යෙදුමෙන් කියවන්න

ලොකුත‍්තර කථා

2. 8.

2. 8.

ලොකුත‍්තර කථා

ලෝකෝත්තර කථා

කතමෙ ධම‍්මා ලොකුත‍්තරා: චත‍්තාරො සතිපට‍්ඨානා, චත‍්තාරො සම‍්මප‍්පධානා, චත‍්තාරො ඉද‍්ධිපාදා, පඤ‍්චින්‍ද්‍රියානි, පඤ‍්චබලානි, සත‍්ත බොජ‍්ඣගා, අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො, චත‍්තාරො අරියමග‍්ගා, චත‍්තාරි ච සාමඤ‍්ඤඵලානි, නිබ‍්බානඤ‍්ච. ඉමෙ ධම‍්මා ලොකුත‍්තරා.

ලෝකෝත්තරධර්‍ම කවරහ යත්: සතර සතිපට්ඨානයෝ යැ සතර සම්‍යක්ප්‍රධානයෝ යැ සතර ඍද්ධිපාදයෝ යැ පඤ්චේන්‍ද්‍රියයෝ යැ පඤ්චබලයෝ යැ සප්තබෝධ්‍යඞ්ගයෝ යැ ආර්‍ය්‍යාෂ්ටාඞ්ගිකමාර්‍ග යැ සතර ආර්‍ය්‍යමාර්‍ගයෝ යැ සතර ශ්‍රාමණ්‍යඵලයෝ යැ නිර්‍වාණ යැ යන මොහු ලෝකෝත්තරධර්‍මයෝ යි.

‘ලොකුත‍්තරා’ති කෙනට‍්ඨෙන ලොකුත‍්තරා: ලොකං තරන‍්තීති ලොකුත‍්තරා, ලොකා උත‍්තරන‍්තීති ලොකුත‍්තරා, ලොකතො උත‍්තරන‍්තීති ලොකුත‍්තරා, ලොකම‍්හා උත‍්තරන‍්තීති ලොකුත‍්තරා, ලොකං අතික‍්කමන‍්තී ලොකුත‍්තරා, ලොකං සමතික‍්කමමන‍්තීති ලොකුත‍්තරා, ලොකෙන අතිරෙකාති ලොකුත‍්තරා, ලොකන‍්තං තරන‍්තීති ලොකුත‍්තරා.

‘ලෝකුත්තරා’ යනු කවර අරුතෙකින් ලෝකෝත්තර නම් වූහ යත්: ලෝකය තරණය කෙරෙන් නු’යි ලෝකෝත්තරයහ, ලෝකයෙන් උත්තරණය කෙරෙන් නු’යි ලෝකෝත්තරයහ, ලෝකය කෙරෙන් උත්තරණය කෙරෙන් නු’යි ලෝකෝත්තරයහ, ලොවින් උත්තරණය කෙරෙන් නු’යි ලෝකෝත්තරයහ, ලොව ඉක්මයෙත් නු’යි ලෝකෝත්තරයහ, ලොව මොනොවට ඉක්මයෙත් නු’යි ලෝකෝත්තරයහ, ලොව මොනොවට ඉක්ම ගියහ’යි ලෝකෝත්තරයහ, ලෝකය කෙරෙන් අධිකයහ’යි ලෝකෝත්තරයහ, ලෝකාන්තයට තරණය කෙරෙන් නු’යි ලෝකෝත්තරයහ.

ලොකා නිස‍්සරන‍්තීති ලොකුත‍්තරා, ලොකතො නිස‍්සරන‍්තීති ලොකුත‍්තරා, ලොකම‍්හා නිස‍්සරන‍්තීති ලොකුත‍්තරා, ලොකා නිස‍්සටාති ලොකුත‍්තරා, ලොකෙන නිස‍්සටාති ලොකුත‍්තරා, ලොකම‍්හා නිස‍්සටාති ලොකුත‍්තරා.

ලොවින් නික්මෙත් නු’යි ලෝකෝත්තරයහ, ලෝකය කෙරෙන් නික්මෙත් නු’යි ලෝකෝත්තරයහ, ලෝකයෙන් නික්මෙත් නු’යි ලෝකෝත්තරයහ, ලොවින් නික්මුණහ’යි ලෝකෝත්තරයහ, ලෝකය කෙරෙන් නික්මුණහ’යි ලෝකෝත්තරයහ, ලෝකයෙන් නික්මුණහ’යි ලෝකෝත්තරයහ.

ලොකෙ න තිට‍්ඨන‍්තීති ලොකුත‍්තරා, ලොකස‍්මිං න තිට‍්ඨන‍්තීති ලොකුත‍්තරා, ලොකෙ න ලිප‍්පන‍්තීති ලොකුත‍්තරා, ලොකෙන න ලිප‍්පන‍්තීති ලොකුත‍්තරා, ලොකෙ අසංලිත‍්තාති ලොකුත‍්තරා, ලොකෙන අසංලිත‍්තාති ලොකුත‍්තරා, ලොකෙ අනුපලිත‍්තාති ලොකුත‍්තරා, ලොකෙන අනුපලිත‍්තාති ලොකුත‍්තරා.

