අභිසමයකථා අට්ඨකථා
අභිසමයකථා
අභිසමය කථා
අභිසමයකථාවණ්ණනා
ඉදානි ඉද්ධිකථානන්තරං පරමිද්ධිභූතං අභිසමයං දස්සෙන්තෙන කථිතාය අභිසමයකථාය අපුබ්බත්ථානුවණ්ණනා. තත්ථ අභිසමයොති සච්චානං අභිමුඛෙන සමාගමො, පටිවෙධොති අත්ථො. කෙන අභිසමෙතීති කිං වුත්තං හොති? “එවං මහත්ථියො ඛො, භික්ඛවෙ, ධම්මාභිසමයො”තිආදීසු (සං· නි· 2.74) සුත්තපදෙසු යො සො අභිසමයොති වුත්තො, තස්මිං අභිසමයෙ වත්තමානෙ අභිසමෙතා පුග්ගලො කෙන ධම්මෙන සච්චානි අභිසමෙති, අභිමුඛො හුත්වා සමාගච්ඡති, පටිවිජ්ඣතීති වුත්තං හොතීති. අයං තාව චොදකස්ස පුච්ඡා. චිත්තෙන අභිසමෙතීති චිත්තං විනා අභිසමයාභාවතො තථා විස්සජ්ජනං. හඤ්චීතිආදි පුන චොදනා. හඤ්චි යදීති අත්ථො. “චිත්තෙනා”ති වුත්තත්තා තෙන හි අඤ්ඤාණී අභිසමෙතීති ආහ. න අඤ්ඤාණී අභිසමෙතීති චිත්තමත්තෙනෙව අභිසමයාභාවතො පටික්ඛෙපො. ඤාණෙන අභිසමෙතීති පටිඤ්ඤා. පුන හඤ්චීතිආදි “ඤාණෙනා”ති වුත්තත්තා අඤ්ඤාණී අචිත්තකොති චොදනා. න අචිත්තකො අභිසමෙතීති අචිත්තකස්ස අභිසමයාභාවතො පටික්ඛෙපො. චිත්තෙන චාතිආදි පටිඤ්ඤා. පුන හඤ්චීතිආදි සබ්බචිත්තඤාණසාධාරණවසෙන චොදනා. සෙසචොදනාවිස්සජ්ජනෙසුපි එසෙව නයො.
සෘද්ධිකථාවට අනතුරුව, උසස් සෘද්ධිය වූ අවබෝධය දක්වන්නහු විසින් දේශිත අවබෝධ කථායෙහි පෙරනුවූ විරූ අර්ථ අනුවර්ණනාවයි. එහි අභිසමයො යනු සත්‍යයන්ගේ අබිමුවින් එක්වීමයි. ප්‍රතිවේධයයි යන අර්ථයි. අර්ථාවබෝධයැයි සමහරු කියති. කෙන අභිසමෙති යයි කුමක් යූසේයිද? ‘මහණෙනි, මෙසේ ධර්මාභිසමය මහර්ධිය ආදීන්හි සූත්‍ර කොටස්හි යෙදේ. එම රසය අභිසමය යැයි යූ.සේයි. එම අවබෝධය පවත්නා කල්හි, අවබෝධ කළ පුද්ගලයා එම ධර්මයෙන් සත්‍යයන් අවබෝධ කරයි. අභිමුඛව හමුවෙයි. ප්‍රතිවේධ කරයි යයි යූ.සේයි. මේ චෝදකයාගේ විමැසීමයි. චිත්තෙන අභිසමෙති යනු සිතින් තොරව අවබෝධයෙහි අභාව හෙයින් එසේ විසඳීමයි. හඤ්චි ආදිය චෝදනායි. හඤ්චි යනු ඉදින් යන අර්ථයි. චිත්තෙන යයි කියන ලද හෙයින්, තෙනහි අඤ්ඤාණි අභිසමෙති යයි කීය. න අඤ්ඤාණි අභසමෙති යනු සිත් මාත්‍රයෙන් අවබෝධ නොවන හෙයින් ප්රතික්ෂිප්තය. ඤාණෙන අභිසමෙති යනු ප්රතිඥාවයි. නැවත හඤ්චි යන ආදිය ඤාණයෙන් යැයි කියන ලද හෙයින් අඤ්ඤාණි අචිත්තකයැයි චෝදනාවකි. න අචිත්තකො අභිසමෙති යනු සිත් නැත්තහුට අවබෝධය නොවන හෙයින් ප්රතික්ෂිප්තය. චිත්තෙන ච යනාදි ප්රතිඥාවයි. නැවත හඤ්චි ආදිය සර්ව ඥාන සාධාරණ වශයෙන් චෝදනායි. සෙසු චෝදනා, විසඳීම්ද එම ක්‍රමයමැයි.
