යෙදුමෙන් කියවන්න

ධම‍්මචක‍්කපවත‍්තනවාරවණ‍්ණනා අට‍්ඨකථා

ධම‍්මචක‍්කපවත‍්තනවාරවණ‍්ණනා

ධම්මචක්කපවත්තනවාරවණ්ණනා

ඉදානි විරාගසඞ‍්ඛාතමග‍්ගවසෙන සිද‍්ධං පටිසම‍්භිදාපභෙදං දස‍්සෙන‍්තෙන කථිතාය ධම‍්මචක‍්කප‍්පවත‍්තනසුත‍්තන‍්තපුබ‍්බඞ‍්ගමාය පටිසම‍්භිදාකථාය අපුබ‍්බත්‍ථානුවණ‍්ණනා. සුත‍්තන‍්තෙ තාව බාරාණසියන‍්ති බාරාණසා නාම නදී, බාරාණසාය අවිදූරෙ භවා නගරී බාරාණසී. තස‍්සං බාරාණසියං. ඉසිපතනෙ මිගදායෙති ඉසීනං පතනුප‍්පතනවසෙන එවංලද‍්ධනාමෙ මිගානං අභයදානදින‍්නට‍්ඨානත‍්තා මිගදායසඞ‍්ඛාතෙ ආරාමෙ. තත්‍ථ හි උප‍්පන‍්නුප‍්පන‍්නා සබ‍්බඤ‍්ඤුඉසයො පතන‍්ති, ධම‍්මචක‍්කප‍්පවත‍්තනත්‍ථං නිසීදන‍්තීති අත්‍ථො. නන්‍දමූලකපබ‍්භාරතො සත‍්තාහච‍්චයෙන නිරොධසමාපත‍්තිතො වුට‍්ඨිතා අනොතත‍්තදහෙ කතමුඛධොවනකිච‍්චා ආකාසෙන ආගන‍්ත්‍වා පච‍්චෙකබුද‍්ධඉසයොපෙත්‍ථ සමොසරණවසෙන පතන‍්ති , උපොසථත්‍ථඤ‍්ච අනුපොසථත්‍ථඤ‍්ච සන‍්නිපතන‍්ති, ගන්‍ධමාදනං පටිගච‍්ඡන‍්තා ච තතො ච උප‍්පතන‍්තීතිපි ඉමිනා ඉසීනං පතනුප‍්පතනවසෙන තං “ඉසිපතන”න‍්ති වුච‍්චති. “ඉසිපදන”න‍්තිපි පාඨො. පඤ‍්චවග‍්ගියෙති –

විරාග සංඛ්‍යාත මාර්ග වශයෙන් සිද්ධ ප්‍රතිසම්භිදා ප්‍රභේදය, දක්වන්නහු විසින් දේශිත, දම්සක් පැවතුම් සූත්‍රාන්ත පූර්වංගම ප්‍රතිසම්භිදා කථායෙහි, පෙර නුවූ විරූ අර්ථ අනුවර්ණනාවයි. සූත්‍රාන්තයෙහි බාරාණසියං යනු බාරාණසී නම් නදියකි. බාරාණසට නුදුරෙහි වූ නගරය බාරාණසියි. එම බරණැසෙහි, ඉසිපතෙන මිගදායෙ යනු සෘෂීන්ගේ පහළට බැසීම් ඉහළට නැගීම් වශයෙන් මෙසේ ලද නාමයන් ඇති, සිවුපාවුන්ට අභයදානය දෙන ලද ස්ථානය හෙයින්ද, මිගදාය සංඛ්‍යාත ආරාමයෙහි, එතැන්හි වනාහි උපන් සර්වඥ සෘෂිවරු වැටෙති. දම්සක් පැවැත්වීම සඳහා හිඳගනිත් යන අර්ථයි. නන්දමූලක ගුහාවෙන්, සත්දිනක් ඇවෑමෙන් නිරෝධ සමවතින් නැගිට, අනෝතත්ත විලෙන් කරන ලද, මුවදෙවීම් කිස ඇතියේ අහසින් අවුත් මෙහි පසේබුදු, සෘෂිවරු රැස්වීම් වශයෙන් බසිති. පොහොය කටයුතු සඳහාද, පොහොය නොවන කටයුතු සදහාද රැස්වෙති. ගන්ධමාදන පර්වත බලා යන අයද එහිද බසිත් යයි (විවේක ගනිත්) මෙම සෘෂීන්ගේ බැසීම්, ඉහළට නැගීම් වශයෙන් එය ඉසිපතන යැයි යූ.සේයි. ඉසිපදනං යිද පාඨයි. පඤ්චග්ගියෙ යනු;

“කොණ‍්ඩඤ‍්ඤො භද‍්දියො වප‍්පො, මහානාමො ච අස‍්සජි; එතෙ පඤ‍්ච මහාථෙරා, පඤ‍්චවග‍්ගාති වුච‍්චරෙ”ති. –

කොණ්ඩඤ්ඤො භද්දියො වප්පො මහානාමොච අස්සජි, එතෙ පඤ්ච මහා ථෙරා - පඤ්ච වග්ගාති වුච්චරෙ

කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්සජි යන එම මහ තෙරවරු පස්දෙන පඤ්චවග්ගිය යැයි කියනු ලැබෙත්.

එවං වුත‍්තානං පඤ‍්චන‍්නං භික‍්ඛූනං වග‍්ගො පඤ‍්චවග‍්ගො. තස‍්මිං පඤ‍්චවග‍්ගෙ භවා තංපරියාපන‍්නත‍්තාති පඤ‍්චවග‍්ගියා, තෙ පඤ‍්චවග‍්ගියෙ. භික‍්ඛූ ආමන‍්තෙසීති දීපඞ‍්කරදසබලස‍්ස පාදමූලෙ කතාභිනීහාරතො පට‍්ඨාය පාරමියො පූරෙන‍්තො අනුපුබ‍්බෙන පච‍්ඡිමභවං පත්‍වා පච‍්ඡිමභවෙ ච කතාභිනික‍්ඛමනො අනුපුබ‍්බෙන බොධිමණ‍්ඩං පත්‍වා තත්‍ථ අපරාජිතපල‍්ලඞ‍්කෙ නිසින‍්නො මාරබලං භින්‍දිත්‍වා පඨමයාමෙ පුබ‍්බෙනිවාසං අනුස‍්සරිත්‍වා මජ‍්ඣිමයාමෙ දිබ‍්බචක‍්ඛුං විසොධෙත්‍වා පච‍්ඡිමයාමාවසානෙ දසසහස‍්සිලොකධාතුං උන‍්නාදෙන‍්තො සම‍්පකම‍්පෙන‍්තො සබ‍්බඤ‍්ඤුතං පත්‍වා සත‍්ත සත‍්තාහානි බොධිමණ‍්ඩෙ වීතිනාමෙත්‍වා මහාබ්‍රහ‍්මුනා ආයාචිතධම‍්මදෙසනා බුද‍්ධචක‍්ඛුනා ලොකං වොලොකෙත්‍වා ලොකානුග‍්ගහෙන බාරාණසිං ගන‍්ත්‍වා පඤ‍්චවග‍්ගියෙ භික‍්ඛූ සඤ‍්ඤාපෙත්‍වා ධම‍්මචක‍්කං පවත‍්තෙතුකාමො ආමන‍්තෙසි.

