යෙදුමෙන් කියවන්න

ධම‍්මචක‍්කකථා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

දම්සක් කථා

සච‍්චවාරවණ‍්ණනා

සච්චවාරවණ්ණනා

පුන ධම‍්මචක‍්කප‍්පවත‍්තනසුත‍්තන‍්තමෙව පුබ‍්බඞ‍්ගමං කත්‍වා කථිතාය ධම‍්මචක‍්කකථාය අපුබ‍්බත්‍ථානුවණ‍්ණනා. තත්‍ථ දුක‍්ඛවත්‍ථුකාති එකාභිසමයවසෙන දුක‍්ඛං වත්‍ථු එතෙසන‍්ති දුක‍්ඛවත්‍ථුකා. තදෙව දුක‍්ඛං විසෙසෙත්‍වා සච‍්චවත්‍ථුකාතිආදිමාහ. තත්‍ථ සච‍්චං ආරම‍්මණං උපත්‍ථම‍්භො එතෙසන‍්ති සච‍්චාරම‍්මණා. සච‍්චං ගොචරො විසයො එතෙසන‍්ති සච‍්චගොචරා. සච‍්චසඞ‍්ගහිතාති මග‍්ගසච‍්චෙන සඞ‍්ගහිතා. සච‍්චපරියාපන‍්නාති මග‍්ගසච‍්චායත‍්තා. සච‍්චෙ සමුදාගතාති දුක‍්ඛපරිජානනෙන දුක‍්ඛසච‍්චෙ සමුප‍්පන‍්නා. තථා තත්‍ථෙව ඨිතා පතිට‍්ඨිතා ච.

නැවත ධර්මචක්‍රප්‍රවර්තන සූත්‍රාන්තයම පූර්වංගම කොටැ, දේශිත ධර්මචක්‍ර කථායෙහි පෙර නුවූ විරූ අර්ථ අනුවර්ණනාවයි. එහි දුක්ඛ වත්‍ථුකා යනු එක්වර අවබෝධවීම් වශයෙන්, දුක වස්තුකොට ඇතියේ ඒවාටනුයි දුක්ඛ වත්‍ථුකායි. එම දුකම වෙසො සච්ච වත්‍ථුකා යන ආදිය වදාළහ. එහි සත්‍යය අරමුණු වූයේ, උපකාර වූයේ ඒවාටනුයි සච්චාරම්මණායි. සත්‍යය ගොදුරුවූයේ, විෂය වූයේ ඒවාටනුයි සච්චගොචරායි, සච්චසංගහිතා යනු මාර්ග සත්‍යයෙන් සංගෘහිත වූවාහු, සච්ච පරියාපන්නා යනු මාර්ග සත්‍යයට අයත්වූවාහු, සච්චෙ සමුදාගතා යනු දුක දැනීමෙන් දුක්ඛ සත්‍යයෙහි උපන්නාහු එසේම එහි සිටියාහු, පිහිටියාහුයි ඨිතා පතිට්ඨිතායි.

