යෙදුමෙන් කියවන්න

බොජ‍්ඣඞ‍්ගකථා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

බෝධ්‍යඞ්ග කථා

බොජ‍්ඣඞ‍්ගකථාවණ‍්ණනා

බොජ්ඣඞ්ගකථාවණ්ණනා

ඉදානි සච‍්චප‍්පටිවෙධසිද‍්ධං බොජ‍්ඣඞ‍්ගවිසෙසං දස‍්සෙන‍්තෙන කථිතාය සුත‍්තන‍්තපුබ‍්බඞ‍්ගමාය බොජ‍්ඣඞ‍්ගකථාය අපුබ‍්බත්‍ථානුවණ‍්ණනා. තත්‍ථ සුත‍්තන‍්තෙ තාව බොජ‍්ඣඞ‍්ගාති බොධියා, බොධිස‍්ස වා අඞ‍්ගාති බොජ‍්ඣඞ‍්ගා. කිං වුත‍්තං හොති (සං· නි· අට‍්ඨ· 3.5.182) – යා හි අයං ධම‍්මසාමග‍්ගී, යාය ලොකුත‍්තරමග‍්ගක‍්ඛණෙ උප‍්පජ‍්ජමානාය ලීනුද‍්ධච‍්චපතිට‍්ඨානායූහනකාමසුඛත‍්තකිලමථානුයොගඋච‍්ඡෙදසස‍්සතාභිනිවෙසාදීනං අනෙකෙසං උපද‍්දවානං පටිපක‍්ඛභූතාය සතිධම‍්මවිචයවීරියපීතිපස‍්සද‍්ධිසමාධිඋපෙක‍්ඛාසඞ‍්ඛාතාය ධම‍්මසාමග‍්ගියා අරියසාවකො බුජ‍්ඣතීති කත්‍වා බොධීති වුච‍්චති, බුජ‍්ඣතීති කිලෙසසන‍්තානනිද‍්දාය වුට‍්ඨහති, චත‍්තාරි වා අරියසච‍්චානි පටිවිජ‍්ඣති, නිබ‍්බානමෙව වා සච‍්ඡිකරොතීති වුත‍්තං හොති. යථාහ – “සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ භාවෙත්‍වා අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුද‍්ධො”ති (සං· නි· 5.378; දී· නි· 3.143). තස‍්සා ධම‍්මසාමග‍්ගීසඞ‍්ඛාතාය බොධියා අඞ‍්ගාති බොජ‍්ඣඞ‍්ගා ඣානඞ‍්ගමග‍්ගඞ‍්ගාදයො විය. යොපෙස යථාවුත‍්තප‍්පකාරාය එතාය ධම‍්මසාමග‍්ගියා බුජ‍්ඣතීති කත්‍වා අරියසාවකො බොධීති වුච‍්චති, තස‍්ස බොධිස‍්ස අඞ‍්ගාතිපි බොජ‍්ඣඞ‍්ගා සෙනඞ‍්ගරථඞ‍්ගාදයො විය. තෙනාහු අට‍්ඨකථාචරියා “බුජ‍්ඣනකස‍්ස පුග‍්ගලස‍්ස අඞ‍්ගාති බොජ‍්ඣඞ‍්ගා”ති. සතිසම‍්බොජ‍්ඣඞ‍්ගාදීනං අත්‍ථො අභිඤ‍්ඤෙය්‍යනිද‍්දෙසෙ වුත‍්තො.

සත්‍ය ප්‍රතිවේධ සිදුකරන, බෝධ්‍යංග විශේෂය දක්වන්නහු විසින් දේශිත, සූත්‍රාන්ත පූර්වංගම බෝධ්‍යංග කථායෙහි පෙර නුවූ අර්ථ අනු වර්ණනාවයි. එහි සූත්‍රාන්තයෙහි බොජ්ඣංගා යනු බෝධියගේ හෝ බෝධියට අංගනුයි බොජ්ඣංග යයි යූසේයි. යම් මේ ධර්ම සාමාග්‍රියෙන්, ලෝකෝත්තර මාර්ගක්‍ෂණයෙහි උපදින මැළි හා නොසන්සුන් පිහිටීම්, කර්ම රැස්කිරීම්, කාමසුඛල්ලිකානුයෝග, ආත්මය වෙහෙසට පත්කරන යෝග, උච්ඡේද, ශාස්වත අභිනිවේසාදී නොයෙක් උපද්‍රවයන්ට ප්‍රතිපක්‍ෂ වූ, සති, ධම්මවිචය, වීර්ය, ප්‍රීති, පස්සද්ධි, උපේක්‍ෂා සංඛ්‍යාත ධර්ම සාමාග්‍රිය තුළින් ආර්යශ්‍රාවක තෙමේ අවබෝධ කෙරේනුයි සලකා බෝධියැයි යූ.සේයි. අවබෝධ කෙරේ කෙලෙස් චිත්ත පරම්පරා නිද්‍රාවෙන් නැගිටියි. චතුරාර්ය සත්‍යයන් ප්‍රතිවේධ කරයි. නිර්වාණයම හෝ සාක්‍ෂාත් කෙරේයයි යූ.සේයි. දෙසූ පරිදි ‘සප්ත බොධ්‍යංගයන් වඩා අනුත්තර සම්‍යක් සම්බෝධිය මනාව අවබෝධ කළෙමි’. එහෙයින් ධර්ම සාමග්‍රී සංඛ්‍යාත බෝධියගේ අංගයෝනුයි බොජ්ඣංගායි. ධ්‍යානාංග, මාර්ගාංගාදීහු මෙනි. යමෙක් වනාහි මෙම කියන ලද, ආකාරයට අනුව එම ධර්ම සාමග්‍රියයෙන් අවබෝධ කෙරේනුයි සලකා ආර්යශ්‍රාවක තෙමේ ‘බෝධි’ යයි යූ.සේයි. එම බෝධියට අංගනුයි බොජ්ඣංගායි, සේනාංග-රථාංග ආදිය මෙනි. එහෙයින් අටුවාචාර්යයෝ කීහු, ‘අවබෝධ කරන්නා වූ පුද්ගලයාගේ අංගයෝනුයි බොජ්ඣංගායි, සති සම්බොධ්‍යාංගාදීන්ගේ අර්ථ අභිඤ්ඤෙය්‍ය නිර්දේශයෙහි යූ.සේයි.