මෙසේ කියන ලද පඤ්ච භික්‍ෂූන්ගේ වර්ගය පඤ්ච වග්ගයි. එම පඤ්ච වර්ගයෙහි වූවාහු, එයට ඇතුළත් වූවාහුනුයි පඤ්ච වග්ගියයි. භික්ඛු ආමන්තෙසි යනු දීපංකර දශබලධාරීන්ගේ පාමුලැ කරන ලද ප්‍රාර්ථනයෙහි පටන් පාරමී පුරනුයේ, පිළිවෙලින් බෝමැඩට පැමිණ, එහි නොපැරදුණු පර්යංකයෙහි හුන්නේ, මාරබල බිඳ, ප්‍රථම යාමයෙහි පෙර විසූ කඳපිළිවෙල සිහිකොට, මධ්‍යම යාමයෙහි දිවැස ශුද්ධකොට, පශ්චිම යාම අවසානයෙහි දසදහසක් ලෝදා නාද කරවමින්, කම්පා කරවමින්, සර්වඥතාඥානයට පත්ව, සත් සතියක් බෝමැඩ කල්යවා, මහබඹු විසින්, දම් දෙස්මට අයැදින ලද සේක් බුදුඇසින් ලොව බලා ලෝකානුග්‍රහයෙන්, බරණැසට ගොස්, පස්වග මහණුන් හඟවා දම්සක් පවත්වනු කැමැතිසේක් ඇමතූ සේක.

ද‍්වෙමෙ, භික‍්ඛවෙ, අන‍්තාති ද‍්වෙමෙ, භික‍්ඛවෙ, කොට‍්ඨාසා. ඉමස‍්ස පන වචනස‍්ස සමුදාහාරෙන සමුදාහාරනිග‍්ඝොසො හෙට‍්ඨා අවීචිං උපරි භවග‍්ගං පත්‍වා දසසහස‍්සිං ලොකධාතුං පත්‍ථරිත්‍වා අට‍්ඨාසි, තස‍්මිංයෙව සමයෙ අට‍්ඨාරසකොටිසඞ‍්ඛා බ්‍රහ‍්මානො සමාගච‍්ඡිංසු. පච‍්ඡිමදිසාය සූරියො අත්‍ථඞ‍්ගමෙති, පුරත්‍ථිමාය දිසාය උත‍්තරාසාළ‍්හනක‍්ඛත‍්තෙන යුත‍්තො පුණ‍්ණචන්‍දො උග‍්ගච‍්ඡති. තස‍්මිං සමයෙ භගවා ධම‍්මචක‍්කප‍්පවත‍්තනසුත‍්තන‍්තං ආරභන‍්තො “ද‍්වෙමෙ, භික‍්ඛවෙ, අන‍්තා”තිආදිමාහ.

ද්වෙ මෙ භික්ඛවෙ අන්තා යනු මහණෙනි, මේ දෙකොටස්, මෙම වචනය ප්‍රකාශ කිරීමෙන් හටගත් එම ප්‍රකාශන ඝෝෂාව යටින් අවීචිය තෙක්ද මත්තෙහි භවාග්‍රය තෙක් විහිදී ලෝදා පතුරුවා සිටියේය. එම අවස්ථාවෙහි අටළොස් කෝටියක් පමණ බ්‍රහ්මයෝ රැස්වූහ. පැසුළු දිගින් හිරු බැස යයි. පෙරදිගින් උතුරුසල (උත්‍රසල) නැකතින් යුත් පුන්සඳ උදාවේ. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රාන්තය අරඹන සේක් ‘ද්වෙ මෙ භික්ඛවෙ අන්තා’ යනාදිය වදාළහ.

තත්‍ථ පබ‍්බජිතෙනාති ගිහිසංයොජනං වත්‍ථුකාමං ඡෙත්‍වා පබ‍්බජිතෙන. න සෙවිතබ‍්බාති න වලඤ‍්ජෙතබ‍්බා. පබ‍්බජිතානංයෙව විසෙසතො පටිපත‍්තියා භාජනභූතත‍්තා “පබ‍්බජිතෙන න සෙවිතබ‍්බා”ති වුත‍්තං. යො චායං කාමෙසු කාමසුඛල‍්ලිකානුයොගොති යො ච අයං වත්‍ථුකාමෙසු කිලෙසකාමසුඛස‍්ස, කිලෙසකාමසුඛනිස‍්සයස‍්ස වා අනුයොගො. හීනොති ලාමකො. ගම‍්මොති ගාමවාසීනං සන‍්තකො. පොථුජ‍්ජනිකොති පුථුජ‍්ජනෙන අන්‍ධබාලජනෙන ආචිණ‍්ණො. අනරියොති න අරියො. අථ වා න විසුද‍්ධානං උත‍්තමානං අරියානං සන‍්තකො. අනත්‍ථසංහිතොති න අත්‍ථසංහිතො, සුඛාවහකාරණං අනිස‍්සිතොති අත්‍ථො. අත‍්තකිලමථානුයොගොති අත‍්තනො කිලමථස‍්ස අනුයොගො , අත‍්තනො දුක‍්ඛකරණන‍්ති අත්‍ථො. දුක‍්ඛොති කණ‍්ටකාපස‍්සයසෙය්‍යාදීහි අත‍්තමාරණෙහි දුක‍්ඛාවහො. තපස‍්සීහි “උත‍්තමං තපො”ති ගහිතත‍්තා තෙසං චිත‍්තානුරක‍්ඛනත්‍ථං ඉධ “හීනො”ති න වුත‍්තං, පබ‍්බජිතානං ධම‍්මත‍්තා “ගම‍්මො”ති ච, ගිහීහි අසාධාරණත‍්තා “පොථුජ‍්ජනිකො”ති ච න වුත‍්තං. තත්‍ථ පන කෙහිචි පබ‍්බජිතපටිඤ‍්ඤෙහි දිට‍්ඨධම‍්මනිබ‍්බානවාදෙහි “යතො ඛො, භො , අයං අත‍්තා පඤ‍්චහි කාමගුණෙහි සමප‍්පිතො සමඞ‍්ගිභූතො පරිචාරෙති, එත‍්තාවතා ඛො, භො, අයං අත‍්තා දිට‍්ඨධම‍්මනිබ‍්බානප‍්පත‍්තො හොතී”ති (දී· නි· 1.94) ගහිතත‍්තා තෙසං චිත‍්තානුරක‍්ඛනත්‍ථඤ‍්ච පච‍්චුප‍්පන‍්නෙ සුඛත‍්තා ච තස‍්ස ධම‍්මසමාදානස‍්ස “දුක‍්ඛො”ති න වුත‍්තං. කාමසුඛල‍්ලිකානුයොගො පච‍්චුප‍්පන‍්නෙ තණ‍්හාදිට‍්ඨිසංකිලිට‍්ඨසුඛත‍්තා ආයතිඤ‍්ච දුක‍්ඛවිපාකත‍්තා තදනුයුත‍්තානං තණ‍්හාදිට‍්ඨිබන්‍ධනබද‍්ධත‍්තා ච න සෙවිතබ‍්බො, අත‍්තකිලමථානුයොගො පච‍්චුප‍්පන‍්නෙ දිට‍්ඨිසංකිලිට‍්ඨදුක‍්ඛත‍්තා ආයතිඤ‍්ච දුක‍්ඛවිපාකත‍්තා තදනුයුත‍්තානං දිට‍්ඨිබන්‍ධනබද‍්ධත‍්තා ච න සෙවිතබ‍්බො, එතෙ ඛොති තෙ එතෙ. අනුපගම‍්මාති න උපගන‍්ත්‍වා. මජ‍්ඣිමාති සංකිලිට‍්ඨසුඛදුක‍්ඛානං අභාවා මජ‍්ඣෙ භවාති මජ‍්ඣිමා. සා එව නිබ‍්බානං පටිපජ‍්ජන‍්ති එතායාති පටිපදා. අභිසම‍්බුද‍්ධාති පටිවිද‍්ධා. චක‍්ඛුකරණීතිආදීසු පඤ‍්ඤාචක‍්ඛුං කරොතීති චක‍්ඛුකරණී. ඤාණකරණීති තස‍්සෙව වෙවචනං. උපසමායාති කිලෙසූපසමාය. අභිඤ‍්ඤායාති චතුන‍්නං සච‍්චානං අභිජානනත්‍ථාය. සම‍්බොධායාති තෙසංයෙව සම‍්බුජ‍්ඣනත්‍ථාය. නිබ‍්බානායාති නිබ‍්බානසච‍්ඡිකිරියත්‍ථාය. අථ වා දස‍්සනමග‍්ගඤාණං කරොතීති චක‍්ඛුකරණී. භාවනාමග‍්ගඤාණං කරොතීති ඤාණකරණී. සබ‍්බකිලෙසානං උපසමාය. සබ‍්බධම‍්මානං අභිඤ‍්ඤාය. අරහත‍්තඵලසම‍්බොධාය. කිලෙසානඤ‍්ච ඛන්‍ධානඤ‍්ච නිබ‍්බානාය. සච‍්චකථා අභිඤ‍්ඤෙය්‍යනිද‍්දෙසෙ වුත‍්තා.

