බලකථා අට්ඨකථා
බලකථා
බල කථා
බලකථාවණ්ණනා
ඉදානි ලොකුත්තරකථාය අනන්තරං කථිතාය ලොකුත්තරකථාවතියා සුත්තන්තපුබ්බඞ්ගමාය බලකථාය අපුබ්බත්ථානුවණ්ණනා. තත්ථ ආදිතො සුත්තන්තවසෙන පඤ්ච බලානි දස්සෙත්වා තදඤ්ඤානිපි බලානි දස්සෙතුකාමො අපිච අට්ඨසට්ඨි බලානීතිආදිමාහ. සබ්බානිපි තංතංපටිපක්ඛෙහි අකම්පියට්ඨෙන බලානි නාම හොන්ති. හිරිබලන්තිආදීසු පාපතො හිරීයන්ති එතායාති හිරී, ලජ්ජායෙතං නාමං. පාපතො ඔත්තප්පන්ති එතෙනාති ඔත්තප්පං, පාපතො උබ්බෙගස්සෙතං නාමං. අජ්ඣත්තසමුට්ඨානා හිරී, බහිද්ධාසමුට්ඨානං ඔත්තප්පං. අත්තාධිපති හිරී, ලොකාධිපති ඔත්තප්පං . ලජ්ජාසභාවසණ්ඨිතා හිරී, භයසභාවසණ්ඨිතං ඔත්තප්පං. සප්පතිස්සවලක්ඛණා හිරී, වජ්ජභීරුකභයදස්සාවිලක්ඛණං ඔත්තප්පං. සා එව හිරී අහිරිකෙන න කම්පතීති හිරිබලං. තදෙව ඔත්තප්පං අනොත්තප්පෙන න කම්පතීති ඔත්තප්පබලං. අප්පටිසඞ්ඛානෙන න කම්පතීති පටිසඞ්ඛානබලං. උපපරික්ඛණපඤ්ඤායෙතං නාමං. වීරියසීසෙන සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙන්තස්ස උප්පන්නබලං භාවනාබලං. තථාපවත්තානං චතුන්නං ඛන්ධානමෙතං නාමං. පරිසුද්ධානි සීලාදීනි අනවජ්ජබලං. චත්තාරි සඞ්ගහවත්ථූනි සඞ්ගහබලං. සඞ්ගහෙ බලන්තිපි පාඨො. දුක්ඛමානං අධිවාසනං ඛන්තිබලං. ධම්මකථාය පරෙසං තොසනං පඤ්ඤත්තිබලං. අධිතස්ස අත්ථස්ස අධිගමාපනං නිජ්ඣත්තිබලං. කුසලෙසු බහුභාවො ඉස්සරියබලං. කුසලෙසු යථාරුචි පතිට්ඨානං අධිට්ඨානබලං. හිරිබලාදීනං අත්ථො මාතිකාපදෙසු බ්යඤ්ජනවසෙන විසෙසතො යුජ්ජමානං ගහෙත්වා වුත්තො. සමථබලං විපස්සනාබලන්ති බලප්පත්තා සමථවිපස්සනා එව.
ලෝකෝත්තර කථාවට අනතුරුව කියන ලද, ලෝකෝත්තර කථා ප්‍රවෘත්තියෙහි සූත්‍රාන්ත පූර්වංගම බලකථායෙහි පෙර නුවූ විරූ අර්ථ අනුවර්ණනාවයි. එහි පළමුයෙන් සූත්‍රාන්ත වශයෙන් පඤ්ච බලයන් ගෙනහැර දක්වා, එයින් අන්‍ය වූද බලයන් දක්වනු කැමැතියේ, අට්ඨ සට්ඨි බලානි ආදිය වදාළහ. සියල්ලම එයට ප්රතිපක්ෂයන්ගෙන් කම්පා නොවන අර්ථයෙන් බල නම් වේ. හිරිබලං යනාදීන්හි එය කරණකොට පාපය කෙරෙන් ලජ්ජා වේනුයි හිරියි. එය ලජ්ජාවට නාමයකි. පාපය කෙරෙන් එය කරණකොට බිය වේනුයි ඔත්තප්පංයි. එය පාපය කෙරෙන් තැතිගැන්මට නාමයකි. ලජ්ජාව ආධ්‍යාත්මිකව හටගනී. බිය බාහිරව හටගනියි. ලජ්ජාව ආත්මාධිපතියි. බිය ලෝකාධිපතියි. හිරිය ලජ්ජා ස්වභාවයෙහි පිහිටියේය. ඔත්තප්පය බිය ස්වභාවයෙහි පිහිටියේය. තමා ගැන ගෞරව ස්වභාව ඇතියේ හිරියි. වරදෙහි බියජනක ස්වභාවය හා බියදක්නා සුලු ලක්ෂණය ඔත්තප්පයයි. එම ලජ්ජාවම, ලජ්ජා නොමැති ස්වභාවයෙන් කම්පා නොවේනුයි හිරිබලංයි. එම බියම, නොබියවීමෙන් කම්පා නොවේනුයි ඔත්තප්පබලංයි. නුවණින් සලකා නොබැලීමෙන් කම්පා නොවේනුයි පටිසංඛානබලංයි. විමසා බැලීමේ ප්‍රඥාවට එය නාමයකි. වීර්ය ශීර්ෂයෙන් සප්ත බොධ්‍යංගයන් වඩන්නාහුට උපන් බලය භාවනා බලංයි. එසේ පැවැති සිව් ස්කන්ධයන්ට එය නාමයකි. පිරිසිදු සීලාදීන් අනවජ්ජබලංයි. සතර සංග්‍රහ වස්තූන් සංගහබලංයි. සංගහෙබලංයිද පාඨයි. දුක පිළිබඳ ඉවසීම ඛන්තිබලංයි. දැහැමි කථායෙන් අන්‍යයා තෘප්තියට පත්කිරීම පඤ්ඤත්තිබලංයි. කියන ලද්දෙහි අර්ථාවබෝධයට පැමිණීම නිජ්ඣත්තිබලංයි. කුසලයන්හි බහුලභාවය ඉස්සරියබලංයි. කුසලයන්හි කැමැති පරිදි පිහිටීඹ අධිට්ඨානබලංයි. හිරිබලාදීන්ගේ අර්ථය මාතෘකා පදයන්හි අක්ෂර වශයෙන් විශේෂයෙන් යෙදෙන ආකාරය ගෙන යූසේයි. සමථබලං විපස්සනා බලං යනු බලවත් භාවයට පත් සමථ විදර්ශනාමය.
මාතිකානිද්දෙසෙ අස්සද්ධියෙ න කම්පතීති සද්ධාබලන්ති මූලබලට්ඨං වත්වා තමෙව අපරෙහි නවහි පරියායෙහි විසෙසෙත්වා දස්සෙසි. යො හි ධම්මො අකම්පියො බලප්පත්තො හොති, සො සහජාතෙ උපත්ථම්භෙති, අත්තනො පටිපක්ඛෙ කිලෙසෙ පරියාදියති, පටිවෙධස්ස ආදිභූතං සීලං දිට්ඨිඤ්ච විසොධෙති, චිත්තං ආරම්මණෙ පතිට්ඨාපෙති, චිත්තං පභස්සරං කරොන්තො වොදාපෙති, වසිං පාපෙන්තො විසෙසං අධිගමාපෙති, තතො උත්තරිං පාපෙන්තො උත්තරිපටිවෙධං කාරෙති, කමෙන අරියමග්ගං පාපෙත්වා සච්චාභිසමයං කාරෙති, ඵලප්පත්තියා නිරොධෙ පතිට්ඨාපෙති. තස්මා නවධා බලට්ඨො විසෙසිතො. එස නයො වීරියබලාදීසු චතූසු.
මාතෘකා නිර්දේශයෙහි, අස්සද්ධියෙ න කම්පතීති සද්ධාබලං යනු මුල් බලාර්ථය කියා එයම වෙනත් නව (9) ක්රමයන්ගෙන් වෙසෙසා දැක්වීය. යම් ධර්මයක් වනාහි කම්පා නොවූයේ බලප්‍රාප්ත වේද, එය සමග හටගත් දැයට රුකුල් දෙයි. තමාට ප්රතිපක්ෂ කෙලෙසුන් හාත්පසින් ක්ෂය කරයි. ප්‍රතිවේධයට මුල්වූ සීලයද, දෘෂ්ටියද පිරිසිදු කරයි. සිත අරමුණෙහි පිහිටුවයි. සිත ප්‍රභාස්වර කරනුයේ පිරිසිදු කරයි. වසඟයට පමුණුවනුයේ විශේෂයන් අවබෝධ කරවයි. ඉන් මතුයෙහි පමුණුවනුයේ, මත්තෙහි ප්‍රතිවේධ කරවයි. ක්‍රමයෙන් ආර්යමාර්ගයට පමුණුවා සිව්සස් අවබෝධ කරවයි. ඵල ප්රාප්තියෙන් නිරෝධයෙහි පිහිටුවයි. එහෙයින් නව (9) අයුරෙකින් බලාර්ථය වෙසෙසා දැක්වීය. වීර්ය බලාදී සතරෙහිද එම ක්‍රමයමැයි.
කාමච්ඡන්දං හිරීයතීති නෙක්ඛම්මයුත්තො යොගී නෙක්ඛම්මෙන කාමච්ඡන්දතො හිරීයති. ඔත්තප්පෙපි එසෙව නයො. එතෙහි සබ්බාකුසලෙහිපි හිරීයනා ඔත්තප්පනා වුත්තායෙව හොන්ති. බ්යාපාදන්තිආදීනම්පි ඉමිනාව නයෙන අත්ථො වෙදිතබ්බො. පටිසඞ්ඛාතීති අසම්මොහවසෙන ආදීනවතො උපපරික්ඛති. භාවෙතීති වඩ්ඪෙති. වජ්ජන්ති රාගාදිවජ්ජං. සඞ්ගණ්හාතීති බන්ධති. ඛමතීති තස්ස යොගිස්ස ඛමති රුච්චති. පඤ්ඤාපෙතීති තොසෙති. නිජ්ඣාපෙතීති චින්තාපෙති. වසං වත්තෙතීති චිත්තෙ පහු හුත්වා චිත්තං අත්තනො වසං කත්වා පවත්තෙති. අධිට්ඨාතීති විදහති. භාවනාබලාදීනි සබ්බානිපි නෙක්ඛම්මාදීනියෙව. මාතිකාවණ්ණනාය අඤ්ඤථා වුත්තො, අත්ථො පන බ්යඤ්ජනවසෙනෙව පාකටත්තා ඉධ න වුත්තොති වෙදිතබ්බං. සමථබලං විපස්සනාබලඤ්ච විත්ථාරතො නිද්දිසිත්වා අවසානෙ උද්ධච්චසහගතකිලෙසෙ ච ඛන්ධෙ ච න කම්පතීතිආදි ච අවිජ්ජාසහගතකිලෙසෙ ච ඛන්ධෙ ච න කම්පතීතිආදි ච සමථබලවිපස්සනාබලානං ලක්ඛණදස්සනත්ථං වුත්තං.
