යෙදුමෙන් කියවන්න

විරාගකථා අට‍්ඨකථා

විරාගකථා

විරාග කථා

විරාගකථාවණ‍්ණනා

ඉදානි මග‍්ගපයොජනපරියොසානාය මෙත‍්තාකථාය අනන‍්තරං කථිතාය විරාගසඞ‍්ඛාතමග‍්ගපුබ‍්බඞ‍්ගමාය විරාගකථාය අපුබ‍්බත්‍ථානුවණ‍්ණනා. තත්‍ථ පඨමං තාව “නිබ‍්බින්‍දං විරජ‍්ජති විරාගා විමුච‍්චතී”ති (මහාව 23) වුත‍්තානං ද‍්වින‍්නං සුත‍්තන‍්තපදානං අත්‍ථං නිද‍්දිසිතුකාමෙන විරාගො මග‍්ගො, විමුත‍්ති ඵලන‍්ති උද‍්දෙසො ඨපිතො. තත්‍ථ පඨමං වචනත්‍ථං තාව නිද‍්දිසිතුකාමො කථං විරාගො මග‍්ගොතිආදිමාහ. තත්‍ථ විරජ‍්ජතීති විරත‍්තා හොති. සෙසානි මග‍්ගඤාණනිද‍්දෙසෙ වුත‍්තත්‍ථානි. විරාගොති යස‍්මා සම‍්මාදිට‍්ඨි විරජ‍්ජති, තස‍්මා විරාගො නාමාති අත්‍ථො . සො ච විරාගො යස‍්මා විරාගාරම‍්මණො…පෙ… විරාගෙ පතිට‍්ඨිතො, තස‍්මා ච විරාගොති එවං “විරාගාරම‍්මණො”තිආදීනං පඤ‍්චන‍්නං වචනානං සම‍්බන්‍ධො වෙදිතබ‍්බො. තත්‍ථ විරාගාරම‍්මණොති නිබ‍්බානාරම‍්මණො. විරාගගොචරොති නිබ‍්බානවිසයො. විරාගෙ සමුදාගතොති නිබ‍්බානෙ සමුප‍්පන‍්නො. විරාගෙ ඨිතොති පවත‍්තිවසෙන නිබ‍්බානෙ ඨිතො. විරාගෙ පතිට‍්ඨිතොති අනිවත‍්තනවසෙන නිබ‍්බානෙ පතිට‍්ඨිතො.

දැන් මාර්ග ප්‍රයෝජන කෙළවර කොටැති, මෛත්‍රී කථාවට අනතුරුවැ දේශිත විරාග සංඛ්‍යාත මාර්ග පූර්වාංගම විරාග කථායෙහි පෙර නුවූ විරූ අර්ථ අනුවර්ණනාවයි. පළමුව නිබ්බින්‍දං විරජ්ජති විරාගා විමුච්චති යයි කියන ලද, ද්වි සූත්‍ර පදයන්ගේ අර්ථය නිර්දේශ කරනු කැමැත්තහු විසින් විරාගො මග්ගො විමුත්ති ඵලං යන උද්දේශය තබන ලදි. පළමුව වචනාර්ථය නිර්දේශ කරනු කැමැතියේ කථං විරාගො මග්ගො යන ආදිය වදාළහ. එහි විරජ්ජති යනු නොඇලුණේ වේ. සෙස්ස මාර්ග ඤාණ නිර්දේශයෙහි කිනය ලද අර්ථමය. විරාගො යනු සම්‍යග් දෘෂ්ටිය නොඇලේ. එහෙයින් විරාග නමැයි අර්ථයි. එම විරාගය යම්හෙයකින් විරාගාරම්මණද, -පෙ- විරාගයෙහි පිහිටියේද, එහෙයින් විරාගයැයි මෙසේ විරාගාරම්මණයැයි ආදී පඤ්ච වචනයන්ගේ සම්බන්ධය දතයුතුය. එහි විරාගාරම්මණො යනු නිර්වාණාරම්මණ වූයේ, විරාග ගොචරො යනු නිර්වාණ විෂය වූයේ, ගොදුරුකොට ඇතියේ, විරාගෙ සමුදාගතො යනු නිවන් අරමුණෙහි උපන්නේය. විරාගෙ ඨිතො යනු නිවන්හි ප්‍රවෘත්ති වශයෙන් සිටියේය. විරාගෙ පතිට්ඨිතො යනු නොනවත්වා වශයෙන් නිවන්හි පිහිටියේය.

