම් ලැබ, පඤ්චස්කන්ධයන්හි නුවණ බහා විදර්ශනා වැඩීය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුට ආලෝකයක් විහිදුවා ඉදිරිපස හිඳින්නාක් මෙන් දර්ශනය වනු ලබන ආකාරයක්ව මෙම ආලෝක ගාථා වදාළේය.
“රාගො රජො න ච පන රෙණු වුච්චති, රාගස්සෙතං අධිවචනං රජොති; එතං රජං විප්පජහිත්ව භික්ඛවො, විහරන්ති තෙ විගතරජස්ස සාසනෙ.
රාගො රජො නච පන රෙණු වුච්චති, රාගස්සෙතං අධිවචනං රජොති, එතං රජං විප්පජහිත්ව භික්ඛවො, විහරන්ති තෙ විගත රජස්ස සාසනෙ
රාගය කිලුටකි. දුහුවිල්ලක් යයි නොකියනු ලැබේ. රජස් යනු රාගයට විශේෂ නාමයකි. භික්ෂූහු එම කිලුට දුරුකොට, පහවූ කිලිටි ඇත්තහුගේ සස්නෙහි වෙසෙත්.
“දොසො…පෙ… සාසනෙ.
දොසො -පෙ- සාසනෙ ද්වේෂය සස්නෙහි
“මොහො රජො න ච පන රෙණු වුච්චති, මොහස්සෙතං අධිවචනං රජොති; එතං රජං විප්පජහිත්ව භික්ඛවො, විහරන්ති තෙ විගතරජස්ස සාසනෙ. (මහානි· 209);
මොහො -පෙ- සාසනෙ මෝහය සස්නෙහි
“අධිචෙතසො අප්පමජ්ජතො, මුනිනො මොනපථෙසු සික්ඛතො; සොකා න භවන්ති තාදිනො, උපසන්තස්ස සදා සතීමතො”ති. (උදා· 37);
අධිචෙතසො අප්පමජ්ජතො, මුනිනො මොන පථෙසු සික්ඛතො, සොකා නභවන්ති තාදිනො, උපසන්තස්ස සදා සතීමතො ති
මුනිවරයෙකු ගමන් කළයුතු මාර්ගයෙහි ගමන් කරමින් හික්මෙන්නා වූ, උසස් චිත්ත සමාධීන්හි අප්‍රමාද වන්නා වූ තාදි ගුණ යුත්, හැමකල්හි සිහියෙන් යුත් උපශාන්ත මුනීහුට සෝකයෝ හට නොගනිත්.
ගාථාපරියොසානෙ ථෙරො සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි. සො මනොමයජ්ඣානලාභී හුත්වා එකො හුත්වා බහුධා, බහුධා හුත්වා එකො භවිතුං සමත්ථො අහොසි. අරහත්තමග්ගෙනෙවස්ස තීණි පිටකානි ඡ ච අභිඤ්ඤා ආගමිංසු.
ගාථාවසානයෙහි තෙරහු ප්‍රතිසම්භිදා සහිතව අර්හත්වයට පැමිණියහ. හෙතෙම මනෝමය ධ්‍යානලාභියෙක් බවට පත්ව, එකෙක්ව බොහෝ වීමටත්, බොහෝව එකෙක් වීමටත් සමර්ථ වූයේය. අර්හත් මාර්ගාවබෝධය සමගම ත්රිපිටකාවබෝධයද, ෂට් අභිඥාද ලදහ.
ජීවකොපි ඛො දසබලස්ස දක්ඛිණොදකං උපනාමෙසි. සත්ථා පත්තං හත්ථෙන පිදහිත්වා “කිං භන්තෙ”ති පුට්ඨො “විහාරෙ එකො භික්ඛු අත්ථි, ජීවකා”ති ආහ. සො පුරිසං පෙසෙසි “ගච්ඡ අය්යං ගහෙත්වා සීඝං එහී”ති. චූළපන්ථකත්ථෙරො තස්ස පුරිසස්ස පුරෙ ආගමනායෙව භාතරං අත්තනො පත්තවිසෙසං ඤාපෙතුකාමො භික්ඛුසහස්සං නිම්මිනිත්වා එකම්පි එකෙන අසදිසං, එකස්සාපි ච චීවරවිචාරණාදිසාමණකකම්මං අඤ්ඤෙන අසදිසං අකාසි. පුරිසො ගන්ත්වා විහාරෙ බහූ භික්ඛූ දිස්වා පච්චාගන්ත්වා “බහූ, භන්තෙ, විහාරෙ භික්ඛූ, පක්කොසිතබ්බං අය්යං න පස්සාමී”ති ජීවකස්ස කථෙසි. ජීවකො සත්ථාරං පුච්ඡිත්වා තස්ස නාමං වත්වා පුන තං පෙසෙසි. සො ගන්ත්වා “චූළපන්ථකො නාම කතරො භන්තෙ”ති පුච්ඡි. “අහං චූළපන්ථකො, අහං චූළපන්ථකො”ති සකිංයෙව මුඛසහස්සං කථෙසි. සො පුන ගන්ත්වා “සබ්බෙපි කිර චූළපන්ථකා, අහං පක්කොසිතබ්බං න ජානාමී”ති ආහ. ජීවකො පටිවිද්ධසච්චතාය “ඉද්ධිමා භික්ඛූ”ති නයතො අඤ්ඤාසි. භගවා ආහ – “ගච්ඡ, යං පඨමං පස්සසි, තං චීවරකණ්ණෙ ගහෙත්වා සත්ථා තං ආමන්තෙතීති වත්වා ආනෙහී”ති. සො ගන්ත්වා තථා අකාසි. තාවදෙව සබ්බෙපි නිම්මිතා අන්තරධායිංසු. ථෙරො තං උය්යොජෙත්වා මුඛධොවනාදිසරීරකිච්චං නිට්ඨපෙත්වා පඨමතරං ගන්ත්වා පඤ්ඤත්තාසනෙ නිසීදි. තස්මිං ඛණෙ සත්ථා දක්ඛිණොදකං ගණ්හිත්වා භත්තකිච්චං කත්වා චූළපන්ථකත්ථෙරෙනෙව භත්තානුමොදනං ධම්මකථං කථාපෙසි. ථෙරො දීඝමජ්ඣිමාගමප්පමාණං ධම්මකථං කථෙසීති.
ජීවක තෙමේද දශබලධාරීන් වහන්සේට දක්ෂිණෝදකය එළැවීය. ශාස්තෲන් වහන්සේ පාත්‍රය අතින් වසා ‘ස්වාමීනි, කවර හෙයින්දැයි විචාරන ලද සේක් ‘ජීවක වෙහෙරෙහි එක් භික්ෂුවක් සිටී යයි වදාළ සේක. හෙතෙම යව. ආර්යයන් වහන්සේ කැටුව වහා එවයයි කියා පුරුෂයෙකු යැවීය. චුල්ලපන්ථක තෙරහු තම සහෝදරයාට තමා පැමිණි උසස් ඤාණය හඟවනු කැමැතියේ එම පුරුෂයාගේ පැමිණීමට කල්තබාම භික්ෂූන් දහසක් නිර්මිතකොට එක් අයෙකුගෙන් එක් අයෙක් අසමාන වන ලෙසද, එක් අයෙකුගේ සිවුරු මැසීම් ආදී සාසනික කටයුතු අනෙකාගෙන් අසමාන වන ලෙසද නිර්මිත කළහ. පුරුෂයා ගොස් වෙහෙරෙහි බොහෝ භික්ෂූන් දැක ආපසු අවුත්, ස්වාමීනි වෙහෙරෙහි භික්ෂූහු බොහෝය. කැඳවිය යුතු ආර්යයන් වහන්සේ නොදකිමියි ජීවකට කීය. ජීවක තෙමේ ශාස්තෲන් වහන්සේ විමසා ඔහුගේ නම කියාදී නැවත ඔහු යැවීය. ඔහු ගොස් ස්වාමීනි, චූලපන්ථක නම් කවරෙක්දැයි විචාළේය. මම චූලපන්ථක, මම චූලපන්ථකයැයි එක්වරම මුව සහසක් කීයේය. ඔහු නැවත ගොස් සියල්ලෝ චූලපන්ථකයහ. මම කැඳවිය යුතු අය නොදනිමියි කීයේය. ජීවක තෙමේ ප්‍රතිවේධ කළ සිව්සස් හෙයින් සෘද්ධිමත් භික්ෂුවකැයි න්‍යාය අනුව දැනගති. භාග්‍යවතුන් වහන්සේ යව, යමෙක් පළමුව දක්නෙහිද? ඔහු සිවුරු කොණින් ගෙන ශාස්තෲන් වහන්සේ නුඹ අමතන සේක යයි කියා ගෙන එවයි වදාළ සේක. හෙතෙම ගොස් එසේ කළේය. එකෙණෙහිම සියලු නිර්මිතයෝ අතුරුදන් වූහ. තෙරහු ඔහු පිටත්කර යවා, මුව දෝවනාදී සිරුරු කිස නිමවා පළමුව ගොස් පැනැවූ අස්නෙහි හුන්හ. එකෙණෙහි ශාස්තෲන් වහන්සේ දක්ෂිණෝදකය ගෙන, බත් කිස කොට, චුල්ලපන්ථක තෙරුන් ලවාම භුක්තානුමෝදනා ධර්මදේශනය කරවූහ. තෙරහු දීඝ, මජ්ඣිම නිකාය ප්‍රමාණ ධර්මකථාවක් කළහ.
අඤ්ඤෙ භික්ඛූ අධිට්ඨානෙන මනොමයං කායං අභිනිම්මිනිත්වා තයො වා චත්තාරො වා අභිනිම්මිනන්ති, බහුකෙ එකසදිසෙයෙව ච කත්වා නිම්මිනන්ති එකවිධමෙව කම්මං කුරුමානෙ. චූළපන්ථකත්ථෙරො පන එකාවජ්ජනෙනෙව භික්ඛුසහස්සං මාපෙසි. ද්වෙපි ජනෙ න එකසදිසෙ අකාසි, න එකවිධං කම්මං කුරුමානෙ. තස්මා මනොමයං කායං අභිනිම්මිනන්තානං අග්ගො නාම ජාතො. අඤ්ඤෙ පන බහූ අනියමෙත්වා නිම්මිතා ඉද්ධිමතා සදිසාව හොන්ති. ඨානනිසජ්ජාදීසු ච භාසිතතුණ්හීභාවාදීසු ච යං යං ඉද්ධිමා කරොති, තං තදෙව කරොන්ති. සචෙ පන නානාවණ්ණං කාතුකාමො හොති කෙචි පඨමවයෙ කෙචි මජ්ඣිමවයෙ කෙචි පච්ඡිමවයෙ, තථා දීඝකෙසෙ උපඩ්ඪමුණ්ඩෙ මුණ්ඩෙ මිස්සකකෙසෙ උපඩ්ඪරත්තචීවරෙ පණ්ඩුකචීවරෙ පදභාණධම්මකථාසරභඤ්ඤපඤ්හාපුච්ඡනපඤ්හාවිසජ්ජනරජනපචනචීවරසිබ්බනධොවනාදීනි කරොන්තෙ අපරෙපි වා නානප්පකාරකෙ කාතුකාමො හොති, තෙන පාදකජ්ඣානතො වුට්ඨාය “එත්තකා භික්ඛූ පඨමවයා හොන්තූ”තිආදිනා නයෙන පරිකම්මං කත්වා පුන සමාපජ්ජිත්වා වුට්ඨාය අධිට්ඨාතබ්බං, අධිට්ඨානචිත්තෙන සද්ධිං ඉච්ඡිතිච්ඡිතප්පකාරායෙව හොන්තීති. එසෙව නයො බහුධාපි හුත්වා එකො හොතීතිආදීසු.
අනෙක් භික්ෂූහු අධිෂ්ඨානයෙන් මනෝමය ශරීර නිර්මිතකොට තුනක් හෝ සතරක් නිර්මිත කෙරෙති. බොහෝ අය එක් සමානවූයේම, ඒකාකාර වූම ක්‍රියාවන් කරනවුන් කොට නිර්මිත කෙරෙති. චූලපන්ථක තෙරහු ඒකාවර්ජනයෙන්ම භික්ෂූන් දහසක් මැවූහ. දෙදෙනෙක් එක් සමාන නොකළහ. එක් ආකාර ක්‍රියා කරන අය ලෙසින්ද නොම කළහ. එහෙයින් මනෝමය කාය නිර්මාණය කරන්නන් අතර අග්රයෙක් නම් වූයේය. අනෙක් බොහෝ අය නියම නොකොට නිර්මිත කළාහු සෘද්ධිමතා සමා නම වෙති. සිටීම් හිඳීම් ආදියෙහිද කථාකිරීම් තෘෂ්ණීභාවාදීන්හිද, සෘද්ධිමතා යම් යම් දේ කරයිද, ඒ ඒ දේම නිර්මිතයද කරයි. ඉදින් වනාහි නොයෙක් වර්ණ කරනු කැමැතියේ වේද, සමහරු ප්‍රථම වයසෙහි, සමහරු මධ්‍යම වයසෙහි, සමහරු පශ්චිම වයසෙහි, එසේම දික් කෙස්, අර්ධයක් මුඩුකළ, මුඩුකළ, මිශ්රකෙස්, අර්ධයක් රත් සිවුරු, පඬුවන් සිවුරු, දහම්පද කියන, ධර්මකථා කියන හඬ නගා කියන, ප්‍රශ්න විමසන, ප්‍රශ්න විසඳන, පඬු පොවන, පඬු තම්බන, සිවුරු මහන, සේදීම් ආදිය කරනවුන්, අන්‍ය වූ හෝ නොයෙක් ආකාරයන් කරනු කැමැතියේ වේද, ඔහු විසින් පාදක ධ්‍යානයෙන් නැගිට මෙතෙක් භික්ෂූහු ප්‍රථම වයසෙහි වෙත්වායි ආදී ක්‍රමයෙන් පරිකර්ම කොට නැවත සමවැද නැගිට අධිෂ්ඨාන කළයුතුය. අධිෂ්ඨාන සිත සමගම කැමැති කැමැති ආකාරම වෙයි. බහුධාපි හුත්වා එකොහොති ආදීන්හිද එම ක්‍රමයමැයි.
අයං පන විසෙසො – පකතියා බහුකොති නිම්මිතකාලබ්භන්තරෙ නිම්මිතපකතියා බහුකො. ඉමිනා ච භික්ඛුනා එවං බහුභාවං නිම්මිනිත්වා පුන “එකොව හුත්වා චඞ්කමිස්සාමි, සජ්ඣායං කරිස්සාමි, පඤ්හං පුච්ඡිස්සාමී”ති චින්තෙත්වා වා, “අයං විහාරො අප්පභික්ඛුකො, සචෙ කෙචි ආගමිස්සන්ති ‘කුතො ඉමෙ එත්තකා එකසදිසා භික්ඛූ, අද්ධා ථෙරස්ස එස ආනුභාවො’ති මං ජානිස්සන්තී”ති අප්පිච්ඡතාය වා අන්තරාව “එකො හොමී”ති ඉච්ඡන්තෙන පාදකජ්ඣානං සමාපජ්ජිත්වා වුට්ඨාය “එකො හොමී”ති පරිකම්මං කත්වා පුන සමාපජ්ජිත්වා වුට්ඨාය “එකො හොමී”ති අධිට්ඨාතබ්බං. අධිට්ඨානචිත්තෙන සද්ධිංයෙව එකො හොති. එවං අකරොන්තො පන යථාපරිච්ඡින්නකාලවසෙන සයමෙව එකො හොති.
මෙය විශේෂයයි. පකතියා බහුකො යනු නිර්මිත කාලාභ්යන්තරයෙහි නිර්මිත ප්‍රකෘතියෙන් බොහෝවැ, මේ භික්ෂුව විසින්ද මෙසේ බොහෝ භාවය නිර්මිතකොට නැවත එකෙක්ව සක්මන් කරන්නෙමි. සජ්ඣායනා කරන්නෙමි. ප්‍රශ්න විචාරන්නෙමියි සිතා, මෙම විහාරය අල්ප භික්ෂුකය. ඉදින් කිසිවෙක් පැමිණෙන්නාහුද? මෙතෙක් මේ එක් සමාන භික්ෂූහු කොයින්ද? ඒකාන්තයෙන් මෙය තෙරුන්ගේ ආනුභාවයයි මා හඳුනා ගන්නාහුයයි, අල්පේච්ඡතායෙන් හෝ අතරතුර එකෙක් වෙමියි කැමැති වන්නහු විසින් පාදක ධ්‍යානයට සමවැද, නැගිට එකෙක් වෙමියි පරිකර්මකොට නැවත සමවැද නැගිට එකෙක් වෙමියි අධිෂ්ඨාන කළයුතුය. අධිෂ්ඨාන සිත සමගම එකලා වේ. මෙසේ නොකරනුයේ, යම්සේ පිරිසිඳින ලද්දේද, එම පිරිසිඳින ලද කාලයාගේ වශයෙන් ස්වයං සිද්ධව එකලා වෙයි.
ආවිභාවන්ති පදං නික්ඛිපිත්වා කෙනචි අනාවටං හොතීති වුත්තත්තා කෙනචි අනාවටපදෙන ආවිභාවපදස්ස පාකටභාවත්ථො වුත්තො. “හොතී”ති පදෙන “කරොතී”ති පාඨසෙසො වුත්තො හොති. පාකටං හොන්තඤ්හි ආවිභාවෙ කතෙ හොති. කෙනචි අනාවටන්ති කුට්ටාදිනා යෙන කෙනචි අනාවටං ආවරණවිරහිතං. අප්පටිච්ඡන්නන්ති උපරිතො අච්ඡාදිතං. තදෙව අනාවටත්තා විවටං. අප්පටිච්ඡන්නත්තා පාකටං. තිරොභාවන්ති අන්තරිතභාවං කරොති. ආවටංයෙව තෙන ආවරණෙන පිහිතං. පටිච්ඡන්නංයෙව තෙන පටිච්ඡාදනෙන පටිකුජ්ජිතං.
‘ආවිභාවං’ යන පදය බහා කෙනචි අනාවටං හොති යයි කියන ලද හෙයින්, කිසිවකින් ආවෘත නොවූයේ යන පදයෙන්ද ප්රකටභාව යන පදයෙන්ද, ප්‍රකට භාවාර්ථය යූසේයි. හොති යන පදයෙන් කරයි යයි පාඨශේෂය යූ.සේයි. ප්රකටවීම වනාහි විවෘතභාවය කළ කල්හි වේ. කෙනචි අනාවටං යනු බිත්ති ආදී යම් කිසිවෙකින් අනාවෘත වූයේ - ආවරණ විරහිත වූයේ, අප්පටිච්ඡන්නං යනු මතුයෙහි නොවසන ලදුයේ, එය ආවෘත හෙයින් විවටංයි. නොවැසුණු හෙයින් පාකටංයි. තිරොභාවං යනු දෙකක් අතර භාවය කරයි. නොවැසුණේම එම ආවරණයෙන් පිහිතංයි. ප්‍රතිච්ඡන්න වූයේ, එම වැසීමෙන්. යටිකුරු වූයේ වෙයි.
ආකාසකසිණසමාපත්තියාති පරිච්ඡෙදාකාසකසිණෙ උප්පාදිතාය චතුත්ථජ්ඣානසමාපත්තියා. ලාභීති ලාභො අස්ස අත්ථීති ලාභී. අපරික්ඛිත්තෙති කෙනචි සමන්තතො අපරික්ඛිත්තෙ පදෙසෙ. ඉධ ආකාසකසිණස්සෙව වුත්තත්තා තත්ථ භාවිතමෙව ඣානං ආකාසකරණස්ස පච්චයො හොති, න අඤ්ඤන්ති දට්ඨබ්බං. උපරිආපොකසිණාදීසුපි තදාරම්මණමෙව ඣානං දට්ඨබ්බං, න අඤ්ඤං . පථවිං ආවජ්ජති, උදකං ආවජ්ජති, ආකාසං ආවජ්ජතීති පකතිපථවීඋදකආකාසෙ ආවජ්ජති. අන්තලික්ඛෙති තස්ස ආකාසස්ස පථවිතො දූරාකාසභාවං දීපෙති.
ආකාස කසිණ සමාපත්තියා යනු පරිච්ඡෙදාකාස කසිණයෙහි උපදවන ලද චතුර්ථධ්යාන සමවතෙහි, ලාභී යනු එම ලාභය ඔහුගේ ඇත්තේනුයි ලාභියි. අපරික්ඛිත්තෙ යනු කිසිවකින් හාත්පස ප්‍රාකාර ආදියෙන් වට නොකරන ලද පෙදෙසෙහි, මෙහි ආකාස කසිණයම කියන ලද හෙයින් එහි වඩනා ලද්දා වූම ධ්‍යානය ආකාස කසිණයට ප්‍රත්‍යය වේ. අනෙකක් නොවේයයි දතයුතුය. මතු ආපො කසිණාදීන්හිද එය අරමුණුකොට ම ධ්‍යානය දතයුතුය. අනෙකක් නොවේ. පෘථුවිය ආවර්ජනා කෙරේද? දිය ආවර්ජනා කෙරේද? ආකාසය ආවර්ජනා කෙරේද? ප්‍රකෘති පෘථුවි, දිය ආකාසයන් ආවර්ජනය කෙරේ. අන්තලික්ඛෙ යනු එම අහසට පෘථුවියෙහි සිට දුර ආකාසභාවය දක්වයි.
චන්දිමසූරියපරිමජ්ජනෙ කසිණනියමං අකත්වා “ඉද්ධිමා චෙතොවසිප්පත්තො”ති අවිසෙසෙන වුත්තත්තා නත්ථෙත්ථ කසිණසමාපත්තිනියමොති වෙදිතබ්බං. නිසින්නකො වා නිපන්නකො වාති නිසින්නො වා නිපන්නො වා. ඉමෙහෙව ඉතරඉරියාපථද්වයම්පි වුත්තමෙව හොති. හත්ථපාසෙ හොතූති හත්ථසමීපෙ හොතු. හත්ථපස්සෙ හොතූතිපි පාඨො. ඉදං තථා කාතුකාමස්ස වසෙන වුත්තං. අයං පන තත්ථ ගන්ත්වාපි හත්ථං වඩ්ඪෙත්වාපි ආමසති. ආමසතීති ඊසකං ඵුසති. පරාමසතීති බාළ්හං ඵුසති. පරිමජ්ජතීති සමන්තතො ඵුසති. රූපගතන්ති හත්ථපාසෙ ඨිතරූපමෙව.
චන්ද්‍ර සූර්ය පිරිමැදීමෙහි කසිණ නියමය නොකොට ‘චිත්ත වශීප්‍රාප්ත සෘද්ධිමතා’ යැයි අවිශේෂයෙන් කියන ලද හෙයින් මෙහි කසිණ සමාපත්ති නියමයක් නැතයයි දතයුතුය. නිසින්නකොවා නිපන්නකොවා යනු හුන්, වැදහොත්යයි මේවායින්ම අනෙක් ඉරියව් ද්වයයද යූ.සේයි. හත්ථපාසෙ හොතු යනු අත්පසැ වේවා, (සමීපයෙහි) ‘හත්ථපස්සෙ හොතු’ යනුද පාඨයි. මෙය එසේ කරනු කැමැත්තහුගේ වශයෙන් යූ.සේයි. මෙය වනාහි එහි ගොස්ද, අත දිගුකොටද (දීර්‍ඝභාවයට පත්කොට) ස්පර්ශ කරයි. ආමසති යනු මඳක් ස්පර්ශ කරයි. පරාමසති යනු දැඩිව ස්පර්ශ කරයි. පරිමජ්ජති යනු හාත්පසින් ස්පර්ශ කරයි. රූපගතං යනු අත්පසැ සිටි රූපයමය.
දූරෙපි සන්තිකෙ අධිට්ඨාතීති පාදකජ්ඣානතො වුට්ඨාය දූරෙ දෙවලොකං වා බ්රහ්මලොකං වා ආවජ්ජති “සන්තිකෙ හොතූ”ති. ආවජ්ජිත්වා පරිකම්මං කත්වා පුන සමාපජ්ජිත්වා වුට්ඨාය ඤාණෙන අධිට්ඨාති “සන්තිකෙ හොතූ”ති. සන්තිකෙ හොති. එස නයො සෙසපදෙසුපි. බ්රහ්මලොකං පන ගන්තුකාමස්ස දූරස්ස සන්තිකකරණං වත්වා බ්රහ්මලොකගමනස්ස අනුපකාරම්පි ඉමාය ඉද්ධියා ඉජ්ඣමානවිසෙසං දස්සෙන්තො සන්තිකෙපීතිආදිමාහ. තත්ථ න කෙවලං ථොකකරණබහුකරණමෙව, “අමධුරං මධුර”න්තිආදීසුපි යං යං ඉච්ඡති, තං සබ්බං ඉද්ධිමතො ඉජ්ඣති. අපරො නයො – දූරෙපි සන්තිකෙ අධිට්ඨාතීති දූරෙ බ්රහ්මලොකං වා මනුස්සලොකස්ස සන්තිකෙ අධිට්ඨාති. සන්තිකෙපි දූරෙ අධිට්ඨාතීති සන්තිකෙ මනුස්සලොකං වා දූරෙ බ්රහ්මලොකෙ අධිට්ඨාති. බහුකම්පි ථොකං අධිට්ඨාතීති සචෙ බ්රහ්මානො බහූ සන්නිපතිතා හොන්ති, මහාඅත්තභාවත්තා දස්සනූපචාරං සවනූපචාරං පජහන්ති, දස්සනූපචාරෙ ච සවනූපචාරෙ ච එකජ්ඣං සඞ්ඛිපිත්වා බහුකම්පි ථොකන්ති අධිට්ඨාති. ථොකම්පි බහුකං අධිට්ඨාතීති සචෙ මහාපරිවාරෙන ගන්තුකාමො හොති, එකකත්තා ථොකං අත්තානං බහුකං අධිට්ඨහිත්වා මහාපරිවාරො ගච්ඡතීති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො. එවං සති චතුබ්බිධම්පි තං බ්රහ්මලොකගමනෙ උපකාරො හොති.
දූරෙපි සන්තිකෙ අධිට්ඨාති යනු පාදක ධ්‍යානයෙන් නැගිට දුර පිහිටි දෙව්ලොව හෝ බඹලොව සමීපයෙහි වේවායි ආවර්ජනා කරයි. ආවර්ජනය කොට, පරිකර්මකොට නැවත සමවැද, නැගිට සමීපයෙහි වේවායි ඤාණයෙන් අධිෂ්ඨාන කරයි. සමීපයෙහි වේ. සෙසු පදයන්හිද එම ක්‍රමයමැයි. බඹලෝ යනු කැමැත්තහුට දුරස්ථය සමීප කිරීම කියා, බඹලෝ ගමනට අනුපකාර වූයේද, මෙම සෘද්ධියෙන් සමෘද්ධ වන විශේෂතා දක්වනුයේ, සන්තිකෙපි යනාදිය වදාළහ. හුදෙක් ස්වල්ප කරණය, බොහෝ කරණයම නොවේ. මිහිරි නොවේ ආදීන්හිද යම් යම් දැයක් කැමැති වේද, එම සියල්ල සෘද්ධිමතාට සිද්ධ වේ. අනෙක් ක්‍රමයක්, දූරෙපි සන්තිකෙ අධිට්ඨාති යනු දුර බඹලොව හෝ මිනිස්ලොව සමීපයෙහි අධිෂ්ඨාන කරයි. සන්තිකෙපි දූරෙ අධිට්ඨාති යනු සමීපයෙහි වූ මිනිස්ලොව හෝ දුර බඹලොවැ අධිෂ්ඨාන කරයි. බහුකම්පි ථොකං අධිට්ඨාති යනු ඉදින් බ්‍රහ්මයෝ රැස්වූවාහු වෙත්ද? විශාල ආත්මභාව හෙයින් දර්ශන සීමාවද ශ්‍රවණ සීමාවද දුරුකෙරෙත්. දර්ශන සීමාවද ශ්‍රවණ සීමාවද එක්තැනක හකුළුවා බොහෝවූයේද මඳ ලෙසින් අධිෂ්ඨාන කරයි. ථොකම්පි බහුකන්ති අධිට්ඨාති යනු ඉදින් මහ පිරිවරින් යනු කැමැතියේ වේද? හුදෙකලා හෙයින් මඳ වූ තෙමේ බොහෝ ලෙසින් අධිෂ්ඨාන කොට, මහපිරිවරින් යේයයි මෙසේ මෙහි අර්ථය දතයුතුය. මෙසේ ඇතිකල්හි සිව්වැදෑරුම් වූද එය බඹලෝ ගමනෙහි උපකාරී වේ.
දිබ්බෙන චක්ඛුනා තස්ස බ්රහ්මුනො රූපං පස්සතීති ඉධ ඨිතො ආලොකං වඩ්ඪෙත්වා යස්ස බ්රහ්මුනො රූපං දට්ඨුකාමො, දිබ්බෙන චක්ඛුනා තස්ස බ්රහ්මුනො රූපං පස්සති. ඉධෙව ඨිතො දිබ්බාය සොතධාතුයා තස්ස බ්රහ්මුනො භාසමානස්ස සද්දං සුණාති. චෙතොපරියඤාණෙන තස්ස බ්රහ්මුනො චිත්තං පජානාති. දිස්සමානෙනාති චක්ඛුනා පෙක්ඛියමානෙන. කායවසෙන චිත්තං පරිණාමෙතීති රූපකායස්ස වසෙන චිත්තං පරිණාමෙති. පාදකජ්ඣානචිත්තං ගහෙත්වා කායෙ ආරොපෙති, කායානුගතිකං කරොති දන්ධගමනං. කායගමනඤ්හි දන්ධං හොති. අධිට්ඨාතීති තස්සෙව වෙවචනං, සන්නිට්ඨාපෙතීති අත්ථො. සුඛසඤ්ඤඤ්ච ලහුසඤ්ඤඤ්ච ඔක්කමිත්වාති පාදකජ්ඣානාරම්මණෙන ඉද්ධිචිත්තෙන සහජාතං සුඛසඤ්ඤඤ්ච ලහුසඤ්ඤඤ්ච ඔක්කමිත්වා පවිසිත්වා ඵුසිත්වා පාපුණිත්වා. සුඛසඤ්ඤා ච නාම උපෙක්ඛාසම්පයුත්තසඤ්ඤා. උපෙක්ඛා හි සන්තං සුඛන්ති වුත්තා, සායෙව සඤ්ඤා නීවරණෙහි චෙව විතක්කාදිපච්චනීකෙහි ච විමුත්තත්තා ලහුසඤ්ඤාතිපි වෙදිතබ්බා. තං ඔක්කන්තස්ස පනස්ස කරජකායොපි තූලපිචු විය සල්ලහුකො හොති. සො එවං වාතක්ඛිත්තතූලපිචුනා විය සල්ලහුකෙන දිස්සමානෙන කායෙන බ්රහ්මලොකං ගච්ඡති. එවං ගච්ඡන්තො ච සචෙ ඉච්ඡති, පථවීකසිණවසෙන ආකාසෙ මග්ගං නිම්මිනිත්වා පදසා ගච්ඡති. සචෙ ඉච්ඡති, ආකාසෙ පථවීකසිණවසෙනෙව පදෙ පදෙ පදුමං නිම්මිනිත්වා පදුමෙ පදුමෙ පදං නික්ඛිපන්තො පදසා ගච්ඡති. සචෙ ඉච්ඡති, වායොකසිණවසෙන වාතං අධිට්ඨහිත්වා තූලපිචු විය වායුනා ගච්ඡති. අපිච ගන්තුකාමතාව එත්ථ පමාණං. සති හි ගන්තුකාමතාය එවංකතචිත්තාධිට්ඨානො අධිට්ඨානවෙගක්ඛිත්තොව සො ජියාවෙගක්ඛිත්තො සරො විය දිස්සමානො ගච්ඡති.
දිබ්බෙන චක්ඛුනා තස්ස බ්රහ්මුනො රූපං පස්සති යනු මෙහි සිටියේ ආලෝකය වඩා, යම් බ්‍රහ්මයෙකුගේ රූපය දක්නා කැමැතියේ වේද දිව්‍ය චක්ෂුසින් එම බ්‍රහ්මයාගේ රූපය දකියි. මෙහිම සිටියේ දිව්‍ය ශ්රෝතධාතුයෙන් බ්‍රහ්මයාගේ කථාකරන ශබ්දය ශ්‍රවණය කරයි. චේතෝපරිය ඤාණයෙන් එම බ්‍රහ්මයාගේ සිත දනියි. දිස්සමානෙන යනු ඇසින් පෙනෙන කාය වසෙන චිත්තං පරිණාමෙති යනු රූපකායයාගේ වශයෙන් සිත වෙනස් කරයි. රූපං කායස්ස වසෙන පරිණාමෙති යනු පාදකධ්‍යාන සිත ගෙන කයෙහි ආරෝපණය කරයි. සැහැල්ලු සංඥාව, ඉක්මනින් ක්‍රියා කළ නොහැකි ගමන කායානුගතික කරයි. කායගමන ඉක්මනින් ක්‍රියා කළ නොහැකිය. අධිට්ඨාති යනු ඊටම පර්යාය වචනයි. පිහිටුවයි යන අර්ථයි. සුඛ සඤ්ඤඤ්ච ලහු සඤ්ඤඤ්ච ඔක්කමිත්වා යනු පාදක ධ්යානාරම්මණ සෘද්ධි සිතින් එකට හටගත්, සුවසංඥාවටද, සැහැල්ලු සංඥාවටද, බැස, පිවිස, ස්පර්ශකොට, පැමිණ, සුව සංඥාව නම් උපේක්ෂා සම්ප්‍රයුක්ත සංඥාවයි. උපේක්ෂාව වනාහි ශාන්තයැයි, සුවයැයි යූ.සේයි. එම සංඥාවම නීවරණයන්ගෙන්ද, විතර්කාදී විරුද්ධතාවන්ගෙන්ද මිදුණු හෙයින් සැහැල්ලු සංඥාවයැයි දතයුත්තාහ. එයට බැසගත්තහුගේ මව්පියන් නිසා හටගත් ශරීරයද කපු පුළුන්පොදක් මෙන් සැහැල්ලු වේ. හෙතෙම මෙසේ වාතයෙහි දමන ලද කපුපුළුන් පොදක් මෙන් දක්නා ලැබෙන සිරුරින් බඹලොව යේ. මෙසේ යනුයේද, ඉදින් කැමැති වේද, පෘථුවි කසිණ වශයෙන් අහසෙහි මාර්ගයක් නිර්මිත කොට පියවර තබමින් පාගමනින් යේ. ඉදින් කැමැති වේද? අහසෙහි පෘථුවි කසිණ වශයෙන්ම, පියවරින් පියවර නෙළුම් මල බැගින් නිර්මිතකොට, නෙළුම් මලක් මලක් පාසා පියවර තබනුයේ පාගමනින් යේ. ඉදින් කැමැති වේද, වායො කසිණ වශයෙන් වාතය අධිෂ්ඨානකොට පුළුන් පොදක් මෙන් වායුවෙන් යේ. තවද ගමන් කරනු කැමැත්තම මෙහි ප්රමාණවත්ය. ගමන් කරනු කැමැත්තෙන් මෙසේ කළ චිත්තාධිෂ්ඨාන ඇතියේ අධිෂ්ඨාන වේගයෙන් විසිකළ එය දුනු වේගයෙන් විසිකළ හීයක් මේ දෘශ්‍යමානව යේ.
