උද්දෙසභත්තකථා අට්ඨකථා
උද්දෙසභත්තකථා
උද්දෙසභත්තකථා
උද්දෙසභත්තාදීසු පන අයං නයො – රඤ්ඤා වා රාජමහාමත්තෙන වා සඞ්ඝතො උද්දිසිත්වා “එත්තකෙ භික්ඛූ ආනෙථා”ති පහිතෙ කාලං ඝොසෙත්වා ඨිතිකා පුච්ඡිතබ්බා. සචෙ අත්ථි, තතො පට්ඨාය ගාහෙතබ්බං; නො චෙ, ථෙරාසනතො පට්ඨාය ගාහෙතබ්බං. උද්දෙසකෙන පිණ්ඩපාතිකානම්පි න අතික්කාමෙතබ්බං. තෙ පන ධුතඞ්ගං රක්ඛන්තා සයමෙව අතික්කමිස්සන්ති; එවං ගාහියමානෙ අලසජාතිකා මහාථෙරා පච්ඡා ආගච්ඡන්ති, “භන්තෙ, වීසතිවස්සානං ගාහියති, තුම්හාකං ඨිතිකා අතික්කන්තා”ති න වත්තබ්බා, ඨිතිකං ඨපෙත්වා තෙසං ගාහෙත්වා පච්ඡා ඨිතිකාය ගාහෙතබ්බං. “අසුකවිහාරෙ බහුං උද්දෙසභත්තං උප්පන්න”න්ති සුත්වා යොජනන්තරිකවිහාරතොපි භික්ඛූ ආගච්ඡන්ති, සම්පත්තසම්පත්තානං ඨිතට්ඨානතො පට්ඨාය ගාහෙතබ්බං. අසම්පත්තානම්පි උපචාරසීමං පවිට්ඨානං අන්තෙවාසිකාදීසු ගණ්හන්තෙසු ගාහෙතබ්බමෙව. බහිඋපචාරසීමාය ඨිතානං ගාහෙථාති වදන්ති, න ගාහෙතබ්බං. සචෙ පන උපචාරසීමං ඔක්කන්තෙහි එකාබද්ධා හුත්වා අත්තනො විහාරද්වාරෙ වා අන්තොවිහාරෙයෙව වා හොන්ති, පරිසාවසෙන වඩ්ඪිතා නාම සීමා හොති, තස්මා ගාහෙතබ්බං. සඞ්ඝනවකස්ස දින්නෙපි පච්ඡා ආගතානං ගාහෙතබ්බමෙව . දුතියභාගෙ පන ථෙරාසනං ආරුළ්හෙ පුන ආගතානං පඨමභාගො න පාපුණාති, දුතියභාගතො වස්සග්ගෙන ගාහෙතබ්බං.
උද්දෙස භත්තාදීන්හි මේනය වේ. රජු විසින් හෝ රජමහ ඇමැතියකු විසින් හෝ ‘සඞ්ඝයාගෙන් උදෙසා මෙපමණ මහණුන් ගෙණ එවු’යි යැවූකල්හි කාල ඝොෂාකොට ඨිතිකාව විචාළයුතුය. ඉදින් ඨිතිකාව ඇත්තී නම් එතැන් පටන් ගැන්විය යුතුය. ඨිතිකාව නැත්තී නම් ථෙරාසනය පටන් ගැන්විය යුතුය. භත්තුද්දෙසකයා විසින් පිණ්ඩපාතිකයන්ගේද ගැන්වීම නොඉක්මවිය යුතුය. ඒ පිණ්ඩපාතිකයන්ගේද ගැන්වීම නොඉක්මවිය යුතුය. ඒ පිණ්ඩපාතිකයෝ වනාහි ධ්රතාඞ්ගය රකිමින් තුමූම ඉක්මවන්නාහ. මෙසේ ගන්වනු ලබන කල්හි අලස ස්වභාවය ඇති මහතෙරහු පසුව එත්ද, ‘ස්වාමීනි’ විසිවයස් ඇත්තවුන්ට ගන්වනු ලැබේ, යුෂ්මතුන්ගේ ඨිතිකාව ඉක්ම ගියා’යි නොකිය යුතුය. ඨිතිකාව තබා ඒ මහතෙරුන්ට ගන්වා පසුව ඨිතිකාවෙහි පටන් ගැන්විය යුතුය. ‘අසුවල් විහාරයෙහි බොහෝ උදෙස්බත් උපනැ’යි යනු අසා යොදුනක් අතර විහාරයෙන්ද භික්ෂූහු එන්නාහ, පැමිණි පැමිණියවුන්ට සිටිතැන පටන් ගැන්විය යුතුය. නොපැමිණියාවූද, උපචාර සීමාවට පැමිණියවුන්ට අතැවැසි ආදීන් ගන්නා කල්හි ගැන්විය යුත්තේමය. උපචාර සීමාවෙන් පිටත සිටියවුන්ට හෝ ගැන්විය යුත්තාහ’යි කියත්ද නොගැන්විය යුතුය. උදෙස්බත් ගන්වන විහාරයෙහි උපචාර සීමාවට බැස්සවුන් හා එකාබද්ධවූවෝම තමන්ගේ වෙහෙරදොරකොටුව ලඟ හෝ විහාරය තුළම හෝ වෙත්ද, පිරිස වසයෙන් වැඩුනු සීමා නම්වන්නීය. එහෙයින් ගැන්විය යුතුය. සඞ්ඝ නවකයක්හට දුන් කල්හිද පසු ආවුන්ට ගැන්විය යුත්තේමය. දෙවන කොටස ථෙරාසනයට නැගී කල්හි නැවත ආවුන්ට පළමු කොටස නොපැමිණේ. දෙවන කොටස පටන් වස් ගණනින් ගැන්විය යුතුය.
එකස්මිං විහාරෙ එකං භත්තුද්දෙසට්ඨානං පරිච්ඡින්දිත්වා ගාවුතප්පමාණායපි උපචාරසීමාය යත්ථ කත්ථචි ආරොචිතං උද්දෙසභත්තං, තස්මිංයෙව භත්තුද්දෙසට්ඨානෙ ගාහෙතබ්බං. එකො එකස්ස භික්ඛුනො පහිණාති “ස්වෙපි සඞ්ඝතො උද්දිසිත්වා දස භික්ඛූ පහිණථා”ති, තෙන සො අත්ථො භත්තුද්දෙසකස්ස ආරොචෙතබ්බො. සචෙ තං දිවසං පමුස්සති, දුතියදිවසෙ පාතොව ආරොචෙතබ්බො. අථ පමුස්සිත්වාව පිණ්ඩාය පවිසන්තො සරති, යාව උපචාරසීමං නාතික්කමති, තාව යා භොජනසාලාය පකතිට්ඨිතිකා, තස්සායෙව වසෙන ගාහෙතබ්බං. සචෙපි උපචාරසීමං අතික්කන්තා භික්ඛූ ච උපචාරසීමට්ඨකෙහි එකාබද්ධා හොන්ති, අඤ්ඤමඤ්ඤං ද්වාදසහත්ථන්තරං අවිජහිත්වා ගච්ඡන්ති, පකතිට්ඨිතිකාය වසෙන ගාහෙතබ්බං. භික්ඛූනං පන තාදිසෙ එකාබද්ධෙ අසති බහිඋපචාරසීමාය යස්මිං ඨානෙ සරති, තත්ථ නවං ඨිතිකං කත්වා ගාහෙතබ්බං. අන්තොගාමෙ ආසනසාලාය සරන්තෙන ආසනසාලාය ඨිතිකාය ගාහෙතබ්බං. යත්ථ කත්ථචි සරිත්වා ගාහෙතබ්බමෙව, අගාහෙතුං න වට්ටති. න හි එතං දුතියදිවසෙ ලබ්භතීති.
