ඉද්ධි කථා
3. 2.
3. 2.
ඉද‍්ධි කථා
ඍද්ධි කථා
කා ඉද‍්ධි, කති ඉද‍්ධියො, ඉද‍්ධියා කති භූමියො, කති පාදා, කති පදානි, කති මූලානි:
ඍද්ධි කවර යැ, ඍද්ධිහු කෙතෙක් ද, ඍද්ධියට භූමීහු කෙතෙක් ද, පාදයෝ කෙතෙක් ද, පදයෝ කෙතෙක් ද, මූලයෝ කෙතෙක් ද යත්:
කා ඉද‍්ධි’ති ඉජ‍්ඣනට‍්ඨෙන ඉද‍්ධි.
කා ඉද්ධි යනු: සමෘද්ධ වන අර්‍ත්‍ථයෙන් ඍද්ධි යැ.
කති ඉද‍්ධියො’ති දස ඉද‍්ධියො.
කති ඉද්ධියො යනු: ඍද්ධිහු දස දෙනෙක.
ඉද‍්ධියා කති භූමියො’ති ඉද‍්ධියා චතස‍්සො භූමියො චත‍්තාරො පාදා අට‍්ඨ පදානි, සොළස මූලානි.
ඉද්ධියා කති භූමියො යනු: ඍද්ධියට භූමි සතරෙක. පාද සතෙරක. පද අටෙක මූල සොළොසෙකි.
කතමා දස ඉද‍්ධියො: අධිට‍්ඨානා ඉද‍්ධි, විකුබ‍්බනා ඉද‍්ධි, මනොමයා ඉද‍්ධි, ඤාණවිප‍්ඵාරා ඉද‍්ධි, සමාධිවිප‍්ඵාරා ඉද‍්ධි, අරියා ඉද‍්ධි, කම‍්මවිපාකජා ඉද‍්ධි, පුඤ‍්ඤවතො ඉද‍්ධි, විජ‍්ජාමයා ඉද‍්ධි තත්‍ථ තත්‍ථ සම‍්මාපයොගපච‍්චයා ඉජ‍්ඣනට‍්ඨෙන ඉද‍්ධි.
දශඍද්ධිහු නම් කවරහ යත්: අධිෂ්ඨාන ඍද්ධි යැ විකුර්‍වණඍද්ධි යැ මනෝමය ඍද්ධි යැ ඥානවිෂ්ඵාර ඍද්ධි යැ සමාධිවිෂ්ඵාරඍද්ධි යැ ආර්‍ය්‍යසෘද්ධි යැ කර්‍මවිපාකජඍද්ධි යැ පුණ්‍යවත්හුගේ ඍද්ධි යැ විද්‍යාමයසෘද්ධි යැ ඒ ඒ ධර්‍මයෙහි සම්‍යක්ප්‍රයෝගප්‍රත්‍යයෙන් සමෘද්ධ වන අර්‍ත්‍ථයෙන් ඍද්ධි යි.
ඉද‍්ධියා කතමා චතස‍්සො භූමියො: විවෙකජා භූමි පඨමං ඣානං, පීතිසුඛභූමි දුතියං ඣානං, උපෙක‍්ඛාසුඛ භූමි තතියං ඣානං, අදුක‍්ඛමසුඛා භූමි චතුත්‍ථං ඣානං, ඉද‍්ධියා ඉමා චතස‍්සො භූමියො ඉද‍්ධිලාභාය ඉද‍්ධි පටිලාභාය ඉද‍්ධිවිකුබ‍්බනතාය ඉද‍්ධිවිසවිතාය ඉද‍්ධිවසීභාවාය ඉද‍්ධිවෙසාරජ‍්ජාය සංවත‍්තන‍්තීති.
ඍද්ධියට සතරභුමිහු කවරහ යත්: ප්‍රථමධ්‍යානය විවේකජභූමි යැ, ද්විතීයධ්‍යානය ප්‍රීතිසුඛභූමි යැ, තෘතීයධ්‍යානය උපේක්‍ෂාසුඛභූමි යැ, චතුර්‍ත්‍ථධ්‍යානය අදුක්ඛමසුඛභූමි යැ, මේ සතරභූමිහු ඍද්ධිලාභ පිණිස සෘද්ධිප්‍රතිලාභ පිණිස ඍද්ධිවිකුර්‍වණතා පිණිස ඍද්ධිවිශේෂ පවත්වන බවට සෘද්ධිවශීභාවය පිණිස ඍද්ධිවෛශාරද්‍ය පිණිස පවතිත් යයි.
ඉද‍්ධියා කතමෙ චත‍්තාරො පාදා: ඉධ භික‍්ඛු ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති, චිත‍්තසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති, විරියසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති, වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. ඉද‍්ධියා ඉමෙ චත‍්තාරො පාදා ඉද‍්ධිලාභාය ඉද‍්ධිපටිලාභාය ඉද‍්ධිවිකුබ‍්බනතාය ඉද‍්ධිවිසවිතාය ඉද‍්ධිවසීභාවාය ඉද‍්ධිවෙසාරජ‍්ජාය සංවත‍්තන‍්තීති.
ඍද්ධියට සතර පාදයෝ කවරහ යත්: මෙ සස්නෙහි මහණ තෙම ඡන්‍දය අධිපති කොට ඇති සමාධියෙන් හා ප්‍රධානසංස්කාරයෙන් (සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යයෙන්) සමන්‍වාගත වූ ඍද්ධිපාදය වඩයි, චිත්තාධිපතිසමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය වඩයි, විර්‍ය්‍යාධිපතිසමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය වඩයි, විමංසාධිපතිසමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය වඩයි. ඍද්ධිය පිළිබඳ මේ සතර පාදයෝ ඍද්ධිලාභ පිණිස සෘද්ධිප්‍රතිලාභ පිණිස ඍද්ධිවිකුර්‍වණතා පිණිස ඍද්ධිවිශේෂ පවත්වන පිණිස සෘද්ධිවශීභාව පිණිස සෘද්ධිවිශාරද බව පිණිස පවතිත් යයි.
ඉද‍්ධියා කතමානි අට‍්ඨ පදානි: ඡන්‍දං චෙ භික‍්ඛු නිස‍්සාය ලභති සමාධිං, ලභති චිත‍්තස‍්ස එකග‍්ගතං, ඡන්‍දො න සමාධි, සමාධි න ඡන්‍දො. අඤ‍්ඤො ඡන්‍දො, අඤ‍්ඤො සමාධි. විරියං චෙ භික‍්ඛු නිස‍්සාය ලභති සමාධිං, ලභති චිත‍්තස‍්ස එකග‍්ගතං, විරියං න සමාධි, සමාධි න විරියං. අඤ‍්ඤං විරියං අඤ‍්ඤො සමාධි. චිත‍්තං චෙ භික‍්ඛු නිස‍්සාය ලභති සමාධිං, ලභති චිත‍්තස‍්ස එකග‍්ගතං, චිත‍්තං න සමාධි, සමාධි න චිත‍්තං. අඤ‍්ඤං චිත‍්තං, අඤ‍්ඤො සමාධි. වීමංසං චෙ භික‍්ඛු නිස‍්සාය ලභති සමාධිං, ලභති චිත‍්තස‍්ස එකග‍්ගතං. වීමංසා න සමාධි, සමාධි න වීමංසා. අඤ‍්ඤා වීමංසා, අඤ‍්ඤො සමාධි. ඉද‍්ධියා ඉමානි අට‍්ඨ පදානි, ඉද‍්ධිලාභාය ඉද‍්ධිපටිලාභාය ඉද‍්ධි විකුබ‍්බනතාය ඉද‍්ධිවිසවිතාය ඉද‍්ධිවසීභාවාය ඉද‍්ධිවෙසාරජ‍්ජාය සංවත‍්තන‍්තීති.
ඍද්ධියට අටපද කවරහ යත්: ඉදින් මහණ තෙම ඡන්‍දය නිසා සමාධිය ලබා නම් චිත්තෛකාග්‍රතාවය ලබා නම් ඒ ඡන්‍දය සමාධි නො වෙයි, සමාධිය ඡන්‍ද නො වෙයි. ඡන්‍දය අනෙකෙක, සමාධිය අනෙකෙකි. ඉදින් මහණ තෙම චිත්තය නිසා සමාධිය ලබා නම්, චිත්තෛකාග්‍රතාවය ලබා නම්, ඒ චිත්තය සමාධි නො වෙයි, සමාධිය චිත්ත නොවෙයි, චිත්තය අනෙකෙක, සමාධිය අනෙකෙකි. ඉදින් මහණ තෙම වීර්‍ය්‍යය නිසා සමාධිය ලබා නම් චිත්තෛකාග්‍රතාවය ලබා නම් ඒ වීර්‍ය්‍යය සමාධි නො වෙයි, සමාධිය වීර්‍ය්‍ය නො වෙයි, වීර්‍ය්‍යය අනෙකෙක, සමාධිය අනෙකෙකි. ඉදින් මහණ තෙම වීමංසාව නිසා සමාධිය ලබා නම්, චිත්තෛකාග්‍රතාවය ලබා නම්, ඒ වීමංසාව සමාධි නො වෙයි, සමාධිය විමංසා නො වෙයි, වීමංසාව අනෙකෙක, සමාධිය අනෙකෙකි. ඍද්ධිය පිළිබඳ මේ අටපදයෝ ඍද්ධිලාභ පිණිස සෘද්ධිප්‍රතිලාභ පිණිස ඍද්ධිවිකුර්‍වණ පිණිස ඍද්ධිවිශේෂ පවත්වන පිණිස සෘද්ධිවශීභාව පිණිස සෘද්ධිවිශාරද බව පිණිස පවතිත් යයි.
