මෙත‍්තාකථා
2. 4.
2. 4.
මෙත‍්තාකථා
මෛත්‍රී කථා
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
“මෙත‍්තාය භික‍්ඛවෙ චෙතොවිමුත‍්තියා ආසෙවිතාය භාවිතාය බහුලීකතාය යානීකතාය වත්‍ථුකතාය අනුට‍්ඨිතාය පරිචිත‍්තාය සුසමාරද‍්ධාය එකාදසානිසංසා පාටිකඞ‍්ඛා. කතමෙ එකාදස: සුඛං සුපති, සුඛං පටිබුජ‍්ඣති, න පාපකං සුපිනං පස‍්සති, මනුස‍්සානං පියො හොති, අමනුස‍්සානං පියො හොති, දෙවතා රක‍්ඛන‍්ති, නාස‍්ස අග‍්ගි වා විසං වා සත්‍ථං වා කමති, තුවටං චිත‍්තං සමාධියති, මුඛණ‍්ණො විප‍්පසීදති, අසම‍්මූළ‍්හො කාලං කරොති, උත‍්තරිං. අප‍්පටිවිජ‍්ඣන‍්තො බ්‍රහ‍්මලොකූපගො හොති. මෙත‍්තාය භික‍්ඛවෙ චෙතොවිමුත‍්තියා ආසෙවිතාය භාවිතාය බහුලීකතාය යානීකතාය වත්‍ථුකතාය අනුට‍්ඨිතාය පරිචිතාය සුසමාරද‍්ධාය. ඉමෙ එකාදසානිසංසා පාටිකඞ‍්ඛා.
‘මහණෙනි, මෛත්‍රීචිත්තවිමුක්තිය ආදරයෙන් සෙවුනාලද කල්හි වඩනා ලද කල්හි පුනපුනා කරනලද කල්හි යුක්තයානයක් මෙන් කරනලද කල්හි (ප්‍රතිෂ්ඨාර්‍ත්‍ථයෙන්) වාස්තුවක් මෙන් කරනලද කල්හි එළඹසිටි කල්හි පරිචිත කල්හි මොනොවට කරනලද කල්හි එකොළොස් අනුසස් කෙනෙක් කැමැති වියයුත්තාහ. කවර එකොළොස් අනුසස් කෙනෙක යත්: සුවසේ නිදයි, සුවසේ පුබුදී, ලාමක සිහින නො දකී, මනුෂ්‍යයනට ප්‍රිය වෙයි, අමනුෂ්‍යයනට ප්‍රිය වෙයි, (මාපියෝ පුතකු සෙයින්) දෙවියෝ රකිති, ඔහුගේ සිරුරෙහි අග්නිය හෝ විෂයෙක් හෝ ශස්ත්‍රයෙක් හෝ නො වැදගනී, වහා සිත සමාහිත වෙයි, මුඛවර්‍ණය ඉතා ප්‍රසන්න වෙයි, නො මුළාසී වැ කලුරිය කෙරෙයි, මත්තෙහි අර්‍හත්ඵලය ප්‍රතිවේධ නො කරනුයේ බඹලොවැ උපදනේ වෙයි. මහණෙනි මෛත්‍රීචිත්තවිමුක්තිය ආදරයෙන් සෙවුනා ලද කල්හි වඩනා ලද කල්හි පුනපුනා කරනලද කල්හි යුක්තයානයක් මෙන් කරන ලද කල්හි (ප්‍රතිෂ්ඨාර්‍ත්‍ථයෙන්) වාස්තුවක් මෙන් කරනලද කල්හි එළඹසිටි කල්හි පරිචිත කල්හි මොනොවට කරනලද කල්හි මේ එකොළොස් අනුසස්හු කැමැති වියයුත්තාහ.
අත්‍ථි අනොධිසො ඵරණා මෙත‍්තාචෙතොවිමුත‍්ති, අත්‍ථි ඔධිසො ඵරණා මෙත‍්තාචෙතොවිමුත‍්ති, අත්‍ථි දිසාඵරණා මෙත‍්තාචෙතොවිමුත‍්ති.
මර්‍ය්‍යාදා (හිම්) රහිත වශයෙන් පැතිරීම් ඇති මෛත්‍රී චිත්තවිමුක්තියක් ඇත. මර්‍ය්‍යාදා වශයෙන් පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්තියක් ඇත, දිශාවන්හි පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්තියක් ඇති.
කතිහාකාරෙහි අනොධිසො ඵරණා මෙත‍්තාචෙතොවිමුත‍්ති. කතිහාකාරෙහි ඔධිසො ඵරණා මෙත‍්තාචෙතොවිමුත‍්ති, කතිහාකාරෙහි දිසාඵරණා මෙත‍්තාචෙතොවිමුත‍්ති:
කිහි අයුරෙකින් මර්‍ය්‍යාදාරහිත වශයෙන් පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්තිය වේ ද, කිහිඅයුරෙකින් මර්‍ය්‍යාදා වශයෙන් පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්තිය වේ ද, කිහි අයුරෙකින් දිශාවන්හි පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්තිය වේ ද යත්:
පඤ‍්චහාකාරෙහි අනොධිසො ඵරණා මෙත‍්තාචෙතොවිමුත‍්ති, සත‍්තහාකාරෙහි ඔධිසො ඵරණා මෙත‍්තාචෙතොවිමුත‍්ති, දසහාකාරෙහි දිසාඵරණා මෙත‍්තාචෙතොවිමුත‍්ති:
පස් අයුරෙකින් මර්‍ය්‍යාදා රහිත වශයෙන් පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්තිය වෙයි, සත් අයුරෙකින් මර්‍ය්‍යාදා වශයෙන් පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්තිය වෙයි. දස අයුරෙකින් දිශාවන්හි පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්ති වේ.
කතමෙහි පඤ‍්චහාකාරෙහි අනොධිසො ඵරණා මෙත‍්තාචෙතොවිමුත‍්ති: සබ‍්බෙ සත‍්තා අවෙරා අබ්‍යාපජ‍්ජා අනීඝා සුඛී අත‍්තානං පරිහරන‍්තු. සබ‍්බෙ පාණා -පෙ- සබ‍්බෙභූතා -පෙ- සබ‍්බෙ පුග‍්ගලා -පෙ- සබ‍්බෙ අත‍්තභාවපරියාපන‍්නා අවෙරා අබ්‍යාපජ‍්ජා අනීඝා සුඛී අත‍්තානං පරිහරන‍්තූති ඉමෙහි පඤ‍්චහාකාරෙහි අනොධිසො ඵරණා මෙත‍්තාචෙතොවිමුත‍්ති:
කවර පස් අයුරෙකින් මර්‍ය්‍යාදා රහිත වශයෙන් පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්ති වේ ද යත්: හැම සත්හු වෛර රහිත වැ ව්‍යාපාද රහිත වැ නිදුක් වැ සුවපත් වැ ආත්මභාවය පරිහරණය කෙරෙත් වා. හැම ප්‍රාණයෝ ... හැම භූතයෝ .. හැම පුද්ගලයෝ ... හැම ආත්මභාවපර්‍ය්‍යාපන්නයෝ වෛර රහිත වැ ව්‍යාපාද රහිත වැ නිදුක් වැ සුවපත් වැ ආත්මභාවය පරිහරණය කෙරෙත්ව’යි මේ පස් අයුරින් මර්‍ය්‍යාදා රහිත වශයෙන් පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්ති වේ.
කතමෙහි සත‍්තහාකාරෙහි ඔධිසො ඵරණා මෙත‍්තාචෙතොවිමුත‍්ති: සබ‍්බා ඉත්‍ථියො අවෙරා අබ්‍යාපජ‍්ජා අනීඝො සුඛී අත‍්තානං පරිහරන‍්තු. සබ‍්බෙ පුරිසා -පෙ- සබ‍්බෙ අරියා -පෙ- සබ‍්බෙ අනරියා -පෙ- සබ‍්බෙ දෙවා -පෙ- සබ‍්බෙ මනුස‍්සා -පෙ- සබ‍්බෙ විනිපාතිකා අවෙරා අබ්‍යාපජ‍්ජා අනීඝා සුඛී අත‍්තානං පරිහරන‍්තූති. ඉමෙහි සත‍්තහාකාරෙහි ඔධිසො ඵරණා මෙත‍්තාචෙතොවිමුත‍්ති:
කවර සත් අයුරෙකින් මර්‍ය්‍යාදා වශයෙන් පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්ති වේ ද යත්: හැම ස්ත්‍රීහු වෛර රහිත වැ ව්‍යාපාද රහිත වැ නිදුක් වැ සුවපත් වැ ආත්මභාවය පරිහරණය කෙරෙත් වා, හැම පුරුෂයෝ ... හැම ආර්‍ය්‍යයෝ ... හැම අනාර්‍ය්‍යයෝ ... හැම දෙවියෝ ... හැම මනුෂ්‍යයෝ ... හැම විනිපාතිකයෝ වෛර රහිත වැ ව්‍යාපාද රහිත වැ නිදුක් වැ සුවපත් වැ ආත්මභාවය පරිහරණය කෙරෙත් ව යි මේ සත් අයුරින් මර්‍ය්‍යාදා වශයෙන් පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්ති වේ.
