විවෙකකථා අට්ඨකථා
විවේක කථා
විවෙකකථාවණ්ණනා
විවෙකකථාවණ්ණනා
ඉදානි පහානාවසානාය අභිසමයකථාය අනන්තරං පහානාකාරං දස්සෙන්තෙන කථිතාය සුත්තන්තපුබ්බඞ්ගමාය විවෙකකථාය අපුබ්බත්ථානුවණ්ණනා. තත්ථ සුත්තන්තෙ තාව යෙ කෙචීති අනවසෙසපරියාදානං. බලකරණීයාති ඌරුබලෙන බාහුබලෙන කත්තබ්බා. කම්මන්තාති ධාවනලඞ්ඝනකසනවපනාදීනි කම්මානි. කරීයන්තීති බලවන්තෙහි කරීයන්ති. සීලං නිස්සායාති චතුපාරිසුද්ධිසීලං නිස්සයං කත්වා. භාවෙතීති භින්නසීලස්ස භාවනාභාවතො ඉධ පන ලොකියලොකුත්තරා මග්ගභාවනා අධිප්පෙතාති. විවෙකනිස්සිතන්ති තදඞ්ගවිවෙකං සමුච්ඡෙදවිවෙකං නිස්සරණවිවෙකං නිස්සිතං. විවෙකොති විවිත්තතා. අයඤ්හි අරියමග්ගභාවනානුයුත්තො යොගී විපස්සනාක්ඛණෙ කිච්චතො තදඞ්ගවිවෙකනිස්සිතං, අජ්ඣාසයතො නිස්සරණවිවෙකනිස්සිතං, මග්ගක්ඛණෙ කිච්චතො සමුච්ඡෙදවිවෙකනිස්සිතං, ආරම්මණතො නිස්සරණවිවෙකනිස්සිතං භාවෙති. එස නයො විරාගනිස්සිතාදීසු. විවෙකොයෙව හි විරජ්ජනට්ඨෙන විරාගො, නිරොධට්ඨෙන නිරොධො, වොසජ්ජනට්ඨෙන වොසග්ගො. අථ වා කිලෙසෙහි විවිත්තත්තා විවෙකො, කිලෙසෙහි විරත්තත්තා විරාගො, කිලෙසානං නිරුද්ධත්තා නිරොධො, කිලෙසානඤ්ච පරිච්චත්තත්තා විස්සට්ඨත්තා, නිබ්බානෙචත්තස්ස ච විස්සට්ඨත්තා වොසග්ගො. වොසග්ගො පන දුවිධො පරිච්චාගවොසග්ගො ච පක්ඛන්දනවොසග්ගො ච. තත්ථ පරිච්චාගවොසග්ගොති විපස්සනාක්ඛණෙ තදඞ්ගවසෙන, මග්ගක්ඛණෙ සමුච්ඡෙදවසෙන කිලෙසප්පහානං. පක්ඛන්දනවොසග්ගොති විපස්සනාක්ඛණෙ තන්නින්නභාවෙන, මග්ගක්ඛණෙ ආරම්මණකරණෙන නිබ්බානපක්ඛන්දනං. තදුභයම්පි ඉමස්මිං ලොකියලොකුත්තරමිස්සකෙ අත්ථවණ්ණනානයෙ වට්ටති. තථා හි අයං සම්මාදිට්ඨිආදීසු එකෙකො ධම්මො යථාවුත්තෙන පකාරෙන කිලෙසෙ ච පරිච්චජති, නිබ්බානඤ්ච පක්ඛන්දති. වොසග්ගපරිණාමින්ති ඉමිනා පන සකලෙන වචනෙන වොසග්ගත්ථං පරිණාමිතං පරිණතං, පරිපච්චිතං පරිපක්කඤ්චාති වුත්තං හොති. අයම්පි අරියමග්ගභාවනානුයුත්තො භික්ඛු යථා සම්මාදිට්ඨිආදීසු එකෙකො ධම්මො කිලෙසපරිච්චාගවොසග්ගත්ථඤ්ච නිබ්බානපක්ඛන්දනවොසග්ගත්ථඤ්ච පරිපච්චති, යථා ච පරිපක්කො හොති, තථා නං භාවෙති.
