යෙදුමෙන් කියවන්න

පටිච‍්ඡන‍්නපරිවාසකථා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

පටිච‍්ඡන‍්නපරිවාසකථා

පටිච්ඡන්නපරිවාසකථා

ඉදානි යා තාව අයං පටිච‍්ඡන‍්නාය එකිස‍්සා ආපත‍්තියා වසෙන පාළි වුත‍්තා, සා උත‍්තානත්‍ථාව.

දැන් පිළිසන් වූ එක් ඇවැතක්හුගේ වසයෙන් යම් මේ පෙළක් කියන ලදද, එය ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තීමය.

තතො පරං ද‍්වීහතීහචතූහපඤ‍්චාහපටිච‍්ඡන‍්නානං වසෙන පාළිං වත්‍වා පඤ‍්චාහපටිච‍්ඡන‍්නාය පරිවාසතො පට‍්ඨාය අන‍්තරාපත‍්ති දස‍්සිතා. යස‍්මා පන තං ආපත‍්තිං ආපන‍්නො මූලායපටිකස‍්සනාරහො නාම හොති, තස‍්මාස‍්ස තත්‍ථ මූලායපටිකස‍්සනං අනුඤ‍්ඤාතං. සචෙ පන නික‍්ඛිත‍්තවත‍්තො ආපජ‍්ජති, මූලායපටිකස‍්සනාරහො න හොති. කස‍්මා? යස‍්මා න සො පරිවසන‍්තො ආපන‍්නො, පකතත‍්තට‍්ඨානෙ ඨිතො ආපන‍්නො, තස‍්මා තස‍්සා ආපත‍්තියා විසුං මානත‍්තං චරිතබ‍්බං. සචෙ පටිච‍්ඡන‍්නා හොති පරිවාසොපි වසිතබ‍්බො. යඤ‍්චෙතං මූලායපටිකස‍්සනං වුත‍්තං, තස‍්මිම‍්පි කතෙ පරිවුත්‍ථදිවසා මක‍්ඛිතා හොන‍්ති. ඉති පරිවාසෙ අන‍්තරාපත‍්තිං දස‍්සෙත්‍වා පුන මානත‍්තාරහස‍්ස අන‍්තරාපත‍්තිං දස‍්සෙත්‍වා මූලායපටිකස‍්සනං වුත‍්තං, තස‍්මිම‍්පි කතෙ පරිවුත්‍ථදිවසා මක‍්ඛිතාව හොන‍්ති. තතො පරිවුත්‍ථපරිවාසස‍්ස තාසං තිස‍්සන‍්නම‍්පි ආපත‍්තීනං සමොධානමානත‍්තං දස‍්සිතං. තතො මානත‍්තචාරිකස‍්ස අන‍්තරාපත‍්තිං දස‍්සෙත්‍වා මූලායපටිකස‍්සනං වුත‍්තං. තස‍්මිං පන පටිකස‍්සනෙ කතෙ මානත‍්තචිණ‍්ණදිවසාපි පරිවුත්‍ථදිවසාපි මක‍්ඛිතාව හොන‍්ති. තතො අබ‍්භානාරහස‍්ස අන‍්තරාපත‍්තිං දස‍්සෙත්‍වා මූලායපටිකස‍්සනං වුත‍්තං. තස‍්මිම‍්පි කතෙ සබ‍්බෙ තෙ මක‍්ඛිතාව හොන‍්ති. තතො පරං සබ‍්බා අන‍්තරාපත‍්තියො යොජෙත්‍වා අබ‍්භානකම‍්මං දස‍්සිතං. එවං පටිච‍්ඡන‍්නවාරෙ එකාහපටිච‍්ඡන‍්නාදිවසෙන පඤ‍්ච, අන‍්තරාපත‍්තිවසෙන චතස‍්සොති නව කම‍්මවාචා දස‍්සිතා හොන‍්ති.