කතමෙහි දසහාකාරෙහි දිසාඵරණා මෙත‍්තාචෙතොවිමුත‍්ති: සබ‍්බෙ පුරත්‍ථිමාය දිසාය සත‍්තා අවෙරා අබ්‍යාපජ‍්ජා අනීඝා සුඛී අත‍්තානං පරිහරන‍්තු. සබ‍්බෙ පච‍්ඡිමාය දිසාය සත‍්තා -පෙ- සබ‍්බෙ උත‍්තරාය දිසාය සත‍්තා -පෙ- සබ‍්බෙ දක‍්ඛිණාය දිසාය සත‍්තා. -පෙ- සබ‍්බෙ පුරත්‍ථිමාය අනුදිසාය සත‍්තා -පෙ- සබ‍්බෙ පච‍්ඡිමාය අනුදිසාය සත‍්තා -පෙ- සබ‍්බෙ උත‍්තරාය අනුදිසාය සත‍්තා -පෙ- සබ‍්බෙ උපරිමාය දිසාය සත‍්තා අවෙරා අබ්‍යාපජ‍්ජා අනීඝා සුඛී අත‍්තානං පරිහරන‍්තු. සබ‍්බෙ පුරත්‍ථිමාය දිසාය පාණා -පෙ- භූතා -පෙ- පුග‍්ගලා -පෙ- අත‍්තභාවපරියාපන‍්තා -පෙ- සබ‍්බා ඉත්‍ථියො -පෙ- සබ‍්බෙ පුරිසා -පෙ- සබ‍්බෙ අරියා -පෙ- සබ‍්බෙ අනරියා -පෙ- සබ‍්බෙ දෙවා -පෙ- සබ‍්බෙ මනුස‍්සා -පෙ- සබ‍්බෙ විනිපාතිකා අවෙරා අබ්‍යාපජ‍්ජා අනීඝා සුඛී අත‍්තානං පරිහරන‍්තු. සබ‍්බෙ පච‍්ඡිමාය දිසාය විනිපාතිකා -පෙ- සබ‍්බෙ උත‍්තරාය දිසාය විනිපාතිකා -පෙ- සබ‍්බෙ දක‍්ඛිණාය දිසාය විනිපාතිකා -පෙ- සබ‍්බෙ පුරත්‍ථිමාය අනුදිසාය විනිපාතිකා -පෙ- සබ‍්බෙ පච‍්ඡිමාය අනුදිසාය විනිපාතිකා -පෙ- සබ‍්බෙ උත‍්තරාය අනුදිසාය විනිපාතිකා -පෙ- සබ‍්බෙ දක‍්ඛිණාය අනුදිසාය විනිපාතිකා -පෙ- සබ‍්බෙ හෙට‍්ඨිමාය දිසාය විනිපාතිකා -පෙ- සබ‍්බෙ උපරිමාය දිසාය විනිපාතිකා අවෙරා අබ්‍යාපජ‍්ජා අනීඝා සුඛී අත‍්තානං පරිහරන‍්තූති. ඉමෙහි දසහාකාරෙහි දිසාඵරණා මෙත‍්තාචෙතොවිමුත‍්ති.
කවර දස අයුරෙකින් දිශාවන්හි පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්ති වේ ද යත්: පැදුන් දිග හැම සත්හු වෛර නැති වැ ව්‍යාපාද නැති වැ නිදුක් වැ සුවපත් වැ ආත්මභාවය පරිහරණය කෙරෙත්වා. පැළදිග හැම සත්හු ... උතුරු දිග හැම සත්හු … දකුණුදිග හැම සත්හු ... පැදුන් අනුදිග හැම සත්හු ... පැළඅනුදිග හැම සත්හු ... උතුරු අනුදිග හැම සත්හු ... දකුණු අනුදිග හැම සත්හු ... යටදෙස හැම සත්හු ... උඩදෙස හැම සත්හු වෛර නැති වැ ව්‍යාපාද නැති වැ නිදුක් වැ සුවපත් වැ ආත්මභාවය පරිහරණය කෙරෙත්වා. පෙරදිග හැම ප්‍රාණයෝ ... භූතයෝ ... පුද්ගලයෝ ආත්මභාවපර්‍ය්‍යාපන්නයෝ ... හැම ස්ත්‍රීහු ... හැම පුරුෂයෝ ... හැම ආර්‍ය්‍යයෝ ... හැම අනාර්‍ය්‍යයෝ ... හැම දෙවියෝ ... හැම මිනිස්හු හැම විනිපාතිකයෝ වෛර නැති වැ ව්‍යාපාද නැති වැ නිදුක් වැ සුවපත් වැ ආත්මභාවය පරිහරණය කෙරෙත්වා. පැළදිග හැම විනිපාතිකයෝ ... උතුරු දිග හැම විනිපාතිකයෝ ... දකුණුදිග හැම විනිපාතිකයෝ ... පැදුන් අනුදිග හැම විනිපාතිකයෝ ... පැළ අනුදිග හැම විනිපාතිකයෝ ... උතුරු අනුදිග හැම විනිපාතිකයෝ ... දකුණුදිග හැම විනිපාතිකයෝ ... යටදෙස හැම විනිපාතිකයෝ ... උඩදෙස හැම විනිපාතිකයෝ වෛර නැති වැ ව්‍යාපාද නැති වැ නිදුක් වැ සුවපත් වැ ආත්මභාවය පරිහරණය කෙරෙත්ව’යි මේ දස අයුරින් දිශාවන්හි පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්ති වේ.
සබ‍්බෙසං සත‍්තානං පීළනං වජ‍්ජෙත්‍වා අපීළනාය, උපඝාතං වජ‍්ජෙත්‍වා අනුපඝාතෙන, සන‍්තාපං වජ‍්ජෙත්‍වා අසන‍්තාපෙන, පරියාදානං වජ‍්ජෙත්‍වා අපරියාදානෙන, විහෙසං වජ‍්ජෙත්‍වා අවිහෙසාය සබ‍්බෙ සත‍්තා අවෙරිනො හොන‍්තු. මා වෙරිනො, සුඛිනො හොන‍්තු මාදුක‍්ඛිනො, සුඛිතත‍්තා හොන‍්තු මා දුක‍්ඛිතත‍්තා’ති ඉමෙහි අට‍්ඨහාකාරෙහි සබ‍්බෙ සත‍්තෙ මෙත‍්තායතීති මෙත‍්තා, තං ධම‍්මං චෙතයතීති චෙතො, සබ‍්බබ්‍යාපාදපරියුට‍්ඨානෙහි විමුච‍්චතීති විමුත‍්ති, මෙත‍්තා ච චෙතො ච විමුත‍්ති චාති මෙත‍්තාචෙතොවිමුත‍්ති.
හැම සතුන් පිළිබඳ (අභ්‍යන්තර වශයෙන්) පෙළීම (තම සිතින්) හැරපියා නො පෙළෙන අයුරින්, (බාහිර වශයෙන්) ශරීරහිංසා හැරපියා අහිංසාකාරයෙන් සිත් තැවුලි හැරපියා නො තැවුලි අයුරින් ජීවිතාදී වස්තුන්ගේ ක්‍ෂයවීම හැරපියා අපරියාදානාකාරයෙන් (මෙරමා කෙරෙත්) දිවිවෙහෙස හැරපියා අවිහිංසාකාරයෙන් හැම සත්හු අවෛරීහු වෙත්වා, නහමක් වෛරීහු වෙත්වා, සුවපත් වෙත්වා, නහමක් දුක්පත් වෙත්වා, සුඛිතාත්ම වෙත්වා, නහමක් දුඃඛිතාත්ම වෙත්ව’යි මේ අට අයුරින් හැම සත්නට මෙත් වඩා නු’යි මෛත්‍රී නමු ඒ ධර්‍මය සිතානු’යි චිත්ත නම. (මෛත්‍රියට ප්‍රතිපක්‍ෂ වූ) හැම ව්‍යාපාදසමුදාචාරයන් කෙරෙන් මිදෙනු’යි විමුක්ති නමු. මෛත්‍රිය ද චිත්තය ද විමුක්තිය දැ’යි මෛත්‍රීචිත්තවිමුක්ති නමු.
සබ‍්බෙ සත‍්තා අවෙරිනො හොන‍්තු, ඛෙමිනො හොන‍්තු, සුඛිනො හොන‍්තූති සද‍්ධාය අධිමුච‍්චති, සද‍්ධින්‍ද්‍රියපරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති.
හැම සත්හු අවෛරීහු වෙත්වා, නිර්‍භය වෙත්වා සුවපත් වෙත්ව’යි ශ්‍රද්ධායෙන් අධිමුක්ත වේ නම් මෛත්‍රීචිත්තවිමුක්තිය ශ්‍රද්ධේන්‍ද්‍රියෙන් පරිභාවිත වූවා වෙයි.
සබ‍්බෙ සත‍්තා අවෙරිනො හොන‍්තු, ඛෙමිනො හොන‍්තු, සුඛිනො හොන‍්තූති විරියං පග‍්ගණ‍්හාති, විරියින්‍ද්‍රියපරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති.
හැම සත්හු අවෛරීහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි වීර්‍ය්‍යය ප්‍ර‍්‍රග්‍රහ කෙරේ නම් මෛත්‍රීචිත්තවිමුක්තිය වීර්‍ය්‍යෙන්‍ද්‍රියයෙන් පරිභාවිත වූවා වෙයි.
සබ‍්බෙ සත‍්තා අවෙරිනො හොන‍්තු, ඛෙමිනො හොන‍්තු, සුඛිනො හොන‍්තූති සතිං උපට‍්ඨාපෙති, සතින්‍ද්‍රියපරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති.
හැම සත්හු අවෛරීහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි සිහි එළවා නම් මෛත්‍රීචිත්තවිමුක්තිය ස්මෘතීන්‍ද්‍රියයෙන් පරිභාවිත වූවා වෙයි.
සබ‍්බෙ සත‍්තා අවෙරිනො හොන‍්තු, ඛෙමිනො හොන‍්තු, සුඛිනො හොන‍්තූති චිත‍්තං සමාදහති, සමාධින්‍ද්‍රියපරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති.
හැම සත්හු අවෛරීහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි සිත පිහිවුවා නම් මෛත්‍රීචිත්තවිමුක්තිය සමාධින්‍ද්‍රියයෙන් පරිභාවිත වූවා වෙයි.
සබ‍්බෙ සත‍්තා අවෙරිනො හොන‍්තු ඛෙමිනො හොන‍්තු, සුඛිනො හොන‍්තූති පඤ‍්ඤාය පජානාති, පඤ‍්ඤින්‍ද්‍රියපරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති.
හැම සත්හු අවෛරීහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි ප්‍රඥායෙන් දැනගනී නම් මෛත්‍රීචිත්තවිමුක්තිය ප්‍රඥේන්‍ද්‍රියයෙන් පරිභාවිත වූවා වේ.
ඉමානි පඤ‍්චින්‍ද්‍රියානි මෙත‍්තාය චෙතොවිමුත‍්තියා ආසෙවනා හොන‍්ති ඉමෙහි පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි මෙත‍්තාචෙතොවිමුත‍්ති ආසෙවීයති. ඉමානි පඤ‍්චින්‍ද්‍රියානි මෙත‍්තාය චෙතොවිමුත‍්තියා භාවනා හොන‍්ති, ඉමෙහි පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි මෙත‍්තාචෙතොවිමුත‍්ති භාවීයති. ඉමානි පඤ‍්චින්‍ද්‍රියානි මෙත‍්තාය චෙතොවිමුත‍්තියා බහුලීකතා හොන‍්ති, ඉමෙහි පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි මෙත‍්තාචෙතොවිමුත‍්ති බහුලීකරීයති. ඉමානි පඤ‍්චින්‍ද්‍රියානි මෙත‍්තාය චෙතොවිමුත‍්තියා අලඞ‍්කාරා හොන‍්ති, ඉමෙහි පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි මෙත‍්තාචෙතොවිමුත‍්ති ස‍්වාලඞ‍්කතා හොති. ඉමානි පඤ‍්චින්‍ද්‍රියානි මෙත‍්තාය චෙතොවිමුත‍්තියා පරික‍්ඛාරා හොන‍්ති, ඉමෙහි පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි මෙත‍්තාචෙතොවිමුත‍්ති සුපරික‍්ඛතා හොති ඉමානි පඤ‍්චින්‍ද්‍රියානි මෙත‍්තාය චෙතොවිමුත‍්තියා පරිවාරා හොන‍්ති, ඉමෙහි පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි මෙත‍්තාචෙතොවිමුත‍්ති සුපරිවුතා හොති.