බොජ‍්ඣඞ‍්ගත්‍ථනිද‍්දෙසෙ බොධාය සංවත‍්තන‍්තීති බුජ‍්ඣනත්‍ථාය සංවත‍්තන‍්ති. කස‍්ස බුජ‍්ඣනත්‍ථාය? මග‍්ගඵලෙහි නිබ‍්බානස‍්ස පච‍්චවෙක‍්ඛණාය කතකිච‍්චස‍්ස බුජ‍්ඣනත්‍ථාය, මග‍්ගෙන වා කිලෙසනිද‍්දාතො පබුජ‍්ඣනත්‍ථාය ඵලෙන පබුද‍්ධභාවත්‍ථායාපීති වුත‍්තං හොති. බලවවිපස‍්සනායපි බොජ‍්ඣඞ‍්ගා බොධාය සංවත‍්තන‍්ති . තස‍්මා අයං විපස‍්සනාමග‍්ගඵලබොජ‍්ඣඞ‍්ගානං සාධාරණත්‍ථො. තීසුපි හි ඨානෙසු බොධාය නිබ‍්බානපටිවෙධාය සංවත‍්තන‍්ති. එතෙන බොධියා අඞ‍්ගාති බොජ‍්ඣඞ‍්ගාති වුත‍්තං හොති. බුජ‍්ඣන‍්තීති බොජ‍්ඣඞ‍්ගාතිආදීහි පඤ‍්චහි චතුක‍්කෙහි වුත‍්තානං බොජ‍්ඣඞ‍්ගානං උප‍්පත‍්තිට‍්ඨානං අභිඤ‍්ඤෙය්‍යනිද‍්දෙසෙ වුත‍්තං. අපි ච බුජ‍්ඣන‍්තීති බොජ‍්ඣඞ‍්ගානං සකිච‍්චකරණෙ සමත්‍ථභාවදස‍්සනත්‍ථං කත‍්තුනිද‍්දෙසො . බුජ‍්ඣනට‍්ඨෙනාති සකිච‍්චකරණසමත්‍ථත‍්තෙපි සති කත‍්තුනො අභාවදස‍්සනත්‍ථං භාවනිද‍්දෙසො. බොධෙන‍්තීති බොජ‍්ඣඞ‍්ගභාවනාය බුජ‍්ඣන‍්තානං යොගීනං පයොජකත‍්තා බොජ‍්ඣඞ‍්ගානං හෙතුකත‍්තුනිද‍්දෙසො. බොධනට‍්ඨෙනාති පඨමං වුත‍්තනයෙනෙව පයොජකහෙතුකත‍්තුනා භාවනිද‍්දෙසො. එතෙහි බොධියා අඞ‍්ගා බොජ‍්ඣඞ‍්ගාති වුත‍්තං හොති. බොධිපක‍්ඛියට‍්ඨෙනාති බුජ‍්ඣනට‍්ඨෙන බොධීති ලද‍්ධනාමස‍්ස යොගිස‍්ස පක‍්ඛෙ භවත‍්තා. අයමෙතෙසං යොගිනො උපකාරකත‍්තනිද‍්දෙසො. එතෙහි බොධිස‍්ස අඞ‍්ගාති බොජ‍්ඣඞ‍්ගාති වුත‍්තං හොති. බුද‍්ධිලභනට‍්ඨෙනාතිආදිකෙ ඡක‍්කෙ බුද‍්ධිලභනට‍්ඨෙනාති යොගාවචරෙන බුද‍්ධියා පාපුණනට‍්ඨෙන. රොපනට‍්ඨෙනාති සත‍්තානං පතිට‍්ඨාපනට‍්ඨෙන . පාපනට‍්ඨෙනාති පතිට‍්ඨාපිතාය නිට‍්ඨාපනට‍්ඨෙන. ඉමෙ විපස‍්සනාබොජ‍්ඣඞ‍්ගා පති-අභි-සං-ඉති තීහි උපසග‍්ගෙහි විසෙසිතා මග‍්ගඵලබොජ‍්ඣඞ‍්ගාති වදන‍්ති. සබ‍්බෙසම‍්පි ධම‍්මවොහාරෙන නිද‍්දිට‍්ඨානං බොජ‍්ඣඞ‍්ගානං බොධියා අඞ‍්ගාති බොජ‍්ඣඞ‍්ගාති වුත‍්තං හොතීති වෙදිතබ‍්බං.