දැන් ප්‍රහාණ අවසානයෙහි, අභිසමය කථාවට අනතුරුව ප්රහාණාකාරය දක්වන්නහු විසින් දේශිත, සූත්‍රාන්ත පූර්වාංගම විවේක කථායෙහි පෙර නුවූ අර්ථ අනුවර්ණනාවයි. එහි සූත්‍රාන්තයෙහි යෙ කෙචි යනු සේස රහිතව හාත්පසින් ග්‍රහණයයි. බලකරණීයා යනු සෘජු බාහු බලයෙන් කළයුතු හෙයින්, කම්මන්තා යනු දිවීම්, පැනීම්, සීසෑම්-වැපිරීම් ආදී ක්‍රියා, ශක්තිවන්තයින් විසින් කරනු ලැබෙත්. සීලං නිස්සාය යනු සිව් පිරිසිදු සීලය නිශ්‍රයකොට, භාවෙති යනු බිඳුණු සිල්වත්හුට භාවනා අභාව හෙයින් මෙහි වනාහි ලෞකික ලෝකෝත්තර මාර්ග භාවනා අදහස් කරන ලදි. විවෙක නිස්සිතං යනු තදංග, සමුච්ඡේද, නිස්සරණ විවේක නිශ්රිත විවෙකො යනු විවේකතාව, මෙම ආර්ය මාර්ග භාවනායෙහි අනුයුක්ත යෝගියා විදර්ශනා ක්ෂණයෙහි, කෘත්‍යය වශයෙන් තදංග විවේක නිශ්රිතව, අදහස් වශයෙන් නිස්සරණ විවේක නිශ්රිතව, මාර්ග ක්ෂණයෙහි කෘත්‍යය වශයෙන් සමුච්ඡේද විවේක නිශ්රිත අරමුණු වශයෙන් නිස්සරණ විවේක නිශ්රිතව වඩයි. විරාග නිශ්රිතාදීණ්හිද එම ක්‍රමයමැයි. විවේකයම නොඇලීම් අර්ථයෙන් විරාගයයි. නිරෝධාර්ථයෙන් නිරෝධයයි. අත්හැරීම් අර්ථයෙන් වොස්සග්ගයි. නොහොත් කෙලෙසුන්ගෙන් වෙන් වූ හෙයින් විවේකයි. කෙලෙසුන් කෙරෙන් නොඇලුණු හෙයින් විරාගයි. කෙලෙසුන්ගේද නිරුද්ධ කළ හෙයින් නිරෝධයි. කෙලෙසුන්ගේද පරිත්‍යාග කළ හෙයින් අත්හළ හෙයින් වොස්සග්ගයි. වොස්සග්ගය වනාහි දෙයාකාරය. පරිත්‍යාග වොස්සග්ගය හා පැනවැදීම් වොස්සග්ගය වශයෙනි. එහි පරිත්‍යාගය වොස්සජනය යනු විදර්ශනා ක්ෂණයෙහි තදංග වශයෙන්ද මාර්ග ක්ෂණයෙහි සමුච්ඡේද වශයෙන්ද කෙලෙස් ප්‍රහාණයයි. ප්‍රස්කන්‍දන වොස්සජනය යනු විදර්ශනා ක්ෂණයෙහි එහි නිම්නභාවයෙන් මාර්ග ක්ෂණයෙහි අරමුණු කිරීමෙන් නිර්වාණය තුළට වැදීම එම ද්වයයම මෙම ලෞකික ලෝකෝත්තර මිශ්‍රිත අර්ථ වර්ණනා ක්රමයෙහි සුදුසුය. එසේම මෙය සම්‍යග් දෘෂ්ටි ආදීන්හි එක් එක් ධර්මයද, කියන ලද ආකාරයෙන් කෙලෙස්ද අත්හරියි. වොස්සග්ග පරිණාමිං යනු මෙම සියලු වචනයෙන්, වොස්සග්ගාර්ථය නියමකොට දෙන ලදුයේ මුහුකුරා ගියේ මේරූයේ යයි යූ.සේයි. මෙම ආර්ය මාර්ග භාවනායෙහි අනුයුක්ත භික්ෂුව සම්‍යග් දෘෂ්ටි ආදීන්හි එක් එක් ධර්මය කෙලෙස් පරිත්‍යාග වොස්සග්ගාර්ථයද, නිර්වාණයට පැනවැදීම් වොස්සග්ගාර්ථයද මෝරවයි. යම්සේ මුහුකුරා ගියේද එසේ එය වඩයි.