නිබ‍්බානඤ‍්ච විරාගොති නිබ‍්බානං විරාගහෙතුත‍්තා විරාගො. නිබ‍්බානාරම‍්මණතාජාතාති නිබ‍්බානාරම‍්මණෙ ජාතා, නිබ‍්බානාරම‍්මණභාවෙන වා ජාතා. තෙ මග‍්ගසම‍්පයුත‍්තා සබ‍්බෙව ඵස‍්සාදයො ධම‍්මා විරජ‍්ජනට‍්ඨෙන විරාගා හොන‍්තීති විරාගා නාම හොන‍්ති. සහජාතානීති සම‍්මාදිට‍්ඨිසහජාතානි සම‍්මාසඞ‍්කප‍්පාදීනි සත‍්ත මග‍්ගඞ‍්ගානි. විරාගං ගච‍්ඡන‍්තීති විරාගො මග‍්ගොති විරාගං නිබ‍්බානං ආරම‍්මණං කත්‍වා ගච‍්ඡන‍්තීති විරාගාරම‍්මණත‍්තා විරාගො නාම, මග‍්ගනට‍්ඨෙන මග‍්ගො නාම හොතීති අත්‍ථො. එකෙකම‍්පි මග‍්ගඞ‍්ගං මග‍්ගොති නාමං ලභති. ඉති එකෙකස‍්ස අඞ‍්ගස‍්ස මග‍්ගත‍්තෙ වුත‍්තෙ සම‍්මාදිට‍්ඨියාපි මග‍්ගත‍්තං වුත‍්තමෙව හොති. තස‍්මායෙව ච එතෙන මග‍්ගෙනාති අට‍්ඨ මග‍්ගඞ‍්ගානි ගහෙත්‍වා වුත‍්තං. බුද‍්ධා චාති පච‍්චෙකබුද‍්ධාපි සඞ‍්ගහිතා. තෙපි හි “ද‍්වෙමෙ, භික‍්ඛවෙ, බුද‍්ධා තථාගතො ච අරහං සම‍්මාසම‍්බුද‍්ධො පච‍්චෙකබුද‍්ධො චා”ති (අ· නි· 2.57) වුත‍්තත‍්තා බුද‍්ධායෙව . අගතන‍්ති අනමතග‍්ගෙ සංසාරෙ අගතපුබ‍්බං. දිසන‍්ති සකලායපටිපත‍්තියා දිස‍්සති අපදිස‍්සති අභිසන්‍දහීයතීති දිසා, සබ‍්බබුද‍්ධෙහි වා පරමං සුඛන‍්ති දිස‍්සති අපදිස‍්සති කථීයතීති දිසා , සබ‍්බදුක‍්ඛං වා දිස‍්සන‍්ති විස‍්සජ‍්ජෙන‍්ති උජ‍්ඣන‍්ති එතායාති දිසා. තං දිසං. අට‍්ඨඞ‍්ගිකො මග‍්ගොති කිං වුත‍්තං හොති? යො සො අට‍්ඨඞ‍්ගිකො ධම‍්මසමූහො, සො එතෙන නිබ‍්බානං ගච‍්ඡන‍්තීති ගමනට‍්ඨෙන මග‍්ගො නාමාති වුත‍්තං හොති. පුථුසමණබ්‍රාහ‍්මණානං පරප‍්පවාදානන‍්ති විසුං විසුං සමණානං බ්‍රාහ‍්මණානඤ‍්ච ඉතො අඤ‍්ඤලද‍්ධිකානං. අග‍්ගොති තෙසං සෙසමග‍්ගානං විසිට‍්ඨො. සෙට‍්ඨොති සෙසමග‍්ගතො අතිවිය පසංසනීයො. මොක‍්ඛොති මුඛෙ සාධු, සෙසමග‍්ගානං අභිමුඛෙ අයමෙව සාධූති අත්‍ථො. උත‍්තමොති සෙසමග‍්ගෙ අතිවිය උත‍්තිණ‍්ණො. පවරොති සෙසමග‍්ගතො නානප‍්පකාරෙහි සංභජනීයො. ඉතීති කාරණත්‍ථෙ නිපාතො. තස‍්මා භගවතා “මග‍්ගානං අට‍්ඨඞ‍්ගිකො සෙට‍්ඨො”ති වුත‍්තොති අධිප‍්පායො. වුත‍්තඤ‍්හි භගවතා –

