යෙදුමෙන් කියවන්න

මෙත‍්තාකථා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

මෛත්‍රී කථා

මෙත‍්තාකථාවණ‍්ණනා

මෙත්තාකථාවණ්ණනා

ඉදානි බොජ‍්ඣඞ‍්ගකථානන‍්තරං කථිතාය බොජ‍්ඣඞ‍්ගකථාගතියා සුත‍්තන‍්තපුබ‍්බඞ‍්ගමාය මෙත‍්තාකථාය අපුබ‍්බත්‍ථානුවණ‍්ණනා. තත්‍ථ සුත‍්තන‍්තෙ තාව ආසෙවිතායාති ආදරෙන සෙවිතාය. භාවිතායාති වඩ‍්ඪිතාය. බහුලීකතායාති පුනප‍්පුනං කතාය. යානීකතායාති යුත‍්තයානසදිසාය කතාය. වත්‍ථුකතායාති පතිට‍්ඨානට‍්ඨෙන වත්‍ථු විය කතාය. අනුට‍්ඨිතායාති පච‍්චුපට‍්ඨිතාය. පරිචිතායාති සමන‍්තතො චිතාය උපචිතාය. සුසමාරද‍්ධායාති සුට‍්ඨු සමාරද‍්ධාය සුකතාය . ආනිසංසාති ගුණා. පාටිකඞ‍්ඛාති පටිකඞ‍්ඛිතබ‍්බා ඉච‍්ඡිතබ‍්බා. සුඛං සුපතීති යථා සෙසජනා සම‍්පරිවත‍්තමානා කාකච‍්ඡමානා දුක‍්ඛං සුපන‍්ති, එවං අසුපිත්‍වා සුඛං සුපති. නිද‍්දං ඔක‍්කන‍්තොපි සමාපත‍්තිං සමාපන‍්නො විය හොති. සුඛං පටිබුජ‍්ඣතීති යථා අඤ‍්ඤෙ නිත්‍ථුනන‍්තා විජම‍්භන‍්තා සම‍්පරිවත‍්තන‍්තා දුක‍්ඛං පටිබුජ‍්ඣන‍්ති, එවං අපටිබුජ‍්ඣිත්‍වා විකසමානමිව පදුමං සුඛං නිබ‍්බිකාරං පටිබුජ‍්ඣති. න පාපකං සුපිනං පස‍්සතීති සුපිනං පස‍්සන‍්තොපි භද‍්දකමෙව සුපිනං පස‍්සති. චෙතියං වන්‍දන‍්තො විය පූජං කරොන‍්තො විය ධම‍්මං සුණන‍්තො විය ච හොති. යථා පනඤ‍්ඤෙ අත‍්තානං චොරෙහි පරිවාරිතං විය වාළෙහි උපද‍්දුතං විය පපාතෙ පතන‍්තං විය ච පස‍්සන‍්ති, න එවං පාපකං සුපිනං පස‍්සති. මනුස‍්සානං පියො හොතීති උරෙ ආමුත‍්තමුත‍්තාහාරො විය සීසෙ පිළන්‍ධමාලා විය ච මනුස‍්සානං පියො හොති මනාපො. අමනුස‍්සානං පියො හොතීති යථෙව ච මනුස‍්සානං, එවං අමනුස‍්සානම‍්පි පියො හොති. දෙවතා රක‍්ඛන‍්තීති පුත‍්තමිව මාතාපිතරො දෙවතා රක‍්ඛන‍්ති. නාස‍්ස අග‍්ගි වා විසං වා සත්‍ථං වා කමතීති මෙත‍්තාවිහාරිස‍්ස කායෙ අග‍්ගි වා විසං වා සත්‍ථං වා න කමති න පවිසති, නාස‍්ස කායං විකොපෙතීති වුත‍්තං හොති. තුවටං චිත‍්තං සමාධියතීති මෙත‍්තාවිහාරිනො ඛිප‍්පමෙව චිත‍්තං සමාධියති, නත්‍ථි තස‍්ස දන්‍ධායිතත‍්තං. මුඛවණ‍්ණො විප‍්පසීදතීති බන්‍ධනා පමුත‍්තතාලපක‍්කං විය චස‍්ස විප‍්පසන‍්නවණ‍්ණං මුඛං හොති. අසම‍්මූළ‍්හො කාලං කරොතීති මෙත‍්තාවිහාරිනො සම‍්මොහමරණං නාම නත්‍ථි, අසම‍්මූළ‍්හො නිද‍්දං ඔක‍්කමන‍්තො විය කාලං කරොති. උත‍්තරි අප‍්පටිවිජ‍්ඣන‍්තොති මෙත‍්තාසමාපත‍්තිතො උත‍්තරිං අරහත‍්තං අධිගන‍්තුං අසක‍්කොන‍්තො ඉතො චවිත්‍වා සුත‍්තප‍්පබුද‍්ධො විය බ්‍රහ‍්මලොකූපගො හොතීති බ්‍රහ‍්මලොකං උපපජ‍්ජතීති අත්‍ථො.