එක් විහාරයෙක්හි බත් උදෙසන එක් තැනක් පිරිසිඳ ගව්වක් පමණ නමුදු උපචාර සීමාවෙහි යම් කිසි තැනෙක සැලකරණලද උදෙස්බත, එම බත් උදෙසන තැන්හිදී ගැන්විය යුතුය. එක් මහණෙක් තෙමේ එක් මහණක්හට ‘හෙට සඞ්ඝයා වෙතින් උදෙසා මහණුන් දසනමක් එවවු’යි කියා යවාද, ඒ මහණහු විසින් ඒ කරුණ භත්තුද්දෙසකයාහට ආරොචනය කටයුතුය. ඉදින් එදවස සිහිමුළාවේද, දෙවන දිනයෙහි උදෑසනම ආරොචනය කටයුත්තේය. තවද අමතකවම පිඬුපිණිස පිවිසෙන්නේ සිහිකෙරේද, උපචාර සීමාව යම්තාක් නොඉක්මවාද ඒතාක් බත් උදෙසන තන්හි බොජුන්හලෙහි යම් ප්‍රකෘති ඨිතිකාවක් ඇත්තීද, ඒ ඨිතිකාවගේවම වසයෙන් ගැන්විය යුතුය. උපචාර සීමාව ඉක්මවූ භික්ෂූහුද උපචාර සීමාවෙහි සිටියවුන් සමග එකාබද්ධ වෙත්ද, ඔවුනොවුන් දොළොස්රියන් අත්පස නොහැරයෙත්ද ප්‍රකෘති ඨිතිකා වසයෙන් ගැන්විය යුතුය. මහණුන්ගේ එබඳු එකාබද්ධයක් නැති කල්හි උපචාර සීමාවෙන් පිටත යම් තැනකදී සිහිකෙරේද, එහි අලුත් ඨිතිකාවක් කොට ගැන්විය යුතුය. ගම තුළ අසුන්හලෙහිදී සිහි කරන්නහු විසින් අසුන් හලෙහි ඨිතිකාවෙන් ගැන්විය යුතුය. යම්කිසි තැනෙක්හිදී සිහිකොට ගැන්විය යුතුමය. නොගැන්වීම නොවටියි. මේ බත් දෙවන දිනයෙහි නොමලැබේ.
සචෙ සකවිහාරතො අඤ්ඤං විහාරං ගච්ඡන්තෙ භික්ඛූ දිස්වා කොචි උද්දෙසභත්තං උද්දිසාපෙති, යාව අන්තොඋපචාරෙ වා උපචාරසීමට්ඨකෙහි සද්ධිං වුත්තනයෙන එකාබද්ධා වා හොන්ති, තාව සකවිහාරෙ ඨිතිකාවසෙනෙව ගාහෙතබ්බං. බහිඋපචාරෙ ඨිතානං දින්නං පන “සඞ්ඝතො භන්තෙ එත්තකෙ නාම භික්ඛූ උද්දිසථා”ති වුත්තෙ සම්පත්තානං ගාහෙතබ්බං. තත්ථ ද්වාදසහත්ථන්තරං අවිජහිත්වා එකාබද්ධනයෙන දූරෙ ඨිතාපි සම්පත්තායෙවාති වෙදිතබ්බං. සචෙ යං විහාරං ගච්ඡන්ති, තත්ථ පවිට්ඨානං ආරොචෙන්ති, තස්ස විහාරස්ස ඨිතිකාවසෙන ගාහෙතබ්බං. සචෙපි ගාමද්වාරෙ වා වීථියං වා චතුක්කෙ වා අන්තරඝරෙ වා භික්ඛූ දිස්වා කොචි සඞ්ඝුද්දෙසං ආරොචෙති, තස්මිං තස්මිං ඨානෙ අන්තොඋපචාරගතානං ගාහෙතබ්බං.
ඉදින් තමන්ගේ විහාරයෙන් අන් විහාරයකට යන මහණුන් දැක කිසිවෙක් තෙමේ උදෙස්බත උදෙසවා නම් යම්තාක් උපචාර සීමාව තුළ හෝ උපචාර සීමාවෙහි සිටියවුන් සමග හෝ කියූ පරිදි එකාබද්ධ හෝ වෙත්ද, ඒතාක් තමන්ගේ විහාරයෙහි ඨිතිකා වසයෙන්ම ගැන්විය යුතුය. උපචාරයෙන් පිටත සිටියවුන්ට දුන බත වනාහි ‘ස්වාමීනි’ සඞ්ඝයා වෙතින් මෙපමණ මහණුන් උදෙසාලවු’යි කියූ කල්හි පැමිණි පැමිණියවුන්ට ගැන්විය යුතුය. එහි දොළොරියන් අත්පස අතර නොහැර එකාබද්ධ නයින් දුර සිටියෝද, පැමිණියෝමයයි දතයුතුය. ඉදින් යම් විහාරයකට යෙත්නම් එහි පිවිසියහුට ආරොචනය කෙරෙත්නම් ඒ විහාරයාගේ ඨිතිකා වසයෙන් ගැන්විය යුතුය. ගම්දොර හෝ විථියෙහි හෝ සතරමංහන්දියෙහි හෝ ඇතුළුගමෙහි හෝ මහණකු දැක කිසිවෙක් සඞ්ඝදෙදසයාහට ආරොචනය කෙරේද, ඒ ඒ තන්හි උපචාරය තුළට පැමිණියවුන්ට ගැන්විය යුතුය.
ඝරූපචාරො චෙත්ථ “එකං ඝරං එකූපචාරං, එකං ඝරං නානූපචාරං, නානාඝරං එකූපචාරං, නානාඝරං නානූපචාර”න්ති ඉමෙසං වසෙන වෙදිතබ්බො. තත්ථ යං එකකුලස්ස ඝරං එකවළඤ්ජං හොති, තං සුප්පපාතපරිච්ඡෙදස්ස අන්තො එකූපචාරං නාම. තත්ථුප්පන්නො උද්දෙසලාභො තස්මිං උපචාරෙ භික්ඛාචාරවත්තෙනපි ඨිතානං සබ්බෙසං පාපුණාති, එතං “එකං ඝරං එකූපචාරං” නාම.
මෙහි ගෘහොපචාරය ‘එක් ගෙයක එක් උපචාරයෙක, එක් ගෙයක නානාඋපචාරය, නානාගෘහය එක් උපචාරය, නානාගෘහය, නානාඋපචාරයයි මොවුන්ගේ වසයෙන් දතයුතුය. එහි කුලයක්හුගේ යම්ගෙයක් එක් වාරයකින් වලඤ්ජනය කටයුතුවේද, එය, ගෙයි දොරකඩ සිට ස්ත්‍රියක විසින් දැමූ කුල්ල වැටුනු පිරිසිඳීම ඇතුළත් වූයේ ඒ කැපචාර නම්වේ. එහි උපන් උද්දෙසලාභීය තෙමේමේ උපචාරයෙහි භික්ෂාචාරවතින් සිටි සියල්ලන්ට පැමිණේ. මේ එකඝරය එකූපචාර නම්.
යං පන එකං ඝරං ද්වින්නං භරියානං සුඛවිහාරත්ථාය මජ්ඣෙ භිත්තිං උට්ඨාපෙත්වා නානාද්වාරවළඤ්ජං කතං, තත්ථුප්පන්නො උද්දෙසලාභො භිත්තිඅන්තරිකස්ස න පාපුණාති, තස්මිං තස්මිං ඨානෙ නිසින්නස්සෙව පාපුණාති, එතං “එකං ඝරං නානූපචාරං” නාම.
යම් එක් ගෙයක් භාර්ය්යාවන් දෙදෙනකුන්ගේ සැපවිහරණය පිණිස මැද බිත්තියක් නගා නන්දොර ඇතිව පරිභොග කරණලදද එහි උපන් උද්දෙසලාභය බිත්ති අතර සිටියහුට නොපැමිණේ. ඒ ඒ තැන සිටියහුටම පැමිණේ. මෙය එකඝරය නානූපචාරය නම.