ඉදානි “පවත‍්තිතෙ ච භගවතා ධම‍්මචක‍්කෙ”ති වුත‍්තං ධම‍්මචක‍්කං නිද‍්දිසිතුකාමො ධම‍්මචක‍්කන‍්තිආදිමාහ. තත්‍ථ දුවිධං ධම‍්මචක‍්කං පටිවෙධධම‍්මචක‍්කං දෙසනාධම‍්මචක‍්කඤ‍්ච. පටිවෙධධම‍්මචක‍්කං බොධිපල‍්ලඞ‍්කෙ, දෙසනාධම‍්මචක‍්කං ඉසිපතනෙ. ධම‍්මඤ‍්ච පවත‍්තෙති චක‍්කඤ‍්චාති පටිවෙධධම‍්මචක‍්කං වුත‍්තං, චක‍්කඤ‍්ච පවත‍්තෙති ධම‍්මඤ‍්චාති දෙසනාධම‍්මචක‍්කං. කථං? භගවා හි බොධිපල‍්ලඞ‍්කෙ නිසින‍්නො මග‍්ගක‍්ඛණෙ ඉන්‍ද්‍රියබලබොජ‍්ඣඞ‍්ගමග‍්ගඞ‍්ගාදිභෙදං ධම‍්මඤ‍්ච පවත‍්තෙති, සොයෙව ච ධම‍්මො කිලෙසසත‍්තුඝාතාය පවත‍්තනතො පහරණචක‍්කං වියාති චක‍්කඤ‍්ච. ධම‍්මං පවත‍්තෙන‍්තොයෙව භගවා තං චක‍්කං පවත‍්තෙති නාම. එතෙන ධම‍්මොයෙව චක‍්කන‍්ති කම‍්මධාරයසමාසතා වුත‍්තා හොති. ඉසිපතනෙ නිසින‍්නො භගවා ධම‍්මදෙසනක‍්ඛණෙ වෙනෙය්‍යසන‍්තානෙ කිලෙසසත‍්තුඝාතාය පවත‍්තනතො පහරණචක‍්කසදිසං දෙසනාචක‍්කඤ‍්ච පවත‍්තෙති, වෙනෙය්‍යසන‍්තානෙ ඉන්‍ද්‍රියබලබොජ‍්ඣඞ‍්ගමග‍්ගඞ‍්ගාදිභෙදං ධම‍්මචක‍්කඤ‍්ච පවත‍්තෙති. එතෙන ධම‍්මො ච චක‍්කඤ‍්ච ධම‍්මචක‍්කන‍්ති ද‍්වන්‍දසමාසතා වුත‍්තා හොති. යස‍්මා පන පවත‍්තකෙ සති පවත‍්තනා නාම හොති, තස‍්මා සබ‍්බත්‍ථාපි “පවත‍්තෙතී”ති වුත‍්තං, පවත‍්තනට‍්ඨෙන පන “චක‍්ක”න‍්ති වුත‍්තං හොතීති වෙදිතබ‍්බං. ධම‍්මෙන පවත‍්තෙතීති ධම‍්මචක‍්කන‍්තිආදීනි දෙසනාධම‍්මචක‍්කමෙව සන්‍ධාය වුත‍්තානීති වෙදිතබ‍්බානි.

‘පවත්තිතෙච භගවතා ධම්මචක්කෙ’ යයි කියන ලද ධර්මචක්‍රය නිර්දේශ කරනු කැමැතියේ ධම්මචක්කං යනාදිය වදාළහ. එහි ධර්මචක්‍රය ප්‍රතිවේධ ධර්මචක්‍රය, දේශනා ධර්මචක්‍රයයි දෙවදෑරුම්ය. එහි ප්‍රතිවේධ ධර්මචක්‍රය බෝධි පර්යංකයෙහි, දේශනා ධර්මචක්‍රය ඉසිපතනයෙහිය. ධම්මඤ්ච පවත්තෙති චක්කඤ්ච යන්නෙන් ප්‍රතිවේධ ධර්මචක්‍රය යූසේයි. චක්කඤ්ච පවත්තෙති ධම්මඤ්ච යන්නෙන් දේශනා ධර්ම චක්‍රයයි. කෙසේ නම් භාග්‍යවතුන් වහ්නසේ බෝධි පර්යංකයෙහි වැඩහුන් සේක් මාර්ගක්‍ෂණයෙහි ඉන්‍ද්‍රිය, බල, බොධ්‍යංග, මාර්ගාංගාදී ප්‍රභේද වූ ධර්මය පවත්වාද? එම ධර්මයන්ම කෙලෙස් සතුරන් නැසීම සඳහා පවත්නා හෙයින් ප්‍රහරණ චක්‍රයක් මෙනැයි චක්‍රයි. භාග්‍යවතුන් වහන්සේ ධර්මචක්‍රය පවත්වනසේක්ම එම චක්‍රය පවත්වත් නමැ. එයින් ධර්මයම චක්‍ර යනු කර්මධාරණ සමාසභාවය යූසේයි. ඉසිපතනයෙහි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ ධර්මදේශනා ක්‍ෂණයෙහි හික්මවිය යුතු පුද්ගල සන්තානයෙහි කෙලෙස් සතුරන් නැසීම සඳහා පවත්වන හෙයින් ප්‍රහරණ චක්‍රයක් හා සමානව දේශනා චක්‍රයද පවත්වති. හික්මවිය යුතු පුද්ගල සන්තානයෙහි ඉන්‍ද්‍රියබල බොධ්‍යංග, මාර්ගාංගාදී ප්‍රභේද ධර්මචක්‍රයද පවත්වති. එයින් ධර්මයද, චක්‍රයද ධර්මචක්‍රයයි ද්වන්‍ධ සමාසතාව යූසේයි පවත්වන්නෙකු ඇතිකල්හි පැවැත්වීම නම් වේද? එහෙයින් හැමතැනම පවත්වති යයි යූසේයි. පවත්වන අර්ථයෙන් චක්‍රයයි යූසේයි. ධම්මෙන පවත්තෙතී ධම්මචක්කං යන ආදිය දේශනා ධර්මචක්‍රයම සඳහා යූසේයි.