එහි පබ්බජිතෙන යනු ගිහි බන්‍ධන, වස්තුකාම සිඳ පැවිදි වූවහු විසින්, න සෙවිතබ්බා යනු පරිභෝග නොකළ යුතුය. විශේෂයෙන්ම පැවිද්දන්ගේම ප්‍රතිපත්තියෙහි ඇතුළත් හෙයින්, පැවිද්දා විසින් සේවනය නොකට යුත්තේයයි යූ.සේයි. යොචායං කාමෙසු කාම සුඛල්ලිකානු යොගො යනු යම් ඒ වස්තු කාමයන්හිද කෙලෙස් කම් සුවයෙහිද, කෙලෙස් කම්සුව නිශ්‍රය වූ හේ යම් ක්‍රියාවක යෙදීම, හීනො යනු ලාමක, ගම්මො යනු ගම්වාසීන් සතු පොථුජ්ජනිකො යනු අන්ධබාල පෘථග්ජනයා විසින් පුරුදු කරන ලද, අනරියො යනු ආර්ය නුවූ, නොහොත් පිරිසිදු උතුම් ආර්යයන් සතු නොවූ, අනත්‍ථසංහිතො යනු වැඩදායක නුවූ, සුව එළවන කරුණු හා නිශ්‍රිත නොවූයේයයි අර්ථයි. අත්තකිලමථානුයොගො යනු තම සිරුර වෙහෙසට පත්කරවන, තමාට දුක ඇතිකරවීම යයි අර්ථයි. දුක්ඛො යනු තමා මරණයට පත්කරවන සුළු දුක් එළවන, කටු සහිත හේත්තුවන ලෑලිවල ශයනය කිරීම් ආදිය, තපස්වීන් විසින් උතුම් තපසයැයි ගත් හෙයින් ඔවුන්ගේ සිත් රැකීම සඳහා මෙහි හීනයැයි නොයූසේයි. පැවිද්දන්ගේ ස්වභාවයක් හෙයින් ‘ගම්මොයි’ ගිහියන් හා අසාධාරණ හෙයින් ‘පොථජ්ජනික’ යැයිද නොයූසේයි. එහි වනාහි ඇතැම් ප්‍රවෘජිතයෙක්මියි හැඟවූ ප්‍රතිඥා ඇති, ඉහාත්ම නිර්වාණවාදීන් විසින්, පින්වත, යම්කලෙකැ පටන් මෙම ආත්මය පංචකාම ගුණයන්ගෙන්, සමර්පිතව, යුක්තව සැපවිඳියිද? පින්වත, එපමණෙකින් මේ ආත්මය ඉහාත්ම නිර්වාණයට පැමිණියේ වේයයි, දෘෂ්ටි ගත් හෙයින් ඔවුන්ගේ සිත් රැකීම සඳහාද වත්මන් සුවය සඳහාද එම ධර්ම සමාදානයට දුකයැයි නොයූසේයි. කාමසුඛල්ලිකානුයෝගය වත්මනැ තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් කිලිටිභාවයට පත් සුව හෙයින් මත්තෙහි, දුක් විපාක හෙයින්ද ඒ හා අනුයුක්ත වූවන්ගේ සිත් තෘෂ්ණා දෘෂ්ටි බන්ධනයෙන් බඳනා ලද හෙයින් නොසෙවිය යුතුය. ආත්ම කිලමථානුයෝගය වත්මනැ දෘෂ්ටීන් කිලිටිභාවයට පත්, දුක් හෙයින්ද මත්තෙහි, දුක් විපාක හෙයින්ද, ඒ හා යෙදුණවුන්ගේ සිත් දෘෂ්ටි බන්‍ධනයෙන් බඳනා ලද හෙයින්ද නොසෙවිය යුතුය. එතෙ තෙ එම ඒවා. අනුපගම්ම යනු නොඑළඹ මජ්ඣිමා යනු සකිලිටි සුවදුක් ආදීන්ගේ අභාවයෙන් මධ්‍යයෙහි වූයේනුයි මජ්ඣිමායි. එයම එය කරණකොට නිර්වාණය පිණිස පිළිපදීනුයි පටිපදායි අවබෝධ කරන ලද්දේනුයි අභිසම්බුද්ධායි, චක්ඛුකරණී ආදීන්හි ප්‍රඥා චක්‍ෂුස හටගන්වයිනුයි චක්ඛුකරණීයි, ඤාණ කරණී යනු එයටම පර්යාය වචනයි. උපසමාය යනු කෙලෙස් සංසිඳවීම සඳහා, අභිඤ්ඤාය යනු චතුස්සත්‍යයන්ගේ දැනගැනීම සඳහා, සම්බොධාය යනු ඒවාහිම තත්වාකාරයෙන් අවබෝධ කිරීම සඳහා, නිබ්බාණාය යනු නිර්වාණය සාක්‍ෂාත් කිරීම සඳහා, නොහොත් දර්ශන මාර්ග ඤාණය හටගන්වයිනුයි චක්ඛුකරණීයි, භාවනා මාර්ග ඤාණය හටගන්වයිනුයි ඤාණකරණීයි. සියලු කෙලෙසුන්ගේ සන්සිඳීම සඳහා උපසමාය, සියලු ධර්මයන්ගේ විශේෂ දැනුම සඳහා, අර්හත් ඵලය අවබෝධය සඳහා සම්බොධාය කෙලෙසුන්ගේද, ස්කන්ධයන්ගේද නිවීම සඳහා නිබ්බාණාය, සත්‍ය කථා අභිඤ්ඤෙය නිර්දේශයෙහි යූ.සේයි.