පරතො පන කම්මස්සකතචිත්තෙන ච ඤාණෙන චාති කම්මස්සකා සත්තාති එවං කම්මස්සකතාය පවත්තචිත්තෙන ච ඤාණෙන ච. සච්චානුලොමිකචිත්තෙන ච ඤාණෙන චාති සච්චපටිවෙධස්ස අනුකූලත්තා සච්චානුලොමිකසඞ්ඛාතෙන විපස්සනාසම්පයුත්තචිත්තෙන ච විපස්සනාඤාණෙන ච. කථන්ති යථා අභිසමයො හොති, තථා කථෙතුකම්‍යතා පුච්ඡා. උප්පාදාධිපතෙය්යන්ති යස්මා චිත්තස්ස උප්පාදෙ අසති චෙතසිකානං උප්පාදො නත්ථි. ආරම්මණග්ගහණඤ්හි චිත්තං තෙන සහ උප්පජ්ජමානා චෙතසිකා කථං ආරම්මණෙ අග්ගහිතෙ උප්පජ්ජිස්සන්ති. අභිධම්මෙපි චිත්තුප්පාදෙනෙව චෙතසිකා විභත්තා, තස්මා මග්ගඤාණස්ස උප්පාදෙ අධිපතිභූතං චිත්තන්ති අත්ථො. ඤාණස්සාති මග්ගඤාණස්ස. හෙතු පච්චයො චාති ජනකො ච උපත්ථම්භකො ච. තංසම්පයුත්තන්ති තෙන ඤාණෙන සම්පයුත්තං. නිරොධගොචරන්ති නිබ්බානාරම්මණං. දස්සනාධිපතෙය්යන්ති සෙසානං දස්සනකිච්චාභාවා නිබ්බානදස්සනෙ අධිපතිභූතං. චිත්තස්සාති මග්ගසම්පයුත්තචිත්තස්ස. තංසම්පයුත්තන්ති තෙන චිත්තෙන සම්පයුත්තං.
පරතොපන කම්මස්සකතා චිත්තෙනච ඤාණෙ නච යනු කර්මය ස්වකීය කොට ඇති සත්ත්වයෝයි මෙසේ කර්මය ස්වකීය කොට, පැවැති සිතින්ද ඤාණයෙන්ද, සච්චානු ලොමික චිත්තෙනච ඤාණෙනච යනු සත්‍යය ප්‍රතිවේධයට අනුකූල හෙයින් සත්යානුලොමික සංඛ්‍යාත විදර්ශනා සම්ප්‍රයුක්ත සිතින්ද, විදර්ශනා ඤාණයෙන්ද, කථං යනු යම්සේ අවබෝධය වේද, එසේ කියනු කැමැත්තෙන් විමසීමයි. උප්පාදාධිපතෙය්යං යනු යම්හෙයකින් චිත්තොත්පාදය නොමැතිව චිත්ත චෛතසිකයන්ගේ උත්පාදය නැත්ද? සිත අරමුණු ගැනීම් ස්වභාවකොට ඇත. ඒ හා සමග උපදිනු ලබන චෛතසික කෙසේ අරමුණ නොගත් කල්හි උපදින්නාහුද අභිධර්මයෙහිද, චිත්තොත්පාදයෙන්ම චෛතසික බෙදූහ. එහෙයින් මාර්ග ඤාණොත්පාදයෙහි අධිපති වූ සිතයයි අර්ථයි. ඤාණස්ස යනු මාර්ග ඤාණයට, හෙතු පච්චයොච යනු ජනක හා උපස්තම්භක වශයෙන්, තං සම්පයුත්තං යනු ඒ ඤාණය හා සම්ප්‍රයුක්ත නිරොධ ගොචරං යනු නිර්වාණාරම්මණ වූ, දස්සානාධිපතෙය්යං යනු සෙස්සන්ට දර්ශන කෘත්යයෙහිද, නිර්වාණ දර්ශනයෙහිද අධිපති වූ, චිත්තස්ස යනු මාර්ග සම්ප්‍රයුක්ත සිතට, තං සම්පයුත්තං යනු ඒ සිත හා සම්ප්‍රයුක්ත.