ඉන්පසු දෙදවස, තුන් දවස, පස් දවස පිළිසන් වූ ආපත්තීන්ගේ වසයෙන් පෙළ කියා පස් දවසක් පිළිසන් ඇවැත පිළිබඳ පිරිවෙස පටන් අන්තරාපත්ති තොමෝ දක්වන ලදී. යම්හෙයකින් වනාහි ඒ ඇවැතට පැමිණියේ මූලාය ප්‍රතිකර්‍ෂණයට සුදුසු වූයේ නම්වේද, එහෙයින් මොහුට එහි මූලාය ප්‍රතිකර්‍ෂණය අනුදන්නා ලද්දේය. ඉදින්වනාහි නික්‍ෂිප්ත වත් ඇත්තේ ඇවැතට පැමිණේද, මූලාය ප්‍රතිකර්‍ෂණයට සුදුසු නොවේ. කුමක් හෙයින යත්:- යම්හෙයකින් හෙතෙමේ පිරිවෙස් නොවසනුයේ පැමිණියේ නම්, ප්‍රකෘති ආත්මස්ථානයෙහි සිටියේ පැමිණියේද, එහෙයින් ඒ ඇවැතට වෙන්ව මානතෙහි හැසිරිය යුතුය. ඉදින් ඇවැත පිළිසන් වූවාවේද, පිරිවෙස විසිය යුතුය. යම් මේ මූලාය ප්‍රතිකර්‍ෂණයක් කියන ලදද, ඒ මූලාය ප්‍රතිකර්‍ෂණය කළකල්හි විසූ පිරිවෙස් දවස් මැකී ගියාහු වෙත්. මෙසේ පිරිවෙසෙහි අන්තරාපත්තිය දක්වා නැවැත මානතට සුදුසුවූවහුගේ අන්තරාපත්තිය දක්වා මූලාය ප්‍රතිකර්‍ෂණය කියන ලදී. ඒ ප්‍රතිකර්‍ෂණය කළ කල්හි මානත පිරූ දවස්ද පිරිවෙස් ගෙණ වුසූ දවස්ද මකන ලද්දාහු වෙත්. ඉක්බිති අබ්හානයට සුදුසුවූවහුගේ අන්තරාපත්තිය දක්වා මූලාය ප්‍රතිකර්‍ෂණය වදාරණ ලදී. ඒ මුලාය ප්‍රතිකර්‍ෂණයද කළ කල්හි ඒ සියල්ලෝ මකන ලද්දාහුම වෙත්. ඉන්පසු අන්තරාපත්තීන් යොදා අබ්හාන කර්‍මය දක්වන ලදී. මෙසේ ප්‍රතිච්ඡන්නවාරයෙහි එකාහප්‍රතිච්ඡන්නාදි වශයෙන් පසෙක, අන්තරාපත්ති වශයෙන් සතරෙකැයි කර්‍මවාක්‍යය නවයක් දක්වන ලද්දාහු වෙත්.

පටිච‍්ඡන‍්නපරිවාසකථා නිට‍්ඨිතා.

සමොධානපරිවාසකථා

සමොධානපරිවාසකථා

තතො පරං පක‍්ඛපටිච‍්ඡන‍්නාය ආපත‍්තියා අන‍්තොපරිවාසතො පට‍්ඨාය පඤ‍්චාහපටිච‍්ඡන‍්නාය අන‍්තරාපත‍්තියා වසෙන සමොධානපරිවාසො ච, සමොධානමානත‍්තඤ‍්ච දස‍්සිතං. එත්‍ථ ච මානත‍්තචාරිකමානත‍්තාරහකාලෙපි ආපන‍්නාය ආපත‍්තියා මූලායපටිකස‍්සනෙ කතෙ මානත‍්තචිණ‍්ණදිවසාපි පරිවාසපරිවුත්‍ථදිවසාපි සබ‍්බෙ මක‍්ඛිතාව හොන‍්ති. කස‍්මා? යස‍්මා පටිච‍්ඡන‍්නා අන‍්තරාපත‍්ති. තෙනෙව වුත‍්තං – “මූලාය පටිකස‍්සිත්‍වා පුරිමාය ආපත‍්තියා සමොධානපරිවාසං දත්‍වා ඡාරත‍්තං මානත‍්තං දෙතූ”ති. තතො පරං සබ‍්බා අන‍්තරාපත‍්තියො යොජෙත්‍වා අබ‍්භානකම‍්මං දස‍්සෙත්‍වා සුක‍්කවිස‍්සට‍්ඨිවත්‍ථු නිට‍්ඨාපිතං.

