බල කථා
2. 9.
2. 9.
බල කථා
බල කථා
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
“පඤ්චිමානි භික්ඛවෙ බලානි: කතමානි පඤ්ච: සද්ධාබලං විරියබලං සතිබලං සමාධිබලං පඤ්ඤාබලං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චබලානි”
“මහණෙනි, මේ බලයෝ පස්දෙනෙක් වෙති. කවර පස් දෙනෙක යත්: ශ්‍රද්ධාබල යැ වීර්‍ය්‍යබල යැ ස්මෘතිබල යැ සමාධිබල යැ ප්‍රඥාබල යි. මහණෙනි, මොහු පඤ්චබලයෝ වෙත්.”
අපි ච අට්ඨසට්ඨි බලානි: සද්ධාබලං විරියබලං සතිබලං සමාධිබලං පඤ්ඤාබලං ඔත්තප්පබලං පටිසඞ්ඛානබලං භාවනාබලං අනවජ්ජබලං සඞ්ගහබලං ඛන්තිබලං පඤ්ඤත්තිබලං නිජ්ඣත්තිබලං ඉස්සරියබලං අධිට්ඨානබලං සමථබලං විපස්සනාබලං දස සෙඛබලානි දස අසෙඛබලානි දස ඛීණාසවබලානි දස ඉද්ධිබලානි දස තථාගතබලානි.
තවද අටසැට බල කෙනෙක් වෙති: ශ්‍රද්ධාබල යැ වීර්‍ය්‍යබල යැ ස්මෘතිබල යැ සමාධිබල යැ ප්‍රඥාබල යැ හිරිබල යැ ඔත්තපප්බල යැ පටිසඞ්ඛානබල යැ භාවනා බල යැ අනවද්‍යබල යැ සඞ්ග්‍රහබල යැ ක්‍ෂාන්තිබල යැ ප්‍රඥප්තිබල යැ නිදිධ්‍යාසන (අධීතාර්‍ත්‍ථාගමන) බල යැ ඓශ්වර්‍ය්‍යබල යැ අධිෂ්ඨානබල යැ ශමථබල යැ විදර්‍ශනාබල යැ දශ ශෛක්‍ෂබලයෝ යැ දශ අශෛක්ෂ බලයෝ යැ දශක්‍ෂීණාශ්‍රවබලයෝ යැ දශ ඍද්ධිබලයෝ යැ දශ තථාගතබලයෝ යි.
කතමං සද්ධාබලං: අසද්ධියෙ න කම්පතීති සද්ධාබලං, සහජාතානං ධම්මානං උපත්ථම්භනට්ඨෙන සද්ධාබලං, කිලෙසානං පරියාදානට්ඨෙන සද්ධාබලං, පටිවෙධාදිවිසොධනට්ඨෙන සද්ධාබලං, චිත්තස්ස අධිට්ඨානට්ඨෙන සද්ධාබලං, චිත්තස්ස වොදානට්ඨෙන සද්ධාබලං, විසෙසාධිගමට්ඨෙන සද්ධාබලං, උත්තරිං පටිවෙධට්ඨෙන සද්ධාබලං, සච්චාහිසමයට්ඨෙන සද්ධාබලං, නිරොධෙ පතිට්ඨාපකට්ඨෙන සද්ධාබලං, ඉදං සද්ධාබලං.
ශ්‍රද්ධාබල කවරෙ යත්: අශ්රද්ධායෙහි නො සැලේ නු’යි ශ්‍රද්ධාබල යැ, සහජාත (අරූප) ධර්මයනට උපස්ථම්භනාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබල යැ, කෙලෙසුන් ක්ෂය කිරීම් අර්ත්ථයෙන් ශ්‍රද්ධාබල යැ, ප්‍රතිවේධාදිවිශෝධනාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබල යැ, චිත්තයාගේ අධිෂ්ඨානාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබල යැ, චිත්තයාගේ පරිශුද්ධාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබල යැ, විශේෂාධිගමාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබල යැ, මත්තෙහි (මාර්ග) ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබල යැ, සත්‍යාභිසමයාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබල යැ නිරෝධයෙහි පිහිටුවන අර්ත්ථයෙන් ශ්‍රද්ධාබල යැ, මේ ශ්‍රද්ධාබල යි.
කතමං විරියබලං: කොසජ්ජෙ න කම්පතීති විරියබලං, සහජාතානං ධම්මානං උපත්ථම්භනටෙඨන විරියබලං, කිලෙසානං පරියාදානට්ඨෙන විරියබලං, පටිවෙධාදිවිසොධනට්ඨෙන විරියබලං, චිත්තස්ස අධිට්ඨානට්ඨෙන විරියබලං, චිත්තස්ස වොදානට්ඨෙන විරියබලං, විසෙසාධිගමට්ඨෙන විරියබලං, උත්තරිං පටිවෙධට්ඨෙන විරියබලං, සච්චාභිසමයට්ඨෙන විරියබලං, නිරොධෙ පතිට්ඨාපකට්ඨෙන විරියබලං. ඉදං විරියබලං.
වීර්‍ය්‍යබල කවරෙ යත්: කුසීදභාවයෙහි නො සැලේ නු’යි වීර්‍ය්‍යබල යැ, සහජාතධර්‍මයනට උපස්ථම්භනාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබල යැ, කෙලෙසුන් ක්ෂය කිරීම් අර්ත්ථයෙන් වීර්‍ය්‍යබල යැ, ප්‍රතිවේධාදිවිශෝධනාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබල යැ, චිත්තයාගේ අධිෂ්ඨානාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබල යැ, චිත්තයාගේ පරිශුද්ධාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබල යැ, විශේෂාධිගමාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබල යැ, මත්තෙහි (මාර්ග) ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබල යැ, සත්‍යාභිසමයාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබල යැ, නිරෝධයෙහි පිහිටුවන අර්ත්ථයෙන් වීර්‍ය්‍යබල යැ, මේ වීර්‍ය්‍යබල යි.
කතමං සතිබලං: පමාදෙ න කම්පතීති සතිබලං, සහජාතානං ධම්මානං උපත්ථම්භනට්ඨෙන සතිබලං -පෙ- නිරොධෙ පතිට්ඨාපකට්ඨෙන සතිබලං. ඉදං සතිබලං.
ස්මෘතිබල කවරෙ යත්: ප්‍රමාදයෙහි නො සැලේ නු’යි ස්මෘතිබල යැ, සහජාත (අරූප) ධර්මයනට උපස්ථම්භනාර්‍ත්‍ථයෙන් ස්මෘතිබල යැ ... නිරෝධයෙහි පිහිටුවන අර්ත්ථයෙන් ස්මෘතිබල යැ, මේ ස්මෘතිබල යි.
කතමං සමාධිබලං: උද්ධච්චෙ න කම්පතීති සමාධිබලං, සහජාතානං ධම්මානං උපත්ථම්භනට්ඨෙන සමාධිබලං -පෙ- නිරොධෙ පතිට්ඨාපකට්ඨෙන සමාධිබලං. ඉදං සමාධිබලං.
සමාධිබල කවරෙ යත්: උද්ධතභාවයෙහි නො සැලේ නු’යි සමාධිබල යැ, සහජාතධර්‍මයනට උපස්ථම්භනාර්‍ත්‍ථයෙන් සමාධිබල යැ ... නිරෝධයෙහි පිහිටුවන අර්ත්ථයෙන් සමාධිබල යැ, මේ සමාධිබල යි.
කතමං පඤ්ඤාබලං: අවිජ්ජාය න කම්පතීති පඤ්ඤාබලං, සහජාතානං ධම්මානං උපත්ථම්භනට්ඨෙන පඤ්ඤාබලං -පෙ- නිරොධෙ පතිට්ඨාපකට්ඨෙන පඤ්ඤාබලං. ඉදං පඤ්ඤාබලං.
ප්‍රඥාබල කවරෙ යත්: අවිද්‍යායෙහි නො සැලේනු’යි ප්‍රඥාබල යැ, සහජාත ධර්මයනට උපස්ථම්භනාර්‍ත්‍ථයෙන් ප්‍රඥාබල යැ, ... නිරෝධයෙහි පිහිටුවන අර්ත්ථයෙන් ප්‍රඥාබල යැ, මේ ප්‍රඥාබල යි.