බීජගාමභූතගාමාති එත්ථ මූලබීජං ඛන්ධබීජං අග්ගබීජං ඵළුබීජං බීජබීජන්ති (පාචි· 91) පඤ්චවිධං බීජං, බීජගාමො නාම බීජසමූහොති අත්ථො. තදෙව පන සම්පන්නනීලඞ්කුරපාතුභාවතො පට්ඨාය භූතගාමො නාම, භූතානං ජාතානං නිබ්බත්තමූලනීලඞ්කුරානං සමූහොති අත්ථො. දෙවතාපරිග්ගහෙ සති නීලඞ්කුරකාලතො පභුති හොතීති තෙසං දෙවතාසඞ්ඛාතානං භූතානං ගාමොතිපි භූතගාමොති වදන්ති. වුද්ධින්ති අඞ්කුරාදිවසෙන. විරුළ්හින්ති ඛන්ධාදිවසෙන. වෙපුල්ලන්ති පුප්ඵාදිවසෙන. ධම්මෙසු පන වුද්ධින්ති අපුබ්බධම්මප්පවත්තිවසෙන. විරුළින්ති සකිච්චකරණසාධනවසෙන. වෙපුල්ලන්ති කිච්චනිප්ඵත්තිවසෙන විපුලභාවන්ති අත්ථො. විපුලත්තන්තිපි පාඨො. අථ වා එතානි තීණි පදානි සීලසමාධිපඤ්ඤාහිපි යොජෙන්ති.
බීජගාම භූතගාමා යන මෙහි මූලබීජ, ඛන්ධ බීජ, අග්ග බීජ, ඵල බීජ, බීජ බීජ යයි බීජය පස්වැදෑරුම්ය. බීජගාමනම් බීජ සමූහයයි අර්ථයි. එයම පිරිපුන් නිල් අංකුර පහළ වීමෙහි පටන් භූතගාම නමැ. සිදුවූ, හටගත්, හටගත් මූලය නිල් අංකුරයන්ගේ සමූහයයි අර්ථයි. නිල් අංකුර කාලයෙහි පටන් දේවතා පරිග්‍රහය වේයයි එම දේවතා සංඛ්‍යාත භූතයින්ගේ ග්රාමයනුයි භූතගාම යයි කියති. වුද්ධිං යනු අංකුර වශයෙන් වැඩීමයි. විරූළ්හිං යනු වෘක්ෂයන්හි කඳන් ආදී වශයෙනි. වෙපුල්ලං යනු කෘත්‍යයන් සම්පූර්ණත්වයට පත්වීම් වශයෙන් මහත් භාවයැයි අර්ථයි. ‘විපුලත්තං’යිද පාඨයි. තවද එම තෙපදයන් සීල, සමාධි, ප්රඥාවන්හිද යොදති.