කාමච්ඡන්දං හිරීයති යනු නෛෂ්ක්රම්යයුක්ත යෝගියා නෙක්ඛම්මෙන කාමච්ඡන්දය කෙරෙන් ලජ්ජා වේ. ඔත්තප්පයෙහිද එම ක්‍රමයමැයි. එම සියලු අකුසලයන්ගෙන් ලජ්ජාවීම බියවීම යූසේයි. බ්යාපාදං යනාදීන්ගේද මෙම ක්‍රමයෙන් අර්ථය දතයුතුය. පටිසංඛා යනු මුළානොවීම් වශයෙන් ආදීනව වශයෙන් මනාව නුවණින් පිරික්සයි. භාවෙති යනු වඩයි. වජ්ජං යනු රාගාදී දෝෂයයි. සංගණ්හාති යනු බඳියි. ඛමති යනු එම යෝගීහට ඉවසයි. රිසි වේ. පඤ්ඤාපෙති යනු සතුටු කරයි. නිජ්ඣාපෙති යනු චින්තනය කරවයි. (ශ්රැතාර්ථ විමර්ශන) වසං වත්තෙති යනු සිතෙහි බොහෝම, සිත තම වශයෙහි කොට පවත්වයි. අධිට්ඨාති යනු නියම කරයි. භාවනා බලාදී සියල්ලම නෛෂ්ක්රම්යාදීහුමය. මාතෘකා වර්ණනායෙහි අන් අයුරෙකින් යූසේයි. අර්ථය වනාහි ව්‍යඤ්ජන වශයෙන්ම ප්‍රකට හෙයින් මෙහි නොකියන ලදැයි දතයුතුය. සමථ බලයද, විදර්ශනා බලයද විස්තර වශයෙන් නිර්දේශකොට අවසානයෙහි උද්ධච්ච සහගත කිලෙසෙච ඛන්ධෙච න කම්පති යන ආදියද, අවිජ්ජා සහගත කිලෙසෙච ඛන්ධෙච න කම්පතී යනාදියද සමථබල, විදර්ශනා බලයන්ගේ ලක්ෂණ දැක්වීම සඳහායි යූසේයි.
සෙඛාසෙඛබලෙසු සම්මාදිට්ඨිං සික්ඛතීති සෙඛබලන්ති සෙඛපුග්ගලො සම්මාදිට්ඨිං සික්ඛතීති සෙඛො, සා සම්මාදිට්ඨි තස්ස සෙඛස්ස බලන්ති සෙඛබලන්ති අත්ථො. තත්ථ සික්ඛිතත්තා අසෙඛබලන්ති අසෙඛපුග්ගලො තත්ථ සම්මාදිට්ඨියා සික්ඛිතත්තා න සික්ඛතීති අසෙඛො, සායෙව සම්මාදිට්ඨි තස්ස අසෙඛස්ස බලන්ති අසෙඛබලං. එසෙව නයො සම්මාසඞ්කප්පාදීසු. සම්මාඤාණන්ති පච්චවෙක්ඛණඤාණං. තම්පි හි ලොකිකම්පි හොන්තං සෙඛස්ස පවත්තත්තා සෙඛබලං, අසෙඛස්ස පවත්තත්තා අසෙඛබලන්ති වුත්තං. සම්මාවිමුත්තීති අට්ඨ මග්ගඞ්ගානි ඨපෙත්වා සෙසා ඵලසම්පයුත්තා ධම්මා . කෙචි පන “ඨපෙත්වා ලොකුත්තරවිමුත්තිං අවසෙසා විමුත්තියො සම්මාවිමුත්තී”ති වදන්ති. තස්ස සෙඛාසෙඛබලත්තං වුත්තනයමෙව.
ශෛක්ෂ්ය, අශෛක්ෂ්ය බලයන්හි, සම්මාදිට්ඨිං සික්ඛතීති සෙඛබලං යනු ශෛක්ෂ්ය පුද්ගලයා සම්‍යක් දෘෂ්ටියෙහි හික්මේනුයි ශෛක්ෂ්යයි. ඒ සම්‍යග් දෘෂ්ටිය එම ශෛක්ෂ්යයාගේ බලයනුයි ශෛක්ෂ්ය බලය යයි අර්ථයි. තත්ථ සික්ඛිතත්තා අසෙඛ බලං යනු, අශෛක්ෂ්ය පුද්ගලයා සම්‍යග් දෘෂ්ටියෙහි ශික්ෂිත බැවින් නොහික්මේනුයි අශෛක්ෂ්යයි. එම සම්‍යග් දෘෂ්ටියම එම අශෛක්ෂ්යයාගේ බලයනුයි අශෛක්ෂ්ය බලයයි. සම්‍යග් සංකල්පාදියෙහිද එම ක්‍රමයමැයි. සම්මා ඤාණං යනු ප්රත්යවේක්ෂා ඤාණයයි. එයද ලෞකික වනුයේ ශෛක්ෂ්යයාට පැවැති හෙයින් ශෛක්ෂ්ය බලයයි. අශෛක්ෂ්යයාට පැවැති හෙයින් අශෛක්ෂ්ය බලයැයි යූසේයි. සම්මා විමුත්ති යනු මාර්ගාංග හැර සෙසු බල සම්ප්‍රයුක්ත ධර්මයි. සමහරු වනාහි ලෝකෝත්තර විමුක්තිය හැර සෙසු විමුක්තීහු සම්මා විමුත්ති යැයි කියති. එහි ශෛක්ෂ්ය, අශෛක්ෂ්ය බලත්වය කියන ලද ක්‍රමයමැයි.
ඛීණාසවබලෙසු සබ්බානිපි ඤාණබලානි. ඛීණාසවස්ස භික්ඛුනොති කරණත්ථෙ සාමිවචනං, ඛීණාසවෙන භික්ඛුනාති අත්ථො. අනිච්චතොති හුත්වා අභාවාකාරෙන අනිච්චතො. යථාභූතන්ති යථාසභාවතො. පඤ්ඤායාති සහවිපස්සනාය මග්ගපඤ්ඤාය. අනිච්චතො සුදිට්ඨා දුක්ඛතො අනත්තතො සුදිට්ඨා හොන්ති තම්මූලකත්තා. යන්ති භාවනපුංසකවචනං, යෙන කාරණෙනාති වා අත්ථො. ආගම්මාති පටිච්ච. පටිජානාතීති සම්පටිච්ඡති පටිඤ්ඤං කරොති. අඞ්ගාරකාසූපමාති මහාභිතාපට්ඨෙන අඞ්ගාරකාසුයා උපමිතා. කාමාති වත්ථුකාමා ච කිලෙසකාමා ච.
ක්ෂීණාශ්රව බලයන්හි සියලුම ඤාණ බලයන් ඛීණාසවස්ස භික්ඛුනොයි කරණාර්ථයෙහි ෂෂ්ඨි වචනයි. ක්ෂීණාශ්රව භික්ෂුව විසිනැයි අර්ථයි. අනිච්චතො යනු පැවැත, අභාවයට යන ආකාරයෙන් අනිත්‍ය වශයෙන්, යථාභූතං යනු යථා ස්වභාවයෙන් පඤ්ඤාය යනු විදර්ශනා සහිත මාර්ග ප්‍රඥායෙන්, අනිච්චතො සුදිට්ඨා, දුක්ඛතො, අනත්තතො සුදිට්ඨා හොන්ති යන එය මූලික හෙයිනි. යං යනු භාව නපුංසක වචනයි. යම් කරුණෙකින් යයි හෝ අර්ථයි. ආගම්ම යනු හේතුකොට, පටිජානාති යනු පිළිගනියි පිළිණ කෙරේ. අංගාරකාසූපමා යනු මහත් දැඩි උෂ්ණ අර්ථයෙන් අඟුරුවළට උපමා කරන ලද, කාමා යන, වස්තුකාම හා ක්ලේශ කාම,
විවෙකනින්නන්ති ඵලසමාපත්තිවසෙන උපධිවිවෙකසඞ්ඛාතනිබ්බානනින්නං. තයො හි විවෙකා – කායවිවෙකො චිත්තවිවෙකො උපධිවිවෙකොති. කායවිවෙකො ච විවෙකට්ඨකායානං නෙක්ඛම්මාභිරතානං. චිත්තවිවෙකො ච අධිචිත්තමනුයුත්තානං. උපධිවිවෙකො ච නිරුපධීනං පුග්ගලානං විසඞ්ඛාරගතානං, නිස්සරණවිවෙකසඞ්ඛාතනිබ්බානනින්නං වා. පඤ්ච හි විවෙකා – වික්ඛම්භනවිවෙකො තදඞ්ගවිවෙකො සමුච්ඡෙදවිවෙකො පටිප්පස්සද්ධිවිවෙකො නිස්සරණවිවෙකොති. විවෙකනින්නන්ති විවෙකෙ නින්නං. විවෙකපොණන්ති විවෙකෙ නතං. විවෙකපබ්භාරන්ති විවෙකසීසභාරං. ද්වෙපි පුරිමස්සෙව වෙවචනානි. විවෙකට්ඨන්ති කිලෙසෙහි වජ්ජිතං, දූරීභූතං වා. නෙක්ඛම්මාභිරතන්ති නිබ්බානෙ අභිරතං, පබ්බජ්ජාය අභිරතං වා. බ්යන්තීභූතන්ති විගතන්තීභූතං, එකදෙසෙනාපි අනල්ලීනං විප්පමුත්තං විසංසට්ඨං. සබ්බසොති සබ්බථා. ආසවට්ඨානියෙහි ධම්මෙහීති සංයොගවසෙන ආසවානං කාරණභූතෙහි කිලෙසධම්මෙහීති අත්ථො. අථ වා බ්යන්තීභූතන්ති විගතනිකන්තිභූතං, නිත්තණ්හන්ති අත්ථො. කුතො? සබ්බසො ආසවට්ඨානියෙහි ධම්මෙහි සබ්බෙහි තෙභූමකධම්මෙහීති අත්ථො. ඉධ දසහි ඛීණාසවබලෙහි ඛීණාසවස්ස ලොකියලොකුත්තරො මග්ගො කථිතො. “අනිච්චතො සබ්බෙ සඞ්ඛාරා”ති දුක්ඛපරිඤ්ඤාබලං, “අඞ්ගාරකාසූපමා කාමා”ති සමුදයපහානබලං, “විවෙකනින්නං චිත්තං හොතී”ති නිරොධසච්ඡිකිරියාබලං, “චත්තාරො සතිපට්ඨානා”තිආදි සත්තවිධං මග්ගභාවනාබලන්තිපි වදන්ති. දස ඉද්ධිබලානි ඉද්ධිකථාය ආවි භවිස්සන්ති.
