යෙදුමෙන් කියවන්න

අභිසමය කථා

3. 3.

3. 3.

අභිසමය කථා

අභිසමය කථා

අභිසමයොති කෙන අභිසමෙති: චිත‍්තෙන අභිසමෙති. හඤ‍්චි චිත‍්තෙන අභිසමෙති. තෙන හි අඤ‍්ඤාණී අභිසමෙති, න අඤ‍්ඤාණී අභිසමෙති, ඤාණෙන අභිසමෙති.

අභිසමයො යනු: කුමකින් අභිසමය (ප්‍රතිවේධ) කෙරෙයි යත්: සිතින් අභිසමය කෙරෙයි. ඉදින් සිතින් අභිසමය කෙරේ නම් එසේ වී නම් ඥාන නැතියේ අභිසමය කෙරේ ද යත්: ඥාන නැතියේ අභිසමය නො කෙරෙයි, ඥානයෙන් අභිසමය කෙරෙයි.

හඤ‍්චි ඤාණෙන අභිසමෙති, තෙන හි අචිත‍්තකො අභිසමෙති: න අචිත‍්තකො අභිසමෙති, චිත‍්තෙන ච ඤාණෙන ච අභිසමෙති.

ඉදින් ඥානයෙන් අභිසමය කෙරේ නම් එසේ වී නම් සිත් නැතියේ අභිසමය කෙරේ ද යත්: සිත් නැතියේ අභිසමය නො කෙරෙයි, සිතින් ද නැණින් ද අභිසමය කෙරෙයි.

හඤ‍්චි චිත‍්තෙන ච ඤාණෙන ච අභිසමෙති, තෙන හි කාමාවවරචිත‍්තෙන ච ඤාණෙන ච අභිසමෙති: න කාමාවවරචිත‍්තෙන ච ඤාණෙන ච අභිසමෙති.

ඉදින් සිතිනුදු නැණිනුදු අභිසමය කෙරේ නම් එසේ වී නම් කාමාවචර සිතිනුදු නැණිනුදු අභිසමය කෙරේ ද යත් : කාමාවචර සිතිනුදු නැණිනුදු අභිසමය නො කෙරෙයි.

තෙන හි රූපාවචරචිත‍්තෙන ච ඤාණෙන ච අභිසමෙති: න රූපාවචරචිත‍්තෙන ච ඤාණෙන ච අභිසමෙති. තෙන හි අරූපාවචරචිත‍්තෙන ච ඤාණෙන ච අභිසමෙති: න අරූපාවචරචිත‍්තෙන ච ඤාණෙන ච අභිසමෙති: තෙන හි කම‍්මස‍්සකතචිත‍්තෙ න ච ඤාණෙන ච අභිසමෙති: න කම‍්මස‍්සකතචිත‍්තෙන ච ඤාණෙන ච අභිසමෙති. තෙන හි සච‍්චානුලොමිකචිත‍්තෙන ච ඤාණෙන ච අභිසමෙති: න සච‍්චානුලොමිකචිත‍්තෙන ච ඤාණෙන ච අභිසමෙති. තෙන හි අතීතචිත‍්තෙන ච ඤාණෙන ච අභිසමෙති: න අතීතචිත‍්තෙන ච ඤාණෙන ච අභිසමෙති. තෙන හි අනාගතචිත‍්තෙන ච ඤාණෙන ච අභිසමෙති: න අනාගතචිත‍්තෙන ච ඤාණෙන ච අභිසමෙති තෙන හි පච‍්චුප‍්පන‍්නලොකියචිත‍්තෙන ච ඤාණෙන ච අභිසමෙති: න පච‍්චුප‍්පන‍්නලොකියචිත‍්තෙන ච ඤාණෙන ච අභිසමෙති. ලොකුත‍්තරමග‍්ගක‍්ඛණෙ පච‍්චුප‍්පන‍්නචිත‍්තෙන ච ඤාණෙන ච අභිසමෙති.