තත්‍ථ ධම‍්මෙන පවත‍්තෙතීති යථාසභාවත‍්තා ධම‍්මෙන පවත‍්තං චක‍්කන‍්ති ධම‍්මචක‍්කන‍්ති වුත‍්තං හොති. ධම‍්මචරියාය පවත‍්තෙතීති වෙනෙය්‍යසන‍්තානෙ ධම‍්මත්‍ථාය පවත‍්තං චක‍්කන‍්ති ධම‍්මචක‍්කන‍්ති වුත‍්තං හොති. ධම‍්මෙ ඨිතොතිආදීහි භගවතො ධම‍්මභූතතා ධම‍්මස‍්සාමිතා ච වුත‍්තා හොති. යථාහ – “සො හාවුසො, භගවා ජානං ජානාති පස‍්සං පස‍්සති චක‍්ඛුභූතො ඤාණභූතො ධම‍්මභූතො බ්‍රහ‍්මභූතො වත‍්තා පවත‍්තා අත්‍ථස‍්ස නින‍්නෙතා අමතස‍්ස දාතා ධම‍්මස‍්සාමී තථාගතො”ති (ම· නි· 1.203). තස‍්මා තෙහි ධම‍්මස‍්ස චක‍්කන‍්ති ධම‍්මචක‍්කන‍්ති වුත‍්තං හොති. ඨිතොති විසයීභාවෙන ඨිතො. පතිට‍්ඨිතොති අචලභාවෙන පතිට‍්ඨිතො. වසිප‍්පත‍්තොති ඉස‍්සරභාවං පත‍්තො. පාරමිප‍්පත‍්තොති කොටිප‍්පත‍්තො. වෙසාරජ‍්ජප‍්පත‍්තොති විසාරදභාවං පත‍්තො. ධම‍්මෙ පතිට‍්ඨාපෙන‍්තොතිආදීහි වෙනෙය්‍යසන‍්තානමපෙක‍්ඛිත්‍වා වුත‍්තෙහි පන වචනෙහි ධම‍්මස‍්සාමිතාය ච ධම‍්මත්‍ථාය චක‍්කන‍්ති වුත‍්තං හොති. ධම‍්මං සක‍්කරොන‍්තොතිහආදීහි ධම‍්මත්‍ථාය චක‍්කන‍්ති වුත‍්තං හොති. යො හි ධම‍්මං සක‍්කාරාදිවසෙන පවත‍්තෙති, සො ධම‍්මත්‍ථං පවත‍්තෙති. ධම‍්මං සක‍්කරොන‍්තොති යථා කතො සො ධම‍්මො සුකතො හොති, එවමෙව නං කරොන‍්තො. ධම‍්මං ගරුං කරොන‍්තොති තස‍්මිං ගාරවුප‍්පත‍්තියා තං ගරුං කරොන‍්තො. ධම‍්මං මානෙන‍්තොති ධම‍්මං පියඤ‍්ච භාවනීයඤ‍්ච කත්‍වා විහරන‍්තො. ධම‍්මං පූජෙන‍්තොති තං අපදිසිත්‍වා දෙසනාපටිපත‍්තිපූජාය පූජං කරොන‍්තො. ධම‍්මං අපචායමානොති තස‍්සෙව ධම‍්මස‍්ස සක‍්කාරගරුකාරෙහි නීචවුත‍්තිතං කරොන‍්තො. ධම‍්මද‍්ධජො ධම‍්මකෙතූති තං ධම‍්මං ධජමිව පුරක‍්ඛත්‍වා කෙතුමිව ච උක‍්ඛිපිත්‍වා පවත‍්තියා ධම‍්මද‍්ධජො ධම‍්මකෙතු ච හුත්‍වාති අත්‍ථො. ධම‍්මාධිපතෙය්‍යොති ධම‍්මාධිපතිතො ආගතො භාවනාධම‍්මවසෙනෙව ච සබ‍්බකිරියානං කරණෙන ධම‍්මාධිපතෙය්‍යො හුත්‍වා. තං ඛො පන ධම‍්මචක‍්කං අප‍්පටිවත‍්තියන‍්ති කෙනචි නිවත‍්තෙතුං අසක‍්කුණෙය්‍යතාය අප‍්පටිහතපවත‍්තිතා වුත‍්තා. තස‍්මා සො ධම‍්මො පවත‍්තනට‍්ඨෙන චක‍්කන‍්ති වුත‍්තං හොති.