නිබ්බාණඤ්ච විරාගො යනු නිර්වාණයද විරාග හේතු හෙයින් විරාග නම් වේ. නිබ්බාරම්මණතා ජාතා යනු නිර්වාණාරම්මණයෙහි හටගත්, නිර්වාණාරම්මණ භාවයෙන් හෝ හටගත්, ඒ මාර්ග සම්ප්‍රයුක්ත සියලුම් ස්පර්ශාදී ධර්ම නොඇලීම් අර්ථයෙන් විරාග නම් වේ. විරාගා හොන්ති. සහජාතානි යනු සම්‍යක් දෘෂ්ටිය සමග හටගත් සම්‍යග් සංකල්පාදී සප්ත මාර්ගාංග, විරාගං ගච්ඡන්තීති විරාගො මග්ගොති යනු විරාගය, නිර්වාණය අරමුණු කොට යේනුයි විරාගාරම්මණ හෙයින් විරාග නමැ. සෙවීම් අර්ථයෙන් මාර්ග නම් වේයයි අර්ථයි. එක් එක් වූද මාර්ගාංගය මාර්ගයැයි නාමය ලබයි. මෙසේ එක් එක් අංගයෙහි මාර්ගත්වය කී කල්හි සම්‍යග් දෘෂ්ටියෙහිද මාර්ගත්වය යූ.සේයි. එහෙයින්ම එතෙන මග්ගෙන යනු අට මාර්ගාංගයන් ගෙන යූ.සේයි. බුද්ධාච යනු පසේබුදුවරුද සංගෘහිතයි. ඔවුහුද, ‘මහණෙනි, මේ බුදුවරු දෙදෙනෙකි. තථාගත අර්හත් සම්‍යක් සම්බුදුරදහුද, ප්‍රත්‍යෙක සම්බුදුරදහුද යැයි කියන ලද හෙයින් බුදුවරුමය. අගතං යනු අනවරාග්‍ර සසරෙහි නොගිය විරූ, දිසං යනු සියලු ප්‍රතිපත්තියෙන් දිස්වේ. මනාව දර්ශනය වේ. ගලාබසීනුයිද දිසායි. සියලු බුදුවරුන් විසින් හෝ පරම සුවය යැයි පෙන්වනු ලැබේ. මනාව දක්වනු ලැබේ. දේශනා කරනු ලැබේනුයි දිසායි. (සියලු දුක් හෝ පෙනෙත්. අත්හරිත්. දොස් කියත්. එය කරණකොටගෙනනුයි දිසායි) එම දිසාව; අට්ඨංගිකො මග්ගො යයි කුමක් කියන ලද්දේ වේද, යම් ඒ අෂ්ටාංගික ධර්ම සමූහයක් වේද, එම අෂ්ටාංගික ධර්ම සමූහය කරණකොට නිවනට යෙත්නුයි ගමනාර්ථයෙන් මාර්ග නමැයි යූසේයි. පුථුසමණ බ්‍රාහ්මණානං පරප්පවාදානං යනු වෙන් වෙන් වූ ශ්‍රමණයින්ගේද, බ්‍රාහ්මණයින්ගේද, මෙයින් අන්‍ය ලබ්ධිකයින්ගේද, අග්ගො යනු එම සෙසු මාර්ගයන් අතර මෙය විශිෂ්ටය. සෙට්ඨො යනු සෙසු මාර්ගයන්ගෙන් අතිශය ප්‍රශංසනීයයි. මොක්ඛො යනු ඉදිරියෙහි යහපති, සෙසු මාර්ගයන්ගේ අබිමුවෙහි මෙයම යහපතියි අර්ථයි. උත්තමො යනු සෙසු මාර්ගයන්හි මෙන් අතිශයින් තරණය කළේ, පවරො යනු සෙසු මාර්ගයෙහිලා සලකා බලනවිට නානාප්‍රකාර මනා බෙදීම්වලින් යුක්තය. ඉති යනු කාරණාර්ථයෙහි නිපාතයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ විසින් මාර්ගයන් අතර, අෂ්ටාංගිකව මාර්ගය ශ්‍රේෂ්ඨයයි වදාරන ලද්දේ යයි අදහසයි. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදි –

“මග‍්ගානට‍්ඨඞ‍්ගිකො සෙට‍්ඨො, සච‍්චානං චතුරො පදා; විරාගො සෙට‍්ඨො ධම‍්මානං, ද‍්විපදානඤ‍්ච චක‍්ඛුමා”ති. (ධ· ප· 273);

මග්ගානට්ඨංගිකො සෙට්ඨො - සච්චානං චතුරො පදා, විරාගො සෙට්ඨො ධම්මානං - ද්විපදානඤ්ච චක්ඛුමා

මාර්ගයන් අතර අෂ්ටාංගික මාර්ගයද, සත්‍යයන් අතර සිව් පදද, ශ්‍රේෂ්ඨය. ධර්මයන් අතර විරාග සංඛ්‍යාත නිර්වාණයද දෙපා ඇත්තවුන් අතර, බුදුන් වහන්සේද ශ්‍රේෂ්ඨය.

තං ඉධ විච‍්ඡින්‍දිත්‍වා “මග‍්ගානං අට‍්ඨඞ‍්ගිකො සෙට‍්ඨො”ති වුත‍්තං. සෙසවාරෙසුපි ඉමිනා ච නයෙන හෙට‍්ඨා වුත‍්තනයෙන ච අත්‍ථො වෙදිතබ‍්බො.

එය මෙහි පරවාද සිඳ, මාර්ගයන් අතර අෂ්ටාංගික මාර්ගය ශ්‍රේෂ්ටයැයි යූ.සේයි. සෙසු වාරයන්හිද මෙම ක්‍රමයෙන්ද, යට කියන ලද ක්‍රමයෙන්ද අර්ථය දතයුතුය.

දස‍්සනවිරාගොතිආදීසු දස‍්සනසඞ‍්ඛාතො විරාගො දස‍්සනවිරාගො. ඉන්‍ද්‍රියට‍්ඨතො බලස‍්ස විසිට‍්ඨත‍්තා ඉධ ඉන්‍ද්‍රියතො බලං පඨමං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. ආධිපතෙය්‍යට‍්ඨෙන ඉන්‍ද්‍රියානීතිආදි ඉන්‍ද්‍රියාදීනං අත්‍ථවිභාවනා, න විරාගස‍්ස. තථට‍්ඨෙන සච‍්චාති සච‍්චඤාණං වෙදිතබ‍්බං. සීලවිසුද‍්ධීති සම‍්මාවාචාකම‍්මන‍්තාජීවා. චිත‍්තවිසුද‍්ධීති සම‍්මාසමාධි. දිට‍්ඨිවිසුද‍්ධීති සම‍්මාදිට‍්ඨිසඞ‍්කප‍්පා. විමුත‍්තට‍්ඨෙනාති තංතංමග‍්ගවජ‍්ඣකිලෙසෙහි මුත‍්තට‍්ඨෙන. විජ‍්ජාති සම‍්මාදිට‍්ඨි. විමුත‍්තීති සමුච‍්ඡෙදවිමුත‍්ති. අමතොගධං නිබ‍්බානං පරියොසානට‍්ඨෙන මග‍්ගොති මග‍්ගඵලපච‍්චවෙක‍්ඛණාහි මග‍්ගීයතීති මග‍්ගො.