ඉද‍්ධියා කතමානි සොළස මූලානි: අනොනතං චිත‍්තං කොසජ‍්ජෙ න ඉඤ‍්ජතීති ආනෙඤ‍්ජං, අනුන‍්නතං චිත‍්තං උද‍්ධච‍්චෙ න ඉඤ‍්ජතීති ආනෙඤ‍්ජං, අනභින‍්තං චිත‍්තං රාගෙ න ඉඤ‍්ජතීති ආනෙඤ‍්ජං, අනපනතං චිත‍්තං බ්‍යාපාදෙ න ඉඤ‍්ජතීති ආනෙඤ‍්ජං, අනිස‍්සිතං චිත‍්තං දිට‍්ඨියා න ඉඤ‍්ජතීති ආනෙඤ‍්ජං, අප‍්පටිබද‍්ධං චිත‍්තං ඡන්‍දරාගෙ න ඉඤ‍්ජතීති ආනෙඤ‍්ජං, විප‍්පමුත‍්තං චිත‍්තං කාමරාගෙ න ඉඤ‍්ජතීති ආනෙඤ‍්ජං, විසඤ‍්ඤුත‍්තං චිත‍්තං කිලෙසෙ න ඉඤ‍්ජතීති ආනෙඤ‍්ජං, විමරියාදීකතං චිත‍්තං කිලෙසමරියාදෙ න ඉඤ‍්ජතීති ආනෙඤ‍්ජං, එකත‍්තගතං චිත‍්තං නානත‍්තකිලෙසෙ න ඉඤ‍්ජතීති ආනෙඤ‍්ජං, සද‍්ධාය පරිග‍්ගහිතං චිත‍්තං අස‍්සද‍්ධියෙ න ඉඤ‍්ජතීති ආනෙඤ‍්ජං, විරියෙන පරිග‍්ගහිතං චිත‍්තං කොසජ‍්ජෙ න ඉඤ‍්ජතීති ආනෙඤ‍්ජං, සතියා පරිග‍්ගහිතං චිත‍්තං පසාදෙ න ඉඤ‍්ජතීති ආනෙඤ‍්ජං, සමාධිනා පරිග‍්ගහිතං චිත‍්තං උද‍්ධච‍්චෙ න ඉඤ‍්ජතීති ආනෙඤ‍්ජං, පඤ‍්ඤාය පරිග‍්ගහිතං චිත‍්තං අවිජ‍්ජාය න ඉඤ‍්ජතීති ආනෙඤ‍්ජං, ඔභාසගතං චිත‍්තං අවිජ‍්ජන්‍ධකාරෙ න ඉඤ‍්ජතීති ආනෙඤ‍්ජං ඉද‍්ධියා ඉමානි සොළස මූලානි ඉද‍්ධිලාභාය ඉද‍්ධිපටිලාභාය ඉද‍්ධිවිකුබ‍්බනතාය ඉද‍්ධිවිසවිතාය ඉද‍්ධිවසීභාවාය ඉද‍්ධිවෙසාරජ‍්ජාය සංවත‍්තන‍්තීති.
ඍද්ධියට සොළොස් මූලයෝ කවරහ යත්: (කෞසීද්‍ය වශයෙන්) නො නැමුණු සිත කෞසීද්‍ය නිමිතින් නො සැලේ (කම්පා නොවේ) නු’යි ආනෙඤ්ඡ නම. ඖද්ධත්‍යයෙන් නො හුවනලද සිත ඖද්ධත්‍ය නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, රාගවශයෙන් නො නැමුණු (අනහිනත) සිත රාග නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, ක්‍රෝධවශයෙන් ප්‍රතිමුඛ (අදුෂ්‍ය) වූ සිත ව්‍යාපාද නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, දෘෂ්ටි වශයෙන් අනිඃශ්‍රිත වූ සිත දෘෂ්ටි නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, ඡන්‍දරාගප්‍රතිබද්ධ නො වූ සිත ඡන්‍දරාග නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, විප්‍රමුක්ත සිත කාමරාග නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, කෙලෙසුන් කෙරෙන් වෙන් වූ සිත කෙලෙස් නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, කෙලෙස්හිමි නො කරනලද සිත කෙලෙස්හිම් නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, එකඟබවට ගිය සිත නානාස්වභාව කෙලෙස් නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, ශ්‍රද්ධාපරිගෘහීත සිත අශ්‍රද්ධා නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, වීර්‍ය්‍යයෙන් පරිගෘහීත සිත කෞසීද්‍ය නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, ස්මෘතියෙන් පරිගෘහීත සිත ප්‍රසාද නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, සමාධියෙන් පරිගෘහීත සිත ඖද්ධත්‍ය නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, ප්‍රඥායෙන් පරිගෘහීත සිත අවිද්‍යා නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, අවභාසයට ගිය සිත අවිද්‍යාන්‍ධකාර නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නමි. ඍද්ධිය පිළිබඳ මේ සොළොස් මූලයෝ ඍද්ධිලාභ පිණිස සෘද්ධිප්‍රතිලාභ පිණිස ඍද්ධිවිකුර්‍වණ පිණිස ඍද්ධිවිශේෂ පවත්වන පිණිස සෘද්ධිවශීභාව පිණිස ඍද්ධිවිශාරදභාව පිණිස පවතිත් යයි.
කතමා අධිට‍්ඨානා ඉද‍්ධි: ඉධ භික‍්ඛු අනෙකවිහිතං ඉද‍්ධිවිධං පච‍්චනුභොති, එකොපි හුත්‍වා බහුධා හොති, බහුධාපි හුත්‍වා එකො හොති, ආවීභාවං තිරොභාවං තිරොකුඩ‍්ඩං තිරොපාකාරං තිරොපබ‍්බතං අසජ‍්ජමානො ගච‍්ඡති සෙය්‍යථාපි ආකාසෙ, පඨවියාපි උම‍්මුජ‍්ජනිමුජ‍්ජං කරොති සෙය්‍යථාපි උදකෙ උදකෙපි අභිජ‍්ජමානෙ ගච‍්ඡති සෙය්‍යථාපි පඨවියං, ආකාසෙපි පල්ලඞ්කෙන කමති සෙය්‍යථාපි පක්ඛී සකුණො, ඉමෙපි චන්‍දිමසුරියෙ එවං මහිද්ධිකෙ එවං මහානුභාවෙ පාණිනා පරාමසති පරිමජ‍්ජති, යාව බ්‍රහ‍්මලොකාපි කායෙන වසං වත‍්තෙතීති.
අධිෂ්ඨාන ඍද්ධි නම් කවරහ යත්: මෙසස්නෙහි මහණ තෙම අනේකප්‍රකාර වූ ඍද්ධිවිධ වළඳ කෙරෙයි. තෙමේ එකලා වැ සිට බහුප්‍රකාර ද වෙයි, බහුප්‍රකාර වැ සිට එකලා ද වෙයි, ආවිර්‍භාවය කෙරෙයි, නිරොභාවය කෙරෙයි, අහස්හි සෙයින් බිතින් පිටතට පවුරින් පිටතට පර්‍වතයෙන් පරභාගයට නො ලැගෙමින් යෙයි. දියෙහි සෙයින් පොළොවහිදු නැඟීම් ගැලීම් කෙරෙයි, පොළොව්හි සෙයින් අභිද්‍යාමානඋදකයෙහිදු යෙයි, පියා ඇති ලිහිණියකු සෙයින් අහස්හිදු පලගින් යෙයි, මෙබඳු මහත් ඍද්ධි ඇති මෙබඳු මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙන ද අතින් පරාමර්‍ෂණය කෙරෙයි, පරිමර්‍ජනය කෙරෙයි, බඹලොව හිම් කොට කයින් වශයෙහි පවත්වයි.
ඉධාති ඉමිස‍්සා දිට‍්ඨියා ඉමිස‍්සා ඛන‍්තියා ඉමිස‍්සා රුචියා ඉමස‍්මිං ආදායෙ ඉමස‍්මිං ධම‍්මෙ ඉමස‍්මිං විනයෙ ඉමස‍්මිං ධම‍්මවිනයෙ ඉමස‍්මිං පාවචනෙ ඉමස‍්මිං බ්‍රහ‍්මචරියෙ ඉමස‍්මිං සත්‍ථුසාසනෙ. තෙන වුච‍්චති ‘ඉධා’ති.
ඉධ යනු: මේ දෘෂ්ටියෙහි මේ ක්‍ෂාන්තියෙහි මේ රුචියෙහි මේ ග්‍රහණයෙහි මේ ධර්‍මයෙහි මේ විනයෙහි මේ ධර්‍මවිනයෙහි මේ ප්‍රවචනයෙහි මේ බ්‍රහ්මචර්‍ය්‍යයෙහි මේ ශාස්තෘශාසනයෙහි යි. එයින් කියනුලැබෙයි ‘ඉධ’ යි.