කතමං හිරිබලං: නෙක්ඛම්මෙන කාමච්ඡන්දං හිරීයතීති හිරිබලං, අබ්යාපාදෙන බ්යාපාදං හිරීයතීති හිරිබලං, ආලොකසඤ්ඤාය ථිනමිද්ධං හිරීයතීති හිරිබලං, අවික්ඛෙපෙන උද්ධච්චං හිරීයතීති හිරිබලං, ධම්මවවත්ථානෙන විචිකිච්ඡං හිරීයතීති හිරිබලං, ඤාණෙන අවිජ්ජං හිරීයතීති හිරිබලං, පාමොජ්ජෙන අරතිං හිරීයතීති හිරිබලං, පඨමෙන ඣානෙන නීවරණෙ හිරීයතීති හිරිබලං -පෙ- අරහත්තමග්ගෙන සබ්බකිලෙසෙ හිරීයතීති හිරිබලං. ඉදං හිරිබලං.
හිරිබල කවරෙ යත්: නෛෂ්ක්‍රම්‍ය හෙයින් කාමච්ඡන්දය කෙරෙත් ලජ්ජිත වේ නු’යි හිරිබල යැ, අව්‍යාපාද හෙයින් ව්‍යාපාදය කෙරෙත් ලජ්ජිත වේනු’යි හිරිබල යැ, ආලෝකසංඥා හෙයින් ථිනමිද්ධය කෙරෙත් ලජ්ජිත වේනු’යි හිරිබල යැ, අවික්‍ෂේප හෙයින් ඖද්ධත්‍යය කෙරෙත් ලජ්ජිත වේ නු’යි හිරිබල යැ, ධර්‍මනිශ්චය හෙයින් විචිකිත්සාව කෙරෙත් ලජ්ජිත වේ නු’යි හිරිබල යැ, ඥාන හෙයින් අවිද්‍යාව කෙරෙත් ලජ්ජිත වේ නු’යි හිරිබල යැ, ප්‍රාමෝද්‍ය හෙයින් අරතිය කෙරෙත් ලජ්ජිත වේ නු’යි හිරිබල යැ, ප්‍රථමධ්‍යාන හෙයින් නීවරණයන් කෙරෙත් ලජ්ජිත වේ නු’යි හිරිබල යැ, ... අර්හන්මාර්ග හෙයින් හැම කෙලෙසුන් කෙරෙත් ලජ්ජිත වේ නු’යි හිරිබල යැ. මේ හිරිබල යි.
කතමං ඔත්තප්පබලං: නෙක්ඛම්මෙන කාමච්ඡන්දං ඔත්තප්පතීති ඔත්තප්පබලං, අබ්යාපාදෙන බ්යාපාදං ඔත්තප්පතීති ඔත්තප්පබලං, ආලොකසඤ්ඤාය ථිනමිද්ධං ඔත්තප්පතීති ඔත්තප්පබලං, අවික්ඛෙපෙන උද්ධච්චං ඔත්තප්පතීති ඔත්තප්පබලං, ධම්මවවත්ථානෙන විචිකිච්ඡං ඔත්තප්පතීති ඔත්තප්පබලං, ඤාණෙන අවිජ්ජං ඔත්තප්පතීති ඔත්තප්පබලං, පාමොජ්ජෙන අරතිං ඔත්තප්පතීති ඔත්තප්පබලං, පඨමෙන ඣානෙන නීවරණෙ ඔත්තප්පතීති ඔත්තප්පබලං -පෙ- අරහත්තමග්ගෙන සබ්බකිලෙසෙ ඔත්තප්පතීති ඔත්තප්පබලං. ඉදං ඔත්තප්පබලං.
ඔත්තප්පබල කවරෙ යත්: නෛෂ්ක්‍රම්‍ය හෙයින් කාමච්ඡන්දය කෙරෙත් තැවේ නු’යි ඔත්තප්පබල යැ, අව්‍යාපාද හෙයින් ව්‍යාපාදය කෙරෙත් තැවේ නු’යි ඔත්තප්පබල යැ, ආලෝකසංඥා හෙයින් ථිනමිද්ධය කෙරෙත් තැවේ නු’යි ඔත්තප්පබල යැ, අවික්‍ෂේප හෙයින් ඖද්ධත්‍යය කෙරෙත් තැවේ නු’යි ඔත්තප්පබල යැ, ධර්‍මනිශ්චය හෙයින් විචිකිත්සාව කෙරෙත් තැවේ නු’යි ඔත්තප්පබල යැ, ඥාන හෙයින් අවිද්‍යාව කෙරෙත් තැවේ නු’යි ඔත්තප්පබල යැ, ප්‍රාමෝද්‍ය හෙයින් අරතිය කෙරෙත් තැවේ නු’යි ඔත්තප්පබල යැ: ප්‍රථමධ්‍යාන හෙයින් නීවරණයන් කෙරෙත් තැවේ නු’යි ඔත්තප්පබල යැ ... අර්හන්මාර්ග හෙයින් හැම කෙලෙසුන් කෙරෙත් තැවේ නු’යි ඔත්තප්පබල යැ. මේ ඔත්තප්පබල යි.
කතමං පටිසඞ්ඛානබලං: නෙක්ඛම්මෙන කාමච්ඡන්දං පටිසඞ්ඛාතීති පටිසඞ්ඝානබලං, අබ්යාපාදෙන බ්යාපාදං පටිසඞ්ඝාතීති පටිසඞ්ඛානබලං, ආලොකසඤ්ඤාය ථීනමිද්ධං පටිසඞ්ඛාතීති පටිසඞ්ඛානබලං, අවික්ඛෙපෙන උද්ධච්චං පටිසඞ්ඛාතීති පටිසඞ්ඛානබලං, ධම්මවවත්ථානෙන විචිකිච්ඡං පටිසඞ්ඛාතීති පටිසඞ්ඛානබලං, ඤාණෙන අවිජ්ජං පටිසඞ්ඛාතීති පටිසඞ්ඛානබලං, පාමොජ්ජෙන අරතිං පටිසඞ්ඛාතීති පටිසඞ්ඛානබලං, පඨමෙන ඣානෙන නීවරණෙ පටිසඞ්ඛාතීති පටිසඞ්ඛානබලං -පෙ- අරත්තමග්ගෙන සබ්බකිලෙසෙ පටිසඞ්ඛාතීති පටිසඞ්ඛානබලං. ඉදං පටිසඞ්ඛානබලං.
පටිසඞ්ඛානබල කවරෙ යත්: නෛෂ්ක්‍රම්‍ය හෙයින් කාමච්ඡන්දය විමසා නු’යි පටිසඞ්ඛානබල යැ, අව්‍යාපාද හෙයින් ව්‍යාපාදය විමසා නු’යි පටිසඞ්ඛානබල යැ, ආලෝකසංඥා හෙයින් ථිනමිද්ධය විමසා නු’යි පටිසඞ්ඛානබල යැ, අවික්‍ෂේප හෙයින් ඔද්ධත්‍යය විමංසා නු’යි පටිසඞ්ඛානබල යැ, ධර්‍මනිශ්චය හෙයින් විචිකිත්සාව විමසා නු’යි පටිසඞ්ඛානබල යැ, ඥාන හෙයින් අවිද්‍යාව විමසා නු’යි පටිසඞ්ඛානබල යැ, ප්‍රාමෝද්‍ය හෙයින් අරතිය විමසා නු’යි පටිසඞ්ඛානබල යැ, ප්‍රථමධ්‍යාන හෙයින් නීවරණයන් විමසා නු’යි පටිසඞ්ඛානබල යැ ... අර්හන්මාර්ග හෙයින් හැම කෙලෙසුන් විමංසා නු’යි පටිසඞ්ඛානබල යැ, මේ පටිසඞ්ඛාන බල යි.
කතමං භාවනාබලං: කාමච්ඡන්දං පජහන්තො නෙක්ඛම්මං භාවෙතීති භාවනාබලං, බ්යාපාදං පජහන්තො අබ්යාපාදං භාවෙතීති භාවනාබලං, ථිනමිද්ධං පජහන්තො අලොකසඤ්ඤං භාවෙතීති භාවනාබලං, උද්ධච්චං පජහන්තො අවික්ඛෙපං භාවෙතීති භාවනාබලං, විචිකිච්ඡං පජහන්තො ධම්මවවත්ථානං භාවෙතීති භාවනාබලං, අවිජ්ජං පජහන්තො ඤාණං භාවෙතීති භාවනාබලං, අරතිං පජහන්තො පාමොජ්ජං භාවෙතීති භාවනාබලං, නීවරණෙ පජහන්තො පඨමං ඣානං භාවෙතීති භාවනාබලං, -පෙ- සබ්බකිලෙසෙ පජහන්තො අරහත්තමග්ගං භාවෙතීති භාවනාබලං. ඉදං භාවනාබලං.