චිත්තවසෙන කායං පරිණාමෙතීති කරජකායං ගහෙත්වා පාදකජ්ඣානචිත්තෙ ආරොපෙති, චිත්තානුගතිකං කරොති සීඝගමනං. චිත්තගමනඤ්හි සීඝං හොති. සුඛසඤ්ඤඤ්ච ලහුසඤ්ඤඤ්ච ඔක්කමිත්වාති රූපකායාරම්මණෙන ඉද්ධිචිත්තෙන සහජාතං සුඛසඤ්ඤඤ්ච ලහුසඤ්ඤඤ්ච. සෙසං වුත්තනයෙනෙව වෙදිතබ්බං. ඉදං පන චිත්තගමනමෙව හොති. එවං අදිස්සමානෙන කායෙන ගච්ඡන්තො පනායං කිං තස්සාධිට්ඨානචිත්තස්ස උප්පාදක්ඛණෙ ගච්ඡති? උදාහු ඨිතික්ඛණෙ භඞ්ගක්ඛණෙ වාති වුත්තෙ “තීසුපි ඛණෙසු ගච්ඡතී”ති ථෙරො ආහ. කිං පන සො සයං ගච්ඡති, නිම්මිතං පෙසෙතීති? යථාරුචි කරොති. ඉධ පනස්ස සයං ගමනමෙව ආගතං.
චිත්තවසෙන කායං පරිණාමෙති යනු කරජකාය ගෙන පාදකධ්‍යාන සිතෙහි නංවයි. සීඝ්‍ර ගමන් සහිත සිත අනුව යන ලෙස කරයි. සිතෙහි ගමන වනාහි සීඝ්‍ර වේ. සුඛ සඤ්ඤඤ්ච ලහුසඤ්ඤඤ්ච ඔක්කමිත්වා යනු රූපකායාරම්මණ සෘද්ධි සිතෙන් හටගත් සුව සංඥාවද සැහැල්ලු සංඥාවද, සෙස්ස කියන ලද ක්‍රමයෙන්ම දතයුතුය. මෙය වනාහි සිතේ ගමනම වේ. මෙසේ අදෘශ්‍යමාන සිරුරින් ගමන් කරන්නා වූ මෙතෙමේ, කිමෙක්ද, ඔහුගේ අධිෂ්ඨාන චිත්තයෙහි උත්පාදක්‍ෂණයෙහි යේද? නොහොත් ස්ථිති ක්ෂණයෙහි භංගක්ෂණයෙහිදැයි කී කල්හි ත්‍රිවිධ ක්ෂණයන්හි යේයයි තෙරහු කීහු. කිමෙක්ද හෙතෙම තෙමේ යේද? නිර්මිතය යවයිද? කැමැති පරිදි කරයි. මෙහි වනාහි මොහුගේ ස්වයං ගමනම ආයේය.
මනොමයන්ති අධිට්ඨානමනෙන නිම්මිතත්තා මනොමයං. සබ්බඞ්ගපච්චඞ්ගන්ති සබ්බඅඞ්ගපච්චඞ්ගවන්තං. අහීනින්ද්රියන්ති ඉදං චක්ඛුසොතාදීනං සණ්ඨානවසෙන වුත්තං, නිම්මිතරූපෙ පන පසාදො නාම නත්ථි. සචෙ සො ඉද්ධිමා චඞ්කමති, නිම්මිතොපි තත්ථ චඞ්කමතීතිආදි සබ්බං සාවකනිම්මිතං සන්ධාය වුත්තං. බුද්ධනිම්මිතා පන යං යං භගවා කරොති, තං තම්පි කරොන්ති, භගවතො චිත්තවසෙන අඤ්ඤම්පි කරොන්තීති. ධූමායති පජ්ජලතීති තෙජොකසිණවසෙන. ධම්මං භාසතීතිආදීනි තීණි අනියමෙත්වා වුත්තානි. සන්තිට්ඨතීති සඞ්ගම්ම තිට්ඨති. සල්ලපතීති සඞ්ගම්ම ලපති. සාකච්ඡං සමාපජ්ජතීති අඤ්ඤමඤ්ඤස්ස උත්තරපච්චුත්තරදානවසෙන සංකථං කරොති. එත්ථ ච යං සො ඉද්ධිමා ඉධෙව ඨිතො දිබ්බෙන චක්ඛුනා රූපං පස්සති, දිබ්බාය සොතධාතුයා සද්දං සුණාති, චෙතොපරියඤාණෙන චිත්තං පජානාති, යම්පි සො ඉධෙව ඨිතො තෙන බ්රහ්මුනා සද්ධිං සන්තිට්ඨති , සල්ලපති, සාකච්ඡං සමාපජ්ජති, යම්පිස්ස “දූරෙපි සන්තිකෙ අධිට්ඨාතී”තිආදිකං අධිට්ඨානං, යම්පි සො දිස්සමානෙන වා අදිස්සමානෙන වා කායෙන බ්රහ්මලොකං ගච්ඡති, එත්තාවතා න කායෙන වසං වත්තෙති. යඤ්ච ඛො “සො තස්ස බ්රහ්මුනො පුරතො රූපිං අභිනිම්මිනාතී”තිආදිනා නයෙන වුත්තවිධානං ආපජ්ජති, එත්තාවතා කායෙන වසං වත්තෙති නාම. සෙසං පන කායෙන වසවත්තනාය පුබ්බභාගදස්සනත්ථං වුත්තන්ති. අයං තාව අධිට්ඨානා ඉද්ධි.
මනොමයං යනු අධිෂ්ඨාන මනසින් නිර්මිත හෙයින් මනොමයංයි. සබ්බංග පච්චංගං යනු සියලු අංගප්රත්යංගයෙන් යුත්, අභිනින්ද්රියං මෙය චක්ෂු ස්රෝතාදීන්ගේ පිහිටීම් වශයෙන් යූ.සේයි. නිර්මිත රූපයෙහි වානහි ප්‍රසාදය නම් නැත. ‘ඉදින් ඒ සෘද්ධිමත්හු සක්මන් කෙරෙත්ද? නිර්මිතයද එහි සක්මන් කරයි යන ආදී සියල්ල ශ්‍රාවක නිර්මිතය සඳහා යූ.සේයි. බුද්ධ නිර්මිතය වනාහි භාග්‍යවතුන් වහන්සේ යම් යම් දැයක් කරත්ද? එයද එය කරත්. භාග්‍යවතුන් වහන්සේගේ සිත වශයෙන් (අනුව) අන් දැයද කරති. ධූමායති පජ්ජලති යනු තේජෝ කසිණ වශයෙනි. ධම්මං භාසති ආදි ත්‍රයය නියම නොකොට යූසේයි. සන්තිට්ඨති යනු එක්වැ සිටී. සල්ලපති යනු එක්වැ කථා කරයි. සාකච්ඡං සමාපජ්ජති යනු ඔවුනොවුන්ට උත්තර ප්රතිඋත්තරදීම් වශයෙන් කථා කරයි. මෙහිද යම් ආකාර වූ එම සෘද්ධිමත්හු, මෙහිම සිටියාහු දිවැසින් රූපය දකිති. දිව්‍යශ්‍රෝත ධාතුයෙන් ශබ්දය ශ්‍රවණය කරයි. චේතෝපරිය ඤාණයෙන් සිත දැනගනී. යම් ආකාර වූ හෙතෙම මෙහිම සිටියේ එම බඹහු සමග සිටියි. කථාබහ කරයි. සාකච්ඡාවට පිවිසේ. යම් ආකාර වූ ඔහුගේ දුරින් යමක් වේද? සමීපයෙහි වේවායි අධිෂ්ඨාන කරයි යන ආදී වූ අධිෂ්ඨානයද යම් ආකාර වූ හෙතෙම දෘශ්‍යමාන වූ හෝ අදෘශ්‍යමාන වූ හෝ කයින් බඹලොව යේ. මෙතෙකින් කයින් වසයෙහි නොපවත්වයි. එම බඹහුගේ පෙරුටුයෙහි රූපය නිර්මිත කරයි යන ආදී ක්‍රමයෙන් කියන ලද නියමයන්ට පැමිණේ. මෙතෙකින් කයින් වශයෙහි පවත්වයි නමැ. සෙස්ස කයින් වශයෙහි පැවැත්වීමෙහි පූර්වභාග දැක්වීම සඳහා යූසේයි. මෙය අධිෂ්ඨාන සෘද්ධියයි.
විකුබ්බනිද්ධිනිද්දෙසෙ සිඛිස්ස භගවතො සාවකනිදස්සනං විකුබ්බනිද්ධියා කායසක්ඛිපුග්ගලදස්සනත්ථං වුත්තං. තම්පි දස්සෙන්තො පඨමං තාව බ්රහ්මලොකෙ ඨිතො සහස්සිලොකධාතුං සරෙන විඤ්ඤාපෙසීති අතිවිය අච්ඡරියඅබ්භුතභූතං සහස්සිලොකධාතුයා සද්දසවනං අධිට්ඨානිද්ධිං දස්සෙසි. ඉදානි තස්ස වත්ථුස්ස පරිදීපනත්ථමිදං වුච්චති – ඉමස්මා හි කප්පා එකතිංසෙ කප්පෙ සිඛී භගවා අනන්තරජාතියා තුසිතපුරතො චවිත්වා අරුණවතීනගරෙ අරුණවතො රඤ්ඤො පභාවතියා නාම මහෙසියා කුච්ඡිස්මිං නිබ්බත්තිත්වා පරිපක්කඤාණො මහාභිනික්ඛමනං නික්ඛමිත්වා බොධිමණ්ඩෙ සබ්බඤ්ඤුතඤ්ඤාණං පටිවිජ්ඣිත්වා පවත්තවරධම්මචක්කො අරුණවතිං නිස්සාය විහරන්තො එකදිවසං පාතොව සරීරපටිජග්ගනං කත්වා මහාභික්ඛුසඞ්ඝපරිවාරො “අරුණවතිං පිණ්ඩාය පවිසිස්සාමී”ති නික්ඛමිත්වා විහාරද්වාරකොට්ඨකසමීපෙ ඨිතො අභිභුං නාම අග්ගසාවකං ආමන්තෙසි – “අතිප්පගො ඛො, භික්ඛු, අරුණවතිං පිණ්ඩාය පවිසිතුං. යෙන අඤ්ඤතරො බ්රහ්මලොකො තෙනුපසඞ්කමිස්සාමා”ති. යථාහ –
විකුර්වණ සෘද්ධි නිර්දේශයෙහි සිඛී භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක නිදර්ශනය විකුර්වණ සෘද්ධිායෙහි කාය සාක්ෂි පුද්ගල නිදර්ශය සඳහා යූසේයි. එයද දක්වනුයේ පළමුව බ්‍රහ්මලෝක ඨිතො සහස්සී ලොකධාතුං සරෙ විඤ්ඤාපෙසී යයි ඉතාමත් ආශ්චර්ය අද්භූත වූ, සහස්ර ලෝකධාතූන්හි ශබ්ද ශ්‍රවණ අධිෂ්ඨාන සෘද්ධිය දැක්වීය. දැන් එම වස්තුයෙහි මනාකොට දැක්වීම සඳහා මෙය යූ.සේයි. මෙම කල්පයෙන් තිස්එක්වන කල්පයෙහි, සිඛී භාග්‍යවතුන් වහන්සේ අනතුරු ජාතියෙන් තුසිත පුරයෙන් චුතව අරුණවතී නගරයෙහි අරුණවත රජුගේ ප්‍රභාවතී නම් මෙහෙසියගේ කුසෙහි ඉපිද, මුහුකුරාගිය නැණැතියාහු මහබිනික්මන් නික්ම බෝමැඩදී සර්වඥතාඥානය ප්‍රතිවේධකොට, පවත්වන ලද උතුම් දම්සක් ඇතිසේක් අරුණවතී නුවර ඇසිරිකොට වෙසෙන්නාහු එක් දිනක් උදෑසනම සිරුරු පිළිදැගුම් කොට මහබික් සඟන පිරිවරන ලදසේක් අරුණවතියෙහි පිඬු පිණිස පිවිසෙන්නමියි නික්ම, විහාර දොර කොටු සමීපයෙහි සිටිසේක් අභිභු නම් අගසව් ඇමතූ සේක. භික්ෂුව අරුණවතියෙහි පිඬු පිණිස පිවිසෙන්ට කල්වේලා වැඩියි. එහෙයින් යම්තැනක එක්තරා බඹලොවක් වේද, එහි එළඹෙන්නෙමු. දෙසූ පරිදි;
“අථ ඛො, භික්ඛවෙ, සිඛී භගවා අරහං සම්මාසම්බුද්ධො අභිභුං භික්ඛුං ආමන්තෙසි – ‘ආයාම, බ්‍රාහ්මණ, යෙන අඤ්ඤතරො බ්රහ්මලොකො, තෙනුපසඞ්කමිස්සාම යාව භත්තස්ස කාලො භවිස්සතී’ති. ‘එවං භන්තෙ’ති ඛො, භික්ඛවෙ, අභිභූ භික්ඛු සිඛිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස පච්චස්සොසි. අථ ඛො, භික්ඛවෙ, සිඛී ච භගවා අභිභූ ච භික්ඛු යෙන අඤ්ඤතරො බ්රහ්මලොකො, තෙනුපසඞ්කමිංසූ”ති (සං· නි· 1.185).
‘මහණෙනි, ඉක්බිති සිඛී භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදුරජ අභිභූ භික්ෂුව ආමන්ත්‍රණය කළේය. යමු, බ්‍රාහ්මණය, එක්තරා බඹලොව යම්තැනෙක්හිද එහි එළැඹෙන්නෙමු. මහණෙනි, එසේය ස්වාමීනියි අභිභූ භික්ෂුව සිඛී භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදුරදුන්ට පිළිවදන් දිනි. මහණෙනි, ඉක්බිති සිඛී භාග්‍යවතුන් වහන්සේද අභිභූ භික්ෂුවද එක්තරා බ්‍රහ්මලෝකයක් යම්තැනෙක්හිද එහි එළැඹුණහ.
තත්ථ මහාබ්රහ්මා සම්මාසම්බුද්ධං දිස්වා අත්තමනො පච්චුග්ගමනං කත්වා බ්රහ්මාසනං පඤ්ඤාපෙත්වා අදාසි. ථෙරස්සාපි අනුච්ඡවිකං ආසනං පඤ්ඤාපයිංසු. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ, ථෙරොපි අත්තනො පත්තාසනෙ නිසීදි. මහාබ්රහ්මාපි දසබලං වන්දිත්වා එකමන්තං නිසීදි. තෙනාහ – අථ ඛො, භික්ඛවෙ, සිඛී භගවා අරහං සම්මාසම්බුද්ධො අභිභුං භික්ඛුං ආමන්තෙසි – “පටිභාතු, බ්‍රාහ්මණ, තං බ්රහ්මුනො ච බ්රහ්මපරිසාය ච බ්රහ්මපාරිසජ්ජානඤ්ච ධම්මී කථා”ති. “එවං, භන්තෙ”ති ඛො, භික්ඛවෙ, අභිභූ භික්ඛු සිඛිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස පටිස්සුණිත්වා බ්රහ්මුනො ච බ්රහ්මපරිසාය ච බ්රහ්මපාරිසජ්ජානඤ්ච ධම්මකථං කථෙසි. ථෙරෙ ධම්මකථං කථෙන්තෙ බ්රහ්මානො උජ්ඣායිංසු “චිරස්සඤ්ච මයං සත්ථු බ්රහ්මලොකාගමනං ලභිම්හා, අයඤ්ච භික්ඛු ඨපෙත්වා සත්ථාරං සයං ධම්මකථං ආරභී”ති. සත්ථා තෙසං අනත්තමනභාවං ඤත්වා අභිභුං භික්ඛුං එතදවොච – “උජ්ඣායන්ති ඛො තෙ, බ්‍රාහ්මණ, බ්රහ්මා ච බ්රහ්මපරිසා ච බ්රහ්මපාරිසජ්ජා ච. තෙන හි, ත්වං බ්‍රාහ්මණ, භිය්‍යොසො මත්තාය සංවෙජෙහී”ති. ථෙරො සත්ථු වචනං සම්පටිච්ඡිත්වා අනෙකවිහිතං ඉද්ධිවිකුබ්බනං කත්වා සහස්සිලොකධාතුං සරෙන විඤ්ඤාපෙන්තො –
එහි මහබඹු සම්‍යක් සම්බුදුරදුන් දැක සතුටු සිතැතියේ, පෙරගමන්කොට බ්රහ්මාසනය පනවා දුන්නේය. තෙරුන්ටද සුදුසු අසුනක් පැනවීය. භාග්‍යවතුන් වහන්සේ පැනවූ අස්නෙහි වැඩහුන් සේක. ථෙරහුද තමාට පැනැවූ අස්නෙහි වැඩහුන් සේක. මහබඹහුද දශබලධාරීන් වැඳ එකත්පස්හි හිඳගත්හ. එහෙයින් කීහ: මහණෙනි, එකල්හි සිඛී භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදුරදහු, අභිභු භික්ෂුව ඇමතූහ. බ්‍රාහ්මණය, ඒ බ්‍රහ්මයාටද, බ්‍රහ්ම පිරිසටද, බ්‍රහ්ම පිරිසට අයත් පුද්ගලයන්ටද දැහැමි කථා වැටහේවා. (දම් දෙසාවා) මහණෙනි, එසේය ස්වාමීනියි අභිභු භික්ෂුව සිඛී භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට පිළිවදන් දී, බ්‍රහ්මයාටද බ්‍රහ්ම පිරිසටද, බ්‍රහ්ම පිරිසට අයත් අනෙක් පුද්ගලයන්ටද දැහැමි කථාවක් වදාළේය. තෙරහු දැහැමි කථාව කරන කල්හි බඹගණ, බොහෝ කලෙකින් අප ශාස්තෲන් වහන්සේගේ බ්‍රහ්ම ලෝකගමනය ලදිමු. මේ භික්ෂුව ශාස්තෲන් වහන්සේ අත්හැර දැහැමි කථාව ඇරැඹීයයි දොස් කීහු. ශාස්තෲන් වහන්සේ ඔවුන්ගේ නොසතුටු සිත් ඇති බැව් දැන අභිභු භික්ෂුවට මෙය වදාළ සේක. බ්‍රාහ්මණය, බ්‍රහ්මයාද, බ්‍රහ්ම පිරිසද, බ්‍රහ්ම පිරිසට අයත් අනෙක් පුද්ගලයෝද දොස් කියති. එසේනම් බ්‍රාහ්මණය ඔබ වැඩිපුර සංවේගයට පත්කරව’යයි තෙරහු ශාස්තෲන් වහන්සේගේ වචනය පිළිගෙන නොයෙක් ආකාර සෘද්ධි විකුර්වණ කොට දහසක් ලෝදා, හඬින් අවබෝධ කරවනුයේ,
“ආරම්භථ නික්කමථ, යුඤ්ජථ බුද්ධසාසනෙ; ධුනාථ මච්චුනො සෙනං, නළාගාරංව කුඤ්ජරො.
ආරභථ නික්ඛමථ - යුඤ්ජථ බුද්ධසාසනෙ, ධුනාථ මච්චුනො සෙනං - නලාගාරංව කුඤ්ජරො
“යො ඉමස්මිං ධම්මවිනයෙ, අප්පමත්තො විහස්සති; පහාය ජාතිසංසාරං, දුක්ඛස්සන්තං කරිස්සතී”ති. (අ· නි· 1.185) –
යො ඉමස්මිං ධම්ම විනයෙ - අප්පමත්තො විහෙස්සති, පහාය ජාති සංසාරං - දුක්ඛස්සන්තං කරිස්සති
ඉමං ගාථාද්වයං අභාසි.
යන මෙම ගාථා ද්වයය වදාළේය.
බුදු සස්නෙහි ප්‍රධන් වීර්යය අරඹවු. ගිහිගෙය හැර නික්මෙවු. ප්රතිපත්තීන්හි යෙදෙවු. ඇතෙකු බටලීයෙන් තැනූ ගෘහයක් විනාශ කරන්නාක් මෙන් ක්ලේශමාරයන් විනාශ කරවු.
යමෙක් මෙම ධර්මවිනය සංඛ්‍යාත සාසනයෙහි අප්‍රමාදව (ධ්‍යාන භාවනාවන්හි) වෙහෙසී ක්‍රියා කරන්නේද, ඔහු සසර ඉපැත්ම දුරුකොට දුක් කෙළවර කරන්නේය.
කිං පන කත්වා ථෙරො සහස්සිලොකධාතුං සරෙන විඤ්ඤාපෙසීති? නීලකසිණං තාව සමාපජ්ජිත්වා වුට්ඨාය අභිඤ්ඤාඤාණෙන චක්කවාළසහස්සෙ සබ්බත්ථ අන්ධකාරං ඵරි. තතො “කිමිදං අන්ධකාර”න්ති සත්තානං ආභොගෙ උප්පන්නෙ ආලොකකසිණං සමාපජ්ජිත්වා වුට්ඨාය ආලොකං දස්සෙසි. “කිං ආලොකො අය”න්ති විචිනන්තානං අත්තානං දස්සෙසි. චක්කවාළසහස්සෙ ච දෙවමනුස්සා අඤ්ජලිං පග්ගණ්හිත්‍වා ථෙරංයෙව නමස්සමානා අට්ඨංසු. ථෙරො “මහාජනො මය්හං ධම්මං දෙසෙන්තස්ස සද්දං සුණාතූ”ති ඉමා ගාථා අභාසි. සබ්බෙ ඔසටාය පරිසාය මජ්ඣෙ නිසීදිත්වා ධම්මං දෙසෙන්තස්ස විය සද්දං අස්සොසුං. අත්ථොපි තෙසං පාකටො අහොසි. තං විඤ්ඤාපනං සන්ධාය “සරෙන විඤ්ඤාපෙසී”ති වුත්තං. තෙන කතං අනෙකවිහිතං ඉද්ධිවිකුබ්බනං සන්ධාය පුන සො දිස්සමානෙනපීතිආදි වුත්තං. තත්ථ ධම්මං දෙසෙසීති පඨමං වුත්තප්පකාරං ඉද්ධිවිකුබ්බනං දස්සෙන්තො ධම්මං දෙසෙසි, තතො යථාවුත්තක්කමෙන ද්වෙ ගාථා භාසන්තො සරෙන විඤ්ඤාපෙසීති වෙදිතබ්බං. දිස්සමානෙනපි කායෙනාතිආදීසු ච ඉත්ථංභූතලක්ඛණෙ කරණවචනං, එවංභූතකායො හුත්වාති අත්ථො.
කුමක්කොට තෙරහු සහස්‍රී ලෝකධාතුව හඬින් අවබෝධ කරවුද? (හැඟවීද) නීල කසිණයට සමවැද නැගිට අභිඥා ඥානයෙන් දහසක් සක්වළ හැමතැන අඳුර පැතිරවූහ. ඉක්බිති මෙම අන්ධකාරය කුමක්දැයි සත්ත්වයින්ට සිතාබැලීම් උපන් කල්හිා ආලෝක කසිණයට සමවැද නැගිට ආලෝකය දැක්වූහ. මෙම ආලෝකය කවරෙක්දැයි සොයනවුන්ට තමා දැක්වූහ. දහසක් සක්වළ දෙව් මිනිස්සු ඇඳිලිබැඳ තෙරුන්ම නමස්කාර කරමින් සිටියහ. තෙරහු, ‘මහජනයා ධර්මය දෙසන්නා වූ මාගේ ශබ්දය අසාවා’යි මෙම ගාථා වදාළහ. සියලු රැස්වූ පිරිස මැද හිඳ ධර්මය දෙසන්නාක් මෙන් ශබ්දය ශ්‍රවණය කරවූහ. ඔවුන්ට අර්ථයද ප්‍රකට වූයේය. එම අවබෝධ කරවීම (හැඟවීම) සඳහා සරෙන විඤ්ඤාපෙසි යිය යූ.සේයි. ඔහු විසින් කරන ලද, නොයේක ආකාර සෘද්ධි විකුර්වණ සඳහා නැවත සොදිස්සමානෙනපි යනාදිය යූසේයි. එහි ධම්මංදෙසෙසි යනු පළමු කියන ලද ආකාර සෘද්ධි විකුර්වණ දක්වමින් ධර්මය දේශනා කළේය. ඉක්බිති කියන ලද ක්‍රමය පරිදි ගාථා ද්වයය වදාරනුයේ හඬින් අවබෝධ කරවූයේ යයි දතයුතුය. දිස්සමානෙනපි කායෙන යන ආදීන්හිද ඉත්ථම්භූත ලක්ෂණයෙහි කරණ වචනයයි. මෙසේ වූ ශරීරය වීයැයි අර්ථයි.
ඉදානි තං වත්ථුං දස්සෙත්වා අඤ්ඤස්සාපි ඉද්ධිමතො විකුබ්බනිද්ධිකරණවිධානං දස්සෙන්තො සො පකතිවණ්ණං විජහිත්වාතිආදිමාහ. තත්ථ සොති හෙට්ඨා වුත්තවිධානෙන මුදුකම්මඤ්ඤකතචිත්තො සො ඉද්ධිමා භික්ඛු. සචෙ විකුබ්බනිද්ධිං කාතුකාමො හොති, අත්තනො පකතිවණ්ණං පකතිසණ්ඨානං විජහිත්වා කුමාරකවණ්ණං වා දස්සෙති. කථං? පථවීකසිණාරම්මණාභිඤ්ඤාපාදකචතුත්ථජ්ඣානතො වුට්ඨාය “එවරූපො කුමාරකො හොමී”ති නිම්මිනිතබ්බං කුමාරකවණ්ණං ආවජ්ජිත්වා කතපරිකම්මාවසානෙ පුන සමාපජ්ජිත්වා වුට්ඨාය “එවරූපො නාම කුමාරකො හොමී”ති අභිඤ්ඤාඤාණෙන අධිට්ඨාති, සහ අධිට්ඨානෙන කුමාරකො හොතීති. විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 1.100) කසිණනිද්දෙසෙ “පථවීකසිණවසෙන එකොපි හුත්වා බහුධා හොතීතිආදිභාවො…පෙ… එවමාදීනි ඉජ්ඣන්තී”ති වචනෙන ඉධ පථවීකසිණාරම්මණං පාදකජ්ඣානං යුජ්ජති. තත්ථෙව පන අභිඤ්ඤානිද්දෙසෙ විකුබ්බනිද්ධියා “පථවීකසිණාදීසු අඤ්ඤතරාරම්මණතො අභිඤ්ඤාපාදකජ්ඣානතො වුට්ඨායා”ති වුත්තං, තත්ථෙව (විසුද්ධි· 2.398) ච “අත්තනො කුමාරකවණ්ණො ආවජ්ජිතබ්බො”ති වුත්තං, තං නාගාදිනිම්මානෙ න යුජ්ජති විය. නාගවණ්ණාදිනිම්මානෙපි එසෙව නයො.
එම වස්තුව දක්වනුයේ, අනෙක් සෘද්ධිමතෙකුගේ විකුර්වණ සෘද්ධි කිරීමෙහි පිළිවෙල දක්වනුයේ, සො පකතිවණ්ණං විජහිත්වා යනාදිය වදාළහ. එහි සො යනු යට කියන ලද, පිළිවෙලින් මෘදු කර්මණ්ය කළ සිතැති එම සෘද්ධිමත් භික්ෂුව, ඉදින් විකුර්වණ සෘද්ධිය කරනු කැමැතියේ වේද? තමාගේ ප්‍රකෘති වර්ණය, පකතිවණ්ණං ප්‍රකෘති සටහන විජහිත්වා කුමාර(ක) වණ්ණං වා අත්හැර කුමාර සටහන් හෝ දක්වයි. කෙසේද? පෘථුවි කසිණාරම්මණ අභිඥාපාදක චතුර්ථ ධ්‍යානයෙන් නැගිට ‘මෙබඳු කුමාරයෙක් වෙමි’යි නිර්මිත කළයුතුය. කුමරකුගේ පෙනුම ආවර්ජනාකොට කළ පරිකර්ම අවසානයෙහි නැවැත සමවැද නැගිට, ‘මෙබඳු වූ නම් කුමාරයෙක් වෙමි’යි අභිඥා ඥානයෙන් අධිෂ්ඨාන කෙරේ. අධිෂ්ඨානය සමග කුමාරයෙක් වේ. විශුද්ධි මාර්ගයෙහි කසිණ නිර්දේශයෙහි පෘථුවි කසිණ වශයෙන් ‘එකොපි හුත්වා බහුධාහොති’ එකෙක්ව බොහෝ වෙයි. ප්‍රකට වූයේ -පෙ- මේ ආදිය (ඉටුවෙත්) සිදුවේ යයි යන වචනයෙන් මෙහි පෘථුවි කසිණාරම්මණ පාදකධ්යානය යෙදේ. එහිම අභිඥා නිර්දේශයෙහි විකුර්වණ සෘද්ධියෙහි පෘථුවි කසිණාදීන්හි එක්තරා අරමුණකින් නැගිට යැයි යූසේයි. එහිම, තමාගේ කුමාර සටහන් ආවර්ජනා කළයුතුයැයි යූසේයි. එය නාගාදි නිර්මාණයෙහි නොයෙදෙන්නාක් මෙනි. නාග සටහන් ආදී නිර්මාණයෙහිද එම ක්‍රමයමැයි.
තත්ථ නාගවණ්ණන්ති සප්පසණ්ඨානං. සුපණ්ණවණ්ණන්ති ගරුළසණ්ඨානං. ඉන්දවණ්ණන්ති සක්කසණ්ඨානං. දෙවවණ්ණන්ති සෙසදෙවසණ්ඨානං. සමුද්දවණ්ණං පන ආපොකසිණවසෙන ඉජ්ඣති. පත්තින්ති පදාතිං. විවිධම්පි සෙනාබ්යූහන්ති හත්ථිආදීනං වසෙන අනෙකවිහිතං සෙනාසමූහං. විසුද්ධිමග්ගෙ පන “හත්ථිම්පි දස්සෙතීතිආදි පනෙත්ථ බහිද්ධාපි හත්ථිආදිදස්සනවසෙන වුත්තං. තත්ථ ‘හත්ථී හොමී’ති අනධිට්ඨහිත්වා ‘හත්ථී හොතූ’ති අධිට්ඨාතබ්බං. අස්සාදීසුපි එසෙව නයො”ති වුත්තං, තං “පකතිවණ්ණං විජහිත්වා”ති වුත්තමූලපදෙන ච විකුබ්බනිද්ධිභාවෙන ච විරුජ්ඣති. පාළියං වුත්තක්කමෙන හි පකතිවණ්ණං අවිජහිත්වා අධිට්ඨානවසෙන අඤ්ඤස්ස දස්සනං අධිට්ඨානිද්ධි නාම, පකතිවණ්ණං විජහිත්වා අධිට්ඨානවසෙන අත්තනො අඤ්ඤථාදස්සනං විකුබ්බනිද්ධි නාම.
එහි නාගවණ්ණං යනු සර්ප සටහන්, සුපණ්ණ වණ්ණං යනු ගුරුළු සටහන්, ඉන්ද වණ්ණං යනු සක් සටහන්, දෙව වණ්ණං යනු සෙසු දෙවි සටහන්, සමුද්දවණ්ණං මෙය ආපො කසිණ වශයෙන් සමෘද්ධ වේ. පත්තිං යනු පාබළද, විවිධම්පි සෙනාබ්යූහං යනු ඇත් ආදීන්ගේ වශයෙන් නොයෙක් ආකාර සෙන්මුළුදු, විශුද්ධි මාර්ගයෙහි වනාහි හස්තියෙකුද පෙන්වයි යනාදිය වනාහි මෙහි බාහිර හස්ති ආදීන්ගේ දර්ශන වශයෙන් යූසේයි. එහි හස්තියෙක් වෙමියි අධිෂ්ඨාන නොකොට, හස්තියෙක් වේවායි අධිෂ්ඨාන කළයුතුය. අශ්වාදීන්ගේද එම ක්‍රමයමැයි යූ.සේයි. පියවි පැහැ සටහන් හැරපියා යයි කියන ලද මුල්පදයෙන්ද, විකුර්වණ සෘද්ධිභාවයෙන්ද විරුද්ධ වේ. පෙළෙහි කියන ලද ක්‍රමයෙන් වනාහි ප්‍රකෘති පැහැ සටහන් අත්නොහැර, අධිෂ්ඨාන වශයෙන් අන්‍යයාට දර්ශනය අධිෂ්ඨාන සෘද්ධි නමැ. ප්‍රකෘති පැහැ සටහන් අත්හැර අධිෂ්ඨාන වශයෙන් තමාගේ අන්‍යාකාරයෙන් දර්ශනය විකුර්වණ සෘද්ධි නමැ.