එහි ධම්මෙන පවත්තෙති යනු යථා ස්වභාව හෙයින් ධර්මයෙන් පැවැත්වූ චක්‍රයනුයි ධම්මචක්කංයි යූසේයි. ධම්මචරියාය පවත්තෙති යනු හික්මවිය යුතු පුද්ගල සන්තානයෙහි ධර්මය සඳහා පැවැත්වූ චක්‍රයනුයි ධම්ම චක්කං යයි යූසේයි. ධම්මෙ ඨිතො ආදීන්ගෙන් භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම සත්‍යතාව හෙයින්ද, ධර්මස්වාමී හෙයින්දැයි යූසේයි. දෙසූ පරිදි, ‘ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ දන්නේ දනියි. දක්නේ දකියි. පැණැසින් නැණෑසින්, දැහැමින් ශ්‍රේෂ්ඨත්වයෙන් යුක්ත වූවාහු, දෙසන්නාහු මනාව දෙසන්නාහු අර්ථය පැහැදිලි කරන්නාහු අමෘතය දෙන්නාහු ධර්මස්වාමී තථාගත වූ සේක. එම ධර්මයෙහි චක්‍රයනුයි ධර්මචක්‍රයයි යූසේයි. ඨිතො යනු විෂයීභාවයෙන් සිටියේ, පතිට්ඨිතො යනු අචලභාවයෙන් පිහිටියේ, වසිප්පත්තො යනු ඓශ්වර්යභාවයට පත්වූයේ, පාරමිප්පත්තො යනු කෙළවරට පැමිණියේ, වෙසාරජ්ජප්පත්තො යනු හික්මවිය යුතු සත්ත්වයින් අපේක්‍ෂාකොට කියන ලද වචනයන්ගෙන් ධර්මස්වාමිතාවයෙහිද, ධර්මාර්ථයෙහිද චක්‍රයයි යූසේයි. ධම්මං සක්කරොන්තො යන ආදීන්ගෙන් ධර්මාර්ථය සඳහා චක්‍රයයි යූ.සේයි. යමෙක් ධර්මය සත්කාරාදී වශයෙන් පවත්වයිද, හෙතෙම ධර්මාර්ථය පවත්වයි නමැ. ධම්මං සක්කරොන්තො යනු යම්සේ කරන ලද එම ධර්මය මනාව සත්කාර කරන ලද්දේ වේද, එපරිද්දෙන් එය කරනුයේ ධම්මං ගරු කරෙන්තො යනු එහි ගෞරව ඉපිදවීමෙන් එයට ගරු කරනුයේ, ධම්මං මානෙන්තො යනු ධර්මයට ප්‍රියභාවයද බුහුමන්ද කොට වාසය කරනුයේ, ධම්මං පූජෙන්තො යනු එය සාක්‍ෂ්‍යකොට දේශනා ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කරනුයේ, ධම්මං අපචායමානො යනු එම ධර්මයටම සත්කාර ගරුකාරයන්ගෙන් යටහපත් පහත් පැවතුම් කරනුයේ, ධම්මද්ධජො ධම්මකෙතු යනු ධර්මය ධජයක් මෙන් පෙරටුකොට (කෙහෙලි) තුන්හුලස් කොඩියක් මෙන් ඔසවා පැවැත්මෙහි, ධර්මධජ ධර්මකේතුවක්ව වීයයි අර්ථයි. ධම්මාධිපතෙය්‍යො යනු ධර්මාධිපති වශයෙන් පැමිණියා වූ භාවනා ධර්ම වහයෙන්ම සියලු ක්‍රියාවන්ගේ කිරීමෙන් ධර්මාධිපති වී, තං ඛො පන ධම්ම චක්කං අප්පතිවත්තියං යනු කිසිවෙකු විසින් නැවැත්විය නොහැකිතායෙන් නොනැසිය හැකි ස්වභාවයෙනැයි යූසේයි. නොපැවැත්විය හැකියයි අර්ථයි. එහෙයින් එම ධර්මය, පවත්වන අර්ථයෙන් ධර්මචක්‍රයයි යූ.සේයි.