එසේ වී නම් රූපාවචර සිතිනුදු නැණිනුදු අභිසමය කෙරේ ද යත්: රූපාවචර සිතිනුදු නැණිනුදු අභිසමය නො කෙරෙයි. එසේ වී නම් අරූපාවචර සිතිනුදු නැණිනුදු අභිසමය කෙරේ ද යත්: අරූපාවචර සිතිනුදු නැණිනුදු අභිසමය නො කෙරෙයි. එසේ වී නම් කර්‍මස්වකෘත සිතිනුදු නැණිනුදු අභිසමය කෙරේ ද යත්: කර්‍මස්වකෘත සිතිනුදු නැණිනුදු අභිසමය නො කෙරෙයි. එසේ වී නම් සත්‍යානුලෝමික සිතිනුදු නැණිනුදු අභිසමය කෙරෙ ද යත්: සත්‍යානුලෝමික සිතිනුදු නැණිනුදු අභිසමය නො කෙරෙයි. එසේ වී නම් අතීත සිතිනුදු නැණිනුදු අභිසමය කෙරේ ද යත්: අතීත සිතිනුදු නැණිනුදු අභිසමය නො කෙරෙයි. එසේ වී නම් අනාගත සිතිනුදු නැණිනුදු අභිසමය කෙරේ ද යත්: අනාගත සිතිනුදු නැණිනුදු අභිසමය නො කෙරෙයි. එසේ වී නම් ප්‍රත්‍යුත්පන්න ලෞකික සිතිනුදු නැණිනුදු අභිසමය කෙරේ ද යත්: ප්‍රත්‍යුත්පන්න ලෞකික සිතිනුදු නැණිනුදු අභිසමය නො කෙරෙයි. ලෝකෝත්තර මාර්‍ගක්‍ෂණයෙහි ප්‍රත්‍යුත්පන්න වූ සිතිනුදු නැණිනුදු අභිසමය කෙරේ.

කථං ලොකුත‍්තරමග‍්ගක‍්ඛණෙ පච‍්චුප‍්පන‍්නචිත‍්තෙන ච ඤාණෙන ච අභිසමෙති: ලොකුත‍්තරමග‍්ගක‍්ඛණෙ උප‍්පාදාධිපතෙය්‍යං චිත‍්තං ඤාණස‍්ස හෙතුපච‍්චයො ච තංසම‍්පයුත‍්තං නිරොධගොචරං දස‍්සනාධිපතෙය්‍යං ඤාණං චිත‍්තස‍්ස හෙතුපච‍්චයො ච තංසම‍්පයුත‍්තං ඤාණං නිරොධගොචරං. එවං ලොකුත‍්තරමග‍්ගක‍්ඛණෙ පච‍්චුප‍්පන‍්නචිත‍්තෙන ච ඤාණෙන ච අභිසමෙති.

කිසෙයින් ලෝකෝත්තරමාර්‍ගක්‍ෂණයෙහි ප්‍රත්‍යුත්පන්න සිතිනුදු නැණිනුදු අභිසමය කෙරේ ද යත්: ලෝකෝත්තරමාර්‍ගක්‍ෂණයෙහි උත්පාදය අධිපති කොට ඇති චිත්තය මාර්‍ගඥානයට හේතු (ජනක) ද ප්‍රත්‍යය (උපස්ථම්භක) ද වෙයි. ඒ ඥානය හා සමඟ සම්ප්‍රයුක්ත වූ නිර්‍වාණාලම්බන වූ දර්‍ශනාධිපති වූ ඥානය චිත්තයට හේතු ද ප්‍රත්‍යය ද වෙයි. ඒ චිත්තය හා සමග සම්ප්‍රයුක්ත වූ ඥානය නිර්‍වාණාලම්බන වෙයි. මෙසෙයින් ලෝකෝත්තරමාර්‍ගක්‍ෂණයෙහි ප්‍රත්‍යුත්පන්න වූ සිතිනුදු නැණිනුදු අභිසමය කෙරේ.

කින‍්නු එත‍්තකොයෙව අභිසමයොති: න හි ලොකුත‍්තරමග‍්ගක‍්ඛණෙ දස‍්සනාභිසමයො සම‍්මාදිට‍්ඨි, අභිනිරොපනාභිසමයො සම‍්මාසඞ‍්කප‍්පා, පරිග‍්ගහාභිසමයො සම‍්මාවාචා, සමුට‍්ඨානාභිසමයො සම‍්මාකම‍්මන‍්තො, වොදානාභිසමයො සම‍්මාආජීවො, පග‍්ගහාභිසමයො සම‍්මාවායාමො, උපට‍්ඨානාභිසමයො සම‍්මාසති, අවික‍්ඛෙපාභිසමයො සම‍්මාසමාධි.