බොජ්ඣංගත්‍ව නිර්දේශයෙහි, බොධාය සංවත්තන්ති යනු අවබෝධය පිණිස පවතිත්. කවරක්හුගේ අවබෝධය පිණිස, මාර්ගඵල සහිත නිර්වාණයෙහි ප්‍රත්‍යවේක්‍ෂණය සඳහා කරන ලද, කෘත්‍යයාගේ අවබෝධය සඳහා, මාර්ගයෙන් හෝ කෙසේ නිද්‍රාවෙන් පිබිදීම සඳහා ඵලයෙන් ප්‍රබුද්ධ භාවය සඳහායි යු.සේයි. බලවත් විදර්ශනාවගේද බොධ්‍යංග අවබෝධය සඳහා පවතිත්. එහෙයින් මේ විදර්ශනා, මාර්ග, ඵල, බොධ්‍යංගයන්ගේ සාධාරණාර්ථයයි. ස්ථානත්‍රයයෙහිම ඒ ඒ කරුණු අවබෝධය සඳහා නිර්වාණ ප්‍රතිවේධය සඳහා පවතිත්. එයින් බෝධියගේ අංගනුයි බොධ්‍යංග යයි යූ.සේයි. බුජ්ඣන්තීති බොජ්ඣංගා යන ආදී පංච චතුෂ්කයන්හි කියන ලද බොධ්‍යංගයන්ගේ උත්පත්ති ස්ථානය අභිඤ්ඤෙය්‍ය නිර්දේශ කෘත්‍ය කරණයෙහි සමර්ථතාව දැක්වීම සඳහා කර්තෘ නිර්දේශයයි. බුජ්ඣනට්ඨෙන යනු ස්වකෘත්‍ය කරණයෙහි, සමර්ථතාව ඇති කල්හිද, කර්තෘගේ අභාවය දැක්වීම සඳහා භාව නිර්දේශයයි. බොධෙන්ති යනු බොධ්‍යංග භාවනාවෙහි අවබෝධ කරන්නා වූ යෝගීන්ට ප්‍රයෝජනවත් හෙයින් බොධ්‍යංගයන්ගේ හේතු කර්තෘ නිර්දේශයයි. බොධනට්ඨෙනං යනු පළමු කියන ලද ක්‍රමයෙන්ම ප්‍රයෝජක හේතු කර්තෘහුගේ භාව නිර්දේශයයි. ඒවායින්ද, බෝධියගේ අංගනුයි බොජ්ඣංගයයි යූසේයි. බොධිපක්ඛියට්ඨෙන යනු අවබෝධ කිරීම් අර්ථයෙන්, බෝධයයි ලද නම් ඇති යෝගියාගේ පක්‍ෂයෙහි වූ හෙයින්, මෙය එම යෝගියාට උපකාරකත්ව නිර්දේශයයි. එයින් බෝධියගේ අංගනුයි බොජ්ඣංගයයි යූ.සේයි. බුද්ධිලභනට්ඨෙන යනාදී ෂට්කයෙහි බුද්ධිලභනට්ඨෙන යනු යෝගාවචරයා විසින් බුද්ධියට පැමිණීම් අර්ථයෙන්, රොපනට්ඨෙන යනු සත්ත්වයින්ගේ ප්‍රතිෂ්ඨාපනාර්ථයෙන්, මෙම විදර්ශනා බොධ්‍යංග, පති, අභි, සං යන උපසර්ගත්‍රයයෙන් විශේෂණ කරන ලද්දාහු මාර්ග ඵල බොධ්‍යංගයයි කියති. සියලුම ධර්ම ව්‍යවහාරයෙන් නිර්දිෂ්ට බොධ්‍යංගයන්ගේ බෝධියෙහි අංගනුයි බොධ්‍යංගයැයි යූසේයි.