යස්මිං පන ඝරෙ බහූ භික්ඛූ නිමන්තෙත්වා අන්තොගෙහතො පට්ඨාය එකාබද්ධෙ කත්වා පටිවිස්සකඝරානිපි පූරෙත්වා නිසීදාපෙන්ති, තත්ථුප්පන්නො උද්දෙසලාභො සබ්බෙසං පාපුණාති. යම්පි නානාකුලස්ස නිවෙසනං මජ්ඣෙ භිත්තිං අකත්වා එකද්වාරෙනෙව වළඤ්ජන්ති, තත්රාපි එසෙව නයො. එතං “නානාඝරං එකූපචාරං” නාම.
යම්ගෙයක බොහෝ භික්ෂූන්ට ආරාධනාකොට ගෙය තුළ පටන් එකාබද්ධකොට අසල්වැසියන්ගේ ගෙවල්ද පුරවා හිඳුවත්ද එහි උපන් උද්දෙසලාභය සියල්ලන්ට පැමිණේ. නොයෙක් කුලයට අයත් යම් නිවෙසනයක් වේද, එහි මැද බිත්තියක් නොබැඳ එක් දොරකින්ම පරිභොග කෙරෙත්ද, එහිද මේනයම වේ. මෙය නානාඝරය එකූපචාරය නම.
යො පන නානානිවෙසනෙසු නිසින්නානං භික්ඛූනං උද්දෙසලාභො උප්පජ්ජති, කිඤ්චාපි භිත්තිච්ඡිද්දෙන භික්ඛූ දිස්සන්ති, තස්මිං තස්මිං නිවෙසනෙ නිසින්නානංයෙව පාපුණාති, එතං “නානාඝරං නානූපචාරං” නාම.
නොයෙක් කුලයන්ට අයත් නිවෙසනයන්හි හුන් භික්ෂූන්ට යම් උද්දෙසලාභයක් උපදීද, කිසිලෙසකිනුදු බිත්ති සිදුරෙන් භික්ෂූහු දකිත්ද, ඒ ඒ නිවෙසනයෙහි හුන්නවුන්ටම පැමිණේ. මෙය නානාඝරය, නානූපචාරය නම.
යො පන ගාමද්වාරවීථිචතුක්කෙසු අඤ්ඤතරස්මිං ඨානෙ උද්දෙසභත්තං ලභිත්වා අඤ්ඤස්මිං භික්ඛුස්මිං අසති අත්තනොව පාපුණාපෙත්වා දුතියදිවසෙපි තස්මිංයෙව ඨානෙ අඤ්ඤං ලභති, තෙන යං අඤ්ඤං නවකං වා වුඩ්ඪං වා භික්ඛුං පස්සති, තස්ස ගාහෙතබ්බං. සචෙ කොචි නත්ථි, අත්තනොව පාපෙත්වා භුඤ්ජිතබ්බං.
යම් මහණෙක් තෙමේ ග්රාමද්වාරවීථි චතුෂ්කයන් අතුරෙහි එක්තරා තැනක උදෙස්බත් ලැබ අන් මහණකු නැති කල්හි තමන්හටම පමුණුවාගෙණ දෙවන දවසෙහිද එතැනම අනිකක් ලබාද ඔහු නවක වූ හෝ වෘද්ධ වූ හෝ යම් අන් මහණකු දකීද ඔහුට ගැන්විය යුතුය. ඉදින් කිසිවෙක් නැත්තේනම් තමන්ටම පමුණුවාගෙණ අනුභව කටයුතුය.
සචෙ ආසනසාලාය නිසීදිත්වා කාලං පටිමානෙන්තෙසු භික්ඛූසු කොචි ආගන්ත්වා “සඞ්ඝුද්දෙසපත්තං දෙථ, උද්දෙසපත්තං දෙථ, සඞ්ඝතො උද්දිසිත්වා පත්තං දෙථ, සඞ්ඝිකං පත්තං දෙථා”ති වා වදති, උද්දෙසපත්තං ඨිතිකාය ගාහෙත්වා දාතබ්බං. “සඞ්ඝුද්දෙසභික්ඛුං දෙථ, සඞ්ඝතො උද්දිසිත්වා භික්ඛුං දෙථ, සඞ්ඝිකං භික්ඛුං දෙථා”ති වුත්තෙපි එසෙව නයො.
අසුන්හලෙහි හිඳ මහණුන් කල්බලන කල්හි කිසිවෙක් අවුත් ‘සඞ්ඝයාට උදෙසුනු පාත්‍රය දුනමැනැව, උදෙසා පාත්‍රය දුනමැනැව, සඞ්ඝයා වෙතින් උදෙසා පාත්‍රය දුන මැනැව, සඞ්ඝික පාත්‍රයක් හෝ දුනමැනැව, කියාද, උදෙස්බත ඨිතිකාවෙන් ගන්වා දියයුතුය. ‘සඞ්ඝුද්දෙස මහණහු දුනමැනැව, සඞ්ඝයා වෙතින් උදෙසා මහණකු දුන මැනැවැ, සඞ්ඝික මහණකු දුනමැනැවැ’යි කියූකල්හිද මෙම නයවේ.
උද්දෙසකො පනෙත්ථ පෙසලො ලජ්ජී මෙධාවී ඉච්ඡිතබ්බො, තෙන තික්ඛත්තුං ඨිතිකං පුච්ඡිත්වා සචෙ කොචි ඨිතිකං ජානන්තො නත්ථි, ථෙරාසනතො ගාහෙතබ්බං. සචෙ පන “අහං ජානාමි, දසවස්සෙන ලද්ධ”න්ති කොචි භණති, “අත්ථාවුසො, දසවස්සා භික්ඛූ”ති පුච්ඡිතබ්බං. සචෙ තස්ස සුත්වා “දසවස්සම්හ දසවස්සම්හා”ති බහූ ආගච්ඡන්ති, “තුය්හං පාපුණාති, තුය්හං පාපුණාතී”ති අවත්වා “සබ්බෙ අප්පසද්දා හොථා”ති වත්වා පටිපාටියා ඨපෙතබ්බා. ඨපෙත්වා “කති ඉච්ඡථා”ති උපාසකො පුච්ඡිතබ්බො. “එත්තකෙ නාම, භන්තෙ, භික්ඛූ”ති වුත්තෙ “තුය්හං පාපුණාති, තුය්හං පාපුණාතී”ති අවත්වා සබ්බනවකස්ස වස්සග්ගඤ්ච උතු ච දිවසභාගො ච ඡායා ච පුච්ඡිතබ්බා. සචෙ ඡායායපි පුච්ඡියමානාය අඤ්ඤො වුඩ්ඪතරො ආගච්ඡති, තස්ස දාතබ්බං. අථ ඡායං පුච්ඡිත්වා “තුය්හං පාපුණාතී”ති වුත්තෙ වුඩ්ඪතරො ආගච්ඡති, න ලභති. කථාපපඤ්චෙන හි නිසින්නස්සාපි නිද්දායන්තස්සාපි ගාහිතං සුග්ගාහිතං, අතික්කන්තං සුඅතික්කන්තං, භාජනීයභණ්ඩඤ්හි නාමෙතං සම්පත්තස්සෙව පාපුණාති, තත්ථ සම්පත්තභාවො උපචාරෙන පරිච්ඡින්දිතබ්බො. ආසනසාලාය ච අන්තොපරික්ඛෙපො උපචාරො, තස්මිං ඨිතස්ස ලාභො පාපුණාතීති.