බොධ්‍යංග කථානන්තරවැ, දේශිත, බොධ්‍යංගකථා සංකල්පයන්හි, සූත්‍රාන්ත පූර්වංගම මෛත්‍රී කථායෙහි පෙර නුවූ විරූ අර්ථ අනුවර්ණනාවයි. එහි සූත්‍රාන්තයෙහි ආසෙවිතාය යනු වඩනා ලද ආදරයෙන් සෙවුණා ලද, භාවිතාය යනු වඩනා ලද බහුලීකතාය යනු නැවත නැවත කරනා ලද, යානිකතාය යනු යුක්ත යානයක් මෙන් කළ (එන්ජින් පරීක්‍ෂාකොට, ටයර් හා ඔයිල්, බ්රේක් ආදිය නිසි අයුරින් පවත්නා) වත්‍ථුකතාය යනු ප්‍රතිෂ්ඨාර්ථයෙන් වස්තුවක් මෙන් කළ, අනුට්ඨිතාය යනු එළඹ සිටි කල්හි, පරිචිතාය යනු හාත්පසින් රැස්කළ, සුසමාරද්ධාය යනු මොනොවට පටන්ගත් මොනොවට කළ, ආනිසංසා යනු අනුසස් (ගුණ) පාටිකංඛා බලාපොරොත්තු විය යුත්තාහ. කැමැති විය යුත්තාහ. සුඛං සුපති යනු සෙසු ජනතාව, පෙරැළෙන්නාහු, ගොරවන්නාහු දුකසේ ශයනය කෙරෙත්ද? එසේ නොනිදා සුවසේ නිදයි. නිද්‍රාවට අවතීර්ණ වනුයේ සමවතට සමවන්නාක් මෙන් වෙයි. සුඛං පටිබුජ්ඣති යනු අන්‍යයෝ කෙඳිරිගාන්නාහු, අත්පා දිගහැර ප්‍රාණවත් කරන්නාහු, පෙරැළෙන්නාහු දුකසේ පිබිදෙති. එසේ නොපිබිද, විකසිත වන නෙළුම්මලක් මෙන්, වෙනස්වීම් රහිතව පිබිදේ. නපාපකං සුපිනං පස්සති යනු සිහින දක්නේම යහපත් වූම චෛත්‍යය වන්දනා කරන්නාක් මෙන්, පූජාවක් කරන්නාක් මෙන්, ධර්මය අසන්නාක් මෙන් වූ සිහිනයක් දකියි. අන්‍යයෝ තමා සොරුන් විසින් වටකරන ලද්දාක් මෙන්ද, නපුරු සතුන්ගෙන් උවදුරට පත් වූවාක් මෙන්ද, ප්‍රපාතයට පතිත වන්නාක් මෙන් දකිත්. මෙසේ පාපී සිහින නොදකියි. මනුස්සානං පියො හොති යනු ළයෙහි පැළැඳි මුතුහරක් මෙන්ද, හිස පළන් මල්දමක් මෙන්ද, මිනිසුනට ප්‍රියමනාප වේ. අමනුස්සානං පියොහොති යනු යම්සේ මනුෂ්‍යයින්ටද අමනුෂ්‍යයින්ටද එසේම ප්‍රිය වේ. දෙවතා රක්ඛන්ති යනු මව්පියවරුන් සිය දරුවා මෙන් දේවතාවෝ රකිති. නාස්ස අග්ගිවා විසංවා සත්‍ථංවා කමති යනු මෛත්‍රී විහාරිහුගේ සිරුරෙහි ගිනි හෝ විස හෝ ආයුධ හෝ නොවැදගනී. නොපිවිසෙයි. ඔහුගේ සිරුර කඩා කපා දැමීම්වලට බඳුන් නොවේ. තුවටං චිත්තං සමාධියති යනු මෛත්‍රී විහාරිහුගේ සිත වහාම සමාධිගත වේ. එහි මන්දගාමී බවක් නොමැත. මුඛවණ්ණො විප්පසීදති යනු බන්‍ධනයෙන් මුක්ත, ඉදුණු තල්ගෙඩියක් මෙන්, ඔහුගේ මුහුණෙහි පැහැය සුපසන් වේ. අසම්මූළ්හො කාලං කරොති යනු මෛත්‍රී විහාරීහුට මුළාසී මරණයක් නම් නොමැත. නොමුළාසීවැ නිද්‍රාවට බස්නාක් මෙන් කළුරිය කරයි. උත්තරිං අප්පටි විජ්ඣන්තො යනු මෛත්‍රී සමවතින් මතුයෙහි අර්හත්වය අවබෝධ කරන්ට, නොහැකි වනුයේ නම්, මෙයින් චුතව නිදා පිබිදායක් මෙන්, බ්‍රහ්ම ලොකූපගො හොති යනු බඹලොව උපදීයයි අර්ථයි.