භික‍්ඛූති පුථුජ‍්ජකල්‍යාණකො වා හොති භික‍්ඛු සෙඛො වා අරහා වා අකුප‍්පධම‍්මො.
භික්ඛු යනු: කල්‍යාණපෘථග්ජන මහණ හෝ වෙයි, ශෛක්‍ෂ හෝ වෙයි, අකෝප්‍යධර්‍ම ඇති රහත් හෝ වේ.
අනෙකවිහිතං ඉද‍්ධිවිධං පච‍්චනුභොතීති නානප‍්පකාරං ඉද‍්ධිවිධං පච‍්චනුභොති.
අනේකවිහිතං ඉද්ධිවිධං පච්චනුහොති යනු: නානාප්‍රකාර වූ ඍද්ධි කොටස් වළඳ කෙරෙයි.
එකොපි හුත්‍වා බහුධා හොතීති පකතියා එකො බහුකං ආවජ‍්ජති, සතං වා සහස‍්සං වා සතසහස‍්සං වා ආවජ‍්ජති, ආවජ‍්ජිත්‍වා ඤාණෙන අධිට‍්ඨාති ‘බහුකො හොමී’ති බහුකො හොති. යථායස‍්මා චුල‍්ලපන්‍ථකො එකොපි හුත්‍වා බහුධා හොති, එවමෙව සො ඉද‍්ධිමා චෙතොවසිප‍්පත‍්තො එකොපි හුත්‍වා බහුධා හොති
ඒකෝපි හුත්‍වා බහුධා හොති යනු: පියවින් එකලා වැ බොහෝ කොට අවර්‍ජනා කෙරෙයි. සියක් හෝ දහසක් හෝ සුවහසක් හෝ අවර්‍ජනා කෙරෙයි, අවර්‍ජනා කොට ‘බොහෝ වෙමි’ ඥානයෙන් අධිෂ්ඨාන කෙරෙයි. බොහෝ වෙයි, යම්සේ ආයුෂ්මත් චුල්ලපන්‍ථක පියවින් එකලා වැ බහුප්‍රකාරයෙන් වේ ද එපරිද්දෙන් මැ ඒ චේතෝවශීප්‍රාප්ත වූ ඍද්ධිමත් තෙම පියවින් එකලා වැ බහුප්‍රකාර වෙයි.
බහුධාපි හුත්‍වා එකො හොතීති පකතියා බහුකො එකං ආවජ‍්ජති, ආවජ‍්ජිත්‍වා ඤාණෙන අධිට‍්ඨාති ‘එකො හොමී’ති එකො හොති. යථායස‍්මා චුල‍්ලපන්‍ථකො බහුධාපි හුත්‍වා එකො හොති. එවමෙව සො ඉද‍්ධිමා චෙතොවසිප‍්පත‍්තො බහුධාපි හුත්‍වා එකො හොති.
බහුධාපි හුත්‍වා ඒකෝ හොති යනු: පියවින් බොහෝ වැ එක් පුඟුලකු අවර්‍ජනා කෙරෙයි, අවර්‍ජනා කොට ඥානයෙන් අධිෂ්ඨාන කෙරෙයි. ‘එකලා වෙමි’ එකලා වෙයි, යම්සේ ආයුෂ්මත් චුල්ලපන්‍ථක බොහෝ වැ එකලා වේ ද එපරිද්දෙන් මැ ඒ චේතෝවශීප්‍රාප්ත ඍද්ධිමත් තෙමේ බොහෝ වැ එකලා ද වෙයි.
ආවීභාවන‍්ති කෙනචි අනාවටං හොති අප‍්පටිච‍්ඡන‍්නං විවටං පාකටං.
අවීභාවං යනු: කිසිවකින් ආවෘත නො වූයේ ප්‍රතිච්ඡන්න නො වූයේ විවෘත වූයේ ප්‍රකට වූයේ වෙයි.
තිරොභාවන‍්ති කෙනචි ආවටං හොති ආවටං හොති පටිච‍්ඡන‍්නං පිහිතං පටිකුජ‍්ජිතං.
තිරොභාවං යනු: කිසිවකින් ආවෘත වූයේ ප්‍රතිච්ඡන්න වූයේ වසනලද්දේ පිහිකුළු වූයේ වෙයි.
තිරොකුඩ‍්ඩං තිරොපාකාරං තිරොපබ‍්බතං අසජ‍්ජමානො ගච‍්ඡති සෙය්‍යථාපි ආකාසෙති පකතියා. ආකාසකසිණසමාපත‍්තියා ලාභී හොති තිරොකුඩ‍්ඩං තිරොපාකාරං තිරොපබ‍්බතං ආවජ‍්ජති, ආවජ‍්ජිත්‍වා ඤාණෙන අධිට‍්ඨාති ‘ආකාසො හොතූ’ති ආකාසො හොති. තිරොකුඩ‍්ඩං තිරොපාකාරං තිරොපබ‍්බතං අසජ‍්ජමානො ගච‍්ඡති යථා මනුස‍්සා පකතියා අනිද‍්ධිමන‍්තො කෙනචි අනාවටෙ අපරික‍්ඛිත‍්තෙ අසජ‍්ජමානා ගච‍්ඡන‍්ති එවමෙව සො ඉද‍්ධිමා චෙතොවසිප‍්පත‍්තො තිරොකුඩ‍්ඩං තිරොපාකාරං තිරොපබ‍්බතං අසජ‍්ජමානො ගච‍්ඡති, සෙය්‍යථාපි ආකාසෙ.
තිරොකුඩ්ඩං තිරෝපාකාරං තිරොපබ්බතං අසජ්ජමානෝ ගච්ඡති සෙය්‍යථාපි ආකාසෙ යනු: පියවින් අකාසකසිණ සමාපත්තිය ලබනසුලු වෙයි. බිත්හි පරභාගය පවුරෙහි පරභාගය පර්‍වතයෙහි පරභාගය අවර්‍ජනා කෙරෙයි, අවර්‍ජනා කොට ‘ආකාශය වේවයි’ ඥානයෙන් අධිෂ්ඨාන කෙරෙයි, හේ ආකාශ වෙයි. බිත්හි පරභාගයට පවුරෙහි පරභාගයට පර්‍වතයෙහි පරභාගයට නො පැකිළ යෙයි යම්සේ මිනිස්සු පියවින් ඍද්ධිමත් නො වූවාහු කිසිවකින් අනාවෘත අපරික්‍ෂිප්ත තැනැ නො පැකිළ යෙත් ද එපරිද්දෙන් මැ ඒ චේතෝවශීප්‍රාප්ත ඍද්ධිමත් තෙමේ බිත්හි පරභාගයට පවුරෙහි පරභාගයට පර්‍වතයෙහි පරභාගයට අහස්හි සෙයින් නො පැකිළ යෙයි.
පඨවියාපි උම‍්මුජ‍්ජනිමුජ‍්ජං කරොති සෙය්‍යථාපි උදකෙති පකතියා ආපොකසිණසමාපත‍්තියා ලාභී හොති, පඨවිං ආවජ‍්ජති, ආවජ‍්ජිත්‍වා ඤාණෙන අධිට‍්ඨාති උදකං හොතූ’ති උදකං හොති. සො පඨවියා උම‍්මුජ‍්ජනිමුජ‍්ජං කරොති. යථා මනුස‍්සා පකතියා අනිද‍්ධිමන‍්තො උදකෙ උම‍්මුජ‍්ජනිමුජ‍්ජං කරොන‍්ති. එවමෙව සො ඉද‍්ධිමා චෙතොවසිප‍්පත‍්තො පඨවියා උම‍්මුජ‍්ජනිමුජ‍්ජං කරොති සෙය්‍යථාපි උදකෙ
පඨවියාපි උම්ඹුජ්ජ නිඹුජ්ජං කරෝති සෙය්‍යථාපි උදකෙ යනු: පියවින් ආපෝකසිණසමාපත්තිය ලබනසුලු වෙයි. පෘථිවිය අවර්‍ජනා කෙරෙයි, අවර්‍ජනා කොට ‘දිය වේවයි’ ඥානයෙන් අධිෂ්ඨාන කෙරෙයි, හේ දිය වෙයි, හේ පෘථිවියෙහි නැඟීම ගැලීම කෙරෙයි යම්සේ මිනිස්සු පියවින් ඍද්ධි නැතියාහු දියෙහි නැඟීම ගැලීම කෙරෙත් ද එපරිද්දෙන් මැ හේ චේතෝවශීප්‍රාප්ත වූ ඍද්ධිමත් තෙමේ පොළොව්හි දියෙහි සෙයින් නැඟීම ගැලීම කෙරෙයි.
උදකෙපි අභිජ‍්ජමානෙ ගච‍්ඡති සෙය්‍යථාපි පඨවියන‍්ති පකතියා පඨවිකසිණමාපත‍්තියා ලාභී හොති, උදකං ආවජ‍්ජති, ආවජ‍්ජිත්‍වා ඤාණෙන අධිට‍්ඨාති ‘පඨවී හොතූ’ති පඨවී හොති. සො අභිජ‍්ජමානෙ උදකෙ ගච‍්ඡති යථා මනුස‍්සා පකතියා අනිද‍්ධිමන‍්තො අභිජ‍්ජමානාය පඨවියා ගච‍්ඡන‍්ති. එවමෙව සො ඉද‍්ධිමා චෙතොවසිප‍්පත‍්තො අභිජ‍්ජමානෙ උදකෙ ගච‍්ඡති සෙය්‍යථාපි පඨවියං.
