ලොකුත්තරකථා අට්ඨකථා
ලොකුත්තරකථා
ලෝකෝත්තර කථා
ලොකුත්තරකථාවණ්ණනා
ඉදානි ලොකුත්තරධම්මවතියා ධම්මචක්කකථාය අනන්තරං කථිතාය ලොකුත්තරකථාය අපුබ්බත්ථානුවණ්ණනා. තත්ථ ලොකුත්තරපදස්ස අත්ථො නිද්දෙසවාරෙ ආවි භවිස්සති. චත්තාරො සතිපට්ඨානාතිආදයො සත්තතිංස බොධිපක්ඛියධම්මා යථායොගං මග්ගඵලසම්පයුත්තා. තෙ බුජ්ඣනට්ඨෙන බොධීති එවංලද්ධනාමස්ස අරියස්ස පක්ඛෙ භවත්තා බොධිපක්ඛියා නාම. පක්ඛෙ භවත්තාති උපකාරභාවෙ ඨිතත්තා. තෙසු ආරම්මණෙසු ඔක්කන්තිත්වා පක්ඛන්‍දිත්‍වා උපට්ඨානතො උපට්ඨානං, සතියෙව උපට්ඨානං සතිපට්ඨානං. කායවෙදනාචිත්තධම්මෙසු පනස්ස අසුභදුක්ඛානිච්චානත්තාකාරගහණවසෙන සුභසුඛනිච්චඅත්තසඤ්ඤාපහානකිච්චසාධනවසෙන ච පවත්තිතො චතුධා භෙදො හොති. තස්මා චත්තාරො සතිපට්ඨානාති වුච්චති. පදහන්ති එතෙනාති පධානං, සොභනං පධානං සම්මප්පධානං, සම්මා වා පදහන්ති එතෙනාති සම්මප්පධානං, සොභනං වා තං කිලෙසවිරූපපවත්තවිරහිතතො පධානඤ්ච හිතසුඛනිප්ඵාදකට්ඨෙන සෙට්ඨභාවාවහනතො පධානභාවකරණතො වාති සම්මප්පධානං. වීරියස්සෙතං අධිවචනං. තයිදං උප්පන්නානුප්පන්නානං අකුසලානං පහානානුප්පත්තිකිච්චං, අනුප්පන්නුප්පන්නානඤ්ච කුසලානං උප්පත්තිට්ඨිතිකිච්චං සාධයතීති චතුබ්බිධං හොති. තස්මා චත්තාරො සම්මප්පධානාති වුච්චති. නිප්ඵත්තිපරියායෙන ඉජ්ඣනට්ඨෙන, ඉජ්ඣන්ති එතාය සත්තා ඉද්ධා වුද්ධා උක්කංසගතා හොන්තීති ඉමිනා වා පරියායෙන ඉද්ධි, තස්සා සම්පයුත්තාය පුබ්බඞ්ගමට්ඨෙන ඵලභූතාය පුබ්බභාගකාරණට්ඨෙන ච ඉද්ධියා පාදොති ඉද්ධිපාදො. සො ඡන්දවීරියචිත්තවීමංසාවසෙන චතුබ්බිධොව හොති. තස්මා චත්තාරො ඉද්ධිපාදාති වුච්චති. අස්සද්ධියකොසජ්ජපමාදවික්ඛෙපසම්මොහානං අභිභවනතො අභිභවනසඞ්ඛාතෙන අධිපතියට්ඨෙන ඉන්ද්රියං. අස්සද්ධියාදීහි අනභිභවනීයතො අකම්පියට්ඨෙන බලං. තදුභයම්පි සද්ධාවීරියසතිසමාධිපඤ්ඤාවසෙන පඤ්චවිධං හොති. තස්මා පඤ්චින්ද්රියානි පඤ්ච බලානීති වුච්චන්ති. බුජ්ඣනකසත්තස්ස පන අඞ්ගභාවෙන සතිආදයො සත්ත ධම්මා බොජ්ඣඞ්ගා, නිය්යානට්ඨෙන ච සම්මාදිට්ඨිආදයො අට්ඨ මග්ගඞ්ගා හොන්ති. තෙන වුච්චති සත්ත බොජ්ඣඞ්ගා අරියො අට්ඨඞ්ගිකො මග්ගොති.