මනොමයිද්ධිඤාණනිද්දෙසෙ ඉමම්හා කායා අඤ්ඤං කායං අභිනිම්මිනාතීතිආදීසු ඉද්ධිමා භික්ඛු මනොමයිද්ධිං කාතුකාමො ආකාසකසිණාරම්මණපාදකජ්ඣානතො වුට්ඨාය අත්තනො රූපකායං තාව ආවජ්ජිත්වා වුත්තනයෙනෙව “සුසිරො හොතූ”ති අධිට්ඨාති, සුසිරො හොති . අථ තස්ස අබ්භන්තරෙ පථවීකසිණවසෙන අඤ්ඤං කායං ආවජ්ජිත්වා පරිකම්මං කත්වා වුත්තනයෙනෙව අධිට්ඨාති, තස්ස අබ්භන්තරෙ අඤ්ඤො කායො හොති. සො තං මුඛතො අබ්බූහිත්වා බහි ඨපෙති. ඉදානි තමත්ථං උපමාහි පකාසෙන්තො සෙය්යථාපීතිආදිමාහ. තත්ථ මුඤ්ජම්හාති මුඤ්ජතිණම්හා. ඊසිකං පවාහෙය්යාති කළීරං ලුඤ්චෙය්ය. කොසියාති කොසකතො. කරණ්ඩාති කරණ්ඩාය, පුරාණතචකඤ්චුකතොති අත්ථො. තත්ථ ච උද්ධරෙය්යාති චිත්තෙනෙවස්ස උද්ධරණං වෙදිතබ්බං. අයඤ්හි අහි නාම සජාතියං ඨිතො, කට්ඨන්තරං වා රුක්ඛන්තරං වා නිස්සාය, තචතො සරීරං නික්කඩ්ඪනපයොගසඞ්ඛාතෙන ථාමෙන, සරීරං ඛාදයමානං විය පුරාණතචං ජිගුච්ඡන්තො ඉමෙහි චතූහි කාරණෙහි සයමෙව කඤ්චුකං පජහාති.
මනෝමය සෘද්ධි ඤාණ නිර්දේශයෙහි, ඉමම්හා කායා අඤ්ඤං කායං අභිනිම්මිනාති යනාදීන්හි සෘද්ධිමත් භික්ෂුව මනොමය සෘද්ධිය කරනු කැමැතියේ, ආකාස කසිණාරම්මණ පාදක ධ්‍යානයෙන් නැගිට, තමාගේ රූපය ආවර්ජනාකොට කියන ලද ආකාරයෙන්ම බෙනයක් වේවායි අධිෂ්ඨාන කරයි. බෙනයක් වේ. ඉක්බිති එහි අභ්‍යන්තරයෙහි පෘථුවි කසිණ වශයෙන්, අන්‍ය කයක් ආවර්ජනාකොට පරිකර්මකොට කියන ලද ආකාරයෙන්ම අධිෂ්ඨාන කරයි. ඔහුගේ අභ්‍යන්තරයෙහි අන් කයෙක් වේ. හෙතෙම එය මුඛයෙන් උදුරා පිටත තබයි. එම කරුණ උපමාවකින් ප්‍රකාශ කරනුයේ සෙය්යථාපි ආදිය වදාළහ. එහි මුඤ්ජම්හා යනු මුඤ්ජ තෘණයෙන්, ඊසිකං පවාහෙය්ය යනු ගොබය උදුරා දමන්නේය. කොසියා යනු කොපුවෙන්, කරණ්ඩා යනු කරඬුයෙන් පුරාණ සර්ප සැවයෙන් යන අර්ථයි. එහිද උද්ධරෙය්ය යනු සිතින්ම මෙහි ඉදිරීම දතයුතුය. සර්පයෝ නම් ස්ව වර්ගයෙහි සිටියාහු ලීයක් අතර හෝ වෘක්ෂයක් අතර හෝ ආශ්‍රයකොට, සමෙන් ශරීරය අදින ප්‍රයෝග සංඛ්‍යාත ශක්තියෙන් සිරුර මනා සේ විකා කන්නාක් මෙන් පැරණි සම පිළිකුල් කරන්නාහු මෙම සිව් කරුණින් තුමූම සැව අත්හරිති.
එත්ථ ච යථා ඊසිකාදයො මුඤ්ජාදීහි සදිසා හොන්ති, එවමිදං මනොමයං රූපං ඉද්ධිමතා සබ්බාකාරෙහි සදිසමෙව හොතීති දස්සනත්ථං ඉමා උපමා වුත්තාති. “මනොමයෙන කායෙන, ඉද්ධියා උපසඞ්කමී”ති (ථෙරගා· 901) එත්ථ අභිඤ්ඤාමනෙන කතකායො මනොමයකායො නාම. “අඤ්ඤතරං මනොමයං කායං උපපජ්ජතී”ති (චූළව· 333) එත්ථ ඣානමනෙන නිබ්බිත්තිතකායො තෙන මනෙන කතත්තා මනොමයකායො නාම. ඉධ පන අභිඤ්ඤාමනෙන උප්පාදිතකායො තෙන මනෙන කතත්තා මනොමයකායො නාම. එවං සති අධිට්ඨානිද්ධියා විකුබ්බනිද්ධියා ච කතො මනොමයකායො නාම හොතීති චෙ? හොතියෙව. ඉධ පන තාසං විසුං විසුං විසෙසෙන විසෙසෙත්වා අධිට්ඨානිද්ධි විකුබ්බනිද්ධීති ච වුත්තත්තා අබ්භන්තරතො නිම්මානමෙව මනොමයිද්ධි නාම.
මෙහිද ගොබ ආදිය, මුඤ්ජ තණ ආදිය මෙන් සමාන වෙයි. එසේම මෙම මනොමය රූපය සෘද්ධිමතා හා සියලු ආකාරයන්ගෙන් සමාන වූයේම වේයයි දැක්වීම සඳහා මෙම උපමා යූ.සේයි. ‘මනොමය කයින් සෘද්ධියෙන් එළැඹියේය යන මෙහි අභිඥා මනසින් කළ කය මනොමය කාය නමැ. එක්තරා මනොමය කයක් හටගත්තේය යන මෙහි ධ්‍යාන මනසින් උපන් කය ඒ මනසින් කළ හෙයින් මනොමය කාය නමැ. මෙහි වනාහි අභිඥා මනසින් උපදවන ලද කය, එම මනසින් කළ හෙයින් මනොමය කාය නමැ. මෙසේ ඇතිකල්හි අධිෂ්ඨාන සෘද්ධියෙන්ද, විකුර්වණ සෘද්ධියෙන්ද කළ මනොමය කය නම් වේද? වේමය, මෙහි වනාහි ඒවාහි වෙන් වෙන්ව විශේෂයෙන්, විශේෂිතකොට, අධිෂ්ඨාන සෘද්ධියද, විකුර්වණ සෘද්ධියද යූසේයින් අභ්‍යන්තර වශයෙන් නිර්මාණයම මනොමය සෘද්ධි නමැ.
ඤාණවිප්ඵාරිද්ධිනිද්දෙසෙ ඤාණස්ස විප්ඵාරො වෙගො අස්සා අත්ථීති ඤාණවිප්ඵාරා. එත්ථ ච සත්තඅනුපස්සනාවසෙනෙව ඉද්ධිං දස්සෙත්වා සෙසා යාව අරහත්තමග්ගා සඞ්ඛිත්තාති වෙදිතබ්බා.
ඤාණ විප්ඵාර සෘද්ධි නිර්දේශයෙහි, ඤාණයෙහි පැතිරීම් වේගය මොහුට ඇත්තේනුයි ඤාණ විප්ඵාරයි. මෙහිද සප්ත අනුපස්සනා වශයෙන්ම සෘද්ධිය ඉදිරිපත්කොට සෙස්ස අර්හත් මාර්ගය තෙක් සංක්ෂෙප කරන ලදැයි දතයුත්තාහ.
ආයස්මතො බාකුලස්ස ඤාණවිප්ඵාරා ඉද්ධීතිආදීසු බාකුලත්ථෙරො තාව ද්වීසු කුලෙසු වඩ්ඪිතත්තා එවංලද්ධනාමො පුබ්බබුද්ධෙසු කතාධිකාරො පුඤ්ඤසම්පදාය සම්පන්නො ථෙරො. සො හි මහාසම්පත්තිං අනුභවමානො දෙවමනුස්සෙසු සංසරන්තො අම්හාකං දසබලස්ස නිබ්බත්තිතො පුරෙතරමෙව කොසම්බියං සෙට්ඨිකුලෙ නිබ්බත්ති. තං ජාතකාලෙ මඞ්ගලත්ථාය මහාපරිවාරෙන යමුනං නෙත්වා සපරිවාරා ධාතී නිමුජ්ජනුම්මුජ්ජනවසෙන කීළාපෙන්තී න්හාපෙති. එකො මහාමච්ඡො “භක්ඛො මෙ අය”න්ති මඤ්ඤමානො මුඛං විවරිත්වා උපගතො. ධාතී දාරකං ඡඩ්ඩෙත්වා පලාතා. මහාමච්ඡො තං ගිලි. පුඤ්ඤවා සත්තො සයනගබ්භං පවිසිත්වා නිපන්නො විය න කිඤ්චි දුක්ඛං පාපුණි. මච්ඡො දාරකස්ස තෙජෙන තත්තකං ඵාලං ගිලිත්වා විය දය්හමානො වෙගෙන තිංසයොජනං ගන්ත්වා බාරාණසිවාසිනො මච්ඡබන්ධස්ස ජාලං පාවිසි. සො දාරකස්ස තෙජෙන ජාලතො නීහටමත්තොව මතො. මච්ඡබන්ධා තං සකලමෙව අන්තරකාජෙන ආදාය “සහස්සෙන දෙමා”ති නගරෙ චරන්තා අසීතිකොටිධනස්ස අපුත්තකස්ස සෙට්ඨිස්ස ඝරද්වාරං ගන්ත්වා සෙට්ඨිභරියාය එකෙන කහාපණෙන අදංසු. සා තං සයමෙව ඵලකෙ ඨපෙත්වා පිට්ඨිතො ඵාලෙන්තී මච්ඡකුච්ඡියං සුවණ්ණවණ්ණං දාරකං දිස්වා “මච්ඡකුච්ඡියං මෙ පුත්තො ලද්ධො”ති නාදං නදිත්වා දාරකං ආදාය සාමිකං උපගච්ඡි. සෙට්ඨි තාවදෙව භෙරිං චරාපෙත්වා දාරකං ආදාය රඤ්ඤො සන්තිකං ආනෙත්වා තමත්ථං ආරොචෙසි. රාජා “පුඤ්ඤවා දාරකො, පොසෙහි න”න්ති ආහ. ඉතරම්පි සෙට්ඨිකුලං තං පවත්තිං සුත්වා තත්ථ ගන්ත්වා “අම්හාකං පුත්තො”ති තං දාරකං ගණ්හිතුං විවදි. උභොපි රාජකුලං අගමංසු. රාජා “ද්වින්නම්පි අපුත්තකං කාතුං න සක්කා, ද්වින්නම්පි දායාදො හොතූ”ති ආහ. තතො පට්ඨාය ද්වෙපි කුලානි ලාභග්ගයසග්ගප්පත්තානි අහෙසුං. තස්ස ද්වීහි කුලෙහි වඩ්ඪිතත්තා “බාකුලකුමාරො”ති නාමං අකංසු. තස්ස විඤ්ඤුතං පත්තස්ස ද්වීසුපි නගරෙසු තයො තයො පාසාදෙ කාරෙත්වා නාටකානි පච්චුපට්ඨපෙසුං. එකෙකස්මිං නගරෙ චත්තාරො චත්තාරො මාසෙ වසි. තහිං එකස්මිං නගරෙ චත්තාරො මාසෙ වුට්ඨස්ස සඞ්ඝාටනාවාසු මණ්ඩපං කාරෙත්වා තත්ථ නං නාටකෙහි සද්ධිං ආරොපෙත්වා මහාසම්පත්තිං අනුභවමානං ද්වීහි මාසෙහි ඉතරං නගරං උපඩ්ඪපථං නෙන්ති. ඉතරනගරවාසිනො නාටකාපි “ද්වීහි මාසෙහි උපඩ්ඪපථං ආගතො භවිස්සතී”ති තථෙව පච්චුග්ගන්ත්වා ද්වීහි මාසෙහි අත්තනො නගරං ආනෙන්ති. ඉතරනාටකා මජ්ඣෙ නිවත්තිත්වා අත්තනො නගරමෙව ගච්ඡන්ති. තත්ථ චත්තාරො මාසෙ වසිත්වා තෙනෙව නියාමෙන පුන ඉතරනගරං ගච්ඡති. එවමස්ස සම්පත්තිං අනුභවන්තස්ස අසීති වස්සානි පරිපුණ්ණානි.
ආයස්මතො බක්කුලස්ස ඤාණ විප්ඵාරා ඉද්ධි යනාදීන්හි බක්කුල තෙර, කුල ද්වයයෙක්හි වැඩුණු හෙයින් මෙසේ ලද නම් ඇතියේ, පූර්ව බුදුවරුන් කෙරෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතියේ, පුණ්‍ය සම්පතින් යුත් තෙරය. හෙතෙම වනාහි මහා සම්පත් අනුභව කරනුයේ දෙව් මිනිසුන් අතර සැරිසරනුයේ, අපගේ දශබලධාරීන් වහන්සේගේ ඉපැත්මට ප්‍රථමයෙන්ම කොසඹෑනුවර සිටු කුලයෙහි උපන්නේය. ඔහු උපන් වේලායෙහි යහපත උදෙසා මහපිරිවරින්, යමුනාවට ගෙනගොස් පිරිවර සහිත කිරිමව්වරු, කිමිදීම්, මතුවීම් වශයෙන් ජලක්‍රීඩා කරවති. නහවති. එක් මහා මත්ස්‍යයෙක් මා විසින්, මොහු භක්ෂණය කළයුතුයැයි හඟිමින් මුව විවරකොට එළැඹියේය. කිරි මව දරුවා අත්හැර පළා ගියාය. මහා මත්ස්‍යයා ඔහු ගිල දැමීය. පින්වත් සත්ත්ව තෙමේ යහන්ගැබට පිවිස වැදහොත්තාක් මෙන් කිසි දුකකට නොපැමිණියේය. මත්ස්‍යයා ළදරුවාගේ පුණ්‍ය තේජසින්, රත්වූ කබලක් ගිලින ලද්දාක් මෙන් දැවෙනුයේ වේගයෙන්, තිස් යොදුනක් ගොස්, බරණැස්වැසි මත්ස්‍ය බන්ධකයෙකුගේ දැලට පිවිසියේය. මත්ස්‍යයා දරුවාගේ තේජසින් දැලෙන් ඉවත්කළ සැණින් මළේය. මත්ස්‍ය බන්ධකයෝ මත්ස්‍යයා සම්පූර්ණයෙන්ම කද තුළින් ගෙන දහසකට දෙමුයි නුවර සැරිසරන්නාහු අසූකෝටියක් ධනය ඇති අපුත්‍රක සිටුහුගේ දොරකඩට ගොස් සිටුභාර්යාවට එක් කහවණුවකට දුන්හ. ඕ එය තමාම පුවරුයෙහි තබා පිටතින් පලන්නී මත්ස්‍ය කුසෙහි රන්වන් ළදරුවෙකු දැක ‘මත්ස්‍ය කුසින් මා විසින් පුතෙක් ලද්දේයයි’ නදකොට ළදරුවා රැගෙන රජුගේ සමීපයට ගෙනවුත් ඒ කරුණ දැන්වූවාය. රජතෙමේ පින්වත් ළදරුවෙකි. ඔහු පෝෂණය කරවයි කීය. අනෙක් සිටු කුලයද, එම පුවත අසා, එහි ගොස් අපගේ පුත්‍රයා යැයි ළදරුවා ගන්ට විවාද කළේය. දෙදෙනාම රජකුලයට ගියහ. රජතෙමේ දෙදෙනාටම අපුත්‍රක කරන්ට නොහැක. දෙදෙනාටම උරුම වේවායි කීය. එතැන්පටන් කුලද්වයයම ලාභයෙන් යසසින් අග්‍රප්‍රාප්ත විය. එම දෙකුලෙහි වැඩුණු හෙයින් බක්කුල කුමාරයැයි නම් කළහ. වැඩිවිය පත් ඔහුට නගර ද්වයයෙහිම ප්‍රාසාද ත්‍රයය බැගින් කරවා නාට්‍ය කණ්ඩායම් පිහිටවූහ. එක් නගරයක සිව්මස බැගින් වාසය කරයි. එහි එක් නගරයක සිව්මසක් වාසය කළහුට පහුරු නැව්හි මණ්ඩපයක් කරවා, එහි ඔහු නාට්‍ය කණ්ඩායම් සමග නංවා මහත් සැප අනුභව කරනුයේ, දෙමසකින් අනෙක් නාට්‍ය කණ්ඩායම මාර්ගයෙහි අඩක් ගෙනයත්. අනෙක් නගරවාසීහු නාට්‍ය කණ්ඩායම් දෙමසෙකින් මාර්ගයෙහි අඩක් පැමිණියේ වන්නේයයි එසේම පෙරගමන් කොට, දෙමසෙකින් තම නුවරට ගෙන එති. අනෙක් නළු කණ්ඩායම මධ්‍යයෙහි නැවැතී තම නුවරටම යෙත්. එහි සිව්මසක් වැස එම ක්‍රමයෙන්ම නැවත අනෙක් නුවරට යෙත්. මෙසේ සම්පත් අනුභව කරන්නා වූ ඔහුට අසූවස් සම්පූර්ණ විය.
තස්මිං සමයෙ අම්හාකං බොධිසත්තො සබ්බඤ්ඤුතං පාපුණිත්වා පවත්තවරධම්මචක්කො අනුක්කමෙන චාරිකං චරන්තො කොසම්බිං පාපුණි. “බාරාණසි”න්ති මජ්ඣිමභාණකා. බාකුලසෙට්ඨිපි ඛො “දසබලො ආගතො”ති සුත්වා බහුං ගන්ධමාලං ආදාය සත්ථු සන්තිකං ගන්ත්වා ධම්මකථං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජි. සො සත්තාහමෙව පුථුජ්ජනො හුත්වා අට්ඨමෙ අරුණෙ සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි. අථස්ස ද්වීසු නගරෙසු පරිචිතමාතුගාමා අත්තනො කුලඝරානි ආගන්ත්වා තත්ථෙව වසමානා චීවරානි කරිත්වා පහිණිංසු. ථෙරො එකං අඩ්ඪමාසං කොසම්බිවාසීහි පහිතං චීවරං පරිභුඤ්ජති, එකං අඩ්ඪමාසං බාරාණසිවාසීහීති එතෙනෙව නියාමෙන ද්වීසු නගරෙසු යං යං උත්තමං, තං තං ථෙරස්සෙව ආහරීයති. පබ්බජිතස්සාපිස්ස සුඛෙනෙව අසීති වස්සානි අගමංසු. උභයත්ථාපිස්ස මුහුත්තමත්තම්පි අප්පමත්තකොපි ආබාධො න උප්පන්නපුබ්බො. සො පච්ඡිමෙ කාලෙ බාකුලසුත්තං (ම· නි· 3.209 ආදයො) කථෙත්වා පරිනිබ්බායීති . එවං මච්ඡකුච්ඡියං අරොගභාවො ආයස්මතො බාකුලස්ස පච්ඡිමභවිකස්ස තෙන අත්තභාවෙන පටිලභිතබ්බඅරහත්තඤාණානුභාවෙන නිබ්බත්තත්තා ඤාණවිප්ඵාරා ඉද්ධි නාම. සුචරිතකම්මඵලප්පත්තස්ස පටිසම්භිදාඤාණස්ස ආනුභාවෙනාතිපි වදන්ති.
එසමයෙහි අප බෝසත් තෙමේ සර්වඥතාවයට පැමිණ පවත්වන ලද උතුම් දම්සක් ඇතියේ, අනුක්රමයෙන් චාරිකායෙහි සරනුයේ කොසඹෑ නුවරට වැඩියේය. බරණැසයයි මජ්ඣිම භාණකයෝ කියති. බක්කුල සිටුතෙමේද දශබලධාරීන් වහන්සේ වැඩම කළහයි අසා, බොහෝ සුවඳ මල් ගෙන ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් ධර්මකථා ශ්‍රවණයකොට ලද ශ්‍රද්ධා ඇතියේ පැවිදි විය. ඔහු සත්දිනක්ම පෘථග්ජනව සිට අටවන අරුණෝදයෙහි ප්‍රතිසම්භිදා සහිතව අර්හත්වයට පැමිණියේය. එකල්හි දෙනගරයන්හි ආශ්‍රයකොට පළපුරුදු මාගම්හු තම කුල ගෙවල්වලට අවුත් එහිම වසමින් සිවුරු කරවා යැවූහ. තෙරහු එක් අඩමසක් කොසඹෑ නුවරවාසීන් විසින් යැවුණු සිවුරු පරිභෝග කරති. එක් අඩමසක් බරණැස්වාසීන්ගෙන් යැයි එම ක්‍රමයෙන්ම දෙනගරයන්හි යම් යම් දැයක් උසස්ද? එය තෙරුන්ටම ගෙන එනු ලැබේ. පැවිදි වූවා වූද ඔහුගේ අසූ වර්ෂයෝ සුවයෙන්ම ගතවූවාහුය. දෙඅයුරින්ම වාසය තුළ මොහුට මොහොතක් ප්‍රමාණ වූද අල්පමාත්‍ර වූද ආබාධයක් නූපන් විරූය. හෙතෙම පැසුළු යම් කලැ, බක්කුල සූත්‍රාන්තය දේශනාකොට පිරිනිවන් පෑයේය. මෙසේ මත්ස්‍ය කුසෙහි නිරෝගීභාවය ආයුෂ්මත් බක්කුල පශ්චිම භවිකයාගේ, එම ආත්මභාවයෙන් ලැබිය යුතු අර්හත් ඤාණානුභාවයෙන් නිපන් හෙයින් ඤාණ විප්ඵාර සෘද්ධි නමැ. සුචරිත කර්ම ඵලප්‍රාප්ත, ප්‍රතිසම්භිදා ඤාණයෙහි ආනුභාවයෙනැයි කියති.
සංකිච්චත්ථෙරොපි (විසුද්ධි· 2.373) පුබ්බෙ කතපුඤ්ඤො ධම්මසෙනාපතිත්ථෙරස්ස උපට්ඨාකස්ස සාවත්ථියං අඩ්ඪකුලස්ස ධීතු කුච්ඡිස්මිං නිබ්බත්ති. සා තස්මිං කුච්ඡිගතෙ එකෙන බ්යාධිනා තං ඛණංයෙව කාලමකාසි, තස්සා සරීරෙ ඣාපියමානෙ ඨපෙත්වා ගබ්භමංසං සෙසමංසං ඣාපයි. අථස්සා ගබ්භමංසං චිතකතො ඔතාරෙත්වා ද්වීසු තීසු ඨානෙසු සූලෙහි විජ්ඣිංසු. සූලකොටි දාරකස්ස අක්ඛිකොටිං ඵුසි. එවං ගබ්භමංසං විජ්ඣිත්වා අඞ්ගාරරාසිම්හි පක්ඛිපිත්වා අඞ්ගාරෙහෙව පටිච්ඡාදෙත්වා පක්කමිංසු. ගබ්භමංසං ඣායි, අඞ්ගාරමත්ථකෙ පන සුවණ්ණබිම්බසදිසො දාරකො පදුමගබ්භෙ නිපන්නො විය අහොසි. පච්ඡිමභවිකසත්තස්ස හි සිනෙරුනා ඔත්ථරියමානස්සාපි අරහත්තං අප්පත්වා ජීවිතක්ඛයො නාම නත්ථි. පුනදිවසෙ “චිතකං නිබ්බාපෙස්සාමා”ති ආගතා තථා නිපන්නං දාරකං දිස්වා අච්ඡරියබ්භුතචිත්තජාතා දාරකං ආදාය නගරං ගන්ත්වා නෙමිත්තකෙ පුච්ඡිංසු. නෙමිත්තකා “සචෙ අයං දාරකො අගාරං අජ්ඣාවසිස්සති, යාව සත්තමා කුලපරිවට්ටා ඤාතකා දුග්ගතා භවිස්සන්ති. සචෙ පබ්බජිස්සති, පඤ්චහි සමණසතෙහි පරිවුතො චරිස්සතී”ති ආහංසු. අය්‍යකා තං දාරකං වඩ්ඪෙසි. ඤාතකාපි වඩ්ඪිතකාලෙ “අම්හාකං අය්යස්ස සන්තිකෙ පබ්බාජෙස්සාමා”ති පොසයිංසු. සො සත්තවස්සිකකාලෙ “තව කුච්ඡියා වසනකාලෙ මාතා තෙ කාලමකාසි, තස්සා සරීරෙ ඣාපියමානෙපි ත්වං න ඣායී”ති කුමාරකානං කථං සුත්වා “අහං කිර එවරූපා භයා මුත්තො, කිං මෙ ඝරාවාසෙන පබ්බජිස්සාමී”ති ඤාතකානං ආරොචෙසි. තෙ “සාධු, තාතා”ති තං ධම්මසෙනාපතිත්ථෙරස්ස සන්තිකං නෙත්වා “භන්තෙ, ඉමං පබ්බාජෙථා”ති අදංසු. ථෙරො තචපඤ්චකකම්මට්ඨානං දත්වා පබ්බාජෙසි. සො ඛුරග්ගෙයෙව සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි. පරිපුණ්ණවස්සො ච උපසම්පදං ලභිත්වා දසවස්සො හුත්වා පඤ්චසතභික්ඛුපරිවාරො විචරීති. එවං වුත්තනයෙනෙව දාරුචිතකාය අරොගභාවො ආයස්මතො සංකිච්චස්ස ඤාණවිප්ඵාරා ඉද්ධි නාම.
සංකිච්චත්ථෙරොපි සංකිච්ච තෙරහුද, පෙර කළ පිනැතියාහු, දම් සෙනෙවි සැරියුත් තෙරහුගේ, උපස්ථායක සැවැත්නුවර ධනාඪ්ය කුල දියණියකගේ කුස පිළිසිඳ ගත්හ ඔහු කුසඔත් කල්හි ඕ එක් ව්‍යාධියකින් එකෙණෙහිම කළුරිය කළාය. ඇයගේ ශරීරය දවනු ලබන කල්හි ගැබ්මස හැර සෙසුමස් දැවුණේය. ඉක්බිති ඇයගේ ගර්භමාංශය චිතකයෙන් බහා දෙතුන් තැනෙක්හි හුල්වලින් හිල්කළහ. හුල් කෙළවර දරුවාගේ ඇස් කොණ ස්පර්ශ කළේය. මෙසේ ගැබ්මස විද, අඟරු රැසෙහි බහා, අඟුරු වලින්ම වසා ගියහ. ගැබ්මස දැවිණි. අඟරු මතුයෙහි රන් ප්‍රතිමාවක් සමාන ළදරුවා, නෙළුම් මල අභ්‍යන්තරයෙහි වැදහොත්තාක් මෙන් වූයේය. පශ්චිමභවික සත්ත්වයාට මහමෙරින් මැඩගෙන යනු ලබන්නේද, අර්හත්වයට නොපැමිණ දිවික්ෂය වීමනම් නොමැත. දෙවන දින, චිතකය නිවන්නෙමුයි පැමිණි පුඟුලෝ, එසේ හොත් ළදරුවා දැක ආශ්චර්ය, අද්භූත සිත් හටගත්තාහුය. ළදරුවා ගෙන නුවරට ගොස් නිමිති කියන්නවුන් විචාළහ. නිමිති කියන්නෝ, ඉදින් මෙම ළදරුවා ගිහිගෙයි වාසය කරන්නේද? සත්වන කුල පරපුර තෙක් ඤාතීහු දුගී වන්නාහුය. ඉදින් පැවිදි වන්නේද, මහණුන් පන්සියයක් විසින් පිරිවරන ලදුයේ හැසිරෙන්නේ යයි කීහ. මිත්තණිය එම ළදරුවා (වැඩීය) පෝෂණය කළේය. ඤාතීහුද වැඩුණු කල්හි අපගේ උත්තමයාගේ සමීපයෙහි පැවිදි කරවන්නෙමුයි පෝෂණය කළහ. හෙතෙම සත් වස් කල්හි, නුඹ මව්කුසෙහි වසන කල්හි නුඹගේ මව කළුරිය කළාය. ඇයගේ සිරුර දවන කල්හිද නුඹ නොදැවිණියි ළමයින්ගේ කථාව අසා, මම වනාහි මෙබඳු වූ බියකින් මිදුණෙමි. මෙමග් ගෘහවාසයෙන් කවර ප්‍රයෝජනයෙක්ද? පැවිදිවන්නෙමියි ඤාතීන්ට සැල කළේය. ඔවුහු යහපත දරුව යැයි ඔහු දම්සෙනෙවි සැරියුත් තෙරුන්ගේ සමීපයට ගෙන ගොස්, ස්වාමීනි, මොහු පැවිදි කරනු මැනවැයි දුන්හ. තෙරහු තච පඤ්චක කර්මස්ථානය දී පැවිදි කරවූහ. හෙතෙම හිස මුඩුකරන ස්ථානයෙහිදීම ප්‍රතිසම්භිදා සහිතව අර්හත්වයට පැමිණියේය. පිරිපුන් වස් ඇතියේ, උපසම්පදාව ලැබ දසවස් වී පන්සියයක් භික්ෂු පිරිවර සහිතව හැසිරුණේය. මෙසේ කියන ලද ආකාරයෙන්ම දර සෑයෙහි නිරෝගභාවය, ආයුෂ්මත් සංකිච්ච තෙරුන්ගේ ඤාණ විප්ඵාරා සෘද්ධි නමැ.
භූතපාලත්ථෙරොපි (විසුද්ධි· 2.373) පුබ්බහෙතුසම්පන්නො. තස්ස පිතා රාජගහෙ දලිද්දමනුස්සො. සො තං දාරකං ගහෙත්වා දාරූනං අත්ථාය සකටෙන අටවිං ගන්ත්වා දාරුභාරං කත්වා සායං නගරද්වාරසමීපං පත්තො. අථස්ස ගොණා යුගං ඔස්සජිත්වා නගරං පවිසිංසු. සො සකටමූලෙ පුත්තකං නිසීදාපෙත්වා ගොණානං අනුපදං ගච්ඡන්තො නගරමෙව පාවිසි. තස්ස අනික්ඛන්තස්සෙව ද්වාරං පිදහි. දාරකො සකලරත්තිං සකටස්ස හෙට්ඨා නිපජ්ජිත්වා නිද්දං ඔක්කමි. රාජගහං පකතියාපි අමනුස්සබහුලං, ඉදං පන සුසානසමීපට්ඨානං. න ච කොචි යක්ඛො තස්ස පච්ඡිමභවිකස්ස දාරකස්ස උපද්දවං කාතුමසක්ඛි. සො අපරෙන සමයෙන පබ්බජිත්වා අරහත්තං පාපුණිත්වා භූතපාලත්ථෙරො නාම අහොසීති. එවං වාළයක්ඛානුචරිතෙපි පදෙසෙ වුත්තනයෙනෙව අරොගභාවො ආයස්මතො භූතපාලස්ස ඤාණවිප්ඵාරා ඉද්ධි නාම.
භූතපාලත්ථෙරොපි භූතපාල තෙරහුද පූර්වහේතු සම්පන්නයෙකි. ඔහුගේ පියා රජගහනුවර දිළිඳු මිනිසෙකි. හෙතෙම එම දරුවා රැගෙන දර සඳහා ගැලෙන් කැලයට ගොස් (ගැලම ප්‍රමාණවත්) දර බරක්කොට සවස නුවර දොර සමීපයට පැමිණියේය. ඉක්බිති මොහුගේ ගොන් යුගලය ගැල අත්හැර නගරයට පිවිසුණහ. හෙතෙම ගැල්මුල පුත්‍රයා හිඳුවා ගොනුන්ගේ පිය සටහන් අනුව යනුයේ, නගරයටම පිවිසියේය. ඔහුගේ නුවරින් නොනික්මුණු කල්හිම දොර වැසිණි. දරුවා මුළුරැය ගැල යට වැදහෙව නිද්‍රාවට බටුයේය. රජගහනුවර ප්‍රකෘතියෙන්ම අමනුෂ්‍ය බහුලය. මෙය වනාහි සුසානස්ථානයට සමීප ස්ථානයකි. කිසිම යක්ෂයෙකුට පශ්චිම භවික එම දරුවාට, උපද්‍රවයක් කරන්ට නොහැකි විය. හෙතෙම පසුකලෙකැ පැවිදිවී අර්හත්වයට පත්ව භූතපාල තෙර නම් විය. මෙසේ නපුරු යක්ෂයින් හැසිරෙන්නා වූද ප්‍රදේශයෙහි කියන ලද ආකාරයෙන්ම නිරෝගීභාවය ආයුෂ්මත් භූතපාල තෙරුන්ගේ ඤාණවිප්ඵාර සෘද්ධි නමැ.