මෙහි ප්‍රියශීලී වූ ලජ්ජා ඇත්තා වූ නුවණැත්තාවූ උද්දෙසකයෙක් තෙමේ කැමැති වියයුතුය. ඔහු විසින් තෙවරක් ඨිතිකාව විචාරා ඉදින් ඨිතිකාව දන්නාවූ කිසිවෙක් නැත්තේනම් ථෙරාසනයෙහි ගැන්විය යුතුය. ඉදින් ‘මම දනිමි දසවස් ඇතියකු විසින් ලදැ’යි කිසිවෙක් කියාද, ‘ඇවැත දසවස් ඇති මහණහු ඇත්තාහුදැ’යි විචාළයුතුය. ඉදින් ඔහුගේ වචනය අසා ‘දසවස් ඇත්තම්හ, දසවස් ඇත්තම්හ’යි බොහෝ භික්ෂූහු එත්ද, ‘යුෂ්මත්හට පැමිණේ, යුෂ්මත්හට පැමිණේය’යි නොකියා සියල්ලෝ නිහඬවවු’යි කියා පිළිවෙළින් තැබිය යුතුය. තබ්බවා ‘කෙතෙක් භික්ෂූන් කැමැති වවුදැ’යි උපාසකයාගෙන් විචාළයුතුය. ‘ස්වාමීනි’ මෙතෙකැ’යි කියූකල්හි ‘යුෂ්මත්හට යුෂ්මත්හට පැමිණේය’යි නොකියා සියල්ලන්ගෙන් නවකයාගේ වස් ගණනද සෘතුවද දිවසභාගයද ඡායාවද විචාළයුතුය. ඉදින් ඡායාවද විචාරණු ලබන කල්හි අන්‍ය වෘද්ධතරයෙක් ඒද ඔහුට දියයුතුය. එකල්හි ඡායාව විචාරා ‘යුෂ්මත්හට පැමිණේය’යි කියූකල්හි වෘද්ධතරයෙක් ඒද නොලබයි. කථාප්රමාදයකින් හෝ හුන්නහුටද නිදන්නහුටද අනදරකොට ගන්වන ලද්දේ මැනැවින් ගන්වන ලද්දේ වේ. ඉක්මුනේ මැනැවින් ඉක්මුනේ වේ. මේ බෙදියයුතු භාණ්ඩයනම් පැමිණියහුටම පැමිණේ. එහි පැමිණි බව උපචාරයෙන් පිරිසිඳිය යුතුය. අසුන්හලෙහිද ඇතුළත පරික්ෂෙපය උපචාර නම එහි සිටියහුට ලාභය පැමිණේ.
කොචි ආසනසාලතො අට්ඨ උද්දෙසපත්තෙ ආහරාපෙත්වා සත්ත පත්තෙ පණීතභොජනානං එකං උදකස්ස පූරෙත්වා ආසනසාලායං පහිණාති, ගහෙත්වා ආගතා කිඤ්චි අවත්වා භික්ඛූනං හත්ථෙසු පතිට්ඨාපෙත්වා පක්කමන්ති. යෙන යං ලද්ධං, තස්සෙව තං හොති. යෙන පන උදකං ලද්ධං, තස්ස අතික්කන්තම්පි ඨිතිකං ඨපෙත්වා අඤ්ඤං උද්දෙසභත්තං ගාහෙතබ්බං. තඤ්ච ලූඛං වා ලභතු පණීතං වා තිචීවරපරිවාරං වා, තස්සෙවෙතං. ඊදිසො හිස්ස පුඤ්ඤවිසෙසො. උදකං පන යස්මා ආමිසං න හොති, තස්මා අඤ්ඤං උද්දෙසභත්තං ලබ්භති.
කිසිවෙක් අසුන්හල පටන් උද්දෙශපාත්ර අටක් ගෙන්වා පාත්‍ර සතක් ප්රණීතභොජනයෙන්ද එක් පාත්‍රයක් දියෙන්ද පුරවා අසුන්හලට එවාද ගෙණ ආවෝ කිසිවක් නොකියා භික්ෂූන්ගේ අත්හි තබායෙත්ද යමකු විසින් යමක් ලදද, එය ඔහුටම වේ. යමකු විසින් දියලදද, ඔහුට ඉකුත්වූද ඨිතිකාව තබා අන් උදෙස්බතක් ගැන්විය යුතුය. ඒ උදෙස්බත රළුවූවෙක් හෝ වේවා, ප්‍රණීත වූවෙක් හෝ වේවා, තුන්සිවුරු පිරිවර කොට ඇත්තෙක් හෝ වේවා, ඒ ඔහුටමය. මොහුගේ පුණ්‍ය විශේෂය මෙබඳුවේමය. යම්හෙයකින් දිය ආමිසයෙක් නොවේද, එහෙයින් අනික් උදෙස්බතක් ලබන්නේය.
සචෙ පන තෙ ගහෙත්වා ආගතා “ඉදං කිර භන්තෙ සබ්බං භාජෙත්වා භුඤ්ජථා”ති වත්වා ගච්ඡන්ති, සබ්බෙහි භාජෙත්වා භුඤ්ජිත්වා උදකං පාතබ්බං. සඞ්ඝතො උද්දිසිත්වා “අට්ඨ මහාථෙරෙ දෙථ, මජ්ඣිමෙ දෙථ, නවකෙ දෙථ, පරිපුණ්ණවස්සසාමණෙරෙ දෙථ, මජ්ඣිමභාණකාදයො දෙථ, මය්හං ඤාතිභික්ඛූ දෙථා”ති වදන්තස්ස පන “උපාසක, ත්වං එවං වදසි, ඨිතිකාය පන තෙසං න පාපුණාතී”ති වත්වා ඨිතිකාවසෙනෙව දාතබ්බා. දහරසාමණෙරෙහි පන උද්දෙසභත්තෙසු ලද්ධෙසු සචෙ දායකානං ඝරෙ මඞ්ගලං හොති, “තුම්හාකං ආචරියුපජ්ඣායෙ පෙසෙථා”ති වත්තබ්බං.
ඉදින් ගෙන ආවෝ ‘ස්වාමීනි’ මේ සියල්ල බෙදා වලඳනු මැනැවැ’යි කියා යෙත්නම් සියල්ලන් විසින් බෙදා වලඳා පින්දිය යුතුය. සඞ්ඝයා වෙතින් උදෙසා අටනමක් මහතෙරුන් දුනමැනැව, මැදි තෙරුන් දුනමැනැව, නවකයන් දුන මැනැව පිරිපුන් වයස් ඇති හෙරණුන් දුනමැනැව, මද්ධ්‍යම භාණකාදීන් දුනමැනැව. මාගේ නෑමහණුන් දුනමැනැවැයි කියන්නහුට වනාහි ‘උපාසකය’ තෝ මෙසේ කියන්නෙහිය, ඨිතිකා තොමෝ වනාහි ඔවුන්ට නොපැමිණේයයි කියා ඨිතිකා වසයෙන් දියයුතුය. ලදරු හෙරණුන් විසින් උදෙස්බත් ලදකල්හි දායකයන්ගේ ගෙයි මගුලක් වේනම්, ‘යුෂ්මතුන්ගේ ආචාර්ය්ය උපාද්ධ්‍යායයන් එවවු’යි කියයුතුය.
යස්මිං පන උද්දෙසභත්තෙ පඨමභාගො සාමණෙරානං පාපුණාති, අනුභාගො මහාථෙරානං, න තත්ථ සාමණෙරා “මයං පඨමභාගං ලභිම්හා”ති පුරතො ගන්තුං ලභන්ති, යථාපටිපාටියා එව ගන්තබ්බං. “සඞ්ඝතො උද්දිසිත්වා ‘තුම්හෙ එථා’ති වුත්තෙ ‘මය්හං අඤ්ඤදාපි ජානිස්සසි, ඨිතිකා පන එවං ගච්ඡතී’”ති ඨිතිකාවසෙනෙව ගාහෙතබ්බං. අථ “සඞ්ඝුද්දෙසපත්තං දෙථා”ති වත්වා අගාහිතෙයෙව පත්තෙ යස්ස කස්සචි පත්තං ගහෙත්වා පූරෙත්වා ආහරති, ආහටම්පි ඨිතිකාය එව ගාහෙතබ්බං.