භාවනාබල කවරෙ යත්: කාමච්ඡන්දය දුරු කෙරෙමින් නෛෂ්ක්‍රම්‍යය වඩා නු’යි භාවනාබල යැ, ව්‍යාපාදය දුරු කෙරෙමින් අව්‍යාපාද වඩා නු’යි භාවනාබල යැ, ථිනමිද්ධය දුරු කෙරෙමින් ආලෝකසංඥාව වඩා නු’යි භාවනාබල යැ, උද්ධතභාවය දුරු කෙරෙමින් අවික්‍ෂේපය වඩානුයි භාවනාබල යැ, විචිකිත්සාව දුරු කෙරෙමින් ධර්‍මනිශ්චය වඩා නු’යි භාවනාබල යැ, අවිද්‍යාව දුරු කෙරෙමින් ඥානය වඩා නු’යි භාවනාබල යැ, අරතිය දුරු කෙරෙමින් ප්‍රාමෝද්‍යය වඩා නු’යි භාවනාබල යැ, නීවරණයන් දුරු කෙරෙමින් ප්‍රථමධ්‍යානය වඩා නු’යි භාවනාබල යැ ... හැම කෙලෙසුන් දුරු කෙරෙමින් අර්‍හන්මාර්‍ගය වඩා නු’යි භාවනා බල යැ, මේ භාවනා බල යි.
කතමං අනවජ්ජබලං: කාමච්ඡන්දස්ස පහීනත්තා නෙක්ඛම්මෙ නත්ථි කිඤ්චි වජ්ජන්ති අනවජ්ජබලං, බ්යාපාදස්ස පහීනත්තා අබ්යාපාදෙ නත්ථි කිඤ්චි වජ්ජන්ති අනවජ්ජබලං, ථිනමිද්ධස්ස පහීනත්තා ආලොකසඤ්ඤාය නත්ථි කිඤ්චි වජ්ජන්ති අනවජ්ජබලං, උද්ධච්චස්ස පහීනත්තා අවිකෙඛපෙ නත්ථි කිඤ්චි වජ්ජන්ති අනවජ්ජබලං, විචිකිච්ඡාය පහීනත්තා ධම්මවවත්ථානෙ නත්ථි කිඤ්චි වජ්ජන්ති අනවජ්ජබලං, අවිජ්ජාය පහීනත්තා ඤාණෙ නත්ථි කිඤ්චි වජ්ජන්ති අනවජ්ජබලං, අරතියා පහීනත්තා පාමොජ්ජෙ නත්ථි කිඤ්චි වජ්ජන්ති අනවජ්ජබලං, නීවරණානං පහීනත්තා පඨමජ්ඣානෙ නත්ථි කිඤ්චි වජ්ජන්ති අනවජ්ජබලං -පෙ- සබ්බකිලෙසානං පහීනත්තා අරහත්තමග්ගෙ නත්ථි කිඤ්චි වජ්ජන්ති අනවජ්ජබලං, ඉදං අනවජ්ජබලං.
අනවද්‍යබල කවරෙ සත්: කාමච්ඡන්දය ප්‍රහීණ බැවින් නෛෂ්ක්‍රම්‍යයෙහි කිසි (රාගාදි) වද්‍යයෙක් (වරදෙක්) නැත් නු’යි අනවද්‍යබල යැ, ව්‍යාපාදය ප්‍රහීණ බැවින් අව්‍යාපාදයෙහි කිසි වද්‍යයෙක් නැත් නු’යි අනවද්‍යාබල යැ, ථිනමිද්ධය ප්‍රහීණ බැවින් ආලෝකසංඥායෙහි කිසි වද්‍යයෙක් නැත්නු’යි අනවද්‍යබල යැ, ඖද්ධත්‍යය ප්‍රහීණ බැවින් අවික්‍ෂේපයෙහි කිසි වද්‍යයෙක් නැත්නු’යි අනවද්‍යබල යැ, විචිකිත්සාව ප්‍රහීණ බැවින් ධර්‍මනිශ්චයෙහි කිසි වද්‍යයෙක් නැත් නු’යි අනවද්‍යබල යැ, අවිද්‍යාව ප්‍රහීණ බැවින් ඥානයෙහි කිසි වද්‍යයෙක් නැත් නු’යි අනවද්‍යබල යැ, අරතිය ප්‍රහීණ බැවින් ප්‍රාමෝද්‍යයෙහි කිසි වද්‍යයෙක් නැත්නු’යි අනවද්‍යබල යැ, නීවරණයන් ප්‍රහීණ බැවින් ප්‍රථමධ්‍යානයෙහි කිසි වද්‍යයෙක් නැත් නු’යි අනවද්‍යබල යැ ... හැම කෙලෙසුන් ප්‍රහීණ බැවින් අර්‍හන්මාර්‍ගයෙහි කිසි වද්‍යයෙක් නැත්නු’යි අනවද්‍යබල යැ, මේ අනවද්‍යබල යි.
කතමං සඞ්ගහබලං: කාමච්ඡන්දං පජහන්තෙ පජහන්තො නෙක්ඛම්මවසෙන චිත්තං සඞ්ගණ්හාතීති සඞ්ගහබලං, බ්යාපාදං පජහන්තො අබ්යාපාදවසෙන චිත්තං සඞ්ගණ්හාතීති සඞ්ගහබලං, ථිනමිද්ධං පජහන්තො අලොකසඤ්ඤාවසෙන චිත්තං සඞ්ගණ්හාතීති සඞ්ගහබලං, -පෙ- සබ්බකිලෙසෙ පජහන්තො අරහත්තතමග්ගවසෙන චිත්තං සඞ්ගණ්හාතීති සඞ්ගහබලං, ඉදං සඞ්ගහබලං.
සඞ්ග්‍රහබල කවරෙ යත් කාමච්ඡන්දය දුරු කරනුයේ නෛෂ්ක්‍රම්‍ය වශයෙන් සිත සඞ්ග්‍රහ කෙරේ (බඳී) නු’යි සඞ්ග්‍රහබල යැ, ව්‍යාපාදය දුරු කරනුයේ අව්‍යාපාද වශයෙන් සිත සඞ්ග්‍රහ කෙරේ නු’යි සඞ්ග්‍රහබල යැ, ථිනමිද්ධය දුරු කරනුයේ ආලෝකසංඥාවශයෙන් සිත සඞ්ග්‍රහ කෙරේ නු’යි සඞ්ග්‍රහබල යැ ... හැම කෙලෙසුන් දුරු කරනුයේ අර්‍හන්මාර්‍ගවශයෙන් සිත සඞ්ග්‍රහ කෙරේ නු’යි සඞ්ග්‍රහ බල යැ, මේ සඞ්ග්‍රහබල යි.
කතමං ඛන්තිබලං: කාමච්ඡන්දස්ස පහීනත්තා නෙක්ඛම්මං ඛමතීති ඛන්තිබලං, බ්යාපාදස්ස පහීනත්තා අබ්යාපාදො ඛමතීති ඛන්තිබලං, ථිනමිද්ධස්ස පහීනත්තා ආලොකසඤ්ඤා ඛමතීති ඛන්තිබලං, උද්ධච්චස්ස පහීනත්තා අවික්ඛෙපො ඛමතීති ඛන්තිබලං, විචිකිච්ඡාය පහීනත්තා ධම්මවවත්ථානං ඛමතීති ඛන්තිබලං, අවිජ්ජාය පහීනත්තා ඤාණං ඛමතීති ඛන්තිබලං, අරතියා පහීනත්තා පාමොජ්ජං ඛමතීති ඛන්තිබලං, නීවරණානං පහීනත්තා පඨමං ඣානං ඛමතීති ඛන්තිබලං, -පෙ- සබ්බකිලෙසානං පහීනත්තා අරහත්තමග්ගො ඛමතීති ඛන්තිබලං, ඉදං ඛන්තිබලං.
ක්‍ෂාන්තිබල කවරෙ යත්: කාමච්ඡන්දය ප්‍රහීණ බැවින් (යෝගීහට) නෛෂ්ක්‍රම්‍යය රිසි වේ නු’යි ක්‍ෂාන්තිබල යැ, ව්‍යාපාදය ප්‍රහීණ බැවින් අව්‍යාපාදය රිසි වේ නු’යි ක්‍ෂාන්තිබල යැ, ථිනමිද්ධය ප්‍රහීණ බැවින් ආලෝකසංඥාව රිසි වේ නු’යි ක්‍ෂාන්තිබල යැ, ඖද්ධත්‍යය ප්‍රහීණ බැවින් අවික්‍ෂේපය රිසි වේ නු’යි ක්‍ෂාන්තිබල යැ, විචිකිත්සාව ප්‍රහීණ බැවින් ධර්‍මනිශ්චය රිසි වේ නු’යි ක්ෂාන්ති බල යැ, අවිද්‍යාව ප්‍රහීණ බැවින් ඥානය රිසි වේ නු’යි ක්‍ෂාන්තිබල යැ, අරතිය ප්‍රහීණ බැවින් ප්‍රාමෝද්‍යය රිසි වේ නු’යි ක්‍ෂාන්තිබල යැ, නීවරණයන් ප්‍රහීණ බැවින් ප්‍රථමධ්‍යානය රිසි වේ නු’යි ක්‍ෂාන්තිබල යැ ... හැම කෙලෙසුන් ප්‍රහීණ බැවින් අර්‍හන්මාර්‍ගය රිසි වේ නු’යි ක්‍ෂාන්තිබල යැ, මේ ක්‍ෂාන්තිබල යි.