මෙත‍්තානිද‍්දෙසෙ අනොධිසො ඵරණාති ඔධි මරියාදා, න ඔධි අනොධි. තතො අනොධිසො, අනොධිතොති අත්‍ථො, නිප‍්පදෙසතො ඵුසනාති වුත‍්තං හොති. ඔධිසොති පදෙසවසෙන. දිසාඵරණාති දිසාසු ඵරණා. සබ‍්බෙති අනවසෙසපරියාදානං. සත‍්තාතිපදස‍්ස අත්‍ථො ඤාණකථාමාතිකාවණ‍්ණනායං වුත‍්තො, රුළ‍්හීසද‍්දෙන පන වීතරාගෙසුපි අයං වොහාරො වත‍්තති විලීවමයෙපි බීජනිවිසෙසෙ තාලවණ‍්ටවොහාරො විය. අවෙරාති වෙරරහිතා. අබ්‍යාපජ‍්ජාති බ්‍යාපාදරහිතා. අනීඝාති නිද‍්දුක‍්ඛා. අනිග‍්ඝාතිපි පාඨො. සුඛී අත‍්තානං පරිහරන‍්තූති සුඛිතා හුත්‍වා අත‍්තභාවං වත‍්තයන‍්තු. “අවෙරා”ති ච සකසන‍්තානෙ ච පරෙ පටිච‍්ච, පරසන‍්තානෙ ච ඉතරෙ පටිච‍්ච වෙරාභාවො දස‍්සිතො, “අබ්‍යාපජ‍්ජා”තිආදීසු වෙරාභාවා තම‍්මූලකබ්‍යාපාදාභාවො, “අනීඝා”ති බ්‍යාපාදාභාවා තම‍්මූලකදුක‍්ඛාභාවො, “සුඛී අත‍්තානං පරිහරන‍්තූ”ති දුක‍්ඛාභාවාසුඛෙන අත‍්තභාවපරිහරණං දස‍්සිතන‍්ති එවමෙත්‍ථ වචනසම‍්බන්‍ධො වෙදිතබ‍්බොති. ඉමෙසු ච “අවෙරා හොන‍්තූ”තිආදීසු චතූසුපි වචනෙසු යං යං පාකටං හොති, තස‍්ස තස‍්ස වසෙන මෙත‍්තාය ඵරති.

මෛත්‍රී නිර්දේශයෙහි, අනොධීසො ඵරණා යනු සීමා මායිම් වශයෙන්, සීමාරහිත වූයේ අනොධියි. එම සීමා රහිත වශයෙන්, සීමා රහිතතායෙන් යයි අර්ථයි. ප්‍රදේශ රහිතතායෙන් ස්පර්ශ කිරීමයයි යූසේයි. ඔධිසො යනු ප්‍රදේශ වශයෙන් දිසා ඵරණා යනු දිසාවන්හි පැතිරීම්. සබ්බෙ යනු ප්‍රදේශ සේසරහිත ගැනීමයි. සත්තා යන පදයෙහි අර්ථය ඤාණ කථා මාතෘකා වර්ණනායෙහි යූසේයි. අධ්‍යාහාර ශබ්දයෙන් වීතරාගීන් කෙරෙහිද, මෙම ව්‍යවහාරය පවතී. උණ, බට පතුරුමුවා වූද, වටාපත් විශේෂයෙන් තල් නටු ව්‍යවහාරය මෙනි. අවෙරා යනු වෛර රහිත වූවාහු, ස්වකීය සන්තානයෙහිද අනෙකා හේතුකොට අන්‍ය සන්තානයෙහිද වෛර අභාවය දක්වන ලදි. අබ්‍යාපජ්ඣො ‘අබ්‍යාපජ්ඣ’ ආදීන්හි වෛර අභාවයෙන් එය මූලිකකොට ඇති ව්‍යාපාද අභාවයයි, ‘අනීසා’ යනු ව්‍යාපාද අභාවයෙන් එය මූලිකකොට ඇති දුකෙහි අභාවයෙන්, ‘සුඛී අත්තානං පරිහරන්තු’ යනු දුක් අභාවයෙන් සුවයෙන් ආත්මභාව පරිහරණය දක්වන ලදැයිද, මෙසේ මෙහි වචනය සම්බන්ධය දතයුතුය. මේවාහිද ‘අවෙරා හොන්තු’ ආදී සිව් වචනයන්හි යමක් යමක් ප්‍රකට වේද, ඒ ඒ වශයෙන් මෛත්‍රියෙන් පතුරුවයි.