විවෙක නින්නං යනු ඵල සමවත් වශයෙන්, උපධි විවේක සංඛ්‍යාත නිර්වාණ නිම්න වූයේ, කාය, චිත්ත, උපධියයි විවේක ත්රයයකි. කාය විවේකය නෛෂ්ක්‍රම්‍යයෙහි ඇලුණවුන්ගේ ශාරීරික විවේකස්ථායී භාවයයි. චිත්ත විවේකය අධිචිත්තයන්හි (ධ්‍යාන සමාධි) යෙදුණවුන්ගේ වශයෙනි. උපධි විවේකය ලෞකික දැයින් වෙන්වූ උපධි රහිත පුද්ගලයින්ගේ වශයෙනි. නිස්සරණ විවේක සංඛ්‍යාත නිර්වාණ නිම්න වූවන්ගේ වශයෙන් හෝ වේ. විෂ්කම්භන, තදංග, සමුච්ඡේද, පටිප්පස්සද්ධී, නිස්සරණ යනුවෙන් විවේක පස් අයුරෙකින්ද වේ. විවෙක නින්නං යනු විවේකයට නැඹුරුවූයේ, විවෙක පොණං යනු විවේක ප්‍රවණ වූ, විවෙකං පබ්භාරං යනු විවේකයට බැහැවුම් ඇති, ද්වයයම ප්‍රථම වචනයට පර්යායයි. විවෙකට්ඨං යනු කෙලෙසුන්ගෙන් වර්ජිත වූයේ දුරුවූයේ, නෙක්ඛම්මාභිරතං යනු නෛෂ්ක්‍රම්‍යයෙහි ඇලුණා වූ හෝ ප්රවෘජ්යායෙහි ඇලුණා වූ, බ්යන්තිභූතං යනු විගතාන්ත වූයේ, එක් කොටසකින් හෝ නොඇලුණේ, මිදුණේ වෙන්වූයේ, සබ්බසො යනු සර්වප්රකාරයෙන්, ආසවට්ඨානීයෙහි ධම්මෙහි යනු සම්ප්‍රයෝග වශයෙන් ආශ්‍රවයන්ට හේතු වූ, කෙලෙස් ධර්මයන්ගෙන් යයි අර්ථයි. නොහොත් බ්යන්තිභූතං යනු පහවූ තෘෂ්ණාවෙන් යුක්තවූයේ, තෘෂ්ණා රහිත යැයි අර්ථයි. කොතැනින්ද, සබ්බසො ආසවට්ඨානීයෙහි ධම්මෙහි යනු සියලු ත්‍රෛභූමික ධර්මයන්ගෙන් යන අර්ථයි. මෙහි දශ ක්ෂීණාශ්රව බලයන්ගෙන් යුක්ත රහත්හුගේ ලෞකික ලෝකෝත්තර මාර්ගය කියන ලදි. ‘අනිච්චතො සබ්බෙ සංඛාරා’ යනු දුක සම්පූර්ණයෙන් දැනීමේ බලයයි. ‘අංගාරකාසූපමා කාමා’ යනු දුක්ඛ සමුදයෙහි ප්‍රහාණ බලයයි. ‘විවෙක නින්නං චිත්තං හොති’ නිරෝධය සාක්සාත් කිරීමේ බලයයි. ‘චත්තාරො සතිපට්ඨානා’ ආදිය සත්වැදෑරුම් මාර්ග භාවනා බලය යැයිද කියති. දස සෘද්ධි බල සෘද්ධි කථායෙහි ප්‍රකට වන්නේය.
තථාගතබලනිද්දෙසෙ තථාගතබලානීති අඤ්ඤෙහි අසාධාරණානි තථාගතස්සෙව බලානි. යථා වා පුබ්බබුද්ධානං බලානි පුඤ්ඤුස්සයසම්පත්තියා ආගතානි, තථා ආගතබලානීතිපි අත්ථො. තත්ථ දුවිධං තථාගතබලං – කායබලං ඤාණබලඤ්ච. තෙසු කායබලං හත්ථිකුලානුසාරෙන වෙදිතබ්බං. වුත්තඤ්හෙතං පොරාණෙහි –
තථාගත බල නිර්දේශයෙහි, තථාගත බලානි යනු අන්‍යයන් හා අසාධාරණ තථාගතයන් වහන්සේගේම බලයෝය. යම්සේ හෝ පෙර බුදුවරුන්ගේ බල, පුණ්යබහුල සම්පත්තියෙන් පැමිණියාහු, එසේ පැමිණියා වූ බල යයිද අර්ථයි. එහි තථාගත බල දෙයාකාරය. කායබලය හා ඤාණබලය වශයෙනි. එහි කාය බලය ඇත්කුල අනුසාරයෙන් දතයුතුය. එය පෞරාණිකයන් විසින් කියන ලද්දේමය.
“කාළාවකඤ්ච ගඞ්ගෙය්යං, පණ්ඩරං තම්බපිඞ්ගලං; ගන්ධමඞ්ගලහෙමඤ්ච, උපොසථඡද්දන්තිමෙ දසා”ති. (විභ· අට්ඨ· 760; ම· නි· අට්ඨ· 1.148; සං· නි· අට්ඨ· 2.2.22);
කාලාවකඤ්ච ගංගෙය්‍යං - පණ්ඩරං තම්බ පිංගලං, ගන්ධ මංගල හෙමඤ්ච - උපොසථ ඡද්දන්ති මෙ දසා’ති
ඉමානි දස හත්ථිකුලානි. තත්ථ කාළාවකන්ති පකතිහත්ථිකුලං දට්ඨබ්බං. යං දසන්නං පුරිසානං කායබලං, තං එකස්ස කාළාවකස්ස හත්ථිනො බලං. යං දසන්නං කාළාවකානං බලං, තං එකස්ස ගඞ්ගෙය්යස්ස බලං. යං දසන්නං ගඞ්ගෙය්යානං, තං එකස්ස පණ්ඩරස්ස. යං දසන්නං පණ්ඩරානං , තං එකස්ස තම්බස්ස. යං දසන්නං තම්බානං, තං එකස්ස පිඞ්ගලස්ස. යං දසන්නං පිඞ්ගලානං, තං එකස්ස ගන්ධහත්ථිනො. යං දසන්නං ගන්ධහත්ථීනං, තං එකස්ස මඞ්ගලහත්ථිනො. යං දසන්නං මඞ්ගලහත්ථීනං, තං එකස්ස හෙමවතස්ස. යං දසන්නං හෙමවතානං, තං එකස්ස උපොසථස්ස. යං දසන්නං උපොසථානං, තං එකස්ස ඡද්දන්තස්ස. යං දසන්නං ඡද්දන්තානං, තං එකස්ස තථාගතස්ස බලං. නාරායනසඞ්ඝාතබලන්තිපි ඉදමෙව වුච්චති. තදෙතං පකතිහත්ථිනො ගණනාය හත්ථීනං කොටිසහස්සස්ස, පුරිසගණනාය දසන්නං පුරිසකොටිසහස්සානං බලං හොති. ඉදං තාව තථාගතස්ස කායබලං.
මේවා දස ඇත් කුලයෝය. එහි කාලාවකං යනු ප්‍රකෘති ඇත්කුලය දතයුතුය. පුරුෂයින් දස දෙනෙකුන්ගේ යම් කාය බලයක් වේද, එය එක් කාලාවක හස්තියෙකුගේ බලයයි. කාලාවකයින් දසදෙනෙකුන්ගේ යම් බලයක් වේද, එය එක් ගංගෙය්‍ය හස්තියෙකුගේ බලයයි. ගංගෙය්‍ය හස්තීහු දස දෙනෙකුන්ගේ යම් බලයක් වේද, එය එක් පණ්ඩර හස්තියෙකුගේ බලයයි. පණ්ඩර හස්තීහු දස දෙනෙකුන්ගේ යම් බලයක් වේද, එය එක් තම්බ හස්තියෙකුගේ බලයයි. තම්බ හස්තීහු දස දෙනෙකුන්ගේ යම් බලයක් වේද එය එක් පිංගල හස්තියෙකුගේ බලයයි. පිංග හස්තීහු දස දෙනෙකුන්ගේ යම් බලයක් වේද, එය එක් ගන්ධ හස්තියෙකුගේ බලයයි. ගන්ධ හස්තීහු දස දෙනෙකුන්ගේ යම් බලයක් වේද, එය එක් මංගල හස්තියෙකුගේ බලයයි. මංගල හස්තීහු දස දෙනෙකුන්ගේ යම් බලයක් වේද, එය එක් හේමවත හස්තියෙකුගේ බලයයි. හේමවත හස්තීහු දස දෙනෙකුන්ගේ යම් බලයක් වේද එය එක් උපෝසථ හස්තියෙකුගේ බලයයි. එක් උපෝසථ හස්තියෙකුගේ යම් බලයක් වේද එය එක් ඡද්දන්ත හස්තියෙකුගේ බලයයි. ඡද්දන්ත හස්තීහු දස දෙනෙකුන්ගේ යම් බලයක් වේද, එය එක් තථාගතයන් වහන්සේගේ බලයයි. මෙයම නාරායණ සංඝාත බලය යයි යූසේයි. එය ප්‍රකෘති (සාමාන්‍ය) හස්තීන්ගේ ගණනින් හස්තීහු කෝටි ලක්ෂයකි. මිනිස් ගණනින් පුරුෂයින් දසදෙනෙකුන් එක්කොට ගත් කල එවැනි පුරුෂ (මිනිස්) බල කෝටි දහසක් වේ. මෙය තථාගතයන් වහන්සේගේ කාය බලයයි.