මග්ගඞ්ගනිද්දෙසවණ්ණනා
මග්ගඞ්ගනිද්දෙසවණ්ණනා
සුත්තන්තනිද්දෙසෙ සම්මාදිට්ඨියාති සාමිවචනං. ඣානවිපස්සනාමග්ගඵලනිබ්බානෙසු ලොකියවිරතිසම්පයුත්තචිත්තෙ ච යථායොගං සම්පයොගතො ච ආරම්මණතො ච වත්තමානාය සම්මාදිට්ඨියා සාමඤ්ඤලක්ඛණතො එකීභූතාය සම්මාදිට්ඨියා. වික්ඛම්භනවිවෙකොති වික්ඛම්භනවසෙන දූරීකරණවසෙන විවෙකො. කෙසං? නීවරණානං. තස්ස පඨමං ඣානං භාවයතොතිආදි වික්ඛම්භනවසෙන පඨමජ්ඣානමෙව වුත්තං. තස්මිං වුත්තෙ සෙසජ්ඣානානිපි වුත්තානෙව හොන්ති. ඣානෙසුපි සම්මාදිට්ඨියා විජ්ජමානත්තා සම්මාදිට්ඨියා විවෙකො නාම හොති. තදඞ්ගවිවෙකොති තෙන තෙන විපස්සනාඤාණඞ්ගෙන විවෙකො. දිට්ඨිගතානන්ති දිට්ඨිවිවෙකස්ස දුක්කරත්තා පධානත්තා ච දිට්ඨිවිවෙකොව වුත්තො. තස්මිං වුත්තෙ නිච්චසඤ්ඤාදිවිවෙකොපි වුත්තොව හොති. නිබ්බෙධභාගියං සමාධින්ති විපස්සනාසම්පයුත්තසමාධිං. සමුච්ඡෙදවිවෙකොති කිලෙසානං සමුච්ඡෙදෙන විවෙකො. ලොකුත්තරං ඛයගාමිමග්ගන්ති ඛයසඞ්ඛාතනිබ්බානගාමිලොකුත්තරමග්ගං. පටිප්පස්සද්ධිවිවෙකොති කිලෙසානං පටිප්පස්සද්ධියා විවෙකො. නිස්සරණවිවෙකොති සබ්බසඞ්ඛතනිස්සරණභූතො සඞ්ඛාරවිවෙකො. ඡන්දජාතො හොතීති පුබ්බභාගෙ ජාතධම්මඡන්දො හොති. සද්ධාධිමුත්තොති පුබ්බභාගෙයෙව සද්ධාය අධිමුත්තො හොති. චිත්තඤ්චස්ස ස්වාධිට්ඨිතන්ති පුබ්බභාගෙයෙව චිත්තඤ්ච අස්ස යොගිස්ස සුඅධිට්ඨිතං සුට්ඨු පතිට්ඨිතං හොති. ඉති ඡන්දො සද්ධා චිත්තන්ති ඉමෙ තයො ධම්මා පුබ්බභාගෙ උප්පන්නවිවෙකානං උපනිස්සයත්තා නිස්සයා නාම. කෙචි පන “චිත්තඤ්චස්ස ස්වාධිට්ඨිතන්ති සමාධි වුත්තො”ති වදන්ති. විරාගාදීසුපි එසෙව නයො.
සූත්‍රාන්ත නිර්දේශයෙහි, සම්මා දිට්ඨියා යනු ෂෂ්ඨි වචනයි. ධ්‍යාන, විදර්ශනා, මාර්ග, ඵල, නිර්වාණයන්හි, ලෞකික විරති සම්ප්‍රයුක්ත සිතෙහිද, සුදුසු පරිද්දෙන් සම්ප්‍රයෝග වශයෙන්ද අරමුණු වශයෙන්ද, පවත්නා සම්‍යග් දෘෂ්ටියෙහි සමාන ලක්ෂණ වශයෙන් ඒකාකාර වූ සම්‍යග් දෘෂ්ටියෙහි, වික්ඛම්භන විවෙකො යනු යටපත් කිරීම් වශයෙන් දුර කිරීම් වශයෙන් විවේකයයි කවරකගේද? නීවරණයන්ගේ. ඔහුට පඨමජ්ඣානං භාවයතො යනාදිය යටපත් කිරීම් වශයෙන් ප්රථමධ්යානයම යූ.