දැන් ලෝකෝත්තර දම්වැටෙහි, ධර්මචක්ර කථායෙහි අනතුරුව දේශිත ලෝකෝත්තර කථායෙහි පෙර නුවූ විරූ අර්ථ අනුවර්ණනාවයි. එහි ලෝකෝත්තර පදයෙහි අර්ථය නිර්දේශ වාරයෙහි ප්‍රකට වන්නේය. චත්තාරො සතිපට්ඨානා යන ආදීහු සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සුදුසු පරිදි මාර්ගඵල සම්ප්‍රයුක්තය. ඒවා අවබෝධ කිරීම් අර්ථයෙන් බෝධියැයි ලද නම් ඇති ආර්යයන්ගේ පක්ෂයෙහි වූ හෙයින් බෝධිපාක්ෂික නමැ. පක්ෂයෙහි වූ හෙයින් යනු උපකාර භාවයෙහි සිටි හෙයිනි. එම අරමුණුවල ඇතුල්ව, පැන වැදී එළඹ සිටි හෙයිනි. එම අරමුණුවල ඇතුල්ව, පැනවැදී එළඹ සිටින හෙයින් උපට්ඨානංයි සිහියම එළඹ සිටීම සතිපට්ඨානංයි. කාය, වේදනා, චිත්ත, ධර්මයන්හි වනාහි, අශුභ, දුක්, අනිත්‍ය, අනාත්ම ආකාර ග්‍රහණ වශයෙන් සුභ, සුව, නිත්‍ය, ආත්ම සංඥා ප්‍රහාණ කෘත්‍ය, සාධන වශයෙන්ද පැවැතීම් වශයෙන් සිව් ආකාර භේදයක් වේ. එහෙයින් චත්තාරො සතිපට්ඨානායි යූසේයි. එය කරණකොට බලවත් සේ උත්සාහ කෙරේනුයි පධානංයි. ශෝභන වූ බලවත් උත්සාහය සම්මප්පධානංයි. එය කරණකොට මනාව බලවත් උත්සාහ කෙරේනුයි සම්මප්පධානංයි. සෝභන වූ හෝ එය කෙලෙස් විරූප පැවැත්මෙන් විරහිත හෙයින් ප්‍රධාන වූයේද, හිතසුව නිපැයුම් අර්ථයෙන් ශ්‍රේෂ්ඨභාවය ගෙනදෙන හෙයින් ප්රධානභාවය හටගන්වන හෙයින්ද සම්මප්පධානංයි. වීර්යයට එය විශේෂ නාමයකි. මෙය උපන්නා වූද, නූපන්නා වූද අකුසලයන්ගේ ප්‍රහාණ නොඉපදීම් කෘත්‍යයද, නූපන්නා වූද උපන්නා වූද, කුසලයන්ගේ ඉපදීම් පැවැතීම් කෘත්‍යයන් සිදුකෙරේනුයි සිව්ආකාර වෙයි. එහෙයින් චත්තාරො සම්මප්පධානායි කියති. හටගැනීම් ක්‍රමයෙන් සමෘද්ධවීම් අර්ථයෙන් සත්ත්වයෝ එයින් සමෘද්ධ වෙති. සමෘද්ධ වූවාහු, වෘද්ධියට පත්වූවාහු, උසස් බවට ගියාහු වෙත්යයි මෙම ක්‍රමයෙන්ද සෘද්ධියි. ඒ හා සම්ප්‍රයුක්ත පූර්වංගමාර්ථයෙන් ඵලය වූ පූර්වභාග කාරණාර්ථයෙන් සෘද්ධියගේ පාදය (පිහිටීමට ආධාරකය) නුයි ඉද්ධිපාදොයි. එය ඡන්ද, වීර්යය, චිත්ත, වීමංසා වශයෙන් සිව්වැදෑරුම් වෙයි. එහෙයින් චත්තාරො ඉද්ධිපාදායි කියති. අශ්‍රද්ධා, කුසීතභාව, ප්‍රමාද, වික්ෂෙප, මුළාවීම් ආදීන්ගේ මැඩපැවැත්වීම ඇතිකරන හෙයින්, අභිභවන සංඛ්‍යාත අධිපති අර්ථයෙන් ඉන්ද්රියංයි. අශ්රද්ධාදීන්ගෙන් නොමඩනා හෙයින් අකම්ප්‍යාර්ථයෙන් බලංයි. එම ද්වයයම ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි, ප්‍රඥා වශයෙන් පස්වැදෑරුම් වේ. එහෙයින් පඤ්චින්ද්රියානි පඤ්චබලානියි කියති. අවබෝධ කරන සත්ත්වයාගේ කොටස් වන හෙයින් සති ආදී සත් ධර්ම බොජ්ඣංගායි. නික්මයාම් අර්ථයෙන් සම්‍යග් දෘෂ්ටි ආදී අට, මාර්ගාංග වෙයි. එහෙයින් කියති සත්ත බොජ්ඣංගාති (අරියො) අට්ඨංගිකො මග්ගොයි.