මේ පඤ්චේන්‍ද්‍රියයෝ මෛත්‍රීචිත්තවිමුක්තියගේ ආසේවනයෝ වෙති. මේ පඤ්චේන්‍ද්‍රියයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය ආදරයෙන් සෙවුනා ලැබෙයි. මේ පඤ්චේන්‍ද්‍රියයෝ මෛත්‍රීචිත්තවිමුක්තියගේ භාවනයෝ වෙති. මේ පඤ්චේන්‍ද්‍රියයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය වඩනා ලැබෙයි. මේ පඤ්චේන්‍ද්‍රියයෝ මෛත්‍රීචිත්තවිමුක්තියගේ බහුලීකෘතයෝ වෙති. මේ පඤ්චේන්‍ද්‍රියයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය බහුල (පුනපුනා) කරනු ලැබෙයි. මේ පඤ්චේන්‍ද්‍රියයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට අලංකාර වෙති. මේ පඤ්චේන්‍ද්‍රියයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය මොනොවට අලංකාර කරන ලද වෙයි. මේ පඤ්චේන්‍ද්‍රියයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට පරිෂ්කාර වෙති. මේ පඤ්චේන්‍ද්‍රියයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය සුපරිෂ්කෘත වෙයි. මේ පඤ්චේන්‍ද්‍රියයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට පිරිවර වෙති. මේ පඤ්චේන්‍ද්‍රියයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය මොනොවට පිරිවරනලද වේ.
ඉමානි පඤ‍්චින්‍ද්‍රියානි මෙත‍්තාය චෙතොවිමුත‍්තියා ආසෙවනා හොන‍්ති, භාවනා හොන‍්ති, බහුලීකතා හොන‍්ති, අලඞ‍්කාරා හොන‍්ති, පරික‍්ඛාරා හොන‍්ති, පරිවාරා හොන‍්ති, පාරිපූරී හොන‍්ති, සහගතා හොන‍්ති, සහජාතා හොන‍්ති, සංසට‍්ඨා හොන‍්ති, සම‍්පයුත‍්තා හොන‍්ති, පක‍්ඛන්‍දනා හොන‍්ති, සංසීදනා හොන‍්ති, පන‍්තිට‍්ඨනා හොන‍්ති, විමුච‍්චනා හොන‍්ති, ‘එතං සන‍්ත’න‍්ති ඵස‍්සනා හොන‍්ති, යානීකතා හොන‍්ති, වත්‍ථුකතා හොන‍්ති, අනුට‍්ඨිතා හොන‍්ති, පරිචිතා හොන‍්ති, සුසමාරද‍්ධා හොන‍්ති, සුභාවිතා හොන‍්ති, ස‍්වාධිට‍්ඨිතා හොන‍්ති, සුසමුග‍්ගතා හොන‍්ති, සුවිමුත‍්තා, හොන‍්ති, නිබ‍්බත‍්තෙන‍්ති, ජොතෙන‍්ති, පකාසෙන‍්ති.
මේ පඤ්චේන්‍ද්‍රියයෝ මෛත්‍රීචිත්තවිමුක්තියගේ ආසේවනයෝ වෙති, භාවනයෝ වෙති, බහුලීතෘතයෝ වෙති, අලංකාරයෝ වෙති, පරිෂ්කාරයෝ වෙති, පරිවාරයෝ වෙති, පරිපූර්‍ණභාවයෝ වෙති, සහගතයෝ වෙති, සහජාතයෝ වෙති, සංසෘෂ්ටයෝ වෙති, සම්ප්‍රයුක්තයෝ වෙති, ප්‍රස්කන්‍දන (ප්‍රවේශන) යෝ වෙති, සංසීදනයෝ වෙති, සන්තිට්ඨන (මධ්‍යස්ථකාරණ) යෝ වෙති. විමුක්තිකාරණයෝ වෙති, ‘තෙල ශාන්ත යැ’යි ස්පර්‍ශකාරණයෝ වෙති, යානීකෘතයෝ වෙති, වාස්තුකෘතයෝ වෙති, අනුෂ්ඨිතයෝ (එළඹසිටියාහු) වෙති, පරිචිතයෝ වෙති, සුසමාරබ්ධයෝ වෙති, සුභාවිතයෝ වෙති, සුපිහිටියාහු වෙති, සුසමුත්‍ථිතයෝ වෙති, සුවිමුක්තයෝ වෙති, (මෛත්‍රිය) නිපදවති, ප්‍රකට කෙරෙති, බබුළුවත්.
සබ‍්බෙ සත‍්තා අවෙරිනො හොන‍්තු, ඛෙමිනො හොන‍්තු, සුඛිනො හොන‍්තූති අස‍්සද‍්ධියෙ න කම‍්පති, සද‍්ධාබලපරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති.
හැම සත්හු අවෛරීහු වෙත්වා නිර්‍භය වෙත්වා සුවපත් වෙත්ව’යි අශ්‍රද්ධායෙහි නො සැලේ නම් මෛත්‍රී චිත්තවිමුක්තිය ශ්‍රද්ධායෙන් පරිභාවිත වූවා වෙයි.
සබ‍්බෙ සත‍්තා අවෙරිනො හොන‍්තු, ඛෙමිනො හොන‍්තු, සුඛිනො හොන‍්තූති කොසජ‍්ජෙ න කම‍්පති, විරිබලපරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති.
හැම සත්හු අවෛරීහු වෙත්වා නිර්‍භය වෙත්වා සුවපත් වෙත්ව’යි කුසීදභාවයෙහි නොසැලේ නම් මෛත්‍රීචිත්තවිමුක්තිය වීර්‍ය්‍යයබලයෙන් පරිභාවිත වූවා වෙයි.
සබ‍්බෙ සත‍්තා අවෙරිනො හොන‍්තු, ඛෙමිනො හොන‍්තු, සුඛිනො හොන‍්තූති පමාදෙ න කම‍්පති, සතිබලපරිභාවිතා හොති මෙත‍්තා චෙතොවිමුත‍්ති.
හැම සත්හු අවෛරීහු වෙත්වා නිර්‍භය වෙත්වා සුවපත් වෙත්ව’යි ප්‍රමාදයෙහි නො සැලේ නම් මෛත්‍රීචිත්තවිමුක්තිය ස්මෘතිබලයෙන් පරිභාවිත වූවා වෙයි.
සබ‍්බෙ සත‍්තා අවෙරිනො හොන‍්තු, ඛෙමිනො හොන‍්තු, සුඛිනො හොන‍්තූති උද‍්ධච‍්චෙ න කම‍්පති, සමාධිබලපරිභාවිතා හොති මෙත‍්තා චෙතොවිමුත‍්ති.
හැම සත්හු අවෛරීහු වෙත්වා නිර්‍භය වෙත්වා සුවපත් වෙත්ව’යි උද්ධතභාවයෙහි නො සැලේ නම් මෛත්‍රීචිත්තවිමුක්තිය සමාධිබලයෙන් පරිභාවිත වූවා වෙයි.
සබ‍්බෙ සත‍්තා අවෙරිනො හොන‍්තු, ඛෙමිනො හොන‍්තු, සුඛිනො හොන‍්තූති අවිජ‍්ජාය න කම‍්පති, පඤ‍්ඤාබලපරිභාවිතා හොති මෙත‍්තා චෙතොවිමුත‍්ති.
හැම සත්හු අවෛරීහු වෙත්වා නිර්‍භය වෙත්වා සුවපත් වෙත්ව’යි අවිද්‍යායෙහි නො සැලේ නම් මෛත්‍රීචිත්තවිමුක්තිය ප්‍රඥාබලයෙන් පරිභාවිත වූවා වේ.
ඉමානි පඤ‍්ච බලානි මෙත‍්තාය චෙතොවිමුත‍්තියා ආසෙවනා හොන‍්ති ඉමෙහි පඤ‍්චහි බලෙහි මෙත‍්තා චෙතොවිමුත‍්ති ආසෙවීයති. ඉමානි පඤ‍්ච බලානි මෙත‍්තාය චෙතොවිමුත‍්තියා භාවනා හොන‍්ති, ඉමෙහි පඤ‍්චහි බලෙහි මෙත‍්තාචෙතොවිමුත‍්ති භාවීයති, ඉමානි පඤ‍්ච බලානි මෙත‍්තාය චෙතොවිමුත‍්තියා බහුලීකතා හොන‍්ති, ඉමෙහි පඤ‍්චහි බලෙහි මෙත‍්තා චෙතොවිමුත‍්ති බහුලීකරීයති, ඉමානි පඤ‍්ච බලානි මෙත‍්තාය චෙතොවිමුත‍්තියා අලඞ‍්කාරා හොන‍්ති, ඉමෙහි පඤ‍්චහි බලෙහි මෙත‍්තාචෙතොවිමුත‍්ති ස‍්වාලඞ‍්කතා හොති. ඉමානි පඤ‍්ච බලානි මෙත‍්තාය චෙතොවිමුත‍්තියා පරික‍්ඛාරා හොන‍්ති, ඉමෙහි පඤ‍්චහි බලෙහි මෙත‍්තාචෙතොවිමුත‍්ති සුපරික‍්ඛතා හොති. ඉමානි පඤ‍්ච බලානි මෙත‍්තාය චෙතොවිමුත‍්තියා පරිවාරා හොන‍්ති, ඉමෙහි පඤ‍්චහි බලෙහි මෙත‍්තාචෙතොවිමුත‍්ති සුපරිවුතා හොති.
මේ පඤ්චබලයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට ආසේවනයෝ වෙති, මේ පඤ්චබලයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය ආදරයෙන් සෙවුනා ලැබෙයි. මේ පඤ්චබලයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට භාවනයෝ වෙති, මේ පඤ්චබලයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය වඩනා ලැබෙයි. මේ පඤ්චබලයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට බහුලීකෘතයෝ වෙති, මේ පඤ්චබලයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය බහුල කරනු ලැබෙයි. මේ පඤ්චබලයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට අලංකාරයෝ වෙති, මේ පඤ්චබලයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය මොනොවට අලංකාර කරනලද වෙයි. මේ පඤ්චබලයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට පරිෂ්කාර (සම්භාර) යෝ වෙති, මේ පඤ්චබලයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය සුපරිෂ්කෘත වෙයි. මේ පඤ්චබලයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට පිරිවර වෙති, මේ පඤ්චබලයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය මොනොවට පිරිවරනලද වේ.