යම් තැනක උදෙස්බතෙහි පළමු කොටස හෙරණුන්ට පැමිණේද දෙවනකොටස මහතෙරුන්ට පැමිණේ. එහි හෙරණෝ ‘අපි පළමු කොටස ලැබීමු’යි ඉදිරියෙහි යන්නට නොලබත්. පිළිවෙළ පරිදිම යායුතුය. සඞ්ඝයා වෙතින් උදෙසා ‘යුෂ්මත්හු එවු’යි කියූකල්හි ‘මට අන්දවසෙක දන්නෙහිය, ඨිතිකාව වනාහි මෙසේය’යි ඨිතිකා වසයෙන්ම ගැන්විය යුතුය. එකල්හි ‘සඞ්ඝුද්දෙසපාත්රය දෙවු’යි කියා පාත්‍රය නොගත්කල්හිම යම්කිසිවක්හුගේ පාත්‍රය ගෙණ පුරවා ගෙණ ඒද, ගෙණ එනලද්දද, ඨිතිකාවෙන්ම ගැන්විය යුතුය.
එකො “සඞ්ඝුද්දෙසපත්තං ආහරා”ති පෙසිතො “භන්තෙ, එකං පත්තං දෙථ, නිමන්තනභත්තං ආහරිස්සාමී”ති වදති, සො චෙ උද්දෙසභත්තඝරතො අයං ආගතොති ඤත්වා භික්ඛූහි “නනු ත්වං අසුකඝරතො ආගතො”ති වුත්තො “ආම, භන්තෙ, න නිමන්තනභත්තං, උද්දෙසභත්ත”න්ති භණති, ඨිතිකාය ගහෙතබ්බං. යො පන “එකං පත්තං ආහරා”ති වුත්තො “‘කි’න්ති වත්වා ආහරාමී”ති වත්වා “යථා තෙ රුච්චතී”ති වුත්තො ආගච්ඡති, අයං විස්සට්ඨදූතො නාම. උද්දෙසපත්තං වා පටිපාටිපත්තං වා පුග්ගලිකපත්තං වා යං ඉච්ඡති, තං තස්ස දාතබ්බං. එකො බාලො අබ්යත්තො “උද්දෙසපත්තං ආහරා”ති පෙසිතො වත්තුං න ජානාති, තුණ්හීභූතො තිට්ඨති, සො “කස්ස සන්තිකං ආගතොසී”ති වා “කස්ස පත්තං හරිස්සසී”ති වා න වත්තබ්බො. එවඤ්හි වුත්තො පුච්ඡාසභාගෙන “තුම්හාකං සන්තිකං ආගතොම්හී”ති “තුම්හාකං පත්තං හරිස්සාමී”ති වා වදෙය්ය, තතො තං භික්ඛුං අඤ්ඤෙ භික්ඛූ ජිගුච්ඡන්තා න ඔලොකෙය්යුං. “කුහිං ගච්ඡසි, කිං කරොන්තො ආහිණ්ඩසී”ති පන වත්තබ්බො. තස්ස “උද්දෙසපත්තත්ථාය ආගතොම්හී”ති වදන්තස්ස ගාහෙත්වා පත්තො දාතබ්බො.
එකෙක් ‘සඞ්ඝුද්දෙසපාත්රය ගෙණ එව’යි එවන ලද්දේ ‘ස්වාමීනි’ එක් පාත්‍රයක් දුන මැනැව, නිමන්ත්‍රණ බත ගෙණ එන්නෙමි’යි කියාද, හෙතෙමේ උදෙසූ බත් ඇති හෙයින් මෙතෙමේ ආයේයයි දැන භික්ෂූන් විසින් තෝ අසුවල් ගෙයින් ආයෙහි නොවෙහිදැ’යි විචාරණ ලද්දේ ‘ස්වාමීනි’ එසේය’යි නිමන්ත්රණබත, උද්දෙසබතැයි කියාද ඨිතිකාවෙන් ගැන්විය යුතුය. යමෙක් වනාහි ‘එක් පාත්‍රයක් ගෙණ එව’යි කියනලද්දේ ‘කුමක් කියාගෙණ එම්දැ’යි කියා ‘තට රුස්නාසේය’යි කියූකල්හි ඒද, මෙතෙමේ තමාගේ රුචිවශයෙන් යම් කිසිවක් කියාගෙන එන්නට හැරිය බැවින් විස්සට්ඨදූත නම. උද්දෙසපාත්රයක් හෝ පටිපාටිපාත්රයක් හෝ පෞද්ගලික පාත්‍රයක් හෝ යන යමක් කැමැත්තේද, ඒ කැමැති පාත්‍රයක් ඔහුට දියයුතුය. අඥවූ අව්‍යක්ත වූ එකෙක් තෙමේ ‘උද්දෙසපාත්රය ගෙණ එව’යි යවනලද්දේ කියන්නට නොදනීද, නිහඬව සිටීද, හෙතෙමේ ‘කවරක්හුගේ සමීපයට ආයෙහිදැ’යි හෝ ‘කවරක්හුගේ පාත්‍රය ගෙණයන්නෙහිදැ’යි නොකියයුතුය. මෙසේ කියූ කල්හි පෘච්ඡාසමානයෙන් ‘යුෂ්මතුන්ගේ සමීපයට ආයේ වෙමි, යුෂ්මතුන්ගේ පාත්‍රය ගෙනයන්නෙමි’යි හෝ කියන්නේද, එයින් සෙසු භික්ෂූහු ඒ මහණහු පිළිකුල් කරන්නාහු නොදබලන්නාහුය. ‘කොතැන යන්නෙහි, කුමක් කරමින් ඇවිදින්නෙහිදැ’යි විචාළයුතුය. ‘උද්දෙසපාත්රය සඳහා ආයෙමි’යි කියන්නා වූ ඔහුට ගන්වා පාත්‍රය දියයුතුය.
එකා කූටට්ඨිතිකා නාම හොති. රඤ්ඤො වා හි රාජමහාමත්තස්ස වා ගෙහෙ අතිපණීතානි අට්ඨ උද්දෙසභත්තානි නිච්චං දිය්යන්ති, තානි එකචාරිකභත්තානි කත්වා භික්ඛූ විසුං ඨිතිකාය පරිභුඤ්ජන්ති. එකච්චෙ භික්ඛූ “ස්වෙ දානි අම්හාකං පාපුණිස්සන්තී”ති අත්තනො ඨිතිකං සල්ලක්ඛෙත්වා ගතා, තෙසු අනාගතෙසුයෙව අඤ්ඤෙ ආගන්තුකා භික්ඛූ ආගන්ත්වා ආසනසාලාය නිසීදන්ති; තඞ්ඛණඤ්ඤෙව රාජපුරිසා ආගන්ත්වා “පණීතභත්තපත්තෙ දෙථා”ති වදන්ති. ආගන්තුකා ඨිතිකං අජානන්තා ගාහෙන්ති. තඞ්ඛණඤ්ඤෙව ච ඨිතිකං ජානනකභික්ඛූ ආගන්ත්වා “කිං ගාහෙථා”ති වදන්ති. “රාජගෙහෙ පණීතභත්ත”න්ති. “කතිවස්සතො පට්ඨායා”ති? “එත්තකවස්සතො නාමා”ති. “මා ගාහෙථා”ති නිවාරෙත්වා ඨිතිකාය ගාහෙතබ්බං. ගාහිතෙ ආගතෙහිපි පත්තදානකාලෙ ආගතෙහිපි දින්නකාලෙ ආගතෙහිපි රාජගෙහතො පත්තෙ පූරෙත්වා ආහටකාලෙ ආගතෙහිපි රාජා “අජ්ජ භික්ඛූයෙව ආගච්ඡන්තූ”ති පෙසෙත්වා භික්ඛූනංයෙව හත්ථෙ පිණ්ඩපාතං දෙති; එවං දින්නපිණ්ඩපාතං ගහෙත්වා ආගතකාලෙ ආගතෙහිපි ඨිතිකං ජානනකභික්ඛූහි “මා භුඤ්ජිත්ථා”ති වාරෙත්වා ඨිතිකායමෙව ගාහෙතබ්බං.