සමාධිවිප්ඵාරිද්ධිනිද්දෙසෙ ආයස්මතො සාරිපුත්තස්ස සමාධිවිප්ඵාරා ඉද්ධීතිආදීසු ආයස්මතො සාරිපුත්තස්ස මහාමොග්ගල්ලානත්ථෙරෙන සද්ධිං කපොතකන්දරායං විහරතො ජුණ්හාය රත්තියා නවොරොපිතෙහි කෙසෙහි අජ්ඣොකාසෙ නිසින්නස්ස එකො දුට්ඨයක්ඛො සහායකෙන යක්ඛෙන වාරියමානොපි සීසෙ පහාරං අදාසි. යස්ස මෙඝස්ස විය ගජ්ජතො සද්දො අහොසි, ථෙරො තස්ස පහරණසමයෙ සමාපත්තිං අප්පෙත්වා නිසින්නො හොති. අථස්ස තෙන පහාරෙන න කොචි ආබාධො අහොසි. අයං තස්ස ආයස්මතො සමාධිවිප්ඵාරා ඉද්ධි. යථාහ –
සමාධි විප්ඵාර සෘද්ධි නිර්දේශයෙහි, ආයස්මතො සාරිපුත්තස්ස සමාධි විප්ඵාරා ඉද්ධි යන ආදීන්හි ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට, මහමුගලන් තෙරුන් සමග කපොත නම් ගිරිකඳුරෙහි වෙසෙන කල්හි ආලෝකවත් රාත්‍රියෙහි අලුත ඉවත් කළ කෙස් සහිතව හුන් කල්හි, එක් දුෂ්ට යක්ෂයෙක්, සහාය යක්ෂයා විසින් වළකනු ලැබුයේද, හිසට පහරක් දුන්නේය. යමක ශබ්දය මේඝ ගර්ජනාවක් මෙන් වූයේද, මෙයද එවන් ආකාර විය. තෙරහු ඔහුගේ ප්‍රහරණ සමයෙහි සමවතට අර්පිතව හුන්නාහු වෙති. ඉක්බිති ඔහුට එම ප්‍රහාරයෙන් කිසි ආබාධයෙක් නොවීය. මේ එම ආයුෂ්මත්හුගේ සමාධි විප්ඵාර සෘද්ධියයි (පැතිරීම).
“එවං මෙ සුතං (උදා· 34) – එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච මහාමොග්ගල්ලානො කපොතකන්දරායං විහරන්ති. තෙන ඛො පන සමයෙන ආයස්මා සාරිපුත්තො ජුණ්හාය රත්තියා නවොරොපිතෙහි කෙසෙහි අබ්භොකාසෙ නිසින්නො හොති අඤ්ඤතරං සමාධිං සමාපජ්ජිත්වා.
දෙසූ පරිදි, මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ, ලෙහෙනුන්ට අහර දෙන රජගහනුවර වේලුවනයෙහි වැඩ වාසය කරත්. එසමයෙහි වනාහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝද ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝද කපොත නමැති ගිරි ගුහායෙහි වාසය කරති. එසමයෙහි වනාහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආලෝකවත් රාත්‍රියෙහි, අලුත ඉවත්කළ කෙස්වලින් යුක්තව, අභ්‍යවකාශයෙහි එක්තරා සමාධියකට සමවැද වැඩහුන්නාහු වෙති.
“තෙන ඛො පන සමයෙන ද්වෙ යක්ඛා සහායකා උත්තරාය දිසාය දක්ඛිණං දිසං ගච්ඡන්ති කෙනචිදෙව කරණීයෙන. අද්දසංසු ඛො තෙ යක්ඛා ආයස්මන්තං සාරිපුත්තං ජුණ්හාය රත්තියා නවොරොපිතෙහි කෙසෙහි අබ්භොකාසෙ නිසින්නං, දිස්වාන එකො යක්ඛො දුතියං යක්ඛං එතදවොච – ‘පටිභාති මං, සම්ම, ඉමස්ස සමණස්ස සීසෙ පහාරං දාතු’න්ති. එවං වුත්තෙ සො යක්ඛො තං යක්ඛං එතදවොච – ‘අලං, සම්ම, මා සමණං ආසාදෙසි, උළාරො සො, සම්ම, සමණො මහිද්ධිකො මහානුභාවො’ති.
එසමයෙහි වනාහි මිත්‍ර දෙයක්ෂයෝ උතුරු දිසායෙන්, දකුණු දිසාවට කිසියම් කටයුත්තක් සඳහා යති. එම යක්ෂයෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් ආලෝකවත් රාත්‍රියෙහි, අලුත ඉවත් කළ කෙසින් යුක්තව අභ්‍යවකාශයෙහි හුන්නහු දුටහ. දැක එක් යක්ෂයෙක් අනෙක් යක්ෂයාට මෙසේ කීයේය. යහළුව, මෙම ශ්රමණයාගේ හිසෙහි පහරක් දෙන්ට මට (සිතේ) වැටැහේ. මෙසේ කී කල්හි එම යක්ෂයා අනෙක් යක්ෂයාට මෙය කීවේය. අනවශ්‍යයි යහලුව. ශ්‍රමණයාට පහර නොදෙව. යහලුව, එම ශ්‍රමණ තෙමේ මහත් සෘද්ධි ඇත්තෙකි. මහානුභාව සම්පන්නය. උදාරය.
“දුතියම්පි ඛො…පෙ… තතියම්පි ඛො සො යක්ඛො තං යක්ඛං එතදවොච – ‘පටිභාති මං, සම්ම, ඉමස්ස සමණස්ස සීසෙ පහාරං දාතු’න්ති. තතියම්පි ඛො සො යක්ඛො තං යක්ඛං එතදවොච – ‘අලං, සම්ම, මා සමණං ආසාදෙසි, උළාරො සො, සම්ම, සමණො මහිද්ධිකො මහානුභාවො’ති.
දෙවනුවද වනාහි -පෙ- තෙවනුවද වනාහි එම යක්ෂයා, අනෙක් යක්ෂයාට මෙසේ කීයේය. යහළුව, මෙම ශ්රමණයාගේ හිසෙහි පහරක් දෙන්ට මට (සිතේ) වැටැහේ. තෙවනුවද එම යක්ෂයා අනෙක් යක්ෂයාට මෙය කීයේය. අනවශ්‍යයි යහළුව, ශ්‍රමණයාට පහර නොදෙව. එම ශ්‍රමණ තෙමේ මහත් සෘද්ධි ඇත්තෙකි. මහානුභාව සම්පන්නය. උදාරය.
“අථ ඛො සො යක්ඛො තං යක්ඛං අනාදියිත්වා ආයස්මතො සාරිපුත්තස්ස සීසෙ පහාරං අදාසි. තාව මහාපහාරො අහොසි, අපි තෙන පහාරෙන සත්තරතනං වා අඩ්ඪට්ඨමරතනං වා නාගං ඔසාරෙය්ය, මහන්තං වා පබ්බතකූටං පදාලෙය්ය. අථ ච පන සො යක්ඛො ‘දය්හාමි දය්හාමී’ති තත්ථෙව මහානිරයං අපතාසි.
ඉක්බිති එම යක්ෂයා අනෙක් යක්ෂයා ගණන් නොගෙන ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ හිසෙහි පහර දුන්නේය. එය විශාල ප්‍රහාරයක් වූයේය. තවද එම ප්‍රහාරයෙන් සත්රියන්, දොළොස්රියන් ප්‍රමාණ වූ, ඇතෙකු වුව කිඳා බස්වන්නේය. මහත් පර්වත කූටයක් හෝ පළන්නේය. ඉක්බිති එම යක්ෂයා දැවෙමි දැවෙමියි එහිම මහ නිරය මැඩගෙන ගියේය.
“අද්දසා ඛො ආයස්මා මහාමොග්ගල්ලානො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන තෙන යක්ඛෙන ආයස්මතො සාරිපුත්තස්ස සීසෙ පහාරං දීයමානං, දිස්වා යෙන ආයස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං සාරිපුත්තං එතදවොච – ‘කච්චි තෙ, ආවුසො සාරිපුත්ත, ඛමනීයං, කච්චි යාපනීයං, කච්චි න කිඤ්චි දුක්ඛ’න්ති. ‘ඛමනීයං මෙ, ආවුසො මොග්ගල්ලාන, යාපනීයං මෙ, ආවුසො මොග්ගල්ලාන, අපි ච මෙ සීසං ථොකං දුක්ඛ’න්ති.
ආයුෂ්මත් මහ මුගලන් තෙරහු, එම යක්ෂයා විසින්, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට පහරදෙනු ලැබීම පිරිසිදු, මානුෂිකත්වය ඉක්ම ගිය දිව්‍ය චක්ෂුසින් දුටහ. ඉක්බිති ආයුෂ්මත් මහ මුගලන් තෙරහු, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ යම් තැනෙක්හිද, එතැන්හි එළැඹියහ. එළැඹ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට මෙය කීහ. ඇවැත්නි ශාරිපුත්‍රය, ඔබගේ ඉවසීම කෙසේද? ඇවැත්නි ඔබගේ යැපීම කෙසේද? ඇවැත්නි මට ඉවසිය හැකිය. ඇවැත්නි මට යැපිය හැකිය. තවද මාගේ හිස මඳක් දුක්වේදනා සහිතය.
“අච්ඡරියං, ආවුසො සාරිපුත්ත, අබ්භුතං, ආවුසො සාරිපුත්ත, යාව මහිද්ධිකො ආයස්මා සාරිපුත්තො මහානුභාවො. ඉධ තෙ, ආවුසො සාරිපුත්ත, අඤ්ඤතරො යක්ඛො සීසෙ පහාරං අදාසි. තාව මහා පහාරො අහොසි, අපි තෙන පහාරෙන සත්තරතනං වා අඩ්ඪට්ඨමරතනං වා නාගං ඔසාරෙය්ය, මහන්තං වා පබ්බතකූටං පදාලෙය්ය. අථ ච පනායස්මා සාරිපුත්තො එවමාහ – ‘ඛමනීයං මෙ, ආවුසො මොග්ගල්ලාන, යාපනීයං මෙ, ආවුසො මොග්ගල්ලාන, අපි ච මෙ සීසං ථොකං දුක්ඛ’න්ති.
ඇවැත්නි ශාරිපුත්‍රය ආශ්චර්යයකි. ඇවැත්නි ශාරිපුත්‍රය පුදුමයෙකි. ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙමේ කෙතරම් සෘද්ධිමත්ද? කෙතරම් මහානුභාවද? ඇවැත්නි ශාරිපුත්‍රය, මෙහි ඔබට එක්තරා යක්ෂයෙක් හිසෙහි ප්‍රහාරයක් දුන්නේය. එය කෙතරම් මහා ප්‍රහාරයෙක් වීද? තවද එම ප්‍රහාරයෙන් සත්‍රියක් හේ රියන් දොළසක් වූ ඇතෙකු හෝ කිඳාබස්වන්නේය. මහත් පර්වත කූටයක් පළන්නේය. එසේද වුවත්, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මෙසේ කීහ. ඇවැත්නි මොග්ගල්ලානය, මට ඉවසිය හැකිය. ඇවැත්නි, මොග්ගල්ලානය, මට යැපිය හැකිය. තවද මාගේ හිස මඳක් දුක්වේදනා සහිතයයි,
“අච්ඡරියං, ආවුසො මොග්ගල්ලාන, අබ්භුතං, ආවුසො මොග්ගල්ලාන, යාව මහිද්ධිකො ආයස්මා මහාමොග්ගල්ලානො මහානුභාවො, යත්ර හි නාම යක්ඛම්පි පස්සිස්සති, මයං පනෙතරහි පංසුපිසාචකම්පි න පස්සාමාති.
ඇවැත්නි මොග්ගල්ලානය ආශ්චර්යයකි. ඇවැත්නි මොග්ගල්ලානය පුදුමයෙකි. ආයුෂ්මත් මහ මුගලන් තෙරනුවෝ යම්තැනෙක්හි යක්ෂයෙකුද දකියි නම් කෙතරම් මහර්ධිකද? කෙතරම් මහානුභාවද? අපි වනාහි දැන් පාංශු පිශාචයෙකුද නොදකිමු.
“අස්සොසි ඛො භගවා දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය තෙසං උභින්නං මහානාගානං ඉමං එවරූපං කථාසල්ලාපං.
භාග්‍යවතුන් වහන්සේ, විශුද්ධ මනුෂ්යාත්වය ඉක්මගියා වූ, දිව්‍ය ශ්‍රෝත ධාතුයෙන්, එම දෙඋතුමන්ගේ මෙම කථා සල්ලාපය ශ්‍රවණය කළ සේක.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි –
එකල්හි භාග්‍යවතුන් වහන්සේ එම කරුණ දැන එවේලෙහි මෙම ප්‍රීති වාක්‍යය වදාළ සේක.
“යස්ස සෙලූපමං චිත්තං, ඨිතං නානුපකම්පති; විරත්තං රජනීයෙසු, කොපනීයෙ න කුප්පති; යස්සෙවං භාවිතං චිත්තං, කුතො තං දුක්ඛමෙස්සතී”ති. (උදා· 34);
යස්ස සෙලූපමං චිත්තං - ඨිතං නානු කම්පති, විරත්තං රජනීයෙසු - කොපනීයෙ න කුප්පති, යස්සෙවං භාවිතං චිත්තං - කුතො න දුක්ඛමෙස්සතීති
එත්ථ ච “කුතො තං දුක්ඛමෙස්සතී”ති භගවතා වුත්තවචනෙන “තෙන පහාරෙන න කොචි ආබාධො අහොසී”ති අට්ඨකථාවචනං අතිවිය සමෙති. තස්මා “අපිච මෙ සීසං ථොකං දුක්ඛ”න්ති වචනෙන දුක්ඛවෙදනා න හොති, සීසස්ස පන අකම්මඤ්ඤභාවං සන්ධාය “දුක්ඛ”න්ති වුත්තං. ලොකෙපි හි අකිච්ඡෙන පරිහරිතුං සක්කුණෙය්යො සුඛසීලො, කිච්ඡෙන පරිහරිතුං සක්කුණෙය්යො දුක්ඛසීලොති වුච්චති. තම්පි ඛො අකම්මඤ්ඤතං සමාපත්තිතො වුට්ඨිතසමයත්තා අහොසීති වෙදිතබ්බො. සමාපත්තිඅප්පිතසමයෙ හි තම්පි න භවෙය්‍යාති. “එතරහි පංසුපිසාචකම්පි න පස්සාමා”ති දට්ඨුං අසමත්ථතාය න වුත්තං, අභිඤ්ඤාසු බ්යාපාරාභාවෙන වුත්තං. ථෙරො කිර “පච්ඡිමා ජනතා පොථුජ්ජනිකාය ඉද්ධියා සාරසඤ්ඤා මාහෙසු”න්ති පච්ඡිමං ජනතං අනුකම්පමානො යෙභුය්යෙන ඉද්ධිං න වලඤ්ජෙසි. ථෙරගාථාය ච –
යමෙකුගේ පර්වතයකට උපමා කළහැකි සිත ස්ථිරව පිහිටියේ කම්පනය නොවේද? ඇල්ම කළයුතු දෑහි නොඇලේද? කෝපවිය යුතු දෑහි කෝප නොවේද? යමෙකුගේ මෙසේ වඩනා ලද සිත, කෙසේනම් දුකට පමුණුවන්නේද? මෙහිද ‘කුතො නං දුක්ඛමෙස්සති’ කෙසේනම් දුකට පමුණුවන්නේද යන භාග්‍යවතුන් වහන්සේගේ වචනයෙන් එම ප්‍රහාරයෙන් කිසි ආබාධයක් නුවූයේය යන අට්ඨකථා වචනය ඉතාමත් සමවේ. එහෙයින් ‘තවද මාගේ හිස මඳක් දුක් සහිත’ යයි කියන ලද වචනයෙන් දුක්වේදනා නොවේ. හිසෙහි අකර්මණ්‍යභාවය සඳහා දුක යැයි යූ.සේයි. ලොවැ නිදුකින් පරිහරණය කරන්ට හැකිවීම සුව ස්වභාවයයි. දුකින් පරිහරණය කරන්ට හැකිවීම දුක් ස්වභාවයයි යූ.සේයි. එම අකර්මණ්‍යතාව සමවතින් නැගිටි සමය හෙයින් වූයේයයි දතයුතුය. සමවතට සමවන් සමයෙහි එයද නොවන්නේය. ‘වත්මනැ පාංශු පිශාචයෙකුදු නොදක්නෙමුයි දක්නට අසමර්ථ හෙයින් නොයූසේයි. අභිඥාවන්හි උත්සාහය අභාවයෙන් යූසේයි තෙරහු වනාහි පශ්චිම ජනතාව පෘථග්ජන සෘද්ධියෙහි සාරවත් යන හැඟීම් නොවෙත්වායි පශ්චිම ජනතාවට අනුකම්පා කරනුයේ බොහෝසෙයින් සෘද්ධිය පාවිච්චි නොකරත්. ථෙර ගාථායෙහිද:-
“නෙව පුබ්බෙනිවාසාය, නපි දිබ්බස්ස චක්ඛුනො; චෙතොපරියාය ඉද්ධියා, චුතියා උපපත්තියා; සොතධාතුවිසුද්ධියා, පණිධි මෙ න විජ්ජතී”ති. (ථෙරගා· 996) –
නෙව පුබ්බෙ නිවාසාය - නපි දිබ්බස්ස චක්ඛුනො, චෙතො පරියාය ඉද්ධියා - චුතියා උපපත්තියා, සොතධාතු විසුද්ධියා - පණීධි මෙ නවිජ්ජති
සෘද්ධිවිධ, දිව්‍යශ්‍රෝත, චෙතොපරිය, පූර්වෙනිවාසානුස්මකෘති චුතූපපාත, දිව්යචක්ෂු යනාදීන්හි මාගේ ප්‍රාර්ථනයක් නොමැත යයි.
ථෙරෙන සයමෙව අභිඤ්ඤාසු පත්ථනාභාවො වුත්තො. ථෙරො පන සත්තසට්ඨියා සාවකපාරමීඤාණෙසු පාරමිප්පත්තොති.
තෙරුන් විසින් තෙමේම අභිඥාවන්හි ප්‍රාර්ථනා අභාවය යූ.සේයි. තෙරහු වනාහි සත්සැටක් ශ්‍රාවක පාරමී ඤාණයන්හි පරිපූර්ණත්වය පත්වූහ.
සඤ්ජීවත්ථෙරං පන කකුසන්ධස්ස භගවතො දුතියඅග්ගසාවකං නිරොධසමාපන්නං “කාලඞ්කතො”ති සල්ලක්ඛෙත්වා ගොපාලකාදයො තිණකට්ඨාදීනි සංකඩ්ඪිත්වා අග්ගිං අදංසු. ථෙරස්ස චීවරෙ අංසුමත්තම්පි න ඣායිත්ථ. අයමස්සායස්මතො අනුපුබ්බසමාපත්තිවසෙන පවත්තසමථානුභාවනිබ්බත්තත්තා සමාධිවිප්ඵාරා ඉද්ධි. යථාහ –
සඤ්ජීවත්ථෙරං සංජීව තෙර වනාහි කකුසඳ භාග්‍යවතුන් වහන්සේගේ සස්නෙහි දෙවන අගසව් වූයේ, නිරොධ සමවතට සමවන්නේ කළුරිය කළේයයි සලකා, ගොපලු ආදීහු තෘණ, දර ආදිය එකතුකොට ගිනිලෑහ. තෙරුන්ගේ සිවුරෙහි අංශු මාත්‍රයක්වත් නොදැවිණි. මෙය මෙම ආයුෂ්මත්හුගේ අනුපූර්ව සමවත් වශයෙන් පැවැති සමථ ආනුභාවයෙන් නිපන් හෙයින් සමාධි විප්ඵාර (පැතිරීම) සෘද්ධියයි. දෙසූ පරිදි;
“තෙන ඛො පන, පාපිම, සමයෙන කකුසන්ධො භගවා අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උප්පන්නො හොති. කකුසන්ධස්ස ඛො පන, පාපිම, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස විධුරසඤ්ජීවං නාම සාවකයුගං අහොසි අග්ගං භද්දයුගං. යාවතා පන, පාපිම, කකුසන්ධස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සාවකා. තෙසු න ච කොචි ආයස්මතා විධුරෙන සමසමො හොති යදිදං ධම්මදෙසනාය. ඉමිනා ඛො එතං, පාපිම, පරියායෙන ආයස්මතො විධුරස්ස විධුරොතෙව සමඤ්ඤා උදපාදි. ආයස්මා පන, පාපිම, සඤ්ජීවො අරඤ්ඤගතොපි රුක්ඛමූලගතොපි සුඤ්ඤාගාරගතොපි අප්පකසිරෙනෙව සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජති.
පාපිෂ්ඨය එසමයෙහි වනාහි, කකුසඳ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ ලොවැ උපන්නාහු වෙති. කකුසඳ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට විධුර-සංජීව නමැති අග්‍ර, සොඳුරු යුගලක් වූ, ශ්‍රාවක යුග්මයක් වූයේය. යම්තාක් වනාහි පාපිෂ්ඨය, මෙහි ආයුෂ්මත් විධුර හා යම් ඒ ධර්‍මදේශනායෙහි සම තත්ත්වයට පත්වූ කිසි ශ්‍රාවකයෙක් කකුසඳ බුදුන්ට නොවීය. මෙම ක්‍රමයෙන් පාපිෂ්ටයා ආයුෂ්මත් විධුරට විධුරයැයිම ව්‍යවහාරය හටගති. පාපිෂ්ටය ආයුෂ්මත් සඤ්ජීව, අරණ්‍යයට ගියේද, රුක්මුලට ගියේද, ශූන්‍යාගාරයට ගියේද, කරදරයකින් තොරව සංඥාවේදයිත නිරෝධයට සමවදියි.
“භූතපුබ්බං, පාපිම, ආයස්මා සඤ්ජීවො අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නො නිසින්නො හොති. අද්දසංසු ඛො, පාපිම, ගොපාලකා පසුපාලකා කස්සකා පථාවිනො ආයස්මන්තං සඤ්ජීවං අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නං, දිස්වාන තෙසං එතදහොසි – ‘අච්ඡරියං වත භො, අබ්භුතං වත භො, අයං සමණො නිසින්නකො කාලඞ්කතො, හන්ද නං දහාමා’ති.
මෙය පෙර වූවකි. පාපිෂ්ඨය, ආයුෂ්මත් සංජීව එක්තරා රුක්මුලෙකැ සංඥා වේදයිත නිරෝධයට සමවැදී හුන්නේ වේ. පාපිෂ්ඨය, ගොපල්ලෝ, දෙනුන් රැකබලා ගන්නෝ, ගොවියෝ මගියෝ ආයුෂ්මත් සංජීව එක්තරා රුක්මුලෙකැ සංඥාවේදයිත නිරෝධයට සමවැද සිටින්නහු දුටහ. දැක ඔවුන්ට මෙබඳු සිතෙක් විය. පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්යයෙකි. පින්වත්නි, ඒකාන්තයෙන් පුදුමයෙකි. මෙම ශ්‍රමණ තෙමේ හුන්නේම කළුරිය කළේය. එහෙයින් ඔහු දවමු.
“අථ ඛො තෙ, පාපිම, ගොපාලකා පසුපාලකා කස්සකා පථාවිනො තිණඤ්ච කට්ඨඤ්ච ගොමයඤ්ච සංකඩ්ඪිත්වා ආයස්මතො සඤ්ජීවස්ස කායෙ උපචිනිත්වා අග්ගිං දත්වා පක්කමිංසු. අථ ඛො, පාපිම, ආයස්මා සඤ්ජීවො තස්සා රත්තියා අච්චයෙන තාය සමාපත්තියා වුට්ඨහිත්වා චීවරානි පප්ඵොටෙත්වා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ගාමං පිණ්ඩාය පාවිසි. අද්දසංසු ඛො තෙ, පාපිම, ගොපාලකා පසුපාලකා කස්සකා පථාවිනො ආයස්මන්තං සඤ්ජීවං පිණ්ඩාය චරන්තං, දිස්වාන නෙසං එතදහොසි – ‘අච්ඡරියං වත භො, අබ්භුතං වත භො, අයං සමණො නිසින්නකොව කාලඞ්කතො, ස්වායං පටිසඤ්ජීවිතො’ති. ඉමිනා ඛො එවං, පාපිම, පරියායෙන ආයස්මතො සඤ්ජීවස්ස සඤ්ජීවොතෙව සමඤ්ඤා උදපාදී”ති (ම· නි· 1.507).
ඉක්බිති පාපිෂ්ඨය, එම ගොපල්ලෝ, දෙනුන් රැකබලා ගන්නෝ, ගොවියෝ, මගියෝ, තෘණද, වියලි ලීදඬුද, ගොමද, එකතුකොට, ආයුෂ්මත් සංජීවගේ සිරුරෙහි රැස්කළේය. රැස්කොට ගිනි අවුළුවා ගියහ. ඉක්බිති පාපිෂ්ඨය, ආයුෂ්මත් සංජීව එම රාත්‍රියගේ ඇවෑමෙන් එම සමවතින් නැගිට, ගසා දමා, පෙරවරුයෙහි හැඳ පාසිවුරු ගෙන ගමෙහි පිඬු පිණිස පිවිසියේය. පාපිෂ්ඨය එම ගොපල්ලෝ දෙනුන් රැකබලා ගන්නෝ, ගොවියෝ, මගියෝ ආයුෂ්මත් සංජීව පිඬු පිණිස හැසිරෙන්නිහු දුටහ. දැක ඔවුන්ට මෙබඳු සිතක් විය. පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්යයෙකි. පින්වත්නි ඒකාන්තයෙන් පුදුමයෙකි. මෙම ශ්‍රමණ තෙමේ හුන්නේම කළුරිය කළේය. ඒ මෙතෙමේ නැවත දිවි ගෙවන ලද්දේය. පාපිෂ්ඨය, මෙම ක්‍රමයෙන් ආයුෂ්මත් සංජීවට සංජීව යැයිම ව්‍යවාහරය හටගති.
ඛාණුකොණ්ඩඤ්ඤත්ථෙරො පන පකතියාව සමාපත්තිබහුලො, සො අඤ්ඤතරස්මිං අරඤ්ඤෙ රත්තිං සමාපත්තිං අප්පෙත්වා නිසීදි, පඤ්චසතා චොරා භණ්ඩකං ථෙනෙත්වා ගච්ඡන්තා “ඉදානි අම්හාකං අනුපදං ගච්ඡන්තා නත්ථී”ති විස්සමිතුකාමා භණ්ඩකං ඔරොපයමානා “ඛාණුකො අය”න්ති මඤ්ඤමානා ථෙරස්සෙව උපරි සබ්බභණ්ඩකානි ඨපෙසුං. තෙසං විස්සමිත්වා ගච්ඡන්තානං පඨමං ඨපිතභණ්ඩකස්ස ගහණකාලෙ කාලපරිච්ඡෙදවසෙන ථෙරො වුට්ඨාසි. තෙ ථෙරස්ස චලනාකාරං දිස්වා භීතා විරවිංසු. ථෙරො “මා භායථ, උපාසකා, භික්ඛු අහ”න්ති ආහ. තෙ ආගන්ත්වා වන්දිත්වා ථෙරගතෙන පසාදෙන පබ්බජිත්වා සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණිංසු. තතො පභුති ච ථෙරො ඛාණුකොණ්ඩඤ්ඤත්ථෙරො නාම අහොසි. අයමෙත්ථ පඤ්චහි භණ්ඩකසතෙහි අජ්ඣොත්ථටස්ස තස්සායස්මතො ආබාධාභාවො සමාධිවිප්ඵාරා ඉද්ධි.
ඛාණුකොණ්ඩඤ්ඤත්ථෙරො ඛාණුකොණ්ඩඤ්ඤ තෙරහු ප්‍රකෘතියෙන්ම සමවත් බහුලය. හෙතෙම එක්තරා අරණක රැයෙහි සමවතට සපැමිණ හුන්නේය. පන්සියයක් සොරහු භාණ්ඩ සොරකම්කොට යන්නාහු, දැන් අපගේ පියවර අනුව යන්නාහු නැතැයි විඩාහරිනු කැමැත්තාහු භාණ්ඩ බහාතබන්නාහු මෙය කණුවෙක්යැයි හඟන්නාහු තෙරුන්ගේම මත්තෙහි සියලු භාණ්ඩ තැබූහ. විඩාහැර, යන ඔවුන්ගේ ප්‍රථමයෙන් තැබූ භාණ්ඩයෙහි, ග්‍රහණ කාලයෙහි පිරිසිඳි කාලයාගේ වශයෙන් තෙරහු සමාධියෙන් නැගිටියේය. ඔවුහු තෙරුන්ගේ චලන ආකාරය දැක බියවූවාහු කෑගැසූහ. තෙරහු උපාසකවරුනි, බිය නොවවු. මම භික්ෂුවක්මියි කීහ. ඔවුහු අවුත්, වැඳ තෙරුන් කෙරෙහි හටගත් ප්‍රසාදයෙන් පැවිදි වී පිළිසිඹියා සහිතව අර්හත්වයට පැමිණියහ. එතැන් පටන් තෙරහු ඛාණු කොණ්ඩඤ්ඤ තෙරයැයි නම වූයේය. මේ මෙහි භාණ්ඩ පන්සියයකින් වසාගෙන පැතිරසිටි එම ආයුෂ්මතුන්ට ආබාධ (පීඩා) අභාවය සමාධි විප්ඵාර සෘද්ධියි.
උත්තරා (අ· නි· අට්ඨ· 1.1.262) පන උපාසිකා රාජගහෙ මහාධනස්ස පුණ්ණස්ස සෙට්ඨිනො ධීතා, කුමාරිකකාලෙයෙව සද්ධිං මාතාපිතූහි සොතාපත්තිඵලං පත්තා, සා වයප්පත්තා රාජගහසෙට්ඨිනො මහතා නිබන්ධෙන තස්ස පුත්තස්ස මිච්ඡාදිට්ඨිකස්ස දින්නා. සා බුද්ධදස්සනාය ධම්මස්සවනාය බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස දානඤ්ච දාතුං ධම්මඤ්ච සොතුං ඔකාසං අලභමානා උපද්දුතා හුත්වා තස්මිංයෙව නගරෙ සිරිමං නාම ගණිකං පක්කොසාපෙත්වා ඔකාසකරණත්ථමෙව පිතු ඝරාව ආනීතානි පඤ්චදසකහාපණසහස්සානි තස්සා දත්වා “ඉමෙ කහාපණෙ ගහෙත්වා ඉමං අඩ්ඪමාසං සෙට්ඨිපුත්තං පරිචරාහී”ති තං සාමිකස්ස අප්පෙත්වා සයං උපොසථඞ්ගානි අධිට්ඨාය “ඉමං අඩ්ඪමාසං බුද්ධදස්සනාදීනි ලභිස්සාමී”ති තුට්ඨමානසා යාව පවාරණාය බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං නිමන්තාපෙත්වා අඩ්ඪමාසං මහාදානං අදාසි, පච්ඡාභත්තං මහානසෙ ඛජ්ජභොජ්ජාදීනි සංවිදහාපෙති. තස්සා සාමිකො “ස්වෙ පවාරණා”ති සිරිමාය සහ වාතපානෙ ඨත්වා බහි ඔලොකෙන්තො තං තථාවිචරන්තිං සෙදකිලින්නං ඡාරිකාය ඔකිණ්ණං අඞ්ගාරමසිමක්ඛිතං දිස්වා “අත්තනො සම්පත්තිං අභුඤ්ජිත්වා කුසලං නාම කරොති බාලා”ති හසි. උත්තරාපි තං ඔලොකෙත්වා “සම්පරායත්ථං කුසලං න කරොති බාලො”ති හසි.
උත්තරා උත්තරා උපාසිකාව වනාහි රජගහ නුවර මහා ධනවත් පුණ්ණ සිටුහුගේ දියණියයි. ළමා කල්හිම මව්පියවරුන් සමග සෝවාන් ඵලයට පැමිණියාය. ඕ වියපත් වූවා රජගහනුවර සිටුහුගේ මහත් ඇවිටිලි කිරීම් මත ඔහුගේ මිථ්‍යා දෘෂ්ටික පුත්‍රයාට දුන්නාය. ඕ බුද්ධ දර්ශනයට, ධර්ම ශ්‍රවණයට, බුද්ධප්‍රමුඛ භික්ෂු සංඝයාට දන් දෙන්ට, නොලබන්නී විපතට පත්ව, එම නගරයෙහිම සිරිමා නම් ගණිකාව කැඳවා අවකාශ ලබාගැනීම සඳහා පිය ගෘහයෙන් ගෙනඑන ලද, කහවණු පසළොස් දහසක් ඇයට දී, මෙම කහවණු ගෙන මෙම අඩමස සිටු පුත්‍රයාට සේවය කරවයි. ඇය ස්වාමියාට පමුණුවා තමා උපොසථාංග අධිෂ්ඨානකොට මෙම අඩමස බුද්ධ දර්ශනාදීන් ලබන්නෙමියි තුටු මනසින් පවාරණය (අවසානය) තෙක් බුද්ධප්‍රමුඛ බික් සඟන ආරාධනාකොට අඩමසක් දන් දුන්නාය. සවස් කාලයෙහි මුළුතැන්ගෙයි ඛාද්‍ය භොද්යාදීන් සංවිධාන කරයි. ඇයගේ ස්වාමියාද හෙට අවසන් දිනය යැයි සිරිමා සමග ජනේලය අසල සිට පිටත බලනුයේ, දහදියෙන් තෙත්ව අළුවලින් ගැවැසී, (වැගිරී) අඟරු දැලිවලින් තැවැරී එසේ හැසිරෙන්නා වූ ඇය දැක තම සම්පත් අනුභව නොකොට, අඥාන තැනැත්තිය කුසල් නම් කරයි යයි සිනාසුණි. උත්තරාවද ඔහු බලා පරලොව සඳහා අඥානයා කුසල් නොකරයි යයි සිනාසුණි. සිරිමාව, දෙදෙනාගේම එම ක්‍රියාව දැක මම ගෘහ ස්වාමියි හඟිනු ලබන්නී, ඊර්ෂ්‍යා ප්රකෘතිව උත්තරාට කිපී දුකක් උපදවන්නෙමියි ප්‍රාසාදයෙන් බිමට බසියි.
