නිමන්තනභත්තකථා අට‍්ඨකථා
නිමන‍්තනභත‍්තකථා
නිමන්තනභත්තකථා
නිමන‍්තනං පුග‍්ගලිකඤ‍්චෙ, සයමෙව ඉස‍්සරො. සඞ‍්ඝිකං පන උද‍්දෙසභත‍්තෙ වුත‍්තනයෙනෙව ගාහෙතබ‍්බං. සචෙ පනෙත්‍ථ දූතො බ්‍යත‍්තො හොති, “භන‍්තෙ , රාජගෙහෙ භික‍්ඛුසඞ‍්ඝස‍්ස භත‍්තං ගණ‍්හථා”ති අවත්‍වා “භික‍්ඛං ගණ‍්හථා”ති වදති, පිණ‍්ඩපාතිකානම‍්පි වට‍්ටති. අථ දූතො අබ්‍යත‍්තො “භත‍්තං ගණ‍්හථා”ති වදති, භත‍්තුද‍්දෙසකො බ්‍යත‍්තො “භත‍්ත”න‍්ති අවත්‍වා “භන‍්තෙ, තුම‍්හෙ යාථා”ති වදති; එවම‍්පි පිණ‍්ඩපාතිකානම‍්පි වට‍්ටති. තුම‍්හාකං පටිපාටියා “භත‍්තං පාපුණාතී”ති වුත‍්තෙ පන න වට‍්ටති. සචෙ නිමන‍්තෙතුං ආගතමනුස‍්සො ආසනසාලං පවිසිත්‍වා “අට‍්ඨ භික‍්ඛූ දෙථා”ති වා “අට‍්ඨ පත‍්තෙ දෙථා”ති වා වදති; එවම‍්පි පිණ‍්ඩපාතිකානං වට‍්ටති, “තුම‍්හෙ ච තුම‍්හෙ ච ගච‍්ඡථා”ති වත‍්තබ‍්බං. සචෙ පන “අට‍්ඨ භික‍්ඛූ දෙථ; භත‍්තං ගණ‍්හථ, අට‍්ඨ පත‍්තෙ දෙථ; භත‍්තං ගණ‍්හථා”ති වදති, පටිපාටියා ගාහෙතබ‍්බං. ගාහෙන‍්තෙන පන විච‍්ඡින්‍දිත්‍වා “භත‍්ත”න‍්ති අවදන‍්තෙන “තුම‍්හෙ ච තුම‍්හෙ ච ගච‍්ඡථා”ති වුත‍්තෙ පිණ‍්ඩපාතිකානං වට‍්ටති. “භන‍්තෙ, තුම‍්හාකං පත‍්තං දෙථ, තුම‍්හෙ එථා”ති වුත‍්තෙ පන “සාධු, උපාසකා”ති ගන‍්තබ‍්බං. සඞ‍්ඝතො උද‍්දිසිත්‍වා “තුම‍්හෙ එථා”ති වුත‍්තෙපි යථාඨිතිකාය ගාහෙතබ‍්බං.
“නිමන්තණං” නිමන්ත්‍රණ බත පුද්ගලික වූයේ නම්, තෙමේම ඊශ්වර වේ. සඞ්ඝිකය වනාහි උද්දෙසභත්තයෙහි කියූනයින්ම ගැන්විය යුතුය. ඉදින් වනාහි මෙහි දූත තෙමේ ව්‍යක්තවේද ‘ස්වාමීනි, රජගෙයි භික්‍ෂුසඞ්ඝයාට, බත් ගණිවු’යි නොකියා ‘භික්‍ෂාව ගණිවු’යි කියානම්, භික්‍ෂාපරියායෙන් කියානම් පිණ්ඩපාතිකයන්ටත් වටියි. තවද දූතතෙමේ ව්‍යක්ත නොවේනම් ‘බත් ගණිවු’යි කියානම්, භත්තුද්දෙසක තෙමේ ව්‍යක්ත වේද, ‘බතැ’යි නොකියා ‘ස්වාමීනි’ යුෂ්මත්හු යවු’යි කියානම් පිණ්ඩපාතිකයන්ට වටියි. යුෂ්මතුන්ට පිළිවෙළින් බත් ලැබේය’යි කියූකල්හි වනාහි නොවටියි. ඉදින් පවරන්නට ආ මිනිස් තෙමේ අසුන්හලට පිවිස භික්‍ෂූන් අටනමක් දුනමැනැවැ’යි කියා හෝ පාත්‍ර අටක් දුනමැනැවැ’යි කියා හෝ නම් මෙසේද පිණ්ඩපාතිකයන්ට වටියි. ‘යුෂ්මත්හුද යුෂ්මත්හුද යවු’යි කියයුතුය. භික්‍ෂූන් අටනමක් දුනමැනැව, බත් ගණුමැනැව, පාත්‍ර