එක් කූට ඨිතිකාවක් නම් වන්නීය. රජකුගේ හෝ රජමහ ඇමැතියකුගේ හෝ ගෙයි ඉතා ප්‍රණීතවූ උද්දෙසබත් අටක් දෙනු ලැබෙත්. ඒබත්, එකචාරික බත්කොට භික්ෂූහු වෙන්ව ඨිතිකාවෙන් වලඳත්. ඇතැම් භික්ෂූහු ‘හෙට දැන් අපට පැමිණෙන්නාහ’යි තම තමන්ගේ ඨිතිකාව සලකා ගියාහුය. ඔවුන් නොආකල්හිම අන්‍යවූ ආගන්තුක භික්ෂූහු අවුත් අසුන්හලෙහි හිඳිත්. එකෙණෙහිම රාජපුරුෂයෝ අවුත් ‘ප්‍රණීත බත් ගෙණෙන පාත්‍ර දුනමැනැවැ’යි කියත්. ආගන්තුකයෝ ඨිතිකාව නොදන්නාහු ගන්වත්. එකෙණෙහිම ඨිතිකාව දන්නා භික්ෂූහු අවුත් ‘කුමක් ගන්වහුදැ’යි කියත්. ‘රජගෙයි ප්රණීතබතැ’යි කියත්. ‘කෙතෙක් අවුරුද්දෙහි පටන්දැ’යි අසත්. ‘මෙපමණ අවුරුද්දෙහි පටන්’යි කියූකල්හි ‘නොගණිවු’යි වළකා ඨිතිකාවෙන් ගැන්විය යුතුය. ගැන්වූකල්හි ආවුන්ලවාද, පත්තදානකාලයෙහි ආවුන්ලවාද, දුන්කල්හි ආවුන්ලවාද, රජගෙයින් පාත්රපුරවා ගෙණ ආකල්හි ආවුන්ලවාද, ‘රජතෙමේ අද භික්‍ෂූහුම එත්වා’යි දන්වා යවා භික්ෂූන්ගේ අතටම පිණ්ඩපාතය දෙන්නේය. මෙසේ දුන් පිණ්ඩපාතය ගෙණ ආකල්හි ආවාවූද ඨිතිකාව දන්නා භික්ෂූන් ලවා ‘නොවළඳවවු’යි වළකා ඨිතිකාවෙන්ම ගැන්විය යුතුය.
අථ නෙ රාජා භොජෙත්වා පත්තෙපි නෙසං පූරෙත්වා දෙති, යං ආහටං තං ඨිතිකාය ගාහෙතබ්බං. සචෙ පන “මා තුච්ඡහත්ථා ගච්ඡන්තූ”ති ථොකමෙව පත්තෙසු පක්ඛිත්තං හොති, තං න ගාහෙතබ්බං. අථ භුඤ්ජිත්වා තුච්ඡපත්තාව ආගච්ඡන්ති, යං තෙහි භුත්තං, තං නෙසං ගීවා හොතීති මහාසුමත්ථෙරො ආහ. මහාපදුමත්ථෙරො පනාහ – “ගීවාකිච්චං එත්ථ නත්ථි, ඨිතිකං පන අජානන්තෙහි යාව ජානනකා ආගච්ඡන්ති, තාව නිසීදිතබ්බං සියා; එවං සන්තෙපි භුත්තං සුභුත්තං, ඉදානි පත්තට්ඨානෙන ගාහෙතබ්බ”න්ති.
නැවැත රජතෙමේ ඔවුන් වලඳවා ඔවුන්ගේ පාත්‍රද පුරවා දේද, යමක් ගෙන එන ලද්දේද, ඒ ගෙණා පිණ්ඩය ඨිතිකාවෙන් ගැන්විය යුතුය. ‘හිස් අතින් නොයෙත්වා’යි ටිකක්ම පාත්රයන්හි බහාලන ලද්දේවේද ඒ පිණ්ඩය නොගැන්විය යුතුය. නැවත වලඳා හිස්පාත්ර ඇතිවම එත්ද, ඔවුන් විසින් යමක් අනුභව කරණලද්දේද ඒ භොජනය ඔවුන්ට ග්රීවාවේය’යි මහාසුම්ම ස්ථවිර තෙමේ කීයේය. මහාපදුම ස්ථවිර තෙමේ වනාහි ‘මෙහි ග්‍රීවා කෘත්‍යයක් නැත්තේය. ඨිතිකාව නොදන්නවුන් විසින් යම්තාක් දන්නෝ එත්ද, ඒතාක් හිඳියයුතුවන්නේය. මෙසේ ඇතිකල්හිද වලඳනාලද්ද මොනවට වලඳන ලද්දේය. දැන් ප්රාප්තස්ථානයෙහි නොගැන්විය යුතුයදායි කීය.
එකො තිචීවරපරිවාරො සතග්ඝනකො පිණ්ඩපාතො අවස්සිකස්ස භික්ඛුනො පත්තො, විහාරෙ ච “එවරූපො පිණ්ඩපාතො අවස්සිකස්ස පත්තො”ති ලිඛිත්වා ඨපෙසුං. අථ සට්ඨිවස්සච්චයෙන අඤ්ඤො තථාරූපො පිණ්ඩපාතො උප්පන්නො, අයං කිං අවස්සිකට්ඨිතිකාය ගාහෙතබ්බො, උදාහු සට්ඨිවස්සිකට්ඨිතිකායාති. සට්ඨිවස්සිකට්ඨිතිකායාති වුත්තං, අයඤ්හි භික්ඛු ඨිතිකං ගහෙත්වායෙව වඩ්ඪිතොති.
තුන්සිවුර පිරිවරකොට ඇති එකෙක් සියයක් අගනා පිණ්ඩපාතය වස්නැති මහණක්හට පැමිණියේද, විහාරයෙහිද ‘මෙබඳු පිණ්ඩපාතය අවුරුද්දක් නැති මහණක්හට පැමිණේය’යි ලියා තැබූහ. නැවත සැටවසක්හුගේ ඇවෑමෙන් අන්‍යවූ එබඳු පිණ්ඩපාතයනක් උපන්නේද, කිම, මෙය අවස්සිකයාගේ ඨිතිකාවෙන් ගැන්විය යුතුද, නොහොත් සැටවස්ඨිතිකාවෙන්ද සැටවස් ඨිතිකාවෙනැයි කියන ලදී. මේ මහණතෙමේ ඨිතිකාව ගෙණම වැඩුනේයයි.
එකො උද්දෙසභත්තං භුඤ්ජිත්වා සාමණෙරො ජාතො, පුන තං භත්තං සාමණෙරට්ඨිතිකාය පත්තං ගණ්හිතුං ලභති. අයං කිර අන්තරාභට්ඨකො නාම. යො පන පරිපුණ්ණවස්සො සාමණෙරො “ස්වෙ උද්දෙසභත්තං ලභිස්සතී”ති අජ්ජෙව උපසම්පජ්ජති, අතික්කන්තා තස්ස ඨිතිකා. එකස්ස භික්ඛුනො උද්දෙසභත්තං පත්තං, පත්තො චස්ස න තුච්ඡො හොති, සො අඤ්ඤස්ස සමීපෙ නිසින්නස්ස පත්තං දාපෙති, තඤ්චෙ ථෙය්යාය හරන්ති, ගීවා හොති . සචෙ පන සො භික්ඛු “මය්හං පත්තං දම්මී”ති සයමෙව දෙති, අස්ස ගීවා න හොති. අථාපි තෙන භත්තෙන අනත්ථිකො හුත්වා “අලං මය්හං, තවෙතං භත්තං දම්මි, පත්තං පෙසෙත්වා ආහරාපෙහී”ති අඤ්ඤං වදති, යං තතො ආහරීයති සබ්බං පත්තසාමිකස්ස හොති. පත්තඤ්චෙ ථෙය්යාය හරන්ති, සුහටො; භත්තස්ස දින්නත්තා ගීවා න හොති.