ඉති ඉමෙ සත්තතිංස බොධිපක්ඛියා ධම්මා පුබ්බභාගෙ ලොකියවිපස්සනාය වත්තමානාය චුද්දසවිධෙන කායං පරිග්ගණ්හතො ච කායානුපස්සනාසතිපට්ඨානං, නවවිධෙන වෙදනං පරිග්ගණ්හතො ච වෙදනානුපස්සනාසතිපට්ඨානං, සොළසවිධෙන චිත්තං පරිග්ගණ්හතො ච චිත්තානුපස්සනාසතිපට්ඨානං, පඤ්චවිධෙන ධම්මෙ පරිග්ගණ්හතො ච ධම්මානුපස්සනාසතිපට්ඨානං. ඉති ඉමස්මිං අත්තභාවෙ අනුප්පන්නපුබ්බං පරස්ස උප්පන්නං අකුසලං දිස්වා “යථා පටිපන්නස්ස තස්ස තං උප්පන්නං, න තථා පටිපජ්ජිස්සාමි, එවං මෙ එතං නුප්පජ්ජිස්සතී”ති තස්ස අනුප්පාදාය වායමනකාලෙ පඨමං සම්මප්පධානං, අත්තනො සමුදාචාරප්පත්තමකුසලං දිස්වා තස්ස පහානාය වායමනකාලෙ දුතියං, ඉමස්මිං අත්තභාවෙ අනුප්පන්නපුබ්බං ඣානං වා විපස්සනං වා උප්පාදෙතුං වායමන්තස්ස තතියං, උප්පන්නං යථා න පරිහායති, එවං පුනප්පුනං උප්පාදෙන්තස්ස චතුත්ථං සම්මප්පධානං. ඡන්දං ධුරං කත්වා කුසලුප්පාදනකාලෙ ඡන්දිද්ධිපාදො, වීරියං, චිත්තං, වීමංසං ධුරං කත්වා කුසලුප්පාදනකාලෙ වීමංසිද්ධිපාදො. මිච්ඡාවාචාය විරමණකාලෙ සම්මාවාචා , මිච්ඡාකම්මන්තා, මිච්ඡාජීවා විරමණකාලෙ සම්මාජීවොති එවං නානාචිත්තෙසු ලබ්භන්ති. චතුමග්ගක්ඛණෙ පන එකචිත්තෙ ලබ්භන්ති, ඵලක්ඛණෙ ඨපෙත්වා චත්තාරො සම්මප්පධානෙ අවසෙසා තෙත්තිංස ලබ්භන්ති. එවං එකචිත්තෙ ලබ්භමානෙසු චෙතෙසු එකාව නිබ්බානාරම්මණා සති කායාදීසු සුභසඤ්ඤාදිපහානකිච්චසාධනවසෙන “චත්තාරො සතිපට්ඨානා”ති වුච්චති. එකමෙව ච වීරියං අනුප්පන්නුප්පන්නානං අනුප්පාදාදිකිච්චසාධනවසෙන “චත්තාරො සම්මප්පධානා”ති වුච්චති. සෙසෙසු හාපනවඩ්ඪනං නත්ථි.
මෙම සත්තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්වභාගයෙහි ලෞකික විදර්ශනාව පවත්නා කල්හි, තුදුස් ආකාරයෙන් කය පරිග්‍රහණය කරන කල්හි කායානුපස්සනා සතිපට්ඨානයයි. නව අයුරෙකින් වේදනාව පරිග්‍රහණය කරන කල්හි වේදනානුපස්සනා සතිපට්ඨානයයි. සොළොස් අයුරෙකින් සිත පරිග්‍රහණය කරන කල්හි චිත්තානුපස්සනා සතිපට්ඨානයයි. පස් අයුරෙකින් ධර්මයන් පරිග්‍රහණය කරන කල්හි ධර්‍මානුපස්සනා සතිපට්ඨානයයි. මෙසේ මෙ අත්බැව්හි නූපන්විරූ පරහට නිපන් අකුසලයක් දැක යම් අයුරෙකින් පිළිපන් ඔහුට එය උපනිද? එසේ නොපිළිපදින්නෙමි. මෙසේ මාහට එය නූපදින්නේයයි එහි නොඉපැත්ම සඳහා උත්සාහ කරන කල්හි ප්‍රථම සම්‍යග් ප්‍රධානය වේ. තමා කෙරෙහි