කතමං පඤ්ඤත්තිබලං: කාමච්ඡන්දං පජහන්තො නෙක්ඛම්මවසෙන චිත්තං පඤ්ඤාපෙතීති පඤ්ඤත්තිබලං, බ්යාපාදං පජහන්තො අබ්යාපාදවසෙන චිත්තං පඤ්ඤාපෙතීති පඤ්ඤත්තිබලං, ථිනමිද්ධං පජහන්තො අලොකසඤ්ඤාවසෙන චිත්තං පඤ්ඤාපෙතීති පඤ්ඤත්තිබලං -පෙ- සබ්බකිලෙසෙ පජහන්තො අරහත්තමග්ගවසෙන චිත්තං පඤ්ඤාපෙතීති පඤ්ඤත්තිබලං, ඉදං පඤ්ඤත්තිබලං.
ප්‍රඥප්තිබල කවරෙ යත්: කාමච්ඡන්දය දුරු කරනුයේ නෛෂ්ක්‍රම්‍ය වශයෙන් සිත පනවා නු’යි ප්‍රඥප්තිබල යැ, ව්‍යාපාදය දුර කරනුයේ අව්‍යාපාද වශයෙන් සිත පනවා නු’යි ප්‍රඥප්තිබල යැ, ථිනමිද්ධය දුරු කරනුයේ ආලෝකසංඥාවශයෙන් සිත පනවා නු’යි ප්‍රඥප්තිබල යැ ... හැම කෙලෙසුන් දුරු කරනුයේ අර්‍හන්මාර්‍ගවශයෙන් සිත පනවා නු’යි ප්‍රඥප්තිබල යැ, මේ ප්‍රඥප්තිබල යි.
කතමං නිජ්ඣත්තිබලං: කාමච්ඡන්දං පජහන්තො නෙක්ඛම්මවසෙන චිත්තං නිජ්ඣාපෙතීති නිජ්ඣත්තිබලං, බ්යාපාදං පජහන්තො අබ්යාපාදවසෙන චිත්තං නිජ්ඣාපෙතීති නිජ්ඣත්තිබලං, ථිනමිද්ධං පජහන්තො ආලොකසඤ්ඤාවසෙන චිත්තං නිජ්ඣාපෙතීති නිජ්ඣාත්තිබලං -පෙ- සබ්බකිලෙසෙ පජහන්තො අරහත්තමග්ගවසෙන චිත්තං නිජ්ඣාපෙතීතිනි නිජ්ඣාපෙතීති නිජ්ඣත්තිබලං, ඉදං නිජ්ඣත්තිබලං.
නිදිධ්‍යාසනබල කවරෙ යත්: කාමච්ඡන්දය දුරු කරනුයේ නෛෂ්ක්‍රම්‍ය වශයෙන් සිත නිදිධ්‍යාසන (ශ්රැතාර්ත්ථවීමර්ශනය) කරවා නු’යි නිදිධ්‍යාසනබල යැ, ව්‍යාපාදය දුරු කරනුයේ අව්‍යාපාද වශයෙන් සිත නිදිධ්‍යාසන කරවා නු’යි නිදිධ්‍යාසනබල යැ, ථිනමිද්ධය දුරු කරනුයේ ආලෝකසංඥාවශයෙන් සිත නිදිධ්‍යාසන කරවා නු’යි නිදිධ්‍යාසනබල යැ ... හැම කෙලෙසුන් දුරු කරනුයේ අර්‍හන්මාර්‍ගවශයෙන් සිත නිදිධ්‍යාසන කරවා නු’යි නිදිධ්‍යාසනබල යැ. මේ නිදිධ්‍යාසනබල යි.
කතමං ඉස්සරියබලං: කාමච්ඡන්දං පජහන්තො නෙක්ඛම්මවසෙන චිත්තං වසං වත්තෙතීති ඉස්සරියබලං, බ්යාපාදං පජහන්තො අබ්යාපාදවසෙන චිත්තං වසං වත්තෙතීති ඉස්සරියබලං, ථිනමිද්ධං පජහන්තො ආලොකසඤ්ඤාවසෙන චිත්තං වසං වත්තෙතීති ඉස්සරියබලං, -පෙ- සබ්බකිලෙසෙ පජහන්තො අරහත්තමග්ගවසෙන චිත්තං වසං වත්තෙතීති ඉස්සරියබලං, ඉදං ඉස්සරියබලං, ඉදං ඉස්සරියබලං.
ඓශ්වර්‍ය්‍යබල කවරෙ යත්: කාමච්ඡන්දය දුරු කරනුයේ නෛෂ්ක්‍රම්‍යවශයෙන් සිත වශයෙහි පවත්වා නු’යි ඓශ්වර්‍ය්‍යබල යැ, ව්‍යාපාදය දුරු කරනුයේ අව්‍යාපාදවශයෙන් සිත වශයෙහි පවත්වා නු’යි ඓශ්වර්‍ය්‍යබල යැ, ථිනමිද්ධය දුරු කරනුයේ ආලෝකසංඥාවශයෙන් සිත වශයෙහි පවත්වා නු’යි ඓශ්වර්‍ය්‍යබල යැ ... හැම කෙලෙසුන් දුරු කරනුයේ අර්‍හන්මාර්‍ගයාගේ වශයෙන් සිත වශයෙහි පවත්වා නු’යි ඓශ්වර්‍ය්‍යබල යැ, මේ ඓශ්වර්‍ය්‍යබල යි.
කතමං අධිට්ඨානබලං, කාමච්ඡන්දං පජහන්තො නෙක්ඛම්මවසෙන චිත්තං අධිට්ඨාතීති අධිට්ඨානබලං, බ්යාපාදං පජහන්තො අබ්යාපාදවසෙන චිත්තං අධිට්ඨාතීති අධිට්ඨානබලං, ථිනමිද්ධං පජහන්තො ආලොකසඤ්ඤාවසෙන චිත්තං අධිට්ඨාතීති අධිට්ඨානබලං -පෙ- සබ්බ කිලෙසෙ පජහන්තො අරහත්තමග්ගවසෙන චිත්තං අධිට්ඨාතීති අධිට්ඨානබලං, ඉදං අධිට්ඨානබලං.
අධිෂ්ඨානබල කවරෙ යත්: කාමච්ඡන්දය දුරු කරනුයේ නෛෂ්ක්‍රම්‍යවශයෙන් සිත අධිෂ්ඨාන කෙරේ නු’යි අධිෂ්ඨානබල යැ, ව්‍යාපාදය දුරු කරනුයේ අව්‍යාපාදවශයෙන් සිත අධිෂ්ඨාන කෙරේ නු’යි අධිෂ්ඨානබල යැ, ථිනමිද්ධය දුරු කරනුයේ ආලෝකසංඥාවශයෙන් සිත අධිෂ්ඨාන කොර් නු’යි අධිෂ්ඨානබල යැ ... හැම කෙලෙසුන් දුරු කරනුයේ අර්‍හන්මාර්‍ගවශයෙන් සිත අධිෂ්ඨාන කෙරේ නු’යි අධිෂ්ඨාන බල යැ. මේ අධිෂ්ඨානබල යි.
කතමං සමථබලං නෙක්ඛම්මවසෙන චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමථබලං, අබ්යාපාදවසෙන චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමථබලං, ආලොකසඤ්ඤාවසෙන චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමථබලං -පෙ- පටිනිස්සග්ගානුපස්සී අස්සාසවසෙන චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමථබලං, පටිනිස්සග්ගානුපස්සී පස්සාවසෙන චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමථබලං.
ශමථබල කවරෙ යත්: නෛෂ්ක්‍රම්‍යයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රාතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල යැ, අව්‍යාපාදයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල යැ, ආලෝකසංඥාවගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රාතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල යැ ... ‘පටිනිස්සග්ගානුපස්සී’ යැයි කියනලද ආශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල යැ, පටිනිස්සග්ගානුපස්සී යැයි කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල යි.
