යෙදුමෙන් කියවන්න

සුඤ‍්ඤතා කථා

2. 10.

2. 10.

සුඤ‍්ඤතා කථා

ශුන්‍යතා කථා

“එවං මෙ සුතං, එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස අරාමෙ අථ ඛො ආයස‍්මා ආනන්‍දො යෙන භගවා තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි, එකමන‍්තං නිසිනෙනො ඛො ආයස‍්මා ආනන්‍දො භගවන‍්තං එකදවොච:

මා විසින් මෙසේ අසනලද. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසනසේක. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ වැඳ එකත්පස් වැ භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැලකළහ.

“සුඤ‍්ඤො ලොකො, සුඤ‍්ඤො ලොකො’ති භන‍්තෙ වුච‍්චති, කිත‍්තාවතා නු ඛො භන‍්තෙ සුඤ‍්ඤො ලොකො’ති වුච‍්චති” “යස‍්මා ඛො ආනන්‍ද සුඤ‍්ඤං අත‍්තෙන වා අත‍්තනියෙන වා, තස‍්මා සුඤ‍්ඤො ලොකො’ති වුච‍්චති, කිඤ‍්චානන්‍ද, සුඤ‍්ඤං අත‍්තෙන වා අත‍්තනියෙන වා; චක‍්ඛුං ඛො ආනන්‍ද, සුඤ‍්ඤං අත‍්තෙන වා අත‍්තනියෙන වා, රූපා සුඤ‍්ඤා අත‍්තෙන වා අත‍්තනියෙන වා, චක‍්ඛුවිඤ‍්ඤාණං සුඤ‍්ඤං අත‍්තෙන වා අත‍්තනියෙන වා, චක‍්ඛුසම‍්ඵස‍්සො සුඤ‍්ඤො අත‍්තෙන වා අත‍්තනියෙන වා, යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා, තම‍්පි සුඤ‍්ඤං අත‍්තෙන වා අත‍්තනියෙන වා.

වහන්ස, ‘ලෝකය ශුන්‍ය යැ ලෝකය ශූන්‍ය යැ’යි කියනු ලැබෙයි. වහන්ස, කිපමණෙකින් ‘ලෝකය ශුන්‍ය යැ’යි කියනු ලැබේ දැ යි. යම් හෙයකින් ආනන්‍දයෙනි, ආත්ම භාවයෙන් ද ආත්මනීයභාවයෙන් ද ශූන්‍ය වේ නම් එහෙයින් ‘ලෝකය ශූන්‍ය යැ’යි කියනු ලැබෙයි. තව ද ආනන්‍දයෙනි, කුමක් ආත්මභාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශුන්‍ය වේ ද යත්, ආනන්‍දයෙනි, චක්‍ෂුස ආත්ම භාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශුන්‍ය වෙයි, රූපයෝ ආත්ම භාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශූන්‍ය වෙති, චක්‍ෂුර් විඥානය ආත්මභාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශූන්‍ය වෙයි. චක්ඛුසම්ඵස්සය ආත්මභාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශූන්‍ය වෙයි. චක්ඛුසම්ස්ස ප්‍රත්‍යයෙන් සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද ආත්මභාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශූන්‍ය වෙයි.

සොතං සුඤ‍්ඤං -පෙ- සද‍්දා සුඤ‍්ඤා -පෙ- ඝානං සුඤ‍්ඤං -පෙ- ගන්‍ධා සුඤ‍්ඤා -පෙ- ජිව‍්හා සුඤ‍්ඤා -පෙ- රසා සුඤ‍්ඤා -පෙ- කායො සුඤ‍්ඤො -පෙ- ඵොට‍්ඨබ‍්බා සුඤ‍්ඤා -පෙ- මනො සුඤ‍්ඤො අත‍්තෙන වා අත‍්තනියෙන වා, ධම‍්මා සුඤ‍්ඤා අත‍්තෙන වා අත‍්තනියෙන වා, මනොවිඤ‍්ඤාණං සුඤ‍්ඤං අත‍්තෙන වා අත‍්තනියෙන වා, මනොසම‍්ඵස‍්සො සුඤ‍්ඤො අත‍්තෙන වා අත‍්තනියෙන වා, යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා, තම‍්පි සුඤ‍්ඤං අත‍්තෙන වා අත‍්තනියෙන වා, යස‍්මා ඛො ආනන්‍ද, සුඤ‍්ඤං අත‍්තෙන වා අත‍්තනියෙන වා, තස‍්මා සුඤ‍්ඤො ලොකො’ති වුච‍්චති’ති

ශ්‍රෝත්‍රය ශූන්‍ය යැ ... ශබ්දයෝ ශූන්‍යහ ... ඝ්‍රාණය ශූන්‍ය යැ ... ගන්‍ධයෝ ශූන්‍ය හ ... ජීහ්වාව ශූන්‍ය යැ ... රසයෝ ශූන්‍යහ ... කය ශූන්‍ය යැ ... ස්ප්‍රෂ්ටව්‍යයෝ ශූන්‍ය හ ... මනස ආත්මභාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශූන්‍ය යැ, ධර්‍මයෝ ආත්මභාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශූන්‍යයෝ යැ, මනෝවිඥානය ආත්මභාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශූන්‍ය යැ, මනෝසම්ඵස්සය ආත්මභාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශූන්‍ය යැ, මනෝසම්ඵස්ස ප්‍රත්‍යයෙන් සුව වූ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද ආත්මභාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශූන්‍ය යැ. යම් හෙයකින් ආනන්‍දයෙනි, ආත්මභාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශූන්‍ය වේ නම් එහෙයින් ‘ලෝකය ශූන්‍ය යැ’යි කියනු ලැබේ’යයි.

සුඤ‍්ඤසුඤ‍්ඤං සඞ‍්ඛාරසුඤ‍්ඤං, විපරිනාමසුඤ‍්ඤං අග‍්ගසුඤ‍්ඤං, ලක‍්ඛණසුඤ‍්ඤං, වික‍්ඛම‍්භනසුඤ‍්ඤං, තදඞ‍්ගසුඤ‍්ඤං, සමුච‍්ඡෙදසුඤ‍්ඤං, පටිප‍්පස‍්සද‍්ධිසුඤ‍්ඤං, නිස‍්සරණසුඤ‍්ඤං, අජ‍්ඣත‍්තසුඤ‍්ඤං, බහිද‍්ධාසුඤ‍්ඤං, දුභතොසුඤ‍්ඤං, සභාගසසුඤ‍්ඤං, විසභාගසුඤ‍්ඤං, එසනාසුඤ‍්ඤං, පරිග‍්ගහසුඤ‍්ඤං, පටිලාභසුඤ‍්ඤං, පටිවෙධසුඤ‍්ඤං, එකත‍්තසුඤ‍්ඤං, නානත‍්තසුඤ‍්ඤං ඛන‍්තිසුඤ‍්ඤං, අධිට‍්ඨානසුඤ‍්ඤං, පරියොගාහනසුඤ‍්ඤං, සම‍්පජානස‍්ස පවත‍්තපරියාදානං සබ‍්බසුඤ‍්ඤතානං පරමත්‍ථසුඤ‍්ඤං.

ශූන්‍ය සඞ්ඛ්‍යාත ශූන්‍ය යැ, සංස්කාරශූන්‍ය යැ, විපරිණාමශූන්‍ය යැ, අග්‍රශූන්‍ය යැ, ලක්‍ෂණශූන්‍ය යැ, විෂ්කම්භණශූන්‍ය යැ, තදඞ්ගශූන්‍ය යැ, සමුච්ඡේදශූන්‍ය යැ, ප්‍රතිප්‍රශ්‍රබ්ධිශූන්‍ය යැ, තිස්සරණශූන්‍ය යැ, අධ්‍යාත්මශූන්‍ය යැ, බාහ්‍යශූන්‍ය යැ, උභයතඃශූන්‍ය යැ, සභාගතශූන්‍ය යැ, විසභාගශූන්‍ය යැ, ඒෂණාශූන්‍ය යැ, පරිග්‍රහශූන්‍ය යැ, ප්‍රතිලාභශූන්‍ය යැ, ප්‍රතිවේධශූන්‍ය යැ, ඒකත්‍වශූන්‍ය යැ, නානාත්‍වශූන්‍ය යැ, ක්‍ෂාන්තිශූන්‍ය යැ, අධිෂ්ඨානශූන්‍ය යැ, පර්‍ය්‍යවගාහණශූන්‍ය යැ, සම්‍යක්ප්‍රඥා ඇත්තහු (රහත්හු) ගේ ප්‍රවෘත්ත (ස්කන්‍ධ) යන් ක්‍ෂය කිරීම හැම ශූන්‍යතයන් අතුරින් පරමාර්‍ත්‍ථශූන්‍ය යි.

කතමං සුඤ‍්ඤ සුඤ‍්ඤං. චක‍්ඛුං සුඤ‍්ඤං අත‍්තෙන වා අත‍්තනියෙන වා, නිච‍්චෙන වා ධුවෙන වා සස‍්සතෙන වා අවිපරිනාමධම‍්මෙන වා, සොතං -පෙ- ඝානං සුඤ‍්ඤං -පෙ- ජිව‍්හා සුඤ‍්ඤා -පෙ- කායො සුඤ‍්ඤො -පෙ- මනො සුඤ‍්ඤො අත‍්තෙන වා අත‍්තනියෙන වා නිච‍්චෙන වා ධුවෙන වා සස‍්සතෙන වා අවිපරිණාමධම‍්මෙන වා ඉදං සුඤ‍්ඤසුඤ‍්ඤං.