කිම මෙතෙක් මැ අභිසමය වෙයි යත්: නැති. ලෝකෝත්තරමාර්‍ගක්‍ෂණයෙහි සම්‍යග්දෘෂ්ටිය දර්‍ශන (සඞ්ඛ්‍යාත) අභිසමය වෙයි, සම්‍යක්සඞ්කල්පය අභිනිරෝපණාභිසමය වෙයි, සම්‍යග්වචනය පරිග්‍රහාභිසමය වෙයි, සම්‍යාක්කර්‍මාන්තය සමුත්‍ථානාභිසමය වෙයි, සම්‍යගාජීවය ව්‍යවදානාභිසමය වෙයි, සම්‍යග්ව්‍යායාමය ප්‍රග්‍රහාභිසමය වෙයි, සම්‍යක්ස්මෘතිය උපස්ථානාභිසමය වෙයි, සම්‍යක්සමාධිය අවික්‍ෂේපාභිසමය වේ.

උපට‍්ඨානාභිසමයො සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො, පවිචයාභිසමයො ධම‍්මවිවයසම‍්බොජ‍්ඣගා, පග‍්ගහාභිසමයො විරියසම‍්බොජ‍්ඣාඞ‍්ගො, ඵරණාභිසමයො පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගො, උපසමාභිසමයො පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගො, අවික‍්ඛෙපාභිසමයො, සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගො, පටිසඞ‍්ඛානාභිසමයො උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො.

ස්මෘතිසම්බොධ්‍යඞ්ගය උපස්ථානාභිසමය වෙයි, ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය ප්‍රවිචය සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය ප්‍රග්‍රහාභිසමය වෙයි, ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය ඵරණ (ආලම්බනස්පර්‍ශ) සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය ව්‍යුපශම සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, සමාධිසම්බෝධ්‍යඞ්ගය අවික්‍ෂේපාභිසමය වෙයි, උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය ප්‍රත්‍යවේක්‍ෂාභිසමය වේ.

අස‍්සද‍්ධියෙ අකම‍්පියාභිසමයො සද‍්ධාබලං, කොසජ‍්ජෙ අකම‍්පියාභිසමයො විරියබලං, පමාදෙ අකම‍්පියාභිසමයො සතිබලං, උද‍්ධච‍්චෙ අකම‍්පියාභිසමයො සමාධිබලං, අවිජ‍්ජාය අකම‍්පියාභිසමයො පඤ‍්ඤාබලං.

ශ්‍රද්ධාබලය අශ්‍රද්ධායෙහි නො සැලීම් සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, වීර්‍ය්‍යබලය කුශීදභාවයෙහි නො සැලීම් සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, ස්මෘතිබලය ප්‍රමාදයෙහි නො සැලීම් සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, සමාධිබලය උද්ධතභාවයෙහි නො සැලීම් සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, ප්‍රඥාබලය අවිද්‍යායෙහි නො සැලීම් සඞ්ඛ්‍යාත අභිසමය වේ.

අධිමොක‍්ඛාභිසමයො සද‍්ධින්‍ද්‍රියං, පග‍්ගහාභිසමයො විරියින්‍ද්‍රියං, උපට‍්ඨානාභිසමයො සතින්‍ද්‍රියං, අවික‍්ඛෙපාභිසමයො සමාධින්‍ද්‍රියං, දස‍්සනාභිසමයො පඤ‍්ඤින්‍ද්‍රියං.

ශ්‍රද්ධේන්‍ද්‍රිය අධිමෝක්‍ෂ සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, වීර්ය්‍යේන්‍ද්‍රියය ප්‍රග්‍රහ සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, ස්මෘතීන්‍ද්‍රියය උපස්ථාන (අරමුණට එළඹීම) සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, සමාධීන්‍ද්‍රියය අවික්‍ෂේප සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, ප්‍රඥේන්‍ද්‍රියය දර්‍ශන සඞ්ඛ්‍යාත අභිසමය වේ.