එවං භගවා සච‍්චානි පකාසෙත්‍වා අත‍්තනි කතබහුමානානං තෙසං අත‍්තනො පටිවෙධක‍්කමං සුත්‍වා පටිපත‍්තියා බහුමානාරොපනෙන පටිපත‍්තියං ඨත්‍වා සච‍්චප‍්පටිවෙධං පස‍්සන‍්තො ඉදං දුක‍්ඛං අරියසච‍්චන‍්ති මෙ, භික‍්ඛවෙතිආදිනා අත‍්තනො පටිවෙධක‍්කමං දස‍්සෙසි. තත්‍ථ අනනුස‍්සුතෙසූති න අනුස‍්සුතෙසු, පරං අනුගන‍්ත්‍වා අස‍්සුතෙසූති අත්‍ථො. චක‍්ඛූතිආදීනං අත්‍ථො පරතො ආවි භවිස‍්සති. ඉදං දුක‍්ඛං අරියසච‍්චං, ඉදං දුක‍්ඛසමුදයං, ඉදං දුක‍්ඛනිරොධං, ඉදං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා අරියසච‍්චන‍්ති චතුන‍්නං සච‍්චානං දස‍්සනපටිවෙධො සෙඛභූමියං. පරිඤ‍්ඤෙය්‍යං පහාතබ‍්බං සච‍්ඡිකාතබ‍්බං භාවෙතබ‍්බන‍්ති චතුන‍්නං සච‍්චානං භාවනාපටිවෙධො සෙඛභූමියංයෙව. පරිඤ‍්ඤාතං පහීනං සච‍්ඡිකතං භාවිතන‍්ති චතුන‍්නං සච‍්චානං පච‍්චවෙක‍්ඛණා අසෙඛභූමියං.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ, සත්‍යයන් ප්‍රකාශකොට, තමා කෙරෙහි කරන ලද බුහුමන් ඇති ඔවුන්ට, තම ප්‍රතිවේධ ක්‍රමය ශ්‍රවණය කොට ප්‍රතිපත්තියෙහි බුහුමන් ආරෝපණයෙන් ප්‍රතිපත්ති සාධනයකොට, සත්‍ය ප්‍රතිවේධය දක්නේ, ඉදං දුක්ඛං අරියසච්චන්ති මෙ භික්ඛවෙ යනාදී ක්‍රමයෙන් තම ප්‍රතිවේධ ක්‍රමය දැක්වූ සේක. එහි අනනුස්සුතෙසු යන නොඅසන ලද්දහෙි අනුන් අනුව ගොස් නොඅසන ලද්දේයයි අර්ථයි. චක්ඛු යනාදීන්ගේ අර්ථය මතුයෙහි ප්‍රකට වන්නේය. ඉදං දුක්ඛං අරියසච්චං, ඉදං දුක්ඛ සමුදයං, ඉදං දුක්ඛ නිරොධං, ඉදං දුක්ඛ නිරොධගාමිණී පටිපදා අරියසච්චං යනු සිව් සත්‍යයන්ගේ දර්ශනයයි. ප්‍රතිවේධය ශෛක්‍ෂ්‍ය භූමියෙහිය. පරිඤ්ඤෙය්‍යං, පහාතබ්බං, සච්ඡිකාතබ්බං, භාවෙතබ්බං යන සිව්සත්‍යයන්ගේ භාවනා ප්‍රතිවේධය ශෛක්‍ෂ්‍ය භූමියෙහිමය. පරිඤ්ඤාතං, පහීණං, සච්ඡිකතං, භාවිතං යන සිව් සත්‍යයන්ගේ ප්‍රත්‍යවේක්‍ෂණය අශෛක්‍ෂ්‍ය භූමියෙහිය.

තිපරිවට‍්ටන‍්ති සච‍්චඤාණකිච‍්චඤාණකතඤාණසඞ‍්ඛාතානං තිණ‍්ණං පරිවට‍්ටානං වසෙන තයො පරිවට‍්ටා අස‍්සාති තිපරිවට‍්ටං. එත්‍ථ හි “ඉදං දුක‍්ඛං, ඉදං දුක‍්ඛසමුදයං , ඉදං දුක‍්ඛනිරොධං, ඉදං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා අරියසච‍්ච”න‍්ති එවං චතූසු සච‍්චෙසු යථාභූතඤාණං සච‍්චඤාණං නාම. තෙසුයෙව “පරිඤ‍්ඤෙය්‍යං පහාතබ‍්බං සච‍්ඡිකාතබ‍්බං භාවෙතබ‍්බ”න‍්ති එවං කත‍්තබ‍්බකිච‍්චජානනඤාණං කිච‍්චඤාණං නාම. “පරිඤ‍්ඤාතං පහීනං සච‍්ඡිකතං භාවිත”න‍්ති එවං තස‍්ස කිච‍්චස‍්ස කතභාවජානනඤාණං කතඤාණං නාම. ද‍්වාදසාකාරන‍්ති තෙසංයෙව එකෙකස‍්මිං සච‍්චෙ තිණ‍්ණං තිණ‍්ණං ආකාරානං වසෙන ද‍්වාදස ආකාරා අස‍්සාති ද‍්වාදසාකාරං. ඤාණදස‍්සනන‍්ති එතෙසං තිපරිවට‍්ටානං ද‍්වාදසන‍්නං ආකාරානං වසෙන උප‍්පන‍්නං ඤාණසඞ‍්ඛාතං දස‍්සනං. අත‍්තමනාති සකමනා. සත‍්තානඤ‍්හි සුඛකාමත‍්තා දුක‍්ඛපටිකූලත‍්තා පීතිසොමනස‍්සයුත‍්තමනො සකමනො නාම, පීතිසොමනස‍්සෙහි අත‍්තමනා ගහිතමනා බ්‍යාපිතමනාති වා අත්‍ථො. අභිනන්‍දුන‍්ති අභිමුඛා හුත්‍වා නන්‍දිංසු. වෙය්‍යාකරණෙති සුත‍්තන‍්තෙ. නිග‍්ගාථකො හි සුත‍්තන‍්තො කෙවලං අත්‍ථස‍්ස බ්‍යාකරණතො වෙය්‍යාකරණං නාම. භඤ‍්ඤමානෙති කථියමානෙ. වත‍්තමානසමීපෙ වත‍්තමානවචනං කතං, භණිතෙති අත්‍ථො. විරජන‍්ති විගතරාගාදිරජං. වීතමලන‍්ති විගතරාගාදිමලං. රාගාදයො හි අජ‍්ඣොත්‍ථරණට‍්ඨෙන රජො නාම, දූසනට‍්ඨෙන මලං නාම. ධම‍්මචක‍්ඛුන‍්ති කත්‍ථචි පඨමමග‍්ගඤාණං, කත්‍ථචි ආදීනි තීණි මග‍්ගඤාණානි, කත්‍ථචි චතුත්‍ථමග‍්ගඤාණම‍්පි . ඉධ පන පඨමමග‍්ගඤාණමෙව. යං කිඤ‍්චි සමුදයධම‍්මං, සබ‍්බං තං නිරොධධම‍්මන‍්ති විපස‍්සනාවසෙන එවං පවත‍්තස‍්ස ධම‍්මචක‍්ඛුං උදපාදීති අත්‍ථො.

