යෙභුය්යසිකාකථා අට්ඨකථා
යෙභුය්යසිකාකථා
යෙභුය්යසිකාකථා
යෙභුය්යසිකාය වූපසමෙතුන්ති එත්ථ යස්සා කිරියාය ධම්මවාදිනො බහුතරා, එසා යෙභුය්යසිකා නාම.
“යෙභුය්යසිකාය වූපසමෙතුං” මෙහි යම් ක්‍රියාවක ධර්මවාදීහු ඉතා බොහෝ වෙත්ද, මෝතොමෝ යෙභුය්යසිකා නම.
අධම්මිකසලාකග්ගාහෙසු ඔරමත්තකන්ති පරිත්තං අප්පමත්තකං භණ්ඩනමත්තමෙව. න ච ගතිගතන්ති ද්වෙ තයො ආවාසෙ න ගතං, තත්ථ තත්ථෙව වා ද්වත්තික්ඛත්තුං අවිනිච්ඡිතං. න ච සරිතසාරිතන්ති ද්වත්තික්ඛත්තුං තෙහි භික්ඛූහි සයං සරිතං වා අඤ්ඤෙහි සාරිතං වා න හොති. ජානාතීති සලාකං ගාහෙන්තො ජානාති “අධම්මවාදී බහුතරා”ති. අප්පෙව නාමාති ඉමිනා නීහාරෙන සලාකාය ගාහියමානාය “අපි නාම අධම්මවාදිනො බහුතරා අස්සූ”ති අයමස්ස අජ්ඣාසයො හොති. අපරෙසුපි ද්වීසු එසෙව නයො.
නොදැහැමි ලහ ගැන්වීම් අතුරෙහි “ඔරමත්තකං” ස්වල්පමාත්‍ර අල්පමාත්‍ර ඩබර කිරීම් පමණක්ම. “න ච ගතිගතං” දෙතුන් ආවාසයක් කරා නොපැමිණි එහිම හෝ දෙතුන් වරක් විනිශ්චය නොකරණලද. “න ච සරිතසාරිතං” දෙතුන්වරක් ඒ භික්ෂූන් විසින් තමන් සිහිකරණ ලද්දේ හෝ අනුන් විසින් සිහිකරවන ලද්දේ හෝ නොවේ. “ජානාති” ලහ ගන්වන්නේ ‘අධර්මවාදීහු බහුතරහ’යි දනීද හේය. “අප්පෙවනාම” මේ ක්‍රමයෙන් ලහ ගන්වනු ලබන කල්හි ‘අධර්මවාදීහු බහුතර වන්නාහු නම් මැනැවැ’යි මොහුගේ මේ අදහසෙක් වේ. “ජානාති සඞ්ඝො” යනාදි අන්දෙතන්හිද මෙම නයවේ.
අධම්මෙන ගණ්හන්තීති අධම්මවාදිනො “එවං මයං බහූ භවිස්සාමා”ති ද්වෙ ද්වෙ සලාකායො ගණ්හන්ති. වග්ගා ගණ්හන්තීති ද්වෙ ධම්මවාදිනො එකං ධම්මවාදිසලාකං ගණ්හන්ති “එවං ධම්මවාදිනො න බහූ භවිස්සන්තී”ති මඤ්ඤමානා. න ච යථාදිට්ඨියා ගණ්හන්තීති ධම්මවාදිනො හුත්වා “බලවපක්ඛං භජිස්සාමා”ති අධම්මවාදිසලාකං ගණ්හන්ති. ධම්මිකසලාකග්ගාහෙසු අයමෙවත්ථො පරිවත්තෙත්වා වෙදිතබ්බො. එවං සලාකං ගාහෙත්වා සචෙ බහුතරා ධම්මවාදිනො හොන්ති; යථා තෙ වදන්ති, එවං තං අධිකරණං වූපසමෙතබ්බං, එවං යෙභුය්යසිකාය වූපසන්තං හොති. අයමෙත්ථ සඞ්ඛෙපො. විත්ථාරො පන පරතොපි ආගමිස්සති.
“අධම්මෙන ගණ්හන්ති” අධර්මවාදීහු “මෙසේ අපි බොහෝ වන්නෙමු’යි ලහ දෙක දෙක ගණිත්. “වග්ගා ගණහන්ති” ධර්මවාදීහු දෙදෙනෙක් එක් ධර්මවාදීසලාකයක් ගණිත්. මෙසේ ධර්මවාදීහු බොහෝ නොවන්නාහයි හඟින්නාහුද ඔවුහුය. “න ච යථා දිට්ඨියා ගණ්හන්ති” ධර්මවාදීව බලවත් පක්ෂයක් භජනය කරන්නෙමු’යි අධර්මවාදී සලාකයක් ගණිත්. දැහැමිලහ ගැන්වීම්හි මේ අර්ත්ථය පෙරළා දතයුතුය. මෙසේ ලහගන්වා ධර්මවාදීහු බහුතර වෙත්නම් ඔවුහු යම්සේ කියත්නම් මෙසේ ඒ අධිකරණය සන්සිඳවිය යුතුය. මෙසේ වූ කල්හි යෙභුය්යසිකාවෙන් සන්සිඳුනේ වේ. මේ මෙහි සඞ්ක්‍ෂෙපයයි. විස්තරය වනාහි ඉදිරියෙහිද එන්නේය.
යෙභුය්යසිකාකථා නිට්ඨිතා.