සමථබලන්ති කෙනට්ඨෙන සමථබලං: පඨමෙන ඣානෙන නීවරණෙ න කම්පතීති සමථබලං, දුතියෙන ඣානෙන විතක්කවිචාරෙ න කම්පතීති සමථබලං, තතියෙන ඣානෙන පීතියා න කම්පතීති සමථබලං, චතුත්ථෙන ඣානෙන සුඛදුක්ඛෙ න කම්පතීති සමථබලං, ආකාසානඤ්චායතනසමාපත්තියා රූපසඤ්ඤාය පටිඝසඤ්ඤාය නානත්තසඤ්ඤාය න කම්පතීති සමථබලං, විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා ආකාසානඤ්චායතනසඤ්ඤාය න කම්පතීති සමථබලං ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියා විඤ්ඤාණඤ්චායතනසඤ්ඤාය න කම්පතීති සමථබලං, නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤාය න කම්පතීති සමථබලං, උද්ධච්චෙ ච උද්ධච්චසහගතකිලෙසෙ ච ඛන්ධෙ ච න කම්පති න චලති න වෙධතීති සමථබලං, ඉදං සමථබලං.
සමථබලං යනු: කවර අරුතෙකින් ශමථබල නම් වී ද යත්: ප්‍රථමධ්‍යාන හෙයින් නීවරණයෙහි නො සැලේ නු’යි ශමථබල යැ, ද්විතීයධ්‍යාන හෙයින් විතර්‍කවිචාරයෙහි නො සැලේ නු’යි ශමථබල යැ, තෘතීයධ්‍යාන හෙයින් ප්‍රීතියෙහි නො සැලේ නු’යි ශමථබල යැ, චතුර්ත්ථධ්යාන හෙයින් සුඛදුඃඛයෙහි නො සැලේ නු’යි ශමථබල යැ, ආකාසානඤ්චායතනසමාපත්ති හෙයින් රූපසංඥායෙහි ප්‍රතිඝසංඥායෙහි නානාත්‍වසංඥායෙහි නො සැලේ නු’යි ශමථබල යැ, විඤ්ඤාණඤ්චායතනසමාපත්ති හෙයින් ආකාසානඤ්චායතනසංඥායෙහි නො සැලේ නු’යි ශමථබල යැ, ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති හෙයින් විඤ්ඤාණඤ්චායතනසංඥායෙහි නො සැලේ නු’යි ශමථබල යැ, නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්ති හෙයින් ආකිඤ්චඤ්ඤායතනසංඥායෙහි නො සැලේ නු’යි ශමථබල යැ, ඖද්ධත්‍යයෙහි ද ඖද්ධත්‍යසහගතක්ලේශයෙහි ද ස්කන්ධයෙහි ද කම්පා නො වෙයි නො සැලෙයි වේධනය නො වේ නු’යි ශමථබල යැ, මේ ශමථබල යි.
කතමං විපස්සනාබලං: අනිච්චානුපස්සනා විපස්සනාබලං -පෙ- පටිනිස්සග්ගානුපස්සනා විපස්සනාබලං, රූපෙ අනිච්චානුපස්සනා විපස්සනාබලං, රූපෙ දුක්ඛානුපස්සනා විපස්සනාබලං -පෙ- රූපෙපටිනිස්සග්ගානුපස්සනා විපස්සනාබලං, වෙදනා -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ -පෙ- චක්ඛුස්මිං -පෙ- ජරාමරණෙ අනිච්චානුපස්සනා විපස්සනාබලං, ජරාමරණෙ දුක්ඛානුපස්සනා විපස්සනාබලං -පෙ- ජරාමරණෙ පටිනිස්සග්ගානුපස්සනා විපස්සනාබලං.
විදර්‍ශනාබල කවරෙ යත්, අනිච්චානුපස්සනාව විදර්‍ශනාබල යැ ... පටිනිස්සග්ගානුපස්සනාව විදර්‍ශනාබල යැ ... රූපයෙහි අනිච්චානුපස්සනාව විදර්‍ශනාබල යැ ... රූපයෙහි පටිනිස්සග්ගානුපස්සනාව විදර්‍ශනාබල යැ: වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි ... චක්‍ෂුසෙහි ... ජරාමරණයෙහි අනිච්චානුපස්සනාව විදර්‍ශනාබල යැ, ජරාමරණයෙහි දුක්ඛානුපස්සනාව විදර්‍ශනාබල යැ ... ජරාමරණයෙහි පටිනිස්සග්ගානුපස්සනාව විදර්‍ශනාබල යි.
විපස්සනාබලන්තී කෙනට්ඨෙන විපස්සනාබලං: අනිච්චානුපස්සනාය නිච්චසඤ්ඤාය න කම්පතීති විපස්සනාබලං, දුක්ඛානුපස්සනාය සුඛසඤ්ඤාය න කම්පතීති විපස්සනාබලං, අනත්තානුපස්සනාය න අත්තසඤ්ඤාය න කම්පතීති විපස්සනාබලං, නිබ්බිදානුපස්සනාය නන්දියා න කම්පතීති විපස්සනාබලං, විරාගානුපස්සනාය රූපෙ න කම්පතීති විපස්සනාබලං, නිරොධානුපස්සනාය සමුදයෙ න කම්පතීති විපස්සනාබලං, පටිනිස්සග්ගානුපස්සනාය ආදානෙ න කම්පතීති විපස්සනාබලං, අවිජ්ජාය ච අවිජ්ජාසහගතකිලෙසෙ ච ඛන්ධෙ ච න කම්පති න චලති න වෙධතීති විපස්සනාබලං, ඉදං විපස්සනාබලං.
විපස්සනාබලං යනු: කවර අරුතෙකින් විදර්‍ශනාබල නම් වී ද යත්: අනිච්චානුපස්සනා හෙයින් නිත්‍යසංඥායෙහි නො සැලේ නු’යි විදර්‍ශනාබල යැ, දුක්ඛානුපස්සනා හෙයින් සුඛසංඥායෙහි නො සැලේ නු’යි විදර්‍ශනාබල යැ, අනත්තානුපස්සනා හෙයින් ආත්මසංඥායෙහි නො සැලේ නු’යි විදර්‍ශනාබල යැ, නිබ්බිදානුපස්සනා හෙයින් නන්දියෙහි නො සැලේ නු’යි විදර්‍ශනාබල යැ, විරාගානුපස්සනා හෙයින් රූපයෙහි නො සැලේ නු’යි විදර්‍ශනාබල යැ නිරෝධානුපස්සනා හෙයින් සමුදයෙහි නො සැලේ නු’යි විදර්‍ශනාබල යැ, පටිනිස්සග්ගානුපස්සනා හෙයින් ග්රහණයෙහි නො සැලේ නු’යි විදර්‍ශනාබල යැ, අවිද්‍යායෙහි ද අවිද්‍යාසහගත ක්ලේශයෙහි ද ස්කන්ධයෙහි ද කම්පා නො වෙයි නො සැලෙයි වේධනය නොවේ නු’යි විදර්‍ශනාබල යැ, මේ විදර්‍ශනාබල යි.
කතමානි දස සෙඛබලානි: දස අසෙඛබලානි: සම්මාදිට්ඨිං, සික්ඛතීති සෙඛබලං, තත්ථ සික්ඛිතත්තා අසෙඛබලං, සම්මාසඞ්කප්පං සික්ඛිතීති සෙඛබලං තත්ථ සික්ඛිතත්තා අසෙඛබලං, සම්මාවාචං -පෙ- සම්මාකම්මන්තං සම්මා ආජීවං -පෙ- සම්මාවායාමං -පෙ- සම්මාසතිං -පෙ- සම්මාසමාධිං -පෙ- සම්මාඤාණං -පෙ- සම්මාවිමුත්තිං සික්ඛතීති සෙඛබලං, තත්ථ සික්ඛිත්තත්තා අසෙඛබලං, ඉමානි දස සෙඛබලානි, දස අසෙඛබලානි.
දශශෛක්ෂබල දශඅශෛක්ෂබල කවරහ යත්: සම්‍යග්දෘෂ්ටියෙහි හික්මේ නු’යි ශෛක්‍ෂබල යැ, එහි ශික්ෂිත බැවින් අශෛක්‍ෂබල යැ. සම්යක්සංකල්පයෙහි හික්මේ නු’යි ශෛක්‍ෂබල යැ, එහි ශික්ෂිත බැවින් අශෛක්‍ෂබල යැ. සම්‍යග්වචනයෙහි ... සම්යක්කර්මාන්තයෙහි ... සම්‍යගාජීවයෙහි ... සම්‍යග්ව්‍යායාමයෙහි ... සම්‍යක්ස්මෘතියෙහි ... සම්‍යක්සමාධියෙහි ... සම්‍යග්ඥානයෙහි ... සම්‍යග්විමුක්තියෙහි හික්මේ නු’යි ශෛක්‍ෂබල යැ, එහි ශික්ෂිත බැවින් අශෛක්‍ෂබල යැ මොහු දශශෛක්ෂබලයෝ යැ, දශඅශෛක්ෂබලයෝ යි.