ඤාණබලං පන ඉධ තාව අඤ්ඤත්ථ ච පාළියං ආගතමෙව දසබලඤාණං, මජ්ඣිමෙ (ම· නි· 1.150) ආගතං චතුවෙසාරජ්ජඤාණං, අට්ඨසු පරිසාසු අකම්පනඤාණං, චතුයොනිපරිච්ඡෙදකඤාණං, පඤ්චගතිපරිච්ඡෙදකඤාණං, සංයුත්තකෙ (සං· නි· 2.33-34) ආගතානි තෙසත්තති ඤාණානි, සත්තසත්තති ඤාණානීති එවමඤ්ඤානිපි අනෙකානි ඤාණසහස්සානි. එතං ඤාණබලං නාම. ඉධාපි ඤාණබලමෙව අධිප්පෙතං. ඤාණඤ්හි අකම්පියට්ඨෙන උපත්ථම්භනට්ඨෙන ච බලන්ති වුත්තං.
ඤාණ බලය වනාහි මෙහිද පෙළෙහි අන් තන්හිද සඳහන් අයුරුමය. දසබල ඤාණය මජ්ඣිම නිකායෙහි දැක්වේ. චතුර් වෛශාරද්‍ය ඤාණය අට පිරිස්හි අකම්ප්‍ය ඤාණය, සිව්යෝනි පිරිසිඳ දක්නා ඤාණය, පඤ්චගති පිරිසිඳ දක්නා ඤාණය සංයුක්ත නිකායාගත තෙසැත්තෑ ඤාණ, සත් සැත්තෑ ඤාණදැයි මෙසේ අන්‍ය වූ නොයෙක් ඤාණ දහස් ගණනකි. එය ඤාණ බලනමැ. මෙහිද ඤාණ බලයම අදහස් කරන ලදි. ඤාණය වනාහි අකම්ප්යාර්ථයෙන්ද, රුකුල් දෙන අර්ථයෙන්ද බලය යැයි යූ.සේයි.
ඨානඤ්ච ඨානතොති කාරණඤ්ච කාරණතො. කාරණඤ්හි යස්මා තත්ථ ඵලං තිට්ඨති තදායත්තවුත්තිතාය උප්පජ්ජති චෙව පවත්තති ච, තස්මා ඨානන්ති වුච්චති. තං භගවා යෙ යෙ ධම්මා යෙසං යෙසං ධම්මානං හෙතූ පච්චයා උප්පාදාය, තං තං ඨානන්ති, යෙ යෙ ධම්මා යෙසං යෙසං ධම්මානං න හෙතූ න පච්චයා උප්පාදාය, තං තං අට්ඨානන්ති පජානන්තො ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති. යම්පීති යෙන ඤාණෙන. ඉදම්පීති ඉදම්පි ඨානාට්ඨානඤාණං, තථාගතස්ස තථාගතබලං නාම හොතීති අත්ථො. එවං සෙසපදෙසුපි යොජනා වෙදිතබ්බා.
ඨානඤ්ච ඨානතො යනු හේතුව හේතුව වශයෙන්, යම් හෙයකින් හේතුව වනාහි එහි ඵලයට පැමිණ සිටීද? එයට අයත් පැවතුම් ඇති හෙයින් හටගනීද? පවතීද? එහෙයින් හේතුවයැයි කියයි. එය භාග්‍යවතුන් වහන්සේ යම් යම් ධර්මයන්ගේ ඉපැත්ම සඳහා යම් යම් ධර්ම හේතුප්‍රත්‍යය වේද? ඒ ඒ දේ හේතුව නම් වේ. යම් යම් ධර්ම යම් යම් ධර්මයන්ගේ ඉපැත්ම සඳහා හේතුප්‍රත්‍යය නොවේද? ඒ ඒ කරුණ අහේතුව යැයි දන්නේ හේතුවද, හේතු වශයෙන් අහේතුවද අහේතු වශයෙන් තත්වාකාරයෙන් දැනගනී. (දනී) යම්පි යනු යම් ඤාණයකින්, ඉදම්පි යනු මෙම ඨානා ඨානඤාණය, තථාගතයන් වහන්සේගේ තථාගත බලය නම් වේයයි අර්ථයි. සෙසු පදයන්හිද මෙසේ යෙදීම දතයුත්තාහ.
ආසභං ඨානන්ති සෙට්ඨට්ඨානං උත්තමට්ඨානං, ආසභා වා පුබ්බබුද්ධා, තෙසං ඨානන්ති අත්ථො. අපිච ගවසතජෙට්ඨකො උසභො, ගවසහස්සජෙට්ඨකො වසභො, වජසතජෙට්ඨකො වා උසභො, වජසහස්සජෙට්ඨකො වසභො, සබ්බගවසෙට්ඨො සබ්බපරිස්සයසහො සෙතො පාසාදිකො මහාභාරවහො අසනිසතසද්දෙහිපි අසන්තසනීයො නිසභො, සො ඉධ උසභොති අධිප්පෙතො. ඉදම්පි හි තස්ස පරියායවචනං. උසභස්ස ඉදන්ති ආසභං. ඨානන්ති චතූහි පාදෙහි පථවිං උප්පීළෙත්වා අවට්ඨානං. ඉදං පන ආසභං වියාති ආසභං යථෙව හි නිසභසඞ්ඛාතො උසභො උසභබලෙන සමන්නාගතො චතූහි පාදෙහි පථවිං උප්පීළෙත්වා අචලට්ඨානෙන තිට්ඨති, එවං තථාගතොපි දසහි තථාගතබලෙහි සමන්නාගතො චතූහි වෙසාරජ්ජපාදෙහි අට්ඨපරිසපථවිං උප්පීළෙත්වා සදෙවකෙ ලොකෙ කෙනචි පච්චත්ථිකෙන පච්චාමිත්තෙන අකම්පියො අචලට්ඨානෙන තිට්ඨති, එවං තිට්ඨමානො ච තං ආසභං ඨානං පටිජානාති උපගච්ඡති න පච්චක්ඛාති, අත්තනි ආරොපෙති. තෙන වුත්තං – “ආසභං ඨානං පටිජානාතී”ති (සං· නි· අට්ඨ· 2.2.22; ම· නි· අට්ඨ· 1.148).
ආසභණ්ඨානං යනු ශ්‍රේෂ්ඨ ස්ථානය, උතුම් ස්ථානය, ශ්‍රේෂ්ඨ වූ හෝ පූර්ව බුදුවරු, ඔවුන්ගේ ස්ථානයයි අර්ථයි. තවද ගවයින් සියයක ප්‍රධාන ගවයා වෘෂභයි. ගවයින් දහසක ප්‍රධාන ගවයා වසභයි. ගාල් සියයක ප්‍රධාන ගවයා හෝ වෘෂභයි. ගාල් දහසක ප්‍රධාන ගවයා වසභයි. සියලු ගවයින්ට ශ්‍රේෂ්ඨ, සියලු උවදුරු උසුලන, ශ්වේත වර්ණ, ප්‍රසාදාවහ මහබර උසුලන, හෙන හඬ සියයකින්ද, සන්ත්‍රාසයට පත් නොවනුයේ නිසභයි. එය මෙහි වෘෂභයයි අදහස් කරන ලදි. මෙයද එයට පර්යාය වචනයයි. මෙය වෘෂභයාට නුයි ආසභංයි. ඨානං යනු සිව් පාදයන්ගෙන් පෘථුවිය මැඩ නොසෙල්වී සිටීමයි. මෙය වනාහි ආසභයකු මෙනැයි ආසභං නම් වේ. යම්සේ වනාහි නිසභ සංඛ්‍යාත වෘෂභයා වෘෂභ බලයේ යුක්ත වුයේ, සිව් පාදයන්ගෙන් පෘථුවිය මැඩ නොසෙල්වන සිටීමෙන් සිටියිද, එසේ තථාගතයන් වහන්සේද දස තථාගත බලයන්ගෙන් යුක්ත වූයේත් චතුර් වෛශාරද්‍ය පාදයන්ගෙන්, අටපිරිස නමැති පෘථුවිය මැඩ සදේවක ලෝකයෙහි කිසි සතුරෙකු පස මිතුරෙකු විසින් අකම්ප්‍ය වූසේක් නොසැලෙන සිටීමෙන් සිටිත්. මෙසේ සිටිනු ලබන්නා වූද, එතුමාණෝ ශ්‍රේෂ්ඨ ස්ථානය පිළිණ කෙරෙත්. එළැඹෙත්. අත්හැර නොදමත්. තමා කෙරෙහි ආරෝපණය කරත්. එහෙයින් ආසභණ්ඨානං පටිජානාතියි යූසේයි.
පරිසාසූති ඛත්තියබ්රාහ්මණගහපතිසමණචාතුමහාරාජිකතාවතිංසමාරබ්රහ්මානං වසෙන අට්ඨසු පරිසාසු. සීහනාදං නදතීති සෙට්ඨනාදං අඡම්භිතනාදං නදති, සීහනාදසදිසං වා නාදං නදති. අයමත්ථො සීහනාදසුත්තෙන (ම· නි· 1.146 ආදයො; දී· නි· 1.381 ආදයො) දීපෙතබ්බො. යථා වා සීහො සහනතො හනනතො ච සීහොති වුච්චති, එවං තථාගතො ලොකධම්මානං සහනතො පරප්පවාදානං හනනතො සීහොති වුච්චති. එවං වුත්තස්ස සීහස්ස නාදං සීහනාදං. තත්ථ යථා සීහො සීහබලෙන සමන්නාගතො සබ්බත්ථ විසාරදො විගතලොමහංසො සීහනාදං නදති, එවං තථාගතසීහොපි තථාගතබලෙහි සමන්නාගතො අට්ඨසු පරිසාසු විසාරදො විගතලොමහංසො “ඉති රූප”න්තිආදිනා (සං· නි· 3.78) නයෙන නානාවිධදෙසනාවිලාසසම්පන්නං සීහනාදං නදති. තෙන වුත්තං – “පරිසාසු සීහනාදං නදතී”ති.