ශූන්‍ය සඞ්ඛ්‍යාත ශූන්‍යය කවරැ යත්: චක්‍ෂුස ආත්මයෙන් හා ආත්මනීයෙන් හා නිත්‍යයෙන් හා ධ්‍රැවයෙන් හා ශාශ්වතයෙන් හා අවිපරිණාමස්වභාවයෙන් හා ශූන්‍ය යැ. ශ්‍රෝත්‍රය ශූන්‍ය යැ ... ඝ්‍රාණය ශූන්‍ය යැ ... ජීහ්වාව ශූන්‍ය යැ ... කය ශූන්‍ය යැ ... මනස ආත්මයෙන් හා ආත්මනියෙන් හා නිත්‍යයෙන් හා ධ්‍රැවයෙන් හා ශාශ්වතයෙන් හා අවිපරිණාමස්වභාවයෙන් හා ශූන්‍ය යැ. මේ ශූන්‍ය සඞ්ඛ්‍යාත ශූන්‍ය යි.

කතමං සඞ‍්ඛාරසුඤ‍්ඤං; තයො සඞ‍්ඛාරා: පුඤ‍්ඤාභිසඞ‍්ඛාරො අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරො ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරො, පුඤ‍්ඤාභිසඞ‍්ඛාරො අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරෙන ච ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරෙන ච සුඤ‍්ඤො, ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරො පුඤ‍්ඤාභිසඞ‍්ඛාරෙන ච අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරෙන ච සුඤ‍්ඤො, ඉමෙ තයො සඞ‍්ඛාරා.

සංස්කාරශූන්‍යය කවරැ යත්: සංස්කාරයෝ තිදෙනෙක් වෙති: පුණ්‍යාභිසංස්කාර යැ අපුණ්‍යාභිසංස්කාර යැ ආනෙඤ්ජාභිසංස්කාර යැ යි. පුණ්‍යාභිසංස්කාරය අපුණ්‍යාභිසංස්කාරයෙනුදු ආනෙඤ්ජාභිසංස්කාරයෙනුදු ශූන්‍ය යැ. අපුණ්‍යාභිසංස්කාරය පුණ්‍යභිසංස්කාරයෙනුදු ආනෙඤ්ජාභිසංස්කාරයෙනුදු ශූන්‍ය යැ. ආනෙඤ්ජාභිසංස්කාරය පුණ්‍යාභිසංස්කාරයෙනුදු අපුණ්‍යාභිසංස්කාරයෙනුදු ශූන්‍ය යි. මොහු තුන් සංස්කාරයෝ යි.

අපරෙපි තයො සඞ‍්ඛාරා: කායසඞ‍්ඛාරො වචීසඞ‍්ඛාරො චිත‍්තසඞ‍්ඛාරො. කායසඞ‍්ඛාරො වචීසඞ‍්ඛාරො ච චිත‍්තසඞ‍්ඛාරෙන ච සුඤ‍්ඤො, වචීසඞ‍්ඛාරො කායසඞ‍්ඛාරෙන ච චිත‍්තසඞ‍්ඛාරෙන ච සුඤ‍්ඤො, චිත‍්තසඞ‍්ඛාරො කායසඞ‍්ඛාරෙන ච වචීසඞ‍්ඛාරෙන සුඤ‍්ඤො, ඉමෙ තයො සඞ‍්ඛාරා.

අන්‍ය වූ ද තුන් සංස්කාර කෙනෙක් වෙති: කායසංස්කාර යැ වාක්සංස්කාර යැ චිත්තසංස්කාර යැ යි. කායසංස්කාරය වාක්සංස්කාරයෙනුදු චිත්තසංස්කාරයෙනුදු ශූන්‍ය යැ. වාක්සංස්කාරය කායසංස්කාරයෙනුදු චිත්තසංස්කාරයෙනුදු ශුන්‍ය යැ, චිත්තසංස්කාරය කායසංස්කාරයෙනුදු වාක්සංස්කාරයෙනුදු ශූන්‍ය යි. මොහු තුන් සංස්කාරයෝ යි.

අපරෙපි තයො සඞ‍්ඛාරා: අතීතා සඞ‍්ඛාරා අනාගතා සඞ‍්ඛාරා පච‍්චුප‍්පන‍්නා සඞ‍්ඛාරා, අතීතා සඞ‍්ඛාරා අනාගතෙහි ච පච‍්චුප‍්පන‍්නෙහි ච සඞ‍්ඛාරෙහි සුඤ‍්ඤා, අනාගතා සඞ‍්ඛාරා අතීතෙහි ච පච‍්චුප‍්පන‍්නෙහි ච සඞ‍්ඛාරෙහි සුඤ‍්ඤා, පච‍්චුප‍්පන‍්නා සඞ‍්ඛාරා අතීතෙහි ච අනාගතෙහි ච සඞ‍්ඛාරෙහි සුඤ‍්ඤා, ඉමෙ තයො සඞ‍්ඛාරා. ඉදං සඞ‍්ඛාරසුඤ‍්ඤං.

අන්‍ය වූ ද තුන් සංස්කාර කෙනෙක් වෙති: අතීතසංස්කාර යැ අනාගතසංස්කාර යැ ප්‍රත්‍යුත්පන්නසංස්කාර යැයි අතීතසංස්කාරයෝ අනාගත වූ ද ප්‍රත්‍යුත්පන්න වූ ද සංස්කාරයන්ගෙන් ශූන්‍යහ. අනාගතසංස්කාරයෝ අතීත වූ ද ප්‍රත්‍යුත්පන්න වූ ද සංස්කාරයන්ගේ ශූන්‍යහ. ප්‍රත්‍යුත්පන්නසංස්කාරයෝ අතීත වූ ද අනාගත වූ ද සංස්කාරයන්ගෙන් ශූන්‍යහ. මොහු තුන් සංස්කාරයෝ යි. මේ සංස්කාරශූන්‍ය නම් වෙයි.

කතමං විපරිනාමසුඤ‍්ඤං; ජාතං රූපං සභාවෙන සුඤ‍්ඤං, විගතං රූපං විපරිනතඤ‍්චෙව සුඤ‍්ඤඤ‍්ච, ජාතා වෙදනා සභාවෙන සුඤ‍්ඤා, විගතා වෙදනා විපරිණතා චෙව සුඤ‍්ඤා ච -පෙ- ජාතා සඤ‍්ඤා -පෙ- ජාතා සඞ‍්ඛාරා -පෙ- ජාතං විඤ‍්ඤාණං -පෙ- ජාතං චක‍්ඛුං -පෙ- ජාතො භවො සභාවෙන සුඤ‍්ඤො, විගතො භවො විපරිනතො චෙව සුඤ‍්ඤො ච, ඉදං විපරිනාමසුඤ‍්ඤං.

විපරිණාමශූන්‍ය නම් කවරැ යත්: ජාත (ප්‍රත්‍යුත්පන්න) රූපය ස්වභාව හෙයින් ශූන්‍ය වෙයි. විගත (ඉපැද නිරුද්ධ වූ) රූපය විපරිණාමයට පැමිණියේ ද ශුන්‍ය ද වෙයි. ජාතවේදනාව ස්වභාව හෙයින් ශූන්‍ය වෙයි. විගතවේදනාව විපරිණත ද ශූන්‍ය ද වෙයි ... ජාතසංඥාව ... ජාතසංස්කාරයෝ ... ජාතවිඥානය ... ජාතචක්‍ෂුස ... ජාතභවය ස්වභාව හෙයින් ශූන්‍ය වෙයි. විගතභවය විපරිණත ද ශූන්‍ය ද වෙයි. මේ විපරිණාමශූන්‍ය නම් වෙයි.

කතමං අග‍්ගසුඤ‍්ඤං: අග‍්ගමෙතං පදං, සෙට‍්ඨමෙතං පදං: විසිට‍්ඨමෙතං පදං, යදිදං සබ‍්බසඞ‍්ඛාරසමථො සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගො තණ‍්හක‍්ඛයො විරාගො නිරොධො නිබ‍්බානං, ඉදං අග‍්ගසුඤ‍්ඤං.

අග්‍රශූන්‍ය නම් කවරැ යත්: යම් මේ හැම සංස්කාරයන්ගේ ශමථයෙක් හැම උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාවගේ ක්‍ෂය කිරීමෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද තෙල අග්‍රපද යැ තෙල ඉතා මැ ප්‍රශංසනීයපද යැ තෙල විශිෂ්ටපද යි. මේ අග්‍රශූන්‍ය නම් වේ.

කතමං ලක‍්ඛණසුඤ‍්ඤං, ද‍්වෙ ලක‍්ඛණානි: බාලලක‍්ඛණඤ‍්ච පණ‍්ඩිතලක‍්ඛණඤ‍්ච, බාලලක‍්ඛණං පණ‍්ඩිතලක‍්ඛණෙන සුඤ‍්ඤං, පණ‍්ඩිතලක‍්ඛණං බාලලක‍්ඛණෙන සුඤ‍්ඤං.

ලක්‍ෂණශූන්‍ය නම් කවරැ යත්: ලක්‍ෂණ දෙකෙකි බාලලක්‍ෂණ යැ පණ්ඩිතපක්‍ෂණ යැ යි. බාලලක්‍ෂණය පණ්ඩිතලක්‍ෂණයෙන් ශූන්‍ය යැ පණ්ඩිතලක්‍ෂණය බාලලක්‍ෂණයෙන් ශූන්‍ය යි.

තීණි ලක‍්ඛණානි: උප‍්පාදලක‍්ඛණං වයලක‍්ඛණං ඨිතඤ‍්ඤථත‍්තලක‍්ඛණං. උප‍්පාදලක‍්ඛණං වයලක‍්ඛණෙන ච ඨිතඤ‍්ඤථත‍්තලක‍්ඛණෙන ච සුඤ‍්ඤං, වයලක‍්ඛණං උප‍්පාදලක‍්ඛණෙන ච ඨිතඤ‍්ඤථත‍්තලක‍්ඛණෙන ච සුඤ‍්ඤං, ඨිතඤ‍්ඤථත‍්තලක‍්ඛණං උප‍්පාදලක‍්ඛණෙන ච වයලක‍්ඛණෙන ච සුඤ‍්ඤං.