තිපරිවට්ටං යනු සත්‍යඤාණ, කෘත්‍යඤාණ, කෘතඤාණ සංඛ්‍යාත තිපරිවෘත්තයන්ගේ වශයෙන් ත්‍රිවිධ පරිවෘත්තයක් ඇත්තේනුයි තිපරිවට්ටංයි. මෙහි වනාහි ‘මේ දුකය, මේ දුක හටගැනීමය, මේ දුක් නිරෝධයයි. මේ දුක් නිරෝධයට පමුණුවන මාර්ගය වූ ප්‍රතිපදා ආර්ය සත්‍යයයි’ යන මෙසේ සිව් සත්‍යයන්හි තත්වූ පරිදි ඤාණය සත්‍යඤාණ නමැ. ඒවාහිම, පරිඤ්ඤෙය්‍ය, ප්‍රහාතව්‍ය, සාක්‍ෂාත් කළයුතු, වැඩිය යුතු යයි මෙසේ කළයුතු කෘත්‍යයන් දන්නා වූ ඤාණය කෘත්‍යඤාණ නමැ. පරිඥාත, ප්‍රහීණ, සාක්‍ෂාත් කළ, වඩන ලද යයි මෙසේ එම කෘත්‍යයාගේ කළ බව දන්නා නුවණ කෘත ඤාණ නමැ. ද්වාදසාකාරං යනු ඒවාහිම එක් එක් සත්‍යයෙහි ත්‍රිවිධ ආකාරයන් වශයෙන් ද්වාදසාකාර වන්නේනුයි ද්වාදසාකාරංයි. ඤාණ දස්සනං යනු එම ත්‍රිපරිවෘත්ත ද්වාදසාකාරයන්ගේ වශයෙන් උපන් ඤාණ සංඛ්‍යාත දර්ශනයයි. අත්තමනා යනු සිය මනයි. සත්ත්වයින්ගේ වනාහි සුවකාමී හෙයින්, දුක් පිළිකුල් හෙයින් ප්‍රීතිය හා සොම්නසින් යුත් මනස සක්මන නමැ. ප්‍රීති සොම්නසින්, සිය මනස ගත් මනස, ව්‍යාප්ත වූ මනස යැයි අර්ථයි. අභිනන්‍දුං යනු අභිමුඛව සතුටු වූහ. වෙය්‍යාකරණෙ යනු සූත්‍රාන්තයෙහි, ගාථා රහිත සූත්‍රාන්තය තනිව අර්ථය ප්‍රකාශ කරන හෙයින් වෙය්‍යාකරණ නමැ. භඤ්ඤමානෙ යනු කියනු ලබන කල්හි, සමීප වර්තමානයෙහි වර්තමාන වචනයෙන් කරන ලදී. කියන ලද කල්හි යැයි අර්ථයි. විරජං පහවූ රාගාදී රජස් ඇත්තේ, විගතමලං පහවූ රාගාදී මල ඇතියේ, රාගාදීහු වසාගෙන පැතිරෙන අර්ථයෙන් රජස් නමැ. දූෂිත කරන අර්ථයෙන් මල නමැ. ධම්මචක්ඛුං යනු කිසිතැනක ප්‍රථම මාර්ගඥානයද, කිසිතැනක මුල් මාර්ගත්‍රයයද කිසිතැනක සිව්වන මාර්ග ඥානයද ගැනේ. මෙහි වනාහි ප්‍රථම මාර්ග ඥානයමය. යං කිඤ්චි සමුදය ධම්මං සබ්බං තං නිරොධ ධම්මං යනු විදර්ශනා වශයෙන් මෙසේ පැවැතියහුට ධර්ම චක්‍ෂුසය පහළ වූයේ යයි අර්ථයි.

ධම‍්මචක‍්කෙති පටිවෙධඤාණෙ ච දෙසනාඤාණෙ ච. බොධිපල‍්ලඞ‍්කෙ නිසින‍්නස‍්ස හි භගවතො චතූසු සච‍්චෙසු ද‍්වාදසාකාරං පටිවෙධඤාණම‍්පි ඉසිපතනෙ නිසින‍්නස‍්ස ද‍්වාදසාකාරමෙව සච‍්චදෙසනාය පවත‍්තකදෙසනාඤාණම‍්පි ධම‍්මචක‍්කං නාම. උභයම‍්පි හෙතං දසබලස‍්ස පවත‍්තඤාණමෙව. තං ඉමාය දෙසනාය පකාසෙන‍්තෙන භගවතා ධම‍්මචක‍්කං පවත‍්තිතං නාම. තං පනෙතං ධම‍්මචක‍්කං යාව අඤ‍්ඤාතකොණ‍්ඩඤ‍්ඤත්‍ථෙරො අට‍්ඨාරසහි බ්‍රහ‍්මකොටීහි සද‍්ධිං සොතාපත‍්තිඵලෙ න පතිට‍්ඨාති, තාව භගවා පවත‍්තෙති නාම, පතිට‍්ඨිතෙ පන පවත‍්තිතං නාම. තං සන්‍ධාය “පවත‍්තිතෙ ච භගවතා ධම‍්මචක‍්කෙ”ති වුත‍්තං.