එකෙක් උදෙස්බත වලඳා සාමණේර වූයේය. නැවැත එබත සාමණේර ඨිතිකාවෙන් පැමිණියක් ගන්ට ලබන්නේය. මෙතෙමේ වනාහි අන්තරාභට්ඨක නම. පිරිපුන්වස් ඇති යම් හෙරණක් තෙමේ ‘හෙට උදෙස්බත ලබන්නේය’යි අදම උපසපන්වේද, ඔහුගේ ඨිතිකාතොමෝ ඉක්ම ගියාය. එක් මහණක්හට උදෙස්බත පැමිණියේද, මොහුගේ පාත්‍රයද සිස්වූයේ නොවේද, හෙතෙමේ වෙතහුන් අනිකක්හට පාත්‍රය දෙවාද, එද සොරකම් කොටගෙණ යෙත්ද ග්රීවාවේ. ඉදින් ඒ මහණතෙමේ ‘මාගේ පාත්‍රය දෙමි’යි තෙමේම දේද, මෙය ග්‍රීවා නොවේ. ඒ බතින් ප්‍රයොජන නැත්තෙක්ව ‘මට කම්නැත. මේ බත තට දෙමි, පාත්‍රය යවා ගෙන්වාලව’යි අනිකක්හට කියාද, එයින් යම් බතක් ගෙන එනු ලැබේද, සියල්ල පාත්රහිමියාහට වේ. පාත්‍රය සොර බැවින් ගුණයෙත්නම් මොනවට ගන්නාලද්දේ වේ. බත දුන් බැවින් ග්‍රීවා නොවේ.
විහාරෙ දස භික්ඛූ හොන්ති, තෙසු නව පිණ්ඩපාතිකා, එකො සාදියනකො. “දස උද්දෙසපත්තෙ දෙථා”ති වුත්තෙ පිණ්ඩපාතිකා ගහෙතුං න ඉච්ඡන්ති. ඉතරො භික්ඛු “සබ්බානි මය්හං පාපුණන්තී”ති ගණ්හාති, ඨිතිකා න හොති. එකෙකං චෙ පාපෙත්වා ගණ්හාති, ඨිතිකා තිට්ඨති. එවං ගාහෙත්වා දසහිපි පත්තෙහි ආහරාපෙත්වා “භන්තෙ, මය්හං සඞ්ගහං කරොථා”ති නව පත්තෙ පිණ්ඩපාතිකානං දෙති, භික්ඛුදත්තියං නාමෙතං, ගණ්හිතුං වට්ටති.
විහාරයෙහි දසනමක් භික්ෂූහු වෙත්ද, ඔවුන් අතුරෙහි පිණ්ඩපාතිකයෝ නව දෙනෙක් වෙති. එකෙක් උදෙස්බත් ඉවසන්නේ වේ. ‘උද්දෙසපාත්රදසයක් දුනමැනැවැ’යි කියූකල්හි පිණ්ඩපාතිකයෝ ගන්වන්ට නොකැමැති වෙත්. අන් මහණෙක් තෙමේ ‘සියල්ල මට පැමිණෙති’යි ගනීද ඨිතිකා නොවේ. එක එකද පමුණුවා ගණීද, ඨිතිකාව සිටියි. මෙසේ ගන්වා පාත්රදසයෙන්ද ගෙන්වා ‘ස්වාමීනි’ මට සඞ්ග්‍රහ කරවු’යි පාත්‍ර නවයක් පිණ්ඩපාතිකයන්ට දෙන්නේය. භික්ඛුදත්තිය නම් වූ මෙය ගැණීම වටියි.
සචෙ සො උපාසකො “භන්තෙ, ඝරං ආගන්තබ්බ”න්ති වදති, සො ච භික්ඛු තෙ භික්ඛූ “එථ, භන්තෙ, මය්හං සහායා හොථා”ති තස්ස ඝරං ගච්ඡති. යං තත්ථ ලභති, සබ්බං තස්සෙව හොති. ඉතරෙ තෙන දින්නං ලභන්ති. අථ නෙසං ඝරෙයෙව නිසීදාපෙත්වා දක්ඛිණොදකං දත්වා යාගුඛජ්ජකාදීනි දෙන්ති, “භන්තෙ, යං මනුස්සා දෙන්ති, තං ගණ්හථා”ති තස්ස භික්ඛුනො වචනෙනෙව ඉතරෙසං වට්ටති. භුත්තාවීනං පත්තෙ පූරෙත්වා ගණ්හිත්වා ගමනත්ථාය දෙන්ති, සබ්බං තස්සෙව භික්ඛුනො හොති, තෙන දින්නං ඉතරෙසං වට්ටති.
ඉදින් ඒ උපාසක තෙමේ ‘ස්වාමීනි’ ගෙට ආයුතුය’යි කියානම් ඒ මහණතෙමේ ඒ මහණුන්ට ‘ස්වාමීනි’ වඩිනුමැනැව, මට සහාය වුව මැනැවැයයි කියා ඔහුගේ ගෙටයේද, එහිදී යමක් ලැබේද, සියල්ල ඔහුටම වේ. අන්‍යයෝ ඔහු විසින් දෙන ලද්දක් ලබත්. නැවැත ඔවුන්ගේ ගෙයිම වඩාහිඳුවා දක්ෂිණෙදකයදී ‘ස්වාමීනි’ මිනිස්සු යමක් දෙත්නම් එය ගණිවු’යි කියා කැඳ කැවිලි ආදිය දෙත්ද, ඒ මහණහුගේ වචනයෙන්ම අන්යයන්ටට වටියි. වැලඳියවුන්ගේ පාත්‍ර පුරවා ගෙණ යෑම පිණිස දෙත්ද සියල්ල ඒ මහණහුටම වේ. ඔවුන් විසින් දෙනලද්ද අන්‍යයන්හට වටියි.
යදි පන තෙ විහාරෙයෙව තෙන භික්ඛුනා “භන්තෙ, මය්හං භික්ඛං ගණ්හථ, මනුස්සානඤ්ච වචනං කාතුං වට්ටතී”ති වුත්තා ගච්ඡන්ති, යං තත්ථ භුඤ්ජන්ති චෙව නීහරන්ති ච, සබ්බං තං තස්සෙව සන්තකං. අථාපි “මය්හං භික්ඛං ගණ්හථා”ති අවුත්තා “මනුස්සානං වචනං කාතුං වට්ටතී”ති ගච්ඡන්ති, තත්ර චෙ එකස්ස මධුරෙන සරෙන අනුමොදනං කරොන්තස්ස සුත්වා ථෙරානඤ්ච උපසමෙ පසීදිත්වා බහුං සමණපරික්ඛාරං දෙන්ති, අයං ථෙරෙසු පසාදෙන උප්පන්නො “අකතභාගො” නාම, තස්මා සබ්බෙසං පාපුණාති.
ඉදින් ඔවුහු විහාරයෙහිම ඒ මහණහු විසින් ‘ස්වාමීනි’ මාගේ භික්ෂාව ගනු මැනැවැ, මිනිසුන්ගේ වචනයද කිරීම වටීය’යි කියන ලද්දාහු යෙත්ද, එහිදී යමක් අනුභව කෙරේද, ගුණයෙන්ද ඒ සියල්ල ඔවුන් සතුම වේ. නැවතද ‘මාගේ භික්ෂාව ගණිවු’යි නොකියනලද්දාහු මිනිසුන්ගේ වචනය කිරීම වටීය’යි කියා යෙත්ද එහි මිහිරිහඬින් අනුමෝදන් කරන්නාවූ එක් මහණක්හුගේ ධර්මය අසා තෙරුන්ගේ සංයමයෙහි පැහද බොහෝ මහණපිරිකර දෙත්නම්, තෙරුන් කෙරෙහි පැහැදීමෙන් උපන් මෙය ආගන්තුකභාග නම්වේ. එහෙයින් සියල්ලන්ට පැමිණේ.
එකො සඞ්ඝතො උද්දිසාපෙත්වා ඨිතිකාය ගාහිතං පත්තං හරිත්වා පණීතස්ස ඛාදනීයභොජනීයස්ස පූරෙත්වා ආහරිත්වා “ඉමං, භන්තෙ, සබ්බො සඞ්ඝො පරිභුඤ්ජතූ”ති දෙති, සබ්බෙහි භාජෙත්වා පරිභුඤ්ජිතබ්බං. පත්තසාමිකස්ස පන අතික්කන්තම්පි ඨිතිකං ඨපෙත්වා අඤ්ඤං උද්දෙසභත්තං දාතබ්බං. අථ “පඨමංයෙව සබ්බං සඞ්ඝිකං පත්තං දෙථා”ති වදති, එකස්ස ලජ්ජිභික්ඛුනො සන්තකො පත්තො දාතබ්බො. ආහරිත්වා ච “සබ්බො සඞ්ඝො පරිභුඤ්ජතූ”ති වුත්තෙ භාජෙත්වා පරිභුඤ්ජිතබ්බං.