උදකෙපි අභිජ්ජමානේ ගච්ඡති සෙය්‍යථාපි පඨවියං යනු: පියවින් පළවිකිසුණුසමවත් ලබනසුලු වෙයි. දිය ආවර්‍ජනා කෙරෙයි. අවර්‍ජනා කොට ‘පොළොව් වේවයි’ නුවණින් ඉටයි, හේ පොළොව් වෙයි, හේ නො බිඳෙන දියෙහි යෙයි. යම්සේ මිනිස්සු පියවින් ඍද්ධි නැතියාහු නො බිඳෙන පොළොව්හි යෙත් ද එසෙයින් මැ ඒ චේතෝවශීප්‍රාප්ත වූ ඍද්ධිමත් තෙමේ නො බිඳෙන දියෙහි පොළොවෙහි සෙයින් යේ.
ආකාසෙපි පල්ලඞ්කෙන කමති සෙය්‍යථාපි පක‍්ඛී සකුණොති පකතියා පඨවිකසිණසමාපත‍්තියා ලාභී හොති. ආකාසං ආවජ‍්ජති, ආවජ‍්ජිත්‍වා ඤාණෙන අධිට‍්ඨාති. ‘පඨවී හොතූති පඨවී හොති. සො ආකාසෙ අන‍්තලික‍්ඛෙ චඞ‍්කමතිපි තිට‍්ඨතිපි නිසීදතිපි සෙය්‍යම‍්පි කප‍්පෙති, යථා මනුස‍්සා පකතියා අනිද‍්ධිමන‍්තො පඨවියා චඞ‍්කමන‍්තිපි තිට‍්ඨන‍්තිපි නිසීදන‍්තිපි සෙය්‍යම‍්පි කප‍්පෙන‍්ති, එවමෙව සො ඉද‍්ධිමා චෙතොවසිප‍්පත‍්තො ආකාසෙ අන‍්තලික‍්ඛෙ චඞ‍්කමතිපි තිට‍්ඨතිපි නිසීදතිපි සෙය්‍යම‍්පි කප‍්පෙති සෙය්‍යථාපි පක‍්ඛීසකුණො.
ආකාසෙපි පල්ලඞ්කෙන කමති සෙය්‍යථාපි පක්ඛී සකුණො යනු: පියවින් පළවිකිසුණුසමවත් ලබනසුලු වෙයි, ආකාශය ආවර්‍ජනා කෙරෙයි, ආවර්‍ජනා කොට ‘පොළොව් වේවයි’ නුවණින් ඉටයි. හේ පොළොව වෙයි. හේ අහස්හි අන්තරීක්‍ෂයෙහි සක්මන් කෙරෙයි සිටියි හිඳියි හෙවීමුදු කෙරෙයි, යම්සේ මිනිස්සු පියවින් ඍද්ධි නැතියාහු පොළොව්හි සක්මන් කෙරෙත් ද සිටිත් ද හිඳිත් ද හෙවීමුදු කෙරෙත් ද එසෙයින් මැ ඒ සිත් විසීබවට පැමිණි ඉදුහ ඇත්තේ පියා ඇති ලිහිණියකු සෙයින් අහස්හි අන්තරීක්‍ෂයෙහි සක්මනුදු කෙරෙයි සිටියි හිඳියි හෙවීමුදු කෙරේ.
ඉමෙ චන්‍දිමසුරියෙ එවං මහිද්ධිකෙ එවං මහානුභාවෙ පාණිනා පරාමසති පරිමජ‍්ජතීති ඉධ සො ඉද‍්ධිමා චෙතොවසිප‍්පත‍්තො නිසින‍්නකො වා නිපන‍්නකො වා චන්‍දිමසුරියෙ ආවජ‍්ජති, ආවජ‍්ජිත්‍වා ඤාණෙන අධිට‍්ඨාති: ‘හත්‍ථපාසෙ හොතූ’ති හත්‍ථපාසෙ හොති, සො නිසින‍්නකො වා චන්‍දිමසුරියෙ පාණිනා ආමසති පරාමසති පරිමජ‍්ජති, යථා මනුස‍්සා පකතියා අනිද‍්ධිමන‍්තො කිඤ‍්චිදෙව රූපගතං හත්‍ථපාසෙ ආමසතීති පරාමසන‍්ති පරිමජ‍්ජන‍්ති. එවමෙව සො ඉද‍්ධිමා චෙතොවසිප‍්පත‍්තො නිසින‍්නකො වා නිපන‍්නකො වා චන්‍දිමසුරියෙ පාණිනා ආමසති පරාමසති පරිමජ‍්ජති.
ඉමෙපි චන්‍දිමසූරියෙ එවං මහිද්ධිකෙ එවං මහානුභාවෙ පාණිනා පරාමසති පරිමජ්ජති යනු: මෙ සස්නෙහි ඒ සිත්විසීපත් ඉදුහ ඇතියේ හුන්නේ වේවයි හොත්තේ වේවයි සඳහිරු දෙදෙන අවර්‍ජනා කෙරෙයි, ආවර්‍ජනා කොට ‘අත්පසැ වේව’යි නුවණින් ඉටයි, අත්පසැ වෙයි. හෙතෙම හුන්නේ වේව’යි හොත්තේ වේව’යි සඳහිරු දෙදෙන අතින් ආමර්‍ශ කෙරෙයි පරාමර්‍ශ කෙරෙයි පරිමාර්‍ජන කෙරෙයි. යම්සේ මිනිස්සු පියවින් ඍද්ධි නැතියාහු අත්පසැ කිසි කවර රූපයක් ආමර්‍ශ පරාමර්‍ශ කෙරෙයි පරිමාර්‍ජන කෙරෙත් ද එසෙයින් මැ ඒ සිත්විසීපත් ඉදුහ ඇත්තේ හුන්නේ වේවයි හොත්තේ වේවයි සඳහිරු දෙදෙන අතින් ආමර්‍ශ පරාමර්‍ශ පරිමාර්‍ජන කෙරේ.
යාව බ්‍රහ‍්මලොකාපි කායෙන වසං වත‍්තෙතීති සචෙ සො ඉද‍්ධිමා චෙතොවසිප‍්පත‍්තො බ්‍රහ‍්මලොකං ගන‍්තුකාමො හොති, දූරෙපි සන‍්තිකෙ අධිට‍්ඨාති: ‘සන‍්තිකෙ හොතූ’ති, සන‍්තිකෙ හොති, සන‍්තිකෙපි දූරෙ අධිට‍්ඨාති ‘දූරෙ හොතූ’ති දූරෙ හොති. බහුකම‍්පි ථොකං අධිට‍්ඨාති ථොකං හොතූ’ති. ථොකං හොති. ථොකම‍්පි බහුකං අධිට‍්ඨාති බහුකං හොතූ’ති බහුකං හොති. දිබ‍්බෙන චක‍්ඛුනා තස‍්සා බ්‍රහ‍්මුනො රූපං පස‍්සති, දිබ‍්බාය සොතධාතුයා තස‍්සා බ්‍රහ‍්මුනො සද‍්දං සුණාති, චෙතොපරියඤාණෙන තස‍්ස බ්‍රහ‍්මුනො චිත‍්තං පජානාති; සචෙ සො ඉද‍්ධිමා චෙතොවසිප‍්පත‍්තො දිස‍්සමානෙන කායෙන බ්‍රහ‍්මලොකං ගන‍්තුකාමො හොති, කායවසෙන චිත‍්තං පරිනාමෙති, කායවසෙන චිත‍්තං අධිට‍්ඨාති. කායවසෙන චිත‍්තං පරිනාමෙත්‍වා කායවසෙන චිත‍්තං අධිට‍්ඨහිත්‍වා සුඛසඤ‍්ඤඤ‍්ච ලහුසඤ‍්ඤඤ‍්ච ඔක‍්කමිත්‍වා දිස‍්සමානෙන කායෙන බ්‍රහ‍්මලොකං ගච‍්ඡති. සචෙ සො ඉද‍්ධිමා චෙතොවසිප‍්පත‍්තො අදිස‍්සමානෙන කායෙන බ්‍රහ‍්මලොකං ගන‍්තුකාමො හොති, චිත‍්තවසෙන කායං පරිනාමෙති, චිත‍්තවසෙන කායං අධිට‍්ඨාති. චිත‍්තවසෙන කායං පරිනාමෙත්‍වා චිත‍්තවසෙන කායං අධිට‍්ඨහිත්‍වා සුඛසඤ‍්ඤඤ‍්ච ලහුසඤ‍්ඤඤ‍්ච ඔක‍්කමිත්‍වා අදිස‍්සමානෙන කායෙන බ්‍රහ‍්මලොකං ගච‍්ඡති. සො තස‍්ස බ්‍රහ‍්මුනො පුරතො රූපං අභිනිම‍්මිනාති මනොමයං සබ‍්බඞ‍්ගපච‍්චඞ‍්ගං අහීනින්‍ද්‍රියං සචෙ සො ඉද‍්ධිමා චඞ‍්කමති, නිම‍්මිතොපි තත්‍ථ චඞ‍්කමති, සචෙ සො ඉද‍්ධිමා තිට‍්ඨති, නිම‍්මිතොපි තත්‍ථ තිට‍්ඨති, සචෙ සො ඉද‍්ධිමා නිසීදති, නිම‍්මිතොපි තත්‍ථ නිසීදති. සචෙ සො ඉද‍්ධිමා සෙය්‍යං කප‍්පෙති, නිම‍්මිතොපි තත්‍ථ සෙය්‍යං කප‍්පෙති, සචෙ සො ඉද‍්ධිමා ධූමායති, නිම‍්මිතොපි තත්‍ථ ධූමායති, සචෙ සො ඉද‍්ධිමා පජ‍්ජලති. නිම‍්මිතොපි තත්‍ථ පජ‍්ජලති. සචෙ සො ඉද‍්ධිමා ධම‍්මං භාසති, නිම‍්මිතොපි තත්‍ථ ධම‍්මං භාසති. සචෙ සො ඉද‍්ධිමා පඤ‍්හං පුච‍්ඡති, නිම‍්මිතොපි තත්‍ථ පඤ‍්හං පුච‍්ඡති. සචෙ සො ඉද‍්ධිමා පඤ‍්හං පුට‍්ඨො විස‍්සජ‍්ජෙති, නිම‍්මිතොපි තත්‍ථ පඤ‍්හං, පුට‍්ඨො විස‍්සජ‍්ජෙති සචෙ සො අද‍්ධිමා තෙන බ්‍රහ‍්මුනා සද‍්ධිං සන‍්තිට‍්ඨති සල‍්ලපති සාකච‍්ඡං සමාපජ‍්ජති, නිම‍්මිතොපි තත්‍ථ තෙන බ්‍රහ‍්මුනා සද‍්ධිං සන‍්තිට‍්ඨති සල‍්ලපති සාකච‍්ඡං සමාපජ‍්ජති. යඤ‍්ඤදෙව සො ඉද‍්ධිමා කරොති, තංතදෙව හි සො නිම‍්මිතො කරොතීති. අයං අධිට‍්ඨානා ඉද‍්ධි.