ලක්‍ෂණ තුනෙකි: උත්පාදලක්‍ෂණ යැ ව්‍යයලක්‍ෂණ යැ සිටියහුගේ අන්‍යථාත්‍වලක්‍ෂණ යැ යි. උත්පාදලක්‍ෂණය ව්‍යයලක්‍ෂණයෙනුදු සිටියහුගේ අන්‍යථාත්‍වලක්‍ෂණයෙනුදු ශූන්‍ය යැ, ව්‍යයලක්‍ෂණය උත්පාද ලක්‍ෂණයෙනුදු සිටියහුගේ අන්‍යථාත්‍වලක්ණයෙනුදු ශූන්‍ය යැ, සිටියහුගේ අන්‍යථාත්‍වලක්‍ෂණය උත්පාදලක්‍ෂණයෙනුදු ව්‍යයලක්‍ෂණයෙනුදු ශූන්‍ය යි.

රූපස‍්ස උප‍්පාදලක‍්ඛණං වයලක‍්ඛණෙන ච ඨිතඤ‍්ඤථත‍්තලක‍්ඛණෙන ච සුඤ‍්ඤං, රූපස‍්ස වයලක‍්ඛණං උප‍්පාදලක‍්ඛණෙන ච ඨිතඤ‍්ඤථත‍්තලක‍්ඛණෙන ච සුඤ‍්ඤං, රූපස‍්ස ඨිතඤ‍්ඤථත‍්තලක‍්ඛණං උප‍්පාදලක‍්ඛණෙන ච වයලක‍්ඛණෙන ච සුඤ‍්ඤං, -පෙ- වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- සඞ‍්ඛාරාය -පෙ- විඤ‍්ඤාණස‍්ස -පෙ- චක‍්ඛුස‍්ස -පෙ- ජරාමරණස‍්ස උප‍්පාදලක‍්ඛණං වයලක‍්ඛණෙන ච ඨිතඤ‍්ඤථත‍්තලක‍්ඛණෙන ච සුඤ‍්ඤං ජරාමරණස‍්ස වයලක‍්ඛණං උප‍්පාදලක‍්ඛණෙන ච ඨිතඤ‍්ඤථත‍්තලක‍්ඛණෙන ච සුඤ‍්ඤං, ජරාමරණස‍්ස ඨිතඤ‍්ඤථත‍්තලක‍්ඛණං උප‍්පාදලක‍්ඛණෙන ච වයලක‍්ඛණෙන ච සුඤ‍්ඤං, ඉදං ලක‍්ඛණසුඤ‍්ඤං.

රූපයාගේ උත්පාදලක්‍ෂණය ව්‍යයලක්‍ෂණයෙනුදු සිටියහුගේ අන්‍යථාත්‍වලක්‍ෂණයෙනුදු ශූන්‍ය යැ. රූපයාගේ ව්‍යයලක්‍ෂණය උත්පාදලක්‍ෂණයෙනුදු සිටියහුගේ අන්‍යථාත්‍වලක්‍ෂණයෙනුදු ශූන්‍ය යැ. රූපයාගේ ස්ථිතාන්‍යලක්‍ෂණය උත්පාදලක්‍ෂණයෙනුදු ව්‍යයලක්‍ෂණයෙනුදු ශූන්‍ය යි. වේදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ ... චක්‍ෂුස්හුගේ ... ජරාමරණයාගේ උත්පාදලක්‍ෂණය ව්‍යයලක්‍ෂණයෙනුදු ස්ථිතාන්‍යලක්‍ෂණයෙනුදු ශූන්‍ය යැ. ජරාමරණයාගේ ව්‍යයලක්‍ෂණය උත්පාදලක්‍ෂණයෙනුදු ස්ථිතාන්‍යලක්‍ෂණයෙනුදු ශූන්‍ය යැ. ජරාමරණයාගේ ස්ථිතාන්‍යලක්‍ෂණය උත්පාදලක්‍ෂණයෙනුදු ව්‍යයලක්‍ෂණයෙනුදු ශූන්‍ය යි. මේ ලක්‍ෂණශූන්‍ය නම් වේ.

කතමං වික‍්ඛම‍්භනසුඤ‍්ඤං: නෙක‍්ඛම‍්මෙන කාමච‍්ඡන්‍දො වික‍්ඛම‍්භිතො චෙව සුඤ‍්ඤො ච, අබ්‍යාපාදෙන බ්‍යාපාදො වික‍්ඛම‍්භිතො චෙව සුඤ‍්ඤො ච, ආලොකසඤ‍්ඤාය ථිනමිද‍්ධං වික‍්ඛම‍්භිතඤ‍්චෙව සුඤ‍්ඤඤ‍්ච, අවික‍්ඛෙපෙන උද‍්ධච‍්චං වික‍්ඛම‍්භිතඤ‍්චෙව සුඤ‍්ඤඤ‍්ච, ධම‍්මවවත්‍ථානෙන විචිකිච‍්ඡා වික‍්ඛම‍්භිතා චෙව සුඤ‍්ඤා ච, ඤාණෙන අවිජ‍්ජා, වික‍්ඛම‍්භිතා චෙව සුඤ‍්ඤා ච, පාමොජ‍්ජෙන අරති වික‍්ඛම‍්භිතා චෙව සුඤ‍්ඤා ච, පඨමෙන ඣානෙන නීවරණා වික‍්ඛම‍්භිතා චෙව සුඤ‍්ඤා ච -පෙ- අරහත‍්තමග‍්ගෙන සබ‍්බකිලෙසා වික‍්ඛම‍්භිතා චෙව සුඤ‍්ඤා ච, ඉදං වික‍්ඛම‍්භනසුඤ‍්ඤං.

විෂ්කම්භණ ශූන්‍ය නම් කවරෙ යත්: නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්‍දය විෂ්කම්භණය කරනලද ද ශූන්‍යද වෙයි. අව්‍යාපාදයෙන් ව්‍යාපාදය විෂ්කම්භණය කරනලද ද ශූන්‍ය ද වෙයි. ආලෝකසංඥායෙන් ථිනමිද්ධය විෂ්කම්භණය කරනලද ද ශූන්‍ය ද වෙයි. අවික්‍ෂෙපයෙන් ඖද්ධත්‍යය විෂ්කම්භණය කරන ලද ද ශූන්‍ය ද වෙයි. ධර්‍මනිශ්චයෙන් විචිකිත්සාව විෂ්කම්භණය කරනලද ද ශූන්‍ය ද වෙයි. ඥානයෙන් අවිද්‍යාව විෂ්කම්භණය කරනලද ද ශූන්‍ය ද වෙයි. ප්‍රාමෝද්‍යයෙන් අරතිය විෂ්කම්භණය කරනලද ද ශූන්‍ය ද වෙයි. ප්‍රථමධ්‍යානයෙන් නීවරණයෝ විෂ්කම්භණය කරනලද ද ශූන්‍ය ද වෙති ... අර්‍හන්මාර්‍ගයෙන් හැම කෙලෙස්හු විෂ්කම්භණය කරනලද ද ශූන්‍ය ද වෙත්. මේ විෂ්කම්භණ ශූන්‍ය නම් වේ.

කතමං තදඞ‍්ගසුඤ‍්ඤං: නෙක‍්ඛම‍්මෙන කාමච‍්ඡන්‍දො තදඞ‍්ගසුඤ‍්ඤො අබ්‍යාපාදෙන බ්‍යාපාදො තදඞ‍්ගසුඤ‍්ඤො, ආලොකසඤ‍්ඤාය ථිනමිද‍්ධං තදඞ‍්ගසුඤ‍්ඤං, අවික‍්ඛෙපෙන උද‍්ධච‍්චං තදඞ‍්ගසුඤ‍්ඤං, ධම‍්මවවත්‍ථානෙන විචිකිච‍්ඡා තදඞ‍්ගසුඤ‍්ඤා, ඤාණෙන අවිජ‍්ජා, තදඞ‍්ගසුඤ‍්ඤා පාමොජ‍්ජෙන අරති තදඞ‍්ගසුඤ‍්ඤා, පඨමෙන ඣානෙන නීවරණා තදඞ‍්ගසුඤ‍්ඤා -පෙ- විවට‍්ටානුපස‍්සනාය සඤ‍්ඤොගාභිනිවෙසො තදඞ‍්ගසුඤ‍්ඤො, ඉදං තදඞ‍්ගසුඤ‍්ඤං.

තදඞ්ගශූන්‍ය නම් කවරැ යත්: නෛෂ්ක්‍රම්‍යයෙන් ප්‍රහීණ වූ කාමච්ඡන්‍දය නෛෂ්ක්‍රම්‍යාභාව හෙයින් ඒ (නෛෂ්ක්‍රම්‍ය) අඞ්ගයෙන් ශූන්‍ය යැ අව්‍යාපාදයෙන් ප්‍රහීණ වූ ව්‍යාපාදය ඒ අඞ්ගයෙන් ශූන්‍ය යැ. ආලෝකසංඥායෙන් ප්‍රහීණ වූ ථිනමිද්ධය ඒ අඞ්ගයෙන් ශූන්‍ය යැ. අවික්‍ෂෙපයෙන් ප්‍රහීණ වූ ඖද්ධත්‍යය ඒ අඞ්ගයෙන් ශූන්‍ය යැ. ධර්‍මනිශ්චයෙන් ප්‍රහීණ වූ විචිකිත්සාව ඒ අඞ්ගයෙන් ශූන්‍ය යැ. ඥානයෙන් ප්‍රහීණ වූ අවිද්‍යාව ඒ අඞ්ගයෙන් ශූන්‍ය යැ. ප්‍රාමෝද්‍යයෙන් ප්‍රහීණ වූ අරතිය ඒ අඞ්ගයෙන් ශූන්‍ය යැ. ප්‍රථමධ්‍යානයෙන් ප්‍රහීණ වූ නීවරණයෝ ඒ අඞ්ගයෙන් ශූන්‍යහ ... විවර්‍තානුදර්‍ශනායෙන් ප්‍රහීණ වූ සංයෝගාභිනිවේශය ඒ අඞ්ගයෙන් ශූන්‍ය යි. මේ තදඞ්ගශූන්‍ය නම් වේ.