එකෙක් සඞ්ඝයා වෙතින් උදෙසා ඨිතිකාවෙන් ගන්වන ලද පාත්‍රය ගෙණගොස් ප්‍රණීත වූ ඛ්යාද්ය භොජ්‍යය පුරවා ගෙණවුත් ‘ස්වාමීනි’ මේ භොජනය සියලු සඞ්ඝතෙමේ වලඳවා’යි දේද, සියල්ලන් විසින් බෙදා වැලඳිය යුතුය. පාත්රහිමියාට ඉක්මගිය ඨිතිකාව තබා අන් උදෙස්බතක් දිය යුතුය. නැවැත පළමුකොටම සියලු සඞ්ඝික පාත්‍රයක් දුනමැනැවැ’යි කියාද එක් ලජ්ජීභික්ෂුනමක්හුගේ සන්තකපාත්රය දියයුතුය. ගෙණුවුත්ද ‘සියලු සඞ්ඝතෙමේ වලඳවා’යි කියූ කල්හි බෙදා වැලඳිය යුතුය.
එකො පාතියා භත්තං ආහරිත්වා “සඞ්ඝුද්දෙසං දම්මී”ති වදති, එකෙකං ආලොපං අදත්වා ඨිතිකාය එකස්ස යාපනමත්තං කත්වා දාතබ්බං. අථ සො භත්තං ආහරිත්වා කිඤ්චි වත්තුං අජානන්තො තුණ්හීභූතො අච්ඡති, “කස්ස තෙ ආනීතං, කස්ස දාතුකාමොසී”ති න වත්තබ්බං. පුච්ඡාසභාගෙන හි “තුම්හාකං ආනීතං, තුම්හාකං දාතුකාමොම්හී”ති වදෙය්ය, තතො තං භික්ඛුං අඤ්ඤෙ භික්ඛූ ජිගුච්ඡන්තා ගීවං පරිවත්තෙත්වා ඔලොකෙතබ්බම්පි න මඤ්ඤෙය්යුං. සචෙ පන “කුහිං යාසි, කිං කරොන්තො ආහිණ්ඩසී”ති වුත්තෙ “උද්දෙසභත්තං ගහෙත්වා ආගතොම්හී”ති වදති, එකෙන ලජ්ජිභික්ඛුනා ඨිතිකාය ගාහෙතබ්බං. සචෙ ආභතං බහු හොති, සබ්බෙසං පහොති, ඨිතිකාකිච්චං නත්ථි, ථෙරාසනතො පට්ඨාය පත්තං පූරෙත්වා දාතබ්බං.
එකෙක් තැටියකින් බත් ගෙණ අවුත් “සඞ්ඝයා උදෙසා දෙමි’යි කියාද, එක් එක් පිඩ නොදී ඨිතිකාවෙන් එකක්හට යැපෙන පමණක් කොටදිය යුත්තේය. එකල්හි හෙතෙමේ බත් ගෙණවුත් කිසිවක් කියන්නට නොදන්නේ නිහඬව හිඳීද ‘තා විසින් කවරක්හට ගෙන එන ලද්දේද, කවරක්හට දෙනු කැමැත්තෙහිදැ’යි නොවිචාළයුතුය. පෘච්ඡාසමානයෙන්ම ‘යුෂ්මතුන්ට ගෙන එන ලද්දේය, යුෂ්මතුන්ට දෙනු කැමැත්තේ වෙමි’යි කියන්නේ නම්, ඉන්පසු අන්‍ය භික්ෂූහු ඒ මහණහු පිළිකුල් කරන්නාහු බෙල්ල හරවා බැලිය යුත්තකු කොටද නොසිතන්නාහුය. ඉදින් කොතැනයෙහිද, කුමක්කරමින් ඇවිදිහිදැ’යි විචාළ කල්හි ‘උදෙස්බත ගෙණ ආවෙමි’යි කියාද, එක් ලජ්ජී භික්ෂුනමක් විසින් ඨිතිකාවෙන් ගැන්විය යුතුය. ඉදින් ගෙන එන ලද භොජනය බොහෝ වේනම්, සියල්ලන්ට පොහොනේනම්, ඨිතිකාකෘත්යයෙක් නැත්තේය. ථෙරාසනය පටන් පාත්‍රය පුරවා දියයුතුය.
“සඞ්ඝුද්දෙසපත්තං දෙථා”ති වුත්තෙ “කිං ආහරිස්සසී”ති අවත්වා පකතිට්ඨිතිකාය එව ගාහෙතබ්බං. යො පන පායාසො වා රසපිණ්ඩපාතො වා නිච්චං ලබ්භති; එවරූපානං පණීතභොජනානං ආවෙණිකා ඨිතිකා කාතබ්බා, තථා සපරිවාරාය යාගුයා මහග්ඝානං ඵලානං පණීතානඤ්ච ඛජ්ජකානං. පකතිභත්තයාගුඵලඛජ්ජකානං පන එකාව ඨිතිකා කාතබ්බා. “සප්පිං ආහරිස්සාමී”ති වුත්තෙ සබ්බසප්පීනං එකාව ඨිතිකා වට්ටති, තථා සබ්බතෙලානං. “මධුං ආහරිස්සාමී”ති වුත්තෙ පන මධුනො එකාව ඨිතිකා වට්ටති, තථා ඵාණිතස්ස ලට්ඨිමධුකාදීනඤ්ච භෙසජ්ජානං. සචෙ පන ගන්ධමාලං සඞ්ඝුද්දෙසං දෙන්ති, පිණ්ඩපාතිකස්ස වට්ටති, න වට්ටතීති. ආමිසස්සෙව පටික්ඛිත්තත්තා වට්ටති, සඞ්ඝං උද්දිස්ස දින්නත්තා පන න ගහෙතබ්බන්ති වදන්ති.
‘සඞ්ඝුද්දෙස පාත්‍රය දෙවු’යි කියූකල්හි ‘කවර බතක් ගෙන එනුලැබේදැ’යි දායකයා නොවිචාරා පියවිඋදෙස්බත් ඨිතිකාවෙන්ම ගැන්විය යුතුය. යම් පායාසයක් හෝ රසපිණ්ඩපාතයක් හෝ නිති ලැබේද මෙබඳු ප්‍රණීත භොජනයන්ට විශේෂ වූ ඨිතිකාවක් කටයුතුය. පිරිවර සහිත වූ කැඳටද මාහැඟිපලයන්ටද එසේය. ප්‍රණීත වූ කැවිලිවලටද පියවිබත් කැඳපල කැවිලි යන මොවුන්ට වනාහි එක් ඨිතිකාවක් කටයුතුය. ‘ගිතෙල් ගෙණෙන්නෙම්දැ’යි විචාළ කල්හි සියලු ගිතෙල් වලට එක්ම ඨිතිකාවක් වටියි. සියලු තෛලයන්ටද එසේය. ‘මී ගෙණෙන්නෙම්දැ’යි විචාළ කල්හි මීවලට ‘එක්ම ඨිතිකාවක් වටියි. පැණිවලට වැල්මී ආදී බෙහෙත්වලටද එසේය. ඉදින් වනාහි ගඳමල් සඞ්ඝුද්දෙසය කොටදෙත්ද, එය පිණ්ඩපාතිකයාහට වටීද, නොවටීද, යත්:- ආමිෂයම ප්රතික්ෂෙප කළ බැවින් වටියි. සඞ්ඝයා උදෙසා දුන් බැවින් නොගතයුතුයයි කියත්.
උද්දෙසභත්තකථා නිට්ඨිතා.
උද්දෙසභත්තකථාව නිමි.