යාව බ්‍රහ්මලෝකාපි කායේන වසං වතෙත්තී යනු: ඉදින් ඒ සිත්විසීපත් ඍද්ධි ඇත්තේ බඹලොවට යනු කැමැති වෙයි, දුරුදු වුව ‘වැළැත් වේව’යි ඉටයි, හේ වැළැත් වෙයි, වැළැතුදු වුව ‘දුරැ වේව’යි ඉටයි, හේ දුරැ වෙයි. බොහෝ ද වුව ‘මඳ වේව’යි ඉටයි හේ මඳ වෙයි. මඳ ද වුව, බොහෝ වේව’යි ඉටයි හේ බොහෝ වෙයි, දිවඇසින් ඒ බඹහුගේ රූපය බලයි, දිවසෝධයින් ඒ බඹහුගේ හඬ අසයි. පරසිත්දන්නා නුවණින් ඒ බඹහුගේ සිත දැනගනියි. ඉඳින් ඒ සිත්විසීපත් ඉදුහ ඇත්තේ පැනෙන සිරිරින් බඹලෙව් යාටි වේ නම් කාය වශයෙන් සිත පිරිනමයි කාය වසයෙන් සිත ඉටයි. කා විසින් සිත පිරිනමා කා විසින් සිත ඉටා සුඛසංඥාවට ද ලඝුසංඥාවට ද බැසැගෙන පැනෙන සිරිරින් බඹලොවට යෙයි. ඉදින් ඒ සිත් විසීපත් ඍද්ධි ඇත්තේ නො පැනෙන සිරිරින් බඹලොවට යාටි වේ නම් චිත්ත වසයෙන් කය පිරිනමයි, චිත්ත වසයෙන් කය ඉටයි. චිත්ත වසයෙන් කය පිරිනමා චිත්ත වසයෙන් කය ඉටා සුඛසංඥාවට ද ලඝුසංඥාවට ද බැසැගෙන නො පැනෙන සිරිරින් බඹලොවට යෙයි. හේ ඒ බඹහු ඉදිරියෙහි සියලු අඟපසඟ ඇති නො පිරිහුන් ඉඳුරන් ඇති මනෝමයරූපයක් නිර්‍මාණය කෙරෙයි. ඉදින් ඒ ඍද්ධි ඇත්තේ සක්මන් කෙරේ නම් නිර්මිත වූයේ ද එහි සක්මන් කෙරෙයි. ඉදින් ඒ ඍද්ධි ඇත්තේ සිටී නම් නිර්මිත වූයේ ද එහි සිටී. ඉදින් ඒ ඍද්ධි ඇත්තේ හිදි නම් නිර්මිත වූයේ ද එහි හිදි. ඉදින් ඒ ඍද්ධි ඇත්තේ යහන්හි හොවී නම් නිර්මිත වූයේ ද එහි යහන්හි හොවී. ඉදින් ඒ ඍද්ධි ඇත්තේ දුමා නම් නිර්මිත වූයේ ද එහි දුමයි. ඉදින් ඒ ඍද්ධි ඇත්තේ දිලියේ නම් නිර්මිත වූයේ ද එහි දිලියෙයි. ඉදින් ඒ ඍද්ධි ඇත්තේ බෙණේ නම් නිර්මිත වූයේ ද එහි බෙණෙයි. ඉදින් ඒ ඍද්ධි ඇත්තේ පැන පුළුවුසි නම් නිර්මිත වූයේ ද එහි පැන පුළුවුස්සි. ඉදින් ඒ ඍද්ධි ඇත්තේ පැන පුළුවුස්නාලද්දේ විසඳා නම් නිර්මිත වූයේ ද එහි පැන පුළුවුස්නාලද්දේ විසඳයි. ඉඳින් ඒ ඍද්ධි ඇත්තේ ඒ බඹුන් හා සමග එක් වැ සිටී නම් සංලාප කෙරෙ නම් සාකච්ඡාවට පැමිණේ නම් නිර්මිත වූයේ ද එහි ඒ බඹුන් හා සමඟ එක් වැ සිටී. සංලාප කෙරෙයි. සාකච්ඡාවට පැමිණෙයි. ඒ ඍද්ධි ඇත්තේ යමක් යමක් මැ කෙරේ නම් ඒ නිර්මිත වූයේ ඒ ඒ දැය මැ කෙරේ නු’යි මේ අධිෂ්ඨානඍද්ධි නම.
කතමා විකුබ‍්බනා ඉද‍්ධි: සිඛිස‍්ස භගවතො අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස අභිභූ නාම සාවකො බ්‍රහ‍්මලොකෙ ඨිතො සහස‍්සීලොකධාතුං සරෙන විඤ‍්ඤාපෙසි. සො දිස‍්සමානෙනපි කායෙන ධම‍්මං දෙසෙසි, අදිස‍්සමානෙනපි කායෙන ධම‍්මං දෙසෙසි, දිස‍්සමානනෙපි හෙට‍්ඨිමෙන උපඩ‍්ඪකායෙන අදිස‍්සමානෙනපි උපරිමෙන උපඩ‍්ඪකායෙන ධම‍්මං දෙසෙසි, දිස‍්සමානෙනපි උපරිමෙන උපඩ‍්ඪකායෙන අදිස‍්සමානෙනපි හෙට‍්ඨිමෙන. උපඩ‍්ඪකායෙන ධම‍්මං දෙසෙසි. සො පකතිවණ‍්ණං විජහිත්‍වා කුමාරවණ‍්ණං වා දස‍්සෙති, නාගවණ‍්ණං වා දස‍්සෙති, සුපණ‍්ණවණ‍්ණං වා දස‍්සෙති, යක‍්ඛවණ‍්ණං වා දස‍්සෙති, අසුරවණ‍්ණං වා දස‍්සෙති, ඉන්‍දවණ‍්ණං වා දස‍්සෙති, දෙවවණ‍්ණං වා දස‍්සෙති, බ්‍රහ‍්මවණ‍්ණං වා දස‍්සෙති, සමුද‍්දවණ‍්ණං දස‍්සෙති, පබ‍්බතවණ‍්ණං වා දස‍්සෙති, වනවණ‍්ණං වා දස‍්සෙති, සීහවණ‍්ණං වා දස‍්සෙති, ව්‍යග‍්ඝවණ‍්ණං වා දස‍්සෙති, දිපිවණ‍්ණං වා දස‍්සෙති, හත්‍ථම‍්පි දස‍්සෙති, අස‍්සම‍්පි දස‍්සෙති, රථම‍්පි දස‍්සෙති, පත‍්තිම‍්පි දස‍්සෙති, විවිධම‍්පි සෙනාබ්‍යුහං දස‍්සෙතීති. අයං විකුබ‍්බනා ඉද‍්ධි.