හැසිරීමට පත් අකුසලයක් දැක එහි ප්රහාණය සඳහා උත්සාහ කරන කල්හි දෙවැන්නද, මෙ අත්බැව්හි නූපන් විරූ ධ්‍යානයක් හෝ විදර්ශනාවක් හෝ උපදවන්ට උත්සාහ කරනහුට තෙවැන්නද, නිපන් දෑ යම්සේ නොපිරිහේද, මෙසේ නැවත නැවත උපදවන්නහුට සිව්වන සම්‍යක් ප්‍රධානය වේ. කැමැත්ත ප්‍රධානකොට කුසල් උපදවන කල්හි ඡන්දිද්ධිපාදයි. වීර්යය, සිත, විමසීම ප්‍රධානකොට කුසල් උපදවන කල්හි වීමංසිද්ධිපාදයි. මිථ්‍යා වචනයෙන් වළක්නා කල්හි සම්මා වාචායි. මිථ්‍යා කර්මාන්තයෙන්, මිථ්‍යා ආජීවයෙන් වළක්නා කල්හි සම්‍යග් ආජීවයදැයි මෙසේ නොයෙක් සිත්හි ලැබෙත්. සිව් මාර්ගක්‍ෂණයන්හි වනාහි එක් සිතෙහි ලැබෙත්. ඵලක්ෂණයෙහි සිව් සම්‍යග් ප්‍රධානයන් හැර සෙසු තෙතිස ලැබේ. මෙසේ එක් සිතෙහි ලබන්නා වූ ඒවා එකම නිර්වාණාරම්මණ සිහිය, කායාදීන්හි ශුභ සංඥාදී ප්‍රහාණ කෘත්‍යය සිදුකිරීම් වශයෙන් සිව් සීවටන්හුයැයි යූ.සේයි. එක්ම වීර්යය, නූපන් හා උපනවුන්ගේ අනුත්පාදාදී කෘත්‍ය්‍යන් සිදුකිරීම් වශයෙන් සිව් සම්‍යක් ප්‍රධානයැයි යූ.සේයි. සෙස්සෙහි පරිහානියක් හෝ වර්ධනයක් නොමැත.
අපිච තෙසු –
තවද ඒවාහි –
නව එකවිධා එකො, ද්වෙධාථ චතුපඤ්චධා; අට්ඨධා නවධා චෙව, ඉති ඡද්ධා භවන්ති තෙ.
නව එක විධා එකො - ද්වෙධාථ චතූ පඤ්චධා, අට්ඨධා නවධා චෙව - ඉති ඡද්ධා භවන්ති තෙ
නවයක් එක් අයුරෙකි. එකක් දෙ අයුරෙකි. එකක් සිවු අයුරෙකි. එකක් පස් අයුරෙකි. එකක් අට අයුරෙකි. එකක් නව අයුරෙකි. මෙසේ ඒවා සය අයුරෙකින් වේ.
නව එකවිධාති ඡන්දො චිත්තං පීති පස්සද්ධි උපෙක්ඛා සඞ්කප්පො වාචා කම්මන්තො ආජීවොති ඉමෙ නව ඡන්දිද්ධිපාදාදිවසෙන එකවිධාව හොන්ති, අඤ්ඤකොට්ඨාසං න භජන්ති. එකො ද්වෙධාති සද්ධා ඉන්ද්රියබලවසෙන ද්වෙධා ඨිතා. අථ චතුපඤ්චධාති අථඤ්ඤො එකො චතුධා, අඤ්ඤො පඤ්චධා ඨිතොති අත්ථො. තත්ථ සමාධි එකො ඉන්ද්රියබලබොජ්ඣඞ්ගමග්ගඞ්ගවසෙන චතුධා ඨිතො, පඤ්ඤා තෙසං චතුන්නං ඉද්ධිපාදකොට්ඨාසස්ස ච වසෙන පඤ්චධා. අට්ඨධා නවධා චෙවාති අපරො එකො අට්ඨධා, එකො නවධා ඨිතොති අත්ථො. චතුසතිපට්ඨානඉන්ද්රියබලබොජ්ඣඞ්ගමග්ගඞ්ගවසෙන සති අට්ඨධා ඨිතා, චතුසම්මප්පධානඉද්ධිපාදඉන්ද්රියබලබොජ්ඣඞ්ගමග්ගඞ්ගවසෙන වීරියං නවධාති. එවං –