කතමං සමුච‍්ඡෙදසුඤ‍්ඤං: නෙක‍්ඛම‍්මෙන කාමච‍්ඡන්‍දො සමුච‍්ඡින‍්නො චෙව සුඤ‍්ඤො ච, අබ්‍යාපාදෙන බ්‍යාපාදො සමුච‍්ඡින‍්නො චෙව සුඤ‍්ඤො ච, ආලොකසඤ‍්ඤාය ථිනමිද‍්ධං සමුච‍්ඡින‍්නඤ‍්චෙව සුඤ‍්ඤඤ‍්ච, අවික‍්ඛෙපෙන උද‍්ධච‍්චං සමුච‍්ඡන‍්නඤ‍්චෙව සුඤ‍්ඤඤ‍්ච, ධම‍්මවවත්‍ථානෙන විචිකිච‍්ඡා සමුච‍්ඡින‍්නා චෙව සුඤ‍්ඤා ච, ඤාණෙන අවිජ‍්ජා සමුච‍්ඡින‍්නා චෙව සුඤ‍්ඤා ච, පාමොජ‍්ජෙන අරති සමුච‍්ඡින‍්නා චෙව සුඤ‍්ඤා ච, පඨමෙන ඣානෙන නීවරණා සමුච‍්ඡින‍්නා චෙව සුඤ‍්ඤා ච -පෙ- අරහත‍්තමග‍්ගෙන සබ‍්බකිලෙසා සමුච‍්ඡින‍්නා චෙව සුඤ‍්ඤා ච, සමුච‍්ඡෙදසුඤ‍්ඤං.

සමුච්ඡේදශූන්‍ය නම් කවරැ යත්: නෛෂ්ක්‍රම්‍යයෙන් ප්‍රහීණ වූ කාමච්ඡන්‍දය මොනොවට සිඳුනාලද ද ශූන්‍ය ද වෙයි. අව්‍යාපාදයෙන් ප්‍රහීණ වූ ව්‍යාපාදය මොනොවට සිඳුනාලද ද ශූන්‍ය ද වෙයි. ආලෝකයසංඥායෙන් ප්‍රහීණ වූ ථිනමිද්ධය මොනොවට සිඳුනාලද ද ශූන්‍ය ද වෙයි. අවික්‍ෂෙපයෙන් ප්‍රහීණ වූ ඖද්ධත්‍යය මොනොවට සිඳුනාලද ද ශූන්‍ය ද වෙයි. ධර්‍මනිශ්චයෙන් ප්‍රහීණ වූ විචිකිත්සාව මොනොවට සිඳුනාලද ද ශූන්‍ය ද වෙයි. ඥානයෙන් ප්‍රහීණ වූ අවිද්‍යාව මොනොවට සිඳුනාලද ද ශූන්‍ය ද වෙයි. ප්‍රාමෝද්‍යයෙන් ප්‍රහීණ වූ අරතිය වූ අරතිය මොනොවට සිඳුනා ලද ද ශූන්‍ය ද වෙයි. ප්‍රථමධ්‍යානයෙන් ප්‍රහීණ වූ නීවරණයෝ මොනොවට සිඳුනාලද ද ශූන්‍ය ද වෙයි ... අර්‍හන්මාර්‍ගයෙන් ප්‍රහීණ වූ හැම කෙලෙස්හු මොනොවට සිඳුනාලද ද ශූන්‍ය ද වේ. මේ සමුච්ඡේද ශූන්‍ය නම් වේ.

කතමං පටිප‍්පස‍්සද‍්ධිසුඤ‍්ඤං: නෙක‍්ඛම‍්මෙන කාමච‍්ඡන්‍දො පටිප‍්පස‍්සද‍්ධො චෙව සුඤ‍්ඤො ච, අබ්‍යාපාදෙන බ්‍යාපාදො පටිප‍්පස‍්සදෙධා චෙව සුඤ‍්ඤො ච, ආලොකසඤ‍්ඤාය ථිනමිද‍්ධං පටිප‍්පස‍්සද‍්ධං චෙව සුඤ‍්ඤඤ‍්ච, අවික‍්ඛෙපෙන උද‍්ධච‍්චං පටිප‍්පස‍්සද‍්ධඤ‍්චෙව සුඤ‍්ඤඤ‍්ච, ධම‍්මවවත්‍ථානෙන විචිකිච‍්ඡා පටිප‍්පස‍්සද‍්ධො චෙව සුඤ‍්ඤා ච, ඤාණෙන අවිජ‍්ජා පටිප‍්පස‍්සද‍්ධා චෙව සුඤ‍්ඤා ච, පාමොජ‍්ජෙන අරති පටිප‍්පස‍්සද‍්ධා චෙව සුඤ‍්ඤා ච, පඨමෙන ඣානෙන නීවරණා පටිප‍්පස‍්සද‍්ධා චෙව සුඤ‍්ඤා ච -පෙ- අරහත‍්තමග‍්ගෙන සබ‍්බකිලෙසා පටිප‍්පස‍්සද‍්ධා චෙව සුඤ‍්ඤා ච, පටිප‍්පස‍්සද‍්ධිසුඤ‍්ඤං.

ප්‍රතිප්‍රශ්‍රබ්ධිශූන්‍ය නම් කවරැ යත්: නෛෂ්ක්‍රම්‍යයෙන් ප්‍රහීණ වූ කාමච්ඡන්‍දය සන්හිඳුනාලද ද (තදඞ්ග හෙයින්) ශූන්‍ය ද වෙයි. අව්‍යාපාදයෙන් ප්‍රහීණ වූ ව්‍යාපාදය සන්හිඳුනාලද ද ශූන්‍ය ද වෙයි. ආලෝකසංඥායෙන් ප්‍රහීණ වූ ථිනමිද්ධය සන්හිඳුනා ලද ද ශූන්‍ය ද වෙයි. අවික්‍ෂෙපයෙන් ප්‍රහීණ වූ ඖද්ධත්‍යය සන්හිඳුනාලද ද ශූන්‍ය ද වෙයි. ධර්‍මනිශ්චයෙන් ප්‍රහීණ වූ විචිකිත්සාව සන්හිඳුනාලද ද ශූන්‍ය ද වෙයි. ඥානයෙන් ප්‍රහීණ වූ අවිද්‍යාව සන්හිඳුනාලද ද ශූන්‍ය ද වෙයි. ප්‍රාමෝද්‍යයෙන් ප්‍රහීණ වූ අරතිය සන්හිඳුනා ලද ද ශූන්‍ය ද වෙයි. ප්‍රථමධ්‍යානයෙන් ප්‍රහීණ වූ නීවරණයෝ සන්හිඳුනා ලදහු ද ශූන්‍ය ද වෙති ... අර්‍හන්මාර්‍ගයෙන් ප්‍රහීණ වූ හැම කෙලෙස්හු සන්හිඳුනා ලදහු ද ශූන්‍ය ද වෙත්. මේ ප්‍රතිප්‍රශ්‍රබ්ධිශූන්‍ය නම් වේ.

කතමං නිස‍්සරණසුඤ‍්ඤං: නෙක‍්ඛම‍්මෙන කාමච‍්ඡන්‍දො නිස‍්සටො චෙව සුඤ‍්ඤො ච, අබ්‍යාපාදෙන බ්‍යාපාදො නිස‍්සටො චෙව සුඤ‍්ඤො ච ආලොකසඤ‍්ඤාය ථිනමිද‍්ධං නිස‍්සටඤ‍්චෙව සුඤ‍්ඤඤ‍්ච, අවික‍්ඛෙපෙන උද‍්ධච‍්චං නිස‍්සටං චෙව ධම‍්මවවත්‍ථානෙන විචිකිච‍්ඡා නිස‍්සටා චෙව සුඤ‍්ඤා ච, ඤාණෙන අවිජ‍්ජා නිස‍්සටා චෙව සුඤ‍්ඤා ච, පාමොජ‍්ජෙන අරති නිස‍්සටා චෙව සුඤ‍්ඤා ච, පඨමෙන ඣානෙන නීවරණා නිස‍්සටා චෙව සුඤ‍්ඤා ච -පෙ- අරහත‍්තමග‍්ගෙන සබ‍්බකිලෙසා නිස‍්සටා චෙව සුඤ‍්ඤා ච, ඉදං නිස‍්සරණසුඤ‍්ඤං.

නිස්සරණ ශූන්‍ය නම් කවරැ යත්: නෛෂ්ක්‍රම්‍යයෙන් ප්‍රහීණ වූ කාමච්ඡන්‍දය නිස්සෘත (හැරපියන ලද) ද ශූන්‍ය ද වෙයි. අව්‍යාපාදයෙන් ප්‍රහීණ වූ ව්‍යාපාදය නිස්සෘත ද ශූන්‍ය ද වෙයි. ආලෝකසංඥායෙන් ප්‍රහීණ වූ ථිනමිද්ධය නිස්සෘත ද ශූන්‍ය ද වෙයි. අවික්‍ෂෙපයෙන් ප්‍රහීණ වූ ඖද්ධත්‍යය නිස්සෘත ද ශූන්‍ය ද වෙයි. ධර්‍මනිශ්චයෙන් ප්‍රහීණ වූ විචිකිත්සාව නිස්සෘත ද ශූන්‍ය ද වෙයි. ඥානයෙන් ප්‍රහීණ වූ අවිද්‍යාව නිස්සෘත ද ශූන්‍ය ද වෙයි. ප්‍රාමෝද්‍යයෙන් ප්‍රහීණ වූ අරතිය නිස්සෘත ද ශූන්‍ය ද වෙයි. ප්‍රථමධ්‍යානයෙන් ප්‍රහීණ වූ නීවරණයෝ නිස්සෘත ද ශූන්‍ය ද වෙත් ... අර්‍හන්මාර්‍ගයෙන් ප්‍රහීණ වූ හැම කෙලෙස්හු නිස්සෘත ද ශූන්‍ය ද වෙත්. මේ නිස්සරණශූන්‍ය නම් වේ.

