2. සතිවිනයො
2. සතිවිනයො
2. සතිවිනය
1. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මතා දබ්බමල්ලපුත්තෙන ජාතියා සත්තවස්සෙන අරහත්තං සච්ඡිකතං හොති. යං කිඤ්චි සාවකෙන පත්තබ්බං, සබ්බං තෙන අනුප්පත්තං හොති. නත්ථි චස්ස කිඤ්චි උත්තරිං කරණීයං, කතස්ස වා පතිචයො. අථ ඛො ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: මයා ඛො ජාතියා සත්තවස්සෙන අරහත්තං සච්ඡිකතං. යං කිඤ්චි සාවකෙන පත්තබ්බං, සබ්බං මයා අනුප්පත්තං. නත්ථි ච මෙ කිඤ්චි උත්තරිං කරණීයං, කතස්ස වා පතිචයො. කින්නු ඛො අහං සඞ්ඝස්ස වෙය්යාවච්චං කරෙය්ය”න්ති. අථ ඛො ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස එතදහොසි: “යන්නූනාහං සඞ්ඝස්ස සෙනාසනඤ්ච පඤ්ඤපෙය්යං භත්තානි ච උද්දිසෙය්ය”න්ති.
1. එ සමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ, රජගහනුවර සමීපයෙහි කලන්දක නිවාප නම් වේළුවනවාරාමයෙහි වැඩවසන සේක. එ කල්හි උපතින් සත්වස් ඇති ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍ර විසින් රහත්බව පසක් කරණ ලද්දේ වෙයි. සව්වකු විසින් පැමිණිය යුතු (ලැබිය යුතු) යම් කිසිවක් ඇත්නම් ඒ සියල්ල උහු විසින් ලබන ලද්දේ වෙයි. උහුට මත්තෙහි කටයුතු කිසිවක් ද නැත. කරණ ලද්දෙහි නැවත වැඩීමෙක් ද නැත. ඉක්බිති එකලා ව විවේකයෙන් හුන් ආයුෂ්මත් දබ්බමල්ලපුත් හට මෙබඳු චිත්තවිතර්කයෙක් පහළ විය: “උපතින් සත් වස් ඇති මා විසින් රහත්බව පසක් කරණ ලදී. සව්වකු විසින් ලැබිය යුතු යම් කිසිවක් වේ නම් මවිසින් ඒ සියල්ල ලබන ලදි. මට මතු කටයුතු කිසිවක් ද, කරණ ලද්දෙහි නැවත වැඩීමෙක් ද නැත. මම සඟහට වතාවතක් කරනෙම් නම් කිම්දෝයි ඉක්බිති ආයුෂ්මත් දබ්බමල්ලපුත්හට මෙබඳු සිතෙක් විය: මම සඟනට සෙනසුන් ද පනවම් නම් බත් ද උදෙසම් නම් මනාමැනු” යි.
2. අථ ඛො ආයස්මා දබ්බො මල්ලපුත්තො සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා දබ්බො මල්ලපුත්තො භගවන්තං එතදවොච: “ඉධ මය්හං භන්තෙ රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “මයා ඛො ජාතියා සත්තවස්සෙන අරහත්තං සච්ඡිකතං. යං කිඤ්චි සාවකෙන පත්තබ්බං සබ්බං මයා අනුප්පත්තං. නත්ථි ච මෙ කිඤ්චි උත්තරිං කරණීයං, කතස්ස වා පතිචයො. කින්නු ඛො අහං සඞ්ඝස්ස වෙය්යාවච්චං කරෙය්ය”න්ති. තස්ස මය්හං, භන්තෙ, එතදහොසි: “යන්නූනාහං සඞ්ඝස්ස සෙනාසනඤ්ච පඤ්ඤාපෙය්යා, භත්තානි ච උද්දිසෙය්ය”න්ති. ඉච්ඡාමහං භන්තෙ සඞ්ඝස්ස සෙනාසනඤ්ච පඤ්ඤාපෙතුං, භත්තානි ච උද්දිසිතුන්ති. “සාධු සාධු දබ්බ, තෙන හි ත්වං දබ්බ, සඞ්ඝස්ස සෙනාසනඤ්ච පඤ්ඤපෙහි, භත්තානි ච උද්දිසාහී”ති. එවං භන්තෙති ඛො ආයස්මා දබ්බො මල්ලපුත්තො භගවතො පච්චස්සොසි.
2. ඉක්බිති ආයුෂ්මත් දබ්බමල්ලපුත් තෙමේ සවස්කල පිළිසලනින් නැඟී සිටියේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස් ව හින. එකත්පස් ව හුන් මල්ලපුත් ආයුෂ්මත් දබ්බ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: “වහන්ස, මෙහි එකලා ව විවේකයෙන් හුන් මට මෙබඳු සිත්හසරෙක් පහළ විය: උපතින් සත්වස් ඇති මා විසින් රහත්බව පසක් කරණ ලදි. සව්වකු විසින් යම් කිසිවක් ලැබිය යුතු නම් ඒ සියල්ල මවිසින් ලබන ලදි. මතු කිසි කටයුත්තෙක් ද මට නැත කරණ ලද්දෙහි නැවත වැඩීමෙක් ද නැත. මම සඟනට වතාවතක් කරම් නම් කිම්දැ” යි. වහන්ස, ඒ මට මෙබඳු සිතෙක් විය: “මම සඟනට සෙනසුන් ද පනවම් නම් බතුදු උදෙසම් නම් මනා මැනු”යි. “වහන්ස, මම සඟනට සෙනසුන් පනවන්නට ද බත් උදෙසන්නට ද කැමැත්තෙමි”යි. “දබ්බ මැනැවි. මැනැවි. දබ්බ එසේ නම් සඟනට සෙනසුන් ද පනවවු, බතුදු උදෙසවු” යි. එසේ ය වහන්සැයි ආයුෂ්මත් දබ්බමල්ලපුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දිනි.
3. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි: තෙන හි භික්ඛවෙ සඞ්ඝො දබ්බං මල්ලපුත්තං සෙනාසනපඤ්ඤාපකඤ්ච භත්තුද්දෙසකඤ්ච සම්මන්නතු. එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො. පඨමං දබ්බො යාචිතබ්බො. යාචිත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ ප්‍රස්තාවයෙහි දැහැමිකතා කොට භික්ෂූන් ඇමතූ සේක. මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ දබ්බමල්ලපුතු සෙනසුන් පනවන්නකු කොට ද බත් උදෙසන්නකු කොට ද සම්මත කෙරේවා. මහණෙනි, මෙසේ සම්මත කළ යුතු පළමු කොට දබ්බ යැද්ද යුතු. යැද වියත් පබල මහණකු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුතු:
“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං සෙනාසනපඤ්ඤාපකඤ්ච භත්තුද්දෙසකඤ්ච සම්මන්නෙය්ය. එසා ඤත්ති.