විකුර්‍වණඍද්ධි නම් කවර යත්: සිඛී නම් වූ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන්ගේ අභිභූ නම් ශ්‍රාවක තෙම බඹලොව්හි සිටියේ සහස්‍රීලෝකධාතුව ස්වරයෙන් විඥාපනය කෙළේ යැ හේ පැනෙන සිරුරිනුදු යුතු වැ දහම් දෙසී, නො පැනෙන සිරුරිනුදු යුතු වැ දහම් දෙසී, පැනෙන යටි අඞකයිනුදු නො පැනෙන උඩු අඞකයිනුදු යුතු වැ දහම් දෙසී, පැනෙන උඩු අඞකයිනුදු නො පැනෙන යටි අඞකයිනුදු යුතු වැ දහම් දෙසී. හේ පියවි පැහැසටහන් හැරපියා කුමරසටහන් හෝ දක්වයි, සප්සටහන් හෝ දක්වයි. ගුරුළුසටහන් හෝ දක්වයි, යක්සටහන් හෝ දක්වයි, අසුර සටහන් හෝ දක්වයි, සක්සටහන් හෝ දක්වයි, දෙවිසටහන් හෝ දක්වයි, බඹසටහන් හෝ දක්වයි, මුහුදුසටහන් හෝ දක්වයි, පවුසටහන් හෝ දක්වයි, අරනසටහන් හෝ දක්වයි, සිහසටහන් හෝ දක්වයි, වගසටහන් හෝ දක්වයි, දිවිසටහන් හෝ දක්වයි, ඇතකුදු දක්වයි, අසකුදු දක්වයි, රියදු පාබළ දු දක්වයි, නොයෙක් සෙන්මුළුදු දක්වා නු’යි මේ විකුර්‍වණඍද්ධි නම.
කතමා මනොමයා ඉද‍්ධි: භික‍්ඛු ඉමම‍්හා කායා අඤ‍්ඤං කායං අභිනිම‍්මිනාති රූපිං මනොමයං සබ‍්බඞ‍්ගපච‍්චඞ‍්ගං අහීනින්‍ද්‍රියං, සෙය්‍යථාපි පුරිසො මුඤ‍්ජම‍්හා ඊසිකං පවාහෙය්‍ය, තස‍්ස එවමස‍්ස: ‘අයං මුඤ‍්ජො අයං ඊසිකා, අඤ‍්ඤො මුඤ‍්ජො අඤ‍්ඤා ඊසිකා, මුඤ‍්ජම‍්හා ත්‍වෙව ඊසිකා පවාළ‍්හා’ති සෙය්‍යථා වා පන පුරිසො අසිං කොසියා පවාහෙය්‍ය, තස‍්ස එවමස‍්ස: අයං අසි, අයං කොසි. අඤ‍්ඤො අසි, අඤ‍්ඤා කොසි. කොසියා ත්‍වෙව අසි පවාළ‍්හො’ති. සෙය්‍යථා වා පන පුරිසො අහිං කරණ‍්ඩා උද‍්ධරෙය්‍ය, තස‍්ස එවමස‍්ස: ‘අයං අහි, අයං කරණ‍්ඩො, අඤ‍්ඤො අහි, අඤ‍්ඤො කරණ‍්ඩො. කරණ‍්ඩා ත්‍වෙව අහි උබ‍්භතො’ති. එවමෙව භික‍්ඛු ඉමම‍්හා කාය අඤ‍්ඤං කායං අභිනිම‍්මිනාති රූපිං මනොමයං සබ‍්බඞ‍්ගපච‍්චඞ‍්ගං අහීනින්‍ද්‍රියං. අයං මනොමයා ඉද‍්ධි.
මනෝමය ඍද්ධි නම් කවර යත්: මෙ සසෙනෙහි මහණ මෙ කයින් රූපී වූ මනෝමය වූ සියලු අඟපසඟ ඇති නො පිරිහුන් ඉඳුරන් ඇති අනිත් කයක් නිර්‍මාණය කෙරෙයි, යම්සේ පුරුෂයෙක් මෘදුතෘණයෙන් කඩ (ගොබය) අදනේ නම් ඔහට මෙබඳු සිතෙක් වන්නේ යැ: ‘මේ මෘදු තෘණ යැ මේ කඬ යැ මෘදුතෘණය අනෙකෙක, කඬ අනෙකෙකි. මෘදු තෘණයෙන් මැ කඩ අදනාලදැ’යි. තවද යම්සේ හෝ පුරුෂයෙක් කඩුව කොපුවෙන් අදනේ නම් ඔහට මෙබඳු සිතෙක් වන්නේ යැ: මේ කඩුව ය මේ කොපුව යැ. කඩුව අනෙකෙක, කොපුව අනෙකෙකි. කොපුවෙන් මැ කඩුව අදනාල දැ’යි. තවද යම්සේ හෝ පුරුෂයෙක් සර්‍පයකු නිර්‍මොක (සැව) යෙන් නඟන්නේ නම් (සර්‍පයා තමා මැ සැව නඟනු පුරුෂ තෙම සිතින් ගෙනැ’යි යූ සේ යි) ඔහට මෙබඳු සිතෙක් වන්නේ යැ: ‘මේ සර්‍ප යැ මේ නිර්‍මොක යැ සර්‍පයා අනෙකක, නිර්‍මොකය අනෙකෙකි. නිර්‍මොකයෙන් මැ සර්‍පයා නඟනලදැ’යි. එසෙයින් මැ මහණ තෙම මෙ කයින් රූපී වූ මනෝමය වූ සියලු අඟපසඟ ඇති නො පිරිහුන් ඉඳුරන් ඇති අනිත් කයක් නිර්‍මාණය කෙරෙයි. මේ මනෝමය ඍද්ධි නමි.
කතමා ඤාණවිප‍්ඵාරා ඉද‍්ධි අනිච‍්චානුපස‍්සනාය නිච‍්චසඤ‍්ඤාය පහානට‍්ඨො ඉජ‍්ඣතීති ඤාණවිප‍්ඵාරා ඉද‍්ධි. දුක‍්ඛානුපස‍්සනාය සුඛසඤ‍්ඤාය -පෙ- අනත‍්තානුපස‍්සනාය අත‍්තසඤ‍්ඤාය -පෙ- නිබ‍්බිදානුපස‍්සනාය නන්‍දියා -පෙ- විරාගානුපස‍්සනාය රාගස‍්ස -පෙ- නිරොධානුපස‍්සනාය සමුදයස‍්ස -පෙ- පටිනිස‍්සග‍්ගානුපස‍්සනාය ආදීනවස‍්ස පහානට‍්ඨො ඉජ‍්ඣතීති ඤාණවිප‍්ඵාරා ඉද‍්ධි. ආයස‍්මතො බක‍්කුලස‍්ස ඤාණවිප‍්ඵාරා ඉද‍්ධි. ආයස‍්මතො සඞ‍්කිච‍්චස‍්ස ඤාණවිප‍්ඵාරා ඉද‍්ධි. ආයස‍්මතො භූතපාලස‍්ස ඤාණවිප‍්ඵාරා ඉද‍්ධි. අයං ඤාණවිප‍්ඵාරා ඉද‍්ධි.
ඥානවිෂ්ඵාරඍද්ධි නම් කවර යත්: අනිත්‍යානුදර්‍ශනයෙන් නිත්‍යසංඥාවගේ ප්‍රහාණාර්‍ත්‍ථය සිද්ධ වේ නු’යි ඥානවිෂ්ඵාර ඍද්ධි යැ දුඃඛානුදර්‍ශනයෙන් සුඛසංඥාවගේ ... අනාත්මානුදර්‍ශනයෙන් ආත්මසංඥාවගේ ... නිර්වේදානුදර්‍ශනයෙන් නන්‍දියගේ ... විරාගානුදර්‍ශනයෙන් රාගයාගේ ... නිරෝධානුදර්‍ශනයෙන් සමුදයාගේ ... පටිනිස්සග්ගානුපස්සනායෙන් ආදීනවයාගේ ප්‍රහාණාර්‍ත්‍ථය සිද්ධ වේ නු’ යි ඥානවිෂ්ඵාර ඍද්ධි යැ. ආයුෂ්මත් බක්කුලහට ඥානවිෂ්ඵාර ඍද්ධි යැ. ආයුෂ්මත් සඞ්කිච්චහට ඥානවිෂ්ඵාර ඍද්ධි යැ. ආයුෂ්මත් භූතපාලහට ඥානවිෂ්ඵාර ඍද්ධි යැ. මේ ඥානවිෂ්ඵාරඍද්ධි නම.
කතමා සමාධිවිප‍්ඵාරා ඉද‍්ධි: පඨමෙන ඣානෙන නීවරණානං පහානට‍්ඨො ඉජ‍්ඣතීති සමාධිවිප‍්ඵාරා ඉද‍්ධි. දුතියෙන ඣානෙන විතක‍්කවිචාරානං පහානට‍්ඨො ඉජ‍්ඣතීති සමාධිවිප‍්ඵාරා ඉද‍්ධි. තතියෙන ඣානෙන පීතියා පහානට‍්ඨො ඉජ‍්ඣතීති -පෙ- චතුත්‍ථෙන ඣානෙන සුඛදුක‍්ඛානං පහානට‍්ඨො ඉජ‍්ඣතීති -පෙ- ආකාසානඤ‍්චායතනසමාපත‍්තියා රූපසඤ‍්ඤාය පටිඝඤ‍්ඤාය නානත‍්තසඤ‍්ඤාය පහානට‍්ඨො ඉජ‍්ඣතීති -පෙ- විඤ‍්ඤාණඤ‍්චායතනසමාපත‍්තියා ආකාසානඤාචායතනසඤ‍්ඤාය පහානට‍්ඨො ඉජ‍්ඣතීති -පෙ- ආකිඤ‍්චඤ‍්ඤායතනසමාපත‍්තියා විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤාය පහානට‍්ඨො ඉජ‍්ඣතීති -පෙ- සමාධිවිප‍්ඵාරා ඉද‍්ධි. ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස සමාධිවිප‍්ඵාරා ඉද‍්ධි. ආයස‍්මතො සඤ‍්ජීවස‍්ස සමාධිවිප‍්ඵාරා ඉද‍්ධි. ආයස‍්මතො ඛාණුකොණ‍්ඩඤ‍්ඤස‍්ස සමාධිවිප‍්ඵාරා ඉද‍්ධි. උත‍්තරාය උපාසිකාය සමාධිවිප‍්ඵාරා ඉද‍්ධි, සාමාවතියා උපාසිකාය සමාධිවිප‍්ඵාරා ඉද‍්ධි. අයං සමාධිවිප‍්ඵාරා ඉද‍්ධි.