ආධිපතෙය්‍යට‍්ඨෙන ඉන්‍ද්‍රියාභිසමයො, අකම‍්පියට‍්ඨෙන බලාභිසමයො, නිය්‍යානට‍්ඨෙන බොජ‍්ඣඞ‍්ගාභිසමයො, හෙතුට‍්ඨෙන මග‍්ගාභිසමයො, උපට‍්ඨානට‍්ඨෙන සතිපට‍්ඨානාභිසමයො, පදහනට‍්ඨෙන සම‍්මප‍්පධානාභිසමයො, ඉජ‍්ඣනට‍්ඨෙන ඉද‍්ධිපාදාභිසමයො, තථට‍්ඨෙන සච‍්චාභිසමයො, අවික‍්ඛෙපට‍්ඨෙන සමථාභිසමයො, අනුපස‍්සනට‍්ඨෙන විපස‍්සනාභිසමයො, එකරසට‍්ඨෙන සමථවිපස‍්සනාභිසමයො, අනතිවත‍්තනට‍්ඨෙන යුගනද‍්ධාභිසමයො සංවරට‍්ඨෙන සීලවිසුද‍්ධිඅභිසමයො, අවික‍්ඛෙපට‍්ඨෙන චිත‍්තවිසුද‍්ධිඅභිසමයො, දස‍්සනට‍්ඨෙන දිට‍්ඨිවිසුද‍්ධිඅභිසමයො, මුත‍්තට‍්ඨෙන අධිමොක‍්ඛාභිසමයො, පටිවෙධට‍්ඨෙන විජ‍්ජාභිසමයො පරිච‍්චාගට‍්ඨෙන විමුත‍්තිඅභිසමයො, සමුච‍්ඡෙදට‍්ඨෙන ඛයෙඤාණං අභිසමයො.

අධිපතිභාවාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියාභිසමය වෙයි, අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් බලාභිසමය වෙයි, නිර්‍ය්‍යාණාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ගාභිසමය වෙයි, හෙත්‍වර්‍ත්‍ථයෙන් මාර්‍ගාභිසමය වෙයි, උපස්ථානාර්‍ත්‍ථයෙන් සතිපට්ඨානාභිසමය වෙයි, ප්‍රදහනාර්‍ත්‍ථයෙන් සම්‍යක්ප්‍රධානාභිසමය වෙයි, සිද්ධ වන අර්‍ත්‍ථයෙන් ඍද්ධිපාදාභිසමය වෙයි, යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සත්‍යාභිසමය වෙයි, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් ශමථාභිසමය වෙයි, අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාභිසමය වෙයි, ඒකකෘත්‍යාර්‍ත්‍ථයෙන් ශමථවිදර්‍ශනාභිසමය වෙයි, (ඔවුනොවුන්) නො ඉක්ම පවත්නා අර්‍ත්‍ථයෙන් යුගනද්ධාභිසමය වෙයි, සංවරාර්‍ත්‍ථයෙන් ශීලවිශුද්ධි සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් චිත්තවිශුද්ධි සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, දර්‍ශනාර්‍ත්‍ථයෙන් දෘෂ්ටිවිශුද්ධි සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, මුක්ත්‍යර්‍ත්‍ථයෙන් අධිමෝක්‍ෂාභිසමය වෙයි, ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් විද්‍යාභිසමය වෙයි, පරිත්‍යාගාරර්‍ත්‍ථයෙන් විමුක්ත්‍යාභිසමය වෙයි, සමුච්ඡේදාර්‍ථයෙන් ක්‍ෂයඥාන සඞ්ඛ්‍යාත අභිසමය වේ.

ඡන්‍දො මූලට‍්ඨෙන අභිසමයො, මනසිකාරො සමුට‍්ඨානට‍්ඨෙන අභිසමයො, ඵස‍්සො සමොධානට‍්ඨෙන අභිසමයො, වෙදනා සමොසරණට‍්ඨෙන අභිසමයො, සමාධි පමුඛට‍්ඨෙන අභිසමයො, සති ආධිපතෙය්‍යට‍්ඨෙන අභිසමයො, පඤ‍්ඤා තතුත‍්තරට‍්ඨෙන අභිසමයො, විමුත‍්ති සාරට‍්ඨෙන අභිසමයො, අමතොගධං නිබ‍්බානං පරියොසානට‍්ඨෙන අභිසමයො.

