සතිපට්ඨානවාරාදිවණ්ණනා අට්ඨකථා
සතිපට්ඨානවාරාදිවණ්ණනා
සතිපට්ඨානවාරාදිවණ්ණනා
සතිපට්ඨානසුත්තන්තපුබ්බඞ්ගමෙ ඉද්ධිපාදසුත්තන්තපුබ්බඞ්ගමෙ ච පටිසම්භිදානිද්දෙසෙ ඉමිනාව නයෙන අත්ථො ච ගණනා ච වෙදිතබ්බා.
සතිපට්ඨාන සූත්‍රාන්ත පූර්වංගම වූද, සෘද්ධිපාද සූත්‍රාන්ත පූර්වංගම වූද, ප්‍රතිසම්භිදා නිර්දේශයෙහි මෙම ක්‍රමයෙන්ම අර්ථයද, ගණන් කිරීමද දතයුත්තාහ.
සත්තබොධිසත්තවාරාදිවණ්ණනා
සත්තබොධිසත්තවාරාදිවණ්ණනා
සත්තන්නං බොධිසත්තානං සුත්තන්තෙසු එකෙකස්මිංයෙව සමුදයෙ චක්ඛාදයො පඤ්ච, නිරොධෙ පඤ්චාති දස ධම්මා, සමුදයෙ දස්සනට්ඨාදයො පඤ්ච, නිරොධෙ පඤ්චාති දස අත්ථා, තෙසං වසෙන වීසති නිරුත්තියො චත්තාරීසං ඤාණානි. සත්ත එකතො කත්වා වුත්තගණනා සුවිඤ්ඤෙය්යා එව. සබ්බඤ්ඤුතඤ්ඤාණවසෙන වුත්තපටිසම්භිදානිද්දෙසෙ එකෙකමූලකෙසු “ඤාතො දිට්ඨො විදිතො සච්ඡිකතො ඵස්සිතො පඤ්ඤායා”ති (පටි· ම· 1.121) ඉමෙසු පඤ්චසු වචනෙසු එකෙකස්මිංයෙව චක්ඛාදයො පඤ්ච, දස්සනට්ඨාදයො පඤ්චාති පඤ්චපඤ්චකානං වසෙන පඤ්චවීසති ධම්මා, පඤ්චවීසති අත්ථා, තද්දිගුණා නිරුත්තියො, තද්දිගුණානි ඤාණානි ඤෙය්යානි. පඤ්ච එකතො කත්වා වුත්තවාරෙපි පඤ්චක්ඛත්තුං පඤ්ච පඤ්චවීසති කත්වා පඤ්චවීසසතං ධම්මා, පඤ්චවීසසතං අත්ථා, තද්දිගුණා නිරුත්තියො, තද්දිගුණානි ඤාණානි ඤෙය්යානි. අඩ්ඪතෙය්යානීති චෙත්ථ ද්වෙ සතානි ච පඤ්ඤාසඤ්ච. ඛන්ධාදීසුපි එසෙව නයො. ඉමිනාව නයෙන සච්චවාරපටිසම්භිදාවාරෙ ච ධම්මාදිගණනා වෙදිතබ්බා.
සත්බෝසත් සූත්‍රාන්තයන්හි එකිනෙකෙහිම, සමුදයෙහි චක්ෂුරාදී පහක්ද නිරෝධයෙහි පහක්දැයි දසධර්මයි. සමුදයෙහි දර්ශනාර්ථාදීහු පහක්ද, නිරෝධයෙහි පහක්දැයි දස අර්ථයි. ඒවාහි වශයෙන් විසි නිරුක්තීහුය. සතළිස් ඤාණයෝය. සත එකතුකොට කියන ලද ගණන පහසුවෙන් දතහැකිය. මෙසේ සර්වඥතා ඥාන වශයෙන් කියන ලද, ප්‍රතිසම්භිදා නිර්දේශයෙහි එකිනෙක මූලිකව, ශූන්‍යතා වශයෙන් දක්නා ලදුයේ දන්නා ලදුයේ, සාක්ෂාත් කරනා ලදුයේ, ප්‍රඥාවෙන් ස්පර්ශ කරන ලද්දේනුයි මෙම පඤ්ච වචනයන්හි, චක්ෂුරාදී පංචකයෙහි එකිනෙක වශයෙන් දර්ශනාර්ථාදීහු පඤ්චකයදැයි වශයෙන් පඤ්ච පඤ්චකයන්ගේ වශයෙන් විසිපස් ධර්මයි. විසිපස් අර්ථයි. ඒ හා ද්විගුණ නිරුක්තීහුය. ඒ හා ද්විගුණ ඤාණයෝය. පහ එකතුකොට කියන ලද වාරයෙහිද, පස්වරක්, විසිපහ බැගින් පහක්කොට, එකසිය විසි පහක් ධර්මයෝ, එකසිය විසිපහක් අර්ථයෝ, ඒ හා ද්විගුණ නිරුක්තීහුය. ඒ හා ද්විගුණ ඤාණයෝය. අඩ්ඪතෙය්යානි යනු දෙසිය පණහකි. ස්කන්ධාදීන්හිද එම ක්‍රමයමැයි. මෙම ක්‍රමයෙන්ම සත්යවාර, ප්‍රතිසම්භිදා වාරයන්හි ධර්මාදී ගණනය දතයුත්තාහ.