ධම්මචක්කෙ යනු ප්‍රතිවේධ ඤාණයෙහිද දේශනා ඤාණයෙහිද වේ. බෝධිපර්යංකයෙහි වැඩහුන්නා වූ භාග්‍යවතුන් වහන්සේට සිව්සස්හි ද්වාදසාකාර ප්‍රතිවේධ ඤාණයද, ඉසිපතනයෙහි වැඩහුන්නා වූ භාග්‍යවතුන් වහන්සේට ද්වාදසාකාර වූම චතුස්සත්‍ය දේශනායෙහි පැවැතියා වූ, දේශනා ඤාණයද ධර්මචක්‍රය නමැ. එම ද්වයයම දශබලධාරීන් වහන්සේට පැවැති ඤාණමය. එය මෙම දෙස්මෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මචක්‍රය පවත්වන ලද්දේ නමැ. ඒ මේ ධර්මචක්‍රය, අටළොස් කෙළක් බ්‍රහ්මයින් සමග අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරහු යම්තාක් වේලාවක් ගතවන තෙක් සෝවාන් ඵලයෙහි නොපිහිටාද, එතෙක් භාග්‍යවතුන් වහන්සේ ධර්මචක්‍රය පවත්වති නමැ. සෝවාන් ඵලයෙහි පිහිටි කල්හි පවත්වන ලද්දේ නමැ. එම කරුණ සදහා ‘පවත්තිතෙච භගවතා ධම්මචක්කෙ’ යනාදිය යූ.සේයි.

භුම‍්මා දෙවාති භූමට‍්ඨකා දෙවා. සද‍්දමනුස‍්සාවෙසුන‍්ති එකප‍්පහාරෙනෙව සාධුකාරං දත්‍වා එතං භගවතාතිආදීනි වදන‍්තා සද‍්දං අනුස‍්සාවයිංසු. අප‍්පටිවත‍්තියන‍්ති “නයිදං තථා”ති පටිලොමං වත‍්තෙතුං අසක‍්කුණෙය්‍යං. සන‍්නිපතිතා චෙත්‍ථ දෙවබ්‍රහ‍්මානො දෙසනාපරියොසානෙ එකප‍්පහාරෙනෙව සාධුකාරං අදංසු, සන‍්නිපාතං අනාගතා පන භුම‍්මදෙවාදයො තෙසං තෙසං සද‍්දං සුත්‍වා සාධුකාරමදංසූති වෙදිතබ‍්බං. තෙසු පන පබ‍්බතරුක‍්ඛාදීසු නිබ‍්බත‍්තා භුම‍්මදෙවා. තෙ චාතුමහාරාජිකපරියාපන‍්නා හොන‍්තාපි ඉධ විසුං කත්‍වා වුත‍්තා. චාතුමහාරාජිකාති ච ධතරට‍්ඨවිරූළ‍්හකවිරූපක‍්ඛකුවෙරසඞ‍්ඛාතා චතුමහාරාජා දෙවතා එතෙසන‍්ති චාතුමහාරාජිකා. තෙ සිනෙරුවෙමජ‍්ඣෙ හොන‍්ති. තෙසු පබ‍්බතට‍්ඨකාපි අත්‍ථි ආකාසට‍්ඨකාපි. තෙසං පරම‍්පරා චක‍්කවාළපබ‍්බතං පත‍්තා. ඛිඩ‍්ඩාපදොසිකා මනොපදොසිකා සීතවලාහකා උණ‍්හවලාහකා චන්‍දිමා දෙවපුත‍්තො සූරියො දෙවපුත‍්තොති එතෙ සබ‍්බෙපි චාතුමහාරාජිකදෙවලොකට‍්ඨා එව. තෙත‍්තිංස ජනා තත්‍ථ උප‍්පන‍්නාති තාවතිංසා. අපිච “තාවතිංසා”ති තෙසං දෙවානං නාමමෙවාතිපි වුත‍්තං. තෙපි අත්‍ථි පබ‍්බතට‍්ඨකා අත්‍ථි ආකාසට‍්ඨකා. තෙසං පරම‍්පරා චක‍්කවාළපබ‍්බතං පත‍්තා, තථා යාමාදීනං. එකදෙවලොකෙපි හි දෙවානං පරම‍්පරා චක‍්කවාළපබ‍්බතං අප‍්පත‍්තා නාම නත්‍ථි. දිබ‍්බං සුඛං යාතා පයාතා සම‍්පත‍්තාති යාමා. තුට‍්ඨා පහට‍්ඨාති තුසිතා. පකතිපටියත‍්තාරම‍්මණතො අතිරෙකෙන රමිතුකාමකාලෙ යථාරුචිතෙ භොගෙ නිම‍්මිනිත්‍වා නිම‍්මිනිත්‍වා රමන‍්තීති නිම‍්මානරතී. චිත‍්තාචාරං ඤත්‍වා පරනිම‍්මිතෙසු භොගෙසු වසං වත‍්තෙන‍්තීති පරනිම‍්මිතවසවත‍්තී. බ්‍රහ‍්මකායෙ බ්‍රහ‍්මඝටාය නියුත‍්තාති බ්‍රහ‍්මකායිකා. සබ‍්බෙපි පඤ‍්චවොකාරබ්‍රහ‍්මානො ගහිතා.

භුම්මාදෙවා යනු පෘථිවි තලය ආශ්‍රිතව සිටින දෙවිවරු, සද්දමනුස්සාවෙසුං යනු එක් පහරින්ම සාධුකාර දී, එතං භගවතා යනාදිය කියන්නාහු ශබ්ද අනුශ්‍රවණය කළහ. අප්පවත්තියං යනු මෙය එය මෙන් නොවේයයි ප්‍රතිලෝම වහයෙන් පවත්වන්ට නොහැකිවන්නේ, මෙහි රැස්වූ දෙව්බඹහු, දේශනාවසානයෙහි එක් පහරින්ම සාධුකාර දුන්හ. රැස්වීමට නොපැමිණි භූම්‍යස්ථ දේවතාවෝ ඔවුනොවුන්ගේ ශ්‍රවණයකොට සාධුකාර දුන්නාහයි දතයුතුය. ඔවුනතර, පර්වත වෘක්‍ෂාදියෙහි උපන් භූම්‍යස්ථ දෙවිවරු ඔවුහු චාතුර්මහා රාජිකයට ඇතුළත් වූවාහු වෙත්යයි මෙහි වෙන්කොට යූ.සේයි. චතුම්මහාරාජිකා යනු ධ්‍රතරාෂ්ඨ, විරූඪ, විරූපාක්‍ෂ, වෛශ්‍රවණ සංඛ්‍යාත සිව්මහ දෙව්රජවරු ඔවුන්ට ඇතුළත් වූවාහුනුයි චාතුම්මහාරාජිකායි, ඒවා මහමෙර මධ්‍යයෙහි වෙයි. ඔවුනතර පර්වතස්ථායීහුද, ආකාස ස්ථායීහුද ඇත. ඔවුන්ගේ පරපුර සක්වළ පව්වට පැමිණියාහු, ඛිඩ්ඩාපදොසික, මනොපදොසික, සීත වලාහක, උෂ්ණ වලාහක, චන්‍ද්‍ර සූර්ය දිව්‍යපුත්‍රදැයි යන එම සියල්ලෝම චාතුර්මහාරාජික දේව ලෝකස්ථායීහුමය. තෙතිස් ජනකෙනෙක් එහි උපන්නාහුයි තාවතිංසායි. තවද තාවතිංසා යනු එම දෙවිවරුන්ගේ නාමයමයැයිද යූ.සේයි. ඔවුහුද පර්වතස්ථායී හා ආකාසස්ථායීහු සිටිති. ඔවුන්ගේ පරපුර සක්වල පව්වට පැමිණියාහ. යාමාදීන්ගේද එසේමය. එක් ලෝකයෙක්හිද දෙවිවරුන්ගේ පරපුර සක්වළ පව්වට නොපැමිණියාහු නම් නැත. දිව්‍ය සුවයට ගියාහු, ප්‍රයාණය කළාහු, පැමිණියාහුනුයි යාමායි. තුටුපහටු වේනුයි තුසිතායි. ප්‍රකෘතියෙන් පිළියෙල කළ අරමුණට අතිරේකව සිත් අලවමින් ප්‍රීතිමත් වීමට කැමැති කල්හි කැමැති පරිද්දෙන් එම කාම වස්තූන් නිර්මාණයකොට සිත් අලවමින් වෙසෙත්නුයි නිම්මාණරතියි. සිතෙහි හැසිරීම දැන, අන්‍යයා විසින් නිර්මිත භෝගයන්හි වශයෙහි පවතිත්නුයි පරනිම්මිත විසවත්තියි, බ්‍රහ්ම කායයෙහි, බ්‍රහ්ම සමූහයෙහි නියුක්තනුයි බ්‍රහ්මකායිකායි. සියලුම පඤ්ච වොකාර භව බ්‍රහ්මයෝ ඇතුළත්ය.