කතමං අජ‍්ඣත‍්තසුඤ‍්ඤං: අජ‍්ඣත‍්තං චක‍්ඛුං සුඤ‍්ඤං අත‍්තෙන වා අත‍්තනියෙන වා නිච‍්චෙන වා ධුවෙන වා සස‍්සතෙන වා අවිපරිනාමධම‍්මෙන වා. අජ‍්ඣත‍්තං සොතං සුඤ‍්ඤං -පෙ- අජ‍්ඣත‍්තං ඝානං සුඤ‍්ඤං -පෙ- අජ‍්ඣත‍්තං ජිව‍්හා සුඤ‍්ඤා -පෙ- අජ‍්ඣත‍්තං කායො සුඤ‍්ඤො -පෙ- අජ‍්ඣත‍්තං මනො සුඤ‍්ඤො අත‍්තෙන වා අත‍්තනියෙන වා නිච‍්චෙන වා ධුවෙන වා සස‍්සතෙන වා අවිපරිනාමධම‍්මෙන වා, ඉදං අජ‍්ඣත‍්තසුඤ‍්ඤං.

අධ්‍යාත්මශූන්‍ය නම් කවරැ යත්: අධ්‍යාත්ම වූ චක්‍ෂුස ආත්ම හෙයිනුදු ආත්මීය හෙයිනුදු නිත්‍ය හෙයිනුදු ධ්‍රැව හෙයිනුදු ශාශ්වත හෙයිනුදු අවිපරිණාමස්වභාව හෙයිනුදු ශූන්‍ය යැ: අධ්‍යාත්ම වූ ශ්‍රෝත්‍රය ... අධ්‍යාත්ම වූ ඝ්‍රාණය ... අධ්‍යාත්ම වූ ජීහ්වාව ... අධ්‍යාත්ම වූ කය ... අධ්‍යාත්ම වූ මනස ... ආත්ම හෙයිනුදු ආත්මීය හෙයිනුදු නිත්‍ය හෙයිනුදු ධ්‍රැව හෙයිනුදු ශාශ්වත හෙයිනුදු අවිපරිණාම ස්වභාව හෙයිනුදු ශූන්‍ය යි. මේ අධ්‍යාත්ම ශූන්‍ය නම් වේ.

කතමං බහිද‍්ධාසුඤ‍්ඤං, බහිද‍්ධා රූපා සුඤ‍්ඤා -පෙ- බහිද‍්ධා ධම‍්මා සුඤ‍්ඤා අත‍්තෙන වා අත‍්තනියෙන වා නිච‍්චෙන වා ධුවෙන වා සස‍්සතෙන වා අවිපරිණාමධම‍්මෙන වා. ඉදං බහිද‍්ධා සුඤ‍්ඤං.

බාහ්‍ය ශූන්‍ය නම් කවරැ යත්: බාහ්‍ය වූ රූපයෝ ... බාහ්‍ය වූ ධර්‍මයෝ ආත්ම හෙයිනුදු ආත්මීය හෙයිනුදු නිත්‍ය හෙයිනුදු ධ්‍රැව හෙයිනුදු ශාශ්වත හෙයිනුදු අවිපරිණාමස්වභාව හෙයිනුදු ශූන්‍යහ. මේ බාහ්‍ය ශූන්‍ය නම් වේ.

කතමං දුභතොසුඤ‍්ඤං, යඤ‍්ච අජ‍්ඣත‍්තං සොතං යෙ ච බහිද‍්ධා රූපා උභයමෙතං සුඤ‍්ඤං අත‍්තෙන වා අත‍්තනියෙන වා නිච‍්චෙන වා ධුවෙන වා සස‍්සතෙන වා අවිපරිනාමධම‍්මෙන වා, යඤ‍්ච අජ‍්ඣත‍්තං සොතං යෙ ච බහිද‍්ධා සද‍්දා -පෙ- යඤ‍්ච අජ‍්ඣත‍්තං ඝානං යෙ ච බහිද‍්ධා ගන්‍ධා -පෙ- යා ච අජ‍්ඣත‍්තා ජිව‍්හා යෙ ච බහිද‍්ධා රසා -පෙ- යො ච අජ‍්ඣත‍්තං කායො යො ච බහිද‍්ධා ඵොට‍්ඨබ‍්බා -පෙ- යො ච අජ‍්ඣත‍්තං මනො යෙ ච බහිද‍්ධා ධම‍්මා උභයමෙතං සුඤ‍්ඤං අත‍්තෙන වා අත‍්තනියෙන වා නිච‍්චෙන වා ධුවෙන වා සස‍්සතෙන වා අවිපරිණාමධම‍්මෙන වා, ඉදං දුභතො සුඤ‍්ඤං.

දුභතෝ ශූන්‍ය නම් කවරැ යත්: යම් අධ්‍යාත්ම වූ චක්‍ෂුසෙකුත් යම් බාහ්‍ය වූ රූප කෙනෙකුත් වෙත් ද මෙ දෙක ආත්ම හෙයිනුදු ආත්මීය හෙයිනුදු නිත්‍ය හෙයිනුදු ධ්‍රැව හෙයිනුදු ශාශ්වත හෙයිනුදු අවිපරිණාමස්වභාව හෙයිනුදු ශූන්‍ය යැ. යම් අධ්‍යාත්ම වූ ශ්‍රෝත්‍රයෙකුත් යම් බාහ්‍ය වූ ශබ්ද කෙනෙකුත් වෙත් ද ... යම් අධ්‍යාත්ම වූ ඝ්‍රාණයෙකුත් යම් බාහ්‍ය වූ ගන්‍ධ කෙනෙකුත් වෙත් ද ... යම් අධ්‍යාත්ම වූ ජිහ්වාවකුත් යම් බාහ්‍ය වූ රස කෙනෙකුත් වෙත් ද ... යම් අධ්‍යාත්ම වූ කයෙකුත් යම් බාහ්‍ය වූ ස්ප්‍රෂ්ටව්‍ය කෙනෙකුත් වෙත් ද ... යම් අධ්‍යාත්ම වූ මනසෙකුත් යම් බාහ්‍ය වූ ධර්‍ම කෙනෙකුත් වෙත් ද මෙ දෙක ආත්ම හෙයිනුදු ආත්මීය හෙයිනුදු නිත්‍ය හෙයිනුදු ධ්‍රැව හෙයිනුදු ශාශ්වත හෙයිනුදු අවිපරිණාමස්වභාව හෙයිනුදු ශූන්‍ය යි. මේ දුභතොශූන්‍ය නම් වේ.

කතමා සභාගසුඤ‍්ඤං; ඡ අජ‍්ඣත‍්තිකානි ආයතනානි සභාගානි චෙව සුඤ‍්ඤානි ච, ඡ බාහිරානි ආයතනානි සභාගානි චෙව සුඤ‍්ඤානි ච, ඡ විඤ‍්ඤාණකායා සභාගා චෙව සුඤ‍්ඤා ච, ඡ ඵස‍්සකායා සභාගා චෙව සුඤ‍්ඤා ච, ඡ වෙදනාකායා සභාගා චෙව සුඤ‍්ඤා ච, ඡ සඤ‍්ඤාකායා සභාගා චෙව සුඤ‍්ඤා ච, ඡ චෙතනා කායා සභාගා චෙව සුඤ‍්ඤා ච, ඉදං සභාගසුඤ‍්ඤං.

සභාගශූන්‍ය නම් කවරැ යත්: ආධ්‍යාත්මික වූ ෂඩායතනයෝ සභාග ද ශූන්‍ය ද වෙති, බාහ්‍ය වූ ෂඩායතනයෝ සභාග ද ශූන්‍ය ද වෙති, ෂඩ්විඥානකායයෝ සභාග ද ශූන්‍ය ද වෙති, ෂට්ස්පර්‍ශකායයෝ සභාග ද ශූන්‍ය ද වෙති, ෂඩ්වේදනාකායයෝ සභාග ද ශූන්‍ය වෙති, ෂට්සංඥාකායයෝ සභාග ද ශූන්‍ය ද වෙති, ෂට්චේතනාකායයෝ සභාග ද ශූන්‍ය ද වෙත්. මේ සභාගශූන්‍ය නම් වේ.

කතමං විසභාගසුඤ‍්ඤං; ඡ අජ‍්ඣත‍්තිකානි ආයතනානි ඡහි බාහිරෙහි ආයතනෙහි විසභාගානි චෙව සුඤ‍්ඤානි ච, ඡ බාහිරානි ආයතනානි ඡහි විඤ‍්ඤාණකායෙහි විසභාගානි චෙව සුඤ‍්ඤානි ච, ඡ විඤ‍්ඤාණකායා ඡහි ඵස‍්සායතනෙහි විසභාගා චෙව සුඤ‍්ඤා ච ඡ ඵස‍්සකායා ඡහි වෙදනාකායෙහි විසභාගා චෙව සුඤ‍්ඤා, ච, ඡ වෙදනාකායා ඡ හි සඤ‍්ඤාකායෙහි විසභාගා චෙව සුඤ‍්ඤා ච, සඤ‍්ඤාකායා ඡහි චෙතනාකායෙහි විසභාගා චෙව සුඤ‍්ඤා ච, ඉදං විසභාගසුඤ‍්ඤං.