පරිසාසු යනු ක්ෂත්රිය, බ්‍රාහ්මණ. ගෘහපති, ශ්‍රමණ, චාතුර්මහා රාජික, තාවතිංස, මාර, බ්‍රහ්ම වශයෙන් වන අටපිරිස්හි, සීහනාදං නදති යනු ශ්‍රේෂ්ඨ නාදය, අභීත නාදය නාදකරයි. සිංහනාදය හා සමවූ නාදය නාදකරයි. මෙම අර්ථය සීහනාද සූත්‍රයෙන් දැක්විය යුතුය. යම්සේ වනාහි සිංහයා ඉවසන හෙයින්ද, නසන හෙයින්ද, සිංහයයි කියනු ලැබේ. මෙසේ තථාගතයන් වහන්සේ ලෝකධර්මයන් ඉවසන හෙයින්ද, පරප්‍රවාදයන් නසන හෙයින්ද සිංහයයි යූ.සේයි. මෙසේ කියන ලද සිංහයාගේ නාදය සිංහනාදයයි. එහි යම්සේ සිංහයා සිංහ බලයෙන් යුක්ත වූයේ හැමතැන නිර්භය වූයේ, පහවූ ලොමුඩැහැ ගැනීම් ඇතියේ සිංහනාදය කරයි. මෙසේ තථාගත සීහරාජයාණෝද, තථාගත බලයන්ගෙන් යුක්ත වූයේ, අට පිරිස්හි නිර්භය වූයේ, පහවූ ලොමුඩැහැ ගැනීම් ඇතියේ ‘මෙසේ රූප’ යැයි ආදී ක්‍රමයෙන් නොයෙක් ආකාර දේශනා විලාසයන්ගෙන් යුක්ත වූයේ සිංහනාදය නාදකරයි. එහෙයින් පරිසාසු සීහනාදං නදති.
බ්රහ්මචක්කං පවත්තෙතීති එත්ථ බ්රහ්මන්ති සෙට්ඨං උත්තමං විසුද්ධං. චක්කසද්දො පනායං –
බ්‍රහ්ම චක්කං පවත්තෙතියි යූසේයි. මෙහි බ්‍රහ්ම යනු ශ්‍රේෂ්ඨ උතුම්, අතිපරිශුද්ධ යන වචනයි. මෙම චක්ක ශබ්දය වනාහි;
සම්පත්තියං ලක්ඛණෙ ච, රථඞ්ගෙ ඉරියාපථෙ; දානෙ රතනධම්මූර, චක්කාදීසු ච දිස්සති; ධම්මචක්කෙ ඉධ මතො, තම්පි ද්වෙධා විභාවයෙ.
සම්පත්තියං ලක්ඛණෙච - රථංගෙ ඉරියාපථෙ, දානෙ රතන ධම්මුර චක්කාදිසුච දිස්සති, ධම්ම චක්කෙ ඉධ මතො - තම්පි ද්වෙධා විභාවයෙ
“චත්තාරිමානි, භික්ඛවෙ, චක්කානි, යෙහි සමන්නාගතානං දෙවමනුස්සාන”න්තිආදීසු (අ· නි· 4.31) හි අයං සම්පත්තියං දිස්සති. “හෙට්ඨා පාදතලෙසු චක්කානි ජාතානි හොන්තී”ති (දී· නි· 2.35) එත්ථ ලක්ඛණෙ. “චක්කංව වහතො පද”න්ති (ධ· ප· 1) එත්ථ රථඞ්ගෙ. “චතුචක්කං නවද්වාර”න්ති (සං· නි· 1.29) එත්ථ ඉරියාපථෙ. “දදං භුඤ්ජ මා ච පමාදො , චක්කං වත්තය කොසලාධිපා”ති (ජා· 1.7.149) එත්ථ දානෙ. “දිබ්බං චක්කරතනං පාතුරහොසී”ති (දී· නි· 2.243) එත්ථ රතනචක්කෙ. “මයා පවත්තිතං චක්ක”න්ති (සු· නි· 562) එත්ථ ධම්මචක්කෙ. “ඉච්ඡාහතස්ස පොසස්ස, චක්කං භමති මත්ථකෙ”ති (ජා· 1.1.104; 1.5.103) එත්ථ උරචක්කෙ. “ඛුරපරියන්තෙන චෙපි චක්කෙනා”ති (දී· නි· 1.166) එත්ථ පහරණචක්කෙ. “අසනිවිචක්ක”න්ති (දී· නි· 3.61; සං· නි· 2.162) එත්ථ අසනිමණ්ඩලෙ. ඉධ පනායං ධම්මචක්කෙ මතො.
මහණෙනි, යම් කරුණුවලින් යුක්ත වූ, දෙවි මිනිසුන්ට අදාලවන මෙම චක්‍ර සතරෙකි. යනාදීන්හි මෙය වස්තු සම්පතෙහි දිස්වේ. යට පාද තලයන්හි චක්‍ර හටගත්තාහු වෙති යන මෙහි ලක්ෂණයෙහිය. පා අනුව උසුලන චක්‍රය මෙනි. මෙහි රිය අංගයෙහි ‘රෝද සතරෙකි. ද්වාර නවයකි’ මෙහි ඉරියව්හි, ‘දන්දෙව, අනුභව කරව, පමා නොවෙව කෝසලාධිපතිය චක්‍රය පවත්වව’ යන මෙහි දානයෙහි, ‘දිව්‍ය චක්‍ර රත්නය පහළවිය’ මෙහි රත්න චක්රයෙහිය’ ‘මා විසින් පවත්වන ලද චක්‍රය’ මෙහි ධර්ම චක්රයෙහිය. ‘ආශාව නට පුරුෂයාගේ මස්තකයෙහි චක්‍රය කැරකේ.’ මෙහි උර(ළය) චක්රයෙහිය. ‘මුවහත කෙළවර කොටැති චක්‍රයෙන්’ මෙහි ප්‍රහාර දීමේ චක්‍රයෙහි, ‘අසනි චක්කං’ යන මෙහි හෙණ මණ්ඩලයෙහි, මෙහි වනාහි මෙය ධර්මචක්‍රයෙහි දන්නා ලදි.
තං පනෙතං ධම්මචක්කං දුවිධං හොති පටිවෙධඤාණඤ්ච දෙසනාඤාණඤ්ච. තත්ථ පඤ්ඤාපභාවිතං අත්තනො අරියඵලාවහං පටිවෙධඤාණං, කරුණාපභාවිතං සාවකානං අරියඵලාවහං දෙසනාඤාණං. තත්ථ පටිවෙධඤාණං උප්පජ්ජමානං උප්පන්නන්ති දුවිධං. තඤ්හි අභිනික්ඛමනතො යාව අරහත්තමග්ගා උප්පජ්ජමානං නාම, ඵලක්ඛණෙ උප්පන්නං නාම. තුසිතභවනතො වා යාව බොධිපල්ලඞ්කෙ අරහත්තමග්ගා උප්පජ්ජමානං නාම, ඵලක්ඛණෙ උප්පන්නං නාම. දීපඞ්කරදසබලතො වා පට්ඨාය යාව අරහත්තමග්ගා උප්පජ්ජමානං නාම, ඵලක්ඛණෙ උප්පන්නං නාම. දෙසනාඤාණම්පි පවත්තමානං පවත්තන්ති දුවිධං. තඤ්හි යාව අඤ්ඤාතකොණ්ඩඤ්ඤත්ථෙරස්ස අරහත්තමග්ගා පවත්තමානං නාම, ඵලක්ඛණෙ පවත්තං නාම. තත්ථ පටිවෙධඤාණං ලොකුත්තරං, දෙසනාඤාණං ලොකියං. උභයම්පි පනෙතං අඤ්ඤෙහි අසාධාරණං, බුද්ධානංයෙව ඔරසඤාණං. තෙන වුත්තං – “බ්රහ්මචක්කං පවත්තෙතී”ති.
එම ධර්ම චක්‍රය දෙවදෑරුම් වේ. ප්‍රතිවේධ ඤාණයද, දේශනා ඤාණයද වශයෙනි. එහි ප්‍රඥාවෙන් මනාව වඩනා ලදුයේ තමාගේ ආර්යඵල එළවනුයේ ප්‍රතිවේධ ඤාණයයි. කරුණාවෙන් මනාව වඩනා ලදුයේ, ශ්‍රාවකයින්ගේ ආර්යඵල එළවනුයේ දේශනා ඤාණයයි. එහි ප්‍රතිවේධ ඤාණය, උපදිනු ලබනුයේ, උපන්නේය යැයි දෙවදෑරුම්ය. එහි අභිනිෂ්ක්‍රමණයෙහි පටන් අර්හත් මාර්ගය තෙක් උපදිනු ලබන්නේ නම් වේ. ඵලක්ෂණයෙහි උපන්නේ නමැ. තුෂිත භවනයෙහි පටන්, බෝමැඩ අර්හත් මාර්ගය තෙතක් උපදිනු ලබන්නේ නමැ. ඵලක්ෂණයෙහි උපන්නේ නමැ. දීපංකර දශබලධාරීන් වහන්සේගේ පටන් අර්හත් මාර්ගය තෙක් උපදිනු ලබන්නේ නමැ. ඵලක්ෂණයෙහි උපන්නේ නමැ. දේශනා ඤාණයද පවත්වනු ලබන්නේ හා පැවැත්වීයයි දෙයාකාරය. එය වනාහි අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරුන්ගේ අර්හත් මාර්ගය තෙක් පවත්වනු ලබන්නේ නමැ. ඵලක්ෂණයෙහි පැවැත්වූයේ නමැ. එහි ප්‍රතිවේධ ඤාණය ලෝකෝත්තරය. දේශනා ඤාණය ලෞකිකය. එම ද්වයයම අනෙක් ඒවා හා අසාධාරණය. බුදුවරුන්ගේම ඖරස ඤාණයෝය. එහෙයින් බ්‍රහ්මචක්‍රය පවත්වයි යයි යූ.සේයි.
කම්මසමාදානානන්ති සමාදියිත්වා කතානං කුසලාකුසලකම්මානං, කම්මමෙව වා කම්මසමාදානං. ඨානසො හෙතුසොති පච්චයතො චෙව හෙතුතො ච. තත්ථ ගතිඋපධිකාලපයොගා විපාකස්ස ඨානං. කම්මං හෙතු.