පාණාතිආදීසු පාණනතාය පාණා, අස‍්සාසපස‍්සාසායත‍්තවුත‍්තිතායාති අත්‍ථො. භූතත‍්තා භූතා, අභිනිබ‍්බත‍්තාති අත්‍ථො. පුං වුච‍්චති නිරයො, තං පුං ගලන‍්ති ගච‍්ඡන‍්තීති පුග‍්ගලා. අත‍්තභාවො වුච‍්චති සරීරං, ඛන්‍ධපඤ‍්චකමෙව වා, තං උපාදාය පඤ‍්ඤත‍්තිමත‍්තසබ‍්භාවතො, තස‍්මිං අත‍්තභාවෙ පරියාපන‍්නා පරිච‍්ඡින‍්නා අන‍්තොගධාති අත‍්තභාවපරියාපන‍්නා. යථා ච සත‍්තාති වචනං, එවං සෙසානිපි රුළ‍්හීවසෙන ආරොපෙත්‍වා සබ‍්බානෙතානි සබ‍්බසත‍්තවෙවචනානීති වෙදිතබ‍්බානි. කාමඤ‍්ච අඤ‍්ඤානිපි “සබ‍්බෙ ජන‍්තූ සබ‍්බෙ ජීවා”තිආදීනි සබ‍්බසත‍්තවෙවචනානි අත්‍ථි, පාකටවසෙන පන ඉමානෙව පඤ‍්ච ගහෙත්‍වා “පඤ‍්චහාකාරෙහි අනොධිසො ඵරණා මෙත‍්තාචෙතොවිමුත‍්තී”ති වුච‍්චති. යෙ පන “සත‍්තා පාණා”තිආදීනං න කෙවලං වචනමත‍්තතොව, අථ ඛො අත්‍ථතොපි නානත‍්තමෙව ඉච‍්ඡෙය්‍යුං, තෙසං අනොධිසො ඵරණා විරුජ‍්ඣති. තස‍්මා තථා අත්‍ථං අග‍්ගහෙත්‍වා ඉමෙසු පඤ‍්චසු ආකාරෙසු අඤ‍්ඤතරවසෙන අනොධිසො මෙත‍්තාය ඵරති.

‘පාණා’ යන ප්‍රාණතායෙන් පාණායි. ආශ්වාස ප්‍රශ්වාසයන්ට අයත් පැවැත්මෙනැයි අර්ථයි. හටගත් හෙයින් භූතායි. මනාව හටගත්තාහුය. (උපන්නාහුයයි) අර්ථයි. නිරයං පුං යයි යූ.සේයි. එහි ගිලිහෙති. යෙත්නුයි පුග්ගලායි. ශරීරය ආත්මභාවයයි යූ.සේයි. ස්කන්ධ පංචකයම හෝ, එය දැඩිසේ ගෙන ප්‍රඥප්ති මාත්‍රය යෙදෙන හෙයින් එම ආත්ම භාවයට ඇතුළත් වූවාහු, වෙන්කළාහු, ඇතුළත් වූවාහුනුයි අත්තභාව පරියාපන්නායි. සත්ත්වයා යන වචනය යම්සේද, මෙසේ සෙසු වචනයන්ද, අධ්‍යාහාර වශයෙන්, ආරෝපණය කොට එම සියල්ලම සියලු සත්ත්වයින්ට පර්යාය වචනයෝ යැයි දතයුත්තාහ. පොදුවේ ගත්කළ අනෙකුත් සියලු සත්ත්වයෝ සියලු ජීවිහු යනාදී සියලු සත්ත්ව පර්යාය වචන ඇත. ප්‍රකට වශයෙන් මෙම පංචකයම ගෙන පඤ්චාකාරයකින්, සීමාරහිතව පැතිරවීම මෛත්‍රී චෙතො විමුක්තිය යැයි යූ.සේයි. යම් සත්ත්වයෝ, ප්‍රාණීහු ආදීන්ගේ හුදෙක් වචන මාත්‍ර වශයෙන්ම නොවේ. තවද අර්ථ වශයෙන්ද නානාප්‍රකාර බව කැමැති වන්නාහුය. ඒවාහි සීමාරහිතව මෛත්‍රී පැතිරවීම විරුද්ධ වේ. (නොගැළපේ) එහෙයින් එසේ අර්ථ නොගෙන මෙම පඤ්චාකාරයන්හි එක්තරා ආකාරයක් වශයෙන් සීමාරහිත මෛත්‍රිය පතුරුවයි.

ඔධිසො ඵරණෙ පන ඉත්‍ථියො පුරිසාති ලිඞ‍්ගවසෙන වුත‍්තං, අරියා අනරියාති අරියපුථුජ‍්ජනවසෙන, දෙවාමනුස‍්සා විනිපාතිකාති උපපත‍්තිවසෙන. දිසාඵරණෙපි දිසාවිභාගං අකත්‍වා සබ‍්බදිසාසු “සබ‍්බෙ සත‍්තා”තිආදිනා නයෙන ඵරණතො අනොධිසො ඵරණා හොති, සබ‍්බදිසාසු “සබ‍්බා ඉත්‍ථියො”තිආදිනා නයෙන ඵරණතො ඔධිසො ඵරණා.

සීමාකිරීම් සහිත පැතිරවීම්හි ඉත්‍ථියො පුරිසා යනු ලිංග වශයෙන් යූසේයි. අරියා අනරියා යනු ආර්ය, පෘථග්ජන වශයෙන්, දෙවා මනුස්සා විනිපාතිකා යනු උත්පත්ති වශයෙන් දිසා පැතිරවීම්හි, දිසා බෙදීමක් නොකොට සියලු දිසාවන්හි සියලු සත්ත්වයෝ ආදී ක්‍රමයෙන් පැතිරවීමෙන් සීමාරහිතව පැතිරවීම වේ. සියලු දිසාවන්හි සියලු ස්ත්‍රීහු යන ආදී ක්‍රමයෙන් පැතිරවීමෙන්, සීමා සහිතව පැතිරවීමය.