අටක් දුනමැනැව, බත් ගණු මැනැවැ’යි හෝ කියාද පිළිවෙළින් ගැන්විය යුතුය. ගන්වන්නහු විසින් ‘බත් ගණිවු’ යනු නොකියා බතැයි නොකියන්නහු විසින් යුෂ්මත්හුද යුෂ්මත්හුද යවු’යි කියූකල්හිද පිණ්ඩපාතිකයන්ට වටියි. ‘ස්වාමීනි, යුෂ්මතුන්ගේ පාත්‍රය දුනමැනැව, යුෂ්මත්හු එනු මැනැවැ’යි කියූකල්හි ‘උපාසකය, මැනැවැ’යි කියා යායුතුය. සඞ්ඝයා වෙතින් උදෙසා ‘යුෂ්මත්හු එනුමැනැවැ’යි කියූකල්හිද, ඨිතිකාවෙන් නොගැන්විය යුතුය.
නිමන‍්තනභත‍්තඝරතො පන පත‍්තත්‍ථාය ආගතස‍්ස උද‍්දෙසභත‍්තෙ වුත‍්තනයෙනෙව ඨිතිකාය පත‍්තො දාතබ‍්බො. එකො “සඞ‍්ඝතො පටිපාටියා පත‍්ත”න‍්ති අවත්‍වා කෙවලං “එකං පත‍්තං දෙථා”ති වත්‍වා අගාහිතෙයෙව පත‍්තෙ යස‍්ස කස‍්සචි පත‍්තං ගහෙත්‍වා පූරෙත්‍වා ආහරති, තං පත‍්තසාමිකස‍්සෙව හොති, උද‍්දෙසභත‍්තෙ විය ඨිතිකාය න ගාහෙතබ‍්බං. ඉධාපි යො ආගන‍්ත්‍වා තුණ‍්හීභූතො තිට‍්ඨති, සො “කස‍්ස සන‍්තිකං ආගතොසී”ති වා “කස‍්ස පත‍්තං හරිස‍්සසී”ති වා න වත‍්තබ‍්බො.
නිමැතූ බත් ඇති හෙයින් පාත්‍රය පිණිස ආවහුට උදෙස්බතෙහි කියූ නයින්ම ඨිතිකාවෙන් පාත්‍රය දියයුතුය. එකෙක් සඞ්ඝයා වෙතින් පිළිවෙළින් පාත්‍රයයි නොකියා හුදෙක් ‘එක් පාත්‍රයක් දුනමැනැවැ’යි කියා පාත්‍රය නොගැන්වූකල්හිම යම් කිසිවක්හුගේ පාත්‍රය ගෙණ පුරවා ගෙණ ඒද, ගෙණ එන ලද පාත්‍රය පාත්‍රහිමියාටම වේ. උදෙස්බතෙහි මෙන් ඨිතිකාවෙන් නොගැන්විය යුතුය. මෙහිද යමෙක් අවුත් නොබැණ සිටීද, හෙතෙමේ ‘කවරක්හුගේ සමීපයට ආයෙහිදැ’යි හෝ ‘කවරක්හුගේ පාත්‍රය ගෙණයෙහිදැ’යි හෝ නොවිචාළ යුතුය.
පුච‍්ඡාසභාගෙන හි “තුම‍්හාකං සන‍්තිකං ආගතො, තුම‍්හාකං පත‍්තං හරිස‍්සාමී”ති වදෙය්‍ය, තතො සො භික‍්ඛු භික‍්ඛූහි ජිගුච‍්ඡනීයො අස‍්ස. “කුහිං ගච‍්ඡසි, කිං කරොන‍්තො ආහිණ‍්ඩසී”ති පන වුත‍්තෙ “තස‍්ස පත‍්තත්‍ථාය ආගතොම‍්හී”ති වදන‍්තස‍්ස පටිපාටියා භත‍්තට‍්ඨිතිකාය ගාහෙත්‍වා පත‍්තො දාතබ‍්බො. “භත‍්තාහරණකපත‍්තං දෙථා”ති වුත‍්තෙපි පටිපාටියා භත‍්තට‍්ඨිතිකාය එව දාතබ‍්බො. සචෙ ආහරිත්‍වා “සබ‍්බො සඞ‍්ඝො භුඤ‍්ජතූ”ති වදති, භාජෙත්‍වා භුඤ‍්ජිතබ‍්බං. පත‍්තසාමිකස‍්ස අතික‍්කන‍්තම‍්පි ඨිතිකං ඨපෙත්‍වා අඤ‍්ඤං පටිපාටිභත‍්තං ගාහෙතබ‍්බං.