ඡන්‍දය මූලාර්‍ත්‍ථයෙන් අභිසමය වෙයි, මනසිකාරය සමුත්‍ථානාර්‍ත්‍ථයෙන් අභිසමය වෙයි, ස්පර්‍ශය සමවධානාර්‍ත්‍ථයෙන් අභිසමය වෙයි, වේදනාව සමවසරණාර්‍ත්‍ථයෙන් අභිසමය වෙයි, සමාධිය ප්‍රමුඛාර්‍ත්‍ථයෙන් අභිසමය වෙයි, ස්මෘතිය අධිපතිභාවාර්‍ත්‍ථයෙන් අභිසමය වෙයි, ප්‍රඥාව තතුත්තරාර්‍ත්‍ථයෙන් අභිසමය වෙයි, විමුක්තිය සාරාර්‍ත්‍ථයෙන් අභිසමය වෙයි, අමතෝගධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පර්‍ය්‍යවසානාර්‍ත්‍ථයෙන් අභිසමය වේ.

කින‍්නු එත‍්තකොයෙව අභිසමයොති: න හි, සොතාපත‍්තිමග‍්ගක‍්ඛණෙ දස‍්සනාභිසමයො සම‍්මාදිට‍්ඨි -පෙ- අමතොගධං නිබ‍්බානං පරියොසානට‍්ඨෙන අභිසමයො.

කිම මෙතෙක් මැ අභිසමය වෙයි යත්: නැති ස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි සම්‍යග්දෘෂ්ටිය දර්‍ශනාභිසමය වෙයි ... අමතෝගධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පර්‍ය්‍යවසානාර්‍ත්‍ථයෙන් අභිසමය වේ.

කින‍්නු එත‍්තකොයෙව අභිසමයොති: න හි, සොතාපත‍්තිඵලක‍්ඛණෙ දස‍්සනාභිසමයො සම‍්මාදිට‍්ඨි -පෙ- පටිප‍්පස‍්සද‍්ධට‍්ඨෙන අනුප‍්පාදෙ ඤාණං අභිසමයො, ඡන්‍දො මූලට‍්ඨෙන අභිසමයො, -පෙ- අමතොගධං නිබ‍්බානං පරියොසානට‍්ඨෙන අභිසමයො.

කිම මෙතෙක් මැ අභිසමය වෙයි යත්: නැති. ස්‍රෝතාපත්තිඵලක්‍ෂණයෙහි සම්‍යග්දෘෂ්ටිය දර්‍ශනාභිසමය වෙයි ... ප්‍රතිප්‍රශ්‍රබ්ධිඅර්‍ත්‍ථයෙන් අනුත්තපාදයෙහි ඥානය අභිසමය වෙයි, ඡන්‍දය මූලාර්‍ත්‍ථයෙන් අභිසමය වෙයි ... අමතෝගධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පර්‍ය්‍යවසානාර්‍ත්‍ථයෙන් අභිසමය වේ.

කින‍්නු එත‍්තකොයෙව අභිසමයොති: න හි, සකදාගාමිමග‍්ගක‍්ඛණෙ -පෙ- සකදාගාමිඵලක‍්ඛණෙ -පෙ- අනාගාමිමග‍්ගක‍්ඛණෙ -පෙ- අනාගාමිඵලක‍්ඛණෙ -පෙ- අරහත‍්තමග‍්ගක‍්ඛණෙ -පෙ- අරහත‍්තඵලක‍්ඛණෙ දස‍්සනාභිසමයො සම‍්මාදිට‍්ඨි, අභිනිරොපනාභිසමයො සම‍්මාසඞ‍්කප‍්පො -පෙ- පටිප‍්පස‍්සද‍්ධට‍්ඨෙන අනුප‍්පාදෙ ඤාණං අභිසමයො. ඡන්‍දො මූලට‍්ඨෙන අභිසමයො -පෙ- අමතොගධං නිබ‍්බානං පරියොසානට‍්ඨෙන අභිසමයො.

කිම මෙතෙක් මැ අභිසමය වෙයි යත්: නැති. සකෘදාගාමිමාර්‍ගක්‍ෂණයෙහි ... සකෘදාගාමිඵලක්‍ෂණයෙහි ... අනාගාමිමාර්‍ගක්‍ෂණයෙහි අනාගාමිඵලක්‍ෂණයෙහි ... අර්‍හන්මාර්‍ගක්‍ෂණයෙහි ... අර්‍හත්ඵලක්‍ෂණයෙහි සම්‍යග්දෘෂ්ටිය දර්‍ශන සඞ්ඛ්‍යාත අභිසමය වෙයි. සම්‍යක්සංකල්පය අභිනිරෝපණ සඞ්ඛ්‍යාත අභිසමය වෙයි ... ප්‍රතිප්‍රශ්‍රබ්ධිඅර්‍ත්‍ථයෙන් අනුත්පාදයෙහි ඥානය අභිසමය වෙයි, ඡන්‍දය මූලාර්‍ත්‍ථයෙන් අභිසමය වෙයි ... අමතෝගධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පර්‍ය්‍යවසානාර්‍ත්‍ථයෙන් අභිසමය වේ.