“වහන්ස, සඞ්ඝ තෙමේ මා වදන් අසාවා: ඉදින් සඟනට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ ආයුෂ්මත් දබ්බමල්ලපුතු සෙනසුන් පනවන්නකු කොට ද බත් උදෙසන්නකු කොට ද සම්මත කරන්නෙන් ය. මේ දැන්වීම යි.
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: සඞ්ඝො ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං සෙනාසනපඤ්ඤාපකඤ්ච භත්තුද්දෙසකඤ්ච සම්මන්නති. යස්සායස්මතො ඛමති ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස සෙනාසනපඤ්ඤාපකස්ස ච භත්තුද්දෙසකස්ස ච සම්මුති. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය.
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වදන අසාවා, සඞ්ඝ තෙමේ ආයුෂ්මත් දබ්බමල්ලපුතු සෙනසුන් පනවන්නකු කොට ද බත් උදෙසන්නකු කොට ද සම්මත කෙරෙයි. ආයුෂ්මත් දබ්බමල්ලපුතු සෙනසුන් පනවන්නකු කොට ද බත් උදෙසන්නකු කොට ද සම්මත කිරීම යම් ආයුෂ්මතකුහට රුස්නේ නම් හෙ තෙමේ නිහඬ වන්නේ ය. යමකුහට රිසි නො වේ නම් හෙ තෙමේ බණන්නේ ය.
සම්මතො සඞ්ඝෙන ආයස්මා දබ්බො මල්ලපුත්තො සෙනාසනපඤ්ඤාපකො ච භත්තුද්දෙසකො ච. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති .
සඟ විසින් ආයුෂ්මත් දබ්බමල්ලපුත්තෙමේ සෙනසුන් පනවන්නකු කොට ද බත් උදෙසන්නකු කොට ද සම්මත කරණ ලදි. සඟහට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි” යි.
4. සම්මතො ච පනායස්මා දබ්බො මල්ලපුත්තො සභාගානං සභාගානං භික්ඛූනං එකජ්ඣං සෙනාසනං පඤ්ඤාපෙති: යෙ තෙ භික්ඛූ සුත්තන්තිකා තෙසං එකජ්ඣං සෙනාසනං පඤ්ඤාපෙති “තෙ අඤ්ඤමඤ්ඤං සුත්තන්තං සඞ්ගායිස්සන්තී”ති. යෙ තෙ භික්ඛූ විනයධරා තෙසං එකජ්ඣං සෙනාසනං පඤ්ඤාපෙති “තෙ අඤ්ඤමඤ්ඤං විනයං විනිච්ඡිනිස්සන්තී”ති. යෙ තෙ භික්ඛූ ධම්මකථිකා තෙසං එකජ්ඣං සෙනාසනං පඤ්ඤාපෙති “තෙ අඤ්ඤමඤ්ඤං ධම්මං සාකච්ඡිස්සන්තී”ති. යෙ තෙ භික්ඛූ ඣායිනො තෙසං එකජ්ඣං සෙනාසනං පඤ්ඤාපෙති “තෙ අඤ්ඤමඤ්ඤං න ව්යාබාධිස්සන්තී”ති. යෙ තෙ භික්ඛූ තිරච්ඡානකථිකා කායදඩ්ඪිබහුලා විහරන්ති, තෙසම්පි එකජ්ඣං සෙනාසනං පඤ්ඤාපෙති “ඉමායපිමෙ ආයස්මන්තො රතියා අච්ඡිස්සන්තී”ති. යෙපි තෙ භික්ඛූ විකාලෙ ආගච්ඡන්ති, තෙසම්පි තෙජොධාතුං සමාපජ්ජිත්වා තෙනෙව ආලොකෙන සෙනාසනං පඤ්ඤාපෙති.
4. සම්මත කරණ ලද ආයුෂ්මත් දබ්බ මල්ලපුත් තෙමේ සභාග සභාග භික්ෂුන්ට එක්තැනෙක සෙනසුන් පනවයි: යම් භික්ෂූහු සූත්‍රාන්තිකයෝ නම් ‘ඔහු ඔවුනොවුන් සූත්‍රාන්ත සඞ්ගායනා කරන්නාහ’ යි ඔවුනට එක්තැනෙක සෙනසුන් පනවයි. යම් භික්ෂූහු විනයධරයෝ නම් ‘ඔහු ඔවුනොවුන් විනය විසඳන්නාහු ය’ යි ඔවුනට එක්තැනෙක සෙනසුන් පනවයි. යම් භික්ෂූහු ධම්කථිකයෝ (ආභිධම්මිකයෝ) නම් ‘ඔහු ඔවුනොවුන් ධර්මය සාකච්ඡා කරන්නාහ’ යි ඔවුනට එක්තැනෙක සෙනසුන් පනවයි. යම් භික්ෂූහු ධාන්යලාභිහු නම් ‘ඔහු ඔවුනොවුන් නො පෙළන්නාහ’ යි ඔවුනට එක්තැනෙක හෝ සෙනසුන් පනවයි. යම් භික්ෂූහු තිරශ්චීන කථා ඇති ව කය තරකිරීමෙහි තත්පර ව වෙසෙත් නම් ‘මේ ආයුෂ්මත්හු මේ තිරශ්චීන කථා රතියෙනුදු වෙසෙන්නාහ’ යි ඔවුනට ද එක්තැනෙක සෙනසුන් පනවයි. යම් භික්ෂූහු නො කල්හි පැමිණෙත් නම් ඔවුනට ද තේජෝධාතුවට සමවැද ඒ ආලෝකයෙන් ම සෙනසුන් පනවයි.
5. අපිස්සු භික්ඛූ සඤ්චිච්ච විකාලෙ ආගච්ඡන්ති “මයං ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස ඉද්ධිපාටිහාරියං පස්සිස්සාමා”ති. තෙ ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං උපසඞ්කමිත්වා එවං වදෙන්ති: “අම්හාකං ආවුසො දබ්බ සෙනාසනං පඤ්ඤාපෙහී”ති. තෙ ආයස්මා දබ්බො මල්ලපුත්තො එවං වදෙති: කත්ථ ආයස්මන්තා ඉච්ඡන්ති? කත්ථ පඤ්ඤාපෙමීති? තෙ සඤ්චිච්ච දූරෙ අපදිසන්ති: “අම්හාකං ආවුසො දබ්බ ගිජ්ඣකූටෙ පබ්බතෙ සෙනාසනං පඤ්ඤාපෙහි. අම්හාකං ආවුසො චොරපපාතෙ සෙනාසනං පඤ්ඤාපෙහි. අම්හාකං ආවුසො ඉසිගිලිපස්සෙ කාළසිලායං සෙනාසනං පඤ්ඤපෙහි. අම්හාකං ආවුසො වෙභාරපස්සෙ සත්තපණ්ණිගුහායං සෙනාසනං පඤ්ඤාපෙහි. අම්හාකං ආවුසො සීතවනෙ සප්පසොණ්ඩිකපබ්භාරෙ සෙනාසනං පඤ්ඤාපෙහි. අම්හාකං ආවුසො ගොතමකන්දරායං සෙනාසනං පඤ්ඤාපෙහි. අම්හාකං ආවුසො තින්දුකකන්දරායං සෙනාසනං පඤ්ඤාපෙහි. අම්හාකං ආවුසො තපොදකන්දරායං සෙනාසනං පඤ්ඤාපෙහි. අම්හාකං ආවුසො තපොදාරාමෙ සෙනාසනං පඤ්ඤාපෙහි. අම්හාකං ආවුසො ජීවකම්බවනෙ සෙනාසනං පඤ්ඤපෙහි. අම්හාකං ආවුසො මද්දකුච්ඡිස්මිං මිගදායෙ සෙනාසනං පඤ්ඤාපෙහී”ති.