විසභාගශූන්‍ය නම් කවරැ යත්: ආධ්‍යාත්මික වූ ෂඩායතනයෝ බාහ්‍ය වූ ෂඩායතනයන් හා සමග විසභාග ද ශූන්‍ය ද වෙති, බාහ්‍ය වූ ෂඩායතනයෝ ෂඩ්විඥානකායයන් හා සමග විසභාග ද ශූන්‍ය ද වෙති, ෂඩ්විඥානකායයෝ ෂට්ස්පර්‍ශකායයන් හා සමග විසභාග ද ශූන්‍ය ද වෙති, ෂට්ස්පර්‍ශකායයෝ ෂට්වේදනාකායයන් හා සමග විසභාග ද ශූන්‍ය ද වෙති, ෂඩ්වේදනාකායයෝ ෂට්සංඥාකායයන් හා සමග විසභාග ද ශූන්‍ය ද වෙති, ෂට්සංඥාකායයෝ ෂට්චේතනාකායයන් හා සමග විසභාග ද ශූන්‍ය ද වෙත්. මේ විසභාග ශූන්‍ය නම් වේ.

කතමං එසනාසුඤ‍්ඤං: නෙක‍්ඛම‍්මෙසනා කාමච‍්ඡන්‍දෙන සුඤ‍්ඤා, අබ්‍යාපාදෙසනා බ්‍යාපාදෙන සුඤ‍්ඤා, ආලොකසඤ‍්ඤෙසනා ථිනමිද‍්ධෙන සුඤ‍්ඤා, අවික‍්ඛෙපෙසනා උද‍්ධච‍්චෙන සුඤ‍්ඤා, ධම‍්මවවත්‍ථානෙසනා විචිකිච‍්ඡාය සුඤ‍්ඤා, ඤාණෙසනා අවිජ‍්ජාය සුඤ‍්ඤා, පාමොජ‍්ජෙසනා අරතියා සුඤ‍්ඤා, පඨමජ‍්ඣානෙසනා නීවරණෙහි සුඤ‍්ඤා -පෙ- අරහත‍්තමග‍්ගෙසනා සබ‍්බකිලෙසෙහි සුඤ‍්ඤා, ඉදං එසනාසුඤ‍්ඤං.

ඒෂණාශූන්‍ය නම් කවරැ යත්: නෛෂ්ක්‍රමෛය්‍යෂණාව කාමච්ඡන්‍දයෙන් ශූන්‍ය යැ, අව්‍යාපාදෛෂණාව ව්‍යාපාදයෙන් ශූන්‍ය යැ, ආලෝකසංඥෛෂණාව ථිනමිද්ධයෙන් ශූන්‍ය යැ, අවික්‍ෂේපෛෂණාව ඖද්ධත්‍යයෙන් ශූන්‍ය යැ, ධර්‍මනිශ්චයෛෂණාව විචිකිත්සායෙන් ශූන්‍ය යැ, ඥානෛෂණාව අවිද්‍යායෙන් ශූන්‍ය යැ, ප්‍රාමෝද්‍යෛෂණාව අරතියෙන් ශූන්‍ය යැ, ප්‍රථමධ්‍යානෛෂණාව නීවරණ හෙයින් ශූන්‍ය යැ ... අර්‍හන්මාර්‍ගෛෂණාව හැම කෙලෙසුන්ගෙන් ශූන්‍ය යි. මේ ඒෂණාශූන්‍ය නම් වේ.

කතමං පරිග‍්ගහසුඤ‍්ඤං: නෙක‍්ඛම‍්මපරිග‍්ගහො කාමච‍්ඡන්‍දෙන සුඤ‍්ඤො, අබ්‍යාපාදපරිග‍්ගහො බ්‍යාපාදෙන සුඤ‍්ඤො, ආලොකසඤ‍්ඤොපරිග‍්ගහො ථිනමිද‍්ධෙන සුඤ‍්ඤො, ධම‍්මවවත්‍ථානපරිග‍්ගහො විචිකිච‍්ඡාය සුඤ‍්ඤො, ඤාණපරිග‍්ගහො අවිජ‍්ජාය සුඤ‍්ඤො, පාමොජ‍්ජපරිග‍්ගහො අරතියා සුඤ‍්ඤො, පඨමජ‍්ඣානපරිග‍්ගහො නීවරණෙහි සුඤ‍්ඤො -පෙ- අරහත‍්තමග‍්ගපරිග‍්ගහො සබ‍්බකිලෙසෙහි සුඤ‍්ඤො, ඉදං පරිග‍්ගහසුඤ‍්ඤං.

පරිග්‍රහශූන්‍ය නම් කවරැ යත්: නෛෂ්ක්‍රම්‍යපරිග්‍රහය කාමච්ඡන්‍ද හෙයින් ශූන්‍ය යැ, අව්‍යාපාදපරිග්‍රහය ව්‍යාපාද හෙයින් ශූන්‍ය යැ, ආලෝකසංඥාපරිග්‍රහය ථීනමිද්ධ හෙයින් ශූන්‍ය යැ, ධර්‍මනිශ්චයපරිග්‍රහය විචිකිත්සා හෙයින් ශූන්‍ය යැ, ඥානපරිග්‍රහය අවිද්‍යා හෙයින් ශූන්‍ය යැ, ප්‍රාමෝද්‍යපරිග්‍රහය අරති හෙයින් ශූන්‍ය යැ, ප්‍රථමධ්‍යානපරිග්‍රහය නීවරණ හෙයින් ශූන්‍ය යැ ... අර්‍හන්මාර්‍ගපරිග්‍රහය හැම කෙලෙස් හෙයින් ශූන්‍ය යි. මේ පරිග්‍රහ ශූන්‍ය නම් වේ.

කතමං පටිලාභසුඤ‍්ඤං: නෙක‍්ඛම‍්මපටිලාභො කාමච‍්ඡන්‍දෙන සුඤ‍්ඤො, අබ්‍යාපාදපටිලාභො බ්‍යාපාදෙන සුඤ‍්ඤො, ආලොකසඤ‍්ඤාපටිලාභො ථිනමිද‍්ධෙන සුඤ‍්ඤො, අවික‍්ඛෙපපටිලාභො උද‍්ධච‍්චෙන සුඤ‍්ඤො ධම‍්මවත්‍ථානපටිලාභො විචිකිච‍්ඡාය සුඤ‍්ඤො, ඤාණපටිලාභො අවිජ‍්ජාය සුඤ‍්ඤො, පාමොජ‍්ජපටිලාභො අරතියා සුඤ‍්ඤො, පඨමජ‍්ඣානපටිලාභො නීවරණෙහි සුඤ‍්ඤො -පෙ- අරහත‍්තමග‍්ගපටිලාභො සබ‍්බකිලෙසෙහි සුඤ‍්ඤො, ඉදං පටිලාභසුඤ‍්ඤං.

ප්‍රතිලාභශූන්‍ය නම් කවරැ යත්: නෛෂ්ක්‍රම්‍යප්‍රතිලාභය කාමච්ඡන්‍දයෙන් ශූන්‍ය යැ, අව්‍යාපාදප්‍රතිලාභය ව්‍යාපාදයෙන් ශූන්‍ය යැ, ආලෝකසංඥාප්‍රතිලාභය ථිනමිද්ධයෙන් ශූන්‍ය යැ, අවික්‍ෂේපප්‍රතිලාභය ඖද්ධත්‍යයෙන් ශූන්‍ය යැ, ධර්‍මනිශ්චයප්‍රතිලාභය විචිකිත්සායෙන් ශූන්‍ය යැ, ඥානප්‍රතිලාභය අවිද්‍යායෙන් ශූන්‍ය යැ, ප්‍රාමෝද්‍යප්‍රතිලාභය අරතියෙන් ශූන්‍ය යැ, ප්‍රථමධ්‍යානප්‍රතිලාභය නීවරණයන්ගෙන් ශූන්‍ය යැ ... අර්‍හන්මාර්‍ගප්‍රතිලාභය හැම කෙලෙසුන්ගෙන් ශූන්‍ය යි. මේ ප්‍රතිලාභශූන්‍ය නම් වේ.

කතමං පටිවෙධසුඤ‍්ඤං: නෙක‍්ඛම‍්මපටිවෙධො කාමච‍්ඡන්‍දෙන සුඤ‍්ඤො, අබ්‍යාපාදපටිවෙධො බ්‍යාපෙදන සුඤ‍්ඤො, ආලොකසඤ‍්ඤාපටිවෙධො ථිනමිද‍්ධෙන සුඤ‍්ඤො, අවික‍්ඛෙපටිවෙධො උද‍්ධච‍්චෙන සුඤ‍්ඤො, ධම‍්මවවත්‍ථානපටිවෙධො විචිකිච‍්ඡාය සුඤ‍්ඤො, ඤාණපටිවෙධො අවිජ‍්ජාය සුඤ‍්ඤො, පාමොජ‍්ජපටිවෙධො අරතියා සුඤ‍්ඤො, පඨමජ‍්ඣානපටිවෙධො නීවරණෙහි සුඤ‍්ඤො -පෙ- අරහත‍්තමග‍්ගපටිවෙධො සබ‍්බකිලෙසෙහි සුඤ‍්ඤො, ඉදං පටිවෙධසුඤ‍්ඤං.

ප්‍රතිවේධශූන්‍ය නම් කවරැ යත්: නෛෂ්ක්‍රම්‍යප්‍රතිවේධය කාමච්ඡන්‍දයෙන් ශූන්‍ය යැ, අව්‍යාපාදප්‍රතිවේධය ව්‍යාපාදයෙන් ශූන්‍ය යැ, ආලෝකසංඥාප්‍රතිවේධය ථිනමිද්ධයෙන් ශූන්‍ය යැ, අවික්‍ෂේපප්‍රතිවේධය ඖද්ධත්‍යයෙන් ශූන්‍ය යැ, ධර්‍මනිශ්චයප්‍රතිවේධය විචිකිත්සායෙන් ශූන්‍ය යැ, ඥානප්‍රතිවේධය අවිද්‍යායෙන් ශූන්‍ය යැ, ප්‍රාමෝද්‍යප්‍රතිවේධය අරතියෙන් ශූන්‍ය යැ, ප්‍රථමධ්‍යාන ප්‍රතිවේධය නීවරණයන්ගෙන් ශූන්‍ය යැ ... අර්‍හන්මාර්‍ගප්‍රතිවේධය හැම කෙලෙසුන්ගෙන් ශූන්‍ය යි. මේ ප්‍රතිවේධශූන්‍ය නම් වේ.