(අපර්‍ය්‍යාපන්න බැවින්) ලෝකයෙහි නො සිටිත් නු’යි ලෝකෝත්තරයහ, ලොවැ නො සිටිත් නු’යි ලෝකෝත්තරයහ, ලෝකයෙහි නො තැවැරෙත් නු’යි ලෝකෝත්තරයහ, ලෝකය හා නො තැවැරෙත් නු’යි ලෝකෝත්තරයහ, ලෝකයෙහි අසංලිප්ත නු’යි ලෝකෝත්තරයහ, ලෝකය හා සමග අසංලිප්ත නු’යි ලෝකෝත්තරයහ, ලෝකයෙහි නො තැවැරුණාහු’යි ලෝකෝත්තරයහ, ලෝකය හා සමග නො තැවැරුණාහු’යි ලෝකෝත්තරයහ.

ලොකෙ විප‍්පමුත‍්තාති ලොකුත‍්තරා, ලොකෙන විප‍්පමුත‍්තාති ලොකුත‍්තරා, ලොකා විප‍්පමුත‍්තාති ලොකුත‍්තරා, ලොකතො විප‍්පමුත‍්තාති ලොකුත‍්තරා, ලොකම‍්හා විප‍්පමුත‍්තාති ලොකුත‍්තරා.

ලෝකයෙහි විප්‍රමුක්ත නු’යි ලෝකෝත්තරයහ, ලෝකය හා සමග විප්‍රමුක්ත නු’යි ලෝකෝත්තරයහ, ලෝකයෙන් විප්‍රමුක්ත නු’යි ලෝකෝත්තරයහ, ලෝකය කෙරෙන් විප්‍රමුක්ත නු’යි ලෝකෝත්තරයහ, ලොවින් විප්‍රමුක්ත නු’යි ලෝකෝත්තරයහ.

ලොකෙ විසඤ‍්ඤුත‍්තාති ලොකුත‍්තරා, ලොකෙන විසඤ‍්ඤුත‍්තාති ලොකුත‍්තරා, ලොකා විසඤ‍්ඤුත‍්තාති ලොකුත‍්තරා, ලොකස‍්මිං විසඤ‍්ඤුත‍්තාති ලොකුත‍්තරා, ලොකතො විසඤ‍්ඤුත‍්තාති ලොකුත‍්තරා, ලොකම‍්හා විසඤ‍්ඤුත‍්තාති ලොකුත‍්තරා.

ලෝකයෙහි විසංයුක්ත නු’යි ලෝකෝත්තරයහ, ලෝකය හා සමග විසංයුක්ත නු’යි ලෝකෝත්තරයහ, ලෝකයෙන් විසංයුක්ත නු’යි ලෝකෝත්තරයහ, ලොව්හි විසංයුක්ත නු’යි ලෝකෝත්තරයහ, ලෝකය කෙරෙන් විසංයුක්ත නු’යි ලෝකෝත්තරයහ, ලොවින් විසංයුක්ත නු’යි ලෝකෝත්තරයහ.

ලොකා සුජ‍්ඣන‍්තීති ලොකුත‍්තරා, ලොකතො සුජ‍්ඣන‍්තීති ලොකුත‍්තරා, ලොකම‍්හා සුජ‍්ඣන‍්තීති ලොකුත‍්තරා, ලොකා විසුජ‍්ඣන‍්තීති ලොකුත‍්තරා, ලොකතො විසුජ‍්ඣන‍්තීති ලොකුත‍්තරා, ලොකම‍්හා විසුජ‍්ඣන‍්තීති ලොකුත‍්තරා.

ලෝකයෙන් (ලෝකමල සෝදා) ශුද්ධ වෙත් නු’යි ලෝකෝත්තරයහ, ලෝකය කෙරෙන් ශුද්ධ වෙත් නු’යි ලෝකෝත්තරයහ, ලොවින් ශුද්ධ වෙත් නු’යි ලෝකෝත්තරයහ, ලෝකයෙන් විශුද්ධ වෙත් නු’යි ලෝකෝත්තරයහ, ලෝකය කෙරෙන් විසුද්ධ වෙත් නු’යි ලෝකෝත්තරයහ, ලොවින් විශුද්ධ වෙත් නු’යි ලෝකෝත්තරයහ.

ලොකා වුට‍්ඨහන‍්තීති ලොකුත‍්තරා, ලොකතො වුට‍්ඨහන‍්තීති ලොකුත‍්තරා ලොකම‍්හා වුට‍්ඨහන‍්තීති ලොකුත‍්තරා.