5. භික්ෂූහු දැන දැන ‘අපි ආයුෂ්මත් දබ්බමල්ලපුතුගේ ඉදුපෙළහර දක්නමෝ’ යි නොකල්හි නිතර පැමිණෙත්, ඔහු ආයුෂ්මත් දබ්බමල්ලපුතු වෙත එළඹ ඇවැත්නි, දබ්බයෙනි, අපට සෙනසුන් පනවාලව යි. මෙසේ කියත්, ආයුෂ්මත් දබ්බමල්ලපුත් තෙමේ ඔවුනට ‘ආයුෂ්මත්හු කොතැන්හි කැමැති වෙද්ද, මේ කොතැන්හි පනවම් දැ’යි මෙසේ කියයි. ඔහු දැන දැන දුර තැන් දක්වත්, “ඇවැත්නි, අපට ගිජුකුළුපව්වෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට සොරපවයින්පවුවෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට ඉසිගිලිපස කළුගල්තලායෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට වේභාරපවුපස සත්පත්ගොහෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට සීතවෙනෙහි නාකෙම්බෙයදෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට ගොයුම් කඳුරැලියෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට තිඹිරි කඳුරැලියෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට තපෝද කඳුරැලියෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට හුණුදිය අරමෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට ජීවක අඹවෙනෙහි සෙනසුන් පනවාලව. ඇවැත්නි, අපට මද්දකුච්ජි නම් මුවලැව්හි සෙනසුන් පනවාලව”යි.
6. තෙසං ආයස්මා දබ්බො මල්ලපුත්තො තෙජොධාතුං සමාපජ්ජිත්වා අඞ්ගුලියා ජලමානාය පුරතො පුරතො ගච්ඡති. තෙපි තෙනෙව ආලොකෙන ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස පිට්ඨිතො පිට්ඨිතො ගච්ඡන්ති. තෙසං ආයස්මා දබ්බො මල්ලපුත්තො එවං සෙනාසනං පඤ්ඤාපෙති: අයං මඤ්චො, ඉදං පීඨං, අයං භිසි, ඉදං බිම්බොහනං, ඉදං වච්චට්ඨානං, ඉදං පස්සාවට්ඨානං, ඉදං පානීයං, ඉදං පරිභොජනීයං, අයං කත්තරදණ්ඩො, ඉදං සඞ්ඝස්ස කතිකසණ්ඨානං, ඉමං කාලං පවිසිතබ්බං, ඉමං කාලං නික්ඛමිතබ්බන්ති. තෙසං ආයස්මා දබ්බො මල්ලපුත්තො එවං සෙනාසනං පඤ්ඤාපෙත්වා පුනදෙව වෙළුවනං පච්චාගච්ඡති.
6. ආයුෂ්මත් දබ්බමල්ලපුත් තෙමේ තේජෝධාතුවට සමවැද ඇගිල්ල දැල්වෙන එළියෙන් ඔවුන්ට පෙරටු ව පෙරටු ව යෙයි. ඔහු ද ඒ එළියෙන් ම ආයුෂ්මත් දබ්බ මල්ලපුතුගේ පිටුපස පිටුපස යෙත්, ආයුෂ්මත් දබ්බමල්ලපුත් තෙමේ ඔවුන්ට මෙසේ සෙනසුන් පනවයි. මේ ඇඳ ය, මේ පුටුව ය, මේ බිස්ස ය, මේ කොට්ටය ය, මේ වැසිකිළිය ය, මේ කෙසකිළිය ය, මේ පැන් ය, මේ පිරිබොදුනී ජල ය, මේ සැරයටිය, මේ සඟුන්ගේ කතිකවත ය, මෙ කල පිවිසිය යුතු, මෙ කල නික්මිය යුතු යි. ආයුෂ්මත් දබ්බමල්ලපුත් තෙමේ ඔවුනට මෙසේ සෙනසුන් පනවා නැවත වේළුවනයට පෙරළා එයි.
7. තෙන ඛො පන සමයෙන මෙත්තියභුම්මජකා භික්ඛූ නවකා චෙව හොන්ති අප්පපුඤ්ඤා ච. යානි සඞ්ඝස්ස ලාමකානි සෙනාසනානි තානි තෙසං පාපුණන්ති ලාමකානි ච භත්තානි. තෙන ඛො පන සමයෙන රාජගහෙ මනුස්සා ඉච්ඡන්ති ථෙරානං භික්ඛූනං අභිසඞ්ඛාරිකං පිණ්ඩපාතං දාතුං – සප්පිම්පි, තෙලම්පි, උත්තරිභඞ්ගම්පි. මෙත්තියභුම්මජකානං පන භික්ඛූනං පාකතිකං දෙන්ති - යථාරද්ධං කණාජකං බිලඞ්ගදුතියං. තෙ පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා ථෙරෙ භික්ඛූ පුච්ඡන්ති: ‘තුම්හාකං ආවුසො භත්තග්ගෙ කිං අහොසි, තුම්හාකං කිං අහොසී’ති. එකච්චෙ ථෙරා එවං වදෙන්ති: ‘අම්හාකං ආවුසො සප්පි අහොසි. තෙලං අහොසි. උත්තරිභඞ්ගං අහොසී’ති. මෙත්තියභුම්මජකා පන භික්ඛූ එවං වදෙන්ති: අම්හාකං ආවුසො න කිඤ්චි අහොසි – පාකතිකං යථාරද්ධං කණාජකං බිලඞ්ගදුතියන්ති.