තෙන ඛණෙනාති වචනං විසෙසෙත්‍වා තෙන මුහුත‍්තෙනාති වුත‍්තං. මුහුත‍්තසඞ‍්ඛාතෙන ඛණෙන, න පරමත්‍ථඛණෙනාති වුත‍්තං හොති. යාව බ්‍රහ‍්මලොකාති බ්‍රහ‍්මලොකං අන‍්තොකත්‍වා. සද‍්දොති සාධුකාරසද‍්දො. දසසහස‍්සීති දසසහස‍්සචක‍්කවාළවතී. සඞ‍්කම‍්පීති උද‍්ධං උග‍්ගච‍්ඡන‍්තී සුට‍්ඨු කම‍්පි. සම‍්පකම‍්පීති උද‍්ධං උග‍්ගච‍්ඡන‍්තී අධො ඔක‍්කමන‍්තී සුට‍්ඨු පකම‍්පි. සම‍්පවෙධීති චතුදිසා ගච‍්ඡන‍්තී සුට‍්ඨු පවෙධි. සම‍්බුද‍්ධභාවාය මාතුකුච‍්ඡිං ඔක‍්කමන‍්තෙ ච බොධිසත‍්තෙ තතො නික‍්ඛමන‍්තෙ ච මහාපථවී පුඤ‍්ඤතෙජෙන අකම‍්පිත්‍ථ, අභිසම‍්බොධියං පටිවෙධඤාණතෙජෙන. ධම‍්මචක‍්කප‍්පවත‍්තනෙ දෙසනාඤාණතෙජෙන සාධුකාරං දාතුකාමා විය පථවී දෙවතානුභාවෙන අකම‍්පිත්‍ථ, ආයුසඞ‍්ඛාරොස‍්සජ‍්ජනෙ මහාපරිනිබ‍්බානෙ ච කාරුඤ‍්ඤෙන චිත‍්තසඞ‍්ඛොභං අසහමානා විය පථවී දෙවතානුභාවෙන අකම‍්පිත්‍ථ. අප‍්පමාණොති වුද‍්ධප‍්පමාණො. උළාරොති එත්‍ථ “උළාරානි උළාරානි ඛාදනීයානි ඛාදන‍්තී”තිආදීසු (ම· නි· 1.366) මධුරං උළාරන‍්ති වුත‍්තං. “උළාරාය වත්‍ථභොගාය චිත‍්තං න නමතී”තිආදීසු (අ· නි· 9.20) පණීතං උළාරන‍්ති වුත‍්තං. “උළාරාය ඛලු භවං වච‍්ඡායනො සමණං ගොතමං පසංසාය පසංසතී”තිආදීසු සෙට‍්ඨං උළාරන‍්ති වුත‍්තං. ඉධ පන “විපුලො උළාරො”ති වුත‍්තො. ඔභාසොති දෙසනාඤාණානුභාවෙන ච දෙවතානුභාවෙන ච ජාතඔභාසො. ලොකෙති චක‍්කවාළස‍්ස දසසහස‍්සියංයෙව. අතික‍්කම‍්මෙව දෙවානං දෙවානුභාවන‍්ති දෙවානං අයමානුභාවො – නිවත්‍ථවත්‍ථප‍්පභා ද‍්වාදස යොජනානි ඵරති, තථා සරීරස‍්ස අලඞ‍්කාරස‍්ස විමානස‍්ස ච. තං දෙවානං දෙවානුභාවං අතික‍්කමිත්‍වායෙවාති අත්‍ථො. උදානන‍්ති සොමනස‍්සඤාණමයිකං උදාහාරං. උදානෙසීති උදාහරි. අඤ‍්ඤාසි වත, භො කොණ‍්ඩඤ‍්ඤොති ඉමස‍්සපි උදානස‍්ස උදාහරණඝොසො දසසහස‍්සිලොකධාතුං ඵරිත්‍වා අට‍්ඨාසි. අඤ‍්ඤාසිකොණ‍්ඩඤ‍්ඤොති භුසං ඤාතකොණ‍්ඩඤ‍්ඤොති අත්‍ථො.