‘නවයක් එක් අයුරුය’ යන ඡන්ද, චිත්ත, ප්‍රීති, පස්සද්ධි, උපේක්ෂා, සංකල්ප, වාචා, කම්මන්ත, ආජීව යන මෙම නවය ඡන්ද සෘද්ධිපාදාදී වශයෙන් එක් අයුරුම වෙයි. අන් කොටස් භජනය නොකරයි. ‘එකක් දෙඅයුරෙකින්’ යනු ශ්‍රද්ධාව, ඉන්ද්රිය, බල වශයෙන් දෙඅයුරෙකින් සිටියේය. නැවත සිව්, පස් අයුරෙකින් යනු නැවත අන් එකක් සිව් අයුරෙකින්ද, අනෙකක් පස් අයුරෙකින්ද සිටියේයයි අර්ථයි. එහි එකක් වූ සමාධිය, ඉන්ද්රිය, බල, බොධ්‍යංග, මාර්ගාංග වශයෙන් සිව් අයුරෙකින් සිටියේය. ප්‍රඥාව එම සතරෙහිද, සෘද්ධිපාද කොට්ඨාසයෙහිද වශයෙන් පස් ආකාරය. ‘අට අයුරින් නව අයුරින්’ යනු අනෙක් එකක් අට අයුරෙකින්ද එකක් නව අයුරෙකින්ද සිටියේ යයි අර්ථයි. සිව් සීවටන්, ඉන්ද්රිය, බල, බොධ්‍යංග, මාර්ගාංග වශයෙන් සිහිය අට අයුරෙකින් සිටියේය. සිව් සම්‍යක් ප්‍රධන්, සෘද්ධිපාද ඉන්ද්රිය, බල, බොධ්‍යංග, මාර්ගාංග වශයෙන් වීර්යය නවවැදෑරුම් වේ. මෙසේ,
චුද්දසෙව අසම්භින්නා, හොන්තෙතෙ බොධිපක්ඛියා; කොට්ඨාසතො සත්තවිධා, සත්තතිංස පභෙදතො.
චුද්දසෙව අසම්භින්නා - භොන්තෙ තෙ බොධි පක්ඛියා, කොට්ඨාසතො සත්තවිධා - සත්ත තිංසප්ප භෙදතො
එම බොධිපාක්ෂික ධර්ම මිශ්‍ර නොවූවාහු තුදුසෙක්ම වේ. කොටස් වශයෙන් සත්වැදෑරුම්ය. ප්‍රභේද වශයෙන් සත් තිසකි.
සකිච්චනිප්ඵාදනතො, සරූපෙන ච වුත්තිතො; සබ්බෙව අරියමග්ගස්ස, සම්භවෙ සම්භවන්ති තෙ.
සකිච්ච නිප්ඵාදනතො - සරූපෙනච වුත්තිතො, සබ්බෙව අරිය මග්ගස්ස - සම්භවෙ සම්භවන්ති තෙ
ස්වකෘත්‍ය නිෂ්පාදනයෙන්ද, ස්වරූපයෙන්ද, පැවැත්මෙන්ද ඒ සියල්ලම ආර්යමාර්ග සම්භවයේදී හටගනී.
එවං මග්ගඵලසම්පයුත්තෙ සත්තතිංස බොධිපක්ඛියධම්මෙ දස්සෙත්වා පුන තෙ මග්ගඵලෙසු සඞ්ඛිපිත්වා චත්තාරො අරියමග්ගා චත්තාරි ච සාමඤ්ඤඵලානීති ආහ. සමණභාවො සාමඤ්ඤං, චතුන්නං අරියමග්ගානමෙතං නාමං. සාමඤ්ඤානං ඵලානි සාමඤ්ඤඵලානි. නිබ්බානං පන සබ්බෙහි අසම්මිස්සමෙව. ඉති විත්ථාරතො සත්තතිංසබොධිපක්ඛියචතුමග්ගචතුඵලනිබ්බානානං වසෙන ඡචත්තාලීස ලොකුත්තරධම්මා, තතො සඞ්ඛෙපෙන චතුමග්ගචතුඵලනිබ්බානානං වසෙන නව ලොකුත්තරධම්මා, තතොපි සඞ්ඛෙපෙන මග්ගඵලනිබ්බානානං වසෙන තයො ලොකුත්තරධම්මාති වෙදිතබ්බං. සතිපට්ඨානාදීනං මග්ගඵලානඤ්ච ලොකුත්තරත්තෙ වුත්තෙ තංසම්පයුත්තානං ඵස්සාදීනම්පි ලොකුත්තරත්තං වුත්තමෙව හොති. පධානධම්මවසෙන පන සතිපට්ඨානාදයොව වුත්තා. අභිධම්මෙ (ධ· ස· 277 ආදයො, 505 ආදයො) ච ලොකුත්තරධම්මනිද්දෙසෙ මග්ගඵලසම්පයුත්තානං ඵස්සාදීනං ලොකුත්තරත්තං වුත්තමෙවාති.