7. එසමයෙහි මෙත්තියභුම්මජක මහණහු නවකයෝ ද මඳ පිණැත්තෝ ද වෙති. සඞ්ඝයාගේ යම් ලමු සෙනසුන් ද ලමු බත් ද වෙත් නම් ඔහු ඔවුන්ට පැමිණෙති. එ සමයෙහි රජගහනුවර මිනිස්සු තෙර මහණුන්ට නොයෙක් දැයින් මැනැවින් සකස් කළ බොජුන් - ගිතෙල් ද තෙල් ද මසවුළු ද දෙන්නට කැමැති වෙත්. මෙත්තියභුම්මජක මහණුන්ට කාඩිකලකැඳ දෙවෙනි කොට ඇති පිසූ පරිදි නිවුඩුසාලේ පියවි බත දෙත්. ඔහු පසු බත පිණ්ඩපාතයෙන් වැළකුණහු “ඇවැත්නි, තොපගේ බත්හලෙහි කිමෙක් වී ද තොපගේ බත්හලෙහි කිමෙක් වී දැ” යි තෙරමහණුන් පුළුවුසිත්. ඇතැම් තෙරහු “ඇවැත්නි, අපට ගිතෙල් වී ය. තෙල් වී ය. මසවුළුවී” යයි මෙසේ කියත්. මෙත්තියභුම්මජක මහණහු “ඇවැත්නි, අපට කාඩි දෙවෙනි කොට ඇති පිසූ පරිදි නිමුඩුසාලේ පියවි බත හැර කිසිවක් නො වී ය” යි මෙසේ කියත්.
8. තෙන ඛො පන සමයෙන කල්යාණභත්තිකො ගහපති සඞ්ඝස්ස චතුක්කභත්තං දෙති නිච්චභත්තං. සො භත්තග්ගෙ සපුත්තදාරො උපතිට්ඨිත්වා පරිවිසති – අඤ්ඤෙ ඔදනෙන පුච්ඡන්ති, අඤ්ඤෙ සූපෙන පුච්ඡන්ති, අඤ්ඤෙ තෙලෙන පුච්ඡන්ති, අඤ්ඤෙ උත්තරිභඞ්ගෙන පුච්ඡන්ති. තෙන ඛො පන සමයෙන කල්යාණභත්තිකස්ස ගහපතිනො භත්තං ස්වාතනාය මෙත්තියභුම්මජකානං භික්ඛූනං උද්දිට්ඨං හොති. අථ ඛො කල්යාණභත්තිකො ගහපති ආරාමං අගමාසි කෙනචිදෙව කරණීයෙන. සො යෙනායස්මා දබ්බො මල්ලපුත්තො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො කල්යාණභත්තිකං ගහපතිං ආයස්මා දබ්බො මල්ලපුත්තො ධම්මියා කථාය සන්දස්සෙසි, සමාදපෙසි, සමුත්තෙජෙසි, සම්පහංසෙසි.
8. එ සමයෙහි කල්‍යාණභත්තික ගැහැවිතෙමේ සඟනට නිතිබත් කොට බත් සතරක් දෙයි. හෙ තෙමේ අඹුදරුවන් සමඟ බත්හලෙහි එළඹ සිට වළඳවයි. අන්නු බතින් පුළුවුසිත්, අන්නු සූපයෙන් පුළුවුසිත්. අන්නු තෙලින් පුළුවුසිත්. අන්නු මසවුළින් පුළුවුසිත්. එ කල්හි කල්‍යාණභත්තික ගැහැවියාගේ සෙට පිණිස බත (වාර විසින්) මෙත්තියභුම්මජක භික්ෂූන් සඳහා උදෙසුයේ වෙයි. ඉක්බිති ව කල්‍යාණභත්තික ගැහැවි තෙමේ කිසියම් කටයුත්තක් සඳහා අරමට ගියේ ය. හෙ තෙමේ ආයුෂ්මත් දබ්බමල්ලපුතු වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් දබ්බමල්ලපුතු වැඳ එකත්පස් ව හින. එකත් පස් ව හුන් කල්‍යාණභත්තික ගැහැවිහු ආයුෂ්මත් දබ්බමල්ලපුත්තෙමේ දැහැමි කථාවෙන් කරුණු දැක්වී ය සමාදන් කරවී ය. තෙ ද ගැන්වී ය. සතුටු කරවී ය.
9. අථ ඛො කල්යාණභත්තිකො ගහපති ආයස්මතා දබ්බෙන මල්ලපුත්තෙන ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං එතදවොච: කස්ස භන්තෙ අම්හාකං ඝරෙ ස්වාතනාය භත්තං උද්දිට්ඨන්ති? මෙත්තියභුම්මජකානං ඛො ගහපති භික්ඛූනං තුම්හාකං ඝරෙ ස්වාතනාය භත්තං උද්දිට්ඨන්ති. අථ ඛො කල්යාණභත්තිකො ගහපති අනත්තමනො අහොසි. කථං හි නාම පාපභික්ඛූ අම්හාකං ඝරෙ භුඤ්ජිස්සන්තීති. ඝරං ගන්ත්වා දාසිං ආණාපෙසි: “යෙ ජෙ ස්වෙ භත්තිකා ආගච්ඡන්ති, තෙ කොට්ඨකෙ ආසනං පඤ්ඤාපෙත්වා කණාජකෙන බිලඞ්ගදුතියෙන පරිවිසා”ති. “එවං අය්යාති ඛො සා දාසී කල්යාණභත්තිකස්ස ගහපතිනො පච්චස්සොසි.
9. ඉක්බිති කල්‍යාණභත්තික ගැහැවි තෙමේ ආයුෂ්මත් දබ්බමල්ලපුතු විසින් කරුණු දක්වන ලදුයේ සමාදන් කරවනු ලදුයේ තෙද ගන්වනු ලදුයේ සතුටු කරවනු ලදුයේ ආයුෂ්මත් දබ්බමල්ලපුත් හට “වහන්ස, අපගේ ගෙයි සෙට පිණිස බත කවරකුට උදෙසන ලද්දේ දැ” යි මෙය කී ය. ගැහැවි ය, තොපගේ ගෙයි සෙට පිණිස වූ බත මෙත්තියභුම්මජක භික්ෂූන්ට උදෙසන ලදැ යි. එ කල්හි කල්‍යාණභත්තික ගැහැවි තෙමේ “කෙසේ නම් ලාමකභික්ෂූහු අපගේ ගෙයි වළඳන්නාහු දැ”යි නො සතුටු සිත් ඇත්තේ විය. ගෙට ගොස් “එම්බල දැස්ස, දෙසට බත්ගන්නා යම් කෙනෙක් පැමිණෙත් නම් දොරකොටුයෙහි අසුන් පණවා කාඩි දෙවැනි කොට ඇති නිවුඩු බතින් වළඳව” යි දැස්ස ඇණවී ය. ‘එසේ ය හිමියනි’ යි ඒ දැස්ස කල්‍යාණභත්තික ගැහැවියාට පිළිවදන් ඇස්වූ ය.
10. අථ ඛො මෙත්තියභුම්මජකා භික්ඛූ “හිය්යො ඛො ආවුසො අම්හාකං කල්යාණභත්තිකස්ස ගහපතිනො භත්තං උද්දිට්ඨං. ස්වෙ අම්හෙ කල්යාණභත්තිකො ගහපති සපුත්තදාරො උපතිට්ඨිත්වා පරිවිසිස්සති: අඤ්ඤෙ ඔදනෙන පුච්ඡිස්සන්ති. අඤ්ඤෙ සූපෙන පුච්ඡිස්සන්ති. අඤ්ඤෙ තෙලෙන පුච්ඡිස්සන්ති. අඤ්ඤෙ උත්තරිභඞ්ගෙන පුච්ඡිස්සන්තී”ති. තෙ තෙනෙව සොමනස්සෙන න චිත්තරූපං රත්තියා සුපිංසු.