ඉමානි පඤ‍්ච බලානි මෙත‍්තාය චෙතෙවිමුත‍්තියා ආසෙවනා හොන‍්ති, භාවනා හොන‍්ති, බහුලීකතා හොන‍්ති, අලඞ‍්කාරා හොන‍්ති, පරික‍්ඛාරා හොන‍්ති, පරිවාරා හොන‍්ති, පාරිපූරී හොන‍්ති, සහගතා හොන‍්ති, සහජාතා හොන‍්ති, සංසට‍්ඨා හොන‍්ති, සම‍්පයුත‍්තා හොන‍්ති, පක‍්ඛන්‍දනා හොන‍්ති, පසීදනා හොන‍්ති, සන‍්තිට‍්ඨනා හොන‍්ති, විමුච‍්චනං හොන‍්ති, ‘එතං සන‍්ත’න‍්ති ඵස‍්සනා හොන‍්ති, යානීකතා හොන‍්ති, වත්‍ථුකතා හොන‍්ති, අනුට‍්ඨිතා හොන‍්ති, පරිචිතා හොන‍්ති, සුසමාරද‍්ධා හොන‍්ති, සුභාවිතා හොන‍්ති, ස‍්වාධිට‍්ඨිතා හොන‍්ති, සුසමුග‍්ගතා හොන‍්ති, සුවිමුත‍්තා, හොන‍්ති, නිබ‍්බත‍්තෙන‍්ති, ජොතෙන‍්ති, පකාසෙන‍්ති.
මේ පඤ්චබලයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට ආසේවනයෝ වෙති, භාවනයෝ වෙති, බහුලීකෘතයෝ වෙති, අලංකාරයෝ වෙති, පරිෂ්කාරයෝ වෙති, පරිවාරයෝ වෙති, පරිපූර්‍ණභාවයෝ වෙති, සහගතයෝ වෙති, සහජාතයෝ වෙති, සංසෘෂ්ටයෝ වෙති, සම්ප්‍රයුක්තයෝ වෙති, ප්‍රස්කන්‍දනයෝ වෙති, ප්‍රසීදනයෝ වෙති, සන්තිට්ඨනයෝ වෙති, විමුක්තිකාරණයෝ වෙති, ‘තෙල මෛත්‍රිය ශාන්ත’ යැ යි ස්පර්‍ශකාරණයෝ වෙති, යානීකෘතයෝ වෙති, වාස්තුකෘතයෝ වෙති, අනුෂ්ඨිතයෝ වෙති, පරිචිතයෝ වෙති, සුසමාරබ්ධයෝ වෙති, සුභාවිතයෝ වෙති, සුපිහිටියාහු වෙති, සුසමූත්‍ථිත වෙති, සුවිමුක්ත වෙති, (මෛත්‍රීචිත්තවිමුක්තිය) නිපදවති, ප්‍රකට කෙරෙති, බබුළුවත්.
සබ‍්බෙ සත‍්තා අවෙරිනො හොන‍්තු ඛෙමිනො හොන‍්තු, සුඛිනො හොන‍්තූති සතිං උපට‍්ඨාපෙති, සතිසම‍්බොජ‍්ඣඞ‍්ග පරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති.
හැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, භය රහිතයෝ වෙත්වා, සුවපත් වෙත්ව’යි සිහි එළවා නම් මෛත්‍රීචිත්තවිමුක්තිය ස්මෘතිසම්බොධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වෙයි.
සබ‍්බෙ සත‍්තා අවෙරිනො හොන‍්තු ඛෙමිනො හොන‍්තු, සුඛිනො හොන‍්තූති පඤ‍්ඤාය පවිචිනාති ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගපරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති.
හැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, භය රහිතයෝ වෙත්වා, සුවපත් වෙත්ව’යි ප්‍රඥායෙන් විමසා නම් මෛත්‍රීචිත්තවිමුක්තිය ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වෙයි.
සබ‍්බෙ සත‍්තා අවෙරිනො හොන‍්තු ඛෙමිනො හොන‍්තු, සුඛිනො හොන‍්තූති විරියං පග‍්ගණ‍්හාති, විරියසම‍්බොජ‍්ඣඞ‍්ගපරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති.
හැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, භය රහිතයෝ වෙත්වා, සුවපත් වෙත්ව’යි වීර්‍ය්‍යය ප්‍රග්‍රහ කෙරේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වෙයි.
සබ‍්බෙ සත‍්තා අවෙරිනො හොන‍්තු ඛෙමිනො හොන‍්තු, සුඛිනො හොන‍්තූති පරිළාහං පටිප‍්පස‍්සම‍්භෙති, පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගපරිභාවීතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති.
හැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, භය රහිතයෝ වෙත්වා, සුවපත් වෙත්ව’යි (ක්ලේශ) පරිදාහය සන්හිඳුවා නම් මෛත්‍රීචිත්තවිමුක්තිය ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වෙයි.
සබ‍්බෙ සත‍්තා අවෙරිනො හොන‍්තු ඛෙමිනො හොන‍්තු, සුඛිනො හොන‍්තූති දුට‍්ඨුල‍්ල පටිප‍්පස‍්සම‍්භෙති. පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගපරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති.
හැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, භය රහිතයෝ වෙත්වා, සුවපත් වෙත්ව’යි අශාන්තභාවය සන්හිඳුවා නම් මෛත්‍රීචිත්තවිමුක්තිය ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වෙයි.
සබ‍්බෙ සත‍්තා අවෙරිනො හොන‍්තු ඛෙමිනො හොන‍්තු, සුඛිනො හොන‍්තු චිත‍්තං සමාදහති, සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගපරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති.
හැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, භය රහිතයෝ වෙත්වා, සුවපත් වෙත්ව’යි සිත පිහිටුවා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සමාධිසම්බොධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වෙයි.
සබ‍්බෙ සත‍්තා අවෙරිනො හොන‍්තු ඛෙමිනො හොන‍්තු, සුඛිනො හොන‍්තු ඤාණෙන කිලෙසෙ පටිසඞ‍්ඛාති, උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගපරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති.
හැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, භය රහිතයෝ වෙත්වා, සුවපත් වෙත්ව’යි නුවණින් කෙලෙසුන් ප්‍රත්‍යවේක්‍ෂා කෙරේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වේ.
ඉමෙ සත‍්ත බොජ‍්ඣඞ‍්ගා මෙත‍්තාය චෙතොවිමුත‍්තියා ආසෙවනා හොන‍්ති, ඉමෙහි සත‍්තහි බොජ‍්ඣඞ‍්ගෙහි මෙත‍්තාචෙතොවිමුත‍්ති ආසෙවීයති.
මේ සප්තබෝධ්‍යඞ්ගයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට ආසේවනයෝ වෙති. මේ සප්තබෝධ්‍යඞ්ගයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය ආදරයෙන් සෙවුනා ලැබෙයි.
ඉමෙ සත‍්ත බොජ‍්ඣඞ‍්ගා මෙත‍්තාය චෙතොවිමුත‍්තියා භාවනා හොන‍්ති, ඉමෙහි සත‍්තහි බොජ‍්ඣඞ‍්ගෙහි මෙත‍්තාචෙතොවිමුත‍්ති භාවීයති.
මේ සප්තබෝධ්‍යඞ්ගයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට භාවනයෝ වෙති, මේ සප්තබෝධ්‍යඞ්ගයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය වඩනා ලැබෙයි.
ඉමෙ සත‍්ත බොජ‍්ඣඞ‍්ගා මෙත‍්තාය චෙතොවිමුත‍්තියා බහුලීකතා හොන‍්ති, ඉමෙහි සත‍්තහි බොජ‍්ඣඞ‍්ගෙහි මෙත‍්තාචෙතොවිමුත‍්ති බහුලීකරීයති.
මේ සප්තබෝධ්‍යඞ්ගයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට බහුලීකෘතයෝ වෙති, මේ සප්තබෝධ්‍යඞ්ගයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය බහුල කරනු ලැබෙයි.
ඉමෙ සත‍්ත බොජ‍්ඣඞ‍්ගා මෙත‍්තාය චෙතොවිමුත‍්තියා අලඞ‍්කාරා හොන‍්ති, ඉමෙහි සත‍්තහි බොජ‍්ඣඞ‍්ගෙහි මෙත‍්තාචෙතොවිමුත‍්ති ස‍්වාලඞ‍්කතා හොති.
මේ සප්තබෝධ්‍යඞ්ගයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට අලඞ්කාරයෝ වෙති, මේ සප්තබෝධ්‍යඞ්ගයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය මොනොවට අලංකාර කරනලද වෙයි.
ඉමෙ සත‍්ත බොජ‍්ඣඞ‍්ගා මෙත‍්තාය චෙතොවිමුත‍්තියා පරික‍්ඛාරා හොන‍්ති, ඉමෙහි සත‍්තහි බොජ‍්ඣඞ‍්ගෙහි මෙත‍්තාචෙතොවිමුත‍්ති සුපරික‍්ඛතා හොති.
මේ සප්තබෝධ්‍යඞ්ගයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට පරිෂ්කාරයෝ වෙති, මේ සප්තබෝධ්‍යඞ්ගයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය සුපරිෂ්කෘත වෙයි.
ඉමෙ සත‍්ත බොජ‍්ඣඞ‍්ගා මෙත‍්තාය චෙතොවිමුත‍්තියා පරිවාරා හොන‍්ති, ඉමෙහි සත‍්තහි බොජ‍්ඣඞ‍්ගෙහි මෙත‍්තාචෙතොවිමුත‍්ති සුපරිවුතා හොති.
මේ සප්තබෝධ්‍යඞ්ගයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට පරිවාරයෝ වෙති, මේ සප්තබෝධ්‍යඞ්ගයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය මොනොවට පිරිවරන ලද වේ.