කතමානි දස ඛීණාසවබලානි: ඉධ ඛීණාසවස්ස භික්ඛුනො අනිච්චතො සබ්බෙ සඞ්ඛාරා යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨා හොන්ති, යම්පි ඛීණාසවස්ස භික්ඛුනො අනිච්චතො සබ්බෙ සඞ්ඛාරා යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨා හොන්ති, ඉදම්පි ඛීණාසවස්ස භික්ඛුනො බලං හොති, යං බලං ආගම්ම ඛීණාසවො භික්ඛු ආසවානං ඛයං පටිජානාති ඛීණා මෙ ආසවා’ති.
දශක්ෂීණාස්රවබල කවරහ යත්: මෙ සස්නෙහි ක්ෂීණාස්රව මහණහු විසින් අනිත්‍ය හෙයින් හැම සංස්කාරයෝ යථාභූතයෙන් සම්‍යක්ප්‍රඥායෙන් මොනොවට දක්නා ලද වෙති, යම්සෙයෙකින් ක්ෂීණාස්රව මහණහු විසින් අනිත්‍ය හෙයින් හැම සංස්කාරයෝ යථාභූතයෙන් සම්‍යක්ප්‍රඥායෙන් මොනොවට දක්නා ලද වෙත් ද, යම් බලයක් පිණිස ක්ෂීණාස්රව මහණ මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ’යි ආස්රවක්ෂය පිළින කෙරේ ද, මෙ ද ක්ෂීණාස්රව මහණහට බල වෙයි.
පුන චපරං ඛීණාසවස්ස භික්ඛුනො ‘අඞ්ගාරකාසූපමා කාමා’යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨා හොන්ති. යම්පි ඛීණාසවස්ස භික්ඛුනො අඞ්ගාරකාසූපමා කාමා යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨා හොන්ති, ඉදම්පි ඛීණාසවස්ස භික්ඛුනො බලං හොති, යං බලං ආගම්ම ඛීණාසවො භික්ඛු ආසවානං ඛයං පටිජානාති ‘ඛීණා මෙ ආසවා’ති.
තවද අනෙකෙකි, ක්ෂීණාස්රව මහණහු විසින් අඞ්ගාරකර්ෂුවට (අඟුරු වළට) උපමා කරනලද කාමයෝ යථාස්වභාවයෙන් සම්‍යක්ප්‍රඥායෙන් මොනොවට දක්නාලද වෙති. යම්සෙයෙකින් ක්ෂීණාස්රව මහණහු විසින් අඞ්ගාරකර්ෂූපමකාමයෝ යථාස්වභාවයෙන් සම්‍යක්ප්‍රඥායෙන් මොනොවට දක්නාලද වෙත් ද, යම් බලයක් පිණිස ක්ෂීණාස්රව මහණ ‘මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ’යි ආස්රවක්ෂය පිළින කෙරේ ද, මෙ ද ක්ෂීණාස්රව මහණහට බල වෙයි.
පුන චපරං ඛීණාසවස්ස භික්ඛුනො විවෙකනින්නං චිත්තං හොති විවෙකපොණං විවෙකපබ්භාරං විවෙකට්ඨං නෙක්ඛම්මාභිරතං බ්යන්තිභූතං සබ්බසො ආසවට්ඨානියෙහි ධම්මෙහි, යම්පි ඛීණාසවස්ස භික්ඛුනො විවෙකනින්නං චිත්තං හොති විවෙකපොණං විවෙකපබ්භාරං විවෙකට්ඨං නෙක්ඛම්මාභිරතං බ්යන්තීභූතං සබ්බසො ආසවට්ඨානියෙහි ධම්මෙහි, ඉදම්පි ඛීණාසවස්ස භික්ඛුනො බලං හොති, යං බලං ආගම්ම ඛීණාසවො භික්ඛු ආසවානං ඛයං පටිජානාති ඛීණා මෙ ආසවා’ති.
තවද ක්ෂීණාස්රව මහණටහට (උපධි) විවේකයට නැඹුරු වූ විවේකප්‍රවණ වූ විවේකයට බැහැවුම් ඇති විවේකයෙහි සිටි නෛෂ්ක්‍රම්‍යයෙහි ඇලුණු සර්වප්රකාරයෙන් (සම්ප්‍රයෝග වශයෙන්) ආස්‍රවයනට කරුණු වූ ක්ලේශධර්මයන් කෙරෙත් විගතාන්ත වූ සිත වෙයි. යම් සෙයෙකින් ක්ෂීණාස්රව මහණහට විවේකයට නැඹුරු වූ, විවේකප්‍රවණ වූ, විවේකයට බැහැවුම් ඇති, විවේකයෙහි සිටි නෛෂ්ක්‍රම්‍යයෙහි ඇලුණු සර්වප්රකාරයෙන් ආස්‍රවයනට කරුණු වූ ක්ලේශධර්මයන් කෙරෙත් විගතාන්ත වූ සිත වේ ද, යම් බලයක් පිණිස ක්ෂීණාස්රව මහණ ‘මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ’යි ආස්රවක්ෂය පිළින කෙරේ ද මෙ ද ක්ෂීණාස්රව මහණහට බල වෙයි.
පුන චපරං ඛීණාසවස්ස භික්ඛුනො චත්තාරො සතිපට්ඨානා භාවිතා හොන්ති සුභාවිතා. යම්පි ඛීණාසවස්ස භික්ඛුනො චත්තාරො සතිපට්ඨානා භාවිතා හොන්ති සුභාවිතා, ඉදම්පි ඛීණාසවස්ස භික්ඛුනො බලං හොති, යං බලං ආගම්ම ඛීණාසවො භික්ඛු ආසවානං ඛයං පටිජානාති ඛීණා මෙ ආසවා’ති.
තවද ක්ෂීණාස්රව මහණහු විසින් සතර සතිපට්ඨානයෝ භාවිත සුභාවිත වෙති. යම් සෙයෙකින් ක්ෂීණාස්රව මහණහු විසින් සතර සතිපට්ඨානයෝ භාවිත සුභාවිත වෙත් ද යම් බලයක් පිණිස ක්ෂීණාස්රව මහණ ‘මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ’යි ආස්රවක්ෂය පිළින කෙරේ ද මෙ ද ක්ෂීණාස්රව මහණහට බල වෙයි.
පුන චපරං ඛීණාසවස්ස භික්ඛුනො චත්තාරො සම්මප්පධානා භාවිතා හොන්ති සුභාවිතා -පෙ- චත්තාරො ඉද්ධිපාදා භාවිතා හොන්ති සුභාවිතා -පෙ- පඤ්චින්ද්රියානි භාවිතානි හොන්ති සුභාවිතානි -පෙ- පඤ්ච බලානි භාවිතානි හොන්ති සුභාවිතානි -පෙ- සත්ත බොජ්ඣඞ්ගා භාවිතා හොන්ති සුභාවිතා -පෙ- අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවිතො හොති සුභාවිතො, යම්පි ඛීණාසවස්ස භික්ඛුනො අට්ඨඞ්ගිකො මග්ගො භාවිතො හොති සුභාවිතො, ඉදම්පි ඛීණාසවස්ස භික්ඛුනො බලං හොති, යං බලං ආගම්ම ඛීණාසවො භික්ඛු ආසවානං ඛයං පටිජානාති ඛීණා මෙ ආසවා’ති ඉමානි දස ඛීණාසවබලානි.
තවද ක්ෂීණාස්රව මහණහු විසින් සතර සම්යක්ප්රධනායෝ භාවිත සුභාවිත වෙති ... සතර ඍද්ධිපාදයෝ භාවිත සුභාවිත වෙති ... පඤ්චේන්‍ද්‍රියයෝ භාවිත සුභාවිත වෙති ... පඤ්චබලයෝ භාවිත සුභාවිත වෙති ... සප්තබෝධ්‍යඞ්ගයෝ භාවිත සුභාවිත වෙති ... ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය භාවිත සුභාවිත වෙයි. යම් සෙයෙකින් ක්ෂීණාස්රව මහණහු විසින් අෂ්ටාඞ්ගිකමාර්‍ගය භාවිත සුභාවිත වේ ද, යම් බලයක් පිණිස ක්ෂීණාස්රව මහණ ‘මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ’යි ආස්රවක්ෂය පිළින කෙරේ ද, මෙ ද ක්ෂීණාස්රව මහණහට බල වෙයි.