යස්මා එතම්පි පරියායං, න කෙවලං චිත්තඤාණෙහියෙව අභිසමයො, අථ ඛො සබ්බෙපි මග්ගසම්පයුත්තචිත්තචෙතසිකා ධම්මා සච්චාභිසමයකිච්චසාධනවසෙන අභිසමයො නාම හොන්ති, තස්මා තම්පි පරියායං දස්සෙතුකාමො කිං නු එත්තකොයෙව අභිසමයොති පුච්ඡිත්වා න හීති තං වචනං පටික්ඛිපිත්වා ලොකුත්තරමග්ගක්ඛණෙතිආදිමාහ. දස්සනාභිසමයොති දස්සනභූතො අභිසමයො. එස නයො සෙසෙසුපි. සච්චාති සච්චඤාණානි. මග්ගඤාණමෙව නිබ්බානානුපස්සනට්ඨෙන විපස්සනා. විමොක්ඛොති මග්ගවිමොක්ඛො. විජ්ජාති මග්ගඤාණමෙව. විමුත්තීති සමුච්ඡෙදවිමුත්ති. නිබ්බානං අභිසමීයතීති අභිසමයො, සෙසා අභිසමෙන්ති එතෙහීති අභිසමයා.
යම් හෙයකින් හටගත්තා වූද ක්රමයෙහි, හුදෙක් චිත්ත ඤාණයන්ගෙන්ම අවබෝධය නොවේ. තවද සියලුම මාර්ග සම්ප්‍රයුක්ත චිත්ත චෛතසික ධර්මයෝ සත්‍යාවබෝධ කෘත්‍ය සිදුකිරීම් වශයෙන් අභිසමය නම් වෙති. එහෙයින් එම ක්රමයද දක්වනු කැමැතියේ, කිං නු එත්තකොයෙව අභිසමයොයි විචාරා නහීයි එම වචනය ප්රතික්ෂෙප කොට ලොකුත්තර මග්ගක්ඛණෙයි යනාදිය වදාළහ. දස්සනාභි සමයො යනු දර්ශන ස්වභාව වූ අවබෝධය, සෙස්සෙහිද එම ක්‍රමයමැයි. සච්චා යනු සත්‍ය ඤාණයෝ, මාර්ග ඤාණයම නිර්වාණය නුවණින් බැලීම් අර්ථයෙන් විදර්ශනායි. විමොක්ඛො යනු මාර්ග විමෝක්ෂයයි. විජ්ජා යනු මාර්ග ඤාණයමය. විමුත්ති යනු කෙලෙස් නැසීම් වශයෙන් වන විමුක්තියයි. නිර්වාණය අවබෝධ කෙරේනුයි අභිසමයොයි. සෙස්ස ඒවායින් අවබෝධ කෙරෙත්නුයි අභිසමයොයි.
පුන මග්ගඵලවසෙන අභිසමයං භින්දිත්වා දස්සෙතුං කිං නූතිආදිමාහ. ඵලක්ඛණෙ පනෙත්ථ යස්මා සමුච්ඡෙදනට්ඨෙන ඛයෙ ඤාණං න ලබ්භති, තස්මා පටිප්පස්සද්ධට්ඨෙන අනුප්පාදෙ ඤාණන්ති වුත්තං. සෙසං පන යථානුරූපං වෙදිතබ්බන්ති. ඉදානි යස්මා කිලෙසප්පහානෙ සති අභිසමයො හොති, අභිසමයෙ ච සති කිලෙසප්පහානං හොති, තස්මා චොදනාපුබ්බඞ්ගමං කිලෙසප්පහානං දස්සෙතුකාමො ය්වායන්තිආදිමාහ. තත්ථ ය්වායන්ති යො අයං මග්ගට්ඨො අරියපුග්ගලො. එවමාදිකානි පනෙත්ථ චත්තාරි වචනානි චොදකස්ස පුච්ඡා. පුන අතීතෙ කිලෙසෙ පජහතීති ඉදං චොදනාය ඔකාසදානත්ථං විස්සජ්ජනං. ඛීණන්ති භඞ්ගවසෙන ඛීණං. නිරුද්ධන්ති සන්තානවසෙන පුනප්පුනං අනුප්පත්තියා නිරුද්ධං. විගතන්ති වත්තමානක්ඛණතො අපගතං. විගමෙතීති අපගමයති. අත්ථඞ්ගතන්ති අභාවං ගතං. අත්ථඞ්ගමෙතීති අභාවං ගමයති. තත්ථ දොසං දස්සෙත්වා න අතීතෙ කිලෙසෙ පජහතීති පටික්ඛිත්තං. අනාගතචොදනාය