පෘච්ඡාසමානයෙන්ද ‘යුෂ්මතුන්ගේ සමීපයට ආයෙමි, යුෂ්මතුන්ගේ පාත්‍රය ගෙණ යන්නෙමි’යි කියන්නේ නම් එයින් භික්‍ෂූහු ඒ මහණහු පිළිකුල් කෙරෙත්. ‘කොතැනයෙහිද, කුමක් කරමින් ඇවිදිහිදැ’යි විචාළ කල්හි ‘ඔහුගේ පාත්‍රය පිණිස ආයෙමි’යි කියන්නහුට පිළිවෙළින් ඨිතිකාවෙන් ගන්වා පාත්‍රය දියයුතුය. ‘බත් ගෙණෙන පාත්‍රය දුනමැනැවැ’යි කියූ කල්හිද, පිළිවෙළින් භත්ත ඨිතිකාවෙන්ම දිය යුතුය. ඉදින් ගෙණ අවුත් ‘සියලු සඞ්ඝතෙමේ වලඳවා’යි කියානම් බෙදා වැලඳිය යුතුය. පාත්‍ර ස්වාමියාහට ඉක්මගියාවූද ඨිතිකාව තබා අන් පිළිවෙළ බතක් ගැන්විය යුතුය.
එකො පාතියා භත‍්තං ආහරිත්‍වා “සඞ‍්ඝස‍්ස දම‍්මී”ති වදති, ආලොපභත‍්තට‍්ඨිතිකතො පට‍්ඨාය ආලොපසඞ‍්ඛෙපෙන භාජෙතබ‍්බං. සචෙ පන තුණ‍්හීභූතො අච‍්ඡති, “කස‍්ස තෙ ආභතං, කස‍්ස දාතුකාමොසී”ති න වත‍්තබ‍්බො. සචෙ පන “කුහිං ගච‍්ඡසි, කිං කරොන‍්තො ආහිණ‍්ඩසී”ති වුත‍්තෙ “සඞ‍්ඝස‍්ස මෙ භත‍්තං ආභතං, ථෙරානං මෙ භත‍්තං ආභත”න‍්ති වදති, ගහෙත්‍වා ආලොපභත‍්තට‍්ඨිතිකාය භාජෙතබ‍්බං. සචෙ පන එවං ආභතං බහුං හොති, සකලස‍්ස සඞ‍්ඝස‍්ස බහු හොති, අභිහටභික‍්ඛා නාම පිණ‍්ඩපාතිකානම‍්පි වට‍්ටති, ඨිතිකාපුච‍්ඡනකිච‍්චං නත්‍ථි, ථෙරාසනතො පට‍්ඨාය පත‍්තං පූරෙත්‍වා දාතබ‍්බං.
එකෙක් තැටියකින් බත් ගෙණ අවුත් ‘සඞ්ඝයාට දෙමි’යි කියානම් ආලොපභත්තඨිතිකාව පටන් එක් එක් පිඬුවසයෙන් බෙදිය යුතුය. ඉදින් නිහඬව සිටීනම්, ‘කවරක්හට තාවිසින් ගෙන එන ලද්දේ ද, කවරක්හට දෙනු කැමැත්තෙහි’යි නොවිචාළයුතුය. ඉදින් කොතැනකයෙහි, කුමක් කරමින් ඇවිදිහි’යි විචාළ කල්හි ‘මාවිසින් සඞ්ඝයාට බත් ගෙනෙන ලද්දේය, මාවිසින් තෙරුන්ට බත් ගෙනෙන ලද්දේය’යි කියානම්, ගෙණ ආලොපභත්තඨිතිකාවෙන් බෙදියයුතුය. ඉදින් මෙසේ ගෙනෙන ලද්ද බොහෝ වේනම්, සියලු සඞ්ඝයාට පොහොනේ නම් එළවනලද භික්‍ෂානම පිණ්ඩපාතිකයන්ටත් වටියි. ඨිතිකා විචාරණ කෘත්‍යයෙක් නැත්තේය. ථෙරාසනය පටන් පාත්‍ර පුරවපුරවා දියයුතුය.