කතමානි දස ඉද්ධිබලානි: අධිට්ඨානා ඉද්ධි, විකුබ්බනා ඉද්ධි, මනොමයා ඉද්ධි, ඤාණවිප්ඵාරා ඉද්ධි, සමාධිවිප්ඵාරා ඉද්ධි, අරියා ඉද්ධි, කම්මවිපාකජා ඉද්ධි, පුඤ්ඤවතො ඉද්ධි, විජ්ජාමයා ඉද්ධි, තත්ථ තත්ථ සම්මා පයොගප්පච්චයා ඉජ්ඣනට්ඨෙන ඉද්ධි, ඉමානි දස ඉද්ධිබලානි.
දශර්ධිබල කවරහ යත්: අධිෂ්ඨාන ඍද්ධි යැ, විකුර්වණ ඍද්ධි යැ, මනෝමය ඍද්ධි යැ, ඥානවිෂ්ඵාර ඍද්ධි යැ, සමාධිවිෂ්ඵාර ඍද්ධි යැ, ආර්ය ඍද්ධි යැ, කර්මවිපාකජ ඍද්ධි යැ, පුණ්‍යවත්හුගේ ඍද්ධි යැ, විද්‍යාමය ඍද්ධි යැ. ඒ ඒ කරුණෙහි සම්‍යක්ප්‍රයෝග හෙයින් සමෘද්ධ වන අර්ත්ථයෙන් ඍද්ධි යි. මොහු දශර්ධිබලයෝ යි.
කතමානි දස තථාගතබලානි: ඉධ තථාගතො ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති, යම්පි තථාගතො ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති, ඉදම්පි තථාගතස්ස තථාගතබලං හොති. යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
දශ තථාගතබල කවරහ යත්: මෙහි තථාගතයෝ කාරණය ද කාරණ හෙයින් අකාරණය ද අකාරණ හෙයින් යථාස්වභාවයෙන් දැනගනිති. යම් සෙයෙකින් තථාගතයෝ කාරණය ද කාරණ හෙයින් අකාරණය ද අකාරණ හෙයින් යථාස්වභාවයෙන් දැනගනිත් ද යම් බලයක් පිණිස තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය පිළින කෙරෙත් ද, පිරිස් මැද අභීතනාද කෙරෙත් ද බ්රහ්මසඞ්ඛ්යාත ශ්‍රේෂ්ඨ ධර්මචක්රය පවත්වත් ද මෙ ද තථාගතයන්ගේ තථාගත බල වෙයි.
පුන චපරං තථාගතො අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති, යම්පි තථාගතො අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති, ඉදම්පි තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසහං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
තවද තථාගතයෝ අතීතානාගතප්‍රත්‍යුත්පන්න කර්මසමාදානයන්ගේ ප්‍රත්‍යය විසින් හේතු විසින් විපාකය යථාස්වභාවයෙන් දැනගනිති, යම් සෙයෙකින් තථාගතයෝ අතීතානාගතප්රත්යුත්පන්නකර්මසමාදානයන්ගේ ප්‍රත්‍යය විසින් හේතු හේතු විසින් විපාකය යථාස්වභාවයෙන් දැනගනිත් ද යම් බලයක් පිණිස තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය පිළින කෙරෙත් ද පර්ෂද්හි සිංහනාද කෙරෙත් ද බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, මෙ ද තථාගතයන්ගේ තථාගතබල වෙයි.
පුන චපරං තථාගතො සබ්බත්ථගාමිනිං පටිපදං යථාභූතං පජානාති, යම්පි තථාගතො සබ්බත්ථගාමිනිං පටිපදං යථාභූතං පජානාති, ඉදම්පි තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
තවද තථාගතයෝ සර්වත්රාගාමි (හැම ගතියට අගතියට යනසුලු) මාර්ගය යථාස්වභාවයෙන් දැනගිනිති. යම්සෙයෙකින් තථාගතයෝ සර්වත්රගාමීමාර්ගය යථාස්වභාවයෙන් දැනගනිත් ද, යම් බලයක් පිණිස තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය පිළින කෙරෙත් ද, පර්ෂද්හි සිංහනාද කෙරෙත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, මෙ ද තථාගතයන්ගේ තථාගතබල වෙයි.
පුන චපරං තථාගතො අනෙකධාතුනානාධාතුලොකං යථාභූතං පජානාති, යම්පි තථාගතො අනෙකධාතුනානාධාතුලොකං යථාභූතං පජානාති, ඉදම්පි තථාගතස්ස -පෙ- බ්රහ්මචක්කං පවත්තෙති.
තවද තථාගතයෝ අනේකධාතු නානාධාතු ලෝකය යථාස්වභාවයෙන් දැනගනිති. යම් සෙයෙකින් තථාගතයෝ අනේකධාතුනානාධාතුලෝකය යථාස්වභාවයෙන් දැනගනිත් ද ... බ්‍රහ්මචක්‍ර පවත්වත් ද, මෙ ද තථාගතයන්ගේ තථාගතබල වෙයි.
පුන චපරං තථාගතො සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං පජානාති, යම්පි තථාගතො සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං පජානාති, ඉදම්පි තථාගතස්ස -පෙ- බ්රහ්මචක්කං පවත්තෙති.
තවද තථාගතයෝ සත්ත්වයන් නානාධිමුක්ති ඇති බව යථාස්වභාවයෙන් දැනගනිති. යම් සෙයෙකින් තථාගතයෝ සත්ත්වයන් නානාධිමුක්තී ඇති බව යථාස්වභාවයෙන් දැනගනිත් ද ... බ්‍රහ්මචක්‍ර පවත්වත් ද මෙ ද තථාගතයන්ගේ තථාගතබල වෙයි.
පුන චපරං තථාගතො පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්රියපරොපරියත්තං යථාභූතං පජානාති, යම්පි තථාගතො පරසත්තානං පරපුග්ගනානං ඉන්ද්රියපරොපරියත්තං යථාභූතං පජානාති, ඉදම්පි තථාගතස්ස -පෙ- බ්රහ්මචක්කං පවත්තෙති.
තවද තථාගතයෝ පරසත්ත්වයන්ගේ පරපුද්ගලයන්ගේ ඉන්ද්රියපරාවරභාවය (වෘද්ධි - හානි) යථාස්වභාවයෙන් දැනගනිති. යම් සෙයෙකින් තථාගතයෝ පරසත්ත්වයන්ගේ පරපුද්ගලයන්ගේ ඉන්ද්රියපරාවරභාවය යථාස්වභාවයෙන් දැනගනිත් ද ... බ්‍රහ්මචක්‍ර පවත්වත් ද, මෙ ද තථාගතයන්ගේ තථාගතබල වෙයි.
පුන චපරං තථාගතො ඣානවිමොක්ඛසමාධිසමාපත්තීනං සංකිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං පජානාති, යම්පි තථාගතො ඣානවිමොක්ඛසමාධිසමාපත්තීනං සඞ්කිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං පජානාති. ඉදම්පි තථාගතස්ස -පෙ- බ්රහ්මචක්කං පවත්තෙති.
තවද තථාගතයෝ ධ්‍යානවිමෝක්‍ෂසමාධිසමාපත්තීන්ගේ සංක්ලේශ (හානභාගීයධර්ම) ය ව්‍යවදාන (විශේෂභාගීයධර්ම) ය ව්යුත්ථානය යථාස්වභාවයෙන් දැනගනිති. යම්සෙයෙකින් තථාගතයෝ ධ්‍යානවිමෝක්‍ෂසමාධිසමාපත්තීන්ගේ සංක්ලේශය ව්‍යවදානය ව්යුත්ථානය යථාස්වභාවයෙන් දැනගනිත් ද ... බ්‍රහ්මචක්‍ර පවත්වත් ද, මෙ ද තථාගතයන්ගේ තථාගතබල වෙයි.
පුන චපරං තථාගතො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්යථීදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, යම්පි තථාගතො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්යථීදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉදම්පි තථාගතස්ස -පෙ- බ්රහ්මචක්කං පවත්තෙති.
තවද තථාගතයෝ අනේකප්‍රකාර වූ පූර්‍වනිවාස (පෙරවිසූකඳපිළිවෙළ) සිහි කෙරෙති. හේ කෙසේ යැ යත්: එක් ජාතියකුදු ජාති දෙකකුදු ... මෙසෙයින් (වර්ණාදි) ආකාර සහිත වූ (නාමගෝත්‍රාදි) උද්දේශ සහිත වූ අනේකප්‍රකාර පූර්‍වනිවාස සිහි කෙරෙති. යම් සෙයෙකින් තථාගතයෝ අනේකප්‍රකාර වූ පූර්‍වනිවාස සිහි කෙරෙත් ද, හේ කෙසේ යැ යත්: එක් ජාතියකුදු ජාති දෙකකුදු ... බ්‍රහ්මචක්‍ර පවත්වත් ද, මෙ ද තථාගතයන්ගේ තථාගතබල වෙයි.