මූලමූලකාදිදසකවණ‍්ණනා

මූලමූලකාදිදසකවණ්ණනා

මූලට‍්ඨෙනාතිආදිකෙ මූලමූලකෙ දසකෙ මූලට‍්ඨෙනාති විපස‍්සනාදීසු පුරිමා පුරිමා බොජ‍්ඣඞ‍්ගා පච‍්ඡිමානං පච‍්ඡිමානං බොජ‍්ඣඞ‍්ගානඤ‍්ච සහජාතධම‍්මානඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤඤ‍්ච මූලට‍්ඨෙන. මූලචරියට‍්ඨෙනාති මූලං හුත්‍වා චරියා පවත‍්ති මූලචරියා. තෙන මූලචරියට‍්ඨෙන, මූලං හුත්‍වා පවත‍්තනට‍්ඨෙනාති අත්‍ථො. මූලපරිග‍්ගහට‍්ඨෙනාති තෙ එව බොජ‍්ඣඞ‍්ගා ආදිතො පභුති උප‍්පාදනත්‍ථාය පරිගය‍්හමානත‍්තා පරිග‍්ගහා, මූලානියෙව පරිග‍්ගහා මූලපරිග‍්ගහා. තෙන මූලපරිග‍්ගහට‍්ඨෙන. තෙ එව අඤ‍්ඤමඤ‍්ඤං පරිවාරවසෙන පරිවාරට‍්ඨෙන. භාවනාපාරිපූරිවසෙන පරිපූරණට‍්ඨෙන. නිට‍්ඨං පාපුණනවසෙන පරිපාකට‍්ඨෙන. තෙ එව මූලානි ච ඡබ‍්බිධා පභෙදභින‍්නත‍්තා පටිසම‍්භිදා චාති මූලපටිසම‍්භිදා. තෙන මූලපටිසම‍්භිදට‍්ඨෙන. මූලපටිසම‍්භිදාපාපනට‍්ඨෙනාති බොජ‍්ඣඞ‍්ගභාවනානුයුත‍්තස‍්ස යොගිනො තං මූලපටිසම‍්භිදං පාපනට‍්ඨෙන . තස‍්සෙව යොගිනො තස‍්සා මූලපටිසම‍්භිදාය වසීභාවට‍්ඨෙන. සෙසෙසුපි ඊදිසෙසු පුග‍්ගලවොහාරෙසු බොධිස‍්ස අඞ‍්ගාති බොජ‍්ඣඞ‍්ගාති වුත‍්තං හොතීති වෙදිතබ‍්බං. මූලපටිසම‍්භිදාය වසීභාවප‍්පත‍්තානම‍්පීති ඊදිසෙසුපි නිට‍්ඨාවචනෙසු ඵලබොජ‍්ඣඞ‍්ගාති වෙදිතබ‍්බං. වසීභාවං පත‍්තානන‍්තිපි පාඨො.

මූලට්ඨෙන යනාදියෙහි මූලික වූ දශකයෙහි, මූලට්ඨෙන යනු විදර්ශකාදීන්හි පළමු පළමු බොධ්‍යංග, පශ්චිම පශ්චිම බොධ්‍යංගයන්ටද, සහජාත ධර්මයන්ටද, ඔවුනොවුන්ටද මූලාර්ථයෙන්, මූලචරියට්ඨෙන යනු මුල්වැ චර්යා පැවැත්ම මූලචර්යායි. එම මූලචර්යාර්ථයෙන් මුල්වැ පවත්නා අර්ථයෙන් යැයි අර්ථයි. මූලපරිග්ගහට්ඨෙන යනු එම බොධ්‍යංගයෝම මුල සිට ඉපදවීම සඳහා අල්ලා ගනු ලබන හෙයින් පරිග්ගහායි. මුල් වූම පරිග්‍රහ-මූල පරිග්‍රහයි. එම මූල පරිග්‍රහාර්ථයෙන්, ඒවාම ඔවුනොවුන්ටද පරිවාර වශයෙන් පරිවාරට්ඨෙනයි. භාවනා පරිපූරාර්ථයෙන් පරිපූරණට්ඨෙනයි. නිෂ්ඨාවට පැමිණීම් වශයෙන්, පරිපාකාර්ථයෙන්, පරිපාකට්ඨෙනයි. එම මූලයෝම සවැදෑරුම් ප්‍රභේද වශයෙන් බිදුණු හෙයින් ප්‍රතිසම්භිදාවනුයි මූල ප්‍රතිසම්භිදායි. එම මූල ප්‍රතිසම්භිදා අර්ථයෙන්, මූලපටිසම්භිදට්ඨෙන; මූල පටිසම්භිදාපාපනට්ඨෙන යනු බොධ්‍යංග භාවනායෙහි අනුයුක්ත යෝගියාට එය මූලික ප්‍රතිසම්භිදාවට පැමිණවීම් අර්ථයෙන්, එම යෝගියාටම එම මූල ප්‍රතිසම්භිදාවෙහි (වසීභාවට්ඨෙන) වසී භාවාර්ථයෙන්. සෙසු මෙබඳු පුද්ගල ව්‍යවහාරයන්හි බොධියගේ අංගනුයි බෝධ්‍යංගයයි යූ.සේයි. මූලපටිසම්භිදාය වසී භාවප්පත්තානම්පි යනු මෙබඳු වූ නිෂ්ඨා වචනයන්හි ඵල බොධ්‍යංගයයි දතයුතුය. වසභාවප්පත්තානංයිද පාඨයි.

මූලමූලකදසකං නිට‍්ඨිතං.

මූල මූලක දශකය නිමි.