ඉන්පසු පක්‍ෂයක් ප්‍රතිච්ඡන්න වූ ඇවැත් තුළ පිරිවෙස පටන් පස් දවසක් ප්‍රතිච්ඡන්න වූ අන්තරාපත්තියගේ වසයෙන් සමොධාන පරිවාසයද සමොධානමානතද දක්වන ලද්දේය. මෙහිද මානතෙහි හැසිරෙන කාලයෙහි මානතට සුදුසු කාලයෙහි පැමිණි ඇවැත නිමිතිකොට මූලාය ප්‍රතිකර්‍ෂණය කළ කල්හි මානත පිරූ දවස්ද පිරිවෙස් ගෙණ වුසූ දවස්දැයි සියල්ලෝ මකන ලද්දාහු වෙත්. කුමක් හෙයින, යත්: යම්හෙයකින් ප්‍රතිච්ඡන්න වූ අන්තරාත්ති ඇත්තේද එහෙයිනි. එහෙයින්ම “මුලාය පටිකස්සිත්‍වා පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං දත්‍වා ඡාරත්තං මානත්තං දෙතු” යි වදාරණ ලදී. ඉන්පසු සියලු අන්තරාපත්තීහු යෙදූ අබ්හානකර්‍මය දක්වා සුක්කවිසට්ඨි වස්තුව නිමවන ලදී.

සමොධානපරිවාසකථා නිට‍්ඨිතා.

සුක‍්කවිස‍්සට‍්ඨිකථා ච නිට‍්ඨිතා.

අග‍්ඝසමොධානපරිවාසකථා

අග්ඝසමොධානපරිවාසකථා

තතො එකාපත‍්තිමූලකඤ‍්ච ආපත‍්තිවඩ‍්ඪනකඤ‍්චාති ද‍්වෙ නයෙ දස‍්සෙත්‍වා අග‍්ඝසමොධානපරිවාසො දස‍්සිතො.

ඉක්බිති එකාපත්තිමුලකයද ආපත්තිවඩ්ඪනකයද යන නය දෙක දක්වා අග්ඝසමොධානපරිවාසය දක්වන ලද්දේය.

තතො සඤ‍්චිච‍්ච අනාරොචිතාපත‍්තිවත්‍ථුං දස‍්සෙත්‍වා සඤ‍්චිච‍්ච අජානනඅස‍්සරණවෙමතිකභාවෙහි අනාරොචිතාය ආපත‍්තියා පච‍්ඡා ලජ‍්ජිධම‍්මෙ වා ඤාණසරණනිබ‍්බෙමතිකභාවෙසු වා උප‍්පන‍්නෙසු යං කාතබ‍්බං, තං දස‍්සෙතුං “ඉධ පන භික‍්ඛවෙ”තිආදිනා නයෙන පාළි ඨපිතා. තතො අජානනඅස‍්සරණවෙමතිකපටිච‍්ඡන‍්නානං අප‍්පටිච‍්ඡන‍්නභාවං දස‍්සෙතුං තථෙව පාළි ඨපිතා.

ඉක්බිති සිතා දැන ආරොචනය නොකළ ආපත්ති වස්තුව දක්වා සිතා නොදැන්ම සිහිනොකිරීම විමති ඇතිබව යන මෙයින් ඇවැත ආරොචනය නොකළකල්හි පසුව ලජ්ජි ධර්‍මයෙහි හෝ දැනීම සිහිකිරීම, විමති නැතිබව යන මොවුන් උපන්කල්හි හෝ යමක් කටයුතුද එය දක්වන්නට “ඉධ පන භික්‍ඛවෙ” යනාදිනයින් පෙළ තබන ලද්දීය. ඉක්බිති නොදැනීම සිහි නොකිරීම විමති යන මෙයින් පිළිසන් වූවන්ගේ නොපිළිසන් බව දක්වන්නට එසේම පෙළ තබනලදී.