මෙසේ මාර්ගඵල සම්ප්‍රයුක්ත සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් ඉදිරිපත්කොට නැවත ඒවා මාර්ගඵලයන්හි හකුළුවා, චත්තාරොච අරියමග්ගා චත්තාරිච සාමඤ්ඤඵලානියි. ශ්‍රමණභාවය සාමඤ්ඤංයි. සිව් ආර්ය මාර්ගයන්ට එය නාමයකි. සිව් ආර්යමාර්ග සංඛ්‍යාත සාමඤ්ඤයන්ගේ ඵලයනුයි සාමඤ්ඤ ඵලානියි. නිර්වාණය වනාහි සියල්ලෙන් අසම්මිශ්රමය, මෙසේ විස්තර වශයෙන් සත්තිස් බෝධිපාක්ෂික ධර්ම, සිව්මග, සිව්ඵල, නිර්වාණයන්ගේ වශයෙන් සිව්සාළිස් ලෝකෝත්තර ධර්ම වේ. එයින් සංක්ෂේපයෙන් සිව්මග සිව්ඵල වශයෙන් නව ලොව්තුරු ධර්මයි. එයින්ද සංක්‍ෂේපයෙන්ද, මාර්ග, ඵල, නිර්වාණයන්ගේ වශයෙන් ලොකෝත්තර ධර්මත්රයයක් යයි දතයුතුය. සතිපට්ඨානාදීන්ගේද, මාර්ගඵලයන්ගේද, ලෝකෝත්තරත්වය කී කල්හි ඒ හා සම්ප්‍රයුක්ත ස්පර්ශාදීන්ගේද, ලෝකෝත්තරත්වය යූ.සේයි. ප්‍රධාන ධර්ම වශයෙන් සතිපට්ඨානාදීහුම යූසේයි. අභිධර්මයෙහිද, ලෝකෝත්තර ධර්ම නිර්දේශයෙහි මාර්ගඵල සම්ප්‍රයුක්ත ස්පර්ශාදීන්ගේ ලෝකෝත්තරය යූසේයි.
ලොකං තරන්තීති ලොකං අතික්කමන්ති. සබ්බමිධ ඊදිසං වත්තමානකාලවචනං චත්තාරො අරියමග්ගෙ සන්ධාය වුත්තං. සොතාපත්තිමග්ගො හි අපායලොකං තරති, සකදාගාමිමග්ගො කාමාවචරලොකෙකදෙසං තරති, අනාගාමිමග්ගො කාමාවචරලොකං තරති, අරහත්තමග්ගො රූපාරූපාවචරලොකං තරති. ලොකා උත්තරන්තීති ලොකා උග්ගච්ඡන්ති. ලොකතොති ච ලොකම්හාති ච තදෙව නිස්සක්කවචනං විසෙසෙත්වා දස්සිතං. ලොකං සමතික්කමන්තීති පඨමං වුත්තත්ථමෙව. තත්ථ උපසග්ගත්ථං අනපෙක්ඛිත්වා වුත්තං, ඉධ සහ උපසග්ගත්ථෙන වුත්තං. ලොකං සමතික්කන්තාති යථාවුත්තං ලොකං සම්මා අතික්කන්තා. සබ්බමිධ ඊදිසං අතීතකාලවචනං ඵලනිබ්බානානි සන්ධාය වුත්තං, සොතාපත්තිඵලාදීනි හි යථාවුත්තං ලොකං අතික්කමිත්වා ඨිතානි, සදා නිබ්බානං සබ්බලොකං අතික්කමිත්වා ඨිතං. ලොකෙන අතිරෙකාති ලොකතො අධිකභූතා. ඉදං සබ්බෙපි ලොකුත්තරධම්මෙ සන්ධාය වුත්තං. නිස්සරන්තීති නිග්ගච්ඡන්ති. නිස්සටාති නිග්ගතා. ලොකෙ න තිට්ඨන්තීතිආදීනි අට්ඨාරස වචනානි සබ්බලොකුත්තරෙසුපි යුජ්ජන්ති. න තිට්ඨන්තීති ලොකෙ අපරියාපන්නත්තා වුත්තං. ලොකෙ න ලිම්පන්තීති ඛන්ධසන්තානෙ වත්තමානාපි තස්මිං න ලිම්පන්තීති අත්ථො. ලොකෙන න ලිම්පන්තීති අකතපටිවෙධානං කෙනචි චිත්තෙන, කතපටිවෙධානං අකුසලෙන අප්පමත්තෙනපි චිත්තෙන න ලිම්පන්තීති අත්ථො. අසංලිත්තා අනුපලිත්තාති උපසග්ගෙන විසෙසිතං.