කම්මසමා දානානං යනු සමාදන්ව කරන ලද කුසලාකුසල කර්මයන්ගේ, කර්මයම හෝ කර්ම සමාදානංයි. ඨානසො හෙතුසො යනු ප්‍රත්‍යය වශයෙන්ද හේතු වශයෙන්ද, එහි උපදනා ස්ථානය. ඉපදීමට හේතුව-කාලය, ප්‍රයෝගය විපාකයට ප්‍රත්‍යයයි. කර්මය හේතුයි.
සබ්බත්ථගාමිනින්ති සබ්බගතිගාමිනිඤ්ච අගතිගාමිනිඤ්ච. පටිපදන්ති මග්ගං. යථාභූතං පජානාතීති බහූසුපි මනුස්සෙසු එකමෙව පාණං ඝාතෙන්තෙසු ඉමස්ස චෙතනා නිරයගාමිනී භවිස්සති, ඉමස්ස තිරච්ඡානයොනිගාමිනීති ඉමිනා නයෙන එකවත්ථුස්මිම්පි කුසලාකුසලචෙතනාසඞ්ඛාතානං පටිපත්තීනං අවිපරීතතො සභාවං ජානාති.
සබ්බත්ථ ගාමිනිං යනු සියලු ගතිවලට හා අගතිවලට පමුණුවන්නා වූද පටිපදං යනු මාර්ගයයි. යථාභූතං පජානාති යනු බොහෝ මිනිස්සු එකම ප්රාණියෙකු ඝාතනය කරන කල්හි, මොහුගේ චේතනාව නිරයගාමී වන්නේය. මොහුගේ චේතනාව තිරිසන් යෝනිගාමියයි. මෙම ක්‍රමයෙන්, එක් කරුණෙක්හිද, කුසලා කුසල චේතනා සංඛ්‍යාත ප්රතිපත්තීන්ගේ වෙනසක් නොවන අයුරින් ස්වභාවානුකූලව දනිති.
අනෙකධාතුන්ති චක්ඛුධාතුආදීහි, කාමධාතුආදීහි වා ධාතූහි බහුධාතුං. නානාධාතුන්ති තාසංයෙව ධාතූනං විලක්ඛණත්තා නානප්පකාරධාතුං . ලොකන්ති ඛන්ධායතනධාතුලොකං. යථාභූතං පජානාතීති තාසං තාසං ධාතූනං අවිපරීතතො සභාවං පටිවිජ්ඣති.
අනෙකධාතු යනු චක්ෂුධාතු, කාමධාතු ආදී ධාතූන්හි ඇතුළත් බොහෝධාතු, නානාධාතු යනු එම ධාතූන්ගේම විශේෂ ලක්ෂණතාවයෙන් නානාප්‍රකාර ධාතු, ලොකං යනු ස්කන්ධ, ආයතන ධාතු සංඛ්‍යාත ලෝකය, යථාභූතං පජානාති යනු ඒ ඒ ධාතූන්ගේ අවිපරීත ස්වභාවය අවබෝධ කරයි.
නානාධිමුත්තිකතන්ති හීනපණීතාදිඅධිමුත්තීහි නානාධිමුත්තිකභාවං.
නානාධිමුත්තිකතං යනු හීන, පණීතතාදී සංකල්පනයන්හි, නොයෙක් සංකල්පන ස්වභාවය,
පරසත්තානන්ති පධානසත්තානං. පරපුග්ගලානන්ති තතො පරෙසං හීනසත්තානං. එකත්ථමෙව වා එතං පදද්වයං වෙනෙය්යවසෙන භගවතා ද්වෙධා වුත්තං. ඉධාපි භගවතා වුත්තනයෙනෙව වුත්තං. ඉන්ද්රියපරොපරියත්තන්ති සද්ධාදීනං ඉන්ද්රියානං පරභාවඤ්ච අපරභාවඤ්ච, වුද්ධිඤ්ච හානිඤ්චාති අත්ථො.
පරසත්තානං යනු ප්‍රධාන සත්ත්වයින්ගේ, පර පුග්ගලානං යනු එයින් අන්‍ය වූ හීන සත්ත්වයින්ගේ, එම පද ද්වයයම ඒකාර්ථමය. හික්මවිය යුතු පුද්ගලයින්ගේ වශයෙන් දෙයාකාරයෙන් යූසේයි. මෙහිද භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද අයුරින්ම යූසේයි. ඉන්ද්රිය පරො පරියත්තං යනු ශ්‍රද්ධාදී ඉන්ද්රියයන්ගේ පර භාවයද අපරභාවයද, වෘද්ධියද හානියදැයි අර්ථයි.
ඣානවිමොක්ඛසමාධිසමාපත්තීනන්ති පඨමාදීනං චතුන්නං ඣානානං, “රූපී රූපානි පස්සතී”තිආදීනං (පටි· ම· 1.209) අට්ඨන්නං විමොක්ඛානං, සවිතක්කසවිචාරාදීනං තිණ්ණං සමාධීනං, පඨමජ්ඣානසමාපත්තිආදීනඤ්ච නවන්නං අනුපුබ්බසමාපත්තීනං. සංකිලෙසන්ති හානභාගියධම්මං. වොදානන්ති විසෙසභාගියධම්මං. වුට්ඨානන්ති යෙන කාරණෙන ඣානාදීහි වුට්ඨහන්ති, තං කාරණං. තං පන “වොදානම්පි වුට්ඨානං, තම්හා තම්හා සමාධිම්හා වුට්ඨානම්පි වුට්ඨාන”න්ති (විභ· 828) එවං වුත්තං පගුණජ්ඣානඤ්චෙව භවඞ්ගඵලසමාපත්තියො ච. හෙට්ඨිමං හෙට්ඨිමඤ්හි පගුණජ්ඣානං උපරිමස්ස උපරිමස්ස පදට්ඨානං හොති, තස්මා “වොදානම්පි වුට්ඨාන”න්ති වුත්තං. භවඞ්ගෙන පන සබ්බජ්ඣානෙහි වුට්ඨානං හොති, නිරොධසමාපත්තිතො ඵලසමාපත්තියා වුට්ඨානං හොති. තං සන්ධාය “තම්හා තම්හා සමාධිම්හා වුට්ඨානම්පි වුට්ඨාන”න්ති වුත්තං.
ඣාන විමොක්ඛ සමාධි සමාපත්තීනං යනු ප්‍රථමාදී සිව් ධ්‍යානයන්ගේද, රූපී රූපානි පස්සති යනාදී අෂ්ට විමෝක්ෂයන්ගේද සවිතර්ක, සවිචාරාදී ත්‍රිවිධ සමාධීන්ගේද, ප්‍රථම ධ්‍යාන සමවත් ආදී නව අනුපූර්ව සමාපත්තීන්ගේද වශයෙනි. සංකිලෙසං පිරිහීම් ප්රවණතා සහිත ධර්මයයි. වොදානං යනු දියුණුවට පමුණුවන ධර්මයයි. වුට්ඨානං යනු යම් කාරණයකින් ධ්යානාදීන්ගෙන් නැගිටිත්ද, එම කරුණයි. එය වනාහි ‘වොදානයද වුට්ඨානයයි. ඒ ඒ සමාධියෙන් නැගිටීමද වුට්ඨාන’ යැයි මෙසේ කියන ලද ප්‍රගුණ ධ්‍යානයද, භවංගයද, ඵල සමාපත්තීහුද වෙති. ‘යට යට යනු ප්‍රගුණ ධ්‍යානය මතු මතු ධ්‍යානයන්ට ආසන්න කාරණය වේ.’ එහෙයින් වොදානයද වුට්ඨානයැයි යූ.සේයි. භවංගයෙන් වනාහි සියලු ධ්‍යානයන්ගෙන් නැගිටීම වේ. නිරෝධ සමාපත්තියෙන් ඵල සමවතෙහි නැගිටීම වේ. ඒ සඳහා ‘ඒ ඒ සමාධියෙන් නැගී සිටීමද වුට්ඨාන’යැයි යූ.සේයි.
පුබ්බෙනිවාසදිබ්බචක්ඛුආසවක්ඛයඤාණානි හෙට්ඨා පකාසිතානෙව.
පූර්වේනිවාස, දිව්යචක්ෂු, ආශ්රවක්ෂයකර ඥාන යට ප්රකාශිතමය.
තත්ථ ආසවානං ඛයාති අරහත්තමග්ගෙන සබ්බකිලෙසානං ඛයා. අනාසවන්ති ආසවවිරහිතං. චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තින්ති එත්ථ චෙතොවචනෙන අරහත්තඵලසම්පයුත්තො සමාධි, පඤ්ඤාවචනෙන තංසම්පයුත්තා ච පඤ්ඤා වුත්තා. තත්ථ ච සමාධි රාගතො විමුත්තත්තා චෙතොවිමුත්ති, පඤ්ඤා අවිජ්ජාය විමුත්තත්තා පඤ්ඤාවිමුත්තීති වෙදිතබ්බා. වුත්තඤ්හෙතං භගවතා – “යො හිස්ස, භික්ඛවෙ, සමාධි, තදස්ස සමාධින්ද්රියං. යා හිස්ස, භික්ඛවෙ, පඤ්ඤා, තදස්ස පඤ්ඤින්ද්රියං. ඉති ඛො, භික්ඛවෙ, රාගවිරාගා චෙතොවිමුත්ති අවිජ්ජාවිරාගා පඤ්ඤාවිමුත්තී”ති (සං· නි· 5.516; 520). අපිචෙත්ථ සමථබලං චෙතොවිමුත්ති, විපස්සනාබලං පඤ්ඤාවිමුත්තීති වෙදිතබ්බං. දිට්ඨෙව ධම්මෙති ඉමස්මිංයෙව අත්තභාවෙ. සයං අභිඤ්ඤා සච්ඡිකත්වාති අධිකාය පඤ්ඤාය අත්තනායෙව පච්චක්ඛං කත්වා, අපරප්පච්චයෙන ඤත්වාති අත්ථො. උපසම්පජ්ජාති අධිගන්ත්වා, නිප්ඵාදෙත්වා වා. ඉමෙසං පන දසන්නං දසබලඤාණානං විත්ථාරො අභිධම්මෙ (විභ· 809 ආදයො) වුත්තනයෙන වෙදිතබ්බො.