සිරිමා උභින්නම්පි තං කිරියං දිස්වා “අහං ඝරසාමිනී”ති මඤ්ඤමානා ඉස්සාපකතා උත්තරාය කුජ්ඣිත්වා “දුක්ඛං උප්පාදෙස්සාමී”ති පාසාදා ඔතරති. උත්තරා තං ඤත්වා පීඨකෙ නිසීදිත්වා තං මෙත්තෙන චිත්තෙන ඵරි. සිරිමා පාසාදා ඔරුය්හ මහානසං පවිසිත්වා පූවපචනතො උළුඞ්කපූරං පක්කුථිතං සප්පිං ගහෙත්වා තස්සා මත්ථකෙ ඔකිරි. තං පදුමිනිපණ්ණෙ සීතූදකං විය විනිවට්ටෙත්වා අගමාසි. දාසියො සිරිමං හත්ථෙහි පාදෙහි පොථෙත්වා භූමියං පාතෙසුං. උත්තරා මෙත්තාඣානතො වුට්ඨාය දාසියො වාරෙසි. සිරිමා උත්තරං ඛමාපෙසි. උත්තරා “ස්වෙ සත්ථු පුරතො ඛමාපෙහී”ති වත්වා තාය කායවෙය්යාවටිකං යාචිතාය බ්යඤ්ජනසම්පාදනං ආචික්ඛි. සා තං සම්පාදෙත්වා අත්තනො පරිවාරා පඤ්චසතා ගණිකායො සසඞ්ඝං සත්ථාරං පරිවිසිත්වා “ඛමාපනසහායිකා හොථා”ති වත්වා පුනදිවසෙ තථා තාහි ගණිකාහි සද්ධිං සත්ථු භත්තකිච්චාවසානෙ සත්ථාරං වන්දිත්වා “අහං භගවා උත්තරාය අපරජ්ඣිං, ඛමතු මෙ උත්තරා”ති ආහ. සත්ථා “ඛම, උත්තරෙ”ති වත්වා “ඛමාමි, භගවා”ති වුත්තෙ “අක්කොධෙන ජිනෙ කොධ”න්තිආදිකං (ධ· ප· 223) ධම්මං දෙසෙසි. උත්තරා පුරෙතරමෙව සාමිකඤ්ච සස්සුසසුරෙ ච සත්ථු සන්තිකෙ උපනෙසි. දෙසනාවසානෙ තෙ ච තයො ජනා, සබ්බා ච ගණිකායො සොතාපත්තිඵලෙ පතිට්ඨහිංසූති. එවං උත්තරාය උපාසිකාය පක්කුථිතසප්පිනා පීළාභාවො සමාධිවිප්ඵාරා ඉද්ධි.
උත්තරාවද එය දැන කුඩා පුටුවක හිඳ, ඇයට මෛත්‍රී සිත පැතිරවීය. සිරිමා ප්‍රාසාදයෙන් බැස, මුළුතැන්ගෙට පිවිස, කැවුම් පිසින විශාල හැන්ද පුරවා කකාරවන ලද ගිතෙල් ගෙන ඇයගේ හිසෙහි විසිරවූවාය. එය නෙළුම් කොළයක සීතල දිය දහරක් මෙන් ඉවතට පෙරළා දමා ගියේය. දාසීහු සිරිමාට අත්පාවලින් තළා බිම හෙළූහ. උත්තරාව මෛත්‍රී දැහැනින් නැගිට දාසීන් වළකාලීය. සිරිමා උත්තරා තමා කළාය. උත්තරාව හෙට ශාස්තෲන් වහන්සේ ඉදිරිපිටදී කමා කරවයි කියා, ඇය විසින් කායික වතාවත් යැදි හෙයින් ව්‍යඤ්ජන සැකසීම පැවරුවාය. ඕ එය සම්පාදනය කොට තමාගේ පිරිවර පන්සියයක් ගණිකාවන් සමග සංඝයා සහිත ශාස්තෲන් වහන්සේ වළඳවා, යෙහෙළිය සමාවනු මැනැවැයි කියා, දෙවන දිනැ එසේ පැමිණියා වූ ගණිකාවන් සමග ශාස්තෲන් වහන්සේගේ බත්කිස අවසන්හි ශාස්තෲන් වහන්සේ වැඳ භාග්‍යවතුන් වහන්ස, අපරාධයක් කළෙමි. උත්තරාව මට කමා කරනු මැනැවැයි කීය. ශාස්තෲන් වහන්සේ උත්තරාව කමා කරවයි වදාළ කල්හි, භාග්‍යවතුන් වහන්ස කමා කරමියි කී කල්හි ‘අක්‍රෝධයෙන් ක්‍රෝධය දිනයි’ ආදී වූ ධර්මය දේශනා කළ සේක. උත්තරා ප්‍රථමයෙන්ම ස්වාමියාද මාමලා හා නැන්දලාද ශාස්තෲන් වහන්සේ සමීපයට පැමිණවූවාය. දේශනාවසානයෙහි එම තිදෙනද සියලුම ගණිකාවෝද සෝවාන් ඵලයෙහි පිහිටියහ. මෙසේ උත්තරා උපාසිකාවගේ කකාරවන ලද ගිතෙලින් පීඩා අභාවය සමාධි විප්ඵාර සෘද්ධියි.
සාමාවතී උපාසිකා නාම කොසම්බියං උදෙනස්ස රඤ්ඤො අග්ගමහෙසී. තස්ස හි රඤ්ඤො පඤ්චසතපඤ්චසතඉත්ථිපරිවාරා තිස්සො අග්ගමහෙසියො අහෙසුං. තාසං සාමාවතී භද්දියනගරෙ භද්දියසෙට්ඨිනො ධීතා. පිතරි කාලඞ්කතෙ පිතු සහායකස්ස කොසම්බියං ඝොසිතසෙට්ඨිනො ඝරෙ පඤ්චසතඉත්ථිපරිවාරවඩ්ඪිතං වයප්පත්තං රාජා දිස්වා සඤ්ජාතසිනෙහො සපරිවාරමත්තනො ඝරං නෙත්වා අභිසෙකට්ඨානං අදාසි. චණ්ඩපජ්ජොතස්ස රඤ්ඤො ධීතා වාසුලදත්තා නාම එකා මහෙසී. මාගණ්ඩියබ්රාහ්මණස්ස ධීතා භගවතො පාදපරිචාරිකං කත්වා පිතරා දිය්යමානා –
සාමාවතී සාමාවතී උපාසිකාව නම් කොසඹෑ නුවර උදේන රජුගේ අගමෙහෙසියයි. එම රජුට පන්සියයක් බැගින් වන පරිවාර ස්ත්‍රීහු සහිත අගමෙහෙසීහු තිදෙනෙක් වූහ. ඈලා අතර සාමාවතිය භද්දිය නුවර භද්දිය සිටුහුගේ දියණියයි. පියා කළුරිය කළ කල්හි පියාගේ යහළු කොසඹෑ නුවර යෝෂිත සිටුහුගේ ගෘහයෙහි පන්සියයක් ස්ත්‍රී පිරිවරව වැඩුණාය. රජු වියපත් ඇය දැක හටගත් ඇල්ම ඇත්තේ තම ගෘහයට ගෙන ගොස් අභිෂේක ස්ථාන දුන්නේය. චණ්ඩ ප්‍රද්‍යොත රජුගේ දියනිය වාසුල දත්තා නම් එක් මෙහෙසියකි. මාගන්දිය බමුණහුගේ දියණිය භාග්‍යවතුන් වහන්සේගේ පාද පරිචාරිකාව කොට පියා විසින් දෙනු ලබන්නේ,
“දිස්වාන තණ්හං අරතිං රගඤ්ච, නාහොසි ඡන්දො අපි මෙථුනස්මිං; කිමෙවිදං මුත්තකරීසපුණ්ණං, පාදාපි නං සම්ඵුසිතුං න ඉච්ඡෙ”ති. (සු· නි· 841) –
දිස්වාන තණ්හං අරතිං රගඤ්ච, නාහොසි ඡන්දො අපි මෙථුනස්මි , කිමෙවිදං මුත්ත කරීස පුණ්ණං, පාදාපි නං සම්ඵුසිතුං න ඉච්ඡෙ ති
තණ්හා, රතී, රගා යන මරදෙව් දූවරුන් තිදෙන දක්නා ලදුවත් මෛථුනයෙහි කැමැත්තෙක් නොවීය. මුත්‍ර, අශූචි පිරුණු මෙය කිමෙක්ද? පාවලින්ද එය ස්පර්ශ කරන්ට නොකැමැත්තෙමියි
භගවතා භාසිතං ගාථං සුත්වා භගවති ආඝාතං බන්ධි. තස්සා මාතාපිතරො මාගණ්ඩියසුත්තදෙසනාවසානෙ අනාගාමිඵලං පත්වා පබ්බජිත්වා අරහත්තං පාපුණිංසු. තස්සා චූළපිතා මාගණ්ඩියො තං කොසම්බිං නෙත්වා රඤ්ඤො අදාසි. සා රඤ්ඤො එකා මහෙසී.
භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද ගාථාව අසා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ක්‍රෝධ බැන්දාය. ඇයගේ මව්පියවරු මාගන්දිය සූත්‍ර දේශනාවසානයෙහි අනාගාමි ඵලයට පත්ව පැවිදිව අර්හත්වයට පැමිණියහ. ඇයගේ කුඩාපිය තෙමේ මාගන්දිය කොසඹෑ නුවරට ගෙනගොස් රජුට දුන්නේය. ඕ රජුගේ එක් මෙහෙසියකි.
අථ ඛො ඝොසිතසෙට්ඨි කුක්කුටසෙට්ඨි පාවාරිකසෙට්ඨීති තයො සෙට්ඨිනො ලොකෙ තථාගතුප්පාදං සුත්වා ජෙතවනං සත්ථු සන්තිකං ගන්ත්වා ධම්මං සුත්වා සොතාපත්තිඵලං පත්වා අඩ්ඪමාසං බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස මහාදානං දත්වා සත්ථු කොසම්බිගමනං ආයාචිත්වා කොසම්බිං ගන්ත්වා ඝොසිතාරාමො කුක්කුටාරාමො පාවාරිකාරාමොති තයො ජනා තයො ආරාමෙ කාරාපෙත්වා අනුපුබ්බෙන තත්ථ ආගතං සත්ථාරං පටිපාටියා එකෙකස්මිං දිවසෙ එකෙකස්මිං විහාරෙ වසාපෙත්වා එකෙකො සසඞ්ඝස්ස භගවතො මහාදානමදාසි. අථෙකදිවසං තෙසං උපට්ඨාකො සුමනො නාම මාලාකාරො සෙට්ඨිනො ආයාචිත්වා සසඞ්ඝං සත්ථාරං භොජෙතුං අත්තනො ඝරෙ නිසීදාපෙසි. තස්මිං ඛණෙ සාමාවතියා පරිචාරිකා ඛුජ්ජුත්තරා නාම දාසී අට්ඨ කහාපණෙ ගහෙත්වා තස්ස ඝරං අගමාසි. සො “සසඞ්ඝස්ස තාව සත්ථුනො පරිවෙසනසහායා හොහී”ති ආහ. සා තථා කත්වා සත්ථු භත්තකිච්චාවසානෙ ධම්මදෙසනං සුත්වා සොතාපන්නා හුත්වා අඤ්ඤදා චත්තාරො කහාපණෙ අත්තනො ආදියන්තී අදින්නං ආදියිතුං අභබ්බත්තා අට්ඨහි කහාපණෙහි පුප්ඵානි ආදාය සාමාවතියා උපනාමෙසි. තාය පුප්ඵානං බහුභාවකාරණං පුට්ඨා මුසා භණිතුං අභබ්බත්තා යථාසභාවං ආහ. “අජ්ජ කස්මා න ගණ්හී”ති වුත්තා “සම්මාසම්බුද්ධස්ස ධම්මං සුත්වා අමතං සච්ඡාකාසි”න්ති ආහ. “අම්ම උත්තරෙ, තං ධම්මං අම්හාකම්පි කථෙහී”ති. “තෙන හි මං න්හාපෙත්වා සුද්ධං වත්ථයුගං දත්වා උච්චෙ ආසනෙ නිසීදාපෙත්වා සබ්බා නීචාසනෙසු නිසීදථා”ති ආහ. තා සබ්බාපි තථා කරිංසු. සා සෙඛපටිසම්භිදප්පත්තා අරියසාවිකා එකං වත්ථං නිවාසෙත්වා එකං උත්තරාසඞ්ගං කත්වා බීජනිං ගහෙත්වා තාසං ධම්මං දෙසෙසි. සාමාවතී ච පඤ්චසතා ච ඉත්ථියො සොතාපත්තිඵලං පාපුණිංසු. තා සබ්බාපි ඛුජ්ජුත්තරං වන්දිත්වා “අම්ම, අජ්ජතො පට්ඨාය වෙය්යාවච්චං අකත්වා අම්හාකං මාතුට්ඨානෙ ආචරියට්ඨානෙ ච ඨත්වා සත්ථාරා දෙසිතදෙසිතං ධම්මං සුත්වා අම්හාකං කථෙහී”ති ආහංසු. සා තථා කරොන්තී අපරභාගෙ තිපිටකධරා හුත්වා සත්ථාරා බහුස්සුතානං උපාසිකානං අග්ගට්ඨානෙ ඨපිතා අග්ගට්ඨානං ලභි. සාමාවතිමිස්සිකා බුද්ධස්ස දස්සනං පිහෙන්ති, දසබලෙ අන්තරවීථිං පටිපන්නෙ වාතපානෙසු අප්පහොන්තෙසු භිත්තිං භින්දිත්වා සත්ථාරං ඔලොකෙන්ති, වන්දනපූජනඤ්ච කරොන්ති.
ඉක්බිති, ඝෝෂිත සිටු, කුක්කුට සිටු, පාවාරික සිටු යන සිටුවරු තිදෙන ලොවැ තථාගතොත්ප්තිය අසා, දෙව්රමැ ශාස්තෲන් වහන්සේගේ සමීපයට ගොස් දහම් අසා, සෝවාන් ඵලයට පත්ව අඩමසක් බුද්ධප්‍රමුඛ බික්සඟනට මහදන් දී, කොසඹෑ ගමනට, ආයාචනා කොට කොසඹෑ නුවරට ගොස්, ඝෝෂිතාරාමය, කුක්කුටාරාමය, පාවාරිකාරාමයැයි තිදෙන. ආරාමත්රයයක් කරවා, පිළිවෙලින් එහි වැඩමකළ ශාස්තෲන් වහන්සේ පිළිවෙලින් එක් එක් දිනයෙහි, එක් එක් වෙහෙරෙහි වාසය කරවා, එකිනෙකා සංඝයා සහිත භාග්‍යවතුන් වහන්සේට මහදන් දුන්හ. ඉක්බිති ඔවුන්ගේ උපස්ථායක සුමන නම් මල්කරු, සිටුහුගෙන් ඉල්ලා සංඝයා සහිත ශාස්තෲන් වහන්සේ අනුභව කරවන්ට තම ගෘහයෙහි හිඳවීය. එකෙණෙහි සාමාවතියගේ සේවිකා ඛුජ්ජුත්තරා නම් දාසිය කහවණු අටක් ගෙන ඔහුගේ ගෘහයට ගියාය. හෙතෙම සංඝයා සහිත ශාස්තෲන් වහන්සේට වැළඳවීමට සහාය වෙවයි කීය. ඕ එසේ කොට ශාස්තෲන් වහන්සේගේ බත්කිස අවසන්හි දම්දෙසුම අසා සෝවාන්ව, අන් දිනයන්හි කහවණු සතරක් තමා විසින් ගනු ලබන්නී, නුදුන් දේ ගන්ට නුසුදුසු හෙයින් කහවණු අටකින්ම මල් ගෙන සාමාවතියට එළැවූවාය. ඇය පුෂ්පයන්ගේ බොහෝභාවයට හේතු විචාරණ ලද්දී මුසා බණන්ට නුසුදුසු හෙයින් යථා ස්වභාවය කීවාය. අද කවර හෙයින් නොගන්නා ලද්දේ දැයි කියන ලද්දී සම්‍යග් සම්බුදුරදුන්ගේ ධර්මය ශ්‍රවණයකොට නිවන සාක්ෂාත් කරන ලදැයි කීවාය. උත්තරා මාතාවනි, එම ධර්මය අපටද කියවයි කීළුාය. එසේනම් මා නහවා, පිරිසිදු වස්ත්‍ර යුග්මයක් දී උස් අසුනක හිඳුවා, සියල්ලෝ මිටි ආසනයන්හි හිඳිවු යයි කීවාය. සියල්ලෝ එසේ කළහ. ශෛක්ෂ්ය ප්රතිසම්භිදාප්රාප්ත ඒ ආර්යශ්රාවිකා තොමෝ, එක් වස්ත්‍රයක් හැඳ, එකක් උතුරුසළුවක් කොට විජිනිපතක් ගෙන ඔවුන්ට ධර්මය දේශනා කළාය. සාමාවතියද පන්සියයක් ස්ත්‍රීහුද සෝවාන්ඵලයට පැමිණියහ. ඒ සියල්ලෝම ඛුජ්ජුත්තරාවට වැඳ, මෑණියෙනි, අද පටන් කුදුමහත් වැඩ නොකොට අපගේ මාතෘස්ථානයෙහිද, ආචාර්ය ස්ථානයෙහිද, සිට ශාස්තෲන් වහන්සේ විසින් දේශිත, දේශිත ධර්මය අසා අපට කියවයි කීහ. ඕ එසේ කරන්නී, පසුකල්හි ත්රිපිටකධරව, ශාස්තෲන් වහන්සේ විසින් බහුශ්‍රැත උපාසිකාවන් අතර අග්‍රස්ථානයෙහි තබන ලද්දේ අග්‍ර ස්ථානය ලැබුවාය. සාමාවතී ප්‍රධාන පිරිස, බුද්ධදර්ශනය ප්‍රිය කෙරෙති. දශබලධාරීන් වහන්සේ ඇතුල්වීථියට පිළිපන් කල්හි, ජනෙල් නොපොහොනා කල්හි බිත්තිය බිඳ ශාස්තෲන් වහන්සේ බලති. වැඳුම් පිදුම්ද කරති.
මාගණ්ඩියා තත්ථ ගතා තානි ඡිද්දානි දිස්වා තත්ථ කාරණං පුච්ඡන්තී සත්ථු ආගතභාවං ඤත්වා භගවති ආඝාතෙන තාසම්පි කුජ්ඣිත්වා “මහාරාජ, සාමාවතිමිස්සිකානං බහිද්ධා පත්ථනා අත්ථි, භිත්තිං භින්දිත්වා සමණං ගොතමං ඔලොකෙන්ති, කතිපාහෙන තං මාරෙස්සන්තී”ති රාජානං ආහ. රාජා ඡිද්දානි දිස්වාපි තස්සා වචනං න සද්දහි, උද්ධච්ඡිද්දකවාතපානානි කාරාපෙසි. පුන මාගණ්ඩියා රාජානං තාසු භින්දිතුකාමා අට්ඨ සජීවකුක්කුටෙ ආහරාපෙත්වා “මහාරාජ, තාසං වීමංසනත්ථං ඉමෙ කුක්කුටෙ මාරෙත්වා ‘මමත්ථාය පචාහී’ති පෙසෙහී”ති ආහ. රාජා තථා පෙසෙසි. තාය “පාණාතිපාතං න කරොමා”ති වුත්තෙ පුන “තස්ස සමණස්ස ගොතමස්ස පචිත්වා පෙසෙහී”ති ආහ. රඤ්ඤා තථා පෙසිතෙ මාගණ්ඩියා අට්ඨ මාරිතකුක්කුටෙ තථා වත්වා පෙසෙසි. සාමාවතී පචිත්වා දසබලස්ස පාහෙසි. මාගණ්ඩියා තෙනපි රාජානං කොපෙතුං නාසක්ඛි.
මාගන්දිය එහි යන ලද්දී, එම සිදුරු දැක එහි කරුණු විමසන්නී, ශාස්තෲන් වහන්සේගේ පැමිණි බව දැන, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බද්ධ වෛරයෙන් ඈලාටද කිපී, මහරජතුමනි, සාමාවතී ප්‍රධාන පිරිස ඔබ හැර වෙනත් පිටත අය පිළිබඳව ප්‍රාර්ථනා ඇත. බිත්තිය බිඳ ශ්‍රමණ ගෞතමයන් බලති. කිහිප දිනකින්ම ඔබ මරන්නාහයි රජුට කීය. රජු සිදුරු දැක ඇයගේ වචනය නොඇදහීය. උඩින් දැල් ගැසූ වා කවුළු කරවීය. නැවත මාගන්දිය ඈලා කෙරෙහි රජු බිඳවනු කැමැත්තී සජීවි කුකුලන් අටදෙනෙකු ගෙන්වා, මහරජ ඔවුන් විමසීම සඳහා මෙම කුකුලන් මරා මා සඳහා පිසවයි යවනු මැනැවැයි කීවාය. රජ එසේ යැවීය. ඈලා ප්‍රාණඝාත නොකරමුයි කී කල්හි ඒ ශ්‍රමණ ගෞතමයන්ට පිස යවයි කීයේය. රජු විසින් එසේ යැවූ කල්හි, මාගන්දි මළ කුකුලන් අටදෙනෙකු එසේ කියා යැව්වාය. සාමාවතී පිස දශබලධාරීන් වහන්සේට යැව්වාය. මාගන්දියට එයිනිදු රජු කෝප කරවන්ට නොහැකි විය.
රාජා පන තීසු මහෙසීසු එකෙකිස්සා වසනට්ඨානෙ සත්ත සත්ත දිවසානි වසති. රාජා අත්තනො ගමනට්ඨානං හත්ථිකන්තවීණං ආදාය ගච්ඡති. මාගණ්ඩියා රඤ්ඤො සාමාවතියා පාසාදගමනකාලෙ දාඨා අගදෙන ධොවාපෙත්වා වෙළුපබ්බෙ පක්ඛිපාපෙත්වා එකං කණ්හසප්පපොතකං ආහරාපෙත්වා අන්තොවීණාය පක්ඛිපිත්වා මාලාගුළකෙන ඡිද්දං පිදහි. තං රඤ්ඤො තත්ථ ගතකාලෙ අපරාපරං විචරන්තී විය හුත්වා වීණාඡිද්දතො මාලාගුළකං අපනෙසි. සප්පො නික්ඛමිත්වා පස්සසන්තො ඵණං කත්වා සයනපිට්ඨෙ නිපජ්ජි. සා ආහ – “ධී සප්පො”ති මහාසද්දමකාසි. රාජා සප්පං දිස්වා කුජ්ඣි. සාමාවතී රඤ්ඤො කුද්ධභාවං ඤත්වා පඤ්චන්නං ඉත්ථිසතානං සඤ්ඤමදාසි “අජ්ජ ඔධිසකමෙත්තාඵරණෙන රාජානං ඵරථා”ති. සයම්පි තථා අකාසි. රාජා සහස්සථාමධනුං ආදාය ජියං පොඨෙත්වා සාමාවතිං ධුරෙ කත්වා සබ්බා තා ඉත්ථියො පටිපාටියා ඨපාපෙත්වා විසපීතං ඛුරප්පං සන්නය්හිත්වා ධනුං පූරෙත්වා අට්ඨාසි. ඛුරප්පං නෙව ඛිපිතුං , න ඔරොපිතුං සක්කොති, ගත්තෙහි සෙදා මුච්චන්ති, සරීරං වෙධති, මුඛතො ඛෙළො පතති, ගණ්හිතබ්බගහණං න පස්සති, අථ නං සාමාවතී “කිං, මහාරාජ, කිලමසී”ති ආහ. “ආම, දෙවි, කිලමාමි, අවස්සයො මෙ හොහී”ති. “සාධු, මහාරාජ, ඛුරප්පං පථවීමුඛං කරොහී”ති. රාජා තථා අකාසි. සා “රඤ්ඤො හත්ථතො ඛුරප්පං මුච්චතූ”ති අධිට්ඨාසි. තස්මිං ඛණෙ ඛුරප්පං මුච්චි. රාජා තංඛණඤ්ඤෙව උදකෙ නිමුජ්ජිත්වා අල්ලවත්ථො අල්ලකෙසො සාමාවතියා පාදෙසු නිපතිත්වා “ඛම, දෙවි, මය්හං –
රජ වනාහි තෙමෙහෙසින් වසන තන්හි සත්දිනක් වසයි. රජ තමාගේ ගමන ස්ථානයට හස්තිකාන්ත වීණාව රැගෙනයේ. මාගන්දිය රජු සාමාවතියගේ ප්‍රසාදයට යන කල්හි දළ බෙහෙතින් සෝදවා උණු පුරුකක බහවා එක් කෘෂ්ණ (නපුරු) සර්ප පැටියෙකු ගෙන්වා, වීණාව තුළ බහා මල් ගුලියකින් සිදුර වැසුවාය. ඇය රජු එහි ගියකල්හි ඔබිනොබ සරන්නාක් මෙන්ව වීණා සිදුරින් මල්ගුලිය ඉවත් කළාය. සර්පයා නික්ම ප්‍රශ්වාස කරනුයේ පෙණයකොට සයනය මත්තෙහි හොත්තේය. ඕ, චිඃ චිඃ සර්පයෙක් මරනුයි මහා ශබ්දයක් කළාය. රජ සර්පයා දැක කෝපයට පත්විය. සාමාවතී රජු කෝපයට පත් බව දැන, පන්සියයක් ස්ත්රීන්ට, අද නියම කළ මෛත්‍රී පැතිරවීමෙන් රජුන්ට මෛත්‍රියය පතුරුවවු යයි සංඥා දුන්නාය. තමාද එසේ කළේය. රජු දහසක් දෙනා උසුලන දුන්න රැගෙන දුනුදිය පොලා සාමාවතිය එක් තැනක සිටුවා, ඒ සියලු ස්ත්‍රීහු පිළිවෙලින් සිටුවා, විෂ පෙවූ ඊතලය ගෙන සන්නද්ධ වී දුන්න සම්පූර්ණකොට සිටියේය. ඊතලය ඉවත දමන්ට හෝ බිම තබන්ට හෝ නොහැකි වේ. සිරුරින් දහදිය මිදේ. සිරුර කම්පනය වේ. මුවින් කෙළ වැටේ. ගතයුතු ග්‍රහණයක් නොදකියි. ඉක්බිති සාමාවතිය ඔහුට කිමෙක්ද මහරජ, ක්ලාන්ත වෙහිදැයි ඇසුවාය. එසේය දේවිය ක්ලාන්ත වෙමි. මට පිහිටවුව මැනැවැයි කීය. යහපති මහරජ හීය පෘථුවිය අබිමුව කරව. රජ එසේ කළේය. රජුගේ අතින් හීය මිදේවායි අධිෂ්ඨාන කළාය. එකෙණෙහි හීය මිදුණි. රජ එකෙණෙහිම දියෙහි කිමද, තෙත් වස්ත්‍ර ඇතියේ තෙත් කෙස් ඇතියේ සාමාවතියගේ පා අබිමුව වැටී දේවිය මට කමා වනු මැනව.
‘සම්මුය්හාමි පමුය්හාමි, සබ්බා මුය්හන්ති මෙ දිසා; සාමාවතී මං තායස්සු, ත්වඤ්ච මෙ සරණං භවා’”ති. – ආහ;
සම්මුය්හාමි පමුය්හාමි - සබ්බා මුය්හන්ති මෙ දිසා, සාමාවතී මං තායස්සු - ත්වංච මෙ සරණං භවාති (ආහ)
මුළාවෙමි. අතිශයින්ම මුළාවෙමි. සියලු දිශාවෝ මට නොවැටහෙති. කළ කී දෑ නොදනිමි. පෘථුවිය මහා මේඝයකි. අඳුරු කළාක් වැනිය. අදෘශ්‍යමාන බලවේගයකට මා හසුව ඇත. සාමාවතිය, මා රැක ගනුව. ඔබ මට පිහිටවනු මැනැවැයි කීය.
සාමාවතී –
සාමාවතිය:-
“මා මං ත්වං සරණං ගච්ඡ, යමහං සරණං ගතා; සරණං ගච්ඡ තං බුද්ධං, ත්වඤ්ච මෙ සරණං භවා”ති. –
මා මං ත්වං සරණං ගච්ඡ - යමහං සරණං ගතා, සරණං ගච්ඡ තං බුද්ධං - ත්වංච මෙ සරණං භවා’ති
ඔබ මා සරණ නොයව. මා යමෙකු සරණ ගියෙම්ද, ඒ බුදුරදුන් සරණ යව. ඔබ මට පිහිටවනු මැනැවැයි,
ආහ. රාජා “තෙන හි තං සරණං ගච්ඡාමි සත්ථාරඤ්ච, වරඤ්ච තෙ දම්මී”ති ආහ. සා “වරො ගහිතො හොතු, මහාරාජා”ති ආහ. රාජා සත්ථාරං උපසඞ්කමිත්වා සරණං ගන්ත්වා නිමන්තෙත්වා බුද්ධප්පමුඛස්ස සඞ්ඝස්ස සත්තාහං මහාදානං දත්වා “සාමාවතිං වරං ගණ්හාහී”ති ආහ. “සාධු, මහාරාජ, ඉමං මෙ වරං දෙහි, සත්ථා පඤ්චහි භික්ඛුසතෙහි සද්ධිං ඉධාගච්ඡතු, ධම්මං සොස්සාමී”ති ආහ. රාජා සත්ථාරං වන්දිත්වා “භන්තෙ, පඤ්චහි භික්ඛුසතෙහි සද්ධිං නිබද්ධං ඉධාගච්ඡථ, සාමාවතිමිස්සිකා ‘ධම්මං සොස්සාමා’ති වදන්තී”ති ආහ. සත්ථා “මහාරාජ, බුද්ධානං නාම එකට්ඨානං නිබද්ධං ගන්තුං න වට්ටති, මහාජනොපි පච්චාසීසතී”ති ආහ. “තෙන හි, භන්තෙ, භික්ඛූ ආණාපෙථා”ති. සත්ථා ආනන්දත්ථෙරං ආණාපෙසි. ථෙරො පඤ්ච භික්ඛුසතානි ආදාය නිබද්ධං රාජකුලං ගච්ඡති. තාපි දෙවීපමුඛා ඉත්ථියො ථෙරං භොජෙත්වා ධම්මං සුණිංසු. සාමාවතිඤ්ච සත්ථා මෙත්තාවිහාරීනං උපාසිකානං අග්ගට්ඨානෙ ඨපෙසීති. එවං රඤ්ඤො ඛුරප්පං මුඤ්චිතුං අවිසහනභාවො සාමාවතියා උපාසිකාය සමාධිවිප්ඵාරා ඉද්ධීති . එත්ථ ච අවෙච්චප්පසාදෙන වා ඔකප්පනපසාදෙන වා රතනත්තයසරණගමනෙන වා රතනත්තයං උපාසතීති උපාසිකාති වුච්චතීති.
කීවාය. රජ, එසේ නම් ඔබද ශාස්තෲන් වහන්සේද සරණ යමි. ඔබට වරයක්ද දෙමියි කීය. ඕ මහරජ, වරය පසුව ගන්නෙමියි කීවාය. රජ බුදුරදුන් වෙත එළැඹ, සරණ ගොස් ආරාධනාකොට බුද්ධප්‍රමුඛ සංඝයාට සත්දිනක් මහදන් දී, සාමාවතිය වරය ගනුවයි කීය: යහපත මහරජ, මට මෙම වරදය දෙනු මැනව. ශාස්තෲන් වහන්සේ භික්ෂූන් පන්සියයක් සමග මෙහි වඩින සේක්වා. ධර්මයද අසන්නෙමියි කීවාය. රජු ශාස්තෲන් වහන්සේ වැඳ, ස්වාමීනි, භික්ෂූන් පන්සියයක් සමග නිතර මෙහි වඩිනු මැනව. සාමාවතී ප්රමුඛ පිරිස ධර්ම අසන්නෙමුයි කියත්යයි කීහ. බුදුරජාණන් වහන්සේ මහරජ, බුදුවරු නම් එක් ස්ථානයකට නිතර යන්ට නොවටී. මහජනයාද බලාපොරොත්තු වේයයි වදාළහ. ස්වාමීනි, එසේනම් භික්ෂූන්ට අණකරනු මැනැවැයි කීය. බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන්ට අණ කළ සේක. තෙරහු භික්ෂූන් පන්සියයක් ගෙන නිතර රජ කුලයට යෙත්. එම දේවිය ප්රමුඛ ස්ත්‍රීහු තෙරුන් වළදවා ධර්මය ශ්‍රවණය කළහ. බුදුරදහු, සාමාවතිය මෛත්‍රී විහරී උපාසිකාවන් අතර අග්‍රස්ථානයෙහි තැබූහ. මෙසේ රජුගේ ඊතලය මුදන්ට නොපොහොනා භාවය සාමාවතී උපාසිකාවගේ සමාධි විප්ඵාරා සෘද්ධියි. මෙහිද නොසෙල්වෙන පැහැදීමෙන් හෝ විශ්වාස කරන ප්‍රසාදයෙන් හෝ රත්නත්‍රය සරණ යාමෙන් හෝ සෙවුණේනුයි, උපාසිකායි යූ.සේයි.