සමාධිවිෂ්ඵාර ඍද්ධි නම් කවර යත්: ප්‍රථමධ්‍යානයෙන් නීවරණයන්ගේ ප්‍රහාණාර්‍ත්‍ථය සිද්ධ වේ නු’යි සමාධිවිෂ්ඵාර ඍද්ධි යැ. ද්විතීය ධ්‍යානයෙන් විතර්‍කවිචාරයන්ගේ ප්‍රහාණාර්‍ත්‍ථය සිද්ධ වේ නු’යි සමාධිවිෂ්ඵාර ඍද්ධි යැ. තෘතීයධ්‍යානයෙන් ප්‍රීතියගේ ප්‍රහාණාර්‍ත්‍ථය සිද්ධ වේ නු’යි ... චතුර්‍ත්‍ථධ්‍යානයෙන් සුඛදුඃඛයන්ගේ ප්‍රහාණාර්‍ත්‍ථය සිද්ධ වේ නු’යි ... ආකාසානඤ්චායතනසමාපත්තියෙන් රූපසංඥාවගේ ප්‍රතිඝසංඥාවගේ නානාත්‍ව සංඥාවගේ ප්‍රහාණාර්‍ත්‍ථය සිද්ධ වේ නු’යි ... විඤ්ඤාණඤ්චායතනසමාපත්තියෙන් ආකාසානඤ්චායතනසංඥාවගේ ප්‍රහාණාර්‍ත්‍ථය සිද්ධ වේ නු’යි ... ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙන් විඥානන්ත්‍යායතනසංඥාවගේ ප්‍රහාණාර්‍ත්‍ථය සිද්ධ වේ නු’යි ... නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියෙන් ආකිඤ්චඤ්ඤායතනසංඥාවගේ ප්‍රහාණාර්‍ත්‍ථය සිද්ධ වේ නු’යි සමාධිවිෂ්ඵාර ඍද්ධි යැ. ආයුෂ්මත් ශාරීපුත්‍රයන්ට සමාධිවිෂ්ඵාර ඍද්ධි යැ. ආයුෂ්මත් සඤ්ජීවයන්ට සමාධි විෂ්ඵාර ඍද්ධි යැ ආයුෂ්මත් ඛාණුකොණ්ඩඤ්ඤයන්ට සමාධිවිෂ්ඵාර ඍද්ධි යැ. උත්තරාඋවැසියට සමාධිවිෂ්ඵාර ඍද්ධි යැ. සමාවතීඋවැසියට සමාධිවිෂ්ඵාර ඍද්ධි යැ. මේ සමාධිවිෂ්ඵාර ඍද්ධි නම.
කතමා අරියා ඉද‍්ධි: ඉධ භික‍්ඛු සචෙ ආකඞ‍්ඛති ‘පටික‍්කූලෙ අප‍්පටික‍්කූලසඤ‍්ඤී විහරෙය්‍ය’න‍්ති, අප‍්පටික‍්කූලසඤ‍්ඤී තත්‍ථ විහරති. සචෙ ආකඞ‍්ඛති අපටික‍්කූලෙ පටික‍්කූලසඤ‍්ඤී විහරෙය්‍ය’න‍්ති, පටික‍්කූලසඤ‍්ඤී තත්‍ථ විහරති. සචෙ ආකඞ‍්ඛති ‘පටික‍්කූලෙ ච අප‍්පටික‍්කූලෙ ච අප‍්පටික‍්කූලසඤ‍්ඤී විහරෙය්‍ය’න‍්ති අප‍්පටික‍්කූලසඤ‍්ඤී තත්‍ථ විහරති. සචෙ ආකඞ‍්ඛති ‘අප‍්පටික‍්කූලෙ ච පටික‍්කූලෙ ච පටික‍්කූලසඤ‍්ඤී විහරෙය්‍ය’න‍්ති පටික‍්කූලසඤ‍්ඤී තත්‍ථ විහරති. සචෙ ආකඞ‍්ඛති ‘පටික‍්කූලෙ ච අප‍්පටික‍්කූලෙ ච තදුභයං අභිනිවජ‍්ජෙත්‍වා උපෙක‍්ඛකො විහරෙය්‍යං සතො සම‍්පජානො’ති උපෙක‍්ඛකො තත්‍ථ විහරති සතො සම‍්පජානො.
ආර්‍ය්‍ය ඍද්ධි නම් කවර යත්: මෙ සස්නෙහි මහණ තෙම ඉදින් ‘ප්‍රතිකූලයෙහි අප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙමී’ කැමැති වී නම් එහි අප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙයි. ඉදින් ‘අප්‍රතිකූලයෙහි ප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙමී’ කැමති වී නම් එහි ප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙයි. ඉදින් ‘ප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙමී’ කැමැති වී නම් එහි අප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙයි. ඉදින් ‘අප්‍රතිකූලයෙහි ද ප්‍රතිකූලයෙහි ද ප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙමී’ කැමැති වී නම් එහි ප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙයි. ඉදින් ප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලයෙහි ද එ දෙක හැරපියා සිහි ඇති වැ සම්‍යග්ඥාන ඇති වැ උපේක්‍ෂක වැ වාසය කෙරෙමී’ කැමැති වී නම් එහි සිහි ඇති වැ සමග්ඥාන ඇති වැ උපේක්‍ෂක වැ වාසය කෙරේ.
කථං පටික‍්කූලෙ අප‍්පටික‍්කූලසඤ‍්ඤී විහරති: අට‍්ඨස‍්මිං වත්‍ථුස‍්මිං මෙත‍්තාය වා එරති, ධාතූතො වා උපසංහරති, එවං පටික‍්කූලෙ අප‍්පටික‍්කූලසඤ‍්ඤී විහරති.
කිසෙයින් ප්‍රතිකූලයෙහි අප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙයි යත්: අනිෂ්ටවස්තුවිෂයෙහි මෙත්සිතින් අරමුණු කෙරෙයි. ධාතු හෙයින් හෝ එළවයි. මෙසෙයින් ප්‍රතිකූලයෙහි අප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙයි.
කථං අප‍්පටික‍්කූලෙ පටික‍්කූලසඤ‍්ඤී විහරති: ඉට‍්ඨස‍්මිං වත්‍ථුස‍්මිං අසුභාය වා එරති, අනිච‍්චතො වා උපසංහරති, එවං අප‍්පටික‍්කූලෙ පටික‍්කූලසඤ‍්ඤී විහරති.
කිසෙයින් අප්‍රතිකූලයෙහි ප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරේ ද යත්: ඉෂ්ටවස්තුවිෂයෙහි අශුභසිතින් හෝ ස්පර්‍ශ කෙරෙයි, අනිත්‍ය හෙයින් හෝ එළවයි, මෙසෙයින් අප්‍රතිකූලයෙහි ප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙයි.
කථං පටික‍්කූලෙ ච අප‍්පටික‍්කූලෙ ච අප‍්පටික‍්කූලසඤ‍්ඤී විහරති: අනිට‍්ඨස‍්මිං ච ඉට‍්ඨස‍්මිං ච වත්‍ථුස‍්මිං මෙත‍්තාය වා එරති, ධාතුතො වා උපසංහරති, එවං පටික‍්කූලෙ ච අප‍්පටික‍්කූලෙ ච අප‍්පටික‍්කූලසඤ‍්ඤී විහරති.
කිසෙයින් ප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරේ ද යත්: අනිෂ්ට වූ ද ඉෂ්ට වූ ද වස්තුවිෂයෙහි මෙත්සිතින් හෝ ස්පර්‍ශ කෙරෙයි, ධාතු හෙයින් හෝ එළවයි. මෙසෙයින් ප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙයි.
කථං අප‍්පටික‍්කූලෙ ච පටික‍්කූලෙ ච පටික‍්කූලසඤ‍්ඤී විහරති: ඉට‍්ඨස‍්මිං ච අනිට‍්ඨස‍්මිං ච වත්‍ථුස‍්මිං අසුභාය වා එරති, අනිච‍්චතො වා උපසංහරති, එවං අප‍්පටික‍්කූලෙ පටික‍්කූලෙ ච පටික‍්කූලසඤ‍්ඤී විහරති.
කිසෙයින් අප්‍රතිකූලයෙහි ද ප්‍රතිකූලයෙහි ද ප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරේ ද යත්: ඉෂ්ට වූ ද අනිෂ්ට වූ ද වස්තුවිෂයෙහි අශුභසිතින් හෝ ස්පර්‍ශ කෙරෙයි, ආනිත්‍ය හෙයින් හෝ එළවයි. මෙසෙයින් අප්‍රතිකූලයෙහි ද ප්‍රතිකූලයෙහි ද ප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙයි.