ලොකං තරන්ති යනු ලෝකය ඉක්මවති. මෙහි සියලුම මෙවැනි වර්තමාන කාලවචන සිව් ආර්ය මාර්ග සඳහා යූ.සේයි. සෝවාන් මාර්ගය අපාලොව තරණය කරයි. සකෘදාගාමී මාර්ගය කාමාවචර ලෝකයෙහි එක් කොටසක් තරණය කරයි. අනාගාමී මාර්ගය කාමාවචර ලෝකය තරණය කරයි. අර්හත් මාර්ගය රූපාවචර අරූපාවචර ලෝකය තරණය කරයි. ලොකා උත්තරන්ති යනු ලෝකයෙන් උඩට නැගේ. (මතුවේ). ලොකතො යිද ලොකම්හා යිද පංචමී වචනයෙන් වෙසෙසා දක්වන ලදි. ලොකං සමතික්කමන්ති යනු පළමුව කියන ලද අර්ථයමය. එහි උපසර්ගාර්ථය අනපේක්ෂිතව යූ.සේයි. මෙහි උපසර්ගාර්ථය සහිතව යූසේයි. ලොකං සමතික්කන්තා යනු කියන ලද ආකාර ලෝකය මනාව ඉක්මවූවාහු, මෙහි සියලුම මෙවැනි අතීත කාල වචන ඵල, නිර්වාණයන් සඳහා යූ.සේයි. සෝවාන් ඵලාදීහුද කියන ලද ආකාරැති ලෝකය ඉක්මවා සිටියහ. හැමකල්හි නිර්වාණය මුළු ලොව ඉක්මවා සිටියේය. ලොකෙන අතිරෙකා යනු ලෝකයෙන් අධික වූවාහු, මෙය සියලුම ලෝකෝත්තර ධර්මයන් සඳහා යූ.සේයි. නිග්ගච්ඡන්ති යනු නික්මෙත්. නිස්සටා යනු නික්මුණාහු, ලොකෙ න තිට්ඨන්ති යනාදී අටළොස් වචන සියලු ලෝකෝත්තරයන්හි යෙදේ. න තිට්ඨන්ති යනු ලෝකයෙහි ඇතුළත් නොවුණු හෙයිනැයි යූසේයි. ලොකෙ න ලිම්පති යනු සන්තානයෙහි පැවැතියේද, එහි නොතැවරේ යයි අර්ථයි. නොකරන ලද ප්‍රතිවේධ ඇති සමහරුන්ගේ සිතින්, කළ ප්‍රතිවේධ ඇතියවුන්ට, අදක්ෂ, අසමත් සිතින් නොඇලේ යයි අර්ථයි. අසංලිත්තා අනුපලිත්තා යනු උපසර්ගයෙන් විශේෂිතව දක්වයි.
විප්පමුත්තාති අලිත්තත්තමෙව නානාබ්යඤ්ජනෙන විසෙසිතං. යෙ කෙචි හි යත්ථ යෙන වා අලිත්තා, තෙ තත්ථ තෙන වා විප්පමුත්තා හොන්ති. ලොකා විප්පමුත්තාතිආදීනි තීණි නිස්සක්කවසෙන වුත්තානි. විසඤ්ඤුත්තාති විප්පමුත්තත්තවිසෙසනං. යෙ කෙචි හි යත්ථ යෙන යතො විප්පමුත්තා, තෙ තත්ථ තෙන තතො විසඤ්ඤුත්තා නාම හොන්ති. ලොකා සුජ්ඣන්තීති ලොකමලං ධොවිත්වා ලොකා සුජ්ඣන්ති. විසුජ්ඣන්තීති තදෙව උපසග්ගෙන විසෙසිතං. වුට්ඨහන්තීති උට්ඨිතා හොන්ති. විවට්ටන්තීති නිවට්ටන්ති. න සජ්ජන්තීති න ලග්ගන්ති. න ගය්හන්තීති න ගණ්හීයන්ති. න බජ්ඣන්තීති න බාධීයන්ති. සමුච්ඡින්දන්තීති අප්පවත්තිං කරොන්ති. යථා ච ලොකං සමුච්ඡින්නත්තාති, තථෙව “ලොකා විසුද්ධත්තා”තිආදි වුත්තමෙව හොති. පටිප්පස්සම්භෙන්තීති නිරොධෙන්ති. අපථාතිආදීනි චත්තාරි සබ්බෙසුපි ලොකුත්තරෙසු යුජ්ජන්ති. අපථාති අමග්ගා. අගතීති අප්පතිට්ඨා. අවිසයාති අනායත්තා. අසාධාරණාති අසමානා. වමන්තීති උග්ගිලන්ති. න පච්චාවමන්තීති වුත්තපටිපක්ඛනයෙන වුත්තං, වන්තං පුන න අදන්තීති අත්ථො. එතෙන වන්තස්ස සුවන්තභාවො වුත්තො හොති. අනන්තරදුකත්තයෙපි එසෙව නයො. විසීනෙන්තීති විකිරන්ති විමුච්චන්ති, න බන්ධන්තීති අත්ථො. න උස්සීනෙන්තීති න විකිරන්ති න විමුච්චන්ති. “විසිනෙන්තී”ති “න උස්සිනෙන්තී”ති රස්සං කත්වා පාඨො සුන්දරො. විධූපෙන්තීති නිබ්බාපෙන්ති. න සංධූපෙන්තීති න උජ්ජලන්ති. ලොකං සමතික්කම්ම අභිභුය්ය තිට්ඨන්තීති සබ්බෙපි ලොකුත්තරා ධම්මා ලොකං සම්මා අතික්කමිත්වා අභිභවිත්වා ච තිට්ඨන්තීති ලොකුත්තරා. සබ්බෙහිපි ඉමෙහි යථාවුත්තෙහි පකාරෙහි ලොකුත්තරානං ලොකතො උත්තරභාවො අධිකභාවො ච වුත්තො හොතීති.