උපාසකො සඞ‍්ඝත්‍ථෙරස‍්ස වා ගන්‍ථධුතඞ‍්ගවසෙන අභිඤ‍්ඤාතස‍්ස වා භත‍්තුද‍්දෙසකස‍්ස වා පහිණාති “අම‍්හාකං භත‍්තගහණත්‍ථාය අට‍්ඨ භික‍්ඛූ ගහෙත්‍වා ආගච‍්ඡථා”ති, සචෙපි ඤාතිඋපට‍්ඨාකෙහි පෙසිතං හොති, ඉමෙ තයො ජනා පුච‍්ඡිතුං න ලභන‍්ති, ආරුළ‍්හායෙව මාතිකං, සඞ‍්ඝතො අට‍්ඨ භික‍්ඛූ උද‍්දිසාපෙත්‍වා අත‍්තනවමෙහි ගන‍්තබ‍්බං. කස‍්මා? භික‍්ඛුසඞ‍්ඝස‍්ස හි එතෙ භික‍්ඛූ නිස‍්සාය ලාභො උප‍්පජ‍්ජතීති. ගන්‍ථධුතඞ‍්ගාදීහි පන අනභිඤ‍්ඤාතො ආවාසිකභික‍්ඛු පුච‍්ඡිතුං ලභති, තස‍්මා තෙන “කිං සඞ‍්ඝතො ගණ‍්හාමි, උදාහු යෙ ජානාමි, තෙහි සද‍්ධිං ආගච‍්ඡාමී”ති මාතිකං ආරොපෙත්‍වා යථා දායකා වදන‍්ති, තථා පටිපජ‍්ජිතබ‍්බං. “තුම‍්හාකං නිස‍්සිතකෙ වා යෙ වා ජානාථ, තෙ ගහෙත්‍වා එථා”ති වුත‍්තෙ පන යෙ ඉච‍්ඡන‍්ති, තෙහි සද‍්ධිං ගන‍්තුං ලභති. සචෙ “අට‍්ඨ භික‍්ඛූ පහිණථා”ති පෙසෙන‍්ති, සඞ‍්ඝතොව පෙසෙතබ‍්බා. අත‍්තනා සචෙ අඤ‍්ඤස‍්මිං ගාමෙ සක‍්කා හොති භික‍්ඛා ලභිතුං, අඤ‍්ඤො ගාමො ගන‍්තබ‍්බො. න සක‍්කා චෙ හොති ලභිතුං, සොයෙව ගාමො පිණ‍්ඩාය පවිසිතබ‍්බො.
උපාසකයෙක් තෙමේ සඞ්ඝ ස්ථවිරනමක්හට හෝ ග්‍රන්‍ථ ධුතඞ්ග වශයෙන් ප්‍රසිද්ධ වූවකුට හෝ භත්තුද්දෙසකයකුට හෝ ‘අපගේ බත් ගැණීම පිණිස භික්‍ෂූන් අටනමක් ගෙණ එනු මැනැවැ’යි කියා යවාද, ඉදින් ඥාතිඋපස්ථායකයන් විසින් එවන ලද්දේවේද, මේ තිදෙන විචාරන්නට නොලබන්නේය. සඞ්ඝයා වෙතින් භික්‍ෂූන් අටනමක් උදෙසවා තමා නවවැනිකොට ඇත්තවුන් විසින් යායුතුයයි මාතෘකාවට නැගුනීමය. කුමක් හෙයිනයත්:- භික්‍ෂු සඞ්ඝයාහට මේ මහණුන් නිසා ලාභ උපදී එහෙයිනි. ග්‍රන්‍ථධුතඞ්ගාදියෙන් වනාහි අප්‍රකටවූවෙක් තෙමේ ආවාසික භික්‍ෂු නමක් විචාරන්නට ලබන්නේය. එහෙයින් ඔහු විසින් සඞ්ඝයා වෙතින් ගණිම්ද, නොහොත් යම් කෙනකු ගැන දනිම්ද, ඔවුන් සමග එමි’යි මාතෘකාවට නගා (මාතෘකාභෙදය දායකයාට දන්වා) යම්සේ දායකයෝ කියත්ද, එසේ පිළිපැද්ද යුතුය. ‘යුෂ්මතුන්ගේ නිශ්‍රිතකයන් ගැණ හෝ අන් යම් කෙනකුන් ගැණ හෝ දනිවුද ඔවුන් ගෙන එවු’යි කියූකල්හි යම් කෙනෙක් කැමැතිවෙත්ද, ඔවුන් සමග යනු ලබන්නේය. ඉදින් ‘භික්‍ෂූන් අටනමක් එවනු මැනැවැ’යි දන්වා එවත්ද, සඞ්ඝයා වෙතින්ම යැවියයුතුය. තමන්ට අන් ගමෙක්හි භික්‍ෂාව ලබන්නට හැකිවන්නීද, අන් ගමකට යායුතුය. භික්‍ෂාව ලබන්නට නොහැකිවේනම් ඒගමට පිඬුපිණිස පිවිසිය යුතුය.