ඡබුද්ධධම්මවාරවණ්ණනා
ඡබුද්ධධම්මවාරවණ්ණනා
බුද්ධධම්මවාරෙ දියඩ්ඪසතන්ති ඡක්ඛත්තුං පඤ්චවීසති සතඤ්ච පඤ්ඤාසඤ්ච හොන්ති, තද්දිගුණා නිරුත්තියො තද්දිගුණානි ඤාණානි. පටිසම්භිදාධිකරණෙති පටිසම්භිදාධිකාරෙ. අඩ්ඪනවධම්මසතානීති පඨමං වුත්තෙසු චතූසු සච්චෙසු සට්ඨි, චතූසු සතිපට්ඨානෙසු සට්ඨි, චතූසු සම්මප්පධානෙසු සට්ඨි, සත්තබොධිසත්තවෙය්යාකරණෙසු සත්තති, අභිඤ්ඤට්ඨාදීසු පඤ්චසු පඤ්චවීසසතං, ඛන්ධට්ඨාදීසු පඤ්චසු පඤ්චවීසසතං, පුන චතූසු අරියසච්චෙසු සතං, චතූසු පටිසම්භිදාසු සතං, ඡසු බුද්ධධම්මෙසු දියඩ්ඪසතන්ති එවං අට්ඨසතානි ච පඤ්ඤාසඤ්ච ධම්මා හොන්ති. එවං අත්ථාපි තත්තකා එව හොන්ති. එවමෙව සච්චාදීසු තීසු ඨානෙසු වීසසතං නිරුත්තියො, සත්තසු වෙය්යාකරණෙසු චත්තාරීසසතං නිරුත්තියො, අභිඤ්ඤට්ඨාදීසු ඛන්ධට්ඨාදීසු ච අඩ්ඪතෙය්යානි අඩ්ඪතෙය්යානි නිරුත්තිසතානි, අරියසච්චෙසු පටිසම්භිදාසු ච ද්වෙ ද්වෙ නිරුත්තිසතානි, බුද්ධධම්මෙසු තීණි නිරුත්තිසතානීති එවං නිරුත්තිසහස්සඤ්ච සත්තනිරුත්තිසතානි ච හොන්ති. එවමෙව සච්චාදීසු තීසු ඨානෙසු චත්තාරීසාධිකානි ද්වෙ ද්වෙ ඤාණසතානි, සත්තසු වෙය්යාකරණෙසු අසීතිඅධිකානි ද්වෙ ඤාණසතානි, අභිඤ්ඤට්ඨාදීසු ඛන්ධට්ඨාදීසු ච පඤ්චපඤ්චඤාණසතානි , සච්චෙසු පටිසම්භිදාසු ච චත්තාරි චත්තාරි ඤාණසතානි, බුද්ධධම්මෙසු ඡ ඤාණසතානීති එවං තීණි ච ඤාණසහස්සානි චත්තාරි ච ඤාණසතානි හොන්තීති.
බුද්ධ ධර්මවාරයෙහි දියඩ්ඪසතං යනු (විසිපහ බැගින් සයවාරයක්) එකසිය පනහකි. නිරුක්ති තුන්සියයකි. ඤාණ හයසියයකි. පටිසම්භිදාධිකරණෙ යනු ප්‍රතිසම්භිදා අධිකාරයෙහි, අඩ්ඪනවධම්මසතානි යනු ප්‍රථමයෙන් කියන ලද චතුස්සත්‍යයන්හි සැටෙකි. සිව් සතිපට්ඨානයන්හි සැටෙකි. සිව් සම්‍යක්ප්‍රධානයන්හි සැටෙකි. සත් බෝසත් විස්තර දේශනාවන්හි සැත්තෑවකි. අභිඤ්ඤාර්ථාදී පඤ්චකයෙහි එක්සිය විසිපහකි. ස්කන්ධාදී පංචකයෙහි එක්සිය විසිපහකි. නැවත චතුරාර්ය සත්‍යයන්හි සියයකි. සිව් ප්රතිසම්භිදාවන්හි සියයකි. ෂට් බුද්ධ ධර්මයන්හි එක්සිය පනහකැයි මෙසේ අටසිය පනහක් ධර්ම වෙයි. මෙසේ අර්ථද එපමණම වෙයි. එපරිද්දෙන්ම ශ්‍රද්ධාදී ත්‍රිවිධ ස්ථානයන්හි එක්සිය විස්සක් නිරුත්තීහුය. සත් විස්තර දේශනාවන්හි එක්සිය හතළිහක් නිරුක්තීහුය. අභිඥාතාර්ථාදීන්හිද ස්කන්ධාර්ථාදීන්හිද නිරුක්ති දෙසිය පනහ බැගිනි. ආර්ය සත්යයන්හිද ප්රතිසම්භිදාදීන්හි නිරුක්ති දෙසියය බැගිනි. බුද්ධ ධර්මයන්හි නිරුක්ති තුන්සියයකි. මෙසේ නිරුක්ති එක්දහස් හත්සියයකි. සත්යයෝද එපරිදිමය. ත්‍රිවිධ ස්ථානයන්හි ඤාණ දෙසිය හතරක් බැගිනි. සත් විස්තර දේශනාවන්හි දෙසිය අසූවක් අධික කොට ඇති ඤාණයෝය. අභිඤ්ඤාර්ථාදීන්හිද, ස්කන්ධාර්ථාදීන්හිද එක්සිය පහ බැගිනි. සත්යයන්හිද ප්රතිසම්භිදාදීන්හිද ඤාණ එක්සිය හතර බැගිනි. බුද්ධ ධර්මයන්හි ඤාණ එක්සිය සයකැයි, මේ ඤාණ තුන්දහස් හාරසියයකි.
පටිසම්භිදාකථාවණ්ණනා නිට්ඨිතා.
ප්‍රතිසම්භිදා කථා වර්ණනාව නිමි.