අග‍්ඝසමොධානපරිවාසකථා නිට‍්ඨිතා.

ද‍්වෙමාසපරිවාසකථා

ද්වෙමාසපරිවාසකථා

තතො ද‍්වින‍්නං ආපත‍්තීනං ද‍්වෙමාසපටිච‍්ඡන‍්නානං එකමාසපරිවාසයාචනවත්‍ථුං දස‍්සෙත්‍වා අසඤ‍්චිච‍්ච අජානනඅස‍්සරණවෙමතිකභාවෙහි අනාරොචිතෙ ඉතරස‍්මිං මාසෙ පච‍්ඡා ලජ‍්ජිධම‍්මාදීසු උප‍්පන‍්නෙසු යං කාතබ‍්බං, තං දස‍්සෙතුං අජානනඅස‍්සරණවෙමතිකපටිච‍්ඡන‍්නස‍්ස ච ආපන‍්නභාවං දස‍්සෙතුං පුරිමනයෙනෙව පාළි ඨපිතා.

ඉක්බිති දෙමසක් පිළිසන් ඇවැත් දෙකක් පිළිබඳව එක් මසක් පිරිවෙස් ඉල්ලීමෙහි වස්තුව දක්වා සිහි නොකොට නොදැනීම සිහිනොකිරීම විමති ඇතිබව යන මේ කරුණුකොට ආරොචනය නොකළකල්හි අන් මසෙක ලජ්ජි ධර්‍මාදිය උපන් කල්හි යමක් කටයුතුද, එය දක්වන්නට නොදැනීම සිහි නොකිරීම විමති යන මෙයින් ප්‍රතිච්ඡන්න කළහුගේ අප්‍රතිච්ඡන්නභාවය දක්වන්නටද පළමුනයින්ම පෙළ තබනලදී.

ද‍්වෙමාසපරිවාසකථා නිට‍්ඨිතා.

සුද‍්ධන‍්තපරිවාසාදිකථා

සුද්ධන්තපරිවාසාදිකථා

තතො “ආපත‍්තිපරියන‍්තං න ජානාති, රත‍්තිපරියන‍්තං න ජානාතී”තිආදිනා නයෙන සුද‍්ධන‍්තපරිවාසො දස‍්සිතො.

ඉක්බිති “ආපත්තිපරියන්තං න ජානාති රත්තිපරියන්තං න ජානාති” යනාදිනයින් සුද්ධන්තපරිවාසය දක්වන ලදී.

තතො පරං පාරිවාසිකං ආදිං කත්‍වා විබ‍්භමිත්‍වා පුනඋපසම‍්පන‍්නාදීසු පටිපත‍්තිදස‍්සනත්‍ථං පාළි ඨපිතා.

ඉක්බිති පාරිවාසිකයා ආදිකොට සිවුරු හැර නැවත උපසම්පන්නාදීන් කෙරෙහි ප්‍රතිපත්තිය දක්වනු පිණිස පෙළතබන ලදී.

තත්‍ථ “අන‍්තරා සම‍්බහුලා ආපත‍්තියො ආපජ‍්ජති පරිමාණා අප‍්පටිච‍්ඡන‍්නායො”තිආදීසු ආපත‍්තිපරිච‍්ඡෙදවසෙන පරිමාණායො චෙව අප‍්පටිච‍්ඡන‍්නායො චාති අත්‍ථො.

එහි “අන්තරා සම්බහුලා ආපත්තියො ආපජ්ජති පරිමාණපටිච්ඡන්නායො” යනාදි තන්හි ආපත්ති පරිච්ඡෙද වසයෙන් ප්‍රමාණ ආපත්තීහුද ප්‍රතිච්ඡන්නාපත්තීහුය යන අර්‍ත්‍ථය.