පුන චපරං තථාගතො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උප්පජ්ජමානෙ -පෙ- යම්පි තථාගතො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උප්පජ්ජමානෙ -පෙ- ඉදම්පි තථාගතස්ස -පෙ- බ්රහ්මචක්කං පවත්තෙති.
තවද තථාගතයෝ විශුද්ධ වූ මිනිසත්බව ඉක්මගිය දිවඇසින් සැවයන උපදනා ස්ත්තවයන් බලති. යම් සෙයෙකින් තථාගතයෝ විශුද්ධ වූ මිනිසත්බව ඉක්මගිය දිව ඇසින් සැවයන උපදනා ... සත්ත්වයන් බලත් ද ... බ්‍රහ්මචක්‍ර පවත්වත් ද, මෙ ද තථාගතයන්ගේ තථාගතබල වෙයි.
පුන චපරං තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති, යම්පි තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති, ඉදම්පි තථාගතස්සා තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසහං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති ඉමානි දස තථාගතබලානි.
තවද තථාගතයෝ ආස්‍රවයන් ක්ෂය කිරීමෙන් ආස්‍රව විරහිත වූ චිත්තවිමුක්තිය (අර්හත්ඵලසමාධිය) ප්‍රඥාවිමුක්තිය (අර්‍හත්ඵලප්‍රඥාව) මෙ අත්බැව්හි මැ තුමූ අභිඥායෙන් ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාසය කෙරෙති. යම් සෙයෙකින් තථාගතයෝ ආස්‍රවයන් ක්ෂය කිරීමෙන් ආස්‍රව විරහිත වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය මෙ අත්බැව්හි මැ තුමූ අභිඥායෙන් ප්රත්යක්ෂ කොටගෙන ඊට පැමිණ වාසය කෙරෙත් ද යම් බලයක් පිණිස තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය පිළින කෙරෙත් ද පර්ෂද්හි අභීතනාද කෙරෙත් ද බ්‍රහ්ම සඞ්ඛ්‍යාත ශ්රේෂ්ඨධර්මචක්රය පවත්වත් ද මෙ ද තථාගතයන්ගේ තථාගතබල වෙයි. මොහු දශ තථාගතබලයෝ යි.
කෙනට්ඨෙන සද්ධාබලං, කෙනට්ඨෙන විරියබලං, කෙනට්ඨෙන සතිබලං, කෙනට්ඨෙන සමාධිබලං, කෙනට්ඨෙන පඤ්ඤාබලං, කෙනට්ඨෙන හිරිබලං, කෙනට්ඨෙන ඔත්තප්පබලං, කෙනට්ඨෙන පටිසඞ්ඛානබලං, -පෙ- කෙනට්ඨෙන තථාගතබලං.
කවර අරුතෙකින් ශ්‍රද්ධාබල වේ ද, කවර අරුතෙකින් වීර්‍ය්‍යබල වේ ද, කවර අරුතෙකින් ස්මෘතිබල වේ ද, කවර අරුතෙකින් සමාධිබල වේ ද, කවර අරුතෙකින් ප්‍රඥාබල වේ ද, කවර අරුතෙකින් හිරිබල වේ ද, කවර අරුතෙකින් ඔත්තප්පබල වේ ද, කවර අරුතෙකින් පටිසඞ්ඛානබල වේ ද ... කවර අරුතෙකින් තථාගතබල වේ ද යත්:
අස්සද්ධියෙ අකම්පියට්ඨෙන සද්ධාබලං, කොසජ්ජෙ අකම්පියට්ඨෙන විරියබලං, පමාදෙ අකම්පියට්ඨෙන සතිබලං, උද්ධච්චෙ අකම්පියට්ඨෙන සමාධිබලං, අවිජ්ජාය අකම්පියට්ඨෙන පඤ්ඤාබලං, හිරීයති පාපකෙ අකුසලෙ ධම්මෙති හිරිබලං, ඔත්තප්පති පාපකෙ අකුසලෙ ධම්මෙති ඔත්තප්පබලං, ඤාණෙන කිලෙසෙ පටිසඞ්ඛාතීති පටිසඞ්ඛානබලං, තත්ථ ජාතා ධම්මා එකරසා හොන්තීති භාවනා බලං, තත්ථ නත්ථි කිඤ්චි වජ්ජන්ති අනවජ්ජබලං, තෙන චිත්තං සඞ්ගණ්හාතීති සඞ්ගහබලං, තං ඛමතීති ඛන්තිබලං, තෙන චිත්තං පඤ්ඤාපෙතීති පඤ්ඤත්තිබලං තෙන චිත්තං නිජ්ඣාපෙතීති නිජ්ඣාත්තිබලං, තෙන චිත්තං වසං වත්තෙතීති ඉස්සරිය බලං, තෙන චිත්තං අධිට්ඨාතීති අධිට්ඨානබලං, තෙන චිත්තං එකග්ගන්ති සමථබලං, තත්ථ ජාතෙ ධම්මෙ අනුපස්සතීති විපස්සනාබලං, තත්ථ සික්ඛතීති සෙඛබලං, තත්ථ සික්ඛිතත්තා අසෙඛබලං, තෙන ආසවා ඛීණාති ඛීණාසවබලං, තස්සා ඉජ්ඣතීති ඉද්ධිබලං, අප්පමෙය්යට්ඨෙන තථාගතබලන්ති.
අශ්රද්ධායෙහි නො සැලෙන අර්ත්ථයෙන් ශ්‍රද්ධාබල යැ, කෞසීද්‍යායෙහි නො සැලෙන අර්ත්ථයෙන් වීර්‍ය්‍යබල යැ, ප්‍රමාදයෙහි නො සැලෙන අර්ත්ථයෙන් ස්මෘතිබල යැ, ඖද්ධත්‍යයෙහි නො සැලෙන අර්ත්ථයෙන් සමාධිබල යැ, අවිද්‍යායෙහි නො සැලෙන අර්ත්ථයෙන් ප්‍රඥාබල යැ ලාමක වූ අකුසල් දහම්හි ලජ්ජිත වේ නු’යි හිරිබල යැ, ලාමක වූ අකුසල් දහම්හි තැවේ නු’යි ඔත්තප්පබල යැ, නුවණින් කෙලෙසුන් විමසා නු’යි පටිසඞ්ඛානබල යැ. ඒ භාවනා විශේෂයෙහි උපන් චිත්තචෛතසිකධර්‍මයෝ ඒකරස වෙත් නු’යි භාවනා බල යැ, එහි කිසි වද්‍යයෙක් නැත් නු’යි අනවද්‍යාබල යැ, එයින් සිත සඞ්ග්‍රහ කෙරේ නු’යි සඞ්ග්‍රහබල යැ, එය සහනය කෙරේ නු’යි ක්‍ෂාන්තිබල යැ, එයින් සිත ප්‍රකාරයෙන් ඥාපනය කෙරේ නු’යි ප්‍රඥප්තිබල යැ, එයින් සිත නිදිධ්‍යාසන (ශ්රැතාර්ත්ථවිචාරය) කෙරේ නු’යි නිදිධ්‍යාසනබල යැ. එයින් සිත වශයෙහි පවත්වා නු’යි ඓශ්වර්‍ය්‍යබල යැ, එයින් සිත අධිෂ්ඨාන කෙරේ නු’යි අධිෂ්ඨානබල යැ, එයින් (සමාධියෙන්) සිත එකඟ නු’යි ශමථබල යැ, එහි උපන් (චිත්තචෛතසික) ධර්මයන් අනුපස්සනා කෙරේ නු’යි විදර්‍ශනාබල යැ, ඒ ශෛක්ෂබලයෙහි හික්මේ නු’යි ශෛක්‍ෂබල යැ, එහි (අශෛක්ෂබලයෙහි) ශික්ෂිත බැවින් අශෛක්‍ෂබල යැ, එයින් (ලෞකිකලෝකෝත්තරඥානයෙත්) ආස්‍රවයෝ ක්ෂය කරනලදහ’යි ක්ෂීණාස්රවබල යැ, ඔහට (ඍද්ධිමත්හට) සමෘද්ධ වේ නු’යි ඍද්ධිබල යැ, ප්‍රමාණ නො කට හැකි අර්ත්ථයෙන් තථාගත බල වේ යයි.
බලකථා සමත්තා
බලකථා නිමි.