අරියිද්ධිනිද්දෙසෙ අරියා ඉද්ධීති චෙතොවසිප්පත්තානං ඛීණාසවඅරියානංයෙව සම්භවතො අරියා ඉද්ධීති වුච්චතීති. ඉධ භික්ඛූති ඉමස්මිං සාසනෙ ඛීණාසවො භික්ඛු. අනිට්ඨෙ වත්ථුස්මින්ති ආරම්මණපකතියා අමනාපෙ වත්ථුස්මිං සත්තෙ වා සඞ්ඛාරෙ වා. මෙත්තාය වා ඵරතීති සත්තො චෙ හොති, මෙත්තාභාවනාය ඵරති. ධාතුතො වා උපසංහරතීති සඞ්ඛාරො චෙ හොති, “ධාතුමත්ත”න්ති ධාතුමනසිකාරං උපසංහරති. සත්තෙපි ධාතූපසංහාරො වට්ටති. අසුභාය වා ඵරතීති සත්තො චෙ, අසුභභාවනාය ඵරති. අනිච්චතො වා උපසංහරතීති සඞ්ඛාරො චෙ, “අනිච්ච”න්ති මනසිකාරං උපසංහරති. තදුභයන්ති තං උභයං. උපෙක්ඛකොති ඡළඞ්ගුපෙක්ඛාය උපෙක්ඛකො. සතොති සතිවෙපුල්ලප්පත්තත්තා. සම්පජානොති පඤ්ඤාය සම්පජානකාරිත්තා. චක්ඛුනා රූපං දිස්වාති කාරණවසෙන චක්ඛූති ලද්ධවොහාරෙන රූපදස්සනසමත්ථෙන චක්ඛුවිඤ්ඤාණෙන රූපං දිස්වා. පොරාණා පනාහු – “චක්ඛු රූපං න පස්සති අචිත්තකත්තා, චිත්තං න පස්සති අචක්ඛුකත්තා, ද්වාරාරම්මණසඞ්ඝට්ටනෙ පන පසාදවත්ථුකෙන චිත්තෙන පස්සති. ඊදිසී පනෙසා ‘ධනුනා විජ්ඣතී’තිආදීසු විය සසම්භාරකථා නාම හොති. තස්මා චක්ඛුවිඤ්ඤාණෙන රූපං දිස්වාති අයමෙත්ථ අත්ථො”ති (ධ· ස· අට්ඨ· 1352). අථ වා චක්ඛුනා කරණභූතෙන රූපං දිස්වාති අත්ථො. නෙව සුමනො හොතීති ගෙහසිතසොමනස්සපටික්ඛෙපො, න කිරියභූතාය සොමනස්සවෙදනාය. න දුම්මනොති සබ්බදොමනස්සපටික්ඛෙපො. උපෙක්ඛකො විහරතීති ඉට්ඨානිට්ඨාරම්මණාපාථෙ පරිසුද්ධපකතිභාවාවිජහනාකාරභූතාය ඡසු ද්වාරෙසු පවත්තනතො “ඡළඞ්ගුපෙක්ඛා”ති ලද්ධනාමාය තත්රමජ්ඣත්තුපෙක්ඛාය උපෙක්ඛකො විහරති. සොතෙන සද්දං සුත්වාතිආදීසුපි එසෙව නයො.
ආර්ය සෘද්ධි නිර්දේශයෙහි, අරියා ඉද්ධි යනු සිත් වසඟ කළ ක්ෂීණාශ්රව ආර්යයන්ටම හටගන්නා හෙයින් ආර්ය සෘද්ධියැයි යූ.සේයි. ඉධ භික්ඛු යනු මෙ සස්නෙහි ක්ෂීණාශ්රව භික්ෂුව, අනිට්ඨෙ වත්ථුස්මිං අරමුණු කිරීම් ස්වභාවයෙන් අමනාප වස්තුවෙක හෝ සත්ත්වයින් හෝ සංස්කාර කෙරෙහි, මෙත්තායවා ඵරති යනු ඉදින් සත්ත්වයෙක් වේද, මෛත්‍රී භාවනාවෙන් පතුරුවයි. ධාතුතොවා උපසංහරති යනු ඉදින් සංස්කාරයන් වේද, ධාතු මාත්‍රයක් යැයි ධාතු මනසිකාරය එළවයි. සත්ත්වයින් කෙරෙහිද ධාතු වශයෙන් එක්තැන් කිරීමද යහපති. අසුභාය වා ඵරති යනු ඉදින් සත්ත්වයෙක් වේද, අශුභ භාවනා වශයෙන් පතුරුවයි. අනිච්චතොවා උපසංහරති යනු ඉදින් සංස්කාරයෙක් වේද අනිත්‍යයයි මෙනෙහි කිරීම එක්තැන් කරයි. තදුභයං යනු එම ද්වයය. උපෙක්ඛකො යනු ෂඩංගොපේක්ෂාවෙන් උපේක්ෂක වූයේ. සතො යනු සිහියෙහි මහත්භාවයට පත්හෙයින්, සම්පජානො යනු ප්‍රඥාවෙන් යහපත් නුවණැති බවට පත්වූයේ, චක්ඛුනාරූපං දිස්වා යනු හේතු වශයෙන් ලද, ව්‍යවහාරයෙන් රූප දැක්මට සමර්ථ වූ චක්ෂු විඤ්ඤාණයෙන්, පෞරාණිකයෝ වනාහි කීහු:- ඇස රූපය නොදකියි. අචිත්තක හෙයි. සිත රූපය නොදකියි. ඇස නොවන හෙියනි. චක්ෂුද්වාර, රූපාරම්මණ ගැටීමෙන් වනාහි ප්රසාදවස්තුක සිතින් දකියි. මේ හා සමාන වූවාහු, දුන්නෙන් විදියි ආදීන්හි මෙන් පිරිවර දේ සහිත කථා නම් වේ. එහෙයින් චක්ෂු විඤ්ඤාණයෙන් රූපය දැකයයි මෙහි මේ අර්ථයයි. නොහොත් ඇස කාරණා වීමෙන් (හේතු වීමෙන්) රූපය දැකයයි අර්ථයි. නෙව සුමනො හොති යනු ලෞකික දෙය හා සම්බන්ධ සොම්නස ප්රතික්ෂෙපය. ක්‍රියාවක් වූ සොම්නස් වේදනාවද නොවේ. න දුම්මනො යනු සියලු දොම්නස් ප්රතික්ෂෙපය. උපෙක්ඛකො විහරති යනු ඉෂ්ට අනිෂ්ට අරමුණු හමුවූ කල්හි, පිරිසිදු ප්‍රකෘති ස්වභාව අත් නොහරනාකාර වූ, ෂට් ද්වාරයන්හි පවත්නා හෙයින් ෂඩංගොපේක්ෂායැයි ලද නම් ඇති තත්ර මධ්යස්තෝපේක්ෂායෙන් උපේක්ෂකව වාසය කෙරේ. සොතෙන සද්දං සුත්වා යනාදියෙහිද එම ක්‍රමයමැයි.
කම්මවිපාකජිද්ධිනිද්දෙසෙ සබ්බෙසං පක්ඛීනන්ති සබ්බෙසං පක්ඛිජාතානං ඣානාභිඤ්ඤා විනායෙව ආකාසෙන ගමනං. තථා සබ්බෙසං දෙවානං ආකාසගමනං දස්සනාදීනි ච. එකච්චානං මනුස්සානන්ති පඨමකප්පිකානං මනුස්සානං. එකච්චානං විනිපාතිකානන්ති පියඞ්කරමාතා පුනබ්බසුමාතා ඵුස්සමිත්තා ධම්මගුත්තාතිඑවමාදීනං සුඛසමුස්සයතො විනිපතිතත්තා විනිපාතිකානං අඤ්ඤෙසඤ්ච පෙතානං නාගසුපණ්ණානඤ්ච ආකාසගමනාදිකං කම්මවිපාකජා ඉද්ධි.
කම්ම විපාකජ සෘද්ධි නිර්දේශයෙහි, සබ්බෙසං පක්ඛීනං සියලු පක්ෂි වර්ගයන්ට ධ්යානාභිඥාවන්ගෙන් තොරව අහසින් ගමන, එසේම සබ්බෙසං දෙවානං අහස්ගමන හා දර්ශනයන් එකච්චානං මනුස්සානං යනු ප්‍රථම කල්පික මනුෂ්‍යයින්ට, එකච්චානං විනිපාතිකානං යනු ප්රියංකරමාතා, පුනබ්බසුමාතා ඵුස්සමිත්තා, ධම්මගුත්තා යන මේ ආදී සුව ශරීරයෙන් විවසව පතිත වන හෙයින් විනිපාතිකයින්ගේද, අන්‍ය ප්රේතයින්ගේද, නාග ගුරුළු ආදීන්ගේද, අහස් ගමනාදිය කර්ම විපාකජ සෘද්ධියයි.
පුඤ්ඤවතො ඉද්ධිනිද්දෙසෙ රාජාති ධම්මෙන පරෙසං රඤ්ජනතො රාජා. රතනචක්කං වත්තෙතීති චක්කවත්තී. වෙහාසං ගච්ඡතීති අච්චන්තසංයොගත්ථෙ උපයොගවචනං. චතුරඞ්ගිනියාති හත්ථිඅස්සරථපත්තිසඞ්ඛාතචතුඅඞ්ගවතියා. සෙනාති තෙසං සමූහමත්තමෙව. අන්තමසොති හෙට්ඨිමන්තතො. අස්සබන්ධා නාම අස්සානං රක්ඛකා. ගොපුරිසා නාම ගුන්නං රක්ඛකා. උපාදායාති අවිස්සජ්ජෙත්වා. එවං තෙසං වෙහාසගමනඤ්ච පුඤ්ඤවතො ඉද්ධීති අත්ථො.
පුණ්යවන්තයාගේ සෘද්ධි නිර්දේශයෙහි රාජා යනු දැහැමින් අන්‍යයාගේ සිත් අලවන හෙයින් රාජායි. රත්න චක්‍රය පවත්වන හෙයින් චක්කවත්තියි. වෙහාසං ගච්ඡති යනු අත්‍යන්ත සංයොගාර්ථයෙහි ද්විතියා වචනයි. චතුරංගිනියා යනු ඇත්, අස්, රිය, පාබල සංඛ්‍යාත සිව් අංගයන්ගෙන් යුක්ත වීමයි. සෙනා යනු ඒවාහි සමූහ මාත්රයමය. අන්තමසො යනු යටත් පිරිසෙයින්, අස්සබන්ධා යනු අශ්වයින්ගේ ආරක්ෂකයෝ, ගොපුරිසා යනු ගවයින්ගේ ආරක්ෂකයෝ උපාදාය යනු අත්නොහැර, මෙසේ ඔවුන්ගේ අහස් ගමනද පින්වතාගේ සෘද්ධිය යැයි අර්ථයි.
ජොතිකස්ස ගහපතිස්ස පුඤ්ඤවතො ඉද්ධීති ජොතිකො නාම පුබ්බෙ පච්චෙකබුද්ධෙසු කතාධිකාරො රාජගහනගරෙ සෙට්ඨි. තස්ස කිර ජාතදිවසෙ සකලනගරෙ සබ්බාවුධානි ජලිංසු, සබ්බෙසං කායාරුළ්හානි ආභරණානිපි පජ්ජලිතානි විය ඔභාසං මුඤ්චිංසු, නගරං එකපජ්ජොතං අහොසි. අථස්ස නාමග්ගහණදිවසෙ සකලනගරස්ස එකජොතිභූතත්තා ජොතිකොති නාමං කරිංසු. අථස්ස වයප්පත්තකාලෙ ගෙහකරණත්ථාය භූමිතලෙ සොධියමානෙ සක්කො දෙවරාජා ආගන්ත්වා සොළසකරීසමත්තෙ ඨානෙ පථවිං භින්දිත්වා සත්තරතනමයං සත්තභූමිකං පාසාදං උට්ඨාපෙසි, පාසාදං පරික්ඛිපිත්වා සත්තරතනමයෙ සත්තද්වාරකොට්ඨකයුත්තෙ සත්තපාකාරෙ උට්ඨාපෙසි, පාකාරපරියන්තෙ චතුසට්ඨි කප්පරුක්ඛෙ උට්ඨාපෙසි, පාසාදස්ස චතූසු කණ්ණෙසු යොජනිකතිගාවුතිකද්විගාවුතිකඑකගාවුතිකා චතස්සො නිධිකුම්භියො උට්ඨාපෙසි. පාසාදස්ස චතූසු කණ්ණෙසු තරුණතාලක්ඛන්ධප්පමාණා චතස්සො සුවණ්ණමයා උච්ඡුයට්ඨියො නිබ්බත්තිංසු. තාසං මණිමයානි පත්තානි සුවණ්ණමයානි පබ්බානි අහෙසුං. සත්තසු ද්වාරකොට්ඨකෙසු එකෙකස්මිං එකද්විතිචතුපඤ්චඡසත්තයක්ඛසහස්සපරිවාරා සත්ත යක්ඛා ආරක්ඛං ගණ්හිංසු.
ජොතිකස්ස ගහපතිස්ස පුඤ්ඤවතො ඉද්ධි යනු ජෝතික නම් පෙර පසේ බුදුවරුන් කෙරෙහි කරන ලද ප්‍රාර්ථනා ඇති රජගහනුවර සිටුවරයෙකි. ඔහු උපන් දිනයෙහි මුළු නුවර සියලු ආයුධ දිලිසුණේල. සියල්ලන්ගේ ශරීරයන්හි නැගි ආභරණයන්ද, දිලිසුණාක් මෙන් ආලෝකය මිදුනාහ. නුවර ඒකාලෝක විය. ඔහුගේ නාම ග්‍රහණ දිනයෙහි මුළු නුවර එක්වර ආලෝකවත් වූ හෙයින් ‘ජොතික’ යයි නාමය කළහ. ඉක්බිති ඔහුට වියපත් කල්හි, ගෘහයක් තැනීම පිණිස භූමිතලය ශුද්ධකරනු ලබන කල්හි සක්දෙව් රජ අවුත් සූසැට අමුණු ප්‍රමාණ ස්ථානයෙහි පෘථුවිය බිඳ, සත්රුවන්මය සත්මහල් ප්‍රාසාදයක් හටගැන්වීය. ප්‍රාසාදය වටකොට සත්රුවන්මය, දොරකොටු සතකින් යුත් සත්ප්රාකාරයන් හටගැන්වීය. ප්‍රාකාර කෙළවරැ සූසැටක් කප්රුක් හටගැන්වීය. ප්‍රාසාදයෙහි සිව් කොන්හි යොදුනක් තෙගව්, දෙගව්, එක්ගව් ප්‍රමාණ වූ, සිව් නිධන් ඝට හටගැන්වීය. ප්‍රසාදයෙහි සිව් කොන්වල, තරුණ තල්කඳක් ප්‍රමාණ සිව් ස්වර්ණමය උක් යෂ්ටීහු හටගත්හ. ඒවාහි මැණික්මය පත්‍රද, රන්මය පුරුක්ද වීය. සත් දොරකොටුවල එකිනෙකෙහි, එක්දහස, දෙදහස, තුන්දහස, හාරදහස, පන්දාහ, හයදාහ, හත්දාහ බැගින් වන පිරිවර යක්ෂයින් සහිත යක්ෂයෝ සත්දෙනෙක් ආරක්ෂා සැලසූහ.
බිම්බිසාරමහාරාජා පාසාදාදීනං උට්ඨානං සුත්වා සෙට්ඨිඡත්තං පහිණි. සො ජොතිකසෙට්ඨීති සකලජම්බුදීපෙ පාකටො හුත්වා උත්තරකුරුතො දෙවතාහි ආනෙත්වා සිරිගබ්භෙ නිසීදාපිතාය එකඤ්ච තණ්ඩුලනාළිං තයො ච ජොතිපාසාණෙ ගහෙත්වා ආගතාය භරියාය සද්ධිං තස්මිං පාසාදෙ මහාසම්පත්තිං අනුභවන්තො වසි. තෙසං යාවජීවං තාය එකතණ්ඩුලනාළියා භත්තං පහොසි. සචෙ කිර තෙ සකටසතම්පි තණ්ඩුලානං පූරෙතුකාමා හොන්ති, සා තණ්ඩුලනාළියෙව හුත්වා තිට්ඨති. භත්තපචනකාලෙ තණ්ඩුලෙ උක්ඛලියං පක්ඛිපිත්වා තෙසං පාසාණානං උපරි ඨපෙන්ති. පාසාණා තාවදෙව පජ්ජලිත්වා භත්තෙ පක්කමත්තෙ නිබ්බායන්ති. තෙනෙව සඤ්ඤාණෙන භත්තස්ස පක්කභාවං ජානන්ති. සූපෙය්යාදිපචනකාලෙපි එසෙව නයො. එවං තෙසං ජොතිපාසාණෙහි ආහාරො පච්චති, මණිආලොකෙන වසන්ති. අග්ගිස්ස වා දීපස්ස වා ඔභාසමෙව න ජානිංසු. ජොතිකස්ස කිර එවරූපා සම්පත්තීති සකලජම්බුදීපෙ පාකටො අහොසි. මහාජනො යානාදීහි දස්සනත්ථාය ආගච්ඡති. ජොතිකසෙට්ඨි ආගතාගතානං උත්තරකුරුතණ්ඩුලානං භත්තං දාපෙති, “කප්පරුක්ඛෙහි වත්ථාභරණානි ගණ්හන්තූ”ති ආණාපෙති, “ගාවුතිකනිධිකුම්භියා මුඛං විවරාපෙත්වා යාපනමත්තං ගණ්හන්තූ”ති ආණාපෙති. සකලජම්බුදීපවාසිකෙසු ධනං ගහෙත්වා ගච්ඡන්තෙසු නිධිකුම්භියා අඞ්ගුලමත්තම්පි ඌනං නාහොසීති අයමස්ස පුඤ්ඤවතො ඉද්ධි.
බිම්සර මහරජ ප්රාසාදීන්ගේ හටගැන්ම අසා සිටු ඡත්රය පිටත්කර යැවීය. හෙතෙම ජෝතික සිටුයයි මුළු දඹදිවම ප්‍රකට වී, උතුරුකුරු දිවයිනෙන් දෙවිවරුන් විසින් ගෙනවුත් සිරියහන් ගබඩාවෙහි හිඳුවන ලද එක් සහල් නැළියක්ද, ගිනි ඉපදවිය හැකි ගල් තුනක්ද, රැගෙන පැමිණ බිරිඳ සමග, එම ප්‍රාසාදයෙහි මහත් සම්පත් අනුභව කරමින් විසීය. ඔවුන්ට ජීවිතාන්තය තෙක් එම එක් සහල් නැළියෙහි බත් ප්‍රමාණවත් විය. ඉදින් ඔවුහු ගැල්සියයක් සහලින් පුරවාලනු කැමැති වෙත්ද, එය සහල් නැළියක්වම සිටියි. (පවතියි) බත් පිසිනකල්හි, සහල් සැළියෙහි බත පැසුණු කෙණෙහිම ගින්න නිවෙයි. එම සංඥාවෙන් බත පැසුණු බැව් දනිති. ව්‍යඤ්ජනාදිය පිසින කල්හිද එම ක්‍රමයමැයි. මෙසේ ඔවුන්ගේ ගිනිගල්වලින් ආහාරය පිසියි. මැණික් ආලෝකයෙන් වෙසෙත්. ගින්නෙහි හෝ පහනෙහි ආලෝකය නොදත්හ. ජෝතික සිටුහුට මෙබඳු සම්පත් ඇතැයි මුළු දඹදිවැ ප්‍රකට වූයේය. මහජනයා යානවාහනවලින් ඔහු දැකීමට එති. ජෝතික සිටුහු පැමිණි පැමිණි අයට උතුරුකුරු සහලින් බත් දෙවයි, කප්රුක්වලින් වස්ත්රාභරණ ගනිත්වායි අණකරයි. ගව්වක් වූ නිධාන කළයෙහි කට විවරකරවා යැපෙන පමණ ගනිත්වායි අණ කරයි. සියලු දඹදිව වැසියෝ ධනය ගෙනයන කල්හි නිධාන කළයෙහි අඟලක් මාත්‍රවූද, ඌනතාවක් නොවූයේය. මෙය පින්වත්හුගේ සෘද්ධියයි.
ජටිලස්ස ගහපතිස්ස පුඤ්ඤවතො ඉද්ධීති ජටිලො නාම කස්සපස්ස භගවතො ධාතුචෙතියෙ කතාධිකාරො තක්කසිලායං සෙට්ඨි. තස්ස කිර මාතා බාරාණසියං සෙට්ඨිධීතා අභිරූපා අහොසි. තං පන්නරසසොළසවස්සුද්දෙසිකකාලෙ ආරක්ඛනත්ථාය සත්තභූමිකස්ස පාසාදස්ස උපරිතලෙ වාසයිංසු. තං එකදිවසං වාතපානං විවරිත්වා බහි ඔලොකියමානං ආකාසෙන ගච්ඡන්තො විජ්ජාධරො දිස්වා උප්පන්නසිනෙහො වාතපානෙන පවිසිත්වා තාය සද්ධිං සන්ථවමකාසි. සා තෙන ගබ්භං ගණ්හි. අථ නං දාසී දිස්වා “අම්ම, කිං ඉද”න්ති වත්වා “හොතු, කස්සචි මා ආචික්ඛී”ති වුත්තා භයෙන තුණ්හී අහොසි. සාපි දසමෙ මාසෙ පුත්තං විජායිත්වා නවභාජනං ආහරාපෙත්වා තත්ථ තං දාරකං නිපජ්ජාපෙත්වා තං භාජනං පිදහිත්වා උපරි පුප්ඵදාමානි ඨපෙත්වා “ඉමං සීසෙන උක්ඛිපිත්වා ගන්ත්වා ගඞ්ගාය විස්සජ්ජෙහි, ‘කිං ඉද’න්ති ච පුට්ඨා ‘අය්යාය මෙ බලිකම්ම’න්ති වදෙය්යාසී”ති දාසිං ආණාපෙසි. සා තථා අකාසි. හෙට්ඨාගඞ්ගායපි ද්වෙ ඉත්ථියො න්හායමානා තං භාජනං උදකෙන ආහරියමානං දිස්වා එකා “මය්හෙතං භාජන”න්ති ආහ. එකා “යං එතස්ස අන්තො, තං මය්හ”න්ති වත්වා භාජනෙ සම්පත්තෙ තං ආදාය ථලෙ ඨපෙත්වා විවරිත්වා දාරකං දිස්වා එකා “මම භාජන”න්ති වුත්තත්තා “දාරකො මමෙව හොතී”ති ආහ. එකා “යං භාජනස්ස අන්තො, තං මමා”ති වුත්තත්තා “මම දාරකො”ති ආහ. තා විවදමානා විනිච්ඡයං ගන්ත්වා අමච්චෙසු විනිච්ඡිතුං අසක්කොන්තෙසු රඤ්ඤො සන්තිකං අගමංසු. රාජා තාසං වචනං සුත්වා “ත්වං දාරකං ගණ්හ, ත්වං භාජන”න්ති ආහ. යාය පන දාරකො ලද්ධො, සා මහාකච්චායනත්ථෙරස්ස උපට්ඨායිකා හොති. සා තං දාරකං “ථෙරස්ස සන්තිකෙ පබ්බාජෙස්සාමී”ති පොසෙසි. තස්ස ජාතදිවසෙ ගබ්භමලස්ස ධොවිත්වා අනපනීතත්තා කෙසා ජටිතා හුත්වා අට්ඨංසු. තෙනස්ස ජටිලොතෙව නාමං අකංසු.
ජටිලස්ස ගහපතිස්ස පුඤ්ඤවතො ඉද්ධි යනු ජටිල නම්, කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ ධාතු චෛත්‍යයෙහි කරන ලද ප්‍රාර්ථනා ඇති තක්සලාවෙහි සිටුහුය. ඔහුගේ මව බරණැස් සිටුහුගේ දුව මනා රූ ඇත්තී වූවාය. ඇය පසළොස්, සොළොස් වයස් කල්හි රැකවරණය සඳහා මතු මහල්තලයෙහි වාසය කරවූහ. ඇය එක්දිනක් ජනේලය විවෘතකොට, පිටත බලන්නී, අහසින් යන්නා වූ විද්යාධරයෙකු ඇය දැක හටගත් ඇල්ම ඇතියේ ජනේලයෙන් පිවිස ඇය සමග සංවාසය කළේය. ඕ ඉන් ගැබ් ගති. ඉක්බිති දාසිය එය දැක, දරුව මේ කුමක්දැයි කියා වේවා, කිසිවෙකුට නොකියවයි කියන ලද්දී බියෙන් නිශ්ශබ්ද වූවාය. ඕද දසවන මස පුත්‍රයෙකු ප්රසූතකොට, අලුත් බඳුනක් ගෙන්වාගෙන එහි එම දරුවා හොවවා එම බඳුන වසා, මතුයෙහි මල්දම් තබා ‘මෙය හිසෙන් ඔසවාගෙන ගොස් ගඟෙහි අත්හැර දමව’. මෙය කිමෙක්දැයි විචාරණ ලද්දී, මාගේ ආර්යාවගේ බිලිපූජා කර්මයක් යයි කියවයි අණ කළාය. ඕ එසේ කළාය. යට ගංගා මතුයෙහි ස්නානය කරමින් සිටි ස්ත්‍රීහු එම භාජනය දියෙන් ගෙන එනු ලබනු දැක එක් තැනැත්තියක් තෙල බඳුන මාගේ යැයි කීවාය. එක් තැනැත්තියක තෙල බඳුනෙහි ඇතුළත යමක් වේද, එය මාගේ යැයි කියා බඳුන සම්ප්‍රාප්ත වූ කල එය රැගෙන ගොඩබිම තබා විවෘතකොට දරුවකු දැක එක් තැනැත්තියක් ‘මාගේ භාජනයැයි කී හෙයින් ළදරුවා ‘මාගේම වේයැයි’ කීවාය. ඈලා විවාද කරමින් නඩුමගට බැස, අමාත්‍ය මට්ටම්හි, විනිශ්චය නොහැකි කල්හි, රජු වෙත ගියහ. රජු ඔවුන්ගේ වචන අසා, නුඹ දරුවා ගනුව. නුඹ භාජනය ගනුවයි කීයේය. යම් තැනැත්තියක විසින් ළදරුවා ලබන ලදද, ඕ මහා කච්චායන තෙරුන්ගේ උපස්ථායිකාවක් වේ. ඕ ළදරුවා තෙරුන් සමීපයෙහි පැවිදි කරවන්නෙමුයි පෝෂණය කළාය. ඔහු උපන්දින ගැබ්මළ සෝදා ඉවත් නොකළ හෙයින් කෙස් ගෙතී සිටියේය. එහෙයින් ඔහුට ජටිලයැයිම නම් කළහ.
තස්ස පදසා විචරණකාලෙ ථෙරො තං ගෙහං පිණ්ඩාය පාවිසි. උපාසිකා ථෙරං නිසීදාපෙත්වා ආහාරමදාසි. ථෙරො දාරකං දිස්වා “උපාසිකෙ, දාරකො තෙ ලද්ධො”ති පුච්ඡි. “ආම, භන්තෙ, ඉමාහං තුම්හාකං සන්තිකෙ පබ්බාජෙස්සන්ති පොසෙසි”න්ති ආහ. ථෙරො “සාධූ”ති තං ආදාය ගච්ඡන්තො “අත්ථි නු ඛො ඉමස්ස ගිහිසම්පත්තිං අනුභවිතුං පුඤ්ඤකම්ම”න්ති ඔලොකෙන්තො “මහාපුඤ්ඤො සත්තො මහාසම්පත්තිං අනුභවිස්සති, දහරො එව ච තාව, ඤාණම්පි තාවස්ස පරිපාකං න ගච්ඡතී”ති චින්තෙත්වා තං ආදාය තක්කසිලායං එකස්ස උපට්ඨාකස්ස ගෙහං අගමාසි. සො ථෙරං වන්දිත්වා ඨිතො දාරකං දිස්වා “දාරකො, භන්තෙ, ලද්ධො”ති පුච්ඡි. “ආම, උපාසක, පබ්බජිස්සති, දහරො තාව තව සන්තිකෙ හොතූ”ති. සො “සාධු, භන්තෙ”ති තං පුත්තට්ඨානෙ ඨපෙත්වා පටිජග්ගි. තස්ස පන ගෙහෙ ද්වාදස වස්සානි භණ්ඩකං උස්සන්නං හොති. සො ගාමන්තරං ගච්ඡන්තො සබ්බම්පි තං භණ්ඩකං ආපණං ආහරිත්වා තස්ස තස්ස භණ්ඩකස්ස මූලං ආචික්ඛිත්වා “ඉදඤ්චිදඤ්ච එත්තකං නාම ධනං ගහෙත්වා දදෙය්යාසී”ති වත්වා පක්කාමි.
ඔහු පියවර තබා හැසිරෙන කල්හි තෙරහු එම ගෘහයට පිඬු පිණිස පිවිසියහ. උපාසිකාව තෙරුන් වැඩ හිඳුවා ආහාර දුන්නාය. තෙරහු ළදරුවා දැක, උපාසිකාව ඔබ විසින් ළදරුවකු ලද්දේදැයි විමසීය. එසේය ස්වාමීනි. මම මොහු ඔබතුමන්ගේ සමීපයෙහි පැවිදි කරවන්නෙමියි පෝෂණය කළෙමියි කීවාය. තෙරහු යහපතැයි ඔහු රැගෙන යනුයේ, මොහුට ගිහි සම්පත් අනුභව කරන්ට පුණ්යකර්ම ඇත්දෝහෝයි බලනුයේ, මහ පිනැති සත්ත්වයෙකි. මහසැප අනුභව කරන්නේය. තවමත් ළමා වියෙහිය. ඔහුගේ නුවණද මේරීමට නොගියේයැයි සිතා, ඔහු කැටුව තක්සලාවෙහි එක් උපස්ථායකයෙකුගේ ගෙට ගියේය. හෙතෙම තෙරුන් වැඳ සිටියේ දරුවා දැක ස්වාමීනි, දරුවකු ලදදැයි විමසීය. එසේය උපාසක, දරුවා පැවිදි වන්නේය. එතෙක් ඔබ සමීපයෙහි සිටීවායි කීය. හෙතෙම යහපති ස්වාමීනියි ඔහු පුත්‍රස්ථානයෙහි තබා පෝෂණය කළේය. ඔහුගේ නිවසෙහි දොළොස් වසක් තුළ එකතු වූ භාණ්ඩ ඉතා බහුල විය. හෙතෙම අන් ගමකට යනුයේ එම සියලුම භාණ්ඩ කඩයට ගෙනවුත් ඒ භාණ්ඩයෙහි මිල කියා, මේ මේ දැයට මෙතෙක් නම් ප්‍රමාණයක් ධනය ගෙන දෙන්නෙහියයි (දෙනුව) කියා ගියේය.
තං දිවසං නගරපරිග්ගාහිකා දෙවතා අන්තමසො ජීරකමරිචමත්තකෙනාපි අත්ථිකෙ තස්සෙව ආපණාභිමුඛෙ කරිංසු. සො ද්වාදස වස්සානි උස්සන්නභණ්ඩකං එකදිවසෙනෙව වික්කිණි. කුටුම්බිකො ආගන්ත්වා ආපණෙ කිඤ්චි අදිස්වා “සබ්බං තෙ, තාත, භණ්ඩකං නාසිත”න්ති ආහ. “න නාසිතං, තාත, සබ්බං තුම්හෙහි වුත්තනයෙන වික්කිණිතං, ඉදං අසුකස්ස මූලං, ඉදං අසුකස්ස මූල”න්ති සබ්බමූලං තස්සෙව අප්පෙසි. කුටුම්බිකො පසීදිත්වා “අනග්ඝො පුරිසො යත්ථ කත්ථචි ජීවිතුං සමත්ථො”ති අත්තනො වයප්පත්තං ධීතරං තස්ස දත්වා “ගෙහමස්ස කරොථා”ති පුරිසෙ ආණාපෙත්වා නිට්ඨිතෙ ගෙහෙ “ගච්ඡථ තුම්හෙ, අත්තනො ගෙහෙ වසථා”ති ආහ. අථස්ස ගෙහපවිසනකාලෙ එකෙන පාදෙන උම්මාරෙ අක්කන්තමත්තෙ ගෙහස්ස පච්ඡිමභාගෙ භූමිට්ඨානෙ අසීතිහත්ථො සුවණ්ණපබ්බතො උට්ඨහි. රාජා කිර ජටිලස්ස ගෙහෙ භූමිං භින්දිත්වා සුවණ්ණපබ්බතො උට්ඨිතොති සුත්වා තස්ස සෙට්ඨිඡත්තං පෙසෙසි. සො ජටිලසෙට්ඨි නාම අහොසීති අයමස්ස පුඤ්ඤවතො ඉද්ධි.
එදින නගරාරක්ෂක දේවතාවෝ යටත් පිරිසෙයින් දිරාගිය මිරිස් කරලක් ප්‍රමාණවත් දැයකින්ද, අවශ්‍යතා ඇත්තවුන් එම කඩය අබිමුව කළහ. එම දොළොස් වසක් තුළ බහුල වූ භාණ්ඩ එක් දිනයකින්ම විකිණිනි. කෙළෙඹියා අවුත් කඩයෙහි කිසිවක් නොදැක, දරුව, ඔබ විසින් සියලු භාණ්ඩ විනාශ කරන ලද්දේදැයි විමසීය. පියාණෙනි, විනාශ නොකළෙමි. සියල්ල ඔබ විසින් කියන ලද ක්‍රමයෙන් විකුණන ලදී. මෙය අසවල් දැයෙහි මිලය. මෙය අසවල් දැයෙහි මිලයයි සියලු මිල ඔබ විසින්ම පිහිටුවන ලදි. කෙළෙඹියා පැහැද අනර්ඝ පුරුෂයෙකි. යම්කිසි තැනක ජීවත්වන්ට දක්ෂයැයි, තම වියපත් දියණිය ඇයට දී, මොහුට ගෘහයක් කරවුයැයි පුරුෂයින් අණකොට, ගෘහය නිමිකල්හි යවු නුඹලා තම ගෘහයෙහි වසවු යයි කීයේය. ඉක්බිති ඔහුගේ ගෘහයට පිවිසෙන කල්හි එක් පාදයකින් එළිපත්තට පය තැබූ කෙණෙහිම ගෘහයෙහි පසුභාගයෙහි පෘථුවිය පිහිටි තන්හි අසූරියන් රන් පර්වතයක් පැන නැංගේය. රජු ජටිලයාගේ ගෙහි පොළොව බිඳී, රන් පර්වතයක් පැන නැංගේයයි අසා, ඔහුට සිටු ඡත්රය යැවීය. හෙතෙම ජටිල සිටු නම් වූයේය. මේ පුණ්යවන්තයාගේ සෘද්ධිය වන්නේ.