සේයි. එය කී කල්හි සෙසු ධ්‍යානයෝද කියන ලද්දාහුම වෙති. ධ්‍යානයන්හිද සම්‍යග් දෘෂ්ටිය විද්‍යමාන හෙයින් සම්‍යග් දෘෂ්ටියෙහි විවේකය නමැ. තදංග විවෙකො යනු ඒ ඒ විදර්ශනා ඤාණයෙන් වන විවේකයයි. දිට්ඨිගතානං යනු දෘෂ්ටි විවේකයාගේ දුෂ්කර හෙයින්ද, ප්‍රධාන හෙයින්ද දෘෂ්ටි විවේකයම යූ.සේයි. නිබ්බෙධභාගියං සමාධිං යනු විදර්ශනා සම්ප්‍රයුක්ත සමාධියයි, සමුච්ඡෙද විවෙකො යනු කෙලෙසුන්ගේ විනාශකිරීම් වශයෙන් වන විවේකයයි. ලොකුත්තරං ඛයාමි මග්ගං යනු ක්ෂය සංඛ්‍යාත නිර්වාණයට පමුණුවන ලෝකෝත්තර මාර්ගයයි. පටිප්පස්සද්ධි විවෙකො යනු කෙලෙසුන්ගේ සංසිඳීමෙහිදී වන විවේකයයි. නිස්සරණ විවෙකො යනු සියලු සංඛතයන්ගෙන් නිදහස්වීම වූ සංස්කාර විවේකයයි. ඡන්ද ජාතො හොති යනු පූර්ව භාගයෙහි හටගත් ධර්මච්ඡන්දය වෙයි. සද්ධාධිමුත්තො යනු පූර්ව භාගයෙහිම ශ්‍රද්ධායෙහි ඇලුණේ වේ. චිත්තඤ්චස්ස ස්වාධිට්ඨිතං යනු පූර්වභාගයෙහි මෙම යෝගියාගේ සිතද මනාව අධිෂ්ඨාන කරන ලදුයේ මනාව පිහිටුවන ලදුයේ වේ. මෙසේ, ඡන්දය, ශ්‍රද්ධාව, සිත යන මෙම තෙදහම් පෙරකලැ උපන් විවේකයන්ට උපනිශ්‍රය හෙයින් නිශ්‍රය නමැ. සමහරු වනාහි ‘චිත්තඤ්චස්ස සමාධිට්ඨිතං’ යැයි සමාධිය කියන ලදැයි කියති. විරාගාදීන්හිද එම ක්‍රමයමැයි.
නිරොධවාරෙ පන නිරොධසද්දතො අඤ්ඤං පරියායවචනං දස්සෙන්තෙන අමතා ධාතූති වුත්තං, සෙසෙසු නිරොධො නිබ්බානන්ති උභයත්ථාපි නිබ්බානමෙව. ද්වාදස නිස්සයාති ඡන්දසද්ධාචිත්තානියෙව විවෙකාදීසු චතූසු එකෙකස්මිං තයො තයො කත්වා ද්වාදස නිස්සයා හොන්ති.
නිරොධ වාරයෙහි වනාහි නිරොධ ශබ්දයෙන් අන්‍ය සමාන වචනයක් දක්වන්නහු විසින් ‘අමතං ධාතු’යි යූසේයි. සෙසු තන්හි ‘නිරොධො නිබ්බාණං’යි දක්වයි. දෙඅයුරින්ම නිර්වාණයම දැක්වේ. ඡන්ද, ශ්‍රද්ධා, චිත්තයන්ම විවේකාදී සතරෙහි එකිනෙකෙහි ත්‍රයය, ත්‍රයය බැගින් කොට දොළොස් නිශ්‍රය වෙයි.