විප්පමුත්තා යනු නොතැවරුණු භාවයම නොයෙක් අක්ෂරයන්ගෙන් වෙසෙසා දැක්වීය. යම්කිසිවෙක් වනාහි යම්තැනක, යමකින් හෝ නොතැවරුණාහුද, ඔවුහු එහි එයින් මිදුණාහු වෙති. ලොකාවිප්පමුත්තා ආදී ත්‍රයයි පංචමී විභක්ති වශයෙනි. විසඤ්ඤුත්තා යනු මිදුණහුට විශේෂණයකි. යම්කිසිවෙක් යම්තැනක, යමක් කරණකොට, යම්තැනක පටන් මිදුණාහුද, ඔවුහු එහි එයින් එතැන් පටන් විසංයුක්ත නම් වෙති. ලොකා සුජ්ඣන්ති යනු ලෝකමල සෝදා ලෝකයෙන් පිරිසිදු වෙති. විසුජ්ඣන්ති යනු එය උපසර්ගයෙන් විශේෂිතයි. උට්ඨහන්ති යු ලෝකයෙන් නැගී සිටියාහු වෙති. විවට්ටන්ති යනු නවතිත්. නිස්සජන්ති යනු නොලැගෙත්. නගය්හන්ති යනු නොගනිත්. නබජ්ඣන්ති යනු නොපෙළත්. සමුච්ඡින්දන්ති යනු නොපැවැත්ම කරති. යම්සේ ලොකං සමුච්ඡින්නත්තා යනු එසේම ලෝකයෙන් විශුද්ධ හෙයිනැයි ආදිය යූසේයි. පටිප්පස්සම්භෙන්ති යනු නිරුද්ධ වෙති. අපථා යන ආදී සතර සියලු ලෝකෝත්තරයන්හි යෙදේ. අපථා යනු නොමගයි. අගති යනු නොපිහිටයි. අවිසයා යනු අයත් නොවූවාහු, අසාධාරණා යනු අසමාන වූවාහු, වමන්ති යනු වමනය කරති. න පච්චා වමන්ති යනු කියන ලද්දට ප්රතිපක්ෂ වශයෙන් යූසේයි. වමනය කරන ලද්දක් නැවත අනුභව නොකෙරෙත් යන අර්ථයි. එයින් වමනය කරන ලද්දෙහි මනාව වමනය කරන ලද බව යූ.සේයි. අනතුරු ද්විකත්රයයෙහිද එම ක්‍රමයමැයි. විසීනෙන්ති යනු විසුරුවත්. මුදත්. නොබඳිත්යයි අර්ථයි. න උස්සීනෙන්ති යනු නොවිසුරුවති. නොමුදති. ‘විසිනෙන්ති න උස්සිනෙන්ති’ යයි හ්‍රස්වකොට පාඨය වඩා සුන්දරය. විධූපෙන්ති යනු නිවති. න සංධූපෙන්ති යනු නොදල්වත්. ලොකං සමතික්කම්ම අභිභුය්ය තිට්ඨන්ති යනු සියලුම ලෝකෝත්තර ධර්මයෝ ලෝකය මනාව ඉක්මවා මැඩ පවත්වා සිටිත්නුයි ලොකුත්තරයි. මෙම සියලුම කියන ලද ආකාරයන්ගෙන් ලෝකෝත්තරයන්ගේ, ලෝකයෙන් එතෙරවීම් භාවය, අධික භාවය යූ.සේයි.
ලොකුත්තරකථාවණ්ණනා නිට්ඨිතා.
ලෝකෝත්තර කථා වර්ණනා නිමි.