සම්මුඛාවිනයකථා අට‍්ඨකථා
සම‍්මුඛාවිනයකථා
සම්මුඛාවිනයකථා
සමථක‍්ඛන්‍ධකෙ – “අධම‍්මවාදී පුග‍්ගලො”තිආදීනි ඡ මාතිකාපදානි නික‍්ඛිපිත්‍වා “අධම‍්මවාදී පුග‍්ගලො ධම‍්මවාදිං පුග‍්ගලං සඤ‍්ඤාපෙතී”තිආදිනා නයෙන විත්‍ථාරො වුත‍්තො. තත්‍ථ සඤ‍්ඤාපෙතීති කාරණපතිරූපකානි වත්‍වා පරිතොසෙත්‍වා ජානාපෙති. නිජ‍්ඣාපෙතීති යථා සො තං අත්‍ථං නිජ‍්ඣායති, ඔලොකෙති; එවං කරොති. පෙක‍්ඛති අනුපෙක‍්ඛතීති යථා සො තං අත්‍ථං පෙක‍්ඛති චෙව පුනප‍්පුනඤ‍්ච පෙක‍්ඛති; එවං කරොති. දස‍්සෙති අනුදස‍්සෙතීති තෙසඤ‍්ඤෙව පරියායවචනානි. අධම‍්මෙන වූපසම‍්මතීති යස‍්මා සො අධම‍්මමෙව “අයං ධම‍්මො”තිආදිනා නයෙන මොහෙත්‍වා දස‍්සෙති, තස‍්මා අධම‍්මෙන වූපසම‍්මති නාම.
සමථක්‍ඛන්‍ධකයෙහි - “අධම්මවාදී පුග්ගලො” යනාදී වූ මාතෘකා පදසය නික්‍ෂෙපකොට “අධම්මවාදී පුග්ගලො ධම්මවාදීපුග්ගලං සඤ්ඤාපෙති” යනාදිනයින් විස්තරය වදාරණ ලද්දේය. එහි “සඤ්ඤාපෙති” කාරණප්‍රතිරූපකයන් කියා සතුටුකරවා දන්වයි. “නිජ්ඣාපෙති” සුදුසු පරිදි ඒ අර්‍ත්‍ථය කල්පනා කෙරේද, බලාද එසේ කරයි. “පෙක්‍ඛති අනුපෙක්‍ඛති” සුදුසු පරිදි අර්‍ත්‍ථය බලාද නැවැත නැවැත බලාද එසේ කරයි. “දස්සෙති අනුදස්සෙති” ඔවුන්ගේම පර්‍ය්‍යාය වචනයෝය. “අධම්මෙන වූපසම්මති” යම්හෙයකින් ඒ අධර්‍මවාදී පුද්ගලතෙමේ අධර්‍මයම මේ ධර්‍මය’යි යනාදිනයින් මුළාකරවා දක්වාද, එහෙයින් අධර්‍මය කරණකොට ගෙණ සන්සිඳුවා නම.
ධම‍්මෙන වූපසම‍්මතීති යස‍්මා ධම‍්මවාදී ධම‍්මමෙව “අයං ධම‍්මො”තිආදිනා නයෙන අමොහෙත්‍වා දස‍්සෙති, තස‍්මා ධම‍්මෙන වූපසම‍්මති නාම.
“ධම්මෙ න වූපසම්මති” යම්හෙයකින් ධර්‍මවාදී පුද්ගල තෙමේ ධර්‍මයම ‘මේ ධර්‍මය’යි යනාදිනයින් මුළානොකරවා දක්වාද, එහෙයින් ධර්‍මය කරණකොටගෙණ සන්සිඳුවා නම.
සම‍්මුඛාවිනයකථා නිට‍්ඨිතා.