කථං පටික‍්කූලෙ ච අප‍්පටික‍්කූලෙ ච තදුභයං අභිනිවජ‍්ජෙත්‍වා උපෙක‍්ඛකො විහරති සතො සම‍්පජානො: ඉධ භික‍්ඛු චක‍්ඛුනා රූපං දිස‍්වා නෙව සුමනො හොති න දුම‍්මනො, උපෙක‍්ඛකො විහරති සතො සම‍්පජානො. සොතෙන සද‍්දං සුත්‍වා -පෙ- ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා -පෙ- ජිව‍්හාය රසං සායිත්‍වා -පෙ- කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා -පෙ- මනසා ධම‍්මං විඤ‍්ඤාය නෙව සුමනො හොති න දුම‍්මනො, උපෙක‍්ඛකො විහරති සතො සම‍්පජානො. එවං පටික‍්කූලෙ ච අප‍්පටික‍්කූලෙ තදුභයං අභිනිවජ‍්ජෙත්‍වා උපෙක‍්ඛකො විහරති සතො සම‍්පජානො. අයං අරියා ඉද‍්ධි.
කිසෙයින් ප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලයෙහි ද එ දෙක හැරපියා සිහි ඇති වැ සම්‍යග්ඥාන ඇති වැ උපේක්‍ෂක වැ වාසය කෙරෙයි යත්: මෙසස්නෙහි ක්‍ෂීණාස්‍රව මහණ ඇසින් රූපය දැක නො මැ සොම්නස් ඇති වෙයි, නො මැ දොම්නස් ඇතිවෙයි. සිහි ඇතියේ සම්‍යග්ඥාන ඇතියේ උපේක්‍ෂක වැ වාසය කෙරෙයි. කනින් හඬ අසා ... නැහැයෙන් ගඳ අසා ... දිවින් රස විඳ ... කයින් පැහැසියයුතු පැහැස ... මනසින් දහම් දැන නො මැ සොම්නස් ඇති වෙයි. නො මැ දොම්නස් ඇති වෙයි, සිහි ඇතියේ සම්‍යග්ඥාන ඇතියේ උපේක්‍ෂක වැ වාසය කෙරෙයි. මෙසෙයින් ප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලයෙහි ද එ දෙක හැරපියා සිහි ඇතියේ සම්‍යග්ඥාන ඇතියේ උපේක්‍ෂක වැ වාසය කෙරේ. මේ ආර්‍ය්‍යඍද්ධි නම.
කතමා කම‍්මවිපාකජා ඉද‍්ධි: සබ‍්බෙසං පක‍්ඛීනං සබ‍්බෙසං දෙවානං එකච‍්චානං මනුස‍්සානං එකච‍්චානං විනිපාතිකානං. අයං කම‍්මවිපාකජා ඉද‍්ධි.
කර්‍මවිපාකජ ඍද්ධි නම් කවර යත්: හැම ළිහිණියන්ට හැම දෙවියන්ට ඇතැම් මිනිසුනට ඇතැම් විනිපාතිකයනට, මේ කර්‍මවිපාකජ ඍද්ධි නම.
කතමා පුඤ‍්ඤවතො ඉද‍්ධි: චක‍්කවත‍්තී වෙහාසං ගච‍්ඡති සද‍්ධිං චතුරඞ‍්ගිනියා සෙනාය අන‍්තමසො අස‍්සබන්‍ධගොබන්‍ධපුරිසෙ උපාදාය, ජොතියස‍්ස ගහපතිස‍්ස පුඤ‍්ඤවතො ඉද‍්ධි’ ජටිලස‍්ස ගහපතිස‍්ස පුඤ‍්ඤවතො ඉද‍්ධි, මෙණ‍්ඩකස‍්ස ගහපතිස‍්ස පුඤ‍්ඤවතො ඉද‍්ධි, ඝොසිතස‍්ස ගහපතිස‍්ස පුඤ‍්ඤවතො ඉද‍්ධි, පඤ‍්චන‍්නං මහාපුඤ‍්ඤානං පුඤ‍්ඤවතො ඉද‍්ධි. අයං පුඤ‍්ඤවතො ඉද‍්ධි.
පින්වත්හුගේ ඍද්ධි නම් කවර යත්, සක්විතිරජ සියුරඟසෙන් හා සමග යටත්පිරිසෙයින් අස්පලු ගොපලු පුරුෂයන් දක්වා ගෙන අහස්හි යෙයි. ජෝතිය ගැහැවිහට පින්වත්හුගේ ඍද්ධි යැ, ජටිල ගැහැවිහට පින්වත්හුගේ ඍද්ධි යැ, මෙණ්ඩක ගැහැවිහට පින්වත්හුගේ ඍද්ධි යැ, ඝෝෂිත ගැහැවිහට පින්වත්හුගේ ඍද්ධි යැ, මහපිනැති පස්දෙනහට පින්වත්හුගේ ඍද්ධි යැ මේ පින්වත්හුගේ ඍද්ධි නම.
කතමා විජ‍්ජාමයා ඉද‍්ධි: විජ‍්ජාධරා විජ‍්ජං පරිජපෙත්‍වා වෙහාසං ගච‍්ඡන‍්ති, ආකාසෙ අන‍්තලික‍්ඛෙ හත්‍ථිම‍්පි දස‍්සෙන‍්ති, අස‍්සම‍්පි දස‍්සෙන‍්ති, රථම‍්පි දස‍්සෙන‍්ති, පත‍්තිම‍්පි දස‍්සෙන‍්ති, විවිධම‍්පි සෙනාබ්‍යුහං දස‍්සෙන‍්ති, අයං විජ‍්ජාමයා ඉද‍්ධි.
විද්‍යාමය ඍද්ධි නම් කවර යත්: විද්‍යාධරයෝ මතුරු දපා අහස්හි යෙති, අහස්හි අන්තරීක්‍ෂයෙහි ඇතකුදු දක්වති, අසකුද දක්වති, රිය දු දක්වති, පාබළ දු දක්වති, නොයෙක් සෙන්මුළු දක්වත්. මේ විද්‍යාමය ඍද්ධි නම.
කතං තත්‍ථ තත්‍ථ සම‍්මා පයොගපච‍්චයා ඉජ‍්ඣනට‍්ඨෙන ඉද‍්ධි: නෙක‍්ඛම‍්මෙන කාමච‍්ඡන්‍දස‍්ස පහානට‍්ඨො ඉජ‍්ඣතීති සම‍්මාපයොගපච‍්චයා ඉජ‍්ඣනට‍්ඨෙන ඉද‍්ධි. අබ්‍යාපාදෙන බ්‍යාපාදස‍්ස පහානට‍්ඨො ඉජ‍්ඣතීති තත්‍ථ තත්‍ථ සම‍්මා පයොගපච‍්චයා ඉජ‍්ඣනට‍්ඨෙන ඉද‍්ධි -පෙ- අරහත‍්ත මග‍්ගෙන සබ‍්බකිලෙසානං පහානට‍්ඨො ඉජ‍්ඣතීති තත්‍ථ තත්‍ථ සම‍්මාපයොග පච‍්චයා ඉජ‍්ඣනට‍්ඨෙන ඉද‍්ධි. එවං තත්‍ථ තත්‍ථ සම‍්මා පයොගපච‍්චයා ඉජ‍්ඣනට‍්ඨෙන ඉද‍්ධි. ඉමා දස ඉද‍්ධියො.
කිසෙයින් ඒ ඒ ධර්‍මයෙහි සම්‍යක්ප්‍රයෝග හේතුයෙන් සිද්ධ වන අර්‍ත්‍ථයෙන් ඍද්ධි වෙයි යත්: නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්‍දයාගේ ප්‍රහාණාර්‍ත්‍ථය සිද්ධ වේ නු’ යි ඒ ඒ ධර්‍මයෙහි සම්‍යක්ප්‍රයෝග හේතුයෙන් සිද්ධ වන අර්‍ත්‍ථයෙන් ඍද්ධි යැ. අව්‍යාපාදයෙන් ව්‍යාපාදයාගේ ප්‍රහාණාර්‍ත්‍ථය සිද්ධ වේ නු’ යි ඒ ඒ ධර්‍මයෙහි සම්‍යක්ප්‍රයෝග හේතුයෙන් සිද්ධ වන අර්‍ත්‍ථයෙන් ඍද්ධි යැ ... රහත් මගින් හැම කෙලෙසුන්ගේ ප්‍රහාණාර්‍ත්‍ථය සිද්ධ වේ නු’යි ඒ ඒ ධර්‍මයෙහි සම්‍යක්ප්‍රයෝග හේතුයෙන් සිද්ධ වන අර්‍ත්‍ථයෙන් ඍද්ධි යැ. මෙසෙයින් ඒ ඒ ධර්‍මයෙහි සම්‍යක්ප්‍රයෝග හේතුයෙන් සිද්ධ වන අර්‍ත්‍ථයෙන් ඍද්ධි නමි. මොහු දශඍද්ධිහු වෙත්.
ඉද‍්ධිකථා සමත‍්තා.
ඍද්ධිකථා නිමි.