නිමන‍්තිතභික‍්ඛූ ආසනසාලාය නිසින‍්නා හොන‍්ති, තත්‍ර චෙ මනුස‍්සා “පත‍්තෙ දෙථා”ති ආගච‍්ඡන‍්ති, අනිමන‍්තිතෙහි න දාතබ‍්බා. “එතෙ නිමන‍්තිතභික‍්ඛූ”ති වත‍්තබ‍්බං. “තුම‍්හෙපි දෙථා”ති වුත‍්තෙ පන දාතුං වට‍්ටති. උස‍්සවාදීසු මනුස‍්සා සයමෙව පරිවෙණානි ච පධානඝරානි ච ගන‍්ත්‍වා තිපිටකෙ ච ධම‍්මකථිකෙ ච භික‍්ඛුසතෙනපි සද‍්ධිං නිමන‍්තෙන‍්ති. තදා යෙපි ජානන‍්ති, තෙ ගහෙත්‍වා ගන‍්තුං වට‍්ටති. කස‍්මා? න හි මහාභික‍්ඛුසඞ‍්ඝෙන අත්‍ථිකා මනුස‍්සා පරිවෙණානි ච පධානඝරානි ගච‍්ඡන‍්ති, සන‍්නිපාතට‍්ඨානතොව යථාසත‍්ති යථාබලං භික‍්ඛූ ගණ‍්හිත්‍වා ගච‍්ඡන‍්තීති.
නිමන්ත්‍රණය කරණලද භික්‍ෂූහු අසුන්හලෙහි හුන්නාහු වෙත්ද, එහිදී මිනිස්සු ‘පාත්‍ර දුන මැනැවැ’යි කියා එත්නම් නිමන්ත්‍රණය නොලද්දවුන් විසින් නොදිය යුතුය. ‘මොවුහු නිමතනලද භික්‍ෂූහු’යි කියයුතුය. ‘තෙපිද දෙවු’යි කියූ කල්හි වනාහි දීම වටියි. උත්සවාදියෙහිදී මිනිස්සු තුමූම පිරිවෙන්වලටද ප්‍රදහන ගෙවලටද ගොස් තෙවළාදර භික්‍ෂූන්ද ධර්‍මකථික භික්‍ෂූන්ද සියයක්ද සමග නිමන්ත්‍රණය කෙරෙත්ද එකල්හි ඔවුහු යම් කෙනෙකු ගැන දනිත්ද, ඔවුන් ගෙණ යෑම වටියි. කුමක් හෙයින, යත්:- මහාභික්‍ෂු සඞ්ඝයාගෙන් ප්‍රයොජන ඇති මිනිස්සු පිරිවෙන්වලට ප්‍රදහනගෘහයන්ට යන්නාහ. සඞ්ඝයා රැස්වූ තැනින්ද ශක්ති පරිදි බලපරිදි භික්‍ෂූන් ගෙණයන්නාහ. එහෙයිනි.