ලෝකයෙන් නැඟීසිටිත් නු’යි ලෝකෝත්තරයහ, ලෝකය කෙරෙන් නැඟීසිටිත් නු’යි ලෝකෝත්තරයහ, ලොවින් නැඟීසිටිත් නු’යි ලෝකෝත්තරයහ.

ලොකා විවට‍්ටන‍්තීති ලොකුත‍්තරා, ලොකතො විවට‍්ටන‍්තීති ලොකුත‍්තරා, ලොකම‍්හා විවට‍්ටන‍්තීති ලොකුත‍්තරා.

ලෝකයෙන් නවතිත් නු’යි ලෝකෝත්තරයහ, ලෝකය කෙරෙන් නවතිත් නු’යි ලෝකෝත්තරයහ, ලොවින් නවතිත් නු’යි ලෝකෝත්තරයහ.

ලොකෙ න සජ‍්ජන‍්තීති ලොකුත‍්තරා, ලොකෙ න ගය‍්හන‍්තීති ලොකුත‍්තරා, ලොකෙ න ඛජ‍්ඣන‍්තීති ලොකුත‍්තරා.

ලෝකයෙහි නො ලැගෙත් නු’යි ලෝකෝත්තරයහ, ලෝකයෙහි (කිසි සංස්කාර කෙනෙක්) නො ගන්නා ලැබෙත් නු’යි ලෝකෝත්තරයහ, ලෝකයෙහි නො පෙළෙත් නු’යි ලෝකෝත්තරයහ.

ලොකං සමුච‍්ඡින්‍දන‍්තීති ලොකුත‍්තරා, ලොකං සමුච‍්ඡින‍්නත‍්තාති ලොකුත‍්තරා. ලොකං පටිප‍්පස‍්සම‍්භෙන‍්තීති ලොකුත‍්තරා, ලොකං පටිප‍්පස‍්සම‍්භිතත‍්තාති ලොකුත‍්තරා.

ලෝකය මුලුසුන් කෙරෙන් නු’යි ලෝකුත්තර නම් වෙති, ලෝකය මුලුසුන් කරනලද බැවිනැ’යි ලෝකුත්තර නම් වෙති, ලෝකය සන්හිඳුවත් නු’යි ලෝකුත්තර නම් වෙති, ලෝකය සන්හිඳුවන ලද බැවිනැ’යි ලෝකුත්තර නම් වෙත්.

ලොකස‍්ස අපථාති ලොකුත‍්තරා, ලොකස‍්ස අගතීති ලොකුත‍්තරා, ලොකස‍්ස අවිසයාති ලොකුත‍්තරා, ලොකස‍්ස අසාධාරණාති ලොකුත‍්තරා.

ලෝකයට අමාර්‍ග නු’යි ලෝකුත්තර නම් වෙති, ලෝකයට අප්‍රතිෂ්ඨා නු’යි ලෝකුත්තර නම් වෙති, ලෝකයට අයත් නො වෙත් නු’යි ලෝකුත්තර නම් වෙති, ලෝකයට අසමාන නු’යි ලෝකුත්තර නම් වෙත්.

ලොකං වමන‍්තීති ලොකුත‍්තරා, ලොකං න පච‍්චාවමන‍්තීති ලොකුත‍්තරා, ලොකං පජහන‍්තීති ලොකුත‍්තරා, ලොකං න උපදියන‍්තීති ලොකුත‍්තරා, ලොකං විසිනෙන‍්තීති ලොකුත‍්තරා, ලොකං න උස‍්සිනෙන‍්තීති ලොකුත‍්තරා, ලොකං විධූපෙන‍්තීති ලොකුත‍්තරා, ලොකං න සන්‍ධූපෙන‍්තීති ලොකුත‍්තරා, ලොකං සමතික‍්කම‍්ම අභිභුය්‍ය තිට‍්ඨන‍්තීති ලොකුත‍්තරා.

ලෝකය නඟත් නු’යි ලෝකුත්තර නම් වෙති, ලෝකය වටාලා නො නඟත් නු’යි ලෝකුත්තර නම් වෙති, ලෝකය දුරුකෙරෙත් නු’යි ලෝකුත්තර නම් වෙති, ලෝකය උපාදානය නො කෙරෙත් නු’යි ලෝකුත්තර නම් වෙති, ලෝකය විසුරුවත් නු’යි ලෝකුත්තර නම් වෙති, ලෝකය නො විසුරුවත් නු’යි ලෝකුත්තර නම් වෙති, ලෝකය නිවත් නු’යි ලෝකුත්තර නම් වෙති, ලෝකය නො දල්වත් නු’යි ලෝකුත්තර නම් වෙති, ලෝකය ඉක්ම අභිභවනය කොට සිටිත් නු’යි ලෝකුත්තර නම් වෙත්.

ලොකුත‍්තරකථා සමත‍්තා

ලෝකෝත්තර කථා නිමි.