අජාතන්ති ජාතිං අප්පත්තං. අනිබ්බත්තන්ති සභාවං අප්පත්තං. අනුප්පන්නන්ති උප්පාදතො පභුති උද්ධං න පටිපන්නං. අපාතුභූතන්ති පච්චුප්පන්නභාවෙන චිත්තස්ස අපාතුභූතං. අතීතානාගතෙ පජහතො පහාතබ්බානං නත්ථිතාය අඵලො වායාමො ආපජ්ජතීති තදුභයම්පි පටික්ඛිත්තං. රත්තො රාගං පජහතීති වත්තමානෙන රාගෙන රත්තො තමෙව රාගං පජහති. වත්තමානකිලෙසෙසුපි එසෙව නයො. ථාමගතොති ථිරසභාවං ගතො. කණ්හසුක්කාති අකුසලා ච කුසලා ච ධම්මා යුගනද්ධා සමමෙව වත්තන්තීති ආපජ්ජතීති අත්ථො. සංකිලෙසිකාති එවං සංකිලෙසානං සම්පයුත්තභාවෙ සති සංකිලෙසෙ නියුත්තා මග්ගභාවනා හොතීති ආපජ්ජතීති අත්ථො. එවං පච්චුප්පන්නෙ පජහතො වායාමෙන සද්ධිං පහාතබ්බානං අත්ථිතාය සංකිලෙසිකා ච මග්ගභාවනා හොති, වායාමො ච අඵලො හොති. න හි පච්චුප්පන්නානං කිලෙසානං චිත්තවිප්පයුත්තතා නාම අත්ථීති.
නැවත මාර්ගඵල වශයෙන් අවබෝධය බිඳ දක්වන්ට කිංනු ආදිය වදාළහ. මෙහි යම්හෙයකින් වනාහි මුළුමනින් නැසීම් අර්ථයෙන් ක්ෂයයෙහි ඤාණය නොලබාද? එහෙයින් සන්සිඳීම් අර්ථයෙන් අනුප්පාදෙ ඤාණං යයි යූ.සේයි. සෙස්ස සුදුසු පරිද්දෙන් දතයුතුය. දැන් යම්හෙයකින් කෙලෙස් ප්රහාණය ඇතිකල්හි අවබෝධය වේද, අවබෝධයෙහිද ඇතිකල්හි කෙලෙස් ප්රහාණය වේද? එහෙයින් චෝදනා පූර්වංගම කෙලෙස් ප්රහාණය දක්වනු කැමැතියේ ‘ය්වායං’ යනාදිය වදාළහ. එහි ය්වායං යනු යම් මේ මාර්ගස්ථ ආර්ය පුද්ගල තෙමේ, මෙහි වනාහි එවමාදිකා යන සිව් වචනයන් චෝදකයාගේ විමැසීමයි. නැවත අතීතෙ කිලෙසෙ පජහති යන මෙය චෝදනාවට අවකාශ දීම සඳහා විසඳුමයි. ඛීණං යනු විනාශවීම් වශයෙන් ක්ෂය වීමයි. නිරුද්ධං යනු චිත්ත පරම්පරා වශයෙන් නැවැත නැවැත නොඉපදීම් වශයෙන් නිරුද්ධ වූයේ, විගතං යනු වත්මන් ක්ෂණයෙන් පහවූයේ, විගමෙති යනු ඉවත් කරවයි. අත්ථං ගතං යනු අභාවයට ගියේ, අත්ථංගමෙති යනු අභාවයට පමුණුවයි. එහි දොස් පෙන්වා, න අතීතෙ කිලෙසෙ පජහති යයි ප්රතික්ෂිප්තය. අනාගත චෝදනායෙහි අජාතං යනු ඉපැත්මට නොපත්, අනිබ්බත්තං යනු ස්වභාවයට නොපත්. අනුප්පන්නං යනු උපතෙහි පටන් මතුයෙහි නොපිළිපන්, අපාතුභූතං යනු වර්තමාන භාවයෙන් චිත්තයාගේ පහළ නොවීම, අතීත අනාගත කෙලෙසුන් දුරුකරන කල්හි දුරුකළයුතු දෑ නොමැති හෙයින් උත්සාහය නිශ්ඵල බවට පැමිණේයයි එම ද්වයයම ප්රතික්ෂිප්තය. රත්තො රාගං පජහති යයි වත්මනෙන් රාගයෙන් රත්වූයේ එම රාගයම දුරුකරයි. වත්මන් කෙලෙසුන්හිද එම