සම්මාසඞ්කප්පවායාමසතිසමාධීනම්පි ඉමිනාව නයෙන අත්ථයොජනා වෙදිතබ්බා. සම්මාවාචාකම්මන්තා ජීවානං පන ඣානක්ඛණෙ විපස්සනාක්ඛණෙ ච අභාවා ඣානවිපස්සනානං පුබ්බභාගපරභාගවසෙන වත්තමානා විරතියො ඣානවිපස්සනා සන්නිස්සිතා කත්වා වුත්තාති වෙදිතබ්බං. නීවරණානං දිට්ඨිගතානඤ්ච විවෙකවිරාගනිරොධපටිනිස්සග්ගා තථා පවත්තමානානං විරතීනං විවෙකාදයො නාමාති වෙදිතබ්බං. යථා අට්ඨකනිපාතෙ “තතො, ත්වං භික්ඛු, ඉමං සමාධිං සවිතක්කං සවිචාරම්පි භාවෙය්යාසි, අවිතක්කවිචාරමත්තම්පි භාවෙය්යාසි, අවිතක්කං අවිචාරම්පි භාවෙය්යාසි, සප්පීතිකම්පි භාවෙය්යාසි, නිප්පීතිකම්පි භාවෙය්යාසි, සාතසහගතම්පි භාවෙය්යාසි, උපෙක්ඛාසහගතම්පි භාවෙය්යාසී”ති (අ· නි· 8.63) මෙත්තාදයො කායානුපස්සනාදයො ච නියකජ්ඣත්තමූලසමාධිවසෙන චතුක්කපඤ්චකජ්ඣානිකා විය වුත්තා, එවමිධාපි පුබ්බභාගපරභාගවසෙන විරතියො වුත්තාති වෙදිතබ්බං. බ්යඤ්ජනච්ඡායමත්තං ගහෙත්වා න භගවා අබ්භාචික්ඛිතබ්බො. ගම්භීරඤ්හි බුද්ධවචනං, ආචරියෙ පයිරුපාසිත්වා අධිප්පායතො ගහෙතබ්බං.
සම්මා සංකප්ප, වායාම, සති, සමාධීන්හිද මෙම ක්‍රමයෙන් අර්ථ යෙදීම දතයුත්තාහ. සම්මා වාචා, කම්මන්ත, ආජීවයන්ගේ වනාහි ධ්යානක්ෂණයෙහිද, විදර්ශනා ක්‍ෂණයෙහිද අභාව හෙයින්, ධ්‍යාන විදර්ශනාවන්ට පූර්වභාග අපරභාග වශයෙන් පවත්නා විරතීහු, ධ්‍යාන විදර්ශනා සන්නිශ්‍රිත කොට කියන ලදැයි දතයුතුය. නීවරණයන්ගේද දෘෂ්ටිගතයන්ගේද, විවේක, විරාග, නිරොධ, පටිනිස්සග්ගයෝ, එසේ පවත්නා විරතීන්ගේ විවේකාදීහු නමැයි දතයුතුය. අට්ඨක නිපාතයෙහි ‘ඉක්බිති භික්ෂුව නුඹ මෙම සමාධිය සවිතර්ක සවිචාර වඩන්නෙහිය. අවිතර්ක විචාර මාත්‍රව වඩන්නෙහිය. අවිතර්ක, අවිචාරවද වඩන්නෙහිය. ප්‍රීති සහිතවද වඩන්නෙහිය. ප්‍රීති රහිතවද වඩන්නෙහිය. සති සහගතවද වඩන්නෙහිය. උපේක්ෂා සහගතවද වඩන්නෙහි යයි’ මෛත්‍රී ආදීහුද, කායානුපස්සනාදීහුද, ස්වකීය අධ්‍යාත්ම මූලික සමාධි වශයෙන් චතුෂ්ක, පඤ්චකධ්යානිකාදීන් මෙන් යූසේයි. මෙසේ මෙහිද පූර්වභාග, අපරභාග වශයෙන් විරතීහු යූ.සේයි. අක්ෂර ඡායා මාත්‍රය ගෙන භාග්‍යවතුන් වහන්සේට අසත්‍ය දෙයින් දොස් නොනැගිය යුතුයි. බුදුවදන් ගැඹුරුයි. ගුරුන් ඇසිරිකොට අදහස් වශයෙන් ගතයුතුය.
බොජ්ඣඞ්ගබලඉන්ද්රියවාරෙසුපි ඉමිනාව නයෙන අත්ථො වෙදිතබ්බොති.
බොධ්‍යංග-බල, ඉන්ද්රිය වාරයන්හිද මෙම ක්‍රමයෙන් අර්ථය දතයුතුය.
විවෙකකථාවණ්ණනා නිට්ඨිතා.
විවෙක කථා වර්ණනා නිමි.