ඉමෙ සත‍්ත බොජ‍්ඣඞ‍්ගා මෙත‍්තාය චෙතොවිමුත‍්තියා ආසෙවනා හොන‍්ති, භාවනා හොන‍්ති, බහුලීකතා හොන‍්ති, අලඞ‍්කාරා හොන‍්ති, පරික‍්ඛාරා හොන‍්ති, පරිවාරා හොන‍්ති, පාරිපූරී හොන‍්ති, සහගතා හොන‍්ති, සහජාතා හොන‍්ති, සංසට‍්ඨා හොන‍්ති, සම‍්පයුත‍්තා හොන‍්ති පක‍්ඛන්‍දනා හොන‍්ති, පසීදනා හොන‍්ති, සන‍්තිට‍්ඨනා හොන‍්ති, විමුච‍්චනා හොන‍්ති, එතං සන‍්ත’න‍්ති ඵස‍්සනා හොන‍්ති, යානීකතා හොන‍්ති, වත්‍ථුකතා හොන‍්ති, අනුට‍්ඨිතා හොන‍්ති, පරිචිතා හොන‍්ති, සුසමාරද‍්ධා හොන‍්ති, සුභාවිතා හොන‍්ති, ස‍්වාධිට‍්ඨිතා හොන‍්ති, සුසමුග‍්ගතා හොන‍්ති, සුවිමුත‍්තා හොන‍්ති, නිබ‍්බත‍්තෙන‍්ති, ජොතෙන‍්ති, පකාසෙන‍්ති.
මේ සප්තබෝධ්‍යඞ්ගයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට ආසේවනයෝ වෙති, භාවනයෝ වෙති, බහුලීකෘතයෝ වෙති, අලඞ්කාරයෝ වෙති, පිරිකර වෙති, පිරිවර වෙති, පරිපූර්‍ණභාවයෝ වෙති, සහගියෝ වෙති, සහජාතයෝ වෙති, සංසෘෂ්ටයෝ වෙති, සම්ප්‍රයුක්තයෝ වෙති, ප්‍රස්කන්‍දනයෝ වෙති, ප්‍රසීදනයෝ වෙති, සන්තිට්යනයෝ වෙති, විමුක්තිකාරණයෝ වෙති, තෙල (මෛත්‍රීචිත්තවිමුක්තිය) ශාන්ත යැ’යි ස්පර්‍ශකාරණයෝ වෙති, යානීකෘතයෝ වෙති, වාස්තුකෘතයෝ වෙති, අනුෂ්ඨිතයෝ වෙති, පරිචිතයෝ වෙති, සුසමාරබ්ධයෝ වෙති, සුභාවිතයෝ වෙති, සුපිහිටියාහු වෙති, සුසමුත්‍ථිත වෙති, සුවිමුක්ත වෙති, (මෛත්‍රීචිත්තවිමුක්තිය) නිපදවති, ප්‍රකට කෙරෙති, බබුළුවත්.
සබ‍්බෙ සත‍්තා අවෙරිනො හොන‍්තු, ඛෙමිනො හොන‍්තු, සුඛිනො හොන‍්තූති සම‍්මා පස‍්සති, සම‍්මාදිට‍්ඨිපරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති.
හැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි මොනොවට දකී නම් මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යග්දෘෂ්ටි විසින් හාත්පසින් වඩනලද වෙයි.
සබ‍්බෙ සත‍්තා අවෙරිනො හොන‍්තු ඛෙමිනො හොන‍්තු, සුඛිනො හොන‍්තූති සම‍්මා අභිනිරොපෙති, සම‍්මාසඞ‍්කප‍්පපරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති.
හැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි මැනැවින් අරමුණට නඟා නම් මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යක්සංකල්පය විසින් මොනොවට වඩනා ලද වෙයි.
සබ‍්බෙ සත‍්තා අවෙරිනො හොන‍්තු ඛෙමිනො හොන‍්තු, සුඛිනො හොන‍්තූති සම‍්මාපරිගණ‍්හාති, සම‍්මාවාචා පරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති.
හැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි මොනොවට පරිග්‍රහ කෙරේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යග්වචන විසින් මොනොවට වඩන ලද වෙයි.
සබ‍්බෙ සත‍්තා අවෙරිනො හොන‍්තු ඛෙමිනො හොන‍්තු, සුඛිනො හොන‍්තූති සම‍්මා සමුට‍්ඨාපෙති, සම‍්මාකම‍්මන‍්තපරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති.
හැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි (ත්‍රිවිධකායසංවරය) මොනොවට නඟාතබා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යක් කර්‍මාන්ත විසින් හාත්පසින් වඩනාලද වෙයි.
සබ‍්බෙ සත‍්තා අවෙරිනො හොන‍්තු ඛෙමිනො හොන‍්තු, සුඛිනො හොන‍්තූති සම‍්මා වොදාපෙති, සම‍්මාආජිවපරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති.
හැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි මොනොවට පරිශුද්ධ කරවා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යගාජීව විසින් හාත්පසින් වඩනා ලද වෙයි.
සබ‍්බෙ සත‍්තා අවෙරිනො හොන‍්තු, ඛෙමිනො හොන‍්තු, සුඛිනො හොන‍්තූති සම‍්මා පග‍්ගණ‍්හාති, සම‍්මාවායාමපරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති.
හැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි මොනොවට ප්‍රග්‍රහ කෙරේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යග්ව්‍යායාම විසින් හාත්පසින් වඩනාලද වෙයි.
සබ‍්බෙ සත‍්තා අවෙරිනො හොන‍්තු ඛෙමිනො හොන‍්තු, සුඛිනො හොන‍්තූති සම‍්මා උපට‍්ඨාපෙති, සම‍්මාසතිපරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති.
හැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි මොනොවට අරමුණෙහි සිත එළවා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යක්ස්මෘති විසින් හාත්පසින් වඩනාලද වෙයි.
සබ‍්බෙ සත‍්තා අවෙරිනො හොන‍්තු ඛෙමිනො හොන‍්තු, සුඛිනො හොන‍්තූති සම‍්මා සමාදහති, සම‍්මාසමාධිපරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති.
හැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි මොනොවට සිත පිහිටුවා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යක්සමාධි විසින් හාත්පසින් වඩනාලද වේ.
ඉමෙ අට‍්ඨ මග‍්ගඞ‍්ගා මෙත‍්තාය චෙතොවිමුත‍්තියා ආසෙවනා හොන‍්ති, ඉමෙහි අට‍්ඨහි මග‍්ගඞ‍්ගෙහි මෙත‍්තාචෙතොවිමුත‍්ති ආසෙවීයති, ඉමෙ අට‍්ඨ මග‍්ගඞ‍්ගා මෙත‍්තාය චෙතොවිමුත‍්තියා භාවනා හොන‍්ති, ඉමෙහි අට‍්ඨහි මග‍්ගඞ‍්ගෙහි මෙත‍්තාචෙතො විමුත‍්ති භාවීයති. ඉමෙ අට‍්ඨ මග‍්ගඞ‍්ගා මෙත‍්තාය චෙතොවිමුත‍්තියා බහුලීකතා හොන‍්ති, ඉමෙහි අට‍්ඨහි මග‍්ගඞ‍්ගෙහි මෙත‍්තාචෙතොවිමුත‍්ති බහුලීකරීයති. ඉමෙ අට‍්ඨමග‍්ගඞ‍්ගා මෙත‍්තාය චෙතොවිමුත‍්තියා අලඞ‍්කාරා හොන‍්ති, ඉමෙහි අට‍්ඨහි මග‍්ගඞ‍්ගෙහි මෙත‍්තාචෙතොවිමුත‍්ති ස‍්වාලඞ‍්කතා හොති, ඉමෙ අට‍්ඨ මග‍්ගඞ‍්ගා මෙත‍්තාය චෙතොවිමුත‍්තියා පරික‍්ඛාරා හොන‍්ති, ඉමෙහි අට‍්ඨහි මග‍්ගඞ‍්ගෙහි මෙත‍්තාචෙතොවිමුත‍්ති සුපරික‍්ඛතා හොති, ඉමෙ අට‍්ඨ මග‍්ගඞ‍්ගා මෙත‍්තාය චෙතොවිමුත‍්තියා පරිවාරා හොන‍්ති, ඉමෙහි අට‍්ඨහි මග‍්ගඞ‍්ගෙහි මෙත‍්තාචෙතොවිමුත‍්ති සුපරිවුතා හොති.
මේ මාර්‍ගාඞ්ගයෝ අට දෙන මෛත්‍රීචිත්තවිමුක්තියට ආසේවනයෝ වෙති, මේ මාර්‍ගාඞ්ගයන් අටදෙන විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය ආදරයෙන් සෙවුනා ලැබෙයි. මේ මාර්‍ගාඞ්ගයෝ අටදෙන මෛත්‍රීචිත්තවිමුක්ති ට භාවනයෝ වෙති, මේ මාර්‍ගාඞ්ගයන් අටදෙන විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය වඩනා ලැබෙයි. මේ මාර්‍ගාඞ්ගයෝ අටදෙන මෛත්‍රීචිත්තවිමුක්තියට බහුලීකෘතයෝ වෙති, මේ මාර්‍ගාඞ්ගයන් අටදෙන විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය බහුල (පුනපුනා) කරනු ලැබෙයි. මේ මාර්‍ගාඞ්ගයෝ අටදෙන මෛත්‍රීචිත්තවිමුක්තියට අලඞ්කාරයෝ වෙති, මේ මාර්‍ගාඞ්ගයන් අටදෙනා විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය මොනොවට අලඞ්කාර කරනලද වෙයි, මේ මාර්‍ගාඞ්ගයෝ අටදෙන මෛත්‍රීචිත්තවිමුක්තියට පිරිකර වෙති, මේ මාර්‍ගාඞ්ගයන් අටදෙනා විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය පරිෂ්කෘත වෙයි. මේ මාර්‍ගාඞ්ගයෝ අටදෙන මෛත්‍රීචිත්තවිමුක්තියට පිරිවර වෙති, මේ මාර්‍ගාඞ්ගයන් අටදෙනා විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය මොනොවට පිරිවරනලද වේ.
ඉමෙ අට‍්ඨ මග‍්ගඞ‍්ගා මෙත‍්තාය චෙතොවිමුත‍්තියා ආසෙවනා හොන‍්ති, භාවනා හොන‍්ති, බහුලීකතා හොන‍්ති, අලඞ‍්කාරා හොන‍්ති, පරික‍්ඛාරා හොන‍්ති, පරිවාරා හොන‍්ති, පාරිපූරී හොන‍්ති, සහගතා හොන‍්ති, සහජාතා හොන‍්ති, සංසට‍්ඨා හොන‍්ති, සම‍්පයුත‍්තා හොන‍්ති, පක‍්ඛන්‍දනා හොන‍්ති, පසීදනා හොන‍්ති, සන‍්තිට‍්ඨනා හොන‍්ති, විමුච‍්චනා හොන‍්ති, ‘එත සන‍්ත’න‍්ති ඵස‍්සනා හොන‍්ති, යානීකතා හොන‍්ති, වත්‍ථුකතා හොන‍්ති අනුට‍්ඨිතා හොන‍්ති, පරිචිතා හොන‍්ති, සුසමාරද‍්ධා හොන‍්ති, ස‍්වාධිට‍්ඨිතා හොන‍්ති, සුසමුග‍්ගතා හොන‍්ති, සුවිමුත‍්තා හොන‍්ති, නිබ‍්බත‍්තෙන‍්ති, ජොතෙන‍්ති, පකාසෙන‍්ති.