ක්‍රමයමය. ථාමගතො යනු ස්ථිර ස්වභාවයට ගියේ, කණ්හ සුක්කා යනු අකුසල් කුසල්දම්, යුගනන්ධා සමමෙව වත්තන්තී යනු එකට වෙළී සමව පවතිත්නුයි එම ස්වභාවයට පැමිණේයයි අර්ථයි. සංකිලෙසිකා යනු මෙසේ කිලිටි ස්වභාවයන්ගේ සම්ප්‍රයුක්ත භාවය ඇතිකල්හි, කිලිටි බවින් යුක්ත වූවාහු, මග්ග භාවනා හොති යනු මාර්ග භාවනාවට පැමිණේ යයි අර්ථයි. මෙසේ වත්මන් කෙලෙසුන් දුරුකරන උත්සාහය සමග, දුරු කළයුතු කෙලෙසුන්ගේ විද්යමානතායෙන් මාර්ග භාවනාවද කිලිටි වූයේ වෙයි. උත්සාහයද නිශ්ඵල වූයේ වේ. වත්මන් කෙලෙසුන්ගේ චිත්ත විප්රයුක්තතාවයක් නම් නොමැත.
න හීති චතුධා වුත්තස්ස වචනස්ස පටික්ඛෙපො. අත්ථීති පටිජානනං. යථා කථං වියාති අත්ථිභාවස්ස උදාහරණදස්සනත්ථං පුච්ඡා. යථා අත්ථි, තං කෙන පකාරෙන විය අත්ථි, කිං විය අත්ථීති අත්ථො. සෙය්යථාපීති යථා නාම. තරුණරුක්ඛොති ඵලදායකභාවදීපනත්ථං තරුණග්ගහණං. අජාතඵලොති ඵලදායකත්තෙපි සති ඵලග්ගහණතො පුරෙකාලග්ගහණං. තමෙනන්ති තං රුක්ඛං. එනන්ති නිපාතමත්තං, තං එතන්ති වා අත්ථො. මූලං ඡින්දෙය්යාති මූලතො ඡින්දෙය්ය. අජාතඵලාති අජාතානි ඵලානි. එවමෙවන්ති එවං එවං. උප්පාදො පවත්තං නිමිත්තං ආයූහනාති චතූහිපි පච්චුප්පන්නඛන්ධසන්තානමෙව වුත්තං. යස්මිඤ්හි ඛන්ධසන්තානෙ යං යං මග්ගඤාණං උප්පජ්ජති, තෙන තෙන මග්ගඤාණෙන පහාතබ්බානං කිලෙසානං තං ඛන්ධසන්තානං අබීජං හොති, තස්ස අබීජභූතත්තා තප්පච්චයා තෙ තෙ කිලෙසා අනුප්පන්නා එව න උප්පජ්ජන්ති. ආදීනවං දිස්වාති අනිච්චාදිතො ආදීනවං දිස්වා. අනුප්පාදොතිආදීහි චතූහි නිබ්බානමෙව වුත්තං. චිත්තං පක්ඛන්දතීති මග්ගසම්පයුත්තං චිත්තං පක්ඛන්දති. හෙතුනිරොධා දුක්ඛනිරොධොති කිලෙසානං බීජභූතස්ස සන්තානස්ස අනුප්පාදනිරොධා අනාගතක්ඛන්ධභූතස්ස දුක්ඛස්ස හෙතුභූතානං කිලෙසානං අනුප්පාදනිරොධො හොති. එවං දුක්ඛස්ස හෙතුභූතකිලෙසානං අනුප්පාදනිරොධා දුක්ඛස්ස අනුප්පාදනිරොධො හොති. එවං කිලෙසප්පහානයුත්තිසබ්භාවතො එව අත්ථි මග්ගභාවනාතිආදිමාහ. අට්ඨකථායං (විසුද්ධි· 2.832) පන “එතෙන කිං දීපිතං හොති? භූමිලද්ධානං කිලෙසානං පහානං දීපිතං හොති. භූමිලද්ධා පන කිං අතීතා අනාගතා, උදාහු පච්චුප්පන්නාති? භූමිලද්ධුප්පන්නායෙව නාමා”ති වත්වා කථිතකිලෙසප්පහානස්ස විත්ථාරකථා සුතමයඤාණකථාය මග්ගසච්චනිද්දෙසවණ්ණනායං වුත්තනයෙනෙව වෙදිතබ්බා, ඉධ පන මග්ගඤාණෙන පහාතබ්බා කිලෙසායෙව අධිප්පෙතාති.