තෙන ඛණෙන යන වචනය වෙසෙසා තෙන මුහුත්තෙන යයි යූසේයි. මොහොතකැයි කියනු ලබන ක්‍ෂණයෙන් පරමාර්ථ ක්‍ෂණයෙන් යැයි යූ.සේයි. යාව බ්‍රහ්මලොකා යනු බඹලොව ඇතුළත්කොට, සද්දො යනු සාධුකාර ශබ්දියයි. දසදහස්සි යනු දහදහසක් සක්වළ, සංකම්පි යනු උඩට නගින්නේ මනාව කම්පා විය. සම්පකම්පි යනු උඩට නගින්නේ, පහළට බසින්නේ අධිකව කම්පා විය. සම්පවෙධි යනු සිව්දිසාවට යන්නේ මනාව කම්පා විය. මහ බෝසතාණන් සම්බුදුබව සඳහා මව්කුසට බැසගන්නා කල්හිද මවුකුසින් නික්මෙන කල්හිද මහපොළොව කම්පා විය. බුද්ධත්වයට පත්ව ප්‍රතිවේධ ඤාණ තේජසින් දම්සක් පැවතුම් දේශනා ඤාණ තේජසින්, සාධුකාර දෙන්නාක් මෙන් පෘථුවිය දේවතානුභාවයෙන් කම්පා විය. ආයු සංස්කාර හරණයෙහිද මහ පිරිනිවනෙහිද, කාරුණ්‍යයෙන් කැළඹීම නොඉවසන්නාක් මෙන් පෘථුවි දේවතානුභාවයෙන් කම්පා විය. අප්පමාණො යනු වෘද්ධියෙහි ප්‍රමාණයයි. උළාරො යන මෙහි ‘මහත් වූ කෑ යුතු දෑ කති’ ආදී තන්හි මිහිරියාව උළාරයයි යූසේයි. උදාර වූ වස්ත්‍ර භෝගයන්හි සිත නොනැමේ යන ආදීන්හි ප්‍රණීතතාව උළාරයයි යූ.සේයි. ‘පින්වත් වච්ඡායන තෙමේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ උදාර වූ ප්‍රශංසාවෙන් ප්‍රශංසා කරයි’ ආදීන්හි ශ්‍රේෂ්ඨත්වය උළාරයයි යූ.සේයි. මෙහි වනාහි පැතිරුණු බව උළාරයයි යූසේයි. ඔභාසො යනු දේශනා ඤාණානුභාවයෙන්ද, දේවතානුභාවයෙන්ද හටගත් ආලෝකයයි. ලොකෙ යනු දසදහසක් සක්වළයන්හිම, අතික්කම්මදෙවානං දෙවානුභාවං යනු මේ දෙවිවරුන්ගේ ආනුභාවයයි. ඇඳි වත් ආලෝකය දොළොස් යොදුනක් පැතිරේ. ශරීරාලංකාරයෙහිද විමානයෙහිද එසේමය. එම දේවානුභාවය ඉක්මවාමයැයි අර්ථයි. උදානං යනු සොම්නස් ඤාණමය ප්‍රීති වාක්‍යයයි. උදානෙසි යනු කීවේය. අඤ්ඤාසි වත භො කොණ්ඩඤ්ඤො යන මෙම උදානයෙහිද කථාකරන හඬ දසදහසක් ලෝදා පැතිර සිටියේය. අඤ්ඤා කොණ්ඩඤ්ඤ යනු බොහෝ සේ දත් කොණ්ඩඤ්ඤයයි අර්ථයි.

චක‍්ඛුආදීනං නිද‍්දෙසෙ දස‍්සනට‍්ඨෙනාතිආදීසු එකමෙව ඤාණං යථාවුත‍්තස‍්ස නෙය්‍යස‍්ස චක‍්ඛු විය දස‍්සනකිච‍්චකරණෙන චක‍්ඛු. ඤාණකිච‍්චකරණෙන ඤාණං. නානප‍්පකාරතො ජානනකිච‍්චකරණෙන පඤ‍්ඤා. අනවසෙසපටිවෙධකරණෙන විජ‍්ජා. සබ‍්බථා ඔභාසකිච‍්චකරණෙන ආලොකො නාමාති අත්‍ථො. චක‍්ඛුං ධම‍්මොතිආදීසුපි එකංයෙව ඤාණං කිච‍්චනානත‍්තෙන පඤ‍්චධා වණ‍්ණිතං. ආරම‍්මණාති උපත්‍ථම‍්භනට‍්ඨෙන. ගොචරාති විසයට‍්ඨෙන. දස‍්සනට‍්ඨෙනාතිආදීසු ඤාණකිච‍්චං පඤ‍්චධා වුත‍්තං. ඉමිනා නයෙන තීසු වාරෙසු එකෙකස‍්මිං පඤ‍්ච පඤ‍්ච කත්‍වා පන‍්නරස ධම‍්මා, පන‍්නරස අත්‍ථා, ද‍්වීසු පන‍්නරසකෙසු තිංස නිරුත‍්තියො, පන‍්නරසසු ධම‍්මෙසු පන‍්නරසසු අත්‍ථෙසු තිංසාය නිරුත‍්තීසූති සට‍්ඨි ඤාණානි වෙදිතබ‍්බානි. සෙසඅරියසච‍්චෙසුපි එසෙව නයො. චතූසු අරියසච‍්චෙසු එකෙකස‍්මිං අරියසච‍්චෙ පන‍්නරසන‍්නං පන‍්නරසන‍්නං ධම‍්මානං අත්‍ථානඤ‍්ච වසෙන සට‍්ඨි ධම‍්මා, සට‍්ඨි අත්‍ථා, සට‍්ඨියා ධම‍්මෙසු සට‍්ඨියා අත්‍ථෙසු ච වීසසතං නිරුත‍්තියො, වීසාධිකං සතන‍්ති අත්‍ථො. සට‍්ඨියා ධම‍්මෙසු සට‍්ඨියා අත්‍ථෙසු වීසුත‍්තරසතෙ නිරුත‍්තීසූති එවං චත‍්තාරීසඤ‍්ච ද‍්වෙ ච ඤාණසතානි.

චක්‍ෂු ආදීන්ගේ නිර්දේශයෙහි දස්සනට්ඨෙන යන ආදීන්හි එකම ඤාණය කියන ලද ආකාර ඇති, අවබෝධ කළයුතු දෑහි ඇසක් මෙන් වූයේ, දර්ශන කෘත්‍යය කිරීමෙන් චක්ඛුයි. ඤාණ කෘත්‍ය කරණයෙන් ඤාණංයි, නානාප්‍රකාරයෙන් දැනගැනීම් කෘත්‍යකරණයෙන් පඤ්ඤායි. සේසරහිත ප්‍රතිවේධකරණයෙන් විජ්ජායි. හැමකල්හි ආලෝක කරණ කෘත්‍ය වශයෙන් ආලොකො නමැයි අර්ථයි. චක්ඛුධම්මො යනාදීන්හිද එකම ඤාණය කෘත්‍යය නානාප්‍රකාර භාවයෙන් පස් අයුරෙකින් වර්ණිතය. ආරම්මණා යනු උපකාර වන අර්ථයෙන්, ගොචරා යනු ගොදුරු වන දෙය යන අර්ථයෙන්, දස්සනට්ඨෙන යනාදීන්හි ඤාණ කෘත්‍යය පස් අයුරෙකින් යූ.සේයි. මෙම ක්‍රමයෙන් ත්‍රිවිධ වාරයන්හි, එකිනෙකෙහි පහක් බැගින් කොට, පසළොස් ධර්ම, පසළොස් අර්ථ දෙපසළොස්හි තිස් නිරුක්තීන්හු, පසළොස් ධර්මයන්හි පසළොස් අර්ථයන්හි තිස් නිරුක්තීන්හි සැට ඤාණ දතයුත්තාහ. සෙසු ආර්ය සත්‍යයන්හිද එම ක්‍රමයමැයි. චතුරාර්ය සත්‍යයෙහි එකිනෙක ආර්ය සත්‍යයෙහි පසළොසක් බැගින් වූ, ධර්මයන්ගේද, අර්ථයන්ගේද වශයෙන් සැට ධර්ම අර්ථ වෙයි. සැට ධර්මයන්හිද සැට අර්ථයන්හිද එකසිය විස්සක් නිරුක්තීහු වෙති. විස්සක් අධිකකොට ඇති සියයයි අර්ථයි. සැට ධර්මයන්හිද, සැට අර්ථයන්හිද, එක්සිය විස්සක් නිරුක්තීන්හිදැයි මෙසේ දෙසිය හතළිහක් ඤාණ වෙයි.