කතමං එකත‍්තසුඤ‍්ඤං නානත‍්තසුඤ‍්ඤං: කාමච‍්ඡන්‍දො නානත‍්තං, නෙක‍්ඛම‍්මං එකත‍්තං, නෙක‍්ඛම‍්මෙකත‍්තං චෙතයතො කාමච‍්ඡන්‍දෙන සුඤ‍්ඤං, බ්‍යාපාදො නානත‍්තං අබ්‍යාපාදො එකත‍්තං, අබ්‍යාපාදෙකත‍්තං චෙතයතො බ්‍යාපාදෙන සුඤ‍්ඤං, ථීනමිද‍්ධං නානත‍්තං, ආලොකසඤ‍්ඤා එකත‍්තං, ආලොකසඤ‍්ඤෙකත‍්තං චෙතයතො ථිනමිද‍්ධෙන සුඤ‍්ඤං, උද‍්ධච‍්චං නානත‍්තං, අවික‍්ඛෙපො එකත‍්තං, අවික‍්ඛෙපෙකත‍්තං චෙතයතො උද‍්ධච‍්චෙන සුඤ‍්ඤං, විචිකිච‍්ඡා නානත‍්තං, ධම‍්මවවත්‍ථානං එකත‍්තං, ධම‍්මවවත්‍ථානෙකත‍්තං චෙතයතො විචිකිච‍්ඡාය සුඤ‍්ඤං, අවිජ‍්ජා නානත‍්තං ඤාණං එකත‍්තං, ඤාණෙකත‍්තං චෙතයතො අවිජ‍්ජාය සුඤ‍්ඤං, අරති නානත‍්තං, පාමොජ‍්ජං එකත‍්තං, පාමොජ‍්ජෙකත‍්තං චෙතයතො අරතියා සුඤ‍්ඤං, නීවරණං නානත‍්තං, පඨමජ‍්ඣානං එකත‍්තං, පඨමජ‍්ඣානෙකත‍්තං චෙතයතො නීවරණෙහි සුඤ‍්ඤං -පෙ- සබ‍්බකිලෙසා නානත‍්තං, අරහත‍්තමග‍්ගො එකත‍්තං, අරහත‍්තමග‍්ගෙකත‍්තං චෙතයතො සබ‍්බකිලෙසෙහි සුඤ‍්ඤං, ඉදං එකත‍්තසුඤ‍්ඤං, නානත‍්තසුඤ‍්ඤං.

ඒකත්‍වශූන්‍ය නම්, නානාත්‍වශුන්‍ය නම් කවරැ යත්: කාමච්ඡන්‍දය (ශාන්තවෘත්තී නැති බැවින්) නානාත්‍ව යැ, නෛෂ්ක්‍රම්‍යය (ශාන්තවෘත්ති බැවින්) ඒකත්‍ව යි. නෛෂ්ක්‍රම්‍යසඞ්ඛ්‍යාත ඒකත්‍වය සිතනුවහට කාමච්ඡන්‍ද විසින් ශූන්‍ය යැ, ව්‍යාපාදය නානාත්‍ව යැ, අව්‍යාපාදය ඒකත්‍ව යි. අව්‍යාපාද සඞ්ඛ්‍යාත ඒකත්‍වය සිතනුවහට ව්‍යාපාද විසින් ශූන්‍ය යැ. ථිනමිද්ධය නානාත්‍ව යැ, ආලෝකසංඥාව ඒකත්‍ව යි. ආලෝකසංඥා සඞ්ඛ්‍යාත ඒකත්‍වය සිතනුවහට ථිනමිද්ධ විසින් ශූන්‍ය යැ. ඖද්ධත්‍යය නානාත්‍ව යැ, අවික්‍ෂේපය ඒකත්‍ව යි. අවික්‍ෂේප සඞ්ඛ්‍යාත ඒකත්‍වය සිතනුවහට ඖද්ධත්‍ය විසින් ශූන්‍ය යැ. විචිකිත්සාව නානාත්‍ව යැ, ධර්‍මනිශ්චය ඒකත්‍ව යි. ධර්‍මනිශ්චය සඞ්ඛ්‍යාත ඒකත්‍වය සිතනුවහට විචිකිත්සා විසින් ශූන්‍ය යැ. අවිද්‍යාව නානාත්‍ව යැ, ඥානය ඒකත්‍ව යි. ඥාන සඞ්ඛ්‍යාත ඒකත්‍වය සිතනුවහට අවිද්‍යා විසින් ශූන්‍ය යැ. අරතිය නානාත්‍ව යැ, ප්‍රාමෝද්‍යය ඒකත්‍ව යි. ප්‍රාමෝද්‍ය සඞ්ඛ්‍යාත ඒකත්‍වය සිතනුවහට අරති විසින් ශූන්‍ය යැ. නීවරණයෝ නානාත්‍ව යැ, ප්‍රථමධ්‍යානය ඒකත්‍ව යි. ප්‍රථමධ්‍යාන සඞ්ඛ්‍යාත ඒකත්‍වය සිතනුවහට නීවරණ විසින් ශූන්‍ය යැ ... හැම කෙලෙස්හු නානාත්‍ව යැ. අර්‍හන්මාර්‍ගය ඒකත්‍ව යි. අර්‍හන්මාර්‍ග සඞ්ඛ්‍යාත ඒකත්‍වය සිතනුවහට හැම කෙලෙසුන් විසින් ශූන්‍ය යි. මේ ඒකත්‍වශූන්‍ය නම් නානාත්‍වශූන්‍ය නම් වේ.

කතමං ඛන‍්තිසුඤ‍්ඤං: නෙක‍්ඛම‍්මඛන‍්ති කාමච‍්ඡන්‍දෙන සුඤ‍්ඤා, අබ්‍යාපාදඛන‍්ති බ්‍යාපාදෙන සුඤ‍්ඤා, ආලොකසඤ‍්ඤාඛන‍්ති ථිනමිද‍්ධෙන සුඤ‍්ඤා, අවික‍්ඛෙපඛන‍්ති උද‍්ධච‍්චෙන සුඤ‍්ඤා, ධම‍්මවවත්‍ථානඛන‍්ති විචිකිච‍්ඡාය සුඤ‍්ඤා, ඤාණඛන‍්ති අවිජ‍්ජාය සුඤ‍්ඤා, පාමොජ‍්ජඛන‍්ති අරතියා සුඤ‍්ඤා, පඨමජ‍්ඣානඛන‍්ති නීවරණෙහි සුඤ‍්ඤා, -පෙ- අරහත‍්තමග‍්ගඛන‍්ති සබ‍්බකිලෙසෙහි සුඤ‍්ඤා, ඉදං ඛන‍්තිසුඤ‍්ඤං.

ක්‍ෂාන්තිශූන්‍ය නම් කවරැ යත්: නෛෂ්ක්‍රම්‍යක්‍ෂාන්තිය කාමච්ඡන්‍ද විසින් ශූන්‍ය යැ, අව්‍යාපාදක්‍ෂාන්තිය ව්‍යාපාද විසින් ශූන්‍ය යැ, ආලෝකසංඥාක්‍ෂාන්තිය ථිනමිද්ධ විසින් ශූන්‍ය යැ, අවික්‍ෂේපක්‍ෂාන්තිය ඖද්ධත්‍ය විසින් ශූන්‍ය යැ, ධර්‍මනිශ්චයක්‍ෂාන්තිය විචිකිත්සා විසින් ශූන්‍ය යැ, ඥානක්‍ෂාන්තිය අවිද්‍යා විසින් ශූන්‍ය යැ, ප්‍රාමෝද්‍යක්‍ෂාන්තිය අරති විසින් ශූන්‍ය යැ, ප්‍රථමධ්‍යාන ක්‍ෂාන්තිය නීවරණ විසින් ශූන්‍ය යැ ... අර්‍හන්මාර්‍ගක්‍ෂාන්තිය හැම කෙලෙසුන් විසින් ශූන්‍ය යි. මේ ක්‍ෂාන්තිශූන්‍ය නම් වේ.

කතමං අධිට‍්ඨානසුඤ‍්ඤං: නෙක‍්ඛම‍්මාධිට‍්ඨානං කාමච‍්ඡන්‍දෙන සුඤ‍්ඤා, අබ්‍යාපාදාධිට‍්ඨානං බ්‍යාපාදෙන සුඤ‍්ඤං, ආලොකසඤ‍්ඤාධිට‍්ඨානං ථිනමිද‍්ධෙන සුඤ‍්ඤං, අවික‍්ඛෙපාධිට‍්ඨානං උද‍්ධච‍්චෙන සුඤ‍්ඤං, ධම‍්මවවත්‍ථානාදිට‍්ඨානං විචිකිච‍්ඡාය සුඤ‍්ඤං, ඤාණාධිට‍්ඨානං අවිජ‍්ජාය සුඤ‍්ඤං, පාමොජ‍්ජාධිට‍්ඨානං අරතියා සුඤ‍්ඤං, පඨමජ‍්ඣානාධිට‍්ඨානං නීවරණෙහි සුඤ‍්ඤං -පෙ- අරහත‍්තමග‍්ගාධිට‍්ඨානං සබ‍්බකිලොසෙහි සුඤ‍්ඤං, ඉදං අධිට‍්ඨානසුඤ‍්ඤං.