10. එ කල්හි මෙත්තිය භුම්මජක මහණහු “ඇවැත්නි, ඊයේ අපට කල්‍යාණභත්තික ගැහැවිහුගේ බත උදෙසන ලදි. සෙට අඹුදරුවන් සහිත කල්‍යාණභත්තික ගැහැවි තෙමේ එළඹ සිට අප වළඳවන්නේ ය: කෙනෙක් බතින් පුළුවුස්නාහ. කෙනෙක් සූපයෙන් පුළුවුස්නාහ. කෙනෙක් තෙලින් පුළුවුස්නාහ. කෙනෙක් මසවුළින් පුළුවුස්නාහ” යි ඔහු ඒ සොම්නසින් ම සිතුසේ රෑ නිදි නොගත්හ.
11. අථ ඛො මෙත්තියභුම්මජකා භික්ඛූ පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන කල්යාණභත්තිකස්ස ගහපතිනො නිවෙසනං තෙනුපසඞ්කමිංසු. අද්දසා ඛො සා දාසී මෙත්තියභුම්මජකෙ භික්ඛූ දූරතොව ආගච්ඡන්තෙ. දිස්වාන කොට්ඨකෙ ආසනං පඤ්ඤාපෙත්වා මෙත්තියභුම්මජකෙ භික්ඛූ එතදවොච: නිසීදථ භන්තෙති. අථ ඛො මෙත්තියභුම්මජකානං භික්ඛූනං එතදහොසි: නිස්සංසයං ඛො න තාව භත්තං සිද්ධං භවිස්සති යථා මයං කොට්ඨකෙ නිසීදාපියාමාති අථ ඛො සා දාසී කණාජකෙන බිලඞ්ගදුතියෙන උපගඤ්ඡි භුඤ්ජථ භන්තෙති. ‘මයං ඛො භගිනි නිච්චභත්තිකා’ති. “ජානාමි අය්යා නිච්චභත්තිකාති. අපි චාහං හිය්යොව ගහපතිනා ආණත්තා: ‘යෙ ජෙ ස්වෙ භත්තිකා ආගච්ඡන්ති, තෙ කොට්ඨකෙ ආසනං පඤ්ඤාපෙත්වා කණාජකෙන බිලඞ්ගදුතියෙන පරිවිසා’ති. භුඤ්ජථ භන්තෙ”ති.
11. ඉක්බිති මෙත්තිය භූම්මජක මහණහු පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ කල්‍යාණභත්තික ගැහැවිහුගේ නිවෙස්න වෙත එළඹියහ. ඒ දැස්ස එන්නා වූ මෙත්තිය භුම්මජක මහණුන් දුරදී ම දුටු දැක දොරකොටුයෙහි අසුන් පණවා “වහන්ස, හුන මැනැවැ” යි මෙත්තිය භුම්මජක මහණුන්ට මෙය කියූ. එ කල්හි මෙත්තිය භුම්මජක මහණුන්ට “එකැත්නෙන් ම බත නො නිමියේ වන, එහෙයින් අපි කොටුයෙහි හිඳුවනු ලබමෝ” යි මේ සිත විය. එ කල ඒ දැස්ස “වහන්ස, වළඳනු මැනැවැ” යි කාඩි දෙවෙනි කොට ඇති කුඩු සහිත (නිවුඩු) බතින් යුතුව එළඹ සිටියා ය. “නැඟනියෙනී, අපි මෙහි නිතිබත් ඇත්තමෝ වම්හ” යි. “හිමිනු ‘නිතිබත් ඇත්තහ’ යි දනිමි. එහෙත් මම ඊයේ ම ගැහැවිහු විසින් ‘එම්බා දැස්ස, හෙට බත් ගන්නා යම් කෙනෙක් එද්ද, කොටුයෙහි අසුන් පණවා කාඩි දෙවෙනි කොට ඇති නිවුඩු සාලේ බතින් (ඔවුන්) වළඳව’යි අණවන ලද්මු. වහන්ස, වළඳනු මැනවැ” යි.
12. අථ ඛො මෙත්තියභුම්මජකා භික්ඛූ “හිය්යො ඛො ආවුසො, කල්යාණභත්තිකො ගහපති ආරාමං අගමාසි දබ්බස්ස මල්ලපුත්තස්ස සන්තිකෙ. නිස්සංසයං ඛො මයං දබ්බෙන මල්ලපුත්තෙන ගහපතිනො අන්තරෙ පරිභින්නා”ති. තෙ තෙනෙව දොමනස්සෙන න චිත්තරූපං භුඤ්ජිංසු. අථ ඛො මෙත්තියභුම්මජකා භික්ඛූ පච්ඡාභත්තං පිණ්ඩපාතප්පටික්කන්තා ආරාමං ගන්ත්වා පත්තචීවරං පටිසාමෙත්වා බහාරාමකොට්ඨකෙ සඞ්ඝාටිපල්ලත්ථිකාය නිසීදිංසු - තුණ්හීභූතා පත්තක්ඛන්ධා අධොමුඛා පජ්ඣායන්තා අප්පටිභානා.
12. ඉක්බිති මෙත්තිය භූම්මජක මහණහු “ඇවැත්නි, ඊයේ කල්‍යාණභත්තික ගැහැවි තෙමේ අරමට දබ්බමල්ලපුතු ලඟට ගියේ ය. එකැතින් ම දබ්බමල්ලපුතු විසින් අපි ගැහැවිහු කෙරෙහි බිඳුවන ලද්දමෝ” යි. ඔහු ඒ දොම්නසින් ම සිතු සේ නො වැළඳුහ. එ කල්හි මෙත්තියභුම්මජක මහණහු බතින් පසු පිණ්ඩපාතයෙන් වැළකුණාහු අරමට ගොස් පාසිවුරු තැන්පත් කොට තබා - නිහඬ වූවාහු මකු වූවාහු නැමුනු කඳැට ඇත්තාහු යටිහුරු කළ මුව ඇත්තාහු සිතිවිලි සිතමින් කිසිවක් නො වැටහෙන්නාහු බිහි දොරකොටුවෙහි සඟළසිවුරින් අකවටු අවුලුවා ගෙණ හුන්හ.
