සතිවිනයකථා අට්ඨකථා
සතිවිනයකථා
සතිවිනයකථා
පඤ්චිමානි භික්ඛවෙ ධම්මිකානි සතිවිනයස්ස දානානීති එත්ථ සුද්ධස්ස අනාපත්තිකස්ස දානං එකං, අනුවදිතස්ස දානං එකං, යාචිතස්ස දානං එකං, සඞ්ඝෙන දානං එකං, ධම්මෙන සමග්ගදානං එකන්ති එවං පඤ්ච. එතානි පන එකෙකඅඞ්ගවසෙන න ලබ්භන්ති, තස්මා දෙසනාමත්තමෙවෙතං, පඤ්චඞ්ගසමන්නාගතං පන සතිවිනයදානං ධම්මිකන්ති අයමෙත්ථ අත්ථො. තත්ථ ච අනුවදන්තීති චොදෙන්ති. සෙසං උත්තානමෙව. අයං පන සතිවිනයො ඛීණාසවස්සෙව දාතබ්බො න අඤ්ඤස්ස, අන්තමසො අනාගාමිනොපි. සො ච ඛො අඤ්ඤෙන චොදියමානස්සෙව, න අචොදියමානස්ස. දින්නෙ ච පන තස්මිං චොදකස්ස කථා න රුහති. චොදෙන්තොපි “අයං ඛීණාසවො සතිවිනයලද්ධො, කො තුය්හං කථං ගහෙස්සතී”ති අපසාදෙතබ්බතං ආපජ්ජති.
“පඤ්චිමානි භික්ඛවෙ ධම්මිකානි සතිවිනයස්ස දානානි” මෙහි පිරිසිදුවූ ඇවැත් රහිතයක්හට සතිවිනය දීම එක් අඞ්ගයෙක, චොදනා කරණලද්දහුට දීම එක් අඞ්ගයෙක, යාඥා කරණලද්දහුට දීම එක් අඞ්ගයෙක, ධර්මයෙන් සමගිව දීම එක් අඞ්ගයෙකැයි මෙසේ අඞ්ග පසෙකි. මේ අඞ්ගපස වනාහි එක් එක් අඞ්ගයක්හුගේ වසයෙන් නොලබත්. එහෙයින් මෙය දෙශනා මාත්රයකි. පඤ්චාඞ්ගයෙන් යුක්ත වූ සතිවිනයදීම ධාර්මිකය යනු මෙහි මේ අර්ත්ථයයි. එහිද “අනුවදන්ති” චෝදනා කරති. සෙස්ස ප්රකටමය. මේ සතිවිනය වනාහි ක්ෂීණාස්රවයාහටම දියයුතුය. අනිකක්හට නොදිය යුතුය. යටත් පිරිසෙයින් අනාගාමියක්හටද නොදිය යුතුය. හෙද වනාහි අනිකකු විසින් චොදනා කරණු ලබන්නක්හටම දිය යුත්තේය. චෝදනා නොකරණු ලබන්නක්හට නොදිය යුතුය. චෝදනා නොකරණු ලබන්නක්හට දුන් කල්හි එහි චොදකයාගේ කථාව නොනගියි. චොදනා කරන්නේද ‘මේ ක්ෂීණාස්රවතෙමේ සනිවිනය ලද්දේය. කවරෙක් තාගේ කථාව ගන්නේදැ’යි පහකටයුතු බවට පැමිණේ.
සතිවිනයකථා නිට්ඨිතා.