අධිෂ්ඨානශූන්‍ය නම් කවරැ යත්: නෛෂ්ක්‍රම්‍යාධිෂ්ඨානය කාමච්ඡන්‍ද විසින් ශූන්‍ය යැ, අව්‍යාපාදාධිෂ්ඨානය ව්‍යාපාද විසින් ශූන්‍ය යැ, ආලෝකසංඥාධිෂ්ඨානය ථිනිමිද්ධ විසින් ශූන්‍ය යැ, අවික්‍ෂේපාධිෂ්ඨානය ඖද්ධත්‍ය විසින් ශූන්‍ය යැ, ධර්‍මනිශ්චයාධිෂ්ඨානය විචිකිත්සා විසින් ශූන්‍ය යැ, ඥානාධිෂ්ඨානය අවිද්‍යා විසින් ශූන්‍ය යැ, ප්‍රාමෝද්‍යාධිෂ්ඨානය අරති විසින් ශූන්‍ය යැ, ප්‍රථමධ්‍යානාධිෂ්ඨානය නීවරණ විසින් ශූන්‍ය යැ ... අර්‍හන්මාර්‍ගාධිෂ්ඨානය හැම කෙලෙසුන් විසින් ශූන්‍ය යි. මේ අධිෂ්ඨානශූන්‍ය නම් වේ.

කතමං පරියොගාහනසුඤ‍්ඤං, නෙක‍්ඛම‍්මපරියොගාහනං කාමච‍්ඡන්‍දෙන සුඤ‍්ඤං, අබ්‍යාපදපරියොගාහනං බ්‍යාපාදෙන සුඤ‍්ඤං, ආලොකසඤ‍්ඤාපරියොගාහනං ථිනමිද‍්ධෙන සුඤ‍්ඤං, අවික‍්ඛෙපපරියොගාහනං උද‍්ධච‍්චෙන සුඤ‍්ඤං, ධම‍්මවවත්‍ථානපරියොගාහනං විචිකිච‍්ඡාය සුඤ‍්ඤාං, ඤාණපරියොගාහනං අවිජ‍්ජාය සුඤ‍්ඤං, පාමොජ‍්ජපරියොගාහනං අරතියා සුඤ‍්ඤං, පඨමජ‍්ඣානපරියොගාහනං නීවරණෙහි සුඤ‍්ඤං, -පෙ- අරහත‍්තමග‍්ගපරියොගාහනං සබ‍්බකිලෙසෙහි සුඤ‍්ඤං, ඉදං පරියොගාහනසුඤ‍්ඤං.

පර්‍ය්‍යාවගාහණශූන්‍ය නම් කවරැ යත්: නෛෂ්ක්‍රම්‍යයෙහි බැසගැනීම කාමච්ඡන්‍ද විසින් ශූන්‍ය යැ, අව්‍යාපාදයෙහි බැසගැනීම ව්‍යාපාද විසින් ශූන්‍ය යැ, ආලෝකසංඥායෙහි බැසගැනීම ථිනමිද්ධ විසින් ශූන්‍ය යැ, අවික්‍ෂේපයෙහි බැසගැනීම ඖද්ධත්‍ය විසින් ශුන්‍ය යැ, ධර්‍මනිශ්චයෙහි බැසගැනීම විචිකිත්සා විසින් ශූන්‍ය යැ, ඥානයෙහි බැසගැනීම අවිද්‍යා විසින් ශූන්‍ය යැ, ප්‍රාමෝද්‍යයෙහි බැසගැනීම අරති විසින් ශූන්‍ය යැ, ප්‍රථමධ්‍යානයෙහි බැසගැනීම නීවරණ විසින් ශූන්‍ය යැ ... අර්‍හන්මාර්‍ගයෙහි බැසගැනීම හැම කෙලෙසුන් විසින් ශූන්‍ය යි. මේ පර්‍ය්‍යාවගාහණශූන්‍ය යි.

කතමං සම‍්පජානස‍්ස පවත‍්තපරියාදානං සබ‍්බසුඤ‍්ඤතානං පරමත්‍ථසුඤ‍්ඤං: ඉධ සම‍්පජානො නෙක‍්ඛම‍්මෙන කාමච‍්ඡන්‍දස‍්ස පවත‍්තං පරියාදියති, අබ්‍යාපාදෙන බ්‍යාපාදස‍්ස පවත‍්තං පරියාදියති, ආලොකසඤ‍්ඤාය ථිනමිද‍්ධස‍්ස පවත‍්තං පරියාදියති, අවික‍්ඛෙපෙන උද‍්ධච‍්චස‍්ස පවත‍්තං පරියාදියති, ධම‍්මවවත්‍ථානෙන විචිකිච‍්ඡාය පවත‍්තං පරියාදියති, ඤාණෙන අවිජ‍්ජාය පවත‍්තං පරියාදියති, පාමොජ‍්ජෙන අරතියා පවත‍්තං පරියාදියති, පඨමෙන ඣානෙන නීවරණානං පවත‍්තං පරියාදියති, -පෙ- අරහත‍්තමග‍්ගෙන සබ‍්බකිලෙසානං පවත‍්තං පරියාදියති.

සම්‍යග්ඥාන සමන්‍වාගතයා (රහත්හු) ගේ හැම ශූන්‍යතයන් අතුරින් පරමාර්‍ත්‍ථශූන්‍ය වූ ප්‍රවෘත්තික්‍ෂය (අනුපාදාපරිනිර්‍වාණය) කවරැ යත්: මෙ සසුන්හි සම්‍යග්ඥානසමන්‍වාගත වූයේ නෛෂ්ක්‍රම්‍ය හේතුකොටගෙන කාමච්ඡන්‍දයාගේ පැවැත්ම ක්‍ෂය කෙරෙයි, අව්‍යාපාදය හේතුකොටගෙන ව්‍යාපාදයාගේ පැවැත්ම ක්‍ෂය කෙරෙයි, ආලෝකසංඥාව හේතුකොටගෙන ථිනමිද්ධයාගේ පැවැත්ම ක්‍ෂය කෙරෙයි, අවික්‍ෂේපය හේතුකොටගෙන ඖද්ධත්‍යයාගේ පැවැත්ම ක්‍ෂය කෙරෙයි, ධර්‍මනිශ්චය හේතුකොටගෙන විචිකිත්සාවගේ පැවැත්ම ක්‍ෂය කෙරෙයි, ඥානය හේතුකොටගෙන අවිද්‍යාවගේ පැවැත්ම ක්‍ෂය කෙරෙයි, ප්‍රාමෝද්‍යය හේතුකොටගෙන අරතියගේ පැවැත්ම ක්‍ෂය කෙරෙයි, ප්‍රථමධ්‍යාන හේතුකොටගෙන නීවරණයන්ගේ පැවැත්ම ක්‍ෂය කෙරෙයි ... අර්‍හන්මාර්‍ගය හේතුකොටගෙන හැම කෙලෙසුන්ගේ පැවැත්ම ක්‍ෂය කෙරේ.

අථ වා පන සම‍්පජානස‍්ස අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බායන‍්තස‍්ස ඉදං චෙව චක‍්ඛුපවත‍්තං පරියාදියති, අඤ‍්ඤං ච චක‍්ඛුපවත‍්තං න උප‍්පජ‍්ජති, ඉදං චෙව සොතපවත‍්තං -පෙ- ඝානපවත‍්තං -පෙ- ජිව‍්හාපවත‍්තං -පෙ- කායපවත‍්තං -පෙ- මනොපවත‍්තං පරියාදියති, අඤ‍්ඤං ච මනොපවත‍්තං න උප‍්පජ‍්ජති, ඉදං සම‍්පජානස‍්ස පවත‍්තපරියාදානං සබ‍්බසුඤ‍්ඤතානං පරමත්‍ථසුඤ‍්ඤන‍්ති.

තවද සම්‍යග්ඥාන ඇත්තහු අනුපාදිශේෂපරිනිර්‍වාණධාතුයෙන් පිරිනිවෙන්නහුට මේ චක්‍ෂුඃප්‍රවෘත්තිය ද ක්‍ෂය වෙයි. අන්‍ය චක්‍ෂුඃප්‍රවෘත්තියෙකුදු නූපදී. මේ ශ්‍රෝත්‍රප්‍රවෘත්තිය ද ... ඝ්‍රාණප්‍රවෘත්තිය ද ... ජිහ්වාප්‍රවෘත්තිය ද ... කායප්‍රවෘත්තිය ද ... මනඃප්‍රවෘත්තිය ද ක්‍ෂය වෙයි, අන්‍ය වූ මනඃප්‍රවෘත්තියෙකුදු නූපදී. මේ සම්‍යග්ඥානසමන්‍වාගතයාගේ හැම ශූන්‍යතයන් අතුරින් පරිමාර්‍ත්‍ථශූන්‍ය වූ ප්‍රවෘත්තික්‍ෂය නම් වේ යයි.

සුඤ‍්ඤතාකථා සමත‍්තා.

ශූන්‍යතාකථා නිමි.

යුගනද‍්ධවග‍්ගො දුතියො.

දෙ වැනි යුගනද්ධවර්‍ග යි.

තස‍්සුදානං:

එහි උද්දානය:

යුගනද‍්ධො සච‍්චබොජ‍්ඣඞ‍්ගා මෙත‍්තාවිරාගපඤ‍්චමා, පටිසම‍්භිදා ධම‍්මචක‍්කං ලොකුත‍්තරබලසුඤ‍්ඤා’ති

යුගනද්ධ කථා යැ, සත්‍ය කථා යැ, බෝධ්‍යඞ්ග කථා යැ, මෛත්‍රී කථා යැ, පස් වැනි වූ විරාග කථා යැ, ප්‍රතිසංවිත් කථා යැ, ධර්‍මචක්‍ර කථා යැ, ලෝකෝත්තර කථා යැ, බල කථා යැ, ශූන්‍ය කථා යැ’යි.

එස නිකායධරෙහි ඨපිතො අසමො දුතියො පවරො වරවග‍්ගො’ති.