එහි ආසවානං ඛයා යනු අර්හත් මාර්ගයෙන් සියලු කෙලෙසුන්ගේ ක්ෂය කිරීමයි. අනාසවං යනු ආශ්‍රව විරහිත භාවයයි. චෙතො විමුත්තිං පඤ්ඤා විමුත්තිං යන මෙහි චෙතො යන වචනයෙන් අර්හත් ඵල සම්ප්‍රයුක්ත සමාධිය ගැනේ. පඤ්ඤා වචනයෙන් ඒ හා සම්ප්‍රයුක්ත ප්‍රඥාව යූ.සේයි. එහිද සමාධිය රාගයෙන් මිදුණ හෙයින් චෙතො විමුක්තියි. ප්‍රඥාව අවිද්‍යාවෙන් මිදුණු හෙයින් ප්‍රඥා විමුක්තියි දතයුත්තාහ. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදි. මහණෙනි, යම් ආකාර වූ සමාධියෙක් වන්නේද? එය සමාධින්ද්රිය වන්නේය. මහණෙනි, යම් ප්‍රඥාවක් වන්නේද, එය ප්රඥෙන්ද්රිය වන්නේය. මහණෙනි, මෙසේ වනාහි රාග විරාගයෙන් චෙතො විමුක්තියද, අවිද්‍යා විරාගයෙන් ප්‍රඥා විමුක්තියද වේ. තවද මෙහි සමථබලය චෙතො විමුක්තියි. විදර්ශනා බලය ප්‍රඥා විමුක්තියි දතයුත්තාහ. දිට්ඨෙව ධම්මෙ යනු මෙ අත්බැව්හිම, සයං අභිඤ්ඤා සච්ඡිකත්වා යනු අධික ප්‍රඥායෙන් තෙමේම ප්රත්යක්ෂ කොට, වෙනත් හේතුවකින් දැනයයි අර්ථයි. උපසම්පජ්ජ යනු අවබෝධ කොට නිෂ්පාදනය කොට හෝ, මෙම දසබල ඤාණයන්ගේ විස්තරය අභිධර්මයෙහි යූසෙයින් දතයුතුය.
තත්ථ පරවාදිකථා හොති – දසබලඤාණං නාම පාටියෙක්කං ඤාණං නත්ථි, සබ්බඤ්ඤුතඤ්ඤාණස්සෙවායං පභෙදොති. න තං තථා දට්ඨබ්බං. අඤ්ඤමෙව හි දසබලඤාණං, අඤ්ඤං සබ්බඤ්ඤුතඤ්ඤාණං. දසබලඤාණඤ්හි සකසකකිච්චමෙව ජානාති, සබ්බඤ්ඤුතඤ්ඤාණං තම්පි, තතො අවසෙසම්පි ජානාති. දසබලඤාණෙසු හි පඨමං කාරණාකාරණමෙව ජානාති, දුතියං කම්මන්තරවිපාකන්තරමෙව, තතියං කම්මපරිච්ඡෙදමෙව, චතුත්ථං ධාතුනානත්තකාරණමෙව, පඤ්චමං සත්තානං අජ්ඣාසයාධිමුත්තිමෙව, ඡට්ඨං ඉන්ද්රියානං තික්ඛමුදුභාවමෙව, සත්තමං ඣානාදීහි සද්ධිං තෙසං සංකිලෙසාදිමෙව, අට්ඨමං පුබ්බෙනිවුත්ථඛන්ධසන්තතිමෙව, නවමං සත්තානං චුතිපටිසන්ධිමෙව, දසමං සච්චපරිච්ඡෙදමෙව. සබ්බඤ්ඤුතඤ්ඤාණං පන එතෙහි ජානිතබ්බඤ්ච, තතො උත්තරිඤ්ච පජානාති. එතෙසං පන කිච්චං න සබ්බං කරොති. තඤ්හි ඣානං හුත්වා අප්පෙතුං න සක්කොති, ඉද්ධි හුත්වා විකුබ්බිතුං න සක්කොති, මග්ගො හුත්වා කිලෙසෙ ඛෙපෙතුං න සක්කොති.
එහි පරවාදී කථාවක් වෙයි. දසබල ඤාණයයි වෙන්ව ඤාණයක් නැත. මෙය සර්වඥතා ඥානයෙහිම ප්‍රභේදයකි. එය එසේ නොදතයුතුය. දසබල ඤාණය අනෙකකි. සර්වඥඥානය අනෙකකි. දසබල ඤාණය තම තම කිසම දනියි. සර්වඥතා ඥානය එයද, ඉන් අවසේස දෑද දනියි. දසබල ඤාණයන්හි පළමුවැන්න කාරණා කාරණයන්ම දනියි. දෙවැන්න කර්මාන්තර විපාකාන්තරයන්ම දනියි. තෙවැන්න කර්ම පිරිසිඳ දැනීමමය. සිව්වැන්න ධාතු නානත්ව කාරණයමය. පස්වැන්න සත්ත්වයින්ගේ අදහස් හා අදහස් ස්වභාවයෙන්, සවැන්න ඉන්ද්රියයන්ගේ තීක්ෂණ මෘදු බවමය. සත්වැන්න ධ්‍යානාදීන් සමග ඒවාහි කිලිටිවීම් ආදියමය. අටවැන්න පෙර විසූ ස්කන්ධ සන්තතියමය. නවවැන්න සත්ත්වයින්ගේ චුති ප්රතිසන්ධියමය. දසවැන්න සත්‍යය පිරිසිඳීමමය. සර්වඥතාඥානය වනාහි ඒවායින් දතයුත්තද, ඉන් මත්තෙහිද දනියි. ඒවාහි සියලු කෘත්‍යයන් නොකරයි. එය වනාහි ධ්යානයක්ව සමවදින්ට නොහැකි වේ. සෘද්ධියක්ව විකුර්වණ නොකරයි. මාර්ගය වී කෙලෙස් ක්ෂය කරන්ට නොහැකි වේ.
අපිච පරවාදී එවං පුච්ඡිතබ්බො “දසබලඤාණං නාමෙතං සවිතක්කසවිචාරං අවිතක්කවිචාරමත්තං අවිතක්කාවිචාරං කාමාවචරං රූපාවචරං අරූපාවචරං ලොකියං ලොකුත්තර”න්ති. ජානන්තො “පටිපාටියා සත්ත ඤාණානි සවිතක්කසවිචාරානී”ති වක්ඛති. “තතො පරානි ද්වෙ අවිතක්කඅවිචාරානී”ති වක්ඛති. “ආසවක්ඛයඤාණං සියා සවිතක්කසවිචාරං, සියා අවිතක්කවිචාරමත්තං, සියා අවිතක්කඅවිචාර”න්ති වක්ඛති. තථා “පටිපාටියා සත්ත කාමාවචරානි, තතො පරානි ද්වෙ රූපාවචරානි, තතො අවසානෙ එකං ලොකුත්තර”න්ති වක්ඛති. “සබ්බඤ්ඤුතඤ්ඤාණං පන සවිතක්කසවිචාරමෙව කාමාවචරමෙව ලොකියමෙවා”ති වක්ඛති.
තවද පරවාදියා මෙසේ එම දශබල ඤාණය වනාහි සවිතර්ක සවිචාරද? අවිතර්ක විචාර මාත්රද? අවිතර්ක අවිචාරද? කාමාවචරද? රූපාවචරද? අරූපාවචරද? ලෞකිකද? ලෝකෝත්තරද යනුවෙන් විචාළ යුතුය. දන්නා තැනැත්තේ පිළිවෙලින් සත් ඤාණ සවිතර්ක සවිචාරයයි කියයි. ඉන් මත්තෙහි ද්වයය අවිතර්ක අවිචාරයයි කියයි. ආශ්රවක්ෂයකර ඥානය විටෙක සවිතර්ක සවිචාර වන්නේය. විටෙක අවිතර්ක විචාර මාත්‍ර වන්නේය. විටෙක අවිතර්ක අවිචාර යයිද කියයි. එසේම පිළිවෙලින් ඤාණ සතක් කාමාවචරය. ඉන් මතුයෙහි ද්වයයක් රූපාවචරය. ඉන් අවසානයෙහි එකක් ලෝකෝත්තරයයි කියයි. සර්වඥතාඥානය වනාහි සවිතර්ක සවිචාරමය. කාමාවචරමය. ලෞකිකමයැයි කියයි.
එවමෙත්ථ අපුබ්බත්ථානුවණ්ණනං ඤත්වා ඉදානි යස්මා තථාගතො පඨමංයෙව ඨානාට්ඨානඤාණෙන වෙනෙය්යසත්තානං ආසවක්ඛයාධිගමස්ස චෙව අනධිගමස්ස ච ඨානාට්ඨානභූතං කිලෙසාවරණාභාවං පස්සති ලොකියසම්මාදිට්ඨිට්ඨානදස්සනතො නියතමිච්ඡාදිට්ඨිට්ඨානාභාවදස්සනතො ච. අථ නෙසං කම්මවිපාකඤාණෙන විපාකාවරණාභාවං පස්සති තිහෙතුකපටිසන්ධිදස්සනතො. සබ්බත්ථගාමිනිපටිපදාඤාණෙන කම්මාවරණාභාවං පස්සති ආනන්තරිකකම්මාභාවදස්සනතො. එවං අනාවරණානං අනෙකධාතුනානාධාතුඤාණෙන අනුකූලධම්මදෙසනත්ථං චරියාවිසෙසං පස්සති ධාතුවෙමත්තදස්සනතො. අථ නෙසං නානාධිමුත්තිකතාඤාණෙන අධිමුත්තිං පස්සති පයොගං අනාදියිත්වාපි අධිමුත්තිවසෙන ධම්මදෙසනත්ථං . අථෙවං දිට්ඨඅධිමුත්තීනං යථාසත්ති යථාබලං ධම්මං දෙසෙතුං ඉන්ද්රියපරොපරියත්තඤාණෙන ඉන්ද්රියපරොපරියත්තං පස්සති සද්ධාදීනං තික්ඛමුදුභාවදස්සනතො. එවං පරිඤ්ඤාතින්ද්රියපරොපරියත්තාපි පනෙතෙ සචෙ දූරෙ හොන්ති, අථ ඣානාදිඤාණෙන ඣානාදීසු වසීභූතත්තා ඉද්ධිවිසෙසෙන ඛිප්පං උපගච්ඡති. උපගන්ත්වා ච නෙසං පුබ්බෙනිවාසානුස්සතිඤාණෙන පුබ්බජාතිවිභාවනං දිබ්බචක්ඛානුභාවතො පත්තබ්බෙන චෙතොපරියඤාණෙන සම්පති චිත්තවිසෙසං පස්සන්තො ආසවක්ඛයඤාණානුභාවෙන ආසවක්ඛයගාමිනියා පටිපදාය විගතසම්මොහත්තා ආසවක්ඛයාය ධම්මං දෙසෙති. තස්මා ඉමිනානුක්කමෙන ඉමානි දස බලානි වුත්තානීති වෙදිතබ්බානීති.