නහි යනු සිව් ආකාරයෙන් කියන ලද වචනයෙහි ප්රතික්ෂෙපයයි. අත්ථි යනු සේයයි පිළිගැනීමයි. යථා කථං විය යනු, ඇත යන ස්වභාවයෙහි උදාහරණ දැක්වීම සඳහා විමසීමයි. යම්සේ ඇත්ද, එය කවරාකාරයකින් මෙන් ඇත්ද? කුමක් මෙන් ඇත්දැයි අර්ථයි. සෙය්යථාපි යනු යම්සේනම්, තරුණ රුක්ඛො යනු ඵල දරන (දෙන) බව දැක්වීම සඳහා තරුණ ග්‍රහණය කරන ලදි. අජාතඵලො යනු ඵලදායකත්වය ඇති කල්හිද, ඵලගැන්මට පෙර කාල ග්‍රහණයයි. තමෙනං යනු එම වෘක්ෂය, එන යනු නිපාත මාත්‍රයයි එය එයමයයි අර්ථයි. මූලං ඡින්දෙය්ය යනු මුලින් සිඳින්නේය. අජාත ඵලා යනු හටනොගත් ඵල එවමෙවං යනු එසේ එසේ, හටගැන්ම, පැවැත්ම, ලකුණ, රැස්කිරීම යන සතරින්ම වත්මන් ස්කන්ධ සන්තානයම යූ.සේයි. යම් ස්කන්ධ සන්තානයෙක්හි යම් යම් මාර්ග ඤාණයක් උපදීද? ඒ ඒ මාර්ග ඤාණයෙන් ප්රහාණය කළයුතු කෙලෙසුන්ට එම ස්කන්ධ සන්තානය අබීජ වේ. එයට අබීජ වූ හෙයින් ඒ හේතුයෙන් ඒ ඒ කෙලෙස් නූපන්නාහුම නූපදිති. ආදීනවං දිස්වා යනු අනිත්‍යාදී වශයෙන් ආදීනව දැක, අනුප්පාදො යනාදී සතරෙන් නිර්වාණයම යූ.සේයි. චිත්තං පක්ඛන්දති යනු මාර්ග සම්ප්‍රයුක්ත සිත ඇතුළට පැන වදියි. හෙතු නිරොධා දුක්ඛ නිරොධො යනු කෙලෙසුන්ට බීජයන් වූ චිත්ත පරම්පරාවෙහි අනුත්පාද නිරෝධයෙන් ආගත ස්කන්ධයන් වූ, දුකට හේතුභූත වූ කෙලෙසුන්ගේ අනුත්පාද නිරෝධය වේ. මෙසේ දුකට හේතුභූත වූ කෙලෙසුන්ගේ අනුත්පාද නිරෝධයෙන් දුක්ඛයාගේ අනුත්පාද නිරෝධය වේ. මෙසේ කෙලෙස් ප්‍රහාණ සාධාරණය යෙදෙන හෙයින්ම අත්ථි මග්ග භාවනා යනාදිය වදාළහ. අට්ඨකථායෙහි වනාහි ‘එයින් කුමක් දක්වන ලද්දේ වේද?’ භූමිලබ්ධ කෙලෙසුන්ගේ ප්රහාණය දක්වන ලද්දේ වේ. කිමෙක්ද භූමි ලබ්ධයෝ නම් අතීත අනාගතද නොහොත් වර්තමානද? භූමි ලබ්ධොත්පන්න නමැයි කියා, කියන ලද කෙලෙස් ප්රහාණයෙහි විස්තර කථාව, මාර්ග සත්‍යය නිර්දේශ වර්ණනායෙහි ශ්රැතමය ඤාණ කථාවෙහි කියන ලද ක්‍රමයෙන්ම දතයුත්තාහ. මෙහි වනාහි මාර්ග ඤාණයෙන් ප්රහාණය කළයුතු කෙලෙසුන්ම අදහස් කරන ලදි.
අභිසමයකථාවණ්ණනා නිට්ඨිතා.
අභිසමය කථා වර්ණනාව නිමි.