යස‍්මා පන අයං තිවිධාපි මෙත‍්තාඵරණා අප‍්පනාපත‍්තචිත‍්තස‍්ස වසෙන වුත‍්තා, තස‍්මා තීසු වාරෙසු අප‍්පනා ගහෙතබ‍්බා. අනොධිසො ඵරණෙ තාව “සබ‍්බෙ සත‍්තා අවෙරා හොන‍්තූ”ති එකා, “අබ්‍යාපජ‍්ජා හොන‍්තූ”ති එකා “අනීඝා හොන‍්තූ”ති එකා, “සුඛී අත‍්තානං පරිහරන‍්තූ”ති එකා. තානිපි හි චත‍්තාරි හිතොපසංහාරවසෙනෙව වුත‍්තානි. හිතොපසංහාරලක‍්ඛණා හි මෙත‍්තා. ඉති “සත‍්තා”තිආදීසු පඤ‍්චසු ආකාරෙසු චතස‍්සන‍්නං චතස‍්සන‍්නං අප‍්පනානං වසෙන වීසති අප‍්පනා හොන‍්ති, ඔධිසො ඵරණෙ “සබ‍්බා ඉත්‍ථියො”තිආදීසු සත‍්තසු ආකාරෙසු චතස‍්සන‍්නං චතස‍්සන‍්නං වසෙන අට‍්ඨවීසති අප‍්පනා. දිසාඵරණෙ පන “සබ‍්බෙ පුරත්‍ථිමාය දිසාය සත‍්තා”තිආදිනා නයෙන එකමෙකිස‍්සා දිසාය වීසති වීසති කත්‍වා ද‍්වෙ සතානි, “සබ‍්බා පුරත්‍ථිමාය දිසාය ඉත්‍ථියො”තිආදිනා නයෙන එකමෙකිස‍්සා දිසාය අට‍්ඨවීසති අට‍්ඨවීසති කත්‍වා අසීති ද‍්වෙ සතානීති චත‍්තාරි සතානි අසීති ච අප‍්පනා. ඉති සබ‍්බානිපි ඉධ වුත‍්තානි අට‍්ඨවීසාධිකානි පඤ‍්ච අප‍්පනාසතානි හොන‍්ති. යථා ච මෙත‍්තාය තිවිධෙන ඵරණා වුත‍්තා, තථා කරුණාමුදිතාඋපෙක‍්ඛානම‍්පි වුත‍්තාව හොතීති වෙදිතබ‍්බං.

මෙම ත්‍රිවිධ වූම මෛත්‍රී පැතිරවීම අර්පණාප්‍රාප්ත චිත්තයාගේ වශයෙන් යූ.සේයි. එහෙයින් ත්‍රිවිධ වාරයන්හි අර්පණාව ගතයුත්තාහ. සීමාරහිත පැතිරවීමෙහි ‘සියලු සත්ත්වයෝ අවෛර වෙත්වායි’ එකකි. ව්‍යාපාද රහිත වෙත්වායි එකකි. නිදුක් වූවාහු වෙත්වා යනු එකකි. සුවපත්ව ආත්මය පරිහරණය කෙරෙත්වා යනු එකකි. එම සතරම යහපත එළැවීම වශයෙන් යූ.සේයි. මෛත්‍රිය හිතසුව එළැවීම් ලක්‍ෂණකොට ඇත්තේය. මෙසේ සත්ත්වයෝ ආදී පඤ්ච ආකාරයන්හි, සිව් අර්පණා වශයෙන් විසි අර්පණාවෝ වෙති. සීමාසහිත පැතිරවීම්හි ‘සියලු ස්ත්‍රීහු’ යන ආදී සත් ආකාරයන්හි සතර සතර බැගින් අටවිසි අර්පණාවෝ වෙති. දිසා පැතිරවීම්හි, සියලු පෙරදිග සත්ත්වයෝ යන ආදී ක්‍රමයෙන් එක් එක් දිසාවෙහි විස්ස විස්ස බැගින් ගෙන දෙසියයකි. ‘සියලු පෙරදිග ස්ත්‍රීහු’ යයි ආදී ක්‍රමයෙන් එක් එක් දිසාවෙහි විසිඅට විසිඅට බැගින් ගෙන, දෙසිය අසූවක්ද හාරසිය අසූවක්ද අර්පණාවෝ වෙති. මෙසේ මෙහි සඳහන් සියලුම පන්සිය විසිඅටක් අධිකකොට ඇති අර්පණාවෝ වෙති. යම්සේ මෛත්‍රියෙහි ත්‍රිවිධාකාරයෙන් පැතිරීම කියන ලදද? එසේම කරුණා, මුදිතා උපේක්‍ෂාවන්හි ද යූසේයි.