මෙසේ මෙහි පෙර නොවූ විරූ අර්ථ අනුවර්ණනාව දැන, දැන් තථාගතයන් වහන්සේ, ප්‍රථමයෙන්ම ඨානාඨාන ඤාණයෙන් හික්මවිය යුතු සත්ත්වයින්ගේ ආශ්රවක්ෂය අධිගමයෙහිද, අවබෝධ නොකිරීමට කාරණා කාරණ වූ, ලෞකික සම්‍යග් දෘෂ්ටියෙහි පිහිටීම දක්නා හෙයින්ද, නියත මිථ්‍යා දෘෂ්ටියගේ පිහිටීමෙහි අභාවය දක්නා හෙයින්ද, ක්ලේශාවරණ අභාවය දකියි. ඉක්බිති කර්ම විපාක ඤාණයෙන් ඔවුන්ගේ ත්‍රිහේතුක ප්රතිසන්ධිය දක්නා හෙයින් විපාක ආවරණ අභාවය දකියි. සබ්බත්ථගාමිණී ප්‍රතිපදා ඤාණයෙන්, ආනන්තරික කර්ම අභාව දක්නා හෙයින් කර්මාවරණ අභාවය දකියි. මෙසේ අනාවරණ වූවන්ට සුදුසු ධර්මදේශනා සඳහා, අනෙකධාතු නානා ධාතු ඤාණයෙන්, ධාතු වෙනස දක්නා හෙයින් චර්යා විශේෂය දකියි. ඉක්බිති නානාධිමුත්තිකතා ඤාණයෙන්, උත්සාහ නොගෙනම අදහස් වශයෙන් ධර්මදේශනා සඳහා අදහස් බලයි. මෙසේ දක්නා ලද අධිමුක්ති ඇති පුද්ගලයින්ට, ශක්තියේ, බලයේ ප්‍රමාණයෙන් දම් දෙසන්ට, ශ්‍රද්ධාදීන්ගේ තීක්ෂණ මෘදුභාවය දක්නා හෙයින් ඉන්ද්රිය පරොපරියත්ත ඤාණයෙන්, ඉන්ද්රියයන්ගේ උසස් පහත් බව බලයි. මෙසේ විශේෂ ඤාණයෙන් දත් ඉන්ද්රිය උසස් පහත් භාවයෙන් යුත් ඔවුහු ඉදින් දුර පෙදෙසක වෙත්ද? ඉක්බිති ධ්‍යානාදී ඤාණයෙන්, ධ්‍යානාදීන්හි වශී වූ හෙයින්, සෘද්ධි විශේෂයෙන් වහා එළැඹේ. එළැඹ, ඔවුන්ට පූර්වෙනිවාසානුස්මෘති ඤාණයෙන් පූර්වජාති පැහැදිලි කිරීමද, දිව්යචක්ෂු ඤාණානුභාවයෙන් පැමිණිය යුතු, චෙතොපරිය ඤාණයෙන් දැන් පවත්නා චිත්ත විශේෂය දක්නේ, ආශ්රවක්ෂය ඤාණානුභාවයෙන් ආශ්රවක්ෂයට පමුණුවන්නා වූ, ප්‍රතිපදාවෙන්, පහවූ මුළා ඇති හෙයින් ආශ්රවක්ෂය සඳහා ධර්මය දේශනා කරයි. එහෙයින් මෙම අනුපිළිවෙලින් මෙම දස බලයන් දෙසන ලදැයි දතයුත්තාහ.
ඉදානි සබ්බබලානි ලක්ඛණතො නිද්දිසිතුකාමො කෙනට්ඨෙන සද්ධාබලන්තිආදිනා නයෙන පුච්ඡං කත්වා අස්සද්ධියෙ අකම්පියට්ඨෙනාතිආදිනා නයෙන විස්සජ්ජනං අකාසි. තත්ථ හිරීයතීතිආදි පුග්ගලාධිට්ඨානා දෙසනා. භාවනාබලාදීසු අධිට්ඨානබලපරියන්තෙසු “තත්ථා”ති ච, “තෙනා”ති ච, “ත”න්ති ච නෙක්ඛම්මාදිකමෙව සන්ධාය වුත්තන්ති වෙදිතබ්බං. තෙන චිත්තං එකග්ගන්ති තෙන සමාධිනා චිත්තං එකග්ගං හොතීති වුත්තං හොති. තත්ථ ජාතෙති තත්ථ සමථෙ සම්පයොගවසෙන ජාතෙ, තස්මිං වා විපස්සනාරම්මණං හුත්වා ජාතෙ. තත්ථ සික්ඛතීති තත්ථ සෙඛබලෙ සෙඛො සික්ඛතීති සෙඛබලන්ති අත්ථො. තත්ථ සික්ඛිතත්තාති තත්ථ අසෙඛබලෙ අසෙඛස්ස සික්ඛිතත්තා අසෙඛබලං. තෙන ආසවා ඛීණාති තෙන ලොකියලොකුත්තරෙන ඤාණෙන ආසවා ඛීණාති තං ඤාණං ඛීණාසවබලං . ලොකියෙනාපි හි ඤාණෙන ආසවා ඛීණා නාම විපස්සනාය අභාවෙ ලොකුත්තරමග්ගාභාවතො. එවං ඛීණාසවස්ස බලන්ති ඛීණාසවබලං. තස්ස ඉජ්ඣතීති ඉද්ධිබලන්ති තස්ස ඉද්ධිමතො ඉජ්ඣතීති ඉද්ධියෙව බලං ඉද්ධිබලං. අප්පමෙය්යට්ඨෙනාති යස්මා සාවකා ඨානාට්ඨානාදීනි එකදෙසෙන ජානන්ති, සබ්බාකාරෙන පජානනංයෙව සන්ධාය “යථාභූතං පජානාතී”ති වුත්තං. කිඤ්චාපි තීසු විජ්ජාසු “යථාභූතං පජානාතී”ති න වුත්තං, අඤ්ඤත්ථ පන වුත්තත්තා තාසුපි වුත්තමෙව හොති. අඤ්ඤත්ථාති සෙසෙසු සත්තසු ඤාණබලෙසු ච අභිධම්මෙ (විභ· 760) ච දසසුපි බලෙසු. ඉන්ද්රියපරොපරියත්තඤාණං පන සබ්බථාපි සාවකෙහි අසාධාරණමෙව. තස්මා දසපි බලානි සාවකෙහි අසාධාරණානීති. අධිමත්තට්ඨෙන අතුලියට්ඨෙන අප්පමෙය්යානි, තස්මායෙව ච “අප්පමෙය්යට්ඨෙන තථාගතබල”න්ති වුත්තන්ති.
දැන් සියලු බලයන් ලක්ෂණ වශයෙන් නිර්දේශ කරනු කැමැත්තේ කෙනට්ඨෙන සද්ධාබලං යනාදී ක්‍රමයෙන් විමසීම් කොට, අස්සද්ධියෙ අකම්පියට්ඨෙන යනාදී ක්‍රමයෙන් විසඳුම කළේය. එහි හිරීයති යනාදිය පුද්ගලාධිෂ්ඨාන දේශනායි භාවනා බලාදීන්හි අධිෂ්ඨානබල කෙළවරකොට ඇති ‘එහි’ ‘එයින්’ ‘එය’ යයි නෛෂ්ක්රම්යයාදියම සඳහා කියනලදැයි දතයුතුය. තෙන චිත්තං එකග්ගං යනු එම සමාධියෙන් සිත එකඟ වේයයි යූ.සේයි. තත්ථජාතෙ යනු එහි සමථයෙහි සම්ප්‍රයෝග වශයෙන් හටගත්, එහි හෝ විදර්ශනාරම්මණව හටගත්, තත්ථ සික්ඛතී යනු එහි ශෛක්ෂ්ය බලයෙහි ශෛක්ෂ්යයා හික්මේනුයි ශෛක්ෂ බලයයි අර්ථයි. තත්ථ සික්ඛිතත්තො යනු එහි අශෛක්ෂ්ය බලයෙහි අශෛක්ෂ්යයා හික්මුණු හෙයින් අශෛක්ෂ්ය බලයයි. තෙන ආසවාඛීණා යනු ඒ ලෞකික ලෝකෝත්තර ඤාණයෙන් ආශ්‍රවයන් ක්ෂය වූයේ යයි එම ඤාණය ක්ෂීණාශ්රව බලයයි. ලෞකික ඤාණයෙන්ද ආශ්‍රවයෝ ක්ෂීණ වූවාහු නමැ. විදර්ශනාවගේ නොමැති කල්හි ලෝකෝත්තර මාර්ග අභාව හෙයිනි. මෙසේ ක්ෂීණාශ්රවයාගේ බලයනුයි ක්ෂීණාශ්රව බලංයි. තස්ස ඉජ්ඣතීති ඉද්ධිබලං එම සෘද්ධිමත්හුට සමෘද්ධ වේනුයි සෘද්ධියම බලයයි. අප්පමෙය්යට්ඨෙන යනු යම් හෙයකින් ශ්‍රාවකයෝ කාරණාකාරණාදිය එක් කොටසක් දනිත්. සර්වප්රකාරයෙන් දැනගැනීම සඳහා ‘තත්වාකාරයෙන් දනීයයි නොයූසේයි. අන් තන්හි වනාහි කියන ලද හෙයින් ඒවාහිද කියන ලදුයේම වේ. අඤ්ඤත්ථ යනු සෙසු සත් ඤාණ බලයන්හිද, අභිධර්මයෙහි දසබලයන්හිද වේ. ඉන්ද්රියපරොපරියත්ත ඤාණය වනාහි සර්වප්‍රකාරයෙන්ම ශ්රාවකයින් හා අසාධාරණමය. එහෙයින් දස බලද ශ්රාවකයින් හා අසාධාරණ වූයේමය. අධි මාත්රාර්ථයෙන්ද අසමානතාවයෙන්ද අප්රමෙය්යමය. එහෙයින්ම අප්රමෙය්යාර්ථයෙන් තථාගත බලයැයි යූසේයි.
බලකථාවණ්ණනා නිට්ඨිතා.
බලකථා වර්ණනාව නිමි.