සද‍්ධින්‍ද්‍රියං ධම‍්මො, තං ධම‍්මං පවත‍්තෙතීති වෙනෙය්‍යසන‍්තානෙ මග‍්ගසම‍්පයුත‍්තසද‍්ධින්‍ද්‍රියුප‍්පාදනෙන තං සද‍්ධින්‍ද්‍රියං ධම‍්මං පවත‍්තෙතීති අත්‍ථො. එසෙව නයො සෙසෙසුපි. සච‍්චාති සච‍්චඤාණානි. විපස‍්සනා ච විජ‍්ජා ච මග‍්ගඤාණමෙව. අනුප‍්පාදෙ ඤාණන‍්ති අරහත‍්තඵලෙ ඤාණං. තම‍්පි වෙනෙය්‍යසන‍්තානෙ පවත‍්තෙතියෙව, නිබ‍්බානඤ‍්ච පටිවෙධං කරොන‍්තො පවත‍්තෙතියෙව නාම.

සද්ධින්‍ද්‍රියං ධම්මො, තං ධම්මං පවත්තෙති යනු හික්මවිය යුතු අයගේ සන්තානයෙහි මාර්ග සම්ප්‍රයුක්ත ශ්‍රද්ධෙන්‍ද්‍රිය උත්පාදනයෙන් එම ශ්‍රද්ධෙන්‍ද්‍රිය ධර්මය පවත්වානුයි අර්ථයි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි. සච්චා යනු සත්‍ය ඤාණයෝය. විදර්ශනාවද, විද්‍යාවද මාර්ග ඤාණයමය. අනුප්පාදෙ ඤාණං යනු අර්හත් ඵලයෙහි ඤාණයයි. එය හික්මවිය යුතු අයගේ සන්තානයෙහි පැවතේමය. නිර්වාණය ප්‍රතිවේධ කරනුයේ පැවැත්තේ නමැ.

සමුදයවාරාදීසු සමුදයවත්‍ථුකා නිරොධවත්‍ථුකා මග‍්ගවත්‍ථුකාති විසෙසපදං දස‍්සෙත්‍වා සඞ‍්ඛිත‍්තා. එත්‍ථාපි වුත‍්තසදිසං පඨමං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

සමුදය වාරාදීන්හි, සමුදය වත්‍ථුකා, නිරොධ වත්‍ථුකා, මග්ග වත්‍ථුකායි විශේෂ පදයෙන් සංක්‍ෂෙප කරන ලදි. මෙහිද, කියන ලද ආකාරය පළමු කියන ලද අයුරින්ම දතයුතුය.

සතිපට‍්ඨානවාරාදිවණ‍්ණනා

සතිපට්ඨානවාරාදිවණ්ණනා

සතිපට‍්ඨානඉද‍්ධිපාදපුබ‍්බඞ‍්ගමවාරාපි මග‍්ගක‍්ඛණවසෙන වුත‍්තා. තෙපි තත්‍ථ තත්‍ථ විසෙසපදං දස‍්සෙත්‍වා සඞ‍්ඛිත‍්තාති.

සතිපට්ඨාන, සෘද්ධිපාද පූර්වාංගම වාරයන්ද මාර්ගක්‍ෂණ වශයෙන් යූ.සේයි. ඒවාද ඒ ඒ තන්හි විශේෂ පද මගින් සංක්‍ෂේප කරන ලදහ.

ධම‍්මචක‍්කකථාවණ‍්ණනා නිට‍්ඨිතා.

ධර්ම කථා වර්ණනා නිමි.