ය‍්වායං කිලෙසෙ පජහති, අතීතෙ කිලෙසෙ පජහති, අනාගතෙ කිලෙසෙ පජහති, පච‍්චුප‍්පන‍්නෙ කිලෙසෙ පජහති? ‘අතීතෙ කිලෙසෙ පජහතී’ති හඤ‍්චි අතීතෙ කිලෙසෙ පජහති? තෙන හි ඛීණං ඛෙපෙති, නිරුද‍්ධං නිරොධෙති, විගතං විගමෙති, අත්‍ථඞ‍්ගතං අත්‍ථඞ‍්ගමෙති, අතීතං යං න අත්‍ථි, තං පජහතීති න අතීතෙ කිලෙසෙ පජහතීති.

යමෙක් කෙලෙසුන් දුරු කෙරෙයි, අතීත කෙලෙසුන් දුරු කෙරෙයි, අනාගත කෙලෙසුන් දුරු කෙරෙයි. ප්‍රත්‍යුත්පන්න කෙලෙසුන් දුරු කෙරේ. අතීතෙ කිලෙසෙ පජහති යනු: ඉදින් අතීත කෙලෙසුන් දුරු කෙරේ ද: එසේ වී නම් ක්‍ෂය වූවක් මැ ක්‍ෂය කෙරෙයි, නිරුද්ධ වූවක් මැ නිරුද්ධ කෙරෙයි, අපගත වූවක් මැ අපගත කෙරෙයි, අභාවයට ගියක් මැ අභාවයට යවයි, අතීත වූ යමෙක් නැත් ද එය දුරු කෙරේ නු’ යි අතීත කෙලෙසුන් දුරු නො කෙරේ යයි.

අනාගතෙ කිලෙසෙ පජහතීති හඤ‍්චි අනාගතෙ කිලෙසෙ පජහති, කෙන හි අජාතං පජහති, අනිබ‍්බත‍්තං පජහති, අනුප‍්පන‍්නං පජහති, අපාතුභූතං පජහති, අනාගතං යං න අත්‍ථි, තං පජහතීති න අනාගතෙ’ කිලෙසෙ පජහතීති.

අනාගතෙ කිලෙසෙ පජහති යනු: ඉදින් අනාගත කෙලෙසුන් දුරු කෙරේ ද: එසේ වී නම් නූපන් ක්ලේශය දුරු කෙරෙයි, ස්වභාවයට නො පත් ක්ලේශය දුරු කෙරෙයි, අනුත්පන්න ක්ලේශය දුරු කෙරෙයි, පහළ නො වු ක්ලේශය දුරු කෙරෙයි, අනාගත වූ යම් ක්ලේශයෙක් නැත් ද, එය දුරු කෙරේ නු’ යි අනාගත කෙලෙසුන් දුරු නො කෙරේ යයි.

පච‍්චුප‍්පන‍්නෙ කිලෙසෙ පජහතීති හඤ‍්චි පච‍්චුප‍්පන‍්නෙ කිලෙසෙ පජහති. තෙන හි රත‍්තො රාගං පජහති, දුට‍්ඨො දොසං පජහති, මූළ‍්හො මොහං පජහති, විනිබද‍්ධො මානං පජහති, පරාමට‍්ඨො දිට‍්ඨිං පජහති වික‍්ඛෙපගතො උද‍්ධච‍්චං පජහති, අනිට‍්ඨං ගතො විචිකිච‍්ඡං පජහති, ථාමගතො අනුසයං පජහති, කණ‍්හාසුක‍්කධම‍්මා යුගනද‍්ධා සමමෙව වත‍්තන‍්ති, සඞ‍්කිලෙසිකා මග‍්ගභාවනා හොති.