සචෙ පන සඞ‍්ඝත්‍ථෙරො වා ගන්‍ථධුතඞ‍්ගවසෙන අභිඤ‍්ඤාතකො වා භත‍්තුද‍්දෙසකො වා අඤ‍්ඤත්‍ර වා වස‍්සං වසිත්‍වා කත්‍ථචි වා ගන‍්ත්‍වා පුන සකට‍්ඨානං ආගච‍්ඡන‍්ති, මනුස‍්සා ච ආගන‍්තුකස‍්ස සක‍්කාරං කරොන‍්ති, එකවාරං යෙ ජානන‍්ති, තෙ ගහෙත්‍වා ගන‍්තබ‍්බං. පටිබද‍්ධකාලතො පන පට‍්ඨාය දුතියවාරෙ ආරද‍්ධෙ සඞ‍්ඝතොයෙව ගහෙත්‍වා ගන‍්තබ‍්බං. අභිනවආගන‍්තුකාව හුත්‍වා ඤාතී වා උපට‍්ඨාකෙ වා පස‍්සිස‍්සාමාති ගච‍්ඡන‍්ති, තත්‍ර තෙසං ඤාතී ච උපට‍්ඨාකා ච සක‍්කාරං කරොන‍්ති. එත්‍ථ පන යෙ ජානන‍්ති, තෙ ගහෙත්‍වා ගන‍්තුං වට‍්ටති.
ඉදින් සඞ්ඝස්ථවිර තෙමේ හෝ ග්‍රන්‍ථධුතාඞ්ග වශයෙන් ප්‍රසිද්ධ වූවෙක් හෝ භත්තුද්දෙසකයෙක් හෝ අන් තැනෙක වස් වැස කිසිතැනෙක හෝ ගොස් නැවත ස්වකීයස්ථානයට ඒද, මිනිස්සුද ආගන්තුක සත්කාර කෙරෙත්ද, එක්වරින්ම යම්කෙනකුන් ගැන දනිත්ද, ඔවුන් ගෙණයායුතුය. එහිම විසීමෙහි නිබැඳිකාලයෙහි පටන් දෙවනවර පටන් ගත්කල්හි සඞ්ඝයා වෙතින්ම ගෙණයායුතුය. අලුත් ආගන්තුකයෝවම නෑයන් හෝ උපස්ථායකයන් හෝ දකින්නෙමු’යි යෙත්ද, එහි ඔවුන්ගේ නෑයෝද උපස්ථායකයෝද සත්කාර කෙරෙත්ද, මෙහි යම් කෙනකුන් ගැන දනිත්ද ඔවුන් ගෙණ යෑම වටියි.
යො පන අතිලාභී හොති, සකට‍්ඨානඤ‍්ච ආගන‍්තුකට‍්ඨානඤ‍්ච එකසදිසං, සබ‍්බත්‍ථ මනුස‍්සා සඞ‍්ඝභත‍්තං සජ‍්ජෙත්‍වාව නිසීදන‍්ති, තෙන සඞ‍්ඝතොව ගහෙත්‍වා ගන‍්තබ‍්බන‍්ති අයං නිමන‍්තනෙ විසෙසො. අවසෙසො සබ‍්බපඤ‍්හො උද‍්දෙසභත‍්තෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. කුරුන්‍දියං පන “අට‍්ඨ මහාථෙරෙ දෙථා”ති වුත‍්තෙ “අට‍්ඨ මහාථෙරාව දාතබ‍්බා”ති වුත‍්තං. එස නයො මජ‍්ඣිමාදීසු. සචෙ පන අවිසෙසෙත්‍වා “අට‍්ඨ භික‍්ඛූ දෙථා”ති වදති, සඞ‍්ඝතො දාතබ‍්බා.
යමෙක් වනාහි අධික ලැබීම් ඇත්තේවේද, ස්වකීය ස්ථානයත් ආගන්තුකස්ථානයත් එකාකාරවේද, සියලු තන්හි මිනිස්සු සඟබත් පිළියෙලකොට ගෙනම හිඳිත්ද, ඔහු විසින් සඞ්ඝයා වෙතින්ම ගෙණ යායුත්තේය. නිමන්ත්‍රණ බනෙහි මේ වෙනසය. සෙසු සියලු ප්‍රශ්නය තෙමේ උදෙස් බතෙහි කියූනයින්ම දතයුතුය. කුරුන්‍දියෙහි වනාහි ‘මහතෙරුන් අටනමක් දෙවු’යි කියූකල්හි අටමහතෙරහුම දිය යුත්තාහ’යි කියනලදී. මද්ධ්‍යමස්ථවිරාදීහු කෙරෙහිද මේනයවේ. ඉදින් විශේෂයක් නොකොට ‘භික්‍ෂූන් අටනමක් දෙවු’යි කියානම් සඞ්ඝයා වෙතින් දියයුත්තාහ.
නිමන‍්තනභත‍්තකථා නිට‍්ඨිතා.
නිමන්තණ භත්තකථාව නිමි.