සෙසෙසුපි හෙතුමූලකාදීසු නවසු දසකෙසු ඉමිනාව නයෙන සාධාරණවචනානං අත්‍ථො වෙදිතබ‍්බො . අසාධාරණෙසු පන යථාවුත‍්තා එව බොජ‍්ඣඞ‍්ගා යථාවුත‍්තානං ධම‍්මානං ජනකත‍්තා හෙතූ නාම හොන‍්ති. උපත්‍ථම‍්භකත‍්තා පච‍්චයා නාම. තෙ එව තදඞ‍්ගසමුච‍්ඡෙදපටිප‍්පස‍්සද‍්ධිවිසුද‍්ධිභූතත‍්තා විසුද‍්ධි නාම. වජ‍්ජවිරහිතත‍්තා අනවජ‍්ජා නාම. “සබ‍්බෙපි කුසලා ධම‍්මා නෙක‍්ඛම‍්ම”න‍්ති වචනතො නෙක‍්ඛම‍්මං නාම. කිලෙසෙහි විමුත‍්තත‍්තා තදඞ‍්ගවිමුත‍්තිආදිවසෙන විමුත‍්ති නාම. මග‍්ගඵලබොජ‍්ඣඞ‍්ගා විසයීභූතෙහි ආසවෙහි විරහිතත‍්තා අනාසවා. තිවිධාපි බොජ‍්ඣඞ‍්ගා කිලෙසෙහි සුඤ‍්ඤත‍්තා තදඞ‍්ගවිවෙකාදිවසෙන විවෙකා. විපස‍්සනාමග‍්ගබොජ‍්ඣඞ‍්ගා පරිච‍්චාගවොසග‍්ගත‍්තා පක‍්ඛන්‍දනවොසග‍්ගත‍්තා ච වොසග‍්ගා. ඵලබොජ‍්ඣඞ‍්ගා පක‍්ඛන්‍දනවොසග‍්ගත‍්තා වොසග‍්ගා.

සෙසු හේතු මූලකාදී නව දශකයන්හි, මෙම ක්‍රමයෙන්ම සාධාරණ වචනයන්ගේ අර්ථය දතයුතුය. අසාධාරණයන්හි වනාහි, කියන ලද ආකාර වූම, බොධ්‍යංග කියන ලද ආකාර ධර්මයන්ගේ ඉපදවීම් කරන හෙයින් හේතු නම් වෙයි. උපස්තම්භක හෙයින් පච්චයා ප්‍රත්‍යය නමැ. ඒවාම තදංග, සමුච්ඡේද, පටිප්පස්සද්ධි යන කෙලෙස් ප්‍රහාණයන්ගෙන් පිරිසිදු හෙයින් විසුද්ධි නමැ. දෝෂ විරහිත හෙයින් අනවජ්ජා නමැ. සියලුම කුසල්දම් නෛෂ්ක්‍රම්‍යයයි කීමෙන් නෙක්ඛම්මං නමැ. කෙලෙසුන්ගෙන් මිදුණු හෙයින් විමුත්ති නමැ. මාර්ගඵල බොධ්‍යංගයන්ට විෂය වූ ආශ්‍රවයන්ගෙන් විරහිත හෙයින් අනාසවායි. තෙවැදෑරුම් වූද බොධ්‍යංග කෙලෙසුන්ගෙන් ශූන්‍ය හෙයින්, තදංග විවේකාදී වශයෙන් විවෙකායි. විදර්ශනාමාර්ග බොධ්‍යංග පරිත්‍යාග වොස්සග්ග හෙයින්ද, පක්ඛන්‍දන වොස්සග්ග හෙයින් වොස්සග්ගායි.

මූලට‍්ඨං බුජ‍්ඣන‍්තීතිආදයො එකෙකපදවසෙන නිද‍්දිට‍්ඨා නව දසකා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බා. වසීභාවප‍්පත‍්තානන‍්ති පදං පන වත‍්තමානවචනාභාවෙන න යොජිතං. පරිග‍්ගහට‍්ඨාදයො අභිඤ‍්ඤෙය්‍යනිද‍්දෙසෙ වුත‍්තත්‍ථා.

මූලට්ඨං බුජ්ඣන්ති යනාදීහු එක් එක් පද වශයෙන් නිර්දිෂ්ටයහ. නව දශකයන් කියන ලද අයුරින්ම දතයුත්තාහ. වසීභාවප්පත්තානං යන පදය වනාහි වර්තමාන වචන අභාවයෙන් නොයොදන ලදි. පරිග්‍රහර්ථාදීහු අභිඤ්ඤෙය්‍ය නිර්දේශයෙහි කියන ලද අර්ථමය.

පුන ථෙරො අත‍්තනා දෙසිතං සුත‍්තන‍්තං උද‍්දිසිත්‍වා තස‍්ස නිද‍්දෙසවසෙන බොජ‍්ඣඞ‍්ගවිධිං දස‍්සෙතුකාමො එකං සමයන‍්තිආදිකං නිදානං වත්‍වා සුත‍්තන‍්තං තාව උද‍්දිසි. අත‍්තනා දෙසිතසුත‍්තත‍්තා එව චෙත්‍ථ එවං මෙ සුතන‍්ති න වුත‍්තං. ආයස‍්මා සාරිපුත‍්තොති පනෙත්‍ථ දෙසකබ්‍යත‍්තිභාවත්‍ථං අත‍්තානං පරං විය කත්‍වා වුත‍්තං. ඊදිසඤ‍්හි වචනං ලොකෙ ගන්‍ථෙසු පයුජ‍්ජන‍්ති. පුබ‍්බණ‍්හසමයන‍්ති සකලං පුබ‍්බණ‍්හසමයං. අච‍්චන‍්තසංයොගත්‍ථෙ උපයොගවචනං. සෙසද‍්වයෙපි එසෙව නයො. සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො ඉති චෙ මෙ හොතීති සතිසම‍්බොජ‍්ඣඞ‍්ගොති එවඤ‍්චෙ මය‍්හං හොති. අප‍්පමාණොති මෙ හොතීති අප‍්පමාණොති එවං මෙ හොති. සුසමාරද‍්ධොති මෙ හොතීති සුට‍්ඨු පරිපුණ‍්ණොති එවං මෙ හොති. තිට‍්ඨන‍්තන‍්ති නිබ‍්බානාරම‍්මණෙ පවත‍්තිවසෙන තිට‍්ඨන‍්තං. චවතීති නිබ‍්බානාරම‍්මණතො අපගච‍්ඡති. සෙසබොජ‍්ඣඞ‍්ගෙසුපි එසෙව නයො.