ඉන්‍ද්‍රියවාරවණ‍්ණනා

ඉන්‍ද්‍රියවාරවණ‍්ණනා

අථ මෙත‍්තූපසංහාරාකාරං ඉන්‍ද්‍රියාදිපරිභාවනඤ‍්ච දස‍්සෙතුං සබ‍්බෙසං සත‍්තානං පීළනං වජ‍්ජෙත්‍වාතිආදිමාහ. තත්‍ථ පීළනන‍්ති අබ‍්භන‍්තරතො සරීරපීළනං. උපඝාතන‍්ති බාහිරතො සරීරොපඝාතං. සන‍්තාපන‍්ති යථා තථා වා චිත‍්තසන‍්තාපනං. පරියාදානන‍්ති පකතියා ජීවිතාදිපරික‍්ඛයං. විහෙසන‍්ති පරතො ජීවිතවිහෙඨනං. වජ‍්ජෙත්‍වාති පීළනාදීසු එකෙකං අත‍්තනො චිත‍්තෙනෙව අපනෙත්‍වා. ඉමානි පීළනාදීනි පඤ‍්ච පදානි මෙත‍්තොපසංහාරස‍්ස පටිපක‍්ඛවිවජ‍්ජනවසෙන වුත‍්තානි, අපීළනායාතිආදීනි මෙත‍්තොපසංහාරවසෙන. අපීළනායාති අපීළනාකාරෙන, සබ‍්බෙ සත‍්තෙ මෙත‍්තායතීති සම‍්බන්‍ධො. එවං සෙසෙසුපි. මා වෙරිනො මා දුක‍්ඛිනො මා දුක‍්ඛිතත‍්තාති ඉමානිපි තීණි මෙත‍්තොපසංහාරස‍්ස පටිපක‍්ඛපටික‍්ඛෙපවචනානි. මා-වචනස‍්ස මා හොන‍්තූති අත්‍ථො. අවෙරිනො සුඛිනො සුඛිතත‍්තාති ඉමානි තීණි මෙත‍්තොපසංහාරවචනානි. “අබ්‍යාපජ‍්ජා අනීඝා”ති ඉදං ද‍්වයං “සුඛිනො”ති වචනෙන සඞ‍්ගහිතන‍්ති වෙදිතබ‍්බං. සුඛිතත‍්තාති තස‍්සෙව සුඛස‍්ස නිච‍්චප‍්පවත‍්තිදස‍්සනං. “සුඛිතත‍්තා”ති ච “සුඛී අත‍්තානං පරිහරන‍්තූ”ති ච අත්‍ථතො එකං. “අපීළනායා”තිආදීහි වා අබ්‍යාපජ‍්ජානීඝවචනානි සඞ‍්ගහිතානි. අට‍්ඨහාකාරෙහීති “අපීළනායා”තිආදයො පඤ‍්ච මෙත‍්තොපසංහාරාකාරා “අවෙරිනො හොන‍්තූ”තිආදයො තයො මෙත‍්තොපසංහාරාකාරාති ඉමෙහි අට‍්ඨහාකාරෙහි. මෙත‍්තායතීති සිනිය‍්හති. තං ධම‍්මං චෙතයතීති තං හිතොපසංහාරං චෙතයති අභිසන්‍දහති, පවත‍්තෙතීති අත්‍ථො. සබ‍්බබ්‍යාපාදපරියුට‍්ඨානෙහි විමුච‍්චතීති මෙත‍්තාය පටිපක‍්ඛභූතෙහි සබ‍්බෙහි බ්‍යාපාදසමුදාචාරෙහි වික‍්ඛම‍්භනතො විමුච‍්චති. මෙත‍්තා ච චෙතො ච විමුත‍්ති චාති එකායෙව මෙත‍්තා තිධා වණ‍්ණිතා.