මේ මාර්‍ගාඞ්ගයෝ අටදෙනා මෛත්‍රීචිත්තවිමුක්තියට ආසේවනයෝ වෙති, භාවනයෝ වෙති, බහුලීකෘතයෝ වෙති, අලඞ්කාරයෝ වෙති, පරිෂ්කාරයෝ වෙති, පරිවාරයෝ වෙති, පරිපූර්‍ණභාවයෝ වෙති, සහගතයෝ වෙති, සහජාතයෝ වෙති, සංසෘෂ්ටයෝ වෙති, සම්ප්‍රයුක්තයෝ වෙති, ප්‍රස්කන්‍දනයෝ වෙති, ප්‍රසීදනයෝ වෙති, සන්තිට්ඨනයෝ වෙති, විමුක්තිකාරණයෝ වෙති, ‘තෙල මෛත්‍රීචිත්තවිමුක්තිය ශාන්ත’ යැ යි ස්පර්‍ශකාරණයෝ වෙති, යානිකෘතයෝ වෙති, වාස්තුකෘතයෝ වෙති, අනුෂ්ඨිතයෝ (එළඹසිටියාහු) වෙති, පරිචිතයෝ වෙති, සුසමාරබ්ධයෝ වෙති. මොනොවට පිහිටියාහු වෙති, සුසමුත්‍ථිතයෝ වෙති, සුවිමුක්තයෝ වෙති, (මෛත්‍රීචිත්තවිමුක්තිය) නිපදවති, ප්‍රකට කෙරෙති, බබුළුවත්.
සබ‍්බෙසං පාණානං -පෙ- සබ‍්බෙසං භූතානං -පෙ- සබ‍්බෙසං පුග‍්ගලානං -පෙ- සබ‍්බෙසං අත‍්තභාවපරියාපන‍්නානං -පෙ- සබ‍්බෙසං ඉත්‍ථීනං -පෙ- සබ‍්බෙසං පුරිසානං -පෙ- සබ‍්බෙසං අරියානං -පෙ- සබ‍්බෙසං අනරියානං -පෙ- සබ‍්බෙසං දෙවානං -පෙ- සබ‍්බෙසං මනුස‍්සානං -පෙ- සබ‍්බෙසං විනිපාතිකානං පීළනං වජ‍්ජෙත්‍වා අපීළනාය, උපඝාතං වජ‍්ජෙත්‍වා අනුපඝාතෙන, සන‍්තාපං වජ‍්ජෙත්‍වා අසන‍්තාපෙන, පරියාදානං වජ‍්ජෙත්‍වා අපරියාදානෙන, විහෙසං වජ‍්ජෙත්‍වා අවිහෙසාය, සබ‍්බෙ විනිපාතිකා අවෙරිනො හොන‍්තු, මා වෙරිනො, සුඛිනො හොන‍්තු, මා දුක‍්ඛිනො, සුඛිතත‍්තා හොන‍්තු, මා දුක‍්ඛිතත‍්තාති ඉමෙහි අට‍්ඨහාකාරෙහි සබ‍්බෙ විනිපාතිකෙ මෙත‍්තායතීති මෙත‍්තා, තං ධම‍්මං චෙතයතීති චෙතො, සබ‍්බබ්‍යාපාද පරියුට‍්ඨානෙහි විමුච‍්චිතීති විමුත‍්ති, මෙත‍්තා ච චෙතො ච විමුත‍්ති චාති මෙත‍්තාචෙතොවිමුත‍්ති.
හැම ප්‍රාණයන් පිළිබඳ ... හැම භූතයන් පිළිබඳ ... හැම පුද්ගලයන් පිළිබඳ ... හැම ආත්මභාවපර්‍ය්‍යාපන්නයන් පිළිබඳ ... හැම මාගමුන් පිළිබඳ ... හැම පිරිමින් පිළිබඳ ... හැම ආර්‍ය්‍යයන් පිළිබඳ ... හැම අනාර්‍ය්‍යයන් පිළිබඳ ... හැම දෙවියන් පිළිබඳ ... හැම මිනිසුන් පිළිබඳ ... හැම විනිපාතිකයන් පිළිබඳ (අභ්‍යන්තරශරීර) පීඩනය (තම සිතින්) හැරපියා අපීඩනාකාරයෙන් බාහිරශරීරහිංසාව හැරපියා අහිංසාකාරයෙන් (මනස්) සන්තාපය හැරපියා අසන්තාපාකාරයෙන්, ජීවිතාදිපරික්‍ෂය හැරපියා අපරියාදානාකාරයෙන්, මෙරමා කෙරෙත් ජීවිතාදිවිහිංසාව හැරපියා අවිහිංසාකාරයෙන්, හැම විනිපාතිකයෝ වෛර නැත්තාහු වෙත්වා, නහමක් වෛරීහු වෙත්වා, සුවපත් වෙත්වා, නහමක් දුක්පත් වෙත්වා, සුඛිතාත්මයෝ වෙත්වා, නහමක් දුඃඛිතාත්මයෝ වෙත්ව’යි මේ අට අයුරින් හැම විනිපාතිකයන්ට මෙත් වඩා නු’යි ‘මෙත්තා’ නමු. ඒ ධර්‍මය සිතා නු’යි ‘චේතෝ’ නම, (මෛත්‍රීප්‍රතිපක්‍ෂ) හැම ව්‍යාපාදපර්‍ය්‍යුත්‍ථානයන් කෙරෙත් විමුක්ත වේ නු’යි ‘විමුත්ති’ නමු. මෙත්තා ද චේතෝ ද විමුත්ති දැ’යි ‘මෙත්තාචේතෝවිමුක්ති’ නමු.
සබ‍්බෙ විනිපාතිකා අවෙරිනො හොන‍්තු, ඛෙමිනො හොන‍්තු, සුඛිනො හොන‍්තූති සද‍්ධාය අධිමුච‍්චති, සද‍්ධින්‍ද්‍රිය පරිභාවිතා හොති මෙත‍්තා චෙතොවිමුත‍්ති -පෙ- නිබ‍්බත‍්තෙන‍්ති, ජොතෙන‍්ති, පකාසෙන‍්ති.
හැම විනිපාතිකයෝ වෛර නැත්තාහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි ශ්‍රද්ධායෙන් අධිමුක්ත වේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය ශ්‍රද්ධේන්‍ද්‍රිය විසින් පරිභාවිත වෙයි ... නිපදවති, ප්‍රකට කෙරෙති, බබුළුවත්.
සබ‍්බෙං පුරත්‍ථිමාය දිසාය සත‍්තානං -පෙ- සබ‍්බෙසං පච‍්ඡිමාය දිසාය සත‍්තානං -පෙ- සබ‍්බෙසං උත‍්තරාය දිසාය සත‍්තානං -පෙ- සබ‍්බෙසං දක‍්ඛිණාය දිසාය සත‍්තානං -පෙ- සබ‍්බෙසං පුරත්‍ථිමාය අනුදිසාය සත‍්තානං -පෙ- සබ‍්බෙසං පච‍්ඡිමාය අනුදිසාය සත‍්තානං -පෙ- සබ‍්බෙසං උත‍්තරාය අනුදිසාය සත‍්තානං -පෙ- සබ‍්බෙසං දක‍්ඛිණාය අනුදිසාය සත‍්තානං -පෙ- සබ‍්බෙසං හෙට‍්ඨිමාය දිසාය සත‍්තානං -පෙ- සබ‍්බෙසං උපරිමාය දිසාය සත‍්තානං පීළනං වජ‍්ජෙත්‍වා අපීළනාය උපඝාතං වජ‍්ජෙත්‍වා අනුපඝාතෙන, සන‍්තාපං වජ‍්ජෙත්‍වා අසන‍්තාපෙන, පරියාදානං වජ‍්ජෙත්‍වා අපරියාදානෙන, විහෙසං වජ‍්ජෙත්‍වා අවිහෙසාය සබ‍්බෙ උපරිමාය දිසාය සත‍්තා අවෙරිනො හොන‍්තු, මා වෙරිනො, සුඛිනො හොන‍්තු, මා දුක‍්ඛිනො, සුඛිතත‍්තා හොන‍්තු, මා දුක‍්ඛිතත‍්තාති ඉමෙහි අට‍්ඨහාකාරෙහි සබ‍්බෙ උපරිමාය දිසාය සත‍්තෙ මෙත‍්තායතීති මෙත‍්තා, තං ධම‍්මං චෙතයතීති චෙතො, සබ‍්බබ්‍යාපාදපරියුට‍්ඨානෙහි විමුච‍්චිතීති විමුත‍්ති, මෙත‍්තා ච චෙතො ච විමුත‍්ති චාති මෙත‍්තාචෙතොවිමුත‍්ති.
පැදුන්දෙස හැම සතුන් පිළිබඳ ... පැසිම්දෙස හැම සතුන් පිළිබඳ ... උතුරුදෙස හැම සතුන් පිළිබඳ ... දකුණුදෙස හැම සතුන් පිළිබඳ ... පැදුන්අනුදෙස හැම සතුන් පිළිබඳ ... පැසිම් අනුදෙස හැම සතුන් පිළිබඳ ... උතුරු අනුදෙස හැම සතුන් පිළිබඳ ... දකුණු අනුදෙස හැම සතුන් පිළිබඳ ... යටදෙස හැම සතුන් පිළිබඳ ... උඩදෙස හැම සතුන් පිළිබඳ ... (අභ්‍යන්තර ශරීර) පීඩනය (තම සිතින්) හැර පියා අපීඩනාකාරයෙන් බාහිරශරීරහිංසා හැරපියා අහිංසාකාරයෙන්, චිත්තසන්තාපය හැරපියා අසන්තාපාකාරයෙන්, ජීවිතපරියාදානය හැරපියා අපරියාදානාකාරයෙන් ජීවිතවිහෙසාව හැරපියා අවිහෙසාකාරයෙන්, උඩදෙස හැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, නහමක් වෛරීහු වෙත්වා, සුවපත් වෙත්වා, නහමක් දුක්පත් වෙත්වා, සුඛිතාත්ම වෙත්වා, නහමක් දුඃඛිතාත්ම වෙත්ව’යි මේ අට අයුරින් උඩදෙස හැම සත්නට මෙත් වඩානු’යි ‘මෛත්‍රී’ නමු. ඒ ධර්‍මය සිතා නු’යි ‘චිත්ත’ නම. (මෛත්‍රීප්‍රතිපක්‍ෂ) හැම ව්‍යාපාදපර්‍ය්‍යුත්‍ථානයන් කෙරෙන් මිදේ නු’යි විමුක්ති නමු. මෛත්‍රී ද චිත්ත ද විමුක්ති දැ’යි ‘මෛත්‍රීචිත්තවිමුක්ති’ නමු.