තෙරහු තමන් විසින් දේශිත සූත්‍රාන්තය කෙටියෙන් දක්වා විස්තර වශයෙන් බොධ්‍යංග විධිය දක්වනු කැමැත්තාහු, එකං සමයං ආදී වූ නිදානය ප්‍රකාශකොට පළමුව සූත්‍රාන්තය කෙටියෙන් දැක්වූහ. මෙහි තමන් විසින් දේශිත සූත්‍රයක් හෙයින් එවං මෙ සුතං ආදිය නොයූසේයි. ආයස්මා සාරිපුත්තො යන මෙහි වනාහි දෙශක දක්ෂභාවය සඳහා තෙමේ අනෙකා මෙන් කොට යූසේයි. මෙබදු වචන ලෝකයෙහි ග්‍රන්ථයන්හි බොහෝ සේ යෙදේ. පුබ්බණ්හසමයං සියලු පූර්වාහ්න සමය. අත්‍යන්ත සංයෝගාර්ථයෙහි ද්විතියා වචනයි. සෙසු ද්වයයෙහිද එම ක්‍රමයමැයි. සති සම්බොජ්ඣංගො ඉති චෙ මෙ හොති යනු ස්මෘති සම්බොධ්‍යංග යැයි මෙසේත් මට සිත් වේ. සුසමාරද්ධො මෙහොති යනු මොනවට පරිපූර්ණයැයි මෙසේත් මට සිත් වේ. තිට්ඨන්තං යනු නිර්වාණාරම්මණයෙහි පැවතීම් වශයෙන් සිටිනුයේ, චවති යනු නිවන් අරමුණින් පහවැයේ. සෙසු බොධ්‍යංගයන්හිද එම ක්‍රමයමැයි.

රාජමහාමත‍්තස‍්සාති රඤ‍්ඤො මහාඅමච‍්චස‍්ස, මහතියා වා භොගමත‍්තාය භොගප‍්පමාණෙන සමන‍්නාගතස‍්ස. නානාරත‍්තානන‍්ති නානාරඞ‍්ගරත‍්තානං, පූරණත්‍ථෙ සාමිවචනං, නානාරත‍්තෙහීති අත්‍ථො. දුස‍්සකරණ‍්ඩකොති දුස‍්සපෙළා. දුස‍්සයුගන‍්ති වත්‍ථයුගලං. පාරුපිතුන‍්ති අච‍්ඡාදෙතුං. ඉමස‍්මිං සුත‍්තන‍්තෙ ථෙරස‍්ස ඵලබොජ‍්ඣඞ‍්ගා කථිතා. යදා හි ථෙරො සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං සීසං කත්‍වා ඵලසමාපත‍්තිං සමාපජ‍්ජති, තදා ඉතරෙ තදන්‍වයා හොන‍්ති. යදා ධම‍්මවිචයාදීසු අඤ‍්ඤතරං, තදා සෙසාපි තදන්‍වයා හොන‍්තීති එවං ඵලසමාපත‍්තියා අත‍්තනො චිණ‍්ණවසීභාවං දස‍්සෙන‍්තො ථෙරො ඉමං සුත‍්තන‍්තං කථෙසීති.

රාජ මහා මත්තස්ස යනු රජෙකුට හෝ මහ ඇමැතියෙකු හට, ප්‍රමාණාතික්‍රාන්ත මහත් වූ භෝග සම්පත්තීන්ගෙන් යුක්ත වූයේ, නානාරත්තානං යනු නොයෙක් වර්ණවලින් වර්ණ කැවූ, පූරණාර්ථයෙහි ෂෂ්ඨි වචනයි. නොයෙක් සායම්වලින් යන අර්ථයි. දුස්සකරණඩකො යනු වස්ත්‍ර බහාලන පෙට්ටිය, දුස්සයුගං යනු වස්ත්‍ර යුගලය, පාරුපිතුං යනු පොරෝනට, මෙම සූත්‍රාන්තයෙහි තෙරුන්ගේ ඵල බොජ්ඣංගය කියන ලදි. යම්කලෙකැ තෙරහු ස්මෘති සම්බොධ්‍යංගය ශීර්ෂකොට ඵල සමවතට සමවදිත්ද? එකල්හි අනෙක් ද්වයය ඒ අනුගත වූවාහු වෙති. මෙසේ ඵල සමවතෙහි තම පුරුදු කළ වසීභාවය පෙන්වන්නා වූ තෙරහු මෙම සූත්‍රාන්තය වදාළහ.