මෛත්‍රී චින්තාවන් එක්තැන් කරන ආකාරයද, ඉන්‍ද්‍රියයන්ගේ වැඩිදියුණු කිරීමද ගෙනහැර දක්වන්ට, ‘හැම සතුන් පිළිබඳ පෙළීම දුරුකොට’ ආදිය වදාළහ. එහි පීළනං යනු අභ්‍යන්තර වශයෙන් ශරීරය පීඩාවට පත්කිරීම, උපඝාතං යනු බාහිර වශයෙන් ශරීර හිංසා, සන්තාපං යනු යම් යම් ආකාර සිත් තැවුල්, පරියාදානං යනු ප්‍රකෘතියෙන් ජීවිතාදිය ක්‍ෂයවීම, විහෙසං යනු අන්‍යයා කෙරෙන් වන දිවි වෙහෙස, වජ්ජෙත්‍වා යනු පීඩාදීන්හි එකින් එක තමාගේ සිතින්ම හැරපියා, මෙම පීඩා ආදී පඤ්ච පදයන්, මෛත්‍රියගේ එක්තැන් කිරීමට ප්‍රතිපක්‍ෂ දුරැලීම් වශයෙන් යූ.සේයි. අපීළනාය යන ආදීන් මෛත්‍රිය ගෙනහැර දැක්වීම් වශයෙනි. අපීළනාය යනු නොපෙළෙන ආකාරයෙන්, සියලු සත්ත්වයන් කෙරෙහි මෛත්‍රී කෙරේයයි සම්බන්ධයයි. සෙස්සෙහිද මෙසේමය. මා වෙරිනො මා දුක්ඛිනො මා දුක්ඛිතත්තා යන මෙම ත්‍රයය එක්තැන් කිරීමෙහි, ප්‍රතිපක්‍ෂතා, ප්‍රතික්‍ෂෙප වචනයෝය. මා වචනයාගේ නොවෙත්වායි අර්ථයි. අවෙරිනො, සුඛිනො, සුඛිතත්තා යන මෙම වචන මෛත්‍රිය එක්තැන් කරන වචනය. අබ්‍යාපජ්ඣා, අනීසා යන මෙම ද්වයය සුඛිනො යන වචනයෙන් සංගෘහිතයැයි දතයුතුය. සුඛිතත්තා යනු එම සුවයෙහි නිතර පැවැත්ම දැක්වීමයි. ‘සුඛිතත්තා’ යනුද, ‘සුඛී අත්තානං පරිහරන්තු’ යනුද අර්ථ වශයෙන් එකකි. අපීළනාය යනාදීන්ගෙන් අබ්‍යාපජ්ඣ, අනීඝ යන වචනයන් සංගෘහිතයි. අට්ඨහාකාරෙහි යනු ‘අපීළනාය’ යන ආදී මෛත්‍රියය එක්තැන් කරන ආකාර පහද, ‘අවෙරිනො හොන්තු’ ආදී මෛත්‍රියය එක්තැන් කරන කරුණු ත්‍රයයද යන මෙම අෂ්ටාකාරයන්ගෙන්, මෙත්තායති යනු සිනිඳුවේ. තං ධම්මං චෙතයති එම හිතවත්භාවය එක්තැන් කිරීම ගැන සිතයි, එකමුතු කරයි. පවත්වයි යන අර්ථයි. සබ්බ බ්‍යාපාද පරියුට්ඨානෙහි විමුච්චති මෛත්‍රියයට ප්‍රතිපක්‍ෂ වූ, සියලු ව්‍යාපාද පැවැතීම්වලින් විෂ්කම්භන වශයෙන් මිදේ. මෛත්‍රියයද චෙතො විමුත්තියද යන එකම මෛත්‍රියය ත්‍රිවිධාකාරයෙන් වර්ණිතය.

අවෙරිනො ඛෙමිනො සුඛිනොති ඉමානි තීණි පදානි පුබ‍්බෙ වුත‍්තෙ ආකාරෙ සඞ‍්ඛෙපෙන සඞ‍්ගහෙත්‍වා වුත‍්තානි. සද‍්ධාය අධිමුච‍්චතීතිආදිනා නයෙන වුත‍්තානි පඤ‍්චින්‍ද්‍රියානි මෙත‍්තාය සම‍්පයුත‍්තානියෙව. ආසෙවනාතිආදීසු ඡසු වාරෙසු ආසෙවීයති එතෙහි මෙත‍්තාති ආසෙවනා. තථා භාවනා බහුලීකම‍්මං. අලඞ‍්කාරාති විභූසනා. ස‍්වාලඞ‍්කතාති සුට‍්ඨු අලඞ‍්කතා භූසිතා. පරික‍්ඛාරාති සම‍්භාරා. සුපරික‍්ඛතාති සුට‍්ඨු සම‍්භතා. පරිවාරාති රක‍්ඛනට‍්ඨෙන. පුන ආසෙවනාදීනි අට‍්ඨවීසති පදානි මෙත‍්තාය වණ‍්ණභණනත්‍ථං වුත‍්තානි. තත්‍ථ පාරිපූරීති පරිපුණ‍්ණභාවා. සහගතාති මෙත‍්තාය සහගතා. තථා සහජාතාදයො. පක‍්ඛන්‍දනාති මෙත‍්තාය පවිසනා, පක‍්ඛන්‍දති එතෙහි මෙත‍්තාති වා පක‍්ඛන්‍දනා. තථා සංසීදනාදයො. එතං සන‍්තන‍්ති ඵස‍්සනාති එසා මෙත‍්තා සන‍්තාති එතෙහි ඵස‍්සනා හොතීති එතං සන‍්තන‍්ති ඵස‍්සනා “එතදග‍්ග”න‍්තිආදීසු (අ· නි· 1.188 ආදයො) විය නපුංසකවචනං. ස‍්වාධිට‍්ඨිතාති සුට‍්ඨු පතිට‍්ඨිතා. සුසමුග‍්ගතාති සුට‍්ඨු සමුස‍්සිතා. සුවිමුත‍්තාති අත‍්තනො අත‍්තනො පච‍්චනීකෙහි සුට‍්ඨු විමුත‍්තා. නිබ‍්බත‍්තෙන‍්තීති මෙත‍්තාසම‍්පයුත‍්තා හුත්‍වා මෙත‍්තං නිබ‍්බත‍්තෙන‍්ති. ජොතෙන‍්තීති පාකටං කරොන‍්ති. පතාපෙන‍්තීති විරොචෙන‍්ති.