13. අථ ඛො මෙත්තියා භික්ඛුනී යෙන මෙත්තියභුම්මජකා භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මෙත්තියභුම්මජකෙ භික්ඛූ එතදවොච: ‘වන්දාමි අය්යා’ති. එවං වුත්තෙ මෙත්තියභුම්මජකා භික්ඛූ නාලපිංසු. දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො මෙත්තියා භික්ඛුනී මෙත්තියභුම්මජකෙ භික්ඛූ එතදවොච: ‘වන්දාමි අය්යා’ති. තතියම්පි ඛො මෙත්තියභුම්මජකා භික්ඛූ නාලපිංසු. ‘ක්යාහං අය්යානං අපරජ්ඣාමි, කිස්ස මං අය්යා නාලපන්තී’ති? “තථා හි පන ත්වං භගිනි, අම්හෙ දබ්බෙන මල්ලපුත්තෙන විහෙඨියමානෙ අජ්ඣුපෙක්ඛසී”ති. ‘ක්යාහං අය්යා කරොමී’ති. “සචෙ ඛො ත්වං භගිනි, ඉච්ඡෙය්යාසි, අජ්ජෙ ව භගවා ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං නාසාපෙය්යා”ති. ‘ක්යාහං අය්යා කරොමි, කිං මයා සක්කා කාතුන්ති?’
13. ඉක්බිති මෙත්තියා මෙහෙණ මෙත්තියභුම්මජක මහණුන් වෙත එළඹියා ය. එළඹ මෙත්තියභුම්මජක මහණුන්ට ‘හිමියෙනි, වඳිමි’යි. මෙය කියූ. එසේ කී කල්හි මෙත්තියභුම්මජක මහණහු නො බිණුහ. දෙවන වටදු ... තෙවන වටදු මෙත්තියා මෙහෙණ මෙත්තියභුම්මජක මහණුන්ට ‘හිමියෙනි, වඳිමි’ යි මෙය කියූ. තෙවන වටදු මෙත්තියභුම්මජක මහණහු නො බිණුහු, “ආර්‍ය්‍යයනට මම කිනම් අපරාධයක් කෙළෙමේ ද? ආර්‍ය්‍යයෝ කුමක් හෙයින් මා හා නො බෙණෙත් දැ” යි. “නැඟනියෙනි, ඒ එසේ ම ය. දබ්බමල්ලපුතු විසින් අප වෙහෙසනු ලබනුවන් තී උපෙක්ෂා කෙරෙහි” යි. ‘ආර්‍ය්‍යයෙනි, මම කුමක් කෙරෙම් දැ’ යි. නැඟනියෙනි, ඉදින් තී රිසියවු නම් අද ම භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් දබ්බමල්ලපුතු නසාලන සේකැ” යි. ‘ආර්‍ය්‍යයෙනි, මම කුම් කෙරමේ ද? මවිසින් කිමෙක් කට හැක්කේ දැ’ යි.
14. “එහි ත්වං භගිනි, යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං එවං වදෙහි: ඉදං භන්තෙ, නච්ඡන්නං නප්පතිරූපං. යායං භන්තෙ දිසා අභයා අනීතිකා අනුපද්දවා, සායං දිසා සභයා සඊතිකා සඋපද්දවා. යතො නිවාතං තතො පවාතං. උදකං මඤ්ඤෙ ආදිත්තං. අය්යෙනම්හි දබ්බෙන මල්ලපුත්තෙන දූසිතා”ති. එවං අය්යාති ඛො මෙත්තියා භික්ඛුනී මෙත්තියභුම්මජකානං භික්ඛූනං පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො මෙත්තියා භික්ඛුනී භගවන්තං එතදවොච: “ඉදං භන්තෙ, නච්ඡන්නං නප්පතිරූපං. යායං භන්තෙ දිසා අභයා අනීතිකා අනුපද්දවා, සායං දිසා සභයා සඊතිකා සඋපද්දවා. යතො නිවාතං තතො පවාතං. උදකං මඤ්ඤෙ ආදිත්තං. අය්යෙනම්හි දබ්බෙන මල්ලපුත්තෙන දූසිතා”ති.
14. “නැඟනියෙනි, එවු. තෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹෙව. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කියව: වහන්ස, මෙය නො නිසි ය. නො සරුප් ය. වහන්ස, යම් මේ දිශාවක් බිය රහිත නම් උවදුරු රහිත නම් පීඩා රහිත නම් ඒ මේ දිශාව බිය සහිත ය, උවදුරු සහිත ය, පීඩා සහිත ය. යම් තැනෙක මද සුළඟෙකුදු නැද්ද එහි මහ සුළං නැගිණ. දිය ඇවිලගත්තාක් මෙනි. ආර්‍ය්‍ය දබ්බමල්ලපුත්‍ර හිමියන් විසින් මම් දූෂිතයමු”යි. ‘එසේ ය, ආර්‍ය්‍යයෙනි’ යි මෙත්තිය මෙහෙණ මෙත්තියභුම්මජක මහණුන්ට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියා ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව සිටියා ය. එකත් පස් ව සිටි ඒ මෙත්තිය මෙහෙණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළාය: “වහන්ස, මෙය නො නිසි ය. නො සරුප් ය. වහන්ස, යම් මේ දිශාවක් බිය රහිත ද පීඩා රහිත ද උවදුරු රහිත ද ඒ මේ දිශාව බිය සහිත ය. පීඩා සහිත ය. උවදුරු සහිත ය. යම් තැනෙක සුළඟෙක් නොවී ද එහි සැඩ සුළං නැගිණි. දිය ඇවිල ගත්තාක් මෙනි. ආර්ය්යදබ්බමල්ලපුත්රයන් විසින් දූෂිතයමු”යි.
15. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං පටිපුච්ඡි: “සරසි ත්වං දබ්බ, එවරූපං කත්තා යථායං භික්ඛුනී ආහා”ති. “යථා මං භන්තෙ භගවා ජානාතී”ති. දුතියම්පි ඛො භගවා ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං එතදවොච: “සරසි ත්වං දබ්බ, එවරූපං කත්තා යථායං භික්ඛුනී ආහා”ති. “යථා මං භන්තෙ, භගවා ජානාතී”ති. තතියම්පි ඛො භගවා ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං එතදවොච: “සරසි ත්වං දබ්බ, එවරූපං කත්තා යථායං භික්ඛුනී ආහා”ති. “යථා මං භන්තෙ භගවා ජානාතී”ති. න ඛො දබ්බ, දබ්බා එවං නිබ්බෙඨෙන්ති. සචෙ තයා කතං, කතන්ති වදෙහි, සචෙ අකතං, අකතන්ති වදෙහීති. “යතොහං භන්තෙ, ජාතො නාභිජානාමි සුපිනන්තෙනපි මෙථුනං ධම්මං පටිසෙවිතා, පගෙව ජාගරො”ති. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “තෙන හි භික්ඛවෙ, මෙත්තියං භික්ඛුනිං නාසෙථ. ඉමෙ ච භික්ඛූ අනුයුඤ්ජථාති. ඉදං වත්වා භගවා උට්ඨායාසනා විහාරං පාවිසි.
15. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ ප්‍රස්තාවයෙහි බික්සඟ රැස් කරවා ආයුෂ්මත් දබ්බ මල්ලපුතු පුළුවුත් සේක. “දබ්බ, යම්සේ මේ මෙහෙණ කිවුද තෙපි මෙබන්දක් කළහු සිහි කරවු දැ”යි. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ යම් සේ මා දන්නා සේක් ද (- එසේ මම් දතයුතු වෙමියි )” දෙවන වටදු භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් දබ්බමල්ල පුතුට මෙය වදාළ සේක: “දබ්බ, මේ මෙහෙණ යම්සේ කිවුද තෙපි මෙබන්දක් කළහු සිහි කරවු දැ” යි. “වහන්ස,භාග්‍යවතුන් වහන්සේ යම්සේ මා දන්නා සේක් ද (-එසේ මම් දතයුතු වෙමියි.)” තෙවන වටදු භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් දබ්බමල්ලපුතුට මෙය වදාළ සේක. “දබ්බ, යම්සේ මේ මෙහෙණ කිවුද, තෙපි මෙබන්දක් කළහු සිහි කරවු දැ”යි? “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ යම් සේ මා දන්නා සේක්ද (-එසේ මම් දතයුතු වෙමියි.)” දබ්බ, දබ්බ (පණ්ඩිත)යෝ මෙසේ පරප්‍රත්‍යයෙන් (අනුන් පිහිටෙන්) නිරවුල් නොකෙරෙත්. ඉදින් තා විසින් කරණ ලද නම් කරණ ලදැ යි කියව, ඉදින් නො කරණලද නම් නො කරණ ලදැ යි කියව යි. “වහන්ස, මම උපන් තැන් පටන් සිහිනෙනුදු මෙවුන්දම් සෙවුනමේ නො ම දනිමි. පිබිදියෙම් කියනු ම කවරේ දැ” යි. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, එසේ නම් මෙත්තියා මෙහෙණ (ශ්රමණලිංග නාසනායෙන්) නසවු. මේ (මෙහෙයු) මහණුන් ද විමසවු”යි. මෙය වදාරා භාග්‍යවතුන් වහන්සේ හුනස්නෙන් නැගී වෙහෙරට වැඩි සේක.
16. අථ ඛො තෙ භික්ඛූ මෙත්තියං භික්ඛුනිං නාසෙසුං. අථ ඛො මෙත්තියභුම්මජකා භික්ඛූ තෙ භික්ඛූ එතදවොචුං: “මා ආවුසො, මෙත්තියං භික්ඛුනිං නාසෙථ, න සා කිඤ්චි අපරජ්ඣති. අම්හෙහි සා උස්සංහිතා කුපිතෙහි අනත්තමනෙහි චාවනාධිප්පායෙහී”ති. “කිං පන තුම්හෙ ආවුසො, ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං අමූලිකාය සීලවිපත්තියා අනුද්ධංසෙථා”ති. ‘එවමාවුසො’ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම මෙත්තියභුම්මජකා භික්ඛූ ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං අමූලිකාය සීලවිපත්තියා අනුද්ධංසෙස්සන්තී”ති.
16. ඉක්බිති ඒ භික්ෂූහු මෙත්තියා මෙහෙණ නැසූහ. (සිවුරු හැරවූහ). එ කල්හි මෙත්තියභුම්මජක මහණහු ඒ භික්ෂුන්ට මෙය කීහු: “ඇවැත්නි, මෙත්තියා මෙහෙණ නහමක් නසවු. ඕ තොමෝ කිසි අපරාධයක් නො කෙරෙයි. කිපියා වූ නො සතුටු සිත් ඇති නෙරණ අදහස් ඇති අප විසින් ඕ උත්සාහවත් කරණ ලදු” යි. ඇවැත්නි, කිමෙක් ද? තෙපි ආයුෂ්මත් දබ්බමල්ලපුතුට අමූලික සීලවිපත්තියෙන් චෝදනා කරවු දැ යි? ‘ඇවැත්නි, එසේ’ යි. යම් ඒ මහණහු අපිස් වූවාහු ... ඔහු අවමන් කෙරෙත්, නුගුණ කියත්, දොස් පහළ කෙරෙත්: කෙසේ නම් මෙත්තියභුම්මජක මහණහු ආයුෂ්මත් දබ්බමල්ලපුතුට අමූලික සීලවිපත්තියෙන් චෝදනා කෙරෙත් දැ යි.
17. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- සච්චං කිර භික්ඛවෙ, මෙත්තියභුම්මජකා භික්ඛූ දබ්බං මල්ලපුත්තං අමූලිකාය සීලවිපත්තියා අනුද්ධංසෙන්තීති? ‘සච්චං භගවා’. විගරහි බුද්ධො භගවා -පෙ- විගරහිත්වා -පෙ- භික්ඛූනං තදනුච්ඡවිකං තදනුලොමිකං ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
17. ඉක්බිති. ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැළ කළහ. මහණෙනි, සැබෑ ද, මෙත්තියභුම්මජක මහණහු දබ්බමල්ලපුතුට අමූලික සීලවිපත්තියෙන් චෝදනා කෙරෙද් දැ යි? ‘භාග්‍යවතුන් වහන්ස, සැබැවි’. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරහූ සේක. ගරහා ... භික්ෂූන්ට එයට සුදුසු වූ එයට අනුලොම් වූ දැහැමි කථා කොට භික්ෂූන් ඇමතූ සේක:
18. තෙන හි භික්ඛවෙ, සඞ්ඝො දබ්බස්ස මල්ලපුත්තස්ස සතිවෙපුල්ලප්පත්තස්ස සතිවිනයං දෙතු. එවඤ්ච පන භික්ඛවෙ දාතබ්බො: තෙන භික්ඛවෙ දබ්බෙන මල්ලපුත්තෙන සඞ්ඝං උපසඞ්කමිත්වා, එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛූනං පාදෙ වන්දිත්වා, උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: “ඉමෙ මං භන්තෙ, මෙත්තියභුම්මජකා භික්ඛූ අමූලිකාය සීලවිපත්තියා අනුද්ධංසෙන්ති. සොහං භන්තෙ සතිවෙපුල්ලප්පත්තො සඞ්ඝං සතිවිනයං යාචාමී”ති. දුතියම්පි යාචිතබ්බො -පෙ- තතියම්පි යාචිතබ්බො: “ඉමෙ මං භන්තෙ මෙත්තියභුම්මජකා භික්ඛූ අමූලිකාය සීලවිපත්තියා අනුද්ධංසෙන්ති. සොහං සතිවෙපුල්ලප්පත්තො. තතියම්පි භන්තෙ සඞ්ඝං සතිවිනයං යාචාමී”ති.
18. මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ සිහියෙන් විපුලබවට පැමිණි දබ්බ මල්ලපුතුට සති විනය දේවා මහණෙනි, මෙසේ දිය යුතු: මහණෙනි, ඒ දබ්බමල්ලපුතු විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරුසඟ එකස් කොට මහලු මහණුන්ගේ පා වැඳ උළුල්ලෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ ය: “වහන්ස, මේ මෙත්තිය භූම්මජක මහණහු අමූලික සීලවිපත්තියෙන් මට චෝදනා කෙරෙත්. වහන්ස, ඒ මම ස්මෘතිවිපුලත්‍වයට (ස්මෘතිඅවිප්රවාසයට) පැමිණියෙම් සඞ්ඝයාගෙන් සතිවිනය යදිමි” යි. දෙවන වටදු යැද්ද යුතු .... තෙවන වටදු යැද්ද යුතු. වහන්ස, මේ මෙත්තිය භුම්මජක මහණහු අමූලික සීලවිපත්තියෙන් මට චෝදනා කෙරෙති. ඒ මම ස්මෘතිවිපුලත්‍වයට පැමිණියෙම්. වහන්ස, තෙවන වටදු සඞ්ඝයාගෙන් සතිවිනය යදිමි” යි.
19. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
19. වියත් පබල මහණකු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ ය:
“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: ඉමෙ මෙත්තියභුම්මජකා භික්ඛූ ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං අමූලිකාය සීලවිපත්තියා අනුද්ධංසෙන්ති. ආයස්මා දබ්බො මල්ලපුත්තො සතිවෙපුල්ලප්පත්තො සඞ්ඝං සතිවිනයං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස සතිවෙපුල්ලප්පත්තස්ස සතිවිනයං දදෙය්ය. එසා ඤත්ති.
“වහන්ස, සඞ්ඝ තෙමේ මා වදන අසාවා. මේ මෙත්තියභුම්මජක මහණහු ආයුෂ්මත් දබ්බමල්ලපුතුට අමූලික සීලවිපත්තියෙන් චෝදනා නඟත්. ආයුෂ්මත් දබ්බමල්ලපුත් තෙමේ සිහිවිපුල බවට පැමිණියේ සඞ්ඝයාගෙන් සතිවිනය යදි. ඉදින් සඟනට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ සිහිවිපුල බවට පැමිණ ආයුෂ්මත් දබ්බමල්ලපුතුට සතිවිනය දෙන්නේය. මේ ඤත්තිය යි.
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: ඉමෙ මෙත්තියභුම්මජකා භික්ඛූ ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං අමූලිකාය සීලවිපත්තියා අනුද්ධංසෙන්ති. ආයස්මා දබ්බො මල්ලපුත්තො සතිවෙපුල්ලප්පත්තො සඞ්ඝං සතිවිනයං යාචති. සඞ්ඝො ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස සතිවෙපුල්ලප්පත්තස්ස සතිවිනයං දෙති. යස්සායස්මතො ඛමති ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස සතිවෙපුල්ලප්පත්තස්ස සතිවිනයස්ස දානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
වහන්ස, සඞ්ඝ තෙමේ මා වදන අසාවා. මේ මෙත්තියභුම්මජක මහණහු ආයුෂ්මත් දබ්බමල්ලපුතුට මුල් නැති සිල්විපතින් චෝදනා නඟත්, ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍ර තෙමේ ස්මෘතිවිපුලත්‍වයට පැමිණියේ සඞ්ඝයාගෙන් ස්මෘතිවිනය ඉල්ලයි. සඞ්ඝ තෙමේ ස්මෘතිවිපුලත්‍වයට පැමිණි ආයුෂ්මත් දබ්බමල්යපුත්රයාට ස්මෘතිවිනය දෙයි. ස්මෘතිවිපුලත්‍වයට පැමිණ ආයුෂ්මත් දබ්බමල්යපුත්රයාට ස්මෘතිවිනය දීම යම් ආයුෂ්මතකුහට රිසියේ නම් හේ නිහඬ වන්නේ ය. යමකුහට රිසි නො වේ නම් හේ බණන්නෙන් ය.
දුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො: ඉමෙ මෙත්තියභුම්මජකා භික්ඛූ ආයස්මන්තං දබ්බං මල්ලපුත්තං. අමූලිකාය සීලවිපත්තියා අනුද්ධංසෙන්ති. ආයස්මා දබ්බො මල්ලපුත්තො සතිවෙපුල්ලප්පත්තො සඞ්ඝං සතිවිනයං යාචති. සඞ්ඝො ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස සතිවෙපුල්ලප්පත්තස්ස සතිවිනයං දෙති. යස්සායස්මතො ඛමති ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස සතිවෙපුල්ලප්පත්තස්ස සතිවිනයස්ස දානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
දෙවන වටදු මේ අරුත කියම් ... තෙවන වටදු මේ අරුත කියමි: වහන්ස, සඞ්ඝ තෙමේ මා වදන අසාවා. මේ මෙත්තියභුම්මජක මහණහු මුල් නැති සිල්විපතින් ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රහට චෝදනා නගත්. ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍ර තෙමේ ස්මෘතිවිපුලත්‍වයට පැමිණියේ සඞ්ඝයාගෙන් සතිවිනය යදියි. සඞ්ඝ තෙමේ ස්මෘතිවිපුලත්‍වයට පැමිණි ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රහට සතිවිනය දෙයි. ස්මෘතිවිපුලත්‍වයට පැමිණි ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රහට සතිවිනය දිම යම් ආයුෂ්මතකුහට රිසියේ නම් හේ නිහඬ වන්නේ ය. යමකුහට රිසි නො වේ නම් හේ බණන්නේ ය.
දින්නො සඞ්ඝෙන ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස සතිවෙපුල්ලප්පත්තස්ස සතිවිනයො. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
ස්මෘතිවිපුලත්‍වයට පැමිණි ආයුෂ්මත් දබ්බමල්‍යපුත්‍රහට සඞ්ඝයා විසින් සතිවිනය දෙන ලදි. සඞ්ඝයාට රිසියේ. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි” යි.
පඤ්චිමානි භික්ඛවෙ ධම්මිකානි සතිවිනයස්ස දානානි: සුද්ධො හොති භික්ඛු අනාපත්තිකො, අනුවදන්ති ච නං, යාචති ච, තස්ස සඞ්ඝො සතිවිනයං දෙති ධම්මෙන සමග්ගෙන ඉමානි ඛො භික්ඛවෙ, පඤ්ච ධම්මිකානි සතිවිනයස්ස දානානී”ති.
මහණෙනි, මේ දැහැමි සතිවිනය දීම් පසෙකි: මහණ තෙමේ ඇවැත් නැත්තේ පිරිසිදු වූයේ වෙයි. ඔහුට චෝදනාත් කෙරෙයි. (හෙතෙමේත්) යදී. ඔහුට සඞ්ඝ තෙමේ සතිවිනය දෙයි. දැහැමින් සමඟ ව දෙයි මහණෙනි, මේ දැහැමි සතිවිනය දීම් පසයි.
සතිවිනයො නිට්ඨිතො.
සතිවිනය නිමියේ ය.