පච්චුප්පනෙන කිලෙසෙ පජහති යනු: ඉදින් ප්‍රත්‍යුත්පන්න ක්ලේශයන් දුරු කෙරේ ද, එසේ වී නම් රාගයෙන් රක්ත වූයේ රාගය දුරු කෙරෙයි, ද්වේෂයෙන් දුෂ්ට වූයේ ද්වේෂය දුරු කෙරෙයි, මෝහයෙන් මූඪ වූයේ මෝහය දුරු කෙරෙයි, මානයෙන් බැඳුණේ මානය දුරු කෙරෙයි, දෘෂ්ටියෙන් පරාමෘෂ්ට වූයේ දෘෂ්ටිය දුරු කෙරෙයි, වික්‍ෂේපයට ගියේ ඖද්ධත්‍යය දුරු කෙරෙයි, නිෂ්ඨාවට නො ගියේ විචිකිත්සාව දුරු කෙරෙයි, තිර බවට ගියේ අනුශය දුරු කෙරෙයි, කෘෂ්ණාශුක්ලධර්‍මයෝ යුගනන්‍ධ වැ එක්වට මැ පවතිත්. මාර්‍ගභාවනාව සාංක්ලේශික වේ.

න හි අතීතෙ කිලෙසෙ පජහති, න අනාගතෙ කිලෙසෙ පජහති, න පච‍්චුප‍්පන‍්නෙ කිලෙසෙ පජහතීති හඤ‍්චි න අතීතෙ කිලෙසෙ පජහති, න අනාගතෙ -පෙ- න පච‍්චුප‍්පන‍්නෙ කිලෙසෙ පජහති, තෙන හි නත්‍ථි මග‍්ගභාවනා, නත්‍ථි ඵලසච‍්ඡිකිරියා, නත්‍ථි කිලෙසප‍්පහානං, නත්‍ථි ධම‍්මාභිසමයොති: අත්‍ථි මග‍්ගභාවනා, අත්‍ථි ඵලසච‍්ඡිකිරියා, නත්‍ථි කිලෙසප‍්පහානං, අත්‍ථි ධම‍්මාභිසමයො: යථාකථං විය: සෙය්‍යථාපි තරුණො රුක‍්ඛො අජාතඵලො, තමෙනං පුරිසො මූලං ඡින්‍දෙය්‍ය, යෙ තස‍්ස රුක‍්ඛස‍්ස අජාතඵලාතෙ අජාතායෙව න ජායන‍්ති, අනිබ‍්බත‍්තායෙව න නිබ‍්බත‍්තන‍්ති, අනුප‍්පන‍්නායෙව න උප‍්පජ‍්ජන‍්ති, අපාතුභූතායෙව න පාතුභවන‍්ති, එවමෙවං උප‍්පාදො හෙතු උප‍්පාදො පච‍්චයො කිලෙසානං නිබ‍්බත‍්තියාති උප‍්පාදෙ ආදීනවං දිස‍්වා අනුප‍්පාදෙ විත‍්තං පක‍්ඛන්‍දති, අනුප‍්පාදෙ විත‍්තසස පක‍්ඛන‍්තත‍්තා යෙ උප‍්පාදපච‍්චයා කිලෙසා නිබ‍්බත‍්තෙය්‍යුං, තෙ අජාතායෙව න ජායන‍්ති, අනිබ‍්බත‍්තායෙව න නිබ‍්බත‍්තන‍්ති, අනුප‍්පන‍්නායෙව න උප‍්පජ‍්ජන‍්ති, අපාතුභූතායෙව න පාතුභවන‍්ති. එවං හෙතු නිරොධා දුක‍්ඛනිරොධො. පවත‍්තං හෙතු, නිමිත‍්ත හෙතු, ආයූහනා හෙතු, ආයූහනපච‍්චයො කිලෙසානං නිබ‍්බත‍්තියාති ආයුහනෙ ආදීනවං දිස‍්වා අනායූහනෙචිත‍්තං පක‍්ඛන්‍දති, අනායූහනෙ චිත‍්තසස‍්ස පක‍්ඛන‍්නත‍්තා යෙ ආයූහනපච‍්චයා කිලෙසා නිබ‍්බත‍්තෙය්‍යුං තෙ අජාතායෙව න ජායන‍්ති, අනිබ‍්බත‍්තායෙව න නිබ‍්බත‍්තන‍්ති, අනුප‍්පන‍්නායෙව න උප‍්පජ‍්ජන‍්ති, අපාතුභූතායෙව න පාතුභවන‍්ති. එවං හෙතුනිරොධා දුක‍්ඛනිරොධො. එවං අත්‍ථි මග‍්ගභාවනා, අත්‍ථි ඵලසච‍්ඡිකිරියා, අත්‍ථි කිලෙසප‍්පහානං, අත්‍ථි ධම‍්මාභිසමයොති.