දස්සන විරාගො යන ආදීන්හි දර්ශන සංඛ්‍යාත විරාග දර්ශන විරාගයයි. ඉන්‍ද්‍රියාර්ථයෙන් බලයෙහි විශිෂ්ටතාව හෙයින් මෙහි ඉන්‍ද්‍රිය වශයෙන් බලය ප්‍රථමයෙන් යූ.සේයි. ආධිපතෙය්‍යට්ඨෙන ඉන්‍ද්‍රියානි යනාදීන්හි අර්ථ පැහැදිලි කිරීම විරාගයාගේ වශයෙනි. තථට්ඨෙන සච්චා යනු සත්‍ය ඤාණය දතයුතුය. සීල විසුද්ධි යනු සම්‍යග් වාචා, කර්මාන්ත, ආජීවයෝය. චිත්ත විසුද්ධි යනු සම්‍යග් සමාධියයි. දිට්ඨි විසුද්ධි යනු සම්‍යග් දෘෂ්ටි හා සංකල්පයයි. විමුත්තට්ඨෙන යනු ඒ ඒ මාර්ගයන්ගෙන් නැසිය යුතු කෙලෙසුන්ගෙන් මිදීම් අර්ථයෙන්, විජ්ජා යනු සම්‍යග් දෘෂ්ටියයි. විමුත්ති යනු විනාශකිරීම් වශයෙන් මිදීමයි. අමතොගධං නිබ්බානං පරියොසානට්ඨෙන මග්ගො යනු මාර්ගඵල ප්‍රත්‍යවේක්‍ෂණ වනාහි සොයනු ලැබේනුයි,

ඉමස‍්මිං විරාගනිද‍්දෙසෙ වුත‍්තා ධම‍්මා සබ‍්බෙපි මග‍්ගක‍්ඛණෙයෙව. විමුත‍්තිනිද‍්දෙසෙ ඵලක‍්ඛණෙ. තස‍්මා ඡන්‍දමනසිකාරාපි මග‍්ගඵලසම‍්පයුත‍්තා.

මෙම විරාග නිර්දේශයෙහි කියන ලද සියලු ධර්ම මාර්ග ක්‍ෂණයෙහිමය. විමුක්ති නිර්දේශයෙහි ඵලක්‍ෂණයෙහිය. එහෙයින් ඡන්‍ද, මනසිකාරද මාර්ගඵල සම්ප්‍රයුක්ත වූවාහු වෙති.

විරාගනිද‍්දෙසෙ වුත‍්තනයෙනෙව විමුත‍්තිනිද‍්දෙසෙපි අත්‍ථො වෙදිතබ‍්බො. ඵලං පනෙත්‍ථ පටිප‍්පස‍්සද‍්ධිවිමුත‍්තත‍්තා විමුත‍්ති, නිබ‍්බානං නිස‍්සරණවිමුත‍්තත‍්තා විමුත‍්ති. “සහජාතානි සත‍්තඞ‍්ගානී”තිආදීනි වචනානි ඉධ න ලබ‍්භන‍්තීති න වුත‍්තානි. සයං ඵලවිමුත‍්තත‍්තා පරිච‍්චාගට‍්ඨෙන විමුත‍්තීති එත‍්තකමෙව වුත‍්තං. සෙසං වුත‍්තනයමෙවාති.

විරාග නිර්දේශයෙහි කියන ලද ක්‍රමයෙන්ම විමුක්ති නිර්දේශයෙහිද අර්ථය දතයුතුය. මෙහි ඵලය වනාහි සන්සිඳීමෙන් විමුක්ත හෙයින් විමුක්තියි. නිර්වාණය නිස්සරණයෙන් විමුක්ත හෙයින් විමුක්තියි. ‘සහජාතානි සත්තංගානි’ ආදී වචන මෙහි නොලැබේයයි නොයූසේයි. ස්වයං ඵල විමුක්ත හෙයින් පරිච්චාගට්ඨෙන විමුත්තිය මෙපමණෙක්ම යූ.සේයි. සෙස්ස කියන ලද අයුරුමය.

විරාගකථාවණ‍්ණනා නිට‍්ඨිතා.

විරාග කථා වර්ණනාව නිමි.