සුත‍්තන‍්තනිද‍්දෙසවණ‍්ණනා

සුත්තන්තනිද්දෙසවණ්ණනා

කථං සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො ඉති චෙ හොතීති බොජ‍්ඣඞ‍්ගොති සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං සීසං කත්‍වා ඵලසමාපත‍්තිං සමාපජ‍්ජන‍්තස‍්ස අඤ‍්ඤෙසු බොජ‍්ඣඞ‍්ගෙසු විජ‍්ජමානෙසු එවං අයං සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො හොතීති ඉති චෙ පවත‍්තස‍්ස කථං සො සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො හොතීති අත්‍ථො. යාවතා නිරොධූපට‍්ඨාතීති යත‍්තකෙන කාලෙන නිරොධො උපට‍්ඨාති, යත‍්තකෙ කාලෙ ආරම‍්මණතො නිබ‍්බානං උපට‍්ඨාතීති අත්‍ථො. යාවතා අච‍්චීති යත‍්තකෙන පරිමාණෙන ජාලා. කථං අප‍්පමාණො ඉති චෙ හොතීති බොජ‍්ඣඞ‍්ගොති න අප‍්පමාණෙපි සතිසම‍්බොජ‍්ඣඞ‍්ගෙ විජ‍්ජමානෙ එවං අයං අප‍්පමාණො හොතීති ඉති චෙ පවත‍්තස‍්ස සො අප‍්පමාණො සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො කථං හොතීති අත්‍ථො. පමාණබද‍්ධාති කිලෙසා ච පරියුට‍්ඨානා ච පොනොභවිකසඞ‍්ඛාරා ච පමාණබද‍්ධා නාම හොන‍්ති. “රාගොපමාණකරණො, දොසො පමාණකරණො, මොහො පමාණකරණො”ති (ම· නි· 1.459) වචනතො රාගාදයො යස‍්ස උප‍්පජ‍්ජන‍්ති, “අයං එත‍්තකො”ති තස‍්ස පමාණකරණතො පමාණං නාම. තස‍්මිං පමාණෙ බද‍්ධා පටිබද‍්ධා ආයත‍්තාති කිලෙසාදයො පමාණබද‍්ධා නාම හොන‍්ති. කිලෙසාති අනුසයභූතා, පරියුට‍්ඨානාති සමුදාචාරප‍්පත‍්තකිලෙසා. සඞ‍්ඛාරා පොනොභවිකාති පුනප‍්පුනං භවකරණං පුනභවො, පුනභවො සීලමෙතෙසන‍්ති පොනභවිකා, පොනභවිකා එව පොනොභවිකා. කුසලාකුසලකම‍්මසඞ‍්ඛාතා සඞ‍්ඛාරා. අප‍්පමාණොති වුත‍්තප‍්පකාරස‍්ස පමාණස‍්ස අභාවෙන අප‍්පමාණො. මග‍්ගඵලානම‍්පි අප‍්පමාණත‍්තා තතො විසෙසනත්‍ථං අචලට‍්ඨෙන අසඞ‍්ඛතට‍්ඨෙනාති වුත‍්තං. භඞ‍්ගාභාවතො අචලො, පච‍්චයාභාවතො අසඞ‍්ඛතො. යො හි අචලො අසඞ‍්ඛතො ච, සො අතිවිය පමාණවිරහිතො හොති.

කථං සති සම්බොජ්ඣංගො ඉති චෙ හොති යනු බොධ්‍යංගයැයි ස්මෘති සම්බොධ්‍යංගය ශීර්ෂකොට ඵල සමවතට සමවදින්නහුට, අනෙක් බොධ්‍යංගයන් විද්‍යමාන කල්හි, මෙසේ ස්මෘති සම්බොධ්‍යංගය වේයැයි මෙසේ පැවැතියා වූ කෙසේ එම ස්මෘති සම්බොධ්‍යංගය වේදැයි අර්ථයි. යාවතා නිරොධූපට්ඨාති යනු යම්තාක් කලකින් නිරෝධය වැටහේද? යම්පමණ කලෙකින් අරමුණු කිරීම් වශයෙන් නිර්වාණය වැටහේදැයි අර්ථයි. යාවතා අච්චි යනු යම්තාක් ප්‍රමාණයකින් සිළුව වේද? කථං අප්පමාණො ඉති චෙ හොති යනු බොධ්‍යංගයැයි අප්‍රමාණ නුවූයේද, ස්මෘති සම්බොධ්‍යංගය විද්‍යමාන කල්හි, මෙසේ මේය අප්‍රමාණ වේයැයි, මෙසේ පැවැතියා වූ එම අප්‍රමාණ ස්මෘති සම්බොධ්‍යංගය කෙසේ වේදැයි අර්ථයි. පමාණබන්‍ධා යනු අනුසය සහගත කෙලෙස්ද, මැඩගෙන නැගී සිටින කෙලේසද පුනර්භවය ඇතිකරන සුලු යම් සංස්කාර කෙනෙක් වෙත්ද, ඒවා පමාණ බද්ධ නම් වෙති. රාගය ප්‍රමාණ කරණයි, ද්වේෂය ප්‍රමාණ කරණයි. මෝහය ප්‍රමාණ කරණයි, යන වචනයෙන් රාගාදීහු යමෙකුට උපදිත්ද? මේ මෙතෙකැයි එහි ප්‍රමාණ කරන හෙයින් ප්‍රමාණ නමැ. එම ප්‍රමාණයෙහි බැඳුණහු මනාව බැඳුණහු, අයත් වූයේනුයි ක්ලේශාදීහු ප්‍රමාණ ඛන්‍ධා නම් වෙති. කිලෙසා යනු අනුසය සහගත වූ, පරියුට්ඨානානි යනු සමුදාචාර ප්‍රාප්ත කෙලෙස්, සංඛාරා පො නො භවිකා යනු නැවත නැවත ඉපැත්ම කරනුයේ පුනර්භවයි. පුනර්භවය ඇතිකරන ස්වභාවය ඔවුන්ටනුයි පොනබ්භවිකායි, පොනබ්භවිකයම පොනොභවිකායි, කුසල් අකුසල් කර්ම සංඛ්‍යාත සංස්කාරයි, අප්පමාණො යනු කියන ලද ආකාර ඇති ප්‍රමාණයෙහි අභාවයෙන් ප්‍රමාණ රහිත වූයේ, මාර්ග ඵලයන්ගේද, අප්‍රමාණ හෙයින් එහි විශේෂතා වශයෙන් දැක්වීමට අචලට්ඨෙන, අසංඛතට්ඨෙන යයි යූ.සේයි. භංග අභාවයෙන් අචලයි, ප්‍රත්‍යය අභාවයෙන් අසංඛතයි, යමක් වනාහි අචලද, අසංඛතද, එය අතිශයින් ප්‍රමාණ විරහිත වූයේ වේ.