මෙණ්ඩකස්ස සෙට්ඨිස්ස පුඤ්ඤවතො ඉද්ධීති (මහාව· 296) මෙණ්ඩකො නාම විපස්සිම්හි භගවති කතාධිකාරො මගධරට්ඨෙ භද්දියනගරෙ සෙට්ඨි. තස්ස කිර පච්ඡිමගෙහෙ අට්ඨකරීසමත්තෙ ඨානෙ හත්ථිඅස්සඋසභප්පමාණා සුවණ්ණමෙණ්ඩකා පථවිං භින්දිත්වා පිට්ඨියා පිට්ඨිං පහරමානා උට්ඨහිංසු, තෙසං මුඛෙසු පඤ්චවණ්ණානං සුත්තානං ගෙණ්ඩුකා පක්ඛිත්තා හොන්ති. සප්පිතෙලමධුඵාණිතාදීහි ච වත්ථච්ඡාදනහිරඤ්ඤසුවණ්ණාදීහි ච අත්ථෙ සති තෙසං මුඛතො ගෙණ්ඩුකං අපනෙන්ති. එකස්සපි මෙණ්ඩකස්ස මුඛතො සකලජම්බුදීපවාසීනං පහොනකං සප්පිතෙලමධුඵාණිතවත්ථච්ඡාදනහිරඤ්ඤසුවණ්ණං නික්ඛමති. තතො පට්ඨායෙස මෙණ්ඩකසෙට්ඨීති පඤ්ඤායීති අයමස්ස පුඤ්ඤවතො ඉද්ධි.
මෙණ්ඩකස්ස සෙට්ඨිස්ස පුඤ්ඤවතො ඉද්ධි යනු මෙණ්ඩක නම් විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කරන ලද ප්‍රාර්ථනා ඇති, මගධ රට භද්දිය නුවර සිටුහුය. ඔහුගේ ගෘහය පිටුපස අමුණු සතරක වපසරිය මෙන්, අට ගුණයක් ප්‍රමාණ බිම් පෙදෙසෙක ඇත්, අස්, වෘෂභ ප්‍රමාණ රන් බැටළුවෝ පෘථුවිය බිඳ, පිටෙන් පිට හැපෙනු ලබන්නාහු පැන නැංගාහ. ඔවුන්ගේ මුඛයන්හි පඤ්චවර්ණ නූල් ගුලි බහාලන ලද්දේ වෙයි. ගිතෙල්, තලතෙල්, මී, උක්පැණි ආදියෙන් හෝ වස්ත්‍ර, හඳනා වස්ත්‍ර රන්රුවන් ආදීන්ගෙන්, අවශ්‍යතාවක් ඇතිකල්හි උන්ගේ මුවින් ගුලිය ඉවත් කරති. එක් බැටළුවකුගේ මුවින්. සමස්ත ජම්බුද්වීප වාසීන්ට ප්‍රමාණවත් ගිතෙල්, තලතෙල්, මී, උක්පැණි ආදියද, වස්ත්‍ර, හඳනා වස්ත්‍ර, රන්රුවන් නික්මේ. එතැන් පටන් මෙතෙමේ මෙණ්ඩක සිටුයයි ප්‍රකට විය. මේ පින්වත්හුගේ සෘද්ධිය වන්නේය.
ඝොසිතස්ස ගහපතිස්ස පුඤ්ඤවතො ඉද්ධීති ඝොසිතො (අ· නි· අට්ඨ· 1.1.260-261) නාම පච්චෙකසම්බුද්ධෙ කතාධිකාරො සක්කරට්ඨෙ කොසම්බියං සෙට්ඨි. සො කිර දෙවලොකතො චවිත්වා කොසම්බියං නගරසොභිනියා කුච්ඡිස්මිං නිබ්බත්ති. සා තං විජාතදිවසෙ සුප්පෙ සයාපෙත්වා සඞ්කාරකූටෙ ඡඩ්ඩාපෙසි. දාරකං කාකසුනඛා පරිවාරෙත්වා නිසීදිංසු. එකො පුරිසො තං දිස්වාව පුත්තසඤ්ඤං පටිලභිත්වා “පුත්තො මෙ ලද්ධො”ති ගෙහං නෙසි. තදා කොසම්බිකසෙට්ඨි පුරොහිතං දිස්වා “කිං, ආචරිය, අජ්ජ තෙ තිථිකරණනක්ඛත්තාදයො ඔලොකිතා”ති පුච්ඡිත්වා “ආම, මහාසෙට්ඨී”ති වුත්තෙ “ජනපදස්ස කිං භවිස්සතී”ති පුච්ඡි. “ඉමස්මිං නගරෙ අජ්ජ ජාතදාරකො ජෙට්ඨසෙට්ඨි භවිස්සතී”ති ආහ. තදා සෙට්ඨිනො භරියා ගරුගබ්භා හොති, තස්මා සො සීඝං ගෙහං පෙසෙසි “ගච්ඡ, ජානාහි නං විජාතා වා, න වා”ති. “න විජාතා”ති සුත්වා ගෙහං ගන්ත්වා කාළිං නාම දාසිං පක්කොසිත්‍වා සහස්සං දත්වා “ගච්ඡ, ඉමස්මිං නගරෙ උපධාරෙත්වා අජ්ජ ජාතදාරකං ගණ්හිත්වා එහී”ති ආහ. සා උපධාරෙන්තී තං ගෙහං ගන්ත්වා තං දාරකං තං දිවසං ජාතං ඤත්වා සහස්සං දත්වා ආනෙත්වා සෙට්ඨිනො දස්සෙසි. සෙට්ඨි “සචෙ මෙ ධීතා ජායිස්සති, තාය නං සද්ධිං නිවාසෙත්වා සෙට්ඨිට්ඨානස්ස සාමිකං කරිස්සාමි. සචෙ පුත්තො ජායිස්සති, ඝාතෙස්සාමි න”න්ති චින්තෙත්වා තං ගෙහෙ වඩ්ඪාපෙසි.
ඝොසිතස්ස ගහපතිස්ස පුඤ්ඤවතො ඉද්ධි යනු පසේ බුදුවරයෙකු කෙරෙහි කරන ලද ප්‍රාර්ථනා ඇති, සාක්‍ය රටෙහි කොසඹෑ නුවර උපන් සිටුවරයා ඝෝසිත නම් වේ. හෙතෙම දෙව්ලොවින් චුතව කොසඹෑ නුවර නගර සෝභිනියගේ කුසෙහි උපනි. ඕ ඔහු ප්‍රසූත කළ දින කුල්ලෙහි නිදිකරවා කසලගොඩෙහි දැම්මවූවාය. දරුවා බලුකපුටන් පිරිවරා හුන්නේය. එක් පුරුෂයෙක් ඔහු දැක පුත්‍ර සංඥා ලැබ, මවිසින් පුත්‍රයෙකු ලදැයි ගෙට ගෙන ගියේය. මෙම සිද්ධියට අනතුරුව කොසඹෑ නුවර සිටුතුමා පුරෝහිත දැක, ‘ආචාර්යය, කිමෙක්ද අද ඔබ විසින් තිථි, කරණ නක්ෂත්ර ආදීහු බලන ලදදැයි විචාරා ‘එසේය මහා සිටාණෙනියි කී කල්හි ‘ජනපදයට කුමක් වන්නේදැයි විමසීය. මෙනුවර අද උපන් දරුවා ජ්‍යෙෂ්ඨ සිටු වන්නේ යයි කීය. එකල්හි සිටුහුගේ බිරිඳ ගැබ්බර වේ. එහෙයින් හෙතෙම වහා ගෙට කිසිවෙකු යැවීය. යව ඇය ප්‍රසූත කළේද නොකළේදැයි දැනගනුව. ප්‍රසූත නොකරන ලදැයි අසා ගෙට ගොස් කාලි නම් මෙහෙකාරිය කැඳවා, දහසක් මසුරන් දී, යව, මෙනුවර විමසා බලා, අද උපන් දරුවා ගෙන එවයි කීය. ඕ විමසා බලන්නී එම ගෘහයට ගොස් එම දරුවා, එදින උපන් බැව් දැන මසුරන් දහසක් දී, ගෙනවුත් සිටුහුට පෙන්වූවාය. සිටුතෙමේ ඉදින් මා හට දියණියක් උපදින්නේද, ඇය සමග ඔහු වස්වා සිටු තනතුරට ස්වාමිත්වය කරන්නෙමි. ඉදින් පුත්‍රයෙකු උපදින්නේද, ඔහු මරවන්නෙමියි සිතා ඔහු ගෙහි පෝෂණය කරවීය.
අථස්ස භරියා කතිපාහච්චයෙන පුත්තං විජායි. සෙට්ඨි “ඉමස්මිං අසති මම පුත්තො සෙට්ඨිට්ඨානං ලභිස්සති. ඉදානෙව නං මාරෙතුං වට්ටතී”ති කාළිං ආමන්තෙත්වා “ගච්ඡ ජෙ, වජතො ගුන්නං නික්ඛමනවෙලාය වජද්වාරමජ්ඣෙ ඉමං තිරියං නිපජ්ජාපෙහි, ගාවියො නං මද්දිත්වා මාරෙස්සන්ති, මද්දිතාමද්දිතභාවං පනස්ස ඤත්වා එහී”ති ආහ. සා ගන්ත්වා ගොපාලකෙන වජද්වාරෙ විවටමත්තෙයෙව තං තථා නිපජ්ජාපෙසි. ගොගණජෙට්ඨකො උසභො අඤ්ඤස්මිං කාලෙ සබ්බපච්ඡා නික්ඛමන්තොපි තංදිවසං සබ්බපඨමං නික්ඛමිත්වා දාරකං චතුන්නං පාදානං අන්තරෙ කත්වා අට්ඨාසි. අනෙකසතා ගාවො උසභස්ස ද්වෙ පස්සානි ඝංසන්තියො නික්ඛමිංසු. ගොපාලකොපි “අයං උසභො පුබ්බෙ සබ්බපච්ඡා නික්ඛමති, අජ්ජ පන පඨමං නික්ඛමිත්වා ද්වාරමජ්ඣෙ නිච්චලොව ඨිතො, කිං නු ඛො එත”න්ති චින්තෙත්වා ගන්ත්වා තස්ස හෙට්ඨා නිපන්නං දාරකං දිස්වා පුත්තසිනෙහං පටිලභිත්වා “පුත්තො මෙ ලද්ධො”ති ගෙහං නෙසි.
ඉක්බිති ඔහුගේ බිරිඳ කිහිපදිනක් ඇවෑමෙන් පුතෙකු ප්‍රසූත කළාය. සිටුතෙමේ, මොහු නොමැතිකල්හි මාගේ පුත්‍ර සිටුතනතුර ලබන්නේය. දැන් මම ඔහු මරන්ට වටනේයයි කාලිය අමතා, එම්බල කාලිය යව, ගාලෙන් ගවයින් නික්මෙන වේලායෙහි ගාල්දොර මැද මොහු හරස්ව හොවවව. දෙන්නු ඔහු මැඩ මරන්නාහ. ඔහුගේ මඩනා ලද නොමඩනා ලද බව දැන එවයි කීය. ඕ ගොස් ගොපල්ලා විසින් ගාල්දොර විවෘත කළ කෙණෙහිම ඔහු එසේ හෙවවූවාය. ගව ගණ ජ්‍යෙෂ්ඨ වෘෂභයා, අන් කල්හි සියල්ලන්ට පසුව නික්මයන්නේ නමුදු, එදින සියල්ලන්ට පළමු නික්ම දරුවා සිව්පාදයන් අතරත කොට සිටියේය. නොයෙක් සියගණන් ගවයෝ වෘෂභයාගේ දෙපස ගැටෙමින් නික්මුණහ. ගොපල්ලාද මෙම වෘෂභයා පෙර සියල්ලන්ට පසුව නික්මෙයි. අද වනාහි සියල්ලන්ට ප්‍රථම නික්මී දොරමැද නිශ්චලව සිටියේය. එය කිමෙක්දැයි සිතා, ගොස් උගේ යට හොත් දරුවා දැක පුත්‍රස්නේහය ලැබ, මවිසින් පුත්‍රයෙක් ලබන ලදැයි ගෙදර ගෙන ගියේය.
කාළී ගන්ත්වා සෙට්ඨිනා පුච්ඡිතා තමත්ථං ආරොචෙත්වා “ගච්ඡ, නං පුන ඉමං සහස්සං දත්වා ආනෙහී”ති වුත්තා පුන ආනෙත්වා අදාසි. අථ නං සෙට්ඨි ආහ – “අම්ම කාළි, ඉමස්මිං නගරෙ පඤ්චසකටසතානි පච්චූසකාලෙ උට්ඨාය වාණිජ්ජාය ගච්ඡන්ති, ත්වං ඉමං නෙත්වා චක්කමග්ගෙ නිපජ්ජාපෙහි, ගොණා වා නං මද්දිස්සන්ති, චක්කං වා ඡින්දිස්සති, පවත්තිඤ්චස්ස ඤත්වා ආගච්ඡෙය්යාසී”ති. සා ගන්ත්වා චක්කමග්ගෙ නිපජ්ජාපෙසි. සාකටිකජෙට්ඨකො පුරතො අහොසි. අථස්ස ගොණා තං ඨානං පත්වා ධුරං ඡඩ්ඩෙසුං, පුනප්පුනං ආරොපෙත්වා පාජියමානාපි පුරතො න ගච්ඡිංසු. එවං තස්ස තෙහි සද්ධිං වායමන්තස්සෙව අරුණං උට්ඨහි. සො “කිං නාම ගොණා කරිංසූ”ති මග්ගං ඔලොකෙන්තො දාරකං දිස්වා “භාරියං වත කම්ම”න්ති චින්තෙත්වා “පුත්තො මෙ ලද්ධො”ති තුට්ඨමානසො තං ගෙහං නෙසි.
කාලී ගොස් සිටුහු විසින් විචාරන ලද්දී, එකරුණ සැලකොට සිටියහ. යව, ඔහු නැවත මෙම මසු දහස දී රැගෙන එවයි කියන ලද්දී නැවත ගෙනවුත් දුන්නාය. ඉක්බිති සිටුහු ඇයට දුව කාලිය, මෙනුවර පන්සියයක් ගැල් ඉතා අලුයම් කලැ නැගිට වෙළඳාම් පිණිස යෙති. නුඹ මොහු ගෙනගොස් රථමගැ හොවව. ගොන්නු ඔහු මඩින්නාහ. රිය සක් හෝ ඔහු මඩී. ඔහුගේ පුවත්ද දැන එන් මැනැවැයි කීය. ඕ ගොස් දරුවා රියමගැ හෙවවූවාය. ගැල්දෙටු පෙරටුයෙන් විය. ඉක්බිති ඔහුගේ ගොන්නු එතැන් පැමිණ විය හළය. නැවත නැවත විය නංවා ඉදිරියට ගමන් කරවීමට යත්න කළේද පෙරට නොගියහ. මෙසේ ඔහුට ඔවුන් සමග උත්සාහ කරනුයේම අරුණ නැංගේය. හෙතෙම, ගොන්නු කිමෙක්නම් කළාහුදැයි මං බලනුයේ ළදරුවා දැක, ඒකාන්තයෙන් බැරෑරුම් කර්මයක් යැයි සිතා මවිසින් පුතෙකු ලදැයි තුටු සිතැතියේ, ඔහු තම නිවසට ගෙන ගියේය.
කාළීපි ගන්ත්වා සෙට්ඨිනා පුච්ඡිතා තං පවත්තිං ආචික්ඛිත්වා “ගච්ඡ, නං පුන සහස්සං දත්වා ආනෙහී”ති වුත්තා තථා අකාසි. අථ නං සෙට්ඨි ආහ – “ඉදානි නං ආමකසුසානං නෙත්වා ගච්ඡන්තරෙ නිපජ්ජාපෙහි, තත්ථ සුනඛාදීහි ඛාදිතො, අමනුස්සෙන වා පහටො මරිස්සති, මතාමතභාවඤ්චස්ස ජානිත්වා ආගච්ඡෙය්යාසී”ති. සා තං නෙත්වා තත්ථ නිපජ්ජාපෙත්වා එකමන්තෙ අට්ඨාසි. තං සුනඛාදයො වා අමනුස්සො වා උපසඞ්කමිතුං නාසක්ඛිංසු. අථෙකො අජපාලො අජා ගොචරං නෙන්තො සුසානපස්සෙන ගච්ඡති. එකා අජා පණ්ණානි ඛාදමානා ගච්ඡන්තරං පවිසිත්වා දාරකං දිස්වා ජණ්ණුකෙහි ඨත්වා දාරකස්ස ථනං අදාසි. අජපාලකෙන “හෙ හෙ”ති සද්දෙ කතෙපි න නික්ඛමි. සො “යට්ඨියා නං පහරිත්වා නීහරිස්සාමී”ති ගච්ඡන්තරං පවිට්ඨො ජණ්ණුකෙහි ඨත්වා දාරකං ඛීරං පායන්තිං දිස්වා දාරකෙ පුත්තසිනෙහං පටිලභිත්වා “පුත්තො මෙ ලද්ධො”ති ආදාය පක්කාමි.
කාලිය ගොස් සිටුහු විසින් විමසන ලද්දී එපවත් කීවාය. නැවත සිටුහු දහසක් දී ඔහු රැගෙන එවයි කියන ලද්දී එසේ කළාය. ඉක්බිති සිටුහු ඇයට, දැන් ඔහු අමු සොහොනට ගෙනගොස් පඳුරු අතරෙහි හොවව. එහි සුනඛාදීන් විසින් කන ලද්දේ හෝ අමනුෂ්‍යයින් විසින් පහරනු ලැබුයේ හෝ මැරෙන්නේය. ඔහුගේ මළ නොමළ බවද දැන එනු මැනැවැයි කීය. ඕ ඔහු එහි ගෙනගොස් හොවවා එකත්පස්හි සිටියාය. ඔහු කරා සුනඛාදීන්ට හෝ අමනුෂ්‍යයින්ට හෝ එළඹෙන්ට නොහැකිවිය. එකල්හි එක් එළුවන් බලන්නෙක් එළුවන් ගොදුරු පිණිස ගෙනයනුයේ, සොහොන් පසින් යේ. එක් එළු දෙනක් කොළ කමින් පඳුරු අතරට පිවිස ළදරුවා දැක, දණින් සිට ළදරුවාට කිරිතනය දුන්නාය. එළුපල්ලා විසින්, හෙ, හෙයි ශබ්ද කරන ලද්දීද, නොනික්මිණි. හෙතෙම කෝටුවෙන් එළුදෙනට පහරදී බැහැර කරන්නෙමියි පඳුරු අතරට පිවිසියේ දණින් සිට ළදරුවාට කිරිපොවන එළුදෙන දැක ළදරුවා කෙරෙහි පුත්‍ර ප්‍රේමය ලැබ මවිසින් පුතෙක් ලදිමියි රැගෙන ගියේය.
කාළී ගන්ත්වා සෙට්ඨිනා පුච්ඡිතා තං පවත්තිං ආචික්ඛිත්වා “ගච්ඡ, නං පුන සහස්සං දත්වා ආනෙහී”ති වුත්තා තථා අකාසි. අය නං සෙට්ඨි ආහ – “අම්ම, ඉමං ආදාය චොරපපාතපබ්බතං අභිරුහිත්වා පපාතෙ ඛිප, පබ්බතකුච්ඡියං පටිහඤ්ඤමානො ඛණ්ඩාඛණ්ඩිකො හුත්වා භූමියං පතිස්සති, මතාමතභාවඤ්චස්ස ඤත්වා ආගච්ඡෙය්යාසී”ති. සා තං තථා නෙත්වා පබ්බතමත්ථකෙ ඨත්වා ඛිපි. තං ඛො පන පබ්බතකුච්ඡිං නිස්සාය මහාවෙළුගුම්බො පබ්බතානුසාරෙනෙව වඩ්ඪි, තස්ස මත්ථකං ඝනජාතො ජිඤ්ජුකගුම්බො අවත්ථරි. දාරකො පතන්තො කොජවෙ විය තස්මිං පති. තං දිවසඤ්ච නළකාරජෙට්ඨකස්ස වෙණුබලි පත්තො හොති. සො පුත්තෙන සද්ධිං ගන්ත්වා තං වෙළුගුම්බං ඡින්දිතුං ආරභි. තස්මිං චලිතෙ දාරකො සද්දමකාසි. සො දාරකසද්දො වියාති එකෙන පස්සෙන අභිරුහිත්වා තං දිස්වා “පුත්තො මෙ ලද්ධො”ති තුට්ඨචිත්තො ආදාය ගතො. කාළී ගන්ත්වා සෙට්ඨිනා පුච්ඡිතා තං පවත්තිං ආචික්ඛිත්වා “ගච්ඡ, නං පුන සහස්සං දත්වා ආනෙහී”ති වුත්තා තථා අකාසි.
කාලිය ගොස් සිටු විසින් විමසන ලද්දී එපවත් කීවාය. නැවත සිටුහු දහසක් දී ඔහු රැගෙන එවයි කියන ලද්දී එසේ කළාය. ඉක්බිති සිටුහු දුව මොහු රැගෙන චොර ප්‍රපාත පර්වතයට නැග ප්‍රපාතයෙහි දමව. පර්වත කුසෙහි හැපෙනුයේ කැබලි කැබලිව බිමැ වැටෙන්නේය. මළ නොමළ බව දැන එනු මැනැවැයි කීයේය. ඕ ඔහු එසේ ගෙනගොස් පර්වත මුදුනෙහි සිට විසිකළාය. එම පර්වත කුස ඇසිරිකොට මහ උණපඳුරෙක් පර්වතයෙහි අනුසාරයෙන්ම වැඩිණි. එහි මතුයෙහි ඝනව හටගත් ඔළිඳ පඳුරක් පැතිරී තිබුණි. ළදරුවා වැටෙනුයේ පලසක් මත තැබුවාක් මෙන් ඒ මත වැටුණේය. එදිනම නළකාර ප්‍රධානියාගේ වේණුබලිය (උණ ලීවලට බදුගෙවීම) සිදුවන දිනයද විය. හෙතෙම සිය පුතු සමගින් ගොස් එම උණපඳුර සිඳින්ට ඇරඹීය. එහි සලිතය තුළින් ළදරුවා ශබ්ද කළේය. හෙතෙම ළදරුවෙකුගේ ශබ්දයක් මෙනැයි එක් පසෙකින් නැග ඔහු දැක මවිසින් පුතෙක් ලබන ලදැයි තුටු සිතැතියේ රැගෙන ගියෙය්. කාලි ගොස් සිටුහු විසින් විමසන ලදුයේ එපවත් කීය. නැවත සිටුහු දහසක් දී ඔහු රැගෙන එවයි කියන ලද්දී එසේ කළාය.
සෙට්ඨිනො ඉදඤ්චිදඤ්ච කරොන්තස්සෙව දාරකො වඩ්ඪිතො. මහාඝොසවචනත්තා චස්ස ඝොසිතොතෙව නාමං අහොසි. සො සෙට්ඨිනො අක්ඛිම්හි කණ්ටකො විය ඛායි, උජුකං ඔලොකෙතුම්පි න විසහි. අථස්ස මරණූපායං චින්තෙන්තො අත්තනො කුම්භකාරස්ස සන්තිකං ගන්ත්වා තස්ස “කදා ආවාපං ආලිම්පෙස්සසී”ති පුච්ඡිත්වා “ස්වෙ”ති වුත්තෙ “තෙන හි ඉදං සහස්සං ගණ්හිත්වා මමෙකං කම්මං කරොහී”ති ආහ. “කිං සාමී”ති? “එකො මෙ අවජාතපුත්තො අත්ථි, තං තව සන්තිකං පෙසිස්සාමි, අථ නං ගබ්භං පවෙසෙත්වා තිණ්හාය වාසියා ඛණ්ඩාඛණ්ඩිකං ඡින්දිත්වා චාටියං පක්ඛිපිත්වා ආවාපෙ පවෙසෙය්යාසීති. ඉදං තෙ සහස්සං සච්චකාරසදිසං, උත්තරිං පන තෙ කත්තබ්බයුත්තකං පච්ඡා කරිස්සාමී”ති. කුම්භකාරො “සාධූ”ති සම්පටිච්ඡි.
සිටුහු විසින් එක් එක් දැය කරන අතරවාරයේ දරුවා වැඩිණි. මහා ශබ්දයෙන් කථාකරන හෙයින් මොහුට ඝෝෂිත යැයිම නාමය වූයේය. ඔහු සිටුහුගේ ඇසෙහි කටුවක් මෙන් වැටහිණ. සෘජුව බලන්ට හෝ අසමත් විය. ඉක්බිති ඔහු මරාදමන උපාය සිතනුයේ තම කුඹල්කරුගේ හමුවට ගොස් කවර කල්හි වළං පෝරණුව දල්වන්නේදැයි විචාරා, හෙටයයි කී කල්හි එසේනම් මෙම දහස ගෙන මගේ එක් කාර්යයක් කරවයි කීය. ස්වාමීනි, කිමෙක්ද? මගෙ එක් අවජාතක පුත්‍රයෙක් සිටී. ඔහු ඔබ සමීපයට එවන්නෙමි. ඉක්බිති ඔහු ගැබට (කාමරයට) ප්රවේශකරවා තියුණු වෑයකින් කැබැලි කැබැලිවලට කපා සැළියෙක බහා පෝරණුවෙහි පිසවයි කීය. නුඹට මෙම දහස අත්තිකාරමකි. ඉදිරි කාලයේදී නුඹට කළයුතු සියල්ල පසුව කරන්නෙමි. කුඹල්කරු යහපතැයි පිළිගත්තේය.
සෙට්ඨි පුනදිවසෙ ඝොසිතං පක්කොසිත්‍වා “හිය්යො මයා කුම්භකාරො එකං කම්මං ආණත්තො, එහි , ත්වං තාත, තස්ස සන්තිකං ගන්ත්වා එවං වදෙහි ‘හිය්යො කිර මෙ පිතරා ආණත්තං කම්මං නිප්ඵාදෙහී’”ති පහිණි. සො “සාධූ”ති අගමාසි. තං තත්ථ ගච්ඡන්තං ඉතරො සෙට්ඨිනො පුත්තො දාරකෙහි සද්ධිං ගුළකකීළං කීළන්තො දිස්වා පක්කොසිත්‍වා “කුහිං ගච්ඡසී”ති පුච්ඡිත්වා පිතු සාසනං ගහෙත්වා “කුම්භකාරස්ස සන්තික”න්ති වුත්තෙ “අහං තත්ථ ගමිස්සාමි, ඉමෙ මං දාරකා බහුලක්ඛං ජිනිංසු, තං මෙ පටිජිනිත්වා දෙහී”ති ආහ. “අහං පිතු භායාමී”ති. “මා භායි, භාතික, අහං තං සාසනං හරිස්සාමී”ති. “බහූහි ජිතො යාවාහං ආගච්ඡාමි, තාව මෙ ලක්ඛං පටිජිනාහී”ති. ඝොසිතො කිර ගුළකකීළායං ඡෙකො, තෙන නං එවං නිබන්ධි. සොපි තං “තෙන හි ගන්ත්වා කුම්භකාරං වදෙහි ‘පිතරා කිර මෙ හිය්යො එකං කම්මං ආණත්තං, තං නිප්ඵාදෙහී’”ති උය්යොජෙසි. සො තස්ස සන්තිකං ගන්ත්වා තථා අවච. අථ නං කුම්භකාරො සෙට්ඨිනා වුත්තනියාමෙන මාරෙත්වා ආවාපෙ ඛිපි. ඝොසිතොපි දිවසභාගං කීළිත්වා සායන්හසමයෙව ගෙහං ගන්ත්වා “කිං, තාත, න ගතොසී”ති වුත්තෙ අත්තනො අගතකාරණඤ්ච කනිට්ඨස්ස ගතකාරණඤ්ච ආරොචෙසි. සෙට්ඨි “ධී ධී”ති මහාවිරවං විරවිත්වා සකලසරීරෙ පක්කුථිතලොහිතො විය හුත්වා “අම්භො කුම්භකාර, මා නාසයි, මා නාසයී”ති බාහා පග්ගය්හ කන්දන්තො තස්ස සන්තිකං අගමාසි. කුම්භකාරො තං තථා ආගච්ඡන්තං දිස්වා “සාමි, මා සද්දං කරි, කම්මං නිප්ඵන්න”න්ති ආහ. සො පබ්බතෙන විය මහන්තෙන සොකෙන අවත්ථටො හුත්වා අනප්පකං දොමනස්සං පටිසංවෙදෙසි.
සිටුහු දෙවන දින ඝෝෂිත කැඳවා ඊයේ මවිසින් කුඹල්කරුට එක් කාර්යයක් අණ කරන ලද්දේය. එනු දරුව, නුඹ ඔහු සමීපයට ගොස් මෙසේ කියව. මාගේ පියා විසින් ඊයේ අණකරන ලද ක්‍රියාව සම්පූර්ණ කරවයි පිටත් කළේය. හෙතෙම මැනැවැයි ගියේය. ඔහු එහි යන්නහු, සිටුහුගේ අනෙක් පුත්‍රයා ළමයින් සමග ගුඩුකෙළි, ක්‍රීඩා කරන්නේ ඝෝෂිත දැක කැඳවා, කොහි යන්නෙහිදැයි විමසන ලදුයේ, පියතුමාගේ හස්නක් ගෙන කුඹල්කරු සමීපයට යෙමියි කී කල්හි, මම එහි යන්නෙමි. මෙම ළමයි මට වඩා බොහෝ ඔට්ටු දිනූහ. එය මට නැවත දිනවා දෙවයි කීය. මම පියාට බියවෙමි. සොයුර බිය නොවෙව. මම එම හස්න ගෙනයන්නෙමි. බොහෝ ඔට්ටු මගෙන් දිනාගෙන ඇති නිසා, මා එනතුරු ඒ සියල්ල දිනාගෙන තබන්නැයි සිටුපුතා කීයේය. ඝෝෂිත වනාහි ගුඩු ක්‍රීඩායෙහි දක්ෂයෙකි. එහෙයින් ඔහු මෙසේ යොදවන ලදි. හෙතෙමේද ඔහුට එසේ නම් ගොස් කුඹල්කරුට කියව. මාගේ පිය තෙමේ ඊයේ එක් කාරයයක් අණ කරන ලද්දේද? එය සම්පූර්ණ කරවයි පිටත්කර හැරියේය. හෙතෙම ඔහුගේ සමීඵයට ගොස් එසේ කීයේය. ඉක්බිති කුඹල්කරු සිටුහු විසින් කියන ලද අයුරින් ඔහු මරා පෝරණුවෙහි බහාලීය. ඝෝෂිතද දිවා කලැ, කෙළැ, සවස් කලැම ගෙට ගොස් දරුව කිම නොගියෙහිදැයි කී කලැ තමාගේ නොගිය හේතුවද, බාලයාගේ ගිය හේතුවද දැනුම් දිනි. සිටුහු අහෝ නැසුණෙමියි මහහඬින් ඝෝෂාකොට මුළු සිරුරෙහි ලෙය කකාරවන ලද කලක් මෙන්ව, පින්වත් කුඹලාණෙනි, නොනසව. නොනසවයි දෑත් බැඳ හඬනුයේ ඔහු වෙත ගියේය. කුඹල්කරු එසේ එන්නා වූ ඔහු දැක ස්වාමීනි, ශබ්ද නොකළ මැනවි. කාර්යය සම්පූර්ණයයි කීය. හෙතෙම මහ පර්වතයකින් ඇදහැලුණාක් මෙන් මහත් සොවින් මැඩුණේව අනල්ප දොම්නසක් වින්දේය.
එවං සන්තෙපි පන සෙට්ඨි තං උජුකං ඔලොකෙතුං න සක්කොති. “කින්ති නං මාරෙය්ය”න්ති චින්තෙන්තො “මම ගාමසතෙ ආයුත්තකස්ස සන්තිකං පෙසෙත්වා මාරාපෙස්සාමී”ති උපායං දිස්වා “අයං මෙ අවජාතපුත්තො, ඉමං මාරෙත්වා වච්චකූපෙ ඛිපතු, එවඤ්ච කතෙ අහං මාතුලස්ස කත්තබ්බයුත්තකං ජානිස්සාමී”ති තස්ස පණ්ණං ලිඛිත්වා “තාත ඝොසිත, අම්හාකං ගාමසතෙ ආයුත්තකො අත්ථි, ඉමං පණ්ණං හරිත්වා තස්ස දෙහී”ති වත්වා පණ්ණං තස්ස දුස්සන්තෙ බන්ධි. සො පන අක්ඛරසමයං න ජානාති. දහරකාලතො පට්ඨාය හි තං මාරාපෙන්තොව සෙට්ඨි මාරෙතුං නාසක්ඛි, කිං අක්ඛරසමයං සික්ඛාපෙස්සති. සො අත්තනො මරණපණ්ණමෙව දුස්සන්තෙ බන්ධිත්වා නික්ඛමන්තො ආහ – “පාථෙය්‍යං මෙ, තාත, නත්ථී”ති. “පාථෙය්යෙන කම්මං නත්ථි, අන්තරාමග්ගෙ අසුකගාමෙ නාම මම සහායකො සෙට්ඨි අත්ථි, තස්ස ඝරෙ පාතරාසං කත්වා පුරතො ගච්ඡා”ති. සො “සාධූ”ති පිතරං වන්දිත්වා නික්ඛන්තො තං ගාමං පත්වා සෙට්ඨිඝරං පුච්ඡිත්වා ගන්ත්වා සෙට්ඨිජායං පස්සි. “කුතො ආගතොසී”ති ච වුත්තෙ “අන්තොනගරතො”ති ආහ. “කස්ස පුත්තොසී”ති? “තුම්හාකං සහායසෙට්ඨිනො, අම්මා”ති. “ත්වංසි ඝොසිතො නාමා”ති? “ආම, අම්මා”ති. තස්සා සහ දස්සනෙනෙව තස්මිං පුත්තසිනෙහො උප්පජ්ජි. සෙට්ඨිනො පනෙකා ධීතා අත්ථි පන්නරසසොළසවස්සුද්දෙසිකා අභිරූපා පාසාදිකා, තං රක්ඛිතුං එකමෙව පෙසනකාරිකං දාසිං දත්වා සත්තභූමිකස්ස පාසාදස්ස උපරිමතලෙ සිරිගබ්භෙ වසාපෙන්ති. සෙට්ඨිධීතා තස්මිං ඛණෙ තං දාසිං අන්තරාපණං පෙසෙසි. අථ නං සෙට්ඨිජායා දිස්වා “කුහිං ගච්ඡසී”ති පුච්ඡිත්වා “අය්යධීතාය පෙසනෙනා”ති වුත්තෙ “ඉතො තාව එහි, තිට්ඨතු පෙසනං, පුත්තස්ස මෙ පීඨකං අත්ථරිත්වා උදකං ආහරිත්වා පාදෙ ධොවිත්වා තෙලං මක්ඛිත්වා සයනං අත්ථරිත්වා දෙහි, පච්ඡා පෙසනං කරිස්සසී”ති ආහ. සා තථා අකාසි.