පච‍්ඡිමස‍්මිං ආපත‍්තික‍්ඛන්‍ධෙති එකොව සො ආපත‍්තික‍්ඛන්‍ධො, පච‍්ඡා ඡාදිතත‍්තා පන “පච‍්ඡිමස‍්මිං ආපත‍්තික‍්ඛන්‍ධෙ”ති වුත‍්තං. පුරිමස‍්මින‍්ති එත්‍ථාපි එසෙව නයො.

“පච්ඡිමස්මිං ආපත්තික්‍ඛන්‍ධෙ” එක්ම ඒ ආපත්ති ස්කන්‍ධය. පසුව වැසූ බැවින් “පච්ඡිමස්මිං ආපත්තික්‍ඛන්‍ධෙ”යි කියන ලදී. “පුරිමස්මිං” යන මෙහිද මේ නයම වේ.

වවත්‍ථිතා සම‍්භින‍්නාති සභාගවිසභාගානමෙවෙතං පරියායවචනං.

“වවත්‍ථිතා සම්භින්නා” මෙය සභාගවිසභාග ආපත්තීන්ට පරියාය වචනයෙකි.

සුද‍්ධන‍්තපරිවාසාදිකථා නිට‍්ඨිතා.

ද‍්වෙභික‍්ඛුවාරඑකාදසකාදිකථා

ද්වෙභික්ඛුවාරඑකාදසකාදිකථා

තතො පරං යො පටිච‍්ඡාදෙති, තස‍්මිං පටිපත‍්තිදස‍්සනත්‍ථං “ද‍්වෙ භික‍්ඛූ”තිආදි වුත‍්තං. තත්‍ථ මිස‍්සකන‍්ති ථුල‍්ලච‍්චයාදීහි මිස‍්සකං. සුද‍්ධකන‍්ති සඞ‍්ඝාදිසෙසං විනා ලහුකාපත‍්තික‍්ඛන්‍ධමෙව.

ඉන්පසු යමෙක් වසාද, එහි ප්‍රතිපත්ති දැක්වීම පිණිස “ද්වෙ භික්‍ඛු” යනාදිය කියනලදී. එහි “මිස්සකං” ථුල්ලච්චයාදිය සමග මිශ්‍රවූ. “සුද්ධකං” සඞ්ඝාදිසෙස හැර ලහුකාපත්තික්‍ඛන්‍ධමය.

තතො පරං අවිසුද‍්ධවිසුද‍්ධභාවදස‍්සනත්‍ථං “ඉධ පන, භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා”තිආදි වුත‍්තං. තත්‍ථ බ්‍යඤ‍්ජනතො වා අධිප‍්පායතො වා අනුත‍්තානං නාම කිඤ‍්චි නත්‍ථි, තස‍්මා තඤ‍්ච ඉතො පුබ‍්බෙ අවුත‍්තඤ‍්ච සබ‍්බං පාළිඅනුසාරෙනෙව වෙදිතබ‍්බන‍්ති.

ඉන්පසු අපිරිසිදු පිරිසිදුබව දක්වනු පිණිස “ඉධපන භික්‍ඛවෙ භික්‍ඛු සම්බහුලා සඞ්ඝාදිසෙසා”යනාදිය කියනලදී. එහි ව්‍යඤ්ජන වශයෙන් හෝ අධිප්‍රාය වශයෙන් හෝ අප්‍රකට වූ කිසිවක් නම් නැත්තේය. එහෙයින් හෙද මෙයින් පෙර නොකියනලද සියල්ල පාළි අනුසාරයෙන්ම දතයුතුය.

ද‍්වෙභික‍්ඛුවාරඑකාදසකාදිකථා නිට‍්ඨිතා.

සමුච‍්චයක‍්ඛන්‍ධකවණ‍්ණනා නිට‍්ඨිතා.

සමුච්චයක්‍ඛන්‍ධක වර්‍ණනා නිමි.