න හි අතීතෙ කිලෙසෙ පජහති, න අනාගතෙ කිලෙසෙ පජහති, න පච්චුප්පන්නේන කිලෙසෙ පජහති යනු: ඉදින් අතීත කෙලෙසුන් දුරු නො කෙරේ ද, අනාගත ... ප්‍රත්‍යුත්පන්න කෙලෙසුන් දුරු නො කෙරේ ද, එසේ වී නම් මාර්‍ගභාවනාවක් නැත් ද, ඵලසාක්‍ෂාත්ක්‍රියාවක් නැත් ද, ක්ලේශප්‍රහාණයෙක් නැත් ද, ධර්‍මප්‍රතිවේධයෙක් නැත් ද යත්. මාර්‍ගභාවනා ද ඇත, ඵලසාක්‍ෂාත්ක්‍රියා ද ඇත, ක්ලේශප්‍රහාණය ද ඇත, ධර්‍මප්‍රතිවේධය ද ඇති. හේ කිසේ යැ යත්: යම්සේ නො පලගත් තරුණ රුකෙක් වේ ද, ඒ මේ රුක පුරුෂයෙක් මුලින් සිඳුනේ නම් එ රුක්හි යම් නූපන් ඵල කෙනෙක් වෙත් නම් ඔහු නො හටගත්තාහු මැ නො හටගනිති, ස්වභාවයට නො පැමිණියාහු මැ ස්වභාවයට නො පැමිණෙති, නූපන්නාහු මැ නූපදිති, නො පහළ වූවාහු ම නො පහළ වෙත් ද, එසෙයින් මැ කෙලෙසුන්ගේ නිපැත්මට උත්පාදය හේතු යැ උත්පාදය ප්‍රත්‍යය යැ’ යි උත්පාදයෙහි ආදීනව දැක අනුත්පාදයෙහි සිත ප්‍රස්කන්‍දනය කෙරෙයි. අනුත්පාදයෙහි සිත ප්‍රස්කන්‍දනය කළ (පැනගත්) බැවින් යම් කෙලෙස් කෙනෙක් උත්පාද ප්‍රත්‍යයෙන් උපදනාහු නම් ඔහු නො හටගත්තාහු මැ නො හටගනිති. ස්වභාවයට නො පැමිණියාහු මැ ස්වභාවයට නො පැමිණෙති, නූපන්නාහු මැ නූපදිති, නො පහළ වූවාහු මැ නො පහළ වෙති. මෙසෙයින් හේතුනිරෝධයෙන් දුඃඛනිරෝධය වෙයි. ප්‍රවෘත්තිය හේතු යැ නිමිත්ත හේතු යැ ආයූහනය හේතු යැ, කෙලෙසුන්ගේ උපැත්මට ආයූහනය ප්‍රත්‍යය යැ’යි ආයූහනයෙහි ආදීනව දැක අනායූහනයෙහි සිත ප්‍රස්කන්‍දනය කෙරෙයි, අනායූහනයෙන් සිත ප්‍රස්කන්‍දනය කළ බැවින් යම් කෙලෙස් කෙනෙක් ආයූහනප්‍රත්‍යයෙන් උපදනාහු නම් ඔහු නො හටගත්තාහු මැ නො හටගනිති, ස්වභාවයට නො පැමිණියාහු මැ ස්වභාවයට නො පැමිණෙති, නූපන්නාහු මැ නූපදිති, නො පහළ වූවාහු මැ නො පහළ වෙති. මෙසෙයින් හේතුනිරෝධයෙන් දුඃඛනිරෝධය වෙයි. මෙසෙයින් මාර්‍ගභාවනා ද ඇත, ඵලසාක්‍ෂාත්ක්‍රියා ද ඇත, ක්ලේශප්‍රහාණය ද ඇත, ධර්‍මප්‍රතිවේධය ද ඇති යයි.

අභිසමයකථා සමත‍්තා.

අභිසමය කථා නිමි.