මෙසේ ඇතිකල්හි, සිටුහුට ඔහු සෘජුව බැලීමට පවා නොහැකි තත්ත්වයක් උදාවිය. කෙසේනම් ඔහු මරන්නේදැයි සිතනුයේ, මාගේ ගම් සියයක ආදායම් පාලකගේ සමීපයට යවා මරවන්නෙමියි උපායක් සිහිපත් වී ‘මොහු මාගේ අවජාත පුත්‍රයෙකි. මොහු මරා අශූචි වළෙහි දමව. එසේ කළ කල්හි මම මයිළනුවන්ට කළයුත්තක් දන්නෙමියි ඔහුට (තල්) කොළයක් ලියා දරුව ඝෝෂිත, අපගේ ගම්සියයක ආදායම් පාලකයෙක් සිටී. මෙම කොළය ගෙනගොස් ඔහුට දෙවයි කියා කොළය ඔහුගේ ඉණේ (දසරුව) බැන්දේය. ඔහු අකුරු ලිවීම කියවීම නොදනී, බාල කල පටන් ඔහු මැරවීමට උත්සාහ කළේද සිටුහුට ඔහු මරන්ට නොහැකි විය. අකුරු ශිල්පයක කෙසේනම් හික්මවන්නේද? හෙතෙම තම මරණ පත ඉණෙහි බැඳ (රෙදිවාටියෙහි) නික්මෙනුයේ පියාණෙනි, මට මාර්ගෝපකරණ නැතැයි කීය. මාර්ගෝපකරණවලින් කම් නැත. අතරමග අසවල් නම් ගමෙහි මාගේ යහළු සිටුවරයෙක් සිටී. ඔහුගේ ගෘහයෙහි උදෑසන අහර ගෙන ඉදිරියට යවයි කීය. හෙතෙම මැනැවැයි පියා වැඳ නික්මෙනුයේ, එගමට පැමිණ සිටුගෙය විමසා එහි ගොස් සිටු බිරිඳ දිටීය. කොහි සිට පැමිණියෙහිදැයි පුළුවුත්නේ ඇතුල් නුවරිනැයි කීය. කවරෙකුගේ පුතෙක්ද? මෑණියනි, ඔබගේ යහළු සිටුහුගේය. නුඹ ඝෝෂිත නම් වෙහිද? එසේය මෑණියනි, ඇයට දරුවා දුටු පමණින්ම පුත්‍ර ස්නේහය හටගති. එම සිටුවරයාට වනාහි, පසළොස්, සොළොස් හැවිරිදි පමණ වූ, මනා රුවැති ප්රසාදජනක එක් දියණියක් සිටියාය. ඇය රැක්මට එකම මෙහෙකාර දැස්සක් දී, සත්මහල් පහයක මතුමහලෙහි සිරියහන් ගබඩාවෙකැ වාසය කරවයි. එකෙණෙහි සිටු දියණිය එම දාසිය නුවර ඇතුළු වෙළඳපොළට යැවුවාය. එකල්හි සිටු බිරිඳ ඇය දැක කොහි යන්නීදැයි විචාරා, ආර්ය දියණියගේ යැවීමෙන්යැයි කී කල්හි දැන් මෙහි එව. ගමන නවතනු. මගේ පුත්‍රයාට පුටුවක් අතුරා (සූදානම්කොට) දිය ගෙනවුත්, පා දොවා, තෙල් ගල්වා සයනයක් අතුරා දෙව. පසුව ගමන කරන්නෙහි යයි කීය. ඕ එසේ කළාය.
අථ නං චිරෙනාගතං සෙට්ඨිධීතා සන්තජ්ජෙසි. අථ නං සා ආහ – “මා මෙ කුජ්ඣි, සෙට්ඨිපුත්තො ඝොසිතො ආගතො, තස්ස ඉදඤ්චිදඤ්ච කත්වා තත්ථ ගන්ත්වා ආගතාම්හී”ති. සෙට්ඨිධීතාය “සෙට්ඨිපුත්තො ඝොසිතො”ති නාමං සුත්වාව පුබ්බසන්නිවාසවසෙන පෙමං ඡවිආදීනි ඡින්දිත්වා අට්ඨිමිඤ්ජං ආහච්ච ඨිතං. අථ නං පුච්ඡි “කුහිං සො අම්මා”ති? “සයනෙ නිපන්නො නිද්දායතී”ති . “අත්ථි පනස්ස හත්ථෙ කිඤ්චී”ති? “දුස්සන්තෙ පණ්ණං අත්ථී”ති. සා “කිං පණ්ණං නු ඛො එත”න්ති තස්මිං නිද්දායන්තෙ මාතාපිතූනං අඤ්ඤවිහිතතාය අපස්සන්තානං ඔතරිත්වා තස්ස සන්තිකං ගන්ත්වා තං පණ්ණං මොචෙත්වා ආදාය අත්තනො ගබ්භං පවිසිත්වා ද්වාරං පිධාය වාතපානං විවරිත්වා අක්ඛරසමයෙ කුසලතාය තං පණ්ණං වාචෙත්වා “අහො වත බාලො අත්තනො මරණපණ්ණං දුස්සන්තෙ බන්ධිත්වා විචරති, සචෙ මයා න දිට්ඨං අස්ස, නත්ථි තස්ස ජීවිත”න්ති. තං පණ්ණං ඵාලෙත්වා නාසෙත්වා සෙට්ඨිස්ස වචනෙන අපරං පණ්ණං ලිඛි – “අයං මම පුත්තො ඝොසිතො නාම, ගාමසතතො පණ්ණාකාරං ආහරාපෙත්වා ඉමස්ස ජනපදසෙට්ඨිනො ධීතරා සද්ධිං මඞ්ගලං කත්වා අත්තනො වසනගාමස්ස මජ්ඣෙ ද්විභූමිකං ගෙහං කාරෙත්වා පාකාරපරික්ඛෙපෙන චෙව පුරිසගුත්තීහි ච සුසංවිහිතාරක්ඛං කරොතු, මය්හං ඉදඤ්චිදඤ්ච මයා කතන්ති සාසනං පෙසෙතු. එවං කතෙ අහං මාතුලස්ස කත්තබ්බයුත්තකං ජානිස්සාමී”ති ලිඛිත්වා ච පණ්ණං සඞ්ඝරිත්වා දුස්සන්තෙයෙවස්ස බන්ධි.
ඉක්බිති කාලය ගතකර පැමිණි ඇයට සිටුදියණිය දැඩිව තර්ජනය කළාය. ඉක්බිති ඇයට ඕ මෙසේ කීවාය. මට කෝප නොවුව මැනවි. ඝෝෂිත සිටුපුත් පැමිණියේය. ඔහුට මේ මේ දෑ කොට, එහි ගොස් පැමිණියේ වෙමියි කීවාය. සිටු දියණියට ඝෝෂිත සිටුපුත්‍රයා යැයි නම ඇසීමෙන්ම, පෙර අත්බැව්හි එක්ව වාසය කිරීම් වශයෙන් හටගත් ප්‍රේමය සිවි ආදිය සිඳ ඇටමිඳුළු හා ගැටී සිටියේය. ඉක්බිති මෑණියෙනි, ඔහු කොහිදැයි විචාළාය. සයනයෙහි ගෙවියේ නිදයි යයි කීවාය. ඔහු හස්තයෙහි කිසිවක් ඇත්ද? ඉණෙහි හසුනපතක් ඇත. ඕ එය කුමක් වියහැකිදැයි ඔහු නිදනා කලැ, මව්පියවරුන් වෙනත් කරුණක් පිළිබඳ අවධානය යොමුකළ කල්හි ඔවුන්ට නොපෙනෙන ලෙසින් මහලින් බැස, ඔහු සමීපයට ගොස් එම පත ඉණෙන් මුදා රැගෙන තම ගැබට පිවිස දොර වසා, ජනේලය විවෘතකොට අක්ෂර ශාස්ත්‍රයෙහි දක්ෂ හෙයින් එම පත මුදා කියවා ‘අනේ මේ බාලයා තම මරණ ලිපිය තමන්ගේ ඉණේ බැඳගෙන ඇවිදියි. ඉදින් මා විසින් මෙය නොදිටියේ වන්නේද? ඔහුගේ ජීවිතය නැතයයි එම පත පළා විනාශකොට, සිටුවරයා ලියන අයුරින් වෙනත් පත්‍රයක් ලීවාය. ‘මේ මාගේ පුත්‍ර ඝෝෂිත නමැ. ගම් සියයෙන් අයබදු ගෙන්වා මොහුට ජනපද සිටුහුගේ දියණිය සමග විවාහ මංගල්‍යය සිදුකොට, තමන් වසන ගම මැද දෙමහල් ගෘහයක් තනා, ප්රාකාරවලින් වටකොට, ආරක්ෂක පුරුෂයන් යොදවා මනා ආරක්ෂාව කෙරේවා. මේ මේ දෙය මවිසින් කරන ලදැයි මට හස්නක් එවනු මැනවි. මෙසේ කළ කල්හි මම මයිලණුවන්ට කළයුතු සියල්ල දන්නෙමියි ලියා ලිපිය හකුළුවා ඔහුගේ ඉණෙහිම බැන්දේය.
සො දිවසභාගං නිද්දායිත්වා උට්ඨාය භුඤ්ජිත්වා පක්කාමි, පුනදිවසෙ පාතොව තං ගාමං ගන්ත්වා ආයුත්තකං ගාමකිච්චං කරොන්තමෙව පස්සි. සො තං දිස්වා “කිං තාතා”ති පුච්ඡිත්වා “පිතරා මෙ තුම්හාකං පණ්ණං පෙසිත”න්ති වුත්තෙ පණ්ණං ගහෙත්වා වාචෙත්වා තුට්ඨමානසො “පස්සථ, භො, මම සාමිනො මයි සිනෙහං කත්වා ජෙට්ඨපුත්තස්ස මඞ්ගලං කරොතූ”ති මම සන්තිකං පහිණි. “සීඝං දාරුආදීනි ආහරථා”ති ගහපතිකෙ ආණාපෙත්වා ගාමමජ්ඣෙ වුත්තප්පකාරං ගෙහං කාරාපෙත්වා ගාමසතතො පණ්ණාකාරං ආහරාපෙත්වා ජනපදසෙට්ඨිනො ධීතරං ආනෙත්වා මඞ්ගලං කත්වා සෙට්ඨිස්ස සාසනං පහිණි “ඉදඤ්චිදඤ්ච මයා කත”න්ති.
හෙතෙම දිවා කලැ නිදා, නැගිට අනුභවකොට පිටත්ව ගියේය. දෙවන දින උදෑසනම ඒ ගමට ගොස් ආදායම්පාලක ග්‍රාම කෘත්‍යයන් කරමින් සිටියදීම දිටීය. හෙතෙම ඔහු දැක, දරුව, කිමෙක්දැයි විමසා, මාගේ පියා විසින් නුඹට ලිඛිත පත්‍රයක් එවන ලදැයි කී කල්හි ලිපිය ගෙන කියවා සතුටු සිතැතියේ පින්වත්නි, මාගේ ස්වාමියාගේ මා කෙරෙහි ඇති ස්නේහය බලවු. දෙටු පුත්‍රයාගේ විවාහ මංගල්‍යය කරවයි මාගේ සමීපයට එවීය. වහා දර ආදිය ගෙන එවු යයි ගෘහපතියන්ට අණකොට ගම මැද කියන ලද ආකාර ඇති ගෙයක් කරවා. ගම්සියයෙන් අයබදු ගෙන්වා, ජනපද සිටුහුගේ දියණිය කැඳවා ගෙනවුත් මංගල්‍යය නිමාකොට සිටුහු මවිසින් මේ මේ දේ කරන ලදැයි හස්නක් යැවීය.
තං සුත්වා සෙට්ඨිනො “යං කාරෙමි, තං න හොති. යං න කාරෙමි, තං හොතී”ති මහන්තං දොමනස්සං උප්පජ්ජි. පුත්තසොකෙන සද්ධිං සො සොකො එකතො හුත්වා කුච්ඡිදාහං උප්පාදෙත්වා අතිසාරං ජනෙසි. සෙට්ඨිධීතාපි “සචෙ කොචි සෙට්ඨිනො සන්තිකා ආගච්ඡති, මම අකථෙත්වා සෙට්ඨිපුත්තස්ස පඨමතරං මා කථෙථා”ති ආණාපෙසි. සෙට්ඨිපි ඛො “න දානි දුට්ඨපුත්තං මම සාපතෙය්යස්ස සාමිකං කරිස්සාමී”ති චින්තෙත්වා එකං ආයුත්තකං ආහ – “මාතුල, පුත්තං මෙ දට්ඨුකාමොම්හි, එකං පාදමූලිකං පෙසෙත්වා එකං පණ්ණං ලිඛිත්වා පෙසෙත්වා මම පුත්තං පක්කොසාපෙහී”ති. සො “සාධූ”ති පණ්ණං දත්වා එකං පුරිසං පෙසෙසි.
සිටුහු එය අසා යමක් කරන්ට සිතයිද? එය නොකෙරෙයි. යමක් නොකරන්ට සිතයිද එයම කෙරෙයි යයි මහත් දොම්නසක් උපනි. පුත්‍ර ශෝකය සමග, එම ශෝකය එක්ව කුසෙහි දාහයක් හටගෙන එයින් අතීසාරය ඉපදවීය. සිටු දියණියද ඉදින් කිසිවෙක් සිටුහුගේ සමීපයෙහි සිට පැමිණේද? මට නොකියා පළමුව සිටු පුත්‍රයාට නොකියවයි අණ කළාය. සිටුහුද දුෂ්ට පුත්‍රයා මාගේ වස්තු සම්පතට ස්වාමියෙකු නොකරන්නෙමියි සිතා එක් අයකැමියෙකුට මෙසේ කීයේය. මයිලණුවෙනි මාගේ පුත්‍රයා දක්නා කැමැත්තෙමි. එක් හස්නක් ලියා, සේවකයෙකු යවා මපුතු කැඳවවයි කීය. හෙතෙම මැනැවැයි හස්නක් දී, එක් පුරුෂයෙකු යැවීය.
සෙට්ඨිධීතා සෙට්ඨිස්ස බලවගිලානකාලෙ ඝොසිතකුමාරං ආදාය අගමාසි. [missing pali]
සිටු දියණිය ඔහු පැමිණ දොරටුව අබියස සිටින බැව් අසා කැඳවා දරුව ඇයිදැයි ඇසුවාය. ආර්යාවනි, සිටුවරයා ගිලන් විය. පුතා දකිනු කැමැත්තේය. රෝගියා බලවත්ද දුබලද, ආර්යාවෙනි බලවත්ය. දැනට ආහාර අනුභව කරයි යයි කීය. ඇය ඔහු පැමිණි බැව් සිටුපුතුට නොදන්වා, පැමිණි පුරුෂයාට නිවසක්, බඩුබාහිරාදිය වෙනත් අමතර වියදම්ද දී, මා දන්වන තෙක් රැඳීසිටින ලෙස කීවාය. සිටුහු නැවතත් අයකැමි අමතා මයිලණුවෙනි, ඇයි මපුතු වෙත හස්නක් නොයැවිණිදැයි ඇසීය. යැව්වෙමි. පණිවුඩකරු මෙතෙක් නොපැමිණියේ යැයි කීය.
[missing pali]
එසේනම් වෙනකෙකු යවව. ඔහු වෙනත් අයෙකු යැවීය. සිටු දියණිය ප්‍රථමයෙන් පැමිණි පුද්ගලයා කෙරෙහි ක්‍රියා කළ අයුරින් ඔහු කෙරෙහිද ක්‍රියා කළාය. සිටුහුගේ රෝගය බලවත් විය. එක් භාජනයක් තබා, එය ඉවත් කරනවිට වෙනත් භාජනයක් තබන්ට සිදුවිය. මයිලණුවෙනි මපුතු වෙත වෙනත් අයෙකු නොයැවිණිද? යැවීම් ස්වාමීනි, ගිය පුද්ගලයා නොපැමිණිායේය. එසේනම් වෙනත් අයෙකු යවව. තෙවන වරටත් පුරුෂයෙකු යැවීය. තෙවනවර පැමිණියහුගෙන් විස්තර විමසුවාය. සිටුදේවිය ඔහු බලවත් සේ රෝගාතුරය. අහර නොගෙන ඇඳේ වැතිරී සිටියි. දැන් වේලාව සුදුසුයැයි සිතා, ඔබගේ පියතුමා ගිලන්ව ඇතැයි ඝෝෂිතට දැනුම් දිනි. අපි කුමක් කළයුතුදැයි විමසීය. ගම් සියයෙන් උපදනා අයබදු හා බඩුබාහිරාදිය රැගෙන ගොස් සිටුතුමා හමුවෙමුයි කීවා තෙවන වර පැමිණි පුරුෂයාත් සමග පිටත්වූහ. ඔබගේ පියා දුර්වලය. මෙම භාණ්ඩ රැගෙන ගැලෙන් යනවිට පමාවෙයි. ගැල හා ගැල්කරු නතර කරන්නැයි ඝෝෂිතට කියා එම බඩු සියල්ල ආපසු සිය නිවසට හරවා යැවීය. දැන් අපි එහි යමු. ඔබ පියතුමාගේ පාද පාර්ශ්වයෙන් සිටිනන්. මා හිස පැත්තෙන් සිටින්නෙමියි කියා ගෘහයෙහි ඉදිරිපස-පිටුපස ආරක්ෂකයින්ට රැඳී සිටින ලෙස නියෝග කළාය. ගෘහ ප්‍රවිෂ්ට සිටුපුත්‍රයා පියාගේ පාද පාර්ශ්වයෙන් සිටගති. ආයුත්තකයා සිටුහුගේ පා පිරිමදිමින් ඔබ පුතු පැමිණියේයයි කීය. පුතා දැන් කොතැන්හිද? ඔබේ දෙපා සමීපයෙහි මාගේ නිවසෙහි කෙතෙක් ධනය ඇත්දැයි විමසීය. ස්වාමීනි කහවණු හතලිස් කෝටියකි. ග්‍රාම-ක්ෂේත්‍ර (කුඹුරු) දෙපා සිව්පා සත්තු-යාන වාහන මෙතෙක් ප්‍රමාණ තිබේ. මාගේ මෙපමණ වූ ධනය ඝෝෂිතට නොදෙන්නෙමියි කියනු කැමැතියේ දෙමියි කීය. එය ශ්‍රවණය කළ සිටුදියණිය, මොහු නැවත කථා කළහොත් වෙනස් දෑ කීමට සිදුවිය හැකියයි සිතා ශෝකාතුර වූවාසේ, කෙස් කළඹ කඩාහෙළා, හඬා පියාණෙනි මේ මොනවා කථා කරනවාද? මොනවද මේ කියන්නේ අප විසින් නොඇසිය යුත්තක් අසන ලද්දේය. සිටුහුට යළි කථා කළ නොහැකි වන ආකාරයෙන් හිසෙන් ඔහුගේ පපුව මැදට ගසමින් බලවත් ශෝකය ප්‍රකට කරන අයුරක් දැක්වූවාය.
සෙට්ඨි කාලමකාසි. රාජා පිතරි කාලඞ්කතෙ පිතරා භුත්තභොගං දත්වා සබ්බසතෙන සෙට්ඨිට්ඨානං අදාසි. ඝොසිතසෙට්ඨි නාම හුත්වා මහාසම්පත්තියං ඨිතො සෙට්ඨිධීතාය කාළියා වචනෙන ආදිතො පට්ඨාය සත්තසු ඨානෙසු අත්තනො මරණමුත්තභාවං ඤත්වා දෙවසිකං සතසහස්සං විස්සජ්ජෙත්වා දානං පට්ඨපෙසීති. එවමස්ස සත්තසු ඨානෙසු අරොගභාවො පුඤ්ඤවතො ඉද්ධි. තත්ථ ගහන්ති ගෙහං වුච්චති, ගහෙ පති ගහපති. මහාසාලකුලෙ අධිපතිස්සෙතං නාමං. කෙසුචි පොත්ථකෙසු ඝොසිතානන්තරං මෙණ්ඩකො ලිඛිතො.
සිටුහු ඒ මොහොතෙහිම මියැදුණාහ. රජු පියා කළුරිය කළ කල්හි, පියා විසින් පරිභෝග කරන ලද, භෝගයන් දී හැම දෙයකින්ම සියයේ කොටස්වලින් යුත් වස්තුව සමග සිටු තනතුර දුන්නේය. ඝෝෂිත සිටුහු නම් වී, මහා සම්පත්තියක පිහිටියේ සිටු දියණියගේද, කාලියගේද වචනයෙන් මුලසිට සත් තන්හි තමාගේ මරණයෙන් මිදුණ බැව් දැන දිනපතා දහසක් වියදම්කොට දන් පිහිටවීය. මෙසේ මොහුගේ සිත් සතන් නිරෝග භාවය පින්වත්හුගේ සෘද්ධියයි. එහි ගහ යනු ගෘහය යූසේයි. ගෘහයෙහි අධිපති ගහපතියි මහාසාල කුලයෙහි අධිපතියාටද එය නාමයකි. සමහර පොත්වල ඝෝෂිත වස්තුවට අනතුරු මෙණ්ඩක වස්තුව ලියන ලදි.
පඤ්චන්නං මහාපුඤ්ඤානං පුඤ්ඤවතො ඉද්ධීති එත්ථ පුඤ්ඤිද්ධි පඤ්චන්නං මහාපුඤ්ඤානං දට්ඨබ්බාති අත්ථො. පඤ්ච මහාපුඤ්ඤා නාම මෙණ්ඩකසෙට්ඨි, තස්ස භරියා චන්දපදුමා, පුත්තො ධනඤ්චයසෙට්ඨි, සුණිසා සුමනදෙවී, දොසො පුණ්ණො නාමාති ඉමෙ පඤ්ච ජනා පච්චෙකසම්බුද්ධෙ කතාධිකාරා. තෙසු මෙණ්ඩකසෙට්ඨි අඩ්ඪතෙරසානි කොට්ඨසතානි සොධාපෙත්‍වා සීසං න්හාතො ද්වාරෙ නිසීදිත්වා උද්ධං උල්ලොකෙති, ආකාසතො රත්තසාලිධාරා ඔපතිත්වා සබ්බකොට්ඨෙ පූරෙති. තස්ස භරියා තණ්ඩුලං එකනාළිමත්තං ගහෙත්වා භත්තං පචාපෙත්වා එකස්මිං සූපබ්යඤ්ජනකෙ සූපං කාරෙත්වා සබ්බාලඞ්කාරපටිමණ්ඩිතා ද්වාරකොට්ඨකෙ පඤ්ඤත්තාසනෙ නිසීදිත්වා “සබ්බෙ භත්තෙන අත්ථිකා ආගච්ඡන්තූ”ති ඝොසාපෙත්වා පක්කොසාපෙත්වා සුවණ්ණකටච්ඡුං ආදාය ආගතාගතානං උපනීතභාජනානි පූරෙත්වා දෙති, සකලදිවසම්පි දෙන්තියා කටච්ඡුනා සකිං ගහිතට්ඨානමත්තමෙව පඤ්ඤායති. තස්ස පුත්තො සීසං න්හාතො සහස්සත්ථවිකං ආදාය “කහාපණෙහි අත්ථිකා ආගච්ඡන්තූ”ති ඝොසාපෙත්වා ආගතාගතානං ගහිතභාජනානි පූරෙත්වා දෙති. ථවිකාය කහාපණසහස්සමෙව හොති. තස්ස සුණිසා සබ්බාලඞ්කාරපටිමණ්ඩිතා චතුදොණිකං වීහිපිටකං ආදාය ආසනෙ නිසින්නා “බීජභත්තෙන අත්ථිකා ආගච්ඡන්තූ”ති ඝොසාපෙත්වා ආගතාගතානං ගහිතභාජනානි පූරෙත්වා දෙති, පිටකං යථාපූරිතමෙව හොති. තස්ස දාසො සබ්බාලඞ්කාරපටිමණ්ඩිතො සුවණ්ණයුගෙ සුවණ්ණයොත්තෙහි ගොණෙ යොජෙත්වා සුවණ්ණපතොදයට්ඨිං ආදාය ගොණානං ගන්ධපඤ්චඞ්ගුලිකානි දත්වා විසාණෙසු සුවණ්ණකොසකෙ පටිමුඤ්චිත්වා ඛෙත්තං ගන්ත්වා පාජෙති , ඉතො තිස්සො, ඉතො තිස්සො, මජ්ඣෙ එකාති සත්ත සීතායො භිජ්ජිත්වා ගච්ඡන්ති. ජම්බුදීපවාසිනො භත්තබීජහිරඤ්ඤසුවණ්ණාදීසු යථාරුචිතං සෙට්ඨිගෙහතොයෙව ගණ්හිංසු. අනුක්කමෙන පන භද්දියනගරං අනුප්පත්තෙ භගවති භගවතො ධම්මදෙසනාය පඤ්ච මහාපුඤ්ඤා ච ධනඤ්චයසෙට්ඨිස්ස ධීතා විසාඛා ච සොතාපත්තිඵලං පාපුණිංසු. අයං පන නෙසං පඤ්චන්නං මහාපුඤ්ඤානං පුඤ්ඤවතො ඉද්ධි. සඞ්ඛෙපෙන පන පරිපාකගතෙ පුඤ්ඤසම්භාරෙ ඉජ්ඣනකවිසෙසො පුඤ්ඤවතො ඉද්ධි.
පඤ්චන්නං මහා පුඤ්ඤානං පුඤ්ඤවතො ඉද්ධි යන මෙහි පුන්යර්ධිය පඤ්ච මහා පිනැතියන්ගේ වශයෙන් දතයුත්තාහයයි අර්ථයි. පස් මහ පිනැත්තෝ නම්, මෙණ්ඩක සිටු, ඔහුගේ බිරිඳ චන්ද්‍ර පද්මා, පුත් ධනඤ්ජය සිටු, ලේලිය සුමනාදේවි, පුණ්ණදාස යන අයය. මෙම පස්දෙන පසේබුදුන් කෙරෙහි කරන ලද ප්‍රාර්ථනා ඇත්තාහුය. ඔවුනතර මෙණ්ඩක සිටුහු කෝෂ්ඨාගාර හත්සිය පනහක්, ශුද්ධ කරවා, හිසෙහි සිට නහන ලදුයේ, දොරටුයෙහි හිඳ, උඩ බලයි. අහසින් රත්හැල් දහරා, පහත හෙළා සියලු කොටු පුරවයි. ඔහුගේ බිරිඳ, සහල් එක් නැළියක් පමණ ගෙන බත්පිසවා එක එළවළු පිසින භාජනයක, ව්‍යංජනයක් කරවා සියලු අලංකාරයන්ගෙන් සැරසෙන ලද්දී දොර කොටුයෙහි පනවන ලද අස්නෙහි හිඳ, බත්වලින් අවශ්‍යතා ඇති සියල්ලෝ එත්වායි ඝෝෂා කරවා කැඳවා රන් හැන්දක් ගෙන පැමිණි පැමිණියවුන්ට එළවන ලද බඳුන් පුරවා දෙන්නීය. මුළු දවස පුරා, දෙනු ලබන්නී, හැන්දෙන් වරක් ගත් ස්ථානයම පමණක් පෙනේ. ඔහුගේ පුත්‍රයා හිස සිට ස්නානය කළේ, මසුදහසක පසුම්බියක් ගෙන කහවණුවලින් අවශ්‍යතා ඇත්තෝ පැමිණෙත්වායි ඝෝෂා කරවා, පැමිණි පැමිණියවුන්ට බඳුන් පුරවා දෙයි. පසුම්බියෙහි කහවණු දහස වෙනසක් නොවී ඒ අයුරින්ම තිබේ. ඔහුගේ ලේලිය සියලු අලංකාරයෙන් සැරසෙන ලද්දී, ද්‍රෝණ සතරෙක වී කූඩයක් රැගෙන අස්නෙහි හිඳින ලද්දී, බිත්තර වී අවශ්‍යතා ඇතියහු පැමිණෙත්වායි ඝෝෂා කරවා පැමිණි පැමිණියවුන්ට ගත් භාජන පුරවා දෙයි. කූඩය පුරවන ලද අයුරින්ම නොවෙනස්ව පවතී. ඔහුගේ දාසයා සියලු අලංකාරයන්ගෙන් සැරසුණේ රන් වියගසෙහි රන් යොත්වලින් ගොනුන් යොදා රන් කෙවිටක් ගෙන, ගොනුන්ට සුවඳ පසැඟිලි දී, අංවල රන් කොපු පළඳවා කෙතට ගොස් පදවයි. (දක්කයි) මෙතැනින් තුනකි. මෙතැනින් තුනකි. මැදින් එකක්දැයි සත්නගුල් පාරවල් පොළොව බිඳ ගෙන යයි. දඹදිව වාසීහු බත්, බීජ, රන් රුවන් ආදීන්හි කැමැති පරිද්දෙන් සිටු ගෘහයෙන්ම ගත්හ. අනුක්රමයෙන් භාග්‍යවතුන් වහන්සේ භද්දිය නුවරට, සම්ප්‍රාප්ත වූ කල්හි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මදේශනායෙන් පස්මහ පිනැත්තෝද, ධනඤ්ජය සිටුහුගේ දියණිය විශාඛාවද සෝවාන් ඵලයට පැමිණියහ. මේ එම පස්මහ පිනැත්තවුන්ගේ පිනැත්තහුගේ සෘද්ධියයි. සංක්ෂෙපයෙන් වනාහි පුණ්‍ය සම්භාරයන් මේරීමට ගියකල්හි, සිද්ධවීම් විශේෂය පිනැත්තහුගේ සෘද්ධියයි.
විජ්ජාමයිද්ධිනිද්දෙසෙ ඉජ්ඣනාකාරං ගන්ධාරිවිජ්ජං වා උපචාරසිද්ධං පත්ථිතසිද්ධං අඤ්ඤං වා විජ්ජං ධාරෙන්තීති විජ්ජාධරා. විජ්ජං පරිජප්පෙත්වාති යථොපචාරං විජ්ජං මුඛෙන පරිවත්තෙත්වා. සෙසං වුත්තත්ථමෙවාති.
විද්‍යාමය සෘද්ධි නිර්දේශයෙහි, ඉටුවීම් ආකාර, ග්රන්ථාදී විද්‍යාවක් හෝ උපචාර සිද්ධ, පණ්ඩිතයින් විසින් උපදවාගත් අන්‍ය වූ හෝ විද්‍යාවක් දරත්නුයි විජ්ජා ධරායි. විජ්ජං පරිජප්පෙත්වා යනු සුදුසු පරිද්දෙන් විද්‍යාව මුඛයෙන් පිරිවහා, සෙස්ස කියන ලද අර්ථමය.
සම්මාපයොගිද්ධිනිද්දෙසෙ ඉජ්ඣනාකාරමත්තං පුච්ඡිත්වා අඤ්ඤස්ස විසෙසස්ස අභාවතො “කතමා”ති අපුච්ඡිත්වා පකාරමත්තමෙව පුච්ඡන්තෙන “කථ”න්ති පුච්ඡා කතා, තථෙව “එව”න්ති නිගමනං කතං. එත්ථ ච පටිපත්තිසඞ්ඛාතස්සෙව සම්මාපයොගස්ස දීපනවසෙන පුරිමපාළිසදිසාව පාළි ආගතා. අට්ඨකථායං පන සකටබ්යූහාදිකරණවසෙන යංකිඤ්චි සංවිදහනං යංකිඤ්චි සිප්පකම්මං යංකිඤ්චි වෙජ්ජකම්මං තිණ්ණං වෙදානං උග්ගහණං තිණ්ණං පිටකානං උග්ගහණං, අන්තමසො කසනවපනාදීනි උපාදාය තං තං කම්මං කත්වා නිබ්බත්තවිසෙසො තත්ථ තත්ථ සම්මාපයොගපච්චයා ඉජ්ඣනට්ඨෙන ඉද්ධීති ආගතාති.
සම්‍යක් ප්‍රයෝග සෘද්ධි නිර්දේශයෙහි, සිද්ධවීම් ආකාර මාත්‍රය විමසා, අන් විශේෂයක අභාව හෙයින් ‘කතමා’යි නොවිචාරා, ආකාර මාත්‍රයම විමසනුයේ ‘කෙසේදැයි’ විමසීම කරන ලදි. එසේම ‘මෙසේ’ යයි නිගමනය කරන ලදි. මෙහිද ප්‍රතිපත්ති සංඛ්‍යාත වූම සම්‍යක් ප්‍රයෝගයාගේ දැක්වීම් වශයෙන් පළමු පෙළ සමානවම පෙළෙහි සඳහන් විය. ඉක්බිති මෙය වනාහි ගැල් පෙළ ගැස්වීම් ආදිය කිරීම් වශයෙන් කිසිවක් සංවිධාන කිරීම, යම්කිසි වෛද්‍ය කර්මයක්, ත්‍රිවේදයන්ගේ උද්ග්‍රහණය, ත්රිපිටකයන්හි උද්ග්‍රහණය, යටත් පිරිසෙයින් සීසෑම්, වැපිරීම් ආදියද සැලකිල්ලට ගෙන, ඒ ඒ කාර්යයන් කොට, උපන් විශේෂතාව තත්ථ තත්ථ සම්මා පයොග පච්චයා ඉජ්ඣනට්ඨෙන ඉද්ධියි සඳහන් විය.
ඉද්ධිකථාවණ්ණනා නිට්ඨිතා.
සෘද්ධිකථා වර්ණනාව නිමි.