සබ‍්බෙ උපරිමාය දිසාය සත‍්තා අවෙරිනො හොන‍්තු, ඛෙමිනො හොන‍්තු, සුඛිනො හොන‍්තූති සද‍්ධාය අධිමුච‍්චති, සද‍්ධින්‍ද්‍රියපරිභාවිතා හොති මෙත‍්තාචෙතො විමුත‍්ති -පෙ- නිබ‍්බත‍්තෙන‍්ති, ජොතෙන‍්ති, පකාසෙන‍්ති.
උඩදෙස හැම සත්හු අවෛරීහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි ශ්‍රද්ධායෙන් අධිමුක්ත වේ නම් මෛත්‍රීචිත්තවිමුක්තිය ශ්‍රද්ධේන්‍ද්‍රිය විසින් පරිභාවිත වූවා වෙයි නිපදවති, පාළ කෙරෙති, බබුළුවත්.
සබ‍්බෙසං පුරත්‍ථිමාය දිසාය පාණානං -පෙ- භූතානං -පෙ- පුග‍්ගලානං -පෙ- අත‍්තභාවපරියාපන‍්නානං -පෙ- සබ‍්බාසං ඉත්‍ථීනං -පෙ- සබ‍්බෙසං පුරිසානං -පෙ- සබ‍්බෙසං අරියානං -පෙ- සබ‍්බෙසං අනරියානං -පෙ- සබ‍්බෙසං දෙවානං -පෙ- සබ‍්බෙසං මනුස‍්සානං -පෙ- සබ‍්බෙසං විනිපාතිකානං -පෙ- සබ‍්බෙසං පච‍්ඡිමාය දිසාය විනිපාතිකානං -පෙ- සබ‍්බෙසං උත‍්තරාය දිසාය විනිපාතිකානං -පෙ- සබ‍්බෙසං දක‍්ඛිණාය දිසාය විනිපාතිකානං -පෙ- සබ‍්බෙසං පුරත්‍ථිමාය අනුදිසාය විනිපාතිකානං -පෙ- සබ‍්බෙසං පච‍්ඡිමාය අනුදිසාය විනිපාතිකානං -පෙ- සබ‍්බෙසං උත‍්තරාය අනුදිසාය විනිපාතිකානං -පෙ- සබ‍්බෙසං දක‍්ඛිණාය අනුදිසාය විනිපාතිකානං -පෙ- සබ‍්බෙසං හෙට‍්ඨිමාය දිසාය විනිපාතිකානං -පෙ- සබ‍්බෙසං උපරිමාය දිසාය විනිපාතිකානං පීළනං වජ‍්ජෙත්‍වා අපීළනාය, උපඝාතං වජ‍්ජෙත්‍වා අනුපඝාතෙන සන‍්තාපං වජ‍්ජෙත්‍වා අසන‍්තාපෙන, පරියාදානං වජ‍්ජෙත්‍වා අපරියාදානෙන, විහෙසං වජ‍්ජෙත්‍වා අවිහෙසාය, සබ‍්බෙ උපරිමාය දිසාය සත‍්තා අවෙරිනො හොන‍්තු, මා වෙරිනො. සුඛිනො හොන‍්තු, මා දුක‍්ඛිනො. සුඛිතත‍්තා හොන‍්තු, මා දුක‍්ඛිතත‍්තාති ඉමෙහි අට‍්ඨහාකාරෙහි සබ‍්බෙ උපරිමාය දිසාය විනිපාතිකෙ මෙත‍්තායතීති මෙත‍්තා, තං ධම‍්මං චෙතයතීති චෙතො, සබ‍්බබ්‍යාපාදපරියුට‍්ඨානෙහි විමුච‍්චිතීති විමුත‍්ති, මෙත‍්තා ච චෙතො ච විමුත‍්ති චාති මෙත‍්තාචෙතොවිමුත‍්ති.
පැදුන්දෙස හැම ප්‍රාණයන් පිළිබඳ .. භූතයන් ... පුද්ගලයන් ආත්මභාවපර්‍ය්‍යාපන්නයන් පිළිබඳ ... හැම ස්ත්‍රීන් ... හැම පුරුෂයන් ... හැම ආර්‍ය්‍යයන් ... හැම අනාර්‍ය්‍යයන් ... හැම දෙවියන් ... හැම මිනිසුන් ... හැම විනිපාතිකයන් පිළිබඳ ... පැදුන්දෙස හැම විනිපාතිකයන් ... පැසිම් දෙස හැම විනිපාතිකයන් ... උතුරුදෙස හැම විනිපාතිකයන් ... දතුණුදෙස හැම විනිපාතිකයන් ... පැදුන් අනුදෙස හැම විනිපාතිකයන් ... පැසිම් අනුදෙස හැම විනිපාතිකයන් ... උතුරු අනුදෙස හැම විනිපාතිකයන් ... දකුණු අනුදෙස හැම විනිපාතිකයන් ... යටදෙස හැම විනිපාතිකයන් ... උඩදෙස හැම විනිපාතිකයන් පිළිබඳ පීඩනය හැරපියා අපීඩනාකාරයෙන්, උපඝාතය හැරපියා අනුපඝාතාකාරයෙන්, සන්තාපය හැරපියා අසන්තාපාකාරයෙන්, පරියාදානය හැරපියා අපරියාදානාකාරයෙන්, විහෙසාව හැරපියා අවිහෙසාකාරයෙන්, උඩදෙස හැම විනිපාතිකයෝ අවෛරීහු වෙත්වා, නහමක් වෛරීහු වෙත්වා. සුඛීහු වෙත්වා, නහමක් දුඃඛීහු වෙත්වා. සුඛිතාත්මයෝ වෙත්වා, නහමක් දුඃඛිතාත්ම වෙත්ව’යි මේ අට අයුරින් උඩදෙස හැම විනිපාතිකයනට මෙත් වඩානු’යි ‘මෛත්‍රී’ නමු. ඒ ධර්‍මය සිතානු’යි ‘චිත්ත’ නමු. හැම ව්‍යාපාදපර්‍ය්‍යුත්‍ථානයන් කෙරෙත් මිදේ නු’යි විමුක්ති නමු. මෛත්‍රී ද චිත්ත ද විමුක්ති දැ’යි ‘මෛත්‍රීචිත්තවිමුක්ති’නමු.
සබ‍්බෙ උපරිමාය දිසාය විනිපාතිකා අවෙරිනො හොන‍්තු, ඛෙමිනො හොන‍්තු, සුඛිනො හොන‍්තූති සද‍්ධාය අධිමුච‍්චති, සද‍්ධින්‍ද්‍රිය පරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති. සබ‍්බෙ උපරිමාය දිසාය විනිපාතිකා අවෙරිනො හොන‍්තු, ඛෙමිනො හොන‍්තු, සුඛිනො හොන‍්තූති විරියං පග‍්ගණ‍්හාති, විරියින්‍ද්‍රියපරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති -පෙ- සති උපට‍්ඨාපෙති, සතින්‍ද්‍රියපරිභාවිතා හොති මෙත‍්තා චෙතොවිමුත‍්ති -පෙ- චිත‍්තං සමාදහති, සමාධින්‍ද්‍රියපරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති -පෙ- පඤ‍්ඤාය පජානාති, පඤ‍්ඤින්‍ද්‍රියපරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති.
හැම උඩදෙස විනිපාතිකයෝ අවෛරීහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි ශ්‍රද්ධායෙන් අධිමුක්ත වේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය ශ්‍රද්ධේන්‍ද්‍රිය විසින් පරිභාවිත වූවා වෙයි. උඩදෙස හැම විනිපාතිකයෝ අවෛරීහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි වීර්‍ය්‍යය ප්‍රග්‍රහ කෙරේ නම්, ‘මෛත්‍රීචිත්තවිමුක්තිය’ වීර්‍ය්‍යෙන්‍ද්‍රිය විසින් පරිභාවිත වූවා වෙයි. සිහි එළවා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය ස්මෘතීන්‍ද්‍රිය විසින් පරිභාවිත වූවා වෙයි. සිත පිහිටුවා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සමාධීන්‍ද්‍රිය විසින් පරිභාවිත වූවා වෙයි, ප්‍රඥායෙන් දැනගනී නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය ප්‍රඥේන්‍ද්‍රිය විසින් පරිභාවිත වූවා වේ.
ඉමානි පඤ‍්චින්‍ද්‍රියානි මෙත‍්තාය චෙතොවිමුත‍්තියා ආසෙවනා හොන‍්ති, ඉමෙහි පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි මෙත‍්තාචෙතොවිමුත‍්ති ආසෙවීයති -පෙ- නිබ‍්බත‍්තෙන‍්ති, ජොතෙන‍්ති, පකාසෙන‍්ති.
මේ පඤ්චේන්‍ද්‍රියයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට ආසේවනයෝ වෙති, මේ පඤ්චේන්‍ද්‍රියයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය ආදරයෙන් සෙවුනා ලැබෙයි. ... නිර්වර්තනය කෙරෙති, ද්‍යොතනය කෙරෙති, ප්‍රකාශනය කෙරෙත්.
සබ‍්බෙ උපරිමාය දිසාය විනිපාතිකා අවෙරිනො හොන‍්තු, ඛෙමිනො හොන‍්තු, සුඛිනො හොන‍්තූති අස‍්සද‍්ධියෙන කම‍්පති, සද‍්ධාබලපරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති -පෙ- කොසජ‍්ජෙ න කම‍්පති, විරියබලපරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති -පෙ- පමාදෙ න කම‍්පති, සති බලපරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති -පෙ- උද‍්ධච‍්චෙ න කම‍්පති, සමාධිබලපරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති -පෙ- අවිජ‍්ජාය න කම‍්පති, පඤ‍්ඤාබලපරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති.