කථං සුසමාරද‍්ධො ඉති චෙ හොතීති බොජ‍්ඣඞ‍්ගොති අනන‍්තරං වුත‍්තනයෙන යොජෙතබ‍්බං. විසමාති සයඤ‍්ච විසමත‍්තා, විසමස‍්ස ච භාවස‍්ස හෙතුත‍්තා විසමා. සමධම‍්මොති සන‍්තට‍්ඨෙන පණීතට‍්ඨෙන සමො ධම‍්මො. පමාණාභාවතො සන‍්තො. “යාවතා, භික‍්ඛවෙ, ධම‍්මා සඞ‍්ඛතා වා අසඞ‍්ඛතා වා, විරාගො තෙසං ධම‍්මානං අග‍්ගමක‍්ඛායතී”ති (අ· නි· 4.34; ඉතිවු· 90) වචනතො සබ‍්බධම‍්මුත‍්තමට‍්ඨෙන පණීතො. තස‍්මිං සමධම‍්මොති වුත‍්තෙ සුසමෙ ආරද‍්ධො සුසමාරද‍්ධො. ආවජ‍්ජිතත‍්තාති ඵලසමාපත‍්තියා පවත‍්තකාලං සන්‍ධාය වුත‍්තං. අනුප‍්පාදාදිසඞ‍්ඛාතෙ නිබ‍්බානෙ මනොද‍්වාරාවජ‍්ජනස‍්ස උප‍්පන‍්නත‍්තාති වුත‍්තං හොති. තිට‍්ඨතීති පවත‍්තති. උප‍්පාදාදීනි හෙට‍්ඨා වුත‍්තත්‍ථානි. සෙසබොජ‍්ඣඞ‍්ගමූලකෙසුපි වාරෙසු එසෙව නයො.

කථං සුසමාරද්ධො ඉති චෙ හොතීති බොජ්ඣංගො යනු අනතුරුව කියන ලද ක්‍රමයෙන් යෙදිය යුතුය. විසමා යනු තෙමේද විෂම හෙයින්, විෂම ස්වභාවයට හේතුවන හෙයින්ද විසමායි. සම ධම්මො යනු ශාන්තාර්ථයෙන්, ප්‍රණීතාර්ථයෙන් සමවූ ධර්මය, ප්‍රමාණ අභාවයෙන් ශාන්ත වූයේ, ‘මහණෙනි, යම් පමණ සංඛත හෝ අසංඛත ධර්ම කෙනෙක් වෙත්ද? එම ධර්මයන් අතර විරාගය අග්‍රයැයි කියනු ලැබේයයි යන කීමෙන් සියලු ධර්මයන් අතර උතුම් අර්ථයෙන් ප්‍රණීත වූයේ පණීතොයි එම සම ධර්මයන්හි කී කල්හි සුසමයෙහි අරඹන ලදුයේ සුසමාරද්ධොයි. ආවජ්ජිතත්තා යනු ඵල සමවතෙහි පැවැති කාලය සඳහා යූසේයි. අනුත්පාදාදී සංඛත නිර්වාණයෙහි, මනෝද්වාරා වර්ජනයෙහි උපන් හෙයිනැයි යූ.සේයි. තිට්ඨති යනු පවතියි. උත්පාදාදිය යට කියන ලද අර්ථමය. සෙසු බොධ්‍යංග මූලික වාරයන්හිද එම ක්‍රමයමැයි.

බොජ‍්ඣඞ‍්ගකථාවණ‍්ණනා නිට‍්ඨිතා.

බොධ්‍යංග කථා වර්ණනාව නිමි.