අවෛරිනො ඛෙමිනො, සුඛිනො යන මෙම තෙපදයන් පෙර කියන ලද ආකාරයන් සංක්‍ෂෙපයෙන් සංග්‍රහකොට යූ.සේයි. සද්ධාය, අධිමුච්චති යනාදී ක්‍රමයෙන් කියන ලද පඤ්ච ඉන්‍ද්‍රියයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්ත වූවාහුමය. ආසෙවනා යනාදීන්හි, ෂට් ද්වාරයන්හි ඒවා කරණකොට, මෛත්‍රිය සෙවුණේනුයි ආසෙවනායි. එසේ භාවනා බහුලීකම්මං අලංකාරා යනු සැරැසීමයි. ස්වාලංකතා යනු මනාව අලංකාර කරන ලද්දාහු සැරැසුණාහු. පරික්ඛාරා යනු රාශියයි. සුපරික්ඛතා යනු මනාව හටගත්තාහු, පරිවාරා යනු රක්‍ෂණාර්ථයෙන්. නැවත ආසෙවනාදී අටවිසි පදයන් මෛත්‍රියෙහි ගුණ වර්ණනාව සඳහා යූ.සේයි. එහි පාරිපූරී යනු පරිපූර්ණ භාවයයි. සහගතා යනු මෛත්‍රිය සමග එකට යෙදුණාහු, එසේ සහජාතාදයො පක්ඛන්‍දනා යනු මෛත්‍රියට පිවිසීමයි. ඒවා කරණකොට මෛත්‍රියට පැනවදීනුයි හෝ පක්ඛන්‍දනායි. සංසීදනාදයො ද එසේය. එතං සන්තන්ති ඵස්සනා යනු එම මෛත්‍රිය ශාන්තයැයි, ඒවාහි ස්පර්ශනය වේයයි එම මෛත්‍රී චිත්ත විමුක්තිය ශාන්තයැයි ස්පර්ශනයයි. එතදග්ගං ආදීන්හි මෙන් නපුංසක ලිංගයි. ස්වාධිට්ඨිතා යනු මනාව පිහිටියාහු වෙති. සුසමුග්ගතා යනු මනාව එසවූ. සුවිමුත්තා යනු තම තමාගේ විරුද්ධතාවන්ගෙන් මනාව මිදුණාහු, නිබ්බත්තෙන්ති යනු මෛත්‍රී සම්ප්‍රයුක්තව මෛත්‍රිය උපදවති. ජොතෙන්ති යනු ප්‍රකට කෙරෙත්. පකාසෙන්ති යනු බබුළුවත්.

බලාදිවාරත‍්තයවණ‍්ණනා

බලාදිවාරත්තයවණ්ණනා

ඉන්‍ද්‍රියවාරෙ වුත‍්තනයෙනෙව බලවාරොපි වෙදිතබ‍්බො. බොජ‍්ඣඞ‍්ගමග‍්ගඞ‍්ගවාරා පරියායෙන වුත‍්තා, න යථාලක‍්ඛණවසෙන. මග‍්ගඞ‍්ගවාරෙ සම‍්මාවාචාකම‍්මන‍්තාජීවා මෙත‍්තාය පුබ‍්බභාගවසෙන වුත‍්තා, න අප‍්පනාවසෙන. න හි එතෙ මෙත‍්තාය සහ භවන‍්ති. සබ‍්බෙසං පාණානන‍්තිආදීනං සෙසවාරානම‍්පි සත‍්තවාරෙ වුත‍්තනයෙනෙව අත්‍ථො වෙදිතබ‍්බො. මෙත‍්තාභාවනාවිධානං පන විසුද‍්ධිමග‍්ගතො (විසුද‍්ධි· 1.240 ආදයො) ගහෙතබ‍්බන‍්ති.

ඉන්‍ද්‍රියවාරයෙහි කියන ලද ක්‍රමයෙන්ම බලවාරයද දතයුතුය. බොධ්‍යංග මාර්ගාංග වාර පර්යායෙන් යූසේයි. ස්වභාව ලක්‍ෂණ වශයෙන් නොවේ. මාර්ගාංග වාරයෙහි සම්‍යක් වචන, කර්මාන්ත, ආජීවයන්, මෛත්‍රී අධි පූර්වභාග වශයෙන් යූසේයි. අර්පණා වශයෙන් නොවේ. ඒවා මෛත්‍රිය සමග නොවේ. සබ්බෙසං පාණානං යනාදීන්ගේ සෙසු වාරයන්ද, සත්වාරයෙහි කියන ලද ක්‍රමයෙන්ම අර්ථය දතයුතුය. මෛත්‍රී භාවනා විධානය විශුද්ධි මාර්ගයෙන් දතයුතුය.

මෙත‍්තාකථාවණ‍්ණනා නිට‍්ඨිතා.

මෛත්‍රී කථා වර්ණනා නිමි.