උඩදෙස හැම විනිපාතිකයෝ වෛර නැත්තාහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි අශ්‍රද්ධායෙහි නො සැලේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය ශ්‍රද්ධාබල විසින් පරිභාවිත වූවා වෙයි ... කෞසීද්‍යායෙහි නො සැලේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය වීර්‍ය්‍යබල විසින් පරිභාවිත වූවා වෙයි. ප්‍රමාදයෙහි නො සැලේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය ස්මෘතිබල විසින් පරිභාවිත වූවා වෙයි ... ඖද්ධත්‍යයෙහි නො සැලේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සමාධිබල විසින් පරිභාවිත වූවා වෙයි. අවිද්‍යායෙහි නො සැලේ නම් මෛත්‍රීචිත්තවිමුක්තිය ප්‍රඥාබල විසින් පරිභාවිත වූවා වේ.
ඉමානි පඤ‍්ච බලානි මෙත‍්තාය චෙතොවිමුත‍්තියා ආසෙවනා හොන‍්ති, ඉමෙහි පඤ‍්ච බලෙහි මෙත‍්තාචෙතොවිමුත‍්ති ආසෙවීයති -පෙ- නිබ‍්බත‍්තෙන‍්ති, ජොතෙන‍්ති, පකාසෙන‍්ති.
මේ පඤ්චබලයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට ආසේවනයෝ වෙති, මේ පඤ්චබලයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය ආදරයෙන් සෙවුනා ලැබෙයි ... නිර්වර්තනය කෙරෙති, ද්‍යොතනය කෙරෙති, ප්‍රකාශනය කෙරෙත්.
සබ‍්බෙ උපරිමාය දිසාය විනිපාතිකා අවෙරිනො හොන‍්තු, ඛෙමිනො හොන‍්තු, සුඛිනො හොන‍්තූති සතිං උපට‍්ඨාපෙති, සතිසම‍්බොජ‍්ඣඞ‍්ගපරිභාවිතා හොති මෙත‍්තා චෙතොවිමුත‍්ති. -පෙ- පඤ‍්ඤාය පවිචිනාති, ධම‍්මවිචය සම‍්බොජ‍්ඣඞ‍්ගපරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති -පෙ- විරියං පග‍්ගණ‍්හාති, විරියසම‍්බොජ‍්ඣඞ‍්ගපරිභාවිතා හොති මෙත‍්තා චෙතොවිමුත‍්ති -පෙ- පරිළාහං පටිප‍්පස‍්සම‍්භෙති, පිතිසම‍්බොජ‍්ඣඞ‍්ගපරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති -පෙ- දුට‍්ඨුල‍්ලං පටිප‍්පස‍්සම‍්භෙති, පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගපරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති -පෙ- චිත‍්තං සමාදහති, සමාධිසමබොජ‍්ඣඞ‍්ගපරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති, ඤාණෙන කිලෙසෙ පටිසඞ‍්ඛාති, උපෙක‍්ඛොසබ‍්බොජ‍්ඣඞ‍්ගපරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති.
උඩදෙස හැම විනිපාතිකයෝ අවෛරීහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි සිහි එළවා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය ස්මෘතිසම්බොධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වෙයි ... ප්‍රඥායෙන් විමසා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වෙයි ... වීර්‍ය්‍යය ප්‍රග්‍රහ කෙරේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වෙයි ... ක්ලේශපරිදාහය සන්හිඳුවා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වෙයි ... අශාන්තභාවය සන්හිඳුවා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වෙයි, සිත සමාදහනය කෙරේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සමාධිසම්බොධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වෙයි, ඥානයෙන් ක්ලේශයන් ප්‍රත්‍යවේක්‍ෂා කොරේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වේ.
ඉමානි සත‍්ත බොජ‍්ඣඞ‍්ගා මෙත‍්තාය චෙතොවිමුත‍්තියා ආසෙවනා හොන‍්ති, ඉමෙහි සත‍්තහි බොජ‍්ඣඞ‍්ගෙහි මෙත‍්තාචෙතොවිමුත‍්ති ආසෙවීයති -පෙ- නිබ‍්බත‍්තෙන‍්ති, ජොතෙන‍්ති, පකාසෙන‍්ති.
මේ සප්තබෝධ්‍යඞ්ගයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට ආසේවනයෝ වෙති. මේ සප්තබෝධ්‍යඞ්ගයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය ආදරයෙන් සෙවුනා ලැබෙයි, උපදවති, බබුළුව පාළ කෙරෙතිත්.
සබ‍්බෙ උපරිමාය දිසාය විනිපාතිකා අවෙරිනො හොන‍්තු, ඛෙමිනො හොන‍්තු, සුඛිනො හොන‍්තූති සම‍්මා පස‍්සති, සම‍්මාදිට‍්ඨිපරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති -පෙ- සම‍්මා අභිනිරොපෙති, සම‍්මාසඞ‍්කප‍්පපරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති -පෙ- සම‍්මා පරිගණ‍්හාති, සම‍්මාවාචාපරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති -පෙ- සම‍්මා සමුට‍්ඨාපෙති, සම‍්මාකම‍්මන‍්තපරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති -පෙ- සම‍්මා වොදාපෙති, සම‍්මාආජිවපරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති -පෙ- සම‍්මා පග‍්ගණ‍්හාති, සම‍්මාවායාමපරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති -පෙ- සම‍්මා උපට‍්ඨාති, සම‍්මාසතිපරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති -පෙ- සම‍්මා සමාදහති, සම‍්මාසමාධිපරිභාවිතා හොති මෙත‍්තාචෙතොවිමුත‍්ති.
උපරිමදිශායෙහි හැම විනිපාතිකයෝ අවෛරීහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි මොනොවට දකී නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යග්දෘෂ්ටි විසින් පරිභාවිත වූවා වෙයි ... මොනොවට සිත අරමුණට නංවා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යක්සංකල්ප විසින් පරිභාවිත වූවා වෙයි ... මොනොවට පරිග්‍රහ කෙරේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යග්වචන විසින් පරිභාවිත වූවා වෙයි ... (ත්‍රිවිධකායසංවරය) මොනොවට ඔසොවා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යක්කර්‍මාන්ත විසින් පරිභාවිත වූවා වෙයි … මොනොවට පරිශුද්ධකරවා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යගාජීව විසින් පරිභාවිත වූවා වෙයි ... මොනොවට ප්‍ර‍්‍රග්‍රහ කෙරේ, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යග්ව්‍යායාම විසින් පරිභාවිත වූවා වෙයි ... මොනොවට වටහා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යක්ස්මෘති විසින් පරිභාවිත වූවා වෙයි ... මොනොවට පිහිටුවා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යක්සමාධි විසින් පරිභාවිත වූවා වේ.
ඉමෙ අට‍්ඨ මග‍්ගඞ‍්ගා මෙත‍්තාය චෙතොවිමුත‍්තියා ආසෙවනා හොන‍්ති, ඉමෙහි අට‍්ඨහි මග‍්ගඞ‍්ගෙහි මෙත‍්තාචෙතොවිමුත‍්ති ආසෙවීයති -පෙ- ඉමෙ අට‍්ඨ මග‍්ගඞ‍්ගා මෙත‍්තාය චෙතොවිමුත‍්තියා පරිවාරා හොන‍්ති, ඉමෙහි අට‍්ඨහි මග‍්ගඞ‍්ගෙහි මෙත‍්තාචෙතොවිමුත‍්ති සුපරිවුතා හොති.
මේ මාර්‍ගාඞ්ගයෝ අටදෙන මෛත්‍රීචිත්තවිමුක්තියට ආසේවනයෝ වෙති, මේ මාර්‍ගාඞ්ගයන් අටදෙනා විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය ආදරයෙන් සෙවුනා ලැබෙයි ... මේ මාර්‍ගාඞ්ගයෝ අටදෙන මෛත්‍රීචිත්තවිමුක්තියට පරිවාරයෝ වෙති, මේ මාර්‍ගාඞ්ගයන් අටදෙනා විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය මොනොවට පිරිවරනලද වේ.
ඉමෙ අට‍්ඨ මග‍්ගඞ‍්ගා මෙත‍්තාය චෙතොවිමුත‍්තියා ආසෙවනා හොන‍්ති, භාවනා හොන‍්ති, බහුලීකතා හොන‍්ති, අලඞ‍්කාරා හොන‍්ති, පරික‍්ඛාරා හොන‍්ති, පරිවාරා හොන‍්ති, පාරිපූරී හොන‍්ති, සහගතා හොන‍්ති, සහජාතා හොන‍්ති, සංසට‍්ඨා හොන‍්ති, සම‍්පයුත‍්තා හොන‍්ති, පක‍්ඛන්‍දනා හොන‍්ති, පසීදනා හොන‍්ති, සන‍්තිට‍්ඨානා හොන‍්ති, විමුච‍්චනා හොන‍්ති, ‘එතං සත‍්ත’න‍්ති ඵස‍්සනා හොන‍්ති, යානීකතා හොන‍්ති, වත්‍ථුකතා හොන‍්ති, අනුට‍්ඨිතා හොන‍්ති, පරිචිතා හොන‍්ති, සුසමාරද‍්ධා හොන‍්ති, සුභාවිතා හොන‍්ති, ස‍්වාධිට‍්ඨිතා හොන‍්ති, සුසමුග‍්ගතා හොන‍්ති, සුවිමුත‍්තා හොන‍්ති. නිබ‍්බත‍්තෙන‍්ති, ජොතෙන‍්ති, පකාසෙන‍්තීති.
මේ අෂ්ටමාර්‍ගාඞ්ගයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට ආසේවනයෝ වෙති, භාවනයෝ වෙති, බහුලීකෘතයෝ වෙති, අලඞ්කාරයෝ වෙති, පරිෂ්කාරයෝ වෙති, පරිවාරයෝ වෙති, පරිපූර්‍ණභාවයෝ වෙති, සහගතයෝ වෙති, සහජාතයෝ වෙති, සංසෘෂ්ටයෝ වෙති, සම්ප්‍රයුක්තයෝ වෙති, ප්‍රස්කන්‍දනයෝ වෙති, ප්‍රසීදනයෝ වෙති, සන්තිට්ඨනයෝ වෙති, විමුක්තිකාරණයෝ වෙති, ‘තෙල (මෛත්‍රීචිත්තවිමුක්තිය) ශාන්ත යැ’යි ස්පර්‍ශකාරණයෝ වෙති, යානීකෘතයෝ වෙති, වාස්තුකෘතයෝ වෙති, අනුෂ්ඨිතයෝ වෙති, පරිචිතයෝ වෙති, සුසමාරබ්ධයෝ වෙති, සුභාවිතයෝ වෙති, මොනොවට පිහිටියාහු වෙති, සුසමුත්‍ථිතයෝ වෙති, සුවිමුක්තයෝ වෙති, උපදවති, පාළ කෙරෙති, බබුළුවත්.
මෙත‍්තාකථා සමත‍්තා
මෛත්‍රීකථා නිමි.